Wednesday, February 15, 2012

100. ආදර නිල් දෑසේ - පසු කතාවක් වගේ එකක් - 3 Her haunting blue eyes - Sort of an epilogue




චුට්ටි මා ළඟම ඉන්නව හිනා වෙවී. පොඩි කෙල්ලගෙ අතේ පොත් මිටියක්.....ඒ ටිකත් බදාගෙන මා දිහා බලල හිනා වෙනව ඒකිත්.......ඉතින්...අම්මයි දුවයි දෙන්නම එක්ක මමත් හිනා උනා.......

'' අහ්හ්...ඔයාල මේ ඉක්මනට ආවද? එන්න යමු එහෙනම්.....''

කලින් මම ගන්නම හිතාගෙන හිටපු විල්බර් ස්මිත් ගෙ නවකතාව මම අතට ගත්ත.

නිකලස් ස්පාක්ස්ගෙ පොත් තියන රාක්කෙ ලඟ නැවතුන මම මොහොතකට. පොත්වල නම් කියවන අතරෙ පොත් පෙල දිගේ ඇදී ගිය අත නතර උනේ '' Dear John'' ලඟ. ඒකත් අරගෙන මම කවුන්ටරේ ළඟට යද්දි චුට්ටියි දුවයි එතන ඉන්නව මම එනකල්.

'' දෙන්න දුව ඔය පොත් ටික...'' මම පොඩි එකී දිහාට අත දික් කලා.

පොඩි එකී අම්ම දිහාවෙ බැලුව.

'' එපා අයියෙ මම දෙන්නම් සල්ලි '' චුට්ටි පොඩි එකීගෙන් පොත් මිටිය අතට ගත්ත.

'' හරි, හරි, මෙන්න මෙහෙ දෙන්න ඕක...'' මම බලෙන්ම චුට්ටිගෙන් පොත් ටික අරගන්න හැදුව.

'' නෑ අයියෙ මම දෙන්නම් සල්ලි....''

චුට්ටි පොත් ටික අත ඇරියෙම නෑ.

මමත් පොත් ටික එයාගෙ අතින් ගන්නම උත්සාහ කරද්දි අපේ අතැඟිලි එකිනෙක ගැටුන හදිසියෙම. මගෙ ඇස් දිහාවෙ ඔලුව උස්සල මොහොතක් බලා ඉඳල චුට්ටි පොත් ටික අත ඇරිය. පොඩි එකී මාරුවෙන් මාරුවට අපි දෙන්නගෙ මූණු දිහා බලමින් හිනාඋනා. ඒකිටත් පුදුම ඇති අම්මගෙයි මේ අදම දැක්ක මාමගෙයි කෝලං වලට. හොඳ වෙලාවට මේ වෙලාවෙ අහල පහල කවුරුවත්ම හිටියෙ නෑ. නැත්නම් හතර විළිලැජ්ජාවයි, විජිත යාප එකේ ස්ටාෆ් එක ඔක්කොම වගෙ මම අඳුනනව නිතරම පොත් ගන්ට ගිහිල්ලම.

මම පොත් වලට සල්ලි ගෙවල විජිත යාප එකෙන් එළියට ආව.

චුට්ටිත් පොඩ්ඩිගෙ අතින් අල්ලගෙන ඇවිල්ල මගෙ මූණ දිහා බලල හිනාඋනා.

'' ඉතිං අයියෙ?.....''

'' ම්ම්ම්... අපි යමු නංගි එහෙනම්...''

වෙලාව බලනකොට දහයහමාරයි.

'' දවල්ට කන්න නම් තාම උදේ වැඩියි ඔය මොනව හරි කාල තේ එකක් බොමු නේද?''

'' හරි අයියෙ කමක් නෑ....මට පරක්කු වෙන්නත් බෑ.....එකොලහමාරට යන්න ඕන ධර්මරාජෙට....පුතා අද ආව ඉංග්ලිෂ් ඩේ එකේ තරඟයක් තියනව..ඒකට....මලියදේවෙන් තේරුණෙ එයා.උදේ එයාව එතනට ඇරලවල තමයි චුට්ටි දුවයි මමයි මේ ආවෙ. ''

'' ඉතිං නංගි අජන්ත ආවෙ නැද්ද?...''

'' උදේ අපිව ඇරලල එයා ආපහු ගියා...අත්යාවශ්ය වැඩකට අයියෙ..දන්නවනෙ එහෙම තමයි ඉතිං බිස්නස් වල හැටි...වෙලාවක් කලාවක් නෑනෙ....''

'' එතකොට ආපහු යන්නෙ ඔයාල?''

'' කුරුණෑගල ඉන්ටසිටි එකක යනව අයියෙ. මොනවද විනාඩි හතලිස් පහයිනෙ...''

දළඳා වීදිය දිගේ අපි පහලට ගියා...ඩෙවොන් රෙස්ටොරන්ට් එකට යන්න නම් පාර මාරු වෙන්න එපාය.....කහ ඉරෙන් මාරුවෙද්දි මම පොඩි එකීගෙ අනිත් අත අල්ලගත්ත. ඒක මම නොහිතම , ඉබේම වගෙ සිද්ද උනු දෙයක්...චුට්ටි එක පාරටම මගෙ මූණ බලල ආපහු බිම බලාගත්ත.

මෙහෙම දර්ශනයක්....මේ විදිහෙ සිතුවමක්. චුට්ටියි මායි පොඩි එකෙකුගෙ දෑත් අල්ලගෙන ඇවිදගෙන යන සිතුවමක්....මගෙ හිතේ ඇඳිල තිබ්බෙ ගොඩක් කාලෙකට ඉස්සර....චුට්ටිටත් එහෙම වෙන්න ඇති.......

පාර මාරු උනාට පස්සෙ මම පොඩ්ඩිගෙ අත අතෑරියා.

ඩෙවොන් එකේ කෙලවරක රවුම් මේසයක් වටේ අපි අසුන් ගත්ත.

' ෂෝට් ඊට්ස් මොනව හරි ගෙනෙන්න.....''

ළඟට ආපු වේටර්ට කියල මම චුට්ටි දිහාට හැරුණ.

' ඉතිං චුට්ටි...කියන්නකො බලන්න ඔයාගෙ විස්තරේ.....''

ඉතිං චුට්ටි එයාගෙ ගතවෙච්චි පහුගිය කාලෙ ජීවිතේ ගැන බොහොම කෙටියෙන් කිව්ව.මම මේසෙ උඩ වැලමිට තියාගෙන දෑතේ ඇඟිලි එකට බැඳගෙන ඒ උඩ නිකට තියාගෙන.......සාවධානව අහගෙන හිටිය.

චුට්ටි එයාගෙ කතාව ඉවර කලා.

'' ඉතිං රවි අයිය....මට කියන්න ඔයාගෙ කතාව.....පොඩි අයියගෙන් මම ගොඩක් විස්තර දන්නව. ඒත් කමක් නෑ මම ආසයි ඔයාම කියනව අහගෙන ඉන්න.......''

එහෙම කියල චුට්ටි මා දිහා බලල හිනාඋනා.

ඉතිං....ඉතිං...මමත් මගෙ විස්තරේ කිව්ව.

ඔය අතරෙ මම තේ ගේන්න කිව්ව...තේත් ආව...අපි තේ බිව්ව...

මගෙ කතාව ඉවර උනාම නිහඬතාවයෙන් ගෙවී ගිය ටික වෙලාවකට පස්සෙ....

'' අම්මි..මම පොඩ්ඩක් අර පැත්තට යන්නද?..........''

පොඩි එකී ඇහුව කෙලවරක තියෙන විශාල මාළු ටැංකියක් පෙන්නල. පොඩි එකීට මම හිතන්නෙ එපා වෙලා වෙන්න ඇති එක තැනම ඉඳල............

'' කමක් නෑ දූ..... පරිස්සමින්...........හොඳේ....''

පොඩ්ඩි මාළු ටැංකිය ළඟට ගියා. ඒ දිහාවෙ ටික වෙලාවක් බලා ඉඳල චිට්ටි ආයෙම මා දිහාට හැරුණ.

ඇය කතා කලේ දෑතට මැදිකරගත් මේසෙ උඩ තිබ්බ හිස් තේ කෝප්පයක් සෙමෙන් සෙමෙන් කරකවමින්.

'' ඉතින් රවි අයියෙ.......ඔන්න මගෙ කතාවත් කිව්ව...ඔයාගෙ කතාවත් කිව්ව.......ඊළඟට? ''

මම කතා කලේ ඇගේ දෑතට මැදිවූ හිස් තේ කෝප්පය දිහා බලාගෙන.

'' ඊළඟට මොකක්ද චුට්ටි?.........අපි දෙන්න හීනෙකින් වත් නොහිතූ විදිහට අද හම්බ උනා. එච්චරයි.......අපි ආයෙම වෙන් වෙලා යනව දෙපැත්තකට.......ඒත් මගෙ හිතට අප්රමාණ සතුටක් ඔයාව මෙහෙම අහම්බෙන් හරි මුණ ගැහුනු එක. ''

'' ඇත්ත අයියෙ...මම පහුගිය කාලෙ ජීවිතෙ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මට ඒකට ඔයාගෙ ආදරෙත් ලොකු ශක්තියක් උනා......ජීවිතේට මුහුණ දෙන්න මට ගැම්ම ලැබුනෙ ඒ නිසා... ''

'' අයිය ගොඩක් පොත් කියවනව නේද ඒ කාලෙ ඉඳලම...මමත් අයිය නිසාම පුරුදු උනා පොත් කියවන්න....ජීවිතේට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න මට ඇත්තටම හැකියාව ලැබුනෙ පොත් නිසා....''

'' What you want from life and what you get from life are two entirely different things.........just accept that reality....sooner the better......''

'' මම දැකපු, මම ආසම..... ඒ වගේම ජීවිතේට ඉතාම වැදගත්ය කියල මම හිතන Quote එකක්. අයිය නම් දන්නව ඇති මොන පොතේද කියල හිහ්,හිහ්.......''

චුට්ටි මගෙ දිහාවෙ බලල හිනැහුනා.

'' මොකද මම නොදන්නෙ?....හෙහ්, හෙහ්,....... Nicholas Sparkes .....Three weeks with my brother.....''

'' ඒකෙම තියනව තව ජීවිතේට බොහොම වැදගත් Quote එකක් මතකද?...''

'' මොකක්ද?......''

චුට්ටි නලල රැලිකරගෙන මා දිහා බැලුව.

'' ම්ම්ම්. .....I will give you a hint........Who said life is..........''

මම චුට්ටිගෙ මූණ බලල හිනාඋනා....

'' මතකද? ''

'' Of Course.....Who said life is fair.....it’s never ever fair..........''

'' හරියටම හරි...........නිකලස් ස්පාක්ස් ගෙ පොත් චුට්ටි කියවනවද?''

'' ඔව්....මම කැමතියි ඒ පොත්වල ශෛලියට....''

'' අහ්හ්...ඒක හොඳයි......''

මම ඒ ළඟ පුටුව උඩ තිබ්බ විජිත යාපා එකෙන් මිලදී ගත්තු පොත් දාපු බෑග් එකෙන් ගත්ත Dear John පොත.

'' මේ පොතෙත් තියනව ඒ වගේම ලස්සන Quote එකක්...''

මම පිටු පෙරලගෙන ගියා..

'' හරි මේ තියෙන්නෙ,...''

“Part of me aches at the thought of her being so close yet so untouchable, but her story and mine are different now. It wasn't easy for me to accept this simple truth, because there was a time when our stories were the same, but that was six years and two lifetimes ago.”

**************************************************

නැවත වරක් සුවිශේෂ ස්තූතිය .....දයාබර සිත්තමීට.........For being so inspiring and for being my research assistant, unpaid of course.....heh, heh,

33 comments:

  1. I'm cryiiiiiinggggggg....... ohhhh, never expected an episode like this....

    And Ravi ayya, my heartiest congratulations for your century!!!

    ReplyDelete
    Replies
    1. Ohhhh, you are crying..I am not sure whether to be glad or to be sad......

      Thanks Siththami for your wishes 'cause I know they are from your heart itself,

      Delete
    2. :D Of course you should be sad. මොකද කියනවනං මට ඇඬුනෙ මෙන්න මෙහෙම හිතිලා. 'ඇයි බොලේ මුන්දැ කතන්දරේට වඩා දික් කොරන්ට හදනව නෙව පසු කතන්දරේ. ඒ මදිවට මාවත් අල්ලගෙන, රට්ටුන්ගෙං ඉතිං මටත් බැනුං අහන්ඩ වෙයි මේ කෙල්ලට නිකං ඉන්ඩ බැරුව මුන්දැගෙ ඔළු ගෙඩියට නා නා ප්‍රකාර අදහස් ඇතුළු කොරලා මේ කතන්දරේ මේ කපේදි ඉවර නොකෙරෙන තැනට වැඩ කොරන්ට තමයි ඔය හදන්නේ කියලා'. ඉතිං ඔහොම හිතුණම මට ඇඬෙන්නෙ නැතුව තියෙයිද මං අහන්නේ? :P

      Delete
    3. So, That's why you cried....eh, siththami?

      Haa, haa, don't make me laugh....what a load of BS...:)

      Delete
  2. සංවේදී හමුවීමක් .... චුට්ටිගෙයි රවිගෙයි නැවත මුනගැසීම කියවනවිට අතීතයට ගියා නෙවෙයි යැවුණා ...

    (ඩෙවෝන් එකේ රවුම් මේසයක මොනාදෝ කමින් හිටියෙ අපි.... එදා තමයි අපේ අන්තිම හමුවීම... ප්‍රථම ආදරේ සිහිවටනයක් පමණි )...

    පෝස්ට් සියය වෙනුවෙන් ඔබ සුබ පැතුම් අය්යා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සම්මානි.....

      / සංවේදී හමුවීමක් .... චුට්ටිගෙයි රවිගෙයි නැවත මුනගැසීම කියවනවිට අතීතයට ගියා නෙවෙයි යැවුණා .../

      අම්මප කියාපං,....බොටත් තිබුනය එහෙම අතීතයක්?.....හෙහ්, හෙහ්,

      Delete
  3. සියවෙනි පෝස්ට් එකට සුබ පැතුම්

    අයියො බන් අයියෙ ඔය තේ බොන්න ඩෙවෝන් නැතුව වෙන තැනක් සෙට් උනෙ නැද්ද?
    එතන හරිම කලබල කාරි තැනක් නෙව.

    “Part of me aches at the thought of her being so close yet so untouchable, but her story and mine are different now. It wasn't easy for me to accept this simple truth, because there was a time when our stories were the same, but that was six years and two lifetimes ago.”


    මෙන්න මේ ටිකට මම හරිම කැමතියි. :)

    ReplyDelete
    Replies
    1. එතන උනේ මේකනෙ බොලේ.... අර අම්මණ්ඩියි පොඩි දරුවෙකුයි එක්ක නුවර ටවුමෙ කරක් ගහන්ට පුලුවනෑ බං මේ ගිනි මද්දහනෙ, ;), කිට්ටුම තැනට එපාය යන්න....ඩෙවොන් එකට ඉස්සෙල්ල තියෙනව බේක් හවුස් එක....ඒක මට අල්ලන්නෙ නෑ...උංගෙ සර්විස් එක මාර ලේට්,

      ස්තූතියි නිශ් ඔබටත්....

      Delete
  4. උඹත් එක්ක මේ වැඩේ කරන්න බෑ බං අයියෙ.. උඹ මල් කඩන්න යන්නෙ මං ඉස්සර මල් කඩන්න ගිය තැන්වලටමයි.. :)

    ReplyDelete
    Replies
    1. අඩෝ මේ එව්ව තියාගන්න එපා හරිය...උඹ කොහොමද ඩෝ නුවර මල් කඩන්ඩ එන්නෙ....අහුවෙන්න එපා ඔන්න....අඬු කඩලයි පස්ස බලන්නෙ....හෙහ්, හෙහ්,

      Delete
    2. හික් හික්, උඹ බයවෙන්ටෙපා, මං දැන් එන්නෙ නෑ.. ඔය මගෙ සුන්දර අතීතය 2002-2004 විතර කාලෙ..

      Delete
  5. ඉනික්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ. අනේ අපිට ජීවිතේ ඇත්තටම එහෙම paralal worlds තියෙනවනම්, නැත්තන් අතීතයේ එක දවසකට ගිහින් මුළු ජීවිතේම අඳුරු කරපු සිදුවීමක් හරිගස්සන්න පුලුවන්නන්ම් මිනිස්සුන්ට.. :( මොනා උනත් ලස්සන කතාව අය්යේ .. ගොඩක් අසාවෙන් කියෙව්වා.. පොඩි විවේකයක් අරන් ලියමු තව මෙගා එකක්.
    100 පොස්ට් එකට උණුසුම් සුබ පැතුම්.. Nicholas Sparkes ගේ පොත් වලින් හදපු ෆිල්ම්ස් විතරඊ බලල තියෙන්නේ, දැන් ඉතින් කියෝපල්ලකෝ පොතුත්..

    ReplyDelete
    Replies
    1. හයියෝ ෆිල්ම් බලල හරි යන්නෙ නෑ බං....පොත් බලහං...පොත් බලහං, ෆිල්ම් එක බැලුව ....එතනින් ඉවරයි..පොත් එහෙමද ආයෙම ආයෙම කියවල් රස විඳින්න පුලුවන් නෙව,

      ස්තූතියි මෙකුවි.....බොහොමත්ම ස්තූතියි,

      Delete
  6. වියුණු සටහන් ශතකයක්.......

    අද දින මවිසින් ලියවුණේ සියවැනි වියුණු සටහනයි.දෙදහස් දහය වසරේ දෙසැම්බර් මස දහසය වන දින මවිසින් ලියැවුණු පළමු සටහන නිදහස් සිතුවිලි වියුණුවෙහි පළ කරන ලද්දේ මා දයාබර රන්දිල් විසිනි.

    ඇත්තෙන්ම වියුණු ලිවීමට මා යොමු වූයේ උදක්ම ඇගේ බල කිරීම සහ දිරි ගැන්වීම නිසාම බව මෙහි සටහන් කරනුයේ ඇයට මාගේ හෘදයාංගම කෘතවේදිත්වය පළකරනු උදෙසාමය.

    ඇත්තෙන්ම ඇගේ උත්සාහය නිසාම මුලින් වියුණු සටහනක් දෙකක් ලියූවද ඒ දිග දුරට ගෙන යාමේ කිසිදු බලාපොරොත්තුවක් මසිතේ නොවීය.ඇත්තෙන්ම මා බලාපොරොත්තු වූයේ නොකඩවා ලිවීමට අදහස් මෙන්ම ලිවීමට කාල වේලාවක්ද සපයා ගැනීම දැඩි දුෂ්කර කටයුත්තක් වනු ඇති බවය.

    එහෙත් අවසන වූයේ මා සිහිනෙනුදු නොසිතූවකි. කෙසේ හෝ දහසක් වැඩ කටයුතු මධ්යටයේ ලිවීමට කාලයක් කෙසේ හෝ වෙන් කරගැනීමට හැකි වූවා මෙන්ම ලිවීම ආරම්භ කල පසු සිදුවූයේ ලිවීම නවත්වා ගත නොහැකි වීමයි........

    එනම් තිරිංග ක්රිවයාවිරහිත වීමයි. මේ තිරිංග ක්රිියා විරහිත වීම කරණ කොටගෙන පසුගිය වසරෙක කාලය තුල මම බොහෝ සේ දෝෂාරෝපණයන්ට ද ලක් වූ බව පවසන්නේ හද පිරි සතුටිනි.

    අවසාන වශයෙන් පසළොස් මසක කාලයක් තුල ආ මේ ගමනේ දී ප්රසතිචාර දැක්වූ එමෙන්ම මා ලියූ සටහන් කියවූ සහෘද ඔබ සැමට මගේ හෘදයාංගම කෘතවේදිත්වය පලකිරීමට ද මේ අවස්ථාවක් කර ගනිමි.

    ස්තූතියි,

    Thanks my dears, it would not have been possible without you. You all were the inspiration that drove me forward, the encouragement to write even during really busy days. And finally seeing your responses was all the motivation I needed to write more and more......Thank you very much from the depth of my heart, you all are the best.

    ReplyDelete
  7. දැන් ඉතින් නිකොලස් ස්පාක්ගෙ පොත් හොයාපල්ලකො..පොත් සාප්පු ගානෙ ඇවිදිද්දී කකුල් කඩෙත්තු හැදුනොත් රවීගෙ අම්මට කියන්න නහය දෑවට ගනන් ගන්න එපා කියලා..
    රවි රන්දිල් සුපිරි වියමන් සියයට සහසක් සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. / පොත් සාප්පු ගානෙ ඇවිදිද්දී කකුල් කඩෙත්තු හැදුනොත් රවීගෙ අම්මට කියන්න නහය දෑවට ගනන් ගන්න එපා කියලා.. /

      අනේ බොලේ, ඔය වැඩේ අඩු ගනනෙ සති දෙහෙකට වත් කල් දාහං...පහුගිය මාසෙම වගෙ දවස තිස්සෙම කිඹුහුම් ඇරල ඒ මනුස්සය ටිකක් එක විදිහක් උනා විතරයි.....

      ස්තූතියි රූ......බොහොම ස්තූතියි,

      Delete
    2. Nicholas Sparkes geපොත් ටික තිබ්බ නුගේගොඩ සරසවියේ යනකොටම දිලිසි දිලිසි , හප්පේ ඒවායේ ගණන්, එක පොතක් 1500/=, 1700/=, කොහොමහරි e-book වල පිහිට පතනවා කියල හිතාගෙන අරන් ආව තාරකාගේ "කළු" පොතඊ මගේ හැමදාම ආස පොත් වෙච්ච ශ්‍රී රවන්න පුවත පොතඊ, විරාගයය් .. ගියේ රන්රෝස හොයන්න හම්බුනේ නෑ නොව ..
      කාට හරි e-book ලින්ක් එක ඕනෙනම් මෙන්න, http://www.epubbud.com/search.php?q=nicholas+sparks&Search=Search
      මටනම් තම කියවන්න හම්බුනේ නෑ හැබය් ..

      Delete
    3. @mekuwi

      ස්තූතියි link එකට මෙකුවි. සරසවියෙ ඒ පොත් ටික ටිකක් ගණන් වැඩියි තමයි, මාත් දැක්කා. මට පස්සෙ හම්බ උනා ඊට වඩා ටිකක් අඩුවට Majestic City වල Cargills Book City එකේ. ඊටත් පස්සෙ දැක්කා මට මතක හැටියට Makeen Books එකේ ඊටත් වඩා අඩුවට. Lake House Book Shop එකෙත් english books අඩුවට තියෙනවලු, මට යාළුවෙක් කිව්වා.

      Delete
    4. @ mekuwi

      හපොයි..මෙකුවි...එච්චර ගනංද?....මට මතක තිබ්බෙ අටසීයක් නවසීයක් වගෙ......:(

      ඔයාගෙ ලින්ක් එකට ස්තූතියි....පල්ලෙහා මම දැම්ම ඔන්න ඒක ආයෙම....

      Nicholas Sparkes - e books

      Delete
    5. @රවි,තැන්කූ..ස්තුතියි..කියන්න වචන නැත..
      @මෙකුවි,සිත්තමී,
      කකුල් කෙඩෙත්තුව හැදෙනකම් කරන්න ඕන වැඩේ ලේසි කරලනෙ ස්තුතියි..

      Delete
  8. ඩෙවොන්, සිල්වර් ඩේල්, විල්බර් ස්මිත්, අතීත මතකයන් අවුස්සනව.

    හැරල්ඩ් රොබින්ස්, ජේම්ස් හැඩ්ලි චේස්, එහෙමත් ආශ්‍රය කලාද ?

    ReplyDelete
    Replies
    1. ඔබා අයියා, හැරල්ඩ් රොබින්ස් පොත් සෙට් එකෙන් බාගෙකට වඩා මගෙ ළග තාමත් තියෙනවා.. සුන්දර මතක.. තාමත් සමහරවෙලාවට පිටුවක් දෙකක් පෙරලලා බලනවා.. :)

      Delete
    2. @ Observer,

      හෙහ්, උඹ එක්ක බෑ ඔබා....ඔන්න ආයෙම එකක් මතක් කලා,

      මම වැඩේ පටන් ගත්තෙ හැඩ්ලි චේස් ගෙන් තමයි, තවම මතකයි මුලින්ම කියවපු පොත,Want to stay alive? මේ ලඟදි එකක් දැකල ගත්ත,

      හැඩ්ලි චේස් පොත් වල ගන්ට දෙයක් නෑ කිව්වට මම නම් හරිම කැමතියි, ඉස්සෙල්ලාම ඉංග්‍රීසි පොතක් කියවනව නම් කියවන්ට ආශාවක් ඇල්මක් උනන්දුවක් ඇතිවෙන්න කියාපු ක්‍රමේ තමයි හැඩ්ලි චේස් පොතක් කියවන එක,

      චේස් ගෙන් පස්සෙ ආවෙ හැරල්ඩ් රොබින්ස් ගාවට , ඔක්කොම කියෙව්ව...මට අල්ලලම ගියෙ 79 Park Avenue, A Stone For Danny Fisher,සහ Never Love A Stranger....

      Delete
    3. @ Buratheno,

      මොනවද බං බාගයයිද තියෙන්නෙ?....අර තොටිය පඬිතුමාට කිව්ව කතාව තමයි මටත් කියන්න තියෙන්නෙ...." බූරො, උඹේ ජීවිතේම වතුරෙ ''

      Delete
    4. හරි බොල, මං කිවුවෙ 'තාමත් මගෙ ලග තියෙනවා' කියලා.. ඒ කියන්නෙ අනිත් ටික ලොස්ට්, එක එකා අරන් ගිහිල්ලා.. මට නං අල්ලලාම ගියේ Carpetbaggers හා Stiletto තමා..

      Delete
  9. සුභ පැතුම් අයියා... තව 10000ක් ලිවීමට ලැබේවා.

    නිල් ඇස් සතුටින් ඉන්නවාලුද???

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු, තව ආත්ම ගානක් මට මේ කොටන වැඩේ කොරන්ට සිද්ද වේවා කියලයි බොලේ උඹ ප්‍රාර්තනා කොරල තියෙන්නෙ....

      නිල් ඇස් සතුටින් ඉන්නව ඇතියි කියන උපකල්පනයෙන් මත තමයි මම මේ පසු කතාව ලිව්වෙ,

      ස්තූතියි නිසුපා නංගි..ඔබටත්...

      Delete
    2. හී හී ඉතිං ලියන්ටකෝ...අපිත් ආත්ම ගානක් තිස්සෙ කියවන්න එන්නම්..

      අවුරුද්දකට 100ක් ලිව්වානම්, ඒ ස්පීඩ් එකෙන්ම ලිව්වොත් තව අවුරුදු 100ක් ලියන්ට ඕනෙ....හික්ස්....

      Delete
  10. අනේ මන්ද අප්පා.මේ පසු කථාව මේ විදිය වීම ගැන මට පුදුමාකාර අප්සට් එකක් ඇවිත් තියෙන්නෙ.ඔන්න කලින් නැවතුන විදියට ඉවර වුනානම් හිතාගන්න තිබ්බා ඒ ආදරේ දෙන්නා ගාවම තියේ කියලා.දැන් චුට්ටි අරෙහෙම ඉන්න එක ගැන මටනම් පැහැදීමක් නෑ..

    ReplyDelete
    Replies
    1. අනේ මලේ...අකම්පාල වෙන්න එපා බොලේ...ඒ ආදරේ තියනව බං..ඒකනෙ මේ හැටි මේ මාගල් දිග ඇරිය වාගෙ කතා උනත් ලියවෙන්නෙ....

      අනික උඹට කණගාටු වෙන්න දෙයක් නෑ..මේ පසු කතාව තනිකර මගේ නිර්මානයක්.... මම මුලින්ම කමෙන්ට් එහෙක ඒක කිව්වනෙ.........කලින් ලිව්වෙ ඇත්තම කතාව...ඒ නිසා හිත අප්සැට් කොර හන්න එපා...හොඳේ....

      Delete
  11. සුභපැතුම් බොලං අයියෙ, මම කොච්චරවත් ඩෙවොන් එක දිහා බල බල බේක් හවුස් එකට රිංගල තියනව. එක දවසක්වත් ඩෙවෝන් යන්න හිතුනෙ නෑනෙ. මොකද මංද !

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...