පළමු කොටස
දෙවන කොටස
******************************************
ඉන්පසු සෑම දින කිහිපයකට වරක්ම ගුණේ අයියාගේ නිවසේ සාද පැවැත්වුනු අතර රමණි අක්කා සහ මගේ ගී ගැයීම් ද එහි සුපුරුදු අංගයක් විය.ඇය මා කෙරෙහි කිසිදු විශේෂත්වයක් කිසිසේත්ම නොදැක්වුවද ඇගේ සිනාවක, බැල්මක හෝ වදනක මා කෙරෙහි විශේෂ ලැදියාවක සැඟවුනු ලකුණු සෙවීමේ උත්සාහය මම අත් නොහැරියෙමි.
අප ගැයූ ගිත හෝ සාද පිළිබඳව සම්පූර්ණ විස්තර පවසා ඔබ වෙහෙසීමට මම නොකැමැත්තෙමි. එසේම එම විස්තර මේ කතාවට අදාල ද නැත.එහෙත් එක් ගීතයක් පිළිබඳව නම් සඳහන් කල යුතුමය.දිනෙක ඇය දුහුළු මලක් චිත්රපටයේ "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි" ගීතය ඇගේ මියුරු හඬින් ගැයුවාය.ඒ ගීතය ගයන අතර තුර ඈ මා නෙතට නෙත ගැටුනු විට ඇගේ දෙනෙතෙහි කිසියම් ගුප්ත සිනහවක සළකුණක් විනි යැයි මට කිසිදු සැකයක් නොවීය. එහි යම් සත්යයක් නොතිබුනේම නැතිබව ප්රත්යාවලෝකනයේදී මට පැහැදිලි විය.
මගේ නොමේරූ යොවුන් සිත තුල ඈ කෙරෙහි හටගත් හටගත් හැඟීම වචනයේ පරිසමාප්ත අරුතින් ආදරයක්ම දැයි ජීවිතය පිළිබඳව එදිනට වඩා බොහෝ අත්දැකිම් සපිරි පරිණත වූ මට අද ද පිළිතුරු නොමැති ගැටළුවකි.
ඒ ගෞරවයක්, සෙනෙහසක් සහ ආදරයක් යන හැඟීම් සියල්ල විවිධ අනුපාතවලින් මුසුවුනු සංකීර්ණ හැඟුමක්ය යන්න මවිසින් බොහෝ දුරට ඒ පිළිබඳව සිතා අවසන එලඹි නිගමනයයි.
යොවුන් වියේ බොළඳ කොලුවකු සිත ඇතිවූ හැඟුම් විග්රහයේ තව දුරටත් යෙදී ඔබ වෙහෙසීමට මගේ කැමැත්තක් නැත. කෙසේ වුව ද මේ සියල්ල සිදු වී බොහෝ කලක් ඉකුත් වී ගොස් ඇති බැවින් එසේ හැඟුම් විග්රහ කිරීමෙහි කිසිදු වැදගත් කමක් ද නැත. එහෙයින් හැඟුම් විග්රහය පසෙක තබා මෙතැන් සිට සිදු වූ පරිදි කතාව පවසමි.
මසිත මගේ මිතුරන්ගෙන් වසන් කිරීමට මම දැඩි පරිශ්රමයක් දැරුවෙමි.එකල මා හා සමීපව ආශ්රය කල කිසිදු මිතුරෙක් ජීවිතය පිළිබඳ කිසිදු බරක් පතලක් දුටුවන් නොවූ හෙයින් ඔවුන්ට මේ පිළිබඳව ඉව වැටුනහොත් සිදුවිය හැකි විනාශය මා සිත භීතියෙන් පුරවා ලීය.
එනිසාම මම කිහිප දිනක් ගුණේ අයියාගේ නිවසට යාමෙන් වැළකුනෙමි.
" ඒයි උඹ අද එන්නෙ නැද්ද අරෙහෙ යන්න?"
"කොහෙද බං අරෙහෙ කියන්නෙ?"
" අනේ බබා....දන්නෙම නෑ නේද?...වරෙං හරහට වඩා ගන්ඩ.......ගුණේ අයියලගෙ ගෙදර....."
" බෑ, බං..... උඹල ගිහිල්ල වරෙල්ල....මට පොතක් කියවන්ඩ තියනව "
ඔවුන් පිටත්ව ගිය පසු මම පසුගිය වර ගෙදර ගිය විට මිලදීගත් නවකතාව ද රැගෙන මිදුලේ ජෑම් ගස යට තිබූ බංකුවට ගිය නමුදු පොත කියවීමට තරම් හිත එකලාසයක් නොවීය.
රාත්රි දහයට පමණ මිතුරන් ආපසු පැමිණෙන විට ද මම පොතේ පිටු කිහිපයකට වඩා කියවා නොතිබිණි.
" අන්න රමණි අක්ක ඇහුව උඹ ආවෙ නැත්තෙ මොකද කියල''
" ඉතිං උඹල මොනවද කිව්වෙ?.... " මම පොතෙන් දෑස නොඋස්සාම ඇසුවෙමි.
" අපි කිව්ව උඹ පොතක් කියවනවයි කියල...."
" එහෙම කිව්වෙ මොකටද?..... " මට නිතැනින්ම ඇසිණි.
" මොකක්?....එහෙම කිව්වෙ... උඹ එහෙම කියපු නිසානෙ.....ඇයි මොකෝ ප්ර ශ්නෙ? "
" නෑ...මුකුත් නෑ....මොන ප්රශ්නයක්ද? "
පසුවදා මම නැවත ගුණේ අයියාගේ නිවෙසට ගියෙමි. සිනා මුසු මුහුණින් මදෙස බැලූ රමණි අක්ක " ආ මල්ලි එන්න " පැවසුවා විනා ඊයේ මගේ නොපැමිණීම පිළිබඳව කිසිවක් නොවිමසුවාය.
ඈ කිසිවක් නොවිමසීම එක් අතකට මගේ සිතට සහනයක් වූ අතර සිතේ කොනෙක සියුම් බලාපොරොත්තු කඩවීමක් ද කොනිති ගැසූ බව බොරුවක් නොවේ.
මගේ මතකය අනුව මෙසේ මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියේය. මාසය අවසානයේ වැටුප් දිනයෙන් පසු ආසන්නයේම ප්රසිද්ධ නිවාඩු දෙකක්ම යෙදී තුබුණු හෙයින් වැටුප් ගත් වහාම කඳවුරේ සියල්ලෝම පාහේ නිවෙස් බලා ගියෝය.
ඊළඟ සතියේ නිවසෙහි ඉදිකිරීම් කටයුත්තක් යෙදී තිබූ හෙයින් ද රාජකාරි කටයුතු වෙනුවෙන් අවම කාර්ය මණ්ඩලයක් කඳවුරේ අනිවාර්යයෙන්ම රැඳී සිටිය යුතු හෙයින්ද මම නිවාඩු ලබා නොගතිමි. ගුණේ අයියා සහ රමණි අක්කා ද කඳවුරේ පදිංචියට පැමිණි පසු පළමු වරට නිවෙස් බලා ගියෝය.
දින දෙකක් පමණ ගතවූ පසු එක් සැඳෑවක මම මිදුලේ ජෑම් ගස යට අසුන් ගෙන නවකථාවක් කියවමින් සිටියෙමි.අප කාර්යාලයේ පියන් වශයෙන් කටයුතු කල විමලසේන මා සොයා පැමිණියේ මෙවිටය.
" මහත්තය ලොක්ක එන්ඩ කිව්ව මහත්තයට වහාම..."
ලොක්කා යනු අපේ ව්යාපෘතිය භාර ප්රධාන ඉංජිනේරු වරයාය. වයස හතළිහක් පමන වූ ඔහු රාජකාරිය අකුරටම ඉටුකල එහෙත් ඉතාම කාරුණික පුද්ගලයෙකි.
" ඒ මොකටද බං මේ හදිස්සියෙ? "
" ගුණසේන මහත්තයගෙ නෝන ඇවිත් ඉන්නව, මම හිතන්නෙ ඒ නිසා වෙන්න ඕන.... "
මට පුටුවෙන් නැගිටුනේ ඉබේටමය.
" රමණි අක්ක?.....ඒ මොකද මේ හදිස්සියෙ?.....ගුණසේන මහත්තය ඇවිත් නැද්ද? "
" නෑ නෑ...නෝන විතරයි ඇවිත් ඉන්නෙ...මහත්තය විගහට එන්ටකො......" විමලේ කට කොණකින් සිනාසෙමින් පැවසීය. " මම යනව ඔන්න....එන්න එහෙනම්...ලොක්ක මට කිව්වෙ ඉක්මනටම එන්න කියන්න කියල "
කලිසමක් අඳින අතර ද කාර්යාලය වෙත පිය නඟන අතර ද මගේ සිතේ ඇතිවූ වියවුල් ස්වභාවය සීග්රයෙන් වර්ධනය විය.රමණි අක්කා මේ හදිසියේ ආපසු තනිවම පැමිණියේ මන්ද?.....ගුණේ අයියාට කුමක් හෝ අනතුරක් විනි ද?....එසේ වුව ද ඇය තනිව මෙහි පැමිණීමේ අරුත කුමක්ද?.....ඒ හැමටම වඩා ලොක්කා මටම එන්නට යයි පණිවිඩයක් එව්වේ මන්ද?
කාර්යාලයට ඇතුලු වූ මා දෙස සිනා මුසු මුහුණින් බැලූ ලිපිකාරිනිය වූ වසන්තී ලොක්කාගේ කාමරයේ වසා ඇති දොර දෙස ඉඟි කලාය.
ඈ හා සිනාසුනු මම ලොක්කාගේ කාමරය වෙත පිය නැඟීමි.
මතු සම්බන්ධයි.......
හ්ම්ම්.. බලමු මොකෝ වෙන්නේ කියලා....
ReplyDeleteහෑහ්..........
ReplyDelete@ හසී,
ReplyDeleteඔව්වොව්වොව්....බලමු, බලමු.....
@ Buratheno,
ReplyDeleteමොකෝ සත්තරනේ....ෆෝවඩ් ඩිෆෙන්සිව් ස්ට්‍රෝක් එක වැරදිල අනාගතේ දිහාට බෝල පාරක්වත් වැදුනැයි?......මේ..මේ...මේ....නිකම්...මේ බිලියඩ් ගහනව වගෙ...හෙහ්, හෙහ්,
මට හිතෙන්නේ රමණි අක්කාට කැත හිතක් ඇවිල්ලා ..
ReplyDeleteකස්ටිය කින්ඩි හිනාව දාන එකෙන් ඒක තවත් පැහැදිලි වෙනවා
@ සඳරු,
ReplyDeleteඑතකොට රමණි අක්කට කැත හිතක් ඇවිල්ල ...එහෙමද මලේ උඹ හිතන්නෙ?...හරි බලමු අපි...නේද?......හෙහ්, හෙහ්,
මට නම් හිතෙන්නේ නෑ මේ රමණි ඇවිත් ඉන්නේ කියලා.
ReplyDeleteඔය ටක්කෙටම ගුණසේන අයියාගේ වෙනත් වයිෆ් කෙනෙක් වෙන්න ඕනේ.
නෑ නෑ.. ඔය ඇවිත් තියෙන්නෙ රමණි අක්කගේ නිවුන් සහෝදරි, කමණි.. දෙන්නම එක වගේ හින්දයි පැටලිලා තියෙන්නෙ..
ReplyDelete(කොහොමද රවි අයියෙ මගෙ අයිඩියා එක.. හින්දි ෆිල්ම් එකක් ගහන්න පුළුවන් නේද..) :D
//එහි යම් සත්යයක් නොතිබුනේම නැතිබව//
ReplyDeleteඅනේ කවිකාර මේ විදියට මිනිස්සුන්ව පටලවන එක හොඳද? මීට නරකද 'එහි යම් සත්‍යක් තිබුනි' කියලා දැම්මානම්...:D
@බූරා,
හොඳම හොඳ අයිඩියා එකක් නේන්නම්. චිත්‍රපටියට නලු, නිලියොත් තෝරමුද? :D:D
මටනම් කතාවෙ අවසානෙ මතකයි වගේ. බලමුකෝ...:)))
ReplyDeleteමටත් මතකයි කතාවේ අවසානය. ඒත් ඒක එහෙම කියෙව්වට වඩා මෙහෙම විස්තරාත්මකව කියවන කොට හොඳට රසවිඳින්න පුළුවන්, අළුත් කතාවක් වගේම. රවි අයියා දිගට ලියන කතා සමහර වෙලාවට දිග් ගැස්සෙනවා වැඩියි වගේ දැනුනත්, මේ කතාව මෙහෙම ලියවෙන එක ලස්සනයි.
ReplyDeleteඉලඟ කොටස එනකම් බලා හිදි...
ReplyDelete@ Il mondo di una povera pazza
ReplyDelete@ Buratheno,
මේ උඹල දෙන්න එහෙනම් එකතු වෙලා කතාව ලියපල්ල....මම අයිං වෙන්නං....මොනවදෑ එහෙනං හැබෑටම.......D...D...
බුරා ක්‍රිකට් නෙමේ පොකට් බිලියර්ඩ් ගහනව කියල වෙන්නැති රවි කිව්වෙ.
ReplyDeleteමන් හිතන්නෙ ඕනෙවට වඩා බැක් ෆුට් ගිහිල්ල, 'හිට් විකට්' කියල.
මුල ඉඳලම කට වහගෙන හිටියට, අවසානේ මොකද්ද කියල සිතුවිල්ලක් පහල වෙලා තිබුන.
ඒ වුනාට තව දුරටත් කට පියාගෙනම ඉන්නම්, එන්ඩ් එක වෙනස් කොරන්න බැරි මිනිහෙක් නෙමේ රවි.
@ පොඩ්ඩි,
ReplyDelete//එහි යම් සත්යයක් නොතිබුනේම නැතිබව//
/ අනේ කවිකාර මේ විදියට මිනිස්සුන්ව පටලවන එක හොඳද? මීට නරකද 'එහි යම් සත්‍යක් තිබුනි' කියලා දැම්මානම්...:D /
හෙහ්, හෙහ් පොඩ්ඩි උඹ දන්නෙ නෑ ඔය වාක්කිය මම කලින් කිව්වෙ කොහොමද කියල....කියවන එවුං අඥ්ඥකොරොස් වෙයි කියල පස්සෙ සංසෝදනේ කොලා.
මෙන්න බලාපං ඔරිජිනල් වාක්කිය....එලස් නේද?
එහි යම් සත්යයක් නොතිබුනේම නැතිබවට මසිත තුල හැඟීමක් හටගත්තාද නැත්ද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹිය හැකිව තිබුනු ද නැද්ද යන්න මෙසේ ඔබහට පැවසිය යුතුද යන්න මා සිත තවමත් දෙගිඩියාවක අතරමං වී ඇති බව පැවසුවහොත් ඒ අසත්‍යයක්ම නොවේ.
@ නිසුපා,
ReplyDelete@ සිත්තමී,
දැන් ඔය දෙන්න මට කියන්නෙ කතාවෙ අවසානෙ වෙනස් කරන්ටෙයි කියලද?...D..D
හිතන්ඩ එපා මං මේ සද්දයක් බද්දයක් නැතුව හිටියට කියවන්නෙ හෙම නෑ කියල.... මමත් මේ බලාන ඉන්නෙ මුන්දැ මොකාටද මේ එන්ඩ හදන්නෙ කියල තමයි.... ඔහොම යංකො....
ReplyDelete@ නිම්ශා,
ReplyDeleteස්තූතියි නිම්ශා,හැකි විගස ඔබේ බලාපොරොත්තු ඉටු කරමි....හැකි විගස,
තව කී දොහක් කං කෙලිං කරං ඉන්නෙයි සහ සුද්දෙම්ම ඇතුලට ගියාට පස්සෙ මක්ක උනාද කියල අහගන්න ?
ReplyDeleteRavi Ayya's answer for Poddi Akka reminded me of this:
ReplyDeleteI thought a thought.
But the thought I thought wasn't the thought I thought I thought.
If the thought I thought I thought had been the thought I thought, I wouldn't have thought so much.
ඔට්ටු නෑ අප්පා..මේ වැඩේ නම්..
ReplyDeleteඊළඟ කොටස කවද්ද කියවන්න පුලුවන් වෙන්නේ ???
@ Observer,
ReplyDelete/ ඒ වුනාට තව දුරටත් කට පියාගෙනම ඉන්නම්, එන්ඩ් එක වෙනස් කොරන්න බැරි මිනිහෙක් නෙමේ රවි. /
නෑ ඔබ් ඔයාල මොනව කිව්වත් කතාවෙ අවසානෙ වෙනස් කරන්න බෑ...මේක ඇත්තම කතාවක්.....
@ hansakinkini,
ReplyDeleteහප්පච්චියේ මේ ඇවිල්ල ඉන්නෙ....හෙහ්, හෙහ්, ....如何在中国的东西吗?
@ නවම්,
ReplyDeleteඉඳහං, ඉඳහං, දෙදොහයි, දෙදොහයි....
@ nimanthi,
ReplyDeleteදවස් දෙකක් ඉවසන්න ...දවස් දෙකක්....
//එහි යම් සත්යයක් නොතිබුනේම නැතිබවට මසිත තුල හැඟීමක් හටගත්තාද නැත්ද යන්න පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹිය හැකිව තිබුනු ද නැද්ද යන්න මෙසේ ඔබහට පැවසිය යුතුද යන්න මා සිත තවමත් දෙගිඩියාවක අතරමං වී ඇති බව පැවසුවහොත් ඒ අසත්‍යයක්ම නොවේ.//
ReplyDeleteඅයියේ ඔයා හොඳයි සිරස සුපර් ස්ටාර් එකේ කමල් ව රීප්ලේස් කරන්ට :P
ඈ බොලේ එයා මොකටද ආවේ.. :/
ReplyDelete