91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය
92. ඔහු එලෙසින් මා අත්හැර ගියේය - පුනරාගමනය
“මොනවා? සීයතාත්තා?” මම කථා කරගත හැකි වූ විගස තාත්තම්මාගේ අත සොලවමින් ඇසීමි.
“ඔව් දරුවෝ. සීයතාත්තා. ඒත් ඒ එයා නෙමෙයි. එයා නොවෙයිත් නෙමෙයි. ඔයාගේ නැන්දාටත් වඩා තරුණ කෙනෙක් හැටියට එයා නැවත මං සොයාගෙන ඇවිත් තිබුණා. මං ගාවින් වාඩි වෙන්න ද කියලා ආචාරශීලි විදිහට අහපු ඒ මහත්මයා මගේ ගාවින් වාඩි වුනා” තාත්තම්මා කියන දෙය මට වැටහී නොවැටහී ගියද ඒ සිද්ධියේ අගමුල ඇයගේ මුවින්ම අසා දැන ගැනීමේ බලවත් පීඩාවෙන් ඇය දෙස බලා සිටියෙමි.
“එයා කථා කලා”
“සුනේත්‍රප්‍රියා. කොහොම හරි අවසානේදි මට ඔයාව මුණ ගැහුනා. අවුරුදු 10ක විතර ඉඳන් මං ඔයාව හීනෙන් දකිනවා. ඔයා මට නිරතුරු හීනෙන් එන්න කියනවා. ඒ හීන මට දැනුනේ සැබෑවටම සිද්ධ වෙන දේවල් විදිහට. ඒත් මං එන්න හදද්දිම හැමදාමත් රෑ මැද මට ඇහැරෙනවා. හීනෙන් දැකපු ඔයාට වඩා ඔයා දැන් ගොඩක් වයසට ගිහින්. මේ ගැටළුව විසඳ ගන්න බැරුව මම ගොඩක් ලොකු දුකක් වින්දා. මම නොයෙකුත් ක්‍රම වලින් මේකට විසඳුමක් හෙව්වා. අවසානේදී මට යාළුවෙක් කිව්වා මේක මේ පෙර ආත්මය සම්බන්ධ දෙයක් වගෙයි, එයා දන්න තරුණ මනෝ වෛද්‍යවරියක් ඉන්නවා, එයාට පුළුවන් වෙයි මේකට විසඳුමක් දෙන්න කියලා. ඒ පාර මං ඒ ඩොක්ටර් ව මුණ ගැහෙන්න ගියා. එයා මගෙන් ප්‍රශ්න කලා මේ ගැන. ඒත් මට දෙන්න පුළුවන් එක ම උත්තරේ වුනේ හීන ගැන විතරයි. ඒ පාර එයා තීරණය කලා මාව මෝහනය කරන්න. ඒ මෝහනයේදී මං ඔයා ගැන, අපේ දරුවෝ ගැන, ගේ දොර ගැන, මගේ ඒ භවයේ හදිසි මරණය ගැන ගොඩක් දේවල් කියලා තිබුනා. කොච්චරද කිව්වොත් මං ඒ ගෙදර ලිපිනය පවා කියලා තිබුනා. ඒ සටහන් ඔස්සේ තමයි අද මං මෙතැන ඉන්නේ. ඔය මෝහන කටයුතු වුනේ මීට අවුරුදු 1 ½කට විතර ඉස්සර. එතකොට අපි හිටියේ ජර්මනියේ.”
ඔන්න ඔය විදිහට ඒ මහත්මයා දීර්ඝ විස්තරයක් කිව්වා. මම අහගෙන හිටියා.
එයා ඔයාගේ සීයා තරුණ කාලේ වගේමයි. එයා මැරෙද්දී, ඔය කාලේ පහුකරලා අවුරුදු 5ක් විතර ගිහින් තිබුණේ. ඉතිං ඒ මහත්මයා ව දැක්කාට පස්සේ මට කථා කරගන්න වචන හොයා ගන්න ගොඩාක් වෙලා ගියා. මට ලොකු සතුටක් දැනුනා, මිය ගියත් එයා වෙනුවෙන් කැපවෙලා හිටපු මාව හොයාගෙන එයා නැවතත් ආවා නේද කියලා. වයස පරතරය, ආදරය, විවාහය වගේ බැඳීම් වලින් එහා ගිය උත්තරීතර බැඳීමක් නේද අපි අතර තියෙන්නේ කියලා මට කියන්න ඕනේ වුනත්, හිතට දැනුනු සතුට නිසා ඒක වචන කරගන්න බැරි වුනා. නෑ කමක් නැති නෑ කමක් නේද මේ ඇති වුනේ කියලා මට හිතුනා.
ඒ අතරේ ඒ මහත්මයා අපේ දරුවෝ ගැන ඇහැව්වා. මම හිමින් හිමින් ඒ විස්තරත් කිව්වා. දරුවෝ හොඳ තැන් වල ඉන්න බවත් කිව්වා. ඒ මහත්මයාගේ වයස අවුරුදු 28ක් කිව්වා. මම නැවත විවාහ වුනාද කියාලාත් ඇහැව්වා.
ඔය අතරේ මගේ හිතේ පුදුමයක් ඇතිවෙලා නැති වෙලා යන්න වුනා. මට ඒ ලඟක් වෙනකම්ම සීයාතාත්තා මේ ගෙදර ඉන්න බව දැනි දැනී තිබුණේ දුවේ. එතකොට මෙයාට 28යි නම් එහෙම දැනුනේ කොහොමද කියන එක මගේ හිත් පතුලේ මතුවුනා.
“අද මගේ හිත නිදහස් වුනා. මං හිතන්නේ අදින් පස්සේ මට ඒ හීන පේන එකක් නැහැ. මං ඔයාව හොයා ගත්තා. මගේ ජර්මන් යාළුවෝ පුදුම වෙයි මේ සිද්ධිය කිව්වහම. ඔයා මාව හමුවෙන්න කැමත්ත පළ කලාට පස්සේ තමයි අපි එහෙන් ආවේ. මගේ හිතට පුදුමාකාර නිදහසක් දැනෙන්නේ සුනේත්‍රප්‍රියා.............. මේක ඇත්තටම පුදුමාකාර දෙයක්. කෙනෙකුට ජීවිතේ අත්විඳින්න ලේසියෙන් නොලැබෙන අත්දැකීමක්. මට ම මෙහෙම දෙයක් වුනානේ. ඉට්ස් අමේසින්........... ඉට්ස් අමේසින්...........
ඒ මහත්මයා මං වගේ බිරාන්ත වෙලා නෙමෙයි හිටියේ. අලුත් යමක් හොයා ගත්ත කෙනෙක් වගේ බොහොම උද්යෝගයෙන් හිටියේ. ඔහොම ටික වෙලාවක් ගියා. ඊට පස්සේ,
කෙනෙක් ඉන්නවා ඔයාට හඳුන්වලා දෙන්න. ඉන්න මං එක්කගෙන එන්නම් කියපු ඒ මහත්මයා නැගිටලා වාහනේ අතට ගියා.” තාත්තම්මාගේ මුහුණු මදක් වෙනස් වූ බව විමසිල්ලේ ඇය දෙස නෙත් යොමා සිටි මා හට වැටහුණි.
“ඒ ගිහින් වාහනේ අනිත් පැත්තේ දොර ඇරියා. ඒ දොරෙන් එළියට බැස්සේ ගැබ්බර සුදු නෝනා කෙනෙක්. මගේ සිතුවිලි කන්ද මගේ කකුල් දෙක පාමුල කඩාගෙන වැටුනා. මගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේ මටම නවත්තගන්න බැරි විදිහට. එයාලා ලඟට එද්දී මං ඉක්මනට කඳුළු පිහදාගෙන හිනා වෙන්න උත්සහ කලා”
“සුනේත්‍රප්‍රියා, මේ ඉන්නේ අර මං කිව්ව දොස්තර නෝනා. ඔයා නිසා තමයි මට මෙයාව මුණ ගැහුනේත්. ඔයා මගේ හීන වලට වෙලා හොල්මන් කරන්න ගත්ත නිසා මට මේ දොස්තර නෝනාගේ උදව් ගන්න සිද්ධ වුනා. අන්තිමේදී ඒ උදව්ව දුරදිග ගියා” කියලා ඒ මහත්මයා හිනා වුනා. නෝනාත් හිනා වෙලා මගේ මූණ ට මූණ තියලා කථා කලා” තාත්තම්මා ඈත පෙනෙන කඳු යාය දිහා නෙත් යොමාගෙන සිටියාය.
මම නිරුත්තර ව ඇය දෙස බලා සිටියෙමි. ඒ හමුවීමේ රූප, චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක මෙන් මා ඉදිරියේ මැවී පෙනෙන්නට විය. එහිදී, මගේ තාත්තම්මා උත්සහයෙන් රඳවාගෙන හිටි හැඟීම් සමඟින් ඒ ඇත්තියගේ කම්මුල මත තම කම්මුල තබන හැටි බොඳවුනු දෙනෙතින් මම දිටීමි. පසෙකින් මගේ සීයතාත්තා නොහොත් ඒ ආගන්තුක පුද්ගලයා සිනා මුසුව සිටියි. අහෝ! මාගේ මිත්තණිය ඒ අවස්ථාවට කෙලෙස මුහුණ දෙන්නට ඇත්ද?
“මම තනියෙම කල්පනා කලා, මම ද හොල්මන් කලේ එයාද කියලා, එයායි මගේ හිතේ හොල්මන් කලේ, මේ ගෙදර සැරි සරන බව දැනුනු නිසා, එයාව නිරතුරු දැනුනු නිසා, අපේ දරුවෝ නිසා මං මගේ මුළු ජීවිත කාලයම තනිකඩව ගත කලා. ඒත් එයා අසරණ මං ගත කරපු ජීවිතය ගැන හාංකවිස්සියක් හොයන්නේ බලන්නේ නැතුව, එක පාරම ඇවිත් මගේ ලෝකය නැවත කඩා බිඳ දැම්මා නේද කියලා මට හිතුනා. මට කෑ ගහලා අඬන්න ඕනෑ වුනා පුතේ. මං දෙවොලක් හදලා පුද පූජා කරපු දෙවියෝ ම ඒ දේවාලයට ගිණි ලෑවා නේද කියලා මගේ හිත කියන්න ගත්තා. එතකොට මං මුළු ජීවිතේම මුලාවෙන් ගත කරලද? මං මිරිඟුවක් පස්සේද දුවලා තියෙන්නේ? ඔය වගේ නොයෙකුත් දේවල් හිතෙන්න ගත්තා මැණිකේ. ඒ දෙන්නා මොන මොනවාදෝ කියමින් හිටියා. ඒ කිසි දෙයක් මට ඇහුනේ නැහැ. මං මගේ කඩාගෙන වැටෙන ලෝකය අල්ලලා නවත්වන්න ලොකු උත්සහයක් දරමින් හිටියේ. අන්තිමේදී කරන්න පුළුවන් හොඳම දේ මට මතක් වුනා” තාත්තම්මාගේ දෙනෙත් වල පෙර නොවූ කාන්තියක් මතුවිය.
ඒ මහත්මයා ආයෙත් මගේ නම කිව්වා, “සුනේත්‍රප්‍රියා........” මම හෙමින් අත ඉස්සුවා. එයා කථාව නතරකලා.
“මේ පුතා හඳුනා ගන්න ලැබුනු එක ගැන සතුටුයි. නෝනා මහත්මයා ගැනත් එහෙමයි. පුතා මට ඔය නම කියලා කථා කරන්න එපා. ඔය නම ඔය විදිහට කිව්වේ මට මේ ලෝකේ එකම කෙනායි. ඒ මගේ මහත්තයා. මගේ දරු තුන්දෙනාගේ තාත්තා. එයා දැන් මේ ලෝකේ නැහැ. ඒත් එයාගේ පිහිට අපිට හැමදාමත් තියෙනවා. මේ ඇති, මේ හොඳට ම ඇති. ආයේ පුතා මා හමුවන්න උත්සහ කරන්නත් එපා. ඔයා කවුරු වුනත් මට ඒකේ වෙනසක් නැහැ. මගේ මහත්මයා ජීවතුන් අතර නැහැ. ඒ මනුස්සයාට මගේ හිතේ, මගේ ලෝකේ, අපේ ලෝකේ සමාදානයෙන් සැතපිලා ඉන්න දීලා ඔය දෙන්නා යන අහක යන්න. කිසිම දවසක මාව හමුවන්න හිතන්නවත් එපා” කියලා බොහොම සාමකාමීව කියපු මම එතැනින් පිටත් වෙලා එන්න ආවා. ඒ එද්දී ඊට ටිකක් එහායින් වාහනේ නවතාගෙන සයිමන් හිටි බව මං දැක්කේ ඒ වෙලාවේ. ඒත් අද වෙනකම් සයිමන් මේ ගැන හාංකවිස්සියක් මගෙන් ඇහැව්වේ නැහැ.
ඒ අය ඊට පස්සේ මට මුණ ගැහුනේ නැහැ දුවේ.
මේ බැඳීම් ගැන, සංසාරය ගැන වෙනස් විදිහට හිතන්න මට ඒ සිද්ධිය ගොඩක් උපකාරී වුනා. ඒක නිසා ඒ පුතා මුණ ගැහීම මට සිදු වුනු හොඳ දෙයක් කියලා දැන් හිතෙනවා.
සීයතාත්තා අපි අතර ගැවසුනා කියලා දැනුනේ ඇයි කියන්න මං දන්නේ නැහැ. සමහරවිට ඒ විදිහේ පැතුමක් හිත් කොනේ තිබුණු නිසා වෙන්න ඇති. කොහොම හරි ‘මනෝ පුබ්බංග මා ධම්මා..........’ බුදු වදන මොන තරම් ඇත්තක්ද කියන එක මේකෙන් වැටහෙනවා නේද?
සීයතාත්තා මැරුණා කියලා මං මැරුණේ නැහැ, මං මැරුණේ නැහැ කියලා සීයා තාත්තා මං එනතුරු බලං ඉඳලත් නැහැ, මං නැහැ කියලා එයා මේ ආත්මේ කසාද නොබැඳ ඉඳලත් නැහැ. ඔන්න ඕකයි පුතේ සංසාරේ............... මේ හැමෝම අනන්තවාරයක් විවිධාකාර නෑ කම් වලින් අපට හමුවෙන බව තමයි බුදු වදන කියන්නේ. ඉතිං ඒ පුතා ගැන මගේ හිතේ කහටක් නැහැ. එයාට ඕනෑ වුනේ මේ භවයේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න මේ ගැටළුව විසඳගන්න. ඒකත් ඉෂ්ට වුනා. මට ධර්මය දකින්න මාර්ගයත් පෑදුනා.” තාත්තාම්මා සිය කථාව අවසන් කරමින් සිටියාය.
“හරි පුදුම කථාවක් තමයි මේක. දැන් තාත්තම්මා සීයතාත්තා ගැන වැරදියට හිතනවද?” මං මෝඩ ප්‍රශ්නයක් ඇසූ බව මද වේලාවකින් මට දැනුනත් එය, පැහැදිලි කරගත යුතු නිසාවෙන් ඇසූ බව තාත්තාම්මා වටහා ගත්තා විය යුතුය.
“නැහැ පුතේ. එයාගේ අපිත් එක්ක හිටපු භවයේ කටයුතු අහවර වුනා. ඒක නිසා එයා ගියා. අපේ ලෝකයේ එයා මිය ගිය කෙනෙක්. ආයේ කොතැන ඉපදුනත් ඒවා අදාල කරගන්න සුදුසු නැහැ. මගේ ලෝකේ, මම මහත්තයා මිය කණවැද්දුමියක් විතරයි. ඒ ගැන හිතලා දහමට අනුව හිත හදා ගැනීම තමයි කරන්න ඕනා” කියමින් තාත්තාම්මා සිහින් සිනාවක් පෑවාය.
“මැණිකට තේරෙනවා නේද? කෙනෙක් නැති වුනා කියලා දුක් වීම මොනවගේ දෙයක්ද කියන එක. ඒ ගැන තව තවත් පහදන්න මං උත්සහ කරන්නේ නැහැ.” යි තාත්තම්මා පැවසුවාය. ඇගේ අතින් අල්ලාගත් මම පෙර නොවූ පිබිදීමකින් නැගී සිටියෙමි.

*************************************
තාත්තාම්මා සමග ගත කල මාස එකහමාරින් පසු කොළඹ පැමිණියේ, එහි ගිය මා නොවේ.
යහපත් දැක්මෙන් පිබිදුනු නව යෞවනියක සේ මට ම මා ගැන දැණින. තාත්තා මට වඩා හොඳ රැකියාවක් සොයා දුන්නේය. ඊට මාස හයකට පමණ පසු යෝජනාවකින් දැන හඳුනාගත් මා සැමියා හා වසරක පමණ පෙම් සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට ඇතුළු වීමි. වැඩිමහල් පුතු ලැබෙද්දී මා ලඟ සිටින්නට කිසි දිනෙක කොළඹ නොආ මාගේ තාත්තම්මා දුරු කතර ගෙවාගෙන පැමිණියාය. පුතුට අවුරුදු 3ක් පමණ වූ අවධියේ දිනෙක,මගේ සදාදරණීය තාත්තම්මා ඒ ආදරණීය නිවසේදී ඉතාමත් සාමකාමී ලෙස නින්දේදීම මෙළොව හැරගොස් සිටියාය.
එයින් වසරකට පසු අප ලද දියැණිය තාත්තම්මාගේ පුනරාගමනය ලෙසින් හැම දෙන දකිති. ඒ ගැන කියති. ඇය කියන කරන හැම දේ තාත්තම්මාගේ පුරුදු ලෙස ඔවුහු විස්තර කරති. නමුදු මාගේ සදාදරණීය තාත්තම්මා කොහේ හෝ සිට මා දෙස බලා, මට පිහිට වන බව සිතන්නට හෝ මාගේ දියැණිය ඇගේ පුනරාගමනය ලෙසින් සිතන්නට හෝ ඇය මට පෙන් වූ ලෝකයේදී මා ලද දැනුම කිසි සේත් ම මා හට අවසර නොදෙනු ඇත.
***************************************
නිමි
නිමි
ෂා...... නියම කතාවක් අක්කේ.මේ භවය හරිම පුදුමයි.ඔය වගේ සිද්දි කොච්චර වෙනවා ඇද්ද.මං මේ පාර පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා ඔය සම්බන්ද පොතක් ඒ කතා ඇහුවාම පුදුම හිතෙනවා.
ReplyDeleteහැබැයි ඒ පොත ලියපු පර්යේෂකයා කියලා තියෙනවා පුනරුප්පත්තිය ගැන කියන්න තරම් ප්‍රභල වෙන්නෙ එයා ඉස්සෙල්ලා හිටපු රටේ හිටපු පැත්තෙන්ම ඉපදුනොත් කියලා. :))
අන්තිම කොටසේදී මට අඩුනා. අක්කේ මේක ඇත්ත කතාවක්ද?
ReplyDeleteමැණිකට තේරුනා... දන්නවද? ඊයෙත් ආවෙ නෑනෙ.. අදනෙ කොටස් තුනම කියෙව්වේ.. ඉතින් සතුටු හිතුනා අනිත් අයට තිබ්බ කුතුහලයෙන් බලන්න ඕන නැති උනා.. අග ඉඳල මුලට බැලුවා...
ReplyDeleteසමහර තැන්වලදි ඔයාටම ආවේණික වාක්‍ය තියෙනවා.. ලස්සනයි නංගී.. ආ අර නෑකම ක් නැති වාක්‍යය ටිකක් බලන්නකො...
හරිම ලස්සන කතාවක්...රන්දිල්ට සුභ පතනවා..සමහර වෙලාවට හැඟීම් වලට විතරක් වහල් නොවී තීරණ ගන්න ඕනි වෙලාවක මේ කතාව ආයෙත් මතක් වේවි..
ReplyDeleteහරිම ලස්සන නිර්මාණයක් රන්දිල්,අන්තිම ටික කියවද්දී මට කඳුළු අවා.මාත් මගේ ආත්තම්මට තමයි ගොඩාක්ම ආදරේ කලේ එයා අපිව දාල ගිහින් දැනට අවුරුදු තුනක්.මේ චරිතය එයාගේ චරිතයට බොහෝ සෙයින් සමානයි.අද කාලේ මේ වගේ කාන්තාවන් දුලබයි.
ReplyDeleteඔබට ජය!
ලස්සනයි! කතාවටත් වඩා මට හිත ගියේ ඔයා ඒ සිද්ධි දාමයට - කෙනෙක් වෙන් වීම, හිත, පුනර්භවය - මේවට දුන්න අර්ථ කතන...
ReplyDeleteබණක් ඇහුවා වගේ නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. අපි මේ අපේමයි කියල තදින් බදාගෙන දඟලන හැම දෙයකම ඇතිවන නැතිවන ස්වභාවය තදින්ම දැනුනා. ස්තුතියි! රන්දිල්. (වඩාත් හරි වචනේ නම් බොහොම පින්)
ReplyDeleteහරිම ලස්සන කතාවක් අක්කේ. ඇත්තටම බොහොම ගැඹුරු කාරණා ටිකක් සරලව විස්තර කෙරෙන බණක් ඇහුවා වගේ... ස්තූතියි මේ කතාව අපිට කිව්වට. අක්කට ජයෙන් ජයම පතනවා!
ReplyDeletenice story akki,, jeewitete hode deyak kiyala dene arthewath kathawak. keep writing :)
ReplyDeleteලස්සනම ලස්සන කතාවක්.... වෙන කියන්න මොකුත්ම කල්පනා වෙන්නෙ නෑ. කතාව ඇත්ත
ReplyDeleteනියමයි... ලස්සන කතාවක් අක්කණ්ඩි...:D
ReplyDeleteඔන්න දැනුයි පටන් අරන් තියෙන්නේ
ReplyDelete:D
කියන්නට දෙයක් නැත - ඇත....
ReplyDeleteපලමු කොටසින් නැගුණු සිතිවිල්ලෙන්ම කොටස් තුනම මියැවීමි
තිරය බොඳවී ගියා නගේ.. :-(
"ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...."
මරු!
ReplyDeleteමේ සිද්ධිය තේරෙන බාසාවකින් කියලා තියෙන විදිහ නියමයි.
බුදු බණ අනුව සියලු සත්වයෝ අපේ දෙමපියෝ හා සහෝදර සහෝදරියො වෙලා අනේක වාරයක් අපිත් එක්ක ඉඳලා තියෙනවා. මේම භවයෙදී අපේ පරම හතුරන් පෙර භවයන් වලදී අපට උදව් කළ ආදරය කළ වාර ගිනිය නොහැකි තරම්. මේ ඔස්සෙ හිතන්න දේවල් ගොඩක් තියෙනවා.
සරළම දේ තමා මගේ බිරිඳත්, මගේ දරුවොත්, මගේ දෙමාපියනුත් මට නැවත හමුවීමේ අවස්ථාව ඉතාම අඩුයි. හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වගේ. කණ කැස්බෑවට විය සිදුරෙන් අහස බලන්න බෑරිද? පුලුවන්. හැබැයි අවස්ථාව විරළයි. ඒ වගේම තමා මගේ බිරිඳත්, මගේ දරුවනුත්, මගේ දෙමාපියනුත් නැවත මගේ ම අය විමේ සම්භාවිතාවය. මේ සත්‍ය දැනගත්තානම් මිනිස්සු කොච්චර දුරට වෙනස් වෙයිද නේද?
අදනේ මේක දැක්කේ.....
ReplyDeleteඅතිවිශිෂ්ටයි....!