ඔය ගම් වලට ඒත් එක්කම එක එක ස්ථාන නාම හැදුන හැටි හොයා බලන එක මගෙ සිරිතක්. පරණ ගොවි ජනපදවල සෝමියල් හන්දිය කියල එකක් තියනවමයි. මුලින්ම ගොවි ජනපද පිහිටුවන්ට කැළෑ එලි කරද්දි කපපු ගස් ඔක්කොම පී. ඩබ්ලිව්. ඩී..නැත්තං රජයේ වැඩ දෙපාර්තමේන්තුවෙ ලී මෝල් වලට දාල ඉරල තියනව. ඒ ලී වලින් තමයි ජානපදිකයින්ට ගෙවල් හදල දීල තියෙන්නෙ. ඒ ලී මෝල් ( Saw Mill ) තිබ්බ තැන් තමයි ඔය සෝමියල් කියල අද හැඳින්වෙන්නෙ.
සෝමිල් හන්දි කට්ටි කැඩීමේ පිඹුරු ගැන හිත හිත උන්නු මගෙ උරහිසට අත තියල විජිත කතා කලා..
" අයියෙ මේ තමයි සුජා......."
පූර්වජ චිත්ත රූප කියල එකක් අහල තියද? ඉංගිරිසියෙං Pre-conceived mental image කිව්වැකි මයෙ හිතේ...ඒ කිව්වෙ මෙහෙමයි. කලින් ඇස් දෙකට නොදැකපු කෙනෙක් ගැන අපෙ හිතේ ඇඳිල තියනව මනස් සිතුවමක්.කටහඬ අහල තියේනම් ඒ අනුව අපි මවාගත්තු රූපකායක් වෙන්න පුලුවන් එහෙමත් නැත්තං ලියාපු ලියවිල්ලක් කවි පෙලක් කෙටි කතාවක් නවකතාවක් අනුව අපේ හිතේ ඇඳිච්චි ආලේඛයක් ( Mind Portrait ) වෙන්න පුලුවන්. ඔය මොකක් හරි දෙයක් හීන්වට ලාවට හරි බොඳ වුනු සිතුවමක් අපේ හිතේ ඇඳිල තියනවනෙ. බොහෝ විට මගෙ හිතේ එහෙම ඇඳුනු පූර්වජ චිත්ත රූප සීයට සීයක් නොවුනත් සීයට අසූවක් තරම හරියටම හරි.
රයිට්..දැං මේ මම ලියන එව්ව කියවන ඒ ගැන කමෙන්ට් කරන ඔහෙල ඉන්නව නේද? ඔහෙල ගැනත් මයෙ හිතේ ඇඳිල තියනව යම් යම් චිත්ත රූප..ආය මොකටෙයි බොරු කියන්නෙ? ඒත් එකක් කියඤ්ඤං ඒ චිත්ත රූප මොනවද කියල නං අහන්ට එපා...කියන්නෙ නං නෑ මැරූකොට...
හරි..මේ වැල් වටාරං ඔක්කොම කිව්වෙ මොකටද දන්නවද? මාස හතර පහක් තිස්සෙ සුජාගෙ කවි කියවල ඒ අනුසාරයෙන් මම සුජා කියන්නෙ මේ වගෙ කෙනෙක්ය කියල යම් කිසි විදිහක චිත්ත රූපයක් මයෙ හිතේ කොණක ඇඳිල තිබ්බනෙ. අන්න ඒ මයෙ හිතේ ඇඳිල තිබ්බ චිත්ත රූපෙට හාත්පසින්ම වෙනස් නෙව බොලේ මේ මං ඉස්සරහ ඉන්න සුජා...සයින් ද පීස් සකබෝනා! නයි කයිද රෝස් පාං!! ඌරො බොයිද කැන්විටා!!! ....කිව්වලු.
මයෙ හිතේ ඇඳිල තිබ්බ සුජාගෙ රූපෙ විස්තර කරන එක පැත්තක තියල මම ඉස්සරහ මේ ප්‍රාදුර්භූත වෙලා ඉන්න සුජාගෙ විස්තරේ කිව්වොත් ඒක වඩාත් සුදුසුයි කියලයි මට හිතෙන්නෙ...
සුජාතා කොටයි...සාමාන්‍යයෙන් ඔය රූමත් කියල පොදුවෙ පිළිගන්ට නම් ගෑණු දරුවන්ගෙ තියනවනෙ ඇඟේ හැඩයක්..
" හෝරාමානකයක් මෙන් වූ ඇගේ සුකොමල දේහය නෙත ගැටුණු වහා උදෑසන නිල්දියෙන් මතුව එන්නාවූ තඹරු කුසුමක් සේ පිබිදුනු පසේනදී කොසොල් රජ්ජුරු තෙමේ එකෙණෙහිම රජ පුරුෂයින් බැණවූයේ....."
ඔන්න ඔහොමනෙ තියෙන්නෙ ජාතක කතාවල...එතකොට ආය කියන්නෙ සිසිවන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන,ඔහොම හැඩරුව තියෙන කාන්තාවියො හිටියනං මං හිතන්නෙ ජාන විකෘතියක් වෙන්න ඕන...උපමා කියන්නෙ ටිකක් ඔය ලුණු ඇඹුල් කාරිය දාල කියන එව්ව තමයි. ඒත් මොක උනත් ඒකෙ තියෙන්න ඕන තිරිත්තමක්...
ඔය සාමාන්‍යයෙන් බරවාහන කැටගරි එකට වැටෙන ලලනාවන්ගෙ ඇඟේ හැඩෙත් හෝරාමානකයක් වගෙ කියල කියන්ට බැරිකමක් නෑ.ඒත් එහෙම හෝරා මානකයකින් මනින්ට වෙන්නෙ තත්පර තමයි.උඩ ඉඳල පහලට එකම විෂ්කම්භය තියෙන වීදුරු සිලින්ඩරේකට වැලි දාල වහල උඩු යටිකුරු කලාම සරාස් ගෑවිල්ලෙ වැලි ටික වැටෙනව පල්ලෙහට. එක තත්පරයයි ඒ විදිහට මනින්ට පුළුවං..
සුජාතා කොටයි. ඒ වගේම ටිකක් විතර මහත පැත්තට බරයි..අර පිරිපුන් යුවතියන්ය කියන්නෙ..අන්න ඒ මොඩල් එක.හැබැයි බොහොම හුරුබුහුටියි..පෝටබල් සයිස්...ඒත් ඒ ඔක්කොටම හරි යන්න වත පුන්සඳ සේමා...ඒත් ඒ කෙල්ලගෙ එක පාරටම බැලූ බැල්මට හිතේ ඇඳෙන්නෙ ..මොනවද දන්නවද?....වෙන මොකවත් නෙවෙයි ඇස් දෙක...සුජාගෙ ඇස් දෙක හීනියි දිගයි. ඒත් ඇස් වල හැඩේට වඩා වැදගත් එයාගෙ ඇස් ඇවිල්ල කතා කරන ඇස්...කතා කරන ඇස් දැකල තියද?...දැකල තිබ්බට විතරක් මදි ඇත්තම කිව්වොත්...කතා කරන ඇස් වලට කතාවක් කියල තියනවද?...නැත්තං කතා කරන ඇස් කියන කතාවක් අහං ඉඳල තියනවද?
මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා...
නුඹේ කතාකරන දෑස මතක් වෙලා...
දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට,
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ...
කටින් කියන කතාවලට වඩා ඇස් වලින් කියන කතා කොහොමත් හෘදයාංගමයි..ලෙන්ගතුයි..සෙනෙහෙබරයි....
ඔය වගෙ දහසකුත් එකක් කල්පනා මගෙ හිතේ ඉපදිලා ඉතිරිලා යද්දි මම ගල් පිලිමයක් වගෙ බලාහිටිය කිසිම නිනව්වක් නැතුව.
" අයියා..මොකෝ මේ තක්කු මුක්කු වෙල වගෙ? …" විජිත කියනකොට ඔන්න මම ආපහු ආවෙ කදුරුවෙල ස්ටේසම ඉස්සරහට.
" ආ..නෑ..මල්ලි ..එතකොට මේ..මේ.... තමයි සුජාතා නේද?..." මම සුජා දිහා බලල හිනා උනා....
" ඔව් මම තමයි සුජාතා…" එයත් මුව පුරා සිනාසුණා…
" එතකොට කෝ..මේ? ……" එහෙම කියන ගමං මම වටපිට බැලුව..
" මොනවද?...." සුජාගෙ නලල රැලිඋනා..ඇස් හීන් උනා…
" නෑ මම මේ බැලුවෙ කෝ කිරිපිඬු පාත්තරේ කියල...."
" එව්ව ගැන අහන්න ඔයා මොකෝ සිදුහත්ද? …" සුජාතාගෙ හිනාව පිපුරුණෙ මං හිතන්නෙ එයාටත් නොදැනීම....
ඔය වාගෙම එක වංගියටම මල් වෙඩිල්ලක් පිපුරුනා වගෙ හිනැහෙන තවත් එක් කාලයක මා දැන හඳුනාගෙන සිටි තවත් එක යුවතියක් මාගෙ මතකයට ආවෙ මගෙ හිතටත් නොදැනීම....
නුවර බේක් හවුස්ද, ලියෝන්ස් ද වයිට් හවුස් ද කියල අනන්ත රෙස්ටෝරන්ට්ස් ඒ කාලෙ ඉඳලම තිබ්බ නම් තමයි. ඒත් මේ යන්තං ගෙදරිං ඉල්ලගන්න දෙකයි පණහෙං ජීවත්වෙන අපට කොහෙද එව්වට යන්ට විදිහක්..සිංහල ජාතික හෝටලේට ගිහිල්ල පරිප්පු වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්ට විතරයි අපි දෙන්න අතේම සල්ලි තිබ්බෙ. එහෙම කරන්නෙ ගම්පොළට කෝච්චියෙ ගිහිල්ල ආපහු එන්ට සල්ලි ඉතුරු කරගන්ට ඕන නිසා. ඉබ්බෙක් ගහන එක මහ කජ්ජක් නොවුනට කරුමෙටවත් එයයි එක්ක යනකොට බාප්පල පැනල මාට්ටු උනොත් ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්,
ඉබ්බෙක් ගැහිල්ල , හාෆ් ඉබ්බෙක් ගැහිල්ල සහ කැස්බෑවෙක් ගැහිල්ල කියන එව්ව දන්නව නේද? හරි අපි දන්නව කියල හිතාගෙන හිටියට මේ වගෙ ඉතා වැදගත් සාස්ත්‍රීය කරුණු කාරණා උනත් දන්නෙ නැති අය අපි අතරෙ අනන්ත ඉන්නව.
රයිට් වියුණු ලිවීමේ එක පරමාර්තයක් තමයි දුහුණන් දැනුම් උදෙසා...එබැවින් ඉබ්බා , හාෆ් ඉබ්බා සහ කැස්බෑවා ගහනව කියන්නෙ මෙන්න මෙහෙමයි....
ඉබ්බෙක් ගහනව කියන්නෙ විසේසයෙම්ම බස් එකේ නිකං යන එක. හාෆ් ඉබ්බ කියන්නෙ මඟට ටිකට් ගන්න එක. ඒ කිව්වෙ කොටුවෙං මරදානට ටිකට් අරගෙන බොරැල්ලට යන එක. කැස්බෑව ගැහිල්ල ඔයිට වඩා ෆුල් සිරා. ඒ වැඩේ බෑ ලේසි පාසු පුතයෙකුට.ඒකට තියෙන්ට ඕන ආත්ම ගානක ඉඳල පුරාගෙන එන වීර්ය පාරමිතාවක් සහ දහිරියක්. ඒ කිව්වෙ ළමයි කැස්බෑවො ගහන්නෙ මෙහෙමයි. ඔය ටිකෙට් නොදෙන බස් වල තමයි ඕක කරන්ට පුලුවං..ඔන්න ඉබ්බෙක් ගහගෙන ඇවිල්ල බහින්ට යද්දි යනව කොන්දොස්තර ගාවට.
" මේ මම ඉස්සරහ බහිනව..මගෙ විස්සෙ ඉතුරු දෙනවද? …" කිසිම බයක් හැකක් නැතුව කෙලිම්ම කොන්දගෙ මූණ බලාගෙන ඔහොම කිව්වම අනිවාර්යයෙං කොන්ද ඉතුරු දෙනව..
" කොහෙන්ද නැග්ගෙ? "
" රාජගිරියෙං….."
" ඒයි අද යමං තෝස පාරක් දාන්ට. එකසිය හැත්තැ හයේ අද මට කැස්බෑවෙක් වැඩ කලා…"
අද අපෙ ගෙදර තියෙන්නෙ නුවර - ගම්පොළ රේල් පාර පේනතෙක් මානෙ...අවුරුදු ගානකට ඉස්සරවෙලා සතියකට සැරයක් දෙසැරයක් ගම්පොලට කෝච්චියෙ යද්දි එද්දි ඒ කිට්ටුවම මට පදිංචියට එන්ට වෙයි කියල කවුද හීනෙකිංවත් හිතුවෙ...ජීවිතේ හැටි එහෙම තමයි...
මම ඔය කැළේ මැද රස්සාවට තේරිලා ලියුම ආවෙ බදාද වගෙ දවසක. සතියෙ මැද කියලනම් හොඳටම මතකයි. ඊළඟ සඳුදා සේවයට වාර්තා කරන්න කියලයි තිබ්බෙ. බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒ කාලෙ තිබ්බෙ නුවර ඔරලෝසු කණුවට උඩ පැත්තෙ.
සිකුරාද ඕකෙ තිබ්බ ඔය තරුණ වයසෙ යව්වන යව්වනියන්ට ඉංග්ලිෂ් ක්ලාස් එකක්. අරය ඕකට ආව එක දවසක්වත් වරද්දන්නෙ නැතුව.එයයිගෙ මේ ඉංගිරිසි පංතියට තිබ්බ ආසාව කොච්චරද කියනවනං මම ඉන්ටඇති වරු ගණං නුවර මාර්කට් එක ඉස්සරහ එයයි ක්ලාස් ඉවර වෙල එනකල්.
" ඔයත් එන්ටකො අනේ අපෙ ක්ලාස් එකට…"
" අනේ...මේ මට ඔය කට උල් කොරගෙන තොල් අඹර අඹර ඉංගිරිස් කියන්ට ඕනෙ කමක් නෑ කොහෙත්ම. මම මේ දන්න හරිය ඇති හොඳටම…." .ක්ලාස් එකට මටත් එන්ටෙයි කියල එයයි ආරාදනා කරපු හැම වෙලාවෙම මම උත්තර බැන්දෙ එහෙමයි.
" ඔව් ඉතිං ඔයා නම් මොකද? ඕන එකක් කියාපං මොනවා හරි කියයි... අර කිතුලට ගියයි කියන්නෙ හැබෑටම ඔහෙලගෙ කිරි අත්තෙක්වත්ද?..." එයා ගස්සල අහක බලා ගන්නව ඒ වෙලාවට...හෙහ්,හෙහ්.
ඉතිං අර රක්සාවට එන්ටේ කියල පත්තීං ලියුං කරදහිය එහෙම හම්බවෙලා ඊළඟ සිකුරාදත් එයයි ආව නුවර. ඔරලෝසු කණුව ගාවා බස් එකෙං බහිනකොට මම එතන.
" මේ අද නං නෑ, බෑ, මොකවත්ම බෑ ඔන්න, මම සඳුද ගියහම ආය එන්නෙ මාසෙකිනුත් පස්සෙ වෙන්ටත් පුළුවනි බොහොම වෙලාවට... ඔහෙට ඕන තරං කල් තියෙනව කට අඹරන්ට උල් කරන්ට හිතේ හැටියට..ඒ නිසා අද වැඩ කෙරෙන්ට ඕන මම කියන විදිහට..තේරුණාය?..."
" එසේය මහරජතුමණි...ඔබ තුමාගේ අණ කුමක්වේද? ඒ එකහෙලා පිළිගැනිමට මේ ගැත්තිය තනි පයින් සූදානම්බව ඔබ නොදන්නෙහිද? වහා පවසනු මැන ඔබ තුමාගේ රුචිය…"
වක්කඩ කඩච්චාවෙ මේකි කියාගෙන කියාගෙන ගියෙ නැද්ද?...මේ දෙනෝ දාහක් ගැවසෙන මහ ටවුම මැද්දෑවෙ...ආය හෙමිහිට එහෙමත් නෙවෙයි...අහල පහල ගෑණු මිනිස්සුත් හැරිල බලන්ට ගත්ත මේ මොකද මේ කෝලම කියලද කොහෙද....එහෙම කියල නිකා හිටපිය..අර ජපන්නු ආචාර කරනව දැකල තියනව නේද? අන්න එහෙම පපුව දිහාට අතක් තියල ඉණෙං ඉස්සරහට නැමිල ආචාරත් කරපි.
මට නේද?...උන්න මලා පේන්නෙ නැතුව ගියා තද වෙච්ච පාර...ඇයි දෙයියෝ සාක්කි..අඳුරන කවුරු හරි දකීය කියල මම මේ බයේ දඟලනව මේ අම්මණ්ඩිට කිසිම ගාණක් නෑ මේ සෙනඟ තලේ අස්සෙ විකාර කරනව..
මම රවපු පාරට වෙන කෙල්ලෙක් එහෙමනං බිරාන්ත වෙල එතනම කලංතෙ දාල වැටෙනව සිකුරුයි..මොන? මේ අම්මණ්ඩි හරියට මල් වෙඩිල්ලක් පිපුරුවැහෙ කැකිරි පලන්ට ගත්තෙ නැතෑ..
" මෙන්න මෙහෙ එනව යන්ට….." මම උන්දැගෙ අතිං ඇදගෙන ගියා ස්ටේෂන් එක දිහාවට...හිනාවෙවීම ඒ යෝදිත් මයෙ පස්සෙම ආව මිසක අත අතෑරියෙ වත් නෑ...
" A penny for your thoughts " සුජාතගෙ කටහඬට මම ආපහු පියවි ලෝකෙට ආව…
" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන…
අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි…
මතු සම්බන්ධයි......
" අයියා..මොකෝ මේ තක්කු මුක්කු වෙල වගෙ? …" විජිත කියනකොට ඔන්න මම ආපහු ආවෙ කදුරුවෙල ස්ටේසම ඉස්සරහට.
" ආ..නෑ..මල්ලි ..එතකොට මේ..මේ.... තමයි සුජාතා නේද?..." මම සුජා දිහා බලල හිනා උනා....
" ඔව් මම තමයි සුජාතා…" එයත් මුව පුරා සිනාසුණා…
" එතකොට කෝ..මේ? ……" එහෙම කියන ගමං මම වටපිට බැලුව..
" මොනවද?...." සුජාගෙ නලල රැලිඋනා..ඇස් හීන් උනා…
" නෑ මම මේ බැලුවෙ කෝ කිරිපිඬු පාත්තරේ කියල...."
" එව්ව ගැන අහන්න ඔයා මොකෝ සිදුහත්ද? …" සුජාතාගෙ හිනාව පිපුරුණෙ මං හිතන්නෙ එයාටත් නොදැනීම....
ඔය වාගෙම එක වංගියටම මල් වෙඩිල්ලක් පිපුරුනා වගෙ හිනැහෙන තවත් එක් කාලයක මා දැන හඳුනාගෙන සිටි තවත් එක යුවතියක් මාගෙ මතකයට ආවෙ මගෙ හිතටත් නොදැනීම....
නුවර බේක් හවුස්ද, ලියෝන්ස් ද වයිට් හවුස් ද කියල අනන්ත රෙස්ටෝරන්ට්ස් ඒ කාලෙ ඉඳලම තිබ්බ නම් තමයි. ඒත් මේ යන්තං ගෙදරිං ඉල්ලගන්න දෙකයි පණහෙං ජීවත්වෙන අපට කොහෙද එව්වට යන්ට විදිහක්..සිංහල ජාතික හෝටලේට ගිහිල්ල පරිප්පු වඩයක් කාල ප්ලේන්ටියක් ගහන්ට විතරයි අපි දෙන්න අතේම සල්ලි තිබ්බෙ. එහෙම කරන්නෙ ගම්පොළට කෝච්චියෙ ගිහිල්ල ආපහු එන්ට සල්ලි ඉතුරු කරගන්ට ඕන නිසා. ඉබ්බෙක් ගහන එක මහ කජ්ජක් නොවුනට කරුමෙටවත් එයයි එක්ක යනකොට බාප්පල පැනල මාට්ටු උනොත් ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්,
ඉබ්බෙක් ගැහිල්ල , හාෆ් ඉබ්බෙක් ගැහිල්ල සහ කැස්බෑවෙක් ගැහිල්ල කියන එව්ව දන්නව නේද? හරි අපි දන්නව කියල හිතාගෙන හිටියට මේ වගෙ ඉතා වැදගත් සාස්ත්‍රීය කරුණු කාරණා උනත් දන්නෙ නැති අය අපි අතරෙ අනන්ත ඉන්නව.
රයිට් වියුණු ලිවීමේ එක පරමාර්තයක් තමයි දුහුණන් දැනුම් උදෙසා...එබැවින් ඉබ්බා , හාෆ් ඉබ්බා සහ කැස්බෑවා ගහනව කියන්නෙ මෙන්න මෙහෙමයි....
ඉබ්බෙක් ගහනව කියන්නෙ විසේසයෙම්ම බස් එකේ නිකං යන එක. හාෆ් ඉබ්බ කියන්නෙ මඟට ටිකට් ගන්න එක. ඒ කිව්වෙ කොටුවෙං මරදානට ටිකට් අරගෙන බොරැල්ලට යන එක. කැස්බෑව ගැහිල්ල ඔයිට වඩා ෆුල් සිරා. ඒ වැඩේ බෑ ලේසි පාසු පුතයෙකුට.ඒකට තියෙන්ට ඕන ආත්ම ගානක ඉඳල පුරාගෙන එන වීර්ය පාරමිතාවක් සහ දහිරියක්. ඒ කිව්වෙ ළමයි කැස්බෑවො ගහන්නෙ මෙහෙමයි. ඔය ටිකෙට් නොදෙන බස් වල තමයි ඕක කරන්ට පුලුවං..ඔන්න ඉබ්බෙක් ගහගෙන ඇවිල්ල බහින්ට යද්දි යනව කොන්දොස්තර ගාවට.
" මේ මම ඉස්සරහ බහිනව..මගෙ විස්සෙ ඉතුරු දෙනවද? …" කිසිම බයක් හැකක් නැතුව කෙලිම්ම කොන්දගෙ මූණ බලාගෙන ඔහොම කිව්වම අනිවාර්යයෙං කොන්ද ඉතුරු දෙනව..
" කොහෙන්ද නැග්ගෙ? "
" රාජගිරියෙං….."
" ඒයි අද යමං තෝස පාරක් දාන්ට. එකසිය හැත්තැ හයේ අද මට කැස්බෑවෙක් වැඩ කලා…"
අද අපෙ ගෙදර තියෙන්නෙ නුවර - ගම්පොළ රේල් පාර පේනතෙක් මානෙ...අවුරුදු ගානකට ඉස්සරවෙලා සතියකට සැරයක් දෙසැරයක් ගම්පොලට කෝච්චියෙ යද්දි එද්දි ඒ කිට්ටුවම මට පදිංචියට එන්ට වෙයි කියල කවුද හීනෙකිංවත් හිතුවෙ...ජීවිතේ හැටි එහෙම තමයි...
මම ඔය කැළේ මැද රස්සාවට තේරිලා ලියුම ආවෙ බදාද වගෙ දවසක. සතියෙ මැද කියලනම් හොඳටම මතකයි. ඊළඟ සඳුදා සේවයට වාර්තා කරන්න කියලයි තිබ්බෙ. බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒ කාලෙ තිබ්බෙ නුවර ඔරලෝසු කණුවට උඩ පැත්තෙ.
සිකුරාද ඕකෙ තිබ්බ ඔය තරුණ වයසෙ යව්වන යව්වනියන්ට ඉංග්ලිෂ් ක්ලාස් එකක්. අරය ඕකට ආව එක දවසක්වත් වරද්දන්නෙ නැතුව.එයයිගෙ මේ ඉංගිරිසි පංතියට තිබ්බ ආසාව කොච්චරද කියනවනං මම ඉන්ටඇති වරු ගණං නුවර මාර්කට් එක ඉස්සරහ එයයි ක්ලාස් ඉවර වෙල එනකල්.
" ඔයත් එන්ටකො අනේ අපෙ ක්ලාස් එකට…"
" අනේ...මේ මට ඔය කට උල් කොරගෙන තොල් අඹර අඹර ඉංගිරිස් කියන්ට ඕනෙ කමක් නෑ කොහෙත්ම. මම මේ දන්න හරිය ඇති හොඳටම…." .ක්ලාස් එකට මටත් එන්ටෙයි කියල එයයි ආරාදනා කරපු හැම වෙලාවෙම මම උත්තර බැන්දෙ එහෙමයි.
" ඔව් ඉතිං ඔයා නම් මොකද? ඕන එකක් කියාපං මොනවා හරි කියයි... අර කිතුලට ගියයි කියන්නෙ හැබෑටම ඔහෙලගෙ කිරි අත්තෙක්වත්ද?..." එයා ගස්සල අහක බලා ගන්නව ඒ වෙලාවට...හෙහ්,හෙහ්.
ඉතිං අර රක්සාවට එන්ටේ කියල පත්තීං ලියුං කරදහිය එහෙම හම්බවෙලා ඊළඟ සිකුරාදත් එයයි ආව නුවර. ඔරලෝසු කණුව ගාවා බස් එකෙං බහිනකොට මම එතන.
" මේ අද නං නෑ, බෑ, මොකවත්ම බෑ ඔන්න, මම සඳුද ගියහම ආය එන්නෙ මාසෙකිනුත් පස්සෙ වෙන්ටත් පුළුවනි බොහොම වෙලාවට... ඔහෙට ඕන තරං කල් තියෙනව කට අඹරන්ට උල් කරන්ට හිතේ හැටියට..ඒ නිසා අද වැඩ කෙරෙන්ට ඕන මම කියන විදිහට..තේරුණාය?..."
" එසේය මහරජතුමණි...ඔබ තුමාගේ අණ කුමක්වේද? ඒ එකහෙලා පිළිගැනිමට මේ ගැත්තිය තනි පයින් සූදානම්බව ඔබ නොදන්නෙහිද? වහා පවසනු මැන ඔබ තුමාගේ රුචිය…"
වක්කඩ කඩච්චාවෙ මේකි කියාගෙන කියාගෙන ගියෙ නැද්ද?...මේ දෙනෝ දාහක් ගැවසෙන මහ ටවුම මැද්දෑවෙ...ආය හෙමිහිට එහෙමත් නෙවෙයි...අහල පහල ගෑණු මිනිස්සුත් හැරිල බලන්ට ගත්ත මේ මොකද මේ කෝලම කියලද කොහෙද....එහෙම කියල නිකා හිටපිය..අර ජපන්නු ආචාර කරනව දැකල තියනව නේද? අන්න එහෙම පපුව දිහාට අතක් තියල ඉණෙං ඉස්සරහට නැමිල ආචාරත් කරපි.
මට නේද?...උන්න මලා පේන්නෙ නැතුව ගියා තද වෙච්ච පාර...ඇයි දෙයියෝ සාක්කි..අඳුරන කවුරු හරි දකීය කියල මම මේ බයේ දඟලනව මේ අම්මණ්ඩිට කිසිම ගාණක් නෑ මේ සෙනඟ තලේ අස්සෙ විකාර කරනව..
මම රවපු පාරට වෙන කෙල්ලෙක් එහෙමනං බිරාන්ත වෙල එතනම කලංතෙ දාල වැටෙනව සිකුරුයි..මොන? මේ අම්මණ්ඩි හරියට මල් වෙඩිල්ලක් පිපුරුවැහෙ කැකිරි පලන්ට ගත්තෙ නැතෑ..
" මෙන්න මෙහෙ එනව යන්ට….." මම උන්දැගෙ අතිං ඇදගෙන ගියා ස්ටේෂන් එක දිහාවට...හිනාවෙවීම ඒ යෝදිත් මයෙ පස්සෙම ආව මිසක අත අතෑරියෙ වත් නෑ...
" A penny for your thoughts " සුජාතගෙ කටහඬට මම ආපහු පියවි ලෝකෙට ආව…
" Sorry ..Madam…Just a bit of wool gathering " රතුවෙච්චි මූණ අහකට හරවගෙන හෙමිහිට කියල මම ආපහු හැරුන…
අහ්..කලින් මම කිව්වෙ නෑ නේද?..නෑ..නේන්නං...සුජාතා ඉගැන්නුවෙ ඉංගිරිසි…
මතු සම්බන්ධයි......
කොහෙද රවියො ජප්පො පපුවට ඇත තියල නැමෙන්නෙ?.
ReplyDeleteමැජික් කාරයො නම් එහෙම නැවෙනව.
ජප්පො අත් දෙක කලව දෙකට හේත්තු කරගෙන,ඉන මදක් පහත් වෙමින් හිස නමා ආචාර කොරනව මිසක්ක :).
කෙන්ජි,
Deleteඅඩේ..එහෙමද බොලේ?...ඔන්න බලමුකො ඒකෙත් හැටි ...මට මතක තිබ්බෙ ඔය පපුවට අතක් තියල නැමෙන සීන් එකක්නෙ..
රූපවාහිනිය පටං ගත්තු අලුත හෙණ ජනප්‍රිය උන වැඩ සටහනක් තමයි " Mind Your Language " බ්‍රිතාන්‍යයට ආපු විවිධ ජාතීන්වල ආගමනිකයො කණ්ඩායමක් ඉංගිරිසි ඉගෙන ගන්ට යනව නයිට් ක්ලාස් එහෙකට.ඒකෙදි වෙන පිස්සු පීකුදු සීන්ස් තමයි ඔය සීරීස් එකේ ගියේ...ඉන්දියන්, පකිස්තාන්, චින,තාලි, ඉස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන් ඔය හැමජාතියකම ගෑණු/පිරිමි එනව මේ ක්ලාස් එකට...
උං කියන කොරන එව්වට ඔළුව නරක් වෙනව...හෙහ්, හෙහ්,ඔන්න පකිස්තාන් කාරයෙක් ඉන්නව ..නම අලි නදීම්...ඉස්කෝලෙ ප්‍රින්සිපල් ඇවිල්ල බොහොම ගාම්බීර වයසක නෝන කෙනෙක්..මිස් කෝට්නි...මාගරට් තැචර්ගෙ හැඩරුව...කොරිඩෝව හරස්කරගෙන මිස් කෝට්නි ඉන්නව ඔන්න. අලි නදීම් ගොයිය පරක්කු වෙලා බොහොම හදිස්සියෙං දුවනව ක්ලාස් එකට....
" Squeeze me please, Lady!!! " අලි නදීම් ඔලුව එහෙමත් පාත් කරල කියනව.
" Whaaaaat??? " මිස් කෝට්නිට අසූහාර දාහට තද වෙනව...
හෙහ්, හෙහ්, මයින්ඩ් යුව ලැන්ග්වේජ් එකේ ලොකු අඩුපාඩුවක් ලංකාවෙං කවුරුවත්ම හිටියෙ නැති එක.ඒත් සික් ජාතිකයෙකුට හිටපු ඇල්බට් මෝසස් ලංකාවෙ උපන් කෙනෙක් කියල තමයි ආරංචි උනේ.
හෙහ්, හෙහ්... වල් පල් කිව්ව මිසක කියන්ට ආපු එක කිව්වෙ නෑනෙ...ඕකෙ ඉන්නව ජපනෙක්...නම මට මතක සාතෝ වගෙ..මිනිහ පපුවට අතක් තියල ඔලුව නමලයි ආචාර කරන්නෙ කියලයි මට මතක...එහෙම කරනකොට "' ආහ්..සෝ" ඔන්න ඔය වාගෙ මොකක්දත් කියනව කියල මතකයක් තියනව...ආ..තව එකක්..පංතියෙ ගුරුතුමාත් ජපන් ක්‍රමයක ආචාර කරන්ට හදල දවසක් දෙන්න ඔලු දෙක හැප්පෙනව ඩෝං ගල...හෙහ්, හෙහ්,
Deleteඔය කියපු ටීවි සීරිස් එක ඩවුන්ලෝඩ් කරලා මමත් බලලා තියනවා..
Deleteමගේ ප්‍රියතම කෑල්ල තමා..ස්පාඥ්ඥයේ ජුවන් කාරයා පොර් ෆෆොර් කියලා කියන කෑල්ල..
බුවා සාටෝ(සාතෝ) තමයි. බුවාට කතා කරපු ගමන් පොර ඔය 'ආස් සෝ' වගේ එකක් කියනවා. මට ඇහෙන්නෙම 'ආස් හෝල්' වගේ. ඇයි අර ස්පැනිෂ් එකා? ඌට මොනවා කිව්වත් කියන්නෙ 'පෝර් ෆවොර්?' කියලා.
Deleteඇයි උඹට දන්‍යෙල් අමතක වුනාද?
හුටා! මම රූ කියපු එකම කොපි කලා නෙවෙයි. මම මේ පේජ් එක ලෝඩ් කරලා පැය ගානකට පස්සෙ තමයි කියවලා කමෙන්ට් එක දැම්මේ. ඒ නිසා රූගේ කමෙන්ට් එක දැක්කෙ මගේ කමෙන්ට් එක වැටුනට පස්සේ. කොපිකැට් නෙවෙයි, ඈ. කොහොම හරි රූට මතක තියෙන්නෙත් ඒකමයිනේ?
Delete@ රවී......ඇල්බට් මෝසස් ලංකාවේ ඉපදුනු කෙනෙක් තමයි.
Deleteරූ,
Deleteපොර් ෆවොර් කියන එකේ තේරුම එක තැනක තිබ්බ Please කියල ආය තිබ්බ Do me a favour කියල…:)
හෙන්රි,
Deleteඩනියල් අමතක වෙන්නෙ කොහොමද බං? හෙහ්, හෙහ්..අන්තිම සීරීස් එකේ ආව ඊට එහා අංගනාවියක්..ස්වීඩිෂ්..මට නම මතක නෑ..කොහෙං හොයාගත්තද මන්ද එකාට එකා පරදින්නෙ නෑ..ඔක්කොම එකයි..
ස්වීඩිෂ් එකී ඉංග්‍රිඩ් ස්වෙන්සන්, බං. පෝර් ෆවොර් අපි ඉංග්‍රීසියෙන් 'excuse me' කියන තැන් වල පාවිච්චි කරන්න පුලුවන්. මෙතනදි ඌට නොතේරුන නිසා 'Excuse me' නැතිනම්, 'ඈ, මොකක්ද කිව්වේ' කියලා අහන්නයි පාවිච්චි කරන්නේ.
Deleteමමත් අශාවෙන් බලපු එකක් තමා.සතෝ වගෙයි නම මතක හැබැයි ඇක්ෂන්/වචන නම් මතක නැහැ.
Deleteදෙදෙනෙක් මුල්වරට හමුවූ විට හිස නමා,>>හජිමිමස්තෙ දෝමෝ<>අරිගතෝ ගොසයිමස් <>දෝ මෝ <<කියාගන්නව.
mind your language එකේ ඉන්න ජපනගේ නම තරෝ. ඒ නමේ ජපන් උච්චාරණය තරෝ වුනාට ඒකෙදි එයාට හැමෝම ආමන්ත්‍රණය කරන්නේ ටරෝ කියල. " ah so " කියල එයා නිතරම කියනවනේ. ඒක " ආ ඒකත් එහෙමද ! ?' නැත්නම් " හැබෑට !?" කියල අපි සිංහලෙන් කියනවට සමාන ජපන් වචනයක්. ඒත් ඒක බොහෝවේලාවට අනිත් කෙනා කියනදේ තමන්ට තේරුනේ නැත්නම් එහෙම නැත්නම් අනිත්කෙනා කියපුදේ ගැන තමන්ට ඒහැටි විශ්වාසයක් නැත්නම් යොදන කෑල්ලක් .
Deleteඇනෝ ඔබ හරි.
Deleteඅප නොදන්නා දෙයක් හෝ අප වැරදියට කියූ දෙයක් නිවැරදි කල විට "ආ සෝ දෙස්කා?"කියනව.
//" හෝරාමානකයක් මෙන් වූ ඇගේ සුකොමල දේහය නෙත ගැටුණු වහා උදෑසන නිල්දියෙන් මතුව එන්නාවූ තඹරු කුසුමක් සේ පිබිදුනු පසේනදී කොසොල් රජ්ජුරු තෙමේ එකෙණෙහිම රජ පුරුෂයින් බැණවූයේ....." //
ReplyDeleteඑතකල් කොසොල් රජ්ජුරුවෝ මඩ ගොඩක ඇතුලේ කිමිදිලා ඉන්ට ඇතිනේ.:)
සුජාතා වර්ණනා කරලා තියෙන හැටි හරිම අපූරුයි. පිරිමි කොච්චර හොඳ ඇහැකින් ගැහැනුන් දිහා බලනවද කියලා (සමාවෙන්ට කවියන් සහ ලේඛකයන්) කියන එක පැහැදිලිවෙනවා...:D:D
කවියන් සහ ලේඛකයන් කියල තියෙන ඉට්ටයිල් එකට තමා මම අදටත් "වයස් පරතරයක් නොතකා" ස්ත්‍රී පරාන දිහා බලන්නෙ.
DeletePoddi,
Delete/ එතකල් කොසොල් රජ්ජුරුවෝ මඩ ගොඩක ඇතුලේ කිමිදිලා ඉන්ට ඇතිනේ.:) /
අම්මප හරියටම හරි නෙව...රජ්ජුරුවො මඩේ බැහැල තමයි ඒ වෙලාවෙ උන්නෙ...කොහොමෙයි දන්නෙ ඔහේ? ඔහෙත් ඒ වෙලාවෙ විලේ මල් කඩන්ට ගිහිල්ල වත් උන්නය?...
ඕක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්..දන්නවද?...
ඔය කොසොල් ගොයිය ඇත්තටම රජ කුමාරයෙක් නෙවෙයි..මහ කොසොල් දඩයමේ යද්දි වනේ අද්දර ගම්මානෙක ඇහැට කනට පේන ගැටිස්සියක් එක්ක පයිරු පාසානයක් පටං ගන්නව.ඒකෙ ප්‍රතිපලේ තමයි කොසොලා..
ඕක පිස්ස වගෙ කොල්ලො රැලත් එක්ක කැලේ කොලේ කරග්ගගහ හිටිය එකා වෙච්චි. ඌට රජකමක් ගැන වගේ වගක් තිබ්බෙ නෑ. කොටිම්ම උගෙ මහ එකා රටේ රජා කියලවත් ඌ දන්නෙ නෑ.
කල කෝලාහල, යුද්ද නිසා අන්තිමට රජකම බාර දෙන්ට කිසිම කෙනෙක් නැතුව යනව. එහෙම උනාම මොකද දන්නවද කරන්නෙ? මඟුල් ඇතා ( Wedding Tusker ) සරසල යවනව රට පුරා. ඌ ගිහිල්ල කවුරුහරි ගාව දණ ගැහැව්වද ආන්න ඒකා තමයි රටේ ඊළඟ රජ්ජුරුවො...
ඔන්න මඟුල් ඇතා ඇවිල්ල දණ ගැහැව්වෙ අපේ මේ කොළු ගැටය ගාව. ඒකට හේතුවකුත් තිබ්බ. කැලේ ඇවිදින අතරෙ අලි අල්ලන ටීම් එහෙකට සැට් වෙල මූ පරතෙරටම ඉගෙන ගෙන තිබ්බ අලි නිල සාස්තරේ.
ඔය අලින්ගෙ ඇත්තුංගෙ දෙපරැංද අස්සෙ තියනව එක නිලයක්..ඒක ඇල්ලුවම ආය නෑ සතාට බුදු ආතල්....ඔය මඟුල් ඇතාත් පැටිය කාලෙ කැලේ ඉන්දැද්දි උගේ අර මම කිව්ව නිලේ මේ අපේ කොලුව අල්ලල ඌට ආතල් දීල තියනව.ඕක ඇතාට මතක තිබ්බ. ඒ දැනඇඳුනුං කමට තමයි ඒ සතා ඇවිල්ල මූ ලඟ දණ ගැහුවෙ.
හරි කොලුව රජවෙච්චි හැටි තමයි මම ඒ කියැව්වෙ...පොඩි දවස්වල මේකා දියකුකුළො කන්ට මාරම රුසිය. රජ උනත් උගේ ඒ ආසාව ගියේ නෑ. අර මොකෝ රජ උනාය කියල ආය මැරිල ඉපදෙනවය? නැද්ද මං අහන්නෙ?
ඉතිං ඔය දිය කුකුළ් රුචිය ඉවසන්ටම බැරිඋනාම රජ්ජුරුවො කරන්නෙ වෙස් වලාගෙන ගිහිල්ල විලක පොකුනක මඩේ බැහැල කිමිදිල කරල දිය කුකුලෙක් දෙන්නෙක් අල්ලගෙන කොහෙ හෝ වහං වෙල පුස්සගෙන කන එක..
එදත් ඔන්න එහෙම සීන් එකක් තමයි උනේ...හෙහ්, හෙහ්, තේරුනාය ඔය ලමයට?
නරකද අය්යෙ මෙ ස්ක්‍රිප්ට් එක ලන්කාවෙ රජ කතා වලින් ෆිල්ම් හදන සෙට් එකට දුන්නනම්..
Deleteමෙකුවි,
Deleteඕකනෙ බං ලංකාවෙ අද වෙලා තියෙන්නෙ..අර සුනිල් කියන්න වගෙ අයි ඩොන්නෝ වයි?.....සුදුස්සාට නෑ සුදුසු තැන...එහෙම චෑන්ස් එකක් හම්බු වෙනවනං දෙන්නංකො රඹටි හැලෙන්ට..ඔන්න සෑම්පල් එකක්. මේ ටික දවසකට ඉස්සර වෙල මම පොඩ්ඩි අම්මණ්ඩිගෙ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්....
************************************************
උත්තරීතර ප්‍රේමය...ආච්චිගෙ තට්ටෙ.....
මට ඔය රජකං කොරන එක එපා වෙලා තිබ්බෙ...හවස් වෙනකොට දෙකක් හීනියට දාගෙන යාලුවො එක්ක පොඩි සිංදුවක් දෙකක් කියාගෙන ඉන්න තමයි මට ඕන කරල තිබ්බෙ....කාට ඕන රජකංද?.......මේ පරම්පරාවෙංම ආපු අටමගලෙං ගැලවෙන්නෙ කොහොමද කියල හිත හිත ඉන්න කොට තමයි දවසක් අර රොඩී කෙල්ල හම්බ උනේ.....ඒක උනේ ඔන්න මෙහෙමයි....එදා ටිකක් වැඩි උනා නෙව.....එහෙම වෙනව ඉඳහිටල....
ඉතිං ඩෝප් මරගාතෙම ගියායි කියමුකො..රොඩී ගමට.....මට මෙලෝ සිහියක් නෑ....උදේ ඇහැරුනෙ ඒ කෙල්ලගෙ ඇඳේ.....නම මෙන්න මේ මොකක්ද....හරියට මතක් වෙන්නෙත් නෑ....ම්ම්ම්....මලා...ද?...ආ..නෑ නෑ...මේ මාලා......අපරාදේ කියන්න බෑ කෙල්ල නම් හැඩයි...හෝදල බිව්වැහැකි...ඒ තරම් හැඩයි......පහුවදා උදේ ඒකිගෙ ඇඳේම ඉඳං කල්පනා කොරනකොට තමයි මට ආවෙ මේ ඔරිජිනල් අයිඩියා එක... රැ නකතං වෙන්ට ගහල උදේ නිකං අර එහාටත් නැති මෙහාටත් නැති ගන්දබ්බ මූඩ් එකේ ඉන්න කොට තමයි කියනවනෙ ඔය මහර්ග අදහස් පහල වෙනවය කියන්නෙ...හෙහ්, හෙහ්,
දන්නවය මට පහල වෙච්චි අයිඩියා එක.......නිකම්ම මට බෑ කියල රජකම අත ඇරියොත් මිනිස්සු මොනව නොකියයිද?....අනික ඉතිහාසෙ උනත් ලියවෙන්නෙ අන්න අර යකා....අර දුටුගැමුනු ලොක්කගෙ පුතා සාලිය කාරය....හවහට කොල්ලො එක්ක සැට්වෙලා ආතල් ගන්න තියෙන චාන්ස් එක නැතිවෙනවට බයේ රජකම අත ඇරියයි කියලනෙ..හප්පච්චියේ හතර විලිලැජ්ජාවෙ පස් වෙනි එක......ඔය ඔක්කොම ෂේප් වෙනව විතරක් නෙවෙයි ඉතිහාසෙ මගෙ නම රං අකුරිං ලියවෙන අයිඩියා එකක් තමයි ඔන්න එදා උදේ මට හිටපු ගමං පහල උනේ....හෙහ්, හෙහ්,...
කොහොමද මේ රොඩී කෙල්ල එක්ක සැට් උනානං....මෙන්න මෙහෙමයි මම ගැන අනාගතයෙ කියවෙන්නෙ..
උත්තරිතර ප්‍රේමය වෙනුවෙන් ලක්දිව රාජ්‍යත්වය අළුයම හෙලූ කෙල පිඬක් මෙන් අතහල ඒ අසහාය ප්‍රේම වන්තයා.....පපර ....පපර...පෑං...පෑං ...පෑං.....එන්න පිළිගන්න.....සා....ලි..ය...කු...ම....රු.....
අනික අවුලකුත් නෑ...මේ වගෙ කෙල්ලක් බැඳගත්තම ඔය අනම් මනම් ගෙම්බර් දාන්න එන්නෙත් නෑ....ඇයි එයා වෙනුවෙන් මම සුවල්ප පරිත්තියාගයක් කරලය තියෙන්නෙ.....හෙහ්, හෙහ්, රජකම නෙව අත ඇරියෙ....ඒ නිසා මට ඕන විදිහට ආතල් එකේ ඉඳිතැහැකි....අනික මේ රොඩී කස්ටිය පෙරන බඩු තමා බඩු...දෙකක් ගැහුවද නාගසලං.......
හෙහ්, හෙහ්, ඉස්සරහට මා ගැන බොලොග් වල එහෙමත් ලියාවි මෝඩ කෙල්ලො දිව විකාගෙන....අනේ සාලිය අරමයි සාලිය මෙහෙමයි කියල.....ලියාපල්ල...ලියාපල්ල...මගෙ මොකෝ........
හරි...එහෙනම් අපි කැපුන හොඳද.....කොල්ලො ටික එනවය කිව්ව හවහට පොඩි සොමියක් දාන්න....
************************************************
ප. ලි. - ඔය අනික් අයත් ඊට දෙවෙනි නෑ....හැමෝම එක වල්ලෙ පොල්...සාලියගෙ අප්පා...දුටු ගැමුණු..එතකොට අර කණුවකට බඩ ගෑවෙ ..කවුද මේ දීග ගාමිණී.....ඔක්කොම ඔය වගෙ තමයි....උනේ මොකක්ද කියල හරියට දන්නෙ නැතුව ඉතිහාසෙ විකෘති කරල තමයි ඔය මෝඩ ඉතිහාසකාරයො ලියල තියෙන්නෙ......ඔන්න අහගනිල්ල මයෙං.....හෙහ්, හෙහ්,
Women might be able to fake orgasms. But men can fake a whole relationship.
>>හෝරාමානකයක් මෙන් වූ ඇගේ සුකොමල දේහය ...
Deleteසුජාතා වර්ණනා කරලා තියෙන හැටි හරිම අපූරුයි. පිරිමි කොච්චර හොඳ ඇහැකින් ගැහැනුන් දිහා බලනවද කියලා (සමාවෙන්ට කවියන් සහ ලේඛකයන්) කියන එක පැහැදිලිවෙනවා...:D:D<<
මුළුමනින්ම එකඟයි. ඔය රවි කියන වැලි පුරෝපු එක වගේම සාමාන්‍ය alarm clock එකත් ඔරලෝසුවක්. Grandfather Clock එකත් ඔරලෝසුවක්නේ.
සුජාතා ඇවිත් බෝල මොඩල් එක. ඔය ජාතියේ කොල්ලන්ට නම් කියන්නේ කොට මොඩල් ළඟ පිකප් කියලා. කොට්ටන් කට්ටන් කියලා කතාවකුත් තියෙනවා. හැබයි මේක බොළඳ ප්‍රේමයක් නම් නෙමේ කියලා හොඳට පේනවා. මටත් පෙන්නන්න බැරි දෙයක් තමයි, ඔය තොඳොල් විල්ල. ඒක තනිකර ප්‍රේමයෙන් හෝ රාගයෙන් මුලා වෙලා කරණ රඟ පෑමක්. එතකොට අපේ ගෙදර උන්න ලකී බැල්ලි මගේ ඔළුවට එනවා.. වෙනදට හැම බල්ලටම බුරාගෙන පනින ඕකී, සීසන් එක කාලෙට.. පාරේ යන බල්ලෙක් දැක්කත් කීං කිං ගගා ඌ වටේ කැරකෙනවා.. මට මතක් වෙන්නේ ඕකමයි..
ReplyDeleteඑක කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්න කාලේ, කෙල්ලගෙන මල වදේ ෂෝ එකක් බලන්න යං කියලා. ඉතින් ගියා නිව් ඕලිම්පියා එකේ ඉන්ගිරිසි එකක් බලන්න. ගිහින් බැල්කනියේ ඉස්සරහම සීට් එකක ඉඳගත්තා. මේකී කියනවා පිටි පස්සෙම සීට් එකට යං කියලා. මම කිව්වා මට බෑ ඕයි.. ලැජ්ජා නැති වැඩ එතන වෙන්නේ කියලා. ඒකී කියපි එහෙනම් මක්කටෙයි ෂෝ එක බලන්න ආවේ කියලා. මම කිව්වා මේක නියම ෂෝ එකක්ය කිව්වා ඒකයි බලන්න ආවේ. අල්ලන සෙල්ලං කොරන්න නම් අපි හෝටලේකට යං කියලා. අපරාදේ මට ෂෝ එක බලාගන්නත් බැරි උනා.. අයිත් දවසක් තනියම ගිහින් ෂෝ එක බැලුවේ.. ඔය ප්‍රසිද්ධ ඉස්තානවල අල්ලන සෙල්ලං කොරන්න පුළුවන්ද ආයිබෝවන්ඩ.. පොඩි උන් වගේ...
උඹ ෆිල්ම් එක බලන්න උවමනාවටම ගියා කියන එක නම් මම විස්වාස කරන්නෙ නෑ රජෝ... අපි නොදන්න මාතලන්...
Deleteමම නම් සිනමා ශාලා තුල මාතලන් වගේ නොවෙමි.
Deleteඉදල හිටල තොල කට තෙමා ගන්න එක වටේ එවුන්ට ලාවට පෙනුනට,දෙන්නගෙ අත් දෙක දෙතැනක බව නොපෙන් වන්ට යන යුවතිය සමග මම වග බලා ගත්තෙමි.
වෙරළු මල් සුවද අපට නොදැනුනද,සැරට කැරකෙන විදුලි පංකා නිසා ශාලාව පුරා එ සුවද විහිදෙන්ට ඇතැයි අද සිතුනි.
මාතලන්,
Deleteමේකත් සෝ එකක් බලන්ට ගිය අපේ එකෙකුට වෙච්චි දෙයක්..සුප්‍රසිද්ද කතාවක්.මේ ඊයෙ පෙරෙයිද හෙන් රිත් මේ කතාව මතක් කරල තිබ්බ…
මනුස්සය සැට් කොරගත්ත හෙන කැලෑබද ගමක ගැටිස්සියක්.ඔන්න වදෙං පොරෙං කෙල්ල දොක්කගෙන ගියා කියමු කදුරුවෙල ජයන්ති හෝල් එකට.පහුවදා කෙල්ල ගමේ කියල තියෙන්නෙ මෙහෙමයි.
" සංදුක්කාරේ....රූප මඩුවෙ එලිය නිව්ව වෙලේ ඉඳල ඇටපල් කලුවරේ මහත්තය මයෙ කට කන්ටම තැනුව මිසක දිවත් එක්කලා ගිලෙන පිපාසෙට බොංට කියාල පැංට උගුරක්කත් ඇන්න දුන්න එකක්ය....අනේ අප්පේ…"
කෙන්ජි,
Delete" වෙරළු මල් සුවඳ " කියල අවුරුදු දහයකට තරම උඩදි සී.ඩී.එකක් ගැහැව්ව ජැක්සන් ද සට්ටඹි ගේ බාරියා තොමෝවන කුමාරි මුණසිංහ මැතිණිය...:)
හෙන්රිය නෙවෙයි බොල,මමයි කිව්වෙ
Deleteහැලප,
Deleteඅනේ මචං මගෙ හද පතුලෙම්ම ගලා හැලෙන සාතිශය අමන්දානන්දය පිළිගනිං හොඳද?....
කොහෙද උඹල දෙන්නම එක වගෙ පිස්සු කියවන නිසා දෙන්න මාරු උනා....අර නිවුන්නුංගෙං එකෙක් බැඳල තුංදෙනාම එක ගෙදර ඉන්ට ගිය බුවාට වෙච්චි එකේ අනික් එක මට උනේ...:(
අනේ ඒ කතාවත් ලියල දාපං ඔන්නොහෙ හොඳ කොල්ල වගේ
Deleteමම ඔය කතාව අහලා තිබ්බට මම නෙවෙයි කිව්වේ. හැලපයා වෙන්නැති. මචං ඔරිජිනල් එකේ කියන්නේ "පැන්ටා කුප්පියක්වත් ඇන්න දුන්නේ නෑ නේ" කියලා.
Deleteඋඹ ඔය කියන නිවුන් කතාව මම දන්නේ නෑ, නමුත් පරිකල්පනය මෙහෙයවලා බැලුවාම මට හිතෙනවා මෙහෙම.
"ඈ බං, උඹ ඉතිං ඔය නිවුන්නු බැඳලා ඉන්නකොට ටැපලෙන්නෙ හෙම නැද්ද?"
"වෙනවත් ඇති බං. ඉතිං මම ටැපලුං ඇරගන්න විශේෂ උත්සාහයක් ගන්නෙ නෑ."
ඔන්න ඔය වගේ එකක්?
හෙන්රි,
Deleteඋඹ හරි ඔහොම සීන් එකක් තමයි එතන වෙන්නෙ :)
මෙතන අයිඩෙන්ටිකල් ට්වින්ස්ලනෙ බං වැඩේ කියන්නෙ උං දෙන්නටත් උං දෙන්න මාරුවෙනව වෙලාවකට :)
//ඇස් දෙක...සුජාගෙ ඇස් දෙක හීනියි දිගයි. //
ReplyDeleteමාත් ආසම ටයිප් එක ;0)
ඉබ්බො ගැහැලිල්/ කැස්බෑවො ගැහැලි අපි කරල තිබ්බට අද තමා නම දැන ගත්තෙ. අපි ඕව ගැන හයක් හතරක් දන්න උදැවිය ඈ ?
ජය !
සෑම්,
Deleteමියුලැසියො කියන්නෙ අන්න එහෙම අංගනාවන්ට…
" කඳුලු ගංතෙර නතර වෙමි මම නම්,…..සිහින තොටුපොල අතැර යනු මැන ලබැඳි මියුලැසියේ "
ටික කාලෙකට ඉස්සර ඉතාම ජනප්‍රිය වෙච්ච ටෙලි චිත්‍රපටයක තේමා ගීතය ඒ...චිත්‍රපටයෙ නම වත් ගායකය වත් මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ...:(
වැඩේට කියන නියමිත නම දන්නෙ නැතුව බොලා තව මොන මොනව කරනවද මන්ද අප්පා....:)
ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරන
Deleteපද රචනය : මහේෂ් රත්සර මද්දුමඅරච්චි
Pooja Tele-Drama Theme Song
ඇනෝ,
Deleteබොහෝමත්ම ස්තූතියි....ලක්ෂ්මන් හේවාවිතාරණගෙ ළයාන්විත හඬින් ගැයෙන මම බොහොම කැමති ගීතයක්.කාලෙකට පස් සෙ අද ආපහු ඇහුව ඔබ ඒ ගැන විස්තර කිව්ව නිසා..ආයෙමත් ස්තූතියි..:)
පෑලදිග අහසේ...පාට දේදුනු සේ,
රැඳී නොරැඳී මගේ මතකේ හිඳී ඔබ රහසේ..
ළබැඳි මියුලැසියේ...
සිතින් මගෙ සිත දරාගෙන ඔබ ගෙවා ආ මඟ,
ඉතින් නිම වේවී..
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්,
සිනහ තොටුපොළ සොයා යනු මැන
ළබැඳි මියුලැසියේ,
පෑලදිග අහසේ...පාට දේදුනු සේ,
රැඳී නොරැඳී මගේ මතකේ හිඳී ඔබ රහසේ..
ළබැඳි මියුලැසියේ...
කිරි සිනාවක සුවඳ කැටිවුනු, සිහින ගිනිගත්
වසන්තය මිහිරී,
කඳුලු ගංතෙර නතර වෙමි මම නම්,
කඳුලු තොටුපොල අතැර යනු මැන
ලබැඳි මියුලැසියේ...
පෑලදිග අහසේ...පාට දේදුනු සේ,
රැඳී නොරැඳී මගේ මතකේ හිඳී ඔබ රහසේ..
ළබැඳි මියුලැසියේ...
ඇස් හීනි දිග අයට කියන්නේ මියුලැසියෝ කියලනම් රවී චීනෙ, ජපානේ , කොරියාවේ ඉන්න කාන්තාවෝ ඔක්කොම මියුලැසියෝ වෙන්න එපැයි!
Deleteමේ යන විදිහට නම් පොල් පැලේ කයි වගේ... ;)
ReplyDeleteසාතන්,
Deleteඑහෙම එකක් වෙන්නෙ නෑ කියල කී පාරක් කිව්වද?..:)
කොහෙද බොලාගෙ අසබ්බිය චීත්තය එක්ක නෙව මොකවත් කොරන්ට බැරි.....
කෝ උඹලගෙ අර ගුරුවරියක් සමඟ අහවල් ලිපි පෙල?
ReplyDeleteරාජ්,
Deleteසික් බං ඒක කිව්ව කැත...." කෝ උඹගෙ අර ගුරුවරිය එක්කලා අහවල් එක?." ලැජ්ජාවෙ බෑ අප්පා....:(
වඳින්න ගිය දේවාලේ...
ReplyDeleteඅල්ල උඩට කඩා වැටිච්චි.....
Deleteමාරෙ,
Deleteවඳින්න ගිය දේවාලෙ ඇතුලෙ කපුව රුන්නෙ කවුද යකෝ මගෙ අමුඩෙ?
අම්මා ගෑණු රූප වර්ණනා කරන්න පුදුම දක්ෂකමක්නෙ තියෙන්නෙ. ඒ උනත් කොයි ලස්සනත් කී කාලෙද තියෙන්නෙ :)
ReplyDeleteමායි බිරිදයි නම් දරු දෙන්නගෙ ප්‍රසාදය මැද වෙඩින් පින්තුරේට වඩා ටිකක් ලාවට අඩු ලස්සනෙන් තමා ඉන්නෙ.
Deleteඒ කියන්නෙ කැතම නැහැ..
සෝන්යා,
Deleteසදාකාලිකවම පවතින දේක අගේ අඩුයි .....
කෙන්ජි,
Deleteදරු දෙන්නත් එක්කමද බං වෙඩිං පෝටොස් එක ගත්තෙ? උඹ තියන්ට වටින්නෙ නෑ නෙව.
අනික රූප සෝබාව බොහොම පොඩ්ඩයි අඩුවෙලා තියෙන්නෙ කියන්නෙ ඒ කාලෙත් දැං වගෙම අජූවයි කියන එකද?
මට කලින් එකේදි කියන්න අමතක උනා, " ඇනටොලි රයිබකොව්"ගේ අර්බත් දරුවෝ පොතෙත් සෝන්යා කෙනෙක් ඉන්නවනේ :)
Delete//ඔය සාමාන්‍යයෙන් බරවාහන කැටගරි එකට වැටෙන ලලනාවන්ගෙ ඇඟේ හැඩෙත් හෝරාමානකයක් වගෙ කියල කියන්ට බැරිකමක් නෑ.ඒත් එහෙම හෝරා මානකයකින් මනින්ට වෙන්නෙ තත්පර තමයි.උඩ ඉඳල පහලට එකම විෂ්කම්භය තියෙන වීදුරු සිලින්ඩරේකට වැලි දාල වහල උඩු යටිකුරු කලාම සරාස් ගෑවිල්ලෙ වැලි ටික වැටෙනව පල්ලෙහට. එක තත්පරයයි ඒ විදිහට මනින්ට පුළුවං//ඔහොමත් කියනවද අප්පා අපි වගෙ අය ගැන.. :)
ReplyDeleteමෙකුවි,
Deleteඅඩේ උඹත් එහෙමෙයි බොල? හෙහ්, හෙහ්, ...පිරිපුන් මොඩල් ඈ?
ඔය පිරිපුන් කියන වචනෙ මම ගත්තෙ සිබිල් නෝන මහත්තයගෙං....පිරිපුං ලලනාවන් හා සමඟ දිවිගෙවන එකේ බොහොම වාසි තියනව.
දැං බලාපං හදිස්සියකට කනේ පාරක් කන්න උනාය කියමු. ඔහොම දේවල් වෙනවනෙනැද්ද? පිරිපුං අතකිං කන හරහා වැදුනට එච්චර රිදෙන්නෙ නෑ. නිකං අර කලු ලෑලි මකන ඩස්ටරේකිං පාරක් කෑව වගේ. හප්පා එහෙමද වේලිච්ච බූ හනස්සක් වගෙ තියන අතකිං පාරක් කෑවම ?....කණ ටිං ටිං ගානව දවස් ගානක් යනකල්...හෙහ්, හෙහ්
//හප්පා එහෙමද වේලිච්ච බූ හනස්සක් වගෙ තියන අතකිං පාරක් කෑවම ?....කණ ටිං ටිං ගානව දවස් ගානක් යනකල්...හෙහ්, හෙහ්//
Deleteඇත්තට...??? තෑන්ක්ස් ෆෝ දි ඉන්ෆොර්මේෂන් හික් හික් ..
අද නං ටික වෙන්න තලල තියෙනව,මේ කතාව තව කොටස් කීයක් ඇදෙනවද
ReplyDeleteහැලප,
Deleteපූර්ණ පඳුරු තැලිල්ලකුත් නෙවෙයි හැලප බලාගෙන යනකොට..ඒත් කතාවට අදාල පඳුරු තැලිල්ලක් කියල කිව්වැහැකි...:)
ඒ හැටි දුර යන්නෙ නෑ බං කතාව... තව උපරිම කොටස් තුනක් තියෙයි...:)
//ඒයි අද යමං තෝස පාරක් දාන්ට. එකසිය හැත්තැ හයේ අද මට කැස්බෑවෙක් වැඩ කලා…//
ReplyDeleteරුපියල් විස්සෙ ඉතුරු වලින් තෝසෙ කන්න පුලුවන් කඩ කොහෙද අප්පා තියෙන්නෙ? :D
//ඔය සාමාන්‍යයෙන් බරවාහන කැටගරි එකට වැටෙන ලලනාවන්ගෙ ඇඟේ හැඩෙත් හෝරාමානකයක් වගෙ කියල කියන්ට බැරිකමක් නෑ//
නැතුව නැතුව. දැන් ගත්තොත් Kim Kardashian ඔය මොඩල් එකේනෙ!! :D
මුහුදු,
Delete/ රුපියල් විස්සෙ ඉතුරු වලින් තෝසෙ කන්න පුලුවන් කඩ කොහෙද අප්පා තියෙන්නෙ? :D /
අන්න මලේ ප්‍රශ්නෙ වැරදියි..නිවැරදි ප්‍රශ්නය මෙහෙමයි.
" රුපියල් විස්සෙ ඉතුරු වලින් තෝසෙ කන්න පුලුවන් කඩ කොයි කාලෙද අප්පා තිබ්බෙ? "
//Kim Kardashian//
Deleteමේ කොල්ලන්ට ලස්සනට පේන්නෙම මහත කෙල්ලෝනේ...:D
හිතේ ඇඳිච්ච ආලේඛය ගැන මතක් කරද්දි මටත් එකපාරටම රවි කොයි විදිහේ කෙනෙක් වෙන්න ඇතිද කියලා හිතට ආවා...
ReplyDeleteරූ,
Deleteහරි හරි එහෙම ආවට අවුලක් නෑ..කටේ කෙල පොදක් බිම එලනව එහෙම නෙවෙයි ඕං..සද්ද නැතුව ඉඳු..:)
....අර කිතුලට ගියයි කියන්නෙ හැබෑටම ඔහෙලගෙ කිරි අත්තෙක්වත්ද?..."
ReplyDeleteAththatama Ravige kiri aththada kithulata giye....:)
සකල,
Deleteවෙන්ටත් ඇති අප්පා..වෙන්ටත් ඇති. :)
කටින් කතා නොකරත් මොකෝ බං ඇස් දෙකින් කතා කරනවානම්. මාත් හරි ආසයි කණක් ඇහිලා ඉන්න පුලුවන්නේ.
ReplyDeleteරවී පෝස්ට් එක වගේම රහයි උඹේ උත්තර.
අරූ,
Deleteහෙහ්,හෙහ්,කටිං කතාකරනවට වඩා ඇස් දෙකෙං කතාකරන එක වාසියි කියල හිතුවට මචං මෙහෙම එකක් තියනව. කතාකරනකොට අනේ සොරි මට ඇහුනෙ නෑනෙ කියපු එක කියල ෂේප් උනෑකි.
බොහෝමත්ම ස්තූතියි මචං....:)
වෙලාවකට හිතෙනවා කතා කරන්න බැරි එකකට ලව් කරානම් මීට හොඳයි කියලා. ඒත් ඉතින් ගොළුවෝ කෑ ගහන්න ගත්තම ඊට හපන්.. අහල පහල උන් හිතයි මිනීයක් මරණවා කියලා..
Delete//කතාකරන ඇස් කියන කතා අහන්න මම කොහොමත් ආසයි.
ReplyDeleteකටින් කියන කතාවලට වඩා ඇස් වලින් කියන කතා කොහොමත් හෘදයාංගමයි..ලෙන්ගතුයි..සෙනෙහෙබරයි....//
එන පොට හොද නැ.කෙල්ල ගෙට ගන්.
රවි අයියෙ උබව මගෙ හිතෙ ඇදිල තියෙන හැටි කියන්නද.එක්කො ඔන නැ.මොකටයි හිත නරක් කරන්නෙ
අපොයි එපා..ඒ හිතේ ඇඳිල තියෙන විදිහ එහෙම්මම හිතේම තියාගං..:)
Deleteඕං ඔය හැඩේ කෙල්ලෙක් හිටියා අපි ගිය බයෝ ක්ලාස් එකෙත්.අපි කීවෙ සිලින්ඩරේටා කියල..
ReplyDeleteඉතිං මල්ලි කොහොමද? කාලෙකිං ඈ???
Deleteමේ අවුරුද්දටම මොකවත් ලීවෙ එහෙම නෑ නේද? :)
a.. dannam mata nam hitenne "man obath1ka suhada kathawak... obe asuth1ka prema kathawak......"" wage wadak sidda wei wage..........
ReplyDeleteඑව්ව කියන්ට බෑ!..එව්ව කියන්ට බෑ!!..එව්ව කියන්ට බෑ!!!
Deleteකෑලි දෙකක්ම අද තමා කියෙව්වේ..අද පොඩි ගැම්මක් ආවා බ්ලොග් කියවන්න ..දැන් මේ කියෝගෙන කියෝගෙන යනවා ......
ReplyDeleteඕකේ..ඕකේ..හදිස්සියක් නෑනෙ බොල..මොකෝ බ්ලොග් පෝස්ට් කියන එව්ව කොහෙවත් පැනල දුවනවය..හෙමිහිට කියවහං..හෙමිහිට ..හෙමිහිට..:)
Deleteඋඹට කියන්න අයියෙ මේ අපේ කොම්පැණියෙ යක්කු බ්ලොග්ස්පොට් වර්ඩ්ප්‍රෙස් ඔක්කොම මඟුල් ටික බ්ලොක් කොරලනෙ තිබ්බෙ මෙච්චර කල්.මේ අද බලනකොට යන්තම් වැඩ.සුටුස් ගාලා ආව උඹේ එක කියවන්න.මුන් ආයෙත් බ්ලොක් නොකර හිටියොත් මොනා හරි ලියන්න පුලුවන්...
ReplyDeleteme magula weradila methana wetune.ayema demma kavikari 8.
Delete