ජීවිතේ අග්ගිස්සට එනකොට ලාබාල වයසෙ මහා ලොකු සීරියස් දේවල් කියල වර්ගීකරණය කරල ගහ මරාගන්ට ගිය එව්ව කිසිම වැදගැම්මකට නැතිදේවල්ය කියල හිතෙන එක මම හිතන්නෙ බොහොමත්ම ස්වාබාවික දෙයක්.ඒ තමයි ජීවිතේ හැටි. ඒ වගේම ලාබාල වයසෙදිම ජීවිතේ සිරා අරගෙන අර පිටි මුට්ට කරේ තියාගෙන සයිඩ් සයිඩ් කියල පිටකොටුවෙ හතරවෙනි පස්වෙනි හරස්වීදිවල එහාට මෙහාට දුවන නාට්ටාමිල වගෙ ජීවිතේ කරගහගෙන ඉන්ට ගියොත් නම් ඒකත් එක විදිහට මහ පාරුවේ පුවක්....නොහොත් පූරුවේ පවක්...
ඔය වගෙ කස්ටිය ගැන මයෙ තියනව අද්දැකීං එකසිය ගානට. අපේ පොරක් එක පාරක් පාලොස්සකට සිල් අරං ඉන්දැද්දි සිල් රෙදි පිටිං උස්සගෙන ජීප් එකේ දාගෙන ආවෙ හදිස්සි රාජකාරියකට. ඒ අපේ බොස්ගෙ ඕඩර් එකක්. අහල ඇතිනෙ අර කතාව ..එළුවට කියපු එක...බෑ කියල බෑ මල්ලි ..මේක බොස්ගෙ ඕඩර් එකක්..හෙහ්, හෙහ්, අන්න එහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ... තේරුනා නෙවද?
රයිට්..ජීවිතේ දසක පහක් ගෙව්වම මදි නොකියන්ට අත්දැකීං සම්බාරයක් එකතු වෙනව. ජීවිතේ දිහාවෙ උපේක්සා සහගතව බලන්ට මැදිහත් සිතින් යුතුව ජීවිතය විඳින්නට පුලුවං වෙන්නෙ ඔන්න එතකොට.
නොයෙක් තැන්වල කරග්ගහල හැමජාතියකම මිනිස්සු එක්ක ආස්සරේ කරල විසි එක්වන සියවසේ පස් වන අවුරුද්දෙ මම එක් උනා කොළඹ කිට්ටුව මධ්‍යම පරිමාණ ඉඳිකිරීම් සමාගමක සේවයට.ඇත්තම කිව්වොත් මගෙ රාජකාරි ජීවිතේ මට මුණ ගැහුණු අන්තිම හොඳ බොස්ල වගේම අන්තිම හොඳ පැරලල් ස්ටාෆ් එකත් හිටියෙ මේ කොම්පැණියෙ.ආය මොනවද ගෙදර වගෙ තමයි. පැය දෙක තුනක් මහන්සි උනාම ඔන්න එනව දුං උගුරක් ගහන්ට මනාපයක්, අවශ්‍යතාවයක්..ආය මොනවද අල්ලපු කාමරේට යන එක විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ අපේ ආයතනයෙ අධ්‍යක්ෂ තුමෙක්.බොස් ගහමු සිගරට් එකක්... කියන එක විතරයි තියෙන්නෙ. මේ ඒ ගැන වෙනම ලියන්නං ආය දවසක...
ආයෙම දවසක මම මරණාසන්න උනා. හාට් ඇටෑක්...විනාඩි පහලවක් ඇතුලත ළඟම තිබ්බ හොඳම ඉස්පිරිතාලෙට මාව ඇතුලත් කරල ඒ සියලුම කෙරෙන්න ඕන කටයුතු කලේ අපේ ඔය කොම්පැණිය. කොම්පැනිය කියන්නෙ ඒකෙ අයිතිකාර මහත්තුරු සහ කාර්ය මණ්ඩලය. හොස්පිට්ල් බිල සම්පූර්ණයෙන් ගෙව්වෙත් ඒ ගොල්ලො.ඊට හරියටම මාස තුනකට පස්සෙ මට විදේශ රැකියාවක් ලැබිල ඒ මහාර්ඝ මිනිසුන් සමූහයෙන් වෙන් වෙන්නට සිද්ද උනත් මගෙ හදවතින් නම් කිසිදිනක ඔවුන් අමතකව යන්නෙ නෑ.
ඔය වෙලාවෙ මම මේ කිව්වෙ මරණාසන්න වෙලාවෙදි මගේ අත්දැකීම් ලිව්වොත් එහෙම ඔය ඔය පොත් පත්තරවල තියන එව්ව කැලේ..හෙහ්, හෙහ්...අඳුරු බිංගෙයක් ඇතුලෙං ඔන්න මම ගියා පාවෙලා..එක පාරටම නිල්/කහ පාට දීප්තිමත් ආලෝකයක් තියන බොහොම අද්බූත ඉස්තානෙකට මාව යැවුන. එතනදි වෙච්චි ඔක්කොම කියන්ට එහෙම ගියොත් අද මේක අහවරක් කොරන්න වෙන්නෙ නෑ. ප්‍රදාන සිද්දි විතරක් දැනට කියන්නං..
එතනදි මට හම්බ උනා අපේ මියගිය සුප්‍රසිද්ද රජවරු වගේම ඉතිහාසගත පුරුෂයින් සහ කාන්තාවන්...විජය, කුවේණි, දුටුගැමුණු, රන්මැණිකා, සාලිය, අශෝකමාලා,අනුලා, දස්කොන්, ප්‍රමිලා,ඇහැලේපොල කුමාරිහාමි, ශ්‍රී වික්‍රම රාජසිංහ....ඔය කස්ටිය පෝලිමේ ආවෙ මාව හම්බ වෙන්න. හැමෝටම කියන්න තිබ්බෙ එකම කතාවක්..
" එම්බා සුර්‍රයාභිධාන මහා පුරුෂය, ඉතිහාසයෙහි අප පිළිබඳව ලියැවී ඇත්තේ සත්‍ය වශයෙන්ම සිදුවූව නොව ඉතිහාසය ග්‍රන්ථකරණය කල යම් යම් පුද්ගලයින්ගේ සිතැඟි අනුව ඔවුනට අවශ්‍යදේය. එබැවින් සත්‍ය ඉතිහාසය දුහුණන් දැනුම් උදෙසා යළි ලිවීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා වර්තමානයෙහි ප්‍රබලව නැඟී එයි. එබැවින් අප අතර ඒ පිළිබඳවූ කතිකාවතකට අනතුරුව ඉතිහාසය ප්‍රතිශෝධනය කොට ලිවීමේ කර්තව්‍යයට ඉතාම සුදුසු වන්නෝ තොප බව සනිටුහන් කොට ඒ පිළිබඳව දැනුවත් කිරීම උදෙසා තොප මෙහි කැඳවූයෙමු. සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න අප තොපට පවසන්නෙමු. තොප යලි මනුලොව ගොස් ඒ සත්‍ය සිද්ධීන් දුහුණන් දැනුම් උදෙසා ලියා පළකරනු මැන සූර්යාභිධානයෙනි!!! "
රයිට්..ඔන්න ඉතින් එයාල ඔක්කොම පිළිවෙලට ඇවිල්ල හිට මා එක්ක එයාලට වෙච්චි දේවල් අකුරක් නෑර කිව්ව.ඒ කිව්ව විදිහට තමයි මම ඔය විජය-කුවේණි කතාව , එතකොට සාලිය කුමාරයගෙ කතාව එහෙම ලිව්වෙ..තව ඉස්සරහට අනික් විස්තරත් ලියන්නංකො....හෙහ්, හෙහ්,
ඉතිං ඔය මම කියන උක්ත කාලෙ අපි නැවතිල හිටියෙ පිට කෝට්ටෙ. ඒත් අපේ අධ්‍යක්ෂ තුමෙක්ගෙ ගෙදර පිටිපස්සෙ හදාපු නවාතැනක. එහෙ චමරියෙ උයන්නෙ රෑට විතරයි.උදේට සහ දවල්ට පිටිං. ඉතිං අපි කරන්නෙ දවල්ට කොහෙං හරි කෑම එකක් ගෙන්න ගන්න එක.
අපෙ අල්ලපු කාමරේ බොස් දොලහ කිට්ටු වෙනකොට මගෙ කාමරේට ඔලුව දානව..
" රවි... දවල්ට මොනවද ගෙන්නන්නෙ? මස් ද මාලුද? බිත්තරද? එලවළුද?.."
" ඕන එකක් බොස් ...මම ඇවිල්ල සර්ව භක්ෂක... පරිණාමයෙ ඉහලට එනකොට මිනිස්සු සර්ව භක්ෂක උනානෙ. ආයම ශාක භක්ෂක වෙනවයි කියන්නෙ පරිණාමයෙ ආපස්සට යනව කියන එක. මට එහෙම වෙන්ට ඕන නෑ.."
" හරි හරි...රන්ජිත්..රවීට එහෙනං එලවළු කෑම එකක්.."
ලොක්ක එතනම ඉඳල කෑගහනව...හෙහ්, හෙහ්,අන්න එහෙමයි අපේ බොස්ල...:)
එක දවසක් දහයට වගෙ මේනක කියල අපෙ පල්ලෙහා තට්ටුවෙ වැඩ කරන යාලුවෙක්..ආ..ඊට කලින් කියන්ට එපාය..අපෙ කාර්යාලෙ තට්ටු දෙකයි..උඩ තට්ටුවෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අමතරව මම..දන්නවනෙ වැදගත් උදවිය ...පල්ලෙහා ඔය ඒ හැටි වැදගත් රාජකාරියක් නොකරන උදවිය...අපි ඉතිං ඒ කිව්වෙ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මම පඩිපෙලෙන් බැහැල පහලට එන්නෙ හරියට අර දෙව්ලොවින් බැස එන සක් දෙවිඳු විලසින...
" මතුමහලින් බැස එන්නම් ඔබ මා පිලිගන්නවනම්, ආදරයේ පියගැටපෙල පාර කියාවී.."
ඔය ලිෆ්ට් එක කැඩිච්ච දවසක දාඩිය දාගෙන පඩිපෙල දිගේ පාතට බහින ගමං කෙල්ලෙක් පල්ලෙහා ඉන්න කොල්ලට කියාපු සිංදුවක්..
රයිට්.... මේනකය ඇවිල්ල මගෙ කාමරේට ඔළුව දැම්ම..
" ඒයි මචං..උඹ නෙළුං කොලේ බත් කාල තියනවද?.."
" නෑනෙ බොලේ..නෙළුං කොලේ බත් ගැන අහල තිබ්බට කාල නෑ...මාර රහයිලු නේද? ඕකෙ නියම රහ එන්ට බත් එක කාල නෙළුං කොලෙත් කන්ට ඕන ඒ එක්කම.."
" ඈ??? මම අහල නෑනෙ එහෙම කතාවක්.." මේනකයගෙ ඇස් උඩ ගියා..
" හරි, හරි,ඒක පැත්තක දාපං...දැං මොකෝ මේ හිටපු ගමං නෙළුං කොලයක් මතක් උනේ? "
" මචං බයිසිකලේක පොරක් ඇවිල්ල ඉන්නව නෙළුං කොලේ ඔතපු බත් අරගෙන..උඹට ඕනද?..."
" අම්මට උඩු ඕනදත් කියල අහනව..යමං යමං…"
මම මේනකයත් එක්ක මතුමහලින් බැස්ස. ඔන්න අපේ ඉස්සරහ මිදුලෙ ඉන්නව නෙළුං බත් මෑන්ස්..The Lotus Rice Man......පල්ලෙහ තට්ටුවෙ ඉන්න ඔක්කොමල ඒ මනුස්සයව වට කරගෙන...මම කලිනුත් කිව්වනෙ පල්ලෙහ තට්ටුවෙ ඉන්නෙ ඔය ඒ හැටි වැඩක් නැති කට්ටිය කියල..විශේෂයෙන් අපෙ ආයතනයෙ සේවය කල එකම යුවතිය..හෙහ්, හෙහ්, ඒ ජාතියෙ එකක් හිටියම ඇති ඕනවටත් වැඩිය.කවුරුහරි ටිකක් හයියෙං කිඹුහුමක් ඇරියද මේ ළමය එනව ඔක්කොම වැඩ නවත්තල ( නවත්තන්ට තරං වැඩක් කරමින් හිටියොත් )...කවුරු හරි අතිං හෙල්මට් එකක් බිම වැටුනය කියමු ඒත් එනව බලන්ට සහ ඒ ගැන විස්ලේසනයක් කරන්ට. ඉතිං නෙලුං බත් මෑන් ආහම මෙයයි නෑවිදිං ඉඳියිද? එතනට ඇවිල්ල අර මනුස්සයගෙං අහනව දාහක් ප්‍රස්න...
" මේ ඔය නෙළුං කොල කොහෙද තියෙන්නෙ?.."
" ඔව්ව කඩන්ට වතුරෙ කිමිදෙනවද? "
" කිඹුල්ලු නැද්ද?..."
" උදේ පාන්දරම වතුර හීතල නැද්ද?..."
ඔව්වට උත්තර දීලම නෙලුං මෑන්ට අන්තිමට මල පැන්න.
" මේ නෝන..බත් එකක් ගන්නවද නැද්ද? "
" ආ..නෑ..නෑ..මම ගෙදරිං බත් එකක් ගෙනාව.." එවුන්දැ ඔන්න යංතං පැත්තකට උනා..
මම එතකල් බොහොම ගාම්බීරව පැත්තකට වෙලා හිටිය. අපි නෑනෙ ඔය අනවශ්‍ය කතා..ඔන්න මම ආව ඉදිරියට..
" හ්ම්ම්ම්. මට දෙන්න නෙළුං බත් එකක්….."
" හැබැයි මහත්තය ගාන ටිකක් වැඩියි…"
මිනිහ ගානක් කිව්ව. මට හරියටම කීයද කියල නම් මතක නෑ. ඒත් ඒ දවස්වල දවල් බත් එහෙම ගොයිං රේට්ස් වලට වැඩිය රුපියල් දහයක් විතර වැඩියි කියල නම් මතකයි.
" ආ. ඒකට කමක් නෑ..නෙළුං කොලේ බත් කන්ට හැමදාම හම්බ වෙනවය... නැද්ද? "
" අන්න මහත්තයට යමක් කමක් තේරෙනව…" නෙළුං බත් කරු මුව පුරා සිනාසුනේය
අවට රැස්ව සිටියෝද හිස් සිරස්ව ඉහලට පහලට සෙමෙන් වනා මගේ අදහස අනුමත කළෝය.
එසඳ මවිසින් මිලදී ගන්නාලද්දාවූ ඒ සියපත පතක බැඳි බත අපගේ සගයින්ගෙන් සැදුම්ලත් පෙරහරක් මඟින් වැඩමවූයේ දිවා අහර විවේකය එලඹෙනතෙක් ඛාද්‍ය ශාලාවෙහි ඉතා ප්‍රවේශමෙන් වඩා හිඳුවන ලද්දාහුය.
" සිවා..මේ මගෙ නෙළුං කොලේ බත් එක මෙතන තියනවා.හරිද? උඹ හොඳට බලාගනිං ඒක…. ඇහුනද? "
කාර්ය මණ්ඩලය උදෙසා තේ කෝපි යනාදිය පිළියෙල කිරීමෙහි යෙදෙන තලතුනා සේවකයා අමතා මම අණ කලෙමි.එසඳ උක්ත යුවතියගේ මුවෙහි සෝපහාස මන්දස්මිතියෙක් නැඟෙනු දුටු මම ඇය බැණවීමි.
" මොකද හිනා වෙන්නෙ? "
" නෑ, නෑ..මිස්ට රවී මම හිනාඋනේ නෑ.." එසේ පැවසූ ඇය එතෙකුදු නොමැකි මන්දස්මිතිය ද රඳවාගත් වනම එතැනින් නික්ම ගියාය.
අවසන සියල්ලන් බලාපොරොත්තුවූ ඒ අසිරිමත් මොහොත එනම් දිවා ආහාර විවේකය උදාවිය.අවස්ථාවෙහි අගය තව දුරටත් උද්දිපනය කරනු උදෙසාම මම දිවා ආහාරය ගන්නා සුපුරුදු වේලාව මඳක් පසුවන තෙක් රාජකාරියෙහි යෙදී උන්නෙමි.ඇය මගේ කාමරයට හිස පෙව්වාය.
" මිස්ට රවී අර නෙලුං කොලේ බත් එක කන්නෙ නැද්ද? " මම හිස ඔසවා ඇය දෙස නොපහන් බැල්මක් හෙලීමි.
" මට තව වැඩ තියනව. ඕ ගොල්ලො කන්න මම එනකල් ඉන්න එපා.."
" නෑ..නෑ..අපි කාල ගොඩක් වෙල.කට්ටිය ඔක්කොම පෑන්ට්‍රි එකේ බලා ඉන්නව මිස්ට රවීගෙ නෙළුං කොලේ බත් එක බලන්න…"
" ඒ මොකෝ? ඇයි මීට කලිං දැකල නැද්ද නෙළුං කොලවල බත්? "
" නෑනෙ . අපි කවුරුවත් දැකල නෑනෙ…"
" හ්ම්ම්..ඒකත් එහෙමද? හරි, යංකො එහෙනං…." මම ඇය සමඟ පහත මාලයට ගියෙමි.
ඔන්න අන්තිමට කෑම මේසෙ වටේ ඉඳගෙන කට්ටිය බලාපොරොත්තු සහගතව ඉන්න අතරෙ මම අති ගෞරවනීය නෙළුං කොලේ බත් එක විවෘත කලා. ඔතල තිබ්බ පත්තර කොලේ දිග ඇරිය කියමුකො. මම එක පාරක් බත් එක දිහා බැලුව. ඊට පස්සෙ ඔලුව උස්සල වටේ බලං ඉන්න එවුංගෙ මූණු දිහාවෙ බැලුව. උං ඔක්කොම තොල් හපාගෙන හිනාව තද කරගෙන ඉන්නව.
" මේ මොනවද? මේ නෙළුං කොළයැ?..තේක්ක කොළ දෙකක්නෙ...හිහ්...හිහ්...හී...." යුවතිය හිරකරගෙන හුන් සිනහව අවසන පුපුරාගියේය.
එවුනුත් ඒ මොහොත බලාපොරොත්තුවෙං හිටිය වගෙ ඔක්කොමල එකට හිනාවෙන්ට ගත්ත.
" ඔය නෙලුං විල් ගාව හරියටවත් තියනව තේක්ක ගස්. එව්වයිං වැටිච්ච තේක්ක කොල වතුර උඩ පාවෙනව බොහොම වෙලාවට. එතකොට ඒ තේක්ක කොලයි නෙලුං කොලයි මාරුවෙන එක ඒ හැටි ගනං ගන්ට දෙයක් නෙවෙයි. "
මම ජීවිතයේ පළමු වරට එදින ඇස ගැටුණු යලි කිසිදු දිනෙක හමුවෙතැයි අපේක්ෂා කල නොහැකි සියපත පත බත් වෙළෙඳා වෙනුවෙන් විත්ති වාචකය ඉදිරිපත් කළෙමි.
" හාකො…. අපි එහෙමවත් හිතමුකො …" ඇය සිනහසෙමින්ම නැඟිට කෑම කාමරයෙන් පිටව ගියාය.
ප.ලි - ඊට සති දෙකකට විතර පස්සෙ දවසක..ඒත් දහයට විතර..ආයෙම මේනකය ආව කඩාගෙන මගෙ කාමරේට
" ඒයි මචං අන්න අර නෙළුං කොලේ බත් කාරය යනව පාරෙ, වරෙං උගෙං අහන්ට මොකද්ද එදා අර කරපු කැත වැඩේ කියල.."
" අනේ ඕන නෑ බං..ඔන්න ඔහෙ අල්ලල දාපං...ඔව්ව මොනවද?..."
ප.ප. ලි - පහත මාලයෙහි එදවස වැඩ හුන් ඒ යුවතියගේ ජන්මදිනය සැප්තැම්බර් 19 දිනට යෙදී තිබිණි. මේ ඇය වෙනුවෙන් අවදි වූ මගේ මතක සටහන් සහසක් අතුරින් එකකි.ඇය කවුරුදැයි නොදන්නා වූ පාඨකයින් වෙනුවෙන් ඇය හඳුන්වාදීමට මට අවසර..... ඇය වනාහී නිදහස් සිතුවිලි වියුණුවෙහි මගේ සමහවුල්කාරිනිය වන රන්දිලාභිධාන ඒ සුවිශේෂී වූ මානවිකාවයි!!!
සුබ උපන් දිනයක්..රන්දිල් !!!!!!

ගමක ඉපදිලා නැති, ගැමි පරිසරය දැක නැති අබ්බ ගොබ්බයො තමයි නෙළුම් කොලේ දන්නේ නැත්තේ.
ReplyDeleteඇනෝ,
Deleteකරුණු දෙකක් පමණක් පැවසීමට මට අවසර...
ලාංකිකයින් අතුරින් ගමක ඉපදී නැති ගැමි පරිසරය දැක නොමැත්තන් බොහෝ දෙනෙකු ඇත. ගැමි පරිසරයක ඉපදීම අපගේ පාලනයෙන් බැහැරව පවතින්නකි.එබැවින් එවැන්නන් අබ්බ ගොබ්බයින් ලෙස හැඳින්වීම කෙතරම් උචිතද යන පැණය ඒ සමඟම පැන නැඟේ.
විවේචනය කිරීම පිළිබඳව අපගේ කිසිදු අමනාපයක් නැත. මේ වියුණුව ආරම්භ කල රන්දිල් නිදහස් සිතුවිලි යන නමින් මේ හැඳින්වූයේ ඒ ලියන අපගේ පමණක් නොව කියවන ඔබගේද නිදහස් සිතුවිලි වලට ඉඩ හසර වෙන්වන බවට වූ අධිෂ්ටානයක් ද සමඟය. එහෙත් විවේචනය කිරීමට පෙර ලියා ඇත්තේ කුමක්ද යන්න ප්‍රවේශමෙන් කියවා රචකයාගේ අදහස් වටහා ගැන්මට සුළු තැතක් හෝ දරන්නේ නම් මැනවැයි හඟිමි.
/ ඔන්න අන්තිමට කෑම මේසෙ වටේ ඉඳගෙන කට්ටිය බලාපොරොත්තු සහගතව ඉන්න අතරෙ මම අති ගෞරවනීය නෙළුං කොලේ බත් එක විවෘත කලා.ඔන්නඔතල තිබ්බ පත්තර කොලේ දිග ඇරිය කියමුකො. /
බත් පත පත්තර කඩදාසියක ඔතා තිබුණු බව මම මෙහිදී පවසා ඇත. එහි ඇත්තේ නෙලුම් කොළයක් නොව තේක්ක කොළ බව මම දුටුවේ පත්තර කඩදාසිය දිගහල අනතුරුවය. පත්තර කඩදාසියක දවටා ඇත්තේ නෙළුම් කොළයක්ද තේක්ක කොළයක්ද යනු පත්තරය දිග නොහැර එකහෙලා පැවසීමට මට එක්ස් කිරණ දෘෂ්ඨියක් තවමත් නොමැත.
සිතන පතන සෑම දෙයක්ම එලෙසම ඉටුවෙන සුබ උපන්දිනක් රන්දිට. චොක්ලට් කේක් රහ ඇතිනේ.:D
ReplyDeleteස්තුතියි පොඩ්ඩි......... හැබෑට චොකලට් කේක් කියලා දැනගත්තේ කොහොමද? තාම පිංතූරයක්වත් දැම්මේ නැහැනේ...... :O
Deleteමේ උපන්දිනෙත් මට අමතක නොවෙන එකක් එහෙනං... ඊළඟ දවසෙ තව එකක් තියෙන හින්දා... හි හි....
ReplyDeleteරන්දිල්ට සුභ උපන්දිනයක් වේවා......!
ආ ඔයාත් ඒක දන්නවා එහෙනං....... මං දන්න එකමද ඔයාත් දන්නේ හිරු?
Deleteස්තුතියි හිරු... මං ඔයාට ෆ්‍රෙන්ඩ්ෂිප් රික්වෙස්ට් එකක් දාලා ගජරාමෙට ඔයාගේ ක්‍රියේෂන්ස් ජනප්‍රිය කරවන්න හදනවා. ඔයා තාම රික්වෙස්ට් එක ඇපෲ කරලා නං නැහැ....... :)
මළා... මොකේද අප්පා රික්වෙස්ට් කළේ.. මේ ටිකේ පැත්ත බලන්න හම්බුනේ නෑ... හි හි
Deleteමං නං දන්‌ෙන් අපේ මහත්තයගේ බර්ත්ඩේ එක තමයි.. පේන විදියට එදාම තව එක්කෙනෙක් ඉන්නවා වගෙ නේ... හි හි...
සුභ උපන්දිනයක් රන්දිල්!!
ReplyDeleteස්තුතියි මෙකුවි :)
Deleteඋණුසුම් සුභ පැතුම් රන්දිල්..
ReplyDeleteගිය සැරෙත් උපන්දිනේට මේ වගේ රසම රස පෝස්ටුවක් කියෙව්වා කියලා මතකයි..
ස්තුතියි රූ........... රස තමයි රස....... මේ පෝස්ට් එකෙත් තව රස කොටසක් අඩුයි......... ඔය අන්තිමට ආපහු සියපත් බත් මෑන් ආවා කියලා තියෙන තැනින් පටන් ගන්න තව කථාවක් තියෙනවා....... ඒක ලියන්න කම්මැලි හිතිලා වගෙයි.... :)
Deleteසුබම සුබ උපන් දිනයක් රන්දිල් ඔයාට..එහෙනම් ඔයත් සැප්තැම්බරයේ කෙනෙක්...මෙතන ඉන්නවා තවත් බ්ලොග් කරුවෝ සෑහෙන ප්‍රමාණයක් සැප්තැම්බරයේ ඉපදුණ...හිට් 50,000 / පෝස්ට් 50 ,ෆලෝ 175 , මගේ උපන් දිනේ ඇතුළු ඔක්කෝම Happy Birthday To Me !
ReplyDeleteඔයාවත් මේ ගොඩට එකතු කරගන්න ලැබීම ගැන සතුටුයි... මගේ අම්මගේ උපන් දිනේ හෙට නෙවේ අනිද්දා (22)...
සහන්ටත් සුභ උපන්දිනයක් වේවා.... අන්නාර අටම්පහුර ලියන කන්දෙවිදානේ ඔයාව හොය හොයා හිටියා පහුගිය ටිකේ, හමු වුනාද? :)
Deleteස්තුතියි සහන්
එහෙමයි එහෙමයි හම්බුණා... ඔය මම පහළ දීලා තියෙන ලින්ක් එකේ ඒ ගැන විස්තර ටිකකුත් තියෙනවා ..
Deleteසුභ උපන්දිනයක් රන්දිල්.
ReplyDeleteරවියා මේක කොටස් දහයකට කඩන්නේ නැතුව එක පෝස්ට් එකෙන්ම දාපු එක කොව්වර වටිනවද?
Henry,
Deleteඅම්මප ඕනනං මතු සංබංද කෑල්ල දාල ඇදගෙන යන්ට තිබ්බ රන්දිලාගෙ ඊළඟ බේඩ්ඩේ එකත් පහුවෙනකල්...එහෙමත් බැරි නෑ මට..අන්න ඒක දැනගං..මිට්ට හෙන්රි... හෙහ්, හෙහ්.
ස්තුතියි හෙන්රි අයියේ,
Deleteකොටස් 10කට කඩන්න........... :) මුන්දැ මේ මං මේකේ සමහවුල්කාරිනි වෙලත් මේ වගේ කියුම් මේකේ ලිව්වානේ....... මං මේ කල්පනා කරන්නේ, නිකමට හරි මං මෙතැන නොහිටියා නං අර මිගාර කථා වස්තුව වගේ මං ගැනත් මොන මොනවා ලියයිදෝ කියලායි......... :D
රන්දිල්,
ReplyDeleteඔ තන්ජෝබි ඔමෙදිතෝ ගොසයිමසු...!!!
මළා.......... දැන් මොකේද දං වළඳන්නේ කිව්වාලු.......... දැං මං මේකට මොකද්ද කියන්නේ....... :D
Deleteවාසනාවන්ත සුබ උපන් දිනයක් අක්කෙ.මෙ පොටො එක කොයි දසකයේ එකක්ද
ReplyDeleteරවී........මෙතුවක් කල් ආදරයෙන්, සෙනෙහසින්, දුකේදීත්, සැපේදීත් උඹව රැකබලාගත්, උඹේ බ්ලොගයේ ජොයින්ට් එකවුන්ට් හෝල්ඩරිය වූත්, ඒ සොඳුරු මානවිකාවියට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන අතරම තොගේ ලියවිල්ල නම් මී පැණි මෙන්ම මිහිරිය, පට්ටය, පට්ටම පට්ට බවත් හිතේ කහටක් නැතුව පවසා සිටිමි!!!!!!!!!
ReplyDeleteඅරූ,
Deleteවරදවා වටහා ගැන්මක් නිවැරදි කිරීමට අවසර...
ඇය වනාහී මගේ වියුණු සම හවුල් කාරිය පමණි.
රවී......සමාවෙන්න.....සමාවෙන්න.....ගැත්තාට සමා වුව මැනව.
DeleteAru, No problem at all, You are Welcome!!
Deleteනැහ් නැහ් එච්චර අපසෙට් වෙන්න එපා අරු, ඔය වැඩේ අවුරුද්දකට කිහිප සැරයක් කාට හරි වෙනවා...... :) ස්තුතියි අරු සුභ පැතුමට
Deleteකතරෙට වඩා දවස් දෙකයි බාල..
ReplyDeleteහැප්පි හැප්පි බෝර්ත් ඩේ සැමරුවනම් එච්චරයි... වෙන මක්කා කියන්නෙයි...
කතරෙ? ඒ කවුද ?
Deleteස්තුතියි මාතලන් :)
කතරේ අනේ කතරේ.. ( මීට වඩා කියන්න හොඳ නැහැ . බැතිමත්තුද දන්නේ නැහැනේ )
DeleteHBD2U රන්දිකා.!!
ReplyDeleteඅරක චොකලට් කේක් එකක් නං මේ පැත්තටත් කෑල්ලක් එව්වනං හොඳා.. ආයෙ පස්සෙ කියන්ටෙපා බඩේ අමාරු එහෙම හැදුනා කියලා.. ;)
පලි: අර කිවුවත් වගේ පුදුමයි රවියා මතුසම්බන්ධයි කෑල්ලක් නොදා මේ පෝස්ට් එක ලිවුවා.. :D
බූරාස්,
Deleteඋඹට කිව්වම මොකද මලේ බොහ්හෝම්ම අමරුවෙං තමයි මතු සම්බන්ධයි කෑල්ල නොදා හිටියෙ.මොකක් හරි පුරුදු උනාම ආය ඒක අතෑරගන්න එක ලේසි නෑ..
ඉඳහං පොඩි කතාවක් කියන්ට මට මතක් වෙච්ච..ඒකත් මේ වගෙම සීන්ස් එකක්.... ඒ දවස්වල අපි ඇටෙන්ඩන්ස් පොතේ අස්සං කරද්දි ඒ එක්කම තව කොලම් එකක් තිබ්බ තමංගෙ අංකෙ දාන්ට. ඒ අංකෙ ඇවිල්ල වැඩ කරන ප්‍රොජෙක්ට් එකේ නම කෙටි කරල ඉංග්‍රීසි අකුරු දෙකයි තමන්ට අනන්‍ය අනුක්‍රමික අංකයයි. දැන් ඔන්න සේනපුර මම වැඩකරන කලෙ මගෙ අංකෙ මට මතක විදිහට SP 18 ද කොහෙද...
මගෙ අතිජාත මිත්‍රයෙක්ගෙ මඟුලෙ සාක්කියට අස්සං කලේ මම. ඔන්න ඉතිං රෙජිස්ට්‍රාර් නෝන මහත්තය මේකා අස්සං කරන්ට ඕන තැන පෙන්නල " ආ...එහෙනං මහත්තය මෙතන අස්සං කරන්ඩකො "කියල කිව්ව..
මූ නම අස්සං කරල ඒ එක්කම SP 23 හරි මොකක් හරි උගෙ අර අංකෙත් දාපි. " මේ මොකක්ද මහත්තය මේ?..." කියල අහපි රෙජිස්ට්‍රාර් නෝන.
කොහොම හරි අන්තිමට ඒ කොලේ කැන්සල් කරල අලුත් කොලේක ආයෙම මඟුල ලියාපදිංචි කරන්ට උනා. ඒ මඟුලට කෙල්ලගෙ පැත්තෙ එවුං ෆුල් එගේන්ස්ට් හිටියෙ. අන්තිමට කෙල්ල කෝච්චියට පයිනව කිව්වට පස්සෙ තමයි කැමති උනේ. ඒ නිසා ඔහොම පලවෙනි කොලේ අලවංගු කොරන්ට වෙච්චි එක බොහොම අසුබ ලකුනක්ය කියල ඒ පැත්තෙං ආව ලොකුවට විරෝදයකුත්.
ඒ අසුබ ලකුනු කෙහෙම්මල...අපරාදේ කියන්ට බෑ උං දෙන්න බොහොම අපූරුවට පවුල් කනව අදටත්...මේ ගියපාර මම නිමාඩුවට ගිය වෙලාවෙ දෙන්නම ආව අපෙ ගෙදර, ලොකු එකා ඉංජිනිරිං සිලෙක්ට් වෙලා ඌට බෝඩිමක් හොයන්ට..
ප.ලි - අරූ නොම්මරෙත් දාල කසාද පොතේ අස්සං කරපු සීන් එක ආපහු ගිහිල්ල අපේ අනික් එවුන්ට කියන්ට එපාය කියල ඌ මට බැගෑපත් උනා.
" අනේ මචං උඹ දන්නවනෙ අපේ එවුංගෙ හැටි..මේ සීන් එක කියන්ට නං එපා හොඳද?.."
" පිස්සුද මචං එහෙම කරනවද මං? " මම ඌව අස්වැසුවා.
අපරාදෙ කියන්ට බෑ මම ඒ පොරොන්දුව නම් රැක්ක අකුරට. ඒත් ඊට පස්සෙ මාස හයක් වගෙ යනකල් මට අරක්කු වලට සත පහක්වත් වියදං නං උනේ නෑ ඔන්න…..අන්න බලාපං පොරොන්දු ඉටු කරාම ඒ පින පලදෙනව දිට්ට දම්ම වේදනීයව කියන්නෙ ඒක තමයි හෙහ්, හෙහ්
අපොයි අනිත් උන්ට කියුවනං එකක්
Deleteඑක්ස්පයර් වුනාට කමක් නැද්ද බුරා? එහෙනං එවන්නං......... :) ස්තුතියි බූරා සුභ පැතුමට
DeleteFelis cumplenos tardio..! Happy belated birthday !!!
ReplyDeleteඅර තියෙන මුල් ටික නං අනේ මන්දා අනේ......... දෙවැනි ටිකට ස්තුතියි ඈ...... :)
Deleteසුභම සුභ උපන්දිනයක් වේවා......!
ReplyDeleteස්තුතියි ස්තුතියි
Deleteසුභ උපන්දිනයක් රන්දිල්.
ReplyDeleteස්තුතියි අටම්...... :)
Deleteසුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteස්තුතියි සජීව අයියේ........ මං අවුරුද්දකට වගේ කලින් ෆේස් බුක් එකෙන් උපන්දිනය අයින් කලා. ඒ කලේ ඒක දැක්ක කමට කොමෙන්ට් කරන්න යාළුවෝ කරදර වෙන හින්දා......... :D
Deleteඒත් බ්ලොග් යාළුවන්ටත් කලින් යාළුවෙක් වෙච්චි ඔයායි, ඒ වගේම තව යාළුවෙකුයි මට විෂ් කරලා මැසේජ් දාලා තිබුනම පුදුම හිතුනා. යාළු කම ගැන සතුටක් දැනුනා... ස්තුතියි අයියේ නැවතත්......
//විශේෂයෙන් අපෙ ආයතනයෙ සේවය කල එකම යුවතිය..හෙහ්, හෙහ්, ඒ ජාතියෙ එකක් හිටියම ඇති ඕනවටත් වැඩිය.කවුරුහරි ටිකක් හයියෙං කිඹුහුමක් ඇරියද මේ ළමය එනව ඔක්කොම වැඩ නවත්තල ( නවත්තන්ට තරං වැඩක් කරමින් හිටියොත් )...කවුරු හරි අතිං හෙල්මට් එකක් බිම වැටුනය කියමු ඒත් එනව බලන්ට සහ ඒ ගැන විස්ලේසනයක් කරන්ට.//
ReplyDeleteරවිගෙ වියුණු හවුල්කාරිට අපූරු සහතිකයක් දීල තියෙන්නෙ
ඔව් ඔව් හැලප මාමේ, අනේද කියන්නේ, මං මේ පෑලියගොඩ ඉඳන් එන ගමනේ, කට්ටියටම කියලා ආවා හොඳ වැයින් මඩු වලිගයක් කපලා තියන්ටය කියලා මටම පාරක් දෙකක් දී ගන්ට.... :) ෂුභ පැතුම් නැතුවට මොකද ස්තුතියි
Deleteසුභ උපන්දිනයක් රන්දිල්....!
ReplyDeleteස්තුතියි එදිරි
Deleteහුහ් මුන් නෙළුම් කොල ගැන කියනවා. අපිට පාන් කියාගන්න බෑ.....
ReplyDeleteඔය බොගේ හවුල්කාරි දවසක් මාව දැකලා කතා කලේ නෑ නේ... උන්දැ ලැජ්ජා වෙලා කතා කරන්න.
සුභ උපන් දිනයක් වේවා රන්දිල්. කලින් නම් බෝ මගෙ අෆේස්බූක් එකේ හිටියා මතකයි දැන් නම් පේන්න නෑ...
//ඔය බොගේ හවුල්කාරි දවසක් මාව දැකලා කතා කලේ නෑ නේ... උන්දැ ලැජ්ජා වෙලා කතා කරන්න.//
Deleteකිසිසේත්ම විස්වාස කල නොහැකි දෙයකි... අපි අහක බලං ගියත් ඇවිත් කතා කොරයි මෙයානං... :D
මේ අක්කේ ඔයා රංගි බූරු හැරිස් නේද? මට මේ අමුතු නං තියෙන හැමෝම පැටලෙනවා. කාලයක් හිතාගෙන හිටියා ඔයායි බුරායි දෙන්නම එක්කෙනෙක් කියලා.
Deleteස්තුතියි ස්තුතියි... වැඩේ මේකනේ මං පුතා ලැබෙන්න ඉන්න කාලේ ෆේස් බුක් එක ඩිඇක්ටිවේට් කරලා තිබ්බා. ඒ වෙලාවේ මගේ යාළුවෝ ගොඩක් අය ලිස්ට් එකෙන් ඉවත් වෙලා හරි ඉවත් කෙරිලා හරි මොකක් හරි වෙලා තියෙනවා. මේ කොමෙන්ට් එක දැක්කට පස්සේ මං ඔයාව සර්ච් කලා, මට හොයා ගන්න බැරි වුනා. දැක්කොත් ඔයා රික්වෙස්ට් එකක් එවන්න.
:D :D :D
ඔය කියන්නේ ඉලංගේ මළ ගෙදර ගිය දවසේ වෙන්න ඕනෑ... ඇත්තම කිව්වොත් මං දැක්කේ නැහැ ඔයාව. කාව හරි දැක්කානං ඒ ඔයා කියලා මට හිතිලා නැහැ. නැත්තං ආයේ කථා නොකර ඉන්නවැයි? එදා මලීත් ඉඳලා තියෙනවා. එයා එක්කත් මට කථා කරන්න බැරි වුනා...
හික් හික් ඔය කිව්වේ මාරයා... මාරයා අයියාව නැහැ වැරදුනා සුදු චුටි මල්ලිව :D මුලින්ම දැක්කේ මේ බ්ලොග් ලියන කියවන කවුරුවත් හිටපු තැනකදි නෙමෙයි. මම අඳුනගෙන ගිහින් කථා කලා.. මං කෙලින්ම වාසගමත් එක්කම නම කියලා ඇහැව්වේ. ඇයි වදේ අර ජන සන්නිපාතයක් ඉන්න තැන ගිහින් අහන්නයෑ මේ මාරයා නේද කියලා....... :D
happy birth day to you Randil.....!
ReplyDeleteස්තුතියි Crazzy Prabhath
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදයා,
Delete/ ඒ කොහොම වුනත් කතා ඇතුලෙ කතා කියාගෙන ඇවිල්ල අන්තිමටම තමයි අවශ්‍යම තැන ජීවන කතාවේ ශක්තිමත් අත්තිවාරම තැනුව තැන ගැන කියන්නේ.. /
පොඩි මිස් අන්ඩර්ස්කර්ට් එකක් දයා...උඩින් මම අරූස්ගෙ කමෙන්ට් එකට දුන්නු උත්තරේ බලන්න...:)
දෙයියෝ සාක්කි...... වැරදි අර්ථ නිරූපණයක් මා අතින් සිදුවිම ගැන බලවත් කණගාටුව ඒ නිසා මෙයට සම්බන්ධවූ ඔබේ හෝ ඒ යෙහෙළියගේ හෝ සිතුතැවුලක්, යම් අපහසුතාවයක් ඇතිවූයේ නම් ඒ සියලු දෙනාගෙන්ද, ඔබගෙන්ද සමාව අයදිමි.
Deleteඒ නිසා මම මගේ කමෙන්ටුව මකා දමමි.කමා කළ මැනව...!
අපොයි දයා..ඒ මොකටද කමෙන්ට් එක මැකුවෙ? ::(
Deleteගණන් ගන්න එපා සහෝ සත පහකට...චේතනාන්විතව කරපු දෙයක් නෙවෙයි නෙව..ඔබ තුමා නීතිය දන්නවනෙ..නීතියෙනුත් එහෙම චේතනාවක් නැතුව කරපු වරද වරදක් විදිහට සැලකෙන්නෙ නෑ මම දන්න විදිහට. :)
:D කොහොම වුනත් ස්තුතියි දයානන්ද, මං එනකොට කමෙන්ට් කරලා මකලා සේරම ඉවරයි. ඒත් කමෙන්ට් එක ආපු මේල් එක තියෙනවා......... :) අර උඩ අරු ට කියපු එකම ඔයාටත් කියන්නම්........
Delete//විශේෂයෙන් අපෙ ආයතනයෙ සේවය කල එකම යුවතිය..හෙහ්, හෙහ්, ඒ ජාතියෙ එකක් හිටියම ඇති ඕනවටත් වැඩිය.කවුරුහරි ටිකක් හයියෙං කිඹුහුමක් ඇරියද මේ ළමය එනව ඔක්කොම වැඩ නවත්තල ( නවත්තන්ට තරං වැඩක් කරමින් හිටියොත් )...කවුරු හරි අතිං හෙල්මට් එකක් බිම වැටුනය කියමු ඒත් එනව බලන්ට සහ ඒ ගැන විස්ලේසනයක් කරන්ට. ඉතිං නෙලුං බත් මෑන් ආහම මෙයයි නෑවිදිං ඉඳියිද? එතනට ඇවිල්ල අර මනුස්සයගෙං අහනව දාහක් ප්‍රස්න... //
ReplyDeleteඔය ටික දානකොටම මංනං දැන ගත්තා කෙනා කවුද කියලා... මොකද අපේ සුදු චූටි අක්කව අපි නොදන්නවද..? :D :D :D
හා හා එහෙනං මෙන්න ඒ කිව්ව යුවතියට අපෙත් සුභ පැතුම්...
:) ස්තුතියි මයේ මාර සුයිට් මල්ලියේ............
Deleteපරණ එව්වා කියවන්න පස්සේ බැරිය ...රන්දිලාට විශ් නොකර කොහොමෙයි. හැපී බිලෙටඩ් උපන්දිනයක් වේවා ...
ReplyDeleteස්තුතියි බින්දි අක්කේ.........
Deleteසුභ ම සුභ උපන් දිනයක් වේවා, රන්දිල් :) පොඩ්ඩක් පරක්කු වුණාට තරහ ගන්න කාරි නෑ ඔන්න.
ReplyDeleteස්තුතියි ධාරා, අනේ නැහැ කොහොමවත් තරහ වෙන්නේ නැහැ...
Delete:)
සුභ පැතූ සැමට ස්තුතියි නැවතත්... ඒ වගේම මේ ලිපිය ලියපු, නිදහස් සිතුවිලි හි සමහවුල්කරු මිස්ටර් රවී, ඤාති හිතවත් මගේ (හිටපු) මාමා, බාප්පා, අයියාටත් ස්තුතියි.
ReplyDeleteඔය කිව්වට ළමයිනේ මං නෙමෙයි ඔය වගේ එක එක විප්‍රකාර බලන්න මයේ සීට් එකෙන් කවදාවත් නැගිට්ටේ....... මේ කියලා තියෙන එව්වැයින් කීයෙන් කීයක් ඇත්තද බොරුද කියලා මටත් හිතා ගන්න බැරුව මං තාම ඉන්නේ.......... ඒක හිතාගත්තට පස්සේ ගැටපද විවරණයක් සහිතව දෙන්නම්කෝ....... හිටහංකෝ මිස්ටර් රවී....... :D
පාටියත් ඉවර වෙලා, ඉතුරු වෙච්ච කේක් ටිකත් ඉවර වෙලා වගේ අපි එද්දි! :-S
ReplyDeleteBelated happy B'day from me! :)
ස්තුතියි මුහුදු :)
Deleteඅම්මේ ඇති යාන්තන් උදලු ගාපු පිට්ටනියක ඉඳන්ද කොහේදෝ අද ලියලා තියෙන්නේ. වට පිටේ කැලෑවක් තිබ්බේ නැතෙයි.
ReplyDeleteහා ..එහෙනම් හැපී උපන්දිනයක් නෝනේ
ස්තුතියි නිශාන්තේ.... :)
Deleteරන්දිල්ට සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteස්තුතියි තිසර
DeleteHappy Birth Day Randil Akki..parakku wadi nane...Math mulin hituwe oa denna jeewan sahakarayo kiyala......1 nati une Ravi aiyage birth day 1kata dil akki dapu post1 hinda...........ane oyawath Ravi aiyage photo1k dannko......asai balanna......oyawa nam apita itin puruduine.............
ReplyDeleteස්තුතියි සචීරා..........
Deletehttp://ranrandil.blogspot.com/2011/05/2.html මේක ඔයා දැකලා නැහැ වගෙයි..........