මේවා මහා පුදුම දේවල්. මිනිස්සු කොච්චර හිතුවත්, හිතන්න උත්සහ කලත් පංචේන්ද්‍රියන්ට ගෝචර වන දේවල් වලට එපිටින් වෙනත් දේවල් නැහැ කියලා, අපි නොදන්න, අපට නොදැනෙන පුදුම දේවල් වෙනවා. ඔව් එහෙම ඒවාට අහඹු සිදුවීම් කියලා කියන්නත් අපි පුරුදු වෙලා ඉන්නවා. ඒත් මේ දේවල් මෙහෙම වෙද්දි පුදුම නොවී ඉන්නේ කොහොමද?
මෙහෙම පටන් ගන්නම්. මම මීට අවුරුදු හයකට උඩදී බොල්ගොඩ ගඟෙන් එහා සේවා ස්ථානයක සේවය කලා. ඉතිං දවසට මුළු බස්නාහිර පළාතම කවර්. ඒ කිව්වේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන්, කොළඹ දිස්ත්‍රික්කය හරහා කළුතර දිස්ත්‍රික්කයට උදේට ගිහින්, හවසට එනවා. උදේට 6.45 දුම්රියෙන්, හවසට මුතුකුමාරියෙන්. වැඩි කාලයක් ගත වුනේ පොතක් කියැවිල්ලෙන්. මං වැඩ කල ඉංජිනේරුතුමා ගාව හොඳ පොත් එකතුවක් තිබුනා. 90%ක්ම රුසියානු පරිවර්තන. ඔය අතරින් මං වැඩියෙම කැමති පොත් දෙකක් තිබුනා. එයින් එකක් තමයි මිනිසුන් අතර කියන පොත. ඒ මැක්සිම් ගෝර්කිගේ ජීවිත කථාව ලියැවුනු තුන්ඈඳුත්තෙන් දෙවැනි පොත. දැනටත් මං කැමතිම පොත් 5 කිව්වොත් ඔය අතර මේ පොත මුලින්ම තියෙනවා. ඇති අමුතු දෙයකුත් නැතුවාට, ඒ පොත කියවන්න කියවන්න ආසා හිතෙන පොතක්. ඒ වගේමයි 1986 විතර අරං තිබුණු ඒ පොතේ නිමාවත් අනර්ඝයි. බොහොම නරක දෙයක් තමයි ඉංජිනේරුතුමාට වුනේ. ඔය පොත මං ගෙදර ගෙනැත් තිබ්බ අවධියේ එතුමාගෙන් සිදු වෙච්ච රාජකාරීමය අකටයුත්තක් නිසා මං එකපාරම ගෙදර නතර වුනා. එතුමාට ඉතිං මිනිසුන් අතර අහිමි වුනා. :)
මෙහෙම පටන් ගන්නම්. මම මීට අවුරුදු හයකට උඩදී බොල්ගොඩ ගඟෙන් එහා සේවා ස්ථානයක සේවය කලා. ඉතිං දවසට මුළු බස්නාහිර පළාතම කවර්. ඒ කිව්වේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඳන්, කොළඹ දිස්ත්‍රික්කය හරහා කළුතර දිස්ත්‍රික්කයට උදේට ගිහින්, හවසට එනවා. උදේට 6.45 දුම්රියෙන්, හවසට මුතුකුමාරියෙන්. වැඩි කාලයක් ගත වුනේ පොතක් කියැවිල්ලෙන්. මං වැඩ කල ඉංජිනේරුතුමා ගාව හොඳ පොත් එකතුවක් තිබුනා. 90%ක්ම රුසියානු පරිවර්තන. ඔය අතරින් මං වැඩියෙම කැමති පොත් දෙකක් තිබුනා. එයින් එකක් තමයි මිනිසුන් අතර කියන පොත. ඒ මැක්සිම් ගෝර්කිගේ ජීවිත කථාව ලියැවුනු තුන්ඈඳුත්තෙන් දෙවැනි පොත. දැනටත් මං කැමතිම පොත් 5 කිව්වොත් ඔය අතර මේ පොත මුලින්ම තියෙනවා. ඇති අමුතු දෙයකුත් නැතුවාට, ඒ පොත කියවන්න කියවන්න ආසා හිතෙන පොතක්. ඒ වගේමයි 1986 විතර අරං තිබුණු ඒ පොතේ නිමාවත් අනර්ඝයි. බොහොම නරක දෙයක් තමයි ඉංජිනේරුතුමාට වුනේ. ඔය පොත මං ගෙදර ගෙනැත් තිබ්බ අවධියේ එතුමාගෙන් සිදු වෙච්ච රාජකාරීමය අකටයුත්තක් නිසා මං එකපාරම ගෙදර නතර වුනා. එතුමාට ඉතිං මිනිසුන් අතර අහිමි වුනා. :)
ඔය කිව්වේ මං කැමති එක පොතක්. දෙවැනි පොතේ නම මට පහුගිය 5 වෙනිදා වෙනකම් ම මතක තිබුනේ නැහැ. ඒ පොත කොටින්ම මං එක හුස්මට, කෝච්චි ගමන් වාර දෙකකදී කියවලා ඉවර කරපු පොතක්. ඒ තරමට ‘ගෝ’ එකක් තියෙන පොතක්. මං කිහිප දෙනෙකුගෙන්ම ඇහැව්වා ඒකේ චරිත වල විස්තර කිය කියා, ම්හ්......... කවුරුවත් දැනන් හිටියේ නැහැ. අනිත් එක මට ඒකේ නම ලාවට වගේ මතක තිබුනේ, ඥාති සහෝදරයෝ වගේ නමක්. ඉතිං මං ඔය නමත් කිව්වහම කාටවත් ඒ වගේ පොතක් මතක තිබුනේ නැහැ. ඒ පොතත් මං උඩ කී ඉංජීනේරුතුමාගේ පොත් එකතුවෙන් තමයි කියැව්වේ. අපරාදේ ඒකත් ගෙදර තියෙද්දි අකටයුත්ත සිද්ධ වුනා නං කියලා
පස්සේ පස්සේ හිතෙන්න ගත්තා. මොකද මේ පොතත් මගේ කැමති පොත් 10 තුල තියෙන නිසා. :)
ඔන්න දැන් කථාව ඇදී යනවා 2009 වර්ෂයේ මැද භාගයට. ඔය කාලේ දූ එනකම් බලං හිටපු කාලේ. මෝටර සයිකලයේ යන්න හොඳ නැති නිසා ගමන නැවතත් දුම්රියෙන්. මං ගාට ගාට දුම්රිය පළට එනකම් සදාකාලික කළණ මිතුරා ඇවිත් බලං ඉන්නවා. අපරාදේ කියන්න බැහැ මගේ මිතුරා පොත් කියවන, කවි ලියන, කථා ලියන කෙනෙක් නෙමෙයි. හැබැයි මං පොත් කියවනවා කියලා ඒකේ වරදක් දකින කෙනෙකුත් නෙමෙයි. ඔන්න දවසක් මං යද්දි ඉන්නවා මගේ මිතුරා හිනා පපා.
“මං ඔයාට පොතක් ගෙනාවා”
“ආනේ කොච්චර ශෝක්ද, කෝ බලන්න මොකද්ද පොත?”
“මිනිසුන් අතර කියලා මක්සීම් ගොර්කි කියන කෙනාගේ පොතක්. මට හිතුනා මේකට ඔයා කැමති වෙයි කියලා”
මගේ සදාකාලික කළණ මිතුරා........................... ඒ පොත අරං ඇවිත්!!!.
“අනේ මට හිතාගන්නත් බැහැ. ඔයා මේක ම ගෙනාවද? මේ මං කැමතිම පොත.”
“අප්පා ඔය කියන්නේ ඇත්තමද? ඔයා මේක කියවලා තියෙනවද?” මිතුරාට බොහොම සංතෝෂයි.
“ඔව් අනේ කියවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මං ගාව මේ පොත තියෙනවත් එක්ක”
“ෂාඃ අපරාදේ.”
“නැහැ නැහැ කිසිම අපරාදයක් නැහැ. ඔයා වෙන මොන පොත ගෙනාවටත් වඩා මේ පොත ගෙනාපු එකම මට ලොකුම ලොකු සතුටක්.” මගේ රුචිකත්වය හඳුනාගැනීම ම මදිද මං අහන්නේ... නේද?
“තව පොඩි පොතක් තිබුනා. ඒකත් මට දැක්කහම ගන්න හිතුනා. ඒත් රුපියල් 80යි ද කොහිද ගාන. ගාන නිසාම ගත්තේ නැහැ. මොකද්ද මේ නම............... මේ දිව අග තියෙනවා. මතක් වෙන්නේ නැහැනේ”
“ගුරු ගීතය?” මම පැනපු ගමන් ඇහැව්වා
“අප්පේ ඒක තමයි පොත. ඔයා කියවලා තියෙනවද?” සදාකාලික කළණ මිතුරා පුදුමයෙන් ඇහැව්වා
“අයියෝ නැහැ අනේ. මං ඒ පොත තාම දැකලාවත් නැහැ. හැබැයි ගොඩක් අය කියනවා හරි ශෝක් පොත කියලා. ඒක නිසා ගන්නමයි හිටියේ”
“මං අතටත් අරං තියලා ආවා. ඔයාගෙන් අහලා ගන්න. මං පස්සේ දවසක ගෙනැත් දෙන්නම්කෝ”
දුම්රිය ආපු නිසාවෙන් කථාව නවත්තපු අපි, ඉඳගෙන නිදි කිර කිරා ඉන්න කෙනෙක් ඇහැරවලා සීට් එක ගන්න හිතාගෙන දුම්රියට ගොඩ වුනා.
පස්සේ එයා ඒ පොතේ පළමු කොටසත් තුන්වෙනි කොටසත් ගෙනැවිත් දුන්නා. ඒ දෙක ළමාවිය සහ මගේ සරසවි ලෙස නම් වෙනවා.
ඔන්න දැන් කථාව නැවතත් මෑත භාගයට දිව එනවා.
හරියටම පහුගිය 5 වෙනිදා. එදා ඉතිං මං කාර්යය බහුල වුනු සති අන්තය ගැන ලිපියක් පළ කරලා අවසානේ දවසේ වැදගත් කමත් කිව්වානේ. ඒ වගේම මගේ සදාකාලික කළණ මිතුරාට දුන්නු පොඩි තෑග්ග ගැනත් කිව්වානේ. එදා හවස මම වැඩ අහවර වෙලා එයාගේ කන්තෝරුවට ගියාට පස්සේ ඔන්න මගේ තෑග්ග ලැබුනා. එක පොතට පොත් දෙකක් !!! එකක් යසුනරි කවබත ගේ කෙටි කථා එකතුවක්. අනිත් එක කපිතාන්ගේ දියැණියෝ කියලා ඇලැක්සැන්ඩර් පුෂ්කින්ගේ පොතක්. අරං තිබුනේ ගුණසේන සමාගමේ ප්‍රධාන ශාඛාවෙන් !!!
ඔන්න මට තදියම වැඩි කමට ම මං බයිසිකලේ එන ගමන්ම පිටි පස්සේ සීට් එකට වෙලා ඒ දෙවැනියට කිව්ව පොත පෙරලා ගත්තා. දෙයියෝ සාක්කි !!! මට පේළියක් පේළියක් ගානේ අතීතයට යනවා වගේ දැනෙන්න ගත්තා. කියවන පේළිය සිහි වෙනවා. නමුත් ඊ ගාවට තියෙන්නේ මොකද්ද කියලා මතක නැහැ. මට මේ ලෝකේ සිහියක් නැහැ.
“අනේ ඔයා කොහොමද අනේ මේ පොතම ගත්තේ?”
“ඇයි අනේ ඔයාට මේකම ගන්න හිතුනේ?”
“අච්චර පොත් කන්දරාවක් තියෙන කඩේ ඇයි අනේ මේකම ගත්තේ?”
“ඔයා මේක පෙරලලා බැලුවද? මොන පේලිය කියවලද මේක ගන්න හිතුනේ?”
අනේ අප්පේ සදාකාලික කළණ මිතුරාට බයිසිකලේ පැදගෙන යන්න නොදී මං දහසක් ප්‍රශ්න අහන්න ගත්තා.
මීට අවුරුදු 6කට උඩදී එක හුස්මට කියවපු, නම අමතක වෙච්චි, මගේ ලව්ලි පොත ඔන්න ආයෙත් මගේ අතේ. මට අමතක වෙලා තිබුනට ඒ කථාව යටින් ලස්සන, අමාරුවෙන් දිනා ගත්ත ආදර අන්දරයක් දිව යනවා. මට හිතුනා ඒ පේළියක්වත් දැකලද මෙයා මේක අරං තියෙන්නේ කියලා.
ඇත්තට ම කිව්වොත් ඔය පොත ගැන මං එයා එක්ක කවදාවත් කියලා නැහැ. මොකද පොත් වගේ මාතෘකා එයා එකක් කථා කරලා වැඩක් නැහැ. මං පොත දවස් දෙකින් තුනෙන් කියවලා ඉවර කලේ, “මේක ඒ පොත කියලා මං කියවලා ඉවර කරලා තමයි ෂුවර් කරගන්නේ. ඊට පස්සේ මේ ගැන බ්ලොග් එකෙත් ලියනවා අනේ” කියලා දහ පාරකට වඩා කියලායි.
ඔව් ඒ ඒ පොතම තමයි. ඒකනේ මේ බ්ලොග් එකේ ඒ ගැන ලියන්නේ. එයාටත් පුදුමයි. මටත් තාමත් පුදුමයි කොහොම ද එයා මේ පොතම ගෙනාවේ කියන එක. කෙනෙකුට ඒක එච්චර දෙයක් නෙවෙන්න පුළුවන්. ඒත් මේ පොත් සිද්ධි දෙක මට නං මහා පුදුමයක්. ඒක එහෙම වෙන්නේ එයා පොත් ගැන, පොත් ලියන අය ගැන, හොඳ පොතක් අනිත් ඒවා අතරින් තෝරා ගැනීම ගැන එච්චර කල්පනා කරන කෙනෙක් නොවන නිසා.
මං හොයන තව පොතක් තියෙනවා. ඒකේ නම නං මං එයාට කිව්වා. මොකද ඒ නම දැක්කොත් හිතෙන්නේ සිනි බෝල පොතක් කියලා. ඒත් ඒ පොත හරිම ලස්සන ආදර කථාවක් තියෙන පොතක්. පරිවර්තනයක්. මේ ලිපිය කියවන කෙනෙක් ඒ පොත කොහේ හරි දැක්කොත් මට කියන්න. ඒ විතරක් නෙමෙයි කියවන්න. හිතට සතුටක් දැනේවී කියලා මං විශ්වාසයෙන් කියනවා. ඒකේ නම, “සිනාසෙනු මැන වේදනා පිසදා”
හරි දැන් එන්නම් හෙට තියෙන කාරණයට. හෙට මගේ සදාකාලික කළණ මිතුරාගේ උපන්දිනය. දෙන්න හොඳ තෑග්ගක් සිහි වුනොත් ඒක සටහන් කරලා යන්න අමතක කරන්න එපා. දැන් ම හැපි බර්ත්ඩේ කියන්න හදිස්සි වෙන්න එපා. හෙට ලියැවෙන නිදහස් සිතුවිල්ලේ දී ම හැපි බර්ත්ඩේ කියමු.
පසු සටහන:
රුසියානු සාහිත්‍ය කියන්නේ පුදුම දෙයක්. මෙතැන කියැවුනේ පොත් දෙක තුනක් ගැන වුනාට කියලා නිමක් නැති ලස්සනම ලස්සන කථා සාගරයක්. ඒ ගැන මං ලියන්න ඕනෑ නැහැ. කාට හරි ඒ ගැන දැනගන්න ඕනා නං මෙන්න තැන. http://nelumwila.blogspot.com/2011/06/blog-post.html ගිහින් බලන්න. මටත් අදයි මේ ලිපිය හමුවුනේ.
මමත් කපිතාන්ගේ දියණියෝ, ගුරු ගීතය, පියවරු සහ පුත්තු කියන රුසියන් නවකතා තුන එකක් දහසැරයක් ගානෙ විතර කියවල තියෙනව. මොකද අපි පොඩි කාලෙ ගෙදර තිබ්බෙ ඔය පොත් තුන විතරක් නිසා.. :)
ReplyDeleteඅදමයි මේ පැත්තට ගොඩ වැදුනේ... ලියල තියෙන ශෛලියටත් මං කැමතියි...අක්ක කෙනෙක් නේද?? :)
ReplyDeleteරුසියානු සාහිත්‍යයෙන් විශ්ව සාහිත්‍යයට පිවිසුණු මට රන් ඔයා කියපුව එක්ක එකඟ වෙතෑකි සීයට දෙසීයක් ඇස් පියාන,
ReplyDeleteමම යන්තම් වචනයක් දෙකක් ගැටගහගෙන කියවන්ට ඉගෙන ගන්න කාලෙ තමයි බොලේ තිබ්බෙ රුසියානු...ඒ කාලෙ රුසියානු නෙවෙයි සෝවියට් රුසියානු පොත් වැහි වැහැල.......අම්මප ඒ වගෙ කාලයක් මතක් වෙනකොටත් දුකේ බෑ.....
/ ඔය පොත මං ගෙදර ගෙනැත් තිබ්බ අවධියේ එතුමාගෙන් සිදු වෙච්ච රාජකාරීමය අකටයුත්තක් නිසා මං එකපාරම ගෙදර නතර වුනා. එතුමාට ඉතිං මිනිසුන් අතර අහිමි වුනා. :) /
ඔන්න ඊට ටික කාලෙකට පස්සෙ ඉංජිනේරු තුමා හම්බවෙන්න ආව පරණ යාළුවෙක් දෙන්නගෙ කතාව ඇදිල ගියා සාහිත්‍ය පැත්තට.
'' මචං උඹ කැමතිම පොත මොකක්ද?''
'' කතා දෙකක් නෑ ගෝකිගෙ මිනිසුන් අතර....''
'' අහ්....ඒ මොකද?''
'' මා ගාව වැඩ කලා මහ කරදරකාර කෙල්ලෙක්.....කිසිදෙයක් හරියට කරගන්න බෑ....අනික වැඩක් ඉගෙන ගන්න උනන්දුවකුත් නෑ...කම්මැලි අරටුව...එළවගෙන්නෙ කොහොමද කියල ඉන්දැද්දි දවසක් මගෙං ඔය පොත ඉල්ලං ගියා...උන්දැට පොත රහ වැටුන මට හිතෙන්නෙ, මට පොත ආපහු දෙන්ඩ වෙයි කියල නොකියම ගෙදර නැවතුන...හෙහ්, හෙහ්.... කියලවත් කරගන්ට බැරි වැඩේ...එදා ඉඳල මගෙ ආසම පොත තමයි ඒක.....''
මමත් ඕවා ඔක්කොම කියවලා තියෙනවා. පොත් කියවන්න නම් මම හෙන ආසයි..
ReplyDeleteරුසියානු කතාවක් කියවද්දි ඒ වට පිටාව චරිත මවලා පෙන්නනවා.. කියවලා ඉවර කරද්දි දුකයි ඒ මනෝලොකෙන් මිදෙන්න..
ReplyDeleteවෙලාවකට මම ගූගල් එකේ රුසියන් චරිත වල තෙල් සායම් චිත්‍ර හොයනවා.. අවාසනාවට ඒ වා දුලබයි...
russian poth tharam lassana deval... thava koheda deviyanee thiyenne.
ReplyDeleteකපිතාන්ගෙ බිරින්දෑ වරු 1 සහ 2 කියල පොත් දෙකක් නං කියෙව්ව.
ReplyDeleteපුෂ්කින්ගේ පොත ඈරෙන්න අනිත් පොත් සෙට් එක මගේ ලඟත් තියෙනවා. ඒ කාලේ රුසියන් ලේඛයින් ලියපු දේවල් කවදාවත් පරණ වෙන්නේ නැති ගාණයි.
ReplyDelete