Monday, November 14, 2011

සුභ උපන් දිනයක් වේවා !!!

අද නිදහස් සිතුවිලි හී නිවැසි,
බ්ලොග්කාර,
කවිකාර,
කතන්දරකාර,
රවී වීරසිංහ නම් වූ අප ලබැඳි මිතුරාගේ උපන්දිනයයි.

මීට වඩා බොහොම දිග ලිපියකින් සුභ පතන්න හිටියේ.
එය කියවා ඔබට චුට්ටක් විතර හිනා වෙලා, විනෝද වෙන්න තිබුනා.
එහෙත් අපේ තවත් ලබැඳි මිතුරෙකුගේ පියාණන්ගේ අභාවය
හේතුකොටගෙන එම ලිපිය පල කිරීම කල් දමන්නට සිතුවා.
කල් දැමුවා පමණයි !
මේ මාසය අවසන් වන්නට පෙර එය පළ වේවි.



ඉතිං එන්න අපේ රවීට සුභ පතමු !!!

HAPPY BIRTHDAY DEAR RAVI

!!!!!!!


51 comments:

  1. සුභ උපන්දිනයක් රවී අයියේ......!

    ReplyDelete
  2. එහෙත් පාටි මෙහෙත් පාටි කීවලු. රවි නම් ඉතින් කොහේ හරි මල් පැනි බීලා නින්දට වැටෙයි. සුද්ද , බුද්ද කරන අයට තමා වැඩේ. පොඩ්ඩිට නම් ප්‍රශ්නයක් නෑ. වලව්වේ කට්ටිය පිරිලා.

    රවි උදේම සුබ පැතුවට ඔන්න ආයමත් සුබ පතනවා.

    හිතන, පතන, සියල්ල ඉටුවෙන, සුබ උපන්දිනයක්....!!!

    ReplyDelete
  3. රවි අය්යාට සුබ උපන් දිනයක් වේවා.

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් ලොක්කා.
    මොනවද මේ කට්ටිය කියන පැණි බීම?
    ටිකක් යහමින් තියේ නම් අපිත් එනවා රස බලන්න පැණි බීම තැඹිලි එක්ක.

    ReplyDelete
  5. ඕං වළව්වේ ලියාපු එකම මෙහෙත් ලියනවා.

    අහස් ගැබ දිදුලනා හිරු නිරිඳු විලසිනා
    මිහිතලේ පහළ වී රවි නමින් බැබළෙනා
    සොයුර නුඹ රස වදන් ගොතා අප පිනවනා
    යෙහෙන් වැජඹෙනු මැනැවි දිගාසිරි ලබමිනා

    සුභ උපන්දිනයක් රවි අයියේ.

    ReplyDelete
  6. කව්ද මේ රවී.....
    එහෙත් ඉන්නවා.....
    මෙහෙත් ඉන්නවා.....

    ReplyDelete
  7. @ රවි අයියා,

    ඔයාට සුභම සුභ උපන්දිනයක් !!!!!!!!

    මෙහෙත් පාටිය කියල දැන් දැනගත්තේ :D

    ReplyDelete
  8. සුභ උපන්දිනයක් අයියේ....

    ReplyDelete
  9. රවි මුත්තා අපේ කෙහෙල්කොටුවට ඇවිල්ලා කවිත් ලියලා යන කාලයක් තිබ්බා. ඒ පාර මම රන්දිල් නෝනගෙන් ඇහැව්වම කව්ද මේ රවි කියන්නෙ කියලා. පස්සෙ තමා රන්දිල් නෝනා දිග ඇරියෙ පට්ටන්දරේ. එතකං මං දැනන් උන්නෙ නෑ රවි කියන්නෙ කව්ද කියලා.
    -චුටි මහත්තයා

    ReplyDelete
  10. ආ.............කතාවෙන් කතාවෙනන් සුබ පතන එකක් මෙව්වා වෙලා ගියා. සුබ උපන් දිනයක් වේවා.......!

    ReplyDelete
  11. රවි අයියට මේ සැරේ තමයි නියමම උපන් දිනේ ලබල තියෙන්නෙ මයෙ හිතේ... හෙහ් හෙහ් . උදේ දිවා රාත්‍රියක් නැතිව එක දිගෝට වැඩ කරන්න..

    සුබ උපන් දිනක් රවි අයියා.

    රවි අයියා , නිදහස් සිතුවිලි හැරුනම පොඩ්ඩිගේ වලව්වෙත් හරියට ගැවසෙනවා මාත් දැකල තියේ. ඇයි මයෙ සොඳුරු හිත පැත්තෙත් ඇහැක් විදිහට ඇවිත් යනෝ.

    ඉතින් දැන් පාටිය දන්නේ මොන ගෙදර ද?

    වැප් ගේ පියාණන් ගේ අභාවය ගැන සෝකය පළ කරන්නත් මෙයම අවස්ථාවක් කර ගත්තට කමක් නැහැ නේ ද?

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් රවී අයියේ, [අපි සුභයි කිව්වට මුන්දැ ඕං පැත්තකට වෙලා නාහෙන් අඬාගත්තුගමන්, තව අවුරුද්දකින් නාකි උනා කියල]

    ReplyDelete
  13. සුභම සුභ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  14. මේ මේ දාන පාටියක් පස්සෙ දාමු ඈ.. වලවුවෙ ගොහිල්ලා ආයෙ ඒ ගමන්ම අනිත් පැත්තට මෙහෙට එන්ට වෙලාව නෑ.. බොනවා කියලා ඔච්චර බොන්ට පුළුවන්ද මං අහන්නෙ..!!?? :)

    ආයෙමත් කිවුවා, හැපි බර්ත් ඩේ මෙවුව එකක් වේවා රවි අයියෙ..!!

    ReplyDelete
  15. සුබ උපන්දිනක් වේවා රවි අයියා !!

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් රවී අයියේ..

    ReplyDelete
  17. ඔහෝ [මෙහෙම ලිව්වට කථාවට මෙහෙම කියන්නේ නෑ කියලයි බුද්ධි කියන්නේ] සුභ උපන්දිනයක් රවී මහත්තයෝ

    ReplyDelete
  18. අද රවි අයියෑ බර්ත් ඩේ එකද ?
    ඔන්න මමත් අයියට සුබ පැතුවා.

    ReplyDelete
  19. @ Randil,

    නමෝ විත්තියෙං කියන්ට ඕමනයි....( අතුරු ප්‍රශ්නයක්.....ගන්නවද?......ඕමනයි කියල නිතරම බාවිතා කරපු සුප්‍රසිද්ධ පුද්ගලය කවුද කියල දන්න එක්කෙනෙක් ඉන්නවද?.....) මගේ ළබැඳි සහෘදිනිය..රන්දිකා a.k.a. රන්දුනා a.k.a. රන්දිල් ( දන්නවනෙ තව කියන එව්ව...මම නොකිව්වට...හෙහ්, හෙහ් ) තමයි මාව මේ වියුණු ලියවිල්ලට ඇදගෙන ආවෙ....මගේ බලවත් අකමැත්ත මධ්‍යයේ.....ඉතින් ඒකෙ ගෞරවය හා / හෝ අපකීර්තියත් එතුමියටම තමයි අනිවාර්යයෙන්ම හිමිවෙන්ටත් ඕන....

    ඒ වගේම මා වෙනුවෙන්..මගේ උපන් දිනය වෙනුවෙන් මෙවන් ළබැඳි හෘදයාංගම සටහනක් තැබීම ගැන මගේ ගෞරව පූර්වක ස්තූතිය....

    හරි ඉස්තූතිය සහ ගවුරවේ ලැබිය යුතු තැනට නොමසුරුව පුද කලා ඔන්න....දැන් බහිමු වැදගත්ම කාරණාවට....

    / මීට වඩා බොහොම දිග ලිපියකින් සුභ පතන්න හිටියේ. එය කියවා ඔබට චුට්ටක් විතර හිනා වෙලා, විනෝද වෙන්න තිබුනා /

    හුහ්,......... හිනාවෙලා විනෝද වෙන්න.......අම්මප මොකටද මම කියන්නෙ?.....මොනවද බොට ඔය හිනාවෙන්න කියන්න තියෙන්නෙ....අර වාද්දුවෙ සීන්කෝන් එක වෙන්න ඕන එකත් එකටම....අම්මප ඒක නම් මරු සීන් එක තමයි....ඒත් ඔහොම ජොලියකුත් නැහ්නං මොකක්ද බං මේ ඒකාකාරී ජීවිතෙං ඇති පලේ?

    ReplyDelete
  20. @ Kasun,

    ස්තූතියි මල්ලි

    ReplyDelete
  21. @ පොඩ්ඩි,

    ස්තූතියි ස්තූතියි...පොඩ්ඩි....බොහෝමත්ම ස්තූතියි, වලව්වෙත් පොඩි මෙව්ව එකක් සංවිදානය කරල තියෙනව දැක්ක...මේ ටිකේ පුලේ පුල් බිසි උනා නෙව....ස්තූති කරන්න එන්නම්කො ඒ පැත්තෙ....

    / හිතන, පතන, සියල්ල ඉටුවෙන, සුබ උපන්දිනයක්....!!! /

    ප්‍රාර්ථනයට ආයෙමත් ස්තූතියි පොඩ්ඩි.............අපි සාමාන්‍යයෙන් හැමෝටම මෙහෙම ප්‍රාර්ථනා කරනව තමයි...ඒත් එහෙම හිතන පතන හැම එකම ඒ විදිහටම අඩුවක් නැතුව ඉස්ට වෙනව කියන්නෙත් මහම ඒකාකාරියි, Really Boring, කියල හිතෙන්නෙ නැද්ද?.....අනේ මංද...මට හිතෙන්නෙ නම් එහෙම.....හිතන පතන එකත් අන්තිමට මිනිස්සුන්ටම එපාම වෙලා නවත්තල දායි.....හෙහ්, හෙහ්,

    ඒ වෙනුවට පතමු මෙන්න මෙහෙම....ඔබ සිතන පතන දේවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ඉෂ්ඨ වේවා!!!...කොහොමද පොඩ්ඩි.....එලස් නේද?

    ReplyDelete
  22. @ Samanalee,

    ස්තූතියි නංගි....ඉතිං ඉතිං කොහොමෙයි?....මගෙ පරණ යාලුවෙක් නෙව....දෙයියම්පා අපෙ ආත්තම්ම දැක්කහෙ ඉහිලුං නැති තංතෝසයක් මයෙ හිතට ආව ඔන්න.....

    ReplyDelete
  23. @ Il mondo di una povera pazza

    ආන්න බලන්න බොහොම අපූරුයි..කෙලිම්ම ලොක්කා කියලම කතා කරා....පිදිය යුත්තාට පුදන්න කියල කියන අර පාලි ගාථාව මට ආව සිහියට....මොකක්ද?...ආ හරි.... මේ... පූජේමි බුද්ධං කුසුමේන නේන........

    / මොනවද මේ කට්ටිය කියන පැණි බීම? /

    උඹ බබා.....දන්නෙම නෑ......හෙහ්, හෙහ්,.....තරහ නෑනෙ.....විහිලුවටයි හොඳේ.....

    ReplyDelete
  24. @ සිත්තමී,

    අහස් ගැබ බබලන්නෙ හිරු, නුඹල හින්දමයි,
    සහස් ගව් දුර ගියත් හිමිදිරියෙ යලි පිපෙයි,
    රහස් ලෙස පැවසුවත් සුලඟ මුමුනනු මෙයයි,
    දහස් සිතුවිලි හදේ නැඟෙනු නුඹලා නිසයි,

    ස්තූතියි සිත්තමී......My sparring partner...heh, heh,

    ReplyDelete
  25. @ Anonymous,

    ඒකනෙව බොලේ කියන්නෙ?.....නැති තැනක් නැහැ නෙව....මටත් පංගුවක් වෙලාවට මහ වදයක්....හෙහ්, හෙහ්,

    ReplyDelete
  26. @ neetha,

    ස්තූතියි නීතා නංගි.....ඉතිං කොහොමෙයි වාස දේස?.....අර අලුත්ම මෙව්ව එකක් ගත්තය?....නැත්නම් නිකමට වගෙ මතක් කරන්න...... ඔය ඉන්නෙ හොඳ යාලුවෙක්.....හෙහ්, හෙහ්, නහයෙන් පෙන්නුවෑකි නහයෙන්....

    ReplyDelete
  27. @ නිසුපා,

    ස්තූතියි නංගි...ස්තූතියි ස්තූතියි...හැමදාම මට දිරියක් ඔයා,

    ReplyDelete
  28. @ චූටි මහත්තයා,

    අම්මප එහෙමත් කාලයක් තිබුන නෙවෙන්නම්...ටික දවසකින් ඒ පැත්තෙ ආවෙ නම් නෑ තමයි.....එන්නම්කො ඈ....

    ස්තූතියි චූටි මහත්තයටත්....

    ReplyDelete
  29. @ වත්,

    ස්තූතියි නංගි...අපොයි මේ පාර වගෙ බුසී උනේ නෑ වෙන කවදාවත්....දැන්නම තත්තෙ ටිකක් ඉතර රිලැක්ස්.......

    ආය අහවල් පාටියක්....හෙහ්, හෙහ්, ජීවිතේ දොලොස් මහකින් කෙටි උනා විතරයි නෙව.....

    ReplyDelete
  30. @ nawammawatha,

    ඇත්ත නවම්....ජිවිත මංපෙතේ ඊළඟ පියවර ඔසවන මංසන්ධියක් පමණි. No more...no less

    ReplyDelete
  31. @ Buratheno,

    හෙහ්, හෙහ්, තැන්කූ මලේ තැන්කූ....කවි එහෙමත් ගලනව ඕසෙට දැන් නේද?.....මරේ මරු....

    ඒක නෙවෙයි උඹලදෙන්නගෙ ජෙන්ඝිස් / කුබ්ලායි යුද්දෙ අහවර උනාද?....පුල් බුසී නිසා මේ දවස් වල ඒ පැත්තෙ හොදි විසි කරන්ට බැරි උනා නෙව.....

    ReplyDelete
  32. @ සඳරු,

    ස්තූතියි මලේ, ඒ පැත්තෙත් ආවෙ නෑ කාලෙකින්.....එන්නම්,

    ReplyDelete
  33. @ Dinesh,

    ස්තූතියි මල්ලි,

    ReplyDelete
  34. @ තිස්ස දොඩන්ගොඩ,

    ස්තූතියි තිස්ස...දන්නවනෙ ඉතිං...මගේ ලබැඳි සහෘදයා....

    කතරෙක තනිවුනු ඔබ අප ගෙවන ජීවිතේ,
    මිහිරෙක දැවටී ගතකල මියුරු අතීතේ,
    සිහිනෙක දියවුනු කඳුලකි බොඳවු අකාලේ,
    පිහිටට ඔබ පමණි සබඳ ඇත්තෙ එකම ලේ,

    ReplyDelete
  35. @ මධුරංග,

    ඒක නෙවෙන්නම් මල්ලි කියන්නෙ...අද නෙව ඒක, ස්තූතියි ඔබටත්,

    ReplyDelete
  36. Wish you a "Happy Birthday And Many Happy Returns"

    ReplyDelete
  37. සූභ උපන් දියනක් වේවා...!

    ReplyDelete
  38. මක් කිව්වා? sparring partner? මං තේරුම දැනං උන්නෙ නෑ, මධුරගෙන් ඇහුවම කිව්වා sparring කියන්නේ 'මිටි හරඹ' / 'මුෂ්ටි යුද්ධ' කියලා. හා හොඳයි, මං දැං කවදැයි අයියණ්ඩිත් එක්කලා ඔහොම යුද්ධයක් කොළේ?

    ReplyDelete
  39. ආං ඒක නෙවැ රවි අයියා.. දැං කියහං බලාන්ට කවද්දෑ ඒ දැරිවි උඹත් එක්ක යුද්ධ කොලේ කියාලා එහෙනං.. අර පොඩ්ඩක් විතර නුහුගුණේ වගේ තිබ්බට හොඳ කෙළී නෙවැ.. :)

    ඔවුවොවුවොවු.. සුජීවයි මායි සාම ගිවිසුමක් ගහලා ජෙන්ඝීස්/කුබ්ලායි යුද්ධෙ අහවර කොරලා දැම්මා..

    ReplyDelete
  40. ඊයේ ඉඳන් වෙලාව ටික ටික අරන් බ්ලොග් වල ඇවිදින්නේ. ඔන්න අදයි මේ පැත්තට ආවේ. පරක්කු උනාට සමා වෙන්න.
    අයියට සුභ උපන්දිනයක් වේවා..!!!
    ඇති වෙන්න පාටි ලැබෙන්න ඇතිනේ....:DDD
    ගතවු වසරට වඩා එළඹෙන වසර සුභ එකක් වේවා..!!!

    ReplyDelete
  41. සුභ බිලේටඩ් උපන්දිනයක් වේවා රවි අයියා...!!!!

    ReplyDelete
  42. @ Observer,

    Thanks Ob, thanks so much,

    ReplyDelete
  43. @ ගෝල්ඩ් ෆිෂ්,

    ස්තූතියි මාළු මලේ....

    ReplyDelete
  44. @ සිත්තමී,

    ඔන්න ඔන්න ඕක නෙව බොලේ කියන්නෙ....ඉතිං කොහොමෙයි කොරන්නෙ?......මම කියාපු දෙයින් බාගෙක තේරුම අල්ලගෙන නෙව ඔය උඩ පනින්නෙ....හෙහ්, හෙහ්,

    Sparring කිව්වම Boxing කියන තේරුම එනව,ඒක හරි, එතන ගැටළුවක් නෑ..ඒත් නංගි,..... Sparring Partner කියන්නෙ බොක්සිං තරඟ කරුවෙක්ගෙ කුසලතා දියුණු කරගන්ට නිතරම මිනිහ එක්ක සුහද තරඟ වල යෙදෙන, ඒ වගේම පුහුණු වීම් වලදි උදව් කරන පුද්ගලයෙක්.

    මම එහෙම කිව්වෙ මගෙ යම් ලිවීමේ හැකියාවක් තිබුන නම් ඒක වැඩි දියුණු වෙන්ට උපකාර කල අය අතර ඔයාත් ඉන්නව... මම දවසක් කිව්ව මතකෙයි මම කතාවක් ලියල පෝස්ට් කරල බලාගෙන ඉන්නෙ ඔයාගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද කියල කියල....ඒක තමයි සම්පූර්ණ ඇත්ත....ඔයාහෙ කතාව කියවනකොටම මගෙ හිතේඇඳෙනව කලින් තුන්හිතකවත් නොතිබිච්ච අදහස් සහ සංකල්පනා....

    අන්න ඒකයි බොල කෙල්ලෙ, මම You are my sparring partner කියල කිව්වෙ...නැතුව උඹ මා එක්ක යුද්ද කොලාය කියල එහෙම නෙවි.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  45. @ Buratheno,

    අම්මප උඹ තමයි මිනිහ....අර කෙල්ලයි මායි යුද්දෙක පටලවන්ඩ නේද උඹ දත කන්නෙ?....හෙහ්, හෙහ්,

    / සුජීවයි මායි සාම ගිවිසුමක් ගහලා ජෙන්ඝීස්/කුබ්ලායි යුද්ධෙ අහවර කොරලා දැම්මා.. /

    අන්න හොඳයි බොලං...ඔය තරහ මරහ මොකට තියාගෙන ඉන්නවද?.....මේ ඒක නෙවෙයි.....හනිබල් දන්නව නේද?....උඹ නොදැන ඉන්ට විදිහක් නෑ....මගේ ප්‍රියතම යුද සෙනෙවියෙක්...යුද ක්‍රමෝපායන් ගැන මිනිහට ගහන්ට කෙනෙක් අදටත් නෑ...

    ReplyDelete
  46. @ priyantha,

    ස්තූතියි ප්‍රියන්ත....

    ReplyDelete
  47. @ Beetle,

    බිලේටඩ් ස්තුතියක් වේවා මලේ ඔබටත්........

    ReplyDelete
  48. හික්ස්, බලාගෙන ගියාම අපි ඔක්කොම එකම බෝට්ටුවෙ නේ බං අයියෙ.. ඉතිහාසය (විශේෂයෙන්ම යුධ ඉතිහාසය) කියන්නෙ මගෙ ඕල් ටයිම් ‍ෆැව් මාතෘකාවක් නෙවැ.. :)

    ReplyDelete
  49. @ බූරෝ

    ඉස්තූති වේවා මගෙ සපෝට් එකට ආවට! හැබැයි ඔන්න අර රවි අයියා කියලා තියෙනවා වාගේ අපිව යුද්ධෙක පටලවන්න හැදුවනං එහෙම බොහොම නරකයි!

    @ රවි අයියා

    Sparring Partner කියන එකේ හරි තේරුම කියලා දුන්නට බොහොම පිං රවි අයියේ. ඒ වගේම මට ඒ තරම් ලොකු ප්‍රශංසාවක් කළ එක ගැනත් ස්තූති කරන්න වචන නෑ. මට ගොඩාක් සතුටුයි ඒ හැඳින්වීම ගැන. මෙන්න ඒ වෙනුවෙන් අයියණ්ඩිට මගේ උපහාරය.

    නොදුටු මිතු කැළ ගව් ගණන් දුර එකිනෙකා හා යා වෙනා,
    සොයුරු පෙම් දම් ලියලනා මේ සොඳුරු දහනේ රජ වෙනා,
    මියුරු ගී කවි රස කතා නුඹ පබඳිනා'යුරු දකිමිනා,
    'නොදුටු ගුරු' නාමෙන් පුදමි ඔබ කවි කතා සිත් පුබුදනා.

    ReplyDelete
  50. පරක්කුයි මම . ඒ වුනත් පමාවෙලා හරි සුබ උපන්දිනයක් ..සුබ අනාගතයක් වේවායි පතනවා රවී ..

    ReplyDelete
  51. @ Bindi,

    ස්තූතියි බින්දි......

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...