Part 1
රමණි අක්කා මුළුතැන්ගෙයි සිට ඉදිරියට පැමිණියේ දෑත් පිසදමමිනි.......'' මම මේ කුස්සියෙ පොඩි වැඩක් කලා '' ඈ අප හා සිනාසුනේ අප බොහෝ කලක සිට දන්නාහඳුනන්නියක මෙනි. ඈ රූමත් යයි ගැහැණියක මනින සම්මත මිණුම් දඬුවෙන් රූමත් නොවූවද කෙනෙකුගේ සිත් වහා ඇදගන්නාසුළු ලාලිත්යයකට හිමිකම් කීවාය.....යොවුන් වියෙහි එළිපත්තෙහි සිටි අප ඈ වෙත වශීවීම කවරනම් පුදුමයක්ද?
සාලයෙහි අසුන්ගෙන අපි ආගිය කතාබහෙන් ස්වල්ප වේලාවක් ගෙවීමු,
'' ගුණේ තේ හදන්ඩද?........'' රමණි අක්ක ගුණේ අයියාදෙස බැලූයේ ප්රශ්නාර්ථයෙන් දෙබැම ඉහලට නංවාගෙනය.
'' ම්ම්ම්ම්.....මොකද මල්ලිල කියන්නෙ.... තේද?...නැත්නම්........'' ගුණේ අයියා ඉඳුරාම බැලූයේ මා දෙසය.
'' අනේ මන්ද අයියෙ.....'' මම බිම බලාගෙන ඇඹරුණෙමි.
'' අඩෝ, උඹ අක්ක ඉන්න හින්ද අද ඇඹරෙනව නේද?...........අක්ක...... මේක වෙනදට බේරන්ඩ බෑ.......අද කොහොමද...........'' එකෙක් මහහඬින් පැවසුවේ මාදෙසට දබරැඟිල්ල ද දිගු කරමිණි.
'' අනේ බොරු කියන්න එපා... මේ මල්ලි එහෙම නෑ, මට කිව්වැහැකි දැක්ක ගමන්ම '' රමණි අක්කා මදෙස බලා සිනාසෙමින් පැවසුවාය.
ඈ එසේ පැවසුවේ මා පත්වූ අපහසුතාවයෙන් ගලවා ගැනීමට බව මම පැහැදිලිව දැන සිටිය ද එහි ඊට එහා ගිය යමක් ඇතැයි සිතන්නට මම වඩාත් රුචි වූයෙමි.
" අපි වැඩේ එළියට ගමුද අයියෙ?....." නන්දෙ ඇසුවේ ඔහුට ඉහින් කනින් දහදිය ගැලීමය මත්පැන් වඩි දෙකක් හොඳටම ප්රමාණවත් බැවිනි.
ඒ දිනවල අපේ කඳවුරට විදිලිය සැපයූයේ විදුලි ජනක යන්ත්රයක් මඟිනි.කොතෙක් අලුත්වැඩියා කලද නියමිත ප්රබලතාවයෙන් ඉන් විදුලිය උත්පාදනය නොවූ අතර එබැවින් විදුලි පංකා ආදියෙන් ලැබෙන සිසිලස කිසිසේත්ම ප්රමාණවත් නොවිණි.
" හරි මල්ලි....ඒකත් හොඳයි....මේ ජෙනිය සත පහක වැඩක් නෑ......එළියෙ ෂෝක් හුළඟකුත් තියනව......යමු එහෙනම් එළියට ''
අපගේ කඳවුර ඉඳිකර තිබුනේ හිස් බිම්කඩක් වටා නිවාස පිහිටන ආකාරයට බව මා කලින් පැවසුවා ඔබට මතක ඇතැයි සිතමි.හිස් බිම්කඩ අපගේ ක්රීඩාපිටිය වූ අතර ඒ වටා පිහිටි නිවාස ඉඳිකිරීම සඳහා අවශ්ය අවම ප්රමාණයක් ගස් කපා, ඉතිරි සියලු ගස් ඉතිරි කොට තිබිණි.පළු, වීර, කෝං සහ මයිල වැනි වියළි කලාපයට ආවේණික ගස් ඉතිරි කොට එහි යටි වන බූටෑව පමණක් කැතිගා ඉවත් කොට තිබුණු හෙයින් සත්ය වශයෙන්ම අපේ කඳවුරු භූමිය ඇසට සුවදෙන්නක් වූයේ නිතැණිනි.
පුටු ඔසවාගෙන එළිමහනට පැමිණි අපි ගුණේ අයියාගේ නිවෙස පසුපස තිබූ රූස්ස වීර ගස සෙවණේ අසුන් ගතිමු.
වීර ගසේ අතු අතරින් පුරා සඳේ රැස් ගලා එමින් තිබූ අතර.......ආහ්...සමාවෙන්න........එදින සඳ පායා නොතිබූ ඝන අඳුර රජකල දිනයක් විය.පුරා සඳ පායා තිබූ බව පවසා කතාවට රොමෑන්ටික් ගතියක් එක්කල හැකිව තිබූ නමුදු එසේ කිරීමට මම නොකැමැත්තෙමි.සත්යය සිදුවූ ආකාරයෙන්ම පැවසීම මගේ අභිප්රායයි.
නිවසේ වැසිකිළියේ සිට විදුලි වයරයක් ඇදගෙන පැමිණි නන්දේ එහි අග රැඳි විදුලි බුබුල වීර ගසේ පහත අත්තක එල්ලා දැල්වීය.
වීර ගස කේන්ද්ර්ය කරගත් අඩි තිහක පමණ අරයෙන් යුතු වෘත්තයක පරිධියට අඳුර පළාගියේය.ඉන් ඉවත ඒ මේ අත පියඹන කළාමැදිරියන්ගේ ආලෝකය පමණක් ගිණි මැලයක් ඉහල නටන ගිණි පුළිඟු මෙන් දිස් විනි.
එළිමහනේ සාදයක් පැවැත්වීමේදී ගිණි මැලයක් ගැසීම අපේ පුරුද්දක් වූ අතර ඒ චිරාගත සම්ප්රදාය නොබිඳී පවත්වා ගත යුතු බැවින්, මම තව දෙදෙනෙකුත් සමඟ වියළි දර ඉපල් සොයාගෙනවුත් ගිණි මැලයක් ඇවිලවීමි.
" ඔය මදෑ මල්ලි එන්න එන්න වැඩේ පටන් ගමු... '' ගෙතුලට ගිය ගුණේ අයියා ආපසු පැමිණියේ පරණ අරක්කු බෝතලයක් ද රැගෙනය.
'' ගොන්සාල් එකෙන් ගත්තෙ මල්ලි......නියම බඩු '' ඔහු බෝතලය මට දිගු කලේය.
එකල කුරුණෑගල ගොන්සාල් රටබීම හලෙහි අරක්කු කිසිමවිට මිශ්ර නොකරන හොඳම අරක්කු බවට විශ්වාසයක් අපේ සගයින් අතර පැවතිණි. එබැවින් කුරුණෑගල අවට වාසය කරන්නන් නිවෙස් බලාගොස් ආපසු පැමිණෙන විට, ඔවුන් ලවා ගොන්සාල් එකෙන් අරක්කු ගෙන්වා ගැනීමේ පුරුද්දක් ද මත්පැනට ලැදි බොහෝ දෙනෙකු තුල තිබිණි.
මම බෝතලය අතට නොගෙන නැවතත් ඇඹරෙනු දුටු හෙතෙම "හරි හරි මමම කඩන්නම්කො '' පවසා මූඩිය කරකවා ඉවත් කලේය. ඉන්පසු තම වීදුරුවට අරක්කු ස්වල්පයක් වත්කොට '' ගන්න එහෙනම් '' පවසා බෝතලය අපට දිගු කලේය. බෝතලය රවුමේ ගිය අතර වෙනදාට වඩා බොහෝ අඩුවෙන් අරක්කු වත් කරගත් මම සෝඩා වීදුරුව පිරෙනතෙක් පුරවා ගතිමි.
අරක්කු බෝතලය දෙකක් දෙවැන්න තුනක් , වූයේ නොදැනීමය...සාදය ද මධ්යම රාත්රිය තෙක් ඇදී ගියේය.රමණි අක්කා ද කිසිදු චකිතයකින් තොරව අප සමඟ කෙලි කවට කම් වල යෙදෙමින් රැඳී උන්නාය. කටගැසුම් අවසන් වීමට ආසන්න වූ වහාම ඕ මුළුතැන් ගෙට ගොස් අළුතින් යමක් පිළියෙල කොටගෙන පැමිණියාය.
සාදයක් අවසාන වීමට පෙර අනිවාර්ය කටයුත්තක් වන ගීත ගැයීමේ වාරය එළඹිණි.
'' ර...ර් ........රමනි අක්ක.......සිංදු...වක් කියන්ටම්ම ඕන......'' එකෙක් වදන් පටලැවෙමින් කොහොමදෝ කියා ගත්තේය.
රමණි අක්කා සිනාමුසු මුහුණින් ගුණේ අයියා දෙස බැලුවාය.....ඔහු හිස වනා අනුමැතිය පලකල ඉක්බිති ඈ ගැයුවාය.....හිස් බෝතලයකට රුපියලේ කාසියකින් තට්ටු කරන නාදය සහ අපේ කිසිම රිද්මයකට අනුකූල නොවූ අත්පුඩි තැලීම පමණක් සංගීතය කොටගෙන ඇය ගැයුවාය. මා විශ්වාස කරන්න මගේ හිතවතුනි,ඇගේ ගැයුම වෘත්තීය ගායිකාවකට දෙවෙනි නොවිණි.
අවසන අපි එකා එකා අත්පුඩි තැලීම නතර කලේ ඒ ඇයට රුකුලක් නොව හුදෙක් බාධාවක්ම බව අපටම වැටහුණු හෙයිනි.
පිපුණු මලේ රුව එමල දනීදෝ,
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා......හැඩරුව බලන්නෙපා,
නැතිබැරිකම....මුතු මාල හතක් වී,
කඩුල්ල පැන එයි...නුඹ අත කර ලනදා, නුඹ අත කර ලන දා,
කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ සෙවණැල්ලෙන් හිස පීරන්නේ,
නොතලන් සිත මා ආදර දියණියනේ.......ආදර දියණියනේ,
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි,
වීදුරු කැඩපත බිඳ දැමුවේ,
නොතලන් සිත මා ආදර දියණියනේ.......ආදර දියණියනේ,
ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ,
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ,
නොතලන් සිත මා ආදර දියණියනේ.......ආදර දියණියනේ,
ඇගේ මියුරු හඬ රාත්රි අඳුරට මුසුව අනන්තය තෙක් පාව ගිය සඳ අපි සවන් අදහා ගත නොහැකිසේ ඈ දෙසම බලා සිටියෙමු.
අවසන ඇගේ ගැයුම නිමා වූ පසු අප එකිනෙකා සිහින ලොවින් මිදෙන්නට වූයෙමු.
'' ශහ්....අක්ක මාරයිනෙ.......අක්ක අපරාදෙ ගෙදරට වෙලා ඉන්නෙ.......අක්ක සංගීතය ඉගෙන ගෙන නම් තියනව අනිවාර්යයෙන්ම.......'' ගුණේ අයියාගේ බිරිඳ රැකියාවක් නොකල බව ඔහු වරෙක පැවසූ බව සිහිවූ මම පැවසුවෙමි.
ගුණේ අයියා එක්වරම අක්කාගේ මුහුණ බැලූ අතර ඈ මඳ සිනහවකින් ඔහු වෙත නැවී කුමක්දෝ පැවසුවාය.
'' හරි දැන් මම කිව්වනෙ, මල්ලිල සිංදුවක් කියන්නකො........ '' අප සැමගේ මුහුණු බලමින් ඈ ඉල්ලා සිටියාය.
සැමදාම සිදුවන ලෙස සැමගේ දෑස මදෙස යොමුවිය......ගායනයට මගේ සහජයෙන්ම ලැබුණු යම් දක්ෂතාවයක් ඇතිබව මේ අවස්ථාවේ පවසන්නේ නොපවසා නොහැකි නිසාම මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව පැවසිය යුතුමය.
'' ආහ්....මල්ලිද මෙතන ඉන්න ගායකය.......හරි..හරි...ඉතින් කියන්නකො මල්ලි '' ඈ මා දෙස ඉඳුරාම බලා ඉල්ලා සිටියාය. හේතුව කුමක් හෝ වේවා ඇගේ නෙත් දිලිසෙනු මම හොඳින්ම දුටු බව මට සහතික කොට පැවසිය හැක. නැතහොත් අවම වශයෙන් එසේ සිතීමට හෝ මම කැමැත්තෙමි.
මද පමණට බමන සිත ගීයක් ගැයීමට සුදුසුම තත්වයේ පැවතියේය. බුර බුරා ඇවිලෙන ගිණි මැලය දෙස මොහොතක් බලා සිටි මම දෑස් පියාගෙන අමරදේවයන් සමඟ මොහොතකට ඒක මිතික වීමි.
මින්දද හී සර වැදී සැළෙන හද,
නංවන දුක්ගී ඔබට ඇසෙනවද?
චන්දන මල් අතුරා ඇති යහනක,
කන්ද කපා පායන් රන් පුන් සඳ,
ලා...ලාලල්ලා......ලාලල්ලා...ලා ලා ලා.....ලා ලල ලා....ල ල ලා....
තුරඟකු පිට නැඟි නීල වලාකුළු,
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ,
පිබිදුණු දෑසින් බලා ඉඳිමි මම,
පිබිදුණු දෑසින් බලා ඉඳිමි මම,
සතුටු සිනා කැන් හද පුරවා,
මෙතුවක් කල් මුව මඬල වසා සිටි,
අන්ධකාර සළුපටින් මුදා,
නෙත්මිණි පහනින් පහන් කරනු මැන,
නෙත්මිණි පහනින් පහන් කරනු මැන,
අනාගතේ මං පෙත පාදා......
නන්දේ බෝතල් ආදිය තිබූ කුඩා කනප්පුවට සෙමෙන් තට්ටු කරමින් තාලය ඇල්ලූ අතර දෑස් පියාගෙන ගීය ගැයූ මම අවසන ගීතය හමාර කොට දෑස් හැරීමි.රමණි අක්කා දෑස් පියාගෙන දෑත ලයේ බැඳගත් ගමන් ගීතයට සමවැදී සිටියාය.
මතු සම්බන්ධයි.......
Image: flickr.com

i have read this story somewhere else.u wrote this???
ReplyDeleteනියම කතන්දරේ. හරියට ෆිල්ම් එකක් බලනවා වගේමයි. ඔය එන්නේ සිංදු කියාගෙන එහෙම.
ReplyDeleteමින්දද හී සැර වැදී' නේද?...:D
රවි, හැබෑටම මේ කතාව ඔයා මීට කලින් කොහේ හරි පබ්ලිෂ් කරලා තියනවද? මටත් මේ ගුනේ අය්යව ටිකක් මතකයි, මතකයි වගේ නේ...නැත්නම් මේ ජෝඩුව වෙන කතාවක හිටියද?
ReplyDelete@ Anonymous & Podi Kumarihami,
ReplyDeleteYes, I sumbmitted this story as " Ramani Akka " to FB short story competition held during September.I had to curtail the story to around 500 words as per the competition regulations. This is what was written originally.
පුන් සඳ පායයි වගේ ..මැවිලා පේනවා ඉතින් . කවදත් වගේ රවීගේ කතා ලස්සනයිනේ
ReplyDeleteලස්සනයි අයියේ. වචන වලට කතා සීමා කරන එක මොන තරම් නම් පාපකර්මයක් ද?
ReplyDeleteමට අහන්න දේ ගොඩායි. ඒත් කතාව ඉවර වුනාම ඔක්කම අහන්නම්.
කලින් කොටස කියවද්දිත් හිතුනා මේක කියවලා හුරු බවක්.
ReplyDeleteරවීගේ ලිවීමේ හැකියාව ඉහලයි. ගම අස්සේ ගිහින් ආවා වගේ මටත් දැනුනා.
මේ රවි අර පොකුගේ ගෙදර කවි ලියන රවිමද?
@රංගි,
ReplyDeleteමේ රවිත් ඒ රවිත් හැර වෙනත් රවිලා සිටිත් ද..?? :D
සිටීය , හෙතෙම පොළවේ වසන්නෙකු නොවේය. අහසෙ වසයි. සෞම්‍ය ගුණ නැත.
ReplyDelete@ සොඳුරු සිත,
ReplyDelete/ ලස්සනයි අයියේ. වචන වලට කතා සීමා කරන එක මොන තරම් නම් පාපකර්මයක් ද? /
ඇත්ත නංගි, කතාවක් වචන වල ට සීමා කරන එක වැරදියි...ඒත් ජීවිතේ වචන වලට සීමා කරන්න අපිට සිද්ද වෙන, නැත්නම් අපිට බල කරන කතා අනන්තයි,අප්‍රමාණයි, මොකදෑ කොරන්නෙ? ඒ අපි ලබා උපන් හැටි කියල හිත හදාගන්න විතරයි අපට තියෙන්නෙ,...හෙහ්, හෙහ්,
@ Il mondo di una povera pazza
ReplyDelete/ රවීගේ ලිවීමේ හැකියාව ඉහලයි. ගම අස්සේ ගිහින් ආවා වගේ මටත් දැනුනා. /
ස්තූතියි ඔබටත්....නම නම් කියවගන්ට ටිකක් අමාරුයි....ඒත් කමක් නෑ...ස්තූතියි කියන්ට ඒක බාධාවක් නෙවෙයි නෙව....
/ මේ රවි අර පොකුගේ ගෙදර කවි ලියන රවිමද? /
එහෙනම්, එහෙනම්...ඒකම තමයි....පොකුගෙ ගෙදර කවි ලියන්නෙත් මේ මමම තමයි බොලේ.....හෙහ්, හෙහ්,
සම්පූර්ණ ගීත පද මාලාවම දැම්මාම කතාවට අමුතු එළියක් ලැබිලා. අපිත් ඒ ගිනි මැලේ ලඟ ඒ ගීත අහගෙන ඉන්නවා වගේ දැනුනා.
ReplyDelete@බුරා,
ReplyDeleteරවි ලා එමටය. රවී ලා කෙල්ලන්ට කවි ලිවීමට බොහෝ දස්සය. කතා ලිවීමටත් ඒසේමය.
ඒත් මේ රවී මාව අරන් ගියේ පුත්තලමෙන් එහාට යයි මට සිතේ. එහෙයින් මේ රවී ගේ කතා කියවීමට නැවතත් පොකුගේ වලව්වට විතරක් නොයා මෙහේටත් ඒමට අදහස් කලෙමි.
මේ බ්ලොගේ අයිතිකාරයා අපිට ගල් වලින් ගසනු නොඅනුමානය. එහෙයින් මම දුවමි.
@ රවී,
අයියෝ කරදර වෙන්න එපා ඔය අමාරු නම් කියන්න. දුප්පත් පිස්සු කෙල්ලෙක් කියලා හිතාගත්තා නම් ඇති.
කොටස් දෙකම එකවිට කියෙව්වා. ලස්සනයි :)
ReplyDelete@ Il mondo di una povera pazza
ReplyDeletesono davvero pazzo o ama solo per finta?
පුත්තලං කතාව නම් නොතේරේ.....
@ සිත්තමී,
ReplyDeleteස්තූතියි නංගි, ගීතයෙ මුල් කොටස විතරක් දැම්මම ඇතිය කියල මුලින් හිතුවෙ...ඒත් ආයෙම ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකින් පලච්චාවෙ කියල ඔක්කොම දැම්ම....ඔයා ඒකට කැමති නම් මටත් සතුටක්,
@ හසී,
ReplyDeleteස්තූතියි හසී, චුට්ටිම චුට්ටි හසී.....හෙහ්, හෙහ්,
@රවි අයියා,
ReplyDeletelei è veramente pazzesco .. :D
මේ ඒක නෙවෙයි බං අයියෙ, බැයිද දන්නෑ ගෙදර අයිති නෝනගෙන් අහලා මේ කමෙන්ට්ස්වල අකුරු ඩිංගිත්තක් විතර ලොකු කරන්ට.. හතලිස් ඇදිරිය බං..
@ Buratheno,
ReplyDeleteallora benvenuti nel club di signora .... molto gradito,
ඒයි...බලාපං අකුරු ලොකු ඇද්ද කියල?.....හෆූයි.....උඹල.....තව කසාදයක් වත් බැඳල නෑ නෙවද?.....හැබැයි කොල්ලො..කසාදයක් කොරගන්ට නම් පෙනුමෙ දෝස තියන තරමට හොඳයි.....හෙහ්, හෙහ්,
First hand experience, Malli, first hand experience.......heh, heh,
@ravi,
ReplyDeletemeglio non fidarsi di traduttori come google,
imaginò e la sua domanda era 'lei e veramente pazza?'
si. sono pazza dal giorno che sono nata.
පුත්තලම කතාවට ආවේ සිංහල කියවීම බොහෝ අඩු මට මොකක් හරි වියළි කලාපයේ ගමක් ගැන කියපු ගමන් ඔළුවට එන නම තමයි පුත්තලම. මම කිව්වනේ මම දුප්පත් කියලා සිංහලෙන්.
@බුරා,
la mia domanda è come fai sapere cosi bene di me?
හප්පුච්චියේ කතාව මේ කොහේද යන්නෙ [ච්ක් මයෙ වල් හිත !]
ReplyDeleteමේ කෑල්ලෙ සින්දු ටික, එතකොට පයිට් ටික එක්කෙ ඉන්ටෝල් එකෙන් පස්සෙයි අයියණ්ඩි ?
ඒකනෙ මන් බැලුවෙ මේක කොහෙදිද කියෙව්වෙ කියලා මගේ මතකෙ නම් තියෙන්නෙ රවි කොහෙදිහරි කිව්වා කියලමයි...........:D
ReplyDelete.@ Il mondo di una povera pazza
ReplyDeletebene, che cosa altro possiamo fare? google ... è l'unica speranza
Sorry if google acted weird.....actually my question was " Are you really crazy or just likes to pretend? "
/ පුත්තලම කතාවට ආවේ සිංහල කියවීම බොහෝ අඩු මට මොකක් හරි වියළි කලාපයේ ගමක් ගැන කියපු ගමන් ඔළුවට එන නම තමයි පුත්තලම../
හෆොයි..මේ පුත්තලම නම් නෙවෙයි, මම කිව්වෙ උතුරු මැද පළාතෙ නැගෙනහිර මායිමේ කියල.....
@ පොඩ්ඩි,
ReplyDelete/ නියම කතන්දරේ. හරියට ෆිල්ම් එකක් බලනවා වගේමයි. ඔය එන්නේ සිංදු කියාගෙන එහෙම./
මොනව කියනවද පොඩ්ඩි?.... හිංගල චිත්තරපටියක්ම තමයි...ඔන්න සිංදු දෙකක් අහවරයි...ඊ ළඟට පයිට් හයයි.....කාර් රේස් දෙකයි.....කෙල්ල පැහැරගෙන යෑම් තුනයි.....බලාගෙන ඉන්නකො මොකද වෙන්නෙ කියල....හෙහ්, හෙහ්,
/ මින්දද හී සැර වැදී' නේද?...:D /
නංවන දුක් ගී ඔබට ඇහෙනවද?.....D..D..
@ nawammawatha,
ReplyDelete/ හප්පුච්චියේ කතාව මේ කොහේද යන්නෙ [ච්ක් මයෙ වල් හිත !] /
ඒකනෙ බොල කලිම්ම කිව්වෙ....එහෙම සීන් මේකෙ නෑ....බොහෝම ෂුංධර ආද්දියාත්මික පේම කතාවක් නෙව මේක.....
/ මේ කෑල්ලෙ සින්දු ටික, එතකොට පයිට් ටික එක්කෙ ඉන්ටෝල් එකෙන් පස්සෙයි අයියණ්ඩි ? /
ඉඳපං ඉවසල....පයිට් තියනව හතරක්....ගුණේ අයියයි මායි ගුටි ඇණ ගන්න සීන් දෙකයි.....ඒ අතරට ගුණේ අයියයි මායි දෙන්නම එකතුවෙලා අර නන්දෙ...ආං ඌට නෙලන සීන් එකයි......ඊට පස්සෙ සමරෙයි, නන්දෙයි දෙන්න එක්ක මට නෙලන සීන් එකයි.....ඔක්කොම හතරයි...සම්පූර්ණ කිරියාදාම චිත්තරපටියක්.....හෙහ්, හෙහ්,
@ නිශ්,
ReplyDelete/ ඒකනෙ මන් බැලුවෙ මේක කොහෙදිද කියෙව්වෙ කියලා මගේ මතකෙ නම් තියෙන්නෙ රවි කොහෙදිහරි කිව්වා කියලමයි...........:D /
මේකෙ සංක්ෂිප්ත වර්ෂන් එක තමයි අර කෙටිකතාව.......
@රංගි,
ReplyDeleteuccelli di un gregge di penna insieme... :D
@රවි අයියා,
ReplyDeleteෂා, ඔය තීන්නෙ චෝයි එකට දැන්..
කතාව ඉවෙර වෙන කන් පණ්ඩිත කන් නොකිය අහගෙන ඉන්නං.
ReplyDeleteහැබය් එකක් නං කියන්නම ඕනෙ. ගොන්සාල් එකේ බෝතල් වල මුඩි සීල් එක නොකැඩෙන්න, ගලවන සහ ආපහු සවි කරන, ගැජමන්ට් එක හදල දුන්නෙ, මගෙත් එක්ක කුරුණෑගල ලංගම වැඩ කරපු යාලුවෙක්, 80 ගණන් වල මුල හරියෙ. (ඉඳල හිටල එයාගෙ නමින්ම සිංහල බ්ලොග් වල කොමෙන්ට් එකක් එහෙමත් දානව)
@ Observer,
ReplyDeleteදෙයියෝ සාක්කි, ඔන්න ඉඳල ඉඳල ඔබ් කරපු වැඩේ......දැන් ඔහෙ ඔය කියන්නෙ ඒ කාලයක් පුරා අපි හොඳම බඩුය කියල හිතාගෙන ගැහැව්වෙ කලවං කියලද?....හෆොයි,
'හොඳ බඩු' කියල හිතාගෙන ඉන්න හැම එකම හොඳයි කියල හිතන්න අමාරුයි.
ReplyDeleteමාරුවට ගලාගෙන යනවා.. එත් බැදපු අය දිහා වැඩියේ බලන එක හොද මදි නේද...
ReplyDelete