91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය
මට විගස සිතුනේ ඇය කෙසේ හෝ කුමන හෝ සම්බන්ධයක පැටලී ඇති බවයි. එය මගේ හිතේ කහටක් ඇති කරන්නට සමත්විය.
“මට තේරෙන්නේ නැහැ තාත්තම්මා මොනවා කියනවද කියලා” මම නොරිස්සුම සඟවාගෙන පැවසීමි.
“ඔව් දුවේ. කාට කිව්වත් මේ කථාව මොන විදිහට තේරුම් ගනියිද කියලා මටත් හිතා ගන්න බැහැ. ඒත් මේක ඇත්තම ඇත්ත. බුදු දහම අනුව බැලුවත් මෙහෙම දෙයක් වෙන්න බැරි නැහැ නේද කියලා ඔයාටත් තේරෙයි” තාත්තම්මා සංසුන්ව පැවසුවාය.
“කියන්නකෝ බලන්න එහෙනං මොකද වුනේ කියලා” මම මගේ පුටුව ඇය අසලට ගෙන ලංව වාඩී විමි.
“මේක වුනේ මීට අවුරුදු 5කට උඩදී, නැන්දාගේ 30 වෙනි උපන්දිනේ වෙනුවෙන් මෙහේ උත්සවයක් තිබුනා මතකයි නේද? ඔයාට එන්න බැරි වුනානේ. ආන් ඒ උත්සවේ පහුවෙලා හරියටම සතියයි” සැබෑව. මගේ තාත්තම්මා ව මා ඒ වන විට මුණ ගැසී තිබුනේ අතේ ඇඟිලි වලට වඩා මදක් වැඩි ප්‍රමාණෙකිනි. ඒ කිව් උත්සවයට මා හට සහභාගි වීමට අපහසු වූයේ කුමක් නිසාදැයි නිනව් නැත. ඉඳින් මම බිම බලාගෙන හූ මිටි තැබීමි.
“මට ලියමනක් ආවා. නොදන්න කෙනෙක්ගෙන්. ඉන්න ඒ ලියමන මං අරං තියලා තියෙන්නේ. මං ඒක අරං එන්නම්”
මම මිදුලේ මල් පාත්ති දෙස බලාගෙන කල්පනා කරන්නට වීමි. මේ කියන්න යන්නේ කුමක්ද? ඔය කියන කාලේ වෙද්දි තාත්තම්මාට වයස අවුරුදු 60ක් විතර ඇති. එය ප්‍රේම කථාවක් වීමට ඉඩ කඩ බොහොම අඩු බව මට දැනුනි. මද වේලාවකින් පැමිණි තාත්තම්මා ඒ ලියමන මා අතින් තැබුවාය.
දිනය සටහන් කර තිබුනත් ආපසු ලිපිනයක් කොතැනකවත් සටහන් කර නොතිබුණු එහි දුරකථන අංකයක් දිනයට උඩින් සටහන් කර තිබුණි.
මහත්මියණි,
මේ ලිපිය ලියන මා ඔබ කිසි දිනෙක හමු වී නැති කෙනෙක් යනුවෙන් දැනට පවසන්නම්. මෙයද සටහන් කරන්නේ කොල සියයක් පමණ ගුලි කොට මේසය වටා බිම විසුරුවා දමා අවසානයේ බවද පවසන්නම්. කොතැනින් පටන්ගෙන කොහොම කියන්නද කියලා හිතාගන්න බැරි කථාවක් මේක. අනේ කරුණාකරලා ඔබට හැකි දිනයකදී මා හමුවනු මැනව. ඔබේ දරු තිදෙනාගේ නාමයෙන්, මා හමුවනු මැනව. මෙහි ඉහතින් සඳහන් කර ඇති දුරකථන අංකයට අමතා, එයට පිළිතුරු දෙන කාන්තාවට දිනයක්, වේලාවක් සහ තැනක් කියන මෙන් ඉල්ලා සිටිනවා. මෙය ඉතාමත් මානුෂිය අවශ්‍යතාවක්. මෙය විසඳාගන්නා තුරු මට සැනසිල්ලක් නොදැනෙනු ඇත. ගුණයහපත් කාන්තාවක් වශයෙන් මගේ ඉල්ලීම ඉවත නොදමා මා හට පිහිට වනු මැනව
මෙයට විශ්වාසී,
ඔබ හමුවන්නට මග බලා සිටින අය
“ඉතිං තාත්තම්මා ගියාද?” අතිශයින් විශ්මයට පත් මා ලිපිය නමා ඇය අතට දෙන අතරතුරේ විමසීමි.
“මම නාකි ගැහැණියක්. ඇරත් මේ අත්අකුරු මට හුරුයි වගේ. ලියලා තියෙන විදිහ පවා මට හුරුයි වගේ දැනුනා. කෙනෙකුගේ මානුෂිය අවශ්‍යතාවක් දරුවන්ගේ නාමයෙන් ඉෂ්ට කරන්න කිව්වහම, ඒක පැත්තකට දාන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ දරුවෝ” තාත්තම්මා ලිපිය අතට ගන්නා ගමන් පැවසුවාය.
“ඒක හරි කථාවක්නේ. කවුද දන්නේ, තාත්තම්මාව උස්සන් යන්න එන්න කිව්වද කියලා” මම සිනා සෙමින් පැවසීමි.
“අනේ කෙල්ල, මේ නාකි මාව කොහි උස්සන් යන්නද? මම දවස් දෙක තුනක් කල්පනා කලා මොකද මේකට කරන්නේ කියලා. ඔයාගේ තාත්තාට කියන්නත් හිතුනා. කිව්වා නං කලබල වෙනවා සේරමලා. ඒක නිසා මං තීරණය කලා තනියෙම ඒ ගමන යන්න. ඒ කරලා මං ඒ අංකෙට කථා කලා. ගැහැණු දරුවෙක් කථා කලේ. මං ලියුම ගැන විස්තරේ කියලා දවසක් වේලාවක් කියලා නුවර වැව රවුමේ තැනක් ගැන කිව්වා. ඒ දරුවා කිව්වා හොඳයි මැඩම්, මම සර්ට දන්වන්නම් කියලා.” තාත්තාම්මා තමන් කරපු වීරක්‍රියාව විස්තර කරන්නීය.
“හැබැයි කෙල්ල, ඔයාගේ වයසේ කෙනෙක් වුනා නං මං, කීයටවත් ඒ වගේ ගමනක් යන්නේ නැහැ. තේරුණා නේද දරුවෝ?” නැවතත් ඇය සිනා සලන්නීය.
“ඉතිං ඉතිං කියන්නකෝ මොකද වුනේ” මම නොඉවසිලිමත්ව අසා සිටීමි.
“ම්ම්........... වුනේද? වුනේ ඔයා කවදාවත් නොහිතන දෙයක්. මං කවදාවත් නොහිතපු දෙයක්. කවුරුවත් කොහොමවත් නොහිතන දෙයක්. මම එදා උදේ පාන්දර අවදි වෙලා සුදානම් වුනා. සයිමන් එක්ක වාහනෙන් දළදා මාලිගාවට ගිහින්, දළදා හාමුදරුවන් වහන්සේ වැඳ පුදාගෙන හිමින් හිමින් වැව රවුමේ අර කියපු තැනට ආවා. සයිමන්ට ටිකක් දවල් වෙලා ඒ පැත්තට එන්නය කියලා මං කියලා තිබුනේ. ඉතිං මං ඇවිත් ඒ පුටුවක වාඩි වෙලා වැවේ පීනන පාත්තයෝ දිහා බලාගෙන, උන්ට කඩල මිටක් විසි කර කර උන්නා” ඇය කල්පනා බරිතව පවසන්නීය. ඒ මොහොතේ මට සිහි වුයේ දූ දරුවෝ නාට්‍යයේ ඩල්සි ආච්චිමය. මගේ තාත්තාම්මා ඇයට වඩා වෙනස් වූයේ ඉතාමත් මද වශයෙනි.
“ඉතිං ආවාද ඒ කියපු කෙනා?” මට කථාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නොමැත. කිසිම දෙයක් අනුමාන කළ නොහැකි මානයකට මේ කථාව ඇදී යන අයුරු මට දැනේ.
“ඔව් පුතේ. එයා ආවා. සුදු පාට ලස්සන අලුත් වාහනයක එයා ආවා. මම ඒ වාහනේට කියන නම දන්නේ නැහැ. ඒත් ඒක හරිම ලස්සන අලුත් පන්නේ එකක්. ඒක ඇවිත් මං ඉන්න ඉසව්වෙන් නතර කලාම, මට ඉවෙන් වගේ දැනුනා මේ එන්නේ මං හම්බ වෙන්න එන කෙනා කියලා. මම හැරිලා බැලුවා. ඩ්‍රයිවින් සීට් එකේ මහත්මයෙක් හිටියා. අනිත් සීට් එකේ නෝනෙක් හිටියා. මහත්මයා දොර හිමින් ඇරලා බැහැලා මගේ පැත්තට ආවා. පුතාට කියන්න මට මගේ කකුල් දැනුත් පණ නැති වෙලා යන හැටියක් දැනෙනවා...............
ගොඩක් වෙලා කථා කලානේ, එතනාට කියන්න මට වතුර ටිකක් ගේන්නය කියලා” යි පවසමින් තාත්තාම්මා පුටුවේ හේත්තු වුවාය.
මම එතනා ඇමතීමි. ඇය ගෙනා වතුර වීදුරුවෙන් භාගයක් පානය කල ඈ නැවත කථාව ඇරඹුවාය.
“ඒ මහත්මයා ලඟට එද්දි මට නැගිට ගන්න ඕනෑ වුනත්, මගේ කකුල් මට වාරු නැතිව ගියා.” තාත්තා අම්මා හතිලන බවක් මට දැණින. නැවතත් වතුර වීදුරුව ඇයට ලං කලත් ඇය එය පානය නොකලාය.
“සුනේත්‍රප්‍රියා.............
දරුවෝ.........,
ඒ මහත්මයා මට ඒ නම කියලා කථා කලා. මං කලාන්තේ නොවුනු ටික විතරයි.
දරුවෝ.........
ඒ ඇවිත් හිටියේ ඔයාගේ සීයාතාත්තා” තාත්තාම්මා වේගයෙන් හුස්ම ඉහල පහල හෙලන්නට වූවාය.
මම උඩ ගොස් බිම වැටීමි. නැවත නැවත එලෙස වී බම්ප් වෙන බෝලයක් බවට පත්වීමි. මේ කියන්නේ කුමක්ද? සීයාතාත්තා මියගොස් නැද්ද?
මතු සබැඳි..................
පුනරුත්පත්තියක්ද..!!??
ReplyDeleteමෙහෙමයි සීන් එක....සීය තාත්තගෙ එක්කුසේ උපන් බාප්පගෙ පුතා ඔය.....නිවුන් සහෝදරය...පොඩි කාලෙ සීයතාත්ත එක්ක ජිල්බෝල ගගහ ඉන්දැද්දි නිදහනයක් ගන්ට බිලි දෙන්ට අල්ලගෙන ගිහිල්ල....පස්සෙ මිනිහ ඒ මිනිස්සුන්ට අම්බානක නෙලල නිදානෙත් අරන් ඇවිල්ල....දැන් ගජ පෝසතා.....නුවර වැව රවුමෙ අර ලොකු හෝටලේ...අන්න ඒක එයාගෙ......එයා තමයි ඔය ආවෙ......
ReplyDeleteReally sorry Ran for revealing your plot beforehand but I just couldn't resisit it....heh, heh,
සීය තාත්තට දාව out of wedlock ඉපදුනු පුතෙක් වත්ද?
ReplyDeleteඉක්මනට දාන්නකෝ අනේ... :D
අහ් නෑ නැත්නම් ...සීය තාත්තව පිට සක්වල ජීවින් පැහැරගෙන ගිහින්, එයාගේ ක්ලෝන් කෙනෙක් තමයි තාත්ත අම්ම ට ආපහු එවල තියෙන්නේ. මැරුනේ ක්ලෝන්. දැන් ඔය ඉන්නේ ඇත්ත කෙනා. හි හි හරි නේද!
ශා රවී අයිය නම් හින්දි ෆිල්ම් කෑල්ලක් නේ ඔය දාල තියෙන්නේ :D
ඉතුරු ටිකත් ලියලාද තියෙන්නෙ.....?
ReplyDeleteනැත්තන් කතවෙ ඉතුරු ටික තීරනය වෙන්නෙ පස්සෙද?
හැක හැක හැක මෙයාල අලුත් කතා ගොතනවා වගේ :/
ReplyDeleteලස්සන කතාව අක්කේ. රවි අයියගෙ 'මතු සම්බන්ධයි' ලෙඩේ බෝ උනාට කමක් නෑ, ඒ තරම් දරුණු කරගන්නේ නැතුව. නො ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඊලඟ කොටස කියවන්න.
ReplyDeleteමට හිතෙන්නේ නැවත ඉපදීමක් කියලමයි.
ReplyDelete@ බූරා,
ReplyDeleteඈ ඇත්තටම එහෙමවත්ද? බලමු නේද? අත සේරම දැනගන්න ඇහැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@ රවී,
ReplyDeleteඔන්න ඕකනේ වැඩේ. දැන් එහෙනං මං කථාව වෙනස් කරනවා ඕං...... :D
@ අමා,
ReplyDeleteඔයා දරුවා ඇක්ස් ෆයිල්ස් එහෙම අඩුවෙන් බලන්නේ නැහැ වගෙයි මට පේන්නේ. බලමු නේද අද කවුද මේ ආවේ කියලා
@ අසේල,
ReplyDeleteහපොයි නැහැ. කථාව එදාම ලියලා අහවරයි. දිග වැඩි වුනු නිසා තමයි මේ කොටස් තුනකට දාන්න වුනේ
හ්ම්.... මටත් හිතෙන්නෙ පුනරුප්පත්තියක් කියලා.
ReplyDelete@ වර්ණා,
ReplyDeleteඒකනේ අනේ කියන්නේ
@ සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ReplyDeleteබෝ වුනා නෙවෙන්නම්........ හැබැයි එච්චර දරුණු නැහැ මං හිතන්නේ. අදින් ඉවරයි
@ වසිලිස්සා,
ReplyDeleteවසිලිස්සා? කවුද අනේ වසිලිස්සා........ :)
බලමු නේද මොකද වෙන්නේ කියලා
@ නිසුපා,
ReplyDelete:) බලමු බලමු