M any many moons ago,
Y onder in mists of a far away time,
L ife was one a dreary crawl,
O ver and over I hated it so,
V erbatim quoting my misery then,
E ndless pain would come again,
I n came you as a whispering wind in night,
S ans anything but offering only pure love,
F orever you are my elixir of love
O nly death would do us part?.....not even that,
R eliving every moment is sheer joy,
E ven a lingering smile of yours,
V agaries of life are not for me,
E nd of the day when coming home,
R avi I love you, is all I hope for,
සෙනෙහසේ නිල් විලක,
පිපුණි එක සියපතක්,
නෙතු අගට ඉනු කඳුලු,
බිඳක රැඳි සිහිලසක්,
ඈත එක දිනක දුටු,
මද සිනහවක සුවය,
තවත් නොමැකී තිබේ,
මගේ සිත පහන් කල,
සිත සැනහු දිය දෝත,
නෙත ඇඳුණු මල් සිහින,
ළඳුනි ඔබ මා දිවිය,
මඟ දැක්වු තරු එළිය,
සුරත අත නොහැර එමි,
අනන්තයෙ ඉම දකිමි,
සොඳුර ඔබ හා සමඟ,
සසර අත් හරින්නෙමි,
*************************
අද ඇගේ උපන් දිනයයි.........Today is her Birth day....
.
Y onder in mists of a far away time,
L ife was one a dreary crawl,
O ver and over I hated it so,
V erbatim quoting my misery then,
E ndless pain would come again,
I n came you as a whispering wind in night,
S ans anything but offering only pure love,
F orever you are my elixir of love
O nly death would do us part?.....not even that,
R eliving every moment is sheer joy,
E ven a lingering smile of yours,
V agaries of life are not for me,
E nd of the day when coming home,
R avi I love you, is all I hope for,
සෙනෙහසේ නිල් විලක,
පිපුණි එක සියපතක්,
නෙතු අගට ඉනු කඳුලු,
බිඳක රැඳි සිහිලසක්,
ඈත එක දිනක දුටු,
මද සිනහවක සුවය,
තවත් නොමැකී තිබේ,
මගේ සිත පහන් කල,
සිත සැනහු දිය දෝත,
නෙත ඇඳුණු මල් සිහින,
ළඳුනි ඔබ මා දිවිය,
මඟ දැක්වු තරු එළිය,
සුරත අත නොහැර එමි,
අනන්තයෙ ඉම දකිමි,
සොඳුර ඔබ හා සමඟ,
සසර අත් හරින්නෙමි,
*************************
අද ඇගේ උපන් දිනයයි.........Today is her Birth day....
.
ලස්සන කවි පෙලක්.......සුභ උපන් දිනයක් ඇයට...!!
ReplyDeleteලස්සන පදපෙලක් රවී.
ReplyDeleteඋපන්දින සුබ පැතුම්!
අපිත් එහෙනං විස් කොලා කියාන්ටකෝ.. (ඒ පිටින් දාලා කරුමාන්තයක් කොරමුද ලාවට වගේ.??) :D
ReplyDeleteආදරේ හිතෙන කවි පෙලක්
ReplyDeleteඇයට සුබම, සුබ උපන් දිනයක්....!!!
ඔන්න අපිත් සුභ උපන්දිනයක් කීවා...:)))
ReplyDeleteචන්ද්‍රා මේ රෑ පායා ආවා
ReplyDeleteහර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා !!!
සඳයි තරුයි නිසංසලේ අහසේ තනිවෙලා
චන්ද්‍රායි රවීයි අනේ අපොයි දෙරටේ තනි වෙලා
ඉක්මනටම සඳයි ඉරයි එකම අහසේ දකින්නට ලැබේවා කියලා පතනවා ඒ වගේම හැඩකාර සුට්ටි කෙල්ලට සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!!!!!! කියලාත් ප්‍රාර්ථනා කරනවා
@ වින්චැට්,
ReplyDeleteස්තූතියි ඔබට බොහොමත්ම වින්,
@ ගල්මල්-Coral
ReplyDeleteස්තූතියි ඔබටත් ඩීන්....
@ Buratheno,
ReplyDeleteකියඤ්ඤං මලේ කියඤ්ඤං නොවැරදීම......හෙහ්, හෙහ්,කරුමාන්තයක් කොරන අයිඩියල් එකත් නරකම නෑ.....නිල වශයෙන්ම කොරතැහැකි.....
@ පොඩ්ඩි,
ReplyDeleteහෙහ්, හෙහ්, ආදරේ හිතෙනව නේද?......ස්තූතියි පොඩ්ඩි සුබ පැතුමට....
@ නිසුපා,
ReplyDeleteස්තූතියි නිසුපා.....
@ RanDil,
ReplyDelete/ චන්ද්‍රා මේ රෑ පායා ආවා
හර්දේ පෙමින් නාව නාවා
මේ ආදරේ වාසනාවන්
දුක් වේදනාවන් නිවේවා !!! /
සඳ ගැන මතක් උනේ ඕක විතරද?
පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා.......
එපා සඳ පායන්න අදින් පසු මගෙ ලොවට........
අන්න සඳ ගැන සිංදු.....හෙහ්, හෙහ්,
/ ඉක්මනටම සඳයි ඉරයි එකම අහසේ දකින්නට ලැබේවා කියලා පතනවා /
මළ කෙලියයි, ජූලි හතයි, මගේ පුතා ඔක්කොම කයි කිව්වලු.....දෙයියෝ සාක්කි දන්නවය ඉරයි සඳයි එකම අහසෙ හමුවුණු දාට වෙන සංතෑසිය.....
/ හැඩකාර සුට්ටි කෙල්ලට සුභ උපන්දිනයක් වේවා /
හෙහ්, හෙහ්, හැඩකාර නම් හරිය කියමුකො....සුට්ටි කෑල්ල තමයි......
සුභ උපන්දිනයක් වේවා ඇයට..
ReplyDeleteසුබ උපන්දිනක් පථනාවා ඇයට....!
ReplyDeleteඈ බන් රවි අයියේ මොකො මේ රන්දිකා තැනක කියලා තියෙන්නෙ රවි අයියගේ ස්වාමි දුවට සුබ උපන්දිනක් කියලා.........
හෙහ් හෙහ්......හේ....................................
රවී අයියෙ සඳා අක්කට සුබම සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනව....(හැබෑවටම උඹට මතක තිබ්බද අක්කගෙ උපන්දිනේ??)
ReplyDeleteසඳාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!
ReplyDeleteලස්සන වචන...
ReplyDeleteඋපන්දිනයට උණුසුම් සුභ පැතුම්
@ වර්ණා,
ReplyDeleteස්තූතියි වර්ණා.....
@ නිශ්,
ReplyDeleteස්තූතියි මල්ලි,
/ ඈ බන් රවි අයියේ මොකො මේ රන්දිකා තැනක කියලා තියෙන්නෙ රවි අයියගේ ස්වාමි දුවට සුබ උපන්දිනක් කියලා........./
ඒ ඔය ඒ උන්දැ අර අසරණයට සලකන විදිහ නෙව....එයැයි හිතාන ඉන්නෙ අනික් හැමෝමත් එහෙම තමා කියල...ඒකයි හේතුව......හෙහ්, හෙහ්,
@ hansakinkini,
ReplyDeleteඉස්ම ඉස්තූතියි ජනූ.....
/ ....(හැබෑවටම උඹට මතක තිබ්බද අක්කගෙ උපන්දිනේ??) /
හෙහ්, හෙහ්, මේ පාරනම් මතක තිබ්බ....එක පාරක් අමතක වෙලා වෙච්චි ජංජාලයක් තියනව....ඒක මෙතන කියන්න දිග වැඩියි....ඉඳහං එපිසෝඩ් දෙක තුනක කතාවකිම්ම කියඤ්ඤං.......හොඳේ....
@ neetha,
ReplyDeleteස්තූතියි නීතා........
@ පබලු,
ReplyDeleteඔයාටත් ස්තූතියි පබලු,
"සෙපිනෙබි ඈමතම සිනෙළම සුඅසොස" කියන්නේ මොකක්ද?
ReplyDeleteමට නං ටියුබ් ලයිට් වගේ.
සුභ පැතුම් "ඈ" ට!
@කතන්දර,
ReplyDelete//"සෙපිනෙබි ඈමතම සිනෙළම සුඅසොස//
මේක කොහෙද තියෙන්නේ කතන්දර???
@ පොඩි කුමාරිහාමි
ReplyDeleteඔය තියෙන්නේ MY LOVE IS FOREVER එකට යටින්!
මේක දැකලා තියෙනවද?
http://kathandara.blogspot.com/2010/06/blog-post_07.html
පෙබරවාරි 29 දිනට පෙර කියවන්න.
@ කතන්දර,
ReplyDeleteඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කියල අහල නැද්ද?.......අනික උඩට දාන තියරිය යටටත් හරියන්නෙ නෑ බොහෝවිට...හෙහ්, හෙහ්,
@ පොඩ්ඩි,
ReplyDeleteකතන්දර ගොයිය ඉංගිරිස් කයියෙ තියරිය හිංගල කයියටත් දාල බලලයි ඔය විරවපට්ටං ගහගෙන ඉන්නෙ......හෙහ්, හෙහ්
Ravi
ReplyDeleteඅන්න බලන්න අපේ භාෂාවට දෙවෙනි පෙලේ සැලකිලි නේද? කැතයි හොඳේ?
සුබ උපන්දිනයක් ඇයට!
ReplyDeleteසුභම සුභ උපන්දිනක් ඇයට..සහ සුභ පැතුම් රවිට උපන්දිනේ මතක තියාගත්තට...ලස්සන සිතුවිල්ලක්..
ReplyDelete@ වසීලිස්සා,
ReplyDeleteස්තූතියි වසීලිස්සා ඔබටත්,
@ රූ,
ReplyDeleteThank you so much Ru.....
The best way to remember your wife's birthday is to forget it once කියල කතාවක් අහල නැත?.....ඒ කතාව නම් සැටිපිකට් ඇත්ත.....මටම එහෙම උනා නෙව....හෙහ්, හෙහ්,
මගෙනුත් සුභ පැතුම් නිදුක් නීරෝගී සුව පිරි වාසනාවන්ත ජීවිතයකට
ReplyDeleteRajith A
ඔන්න දවසක් පරක්කු උනත් මගෙනුත් සුබ පැතුම් .....
ReplyDeleteලස්සන බලාපොරොත්තුවක් ....
“සුරත අත නොහැර එමි,
අනන්තයෙ ඉම දකිමි,
සොඳුර ඔබ හා සමඟ,
සසර අත් හරින්නෙමි,“
මදෑ කොළා... මං සුනංගුයි නෙව. ඔන්න ඔහේ ඉතුරුවෙච්ච මක්කාවත් ඇත්නං බෙදල ගනිං අයියෙ ඔය මැටි අඩලෙකට.
ReplyDeleteහ්ම්..... සද්දයක් නැතුවට බැළුවෙ, කෝ බං මේ සඳා අක්ක නැතෙයි ගෙදර.... එක්කො අඬගහන්න එපා... උපන්දින කයියට නාවට කන පිරෙන්න අහගන්නෙ මොටෝ...
හ්ම්.. මෙහ ගනිං ඔන්න ඕක...
අඩ්ඩඩ්ඩා... උඹලට ඊයෙ රජ මඟුල් වගේ නොවැ.. චැහ් හීල් තලප ඌරු බොරත් එක්ක පංකාදුයි බං අයියෙ. ඊයෙ රෑ නාව එකමයි කාරිය.
@ Rajith,
ReplyDeleteබොහොම ස්තූතියි රජිත්,
@ පන්සල්,
ReplyDeleteඔබටත් ස්තූතියි.....
@ නවම්,
ReplyDeleteහෙහ්, හෙහ්, ඌර නම් කියල වැඩක් නෑ බොල...රාජ බෝජනේ තමයි...අපෙ මිදුලටම එනවනෙ ඔය අළුගුත්තේරුවො...මොකවත් තියාගන්න දෙන්නෙ නෑ....ලොක්කිගෙ ඇන්තූරියම් පවා හාරනව....ඒකෙත් දෝසෙ මටයි.....ඒ පාර හතර අතේ දුවල තාප්පයක් ගැහුව.....අම්මප අහු උනොත් අමුවෙං කන්ට තරමට මල පැනල ඒ දවස්වල මම හිටියෙ.....හෙහ්, හෙහ්,
හරිම ලස්සන කවි පෙළක්...
ReplyDelete@ හිතුවක්කාරි,
ReplyDeleteස්තූතියි ඔබටත්....