Tuesday, December 13, 2011

71. ඈ..........She,




M any many moons ago,
Y onder in mists of a far away time,

L ife was one a dreary crawl,
O ver and over I hated it so,
V erbatim quoting my misery then,
E ndless pain would come again,

I n came you as a whispering wind in night,
S ans anything but offering only pure love,

F orever you are my elixir of love
O nly death would do us part?.....not even that,
R eliving every moment is sheer joy,
E ven a lingering smile of yours,
V agaries of life are not for me,
E nd of the day when coming home,
R avi I love you, is all I hope for,

සෙනෙහසේ නිල් විලක,
පිපුණි එක සියපතක්,
නෙතු අගට ඉනු කඳුලු,
බිඳක රැඳි සිහිලසක්,

ඈත එක දිනක දුටු,
මද සිනහවක සුවය,
තවත් නොමැකී තිබේ,
මගේ සිත පහන් කල,

සිත සැනහු දිය දෝත,
නෙත ඇඳුණු මල් සිහින,
ළඳුනි ඔබ මා දිවිය,
මඟ දැක්වු තරු එළිය,

සුරත අත නොහැර එමි,
අනන්තයෙ ඉම දකිමි,
සොඳුර ඔබ හා සමඟ,
සසර අත් හරින්නෙමි,

*************************

අද ඇගේ උපන් දිනයයි.........Today is her Birth day....
.

40 comments:

  1. ලස්සන කවි පෙලක්.......සුභ උපන් දිනයක් ඇයට...!!

    ReplyDelete
  2. ලස්සන පදපෙලක් රවී.
    උපන්දින සුබ පැතුම්!

    ReplyDelete
  3. අපිත් එහෙනං විස් කොලා කියාන්ටකෝ.. (ඒ පිටින් දාලා කරුමාන්තයක් කොරමුද ලාවට වගේ.??) :D

    ReplyDelete
  4. ආදරේ හිතෙන කවි පෙලක්
    ඇයට සුබම, සුබ උපන් දිනයක්....!!!

    ReplyDelete
  5. ඔන්න අපිත් සුභ උපන්දිනයක් කීවා...:)))

    ReplyDelete
  6. චන්ද්‍රා මේ රෑ පායා ආවා
    හර්දේ පෙමින් නාව නාවා
    මේ ආදරේ වාසනාවන්
    දුක් වේදනාවන් නිවේවා !!!

    සඳයි තරුයි නිසංසලේ අහසේ තනිවෙලා
    චන්ද්‍රායි රවීයි අනේ අපොයි දෙරටේ තනි වෙලා

    ඉක්මනටම සඳයි ඉරයි එකම අහසේ දකින්නට ලැබේවා කියලා පතනවා ඒ වගේම හැඩකාර සුට්ටි කෙල්ලට සුභ උපන්දිනයක් වේවා !!!!!!!!!!!!!!!!! කියලාත් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  7. @ වින්චැට්,

    ස්තූතියි ඔබට බොහොමත්ම වින්,

    ReplyDelete
  8. @ ගල්මල්-Coral

    ස්තූතියි ඔබටත් ඩීන්....

    ReplyDelete
  9. @ Buratheno,

    කියඤ්ඤං මලේ කියඤ්ඤං නොවැරදීම......හෙහ්, හෙහ්,කරුමාන්තයක් කොරන අයිඩියල් එකත් නරකම නෑ.....නිල වශයෙන්ම කොරතැහැකි.....

    ReplyDelete
  10. @ පොඩ්ඩි,

    හෙහ්, හෙහ්, ආදරේ හිතෙනව නේද?......ස්තූතියි පොඩ්ඩි සුබ පැතුමට....

    ReplyDelete
  11. @ නිසුපා,

    ස්තූතියි නිසුපා.....

    ReplyDelete
  12. @ RanDil,

    / චන්ද්‍රා මේ රෑ පායා ආවා
    හර්දේ පෙමින් නාව නාවා
    මේ ආදරේ වාසනාවන්
    දුක් වේදනාවන් නිවේවා !!! /

    සඳ ගැන මතක් උනේ ඕක විතරද?

    පායා ආ සඳ අඳුරු වළාවෙන් මා ඉදිරියෙදිම වැසුනා.......

    එපා සඳ පායන්න අදින් පසු මගෙ ලොවට........

    අන්න සඳ ගැන සිංදු.....හෙහ්, හෙහ්,

    / ඉක්මනටම සඳයි ඉරයි එකම අහසේ දකින්නට ලැබේවා කියලා පතනවා /

    මළ කෙලියයි, ජූලි හතයි, මගේ පුතා ඔක්කොම කයි කිව්වලු.....දෙයියෝ සාක්කි දන්නවය ඉරයි සඳයි එකම අහසෙ හමුවුණු දාට වෙන සංතෑසිය.....

    / හැඩකාර සුට්ටි කෙල්ලට සුභ උපන්දිනයක් වේවා /

    හෙහ්, හෙහ්, හැඩකාර නම් හරිය කියමුකො....සුට්ටි කෑල්ල තමයි......

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා ඇයට..

    ReplyDelete
  14. සුබ උපන්දිනක් පථනාවා ඇයට....!

    ඈ බන් රවි අයියේ මොකො මේ රන්දිකා තැනක කියලා තියෙන්නෙ රවි අයියගේ ස්වාමි දුවට සුබ උපන්දිනක් කියලා.........

    හෙහ් හෙහ්......හේ....................................

    ReplyDelete
  15. රවී අයියෙ සඳා අක්කට සුබම සුබ උපන්දිනයක් කියල ප්‍රාර්ථනා කරනව....(හැබෑවටම උඹට මතක තිබ්බද අක්කගෙ උපන්දිනේ??)

    ReplyDelete
  16. සඳාට සුභම සුභ උපන්දිනයක් වේවා !!!!!!

    ReplyDelete
  17. ලස්සන වචන...

    උපන්දිනයට උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  18. @ වර්ණා,

    ස්තූතියි වර්ණා.....

    ReplyDelete
  19. @ නිශ්,

    ස්තූතියි මල්ලි,

    / ඈ බන් රවි අයියේ මොකො මේ රන්දිකා තැනක කියලා තියෙන්නෙ රවි අයියගේ ස්වාමි දුවට සුබ උපන්දිනක් කියලා........./

    ඒ ඔය ඒ උන්දැ අර අසරණයට සලකන විදිහ නෙව....එයැයි හිතාන ඉන්නෙ අනික් හැමෝමත් එහෙම තමා කියල...ඒකයි හේතුව......හෙහ්, හෙහ්,

    ReplyDelete
  20. @ hansakinkini,

    ඉස්ම ඉස්තූතියි ජනූ.....

    / ....(හැබෑවටම උඹට මතක තිබ්බද අක්කගෙ උපන්දිනේ??) /

    හෙහ්, හෙහ්, මේ පාරනම් මතක තිබ්බ....එක පාරක් අමතක වෙලා වෙච්චි ජංජාලයක් තියනව....ඒක මෙතන කියන්න දිග වැඩියි....ඉඳහං එපිසෝඩ් දෙක තුනක කතාවකිම්ම කියඤ්ඤං.......හොඳේ....

    ReplyDelete
  21. @ neetha,

    ස්තූතියි නීතා........

    ReplyDelete
  22. @ පබලු,

    ඔයාටත් ස්තූතියි පබලු,

    ReplyDelete
  23. "සෙපිනෙබි ඈමතම සිනෙළම සුඅසොස" කියන්නේ මොකක්ද?
    මට නං ටියුබ් ලයිට් වගේ.

    සුභ පැතුම් "ඈ" ට!

    ReplyDelete
  24. @කතන්දර,

    //"සෙපිනෙබි ඈමතම සිනෙළම සුඅසොස//

    මේක කොහෙද තියෙන්නේ කතන්දර???

    ReplyDelete
  25. @ පොඩි කුමාරිහාමි
    ඔය තියෙන්නේ MY LOVE IS FOREVER එකට යටින්!

    මේක දැකලා තියෙනවද?
    http://kathandara.blogspot.com/2010/06/blog-post_07.html

    පෙබරවාරි 29 දිනට පෙර කියවන්න.

    ReplyDelete
  26. @ කතන්දර,

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කියල අහල නැද්ද?.......අනික උඩට දාන තියරිය යටටත් හරියන්නෙ නෑ බොහෝවිට...හෙහ්, හෙහ්,

    ReplyDelete
  27. @ පොඩ්ඩි,

    කතන්දර ගොයිය ඉංගිරිස් කයියෙ තියරිය හිංගල කයියටත් දාල බලලයි ඔය විරවපට්ටං ගහගෙන ඉන්නෙ......හෙහ්, හෙහ්

    ReplyDelete
  28. Ravi
    අන්න බලන්න අපේ භාෂාවට දෙවෙනි පෙලේ සැලකිලි නේද? කැතයි හොඳේ?

    ReplyDelete
  29. වසිලිස්සාDecember 13, 2011 at 10:39 PM

    සුබ උපන්දිනයක් ඇයට!

    ReplyDelete
  30. සුභම සුභ උපන්දිනක් ඇයට..සහ සුභ පැතුම් රවිට උපන්දිනේ මතක තියාගත්තට...ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
  31. @ වසීලිස්සා,

    ස්තූතියි වසීලිස්සා ඔබටත්,

    ReplyDelete
  32. @ රූ,

    Thank you so much Ru.....

    The best way to remember your wife's birthday is to forget it once කියල කතාවක් අහල නැත?.....ඒ කතාව නම් සැටිපිකට් ඇත්ත.....මටම එහෙම උනා නෙව....හෙහ්, හෙහ්,

    ReplyDelete
  33. මගෙනුත් සුභ පැතුම් නිදුක් නීරෝගී සුව පිරි වාසනාවන්ත ජීවිතයකට

    Rajith A

    ReplyDelete
  34. ඔන්න දවසක් පරක්කු උනත් මගෙනුත් සුබ පැතුම් .....
    ලස්සන බලාපොරොත්තුවක් ....

    “සුරත අත නොහැර එමි,
    අනන්තයෙ ඉම දකිමි,
    සොඳුර ඔබ හා සමඟ,
    සසර අත් හරින්නෙමි,“

    ReplyDelete
  35. මදෑ කොළා... මං සුනංගුයි නෙව. ඔන්න ඔහේ ඉතුරුවෙච්ච මක්කාවත් ඇත්නං බෙදල ගනිං අයියෙ ඔය මැටි අඩලෙකට.

    හ්ම්..... සද්දයක් නැතුවට බැළුවෙ, කෝ බං මේ සඳා අක්ක නැතෙයි ගෙදර.... එක්කො අඬගහන්න එපා... උපන්දින කයියට නාවට කන පිරෙන්න අහගන්නෙ මොටෝ...

    හ්ම්.. මෙහ ගනිං ඔන්න ඕක...

    අඩ්ඩඩ්ඩා... උඹලට ඊයෙ රජ මඟුල් වගේ නොවැ.. චැහ් හීල් තලප ඌරු බොරත් එක්ක පංකාදුයි බං අයියෙ. ඊයෙ රෑ නාව එකමයි කාරිය.

    ReplyDelete
  36. @ Rajith,

    බොහොම ස්තූතියි රජිත්,

    ReplyDelete
  37. @ පන්සල්,

    ඔබටත් ස්තූතියි.....

    ReplyDelete
  38. @ නවම්,

    හෙහ්, හෙහ්, ඌර නම් කියල වැඩක් නෑ බොල...රාජ බෝජනේ තමයි...අපෙ මිදුලටම එනවනෙ ඔය අළුගුත්තේරුවො...මොකවත් තියාගන්න දෙන්නෙ නෑ....ලොක්කිගෙ ඇන්තූරියම් පවා හාරනව....ඒකෙත් දෝසෙ මටයි.....ඒ පාර හතර අතේ දුවල තාප්පයක් ගැහුව.....අම්මප අහු උනොත් අමුවෙං කන්ට තරමට මල පැනල ඒ දවස්වල මම හිටියෙ.....හෙහ්, හෙහ්,

    ReplyDelete
  39. @ හිතුවක්කාරි,

    ස්තූතියි ඔබටත්....

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...