Wednesday, November 2, 2011

87. අපට සුභ පැතුම් !!!!!!!!

2002 වසරේ නොවැම්බර් මාසේ දෙවැනිදා........... ඒ කිව්වේ හරියටම ක්‍රිස්තියානු ආගමානුකූල ව ගත්තහම මළවුන්ගේ දා,
අපි දෙන්නා අතට කරගත් අපේ අත්............
ඒ විදිහට ම අත් නොහැර වසර 9ක් පුරාවට අල්ලාගෙන හිටියාට අපි දෙන්නාටම බොහොම පිං...... බොහොම ස්තුතියි....

ඒ විදිහට අල්ලාගෙන ආපු අත් 2008 දෙසැම්බර් මාසේ පස් වනදා අපේම කරගත්ත අපි දෙන්නාට ආයෙමත් ස්තුතියි....




ඔන්න ඔහොම අත්වැල් බැඳගත් අපි 2009 සැප්තැම්බර් මස හත්වෙනිදා, අපට කිසිම දෙයක් නොවටිනා තරම් වටිනා ඒ පැටික්කි මේ ලෝකෙට ගෙනාවටත් අපි දෙන්නාට පිං...... නැවතත් අපි දෙන්නාට ස්තුතියි.




********************************

ඉතිං මීට වසර නමයකට පෙරාතුව අත්වැල් බැඳගත් අපි, සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද?

ඉතිං එහෙනං ඔන්න අපට සුභ පැතුම්

!!!!!!!!





52 comments:

  1. අහ් ලව් ඇනිවසරිය . . එල එල . . . .49ක් 59ක් නෙමේ 109ක් විතරම එකට යන්න ලැබේවා . . .

    ReplyDelete
  2. ඔන්න අපෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
  3. ඕන් අපෙනුත් උනුම උනුම උනුම උනු සුබ පැතුම් ගොඩාක්...
    අනෙ අම්මේ ඇති යාන්තන්.. අර බොත්තම් සාප්පු ටෙම්ප්ලේටුව වෙනස් වෙලා...
    මේ ටෙම්ප්ලේට් එක නම් මල් කෝටියයි!!!!! ජය වේවා !!!!

    ReplyDelete
  4. සුභම සුභ පැතුම් අක්කා..!!!

    "ඉතිං මීට වසර නමයකට පෙරාතුව අත්වැල් බැඳගත් අපි, සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද?"

    අනිවායෙන්ම යන්න ඕන, එකට අවශ්‍යය ධෛයය, ශක්තිය ​​​ ලැබෙන්න කියලා පතනවා...!!!!

    ReplyDelete
  5. අපෙනුත් සුභ පැතුම් කිව්වා..

    ReplyDelete
  6. අපෙනුත් උණුසුම් සුභ පැතුම් අක්කා. ඔය අල්ලගත්තු අත් මේ ආත්මේ විතරක් නෙමෙයි ඊළඟ ආත්මෙත් අත් නොහැරේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  7. එකුන් දස වසරක් පුරාවට,
    කුසුම් පිපි ලඳු මැදින් නොවුව ද,
    සෙනෙහෙ ගඟුලක් ගලා ගිය බව,
    ලකුණු නොමැකී මඟ දිගේ,

    සුරත අතැඟිලි බැඳුනු එදවස,
    මතක මියයනු නොවේ කිසිදින,
    ජීවිතය එක මිටට ගත්තෙමි,
    සෙනෙහසේ අමදියෙන් නැහැවෙමි.

    හෙහ්, හෙහ්....හෘදයාංගම....නෙවෙයි හදවතටත් ටිකාක් විතර පහලින්....ම්ම්..මොකක්ද ඒ හරියෙ තියෙන්නෙ..... හරි ලිවර් එක නේද?....ලිවර් කියන්නෙ හිංගලෙං.... වෘක්ක නේද?.....හරි වෘක්ක තමයි.......

    එහෙනම් සාතිශය වෘක්කාංගම සුබ පැතුම් රන් සහ වාසනා......ඔබ දෙපලට වගේම රනූටත්!!!!.........හෙහ්, හෙහ්,

    / සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද? /

    දෙයියෝ සාක්කි....සසර වසනා තුරාවට අර අහිංසකයට නිවනක් නොදෙන්ටම වගේ කම්පනාව.....හෙහ්, හෙහ්,.....එහෙමත් කොරන්ට එපා බොල.....මම කියන්ටද මෙහෙම කොරමු....ලබන ආත්මේ ඒ අහිංසකය රිලීස් කොරල දාපං.....හුස්මක් කටක් ගන්ට වත් එපාය මනුස්සයෙක් උනාම....ඊලඟ ආත්මෙ ඔන්න ඕනම නම් ආයෙ අත අල්ලගං.....නැත්නම් ඒ කොලුවට එපාම වෙයි......හෙහ්, හෙහ්,

    ReplyDelete
  8. සුබ පැතුම්...............!!!!

    ReplyDelete
  9. ඔය ගොල්ලන්ට මගෙනුත් සුබ පැතුම් !!
    මේ සුබ පැතුම හදවතින්මයි

    ReplyDelete
  10. ඔන්න මගෙනුත් ඔය දෙන්නාටම සුභම සුභ පැතුම්!

    බ්ලොග් එකේ අලුත් ඇඳූමත් ලස්සනයි :)

    ReplyDelete
  11. උණුසුම් සුබ පැතුම් අක්කේ... ජය වේවා!

    ReplyDelete
  12. අපෙනුත් සුබ පැතුම් ...රන් දිල්

    @ රවී ..
    ලිවර් කියන්නේ අක්මාව නේද ...අනේ මන්ද බොඩි පාර්ට්ස් ටැපලිලා වගේ .

    ReplyDelete
  13. @ Bindi,

    Tongue in cheek Madam,......... entirely tongue in cheek......heh, heh,

    ම්ම්..... Tongue කිව්වම ඇලදිව නේද?.....එතකොට Cheek කියන්නෙ....නිකට,

    හරි...ඇලදිව නිකටෙ.......

    ReplyDelete
  14. අඩේ . . ඔය ඇදගෙන ආව වගේ ඉතුරු ටිකත් ඉදිරුයටම ඇදගෙන යන්න උඹල දෙන්නට . .. . නෑ නෑ තුන්දෙනාටම වාසනාව උදාවේවා . . . .

    ReplyDelete
  15. ස්තුතියි දුකා අයියේ, පෝස්ට් එක දාපු අනිත් අතට කොමෙන්ට් එක ආවානේ

    ReplyDelete
  16. ස්තුතියි පොඩ්ඩි.. සුභ පැතුමට

    ReplyDelete
  17. ස්තුතියි දිලා........ හිකිස් බොත්තම් සාප්පුව නේද? ඒකට යන්න කිව්වා.

    ReplyDelete
  18. බොහොම ස්තුතියි නචියා මලේ........ ඔබ පැතූ ලෙසම ඉටු වේවා කියලා මම පතනවා

    ReplyDelete
  19. සී ජේ ගයාන් ස්තුතියි මිතුරේ.

    ඊ මේල් කවිකාරියටත් ස්තුතියි

    ReplyDelete
  20. එසේම වේවා කියලා පතනවා කසුන්. ස්තුතියි ඔබටත්

    ReplyDelete
  21. ස්තුතියි රවී මගේ ලබැඳි සහෘදයා........

    ඔන්න ඉතිං මට කේන්ති යනවද කොහිද....... ඈ එතකොට එයා විතරයි අහිසංක නේද? හොඳයි හොඳයි :)

    ReplyDelete
  22. ස්තුතියි හිම කුමාරි

    ReplyDelete
  23. සඳරු බොහොම ස්තුතියි මලේ... මං ඔයාගේ පෝස්ට් කියවනවා. අනේ මොනවා කොමෙන්ට් කරන්නද කියලා හිතා ගන්න බැරුව කොමෙන්ට් නොකර එනවා...... සමහර ඒවාට මට ලියා ගන්න දෙයක් නැහැ. සමහර එව්වැයේ කියන්න ඕනෑ සේරම වෙන කවරු හරි කියලා

    ReplyDelete
  24. ස්තුතියි පුසා මල්ලී....... ඇඳුම බොහොම අමාරුවෙන් හොයලා හොයලා ගත්තේ......

    ReplyDelete
  25. ස්තුතියි හසී නගේ

    ReplyDelete
  26. ස්තුතියි බින්දි

    ReplyDelete
  27. ස්තුතියි ඕනයියේ...... ස්තුතියි

    ReplyDelete
  28. ස්තුතියි වින්චැට් කිරිල්ලි

    ReplyDelete
  29. සුභ පැතුම් අක්කා... අවුරුදු නවය වගේ ඉදිරියටත් එකටම ඉන්න වාසනාව ලැබේවා...

    ReplyDelete
  30. ස්තුතියි සුභ පැතුමට නිසුපා නංගි

    ReplyDelete
  31. අඩේ බුකියෙ ඔය පින්තුරෙ දැක්කට මේ පෝස්ට් එක දැක්කෙ අදනෙ ඉතින්.. සමාව හම්බෙයිද මන්දා... :(

    කොහොම උනත් ran නංගී හා dil මල්ලී, ඇත්තටම උඹලා දෙන්නාටම වාසනාවන්ත ඉදිරියකට සුභ පැතුම්... ඉදිරියට සැපම බලාපොරොත්තු විය නොහැකි අපේ දිවියේ ලැබෙන දුකත් සැපත් සමව බෙදාගෙන චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට වරම් පතනවා...

    දැන් ඉතින් හෙළ ටයිපින් පුළුවන් එකේ තව බ්ලොග් එකක් කරමුද? නැත්නම් නාම මාත්‍රිකව ඉන්න ඔයාටත් බලතල ඉල්ල ගමු... හෙ හෙ

    ReplyDelete
  32. බොලාට මගේ සුබ් පැතුම්...............!

    ReplyDelete
  33. බොලාට මගේ සුබ් පැතුම්...............

    ReplyDelete
  34. ස්තුතියි තනෝජා අක්කේ. මේකනේ වුනේ මං මේ පෝස්ට් එක දැම්මේ ඊයේ හවස. මං හිතන්නේ එතකොට ඔයා ගිහින්. හරි හරි කොහොම හරි ආවානේ. ඒක තමයි වටින්නේ.

    බලමු නේද එයාටත් ලියන්න කියලා. වෙලා ඇති වෙලාවක.

    ReplyDelete
  35. ස්තුතියි නිශ්.......... බොටත්... :D

    ReplyDelete
  36. Wish you guys all the best...!!!

    (අපි අව්රුදු තිස් දෙකක් ඈ...)

    ReplyDelete
  37. Thank you very much Obaa mama.

    අනේ වාසනාවන්. ඒ ගැනත් ලියන්නකෝ සංවත්සර දවසටම ලිපියක්.

    ReplyDelete
  38. දෙන්නා.. නෑ නෑ තුන්දෙනාටම නිදුක් නීරෝගී චිර ජීවනය පතමි...

    ReplyDelete
  39. ස්තුතියි සඳා......

    ReplyDelete
  40. ගෘදයාංගම සුභ පැතුම් අක්කේ... සිතු පැතූ සියලු දෑ ඉටු වන ආදරණීය දිගු ගමනකට සුභ පැතුම් සහ ආසිරි එක් කරනවා...

    ReplyDelete
  41. සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත...... ස්තුතියි ඔබටත්

    ReplyDelete
  42. හා දැං ඔහොම කොලාම හරිය ම අහන්නෙ. මං කිව්වෙ මේ බොලා දෙන්නට දෙන්න සුභ පතාගෙන පිං දීගෙන කේකුත් කවාගෙන. දැං මේ පණ ඇරං කොමෙන්ට් කොරන අපිට හුලං ඈ. උඹල දෙන්න නෙව දවසකටවත් ජෝඩුව අම්මප !

    රන්දිල්, වාසනා උඹල දෙන්නට සුභ අනාගතයක් !

    ReplyDelete
  43. ඔයාලා දෙන්නට මමත් සුභ පතනවා.......


    ඒ වගේම අටවෙනි බිලියනයට සැලකියයුතු ප්‍රමානයකින් දායක වෙන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථණා කරනවා..........

    ReplyDelete
  44. යකෝ සුභ පැතුම්මයි පහුගිය පැය භාගෙ තිස්සෙම ටයිප් කොරේ!
    එළ එළ නගේ...ඔහොම යන්...ඉක්මනට එකා දෙන්න වෙලා, තව තව පවුල් ගහ දළු දාල සුවඳ මල් පිරිල ඉතිරිල යන්න ලැබේවා කිව්ව.

    රවී,

    අක්මාවට සිංහලෙන් කියන්නෙ කැවුත්ත, ඉන්ංග්‍රීයෙන් ලිවර්. එතකොට අක්මාව කියන්නෙ මොන භෂාවෙන්ද කියලනං මන් දන්නෙ නෑ හැබැයි :D

    ReplyDelete
  45. ස්තුතියි නවම් සුභ පැතුමට.....

    නැතුං නැතුං........ මේ ඉන්නා තරමක් යාළු මිත්‍රයින්ට කේක් කෑල්ල කෑල්ල දෙන්න තරම් තාම වත්කමක් නැහැ මිතුරේ.... :D

    ReplyDelete
  46. ස්තුතියි ඇනෝ......

    බලමු නේද? ඒ ගැනත් දැන් සලකා බැලිය යුතු කාලේ එළඹිලා වගෙයි

    ReplyDelete
  47. ස්තුතියි ඉංදික අයියා, පවුල් ගහ තව තව උස් කරගන්න තමයි අපිත් කැමති. ඔබේ සුභ පැතුම් එලෙසම ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  48. සංවස්තරයක් ආයෙ එන්නෙ ලබන අව්රුද්දෙ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...