'' ගුණේ, අපෙ දරුවො දෙන්න.... ඒ දරුවො මගෙ වගෙම ඔයාගෙත් දරුවො...එයාලට අම්ම විතරක් මදි....තාත්තෙකුත් ඕනමයි..ඒ නිසා අපි පරණ විදිහටම නොවුනත් ජීවිතේ ගෙනියමු.අලුත් තත්වයට හැඩගැහෙමු. මෙහෙම හිතන්න..... කෙනෙකුගෙ කකුලක් කැඩුන කියල හිතන්න.කකුල කැඩුනෙ නෑ කියල හිත රවට්ටගෙන වැඩක් නෑනෙ. කකුල කැඩිල ඉවරයි. හොඳම වැඩේ තමයි කැඩිච්ච කකුල එක්ක ආයෙම ජීවත් වෙන්නෙ කොහොමද කියල හිතල බලල එහෙම කරන එක.''
මනිපිට්ටු මස් සහ කිරිහොදි සහිත ලන්ච් ෂීට් ඇතුරූ ප්ලාස්ටික් පිඟන් දෙකක් අප අතට ලැබිණ.අසලවූ බේසමෙන් අත සෝදා ගත් අපි ආහාර ගැනීම පටන් ගතිමු.
'' ඉතිං මල්ලි ඔන්න ඔහොමයි තත්වය.....මගේ ජීවිතේ පරණ පුරුදු විදිහටම නම් නෙවෙයි, ඒත් ඔය විදිහට ගෙවිල යනව.වෙනද වගේම මාසෙකට සැරයක් මම ගෙදර එනව. ලක්ෂ්මී මට කිසිම වෙනසක් කරන්නෙ නෑ, ඒත් එයා මට සමාව නම් තාම දීල නෑ. කිසිම දවසක සමාවක් දෙයි කියල මම හිතන්නෙත් නෑ. එයාගෙ පැත්තෙන් බැළුවම සමාව දෙන්න පුළුවන් වරදක් නෙවෙයි මම කරල තියෙන්නෙ. ඒකෙ මට කිසිම ප්රශ්නයක් නෑ. ලක්ෂ්මීව මට තේරුම් ගන්න පුළුවන් හොඳටම.''
'' ජීවිතේ කියන එක මහ පුදුමයි මල්ලි....අපිට සමහර වෙලාවට ගන්න වෙන තීරණ නිසා මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ බව දැන දැනත් අපිට ඒ තීරණ ගන්න වෙනව. ඒ තමයි අපේ දෛවය නැත්නම් අපේ ඉරණම. ''
'' රමණි අක්ක ගැන ඊට පස්සෙ ආරංචියක් නැද්ද අයියෙ?....''
'' රමණි හස්බන්ඩ් ගෙන් ඩිවෝස් වෙන්න යනවයි කියල මට ආරංචි උනා...එච්චරයි ''
ඉන්පසු නිහඬතාවය මධ්යයේ අප ආහාර ගතිමු.
'' මම නම් ඉවරයි '' ගුණේ අයියා නැඟී සිටියේය.
'' අයියෙ තව පිට්ටු කෑල්ලක් කන්න....''
'' ම්ම්ම්...කමුකො එහෙනම්..මල්ලිට?.....''
'' අපොයි මට ඇති අයිය කන්න....''
ගුණේ අයියා නැවත මා අසල හිඳගත්තේය.
'' අයියගෙන් මම එක කාරණයක් අහන්නද?....''
'' අහන්න මල්ලි...''
'' දැන් එදා රමණි අක්ක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේදි හම්බ වෙලා ඇතිවෙච්ච තත්වය වගෙ තත්වයකට අයිය හෙට මූණ දුන්නයි කියමු.මොකක්ද අයිය ගන්න තීරණය?...''
'' ඔය ප්රශ්නෙ ගැන ඇත්තම කිව්වොත් මල්ලි මමත් සෑහෙන වෙලාවක් හිතල තියෙනව.මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අද මේ තියන තත්වය අනුව නම් මම ගන්න තීරණය මට හරියටම කියන්න බෑ. හැබැයි එදා තිබ්බ තත්වය යටතෙ නම් අනිවාර්යයෙන් මම ආයෙත් ගන්නෙ එදා ගත්තු තීරණයමයි,මතකනෙ ගාන්ධිගෙ කියමන....ගුණේ අයියගෙ ජීවිතේ වෙනස් උනාය කියල ගාන්ධිගෙ කියමන වෙනස් උනේ නෑනෙ මල්ලි... ඒක සර්වකාලීනයි.....හෙහ්, හෙහ්, '' ගුණේ අයියා හඬනගා සිනාසුණේය.
පදික වේදිකාව දිගට වාඩිවී ආහාර ගනිමින් සිටියෝ මොහොතකට හිස ඔසවා අප දෙස බලා නැවත සිය පිඟන් වලටම හිස නවාගත්හ.
දළඳා වීදියේ පදික වේදිකාව දිගේ අපි පහළට එමින් සිටියෙමු. පදික වේදිකාවේ ඇතුරූ ගඩොළු මත අපගේ පාගැටෙන හඬින් පමණක් නිශ්ශබ්දතාවය බිඳී ගිය ඒ නිසල රාත්රිදයෙහි ගුණේ අයියා සහ මම එකිනෙකාගේ කර වටා යැවූ අත් සහිතව නිහඬවම ගමන් කලේ තවත් කතාකලයුතු කිසිවක් ඉතිරි නොවූවාක් සේය.ගුණේ අයියා, රමණි අක්ක සහ ලක්ෂ්මී අක්කා නම් වූ මේ අපූර්ව මිනිසුන් තිදෙන පිළිබඳව කල්පනා කරමින් පැමිණි මම එකවරම ගුණේ අයියා මගේ කර වටා යැවූ අත තද කොට එක එල්ලේ මගේ මුහුණ බලමින් ගමන නතර කල හෙයින් විශ්මයට පත් වීමි.
ඒ චම්පා ස්ටෝර්ස් ඉදිරිපිට බව මට හොඳහැටි මතකය.
'' ඇයි අයියෙ?......''
'' තව පොඩ්ඩෙන් අමතක වෙනව...මම මේක අහන්ඩමයි හිටියෙ හෙහ්, හෙහ්, මල්ලි මට ඇත්තම කියාපං හොඳේ?....උඹ රමණිට ආදරේ කලා නේද?...''
විශ්වාස කරන්න මා සහෘදය...චම්පා ස්ටෝර්ස් ඉදිරිපිට පදික වේදිකාව දැදුරු වී මා පොළව තුලට ගිලී යනවා නම් කොපමණ අගේදැයි මට එකෙනෙහිම සිතිණි.මහේ මුහුණ පමණක් නොව සර්වාංගයම විලියෙන් රත්පැහැ ගැනෙන්නට ඇතුවාට සැක නැත.ගුණේ අයියා මා අත හැර කොක් හඬලා සිනාසුනේය,
'' දෙයියෝ සාක්කි මල්ලි.... උඹ කෙල්ලෙක් වගේනෙ බං රතුවෙලා ගියේ.හරි හරි උත්තර ඕන නෑ. උඹේ රතු විල්ලෙන්ම මට හිතාගත්තෑකි උත්තරේ...මම මෙහෙම ඇහුවෙ මල්ලි උඹ ලැජ්ජා කරන්න නෙවෙයි. ඇත්තටම නම් ඒකෙ සම්පූර්ණ විරුද්ධ පැත්ත.''
'' මට ඕන උනේ එහෙම රමණිට ආදරේ කරපු එක වැරැද්දක්ය කියල උඹ හිතාගෙන ඉන්නවනම් අන්න ඒ අදහස නැතිකරන්න...ඒකෙ කිසිම වැරැද්දක් නෑ....හිත කියන එක පාලනය කරන්න පුළුවන් කාටද බං?.....අනික ආදරේට කොහෙද මල්ලි සීමාවල්....වයස, උගත් කම, සල්ලි, කුලය, ආගම, ජාතිය වෙන එකක් තියා ලිංග භේදය කියන එකවත් ආදරේට බලපාන්නෙ නෑ මල්ලි, ''
'' අයිය අපි කෑම්ප් එකේ ඉන්න දවස් වලත් මේ ගැන දැන ගෙන හිටියද?.....'' මම බොහෝ අසීරුවෙන් වදන් පෙලගැසීමි.
'' ඔව්,..... මට නම් එහෙම එකක් තේරුණෙ නෑ ඇත්තටම. පිරිමි අපිට ඕව තේරෙනව අඩුයි. රමණිමයි මා එක්ක කීවෙ.අර ලස්සනට සිංදු කියන මල්ලි මම හිතන්නෙ මට ආදරේ කරනව කියල.හරි මල්ලි මම මේ ටික කිව්වෙ ඔයා හිතාගෙන ඉන්නව නම් තවම ඔයා කලේ ලොකු වැරැද්දක් කියල ඒ කල්පනාව හිතින් අයින් කරල දාන්ඩ කියල කියන්ඩ විතරයි. ...''
නගර මධ්යයේ වූ ඔර්ලෝසු කණුව අසල කටුගස්තොට නාම පුවරුව වීදුරුව පසුපස රැඳවූ කුඩා පෞද්ගලික බස් රියක් පණ ගැන්වූ ගමන් විය.
ඒ අසලදී ගුණේ අයියා මා වැළඳ ගෙන මගෙන් සමුගත්තේය. '' මල්ලි මට හරිම සතුටක් මල්ලි හම්බ වෙලා කතාකරන්න ලැබිච්ච එක. මගෙ හිතට ලොකුම සැහැල්ලුවක් දැනෙනව අද. අපි ආයෙම හම්බ වෙන්නත් පුළුවනි නොවෙන්නත් පුළුවනි.ඒත් මල්ලිව මට හැමදාම මතක තියේවි. ''
සෙමින් ඉදිරියට ඇදෙන බස් රියට ගොඩවූ ගුණේ අයියා වරක් අත වනා මගෙන් සමුගත්තේය.
බස් රිය ඉදිරියට ඇදීගොස් යටිනුවර වීදියට හරවා නොපෙනී ගිය පසු පපුව මුළුමනින්ම හිස් වී යන පරිදි දිගු සුසුමක් හෙලූ මම නිවෙස බලා යනු පිණිස බසයකට නැඟීමේ බලාපොරොත්තුවෙන් ගුඩ්ස්ෂෙඩ් බස්නැවතුම්පොළ දෙසට කළුවරේම පියනඟන්නට වීමි.
මගේ ජීවිතයේ මට හමුවූ අපූර්වතම මිනිසුන් තිදෙනෙකි ගුණේ අයියා, රමණි අක්කා සහ ලක්ෂ්මී අක්කා.රමණි අක්කාට මා එක් වරක් ආදරය කල බව නොසලකා හැරියද ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ජීවන වපසරිය තුල අසාමාන්ය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ අසමසම මිනිසුන් බව මම අද ද තරයේ විශ්වාස කරමි මෙහිදී මවිසින් මිනිසුන් යන පදය යෙදෙනුයේ Humans යන්නට පර්යාය ලෙස බව සැලකුව මනාය.
ජීවිතයේ ලාබාල අවදියේ අහඹු ලෙස මගේ ජීවිතයට ඇතුළුව ඉතාම කෙටි කලක් ඇවෑමෙන් මගේ ජීවිතයෙන් සමුගත් ඔවුන්ගෙන් විශේෂයෙන් ගුණේ අයියාගෙන් මා උගත් පාඩම් මගේ පසුකාලීන ජීවිතයට බෙහෙවින් ප්රයෝජනවත් වූ බව මම පවසන්නේ ගුණේ අයියාට කෘතඥතාපූර්වකවය.ගුණේ අයියා මුහුණ දුන් ප්රශ්නය තරම් කිසිසේත් බැරෑරුම් නොවුනද මට මුහුණ දීමට සිදුවූ ප්රශ්න වලදී මම හැකි සෑමවිටෙකම ඔහු නිතර පැවසූ ගාන්ධිගේ කියමන මට හැකි අයුරින් පිළිපැද්දෙමි.ඒ සමඟම ඒ හා බැඳුනු කර්තෘ අඥාත අනෙක් කියමන ද අමතක නොකලෙමි.
" Do whatever you have to do; do not worry about consequences "
'' You have to face the consequences of the decisions you make"
Despite seeming to be paradoxical at a glance they actually complement each other and are obverse and reverse of the same coin.
****************************************
පුරා මසකට අධික කාලයක් ගුණේ අයියා, රමණි අක්කා, ලක්ෂ්මී අක්කා සහ වීරේ මල්ලී සමඟ රැඳී සිට ඔවුන්ගේ ජිවන මංපෙතෙහි ඔවුන් සමඟම පියනැඟූ ඔවුන්ගේ අභිලාෂයන් අපේක්ෂාවන්, බලාපොරොත්තු කඩවීම් ඔවුන් සමඟම විඳ දරාගත් මාගේ හිතවත / හිතවතිය....ඔබට ඔවුන්ගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට මට ඉඩ දෙන මෙන් ඔවුන් වෙනුවෙන් මේ අවස්ථාවේ අවසන් වශයෙන් ඉල්ලා සිටිමි......ස්තූතියි.
ලස්සන කතාවක් .මම මුල ඉදලම කියෙව්වා මේ කතාව.ජිවිතේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් නොවෙන, බලාපොරොත්තු නොවෙන දේවල් වෙන එකද...???
ReplyDeleteමමත් මුල ඉදලම කියෙව්වා...ලස්සන කතාවක්..
ReplyDeleteThank you very much Ravi Ayya, for telling us this wonderful story. It is soo... inspirational. And your writing, as usual, is really brilliant.
ReplyDeleteවෙන කෙනෙක් කියපු එකක් ආපහු කතාවක් විදිහට කියන එක, කෙළින්ම තනි කතාවක් කියන එකට වඩා කොච්චර අමාරුද. අපි එක කතාවක් කියවද්දී රවි අයියා අපිට කතන්දර දෙකක් කියලා. ඉතිහාස කතාවත්, ඒ ඉතිහාස කතාව වීරේ මල්ලී දැනගත්තු කතාවත්. ඇත්තටම දක්ෂයෙකුට විතරයි පාඨකයන්ව ඇද බැඳ තියාගෙන මෙහෙම ලියන්න පුළුවන්. සුභ පැතුම් රවි අයියේ!
මම මේ වගේ හිතන ගැහැණු හා මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා ඇහුවමයි. බොරු කියන්නේ මොකටද මට අදටත් ලංකාවේ මෙහෙම දේවල් වෙනවා කියලා හිතෙන්නෙත් නෑ.
ReplyDeleteවිශේශයෙන්ම මේ වගේ දේවල් සිදු උනත් දරුවෝ ගැන හිතලා වෙන්වෙලා දරුවන්ගේ ඩියුණුව වෙනුවෙන් කටයුතු කරන දෙමාපියෝ? උදේ ඉඳන් රෑ වෙනකම් එකිනෙකාගේ වැරදි කතා කරනවා මිසක්?
මේ වගේ ෆික්සන් එකක් මම බලනවා. ඕනේ නම් ඔයාට අදරෑ සැටලයිට් rai 1 එකේ බලන්නත් පුළුවන්. කොටින්ම ඊයේ රෑ මම ඇඬුවත් එක්ක. අපි එක එක්කෙනා සැබෑ ජීවිතේ මුහුන දෙන දේවල්. දරුවෝ අපේ හැඟීම්, වගේ ගොඩාක් දේවල්.
(http://www.tvblog.it/post/30135/saro-sempre-tuo-padre-beppe-fiorello-stasera-nella-nuova-miniserie-di-rai1)
ඇත්තටම හොඳ පොතක් කියෙව්වා වගේ හැඟීමක් ආවා. ඒත් ප්‍රශ්නේ අද වෙනකොට මේ වගේ දේවල් ලංකාවේ සිදු නොවෙන එක විතරයි. කොටින්ම රවී මේ සිදීවීම වුනා කියලා කීවත් පිළිගන්න මට බෑ එහෙන් ඇහෙන කතා නිසා.
ආයේ මොනවා හරි කතාවක් ලියන්න ඉක්මනි. හැබයි අදින්න ගියොත් කම්පාරි එක ඔළුවේ හලන්නේ. ඕනේ නම් ඩුබායි වලදි සෙට් වෙලා එකට සමරමු campari orange ....
අපිත් මෙච්චර කල් උන්නේ ඔය චරිත අතර ජීවත්වෙමින්. කතාව ඉවර උනු එක ගැන දුක ඒකයි. හදිසියේ හිතවතුන්/හිතවතියන රැසක් අතෑරලා යන්ට උනා වගේ.
ReplyDeleteමේ ලිවීමෙන් අර චරිත තුන විතරක් නෙමේ කතාව ලියපු අපූර්ව පුදගලයා ගැනත් නොයෙකුත් චිත්ත රූප ඇඳුනු බව කීව හැකි.
රසට කන, හොඳට බොන, ලස්සනට සිංදු කියන, ආදරේ හඳුනන, සංවේදී, ඒ වගේම ඇසුරට හොඳ මිතුරෙක් සහ කියවන්නාගේ හද ඇද බැඳ තබාගන්න විදියේ කතා ලියන කෙනෙක්.
තව කතාවක් ලියමු...:D:D
හුඟ දෙනෙකුගේ ජිවිතවලට ලොකු පාඩමක් කියල දෙන අරුත්බර කතාවක්
ReplyDeleteතව තවත් මේ වගේ කතා ලියන්න
ඇත්තෙන්ම අපේ ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් කතාවක්..මමත් මුල ඉඳලම කියෙව්වා ..ජය වේවා..
ReplyDeleteThe ending so many were waiting for, yet with so many unanswered questions.
ReplyDeleteWhat kind of life did the three main characters have after that? It must have been so depressing and lonely for them all.
Would the children have suffered more from an amicable divorce or from the inevitable sense they'll have that something was not quite right in their parent's marriage?
Is the security of an outwardly normal marriage more comforting than an amicable divorce in our society?
Did they all take the cowardly way out?
Are the above questions answerable only within a given social context?
Well done. The author has made us think deep thoughts, as a good writer should.
මෙච්චර දවසක්ම කතාව යන අත බලාගෙන හිටිය මිසක් මම නෙවෙයි වචනයක් කිව්වෙ.. ඒත් කියවල හැරිල යන වාරයක් පාස මම කල්පනා කලේ මම ලක්ෂ්මි නං ඒ වගේ වෙලාවක මම මොනව කරයිද කියන එක ගැන...
ReplyDeleteගුණේ හෝ රමණි වැරදියි කියල මට කියන්ඩ බෑ.... ඒත් ගුණේට ඊට වඩා පොඩ්ඩක් ඉස්සරහ ගැන හිතන්ඩ තිබුණ .. මං කියන්නෙ මාව කොහෙ හරි එක්ක යන්ඩ කියල රමණි කිව්ව පලියට තමන්ගෙ දරුපවුල අමතක කරල එහෙම යන්ඩ එයාට පුලුවන් වුණේ කොහොමද???
ඒ නිසා ගුණේ ගැන මගෙ හිතේ තියෙන්නෙ තරහක්... ඒක සාම්ප්‍රදායික ගෑනු කරහ වෙන්ඩ ඇති... ඒත් මට තරහයි...
රමණි ගැන ඊට වඩා තරහයි... එයාගෙ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් නිසා එයාගෙ ජීවිතේ කලකිරිල හිටපු එක හරි..ඒත් එයා කොහොමද ගුණේගෙන් ඒ තරම් අසාධාරණ ඉල්ලීමක් කරන්ඩ පෙලඹුනේ??
එයා ගැන ගෑණියෙක් වෙලත් මට තරහයි....!!
මං මොහම තරහ ගද්දි මගෙ හිතේ තව කොණක ඉන්න මමම මට මතක් කරනව... මෙහෙම තරහ ගත්තට අපි මිනිස්සු නෙ හදිසියෙ වෙන කිසිම දෙයක් ගැන නොහිත තීරණ ගන්නවනෙ කියල....
ලක්ෂ්මි ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු ගෞරවයක්!!!
කොටින්ම කිව්වොත් ඒ එයාගෙ අවංකකමටයි පවුල ගැන හිතල ඈ ගත්ත තීරණේටයි.
ඒ ඔක්කොටම වඩා වීරෙ ගැන මට හරිම ආඩම්බරයි...!! එයා අපේ යාලුව හන්දම නෙවෙයි.. එයා ලක්ෂ්මිට සලකපු විදිය නිසත් නෙවෙයි...
වීරෙ ගෙ හිතේ රමණි ගැන ආදරේකුත් තිබුණ එකේ එයාට ඕනෙ කමක් තිබුණා නම් එයාට ඔය කතාව වෙනස්ම අතකට පෙරලන්ඩ තිබුණනෙ... ඒත් එයා එහෙම කලේ නෑ.. අපිට ලස්සන කතාවක් කියන්ඩ එයාගෙ මතකය පරිස්සම් කරල තියාගත්තනෙ....
රවී අයියෙ මං නිතර කමෙන්ට් කරන්නෙ නං නෑ තමයි ඒත් ඔයාගෙ ලස්සන කතා කියවන්න කවදත් මග බලන් ඉන්නව...
රවී අයියෙ, මම නම් කියන්නෙ උන් තුන්දෙනාම වාසනාවන්ත මිනිස්සු කියල. ඒ වෙන කිසිම දෙයක් හන්ද නෙමෙයි, ඒ හැම දෙයකම ප්‍රථිපල විඳ දරාගන්න තරම් විවෘත මනසක් තිබීම. ජීවිතේ ප්‍රශ්ණ වලදි හැමෝටම මේ තරමටම නොවුනත් මීට සමාන හෝ මීට ආසන්න විදියට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නම් මිනිස් බැඳීම් කියන්නෙ බොහොම ලෙංගතු සාමකාමී දෙයක් වෙයි. අනික සිද්ධ වෙච්ච දෙයක් සිද්ධ උනා, දැං එතනින් එහාට ජීවිතය ගෙනියන්නෙ කොහොමද කියල හිතන්න පුළුවන් මිනිස්සු හරිම සුන්දරයි. හැබැයි ඒ ක්‍රමේට නුහුරු මනුස්සයෙක් ඒ රාමුවෙන් පිට ඉඳල ඇතුල බැළුවොත් විකාරයක් වගේ පෙනෙයි. ඒත් අපිට මොකෝ..........
ReplyDeleteහ්ම්ම්ම්..................
ReplyDeleteසමහර වෙලාවලදි අපි කරන දේවල් වලත අර්ථකතන දෙන්න අමාරුයි. ඒවා වැරදි වැඩ වෙන්න පුලුවන් ඒත් අපි කරනවා.
හැඟීම් කොයිවෙලේ කොහොම වෙනස් වෙනවද කියන්න අපහසුයි.
චරිත තුන ඇත්තටම අපූර්ව චරිත තුනක්. මම දකින විදිහට කිසිම කෙනෙක් කලුත් නෑ සුදුත් නෑ.ඔය දේ මේ කතාව තුල හොඳට පෙන්නනවා.
හැබයි රමනි අක්කා, ගුනේ අයියා ලක්ශ්මි අක්ක යන මේ තුන්දෙනාගෙන් වැඩියෙම්ම වැරදි ලක්ශ්මි අක්කා මට හිතෙන විදිහට. එයාකරන දෙයින් කාටවත් වැඩක් නැහැ. අපරාදෙ විඳවනවා.
සුපිරි ලියවිල්ලක් රවි අයියා, ස්තූතියි. චරිතත් එක්ක ජීවත් වෙන හැඟීමක් දැනුනා.
මටනම් කා ගැනවත් කේන්තියක් නෑ. මං රමණි,ගුනේ හෝ ලක්ෂ්මී වුනානම් මාත් වැඩ කරන්නෙ ඔය විදිහටමයි.ඒත් ලක්ෂ්මි කවදා හරි සමාව දෙයි කියලා හිතනවා.මම ලක්ෂ්මී වුනානම් මම සහ ගුණේ අතරෙ ආදරේ දැඩි ලෙස තිබුනානම් ගුණේ ආපහු රමණි ගාවට ගිය එක ගැන මම සෑහෙන්න දුක් වේවි.සමාව දෙන්න ටිකක් කල් යයි.ඒත් ආදරේ ඇත්තටම කලානම් කවදා හරි සමාව දේවි.මොකද රමණි කියන්නෙ ගුණේගෙ අවුරුදු ගානක් තිබුන පලවෙනි ආදරය.
ReplyDeleteහ්ම්..හොඳ නවකතාවක්.
ReplyDeleteකතාවේ අන්තර්ගතය, ලියල තියෙන විදිය ගැන ඊයෙ කිව්ව නිසා ආයෙමත් කියන්න ඕනෙ නැහැ.
වෙල් ඩන් කියල විතරක් කියන්නං.
මෙන්න බොල ඉවරයි. මම හිතුවෙ ලොකෙ පෙරලෙන සීන් එකක් යයි කියල. ඒත් ජිවිතෙට ගන්න පුලුවන් දෙයක් තියෙනවා. මම නෙට් එකෙ දැක්ක සීන් එකක්.
ReplyDeleteආදරය කියන්නෙ එකිනෙකා ගැන ඇතිවන කැමැත්තයි. අනිකා කියන දෙය එක එල්ලෙ පිලිගත යුතු නොවෙයි.
කතාව නම් ලස්සනයි. ඒත් මටත් අහන්න හිතෙන්නෙ අර S අහල තියන ප්‍රශ්න ටිකමයි. ඔය වගෙ දේකදි විඳවන්නෙ වරද කල අයට වඩා අනිත් අය. ඒ කියන්නෙ ලක්ෂ්මී වගේ අය.
ReplyDeleteමැණික්
well done Ravi ayya........
ReplyDeleteaneeeeeeee kathawe iwerade?? :'( :'(
ReplyDeleteay ane mate kiyawanne hambene hode katha ikmnate iwere wenne??? :(
ReplyDeletebolanda nathi, thathwika katawak.... eth lakshmi ara widiyata achchara kalayak samawa nodee innawa kiyana eka tikak pudumai..... langadima samawa dei kiyala mama hithagannamko... then they may live HAPPILY EVER AFTER.............
ReplyDelete@ Ama,
ReplyDelete/ ජිවිතේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් නොවෙන, බලාපොරොත්තු නොවෙන දේවල් වෙන එකද...??? /
ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන්ම හැමවිටම වෙනව කියන්නෙත් මහ ඒකාකාරීයි කියල හිතෙන්නෙ නැද්ද?....බලාපොරොත්තු කඩවීම දුකක් වේදනාවක් උනත් ඒ අවිනිශ්චිත භාවයම තවයි ජීවිතේ රසයත් කියලයි මම හිතන්නෙ.....
අනික් අතට බලාපොරොත්තු නොවෙන දේවල් බලාපොරොත්තුවෙන්න උත්සාහ කරල බලන්න අමා....හෙහ්, හෙහ්, Expect the unexpected.....
@ රූ,
ReplyDeleteස්තූතියි රූ.....
@ සිත්තමී,
ReplyDeleteස්තූතියි නංගි, As I always say being an inspiration to me........
@ Il mondo di una povera pazza
ReplyDelete/ මම මේ වගේ හිතන ගැහැණු හා මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා ඇහුවමයි. බොරු කියන්නේ මොකටද මට අදටත් ලංකාවේ මෙහෙම දේවල් වෙනවා කියලා හිතෙන්නෙත් නෑ./
// මගේ ජීවිතයේ මට හමුවූ අපූර්වතම මිනිසුන් තිදෙනෙකි ගුණේ අයියා, රමණි අක්කා සහ ලක්ෂ්මී අක්කා.රමණි අක්කාට මා එක් වරක් ආදරය කල බව නොසලකා හැරියද ඔවුන් තිදෙනාම ඔවුන්ගේ ජීවන වපසරිය තුල අසාමාන්ය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ අසමසම මිනිසුන් බව මම අද ද තරයේ විශ්වාස කරමි //
ඔයාගෙ ප්‍රකාශයට පිලිතුර මම අවසාන කොටසින් උපුටා දැක්වූ ඉහත ඡේදයේ තියනවයි කියල මම හිතනව. I agree, they were exceptional indeed, not the norm by any means. To be frank i never came across similar people by any stretch of imagination thereafter too.
/ විශේශයෙන්ම මේ වගේ දේවල් සිදු උනත් දරුවෝ ගැන හිතලා වෙන්වෙලා දරුවන්ගේ ඩියුණුව වෙනුවෙන් කටයුතු කරන දෙමාපියෝ? උදේ ඉඳන් රෑ වෙනකම් එකිනෙකාගේ වැරදි කතා කරනවා මිසක්? /
ඉතිං බොල කොහෙද මේ දෙන්න වෙන් උනේ?........
ස්තූතියි.....හැමදාමත් කියවල කමෙන්ට් කරනවට.....ඔබගේ ආරාධනාව පිළිගැනීම පිළිබඳව සළකා බැලීමට තීරණය කල බැව් චිත්ත ප්‍රීතියෙන් යුක්තව මේ අවස්ථාවේ දන්වා සිටිනු කැමැත්තෙමි.( හිසෙහි කම්පාරි හැලීම....මේ මොකක්ද?.....නිකම් බෞතීස්මයක් වගෙ එකක්ද බොල? )
@ පොඩ්ඩි,
ReplyDelete/ රසට කන, හොඳට බොන, ලස්සනට සිංදු කියන, ආදරේ හඳුනන, සංවේදී, ඒ වගේම ඇසුරට හොඳ මිතුරෙක් සහ කියවන්නාගේ හද ඇද බැඳ තබාගන්න විදියේ කතා ලියන කෙනෙක්. /
අඩේ මරු චරිත සහතිකයක් නෙව....මයෙ ජීවිතේට හම්බ වෙල නෑ බොල ඔහොම එකක් අනෙ අම්මප.....බැරිද වලව්වෙ Letterhead එහෙක ඔය ටික ලියල මට එවන්ට?.....Would look really nice attached to my C.V.........of course....heh, heh,
ඔයාටත් බොහොම ස්තූතියි පොඩ්ඩි, හැමදාම ඇවිල්ල කියවනවට සහ කමෙන්ට් කරනවට.....For being an inspiration.....
@ වසිලිස්සා,
ReplyDeleteස්තූතියි ඔබට......
@ cjgayan
ReplyDeleteඔබටත් ස්තූතියි.........
@ s,
ReplyDelete/ What kind of life did the three main characters have after that? /
Sorry for being unable to enlighten you further regarding aftermath of their lives, As Gune Ayiya got himself transferred to a remote project all contacts with him were lost. In addition I got myself a transfer to another division of our organization sometime afterwards and contacts with colleagues of Gune were lost too. note that I am speaking about pre-mobile phone, e-mail era, where writing letters were the only mode of getting information and I was not letter writing type nor my friends.
/ Would the children have suffered more from an amicable divorce or from the inevitable sense they'll have that something was not quite right in their parent's marriage? /
An interesting question s, My personal opinion would be the children would prefer their parents living together under any circumstances than a divorce, but of course it depends........
/ Is the security of an outwardly normal marriage more comforting than an amicable divorce in our society? /
Yes, A whole lot of Sri Lankans are going through sham, worthless marriages just pretending everything is hunky dory to prevent the social stigma of a divorce....specially in the case of women...but thankfully this abnormal mentality is slowly but surely diminishing....
/ Did they all take the cowardly way out? /
May be.......but to them it may have been the best way out of a difficult situation....
Are the above questions answerable only within a given social context?
Of course you cant take anything out of the social context....No one is totally independent...everyone of us depends on the society to varying degress..more so in a country like Sri Lanka...
And finally s, thanks for inspiring a very very interesting discussion on the subject matter of this story.....Actually it made me go on a tangent looking at this story in a whole new light...Thanks so much once again....
@ hansakinkini,
ReplyDeleteදෙයියෝ සාක්කි.....ඔන්න කණෝ පිනුං කිව්වලු,
උඹ සද්ද නැතුව අන්තිම වෙනකල් ඉඳල දුන්න ෂෙල් වෙඩි ප්‍රහාරය නේද?....හෙහ්, හෙහ්,
කියන්ට දෙයක් නෑ බං....උඹ කියන එව්ව ඔක්කොම ඇත්ත....එහෙම තමයි වෙන්න ඕන...එහෙම නොවෙන එක නෙවෙන්නම් බොල වෙලා තියෙන කෙළිය.....
ස්තූතියි ජනූ........
@ nawammawatha,
ReplyDeleteනවම්,නවම්, නවම්,
උඹ තේරුම් ගත්ත මලේ ආයෙ නෑ ටක්කෙටම.....
කතාවක් කියන එකෙන් කාටවත් පණිවිඩයක් නැත්නම් ආදර්ශයක් දෙන්න ඕන කියන සංකල්පය එක්ක මම නම් එකඟ වෙන්නෙ නෑ. ඒත් මේ කතාවෙන් කාට හරි ආදර්ශයක් පාඩමක් ඕන නම් ඔන්න නවම් උඹ කියාපු ටික හරියටම හරි අකුරක් නෑර.....
/ ජීවිතේ ප්‍රශ්ණ වලදි හැමෝටම මේ තරමටම නොවුනත් මීට සමාන හෝ මීට ආසන්න විදියට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නම් මිනිස් බැඳීම් කියන්නෙ බොහොම ලෙංගතු සාමකාමී දෙයක් වෙයි /
හරියටම හරි මල්ලි...මම හැමදාම ජීවත් වෙන්න හිතුවෙත් අද ජීවත් වෙන්නෙත් මේ විදිහට..... මට හැකි පමණ.....
@ නිශ්,
ReplyDelete/ හැබයි රමනි අක්කා, ගුනේ අයියා ලක්ශ්මි අක්ක යන මේ තුන්දෙනාගෙන් වැඩියෙම්ම වැරදි ලක්ශ්මි අක්කා මට හිතෙන විදිහට. එයාකරන දෙයින් කාටවත් වැඩක් නැහැ. අපරාදෙ විඳවනවා. /
ඇයි මල්ලි එයා ඒ තීරණය ගත්තෙ තනිකරම දරුවො ගැන හිතල....දරුවො වෙනුවෙන්....
ස්තූතියි නිශ්...............
@ නිසුපා,
ReplyDelete/ මටනම් කා ගැනවත් කේන්තියක් නෑ. මං රමණි,ගුනේ හෝ ලක්ෂ්මී වුනානම් මාත් වැඩ කරන්නෙ ඔය විදිහටමයි. /
අන්න නඟේ දාපං පහක්.....ඔන්න ඔහොම නෙව ඉන්න ඕන...
ස්තූතියි බොහොමත්ම නිසූපා ඔයාටත්....ඔයාලගෙ ප්‍රතිචාර තමයි මේ තරම් දුර කතාව ලියන්න මා පෙළඹූ උත්තේජකය....
@ Obsever,
ReplyDeleteThanks so much Ob,
@ ashen,
ReplyDeleteස්තූතියි ඔබටත්,
@ මැණික්,
ReplyDelete/ ඔය වගෙ දේකදි විඳවන්නෙ වරද කල අයට වඩා අනිත් අය. ඒ කියන්නෙ ලක්ෂ්මී වගේ අය. /
Yes Manik....but who said life is fair?
@ Anonymous,
ReplyDeleteThank you very much.....
@ Glimmergirl,
ReplyDeleteකොහෙද අනේ ඉක්මනට ඉවර උනේ?.....මාසයක් විතර ගියානෙ මේ වැඩේට....
ස්තූතියි ඔබටත්....
@ Sammani,
ReplyDeleteමගෙ කතාව ඉවර වෙන්නෙ ඔය සිද්ධිය වෙලා අවුරුද්දකට විතර පස්සෙ....ඊට පස්සෙ මොකක් උනාද කියල මම දන්නෙ නම් නෑ....මමත් හිතනව ලක්ෂ්මී ගුණේට සමාව දෙන්න ඇති කියල....