පහු ගිය සතිය තමයි සතිය......... අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත විෂයයන් 7ක දැනුම පැය තුනේ එව්වා 7කින් පෙන්වන්න තිබුණු සතිය....... ආයේ ඉතිං මොනවද අහලා තිබ්බ එව්වාට ලියන්න පුළුවන් උපරිමයෙන් ලිව්වා. සමහර වැදගත් දැනුම කොටස් අපරාදේ, අහලා තිබුනේ නැහැනේ......... ඒකත් මං දන්නවා ඔයාලා ඇහැව්වේ නැතුවට හරිද? වගේ කියුං ටිකකුත් වටින් ගොඩින් ලියලාම ආවා....... නැත්තං අපරාදේනේ නේද?
ඉතිං ඔය පරීක්ෂාව පටන් ගත්ත දවසේම ජංගම දුරකථනයේ ටොයිං ටොයිං ටොයිං හඬින් සද්දයක් ඇවිත් බැටරිය බැහැලාම ගියා. අනේ වාසනාවන්!!!! ඒකත් ජයසිරි මංගලම්!!!!!! ඉතිං පරීක්ෂාව ඉවර වෙනකම් දවස් 4ක් ෆෝන් එක ඕෆ්.
ඔන්න ඔහොම ගිහින් අන්තිම දවසේ එක විෂයයි තිබුනේ. ඒක අහවර වෙලා පාවී පාවී වගේ තමයි කන්තෝරුවට ආවේ. හප්පේ දැනුනු සනීපේ. ඇයි ඉතිං ඔළුව උඩ තිබුනු දැනුම බර සේරම අකුරු කරලා , කොල මත සටහන් කරලා හමාරයිනේ. ආයේ ඉතිං කථා දෙකක් නැහැ කඩදාසි බර ගත්තත් සිම්පල් පාස් එකක් ඇති. (දැන් නං කිසිම දෙයක් අහන්න එපා එකක්වත් ඔළුවේ නැහැ)
සති අන්තය සැහැල්ලුවෙන් සැහැල්ලුවෙන් සහ සැහැල්ලුවෙන් ම ගත කරන්න හිතාගෙන සිකුරාදා ගෙදර ආවා. සෙනසුරාදා රෑ මගේ හොඳම මිතුරිය අපව අත් හැරගොස් තුන් අවුරුද්දක් පිරීම නිමිති කොටගෙන පැවැත්වෙන බණ හා ඉරිදා එහිම දානය යෙදී තිබුනා. ඒවාටත් සහභාගි වෙන්න කටයුතු සුදානම් කරගන්න හිතාගෙන තමයි සති අන්තයට ගොඩ වුනේ.
හප්පේ ෆෝන් එක ඕන් කලා විතරයි. ටිකිං ටිකිං, ටිකිං ටිකිං, ටිකිං ටිකිං, ඇලර්ට් ඇස් ඇම් ඇස් එනවා එනවා එනවා. ඔය අතරේ පාසල් කාලේ මිතුරියක්, බැනලා ඇස් ඇම් ඇස් එකකුත් එවලා. මාස දෙකකට උඩදි මං පොරොන්දු වෙලා එයාගේ නංගිගේ ගෙදරට සැලසුමක් ඇඳලා දෙන්න, ඒ ගැන බලන්න විභාගේ ඉවර වෙච්චි ගමන් සෙනසුරාදා එනවා කියලා. එයාලා දිගටම කෝල් කරලා ඒක සනාථ කරගන්න. පස්සේ ඉතිං ඒ ගැන කථා බහ කරලා සෙනසුරාදා වැඩ වරුව අහවර වෙච්චි ගමන් එහේ යන්න කථා කරගත්තා.
ඉතිං සෙනසුරාදාට එළිවුනා. අනේ උදේ පාන්දරම දුක්බර ආරංචියක්. අපේ ගමේ, කිරිඅම්මාවරුන්ගේ දාන වලදී මුල්තැන ගන්න, සෙත් කවි කියන, සෙත් ශාන්ති කරන, ආච්චි අම්මා අන්ත්‍රා වෙලා. ඉතිං ගමේ මිනිස්සු හැටියට අපට පමණක් නෙමෙයි අහල ගං හතක් දුක් කරවන ආරංචියක් ඒක. වැඩ වරුව අහවර වෙලා අර නංගිත් එක්ක එහේ ගිහින්, හවස සැමිතුමා එක්ක ගෙදර ඇවිත්, පොඩ්ඩකට මළ ගෙදර ගිහින්, පුරුදු පරිදි සෙනසුරාදා පන්සල් ගිහින්, යාළුවාගේ බණ ගෙදර ගිහින්, ඒ ආසන්නයේ තියෙන අපේ අම්මලාගේ ගෙදර ගිහින්, රෑ වෙලා මළ ගෙදර යන්න සැලසුම් කලා.
මේ ඒ ආච්චි අම්මා අපේ දුවගේ අකුරු කියැවීම දවසේ ඇවිත් සෙත් පතපු අවස්ථාව
සෙනසුරාදා, වැඩ වරුව අවසන් වෙලා, ඔන්න ඉතිං ඒ නගාවත් බයික්කේ නංගාගෙන, අදාල තැනට ගිහින් විස්තර සටහන් කරගෙන එන්න ආවා. හැව්ලොක් ටවුමෙදී අලුතින් විවෘත කරපු බෞද්ධ කටයුතු මධ්‍යස්ථානේ දැක්කහම ඒකට නොගිහින් කොහොමද නේද? ඒකටත් පොඩ්ඩක් ගොඩ වුනා. මොකද මේ කෙහෙල්කොටුවේ බුද්ධි මහත්තයායි, දිල්ශාරා නගායි මාරයා අයියායි සහ තවත් කිහිප දෙනෙකුයි නිතර වර්ණනා කරන රේරුකානේ හාමුදුරුවන්වහන්සේගේ පොත් ගැන මගේ හිතේ තිබුනා. ඒකෙන් දෙකක්වත් අරං යන්ට ඕනා කියලා එතැනට ගියා. ගිහින් බලලා, බෞද්ධයාගේ අත්පොත සහ බෝධි පූජාව කියන පොත් දෙක අරං කවුන්ටරේට ආවහම මාර්කටින් ට්‍රික් එකකට අහු වෙන්නද එපාද යන දෙගිඩියාවට පත් වෙන වැඩක් වුනානේ. බුදු සරණයි කියලා සටහන් කරපු බෞද්ධ කොඩියක හැඩය ගත්ත කී ටැග් එකක්!!! පුදුම තෘෂ්ණාවක් ඇති වුනේ. රුපියල් 60යි. ආයේ මොනවද ෂොර්ට් ඉට්ස් දෙකක සල්ලිනේ. තුන්පාරක් විතර හිතලා ඒකත් ගත්තා. අනේ ගත්ත එකම හොඳයි. ඒක දැක්කත් මොකද්ද මන්දා හැඟීමක් හිතට දැනෙනවා. ආසාවේ බැහැ.ඔන්න ඔහොම ඇවිත් මහත්තයාට යතුරයි කී ටැග් එකයි දීලා මං බයික්කේ පිටිපස්සේ වාඩි වෙලා ගෙදර එන්න ආවා. ඇවිත් මළ ගෙදර යන්න වෙලාවක් නැහැ. ඉක්කනට මල් කඩලා, අනිත් දේවලුත් සුදානම් කරගෙන 5.45 වෙද්දි පන්සලට ගොඩ වුනා. පන්සලේ වැඩකටයුතු අහවර වෙලා 7ට විතර එහෙන් පිටත් වුනා බණ ගෙදර යන්න අතරමගදී සැමිතුමා කිව්වා අපේ හිතවත් බ්ලොග්කරුවෙක්ගෙන් (මේ සටහන් කරද්දි තමයි මතක් වුනේ උන්දැව දන්නේ බ්ලොග් වලින් කියලා, දැන් නිකං ඉස්සර කාලේ ඉඳන් දන්නවා වගේ තමයි අපේ හිතවත් කම්) මිස් කෝල් දෙකක් තියේ කියලා. බණ ගෙදරදි කථා කරමුය කියලා බණ ගෙදරට 7.15 වෙද්දි ගියාට හාමුදුරුවන් වහන්සේ වඩින්නේ 7.30ටය කිව්වා. ආයෙත් බයික්කේ නැගලා විගහට අම්මලාගේ ගෙදරට ගොඩ වෙන්න ගියේ මේ බිස්සි සෙඩූල් අස්සේ එක වැඩක්වත් මග හැර නොගෙන කටයුතු කිරීමේ පරම අධිෂ්ඨානය නිසායි.
ඒ ගිහින් ඉද්දි ඔන්න තාත්තාගෙන් කෝල් එකක්.
“ලොකුදුව. ලසන්ත අයියාගේ තාත්තා අන්ත්‍රා වෙලා.”
“ආ ඇත්තද තාත්තේ?”
“ඔයාලා කොහොම හරි ඇවිත් යන්න එන්න ඕනේ. මං දැන් ඉන්නේ එහේ.”
“අද නං බැරි වෙයි තාත්තේ. අර අහවල් ආච්චි අන්ත්‍රා වුනානේ අද උදේ. දැන් මේ ඔයැලැයි ගෙදර ඉන්නේ. ඒ ඉවර වෙලා එහේ යන්න තියෙනවා”
“ආනේ ඇත්තද? එහෙනං දැන් එහේ ගිහින්. හෙටවත් එන්න. අනිද්දා මෙහේ වැඩ කටයුතු කරනවා. දන්නවානේ ලසන්ත අයියා ඔයාලාට ලොකු උදව් කරලා තියෙනවා. කොහොම හරි එන්න”
“හරි හරි තාත්තේ එන්නම්”
අපි දන්න අයියා කෙනෙකුගේ තාත්තා අන්ත්‍රාවෙලා. හද්දෙයියනේ තවත් ඉවෙන්ටුවක්.
ඒ අයියා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක්. අපේ විවාහයේ පෝරුව කටයුතු කරපු, අෂ්ඨක කියපු මහත්මයා එදා තවත් විවාහයකට යන්න තියෙද්දි අපේ එකට එන්න කැමති වුනෙත් ලසන්ත අයියාගේ හිතවත්කම නිසායි. ඒ වගේ බොහොම උපකාර කරපු කෙනෙක්ගේ දෙයකට කොහොම හරි යායුතුමයි.
ඉතිං අම්මලාගේ ගෙදරින් බණ ගෙදරට ඇවිත්, බණ අහවර වෙලා අර බ්ලොග් හිතවතාට කෝල් එකක් ගත්තා.
“ආ ඔයාලා කොහිද? අපි මේ බණ ගෙදරක”
“ ආ අපි රාගම ආවා. එනගමන්ම එහේ එන්න කථා කලේ. කෝ ආන්සර් කලේ නැහැනේ.”
ඉතිං පන්සල්, බණ, අම්මලාගේ ගෙදර යෑම් ආදිය විස්තර කලා.
“මේ ඒක නෙමෙයි. වයිෆ් කාලාද දැන් ඉන්නේ මං මෙහෙන් බත් එකක් ගේන්නද?”
“අනේ මේ දැන් කෑවා විතරයි. කරදර වෙන්න එපා. හෙට උදේට අපි කැළණි යනවා. එනවද ඔයාලා”
ඔන්න තවත් ඉවෙන්ට් එකක් කණ ගාව.
“අනේ උදේට මෙයා වැඩට යනවා. මං නං ගෙදර. බලමු ගෙදර ගිහින් කෝල් එකක් දෙන්නම් එහෙනං”
“හරි එහෙනං ඔයාලා එනවා නං කියන්න. නැත්තං අපි ගිහින් එන ගමන් එහේ එන්නම්”
“හරි”
ඉතිං ඔන්න බණ කටයුතු ඉවර වෙලා එහෙමම මළ ගෙදරට. එතකොට රෑ 9ට විතර ඇති. සූ ගාලා සෙනඟ. ඒ ආච්චිඅම්මාගේ ජීවමාන ප්‍රමාණේ පිංතූරයක් (හිටගෙන ඉන්න හැටියට) ගේට්ටුව අසලම. ඒ පිංතූරේ ඒ කාලේ මගේ සැමිතුමා ගත්ත එකක්. සැමිතුමායි මල්ලියි ඒක රාමු කරලා දුන්නු දවසේ ඒ ආච්චි අම්මා ගොඩක් වෙලා සතුටු සිතින් කවි කිව්වාලු. මළ ගෙදරදිත් දූලා පුතාලා, මුණුබුරු මිණිබිරියෝ ඇවිත් ඒ ගැන කියලා සංවේගය පල කලා.
මං හිතන්නේ පුංචිම පුංචි කාලේ ඇහැව්වා වගේ මතකයි. ඒත් හරියටම විශ්වාස නැහැ. සමහරවිට ජීවිතේ පළවෙනි වතාවට ඇහැව්වා වෙන්න ඇති. ඒ මළ ගෙදර මළ පොත කියනවා ඇහුනා. එක සීයා කෙනෙක් දෙණ අසලින් වාඩි වෙලා, නියම ස්වරයෙන් මළ පොත කිව්වා. නියම ස්වරයෙන් කියලා කිව්වේ, මට මතකයි කාලෙකට උඩදී නාට්‍යයක ඔය කවි කියන කොටසක් තිබුනා. පැයක් එකහාමාරකට පසු මාත් දියැණියත් ගෙදරට ඇරලු සැමිතුමා නැවත එහේ ගියා. උදේ පාන්දර ආපු එයා කිව්වේ මුළු රෑම මළ පොත කියෙව්ව බවත්, ඒක ඒ ආච්චිගේ කැමැත්තක් ඉෂ්ට කිරීමක් බවත්. ඒ ආච්චි මළ පොත කියවපු කෙනාට ම කියලා තිබිලා තියෙනවා ඔයා මං මළ දවසට ඒ වැඩේ කරන්න ඕනේ කියලා.
ඉතිං දැන් ඉරිදාට එළි වුනා. සැමිතුමා වැඩට යන්න සූදානම් වුනා. එයාලාගේ, “කොල්ලෝ ටික” (අපේ තාත්තාත් තාම එයාලාගේ යාළුවෝ ගැන කියද්දි කියන්නේ අපේ කොල්ලෝ ටික කියලානේ. ඒක නිසා කමක් නැහැ මං හිතන්නේ) ඉරිදා රෑ මළ ගෙදරට ආහාර පාන සැපයීම භාර අරං. මගේ මිතුරියගේ තුන්අවුරුදු දානය එදිනම දහවල්. සමහරවිට බ්ලොග් මිතුරා එන්නත් ඉඩ තියෙනවා. අවසානේදී, එන හැටියකට වැඩ ටික කරමු. මං 12, 1 වෙද්දි එනවා’යි පවසා ඔහු රාජකාරිය සඳහා පිටව ගියා.
ඔන්න ටිකකින් මට පෙරදා සිද්ධි ගැලපෙන්න පටන් ගත්තා. අඩේ මේකා ගන්නවාය කිව්ව වාහනේ අරංවත්ද මේ අපටත් කැළණි යන්න එන්න කිව්වේ? පූර්වාපර සන්ධි ගැලපීමෙන් පසු මට සිතුනා. විගස ඇමතුමක් අරං,
“අඩේ කොහිද ඉන්නේ”
“ආ අපි මේ කැළණියෙන් එන්න කියලා”
“වාහනේ ගත්තද?”
“ඔව්නේ. ඒකනේ එන්න කිව්වේ, කැළණි යන්න.”
“අඩේ ඉතිං කියන්න එපැයි වාහනේ ගත්තාය කියලා. බයික්කේ ගිහින් ආපහු ගෙදර එන්න විදිහක් නැති නිසානේ වැඩේ කෙරුනේ නැත්තේ”
“ නෑ ඉතිං සප්‍රයිස් එකටත් එක්ක නොකියා හිටියේ. වැඩේ කචල් වුනානේ.”
“හරි එහෙනං එන්නකෝ අපේ ගෙදර.”
“හරි හවස් වෙද්දි එන්නම්”
අපරාදේ. ඒ ඉවෙන්ට් එකත් ඇඩ් කරගන්න තිබුනා, කලින් දැනං උන්නා නං.
දවල් වෙද්දි සැමිතුමා කථා කරලා කිව්වා, එන්න පමාවෙන නිසා, බබාත් එක්ක කුළි රියකින් දානේ ගෙදර යන්න. එයා ඇවිත් එක්ක යන්නම් කියලා. මමත් ඉතිං හාය කියලා බබාවත් ලැහැස්ති කරගෙන යන්න කියලා පාරට ආවා. ත්‍රීවිලර් සේරම මළ ගෙදර දෙසට යනවා විතරයි එන්නේ නැහැ. විනාඩි විස්සක් තිහක් ඔහොම ඉද්දි එකක් ආවා. ගාණ කීයද ඇහැව්වහම 200යිලු. කිලෝමීටර් තුනයි. හා කමක් නැහැ අයියේ. ඔයා යන්න. කියලා තව එකක් එනකම් හිටියා. අපරාදෙනේ සල්ලි. නැද්ද මං අහන්නේ?
ඔන්න සීයා අංකල් කෙනෙක් එනවා. ගාට ගාට. තැන කියලා ගාන කීයද ඇහැව්වහම, “මං දන්නේ නැහැ ඔය කොහිද කියලා වෙනදා යන්නේ කීයටද?” ඇහැව්වා. ඉතිං මං ගාණ කිව්වා. 140යි.
ඉතිං ඔන්න යනවා. මං පාර කිය කියා යනවා. අප්පේ තැනට මීටර් 500-600ක් තියෙද්දි, පැස්ටෝල් නැතුං නැවතුනානේ ඩක්කුව. ඔය මීටර් 500-600 සැමියාගේ ටේප් එකෙන්. මගේ ටේප් එකට අනුව මිටර් 800යි. කන්දට මීටර් 200ක් වෙන් කලහම මීටර් 1000යි. ඒ කියන්නේ කිලෝමීටර් එකයි. ආ මෙන්න අංකල් තියාගන්න කියලා රුපියල් 100ක් උන්දැට දීලා, බබාට තොප්පිය දාලා එයාවත් වඩාගෙන පයින්ම යන්න ගියා. තව එකක යන්න තරම් දුරකුත් නැහැ. පයින් යන්නත් බැහැ. අලි කන්ද. ඒත් ගියා. අපරාදෙනේ සල්ලි. නැද්ද මං අහන්නේ?
දානේ ගෙදර ගිහින්, ඒ වැඩකටයුතු ඉවරවෙලා ඉද්දි සැමිතුමා ආවා. බැහැයි කියද්දිම එයාටත් කෑම දීලා, කට්ටියට කථා කරලා ඔන්න එන්න ආවා. ගෙදර එද්දි 2.30යි. ආ කියන්න බැරි වුනා. දානේ ගෙදරදි අලුත් වෑන් බ්ලෝග් මෑන් කථා කලා. විස්තරේ කිව්වට පස්සේ හවස් අතේ එන්නම් කිව්වා. ඒකත් හරි.
ඉතිං ඔන්න ගෙදර එද්දි, සැමිතුමාගේ කොන්ත්‍රාත් බාසුන්නැහේ ඇවිත් කඳානේ ගෙදරක් බලන්න යන්න. අපිව ගෙදරින් ඇරලපු එයා බාසුන්නැහේ එක්ක එහේ යන්න පිටත් වුනා. අපි දෙන්නාට ගමන් මහන්සියට නින්ද ගියා. එක පාරක් ඡායාවක් වගේ සැමිතුමා ඇවිත් යනවා දැක්කා. ආයෙම නින්ද ගිය නිසා මතක නැහැ කිසි දෙයක්.
පස්සේ 4.30ට විතර ඇහැරුනාට පස්සේ ඔන්න මියුට් කරපු ෆෝන් එකේ අම්මාගෙන් මිස් කෝල් 16යි. ඒකට කථා කරලා බැලුවහම, තවත් පොඩි කොන්ත්‍රාත් එකක්. දහම් පාසලේ අපට වඩා අවුරුදු කිහිපයක් උඩ පන්තියක හිටිය අක්කා කෙනෙක් අම්මලාගේ ගෙදර ඇවිත්, ඒ අක්කාට ස්කූටර් එක පදින හැටි උගන්වන්නලු. නින්දෙන් නැගිට්ට ගමන් මොනවා කිව්වද දන්නෙත් නැහැ, පස්සේ අදවත් කෝල් එකක් දීලා අම්මාගෙන් අහගන්න ඕනා.
ඊට පස්සේ ඉක්කනටම කෝල් එකක් ගත්තා අලුත් වෑන් බ්ලොග් මෑන්ට.
“කෝ ආවාද?”
“කෝ ඉතිං ඔයා කෝල් කලේ නැහැනේ”
“අනේ අප්පා මට නින්ද ගියානේ, දැන් එන්න ඉතිං”
“හරි හරි දැන් එන්නම්”
සැමිතුමාට කථා කරලා එයාලා එනවග කියලා, එයාවත් ගෙන්නා ගත්තා. එයා ගෙදර ඇවිත් මළගෙදරට දෙන රෑ කෑමේ කටයුතු ගැන බලන්න ගිහින්. අර ඡායාවක් වගේ දැකලා තියෙන්නේ ඒ ආපු පාර තමයි ඔන්න.
ඉතිං ෆෝන් එක තිබ්බ ගමන් දුවත් කියනවා “අනේ අප්පා මටත් නින්ද ගියානේ” සුට්ටි කටින් හැඩ කර කර කියන අපූරුව. දෙන්නත් එක්කම පහළට ගිහින් මූණ කට හෝදාගෙන, බිම දාලා තිබුනු පොත් පත් උඩින් තියලා, ඇද වෙලා තිබුනු පුටු දෙක තුන කෙලින් කරලා, පාපිසි එහෙම ස්ථාන ගත කරලා ඉද්දි සැමිතුමා ආවා. ටිකකින් අපේ යාළුවෝ දෙන්නාත් මෙන්න එනවා.
අනේ වාසනාවන්!!! කිරි කිරි ටොයි වාහනේ. ඩ්‍රයිවින් සීට් එකේ ඉන්න බුවාගේ සයිස් එකට නං හරි යන්නේ ටෙන් වීල් එකක් තමයි. ඒත් අනිත් සීට් එකේ ඉන්න සුකුමාල බිරින්දෑට නං මේක කියාපු වාහනේ. ඔව් ඉතිං ටෙන් වීල් එකක් හරවනවා කියලා හිතාගෙන උන්දෑ මගේ සැමිතුමාගේත් උපකාරය ඇතුව පුදුම අමාරුවකින් තමයි වාහනේ හරවා ගත්තේ. (හුදෙක් මඩ නොවේ. තාම අලුත්නේ)
ඉතිං එයාලා ඇවිත්, සැමිතුමායි අපේ මිතුරායි, අක්කරයෙන් 1/80ක් විතර ඇති අපේ සාලේ ක්‍රිකට් මැච් එකක් එහෙම තියලා, ආගිය තොරතුරු කථා බහ කරලා පැයක් දෙකක් විතර ඉඳලා ගියා. හිතට බොහොම අමාරුයි කෑම වේලක් සූදානම් කරගන්න බැරි වෙච්චි එක. ඇත්තටම කණගාටුයි. ඒත් ලඟදීම ඒ කටයුත්ත කරනවා කියලා හිතලා හිත හදා ගන්න එක තමයි මං කරන්නේ මේක මතක් වෙන ගානේ.
එයාලා ගියාත් එක්කම සැමිතුමා ගියා කෑම සූදානම් කිරීමේ කටයුතු වලට. ගිහින් පැයකින් එකහමාරකින් ආවේ රෑ කෑමට බත් අරං. පපුව රිදුනේ ඒක දැක්කහම. කොස් මැල්ලුම්, අඹ උයලා, මාළු හදලා, සම්බල් හදලා, පරිප්පු එක්ක. අනේ අර කෙලී හිටියා නං බත් කටක් කාලා යනවානේ. එයාලාට ඉන්න හැටියක් තිබුනේ නැහැ. වාහනෙත් අලුත්, ඩ්‍රයිවරුත් අලුත්, නෝනාත් අලුත්, පාර මීගමු පාර, රෑත් වෙලා. මං ඉතිං ඇමතුමක් අරං බැලුවා. පැය එකහමාරක් ගිහිනුත් තාම කොච්චිකඩේ කිව්වා. ම්ම්...... මොනවා කරන්නද ඉතිං. පස්සේ දවසක බැරියැ කියලා හිතා හදා ගත්තා නැවතත්.
ඔහොම ඉන්නකොට එක පාරම නිවසේ ඉස්සරහ පැත්තෙන් සද්දයක් ආවා.
"හැප්පුවා වගේ තාත්තා" සැමිතුමා පැවසුවාත් සමඟින්, ඔහුගේ පියාගේ දෝස් මුරය ඒ පැත්තෙන් ඇහෙන්නට පටන් ගත්තා. තාත්තා රිවර්ස් කරද්දී, ඒ මග නවත්තලා තිබුනු මගේ අවිහිංසක ඉක්කූටරය අහෝ!!!
පිටිපස්සේ බ්රේක් ලයිට් එකේ කවරය කැඩිලා, ඉස්සරහ දකුණු පැත්තේ පැති කණ්නාඩිය ඇද වෙලා, ඉස්සරහ මූණත පොඩ්ඩක් හීරිලා, අහෝ මාගේ කිරි ටොයියා.......
තාත්තාට අනුව පුතා වැරදි කරුවාය. තාත්තා එන මග බයික්කය නැවැත්වීම වැරැද්දයි. පුතාට අනුව තාත්තා අතේ වැරැද්දය. වට පිට නොබලා රිවර්ස් කිරීමය. අම්මාට අනුව දෙන්නාම වැරදිය. එනිසා දෙන්නාම කටවල් වසා ගත යුතුය. මට අනුව මොකුත් නැත. දෙන්නාගෙන් එක්කෙනෙක් අලාභ සංසිඳවා දුන්නොත් මට ඇතිය සිතා මා නිහඬව සිටියේද නැත. පොඩ්ඩක් මුණු මුණු කීවා පමණයි. තේරුනානේ පොඩ්ඩයි හරිද?
අහෝ මාගේ කිරි ටොයියා............. !!!!!!!!!
ඉතිං පස්සේ රෑ වෙලා හින්දා මං සැමිතුමාට කිව්වා දැන් මළ ගෙදර යන්න බැහැනේ. අපි උදේට ගිහින් එහෙමම වැඩට යමු කියලා. ඒ එකඟතාවෙන් නිදියන්න යන්න පෙර බෞද්ධ මධ්‍යස්ථානෙන් ගත්ත, “බෞද්ධයාගේ අත්පොත” පොතේ, විසින් වෙතට කොටස් පුරවලා, දිනවකවානු දාලා, ඔතලා සූදානම් කරලා තියන්නත් අමතක කලේ නැහැ.
ඉතිං ඔන්න දැන් අද උදේ වුනා. උදේන්ම සූදානම් කරපු පොත් තෑග්ග සැමිතුමා අතින් තැබුවා. එයාට සතුටුයි. මටත් සතුටුයි.
උදේ වුනාට පස්සේ ටිකක් අවුල් ගතියකුත් දැනුනා අද වගේ දවසක උදේ පාන්දර මළ ගෙදරක යන එක ගැන. විමසුම් මනසින් බලලා, ඒක එහෙම නොහිතිය යුතු වග වටහාගෙන ගමන යන්න පිටත් වුනා. මම බබා වඩාගෙන පාරට වී ඉන්න කොට සැමිතුමා බයික්කේ අරං පාරට ආවා. ඒ අතරේ එහා ගෙදර අංකල්, “අන්න අර දෙන්නා වැටුනා” කියමින් පාර දිගේ පල්ලම අතට දුවන්න ගත්තා. වට පිටාවේ නයිටි ඇඳගත්ත ඇන්ටිලා , දත් මැද මැද හිටපු අංකල්ලා, නිවාඩු කාලේ නිසා නිදි බේරෙමින් හිටපු බබලා සේරම ඒ අතට දුවනවා. සැමිතුමා, “ඔයා එන්න. මං යනවා” යි පවසා ඒ දෙසට බයික්කෙන් ගියා.
මමත් අම්මාට කථා කරලා විස්තරේ කියලා බබාත් අරං ඒ දෙසට ගියා. බැලුවහම අපේ ගෙදරට එහා ගෙදරට එහා ගෙදර මල්ලී, එයාගේ අක්කාව පා පැදියෙන් දුම්රියස්ථානයට ඇරලවන්න යන ගමනේ දෙන්නම පල්ලමේ වැටිලා. කොන්ක්‍රීට් පාර. පව් ඒ නංගි හරිම හොඳ කෙනෙක්. එයාගේ කකුල ඉස්සරහ රෝදේ රිම් එකයි, පෝක් අතයි (මං එන ගමන් සැමිතුමාගෙන් ඒ නම අහගෙනම ආවා) අස්සේ ගිහින් හිරවෙලා. බොහොම හයියෙන් එයා කෑ ගහනවා. කකුල ගන්නම බැහැ. සෙනඟ වට වෙලා. සැමිතුමා අඬුවක් අරං ස්පෝක් කම්බි එකින් එක කැපුවා. පෝක් අතේ නට් එක බුරුලු කරලා ඒ නංගිගේ කකුල නිදහස් කරගත්තා. ඒ වෙනකොට එයාගේ මල්ලි , එතැනට ගෙනාපු පුටුවක් මත වාඩි කරවලා, සිහිනැති ස්වභාවයෙන්. සමහරවිට ඔළුව කොන්ක්‍රීට් පොළවේ වැදිලා විය හැකියි. නංගිට එයාගේ කකුලත් මතක නැහැ, අනේ මල්ලී අනේ මල්ලී කිය කියා කෑ ගහනවා. සාරිය බයිසිකලේට ගිහින්ද, බල්ලෙක් පාරට පැනලද, ඉස්සරහ බ්රේක් අල්ලලාද මොකද්ද කියන්න දන්නේ නැහැ. එයාලා දෙන්නාව කුලීරියකින් රාගම රෝහලට පිටත් කරලා මළ ගෙදර යන්න අපි ආවා.
හප්පේ ඔළුව විකාරයි. පාරත් වැරදුනා කොච්චරද කිව්වොත්.
මළ ගෙදර ගිහින් ඔන්න දෙන්නාම දැන් රාජකාරී ස්ථාන වලට වාර්තා කරලා අහවරයි. හවස් අතේ අපේ ගමේ ආච්චිගේ මළගමේ කටයුතු වලට සහභාගි වෙන්න සැමිතුමා වේලාසන ගෙදර යායුතු බව පැවසුවා. මට නං යන්න වෙන්නේ නැහැ. ඒ අතරේ අද රෑ ඩිනර් අවුට් එකක් සූදානම් කරන්න අපි දෙන්නා මාසෙක ඉඳන් සැලසුම් ඇඳ ඇඳ හිටියේ, කාර්යය බහුල සති අන්තය අපට ඒ ගැන කථා බහ කරගන්න නිදහසක් දුන්නේම නැහැනේ. දැන්වත් ඒක සූදානම් කිරීමේ කටයුත්තට අත තියන්න ඕනා. මේ කාර්යය බහුල කථා අතරතුරේ ඒක කියන්නත් අමතක වුනානේ.
දැන් අද හවස් අතේ කටයුතු ගැන කථා බහකරගන්න තියෙනවා. ඔන්න එහෙනං වැදගැම්මකට නැති කථා වැලක් කියලා මේන් මං යනවා.
oh no good ideas
ReplyDeleteහා හා එහෙනම් සුභම සුභ වෙඩි ඇනවසරි එකක් වේවා අක්කේ
ReplyDeleteවිවාහ සංවස්සරයට සුබ පැතුම්.
ReplyDeleteමම නම් දවස් දෙකේම සැපට නිදා ගත්තා..:D:D:D
සැමිතුමා ස්පොක් කම්බි කපන හැටි තමා බලන්ඩ තිබුනේ. කෝමත් ඇනිවසරි එක දවසෙ පිං අතේ වැඩක් කරගෙනකියෙන හින්දා අවුලක් නෑ.
ReplyDeleteඅර සාලේ ක්‍රිකට් ගැහැව්වයි කිව්වෙ, ඒකෙ පොටෝ එකක් දැම්මනං තමා මරු!
@ අමිල,
ReplyDeleteමං මේ ඔයා කිව්ව එකට කොමා දදා බලනවා..... :D
@ ශානු,
ReplyDeleteස්තුතියි නංගි
@ නිශ්,
ReplyDeleteස්තුතියි නිශ්.
සී සී කියන අපූරුව විතරක්
@ බුද්ධි,
ReplyDeleteකොහෙද ඉතිං වඩු බාස් කියත ගෙනැල්ලා තිබුනේ නැහැ....... අනිත් බාස් උඩට ගිහින් කියත ගේන්න කම්මැලි වුනානේ....
මං අර දෙන්නා තියලා පිංතූරයක් ගමුය කිව්වෙත් මේකට දාන්න හිතාගෙන තමයි
අම්මප මයෙ ඔලුව කැරකෙනව තාමත්...... බැරැන්ඩි කාලක් ගැහැව්වහෙ අමුවෙම්ම.....ඉවෙන්ට්ෆුල් ද කියලත් අහනව.....දැන් අලුතෙන් තියනව දන්නවය රස්සාවක් Event Managing කියල. එව්ව කොරන අයට විසේසයෙං මේ වැඩේට බැහැල ඉන්නෙ බබලත්තු...කියන්නෙ Event Managers කියල. නරකද එයිං කෝස් එකක් කාරිය කලොත් ඔය අද්දියාපන කටයුතු එකලාසයක් උනයිම් පස්සෙං පහු.....ආහ්, එහෙම නැත්නම් ඔයාට පුලුවනි නෙව එහෙම කෝස් එකක් සංවිදානය කරන්න...ඔය පළපුරුද්ද මදෑ ඉහටත් උඩිං.....හෙහ්, හෙහ්,
ReplyDeleteහපොයි ඔහොම ඉස්පාසුවක් නැතුව ඉහ ගිනිගත්තැහෙ දුවන්ට වෙන වෙලාවල් අනන්තයි අප්පරමානයි.එක අතකට දේස දීපංකරේ ඇවිල්ල ඉන්න එකේ එක වාසියක් තියෙන්නෙ එව්වයිංනං නිදහස්.......අර හැම කළු වලාකුලකම රිදී තැල්ලක් තියනව කිව්වැහෙ ..........අපෙ හාමිනේ තමයි එව්වට දුවන්නෙ...ඒත් මම නැතිනිසා එයයිත් ඔටෝ ඔය වගෙ වැඩ ගොඩකින් නිදහස්.....ඒත් අපරාදෙ කියන්ඩ නරකයි උන්දැත් අරින්නෙ නෑ....කොහොම හරි ඔක්කොටම යනව......
My best wishes for A very very happy leather anniversary.............
සුබම සුබ හං සංවත්සරයකට මගේ සුබ පැතුම් !!!!!
අප්පා මෙච්චර දේවල් වුනාට පස්සෙ ඕක මතක තිබුන එකම මදෑ නේද??? .... :D
ReplyDeleteසුභම සුභ ඇනිවසරි එකක් වේවා අක්කා....
ක්‍රිකට් පිටියේ සයිස් එක, පිත්තෙ සයිස් එක, විකට් කුරු ප්‍රෙක්සකයෝ, වැඩියෙම බෝලේ ටර්න් වෙන හැටි. සික් ඒවනේ පොටෝවල්ට අල්ලන්න තිබ්බෙ. මං හිතුවේ ගෙදර පොඩි පහේ කියතක්වත් නෑයි කියලා. අපසාදේ....
ReplyDelete@රවී,
ReplyDeleteඇත්තටම මගේ ඔළුවත් තාම කැරකෙනවා වගේ තමයි. හෙටවත් වෙනවා කැරකිල්ල නවතින්න.
බොහොම ස්තුතියි සුභ පැතුමට
@ නිසුපා,
ReplyDeleteඒකනේ කියන්නේ නංගි.
ස්තුතියි ඔයාටත්
@ බුද්ධි,
ReplyDeleteඅනේද කියන්නේ, මං අදවත් පිංතූර ටිකක් අරං දාන්නං ඔය ලිස්ට් එකේ තියෙන එව්වැයේ.
ආයේ මොනවද තියෙනවා පොඩි කියතක්. සැමිතුමාගේ කන්තෝරුවේ කියත ඉතිං එයාගේ වගේ තමයි
ෂැහැ සති අන්තෙ චාටර්ම වෙලානෙ???????
ReplyDeleteමම නම් නිදි නිදි.....
ඊයෙ මේවෙලාවට නිදි....
අදත් නිදි මතයි......
ඔන්න මගෙන් සුබ පැතුම් ඔයාලා දෙන්නාට......
නියම සතියක්....හි හි
ReplyDeleteවාසනාවන්ත අනාගතයකට සුභ පැතුම් !!!!! අම්මෝ සති අන්තෙටමද මෙච්චර වැඩ තිබුණෙ? ළඟ එන මගේ නිවාඩුව මතක් වෙලා බයත් හිතුනා මේක දක්කම. ( රහසින් - අර කිව්ව එක හරි , අර ගොයියට හරියන්නෙ ලොකු ලොරියක් )
ReplyDeleteවිවාහා සංවත්සරයට සුභ පැතුම්! :)
ReplyDeleteහැපි ඇනිවසරි අක්කේ.... :) :)
ReplyDeleteහැප්පි හැප්පි ඇනිවසරියක් වේවා අක්කේ... :)
ReplyDeleteසුභ පැතුම් අක්කේ..
ReplyDeletewish you a happy anniversary to both of you :)
ReplyDeleteපිස්සු හැදෙන සඳ...!!!
ReplyDeleteසුභ පැතුම් අක්කේ...!
ReplyDelete@ අසේල,
ReplyDeleteපටන් ගත්තද නිදා ගැනිල්ල. ලබන මාසේ දෙවැනි අවුරුද්ද එනවා. ඔහොම නිදා ගත්තොත් හොඳට හිටියි. (ඉරිසියාවට නෙමෙයි හරිද මෙහෙම කිව්වේ....... :) )
ස්තුතියි සුභ පැතුමට
@ මකුළුවා,
ReplyDeleteආ මේ පැත්තේ ආව පළවෙනි වතාව වගේ නේද? සතුටුයි ඔබගේ පැමිණිම ගැන
@ හරී - පිණිපළස,
ReplyDeleteඔව් ඔව් මේ කියලා තියෙන්නේ පහුගිය ඉරිදා සෙනසුරාදා ගැන තමයි.
ආයේත් මොන කථාද, ටෙන් වීල් එකකුත් මදි වගේ නේද? හි හි
@ පූසා, හසී, වර්ණා,
ReplyDeleteස්තුතියි සුභ පැතුම් එක් කලාට
@ Glimmer Girl,
ReplyDeleteThanks dear
@ ඔබා මාමා,
ReplyDeleteඅනේද කියන්නේ දැන් තමයි ටිකක් පිස්සු නැහැ වගේ දැනෙන්නේ
@ Kasun,
ReplyDeleteස්තුතියි මල්ලි
මගුරෙ රඟේ දැනෙන්න ඒ දවස ගතවෙන්න ඕනෙ ඔහොමම තමයි, හොඳ වැඩේ.
ReplyDeleteසුභ ඇනිවසරියක්ම වේවා !
ජීවිතේ පුරාවටම මොන තරම් කරදර බාධක ආවත් නොසැලී සතුටින් ඒවාට මුහුණ දෙමින් ඉදිරියටම යන්නට ඔබ දෙපළට නිරතුරුවම හැකි වේවා.
ReplyDeleteසුභ සංවත්සරයක් මිතුරියේ!!!!
@ නවම්,
ReplyDeleteමක් කිව්වා මගුරේ නේද? මගුරා කෙසේ වෙතත් හුංගා සිහි වෙලාද මන්දා කසාදේ ගැන කිව්වහම නවම්ට..... :D
ස්තුතියි බනෝ..........
@ මිහිරි,
ReplyDeleteස්තුතියි මිහිරි සුභ පැතුම් එකතු කරන්න එකතු වුනාට
හැපි හැපි ඇන්වසරි අක්කේ :))
ReplyDeleteහැපි හැපි ඇන්වසරි අක්කේ :))
ReplyDelete