2002 වසරේ නොවැම්බර් මාසේ දෙවැනිදා........... ඒ කිව්වේ හරියටම ක්‍රිස්තියානු ආගමානුකූල ව ගත්තහම මළවුන්ගේ දා,
අපි දෙන්නා අතට කරගත් අපේ අත්............
ඒ විදිහට ම අත් නොහැර වසර 9ක් පුරාවට අල්ලාගෙන හිටියාට අපි දෙන්නාටම බොහොම පිං...... බොහොම ස්තුතියි....
අපි දෙන්නා අතට කරගත් අපේ අත්............
ඒ විදිහට ම අත් නොහැර වසර 9ක් පුරාවට අල්ලාගෙන හිටියාට අපි දෙන්නාටම බොහොම පිං...... බොහොම ස්තුතියි....
ඒ විදිහට අල්ලාගෙන ආපු අත් 2008 දෙසැම්බර් මාසේ පස් වනදා අපේම කරගත්ත අපි දෙන්නාට ආයෙමත් ස්තුතියි....
ඔන්න ඔහොම අත්වැල් බැඳගත් අපි 2009 සැප්තැම්බර් මස හත්වෙනිදා, අපට කිසිම දෙයක් නොවටිනා තරම් වටිනා ඒ පැටික්කි මේ ලෝකෙට ගෙනාවටත් අපි දෙන්නාට පිං...... නැවතත් අපි දෙන්නාට ස්තුතියි.
********************************
ඉතිං මීට වසර නමයකට පෙරාතුව අත්වැල් බැඳගත් අපි, සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද?
ඉතිං එහෙනං ඔන්න අපට සුභ පැතුම්
!!!!!!!!
අහ් ලව් ඇනිවසරිය . . එල එල . . . .49ක් 59ක් නෙමේ 109ක් විතරම එකට යන්න ලැබේවා . . .
ReplyDeleteඔන්න අපෙනුත් සුබ පැතුම්...
ReplyDeleteඕන් අපෙනුත් උනුම උනුම උනුම උනු සුබ පැතුම් ගොඩාක්...
ReplyDeleteඅනෙ අම්මේ ඇති යාන්තන්.. අර බොත්තම් සාප්පු ටෙම්ප්ලේටුව වෙනස් වෙලා...
මේ ටෙම්ප්ලේට් එක නම් මල් කෝටියයි!!!!! ජය වේවා !!!!
සුභම සුභ පැතුම් අක්කා..!!!
ReplyDelete"ඉතිං මීට වසර නමයකට පෙරාතුව අත්වැල් බැඳගත් අපි, සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද?"
අනිවායෙන්ම යන්න ඕන, එකට අවශ්‍යය ධෛයය, ශක්තිය ලැබෙන්න කියලා පතනවා...!!!!
අපෙනුත් සුභ පැතුම් කිව්වා..
ReplyDeleteසුබ පැතුම් ..............
ReplyDeleteඅපෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කා. ඔය අල්ලගත්තු අත් මේ ආත්මේ විතරක් නෙමෙයි ඊළඟ ආත්මෙත් අත් නොහැරේවා කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඑකුන් දස වසරක් පුරාවට,
ReplyDeleteකුසුම් පිපි ලඳු මැදින් නොවුව ද,
සෙනෙහෙ ගඟුලක් ගලා ගිය බව,
ලකුණු නොමැකී මඟ දිගේ,
සුරත අතැඟිලි බැඳුනු එදවස,
මතක මියයනු නොවේ කිසිදින,
ජීවිතය එක මිටට ගත්තෙමි,
සෙනෙහසේ අමදියෙන් නැහැවෙමි.
හෙහ්, හෙහ්....හෘදයාංගම....නෙවෙයි හදවතටත් ටිකාක් විතර පහලින්....ම්ම්..මොකක්ද ඒ හරියෙ තියෙන්නෙ..... හරි ලිවර් එක නේද?....ලිවර් කියන්නෙ හිංගලෙං.... වෘක්ක නේද?.....හරි වෘක්ක තමයි.......
එහෙනම් සාතිශය වෘක්කාංගම සුබ පැතුම් රන් සහ වාසනා......ඔබ දෙපලට වගේම රනූටත්!!!!.........හෙහ්, හෙහ්,
/ සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද? /
දෙයියෝ සාක්කි....සසර වසනා තුරාවට අර අහිංසකයට නිවනක් නොදෙන්ටම වගේ කම්පනාව.....හෙහ්, හෙහ්,.....එහෙමත් කොරන්ට එපා බොල.....මම කියන්ටද මෙහෙම කොරමු....ලබන ආත්මේ ඒ අහිංසකය රිලීස් කොරල දාපං.....හුස්මක් කටක් ගන්ට වත් එපාය මනුස්සයෙක් උනාම....ඊලඟ ආත්මෙ ඔන්න ඕනම නම් ආයෙ අත අල්ලගං.....නැත්නම් ඒ කොලුවට එපාම වෙයි......හෙහ්, හෙහ්,
සුබ පැතුම්...............!!!!
ReplyDeleteඔය ගොල්ලන්ට මගෙනුත් සුබ පැතුම් !!
ReplyDeleteමේ සුබ පැතුම හදවතින්මයි
ඔන්න මගෙනුත් ඔය දෙන්නාටම සුභම සුභ පැතුම්!
ReplyDeleteබ්ලොග් එකේ අලුත් ඇඳූමත් ලස්සනයි :)
උණුසුම් සුබ පැතුම් අක්කේ... ජය වේවා!
ReplyDeleteඅපෙනුත් සුබ පැතුම් ...රන් දිල්
ReplyDelete@ රවී ..
ලිවර් කියන්නේ අක්මාව නේද ...අනේ මන්ද බොඩි පාර්ට්ස් ටැපලිලා වගේ .
@ Bindi,
ReplyDeleteTongue in cheek Madam,......... entirely tongue in cheek......heh, heh,
ම්ම්..... Tongue කිව්වම ඇලදිව නේද?.....එතකොට Cheek කියන්නෙ....නිකට,
හරි...ඇලදිව නිකටෙ.......
අඩේ . . ඔය ඇදගෙන ආව වගේ ඉතුරු ටිකත් ඉදිරුයටම ඇදගෙන යන්න උඹල දෙන්නට . .. . නෑ නෑ තුන්දෙනාටම වාසනාව උදාවේවා . . . .
ReplyDeleteමගෙනුත් සුභ පැතුම්....!!
ReplyDeleteHappy Anniversary.
ReplyDeleteස්තුතියි දුකා අයියේ, පෝස්ට් එක දාපු අනිත් අතට කොමෙන්ට් එක ආවානේ
ReplyDeleteස්තුතියි පොඩ්ඩි.. සුභ පැතුමට
ReplyDeleteස්තුතියි දිලා........ හිකිස් බොත්තම් සාප්පුව නේද? ඒකට යන්න කිව්වා.
ReplyDeleteබොහොම ස්තුතියි නචියා මලේ........ ඔබ පැතූ ලෙසම ඉටු වේවා කියලා මම පතනවා
ReplyDeleteසී ජේ ගයාන් ස්තුතියි මිතුරේ.
ReplyDeleteඊ මේල් කවිකාරියටත් ස්තුතියි
එසේම වේවා කියලා පතනවා කසුන්. ස්තුතියි ඔබටත්
ReplyDeleteස්තුතියි රවී මගේ ලබැඳි සහෘදයා........
ReplyDeleteඔන්න ඉතිං මට කේන්ති යනවද කොහිද....... ඈ එතකොට එයා විතරයි අහිසංක නේද? හොඳයි හොඳයි :)
ස්තුතියි හිම කුමාරි
ReplyDeleteසඳරු බොහොම ස්තුතියි මලේ... මං ඔයාගේ පෝස්ට් කියවනවා. අනේ මොනවා කොමෙන්ට් කරන්නද කියලා හිතා ගන්න බැරුව කොමෙන්ට් නොකර එනවා...... සමහර ඒවාට මට ලියා ගන්න දෙයක් නැහැ. සමහර එව්වැයේ කියන්න ඕනෑ සේරම වෙන කවරු හරි කියලා
ReplyDeleteස්තුතියි පුසා මල්ලී....... ඇඳුම බොහොම අමාරුවෙන් හොයලා හොයලා ගත්තේ......
ReplyDeleteස්තුතියි හසී නගේ
ReplyDeleteස්තුතියි බින්දි
ReplyDeleteස්තුතියි ඕනයියේ...... ස්තුතියි
ReplyDeleteස්තුතියි වින්චැට් කිරිල්ලි
ReplyDeleteTHANKS RANGI AKKI
ReplyDeleteසුභ පැතුම් අක්කා... අවුරුදු නවය වගේ ඉදිරියටත් එකටම ඉන්න වාසනාව ලැබේවා...
ReplyDeleteස්තුතියි සුභ පැතුමට නිසුපා නංගි
ReplyDeleteඅඩේ බුකියෙ ඔය පින්තුරෙ දැක්කට මේ පෝස්ට් එක දැක්කෙ අදනෙ ඉතින්.. සමාව හම්බෙයිද මන්දා... :(
ReplyDeleteකොහොම උනත් ran නංගී හා dil මල්ලී, ඇත්තටම උඹලා දෙන්නාටම වාසනාවන්ත ඉදිරියකට සුභ පැතුම්... ඉදිරියට සැපම බලාපොරොත්තු විය නොහැකි අපේ දිවියේ ලැබෙන දුකත් සැපත් සමව බෙදාගෙන චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට වරම් පතනවා...
දැන් ඉතින් හෙළ ටයිපින් පුළුවන් එකේ තව බ්ලොග් එකක් කරමුද? නැත්නම් නාම මාත්‍රිකව ඉන්න ඔයාටත් බලතල ඉල්ල ගමු... හෙ හෙ
බොලාට මගේ සුබ් පැතුම්...............!
ReplyDeleteබොලාට මගේ සුබ් පැතුම්...............
ReplyDeleteස්තුතියි තනෝජා අක්කේ. මේකනේ වුනේ මං මේ පෝස්ට් එක දැම්මේ ඊයේ හවස. මං හිතන්නේ එතකොට ඔයා ගිහින්. හරි හරි කොහොම හරි ආවානේ. ඒක තමයි වටින්නේ.
ReplyDeleteබලමු නේද එයාටත් ලියන්න කියලා. වෙලා ඇති වෙලාවක.
ස්තුතියි නිශ්.......... බොටත්... :D
ReplyDeleteWish you guys all the best...!!!
ReplyDelete(අපි අව්රුදු තිස් දෙකක් ඈ...)
Thank you very much Obaa mama.
ReplyDeleteඅනේ වාසනාවන්. ඒ ගැනත් ලියන්නකෝ සංවත්සර දවසටම ලිපියක්.
දෙන්නා.. නෑ නෑ තුන්දෙනාටම නිදුක් නීරෝගී චිර ජීවනය පතමි...
ReplyDeleteස්තුතියි සඳා......
ReplyDeleteගෘදයාංගම සුභ පැතුම් අක්කේ... සිතු පැතූ සියලු දෑ ඉටු වන ආදරණීය දිගු ගමනකට සුභ පැතුම් සහ ආසිරි එක් කරනවා...
ReplyDeleteසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත...... ස්තුතියි ඔබටත්
ReplyDeleteහා දැං ඔහොම කොලාම හරිය ම අහන්නෙ. මං කිව්වෙ මේ බොලා දෙන්නට දෙන්න සුභ පතාගෙන පිං දීගෙන කේකුත් කවාගෙන. දැං මේ පණ ඇරං කොමෙන්ට් කොරන අපිට හුලං ඈ. උඹල දෙන්න නෙව දවසකටවත් ජෝඩුව අම්මප !
ReplyDeleteරන්දිල්, වාසනා උඹල දෙන්නට සුභ අනාගතයක් !
ඔයාලා දෙන්නට මමත් සුභ පතනවා.......
ReplyDeleteඒ වගේම අටවෙනි බිලියනයට සැලකියයුතු ප්‍රමානයකින් දායක වෙන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථණා කරනවා..........
යකෝ සුභ පැතුම්මයි පහුගිය පැය භාගෙ තිස්සෙම ටයිප් කොරේ!
ReplyDeleteඑළ එළ නගේ...ඔහොම යන්...ඉක්මනට එකා දෙන්න වෙලා, තව තව පවුල් ගහ දළු දාල සුවඳ මල් පිරිල ඉතිරිල යන්න ලැබේවා කිව්ව.
රවී,
අක්මාවට සිංහලෙන් කියන්නෙ කැවුත්ත, ඉන්ංග්‍රීයෙන් ලිවර්. එතකොට අක්මාව කියන්නෙ මොන භෂාවෙන්ද කියලනං මන් දන්නෙ නෑ හැබැයි :D
ස්තුතියි නවම් සුභ පැතුමට.....
ReplyDeleteනැතුං නැතුං........ මේ ඉන්නා තරමක් යාළු මිත්‍රයින්ට කේක් කෑල්ල කෑල්ල දෙන්න තරම් තාම වත්කමක් නැහැ මිතුරේ.... :D
ස්තුතියි ඇනෝ......
ReplyDeleteබලමු නේද? ඒ ගැනත් දැන් සලකා බැලිය යුතු කාලේ එළඹිලා වගෙයි
ස්තුතියි ඉංදික අයියා, පවුල් ගහ තව තව උස් කරගන්න තමයි අපිත් කැමති. ඔබේ සුභ පැතුම් එලෙසම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteසංවස්තරයක් ආයෙ එන්නෙ ලබන අව්රුද්දෙ
ReplyDelete