ඩුං, ඩුං, ඩුඩුං, ඩුං කියන්නෙ අණ බෙරේ ගහනකොට ඇහෙන සද්දෙ. රජ කාලෙ යම් වැදගත් පණිවිඩක් එහෙම දැනුම් දුන්නෙ හතරමං හන්දියක් එහෙම නැත්තං මිනිස්සු එක් රැස්වෙන තැනකට අණ බෙර කාරයෙක් ඇවිල්ල ඩුං..ඩුං..ඩුඩුං..ඩුං කියල ඉස්සෙල්ල අණ බෙරේ ගහනව. ඊට පස්සෙ මිනිස්සු රැස් උනාම ඔන්න මොකක් හරි දැනුම් දෙන්ට ඕන පණිවිඩේ කියනව සද්ද නඟල.දකුණු අතින් ඒ පැත්තෙ කණ වහගෙනයි බොහෝ විට මේ පණිවිඩේ කියන්නෙ.
" නෛකශ්‍රීන් විරාජමාන සෙංකඩගල මහ වාසලෙහි වැඩ හිඳිනා අප මහා රාජෝත්තමයාණන් වහන්සේ අණ කොට වදාල පරිදි......"
ඩුං, ඩුං, ඩුඩුං, ඩුං කියල ළමා කතන්දර පොතකුත් තිබ්බ අපි සුට්ටි එව්වො කාලෙ...…පොඩි සන්දියෙ ඉස්සෙල්ලම මම කතන්දර පොතක් කියෙව්වෙ මට මතක විදිහට අවුරුදු හතරෙදි පහේදි විතර. යන්තමට අකුරු ගැටගහගෙන තටම තටම කියෙව්වෙ.... කොහොම හරි ඒ ඉස්සෙල්ලම ඉස්කෝලෙ යන්ටත් ඉස්සෙල්ල කියලනම් හොඳටම මතකයි. පොතේ නම තමයි මතක නැත්තෙ." නයි-මුගටි හටන " , " කුඩ හොරා " , " ඉරුණු බළලා " හෝ ඔය මම කලිං කියපු " ඩුං ඩුං ඩුඩුං ඩුං " කියන පොත් වලින් එකක් වෙන්න ඕන. ඉරුණු බළලා සහ ඩුං ඩුං ඩුඩුං ඩුං ලිව්වෙ කේ. ජයතිලක මහත්මය. නවකථා කෙටිකථා විතරක් එහෙම නෙවෙයි එතුමා ළමා කතා ලියන්නත් රුසියා.
කුඩ හොරා පොත ලිව්වෙ සිබිල් වෙත්තසිංහ මහත්මිය. කියවල ඇතිනෙ නේද අර වඳුරෙක් කුඩ හොරකං කරගෙන අරං යන කතාව. ඔය කුඩ හොරාගෙ කතාව මගෙ හිතට කොච්චර බලපෑමක් කලාද කියල පැහැදිලි කරන්න මෙන්න චුට්ටි උදාහරණයක්.... එක වැස්ස දවසක අපෙ අම්ම හම්බ වෙන්ට ආව ඔන්න අම්මත් එක්ක එකට වැඩ කරන අම්මගෙ යාලු නැන්දල තුන් හතර දෙනෙක්.
එයාල ගෙනාපු කුඩ වතුර බේරෙන්ටත් එක්ක ඉස්තෝප්පුවත් එක්කම තියන පිලේ හේත්තු කරලයි එයාල ගෙට ආවෙ. ඔන්න යන්ට ලැහැත්ති වෙලා බලනකොට කුඩ නෑ..
" කෝ වීරෙ අපේ කුඩ? "
ඒ නැන්දල ඔන්න එහෙ මෙහෙ විපරං කරන්ට පටං ගත්ත. අම්මත් හොඳටම අප්සෙට් වෙලා හොයනව කුඩ වලට මොකද උනේ කියල.
" අර කුඩ හොරා ඇවිල්ල කුව ගෙනියයි කියල මම කුඩ ගේ ඇතුලෙන් තිබ්බ. "
කුඩ හතර පහ බදාගෙන උස්සගෙන ගේ ඇතුලෙ ඉඳං එන ගමං මම කිව්ව.
" අනේ ඇත්තම නේන්නං, පුතාට එහෙම හිතුන එක කොච්චර එකක්ද? "
රත්නායක නැන්ද මගෙ ඔලුව අතගෑව.ළමයෙකුගෙ හිත ඇදගන්න විදිහට ලියවුනු ළමා කතන්දර පොතකට ළමා සිතකට කරන්න පුලුවන් බලපෑම අන්න එහෙමයි.
ජීවිතේ ඉස්සොරෝම මතක තියෙන්නෙ මොනවද? එහෙමත් නැත්තං මොන වගේ සිද්ධියක්ද? පොඩ්ඩක් මතක් කරල බලන්ට ඔලුව එහෙම කහල. මට නම් ඉස්සෙල්ලාම කියල මතක තියෙන්නෙ ඉපදෙනකොට මගෙ බෙල්ල වටේ දෙපාරක් පෙකණි වැළ පැටලිලා තිබ්බ එක.
" මේ මොකද්ද බොලේ මේ? කුරහං සාටකයක් වත්ද හැබෑටම? "
ඔහොම මටම කියාගන්න ගමං මම ඒ පෙකණි වැල බෙල්ල වටේ එතිල තිබ්බ පැටලුං ඇරල අයිං කරල දොස්තර දිහාවෙ බලල හිනාවෙලා දොස්තරට දකුණු අතේ මාපට ඇඟිල්ල උස්සල පෙන්නුව. ඒ තමයි මට මතක තියෙන මුල්ම සිද්ධිය. හෙහ්,හෙහ්,
හරි, හරි, ඒ කතාව ඇත්තමත් නෙවෙයි ඇත්තම කිව්වොත්. ඇත්ත ආශ්‍රයෙන් කල ප්‍රබන්ධයක්. මගේ බෙල්ල වටේ පෙකණිවැල දෙපාරක් පැටලිල තිබ්බ එක තමයි ඇත්ත සිද්ධිය. අපෙ අම්ම මට එහෙම කිව්ව. අන්න ඒ හින්දයි මම ඒ ගැන දන්නෙ.
හුඟක් වෙලාවට සුට්ටං කාලෙ අපිට මතකයි කියල අපි හිතන සිද්ධි ඇත්තටම අපිට අම්මල, තාත්තල නැත්නං වැඩිහිටියො කවුරුහරි පස්සෙ කාලෙකදි කියපුව. පුතේ නැත්තං දුවේ ඔන්න ඔයා පොඩි කාලෙ මෙහෙම දෙයක් උනා..නැත්තං ඔයා මෙහෙම දෙයක් කලා..අන්න ඒ වගෙ..කාලයක් ගියාම අපිට වෙන්නෙ ඔය සිද්ධිය අපි කාගෙන්හරි අහපු දෙයක්ය කියන එක අමතක වෙලා ඒක අපේම පළමෝත අත්දැකීමක්ය කියල අපිට හිතෙන්ට ගන්නව.
පළමෝත කියන්නෙ අපිම පෞද්ගලිකවම ලැබූ අත්දැකීමක්ය කියන එක...ඉංග්‍රීසියෙන් නම් First hand experience... පළමෝත කියන වචනෙ නිර්මාපකයා ටැබූ…ටැබූ ස්තූතියි ඔබට.
ඇත්තටම ඔය වැඩිහිටියො කියාපු කතා නොසළකා හැරියොත් මට මතක තියෙන පළවෙනි සිද්ධිය මොකක්ද දන්නවද? ඉතාම නොවැදගත් සිද්ධියක් ඒක..හෙහ්,හෙහ්, අපෙ ගෙදර ඒ කාලෙ තිබ්බ ඇලුමිනියම් වගෙ මිටක් ගහපු මේස පිහියක්.ඒ හැටිමත් විසාල එකක් නම් නෙවෙයි. අඟල් ඇති හයක් හතක් වගෙ. අපි ඕකට කිව්වෙ සුදු මිට පිහිය කියල.
ඔය පිහිය බොහෝ විට පාවිච්චි කලේ අපෙ අත්තම්ම. අපෙ තිබ්බ අක්කරේක තරමෙ ගෙවත්තක්.ඔය වත්තෙ ඇවිදින්ට උන්දැ යන්නෙ ඔය සුදු මිට පිහියත් දකුණු අතිං අරගෙන. පාරට නැමිල තියෙන අත්තක් කප්පාදු කරල දාන්ට, එහෙම නැත්තං බිම ඉඳලම ගෙඩි පිරිල තියෙන බෙන කොස් ගහේ ගෙඩියකට පොඩ්ඩක් පිහි තුඩ ගහල හාරල මදුලක් කාල පැහිලද කියල බලන්ට..ඔය හැම දේටම උදව් උනේ සුදු මිට පිහිය.
ඉතිං මම මේ කියන්ට ආවෙ මට මතක තියන මුල්ම සිද්දිය තමයි අත්තම්ම මිදුලට බැහැල මට කතා කරනව. මම හිටියෙ ගේ ඇතුලෙ වෙන්ට ඕන..
" සුට්ටි පුතේ ඔය මගෙ කබට් එක උඩ ඇති සුදු මිට පිහිය. පරෙස්සමට ඒකත් අරන් එන්ටකො අපි දෙන්න වත්ත පල්ලෙහාට ගිහිල්ල එන්ට. "
අත්තම්ම අන්න එහෙමමිදුලෙ ඉඳන් කියනව ..ඒ තමයි මට මතක මුල්ම සිද්ධිය.
බාලේ මතක …හෙහ්,හෙහ්..බොහොම අපූරු මාතෘකාවක්…
දැන් ඔය මගෙ බාලේ මතක සටහන් ලියන්ට කියල හිතාගෙන ඉන්නව සෑහෙන කාලෙක ඉඳල..ඔය පොඩ්ඩ පොඩ්ඩ එක දෙක ලිව්වට හරියට පිළිවෙලකට වැඩේ ඉවරයක් කරන්ට තාම බැරිවුනා නෙව..
හරි..මෙච්චර වෙලා අපි මේ කතාකලේ අද සටහනට ප්‍රවේශය. ඩුං ඩුං ඩුඩුං ඩුං කියල මේ සටහනට නම යෙදුවෙත් හේතුවක් ඇතුව.. ඒ කිව්වෙ මේක ඇවිල්ල එක්තරා විදිහක අණබෙරයක්. අණබෙර ගැහිල්ලෙං කරන්නෙ පණිවිඩයක් දැනුම් දීම නෙව. මේ සටහන ලිව්වෙත් අන්න එහෙම පණිවිඩයක් දෙන්ට ඔබ තමුන්නාන්සේලට.
බාලේ මතක ගැනම තමයි අද කතා කරන්න යන්නෙ. ඒ හැබැයි අපේ රටේ කෙනෙකුගෙ මතක එහෙම නෙවෙයි. රුසියානුවෙක්. ඔහු ඇවිල්ල හිට අලෙක්සන්දර් රස්කින්.
" When Daddy Was A Little Boy " ඒ තමයි Raskin ලියපු හරිම අපූරු මතක සටහන් සැමරුම....රස්කින්ගෙ චුට්ටි දුව අසනීප වෙලා ඇඳේ විවේක ගනිද්දි රස්කින් තමන්ගෙ ළමා කාලයෙ රසවත් සිදුවීම් ඈට කියනව.
" ඔන්න මගෙ දුවේ තාත්ත පොඩි කාලෙ දවසක්......."
එහෙම තමයි මේ පොතේ කතන්දර දිගඇරෙන්නෙ. ඒ පොතේ එන අපූරු කතන්දර වලින් 37 ක් අපේ රන්දිල් නෝන මහත්තැං අනුවර්තනය කරල පොතක් විදිහට ප්‍රකාශයට පත් කරන්නයි එතුමියගෙ සූදානම. මතකයිනේ මේ වියුණුවෙ එතුමී ඒ අනුවර්තනය කරපු කතන්දර හතරක් මාස දෙක තුනකට වගෙ උඩදි පලකලා. ඒ ඇවිදිල්ල හිට මෙන්න මෙව්ව.
පොතේ නම " සොඳුරු බාලේ ගෙවුණු තාලේ "
පොත ඔබ අතට පත් කිරීමේ අවස්ථාව එලඹෙනුයේ මා සහෘදය / සහෘදිනිය මේ මස 23 වන ශනිදින සවස 3.30 හෝරාවටය. ස්ථානය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරය. .
එසේනම් මගේ ඒ හිතවතිය / යෙහෙළිය, එසේම නිදහස් සිතුවිලි වියුණුවෙහි මුල් හිමිකාරිය, And my dearest partner in Blogging …. රන්දිල් වෙනුවෙන් ඔබට සුහද එමෙන්ම ගෞරවාන්විතව මේ සමාරාධනය පිළිගැන්වීමට මට අවසර!!!
සුබ පැතුම් රන්දිකා! බොහොම සන්තෝසයි...
ReplyDeleteමේ වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඔය රවිස් අයියට වගේ මගේ මුල්ම මතකයත් කිසිම වැදගැම්මකට ඇති එකක් නෙමෙයි. මට හොඳට මතකයි මේ කියන දවස්වල මට ඇවිදින්නවත් බැහැ. ඒ කියන්නේ අවුරුද්දට අඩුයි. අපේ අම්මා මාව වඩාගෙන ඉඳලා සීයාගේ අතට දෙන්න හැදුවා වඩාගන්න කියලා. එතකොටම මම දැක්කා සීයගෙ පපුවේ හිටපු ඉන්නෙක් :) ඕකට බය වෙලා හොඳටම අඬුවා මම. හිහි
අවුරුද්දකට අඩු කාලේ මතකයක් තියේ යැයි මට විශ්වාස කරන්න අමාරුයි.
Deleteමං හිතන්නේ ඔබේ මතකයේ තියෙන්නේ ඔය සිදුවීම අම්මා විටින් විට විස්තර කරමින් කී හැටි සහ පසු කාලෙ දුටු ඉන්නා පිළිබඳ මතකයේ සම්මිශ්‍රණයක් මිස මුල් මතකය නොවේ!
හදවතින්ම සුබ පතනවා..
ReplyDeleteලංකාවේ හිටියනම් මම අනිවාර්යෙන්ම එනවා.. මොකද මට ඔබලා දෙන්නවම මුණ ගැහිලා වචනයක් හරි කතා කරන්න ලොකු ආසාවක් තියෙනවා..
ගෙයි අයිතිකාරිය හම්බවුණත් දීර්ඝකාලීන බද්දට ඉන්න පාට්නර් නම් හම්බවෙන්න ලැබෙන්න එකක් නෑ.
Deleteසුබ පැතුම් !
Deleteරවි නැද්ද?
Pra,
Deleteනෑ ප්‍රා..මට එන්න වෙන්නෙ නෑ..:(
මගේ හද පිරි සුබ පැතුම් රන්දි...එන්ට ආසාවේ බැරුවා...:D
ReplyDeleteසුබ පැතුම් !!!
ReplyDeleteතාත්තා කෙනෙක් කියන මුල් කතාවේ මේ සිංහල පරිවර්තනයට අම්මා කෙනෙකුගේ සෙනෙහෙසත් එකතු වී ඇතැයි සිතමි.
ReplyDeleteසුභපැතුම් රන්දිල්. එහෙනං මෙතන සද්ද බද්ද අඩු කරලා හිටියට, නිකම්ම ඉඳලා නැහැ. එන්න නම් වෙන්නේ නෑ. පුළුවන් විදිහකින් පොතක් ගන්නම්.
ReplyDelete"සද්ද බද්ද අඩු කරලා හිටියට" - පොත් කීපයක්ම ලියන්ට කියමු එහෙමනම් ;-)
Deleteරන්දිකා සද්ද නොකර ඉඳල කරපු වැඩේ නම් නියමයි.. උත්සවේ මිස් වෙනවා හැබැයි පොත ගන්නවා.. රවී අයියත් වාන්පතුල් කතා කියල පොතක් ගැහුවොත් නැගල යයි.. :D ඔය විචාරකයෝ එහෙම හොඳ හොඳ විචාර ලියයි..
ReplyDelete//රවී අයියත් වාන්පතුල් කතා කියල පොතක් ගැහුවොත් නැගල යයි..//
Deleteනැගල යයිද කියලත් අහන්නෙ. බ්‍රිටැනිකා විශ්ව කෝෂෙට වැඩිය වෙළුම් තියන්න වෙයි. :D
පැතුම් සහ ප්‍රසන්න,
Deleteඅර සුප්‍රබුද්ධ සර්වඥ විචාරකය පොත් ගෙඩි කියල කියන්නෙ. අන්න එහෙම එකක් තමයි ගහන්න වෙන්නෙ වාංපතුල් කතා එකතු කරල පොතක් ගැහුවොත්...හෙහ්,හෙහ්,
සුභ පැතුම්...
ReplyDeleteහැකියාවක් ලැබුනොත් නොවැරදීම ඇවිත් යන්ට එන්නං..
ඒකත් තිලකෙගෙ එකට ගියා වගේ වෙයිාද දන්නෑ
සුබ පැතුම් රන්දි!! එන්න විදියක් නැති වෙන එක ගැන හරිම දුකයි.
ReplyDeleteඑදාට වැඩේ බොහොම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව!!
සුබපතනවා රන්දි. ගොඩක් ඈත ඉන්න නිසා එන්න විදිහක් නෑ. සර්රවප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතන අයගේ ගොඩට මාවත් එක්කර ගන්න
ReplyDeleteමේ වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteවැඩේ සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා !
ReplyDeleteසිබිල් වෙත්තසිංහගෙ කතා ළමයින්ගෙ හිතට වදින්න ඒවයෙ තිබ්බ චිත්‍ර හේතුවෙන්න ඇතියි කියලයි මට හිතෙන්නෙ.
යකෝ එහෙනං රවී තමයි ඉස්සෙල්ලම සාටකේ පාවිච්චි කරපු කෙනා. :D
".........මගෙ බෙල්ල වටේ දෙපාරක් පෙකණි වැළ පැටලිලා තිබ්බ එක."
ReplyDeleteඅඩේ ඒක තමයි බොලාගෙ මොලේට ගියපු ඔක්සිජං අඩුවෙලා පොඩි මොංගල් ගතියක් තියෙන්නෙ නේහ්...
ඇනෝ,
Deleteඒකෙම අනික් පැත්තත් ඒ වගේම තමයි. කොහොමද මොලේට ඔක්සිජන් අඩුවෙලා මෙහෙම නං බැරිවෙලාවත් එහෙම අවුලක් නොවුනනං එහෙම කොහොම වෙයිද? :)
සුබ පැතුම්!
ReplyDeleteරන්දිල්ගේ වැඩේට සුබ පැතුම්!
ReplyDeleteරවී,පෙකණි වැල දෙපාරක් බෙල්ල වටේ එතිලා තිබිලත් පණපිටින් එළියට ආවා පුදුමයි.
හැලප,
Deleteඇත්තටම ඒක සීරියස් කේස් එකක් මචං...මාරාන්තිකයි කියනව බොහෝවිට. අපෙ අම්ම ඔව්ව ගැන දන්නවනෙ. වෙලාවට අවුලක් වෙලා නෑ...:)
රවී,
Deleteඅපේ වෙලාවට මචං නැත්නං මේ පට්ටන්දර කාගෙන් අහන්නද?
රන්දිල් කෝ කියල අහන්න හිත හිත හිටියේ. අපූරු වැඩක් මේක. සුභ පැතුම්! Blog එකෙත් ආයෙත් ලියන්න එන්න කියන්න.
ReplyDeleteමේ බ්ලොග් එක ඉස්සර ඉඳන්ම ආසාවෙන් කියවනවා. දෙන්නාගේම ලියවිලි හරිම රසවත්. දෙන්නාටම සුභ පැතුම්.
එන්න වෙන්නෙ නම් නෑ...... ඒත් පොත අරන් කියවන්නම් නොබෝ කාලයකින්ම. සුභ පැතුම් රන්දිකා
ReplyDeleteඔන්න මම දැක්කා, චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න කියන බ්ලොග්කරුවාත් පොතක් එළිදක්වලා... ඔහුට බ්ලොග් කීපයක්ම තිබ්බා මතක හැටියට.. හොයගන්න පුළුවන් වුණේ මේක විතරයි.
ReplyDeletehttp://yawvanaya.blogspot.com
රවි
ReplyDeleteඅඬබෙර ගැන කියල තියෙන නිසා මට මේක ලියන්න හිතුනා.අපේ ගම(දැන්නම් බාගෙට ටවුමක්) කොළඹින් හරියටම හැතැප්ම15 ක් දුරින් තියෙන්නෙ.අපි පොඩි කාලෙ 1970 විතරදිත් ගමේ හරි අල්ලපු ගමක හරි මරනයක් හෝ සමහරක් රජයේ දැන්වීම් එහෙම දැනුම් දෙන්න යැව්ව අඬබෙර කාරයෙක්ව.ඒ මනුස්සයා තැනින් තැන නතර වෙවී බෙරේ හයියෙන් ගහලා දැන්වීම බොහොම සද්දෙට කියනවා. ඔන්න ඒ කාලෙ සංනිවේදනය.
ඇනෝ,
Deleteඅඩේ හැත්තෑවෙ විතරත් අණබෙර කාරයො හිටියද?
නුවර ටවුමෙත් මට මතකයි අනූගණං වලත් ඔහොම අණබෙර කාරයො හන්දියක් ගානෙ ඇවිද ඇවිද කෑගැහුව. ඒත් හැබැයි ඒ නම් කලේ ප්‍රචාරක උපක්‍රමයක් විදිහට. ෂොක්මන් සහ සමරවික්‍රම කියල තිබ්බ නුවර වෙන්දේසි සමාගමක්. රැජින හෝටලේ තිබ්බ ඒ ගොල්ලන්ගෙ වෙන්දේසි ගැනයි ඒ ප්‍රචාරය කලේ.
70 විතර ඇත්තම අනබෙර කාරයො හිටිය කිව්වම මහ පුදුමයි!!
රවී මාත් අණබෙරකාරයොන්ව දැකලා තියෙනවා. සරමකුයි සුදු සර්ට් එකකුයි ඇඳලා බඩේ ලණුවකින් ලොකු බෙරයක් බැඳගෙන ගිය. ඒ කියන්නේ අසූවේ විතරත් තිබිලා තීයෙනවානේ. හැබැයි අපි නම් ඩොටේත් එහා ඩොටේ.
Deleteරංගි
Deleteබොහොම ස්තුතියි මට සාක්කියට හිටියට.මට හිතුනා කවුරුවත් මේක විශ්වාස කරන එකක් නෑ කියලත්.ඔය අඬබෙර කාරයා එනකොට දුර තියාම අපිට ඇහෙනවා සද්දෙ.ඉතින් අපි මිනිහා එනකොට අහනවා මොකද්ද අඬබෙරේ කියලත්.
කාලෙකින් ආවේ,, අත්තම්මගේ කතාව ලග නම් සෑහෙන්න නැවතුනා,, ඇතිතේ මතක් වුණා,,
ReplyDeleteමගෙන් සුබ පැතුම්,, ඒ වගේම ඒ කතා කියවන්න ඕනේ
මේ අනගි අවස්ථාවට සහභාගි වෙන්න නොලැබෙන්නේ ඇයි කියලා නිදහස් සිතුවිලි ගෙහිමි නෝනයි, රවියා නම් කුලී නිවැසියයි දෙන්නම දන්නවනේ.
ReplyDeleteනමුත් මේ සුභ කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා.
මේ බ්ලොගයේ පන්ගුකාරිය, රන්දිල්ගේ පොතට උණුසුම් සුබ පැතුම් . කොටස් ටිකක් කියවා තිබෙන නිසා ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් පොත නැගලා යාවි. රවී දැන් උඹේ වාරයයි
ReplyDeleteThilaka,
Delete/ රවී දැන් උඹේ වාරයයි /
සලකල බලමු තිලක්...හෙහ්,හෙහ්,
කතා කිහිපයක් කියවලා තියෙන නිසා පොත ගැන දල අදහසක් තියෙනවා.වැඩේ උපරිමෙන් සාර්ථක වේවා කියලා පතනවා.පොත ගන්න පුළුවන් තැන් ටිකත් සඳහන් කෙරුවානම් හොඳයි නේද..?
ReplyDeleteරන්දිල්ගේ පොතට සුභ පැතුම්. (එවුන්දැට මම වෙනතැනක සුභ පැතුවානේ.)
ReplyDeleteරන්දිල්ට සුභ පැතුම්! "රවී දැන් ඔබේ වාරයයි"!!
ReplyDeleteකඳු,
Deleteඑහෙනං එහෙනං.... දැන් ඇවිල්ල තිත්තයගෙ වාරෙ....හෙහ්,හෙහ්,
රන්දිල් ඔබට උනුසුම් සුභ පැතුම්.
ReplyDeleteඉතෑවගෙ ගෙට කබල්ලෑව රිංගල, ඉතින් ඉත්තාව ගිහින් මාලිගාවක් හදල ගේ නැති උනු දුකටම. ඔන්න ආදර්සෙට ගන්න වටින වැඩ බලාන ගියාම.
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++
Deleteඉත්තෑවී මහත්මියට මාළිගාවල් හදන්ට Motivation එක ලබාදීමේ ගෞරවය හිමිවෙන්න ඕන කාටද? අති ගෞරවාර්හ, ධුරන්ධර, සත්ගුණවත් කබල්ලෑවා මහතාට නොවන්නේද?
Deleteහදවතින්ම සුභ පැතුම් රන්දි... හෙට පිංතූර බලා සතුටු වෙන්නම්... :)
ReplyDeleteරවිඅයියාට ලියන්න පුළුවන් අර මැංචෝසන් ටයිප් කතා සෙට් එකක් පණ පිහිටුවලා :) සිරාවටමයි මම කියන්නේ...
කමෙන්ට් එක දැම්මට පස්සේ මතක්වුනේ... පොත අරන් බලද්දී රන්දි අක්කාගේ කතා දෙක තුනකුයි ඉතුරු කතා තිස් ගානම රවි අයියාගේද දන්නෑ තියෙන්නේ... හෙහ් හෙහ්...
Deleteබීට්ල්,
Deleteමැංචෝසන් ඈ???..අම්මාපල්ල....For what my mouth?
@ බීට්ල්,
Delete// රවිඅයියාට ලියන්න පුළුවන් අර මැංචෝසන් ටයිප් කතා සෙට් එකක් පණ පිහිටුවලා //
දැන් මෙච්චර දවසක් මේකා ලිවුවෙ මොන කතා කියලද බොලා හිතං ඉන්නෙ!?
Bura,
DeleteThank you :)
මම මේ පෝස්ට් එක දැකලා නැද්ද කියලා මං මේ කල්පනා කරන්නේ. අවුරුදු 10කට පස්සේ හරි දැක්කානේ. බොහොම ස්තුතියි මගේ පොත ගැන හඳුන්වා දීලා සටහනක් ලිව්වාට
ReplyDelete