ඔව්.... එදා මුළු වනාන්තරයටම සතුටු දවසක්. කාලාන්තරයකින් උදා වෙන සතුටු දවසක්. පුංචි පුංචි සත්තු, ඒ කිව්වේ හාවෝ, මි මින්නෝ, ඉබ්බෝ, වගේ වයස ගියත් ප්‍රමාණෙන් කුඩා සත්තු වගේම මුවන්, ගෝනුන්, ජිරාෆ් වගේ ප්‍රමාණෙන් විශාල සත්තුත්, තාරාවෝ, පාත්තයෝ, හංසයෝ ආදී කුරුළු පැලැන්තියත් හරිම උද්යෝගයෙන් හිටියේ. මුළු වනාන්තරය පීරාවත් සොයා ගත නොහැකි, අවුරුදු ගණනාවකින් කිසිම කෙනෙකු දැක නොමැති කපටි රාජ, සුත්තරකාර, කෛරාටික නරියා, කාලෙකට පසු සිංහයා විසින් සොයා ගැනීම තමයි මේ සතුටු දවසට හේතුව.
කිසිදා නරියෙකු නොදැකපු, පරම්පරා ගණනක් වයස සත්තුත් මේ වනාන්තරයේ සිටියා. ඉතිං දැන් මේ සූදානම, "නරියෙකු දෑහට දැකලා නැහැ" යන ලෝකාපවාදයෙන් ඒ සත්තු මුදා ගැනීමේ මහා මෙහෙයුමයි.
ඒ සඳහා කවදාත් වගේ සිංහයා, කොටියා, වෘකයා ආදී වූ ප්‍රභූ පැලැන්තිය මූලික වුනා. ඒ සඳහා වේදිකා නිමැවීම, ආසන පැනවීම, අවට පිරිසිදු කිරීම වගේම ඉහත සඳහන් කරන්නට යෙදුනු සතුන්ට, සංදර්ශනය අතරතුරදී අවශ්‍ය වන ආහාරපානාදීය සූදානම් කිරීමටත් ප්‍රභූ පැලැන්තියේ අනුදැනුම මත හයිනා, දිය බල්ලා, අඳුන් දිවියා ආදීන් දිවා රෑ නොබලා වෙහෙසුනා.
නරියා යනු මහා සම්මත රජ්ජුරුවන්ගේ කාලයේ පටන් ම සිටි කෛරාටිකයාය. නූල් සුත්තර කාරයාය. ලබු කිරිබත් කෑමට ගොස් මට්ටු වුවත්, මිදි කන්නට ගොස් ලැජ්ජාවට පත් වුවත්, කපුටා රවටා කේජූ කෑල්ල ගන්නට තරම් නොපසුබට ලෙස කපටි කමේ යෙදුනෙකි. මගුල් කන්නට ගොස් වැඩේ වන වුවත් එතැනින් නොනැවතී, ගම දියැණිය පෙලවහට ගන්නට ගොස් වැඩ වරද්දා ගත්තේද මේ නරියාය. කපටි කම කොතැනද එතැන නරියාය. නරියා කොතැනද එතැන කපටි කමය. ඉතිං කාලාන්තරයක් අතුරුදන්ව සිටි මේ කපටියා කොහෙන් හෝ මතුව කෙසේ හෝ සිංහයාගේ රැහැනට හසුව තිබෙන මොහොතේ වහ වහා ගොස් බලා ගත යුතුය.
මේ පිළිබඳව දැන්වීම් වනාන්තරයේ ගස් වල දිස් වෙන්න පටන් ගත්තා. සංවිධායක කමිටුව සේම ප්‍රේක්ෂක සත්ත්වයනුත් හරිම උද්යෝගයෙන් දිනයට සූදානම් වුනා. තම තමන්ගේ පැටවුන් ට අවශ්‍ය ආහාර පානාදිය වාසස්ථානයේ තබා වන මැදට පිටත්ව යන්නට සියලු සතුන් සූදානම් වුනා. සමහර සතෙකුට මෙය දින දෙක තුනක ගමනක් වුනත් කිසිම සතෙකු පසු බට වුනේ නැහැ. ඒ මක් නිසාද කිවහොත් මේ මහා කපටියා, සිංහයාගේ ඇස් වසා වහා වහා අතුරුදන්ව සැඟව යන්නට ඉඩ ඇති නිසාය.
ඉතිං දිනය උදා වුනා. මහා හිමිදියේ පිටත්ව සියලුම සතුන් වේදිකා බැඳි ස්ථානයට රොක් වන්නට වුනා. වෘකයා, සතුන් එකිනෙකා දොරින් ඇතුලු කලේ ඔවුන්ගේ විස්තර ලබා ගනිමිනුයි. වේදිකාව විශාල කවාකාර හැඩ ගත්තක්. ඒ කවය වටේ වූ විශාල ගස් එකිනෙක ඇද, කවයේම යාබද ගස් හී ගැට ගසා, ඉහලින්, දෙපස ඇති ගස් වල අතු ඇද රැහැන් වලින් ගැට ගසා හැකි පමණ සංවෘතව වේදිකාව නිමවන්නට සංවිධායක මණ්ඩලය වෙහෙස ගත්තේ නරියා පුංචි හිලකින් හෝ පැන යාමට හැකි නිසා බව දැනුවත් සතුන් විස්තර කරන්නට පටන් ගත්තා.
සියලුම සතුන් තම තමන්ට පනවා තිබුණු ආසන මත හිඳ ගත් පසු, නිශ්ෂබ්ද වීමේ විධානය ඇසුනා. පලින් පල දැල්වී තිබුනු පහන් නොවෙයි නම් සංවෘත ශාලාව සම්පූර්ණයෙන්ම අඳුරු වනු ඇති. මද වේලාවකින් කූඩුවක් ඔසවාගෙන හයිනාත් වෘකයාත් සෙමින් සෙමින්, ලී වැට මගින් ආවරණය කරන ලද වේදිකාව මතට පැමිණුනා. සියල්ලෝම ඉහලට ගත් සුසුම රඳවාගෙන, දෙනෙත් නෙරවාගෙන කූඩුව දෙස බලා සිටියේ උන් හිටි තැන් පවා අමතකව ගිය අයුරින්. කූඩුව වේදිකාවේ ස්ථාන ගත කල දෙදෙනා පහන් හතරක් පහක් ගෙනැවිත් එය අසලින් තැබුවේ සතුන්ට කපටි රාජ, කෛරාටික, නූල් සූත්තරකාර නරියා නිසි අයුරින් දර්ශනය වන ලෙසින්.අනතුරුව කූඩුවේ දොර හැරි ඔවුන් දෙදෙනා වේදිකාවෙන් ඉවත්ව වේදිකාවේ දොර වසනු ලැබුවා.
ඔන්න සතා !!!. කාලාන්තරයක් සැඟව වාසය කල, කපටි රාජ, කෛරාටික, නූල් සූත්තරකාර නරියා, සෙමින් සෙමින් කූඩුවෙන් එළියට විත් වේදිකාව පුරා සරන්න ගත්තා. උපන් තේකට දැක නැති තරමේ තියුණු, කපටි ඇස්. කට්ට කෛරාටික හිනාව. සෙමින් වැනෙන වලිගය. මේ සතා හරියට සරන්නේ, කාට අංචියක් අදින්නෙම්දැයි කල්පනා කරමින් වාගේය.
අං දෙකක් ඇති, විශාල කුර ඇති, අලියෙකු සේ දැවැන්ත සතෙකු ලෙස නරියා ගැන සිතා සිටි අය නම් මද පමණින් අපේක්ෂාභංගත්වයට පත් වෙලාද මන්දා. එහෙත් කිසිදාක නැති ආකාරයේ සතෙකු නිසා සියල්ලෝම මීයට පිම්බාක් සේ නරියා දෙසම බලා සිටියි. මේ අතරේ නරියා ගැන අර්ථ කථනයක් දෙමින්, වේදිකාවට පිටතින්, වේදිකාව වටා ගමන් කරන්නේ කොටියාය. සියලුම අර්ථ කථනයන්ගෙන් කියැවුනේ, මහ සම්මත රජ්ජුරුවන්නේ කාලයේ පටන් නරියා කල යස කපටි කම්ය. ඒ හැම එකක් අවසානයේදීම මේ සතා කොයි මොහොතේ හෝ අතුරුදහන් විය හැකි බවට අනතුරු හඟවන්නටද කොටියා අමතක කලේ නැත.
කොටියා දෙස මොහොතක් බලා සිටි නරියා හූ....... හූ......... කියමින් සුපුරුදු කෑ ගැසීම පටන් ගත්තා. අනෙක් සත්තු සැනෙකින් කලබලයට පත් වුනා. සමහරෙක් දුව යන්නට උත්සහ කලා. ඒත් විචක්ශණශීලි කොටියා සහ සිංහයා සියල්ලෝම සන්සුන් කලේ, ඒ නරියාගේ හැටි සොභාව බව කියමින්. මේ හූ........... ගෑමේ අදහස මද වේලාවකින් "නරියා සිය කපටි කම් භාවිතා කොට සැඟව යන්නට අර අදින බවය" කියමින් සිංහයා තව දුරටත් කරුණු පැහැදිලි කලා.
හෝරාවක් පමණ සංදර්ශනය පැවතුනා. හෝරා භාගයක් පමණ නරියා කෑ ගැසුවා. "පේනවද මුගේ තියෙන කපටි පෙනුම. ඒ වගේම තමයි කෑ ගැහිල්ලත්" කියමින් සතුන් එකිනෙකා හා පවසා ගත්තා.
කාලය ගත වුනා. විටින් විට සිහි කෙරුණු මොහොත එක් වනම පැමිණුනා. වෙදිකාව මැද විවරයක් තුලින් නරියා එක් වරම නොපෙනී ගියා. "අන්න පැන්නා අන්න පැන්නා" කියමින් සතුන් සියලුම දෙනා තමන්ගේ ආසන වලින් නැගිට වේදිකාව දෙසට ලං වුනා. ඒත් නරියා ගිය අතක් සොයා ගන්නට නම් බැරි වුනා.
සංවෘත වේදිකාව විවෘත කරමින්, කවය වටා වේදිකාව දෙසට නැමී තිබුනා වූ ගස් එක් වනම කෙලින් වූවා. සතුන් සේරම උඩ ගොස් බිම වැටුනා සේ දැනුනද බිමට නම් වැටුනේ නැහැ. කවය වටා වූ ගස් වල ඉහලින් ගැට ගසා තිබුණු රැහැන් මගින් රැඳුනු, අති විශාල දැලක් මතට සියලුම සතුන් වැටුනා. ඔවුන් එකිනෙකාගේ ඇඟ මතට වැටී තුවාල ලබා තෙරපී දැල තුල පොළොවට අඩි 5ක් පමණ ඉහලින් පැද්දි පැද්දි සිටියා. ඒ වැටුනු වැටිල්ල නිසාම කුරුළු පැලැන්තියත් තෙරපී ගියා මිස ගැලවී බේරෙන්නට හැකියාවක් ලැබුවේ නැහැ. සිංහයාත්, වෘකයාත්, කොටියාත්, හයිනාත්, දියබල්ලාත්, අඳුන් දිවියාත් දැල වටා නරි හිනා පාමින් සක්මන් කරන අයුරු සතුන් අතුරින් එකෙකු දෙන්නෙකු දුටුවා.
****************************
මම වෙමි නරියා එහි නැත දෝස
තම වැඩ බලා කටයුතු කලා මිස
කමකට නැති වැඩ කර නැත කිසිම ලෙස
යම රජ හමුවේ වුව දිවුරමි එලෙස
දැක ගන්නට දැක නැති නරියෙකු ආවේ අද
කර ගන්නට වෙන වැඩ නුඹලා හට නැතිවාද
අල්ලන්නට දැල් එලු සැම ගැන දන්නවද
කල් යන්නට මත්තෙන් පැන දුවනවද
නුඹලා මෝඩ රැළ මක්කද කරන්නේ
හිවලා නැත කිසි ලෙස හැංගෙන්නේ
මරළා තොපි රැළ මුං අද කන්නේ
කවලා හැදූ දරුවන් කොහොමද රැකෙන්නේ
මේ බස අහෝ මිතුරනි ! කන් දී අසන්නේ
මේ දෙස නුඹලා හට අවැඩම වන්නේ
මේ ලෙස දස දහසක් කල් සිදු වන්නේ
මේ පස රැඳී නුඹ මව්පිය ලෙය හඬන්නේ
පෙන්වන දෙය දෙස මිස ඇඟිලි දෙස
නොතබන ලෙස නුඹගේ නියම ඇස
පවසන දනන් සිටියත් ලොව සතර දෙස
පළමුව බලනු ! ඇඟිල්ල හිමි කෙනා දෙස
තම වැඩ බලා කටයුතු කලා මිස
කමකට නැති වැඩ කර නැත කිසිම ලෙස
යම රජ හමුවේ වුව දිවුරමි එලෙස
දැක ගන්නට දැක නැති නරියෙකු ආවේ අද
කර ගන්නට වෙන වැඩ නුඹලා හට නැතිවාද
අල්ලන්නට දැල් එලු සැම ගැන දන්නවද
කල් යන්නට මත්තෙන් පැන දුවනවද
නුඹලා මෝඩ රැළ මක්කද කරන්නේ
හිවලා නැත කිසි ලෙස හැංගෙන්නේ
මරළා තොපි රැළ මුං අද කන්නේ
කවලා හැදූ දරුවන් කොහොමද රැකෙන්නේ
මේ බස අහෝ මිතුරනි ! කන් දී අසන්නේ
මේ දෙස නුඹලා හට අවැඩම වන්නේ
මේ ලෙස දස දහසක් කල් සිදු වන්නේ
මේ පස රැඳී නුඹ මව්පිය ලෙය හඬන්නේ
පෙන්වන දෙය දෙස මිස ඇඟිලි දෙස
නොතබන ලෙස නුඹගේ නියම ඇස
පවසන දනන් සිටියත් ලොව සතර දෙස
පළමුව බලනු ! ඇඟිල්ල හිමි කෙනා දෙස
නරියා හූ හූ......... කියමින් කියූ කව, සදාකල්හීම වනාන්තරයේ ගස් අතර රැව් පිළිරැව් දේවී. දස දහසක් කල් මේ සංසිද්ධිය සිදු වුනා සේම පෙර සිටි නරි කී කවිත් දිගින් දිගටම රැව් පිළි රැව් දුන්නා. ඉදිරියටත් එසේම වේවි. එහෙත් ඒවාට කන් දෙන්නවත්, තේරුම් ගන්නවත්, පසු පරම්පරාව දැනුවත් කරන්නවත් කිසිම කෙනෙකුට හැකියාවක් නොලැබෙන්නේ, මරු තුරුලට ආසන්න වූ මොහොතේදී පමණක් සත්‍යය වැටහෙන නිසාවෙනි.
මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා. තමන්ගේ හිතැති සහෝදර නරීන් සමගින් ඔහු නැවතත් එක් වුනා. ඒ වගේම ඉහත කවිය තමන්ගේ පසු පරම්පරාවට මුඛ පරම්පරාවෙන් ගෙනියන්නට ද ඔහු අමතක කලේ නැත්තේ, කිසි දිනෙක දැක නැති තමන්ට නාම මාත්‍රයෙන් පවා වෛර කරන, පිටත ලෝකයේ සත්ත්වයන් ගැන උපන් අනුකම්පාවෙනි.
හෙහ් හෙහ් හෙහ් හෙහ්
ReplyDeleteරන්දිල් +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඔන්න බලන්න ඔය කැලේ එක පූසෙක් හිටියනම් ඔය සත්තුන්ට කවදාවත් ඔහොම වෙන්නේ නෑ :D
ReplyDeleteනියමම කතාවක් අක්කේ උපරිමයි! :)
මලසේක. මේ වගේ නරි අපි අතරෙත් ඉන්නවානේ.. නියම කතාවක් අක්කේ :D
ReplyDeleteඅපේ ලොකු ලොකු දේසපාලුවෝ කරපිටින් මේ රටට එන නරි අපේ මිනිස්සුන්ව බාගන්නෙත් මේ විදියටම තමයි. :D
ReplyDelete@ තිස්ස අය්යා,
ReplyDeleteප්ලස් ටික තාම ගනිනවා. මං හිතන්නේ ලිපියටත් වඩා තීම් එකට වෙන්ටෑ මේ ප්ලස්
@ පූසා,
ReplyDeleteයේකනේ මල්ලි කියනවා. යෙක පූෂෙක් හිටියේ නැහැ තමා
අපෝ ඔව් ..ChAnDiKa.......නියම කතාව :D
ReplyDeleteඑළස්..................................
ReplyDelete@ කෝච්චියා,
ReplyDeleteආයේ නිවි හැනහිල්ලේ ලිපිය කියැව්වා නං............ මං නරියා කපටියා කියලා නැහැ....... :D ඔයා කොහිද ඒත් කියන්නේ නරියා කපටියා කියලානේ. කොහිද මහ සම්මත රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන් එන මතය නෙව නේද? :D
ස්තුතියි මලිති..........
ReplyDeleteස්තුතියි නිශ්
ReplyDeleteඅනේ මං දන්නෑ . . සුරංගනා කතාවක් වගේ කියල තියෙන්නෙ ඇත්තම ඇත්ත කතාවක්ද කොහෙද
ReplyDeleteමම හිතුව වේදිකාව මැද්දෙ ෆයර් ෆොක්ස් රූපයක් වත් පෙන්නයි ද කියල.. කපටි කම් කරන්න ගිහින් නැට්ට ගිනි අරන් කියල.... නරියගේ.... ලස්සන පිංතූර ටික...
ReplyDeleteNice
ReplyDeletepotha-patha.blogspot.com
සුපිරි ලියමනක්නෙ. ලස්සනට ගොතලා තියෙනවා. ආය මේක ගැන හිතන්න සෑහෙන දෙවල් තියෙනවා.
ReplyDeleteඅද කාලෙ නරි ගැන කියන්න යන හින්දා මේක කොහොමත් ගැලපෙනවා.
එහෙම නැති උනානම්, මට හිතෙන හැටියට “මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා.“ කියන වාක්‍ය නොතිබෙන්න නරියගෙ චරිතෙටත් සාධාරණයක් කරන්න තිබුනා කියලත් හිතෙනවා.
සුපිරි ලියමනක්නෙ. ලස්සනට ගොතලා තියෙනවා. ආය මේක ගැන හිතන්න සෑහෙන දෙවල් තියෙනවා.
ReplyDeleteඅද කාලෙ නරි ගැන කියන්න යන හින්දා මේක කොහොමත් ගැලපෙනවා.
එහෙම නැති උනානම්, මට හිතෙන හැටියට “මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා.“ කියන වාක්‍ය නොතිබෙන්න නරියගෙ චරිතෙටත් සාධාරණයක් කරන්න තිබුනා කියලත් හිතෙනවා.
පොල්ගහ තාල වර්ගයේ ගසකි.
ReplyDeleteනරියා කපටි සතෙකි.
@ ඕනයා,
ReplyDeleteයමක් දිහා චිරාත් කාලයක් තිස්සේ තිබෙන මතය හිතේ දරාගෙන බලන අපි නොදැනුවත්වම බොරු වලවල් වල වැටෙන හැටි තමයි කියන්න ඕනේ වුනේ. ඒක නිසා ඔයා කියන එක හරි වගෙයි අයියේ
@ පැතුම්,
ReplyDeleteස්තුතියි ස්තුතියි අදහස් පල කිරීම පිළිබඳව
Kanchane Athauda
ReplyDeleteඔබේ බ්ලොග් අඩවිය පැත්තේ ත් ගිහින් ආවා. ස්තුතියි පැමිණීම පිළිබඳව
@ ඔබා මාමා,
ReplyDeleteඅන්න ඒක තමයි ඇත්ත. පොල් ගස තාල වර්ගයේ ගසක් වන්නේ යම්සේද, නරියාද එලෙසම කපටියෙකි යන්න මුල් බැස ගත් මතයක් තමයි. :)
This comment has been removed by a blog administrator.
ReplyDeleteසුපිරි ලියමනක්නෙ. ලස්සනට ගොතලා තියෙනවා. ආය මේක ගැන හිතන්න සෑහෙන දෙවල් තියෙනවා.
ReplyDeleteඅද කාලෙ නරි ගැන කියන්න යන හින්දා මේක කොහොමත් ගැලපෙනවා.
එහෙම නැති උනානම්, මට හිතෙන හැටියට “මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා.“ කියන වාක්‍ය නොතිබෙන්න නරියගෙ චරිතෙටත් සාධාරණයක් කරන්න තිබුනා කියලත් හිතෙනවා.
ලියමන අපූරුයි... ගෙතිල්ල නියමාකාරයි...
ReplyDeleteඒත් මේ ලියවිල්ල මෙතනම තියෙන්න දුන්නොත් අපරාධයකි...
තේරුනා නේද?
දැනුයි කියෙව්වේ අක්කේ නියම කතාව චූටි දෝනිට කියලා දුන්න කතාවක්ද
ReplyDeleteරන්දිල් කොහොම හිතාගෙන කතාව ලිව්වත් කියවන අය අර්ථ විවරණය කරගන්නෙ තමන්ට රුචි , තමන්ගෙ දර්ශනය සහ ආකල්ප අනුව,
ReplyDeleteමගේ කියවීම තනිකරම දේශපාලනිකයි.....හෙහ්, හෙහ්,
කොහොම අර්ථ කථනය කලා උනත් වියමන සුපිරියි,
@ බුද්ධි,
ReplyDeleteසුපිරි වැඩි වෙලා වෙන්ටෑ එකම කොමෙන්ට් එක දෙපාර දෙපාර දාන්නේ නේද?
“මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා" කියලා මං කිව්වේ, නැවත භාවිතයට ගනු පිණිස කට්ටිය නරියාව පරිස්සමින් අරං තිබ්බා කියලා කියන්නයි...... :)
@ තනෝජා අක්කා,
ReplyDeleteස්තුතියි අක්කේ. තේරුනා තේරුනා.
@ ශානූ,
ReplyDeleteදුවට තාම කියලා දුන්නේ නැහැ නංගී, ඒත් එයා නිසි වයසට එද්දි මේ වගේ කථා කියලා දෙන්න තමයි හිතුවේ
@රවී,
ReplyDeleteහප්පේ, දේශපාලනේ........ මට ඔය කිව්ව දේශපාලනේ සිහි වුනේ නැහැනේ මේක ලියද්දී. ඒත් ඉතිං ඔන්න ඔහේ ඕනෑ ඇන්නෑවක් හිතා ගන්න අප්පා. හැබැයි එකක් මට සතුටුයි, විවිධ පැති වලින් පෙනෙන්න යමක් අටෝ ගත්ත එක ගැන නං........... :)
නැ මං කිව්වෙ හුඟක් දෙනෙක් නරින්ට අඳින්නෙ කැමැත්තෙන් නෙමේ. නොඇඳ බැරි කමට. ඒකෙන් අරුං වැඩ ගන්නවා.
ReplyDelete@බුද්ධි,
ReplyDeleteමොනවා කරන්නද නේද? ජීවිතයේදී අපි සමහර වෙලාවට නරි. සමහර වෙලාවකට කොටි.
රවි අයියා කියනවා වගේ දේශපාලන සීන් කෝන්මයි මගේ ඔළුවට එන්නෙත්... වෙනෙකක් තියා ගඩාපිවත් මතක් වුණා...
ReplyDeleteකළදුටු කළ වල ඉහගන්න නරින්ට ගහන්න අපි ගල් හොයද්දි ඊට වැඩිය භයානක් සත්තු ටිකක් නරියව පෙන්නලා අපිව ගොදුරු කරගෙන ඉවරයි...
ආසාවෙන් කියවීමි... ආවේ බුද්ධි ෂෙයාර් කල ලින්ක් එකකින්... :)
ස්තුතියි බීට්ල් මේ පැත්තේ ආවාට.
ReplyDeleteඅදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. රවී අයියා කියන්නැහේ, තම සිතැඟි පරිදි කැමති මානයකින් දකීවා !!! ;)
මමත් ඊයේ සරුංගල් විද්‍යාඥයා භාගයකට ටිකක් වැඩියෙන් කියවලා ගෙදර ගියේ. අද ඉතිරි.........
බීටල්ට රහසින්,
ReplyDeleteඔය කෙහෙල්කොටුවේ චූටි එකාට ඇහෙන්න ඔව්වා කියන්න එපා. උන්දැ ආඩම්බර වෙලා ඔය වැඩේට ගාස්තුත් ඉල්ලයි :D
නියම කතාව .... තෙරුම් ගන්න මට නම් ටිකක් වෙලා ගියා... :)
ReplyDeleteහෑබෑයි, හොඳ නාට්‍යමය ගතියකින් මැවිල පෙනුනා ...
ජය!
ප.ලි: වෙනස් ආරකින් අත්හදාබෑලීම් කරනව වගේ. ආර ලස්සනයි අක්කා... ජය... දිගටම අත් හදා බලාගෙන යන්න. අපිට රසවත් පෝස්ට් කියවන්න හෑකි එවිට අක්කෙ. :)
@මාවතේ ජිල්,
ReplyDeleteස්තුතියි නංගි වැඩ අතරේ ඇවිත් අදහස් දැක්වීම ගැන,
බලමු නේද? ආර කිව්වේ සිත් ආරද? හප්පා සිත් ආර ලියන එව්වා නං මට ලියන්න බැරුවා.......
මේක මේ රන් ආරනේ
නියම කතාව. මන් හිතන්නේ ඔය වගේ නරියෙක් කැලණිය පැත්තෙත් හිටියා
ReplyDelete@ Chandy VIC,
ReplyDeleteආ එහෙමද? හිටියා ය කිව්වේ දැන් නැද්ද? :)
සිවලුන් කපටි නැත්තේමයැ. උන් සට කපටි උන් යැයි හංවඩුගසා ඇත්තේ වනන්තරයේ වෙසෙනා බලවත් සත්තු යැ. සිවලා කපටියෙකු නම් උහුට කිසි දිනෙක මිදි තිත්තයැයි හැරීයාමට සිද්දවන්නේ නැත.
ReplyDeleteමේක කියවල මකරෙක් හොක්කි හූඌඌඌඌඌ කිය කිය බඩ අල්ලන් හිනා වුණා කියලත් අනාගත පරපුර උදෙසා සටහන් කර ගන්නකො :)
ReplyDeleteසුපිරි !
@ නවම්,
ReplyDeleteඅනේද කියන්නේ මෙයෑ......... සැවොම දමාගෙන සිටින කණ්නාඩිය ඉල්ලාගෙන දමාගෙන බලන නිසා සිවලුන් කපටි යැයි සිතෙන්නේමැයි
@හොඳයි මකරෝ............ මකරා සිවලෙක් වෙලානේ බොලේ.............. ඔන්න එහෙනං කියු ලෙසටම සටහන් කරගත්තා
ReplyDeleteමෙන්න කතා :D
ReplyDelete