කථා අංක 01
දෙවන වැසියා : අම්මෝ... දෙයියෝ මගේ මූණ බලලා මට රස්සාව ලැබුනා. ඔය ඉන්ටර් වීව් එකට යන්න කලින් දවසේ මං බෝධි පූජාවක් තිබ්බා. දේවාලෙට ගිහින් භාරත් වුනා. ඒවායේ පිහිට තමයි ඉතිං

**********************
කථා අංක 02
a වැසියා : ඒක තමයි කියන්නේ. අපි බොහොම හොඳින් ජීවත් වෙන මිනිස්සු. මට වැරැද්දක් කලොත්, ඒකාට හොඳක් වෙලා නැහැ. ඔය පේනවානේ ඉතිං. ඒත් උන්දැ බැන්නා කියලා මගේ හිතේ වෛරයක් නැහැ. ඒකයි ඔය අතක් කැඩිලා ඉතිරි වුනේ.
b වැසියා : මං කාටවත් වරදක් කරන්නේ නැහැ. දැන් මේ ඇක්සිඩන්ට් එකම බලපං. වෙන එකෙක් නං මැරිලා. වැරැද්දක් නැති නිසා තමයි මේ අතක් කැඩිලා බේරුනේ.

b වැසියා : මං කාටවත් වරදක් කරන්නේ නැහැ. දැන් මේ ඇක්සිඩන්ට් එකම බලපං. වෙන එකෙක් නං මැරිලා. වැරැද්දක් නැති නිසා තමයි මේ අතක් කැඩිලා බේරුනේ.
**********************
කථා අංක 03
I වැසියා : අනේ අම්මාපල්ලා විලි සංගේ නැති එවුන්. පේනවද අර කෙල්ල ඇඳන් යන ඇඳුම. උඩටත් නැහැ පහළටත් නැහැ.
II වැසියා : අර බලන්නකෝ අර ඇන්ටිලා බලන් ඉන්න හැටි. ඉරිසියාවෙද කොහිද, ඇයි ඉතිං එයාලාගේ කාලේ මේ පැට්න් තිබුනේ නැහැනේ.... හි හි හි

II වැසියා : අර බලන්නකෝ අර ඇන්ටිලා බලන් ඉන්න හැටි. ඉරිසියාවෙද කොහිද, ඇයි ඉතිං එයාලාගේ කාලේ මේ පැට්න් තිබුනේ නැහැනේ.... හි හි හි

**********************
කථා අංක 04
A වැසියා : අපි ගත්තා විතරයි, ඉස්සරහ ගෙදර අයටත් ගන්න ඕනෑ වුනා කාර් එකක්. එදා ඉඳන්ම අපිව කොපි කරපු එක තමයි කලේ. ඔය ගේට්ටුවත් අපේ එක කොපි කරලා තමයි හැදුවේ.
B වැසියා : ඉස්සරහ ගෙදර අක්කා හැම තැනම කියනවාය කියන්නේ අපි එයාලාව කොපි කලා කියලා. හරි වැඩේනේ. ලෝකේ මුල්ම කාර් එක අරං තියෙන්නෙත් එයාලා, මුල්ම ගේට්ටුව දාලා තියෙන්නෙත් එයාලා. හිහ් හිහ් හිහ්
B වැසියා : ඉස්සරහ ගෙදර අක්කා හැම තැනම කියනවාය කියන්නේ අපි එයාලාව කොපි කලා කියලා. හරි වැඩේනේ. ලෝකේ මුල්ම කාර් එක අරං තියෙන්නෙත් එයාලා, මුල්ම ගේට්ටුව දාලා තියෙන්නෙත් එයාලා. හිහ් හිහ් හිහ්

*********************
කථා අංක 05
1 වැසියා : මචං මං අරූට දුන්නා ඇට්ටි හැලෙන්ඩ. හැරෙන හැරෙන පැත්තට දුන්නා. ඌ හිතුවා මදි මාත් එක්ක වාද කරන්න. හිමීන් මාරු වෙලා ගියා. හෙහ් හෙහ් හෙහ්
2 වැසියා : පිස්සුද මචං. ඌ මහ අමුම අමු පිස්සෙක්. මං ටිකක් කථා කරලා බැලුවා. ඔය වගේ හරක් එක්ක වාද කරලා වැඩක් නැහැ බං. මං එතැනින් මාරු වුනා.

2 වැසියා : පිස්සුද මචං. ඌ මහ අමුම අමු පිස්සෙක්. මං ටිකක් කථා කරලා බැලුවා. ඔය වගේ හරක් එක්ක වාද කරලා වැඩක් නැහැ බං. මං එතැනින් මාරු වුනා.

*********************
කථා අංක 06
අ වැසියා : මිනිහා ගිය උඩ. කොහොම හිටපු එකෙක්ද, ප්‍රොමෝෂන් එකත් එක්ක මිනිහා දැන් යන්නේ අඩි තුන හතරක් උඩින්. බලමුකෝ බලමුකෝ. අපිත් ඉන්නේ මේ රටේනේ
ආ වැසියා : ඉස්සර වගේ බැහැ දැන්. රෙස්පොන්සිබිලිටි වැඩි වෙලා. හැම කෙනාවම අතේ දුරින් තියා ගන්න වෙලා තියෙන්නේ. නැත්තං ඩියුටි එක හරියට කරන්න බැරි වෙනවා. ඩියුටි එකේදි යාළු කං බලලා බැහැ.

ආ වැසියා : ඉස්සර වගේ බැහැ දැන්. රෙස්පොන්සිබිලිටි වැඩි වෙලා. හැම කෙනාවම අතේ දුරින් තියා ගන්න වෙලා තියෙන්නේ. නැත්තං ඩියුටි එක හරියට කරන්න බැරි වෙනවා. ඩියුටි එකේදි යාළු කං බලලා බැහැ.

*********************
කථා අංක 07
පොඩි වැසියා : අම්මලා තාත්තාලා අපට යමක් කමක් හොයලා තියලා තිබුනා නං අද කොච්චර ලේසිද අපට. මෙච්චර නහින්න ඕනෑද, අල්ලපු ගෙදර කට්ටිය කොච්චර ලේසි පාසුවෙන් ජීවත් වෙනවද? අපි තාම පටන් ගත්ත තැන
ලොකු වැසියා : අපිත් ගොඩ නැගුනේ අපේ විහින්. දුක් විඳලා, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන, දරුවෝ හදාගෙන සේරම කර ගත්තේ අපි දෙන්නා. දරුවොත් දැන් තමන්ගේ ලෝක තමන්ම හදා ගන්ට ඕනා. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. නැත්තං ලේසි පාසුවට ගියහම ආඩ තාලෙට යනවා.

කථා අංක 08
1.1 වැසියා : නොගිහිනුත් බැහැ. ගියේ නැත්තං තැන් තැන් වල ආඩපාලි කිය කියා යයි. ඔන්න ඔහේ ගිහින් එමු.
1.2 වැසියා : මං නැත්තං උන්දැලා මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා. ඒකනේ අවුරුද්දකට සැරයක් බරටම අරගෙන මගේ කකුල් දෙක ගාවට එන්නේ.

1.2 වැසියා : මං නැත්තං උන්දැලා මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා. ඒකනේ අවුරුද්දකට සැරයක් බරටම අරගෙන මගේ කකුල් දෙක ගාවට එන්නේ.

*********************
කථා අංක 09
මයිනර් වැසියා : එව්වා හඳේ. අලුතින් ඇවිල්ලා අපිට පාර්ට් දාන්න ! අපි එදා ඉඳන් හිටපු මිනිස්සු. අද්දියක්සතුමාත් මාත් එක්ක අඩි ගහලා තියෙනවා. අද ඊයේ ආපු එවුන් කොහිද අපිත් එක්ක හැප්පෙන්නේ?
සීනියර් වැසියා : මේ ඔෆිස් එකේ ඩිසප්ලීන් නම් අන්තිමයි. මයිනර් ස්ටාෆ් එකට කියලා තේ එකක්වත් ගෙන්න ගන්න බැහැ. ඩිරෙක්ටර්ස්ලාගේ වැරදි තමයි ඉතිං. ඉදිරියේදී මං මේ ගැන නිසි පියවර ගන්නවා.
සීනියර් වැසියා : මේ ඔෆිස් එකේ ඩිසප්ලීන් නම් අන්තිමයි. මයිනර් ස්ටාෆ් එකට කියලා තේ එකක්වත් ගෙන්න ගන්න බැහැ. ඩිරෙක්ටර්ස්ලාගේ වැරදි තමයි ඉතිං. ඉදිරියේදී මං මේ ගැන නිසි පියවර ගන්නවා.
*********************
කථා අංක 10
ආනා වැසියා : ඔයැලැයි අම්මලා අර කුඹුක් ගහ කෑල්ල මල්ලිට ලිව්වානේ. යස කුඹුරු කෑල්ල. ඉන්නකං කන්න අස්සද්දන්න පුළුවන්. කොච්චර වුනත් ඔයා ඒක අස්සද්දන්න වෙච්චි මහන්සිය හිතලාවත් අම්මලාට ඒක අපට දෙන්න තිබුනා. තේක්ක කෑල්ලෙන් මොනවා කරන්නද අපි? ඔය තේක්ක පැල වලට සාත්තු කර කර ඉන්න තමයි වෙන්නේ ඔයාට හැමදාම
ආවන්නා වැසියා : බලන්න අච්චර වටිනා තේක්ක කෑල්ල, අයියාට ලිව්වානේ. ඔයාට මේ වෙල දීලා. දැන් ඉතිං අස්සද්දපංකෝ පණ දාගෙන. අයියා යසට තව අවුරුදු 8කින් 10කින් ගස් ටික කපලා කෝටිපතියෙක් වෙයි. ඔයා? ඔයා නිකම්ම නිකං ගොයියා තමයි ඉතිං.

මේ කථා ටික කියවලා, මහා නරි දැක්ම දැක ගන්න බැරි වුනා නං ඒකත් බලලාම යන්න එහෙනං
මේ කථා ටික කියවලා, මහා නරි දැක්ම දැක ගන්න බැරි වුනා නං ඒකත් බලලාම යන්න එහෙනං
මම යනු
ReplyDeleteඔබ මා ගැන සිතන ආකාරයත්
මම මා ගැන සිතන ආකාරයත් නොව
ඔබ මා ගැන සිතන ආකාරය ගැන , මා සිතන ආකාරයයි ........
සඳ සඳ වගේ
ReplyDeleteතරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ
ඇයි උං
උං උං වගේ :D
කථා ටික කියෙව්වා පිස්සියේ... මේව කොහෙන් ගලාගෙන එනවද කියල හිතෙනවා මට... මේ ඒක නෙමේ “ආඩ තාලෙ“ කියන්නෙ මොකක්ද බන්,
ReplyDeleteරන්දිල් මහගෙ : කාලෙකින් බ්ලොග් එකේ මොකවත් ලියන්න බැරි උනා. පහුගිය ටිකේම මාර වැඩ තොගයක් නෙව අප්ප මගෙ ඉහ මත කඩා වැටුනෙ....ලොක්කොත් ඉතිං පණ කඩාගෙන වැඩේ කරන මිනිහටම තමයි වැඩ පංගාර්තු කරන්නෙ, අර රවීට පිං සිද්ද වෙන්ට යන්තං බ්ලොග් එකේ මොන මොනව හරි ලියවෙනව....වැඩකට ඇති දේවල් නම් නෙවෙයි ඒ ගොබිල ලියන්නෙ.....එළොවටත් නෑ...මෙළොවටත් නෑ,....ඒත් මොනව කරන්ටද?.....ඔහොමවත් මදෑ.....මූණ බලාගෙන කෙලින්ම කියන්ටත් මහ මොකක්ද වගේ...මේක හරි යන්නෙ නෑ...ඉක්කනට වැඩ ටික එකලාසයක් කොරල දාල මොනව හරි ලියල දාන්ට ඕන බ්ලොග් එකේ වැදගත් දෙයක්....හිහ්, නැත්තං හතර විළි ලැජ්ජාවයි.....
ReplyDeleteලොක්කා : හ්ම්ම්ම්....රන්දිකා මොනවද අර කොම්පියුටරේ දිහා බලාගෙන හිනා වෙවී කොරන්නෙ?.....මම හොඳටම නෝට් කලා, පහුගිය ටිකේ හරියට වැඩක් කලේම නෑ.....වැඩත් එන්න එන්නම කිසිම කමකට නෑ....හිනා වෙවී ඉන්න එක තමයි වැඩේ....ඔය බොලොග්ද මක්කද ලියනවයි කියල මට පොඩි ආරංචියකුත් ආව....ඒක තමයි එහෙනම් මේ හොරේ.....හරි පහුගිය ටිකේ ලැප් ටොප් එකක් ඉල්ලල කෙඳිරි ගෑවෙත් මේකටම තමයි...දෙන්නං ලැප් ටොප් එකක්....අර ....ආයෙම හිනාව...ඉඳපං හෙට දෙන්නං ඔලුව උස්ස ගන්ට බැරි වෙන්ට වැඩ.....රන්දිකා දන්නෙ නෑ මයෙ හැටි....හෙහ්, හෙහ්,
මිනිස්සු විවධාකාරය..එබැවි නන් එකම ලොව නන් ලෙස පෙනෙයි..
ReplyDelete.ඒත් විවිධාකාර මානයන් එකම පෝස්ටුවකින් එළිදැක්වීම හරිම පුදුමය..
ලියවීම අපූරුවට පරිණත වේගන එන සැටියි
ReplyDeleteමෙව්වා නිකං "යමක වග්ග" වාගේ
කොහොමද තුන්වැනි හතරවෙනි පාර්ශව එකතු වුනාම
හප්පේ රවී මහතැන්ගේ ඔලොක්කුවේ මහත
දිලා : හිකිස්... මරු ! ඕන් මම ආසම ජාතියෙ එකක් :) ජය වේවා
ReplyDeleteරන්දුනා: ඕන් බලහල්ලකො, හදිසීයට එකක් ලියල දැම්මම මරුලු !
හිකිස් :)
@වත්,
ReplyDeleteඔබගේ අදහස් දැක්වීම් ගැන සතුටුයි
@පූසා,
ReplyDeleteඇයි ඒ විතරක්ද පුසෝ පුසෝ වගේ :D
@තනෝජා අක්කා,
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීම ගැන.
කාලයක් තිස්සේ සමාජයේ එක එක සිද්ධි දැක දැක, ඒවා බල බල එකතු කරගත්ත කාරණා ටිකක් තමයි මේ.
ආඩ තාලේ කියනවා ආඩ තාඩේ කියනවා. ඔහේ නිකං නිකං ඉතිං දන්නේ නැද්ද........... ආන් එක තමයි ආඩ තාඩේ කියන්නේ......... හි හි
@රවී,
ReplyDeleteහි හි
ඔන්න ඉතිං.....
හරි පහුගිය ටිකේ ලැප් ටොප් එකක් ඉල්ලල කෙඳිරි ගෑවෙත් මේකටම තමයි...දෙන්නං ලැප් ටොප් එකක්....අර ....ආයෙම හිනාව.
මේක දැකලා මට ඇත්තටම හිනා ගියා. දන්නවානේ ඉස්සරහ තියෙන වීදුරු කෑල්ල. බොස් තුමා වැඩක හිටි නිසා උතුමා දැක්කේ නැහැ මගේ කට බොකොස් ගාපු හැටි...........
@ රූ,
ReplyDeleteඔබගේ පළමු පැමිණිම කියලායි මට හිතෙන්නේ. බොහොම සතුටුයි පැමිණීමටත් අදහස් දැක්වීමටත්.
@තිස්ස අයියා,
ReplyDeleteස්තුතියි අයියේ අදහස් දැක්විම ගැන. මිනිස්සු විෂමයි. අදහස් විවිධාකාරයි. ලෝකය ගෝලාකාරයි. විතරක් නෙමෙයි රඟ මඩලක්. අපි එහි නළුවෝ වෙමු. ආ නැහ් නැහ් රංග ධරයන් වෙමු........... :D
@ දිලා,
ReplyDeleteහි හි.......
එක දවසින් ලිව්ව බව නං සහතික ඇත්ත. ඒත් හදිස්සියේ නං නෙමෙයි. :D කාලයක් එකතු කරපු කරුණු ටිකක් ගැට ගැහැව්වේ
හික්ස්... පට්ට කතා ටික අක්කා... ඕනෑම සිදුවීමක පැති තුනක් තියෙනවවා කියනවානෙ. මගෙ පැත්ත,ඔයාගෙ පැත්ත සහ හරි පැත්ත.. :))))
ReplyDelete@නිසුපා,
ReplyDeleteස්තුතියි නංගි අදහස් දැක්වීම ගැන.
හරි පැත්ත ලේසියකට පේන්නේ නැති එක තමයි ලොකු ම අවුල නේද?
@නිසුපා & Randil
ReplyDeleteපැති තුනක්වත් තියෙනවානම් ටිකක් හරි සතුටුයි... ගොඩක් වෙලාවට තියෙන්නේ පැති දෙකයිනේ...
එක්කෝ
මගේ පැත්ත සහ වැරදි පැත්ත...
නැත්තම්,
ඔයාගේ පැත්ත සහ හරි පැත්ත...
@ Beetle,
ReplyDeleteඒ කථාව නං හරි, ඒත් සමහර වෙලාවට තුන් පැති තියෙනවා, එක එක අය එක එක පැති හරි කියනවා.
උදාහරණයක් කියන්නද?
JVP, SLPF AND UNP හි හි හි
ඉතින් හරි පැත්තත් කිව්ව නං
ReplyDeleteඅනේ මන් නං දල්ලේ නැහැ ඔබා මාමේ.........
ReplyDeleteඔය එක එක අය කියනවා එක එක එව්වා. මටත් එක එක වෙලාවට එක එක එව්වා හිතෙනවා. මාත් තාම හරි පැත්ත හොයනවා...
හැම ප්‍රශ්නෙකට තුන් විදිහක් තියෙනවනෙ.
ReplyDeleteඔයා හිතන විදිහ
මම හිතන විදිහ
හරි විදිහ.
රන්දිල්, ඔන්න මං අදමයි ආවේ. මාව සාදරයෙන් පිළිගත්තා මමම.
henryblogwalker the Dude
මල් හතයි, ගොඩක් කාලෙකින් කියවපු වෙනස්ම සටහනක්, ආයෙ ආයෙ හිතන්න දේවල් තියනව.
ReplyDeleteපැන්ඩට මේ බ්ලොග් එක මොන හෙතුවකින් මඟ ඇරුනද කියල මම දන්නෙ නැ..හැබැයි ආයෙ නම් එහෙම වෙන්න දෙන්නෙ නැ.
ReplyDeleteඅපුරු බ්ලොග් එකක් ...අපුරු ලිවිල්ලක්...
@henryblogwalker the Dude,
ReplyDeleteආ, කෝච්චියට හැප්පෙන්න ගිහින් මං වගේම මරණාසන්න අත්දැකීම ලබලා, පස්සේ වෙව්ලපු මිතුරා......
සාදරයෙන් ඔන්න නිදහස් සිතුවිලි වැසියොත් ඔබව පිළිගන්නවා
ආ නවම් පුතාත් ඇවිල්ලා තියෙන්නේ...... සතුටුයි සතුටුයි අදහස් දැක්වීම ගැන
ReplyDeleteආ මේ ගූගල් බස් වල ඉන්න පැන්ඩාම වෙන්න ඇති නේද? අර බදුල්ල පැත්තේ ඉන්නවාය...... ඉස්කෝලේ වගේ ඇටන්ඩන්ස් මාර්ක් කරන කැම්පස් එකක ඉන්නවාය කියලා අද කියලා තිබුනේ.
ReplyDeleteබොහොම සතුටුයි ඔබේ ආගමනය ගැන. ඔබවත් සාදරයෙන් පිළි ගනිමු.