පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
සයවන කොටස
සත්වන කොටස
ජීවිතය සුපුරුදු ලෙස ගලා ගියේය.අපේ සුපුරුදු දින චර්යාව ඔබ දැන් දන්නා හෙයින් නැවත ඒ පැවසීමට මම නොවෙහෙසෙමි.
ඊළඟ මාසය තුල සිදු වූ වැදගත්ම සිදුවීම නම් වසන්ති සහ මා අතර ලියලාගෙන ආ සම්බන්ධය ඇණ සිටීමය.ඈ ප්රසන්න පෙනුමැති සේම මනා ගති ගුණැති තරුණියකද වූවා යයි ඔබට මා පවසා ඇත. එතෙකුදු වුව ජීවිත කාලයටම දුක් සැප බෙදාගැනීමට සහ කෙටියෙන්ම පැවසුවහොත් ජීවිතය බෙදාගැනීමට අප සොයනා ආත්ම සහකරුවකු (Soul Mate)තුල මා සොයනා ඒ අතිරේක යම් දෙය මම අවාසනාවකට මෙන් ඈ තුල නොදුටිමි.
I didn't find that extra something you search for in a soul mate ,which you can't define how much you try,
වර්තමානයෙහිදි නම් මේ අතිරේක යම් දෙය '' මෙව්ව එක'' යයි හැඳින්වෙනු ඇත.එසේනම් මෙසේ පැවසීමට මට අවසර.....වසන්ති කොපමණ රුවැති සහ යහ ගුණයෙන් යුත් තරුණියක වුවද ඈ තුල මා සොයන '' මෙව්ව එක'' මම නොදුටිමි. එබැවින් අපේ සම්බන්ධය එතෙකින් අවසන් විය.
මේ මෙව්ව එක පිළිබඳව ඇයට කෙසේ පැහැදිළි කරන්නද?මට හැකි අයුරු ඒ සඳහා තැත් කලද ඒ සාර්ථක විනියැයි මම නොසිතමි.ඊට මාස දෙකකට පමණ පසු ඈ අපගේ කාර්යාලයට වඩා ප්රධාන මාර්ගයට ආසන්න කාර්යාලයකට ස්ථාන මාරුවක් ලබාගෙන අපගෙන් සමුගත්තාය.ඇය ඉතා කාර්යශූර මෙන්ම ප්රියමනාප යුවතියක වූ බැවින් ඇගේ ස්ථාන මාරුවට හේතු වූයේ මා යයි එකහෙලා තීරණය කල මගේ මිතුරන්ගේ නොයෙක් දෝෂාරෝපණ වලට ලක්වීමට ද මා හට සිදුවිය.
වසන්ති වෙනුවට නව පත්වීමක් ලබා පැමිණි යුවතියක් අප කාර්යාලයේ සේවය සඳහා එවා තිබිණි. "මේ අලුතෙන් කෙල්ලක් ඇවිත් ඉන්නව ඔෆිස් එකට.මේ කෙල්ලටවත් ටික දවසක් කරදරයක් නැතුව මෙතන රාජකාරිය කරන්ට දීල උඹ මෙහාට වෙලා ඉඳහං තේරුණාද?....ඔෆිස් එක පලාතෙ යනව එහෙම නෙවෙයි හරිද?...." මා මිතුරෝ මට තහනම් නියෝග පැණවූවෝය.මම හිස සලමින් ඒ පිළිගන්නා බව හැඟෙව්වෙමි.
වසන්තිගේ කාර්යශූර ස්වභාවය නිසා ලොක්කා ද ඈ කෙරෙහි බෙහෙවින් කැමැත්තක් දැක්වූ අතර ඇගේ ස්ථාන මාරුවට මා සම්බන්ධ බවට ඔහුට සැලවී ඒ පිළිබඳව මගෙන් විමසනු ඇතැයි බිය වූ මම සතියක් පමණ ගත වන තුරු කාර්යාලය අසලට වත් යාමෙන් වැළකුණෙමි.
ඔහුට මා පිළිබඳව සැල නොවිනි ද එසේත් නොමැතිනම් සැළ වුවද ඒ පිළිබඳව මගෙන් විමසීම නුසුදුසුයයි සිතුනි ද නොදන්නෙමි, ලොක්කා කිසි දිනෙක මගෙන් ඒ පිළිබඳව නොවිමසීය.
ඊට වසරකට පමණ පසු ඈ මංගල යෝජනාවක් අනුව ඇගේ ගම් ප්රදේශය ආසන්නයේම තරුණයකු සමඟ විවාහ වූවාය.
අප කාර්යාලයේ මා ද ඇතුළුව ඈ කිට්ටුවෙන් ආශ්රය කල කීප දෙනෙකුට ආරාධනා කොට තිබූ බැවින් අපි ගිනිගත්හේන ප්රදේශයේ ඇගේ නිවසෙහි පැවති මංගලෝත්සවයට සහභාගි වුනෙමු.
උඩරට සාම්ප්රදායික මනාලියක මෙන් සැරසුණු ඈ ඇත්ත වශයෙන්ම වෙනදාටද වඩා රූමත් වූවාය.අවසන අප සමුගනිද්දි මට පමණක් ඇසෙන සේ සෙමින් ඈ මෙසේ ඇසුයේ සිනාසෙමිනි "තවම අර Special some thing එක තියන එක්කෙනා හම්බ උනේ නැද්ද?"
"නැහැ අනේ තාම හොයනවා " මම ද සිනාසෙමින් පිළිතුරු දුන්නෙමි.
"මොකද උඹල දෙන්නගෙ මුකුළුව තාම තියනවද?"මිතුරෙක් අසුවේ ආපසු එන ගමනේදීය.
"නෑ මේ අපි දෙන්නගෙ පොඩි කතාවක්...." මම හඬ නඟා සිනාසුනෙමි.
"හුහ්, පොඩි කතාවක්....මම කිව්ව කියල හිතාගං " ඔහු මා දෙස බැලුවේ නොපහන් දෑසිනි..."දැං තමයි පොඩි කතා...අච්චර අපූරු කෙල්ල...අපරාදෙ...."
"අපූරු නේන්නම්....හෙහ්, හෙහ්," මම ඔහුගේ පිටට වැරෙන් පහරක් ගසමින් සිනාසුනෙමි.
වසන්තී මෙසේ මගේ ජීවිතයෙන් නික්ම ගියාය.
නැවත ප්රධාන කතා පුවතට එළඹීමට සුදුසු කාලයයි සිතමි.
මෙසේ ඒකාකාරී ලෙස ගෙවී ගිය වසරකට ආසන්න කාලයකට පසු දෙදින වැඩ මුළුවකට සහභාගී වීමට අප ආයතනය විසින් මා නම් කරන ලදී. විදේශීය රාජ්ය නොවන සංවිධානයක් විසින් බරපැන දරණ ලද ඒ වැඩමුළුව මහා පරිමාණ සංවර්ධන ව්යාපෘතීන් හේතුකොටගෙන පරිසරයට සිදුවන බලපෑම සහ ඒ අවම කර ගැනීම වැනි හෝ ඒ හා සමාන මාතෘකාවක් යටතේ පැවැත්වුනු බව මගේ මතකයේ ඇත.
නුවර තිලංකා හෝටලයේ වැඩ මුළුව පැවත්වුනු අතර නේවාසික පහසුකම් එහි සලසා තිබුන ද නිවසේ සිට සහභාගී විය හැකි බැවින් මම නේවාසික පහසුකම් අනවශ්ය බව දැන්වීමි.
සුපුරුදු ලෙස බහුතරයක් විදේශීය සම්පත් දායකයින්ගේ දේශන, පටල දර්ශන (Slide Show ) ප්රශ්න සහ පිළිතුරු සැසි අතරින් ඇදීගිය වැඩ මුළුව දෙවන දිනයට එලඹිණි.
දෙවන දිනයේ වැඩ කටයුතු ඇරඹී ටික වේලාවක් ගත වූ පසු "Excuse me please" පවසමින් ශාලාවට ඇතුලුවී මට මඳක් දුරින් අසුන් ගත් පුද්ගලයා දුටු මට එතෙක් දැඩි අවධානයෙන් අධ්යයනය කරමින් සිටි පරිසර හානි වළක්වාගන්නා ක්රමෝපායයන් එකෙනෙහිම අමතක විය.
ඒ ගුණේ අයියාය.
මගේ මතකයේ රැඳී ඇති රුවට වඩා මඳක් කෘෂ වුවද පෙර නොවූ පරිදි මුහුණ පුරා පැතිරුණු රැවුලක් සහිත වුවද කිසිදු සැකයකින් තොරව ඒ ගුණේ අයියාය.
දෙතුන් වරක් මා ඔහු දෙස බැලූවද දැඩි අවධානයෙන් දේශකයා දෙස බලා සිටි ඔහු මා නොදිටීය.
දිවා ආහාරය සඳහා වූ විවේකයේදී මම ඔහු සොයා ගියෙමි.පිඟානක් ද රැගෙන ආහාර පෝළිමෙහි සිටි ඔහු පිඟාන පසෙක තබා මහත් ප්රී තියෙන් සිනාසෙමින් මා වැළඳ ගත්තේය.
"මල්ලි... අප්පේ දැකපු කල්.....ඉතිං ඉතිං කොහොමද? දැන් බැඳල එහෙමද?"
"තවම නෑ අයියෙ....."ඔහු පසුපසින් පෝලිමට එකතුවෙමින් මම පැවසීමි.
"ඊයෙ මට එන්ට බැරිඋනා මල්ලි, ලියුම හම්බ උනෙත් ඊයෙ. මල්ලි දන්නවනෙ එහාට ලියුම් යන්නෙ කොහොමද කියල....."
"අයිය තාම වැලිඔය ද?"
"ඔව් මල්ලි තාම එහෙ, තව අවුරුද්දක් වත් එහෙ ඉඳලම එනව..."
අවශ්ය දෑ බෙදාගත් අප පසෙක අසුන් ගෙන ආහාර ගන්න අතර කතාවට වැටුණෙමු.
ඔහු කාර්යාලයේ අනෙකුත් සහෝදර නිලධාරීන් පිළිබඳ ව දැඩි උනන්දුවෙන් කරුණු විමසීය. සියලු විස්තර පවසා අවසානයේ නිහඬව අප ආහාර ගැනීමෙහි යෙදුනු මිනිත්තු කිහිපයකට පසු ගුණේ අයියා මා දෙස නොබලාම හඬ අවදි කළේය.
"මල්ලි..මම ඇත්තටම මල්ලිව හම්බ වෙන්න ලොකු උවමනාවකින් හිටියෙ.මල්ලි මා ගැන මොන විදිහට හිතාගෙන ඉන්නවද කියල මම දන්නෙ නෑ..බොහෝවිට ඒ වැරදි චිත්රයක් වෙන්න හොඳටම ඉඩ තියෙනව."
රමණි අක්කා සියළු විස්තර සඳහන් කොට මට ලිපියක් එවූ බව ඔහු නොදන්නා බව මට පැහැදිලි විය. ඒ පිළිබඳව ඔහුට නොපැවසීමට ද මම තීරණය කළෙමි.
"අදින් වර්ක්ෂොප් එක ඉවරයිනෙ. හවස යමු කොහාට හරි. නිදහසේ කතාකරන්න පුළුවන් තැනකට."
"නිදහසක් නම් මන්ද අයියෙ....යමුකො මම එක්ක යන්නම් නියම තැනකට."
සවස පහට පමණ වැඩ මුළුව අවසන් වූ පසු ගමන් මල්ලක්ද උරයේ එල්ලාගත් ගුණේ අයියාද සමඟ මම දළඳා මාළිගය අසලින් වැව රවුම දිගේ පැමිණ කොටුගොඩැල්ල වීදියේ කාසල් අවන් හලට ගොඩ වැදුනෙමු.
මගේ මතකය නිවැරදිනම් කාසල් අවන්හල පිහිටා තිබුණේ වර්තමානයේ විජිත යාපා පොත්හල ඉදිරිපිට ඇඟලුම් වෙලඳ සැල ඇති ස්ථානයේය.
එකල නුවර නගරයේදී අප මිතුරන් හමු වීමේ සහ මත්පැන් ස්වල්පයක් පානය කිරීමේ මධ්යස්ථානය වූයේ කාසල් අවන් හලයි.
ප්රසිද්ධ අවන්හලක මත්පැන් පානය කොට නොමැති කෙනෙකුට එහි පවතින අධික ඝෝෂාව, කළබලය සහ සිගරට් දුමින් නිරතුරුව පිරුනු අවකාශය කිසිසේත් ඔරොත්තු නොදෙන්නක් වියහැකි බව මම පිළිගනිමි.
එසේම ඒ සියලු දුෂ්කරතා මධ්යයේ වුවද ප්රසිද්ධ අවන් හලක මත්පැන් පානය කිරීමේ ඇති "ගතිය" වෙනත් කිසිදු ලෙසකින් ලබාගත නොහැකි බව ද ඒ හා සමානම සත්යයකි.
සවස හයට වත් නොවූ ඒ අවස්ථාවේ අවන්හලේ මේස බොහොමයක් හිස් වී තිබිණි. පසුපස වූ මැද මිදුල ආසන්නයේ කෙලවරක වූ රවුම් මේසයක අසුන්ගත් මම ගුණේ අයියා දෙස බැලීමි.
"මොනවද ගුණේ අයියෙ?"
"ඕල්ඩ් හොඳයි මටනම්, මල්ලිට ඕන දෙයක් ඕඩර් කරන්න."
"හරි ඕල්ඩ් බාගයයි, සෝඩ බෝතලයයි, මාළු බැදපුව දෙකයි, වඩේ පහයි,ගෝල්ඩ් ලීෆ් හතරයි"
තව එක් පුද්ගලයෙකු සමඟ පමණක් මත්පැන් පානය කිරීම ආරම්භ කිරීමේදී ඒ මගේ සුපුරුදු ඇණවුමයි.
බාගේ බෝතලය විවෘත කල මම අසෝක වීදුරුවේ කට්ටය ලඟට එනතුරු සෝඩා මිශ්ර අරක්කු පුරවා ගතිමි."චියර්ස්" වීදුරු එකට ගැටූ අපි වීදුරු බාගයක් හිස්කොට මේසය මත තබා ඇඹුල් වූ මුහුණින් යුතුව මාළු කැබැල්ලක් හපන්නට වීමු.
දෙවන වඩියද පානය කල ඉක්බිති මම සිගරට්ටුවක් ද දල්වාගෙන ගුණේ අයියාගේ මුහුණ බැලීමි.
"ඉතින් ගුණේ අයියෙ......."අවසන් නොවූ වැකිය අවකාශයේ ඉල්පෙමින් ගුණේ අයියාට අවස්ථාව පාදා දුන්නේය.
මතු සම්බන්ධයි.......
කොයි කාලෙද අප්පා මේ විජිත යාපා එක ඉස්සරහා අවන්හලක් තිබුනේ??
ReplyDelete//"මේ අලුතෙන් කෙල්ලක් ඇවිත් ඉන්නව ඔෆිස් එකට.මේ කෙල්ලටවත් ටික දවසක් කරදරයක් නැතුව මෙතන රාජකාරිය කරන්ට දීල උඹ මෙහාට වෙලා ඉඳහං තේරුණාද?....ඔෆිස් එක පලාතෙ යනව එහෙම නෙවෙයි හරිද?...."//
ReplyDeleteඔය තියෙන්නේ වැඩ....:D
කතාවේ මේ කෑලි නම් කලින් දැක්කේ නැහැ.
ඉතින් කතාවේ ඔය ඔක්කොමට පස්සෙද අරයා හම්බ උනේ??? :D:D
කතාව නම් එල, උබට් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දඩ ගහයිද දන්නෙ නැ, අර අවන්හලෙ සීන් එකට
ReplyDelete@ නිමන්ති,
ReplyDelete/ කොයි කාලෙද අප්පා මේ විජිත යාපා එක ඉස්සරහා අවන්හලක් තිබුනේ?? /
අයියෝ ඔයාල එතකොට පොඩි ළමයිනෙ..මට මතක විදිහට 1990 වෙනකල් වගෙ තිබුණා.
@ Poddi,
ReplyDelete/ කතාවේ මේ කෑලි නම් කලින් දැක්කේ නැහැ. /
මොන කතාව ගැනද ඔය කියන්නෙ?
/ ඉතින් කතාවේ ඔය ඔක්කොමට පස්සෙද අරයා හම්බ උනේ??? :D:D /
කව්ද මේ අරයා?
ඉතින් ගුනේ අයියා මොකෝ කිව්වේ?
ReplyDelete.@ ashen,
ReplyDelete/ කතාව නම් එල, උබට් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දඩ ගහයිද දන්නෙ නැ, අර අවන්හලෙ සීන් එකට /
ඒ මොකෝ දඩ ගහන්නෙ?...ඒව නීත්‍යානුකූල මත්පැන්හල්......
ස්තූතියි අශෙන්,
@ හසී,
ReplyDeleteහෙට, හෙට........
හෙහ්...හෙහ්... ඔය එන්නෙ ගුනේ අයියගෙ සයිඩ් එකත්.....
ReplyDelete'කාසල්' එක කියන්නෙ දවල්ට කෑම එහෙමත් සර්ව් කරපු තැනක් නේද?
එක ඇහැක් මොනවද අප්සෙට් එකක් වෙච්ච මැනේජර් කෙනෙකුත් හිටියද ඒකෙ?
ඇත්තටම අර "මෙව්ව එක" කියල කිව්වෙ මොකද්ද?
ReplyDeleteමැණික්
ඒ තරම්ම පොඩි ලමයිත් නෙවේ ..:-D ඒත් ඉතින් මට මතක නෑ.. ඒ කාලේ තිබුන සිංහල ජාතික හෝටලය දැන් නෑනේ.. ඒකේ වඩේයි,තෝසෙයි මේ දැනුත් මතක් වෙනවා..
ReplyDeleteමේක හරි අසාධාරනයි.................!!!!!!!!!!!!!!!!
ReplyDeleteදවසක් නීවාඩුවක් හරි අරන් මේක ලියපිය ඉක්මනට. උඹ අපිව පොඩ්ඩෙන් පොඩ්ඩ අවුස්සලා යන්නේ නිකන් අර බොහෝම අමාරුවෙන් ඉවසගෙන ඉන්න එකට සමච්චල් කරලා.
දැන් නම් පොල් පැලේ ගොනා දිහාට නෙමෙයි හැරෙන්නේ වගේ. ගොනා පොල් පැල එලව එලව කන්න වගෙයි යන්නේ.
හික්ස්...
මචන් කාලෙකින් මේ වගේ රස කතාවක් කියෙව්වේ නෑ. ඇත්තායි මේක දැන් අර කුඩු ගැහුවා හා සමාන වෙලා.
So we wait!
ReplyDelete@ Observer,
ReplyDelete/ 'කාසල්' එක කියන්නෙ දවල්ට කෑම එහෙමත් සර්ව් කරපු තැනක් නේද? /
අන්න හරි ඔබ්, ඒ කාලෙ කාසල් එකේ දවල් කෑම සර්ව් කලා...රෑ කෑම පැකට්ස් දුන්නා.....
/ එක ඇහැක් මොනවද අප්සෙට් එකක් වෙච්ච මැනේජර් කෙනෙකුත් හිටියද ඒකෙ /
එහෙම නම් මතකයක් නැහැ ඔබ්....හැබැයි කොළඹ වීදියෙ තියන වික්ටරි බාර් එකේ නම් ඔහොම ඇහැක කේස් එකක් තිබ්බ මැනේජර් කෙනෙක් හිටිය වගෙ මතකයක් තියනව,
@ මැණික්,
ReplyDelete/ ඇත්තටම අර "මෙව්ව එක" කියල කිව්වෙ මොකද්ද? /
I didn't find that extra something you search for in a soul mate ,which you can't define how much you try,
මෙව්ව එක කියන එක හරියට අර්ථ කථනය කරන්න බැරි එක නෙව මැණික් වෙලා ඇත්තෙ.....
Simply you can say the feeling you get " she is the one for me " or he is the one for me ",
@ නිමන්ති,
ReplyDeleteසිංහල ජාතික හෝටලේ නැතිවෙච්ච එකනම් හරිම පාඩුවක්..තවම සුළු පරිමාණයෙන් වැඩේ කෙරෙනව මම හිතන්නෙ....සිංහල ජාතික හෝටලේ ආප්ප ඉඳිආප්ප නූඩ්ල්ස් වලට ගහන්ඩ බෑ නුවර වෙන කොහෙවත්....
@ Il mondo di una povera pazza
ReplyDeleteමොකක්ද බං මේ ගොන්නුයි පොල්පැළයි කතාව.....උඹටයි බූරටයි මේක පිස්සුවක් වගෙ වෙලානෙ...හෙහ්, හෙහ්,ස්තුතියි පිස්සු ලෝකෙ......මට මෙතෙක් ලැබුණු හොඳම ප්‍රශංසාවක්.... la ringrazio molto, pazzo mondo,
@ s,
ReplyDeleteThanks s, just give me 2 more days,
දැං නම් මගෙ වනචර පරිකල්පනය උපරිම වෙලා තියෙන්නෙ මේ කතා කියවල. ඒක බොහොම අමාරුවෙන් හිර කොරං මෙහෙම කියන්නං
ReplyDeleteරවී අයිය කිසිම වෙලාවක මිනිස්සු වැරදියි කියල හිතන්න කැමති නෑ නේද? මම කියන්න මිනිස් බැඳීම් වලදි.
ඒක මේ කතාවෙනුත් මීට කලින් ලියපු කතා වලත් ගැබ් වෙලා තියන යට් අරුත නෙමෙයි කියල කියන්න පුළුවන්ද? හැම කෙනෙකුගෙම අඩු වැඩි වශයෙන් තියන අළු පාට කලාපය දිහා බොහොම සාධාරණ විදියට බලන හැටි අපූරුයි. ඒක මනුස්සයෙක්ගෙ ක්‍රියාවක් තනි ඇහැකින් බලල හරිද වැරදිද කියල කියනවට වඩා මේ ක්‍රමේ හරිම අමාරුයි. හැබැයි ප්‍රථිපලය මානුෂිකයි.
උඹි ලිවිල්ල හරිම සුන්දරයි බං අයියෙ.
ඇ බන් රවි අයියෙ උඹට අද කවුද කිව්වේ කතාව දික් කරන්න කියලා..................
ReplyDeleteඅඩේ මට මේක මග ඇරුනෙ කොහොමෙයි? එක කියෙව්වයින් පස්සෙ අද තමා ඔක්කොම කියෙව්වෙ.
ඒකත් හොඳයි ටික දවසකින් රසවත් ලියවිල්ලක් ආසාවෙන් කියෙව්වා...
හ්ම්ම් හ්ම්ම්ම් ලියමුකෝ ඔය බැඳීම්
අනේ මන්දා බන්......
පරණ සීන් මතක් වෙලා, කතාව අගය කරන්නත් අමතක වුනා.
ReplyDeleteමං හිතන්නෙ වික්ටරි එකයි කාසල් එකයි, දෙක එකට කලවන් කොරගෙන මම.
ඒ කාලේ ක්වීන්ස් එකේ, බාර් එකේ හෙන විසාලෙට ආප්ප සර්ව් කලා හවසට, ඇත්තටම බිත්තර ආප්පයක් එක්ක තව එකකට වඩා නං කන්න බෑ ලේසි පුතෙකුට.
නිකමට අහන්නෙ, කොටුගොඩැල්ල වීදියෙ ඉස්සර තිබ්බ 'අප්ලන්ඩ් ස්ටුඩියෝ' එක මතකද?
ඉතින් ඊට පස්සේ උනු දේ බලන්න අපි නොඉවසිල්ලෙන් මිත්‍රයා . . .
ReplyDeleteඊටපස්සෙ මොකද වුනේ කියනවද ඔයා... :)
ReplyDelete@ නවම්,
ReplyDelete/ රවී අයිය කිසිම වෙලාවක මිනිස්සු වැරදියි කියල හිතන්න කැමති නෑ නේද? මම කියන්න මිනිස් බැඳීම් වලදි. /
අපිට අපි කරන දේ ගැනවත් විශ්වාසයක් නැතිකොට තවත් කෙනෙක් කරන හෝ කරපු දෙයක් ගැන විනිශ්චයක් දෙන්න අයිතියක් අපට ලැබෙන්නෙ කොහොමද?.....එහෙම අයිතියක් අපට දෙන්නෙ කවුද?.....මිනිස්සු කරන කියන දේවල් ගැන මම හිතන්නෙ නවම්, ඔන්න ඔය පදනමේ ඉඳල......
/ ඒක මේ කතාවෙනුත් මීට කලින් ලියපු කතා වලත් ගැබ් වෙලා තියන යට් අරුත නෙමෙයි කියල කියන්න පුළුවන්ද? හැම කෙනෙකුගෙම අඩු වැඩි වශයෙන් තියන අළු පාට කලාපය දිහා බොහොම සාධාරණ විදියට බලන හැටි අපූරුයි. ඒක මනුස්සයෙක්ගෙ ක්‍රියාවක් තනි ඇහැකින් බලල හරිද වැරදිද කියල කියනවට වඩා මේ ක්‍රමේ හරිම අමාරුයි. හැබැයි ප්‍රථිපලය මානුෂිකයි. /
ඔන්න නවම් මගෙ ඇහැට කඳුලක් ආව.....මේ මිනිස් චරිත විග්‍රහයෙදි මම හිතන දේ, මම බලාපොරොත්තුවෙන දේ උඹ හරියටම තේරුම් අරන් තියනව.අවුරුද්දකට කිට්ටු කාලයක් මම ලියපු දේවල් අපතෙ ගිහිල්ල නෑ කියල හිතනකොට හිතට දැනෙන්නෙ පුදුම සතුටක්.ස්තූතියි නවම්, බොහොමත්ම ස්තූතියි....
/ උඹි ලිවිල්ල හරිම සුන්දරයි බං අයියෙ /
ස්තූතියි දහස් වාරයක් නවම්, උඹේ ප්‍රශංසාව මට වටිනව වචනයෙන් විස්තර කරන්නට බැරි තරම්.විශේෂයෙන්ම මේ සිංහල වියුණු අවකාශයෙ මම ගරු කරන වියුණු රචකයන් අතලොස්ස අතරින් ඉහළින්ම ඉන්න උඹේ ප්‍රශංසාව.......
වියුණුවක් කියවද්දි "' අඩේ, මටත් මේ වගෙ ලියන්න පුලුවන්නම් මොනතරම් අපූරුද?.....'' කියල මට හිතෙන වියුණු දෙක තුන අතර ඉහළින්ම තියෙන්නෙ උඹේ වියුණුව.....ඒ වගේම ලිවීම, මිනිසුන් දෙස සානුකම්පිතව නැත්නම් උපේක්ෂා සහගතව බැලීම ගැන මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත උඹේ වියුණුව කියවල......
ස්තූතියි නවම් ආයෙමත්.....
@ නිශ්,
ReplyDelete/ ඇ බන් රවි අයියෙ උඹට අද කවුද කිව්වේ කතාව දික් කරන්න කියලා................../
අද ගුණෙ අයිය බං.....
"' මේ මල්ලි, මම කරන්නෙ ඉල්ලීමක් නෙවෙයි.....මේක නියෝගයක්....මමයි මේ කතාවෙ ප්‍රධාන චරිතය.....මම නැත්නම මෙහෙම කතාවක් ඇත්තෙම නෑ...උඹ ඉස්සෙල්ල ලක්ෂ්මීට අවස්ථාව දුන්න....ඊට පස්සෙ රමණිගෙ ලියුමට මුලු එපිසෝඩ් එකක්ම වෙන් ක්ලා. මම මේ ඒකට දොස් කියනව කියල හිතනව එහෙම නෙවෙයි ඔන්න...ඒත් මල්ලියෙ මටත් මගෙ කතාව කියන්න අවස්ථාවක් නම් ඕනමයි ''
ඔන්න ඔහොමයි ගුණේ අයිය කිව්වෙ....බලාගෙන ගිහාම බොරුත් නෙවෙයි නෙව....මොකදෑ අසරණ මම කොරන්නෙ ඉතිං?
.@ Observer,
ReplyDelete/ ඒ කාලේ ක්වීන්ස් එකේ, බාර් එකේ හෙන විසාලෙට ආප්ප සර්ව් කලා හවසට, /
හෙහ්, ඔබ් ගිහිල්ල තියෙන්නෙ ලේසි පාසු තැන් වලට එහෙම නෙවෙයි....මම ජීවිතේට ක්වීන්ස් එකේ බාර් එකට ගිහින් නෑ.....
/ නිකමට අහන්නෙ, කොටුගොඩැල්ල වීදියෙ ඉස්සර තිබ්බ 'අප්ලන්ඩ් ස්ටුඩියෝ' එක මතකද? /
නුවරත් එක්ක මගෙ කිට්ටු සම්බන්ධය පටන් ගත්තෙ 1985 විතර පස්සෙ.......මාසෙකට සැරයක් ගෙදර ආහම මගෙ දිනචරියාව මෙහෙමයි....උදේම නුවර එනව....යාලුවො හම්බ වෙන්න යනව...ඊට පස්සෙ මැකලම් පොත්හල, ගුණසේන, කේ. වී. ජී. ( දැන් සරසවි තියෙන්නෙ එතන ) අන්තිමට විජිත යාපා....ඔය ඔක්කොම වන්දනා කරගෙන ඊට පස්සෙ යාලුවෙක් දෙන්නෙක් එක්ක කාසල් එකට....හීන්වට කර්මාන්තයක් එහෙම කරල දවල්ට කාල වැව රවුමෙ බංකුවකට වෙලා පොතක් කියවන ගමන් කෙල්ලො දිහාවෙත් බලන් ඉඳල හවස් වෙනකල් ඊට පස්සෙ කළුවර වැටීගෙන එනකොට බෑක් ටු හෝම්......
ඉතින් ඔය ඔබ් කියන අප්ලන්ඩ්ස් ස්ටුඩියෝ එක තිබ්බෙ ඊට කලින් වෙන්න ඕන...ඊට පස්සෙ තිබ්බ නම් සොරි මට මතක නෑ......
@ සහෝධරයා,
ReplyDeleteහරි හරි සහෝ.....හැකි විගස, හැකි විගස....
@ Buratheno,
ReplyDelete/ ඊටපස්සෙ මොකද වුනේ කියනවද ඔයා... :) /
කියන්නම් බොලේ ඉවසල ඉන්නකෝ මෙයා....: )