Tuesday, February 14, 2012

99. ආදර නිල් දෑසේ - පසු කතාවක් වගේ එකක්....Her haunting blue eyes - Sort of an epilogue



'' හරි මෙතන කතා කරන්න බෑනෙ නංගි....ඔයා මොකටද ආවෙ? ''

'' මම මේ එලවළු ටිකක් ගන්නෙයි කියල අයියෙ....''

යටි තොලත් හපාගෙන චුට්ටි එහෙම කිව්වම මගෙ කටත් බාගෙට ඇරුණ...

'' හෑ...එළවළු.....එලවළු කොහෙද?......''

ඔන්න එතකොටයි මට තේරුණෙ චුට්ටි මේ මාව අන්දන්න කියපු කතාවක් කියල.

අපි දෙන්නම හිනා උනා එක පාරටම.

'' මේ දූට පොත් මොනව හරි අරන් දෙන්නෙයි කියල අයියෙ.....''

'' හරි, සිංහල පොත් තියෙන්නෙ උඩ තට්ටුවෙ....මමත් එන්නද? ''

'' ඕන නෑ අයියෙ... මම ගිහිල්ල අරගෙන එන්නම්...අයිය ඉන්නව නේද මම එනකල්?''....ආයෙම අර හිනාව...

'' හෙහ්, හෙහ්....ඉන්නම ඕනනම් ඉන්නම්...'' මම හිනා උනා,

'' ඉන්න,ඉන්න,......මම එන්නම් ඉක්මනට...'' පොඩි එකිත් එක්ක චුට්ටි ගියා උඩට...මම එහෙමම පොතත් අතේ තියාගෙන හිටියා හිටි පියවරම....එහෙම හිටියට හිත නම් තිබුනෙ වසර ගණනකට ඉස්සර අතීතයක....

චුට්ටි..අද මේ දැක්කෙ වසන්තගෙ වෙඩිං එකේදි දැක්කට පස්සෙ...

රවී මම ලබන මාසෙ බඳිනවා....දෙවෙනි මනමාලයට මම හැමදාම හිතාගෙන හිටියෙ උඹව...ඒත් මට තේරුම් ගන්න පුළුවන් මචං....උඹට බෑ කියල හිතෙනව නම් කියපං...කිසිම අවුලක් නෑ...උඹ දන්නවනෙ මම ගැන.

වසන්ත මට ලියුමක් එව්ව.....ඔය මට මතක විදිහට මම වසන්තලගෙ ගෙදර ගිහිල්ල ඇවිදින් අවුරුදු දෙහෙකට විතර පස්සෙ.

ආ,....තව එකක් කියන්න බැරිඋනානෙ....චුට්ටි යුනිවසිටි සිලෙක්ට් උනා...ජ'පුර....ඒ නිසා කසාද බඳින එක නම් අවුරුදු තුනකට විතර කල් ගියා. ඒත් කවදාකහරි චුට්ටිට බඳින්න වෙන්නෙ අජන්තමයි කියන කාරණේ වෙනසක් උනේ නෑ....

මම වසන්තට උත්තරයක් ලිව්වා. වසා මචං උඹේ දෙවෙනි මනමාලය විදිහට මම එනව. අනිවාර්යයෙන්ම..ඒක වෙනස් වෙන්නෙ නෑ මොනම විදිහකින්වත්....

වසන්තගෙ විවාහය තිබ්බෙ අනුරාධපුරේ.......නුවර වැව තානායමේ....කලින් දවසෙ මම ගිහිල්ල මගෙ තව යාළුවෙකුගෙ ගෙදර නැවතුනා.

පහුවදා....වසන්තගෙ මඟුල් ගෙදර දවසෙ තමයි මම චුට්ටිව දැක්කෙ දෙවන සහ අවසාන වතාවට...මේ අද දකිනකල්.....වසන්ත එක්ක එයාලගෙ ගෙදර ගියපු විස්තරේ මතකනෙ නේද?....චුට්ටි මට සම්පූර්ණ කතාවම අකුරක් නෑර කිව්ව....ඊට පස්සෙ අපි එකිනෙකා වැළඳගෙන කඳුළු සැලුවා.

පහුවදා මම ආපහු ආව. චුට්ටිගෙන් සමුගෙන...වසන්ත මාව ටවුමට ගෙනත් බැස්සුව බයික් එකේ....ඒ එද්දි උනත් මට වසන්තට මේ ගැන කියන්න හොඳටම ඕන කම තිබ්බට චුට්ටි එක හෙලාම එපාය කියපු නිසා එහෙම කියන්න මගෙ දිව නැමුනෙ නෑ.

මගේ ආදර අන්දරය එතකින් අවසානයි. අවසානයි කියන එකත් වැරදියි එක අතකට.හිතක් පුරා පිරී ඉතිරෙන ආදරයක් එහෙම අවසාන වෙන්නෙ කොහොමද?.....ඒ ආදරය, සෙනෙහස හිතේ තියාගෙන මම කල් ගතකලා. මේ හැමදෙයක්ම වෙනස් වෙලා චුට්ටිටයි මටයි එකතු වෙන්න ලැබෙයි කියල හිතේ කොණක බොහොම පුංචි බලාපොරොත්තුවකුත් තිබ්බෙ නෑ කියල කිව්වොත් ඒක ඇත්තක් නෙවෙයි...

ඒ අවුරුදු දෙකක වගෙ කාලය ඇතුලත චුට්ටි මට මාසෙකට එකක් වගෙ වෙන්න ලියුම් එව්ව...එයාට ලියුම් එවන්න ඕන උනොත් , එයාගෙ යාලුව නදීකගෙ ගෙදරට එවන්න කියල මට කියල තිබ්බ. මම ඔය කාලෙදි ලියුම් වැඩිම උනොත් හතර පහක් ලියන්න ඇති. කොහොමත් ඉටු නොවෙන බලාපොරොත්තුවකට තව ලියුම් එහෙම ලියල අළුයට සැඟවුනු ගිණි පුලිඟුවකට පිඹල ගිනි දැල්ලක් අවුලෝනව වගෙ පණ දෙන්න හදන එකේ තේරුමක් නැති නිසා මම පුලුවන් තරම් ලියුම් නොලියම ඉන්න හිතා ගත්ත.

ඉතිං වසන්තගෙ මඟුල් ගෙදරදි මට ඔන්න චුට්ටිව ආයෙ මුණ ගැහුන.චුට්ටිලගෙ නෑදෑයො යාළුවො හැමෝම ඇවිත් හිටපු නිසා අපිට කතාකරන්න තියා නිදහසේ හම්බ වෙන්න වත් අවස්තාවක් ලැබුනෙ නෑ...අනික මම දෙවෙනි මනමාලය නිසා මට එතනින් ගැලවුමක් තිබුනෙත් නෑ.

එදත් අපෙ අනික් යාළුවො කට්ටිය තානායමේ මිදුලෙ කොණක සෙට් උනා. දෙවෙනි මනමාලය විදිහට මගෙන් ඉටු විය යුතු රාජකාරි පැහැර හරින්ට බැරි නිසා මම ඒකට සම්මාදම් උනේ නෑ.

දවල් කෑමෙන් පස්සෙ ජෝඩුව පිටත් වෙලා ගියාම මගේ නිල රාජකරි අහවර උනා. ඒත් හෝටලේ බිල ගෙවන එක වසන්ත මට පවරල තිබුණු නිසා මට ටික වෙලාවක් ඉන්න සිද්ධ උනා.

නුවර වැව තානායමේ පිටිපස්ස එක දිගටම බරාඳයක්......නුවර වැවයි වැවෙන් එපිට එහා පැත්තෙ මිහින්තලේ කන්දයි.....කන්ද මුදුනේ අව්ව වැටිල සුදුම සුදු පාටින් බැබලෙන වෙහෙරයි බරාඳෙ වේවැල් පුටුවක ඉඳගත්තම යස අගේට පේනව.

මම ඒ ඇසිපිය නොහෙලා ඒ දිහා බලා ඉන්න අතරෙ පපුවට ඇතුලු උන අපූරු විලවුන් සුවඳක් මගෙ දැහැන බිඳල දැම්ම.

'' චුට්ටි.........''

චුට්ටි සාලෙන් බරාඳයට පිවිසෙන පළු දෙකේ දොරේ උළුවස්සට හේත්තු වෙලා මා දිහා ඇසිපිය නොහෙල බලා හිටිය. උදේ උත්සවේට ඇඳහිටියෙ සාරියක්...ඒත් දැන් ආයෙම ගවුමකට මාරු වෙලා.

'' නංගි...කෝ අම්මල එහෙම?.....''

මම ඇහැව්වෙ නිහඬ තාවය තවත් ඉව සන්න බැරිතැන.

'' අම්මල ගියා අයියෙ...මම අපෙ මාමල එක්ක එන්නම් කියල නැවතුන මට අයියව මුණ ගැහිල කතා කරන්න ඕන නිසාම. ''

මම ඈත පේන මිහින්තලේ වෙහෙර දිහා බලාගෙන හිටිය.........චුට්ටි මගෙ ලඟට ඇවිල්ල ළඟම තිබුණු පුටුවෙ ඉඳ ගත්ත කියල මට තේරුණේ එක් වරම විලවුන් සුවඳේ තීව්ර්තාවය වැඩි වූ නිසයි.

ඒ සුවඳ පපුව පුරා පුරවාගෙනම මම හිස හරවල චුට්ටි දිහාවෙ බැලුවා.

'' ඉතිං නංගි.... කොහොමද ජීවිතේ? ''

'' ඔහෙ ඉන්නව අයියෙ,මම දැන් ෆස්ට් ඉයර් එකේ.....තව අවුරුදු දෙකක් තියනව....ඊට පස්සෙ........''

ඒ වාක්යය අවසන් නොවී අවකාශයෙ පාවුනා එහාට මෙහාට.

මම ආයෙම චුට්ටිගෙ මූණ බලනකොට එයා බිම බලාගෙන . ඇස් දෙකේ කඳුළු....

'' චුට්ටි...වසන්ත දෙවෙනි මනමාලයට එනවද කියල අහල, ඊට පස්සෙ කිව්ව රවී උඹ එන්නෙ නැත්නම් ඒකට කිසිම ප්රශ්නයක් නෑ...මට තේරුම් ගත්තැහැකි කියල. ඒත් මම තීරණය කලා එන්න ඕන කියල. ඒ වසන්ත වෙනුවෙන් වගේම ඔයාව ආයෙම දැක ගන්න ඕන නිසාත්.........''

'' මම එදා ඔයාලගෙ ගෙදරදි කිව්ව වගෙ අපි අපේ ඉරණමට මූණ දෙමු. ඒ නිසා අඬන්න එපා චුට්ටි.......අපි සතුටෙන් වෙන්වෙලා යන්න උත්සාහ කරමු.ඒක අමාරුයි තමයි...සමහර විට මගෙ ජීවිත කාලෙටම මට ඔයා ආයෙම දකින්න ලැබෙන එකක් නෑ.....ඒ නිසා මට මතක තියාගන්න ආයෙම හිනා වෙන්න....ප්ලීස් චුට්ටි හිනා වෙන්න....''

ඉතිං....ඉතිං...ඉතිං....එයා හිනා උනා.......

මම පුටුවෙන් නැඟිටල සාලෙ දොර ලඟට ගිහිල්ල වටපිට හෝදිසි කරල ආපහු ආව. චුට්ටිත් නැඟිටල මා ළඟට ආව. මම චුට්ටිව වැළඳ ගත්ත. එයා මගෙ පපුවට තුරුළු වෙලා හිටිය මොහොතක්....දෙකක්..තුනක්........එච්චරයි.

'' මම යන්නම් අයියෙ...මාමල මාව හොයනව ඇති. ''

මම නැවිල චුට්ටිගෙ නලල සිප ගත්ත.චුට්ටි මගෙ අත් දෙකම අරගෙන තොලට තියල සිපගත්ත.

'' යන්නම් අයියෙ.....''

සාලෙ දොරේ උළුවස්ස අල්ලගෙන ආයෙම හැරිල බලල කියල මා එක්ක හිනාවෙලා චුට්ටි යන්න ගියා.....මගේ ජීවිතයෙන්ම වෙන් වෙලා යන්න ගියා.

මම ආපහු පුටුවෙ ඉඳගත්ත. ..නුවර වැව නිල් පාටට කලින් වගේම දිලිසුනා. ...මිහින්තලේ විහාරෙත් සුදු පාටට වැව් ඉස්මත්තෙ පෙනුනා. චුට්ටිගෙ සුවඳ පපුව පුරා පුරවගෙන මම එහෙම්මම හිටිය හතර වටින් අඳුර හෙමිහිට පාත් වෙන අතරෙ...

'' මොකද රවි අයියෙ.... පොතත් අතේ තියාගෙන භාවනාවක් වත් කරනවද? ''

කණ ළඟම ඇහුණු චුට්ටිගෙ කටහඬින් මම ආපහු ආව නුවර වැව තානායමේ ඉඳල විජිත යාපා පොත් සාප්පුවට.

19 comments:

  1. හ්ම්............. ඉතිං... ඉතිං... ඉතිං... ඊට පස්සෙ?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඊට පස්සෙ?.......

      ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.....හෙහ්, හෙහ්,

      Delete
  2. චුට්ටිව අමතක කරන්නම බෑ වගේ නේද......?

    ReplyDelete
    Replies
    1. ඒකනෙව බොලේ වැඩේ.........ඒත් මේ සුමානෙං පස්සෙ අමතකම කොරල දානව ...මේක හරියන කෙලියක් නෙවෙයි...හෙහ්, හෙහ්,

      Delete
  3. අප්පේ කතාව ඉරමත් නෑ වගේ නේද???

    ReplyDelete
    Replies
    1. නෑ..නෑ..ඉවර නෑ....එහෙම ලෙසියෙන් ඉවර කරන්න ඇහැක්ද ඒ වගෙ කතා....

      Delete
  4. අහිමි උනත් නුඹ ළඳේ හඬන්න අවසර නෑ ..... !

    එතකොට මේ සිද්දිය වෙන්නෙ අර බාස්ල ටික නොකියම ගිය දාට පහුවදා ද? එහෙම නං ඉතිං අර වසවර්තියත් එක්ක ඉන්න බෑ කියල චුට්ටි ගෙදර ඇවිල්ල නෙව, මක්කරනවයි මේ නුවර ?

    ReplyDelete
    Replies
    1. කලින් කොටස හරියට කියවලා නෑ නෙවැ උඹ.. රවි අයියා මේ කියන්නෙ තවත් parallel world එකක් ගැන, ඒ ලෝකෙ චුට්ටි වසවර්තියගෙන් වෙන්වෙලා නෑ, අපූරුවට පවුල් කනවා, ඌ වසවර්තියෙකුත් නෙවේ.. :)

      Delete
    2. ඒකනෙ නවම්, බුරා මලය හරි,

      / ඇත්තම තමයි මෙකුවි, මේ කතාවක් පටං අරගෙන මගෙ ඔලුවත් විකාර වෙලයි තියෙන්නෙ.....ඒ නිසාමයි මම හිතුවෙ වසන්ත ටෙලිෆෝන් කරල කිව්ව වගෙ දෙයක් උනේ නැහැ කියල හිතාගෙන ( ඒ කියන්නෙ චුට්ටි හස්බන්ඩ්ව දාල ගිහිල්ල නෑ ) කතාව වර්තමානයෙ මෙහෙම උනොත්...කියල සම්පූර්ණ උපකල්පනයක් විදිහට ලියන්ට. ලියල හිත එකලාසයක් කර ගන්ට. /

      මේ මම ඊයෙ කතාවෙ මෙකුවිගෙ කමෙන්ට් එකට දුන්නු උත්තරේ.....දැන් මලේ බොට සක්සුදක්සේ පැහැදිලියි නෙවද සීන් කෝන් එක...හෙහ්, හෙහ්,

      Delete
  5. රවි අයියා කොහොම හරි ආයෙම චුට්ටිව ඇදලා ගත්තා නේද..? ඔහොම යං.... ඔහොම යං...

    ReplyDelete
    Replies
    1. ඇදල ගත්ත නෙවෙයි මලේ..ඒකි යන්නෙම නැතුව ඉන්නව නෙව....හරියන්නෙ නෑ. වැඩේ.......

      Delete
  6. කතාව ඉවරයි කිවුවට ඉවරම ඤෑ.. රවි පප්පගෙ ආදර කතාවෙ තවත් කොටසක් හෙට බලාපොරොත්තු වඤ්ඤ..

    පලි: කතාවෙ මුල අමතක අය ඉන්නවනං ලැජ්ජා වෙඤ්ඤෙ ඤැතිව අත උස්සලා රවි පප්පට කියඤ්ඤ, එයා ආයෙමත් චරිත ටික අදුඤ්ඤලා දෙයි..

    ReplyDelete
    Replies
    1. පිස්සු ඤොකෙල ඉඳහං බූරො.....

      කතාව මතක ඤැත්තං ගිහිල්ල මුල හරිය බලඤ එකයි ඇත්තෙ.....තේරුඤෙයි?

      Delete
  7. හා ‍හා.. බලමු කෝ..

    ReplyDelete
    Replies
    1. හරි හරි බලන්න බලන්න .....

      Delete
  8. නියමයි තව ටිකක් ඇදගෙන යමු.
    හද ගී පොතෙත් කතාව නොකිව්වට මේ වගේ දේක හින්ට් එකක් දීල කතාව වෙනුවට සිංදුවක් කියාගෙන ශේප් වෙලා තිබුන...හෙහ්..හෙහ්..

    ReplyDelete
  9. දෙවියන්ට ඔප්පු
    වෙච්චාවේ?!!!

    (galle nangi)

    ReplyDelete
  10. දෙයියනේ . . .. කාලෙකට පස්සේ කරුණාසේන ජයලත්ගේ පොතක් කියෙව්වා වගේ හැඟීමක් දැනුනා . . .

    ReplyDelete
    Replies
    1. හෙහ්, එහෙම දැනුනද?...හප්පච්චියේ....තැන්කියු තැන්කියු දුකා...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...