"ඒ දවස්වල මල්ලිට මතක ඇතිනෙ අපේ කෑම්ප් එකේ මැරීඩ් ක්වාටර්ස් දෙක තුනක් හදල ඉවර වෙච්ච අලුත, ලොක්ක කැමති අයට ඇප්ලයි කරන්න කියලත් කියල තිබුණනෙ.....මට එක පාරටම මතකයට ආවෙ ඒක. ඒ නිසා මම ක්ෂණිකව තීරණය කලා ගාන්ධි කියපු විදිහට වැඩ කරන්න....ගාන්ධිනම් ඔය කතාව කියන්න ඇත්තෙ තුන් හිතකින්වත් මෙහෙම දෙයක් හිතල නම් නෙවෙයි......."ගුණේ අයියා හඬනගා සිනාසුනේය. ඔහුගේ දෙනෙත් අඩවන් වී ඇති අයුරු කියාපෑවේ මත්පැන් ක්රියාකාරිත්වය ඇරඹී ඇති අයුරකි.එහි කිසිදු අරුමයක් ද නැත.මම ද ගත සැහැල්ලුවෙන් පාවීමට උත්සාහ කරන මත්වීමේ මුල් අදියරට ළඟාවී සිටියෙමි.
අත් ඔරලෝසුව දෙස බැලූ මම දුටුවේ වේලාව රාත්රී අටට ආසන්න බවය.රාත්රී දහය වන තුරු නිල වශයෙන් අවන්හල විවෘතව පවතින බැවින් කාලවේලාව නම් හොඳහැටි ප්රමාණවත්ය.
"ගුණේ අයිය යමු පම්ප් එකක් දාල එන්න...."මම නැඟී සිටිමින් පැවසුවෙමි.
මගේ අරමුණ වූයේ මත්පැන් පානයට මද විරාමයක් දෙමින් ඇතුලත කැරකෙන සිගරට් දුමින් සහ දැඩි ඝෝෂාවෙන් මිදී එලිමහනේ සිහිල මඳක් විඳීමය. ගුණේ අයියා මත්පැන් පානය කලේ මඳ වශයෙන් බව මේ කතාව ආරම්භයේදී මා පැවසූ බව ඔබට මතක ඇතැයි සිතමි. එසේ මතක නැතිවුවද ඒ පිළිබඳව කරුණාකර පශ්චාත්තාප නොවන්න..මෙහි මුල් කොටස ඔබ කියවූයේ මීට සති තුනකටත් ඉහත බව සලකන විට ඔබට ඒ අමතක වී නම් එසේ අමතක වීම සම්පූර්ණයෙන්ම ස්වාභාවිකය.
එබැවින් එළිමහනට ගොස් මඳ ඉසුඹුවක් නොගතහොත් ගුණේ අයියා " ළඟ නැවීම" කරණ කොටගෙන අකර්මණ්ය වී අප දෙදෙනාම ඇද වැටිය හැකි ව්යසනය ගැන කල්පනා කල මම පූර්වෝපායයක් ලෙස මේ පියවර ගත්තෙමි. එහෙත් එසේ පූර්වෝපායයන් අනුගමනය කිරීම කිසිසේත් අවශ්යනොවූ බව ප්රවත්යාවලෝකනයේ දී පැහැදිළිය.
ඉහත පරිච්ඡේදය මඤ්ඤං සේ පෙනේනම් එය නැවත මෙසේ පැහැදිලි කිරීමට මට අවසර....
ගුණේ අයිය වැඩිය බොන පොරක් නෙවෙයි කියල මං කලිං කිව්වනෙ. ඉතිං ලඟ ලඟ එක පිට එක බීල මිනිහ ඩෝප් උනොත් මාර කෙලියක් වෙන්නෙ. මූටයි මටයි කාසල් එක ඉස්සරහ පේව්මන්ට් එකේ එහෙම නැත්නම් පොලිස් කූඩුවෙ තමයි අද රෑ ඉන්න වෙන්නෙ.ඒ නිසා තමයි මම කෝකටත් තයිලය කියල කිව්වෙ බොන එක ටිකක් කන්ට්රෝල් කරන්න හිතාගෙන" ගුණේ අයියෙ යමුද පම්ප් එකක් දාන්න" කියල...ඒත් පස්සෙන් පහු ආයෙම හිතල බලන කොට එහෙම ඕන උනේම නෑ..ඒ කියන්නෙ ගුණේ අයිය පිස්සු කෙළියෙ එහෙම නෑ.
"යමු මල්ලි "ගුණේ අයියා නැඟී සිටියේ මේසයට වාරුවෙමිනි.මම වහා බෝතලය සහ වීදුරු අල්ලා ගත්තේ මේසය මඳක් ඇලවූ බැවිනි.
"කකුල හිරිවැටිල මල්ලි" ගුණේ අයියා පැවසූයේ නොන්ඩි ගසමින් මැද මිදුලට පිවිසීමට ඉඳිකොට තිබූ පඩි දෙක තුන බසිමිනි.
මැද මිදුල හරහා ගොස් ක්වීන්ස් හෝටලය සහ කාසල් අවන්හල වෙන්වන මායිම් තාප්පයට යාබදව තනා තිබූ වැසිකිළියට අපි ළඟා උනෙමු. අදාල කර්තව්යයෙන් පසු එකෙණෙහිම ආපසු නොගොස් මඳක් මැද මිදුලේ මධ්යයෙහි වවා තිබූ බෝගන්විලා පඳුර ආසන්නයේ රැඳුනු අපි හිස් ඔසවා ක්වීන්ස් හෝටලයේ වහලට ඉහලින් උඩවත්ත කැළය ඉහලින් පායා තිබූ සඳ දෙස බලා සිටියෙමු. පසළොස්වකට තව කල් තිබුණු බැවින් සඳ පිරී තිබුණේ අඩකට ආසන්න ප්රමාණයකි.
අවන්හලේ ගාලගෝට්ටිය මෙතනට ද ඇසුණද ඒ ඈතින් ඇසෙන මුහුදු රල ගොස මෙන් යාන්තමිනි. හිසෙහි බමන ස්වභාවය පහව යන තුරු සිසිල් වායුව පපුව පුරා පුරවාගනිමින් සහ සෙමින් පිට කරමින් අපි මැද මිදුලේ ටික වේලාවක් රැඳුනෙමු.
"එළිමහනට ආපු එක හොඳයි මල්ලි...මගෙ ඔළුව කැරකෙනව වගෙ තිබ්බ...ඒ ගතිය දැන් ඇරිල ගියා....."ගුණේ අයියා මා දෙස බලා සිනාසුණේය.
"සීතලකුත් එනව අයියෙ එහෙනම් ආපහු යමු......."
නැවත අපගේ රවුම් මේසය කරා පැමිණි අපි අසුන් ගත්තෙමු.මැද මිදුලෙහි ගත කල කාලයෙහි සිරුරට කා වැදුනු සීතල අකා මකා යනු පිණිස අපි දෙදෙනම නැවත පුරවාගත් වීදුරු එක හුස්මට උගුරට වත්කර ගතිමු.
"ඉතිං ගුණෙ අයියෙ?......."නැවත අප අසලට පැමිණි වේටර් වරයා හිස වනා ඉවතට යැවූ මම පුටු ඇන්දට හොඳ හැටි වාරුවී පා යුගල දිග හැර ගතිමි.
"මම නැවැත්තුවෙ කොතනද?.......හරි මම මැරීඩ් ක්වාටර්ස් එහෙකට ඇප්ලයි කලා ලොක්ක ඇපෲව් කලා. දවස්දෙහෙකට පස්සෙ රමණියි මමයි ආව කෑම්ප් එකට.කොහොම උනත් වැඩි කල් එහෙම ඉන්න අපේ බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. මතකද මම ආපුම දවසෙ ඔයාලගෙ ක්වාටස් එකට ආව රෑ පාටි එකට ආරාධනා කරන්න ඒ වෙලාවෙ මට මතක නෑ ඔයාද කොහෙද ඇහුව....අයියෙ එතකොට දරුවො දෙන්න එක්ක ආවෙ නැද්ද කියල...."ගුණේ අයියා මගේ මුහුණ බැලූයේ එසේ අසූයේ මාදැයි ස්ථිර කරගනීමට විය යුතුය.
ඇත්ත වශයෙන්ම එසේ ඇසූයේ මමය. මම හිස වනා ඒ අනුමත කළෙමි.
"ඒ වෙලාවෙ මම කිව්වෙ වැඩි කල් ඉන්න බලාපොරොත්තුවක් නෑ කියල.....මල්ලි ඒක තමයි ඇත්ත. එහෙම දිගටම මුළු ලෝකෙම අමතක කරල අපේ ලෝකෙක ඉන්න බැරි බව මම වගේම රමණිත් හොඳාකාරවම දැනගෙන හිටිය. මට ඕන උනේ රමණි පත්වෙලා හිටිය අගාධයෙන් ටික කාලෙකට හරි ගොඩ ගන්න. ආදරේ සෙනෙහස කියන එක එයාට දෙන්න. දිවිනසා ගන්නෙ නැතුව මොන දුක වේදනාව ආවත් මුහුණ දීගෙන ඉදිරි ජීවිතේ ගත කරන්න පන්නරයක් එයාට ලබා දෙන්න....මට ඕන උනේ ඇත්තටම එච්චරයි මල්ලි....එච්චරමයි...."
"රමණිගෙත් වැඩි කලක් එහෙ ඉන්න කොහෙත්ම බලාපොරොත්තුවක් වත් උවමනාවක්වත් තිබුනෙ නෑ. ජීවිතේ අන්තිමට එපා වෙලා ඉන්න වෙලාවෙ අහම්බෙන් දෙයියො එව්ව වගෙ මාව හම්බ උනාම එයාට ඉහිලුම් නැතුව ගියයි කියල රමණි පස්සෙ මා එක්ක කිව්ව.ඒ වගේම ගුණේ මම ඔයාගෙ ජීවිතේම විනාස වෙන්ට පුලුවන් තීරණයක් ගන්න ඔයාට බල කරපු එකට ඔයා මට සමාව දෙනවද කියල රමණි ඇහුව කෑම්ප් එකට ආපු පළවෙනි දවසෙම."
"ඉතිං අයිය මොනවද කිව්වෙ?"
"මම කිව්වෙ මෙච්චරයි. ඔයා මට බල කලේ නෑ රමණි.ඔයා මගෙන් ඉල්ලීමක් කලා. ඒක ඇත්ත. ඒත් තීරණය මගේ. එන ඕනම දේකට මූණ දෙන්න ලෑස්තිවෙලයි මම මේ තීරණය ගත්තෙ, ඒ නිසා ඔයා ඒ ගැන කරදර වෙන්න වත් වැරැද්ද ඔයාගෙය කියල හිතල දුක් වෙන්න වත් එපා"
"ඒ කෑම්ප් එකේ ගත කරපු මාසයක් වගෙ කාලෙ එයාගෙ ජීවිතේ සතුටෙන්ම ගතකරපු කාලය කියල රමණි මා එක්ක සිය දහස් වාරයක් කියන්න ඇති."
"අන්තිමට මාසයක් ඉඳල රමණි කිව්ව මම දැන් යන්නම් ගුණේ....මේ ඇති හොඳටම....මට දැන් ජීවිතේට මූණදෙන්න පුළුවන්....අපි ආයෙ සමහරවිට කවදාවත් මුණ නොගැහෙන්න පුළුවන්...ඒත් මම දන්නව මට මුළු හදවතිනම ආදරය කරන මගේ සෙනෙහස මුලු පපුවෙම පුරව ගත්තු කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉන්නවය කියල මට ඒ ඇති ගුණේ ඒ බලාපොරොත්තුව මාව ජීවත් කරාවි. ඕනම දුකකට කණගාටුවකට මුහුණ දෙන්න ධෛර්යය පන්නරය මට ලබා දේවි.කලිනුත් ඔයාගෙ ආදරය මම සැක කලා නෙවෙයි. ඒත් ගුණේ මාව කොහෙ හරි අරන් යන්න කිව්වම ඔයා එක මොහොතක් වත් පැකිළුනේ නෑ. හරි රමණි මම ඔයාව එක්ක යන්නම්. මට දවස් දෙකක් දෙන්න එච්චරයි ගුණේ ඔයා කිව්වෙ. මගෙ ජීවිතේ තියනකල් ඒ වචන ටික මගෙ හිතේ රැව් පිළිරැව් දේවි."
"ඔහොම කියල අන්තිම දා රෑ රමණි මගෙ කකුල් දෙක බදාගෙන ඇඬුව මල්ලි. එපා අඬන්න රමණි කියල කියාගන්නවත් බැරි තරමට තුෂ්නිම්භූත වෙල බලා ඉන්න එක විතරයි මට කරන්න පුළුවන් උනේ. අන්තිමට එයාව නැඟිට්ටවල එයාව වැළඳගෙන මමත් ඇඬුව. මල්ලි විශ්වාස කරන්න අපි අන්තිමට වෙන් වුනු දවසෙවත් මම ඇඬුවෙ නෑ. ඒත් මම එදා ඇඬුව ඒ ඔක්කෝටම හරි යන්න. ගුණේ අයියාගේ දෑසට නැවත කඳුළු පිරෙනු දුටු මම ඉවත බලාගතිමි."
අඩක් අවසන් වි තිබූ දෙවන බෝතලයෙන් වීදුරුව පුරවාගත් මම ඒ මේසය මත තබා ගුණේ අයියාගේ මුහුණ බැලීමි.ඔහු තවමත් සිතෙහි තෙරපෙන හැඟුම් පාලනය කර ගැනීමෙහි ලා තැත් කරන බව පැහැදිලිය. අවසන දිගු සුසුමක් හෙලූ හෙතෙම මත්පැන් පුරවාගත් වීදුරුව එක හුස්මට පානය කලේය.
"ගුණේ අයියා......"මම තැතිගත් හඬින් ඔහු ඇමතීමි.
"නෑ මල්ලි බය වෙන්න එපා. දැන් හරි ඔක්කෝම හරි,එදා හිතේ හිර කරල අගුළු දාල වහල තිබ්බ හැඟීම් ඔක්කොම දැන් එලියට ආව. එච්චරයි දැන් ඒක හරි. එක අතකට ඒකත් හොඳයි, හිතේ හිරකරන් ඉන්න එකත් ලේසි නෑ ඊට වඩා හොඳයි මෙහෙම හරි එළියට දාන එක."
"සමහරවිට මම මල්ලිව හම්බවෙනකල් නොඉවසිල්ලෙන් හිටියෙ මල්ලිට මේ කතාව කියන්ට වගේම මගෙ හිත ඇතුලෙ තැලෙන මිරිකෙන හැඟීම් එළියට දා ගන්න ක්රමයක් හදාගන්න වෙන්නත් ඇති. හිත කියන එක මහ පුදුමයි මල්ලි." ගුණේ අයියාගේ හඬ නැවතත් ප්රාණවත් වී ඇත. හිතේ සියලු දුක් කරදර සෝදාහැරි කලෙක මෙන් ඔහු කතා කලේ මෙතෙක් නොවූ ස්වරයකිනි.
"රමණියි මායි ආපහු යනකොට මගදිම මට ආරංචිය ආව නිර්නාමික ලියුමක් ලක්ෂ්මීට එවලයි කියල අපි දෙන්න ගැන කියල.මම දන්නව කවුද ඕක කලේ කියල....අපේ ඔෆිස් එකේම කෙනෙක් තමයි..මල්ලි,"
"ආහ්...මමත් අයියෙ ඕක ගැන සෑහෙන්න කල්පනා කලා...කවුද මේ වැඩේ කරන්න ඇත්තෙ කියල...ඒත් මට නම් හිතාගන්න බැරි උනා......"
"අල්ලල දාන්න මල්ලි, කරපු පුද්ගලයගෙන් වැඩක් නෑ.ඔයා දන්නවද එක විදිහකින් බැළුවම ඒ මනුස්සය මට උදව්වක් කරල තියෙන්නෙ....හෙහ්, හෙහ්,"
"ඒ කොහොමද අයියෙ ඒ?....."ගුණේ අයියා නම් මේ අපූර්ව පුද්ගලයා කියන කරන කිසිම දෙයකින් පුදුමයට පත්වීමෙන් වැලකී සිටිනෙමි යනුවෙන් මම මටම සපථ කොටගෙන සිටියද ඒ ප්රකාශයෙන් මම නැවත වරක් පුදුමයට පත්වූයෙමි.
"මල්ලි, රමණි එක්ක ඇවිල්ල මාසයකට කිට්ටු කාලයක් මම කෑම්ප් එකේ හිටියනෙ. නිකම් හිතන්න ඕක කවදාවත් ලක්ෂ්මී දැනගත්තෙ නෑ කියල...."
"ඉතිං මොකක්ද අයියෙ ප්රශ්නෙ.....අයියගෙ තත්වෙ ඉන්න ඕනම කෙනෙක් ප්රාර්ථනා කරන්නෙ එහෙම දෙයක්නෙ...."ගුණේ අයියා පැවසීමට තැත් කරන්නේ කුමක්ද යන්න මට මේ වනවිට අවබෝධ වී තිබුණද මම ඒ නොවැටහුනු අයුරින් කටයුතු කළෙමි.
"හෙහ්, හෙහ්, මල්ලි හොඳටම දන්නව මම කියන්නෙ මොකක්ද කියල...ඒත් මගේ කටින්ම කියව ගන්න නොදන්නව වගෙ රඟපානව. හරි මමම කියන්නම්කො. මේ සිද්ධිය ලක්ෂ්මීට කවමදාවත් ආරංචි උනේ නෑ කියල හිතමු. අපේ ජීවිත පරණ පුරුදු විදිහට ගලාගෙන යාවි. ඒත් මල්ලි හෘදය සාක්ෂිය කියල එකක් තියනවනෙ අපි හැමෝගෙම. මට මගෙ හෘදය සාක්ෂියෙන් කිසි දවසක ගැලවුමක් ලැබෙන එකක් නෑ. එහෙම උනොත් එකම විකල්පය මමම ලක්ෂ්මීට මේ විස්තරේ කියන එක විතරයි.ඒත් එයයිගෙ මූණ බලාගෙන මම කොහොමද මෙහෙම කතාවක් කියන්නෙ....."
"මල්ලි විශ්වාස කරනවද මම හිතාගෙන හිටියෙ ලක්ෂ්මීට මේ සිද්ධිය ආරංචි නොවුනොත් එහෙම මමම නිර්නාමික ලියුමක් දානවයි කියල."
මතු සම්බන්ධයි
************************
ප.ළි. - සමාව ඉල්ලා සිටිමි. ඉතිරි සම්පූර්ණ කථාව ලියා එකවර පළකිරීමට සිතා සිටියද කථාව නොසිතූ ලෙස දීර්ඝ වීම හේතුකොටගෙන රාජකාරී මධ්‍යයේ එකවර ලියා අවසන් කල නොහැකි තත්වයක් උදාවිය. එබැවින් දිනකට කොටස බැගින් පළකිරීමට බලාපොරොත්තු වෙමි.අපහසුතාවයක් සිදුවූයේ නම් නැවතද සමාව ඉල්ලා සිටිමි.
කතාව ඉවර කරන්න තව බාගයක් ගේන්ටද බං අයියෙ..?? :)
ReplyDeleteOK, OK, take your time, though of course I'm dying to know how it all ended.
ReplyDeleteThere's this book I once read, called the bridges of Madison County, with some similarities to this story, that ended on a very sad note. I think there was also a movie based on it starring Clint Eastwood.
ආහ්....මං හිතුවෙ මේකෙන් ඉවරයි කියලානෙ. ඉතිරි කොටසත් ඉක්මනට දාන්ඩෝ...
ReplyDeleteතවත් තියෙනවා. දැන් 200 CR පොතක් විතර ලියෙව්වා. විභාග්ව්ටත් මෙච්චර බලලා නැ
ReplyDeletelassana kathawak :) digateme liyane ayye .. take care
ReplyDeleteදැන්නෙ කථාවෙ හොඳ හරිය.
ReplyDelete'අර ක්වීන්ස් බාර් එකේ ආප්ප කෑම' කොමෙන්ට් එක මතකනෙ. ඒ දවස් වල අපි වගේ ලපයි, සිපයි, කට්ටියට රිංගන්න පුළුවන්, කෑම එහෙමත් සර්ව් කරන බාර් එකක් තිබ්බ ක්වීන්ස් එකේ. හුඟක් එවුන් යන්නෙ නෑ, 'හයි ෆයි' ඇති කියල හිතාගෙන. තවම තියෙනවද, දැන් ගණන් එහෙම කෝමද විස්තර නං දන්නෙ නෑ
අර එහේ, මෙහේ, ඇවිදින ටික අතෑරලා කීවනම්.
ReplyDeleteවැඩියම කරලා තියෙන්නේ බීපු එකනේ. :D:D:D
@ Buratheno,
ReplyDelete/ කතාව ඉවර කරන්න තව බාගයක් ගේන්ටද බං අයියෙ..?? :) /
පිස්සුද බොල හැබෑටම?....උඹ තව බාගයක් ගෙනාවය කියන්නෙ කතාව තව ඇදෙනව කෑලි පහක් හයක් වත්...ඇයි බොල නිකං බාග ගහන්නෙ කොහොමෙයි?....වඩේ කාපුව...මාළු කාපුව, සිගරට් බීපුව එතනින් ගිහාම පම්ප් දාපුව ඔය ඔක්කොම බාගෙත් එක්ක එනවනෙ බොල....පිං සිද්දවෙයි ආයෙ බඩු නං එපා....හෙහ්, හෙහ්,
@ s,
ReplyDeleteThanks again,
Regarding bridges of Madison county, I have neither read the book nor seen the film although I have some memory of reading about it somewhere. I think Clint Eastwood directed it,
Thanks for the information....you really think its similar to this story?....well, will look for it when visiting the bookstore next.
@ නිසුපා,
ReplyDelete/ ආහ්....මං හිතුවෙ මේකෙන් ඉවරයි කියලානෙ. ඉතිරි කොටසත් ඉක්මනට දාන්ඩෝ.../
ඔයා ඔහොම කියනව.... මම හිතාගෙන හිටියෙ කොටස් දෙකකට කලින් මේක ඉවරවෙයි කියල......හෙහ්, හෙහ්,
හරි, හරි, කතාව ඉවරයක් වෙනකල් අද ඉඳල දිනපතා කොටස ගානෙ දානව....ඇත්තමයි,
ස්තූතියි නිසුපා............
@ ashen,
ReplyDeleteවිභාග වගෙද බොල මෙව්ව?.....බලාපං බලාපං දිගටම,
@ Anonymous,
ReplyDeleteස්තූතියි ඔබට නංගි / මල්ලි.........ලියන්නම් ලියන්නම්....Take care you too,
@ Observer,
ReplyDeleteඔබ්, ක්වීන්ස් බාර් එක ගැන මම දන්නෙම නෑ අනේ...අපේ හත්මුතු ප්‍රම්ප්‍රාවෙ එකෙක්වත් ඔතනට ගිහිල්ල නෑ මම හිතන්නෙ,
මේ ගිහිල්ල නැද්ද, ක්වීන්ස් එක ඉස්සරහ තියෙන Old Empire Hotel එකට. අන්න ඔබ් බිත්තර ආප්ප තියෙන්නෙ බොලේ එතන නෙව. ඒකෙ කාලෙකට ඉස්සර හාඩ් ලිකර් නම් නෙවෙයි බියර් නම් සර්ව් කලා.බිත්තර ආප්පයක් ලොකුයි ඒක තියාගෙන එන වට්ටියට වඩා. මගෙ ඇස් දෙකෙම්ම දැක්ක දෙයක් මේක. බිත්තර ආප්පෙ උඩ තමයි වට්ටිය තියාගෙන එන්නෙ....හෙහ්, හෙහ්,
@ පොඩ්ඩි,
ReplyDelete/ අර එහේ, මෙහේ, ඇවිදින ටික අතෑරලා කීවනම්. /
එහෙම කොහොමද බොල කතා කියන්නෙ.....ලබ්බ ගලේ ගැහුවහෙ එක පාරට කියල දැම්ම නම් මටත් ලේසියි. ඒත් බෑක් ග්‍රවුන්ඩ් එකත් එක්ක ආවමනෙ කතාවක ලස්සන මතුවෙන්නෙ...හෙහ්, හෙහ්,
/ වැඩියම කරලා තියෙන්නේ බීපු එකනේ. :D:D:D /
කොහෙද අනේ ඒ හැටි බිව්වෙ?....මේ දහවෙනි කොටස.....මුලම කෑම්ප් එකේ පාටියෙදි බිව්ව...මේ දෙවෙනි දවස.....
ඔය එක එකීලා කියන ඒවා අහල අපේ රස වින්දනයට හානි කොරනවා හෙම නෙවි බන් අයියේ.....:D
ReplyDeleteකවුරුත්ම නැත්තන් බාර් එකේදි කාපු මදුරුවෙක්ට හරි කියහන් ඌ ගැන් කියන්න කියලා සද්දේ දාන්න කියලා................. :D
you dont have to worry to see what we feel. just write what you feel. no hurry...
ReplyDeleteඅදත් මතුසම්බන්දයි :/
ReplyDelete/*මල්ලි විශ්වාස කරනවද මම හිතාගෙන හිටියෙ ලක්ෂ්මීට මේ සිද්ධිය ආරංචි නොවුනොත් එහෙම මමම නිර්නාමික ලියුමක් දානවයි කියල.*/
ReplyDeleteහිතාගන්න බැරි කියමනක්!
රවි අයියේ, මේ කතාන්දරේ කියවන අපේ කුතුහලය ඉහළම අනන්තයට නග්ගලා ඉවසීම පහළම අනන්තයට බස්සන්න නේද ඔයා හදන්නේ? අපි අහු වෙන්නෙ නෑ ඕවට හොඳද? අයියට පුළුවං හැටියකට කතාව දාන්නකෝ, අපි කොහොමහරි කියවන්නං.
@ නිශ්,
ReplyDeleteස්තූතියි නිශ්,
@ Bindi,
ReplyDeleteThanks Bindi, thank you so much,
@ වර්ණා,
ReplyDeleteමම අද කතාව ඉවර කලානම් ඔයා මොකක්ද කමෙන්ට් එකට දාන්නෙ?.....එහෙම හිතලමයි අද කතාව ඉවර කලේ නැත්තෙ.....ඇත්තමයි.....
@ සිත්තමී,
ReplyDelete/ හිතාගන්න බැරි කියමනක් /
ඇත්ත තමයි, ගුණේ අයිය කියන්නෙ නඟේ අන්න එහෙම මනුස්සයෙක්......හෙහ්, හෙහ්,
The similarities are not in the plot, just in the theme. Meeting that one special person, the illicit short-lived fling, choices, sacrifices, consequences, that sort of thing.
ReplyDelete