පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
දෙගිඩියාවෙන් මඳක් ලොක්කාගේ දොර අසල එකෙල මෙකෙල වූ මම හිතට දිරි ගෙන සෙමින් දොරට තට්ටු කලෙමි.
" Come in " ලොක්කාගේ විධානය පරිදි මම දොර විවෘත කොට කාමරයට ඇතුළු වුනෙමි.
මා දුටු වහාම රමණි අක්කා කුමක් කරනු ඇතිද යන්න පිළිබඳව නේවාසිකාගාරයේ සිට කාර්යාලයට එන තුරුම මම සිතට වද දෙමින් කල්පනා කලෙමි.
" අනේ මල්ලී බලන්න ගුණේට වෙච්චි දේ " කියමින් ඈ මා අබියස හඬා වැළපුනහොත් මම කුමක් කරන්නද?....." ජීවිතේ ඔහොම තමයි අක්කා ඕව ලබා උපන් හැටි " පවසා ඈ සනසවන්නේ කෙසේද? එසේ වුවහොත් ලොක්කා ඇතුලු කාර්යාලයේ අනෙකුත් සේවක පිරිස මා ගැන මොනවා නොසිතයිද?
මෙසේ දහසකුත් එකක් විපරීත කල්පනාවලින් සිත පුරවාගත් මම, දොර ඇර ලොක්කාගේ කාමරය තුලට පිවිසුනෙමි. කාමරය තුලට පියවරක් දෙකක් පිවිසියා පමණි. මම එසැනින් පාෂාණිභූත වූයෙමි.
පාෂාණිභූත වූවා යන්න හය හෝ හත වසරේ සිංහල පාඩමක් උගන්වද්දී අපේ සිංහල ගුරුවරයා වූ අමරසිංහ මහතා විස්තර කලේ මෙසේය. " ළමයි එකෙනෙහිම පාෂාණිභූත වූවා කියල කියන්නෙ එතනම ගල් උනා කියන එක. ඒ කියන්නෙ ඇස් අදහා ගත නොහැකි එහෙමත් නැත්නම් කිසිම ලෙසකින් කලින් දකින්නට බලාපොරොත්තු නොවුනු සිදුවීමක් එක් වරම දකින්නට ලැබුනම අපි එතනම් ගල් වෙනව වගෙ වෙනව කියන එකයි ඒකෙ අදහස."
" දැන් ඔය ළමයි එහෙම පාෂාණිභූත වෙච්ච අවස්ථාවක් කියන්න බලන්න " අනතුරුව අමරසිංහ මහතා විමසූයෙන් අපි අපේ මතකයේ ඇති එවන් අවස්ථා විස්තර කලෙමු.හදිසියේ අප ගමන් කල බසයේ මිනිසකු ගැටීම,නුපුරුදු පාරක ගමන් ගනිද්දී දරුණු පෙනුමැති බල්ලෙකු අප පසුපස හඹා ඒම වැනි සිද්ධීන් එ දවස පාෂාණිභූත වීමේ අපේ උදාහරණ විය. එහෙත් පාෂාණිභූත වීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මට අත්දැකීමට ලබුණේ එදා ලොක්කාගේ කාමරයේ දොර අසල සිට පියවර දෙකක් කාමරය ඇතුලට වූ ස්ථානයක දී බව මට ඕනෑම දේවාලයක දිවුරා ප්රකාශ කල හැක.
අතීතයට ආපසු යාමේ හැකියාවක් ඇතිනම් මම පාෂාණිභූත වීමේ අත්දැකීම අමරසිංහ මහතාට මෙසේ විස්තර කරදෙන්නෙමි " සර්,මම නම් ඇත්තටම පාෂාණිභූත වුනේ ලොක්කගෙ කාමරේ දොර ළඟදි රමණි අක්කව දැකපු වෙලාවෙ "
එසේමය හිතවත / හිතවතිය මා එදින පාෂාණිභූත වූයේ කිසිම ලෙසකින් දකින්නට බලාපොරොත්තු නොවූ දසුනක් ඇස ගැටුණු නිසාවෙනි.
ලොක්කා මේසය මත වැලමිටි රඳවා එකට බැඳගත් ඇඟිලි මත නිකට රඳවාගත් වනම එක එල්ලේ ඉදිරියට යොමු කරගත් බැල්මෙන් යුතුව මේසය පසුපස අසුන්ගෙන සිටියේය. ඔහුගේ මේ ඉරියව්ව මනසේ දැඩි නොසන්සුන්තාවය පිළිබිඹු කරන්නක් බව පළපුරුද්දෙන් අපි දැන සිටියෙමු.
ඔහු ඉදිරියේ අසුන් ගෙන සිටියේ මා කිසි දිනෙක නොදුටු වයස තිස්පහක පමණ කාන්තාවකි. ලා නිල් පැහැති සාරියකින් සැරසී සිටි ඈ ඉතා රූමත් එකියක වූවාය.මා දෙස හැරී බලා ඕ ආයාසයෙන් දෙතොලට සිනහවක් නඟාගත්තීය. මෙසේ තත්පර තිහක් පමණ ගෙවී ගිය ඉක්බිති ලොක්කා නින්දකින් පිබිදුනාක් මෙන් එක්වරම හිස ඔසවා මා දෙස බැලීය.
" වීරේ එන්න... එන්න... ඔය දොරත් වහගෙනම එන්න."
එකල මා හැඳින්වූයේ වීරේ යන නමින් බව ඔබගේ දැන ගැනීම සඳහා මෙහි සටහන් කරමි.
දොර වැසූ මම කාන්තාව අසුන්ගෙන සිටි අසුනට යාබද අසුනට බර දුනිමි.
" දන්නවද මේ කවුද කියල " ලොක්කා ඇසූයේ ඈ දෙසට සුරත දිගු කරමිනි.
ඈ කවුද යන්න මට හොඳින්ම අනුමාන කල හැකි වුවද මේ සිදුවන්නේ කුමක්ද යන්න අගක් මුලක් වටහා ගැනීමට නම් හැකි පමණ නිශ්ශබ්දව එනම් කට වසා කන් පමණක් විවෘත කොටගෙන හැකි පමන වේලා සිටිය යුතු යයි නිගමනයකට එලඹ සිටි මම හිස දෙපසට වනා නොදන්නා බව හැඟවීමි.
" මේ ගුණසේනගෙ වයිෆ්...."
" එතකොට......? " මම වැකිය ප්රශ්නාර්ථයකින් අවසන් කලෙමි.
" ඒක තමයි ප්රශ්නෙ....මේ තමයි ගුණසේනගෙ වයිෆ්..මේ තියෙන්නෙ වෙඩිං ෆොටෝ එක " ලොක්කා මා වෙත මේසය මත තිබූ පෝස්ට් කාඩ් ප්රමාණයේ ඡායාරූපයක් දිගු කලේය. එහි මුල් ඇඳුම් කට්ටලයකින් සැරසුණු ගුණේ අයියා සමඟ සිනාමුසු මුහුණින් සිටියේ මා ඉදිරියේ නිල් පැහැ සාරියකින් සැරසී සිටින කාන්තාවයි. කිසිදු සැකයකින් තොරව ඒ ඈමය.එසේ නැතහොත් ඇයට සම නිවුන් සොහොයුරියක් සිටිය යුතුය.
ඡායාරූපය ආපසු මේසය මත තැබූ මම ලොක්කා දෙස බලා සිටියේ කිව යුතු කිසිවක් සිහියට නඟා ගත නොහුනු නිසාය.
" මම දැන් වීරෙට එන්න කිව්වෙ මේ තත්වය පැහැදිලි කරල දෙන්න....දැන් මේ මිස්වත් එක්කරගෙන ක්වාටස් එකට යන්න. ඒ කරල වෙච්ච් දේ පැහැදිලි කරල දෙන්න. ගුණසේන කිට්ටුවෙන්ම ආශ්රය කලේ වීරෙ නිසයි මම මේ වැඩේ ඔයාට භාර දෙන්නෙ....මේ වැඩේ ප්රසිද්ධ උනොත් ඒක අපේ ආයතනයටත් කොහෙත්ම හොඳ මදි. ඒ වගේම ගුණසේනත් ලොකු කරදරේක වැටෙන්න ඉඩ තියෙනව.මිස්...මේ වෙච්චි වැඩේ මීට වඩා කාටවත් දැනගන්න තියන්න එපා...ඔයාලගෙ පවුලෙ අත්යාවශ්යතම අයට ඇරෙන්න. මම මේ කියන්නෙ ඔයාගෙයි දරුවො දෙන්නගෙයි ගුණසේනගෙයි හැමෝගෙම අනාගතේ ගැන හිතල. "
" වීරෙ එහෙමනම් කතාකරල ඉවරවෙලා මේ මිස් ව කදුරුවෙලට ගිහින් ඩ්රොප් කරන්න. ආපහු ගෙදර යන්නත් එපැයි....48 ට කියන්න මම කිව්වයි කියල"
48 යනු එකල අපේ කඳවුරේ රාජකාරි කටයුතු සඳහා භාවිතා වුනු ජීප් රථ අතුරින් හොඳම තත්වයේ ජීප් රථයයි
ඇය සමඟ....තවමත් ගුණේ අයියාගේ බිරිඳ ලෙස ඈ හැඳින්වීමට මගේ සිත මට ඉඩ නොදෙයි......නේවාසිකාගාරය වෙත යන තුරුම අප අතර කිසිදු කතා බහක් නොවීය. ඇය දැඩි කල්පනාවක නිමග්නව සිටි අතර මම කල්පනා කලේ ලොක්කා මා කරමත පැටවූ මේ වගකීම කිසිවෙකුට හානියක් නොවන පරිදි ඉටු කරන්නේ කෙසේ ද යන්නයි.
" අක්ක...මම ඔයාට අක්ක කිව්වට කමක් නෑ නේද?......" නේවාසිකාගාරයට ගොඩ වන අතර මම ඇගෙන් විමසීමි.
" අනේ කමක් නෑ මල්ලි " ඈ ආයාසයෙන් සිනහවක් නඟා ගනිමින් පිළිතුරු දුන්නාය.
" අක්ක, දවල්ට කාල ද ඉන්නෙ? "
" මඟදි බස් එක හබරණදි නැවැත්තුවාම තේ එකක් බිව්ව මල්ලි...."
" හරි අක්ක ඉන්න......ඩැනී......" මම හඬ උස්කොට ඩැනියෙල්ට කතා කලෙමි.
ඒ දිනවල අපගේ නේවාසිකාගාරයේ ඉවුම් පිහුම් කලේ ඩැනියෙල් නම් මැදිවියේ පුද්ගලයාය.
" ඩැනී දවල් බත් තියනවද? "
" බත් නම් තියනව...මහත්තය වෑංජන තමයි නැත්තෙ...."
" හරි, හරි, එහෙමනම් ටක් ගාල පරිප්පු ටිකක් උයල බිත්තරයක් බැදල ගන්න......මේ ඊට කලින් තේ දෙකක් හදල ගේන්න...ඩැනී ඇහුණය? "
" ඉතිං අක්ක...මට ඇත්තටම හිතාගන්න බෑ මේ කතාව කොතනින් පටන් ගන්නද කියල....මෙහෙ වෙච්ච දේ දැනටම ඔයා දන්නව ඇතිනෙ......ඔයා කියන්න අකමැතිනම් අතීතයේ මොනවද උනේ කියල මට දැන ගන්න ඕන කමකුත් නෑ.....ඒත් මම මේ කියන්නෙ සම්පූර්ණ ඇත්ත....මෙහෙ හිටියෙ ගුණේ අයියගෙ වයිෆ් නෙවෙයි කියල අපි කවුරුවත් නිකමට වත් සැක කලේ නෑ....."
" මල්ලි මේ ලියුම බලල ඉන්න ඔක්කොටම ඉස්සර...." අත් බෑගයෙන් ඉවතට ගත් තුනට හතරට නැවූ කඩදාසියක් ඕ මවෙත දිගු කළාය.
මතු සම්බන්ධයි.......
මේ තියෙන්නේ කතාව.
ReplyDeleteදැන් මට ප්‍රශ්නයක් වගේ එකක් ආවා. දැන් ගුනේ අයියාව ඇත්ත වයිෆ්ට පැවරුවම රවීට රමණි ගැන දුකක් හිතුනේම නැද්ද?
ඒ පාර තවත් අක්කෙක් ඇවිත්ද? වීරේ පෙර පිං කල බවක් පෙනේ.:D
ReplyDelete//එසේ වුවහොත් ලොක්කා ඇතුලු කාර්යාලයේ අනෙකුත් සේවක පිරිස මා ගැන මොනවා නොසිතයිද?//
නියම පිරිමියෙක් වගේ හිතලා තියනවා. අපරාදේ කියන්ට බෑ.:)
//පාෂාණිභූත වූවා කියල කියන්නෙ එතනම ගල් උනා කියන එක. ඒ කියන්නෙ ඇස් අදහා ගත නොහැකි එහෙමත් නැත්නම් කිසිම ලෙසකින් කලින් දකින්නට බලාපොරොත්තු නොවුනු සිදුවීමක් එක් වරම දකින්නට ලැබුනම අපි එතනම් ගල් වෙනව වගෙ වෙනව කියන එකයි ඒකෙ අදහස."//
මේ වචනේ තේරුම මේ විදියට විස්තර කර්ලා දුන්නු එක හොඳයි. නැත්නම ඉතින් 'ශබ්ද කෝෂ' පෙරලන්ට වෙනවනේ. මම නම් 'පාෂාණභූත' උනේ අර වලව්වේ තිබුනු කමෙන්ට් එක දැකලා.,:D:D
ලස්සනම ලස්සන කතාව. දැන් මෙතනින් නැගිටින්ට හිතත් නෑ.
හුටා.. රංගි කියලා තියෙන්නෙ ඇත්ත නෙවැ..
ReplyDelete@ Il mondo di una povera pazza
ReplyDelete/ දැන් ගුනේ අයියාව ඇත්ත වයිෆ්ට පැවරුවම රවීට රමණි ගැන දුකක් හිතුනේම නැද්ද? /
ඔන්න, ඔන්න, ඕකනෙ කියන්නෙ....කතාව කියන්න ඉස්සරවෙල ඔයාම කතාව මෙහෙමයි කියල උපකල්පනය කරල ඒ අනුසාරයෙන් ප්‍රශ්න අහනව.....එහෙම හරිද?
Your first assumption was a bull's eye. But that doesn't mean the second has to be accurate too.
@ පොඩ්ඩි,
ReplyDelete/ ඒ පාර තවත් අක්කෙක් ඇවිත්ද? වීරේ පෙර පිං කල බවක් පෙනේ.:D /
අම්මප මේ බොරුවක් එහෙම නෙවෙයි පොඩ්ඩියෙ....ඔය සිකුර කියන එකා ඉන්නව නේද?.....ඒ කාලෙ ඉඳම්ම මගෙ හෙවණැල්ල වගෙ තමයි......අක්කල විතරක්ද?....අර මම කිව්වෙ ඔෆිස් එකේ වසන්තී.....හෙහ්, හෙහ්, එයා ගැන කතාව ආයෙ වෙලාවක කියන්නංකෝ හොඳේ..........
ස්තූතියි පොඩ්ඩි..........ඔබේ පැසසුම හැමදාම මා දිරිගන්වන්නක්....
@ Buratheno,
ReplyDeleteඒකනෙව බං කියන්නෙ මුංට ඉව තියනව.....හෙහ්, හෙහ්, ඉව...ඉව.....බේරෙන්ඩම බෑ........
අපොයි දෙයියනේ මාවත් ගල් උනා...
ReplyDeleteCant wait to hear the rest. Post longer episodes, and more frequently please.
ReplyDeleteමන් හිතුව හරි, ඒ වුනාට මේකේ තව මොනා හරි තියෙනව කියලයි හිතෙන්නෙ අපිව හරියටම පාශානිභූත කරන්න.
ReplyDelete@ නිම්ශා,
ReplyDeleteහපොයි....මොකදෑ දැං කොරන්නෙ බොලේ?
@ s,
ReplyDeleteIf an episode would be much longer it would be somewhat tiring to read , dont you think?
Anyway i would post the next part ASAP...thanks for your appreciation.....
@ Observer,
ReplyDeleteදැන් මොනවයි ඔබ් හිතුවෙ?
ආය තියනව කෙහෙල්මලක් පාසානිබූත කොරන්න.......හෙහ්, හෙහ්,
ෂුවර් එකටම දැන් කතා නායකයට හිතෙනවා ඇති ගුනේ අයියට නම් එකට දෙකක්ම තියෙද්දී මට තමයි මුකුත් නැත්තේ කියල :D
ReplyDeleteඉක්මනටම අනිත් කොටසත් වැටේවි කියල හිතනවා!
හප්පච්චියෝ දැං ඊලඟ කොටහ වෙනකං මෙතුමායි අරුන්දැයි තට තනියම අර ගෙදර නේද?
ReplyDeleteඅම්මප මේ ලොක්කන්ට මොලේ නැති හැටි, නරින්ට කුකුල්ලු බාරදෙනවකියල මෙහෙමත් කරනවද. ඒ මදිවට ගොහිං ඇරලවන්නලු.
හ්ම්ම් මාර කතාවක්..
ReplyDeleteමූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.
ReplyDelete@ අමා,
ReplyDelete/ ෂුවර් එකටම දැන් කතා නායකයට හිතෙනවා ඇති ගුනේ අයියට නම් එකට දෙකක්ම තියෙද්දී මට තමයි මුකුත් නැත්තේ කියල :D /
හෙහ්, හෙහ්, අමා එහෙමයි හිතන්නෙ නේද?....අන්තිමට ගුණේ අයියට මොකවත්ම නැතිවෙයි කියල හිතෙන්නෙ නැද්ද?....නෑ මේ ...මම කිව්වෙ වෙනවට නෙවෙයි කියන්ට බෑ නෙව.....හෙහ්, හෙහ්,
@ nawammawatha,
ReplyDelete/ හප්පච්චියෝ දැං ඊලඟ කොටහ වෙනකං මෙතුමායි අරුන්දැයි තට තනියම අර ගෙදර නේද? /
/ අම්මප මේ ලොක්කන්ට මොලේ නැති හැටි, නරින්ට කුකුල්ලු බාරදෙනවකියල මෙහෙමත් කරනවද. ඒ මදිවට ගොහිං ඇරලවන්නලු. /
අම්මප කොච්චර කිව්වත් උඹේ කැතහිත නැතිකරගන්න බෑ නෙව බොට,අර අහිංසක කෙලී කොහොම ඉහ ගහගෙන ඉන්නවද කියල හිතෙන කොටත් බඩ පපුව හෝස් ගාල යනව......දෙයියම්ප.....
අය වෙන කරපු කෙහෙල්මලක් නෑ...බත් ඩිංගක් කන්ට දීල පිටත් කලා...අනික ඇරලුවෙ කුන්නෑගල බස්සෙකට බොල,
@ වර්ණා,
ReplyDeleteස්තූතියි වර්ණා.......
අනේ දෙවියනේ මේ මොකෝ වෙන්නේ.. :(((
ReplyDelete