මගේ ආදර දුවේ.............
මාගේ දෙමව්පියන් විසින් මා බොහොම කුඩා දරුවකු ව සිටි අවධියේ දිනක් සර්කස් සංදර්ශනයක් නැරඹීම සඳහා කැඳවාගෙන යන ලදී. එය ඇත්ත වශයෙන්ම අපූර්වත ම අත්දැකීමක් විය. එහි සිටි සත්ත්ව පුහුණු කරුවන් අතුරින් සිංහයින් හීලෑ කොට පුහුණු කරන්නා මගේ සිත තදින් ඇද බැඳ ගත් තැනැත්තා විය. එයට හේතු වූයේ ඔහු ඉතාමත් අලංකාර ඇඳුමින් සැරසී සිටීමත්, “සිංහ පුහුණුකරු” යන්න ඉතාමත් ගරු ගාම්භීර හැඳින්වීමක් වීමත්ය. ඇරත්, සිංහයින් හා කොටියන්, කීකරු බළල් පැංචන් බවට හීලෑ කල ඔහු, මා වැනි කුඩා දරුවකුගේ සිත් ගැනීම පුදුමයට කරුණක්ද? ඔහු සතුව කසයක් සහ පිස්තෝල දෙකක් තිබුණද ඉතාමත් කලාතුරකින් මිස ඒවා භාවිතා නොකරමින් ඔහු කරන්නට යෙදුනු ප්‍රාතිහාර්යය මා හට නම් සර්කස් සංදර්ශනයක් නොව මැජික් සංදර්ශනයක් සේ විය.
“මේ භයානක කැලෑ සත්තු හීලෑ වෙන්නේ මගේ ඇස් දෙකට!. උන් මගේ ඇස් දිහා එක එල්ලේ බලන්න බයයි” ඔහු ශබ්ද නගා පැවසීය. “මගේ ඇස් දෙක තමයි මා සතු අගනා ම ආයුධය! මිනිසකු තමන්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලා සිටින විට නොසැලී හිටින්න කිසිම සතෙකුට බැහැ!”
ඇත්ත වශයෙන්ම ඔහු සිංහයා දෙස නෙත් හෙලන පමාවෙන් ඒ භයානක සිංහයා, කීකරු බළල් පැටවකු සේ බංකුව මතට නැගී හිඳගන්නටත්, අනතුරුව බැරලයක් තුලින් පැනීමටත් පමණක් නොව මියගියා සේ බිම වැතිරී සිටීමටත් යොමූ වුයේ මාගේ මුව මටත් නොදැනී මදින් මද විවර කරමිනි. දෙවියනි! ඒ භයානක සිංහයා එලෙසින් හීලෑ ව, කීකරු ව හැසිරුනේ, වෙන කිසිවක් නිසා නොව මිනිසකුගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටීමට ඇති නොහැකියාව නිසා බව අසීරුවෙන් වුවද මා හට පිළිගන්නට සිදු විය. එවැන්නක් ගැන සිතීමත් උද්යෝගය ඇතිකරවන්නක් විය.
සංදර්ශනය එන්න එන්නම සතුට ගෙන එන්නක් බවට පත්විය. තූර්යය භාණ්ඩ වාදනය නොනවත්වා ම කෙරීගෙන ගිය අතර ප්‍රේක්ෂකයෝ සිංහයින් පුහුණුකරන්නා හට ඔල්වරසන් දෙමින් සතුට ප්‍රකාශ කලෝය. ඔහු පපුව මත සිය අත තබා සෑම දිශාවට ම නැමි නැමී ඔවුන් හට ආචාර කලේය. ඇත්ත වශයෙන්ම එවැනි සංදර්ශනයක් නරඹන්නට ලැබීම කුඩා දරුවකු වූ මා හට අගනා ත්‍යාගයක් ම වීය. සංදර්ශනය නිසාවෙන් අමන්දානන්දයට පත් ව සිටි මා එක් වනම තීරණය කලේ කවදා හෝ මා ‘සිංහ පුහුණුකරුවකු’ විය යුතු බවයි.
මාගේ දෙමව්පියන් විසින් මා බොහොම කුඩා දරුවකු ව සිටි අවධියේ දිනක් සර්කස් සංදර්ශනයක් නැරඹීම සඳහා කැඳවාගෙන යන ලදී. එය ඇත්ත වශයෙන්ම අපූර්වත ම අත්දැකීමක් විය. එහි සිටි සත්ත්ව පුහුණු කරුවන් අතුරින් සිංහයින් හීලෑ කොට පුහුණු කරන්නා මගේ සිත තදින් ඇද බැඳ ගත් තැනැත්තා විය. එයට හේතු වූයේ ඔහු ඉතාමත් අලංකාර ඇඳුමින් සැරසී සිටීමත්, “සිංහ පුහුණුකරු” යන්න ඉතාමත් ගරු ගාම්භීර හැඳින්වීමක් වීමත්ය. ඇරත්, සිංහයින් හා කොටියන්, කීකරු බළල් පැංචන් බවට හීලෑ කල ඔහු, මා වැනි කුඩා දරුවකුගේ සිත් ගැනීම පුදුමයට කරුණක්ද? ඔහු සතුව කසයක් සහ පිස්තෝල දෙකක් තිබුණද ඉතාමත් කලාතුරකින් මිස ඒවා භාවිතා නොකරමින් ඔහු කරන්නට යෙදුනු ප්‍රාතිහාර්යය මා හට නම් සර්කස් සංදර්ශනයක් නොව මැජික් සංදර්ශනයක් සේ විය.
“මේ භයානක කැලෑ සත්තු හීලෑ වෙන්නේ මගේ ඇස් දෙකට!. උන් මගේ ඇස් දිහා එක එල්ලේ බලන්න බයයි” ඔහු ශබ්ද නගා පැවසීය. “මගේ ඇස් දෙක තමයි මා සතු අගනා ම ආයුධය! මිනිසකු තමන්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලා සිටින විට නොසැලී හිටින්න කිසිම සතෙකුට බැහැ!”
ඇත්ත වශයෙන්ම ඔහු සිංහයා දෙස නෙත් හෙලන පමාවෙන් ඒ භයානක සිංහයා, කීකරු බළල් පැටවකු සේ බංකුව මතට නැගී හිඳගන්නටත්, අනතුරුව බැරලයක් තුලින් පැනීමටත් පමණක් නොව මියගියා සේ බිම වැතිරී සිටීමටත් යොමූ වුයේ මාගේ මුව මටත් නොදැනී මදින් මද විවර කරමිනි. දෙවියනි! ඒ භයානක සිංහයා එලෙසින් හීලෑ ව, කීකරු ව හැසිරුනේ, වෙන කිසිවක් නිසා නොව මිනිසකුගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටීමට ඇති නොහැකියාව නිසා බව අසීරුවෙන් වුවද මා හට පිළිගන්නට සිදු විය. එවැන්නක් ගැන සිතීමත් උද්යෝගය ඇතිකරවන්නක් විය.
සංදර්ශනය එන්න එන්නම සතුට ගෙන එන්නක් බවට පත්විය. තූර්යය භාණ්ඩ වාදනය නොනවත්වා ම කෙරීගෙන ගිය අතර ප්‍රේක්ෂකයෝ සිංහයින් පුහුණුකරන්නා හට ඔල්වරසන් දෙමින් සතුට ප්‍රකාශ කලෝය. ඔහු පපුව මත සිය අත තබා සෑම දිශාවට ම නැමි නැමී ඔවුන් හට ආචාර කලේය. ඇත්ත වශයෙන්ම එවැනි සංදර්ශනයක් නරඹන්නට ලැබීම කුඩා දරුවකු වූ මා හට අගනා ත්‍යාගයක් ම වීය. සංදර්ශනය නිසාවෙන් අමන්දානන්දයට පත් ව සිටි මා එක් වනම තීරණය කලේ කවදා හෝ මා ‘සිංහ පුහුණුකරුවකු’ විය යුතු බවයි.
අනතුරුව මම පසුදින සිට ඒ සඳහා සැලසුම් සකසන්නට වීමි. කවදා හෝ දිනෙක, අනභි භවනීය සිංහ පුහුණුකරුවකු වන්නට නම් කුඩා කල සිටම ටිකින් ටික පුරුදු පුහුණු විය යුතු බව මගේ පුංචි මොළයට වැටහිණ. එහෙත් පුහුණු කරන්නට තබා සිංහයකු අසලටවත් මා කෙසේ නම් ලංවන්නද? අනාගතයේදී ලොව පිළිගත් සිංහ පුහුණුකරුවකු වන්නට සිටියේ වුවද, ඒ වන විට මා තවත් එක් කුඩා කොළුවකු පමණි. ඉඳින් වඩා ම සුදුසු දේ, පුහුණු වන අවධියේ මුල් භාගයේදී වඩා රෞද්‍ර නොවූ සතෙකු සොයා ගෙන හීලෑ කිරීම බව මා හට අවබෝධ විය. මගේ පුංචි හිතට මේ සඳහා සුදුසු ම සතෙකු සේ හැඟුනේ බල්ලෙකි. ඒ ද අතිවිශාල එකෙකු නොවේ. ඉතාමත් කුඩා එකෙකි. ප්‍රායෝගිකව සැලකූ කල අතිවිශාල බල්ලෙකු යනු, කුඩා ප්‍රමාණයේ සිංහයෙකු සේ භයානක නොවේ යැයි කාට නම් කිව හැකිද? සිංහ පුහුණුකරු සිහිනය මුල් වරට දුටු දා පටන්, හීලෑ කිරීමට සුදුසු ප්‍රමාණයේ බල්ලෙකු ගැන නිතර විමසිලිමත් ව කාලය ගත කිරීම මාගේ පුරුද්ද විය.
කෙසේ හෝ අවසානයේ මාගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්විණ.
අපගේ පව්ලොවෝ පොසාඩ් නම් වූ කුඩා නගරයේ කුඩා උද්‍යානයක් තිබිණ. මෙකල එය විශාල ප්‍රමාණයේ උද්‍යානයක් වුවද, මා මේ කියන අවධිය වන විට තිබුනේ කුඩා උද්‍යානයකි. මගේ අම්මා එකල නිරතුරු මා එහි රැගෙන යාම පුරුද්දක් ව තිබිණ. මේ කියන දිනයේදී, මා සෙල්ලමින් කාලය ගත කරන අතර මගේ අම්මා අසල වූ බංකුව මත අසුන්ගෙන පොතක් කියවමින් සිටියාය. අම්මා අසල, ඉතාමත් ලස්සන, සුදු, කුඩා බල්ලෙකු සමඟ පැමිණ සිටි තවත් කාන්තාවක් අසුන්ගෙන සිටියාය. ඇය ද පසු වූයේ පොතක් කියවමිනි. මේ කථාවේ ප්‍රධාන චරිතයක් වන ඒ බල්ලා, ඉතා කුඩා එකෙකු වූ අතර ඌ සතුව කළුපාට, විශාල දෙනෙතක් තිබිණ. ඒ මගේ කටයුත්තට කියාපු දෙනෙතක් බව දුටු පමණින් මට සිතුනු අතර ඒවා මා හට ආයාචනා කරනා සේ මට දැනින.
“අනේ මට හීලෑ වෙන්න ඕනේ. අනේ කරුණාකරලා, පුංචි ළමයෝ, ඔයාට බැරිද මාව හීලෑ කරන්න? ඔය විදිහට මගේ ඇස් දෙක දිහා බලන්න එපා. අනේ මට කෙලින් ඉන්නත් බැහැ වගේ අයියෝ!!!!!!”
ඒ කථා කරන ඇස් මගේ කණට නොව හදවතට කථා කොට එලෙසින් ඉල්ලා සිටින්නා සේ මට දැනින.
තවත් මොනවා නම් කල්පනා කරන්නද? කුමට කාලය කා දමනවාද? ඒ මොහොතේ ම බලු පුහුණුව ආරම්භ කළ යුතු බව මගේ තීරණය විය. ඉඳින් මම බල්ලා වෙත හිමින් හිමින් ලං වීමි. අම්මා ඇගේ පොත කියවමින් සිටියාය. බල්ලාගේ හිමිකාරිය ඇගේ පොත කියවමින් සිටියාය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් තමන් අසල සිදුවන දේ වැටහීමකින් තොරව තම තමන්ගේ පොත් වල ඇලී සිටි අතර මම සෙමින් සෙමින් බල්ලා වෙත ලං වෙමින් සිටියෙමි.
බල්ලාට එනපොට හොඳ නැති බව හැඟී දෝ, ඌ බංකුව යටට රිංගා ගත්තේය. අනතුරුව එහි දිගාවී, ‘මේ පැංචා ගාටන්නේ මොකටද?’ යි කල්පනා කරමින් මෙන් උගේ කළුපාට විශාල දෙනෙතෙහි සැකකටයුතු බැල්මක් රඳවාගෙන මා දෙස බලා සිටින්නට විය. මම හැකි තරම් සෙමින් සෙමින් ඌ අසලට ලඟා වෙමින් සිටියෙමි.
“අපොයි මට පේන්නේ මේකාට මගේ ඇස් දෙක ගැන වගේ වගක් නැහැ වගේ. අපරාදේ මට තිබුණේ කෙලින් ම සිංහයෙකුගෙන්ම පටන් ගන්න. මට හිතෙන්නේ මේකා හීලෑ වෙන අදහස අත්හැරලා දාලා වගෙයි” මට සිතෙන්නට විය.
එදින ඉතාමත් උෂ්ණාධික දිනයක් වූයෙන්, මා සැරසී සිටියේ කොට කලිසමකින් හා සෙරෙප්පු ජෝඩුවකින් පමණි. මා වැනි කුඩා දරුවකු එලෙස සැරසී සිටීම විනය නීති කැඩීමක් කොට නුවරුන් නොසලකන්නට ඇති බව හඟිමි.
දැන් මා බල්ලාට ඉතා ආසන්නය. ඌ ගැඹුරු බැල්මෙන් මා දෙස බලා සිටියි. මා ඌ අල්ලා ගන්නට ඔන්න මෙන්න වාගේ තිබියදී, ඒ මෝඩ සතා එක්වනම ඉදිරියට පැන මගේ බුරිය සපා කෑවේය.
අහෝ! මාගේ කුඩා බුරිය....
මම මර ලතෝනි දෙන්නට වීමි.
පොත තුල ගිලී සිටි මගේ අම්මා උඩ විසි වී ගොස්, මටත් වඩා මහ හඬින් ලතෝනි දෙන්නට වූවාය.
ඇය පමණක් නොවේ, ඇය අසල ම සිටි බල්ලාගේ හිමිකාරිය ද මගේ අම්මා සමඟ හවුලේ ලතෝනි දෙන්නට වූවාය.
බල්ලා පමණක් කුමට නිහඬව සිටින්නද? ඌ ද හැකි පමණ වෙර යොදා බුරමින් සිටියේය. එකම ගාලගෝට්ටියකි.
“අනේ මෙන්න මූ මාව කෑවෝ” මම කෑ ගසන්නට වීමි.
“අනේ මෙන්න මේ ජරා බල්ලා මගේ දරුවා ව කෑවා” ඒ මගේ අම්මාගේ කෑ ගැසිල්ලය.
“මේ ළමයා මගේ බල්ලාට හිංසා කලා! නැත්තං කවදාවත් මගේ බල්ලා කාවවත් හපන්නේ නැහැ!” බල්ලාගේ හිමිකාරිය ද දෙවැනි නොවූවාය.
බල්ලා කුමක් කියා කෑ ගැසුවාද කියා සිතා ගැනීම පාඨක ඔබට භාරය.
ගත වූයේ නිමේෂයකි. වටේ පිටේ සෙනඟ මේ ගාලගෝට්ටිය අසා එතැනට රැස් වෙන්නට විය.
“අම්මෝ...... බොහොම නරක දෙයක් වෙලා තියෙන්නේ” හැමදෙන ම පවසන්නට විය.
මේ අතරතුරේ උද්‍යාන පාලක තැන එතැනට සැපත් වූයේය.
“ඈ පොඩි ළමයෝ, නුඹ බල්ලාට හිංසා පීඩා කලාද?” ඔහු ඇසුවේය.
“නැහැ. මම ඌ ව හීලෑ කරන්න ගියේ” මම පැවසීමි.
අපොයි දෙවියනි....... !!!!! රැස් ව සිටි හැමදෙන මහා හඬින් සිනාසෙන්නට විය.
“හ්ම්.......... ඒකත් එහෙමද? හොඳයි...... කියමු බලන්න නුඹ කොහොමද ඒ වැඩේ කරන්න ගියේ?”
“මම බල්ලාගේ ඇස් දෙක දිහා ම බලාගෙන හිමින් හිමින් ඌ ලඟට ගියා. වැඩක් වුනේ නැහැ. දැන් මං දන්නවා බල්ලෝ, සිංහයෝ වගේ නෙමෙයි, මිනිහෙක් බැලුවා කියලා ඌ ට කෙලින් හිටන් ඉන්න බැරි කමක් පහළ වෙන්නේ නැහැ” මම මා කල දේත්, එයින් ලද නිරීක්ෂණයත්, අවසන් නිගමනයත් සියල්ල ඉදිරියේ පවසමින් සිටියෙමි.
මගේ වැදගත් කථාව පසෙක තිබියදි රැස් ව සිටි මෝඩ මිනිසුන් හැම දෙන නැවතත් කොක් හඬලා සිනා සෙන්නට විය.
“දැක්කානේ......! මේ ළමයා තමයි සේරම කරලා තියෙන්නේ. කවුද මෙයාට කිව්වේ මගේ බල්ලා ව හීලෑ කරන්න කියලා....” බල්ලාගේ හිමිකාරිය ජයග්‍රාහී ලෙස තම අදහස් පළ කරන්නට වූවාය.
“දැන් මෙයාට දඩ ගහන්නයි තියෙන්නේ තමන්ගේ ළමයා හරියට බලා ගත්තේ නැති ව වටේ පිටේ මිනිස්සුන්ගේ කටයුතු වලට බාධා ඇති කලාට” ඇය තවදුරටත් මගේ අම්මා දෙසට අත දිගු කරමින් පවසන්නට වූවාය.
මගේ අම්මා තිගැස්සුනාය. කිසිම වදනක් නොඑන ලෙසින් ඇගේ මුව අගුළු වැටී ගියා සේ විය.
මෙහිදී, උද්‍යාන පාලක තෙමේ ඉදිරිපත් විය. “අර බලන්න අර සංඥාව........ ‘බල්ලන් උද්‍යානය තුලට ගෙන ඒම තහනම්!’ . ඒක, ‘ළමයින් උද්‍යානය තුලට ගෙන ඒම තහනම්! කියලා තිබුණා නං මේ ළමයාගේ අම්මාට දඩ නියම කරන්න මට පුළුවන්. ඒත් දැන් මට දඩ නියම කරන්න වෙලා තියෙන්නේ කාටද කියලා ඔබතුමියට වැටහෙනවා නේද? කරුණාකර දැන් මෙම උද්‍යානයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටිනවා. මේ දරුවා සෙල්ලම් කරමින් ඉන්න තැනට ඔබ හපා කන බල්ලෙකු ගෙනැවිත් තිබෙනවා. මෙහි සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් හපා කෑම් බැහැ.” ඔහු බල්ලාගේ හිමිකාරියට කරුණු පැහැදිලි කර දුන්නේය.
“කොහොම වුනත් පොඩි ළමයා...... නුඹ සෙල්ලම් කරද්දි කල්පනාවෙන් සෙල්ලම් කරන්න දැන ගන්න ඕනෑ. කාත් එක්කද සෙල්ලම් කරන්නේ කියලා කල්පනා නොකර සෙල්ලමට ගියහ ම ඔහොම දේවල් සිදු වීම සාමාන්‍යයි. බල්ලා දන්නේ නැහැනේ ඔයා මේ එන්නේ ඌව හීලෑ කරන්න කියලා. බාගවිට ඌ හිතන්න ඇති ඔයා නං එන්නේ ඌ ව හපන්න ම තමයි කියලා” ඔහු මාගේ මුහුණට එබී පවසන්නට වූ විට හොර පූසෙකු සේ බිම බලා ගෙන සිටියෙමි.
“තේරුනාද?”
“ඔව්... තේරුනා” අවසානයේ දී ඔහු කී දේ වැටහුණු බව පැවසීමි.
එයින් අනතුරුව මගේ, “සිංහ පුහුණුකරු සිහිනය” තවදුරටත් ඉතිරි නොවී, ගිය අතක් සොයා ගත නොහැකි ලෙස සැඟ වී ගියේය.
පෙර ආරක්ෂාව පිණිස මා හට ලබා දුන් එන්නත් ප්‍රමාණය අනුව, මා තෝරාගෙන තිබුණේ කිසිසේත් ම ලේසි පාසු රැකියාවක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන්ම වටහා ගතිමි. එන්නත් ලබා ගැනීම සඳහා දොස්තර මහතා හමුවන්නට ගිය අවස්ථාවෙදී, විශාල බල්ලෙකුගේ ඇහිබැමි හැඩ කරන්නට ගොස්, එම බලු රාජයා ලවා තම කම්මුල් දෙකෙහි ම හිල් විදගෙන පැමිණි ළමයෙකු හඳුනා ගන්නට මා හට හැකි විය. ඉඳින්, බල්ලන් සමඟ කටයුතු කිරීමේ රඟ අපි දෙදෙනා සාකච්ඡා කර මැනවින් වටහා ගතිමු. ඔහුටත් මට සේම එන්නත් පෝලිමක් ලබා දීමට තරම් දොස්තර මහතා කාරුණික විය.
ඉතිං මගේ හොඳ දුවේ.......... තිරිසන් සතුන් සමඟ කටයුතු කිරීමේ ආදීන ව, නුඹේ පියා වන මම ඉහත කී සිද්ධියෙන් අනතුරුව හොඳ හැටියෙන් වටහා ගතිමි. ඇත්ත වශයෙන් ම සර්කස් කරුවන් සතුන් හීලෑ කරනුයේ ඔවුන්ගේ ඇස් දෙස බලා සිටීමෙන් ම පමණක් යන්න ගජ බින්නයක් බව පසු කලෙක මා හට අවබෝධ විය.
අනුවර්තනයකි.
පෙර අනුවර්තන :
114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ
මම නම් ට්‍රයි කලේ, ඇස් දිහා බලා ඉඳලා, පිරිමි හීලෑ කරගන්ට. මොන පිස්සුද? ඒ ගොල්ලෝ පැනපු හැටියේ හදන්නේ හපාකන්ට. හී හී...
ReplyDeleteලස්සණයි රන්දි. පුංචි අයට කියලා දෙන්ට හොඳම හොඳ කතාවක්!!!
This comment has been removed by the author.
Delete//මම නම් ට්‍රයි කලේ, ඇස් දිහා බලා ඉඳලා, පිරිමි හීලෑ කරගන්ට.//
DeletePK, ඒක හරියන්නෙ නෑත්තෙ පිරිමි බලන්න කෑමතිම ඈස් දිහා නොවන නිසා.
ඒකනේ මචෝ පිරිමි කොහෙද මුලින්ම බලන්නේ කියලා පොඩ්ඩි තාම දන්නේ නැනේ
Deleteස්තුතියි පොඩ්ඩි සහ ඉතිරියට :D :D :D
Deleteමතක ඇතුව බල්ලට බෙහෙත් විදලද කියල බලන්න හරිය .... :(
Deleteඒක බැලුවේ නැත්තං අපිට විද ගන්නයි වෙන්නේ නේද?
Deleteබල්ලන්ගේ ඇස් දිහා බැලුවහම උන් බයවෙනවා කියල මාත් අහල තිබුනා....අත් හදා බලන්නත් ගියා....හැබැයි ඔයතරම් දුරදිග යන්න වැඩ සිද්ධ උනේ නම් නැහැ.... :D
ReplyDeleteඉස්සර අපේ පැත්තේ තියෙන ප්‍රසිද්ධ පල්ලියේ කවුරු හරි හොඳ නිලයක් දරපු කෙනෙක් ගාව ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ බල්ලෙක් හිටිියා. උන්දැගේ ඇස් දිහා බැලුවහම බුරාගෙන පනිනවා කියලා අහලා තිබුනත් අත්හදා බලන්න ගිහින් උන්දැ මගේ ඇඟටත් පැන්න දවසේ තමයි හොඳට ම තරු බලා ගත්තේ............ :)
Deleteඇත්තටම ලස්සනයි.. ගලපලා තියෙන විදිය...
ReplyDelete‘මේ පැංචා ගාටන්නේ මොකටද?’
කලින් කථාවෙදිත් මං කීවේ රුසියානු බවක් හැගෙන්නේ නෑ කියලා... මේවා අපිටම ආවේණික අපේම යෙදුම්... උඹ ඒවා නියම තැනට නියමෙට යොදවලා...
"කොහොම වුනත් පොඩි ළමයා...... නුඹ සෙල්ලම් කරද්දි කල්පනාවෙන් සෙල්ලම් කරන්න දැන ගන්න ඕනෑ. කාත් එක්කද සෙල්ලම් කරන්නේ කියලා කල්පනා නොකර සෙල්ලමට ගියහ ම ඔහොම දේවල් සිදු වීම සාමාන්‍යයි. බල්ලා දන්නේ නැහැනේ ඔයා මේ එන්නේ ඌව හීලෑ කරන්න කියලා. බාගවිට ඌ හිතන්න ඇති ඔයා නං එන්නේ ඌ ව හපන්න ම තමයි කියලා"
උද්‍යාන පාලක මේ කීවේ අර පුංචි දුවගේ තාත්තටමදැයි හැඟේ... මිහිපිට වසන සියළු සත්ත්වයාටම පාඩමක් වෙන පාඩමක්... ඇත්තටම ආඩම්බරයි නංගී..
ඔයාගෙ මේ උපහැරණ, යෙදුම්, මේ ශෛලිය ඒක ඔයාටම ආවේණිකයි... මට ලෝබයි.. මේ ලියවිලි මේ බ්ලොග් අවකාශෙට විතරක් සීමා වෙන එක ගැන.. මේ කියමනේ යටි අරුත තේරෙනවායැයි සිතමි...
(බල්ලන් හීලෑ කරනා සැටි වෙනී අයියා නම් දන්නා බව දුටිමි... )
උපුටා අරගෙන කරලා තියෙන අගය කිරීමට ස්තුතියි අක්කේ. අපි බලමු බ්ලොග් අවකාශෙන් එලියට ගන්න පුළුවන් කමක් ලැබෙයිද කියලා........ :)
Deleteපූසන්ට නම් අපේ ඇස් දිහා කෙලින් බලා ඉන්න බැරි බව මම අත්දැකපු දෙයක්... බල්ලෝ ගැන නම් දන්නේ නැහැ, මම අත්හදා බලලා නැහැ :D මේක කියෙව්වට පස්සේ අත්හදා බලන්න බය හිතුනා.. :)
ReplyDeleteමේ කතන්දර හරිම අපූරුයි.. කුඩා දරුවන්ට ජීවත් වෙන හැටි කියා දීමට කදිමයි.
ස්තුතියි. මමත් අපේ බබාට ඉඳ හිට මෙව්වා කියලා දෙනවා.
Deleteme sasha ge katha da?
ReplyDeleteමට හරියට ම ඇත්තට ම මතක නැහැ මේ ළමයාගේ නම සාශා ද කියලා. මොකද ගොඩක් කතා වල ළමයාගේ නම කියලා ම නැහැ. හැබැයි දැන් නිකමට වගේ මතක් වෙනවා එකක එහෙම තිබුනාදත් මන්දා කියලා. බලමු ආයේ පොත බලලා හරියට ම කියන්නම් හොඳද?
Deleteසිංහයා සහ බල්ලා වගෙ සත්තුංගෙ සතුන්ගෙ ඇස් දිහා එක එල්ලේ බලා ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලයි කියන්නෙ. එහෙම හැසිරීම එවුං සලකන්නෙ අභියෝගයක් හැටියටලු.අප්‍රිකාවෙ සෆාරි එහෙක යද්දි හදිස්සියෙම සිංහයෙක් මූණට මුලිච්චි උනොත් නැත්තං ඇහැට කණට පේන අංගනාවියක් දිහා බලාගෙන ගිහිල්ල පාරෙ තිබ්බ කෙහෙල් ලෙල්ලකට ලිස්සල ගිහිල්ල දෙහිවල සත්තෝද්දියානෙ සිංහ කූඩුවට එහෙම වැටුනොත් වගෙ එක්ස්ට්‍රීම් සිනාරියෝ එහෙකදි නම් එහෙම එයෙ Eye Contact එක දිහටම තියගන්න එක තමයි බෙස්ට් ඔප්ෂන් එක කියලයි ලයන් ස්පෙෂලිස්ට්ල කියන්නෙ.
ReplyDeleteඑහෙම ඉඳුරාම සිංහයාගෙ ඇස් දෙක දිහා බලාඉන්න එක ඌට හැඟෙන්නෙ චැලේන්ජ් එකක් කියල. ඒත් අහක බැලුවොත් නැත්තං එහෙ මෙහෙ දිව්වොත් බඩු බනිස්. උගෙ ඇස් දිහාවෙ බලා ඉන්දැද්දි ඌ අහක බැලුවොත් වැඩේ හරි. ඒත් ඒකා බඩගින්නෙ නම් වැඩේ සීරියස්. ඌ එනව ඇටෑක් එකට. ඊට පස්සෙ ඉතිං තියෙන්නෙ ටක් ගාල එදා පත්තරේ අරගෙන ලග්න පලාපල තීරුව බලන එක. මාරාන්තික අනතුරු එහෙම ගැන කියල තියද කියාල.
දෙහිවල සිංහ වලට වැටුනොත් නම් බඩුම තමයි.මොකද දෙහිවල සිංහයො කොටි කොයිවෙලෙත් බඩගින්නෙ ඉන්නෙ. මස් කිලෝ විස්සක් දුන්නයි කියල උංගෙං අස්සනක් ගත්තට කිලෝ දහයක්වත් දෙන්නෙ නෑ. බොරුවක් මුසාවක් නෙවෙයි ඇත්තම අත්ත. පළමෝත අත්දැකීමෙන් කියන්නෙ.
ආදර නිල් දෑසේ කතාවෙ මගෙ අතිජාත මිත්‍රය වසන්ත මතකද? වසන්තගෙ අක්ක කෙනෙක් වැඩ කලා සත්තෝද්දියානෙ. ඔය සිංහයන්ට එහෙම අසනීප උනාම කෑම දෙන්නෙ නෑ. එහෙම දවසට තමයි අපි පොඩි ආතල් එකක් ගන්නෙ..ඔන්න වසන්තය උදේම මට කතා කරනව..
" මචං රවී හවස වරෙං මේ පැත්තෙ...කාලෙකිං ආතල් එකක් ගන්නත් බැරිඋනානෙ.."
" එහ්..මොකෝ බං සිංහයට බඩේ අමාරුවද ආයම?"
" හෙහ්, හෙහ්, ඔව් බං ඌට ගුල්මෙ...එහෙනං ඔන්න හරිනෙ.."
" හරි ඕකේ.."
සත්තෝද්දියානෙ ගැන මගෙ කතා තියනව බර ගානක්..වෙලාවක කියන්නංකො..
*********************************************
රන්දිල්,
පරිවර්තනය අන්තිම සාර්තකයි.ඉතාම අපූරුයි. සාතිශය ආහ්ලාදජනකයි.රෝමෝද්ගමනය වන සුළුයි.අන්නසෝත්‍රය දඟරවැටෙයි.පිත්තාශය අනුනාද වෙයි...කොටින්ම අන්තිම ඉහළයි. දාන්න පහක්...
වසන්තගේ අක්ක බ්ලොග් කියවන්නෙ නැති එක උඹගෙ හොඳ වෙලාව රවී.
Deleteපෝස්ට් එකත් හරි..මේ කොමෙන්ට් එකත් හරි... :D :D :D ඔය වෙලාවක කියන්නංකො කතාව තමයි ඉවසන්න බැරි....වෙලාව කවද්ද එන්නේ??
Delete//සිංහයා සහ බල්ලා වගෙ සත්තුංගෙ සතුන්ගෙ ඇස් දිහා එක එල්ලේ බලා ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලයි කියන්නෙ//
DeleteRavi, අශ්වයන්ද එසේමය. උන් ගොඩක් nervous වෙනව
හෙහ් හෙහ්, තවත් බ්ලොග් පෝස්ට් එකක් නේද බොලේ මේ... :D
Deleteපහ දැමිල්ල පස්සේ බැරියෑ ,වහාම රෝහල් ගත වෙන්න වෙයි ඔය වෙලා තියෙන එව්වැයේ හැටියට සුර්්‍යාභිධානයෙනි, :D
ස්තුතියි මිතුර..........
@රවී.......මුහුදු සිංහයා ලෙඩවුන දාට බයිට් එකට හුරුල්ලෝ ලැබෙන්නෙත් වසන්තගේ ගෙදරින්මද බන්?
Deleteඅරූ,
Deleteනෑ බං ඒක මේ ඉස්කෝලෙ කලෙ කතාවක්...:)
රවී.....ඒක මතක් වෙලා තමයි දැම්මේ.
Deleteකියවා රස වින්දෙමි.. ගොඩාක් ස්තූතියි...
ReplyDeleteකියවීමත් රස විඳීමත් ඒ බව පැවසීමත්, එතෙකින් නොනැවතී කරන ලද ස්තුතියටත් යන මේ සියල්ලට ම ස්තුතියි මාතලන් :)
Deleteබල්ලෙක්ගෙ පස්ස ෆොටෝ ගත්තහම හිලෑ වෙනවා කියලනෙ තනෝජා නංගි කියන්නෙ..:-D
ReplyDeleteමම කොහෙන් හරි ඉගෙන ගත්තෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නෙපා කියලයි රවී කියන්නැහෙ ඒක ඒ ගොල්ලො ගන්නෙ චැලෙන්ජ් එකක් කියලලු ..:-D
වයසට ඇස් දුරුවල වෙලා වගේ අයියා.. පහුගිය දවස්වල ඔයා දුවද්දි පස්සෙන් එන බල්ලන් හීලෑ කරපු විදිය ගැනයි මම කීවේ... අනේ මන්දා ඔයා ඒ විදියෙ ෆොටෝ ගන්නව කිව්වත් ඉතින් අපි විශ්වාස කරන්නෙ නෑ ඉතින්
Delete...
ආ ඔව්මයි මම හිතුවෙ බුකියෙ අන්තිමට දාපු ෆොටෝ එක ගැනයි කියන්නෙ කියලා කමෙන්ටුවෙ දෙවෙනි කොටස අපේ රන්දිල් නගාට :-D
Deleteමෙන්න විස්තර වැඩි දුරටත්........... ස්තුතියි වෙනියයියා........... :)
Deleteඔකෙ අනිත් පැත්තනෙ මට වුනෙ.ඇස් දෙක දිහා කෙල්න් බලන් ඉදල මම හිලැ වුනා.හයියූ
ReplyDeleteහොක් හොක් හොක්...... අපේ අයියලා විශේෂයෙන් මේ පහළ ඉන්න අයියා එහෙම හිතාගෙන ඉන්නේ එයැයිට හීලෑ වුනා කියලා, ඒත් හිතවතුනි සැබෑ සත්‍යය නම් මේ අපේ දමිත් කිව්ව එක තමායි......... :D හීලෑ කොරන්න ගොස් හීලෑ වීම...
Deleteබල්ලනට නම් ට්‍රයි කරලා නෑ.. කෙල්ලන්ට නම් ට්‍රයි කරලා ගොඩ ගිහින් තියෙනවා ඔය ක්‍රමේ.. හෙහ් හෙහ්.. බල්ලෝ කෙල්ලෝ තරම් මෝඩ නෑ මම හිතන්නේ'...
ReplyDelete+++
Deleteකෙල්ලන්ට නම් ට්‍රයි කරලා ගොඩ ගිහින් තියෙනවා ඔය ක්‍රමේ..//
Deleteඔය ඇස් දිහා බලන කේස් එක අන්තිම භයානකයි වගේම අන්තිම සුන්දරයි.... හෙහ් හේ....
"මා ඔබත් එක්ක සුහද කතාවක්.. ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් .."කියල දිවුල්ගනේ කියන්නේ නිකන් නෙවෙයි.. හෙහ් හෙහ්
Deleteමීට උඩින් තියෙන කොමෙන්ටුව කියවා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි... :D
Deleteලස්සනයි රන්දිල්. එක පාරක් උඩින් කියෝලා ගිහින් දැන් ආයෙම කියෙව්වා. අනුවර්තනයක් කියන්නත් බැරි තරමට ඔයාගේ ලිවීමේ රටාව ලස්සනයි.
ReplyDeleteස්තුතියි බින්දි අක්කේ... ඔබේ අගය කිරීම මට ගොඩක් අගෙයි.... :)
Deleteලස්සනයි කතාව රන්දිල්....
ReplyDeleteස්තුතියි නලින් අයියා
Deleteහොඳයි . පොඩිකාලෙ තිබුන එඩිතර බව නම් විශිෂ්ටයි
ReplyDeleteස්තුතියි ය.. බුදු අම්මේ යකා නේද? :)
Deleteරසවිඳින්න පුළුවන් විදියට බොහොම රහට ලියල තියෙනවා..බොහොම ස්තුතියි..ආපහු එන්නම්...
ReplyDeleteස්තුතියි ශෙහාන්......... අනිවාර්යයෙන් ආයෙත් එන්න... :)
Deleteඅනුවර්තනයයි පරිවර්තනයයි කියන්නේ මොකද්ද කියලා නං පොඩි දැනිමක් තියෙනවා. මමත් වැඩිපුරම කියවන්න කැමති ඔය වර්ගයේ පොත් පත්. ඒත් මම දන්නවා මට නං කවදාවත් බැරි වෙයි අනුවර්තනය හෝ පරිවර්තනය කරන්න. ඒක ඒ තරමට අමාරුයි. භාෂාවන් දෙකක් දැනගෙන ඉන්න එකට වඩා සෑහෙන දෙවල් ටිකක් ඒක කරන්න තියෙන්න ඕනෑ. බ්ලොග් අවකාශයේ මම දැක්ක නියම පරිවර්තකයා තමා ඩූඩ්! දැං ඉතිං අතේ දුරින් ඉන්න උඹවත් ඒ ගොඩට දාන්නං. (හැබැයි පිරීසි කොප්පේට තේ දෙන්නැතුව අර ඉංගිරිස් අකුරු තියෙන මග් එකට පුරොලා තේ එකක් දෙන පොරොන්දුව පිට පමණක්.)
ReplyDeleteකතාව ගැන කියනවා නම්, මම වැඩියෙන්ම කැමති රුසියන් කොලුවා ඩෙනිස් - සර්කස් සත්තු ගැන දැක්ක විදිහ ගැන කියන්නම වෙනවා. මොකද මමත් කැමතියි ඩෙනිස්ගේ සිතුවිල්ලට. හැබැයි ඩෙනිස් නම් මේ කතාවේ එන කොලුවට වඩා හරිම වෙනස්. එයාගේ වචනෙන්ම කියනවා නම් මෙහෙමයි,
“විවේක කාලයෙන් පස්සෙ තිබුනේ සිංහයෝ එක්ක සෙල්ලමක්. මං කැමති වුනේ නෑ සිංහයෝ හීලැ කරන මනුස්සයා, පණ නැති සත්තුවගේ සිංහයන්ව වලිගයෙන් ඇඳගෙන යන එකට. එයා සැරින් සැරේ සිංහයො පැත්ත හරවලා, උන්ගේ උඩ ඇවිද්දා. හරියට උන් පාපිස්සක් කියලා හිතාගෙන වගේ. අර අසරණ සිංහයෝ කොයි වෙලාවේ එතනින් පැනලා යන්නද වගේ බලාගෙන හිටියා. ඒක නං කිසිම විනෝදයක් නෑ. නිදහසේ ඉන්න සිංහයෝ නං,තණ පිට්ටනිය දිගේ දුවලා, බයිසන් හරකුන්ව දඩයම් කරලා, මුලු පලාතක්ම හොල්ලගෙන ඉන්නවනේ. මුං නං සිංහයෝ නෙමේ, මං දන්නැ මුං මොක්කුද කියලා.“
ඒ වගේම ඵමයින්ට යමක් පහදලා දෙද්දි මේ වගේ කතාවක් එක්ක පහදලා දෙන්න හොද කතා ටිකකුයි, ඒවා කියන්න වෙලාවකුයි වෙන්න කරගන්න තරම් අපට හැකියාවක් ලැබුනොත් අන්න අපිත් නියම දෙමාපියෝ....
Deleteඇත්ත මල්ලි.. දැන් කාලෙ අපෙ අම්මල තාත්තලාටවත් වෙලාවක් නෑ කථාවක් කියල දෙන්න.. එක්කො දන්නෙත් නෑ..
Deleteඅපරාදෙ හැබැයි ඩෙනිස් තාත්තත් එක්ක අර ගෑණු ළමයගෙ හපන්කම් පෙන්නන්න බලාගෙන ආවෙ නෙහ්...
බෝලය උඩ ගෑණු ළමයා.... එයා දෙනෝ දාහක් බලාගෙන ඉද්දි හැමෝම මඟ ඇරලා ඩෙනිස් එක්ක විතරක් හිනාවුනා... ඒ අවස්ථාව කොහොමට තියෙන්න ඇද්ද?
Deleteගොඩ ඉඳන් බැහ් පීනන්න, වතුරට බහින්න ම වෙනවා. ඉතිං මේ පොඩ්ඩක් කකුල් දෙක වතුරේ බස්සගෙන කිටි කිටියේ වෙව්ල වෙව්ල ඉන්න අවස්ථාව! මොනවා නම් කියනවද මන්දා, ඩූඩ් අයියා දැන ගත්තොත් එයාගේ නම කිට්ටුවෙන් රන්දිල් කියලා ලිව්වා කියලා, ඔන්න මං නං දන්නේ නැහැ ඕං.......... :D
Deleteඩෙනිසුයි මේ ළමයායි ගත්තහම දෙවිදියකට හිතන දෙන්නෙක්. මේ දරුවාට සිංහ පුහුණුකරු වීරයෙක් වෙද්දි, ඩෙනිස්ට එහෙම වෙන්නේ නැහැ. ඒක හරියට අපි දන්න උදාහරණෙකින් කියනවා නම් :D කෙනෙකුට නෝනායි බබායි එයායි විතරක් යන ට්‍රිප් තමයි මරු ජොලි වුනාට තව කෙනෙකුට නෝනායි බබාලයි තව තව කට්ටියකුයි එක්කගෙන යන ට්‍රිප් තමයි මරු ජොලි වෙන්නේ. :D :D :D එතකොට දෙන්නා දෙවිදියකට තමයි තමන්ගේ කැමැත්ත වර්ණනා කරන්නේ........
අර ටී මග් කථාවට නං කියන්න වෙන්නේ, දැන් ඔයා අවේලාවේ කන්නේ නැති නිසා ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා නේද දෙයියනේ! කියලා තමයි මොකද කිරි තේ කියන්නේ පානයක් නෙමෙයි ආහාරයක් ලෙසින් ගැනෙන නිසා :D :D :D
වෙනදා වගේම අති සාර්ථකයි උඹේ ලිවීම අයියේ. ඒත් මම ආසාවෙන් ඉන්නවා උඹේ ජීවිත තොරතුරැ කථාව කියවන්න. උඹට ජය!!
ReplyDeleteචන්දන මල්ලි,
Deleteමම නෙවෙයි බං මේක ලිව්වෙ..අපේ ලෑන්ඩ් ලේඩි නොහොත් රන්දිල් ද ග්‍රේට්...හෙහ්,හෙහ්
අයියා නෙමෙයි අප්පා... ඒ අයියාට පොඩ්ඩක් විවේක සුවයෙන් ඉන්ට කියලා, මේ බ්ලොග් එකේ ලියන තව කෙනෙක් ඉන්නවානේ, ආන් එයා තමයි මේ ලිපි දාලා තියෙන්නේ... :D ස්තුතියි චන්දන අගය කිරීමට.
Deleteඇස් දිහා බලාගෙන ඉදලා සත්තු කෙසේ වෙතත් ගෑල්ලමයෙක් නම් යාළු කරගන්න පුළුවන් කියාලා දන්නවා මමත්.. හැබැයි අපේ ගෙදර හිටිය බල්ලා මුල් කාලේ නැතත් පස්සේ කාලෙනම් කෙලින්ම ඇස් දිහා බලා ඉද්දි අපිව මඟ අරිනවා.. ඒ ඒකගේ මොකක් හරි හොරයක් හන්දද දන්නේ නෑනේ..
ReplyDeleteඔය බලුස් ඇස් කේස් එකට ගැලපෙන හොඳ වීඩියෝවක් ලඟදි දකින්න ලැබුනා. බලන්නකෝ, වැරැද්ද කරපු කෙනා විතරක් ඇඹරෙන හැටි, අනිත් කෙනා සතුටින් ඉන්දැද්දි...
Deletehttp://www.youtube.com/watch?v=-S78fP8u4zc
:D :D :D
සිංහයො මන්ද ඒත් බල්ලො අපිට බුරාගෙන එනකොට කෑ ගහගෙන ඌ දිහාටම පැන්නොත් ඌ හැරිල දුවනව, නැත්තන් හපා නොකා ගොරවන්ව. මේ මම පාරෙ දුවනකොට බයිසිකල් පදිනකොට බුරන් එන ඕන බල්ලෙක් නවත්තන්න පාවිච්චි කරන ක්‍රමය. මේක ඕන ජාතියක "බල්ලෙක්ට" ගැලපෙනව.
ReplyDeleteකතාව ගැන දැනගත්තෙ කුමාරිහාමිගෙ ඇඩ් එහෙකින්. මයිල් ඉස්මයිල් වෙන සයිස් එකට ලියල තීනව.
එළකිරි සහ උකු ජලය!
පාරේ බයිසිකලෙන් යද්දි බල්ලෝ බුරාගෙන ආවාට උන්ට හපන්න බැහැලු නේද? හැබැයි හොඳ මෙතඩ් එක පයින් යන වෙලාවක භාවිතා කරන්න නම්... :D
Deleteස්තුතියි ඉන්දික.........
සත්තු හිලෑ කිරිල්ලයි, ගෑනුලමයි යාළු කරගැනිල්ලයි මට නම් හිතෙන්නේ පොඩ්ඩක්වත් සමාන නැහැ නේ.... මට හිතෙන්නෙම එහෙමයි.... ගොඩක් වෙලා කල්පනා කලත්..... ම්ම්හු.... තාමත් එහෙමයි හිතෙන්නේ... මගේ අවුලක්ද මන්දා....
ReplyDeleteහි හි හි....
ඔය eye contact කියන දේ... කවුන්සලින් වලදී පාවිච්චි කරනවා.... සංවේදී, ඉතාම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ වෙපන් එකක්
අයි කොන්ටැක් තමයි, ඉංගිරිස් පංතියේදි ඉංගිරිස් ජාතික ගුරුවරිය අයි කොන්ටැක්කුව තියා ගෙන කථා පවත්වන්න කියලා දීලා, ගෙදර ඇවිත් අම්මාට කියලා අම්මා බැන්නේ නැතෑ ඔය කාත් එක්ක අයි කොන්ටැක්කු තියා ගත්තත් කමක් නැහැ පිරිමි අය එක්ක එව්වා ඕනැන්නේ නැහැ කියලා. අම්මා දැනන් ඉඳලා තියෙනවා වැඩේ...... ;)
Deleteපිරිමි අය එක්ක එව්වා ඕනැන්නේ නැහැ කියලා. අම්මා දැනන් ඉඳලා තියෙනවා වැඩේ...... ;)/// හාහාහා
Deleteහප්පේ බලන්න එපැයි මෙයාට ගියා හිනාව... :D
Deleteලස්සන කථාවක් ආසවෙන් කියේව්වා
ReplyDeleteඅපිත් එක්ක එකතු වෙන්න sinhalahelp.com
ස්තුතියි.
Deleteහොඳයි ගිහින් බලන්නම්කෝ
ලස්සන කතාව. ටැංකිව්..
ReplyDeleteකතාවෙන් පිටට ගියොත්, ඔය සතුන්ගෙ ඇස් දිහා බලා ඉන්න එක නොකල යුතු දෙයක් විදිහටයි මං අහල තියෙන්නෙ. දඩයම් කරුවන්ගේ සටහන් වලත් ඒ කතන්දරේ තිබුන වගෙ මතකයි. කොහොමටත් බල්ලො නම් හම්මෝ.. මං නම් හරි බයයි.. දන්නෙ නැති ගෙදරකට ගිහින් කතා කලත් බැම්මක්, ගහක් ලඟ ඉඳන් තමයි මං කතා කරන්නෙ.
හැබැයි අපිට පුරුදු උන් නම් ඉතින් හරිම ආදරණිය සත්තු තමයි. (රස කලින්ම හැඳින්නෙමි :D)
මැවිලා පේනවා ගහක් උඩ ඉඳන්, "ගෙදර කවුඩෝ............... ගෙදර කවුඩෝ.............. " කිය කියා ඉන්න හැටි. :D
Deleteරස හැඳිනීම .......... :D
" බලු සමයන් " ආසවෙන් කියේව්වා !
ReplyDeleteස්තුතියි උමේෂ්
Deleteකෙල්ලෙක්ගේ ඇස්දෙක දිහා බලන් හිටියොත් කම්මුලට දෙකක් ෂුවර්. බල්ලෙක්ගේ ඇස් දෙක දිහා බලන් හිටියොත් බුරියෙන් බාගයකට බඩු ෂුවර්. මේ දැස් කුමටද? :D
ReplyDeleteලස්සන කතාවක් රසවත්ව ඉදිරිපත් කරනවා.
හික් හික්......... ඇස් දිහා බලනවා හැර වෙන කොච්චර වැඩ තියෙනවද ඇස් වලට... නැද්ද මං අහන්නේ. :D
Deleteස්තුතියි මිතුර :)
මේ කථා ටික පොතක් කරලම අපිට බලන්න දුන්නොත් නරකද?
ReplyDeleteමේ මැතිණිය මෙතැන පේලියෙන් මේ ටික කිව්වට මොකද චැට් මාර්ගයෙන් මට මරණ තර්ජන පවා එල්ල කලා, මේ ටික මෙතැන දාන්ට එපා කියලා. :D තව තුනක්වත් මෙතැන පල කරන්නම් මැතිණියනි. :)
Deleteබල්ලොත් එක්ක සෙල්ලම් වලට යන ළමයින්ට වටින පාඩමක්..
ReplyDeleteලස්සනයි රන්දිල්..දිගටම ලියන්න..
ස්තුතියි රූ........
Deleteඅදනේ ආය මේ පැත්තේ එන්න හම්බුනේ ..මේකත් ලස්සනටම ලියල තියෙනවා ..අපේ කෙල්ලට කථා කියල දීල ඉවරයක් නැති නිසා මේ වගේ ඒවා සැහෙන වටිනවා
ReplyDeleteස්තුතියි මෙකුවි. ඒක තමයි බත් කවා ගන්න අල්ලස් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. :)
Deletehttp://ranrandil.blogspot.com/2014/03/116.html
ReplyDeleteමෙන්න තුන් වැන්න පල කලා