Thursday, February 13, 2014

243. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 11 - විමලෙගෙ භාර්යා තොමෝගේ මිරිස් ඇඹරිල්ල, විජේතුංග,කෝඳුරුවාව හන්දිය සහ මැෂින් යුනිට් එක.

" ලස්සනයි…………….." 

ඈ හෙමිහිට කිව්ව..මම ඇස් ඇරල ඇගෙ මූණ බලල හිනා උනා..

" ඔයාට හිතෙනවද යාලුවො එක්ක එතනට ගිහිල්ල එකතුවෙන්ට තිබ්බනම් හොඳයි කියල...." ඈ ආයෙම ඇහුව ..ඒත් හෙමිහිට..අහක බලාගෙන…

" මෙහෙමයි..ලොකුම අත්‍යාවශ්‍ය උවමනාවක් වගෙත්නම් නෑ.. "

මම දෙපැත්තට ඇදල කිව්ව ඈ දිහාවෙ කටාක්ෂ නීරීක්ෂණය කරමින්. ( කටාක්ෂ නීරීක්ෂණය = ඇස් කොණින් බැලීම )

" ඒ කියන්නෙ අනවශ්‍යත් නෑ කියන එක නේද? …"

ඈ ආයෙම ඇහුව...දෙතොලඟ යන්තමට හිනාවක් තැවරිල තිබ්බට ඇස් දෙකේ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්.

මම මොකවත්ම නොකිය හිනා උනා..බොහෝම අහිංසක අන්දමට....

අරම බොහොම සුහදව අහපු හින්ද මම හිතාගෙන හිටියෙ වැඩේ හරිය, මේ සෙනසුරදා කිසි ගින්නක් නැතුව කට්ටිය එක්කලා සතුටු සාමීචියෙ යෙදෙමින් සුට්ටං ආතල් එකක් ගන්ට ඇහැක්ය කියල. එහෙම උපකල්පනය කරල මම මූලික පියවර වශයෙන් බදාද වගෙ රෑට අර මම කිව්වෙ... බිම ඉඳගෙන කන ගමං දැම්ම පොඩි වචනයක්. ඔව්වට කියන්නෙ ප්‍රාථමික යටිතල පහසුකම් සකස් කිරීම කියල. ( Preliminary Infrastructure Facilitating )

" ෂිහ්...මේ මඟුල් රස්සාව මටනම් දැන් එපා වෙලයි තියෙන්නෙ......" කන ගමං මම ඔහෙ නිකමට වගෙ කිව්ව…

" මේ කැරට් වෑංජනේ නම් නියමයි..තව තියනව නේද? " පීඟානත් අරගෙන නැඟිටින ගමන් මම ඇහුව..

" තියනව, තියනව…. ඔන්න මම ඇතිළිය පිටින්ම ගෙනාව.. ඔතන මේසෙ උඩ ඇති."

මතකනෙ මම පහුගිය කොටසෙදි කිව්ව. අපි කෑවෙ සාලෙ ටී.වී. එක ඉස්සරහ බීම ඉඳගෙන කියල. එතනම තිබ්බ මගෙ ලියන මේසෙ උඩ පත්තරයක් එලල පිදුරු දරණු තියල ඒ උඩ තමයි වෑංජනත් එක්ක ඇතිලි තියන්නෙ අපි උයල ඉවර උනාම…

" මේ මටත් දාන්න ගෝව මැල්ලුං ටිකක්. "

ඈ බිම ඉඳගෙනම පිඟාන දික් කලා.පොල්කටු හැංදෙං එකක් මම දැම්ම ඇගේ පිඟානට ගෝව කොළ මැල්ලුම. ගෝව මැල්ලුම මම පොඩි කාලෙ ඉඳලම බොහොමත්ම කැමතියි.

" කැරට් එපාද? "

" හ්ම්ම්..හොදි ටිකකුත් එක්ක දාන්නකො එහෙනං ටිකක් විතර.."
ඈ ආයෙම පිඟාන දික්කලා.

" මේ මොකද්ද අර රස්සාව එපා වෙච්චි කතාවක් කිව්වෙ?.."

" නෑ..මේ අපේ මැෂින් යුනිට් එක ලබන සතියෙ වගෙ එනවලු ඉතිං අපෙ අයි.ඊ. ගොයිය මට කිව්ව ඒකට එස්ටිමේට් එකක් හදන්නෙයි කියල. "

අයි.ඊ. ගොයිය කිව්වෙ අපෙ වාරි ඉංජිනේරු නොහොත් මගෙ බොස් …

" ඉතිං ? මොකද්ද ප්‍රශ්නෙ? ඔයාට තේරෙන්නෙ නැද්ද එස්ටිමේට් එකක් හදන්න?..." ඈ ඇහුව.

" මොකක් කිව්ව? " මම හැරිල ඈ දිහාවෙ බැලුවම මෙන්න මුන්දැ තොල් හපාගෙන ඉන්නව අහක බලාගෙන…

" හෙහ්, හෙහ්," මට හිනාගියා.

" වැඩේ මේකනෙ. මේ දවස්වල පෑවිල්ල හින්ද වතුර ප්‍රශ්ණෙ බොහොම දරුණුයි. එව්වට ඇරුණම සතියෙ දවස් වල ඔය එස්ටිමේට් එක හදාගන්ට වෙන එකක් නෑ. ඒ නිසා....."

මම එතනින් කතාව නවත්තල බර කල්පනාවකින් යුතුව බත් අනන්ට ගත්ත.බත් අනනවය කිව්වට මම කවමදාකවත් වචනයෙ පරිසමාප්ත අර්ථයෙන් බත් අනන්නෙ නෑ. බත් ටිකක් අරගෙන තියනව. ඒ උඩට වෑංජන වලින් ටික ටික තියනව. ඒ ඔක්කොම එකට අරගෙන කටේ දාගන්නව. එච්චරයි මයෙ ඇනිල්ල.

" හ්ම්ම්ම්ම්.."…...කියල පාඩුවෙ බත් කෑව මිසක මුන්දැ වෙන මොකවත්ම කිව්වෙ නෑනෙ.

" මොකක්ද ඔය ඔයාලගෙ මැෂින් යුනිට් එක කියන්නෙ? "

කාල අහක වෙලා කුස්සියෙ සින්ක් එකේ හට්ටි මුට්ටි හෝදන අතරෙ ඈ ඇහුව.

මම කලිනුත් කිව්වෙ. අපි ඒ දවස්වල හිටපු ක්වාටර්ස් එකේ කුස්සිය බොහොම කුඩයි. අපි දෙන්නම එක පාරට ඕක ඇතුලට ගියොත් වෙන්නෙ අර හිඳිච්ච වලේ ඉස්ගෙඩි වගෙ හැප්පි හැප්පි ඉන්ට තමයි.ඔය නිතර අන්‍යෝන්‍ය හැප්පිල්ලෙං ඊගාවට වෙන්නෙ ඉවිල්ල පැත්තක දාල වෙන වෙන කර්තව්‍යයන් වලට හිත යොමුවෙන එක.අන්න ඒ නිසා ඉවුම් පිහුම් කරන්ටම ඕනනං මම දොරගාවිං එළියෙං ඉන්නව..එහෙමයි කරන්නෙ.....

ඔය අපෙ විමලෙ අයිය මතකයි නේද?..අර වාංපතුල් කතා මාලාවෙ කථා නායකය. හප්පේ වාං පතුල් ගැන අමතකම වෙලා ගියා..හරි, හරි, හැකි ඉක්මනින් ඒකත් ලියන්ට පටං ගන්නංකො...හරි විමලෙ ගැන කියාගෙන ආපු කතාව මේකයි. මේ දවසක් ඕක දෙකක් දාපු වෙලාවක මා එක්ක කියාපු කතාවක්….

" වීරෙ මලේ...මචං..අපෙ ගෙදරදි මම මෙතෙක් කාලෙකට ගලේ අඹරපු සම්බෝලයක් කාල නෑ කිව්වම උඹ විස්වාස කරනවද? "

" ඈ..ඒ මොකෝ අයියෙ ඒ? නොවැරදීම බොලාගෙ ගෙදර මිරිස් ගලක් නැතුව ඇති එහෙනං.."

" නෑ බං තියනව.."

" එතකොට?.."


" මිරිස් ගලක් තිබ්බ උනාට බාං ඒක තියෙන්නෙ බොහෝම පාත.....පොලෝ මට්ටමේ ඉඳල අඩි දෙකක් වගෙ උඩිං.."

" ඉතිං බං?..... මට තේරෙන්නෙ නෑ..මිරිස් ගල පොලව මට්ටමේ ඉඳල අඩි දෙකක් උඩිං තිබ්බයි කියල කවමදාවත් ගලේ අඹරපු සම්බෝලයක් කන්ට බැරිවෙන්නෙ කොහොමද? "

" හෙහ්, හෙහ්, "  විමලය බඩ ගෙඩිය හෙල්ලෙන්ට හිනා උනා…

" උඹටත් මල්ලි තේරෙයි බැඳපු කාලෙක, යකෝ එහෙම මිරිස් ගල පාත තිබ්බම අපෙ උන්ද නැමෙන්ට එපාය සම්බෝලෙ අඹරන්ට. නැමිල ඔන්නම් දෙතුන් පාරක් එහාට මෙහාට අඹරන්ට විතරයි ඔන්න වෙන්නෙ...හෙහ්, හෙහ්, හෙහ්, "

විමලෙ ආයෙම වහලෙ උළු ඉගිලෙන්ට හිනා උනා...

ඉතිං මම කුස්සියෙ දොරෙං මෙපිට ඉඳගෙන එයයි හෝදල දෙන හට්ටි මුට්ටි රෙදි කෑල්ලකිං තෙත මාත්තු කරල සාලෙ ලියන මේසෙ උඩ එලාපු පත්තරයක් උඩ මුනිං නැව්ව.

" ආ..මැෂින් යුනිට් එක කියන්නෙ අපෙ අර ට්‍රැක්ටර් හත අටක්, ඩෝසරයක්, ලෝඩර් එකක් එහෙම තියන යන්ත්‍රෝපකරණ ඒකකයනෙ. කාලෙන් කාලෙට අපේ එක එක කොට්ඨාශ වලට ඔය යුනිට් එක එවනව අත්‍යාවශ්‍ය වැඩ කරගන්ට. පාරවල් වලට ග්‍රෙවල් දාගන්ට. අලුතෙන් ඇලවල් කපන්ට. පාරවල්වල වලවල් පුරවල හදන්ට වගෙ එව්වට.ඒ යුනිට් එක ගෙන්නන්ට ඉස්සරවෙලා කරන්ට ඕන වැඩ ප්‍රමාණය ගණං හදල ඩීසල් කොච්චර යයිද ඩ්‍රයිවර්ල ඔපරේටර්ලට කෑම බීම නවාතැන් වියදම් කොහොම වෙයිද කියල ඇස්තමේන්තුවක් හදන්ට ඕන. මම මේ කිව්වෙ ඒක ගැන. "

මම ඒ මැෂින් යුනිට් එක එනවයි කියල කිව්වෙ බොරුවක් එහෙම නෙවෙයි.ඇත්තටම ඊලඟ සතියෙ එහෙම පාරවල් ඇලවල් හැදීමේ වැඩ සටහනක් අපි ක්‍රියාත්මක කරන්ට සැළසුම් කරල තිබ්බ. ඒ වගේම ඇස්තමේන්තු කතාවත් ඇත්ත. සම්‍යක් ප්‍රයෝගය නොහොත් White Lie එක උනේ එදිනෙදා අනෙකුත් වැඩ අතරෙ 
ඇස්තමේන්තුව කරන්න බැරිය කියල කිව්ව එක. හෙහ්, හෙහ්, ඒක ඒ හැටි දෙයක් නෙවෙයි. පැය තුන හතරකින් හදන්ට පුළුවනි. මම බැලුවෙ ඒ පිට දාල.... දන්නවනෙ...හෙහ්, හෙහ්, 

" හරි...හරි…. මට මතකයි ඔයා ඔය මැෂින් යුනිට් එක ගැන මට කියල තියනව. අර විජේතුංග මරු වැඩක් කලයි කියල ඔයා කිව්වෙ ඒත් ඔය මැෂින් යුනිට් එක ආපු වෙලාවක නේද? "

" හිහ්..හිහ්..අඩේ ඔව්නේ...මම ඔයාට ඒ විස්තරේ කිව්ව නේද?...හාපෝ මතක් කරන්ට එපා..මට මතක් වෙනකොටත් විජේතුංගය එක්ක මල පයිනව…"


මම එහෙම කිව්වට ඒ වෙනකොට මටත් හිනාව නවත්ත ගන්ට බැරුව හිටියෙ ඒ සිද්ධිය මතක් වෙලා. ඒ මම බඳින්ට ඉස්සර වෙච්චි දෙයක්. මම ඔය කියන මැෂින් යුනිට් එක ඔයිට කලින් ආපු පාරකයි ඕක උනේ. ජලපාලන කටයුතු කරන්ට අපෙ හිටිය චෙක් රෝලෙන් දාල කට්ටිය ( චෙක් රෝල කියන්නෙ අනියම් කම්කරු ලේඛනය, අනියම් = ස්ථිර නොවන ). විජේතුංග එහෙම එකෙක්.

ඔය විජේතුංගය බොහොම උනන්දුයි වැඩට. උනන්දුව වැඩි හින්දම වෙලාවකට හත් පොලේ ගාගන්නව. කුමාර ධර්මසේන දන්නව නේද? අර නාලන්දෙට සෙල්ලං කරල ලෝක ශූරතාවය දිනපු අපෙ කණ්ඩායමෙත් සාමාජිකයෙක් වෙලා ඉඳල මේ දවස්වල විනිසුරුවෙක් විදිහට කටයුතු කරන්නෙ..කුමාර ඉස්කෝලෙට ගහන දවස්වල නම උනන්දුවා. එක මොහොතක් පිට්ටනියෙ නිකං ඉන්නෙ නෑ. පිට්ටනියෙ එහා කෙලවරේ හිටියත් අඩුගානෙ ගිරිය යටිං කෑගහල අනික් එවුං උනන්දු කරවනව. ඒකයි උනන්දුවයි කියල නම වැටුනෙ. ඒ වගෙ සනත් කළුපෙරුමට කිව්වෙ සැහැල්ලුවා කියල. මිනිහ බොහොම කෙට්ටුයි. තද හුළං පාරක් ආවත් ගහගෙන යන සයිස්. මිඩ් ඕන් වල ෆීල්ඩ් කරද්දි හුළඟක් ආවොත් මිනිහ නවතින්නෙ මිඩ් විකට් දිහාවෙ.

විජේතුංගයගෙ උනන්දුව නිසාම මොනවහරි විශේෂ වැඩ රාජකාරියක් තිබ්බොත් අපි බාරදෙන්නෙම මිනිහට.

ඉතිං ඔය අපෙ මැෂින් යුනිට් එක එන්ට දවස් දෙහෙකට විතර ඉස්සරවෙලා ඩෝසරේ එවනව.පාරවල් ඇලවල් හදන්ට එහෙම ඕන පස් හෝ ග්‍රෙවල් ( ග්‍රෙවල් කියන්නෙ රතු පාට වගෙ බොරළු මිශ්‍ර පස්, පාරවල උඩ ග්‍රෙවල් දාපුවම වැහිකාලෙට මඩ වෙන්නෙ නෑ ) ගොඩක් ඩෝසරෙං කපල ගොඩ ගහල තියනව කලිම්ම. එතකොට ලෝඩර් එකයි, ට්‍රැක්ටර් හත අටයි ආපු ගමං පට පට ගාල වැඩේ කරන්ට පුලුවන්. නැත්තං වැඩේ පාඩුයි. Machine Idle වෙන එක නැත්තං නිකරුණේ කාලය ගතවෙන එක වළක්වගන්ටයි එහෙම කරන්නෙ.

ඉතිං එදාත් සුපුරුදු පරිදි දවස් දෙහෙකට කලිං ඩෝසරේ එනවය පස් කපල ගොඩ ගහන වැඩේ සංවිධානය කරන්ටෙයි කියල අපෙ බොස් මට දැනුම් දුන්න.

" මෙතන කේස් එක ඩෝසරේ එන්නෙ රෑ. තව මොකක්ද ඔය මැදිරිගිරිය දිහාවෙ වැඩක් කරනවලු. ඒක ඉවර වෙලා හවස තමයි එහෙං පිටත් වෙනවයි කියන්නෙ. කොහොමත් එනකොට පැය හතර පහක් යාවි. වීරෙ එහෙනං වැඩේ ඕගනයිස් කරන්ට හොඳද? "

ඔන්න ඔහොම කියල ලොක්ක මට වැඩේ බාර දුන්න. මට එක පාරටම මතක් උනේ විජේතුංගය. ඒ වෙලාවෙම ගියා ඕකව හොයාගෙන.

" ආ..වීරසිංහ මහත්තය මොකෝ මේ තකහණියක්? "

විජේතුංගය බඩ මැදිං සරමත් වෙලාගෙන එළියට බැස්ස. ඕක දාර කළුයි, කොටයි, මහතයි. ගෙදර ඉන්නවනං කොයිවෙලෙත් බඩ මැදිං සරම වෙලාගෙන තමයි ඉන්නෙ.

" මේ කොල්ලො පොඩි වැඩක් තියනව කරන්ට. අපේ ටැට්ටර් පාටිය එනව ලබන බෘහස්පතින්ද...ඉතිං ඊට කලිං ඩෝසරේ එවනව අද හවස. එනකොට හැබැයි දහයවත් වෙයි. උඹ කෝඳුරුවාව හන්දියට ගිහිල්ල ඉඳහං හරිද? අපි අර ගිය සුමානෙ ගිහිල්ල බැලුවෙ ග්‍රෙවල් කපන තැන…"

කෝඳුරුවාව හන්දිය ගැන තියනව අපූරු කතාවක්... ගොයං කැපෙන කාලෙට මුස්ලිම් වෙළෙන්දො එනව වී ගන්ට. එහෙම ලොරියක ආපු මුදලාලි කෙනෙක් ඔන්න පාර අයිනෙ තේ කඩයක් ලඟ ලොරිය නවත්තල බැස්සලු.

" ළමයා.මේ අර ෂන්දියට තව කොච්චර දුරද?.." කඩේ ඉස්සරහ බංකුවෙ ඉඳගෙන උන්නු තරුණයා ඔලුව උස්සල බැලුව.

" මොන හන්දියටද මුදලාලි?...මේ පාරෙ ඉස්සරහට හන්දි කීයක් තව තියනවද? "


" ෂික් ඒක මතක් නෑනෙ යප්පා..අර මොක්කුද පොඩි ෂත්තුජාතියක් ඉන්නෙ? "

" මොකක්? මොන සත්තුද මුදලාලි?.." ඔන්න කතාව ඇහිල කඩේ ඇතුලෙ හිටපු ඔක්කොම වට උනා.

" යේක මතක නෑ අප්පා.." මුදලාලි ඔලුව කැහුවා.

" ආ ෂරි..ෂරි....මතක් උනා... මතක් උනා..
යේක බල්ලගෙ පෂ්ෂ පැත්තෙ වහන පොඩි ෂතා ඉන්න ෂන්දිය තමා අප්පා.." මුදලාලි බොහොම සන්තෝසෙං කිව්වා.. 

හරි ඒ අතුරු කතාව ඉවරයි..ආයම විජේතුංග ගැන...

" හරි හරි මහත්තය විසිතුනේ ඇල එහා පැත්තෙ අර කනත්ත නේද? " 


" අන්න හරි ඩෝසර් එක එතන බාගනිං..ඔපරේටර්ට නවාතැන් දෙනවය කිව්ව ගොවි සංවිධානෙ සභාපති. ඔපරේටර් එහාට ඇරලවපං.. ඒ කරල කොල්ලො උදේම ග්‍රෙවල් කපන්ට පටං ගනිං...මම එන්නම් පුළුවන් තරම් උදෙම්ම.."

ඩෝසර් කියන එව්ව පාරවල් වල යන්නෙ නෑ. එව්වයෙ රෝද නෑනෙ. තියෙන්නෙ අර යුද්ද ටැංකිවලවගෙ යකඩ ට්‍රැක් එකක්. ඒ නිසා පාරෙ ගියොත් පාර ඉවරයි. තැනින් තැනට ඩෝසර් ගෙනියන්නෙ ඒ වෙනුවෙන් විශේෂයෙන් හදපු දිග ලොරියක් වගෙ වාහනයක පටවල.ලෝ බෙඩ් කියල තමයි 
එව්වහැඳින්වෙන්නෙ.ඩෝසර් එක අවශ්‍ය තැනට අරගෙන ගිහිල්ල ඒකෙ පිටිපස්සෙ තියන රෑම්ප් එක පාතට දාල ඩෝසර් එක බාගන්ට ඕන.ආය වෙන කොහාට හරි අරං යන්ටත් ඒ වගෙ ලෝ බෙඩ් එකක්ම එන්ටත් ඕන. 

ඩෝසර් පාරවල්වල ගෙනියන්නෙ මෙහෙම.....

" හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…" විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට..

" යකෝ වැඩේ කරන්ටත් ඉස්සර තෙල් ටිකට කෙලින්ට එපා බං ..උඹලත් මාර බඩුනෙ…දෙකයි පණහක් හොයාගන්න මයෙ මේ රස්සාවටත් කෙලින්ට තමයි උඹ ඒ පාර හදන්නෙ මට පේන්නෙ "

මම කිව්වෙ බොහොම බැරෑරුම් විදිහට..

" හෙහ්, හෙහ්, හෙහ්, මහත්තයත් කියන කතා.." විජේතුංගය බඩ හොල්ල හොල්ල හිනා උනා.

" හරි හරි මම වැඩේ කරන්නං මහත්තය බය නැතුව ඉන්ටකො.."

ඒ එක්කම උගෙ හාමිනේ තේ එකක් ගෙනාව..

" තේ එකක්වත් බොන්ට එහෙනං මහත්තය. "

" අඩේ තේත් හැදුවද? බොහොම ස්තූතියි. " මම හිනාවෙලා තේ එක ගත්ත.

හෙහ්, හෙහ්, අඩේ තේත් හැදුවද කිව්වම ඔන්න ආතල් කතාවක් මතක් උනා..දෙයියෝ සාක්කි බතුත් කනවද?...රතනපාල එහෙම කියල ඔලුවෙ අත ගහ ගත්ත.

77 comments:

  1. එලම කතා ටික!

    //.ඔය නිතර අන්‍යෝන්‍ය හැප්පිල්ලෙං ඊගාවට වෙන්නෙ ඉවිල්ල පැත්තක දාල වෙන වෙන කර්තව්‍යයන් වලට හිත යොමුවෙන එක.// :D

    //නැමිල ඔන්නම් දෙතුන් පාරක් එහාට මෙහාට අඹරන්ට විතරයි ඔන්න වෙන්නෙ...හෙහ්, හෙහ්, හෙහ්, "// :D

    ReplyDelete
    Replies
    1. ඩෝකින්ස්,

      හෙහ්, හෙහ්, අපෙ ඔය ලබ්බෙ තොයිලෙ වගෙ තිබ්බ සුට්ටං කුස්සිය ඈට කොච්චර අප්‍රසන්න වෙලා තිබ්බද කිව්වොත් ගෙයක් හදන්ට ප්ලෑන් එක ඇඳපු මගෙ යාලුවට කිව්ව එක හෙලාම……

      " මේ කුස්සිය නං අඩි 15 x 15 වත් තියෙන්නෙ ඕන හොඳද ? මට මේ අර බක ජාතකයෙ විලේ ඉන්න මාලු වගෙ කොයිවෙලෙත් ඇඟේ හැප්පි හැප්පි ඉඳල අපෝ වෙලයි තියෙන්නෙ " කියල.

      Delete
  2. මිරිස් ඇඹරිල්ල වගේද පිටි කෙටිල්ල, ඒ වගේම රෙදි හෝදනකොට අර ගල උඩ රෙදි පොඩි කිරිල්ල... දෙමළ චිත්‍රපටි අධ්‍යක්ෂකලා තමයි ඕවා හොඳටම දන්නේ...

    උඹ White Lie කියපුවහම මට මතක් වුණේ... දැන් ඕක දේශපාලනිකව නිවැරදි නැහැලුනේ. බොරුවෙත් හොඳ එක සුද්දාගෙ නමට, නරක එක කල්ලට. ඉතිහාසයේ ශොකජනක නරක සිදුවීම් හඳුන්වනකොට යොදන 'කළු' කියන විශේෂණයත් (කළු ජූලිය වගේ) දැන් අහක් කරන්න යනවලු.

    ReplyDelete
    Replies
    1. සුදු -ලස්සන/හොද ; කලු- කෑත/නරක යන්න සුදු කල්චර් එකේ පමනක් නොව දුඹුරු ආසියානු එකේත් ඈත
      දෑන් සමහර Enid Blyton කතාත් politically incorrect නේ. සමාජය sensitive වෑඩිද?

      Delete
    2. තිසර,

      / මිරිස් ඇඹරිල්ල වගේද පිටි කෙටිල්ල, /

      පිටි කොටපං නෝනේ ..පිටි හලපං නෝනේ....මතකයිනෙ සුනිල් පෙරේරගෙ සිංදුව? කොහොමද නිලන්ති දැම්ම ඩාන්ස් එක ඒකට?...හෙහ්, පිස්සු හැදෙනව ඒ ගැස්සිල්ලට නැද්ද?

      " මේ ඔයාත් මීට පස්සෙ පිටි හලනකොට ඒ වගෙ හලන්ටකො" ඕක බලල මම ඈට කිව්ව.

      " පිස්සුද ඔයාට? ඔව්වට බර ගාණක් ගෙවනව එයාලට.."උන්දැ කියාපි ගත් කටටම..

      / ඒ වගේම රෙදි හෝදනකොට අර ගල උඩ රෙදි පොඩි කිරිල්ල. /

      අම්මාපල්ල ඇත්ත මලේ..ඒ මිරිස් ඇඹරිල්ල, පිටි කෙටිල්ල, පිටි හැලිල්ල නැතිවෙලා ගියා බ්ලෙන්ඩර් ආවයිං..එතකොට රෙදි ඇපිල්ලිල්ල නැතිවෙලා ගියා වොෂිං මෙෂින් ආවයිං..වෙලාවකට මට ඔය සකෘදාගාමී තත්වයට පත්වෙලා කල්පනා කරනකොට මෙහෙමත් හිතෙනව. අද අපේ මේ පවුල්වල දරුවො අඩු වෙන්ට ඒකත් එක හේතුවක්ද කියල..නෑ නිකමට හිතල බලාපං..:)

       / ඉතිහාසයේ ශොකජනක නරක සිදුවීම් හඳුන්වනකොට යොදන 'කළු' කියන විශේෂණයත් (කළු ජූලිය වගේ) දැන් අහක් කරන්න යනවලු./

      එතකොට බාං කළු ජූලියට එහෙම්මම අහෝසි කරලම දානවද? නැත්තං ලා කළු ජූලිය, නැත්තං අළු ජූලිය වගෙ නමක් දානවද?

      මොක උනත් එහෙම කරන එක නම් ලොකු දෙයක්..ඔය කළු ජූලිය නිසා ලංකාවට සුවල්පනං අපකීර්තියක්ද උනේ..දැං දෙයියනේ කියල ඒ ඔක්කොම අහවරයි...හෙහ්,හෙහ්...

      Delete
    3. Pra Jay,

      කියල වැඩක් නෑ ප්‍රා...ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත කියල තියනවනෙ...පොලිටිකලි කරෙක්ට් වචන ලැයිස්තුවක් පහල තියනව..බලන්නකො…. ඔලුව නරක් වෙනව හෙහ්,හෙහ්.

      1. A Crook - morally (ethically) challenged
      2. Abortion - Near-Life Experience 
      3. Alcoholic - Anti-Sobriety Activist
      4. Alive - temporarily metabolically abled.
      5. Assassination - involuntary term limitation 
      6. Bald - comb-free
      7. Bald - folically independent
      8. Bald - follicularly challenged.
      9. Blind - photonically non-receptive
      10. Blind - visually challenged
      11. Body Odor - nondiscretionary fragrance.
      12. Broken Down Automobile - mechanically challenged 
      13. Broken Home - Dysfunctional Family
      14. Bum - Displaced Homeowner
      15. Bum - Involuntarily Domiciled
      16. Cannibalism - Intra-Species Dining
      17. Chronically Late - Temporarily Challenged
      18. Clumsy - uniquely coordinated
      19. Computer Illiterate - Technologically Challenged
      20. Corpse - Permanently Static Post-Human Mass 
      21. Corpse / Stiff - Metabolically Challenged
      22. Corpse / Stiff - Terminally Inconvenienced
      23. Cowardly - Challenge Challenged 
      24. Cowboys - bovine control officers
      25. Crackpot - certified astrological consultant, certified crystal therapist, or certified past-life regression hypnotist
      26. Crime Rate - street activity index
      27. Dead - Actuarially Mature 
      28. Dead - biologically challenged
      29. Dead - environmentally correct human
      30. Dead - living impaired
      31. Dead - metabolically challenged
      32. Dead - persons living with entropy
      33. Deaf - Visually Oriented
      34. Dirty Old Man - sexually focused chronologically gifted individual 
      35. Dish Washer - utensil sanitizer
      36. Dishonest - Ethically disoriented.
      37. Drowning - aquatically challenged
      38. Drug Addict - Chemically Challenged
      39. Drunk - spacially perplexed
      40. Earthquake - geological correction
      41. Fail - achieve a deficiency.
      42. Fat - Differently Weighted
      43. Fat - gravitationally challenged
      44. Fat - horizontally challenged.
      45. Fat - horizontally gifted
      46. Fat - People of Mass
      47. Fat - person of substance
      48. Fictional / Mythological - ontologically challenged
      49. Frog - amphibian American
      50. Full of Crap - fecally plenary
      51. Gang - Youth Group
      52. Garbage Man - sanitation engineer
      53. Gas Station Attendent - petroleum transfer technician 
      54. Geek, Nerd, whatever... - socially challenged
      55. Ghetto / Barrio - Ethnically Homogenous Area
      56. Hamburger - Seared Mutilated Animal Flesh
      57. Handicapped - Differently Abled, Handi-Capable
      58. Hearing Person - temporarily aurally abled
      59. Homeless - outdoor urban dwellers
      60. Homeless - residentially flexible
      61. Homelessness - Mortgage-Free Living 
      62. Housebroken - Family Disfunction
      63. Housewife - domestic engineer
      64. Hunter - Animal Assassin
      65. Hunter - Meat Mercenary
      66. Ignorant - factually unencumbered
      67. Ignorant - knowledge-based nonpossessor.
      68. Incompetent - Differently Qualified
      69. Incompetent - Specially Skilled
      70. Incompetent - Uniquely Proficient
      71. Insane People - Mental Explorers
      72. Insane People - Selectively Perceptive
      73. Insult - Emotional Rape
      74. Janitor - sanitation engineer
      75. Large Nose - nasally gifted
      76. Lazy - motivationally dispossessed
      77. Lazy - motivationally deficient.
      78. Learning Disability - Self-Paced Cognitive Ability
      79. Library - Educational Resource Center
      80. Logger - Wood Weasel

      Delete
    4. 81. Logger - Paper Pirate
      82. Logger -Treeslayer
      83. Loser - Second Place 
      84. Loser - uniquely fortuned individual on an alternative career path
      85. Man-hole - maintenance hole
      86. Mankind - humankind
      87. MANkind, HuMAN, PerSON - Earth Children
      88. Messy - differently organized
      89. Meter Maid - Parking enforcer
      90. Midget / Dwarf - Little People
      91. Midget / Dwarf - Vertically Challenged
      92. Mute/Dumb - verbally challenged
      93. Not with somebody at the moment - romantically challenged
      94. Off - energy-efficient
      95. Old - chronologically gifted
      96. Old Person / Elderly - Gerontologically Advanced
      97. Old Person / Elderly - Senior Citizens
      98. Panhandler - Unaffiliated applicant for private-sector funding.
      99. Paper Bag - processed tree carcass
      100. Perverted - Sexually dysfunctional.
      101. Pimp-mobile / Low-rider - Culturally Responsive Transportation Option
      102. Plagiarism - Previously Owned Prose
      103. Poor - economically marginalized
      104. Poor - Economically Unprepared
      105. Poor - monetarily challenged
      106. Postman - letter carrier
      107. Pregnant - parasitically oppressed.
      108. Prisoner - client of the correctional system
      109. Prostitute - sex care provider
      110. Psychobabble - constructivist feminist psychotherapy
      111. Psychopath - socially misaligned 
      112. Racist - genetically discriminating
      113. Really Big Nosed - nasally disadvantaged
      114. Redneck - person of region
      115. Redneck - rustically inclined
      116. Refugees - asylum seekers 
      117. Road Kill - Vehicularly Compressed Maladapted Life Form
      118. Rudeness - Tact Avoidance 
      119. Runny Nose - nasally gifted
      120. Senile Bag o' Bones - Alzheimer's Victim
      121. Serial-Killer - Person with difficult-to-meet needs.
      122. Shoplifter - Cost-of-Living Adjustment Specialist 
      123. Short - vertically challenged
      124. Sighted Person - temporarily visually abled
      125. Slum - Economic Oppression Zone
      126. Slut - suffering from a sex addiction (female)
      127. Someone who has no other reason to park in a handicapped zone - morally handicapped 
      128. Spendthrift - negative saver.
      129. Stained - creatively re-dyed
      130, Steward, Stewardess - flight attendant 
      131. Stoned - Chemically inconvenienced.
      132. Stud - suffering from a sex addiction (male)
      133. Stupid - differently-brained
      134. Stupid - intellectually impaired
      135. The Elderly - Senior citizens 
      136. Thin - horizontally challenged
      137. Thirsty - osmotically challenged
      138.Tone Deaf - musically delayed
      139. Too old/young - other aged
      140. Too Tall - people of height
      141. Tree-Hugger - environmental activist
      142. Trees - Oxygen Exchange Units
      143. Ugly - aesthetically challenged
      144. Ugly - Cosmetically different.
      145. Ugly - facially challenged
      146. Unemployed - Involuntarily leisured.
      147. Used Books - Recycled Books
      148. Vagrant - Nonspecifically destinationed individual.
      149. Vegetable - noble unconscious hero
      150. Vice President - Post-Coronary Leader of the Free World 
      151. Vocal Minority - target equity group
      152. Vomiting - Unplanned Reexamination of Recent Food Choices 
      153. Welfare Bum - economically disadvantaged
      154. White - melanin-impoverished
      155. White American - racially challenged
      156. White Boy - rhythmically challenged
      157. White Trash - caucasian culturally-disadvantaged
      158. Wife - unpaid sex slave
      159. Worst - least best.
      160. Wrong - differently logical.

      Delete
    5. " Wife - unpaid sex slave"
      Husband ????? :D

      Delete
    6. Husband - A bloody fool who is paying with his body & soul for just a bit of sex :)

      Delete
  3. .හෙහ්, හෙහ්, හෙහ් ........... :)

    ReplyDelete
  4. පොල්ලෙන් ගැහුවා වගේ එකපාර නවත්තලා තියෙන්නේ .. කෝ මේකේ ඉතිරි ටික..මන් දන්නවා ඔය කථාව මතක් උනේ මොකෝ කියලා :)

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      මොනවද උඹ දන්නෙ දැං ඔය?

      Delete
  5. කතාව යද්දි මැදින් වෙන සීං කෝං දාල කතාව ට්‍රැක් මාරු කරල එක පාරටම පොල්ලෙං ගහල වගේ කතාව නවතතනව... මං විරුද්දත්තය පොකාස කොරනව... ඇයි යකෝ කඩනවයි කියල මේම ආතල් කඩනවද

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      උඹ කියවල නැද්ද බං පංච තන්ත්‍රය? එතකොට එක් දහස් එක් රැය?..එව්වයෙ තියෙන්නෙ කතා ඇතුලෙ කතා.....මේකත් එහෙම තමයි...හෙහ්,හෙහ්.

      Delete
  6. oya mona gate dammath aiyata partyyata yanna wenne nama thama.....Balannako boruda kiyala..........

    ReplyDelete
    Replies
    1. Sacheera,

      හෙහ්,හෙහ් බලමුකො බලමුකො :)

      හැබෑටම කොහොමද එහෙම උඹ හරියටම ඉස්තිරවම කියන්නෙ?

      Delete
  7. අඩේ උඹත් බත් අනන්නෙ නැද්ද? මාත් ඔය විදියමයි. බත් ටිකට එලවළු මාලු ලංකලා කෑව!
    මිරිස් ඇඹරිල්ල නං මරු බං.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / අඩේ උඹත් බත් අනන්නෙ නැද්ද? මාත් ඔය විදියමයි. බත් ටිකට එලවළු මාලු ලංකලා කෑව! /

      හෙහ්,හෙහ්, අන්න ඒකනෙ බං...වෙල්කම් ටු ද බත් නොඅනන්නන්ගේ සංගමය...අනන්ට ගිහාම බං හැමතැනම ගෑවිල මට මහ වස අප්පිරියයි.

      / මිරිස් ඇඹරිල්ල නං මරු බං./

      විමලයට ඊට පස්සෙ වෙච්චි දේ අහපංකො ඉතිං...හෙහ්,හෙහ්, ඔය මිරිස් ඇඹරිල්ල ඌට Obsession එකක් උනානෙ..අන්තිමට කලේ මිරිස් ගලක් අරගෙන ගිහිල්ල බෙඩ් රූම් එකේ තියාගත්ත එක.ඇඳ අස්සෙ තියල තියනව දවල් දවසට. රෑට එලියට ගන්නව. එහෙම නැතුව කොහොමවත්ම බැරි උනා..කිව්වට විස්වාස කරපං මලේ මේ ඇත්තමයි.

      විමලය එක පාරක් ඔය නගර සෝබිනියක් ගාවට ගිහිල්ල වෙච්ච් ආතල් වැඩක් තියනව..ආයම දවසක කියඤ්ඤංකො හොඳේ...

      Delete
  8. දැං ඉතිං ඔය පර්මිෂන් ගැනිල්ලට තව කොච්චර කල් ගන්නවද?
    මොකද දැං ඊළඟට රතනපාලත් එක්ක බත් කන්නනෙ ලෑස්තිය. ඊට පස්සෙ ආයෙ අර විජේතුංගයගෙ නෝනගෙ තේ එකේ ඉඳල ඉහළට යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. Praසන්ன,

      ඔන්න දැං උඹමනෙ මට කියන්නෙ රතනපාලගෙ කතාව කියන්නෙයි කියල. මම හිතාගෙන හිටියෙ ඒක පස්සට දාල පර්මිෂන් කතාව ඊළඟ කොටසෙදි කියන්නංය කියල...

      Delete
    2. හැක් හැක්.... මම කිවුවත් නැතත් උඹ ඕක කියල තමයි ඉවරවෙන්නෙ කියල මම දන්නව.

      Delete
  9. ප්‍රශ්ණ අංක එක. මොකෝ බං උඹලා ග්‍රැවල් වලට ග්‍රෙවල් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ග්‍රැවල්ද බොලේ හරි වචනෙ?...අඩේ මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ ග්‍රෙවල් කියලනෙ...:)

      Delete
    2. අනික මම හිතන්නේ ග්‍රැවල් කියන්නේ එක එක සයිස් ගල් ගොඩවල් පොදුවේ හඳුන්වන නමක් නේද?

      Delete
    3. ග්‍රැවලි සොයිල් කියන එක තමා කට්ටිය ඔය " ග්‍රෙවල්" කියලා කෙටි කරගෙන පාවිච්චි කරන්නෙ.... කුඩා අංශු නැත්නම් ෆයින්ස් අඩු... ක්ලේ කන්ටෙන්ට් එක අඩු.... වැලි සහ බොරළු ප්‍රතිශතය වැඩි පස ඔය වගේ පාරවල් උඩට දැම්මාම පර්මියබිලිටි අඩු නිසා වැහි කාලෙට මඩ වෙන්නෙ නෑ....

      Delete
    4. Ano,

      ස්තූතියි පැහැදිලි කිරීමට ...:)

      Delete
  10. ප්‍රශ්ණ අංක දෙක: මෙතන නැද්ද පොඩි අවුලක්? හා, කට්ටියම හොයාපල්ල බලන්න මෙතන තියෙන අවුල.

    >>" හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…" විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට...<<

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හරි හරි බං...බදාම කොන්ක්‍රීට් අනන්ට ගන්න වැලි පිරිසිදුව තියෙන්න ඕන තමයි.ඒත් මිනිස්සු අනන්ත ඔය ඒ වගෙ වැඩ වලට ගන්ට කියල ගොඩ ගහල තියන වැලි ගොඩවල් වලට බුලත් කෙළ ගහනවනෙ. පස්සෙ වැඩට ගන්නකොට ඒ බුලත් කෙළ තියන හරිය අයිං කරල ගන්නව. ඒක එච්චර ගණං ගන්න එපා.අනික ඔය හැටිම සර්වතෝභද්‍රවාදියෙක් වෙන්ට එපා බං හෙහ්,හෙහ්...

      Delete
    2. හෙන්රි.. උඹ කියන්නේ කටේ කෙළ පුරෝගෙන ඉන්න එකා කොහොමද අර ටික කිව්වේ කියන එකද?

      රවි අයියේ මාත් ඔය ජාතියෙන් එකෙක් තමයි. අර බූර ගෙත් ඔය වගේ ලක්ෂණ තියනවා නේද? හරි දැන් කියපන් බලන්න සර්වතොභද්‍රවාදීන් තුන් දෙනෙක් උඹේ පාඨකයෝ වෙන එක, අපේ වැරැද්දක්ද උඹේ වැරැද්දක්ද?

      Delete
    3. නෑ බං නෑ. ඒක නෙවෙයි සීන් එක.

      එක්කෝ

      " හලි මහට්ටය මම ඩෙල්ලග් වැඩේ ටෙල් ටිකට…" විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට...

      නැතිනං

      විජේතුංගය කට පුරවං හිටපු බුලත් කෙල පාර ගැහුව එතනම තිබ්බ වැලි ගොඩකට. " හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට…"

      තේරුනාද උඹට? :D

      Delete
    4. තිසර මම උඹේ කමෙන්ට් එක දැක්කේ නෑ මචං. අන්න ඒක තමයි සීන් එක.

      Delete
    5. //" හලි මහට්ටය මම ඩෙල්ලග් වැඩේ ටෙල් ටිකට…"//

      උඹ කලේ කෙළ පුරෝගෙන මේක කියලා බැලුවා නේද? මාත් ට්‍රයි කලා බං.. මේ විදිහටමයි කියවෙන්නේ.

      Delete
    6. ඔක නෙමෙයි යකු නෙ මෙතන තියෙන දෙන්නගෙ හවුල් වියපාරෙ ගැන බලහල්ලකො හෙග් හෙග්
      // හරි මහත්තය මම දෙන්නං වැඩේ තෙල් ටිකට//

      Delete
  11. මම කැරට් උයල කන්නෙ නෑ රවී, අමුවෙන් හරි තම්බල හරි කෑවොත් මිසක,ගෝව මැල්ලුම නං බොහොම ආසාවෙන් කනවා ඕන්,විමළේය ඒ කර්තව්‍යයත් එතනම කරනවලුද.

    ReplyDelete
    Replies
    1. හැළප,

      / ,විමළේය ඒ කර්තව්‍යයත් එතනම කරනවලුද. /

      මේ මොනව අහනවද බං?..ඔන් ද ස්පොට්, එතනම මලා කියල අර කියන්නෙ කතාවට ඒ වගෙ තමයි. ඔන් ද ස්පොට් එතනම කලා..ඕකගෙ ගෙදර ඔය පුටු, මේස, අල්මාරි, රාක්ක වගෙ එව්වයෙ දාර ඔක්කොම රවුං කරල බොහොම සිනිඳුවට හදල තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  12. Ravi aiye me wade nam hari na hode.....Favouration karanawa kiyala mehemath.......Henryta thama wadi salakili..ai api kaluda........

    meeta comment walata reply nolabi sovin walapena kenek..........:'(......

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මම පට්ට කලුයි බං. හෙහ් හෙහ්! :D

      Delete
    2. ඇනෝ,

      අනේ නෑ බොලේ. එහෙම කළු සුදු සීන් එකක් මෙතන නෑ. හෙන්රි ගොයිය ප්‍රශ්ණ දෙකක් අහපු හින්ද එව්වට ඉස්සොරෝම උත්තර දුන්නෙ. නැත්තං මිසන්ඩර්ස්කර්ට් වෙන්ට ඇහැකි නෙව...

      හෙහ්,හෙහ්, හෙන්රිය සුදුයි කියලද ඔහෙ හිතාගෙන ඉන්නෙ...රෑ පානෙ ලයිට් ගියොත් එහෙම හෙන්රිය හිනා වීගෙනමයි ඉන්නව කියන්නෙ. නැත්තං ගෙදර අනික් එවුං ඇවිල්ල ඇඟේ හැප්පෙන කල් දන්නෙ නෑ.

      Delete
    3. //රෑ පානෙ ලයිට් ගියොත් එහෙම හෙන්රිය හිනා වීගෙනමයි ඉන්නව කියන්නෙ. නැත්තං ගෙදර අනික් එවුං ඇවිල්ල ඇඟේ හැප්පෙන කල් දන්නෙ නෑ.//

      හැක් හැක්.... නියම එක්ස්ප්ලනේෂන් එක.

      Delete
    4. මේ අහගනියව්. දැන් උඹලට මගේ හමේ පාටට මෙච්චර කල් දාපු කමෙන්ට් ඔක්කොම මකලා මගෙන් සමාව ගන්න වෙන දවස ඈත නෑ. අර සුද්දෝ ලංකාවට කරපු විනාසෙට දැන් වන්දි ඉල්ලලා නඩු දාන්න යනවා වගේ.

      හෑ? උඹලට විශ්වාශ නෑ? එහෙනම් බලාපියව් තිසරයා ඉහලින් දාපු කමෙන්ට් එක:

      උඹ White Lie කියපුවහම මට මතක් වුණේ... දැන් ඕක දේශපාලනිකව නිවැරදි නැහැලුනේ. බොරුවෙත් හොඳ එක සුද්දාගෙ නමට, නරක එක කල්ලට. ඉතිහාසයේ ශොකජනක නරක සිදුවීම් හඳුන්වනකොට යොදන 'කළු' කියන විශේෂණයත් (කළු ජූලිය වගේ) දැන් අහක් කරන්න යනවලු.

      ඕක මටත් අදාලයි. පරෙස්සං වෙයව්! ඔය හැක් හැක් ගාන එවුන්ටත් ඒ සන්තෑසියම තමය්.

      Delete
    5. දැං හැන්රියගෙ කෝකද අයින් කරන්නෙ. :D

      Delete
    6. අම්මට උඩු.. ඒ කියන්නේ හෙන්රි අයියව කවුරු හරි හෙටානිද්දා පට්ට ගහන සීන් එකක් තියේද..?

      Delete
    7. හැක් හැක් හැක් හැක් හැක්///
      හැක් හැක් හැක් හැක් හැක්///
      හැක් හැක් හැක් හැක් හැක්///

      Delete
  13. අම්මේ.... බොන්න අවසර ගන්නයි බොන්නයි ප්ලෑන් කරන තරමක් !! :D
    ඔය තෙල් වලට වැඩේ දෙන එක හරිම සුලභයි නේද.. සයිට් සම්බන්ධ අත්දැකීම් කියලා මට තියෙන්නේ මාස හයක මඩකලපුවේ ගත කරපු පුහුණු ජීවිතේ විතරයි. ඒ කෙටි කාලෙටත් සෑහෙන්න අත්දැක්ක දෙයක් ඕක.
    පයිලින්ග් වලට භාවිතා කරපු පාරුවට (barge) බෝට්ටුවකින් ගිහින්, ඒකෙ තිබුණු ක්‍රේන් එකේ තෙල් ටික අරන් ගිහින් තිබුනා දවසක්. අපරාදේ කියන්නේ මේ මිනිස්සු හොරකම් කරලා යනකොට ආපහු නිසි පරිදි වසා ගිහින් නැහැ, උදේ අපේ අය යනකම්ම ඉතුරු තෙල් ටික බටය දිගේ ලීක් වෙනවාලු පාරුවට.

    ReplyDelete
    Replies
    1. එක් මානවිකාවක්,

      / අම්මේ.... බොන්න අවසර ගන්නයි බොන්නයි ප්ලෑන් කරන තරමක් !! :D /

      සුරාවෙහි අගයත්,
      එහිඇති මනා ගුණයත්,
      බොන සුදනෝ මිසක්,
      නොබොන අනුවණ දනෝ නොදනිත්,

      සුබාසිතේ ඔහොම තියෙන්නෙ...දන්නවද?

      / ඔය තෙල් වලට වැඩේ දෙන එක හරිම සුලභයි නේද../

      එව්ව ඉතිං වලක්වන්න බෑ. ඇමරිකන් කම්පනි එකක් ඔය අපි හිටපු දිහාවෙ මහ විසාල ඇළක් ඉදිකලා. ඩීසල් හොරකම මහා පරිමාණෙන් කෙරෙන නිසා එයාලා අන්තිමට රතු පාට ඩයි එකක් දැම්ම ඒ ගොල්ලං නිකුත් කරන ඩීසල් වලට කඩවල්වල ගෙවල්වල තිබ්බොත් අඳුන ගන්ට. කරඳකොල වගෙ මට මතක..ඔය මොනවහරි කොල ජාතියක් පොඩි කරල දැම්මම අර ඩයි එක පතුලට බහිනව කියල මිනිස්සු හොයාගත්ත. පස්සෙ මාසයක් ගියේ නෑ අර කම්පනි එක ඒ ඩයි දාන වැඩේ අත ඇරල දැම්ම.

      Delete
  14. කැරට් හොඳියි ගෝවා මැල්ලුනුයි...? ඈ බං...
    එක්කෝ ඕන්නෑ...

    ReplyDelete
    Replies
    1. මාහෝ,

      මොකෝ බං කැරටුයි ගෝවයි.....

      එක්කො ඕන නෑ.....

      Delete
  15. "නැමිල ඔන්නම් දෙතුන් පාරක් එහාට මෙහාට අඹරන්ට විතරයි ඔන්න වෙන්නෙ."
    weekly/weakly වෙන්න ඉස්සරද?
    දෑන් ඔෆිස් එකේ පේපර් එකක්වෑටුනොත් වෙයි (හිතෙන්) ද?

    ReplyDelete
    Replies
    1. Pra Jay,

      / "නැමිල ඔන්නම් දෙතුන් පාරක් එහාට මෙහාට අඹරන්ට විතරයි ඔන්න වෙන්නෙ." weekly/weakly වෙන්න ඉස්සරද? /

      මේ මිරිස් ඇඹරිල්ලට සම්බන්ධ මම නෙවෙයි බොලේ විමලෙ අයිය.ඒ නිසා හරියටම කියන්ට නම් බැරිය. ඒත් උගෙ වැඩ පිළිවෙලේ හැටියට නම් Weakly වෙන්න බෑ Weekly වෙන්න ඕන එකත් එකටම.

      / දෑන් ඔෆිස් එකේ පේපර් එකක්වෑටුනොත් වෙයි (හිතෙන්) ද? /

      මම ඔය හිටපු ගමං පෑනක් ෆයිල් එකක් එහෙම බිම දාල බලනව..ම්හු..හරි යන්නෙ නෑ. දැං ඔය බිම වැටිච්චි මොකක් හරි අහුලන්ට නියම ක්‍රමය දණිස් වලින් නැවෙන එකය කියලනෙ කියන්නෙ. එතකොට උඩුකය පොළවට ලම්බකව තියෙන්නෙ. මෙහෙ ඉන්න අංගනාවියො ඔක්කොම ඔය ටෙක්නික් එක දන්නව. ඒ නිසා කිසිම නෑ ආතල් එකක්. ඒ මදිවට අපෙ කම්පනි එකෙන් මාස හයකට සැරයක් ඔය වැඩමුළු වගෙ එව්ව තියල සෞඛ්‍යය ආරක්සා කරගන්න විදිහ ගැන වීඩියෝ එහෙම දාල කියල දෙනව. මට නේද? මරාගෙන මැරෙන්ට හිතෙනව..අනේ ඇත්තමයි.

      Delete
    2. කාලෙ හෑටියට adapt වෙන්න තමයි තියෙන්නෙ.
      දණිස් වලින් නැවෙන කොට (කොට skirt එකක් නම්) ඉස්සර හිටියට පාඩුවක් නෑතිවෙයි මම හිතන්නෙ

      Delete
    3. Pra Jay,

      ප්‍රා ලෑස්ති මගෙ ** තලවන්ට වගෙ කෙල්ලන්ට කියල. එහෙම කොහොමද කරන්නෙ? පෑනක් හරි ෆයිල් එකක් හරි බිම දාල " Hey, Can you please pick that up for me?" කියල දුවගෙන ගිහිල්ල ඉස්සරහින් ඉන්ට පුළුවන්ද හැබෑට? අනික ෆුල් ආතල් එකක් ගන්ටනම් මමත් දණිස් දෙකෙන් නැවිල ඉන්න ඕන. Half Squatting ....ගුටි කාල මැරෙන සීන් එකක් ඒක..හෙහ්,හෙහ්,

      Delete
  16. රවි අයියෙ ඔය වැඩෙ හරියන්නෙ නැ.ඉස්සෙල්ල බිල පස්සෙ අවසර ගනින් .මෙ මන් වගෙ .ඔ යෙස්.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මහ රෑ දෙකට විතර ඔන්න පොරක් වැනි වැනි යනවලු පාර පුරා..මුර සංචාරයෙ යන රාළහාමි කෙනෙක් මිනිහව නැවැත්තුව.

      " මේ අයිසෙ..කොහෙද මේ මහ රෑ යන්නෙ ඈ ? "

      " රාළහාමි ….මම මේ... මම මේ….ලෙක්චර් එකකට යනව."

      " ඈ? ලෙක්චර් එකක්? …..බොරු කියන්ට එපා….කවුද මනුස්සයො මේ වෙලාවෙ ලෙක්චර් තියන්නෙ? "

      " මගෙ වයිෆ්"

      Delete
  17. මට කතා පොත් ගොඩකින් ඔලුවට ගැහැව්ව වගේ.. :D :D

    බත් ඇනිල්ල නම් රවි අයියෙ, මගෙත් ඔහොම්මම තමයි. කැපුව, ගෙනාව, ඊ ගාවට කටේ. සමහර වෙලාවට කඩේකින් එහෙම කන්න ගියාම මං දැකල තියනව ඉන්න උන් බලාගෙනත් ඉන්නව.

    //පොඩි ෂතා ඉන්න ෂන්දිය// පුල් බක් හන්දිය.. :D

    ReplyDelete
    Replies
    1. Chandana,

      / බත් ඇනිල්ල නම් රවි අයියෙ, මගෙත් ඔහොම්මම තමයි./

      අම්මපල් කියාපං මලේ..හෙහ්,හෙහ්, උඹත් එහෙමෙයි? :)

      Delete
    2. ඕ යැස්.. අම්මප රවී අය්යේ, ඕක කොහෙන් පුරුදු වුනාද මන්ද මට. මතක ඇති කාලේ ඉඳන් එහෙමයි මගේ කෑම.අතේ ඇඟිලි වල වුනත් පුරුක් දෙකකින් උඩට ගැවෙන්නේ නෑ. තව කවුරු මොකක් ඇහුවත් කටේ තියන ටික ගිලල මිසක් නෝ උත්තර..

      අන්න එහෙම හොඳ ළමයෙක් මං :)

      Delete
  18. හෙහ් හෙහ් . කතාව දඩස් ගාල ඉවර උනාට රහයි මොකද හොඳ ලුණු මිරිසක් තිබ්බනේ.

    ReplyDelete
    Replies
    1. Thilaka sitha,

      හෙහ්,හෙහ්, ස්තූතියි තිලක්...:)

      Delete
  19. උඹේ කතාව නම් ගලේ අඹරපු සම්බෝලේ වගේ රහයි අයියේ. නවත්තන්නේ නැතුව පැය ගානක් උනත් කියවන්න පුළුවන්. ඉක්මනින්ම පොතක් එළිදක්වපං...උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. Chandana Gunasekara,

      හෙහ්,හෙහ්..ස්තූතියි චන්දන මල්ලි....බොහොම ස්තූතියි..:)

      Delete
  20. මේ පර්මිශන් එක ලේසියෙන් හම්බුවෙන එකක් නෑ වගේ.. කෝමත් ඉතින් මේ වගේ එකකට පර්මිශන් ගන්න අමාරුයි තමයි.. බලමුකෝ ඉතින්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      දෙන්නෙම නෑනෙ බං පර්මිෂන්..ඒකනෙ වෙලා තියෙන්නෙ :)

      Delete
  21. විමලෙගෙ නෝනා මිරිස් ටිකක් උනත් අඹර ගන්නව ඇත්ත මනුස්සය ගෙදර නැති වෙලාවක් බලල වෙන්නැති... අනේ පව්... ඔයාලගෙ පුංචි කුස්සි කෑල්ලෙ තව මිරිස් ගලකුත් තිබ්බ නම් කොහෙද... හැබැයි ඔය කියන විදියට නම් ඒකත් ඕන වෙලාවට ගෙනැත් තියාගන්න වෙන්නෙ අර කිව්ව ගමරාළගෙ වංගෙඩිය වගේ තිබ්බ මේසෙ උඩමයි... එතකොට විමලෙ ඇඳ යටින් ගත්තා වගේ අවශ්‍ය වෙලාවට මේසෙ උඩින් තියාගන්න තිබ්බා... :D

    "යේක බල්ලගෙ පෂ්ෂ පැත්තෙ වහන පොඩි ෂතා ඉන්න ෂන්දිය තමා අප්පා"
    මේක කියවලා පණ යනකම් හිනා වුණා.. හයියෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මියුරු...:)

      ඒක නෙවෙයි..මොකෝ මේ ඔහෙට වෙලා තියෙන්නෙ?...පංති කාමරේ හේදුවට පස්සෙ මොකෑ උනේ? සිසිර තාරක නිද්‍රාවට පත් උනා වත්ද? :)

      Delete
    2. ඔව් අනේ... බොහොම අමාරුවෙන් තමයි නැගිට ගත්තෙ... :D

      Delete
  22. කියෝලා නම් හුඟක් කල් ...කොමෙන්ටුවක් කොටන්න බැරි වුනාට . ඔහෙටම කැපෙන බාරියාවක් මහා බඹා මවල තියෙනව . ඔන්න එච්චරයි මට නම් කියන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. Bindi,

      හපොයි ඒකට මක් වෙනවයි? අර වැන්දබෝනා කිව්ව වගේ නෝ පොබ්බොම්..හෙහ්,හෙහ්,

      අරුන්දැ ගැන කියාපු එක නම් ඇත්තම ඇත්ත. නැත්තං එහෙම මේ දීගෙ හමාර වෙන්නෙ මාස තුනක් යන්ට ඉස්සෙල්ල.

      Some people ask the secret of our long marriage. We take time to go to a restaurant two times a week. A little candlelight, dinner, soft music and dancing… she goes Tuesdays, I go Fridays. - Henry Youngman

      Delete
    2. ''when my wife and I have a fight I have the final word ''
      .
      .
      .
      ''ok''


      By
      ආතර් අන්නෝන් ''

      Delete
    3. Bindi,

      අපෙ ගෙදර බිත්ති පුරා මම රාමු කරල එල්ලල තියනව විවාහය ගැන කියවෙන රුවන් වැකි. නිතරම එව්ව කියවන එක තමයි මම හිතන්නෙ අපෙ සාර්තක විවාහ ජීවිතයෙ රහස...

      Wife - I feel terrible, I look old, fat and ugly. I really need you to pay me a compliment.

      Husband - Your eyesight is damn near perfect

      And then the third world war started.


      ********************************

      Marriage is like a deck of cards, in the beginning all you need is two hearts and a diamond, By the end you wish you had a club and a spade.

      ********************************

      Sure , marriage can be fun some of the time. The trouble is you are married all the time.

      ********************************

      Wife : You never listen to me, you only hear what you want to hear,

      Husband : Sure , I will have a beer.


      ********************************

      Marriage is having someone who will die for you if you don't kill him first.

      ********************************

      Marriage is like a workshop, Husband works and wife shops

      Delete
  23. රවී........ආතල් කතා සෙට් එක බන්...බලපන් හැමෝම කැමති මිරිස් ගල් කතාවට. වල් හැත්ත. මිරිස්ගල් නැති නිසා මමනම් කැමති ...ඇඳේ ඔළුව තියෙන පැත්තේ බෙඩ් ශීට් එක යට කරන්නේ ඇඳ උඩ දණ නමාගෙන....ඒ තරම් සොඳුරු දර්ශනයක් තියෙනවාද....අදත් ඒ පැත්තේ බෙඩ් ශීට් එක බුරුල් කරලා තියන්න ඕන.

    ////// ( Preliminary Infrastructure Facilitating )

    " ෂිහ්...මේ මඟුල් රස්සාව මටනම් දැන් එපා වෙලයි තියෙන්නෙ......" කන ගමං මම ඔහෙ නිකමට වගෙ කිව්ව…

    " මේ කැරට් වෑංජනේ නම් නියමයි..තව තියනව නේද? " පීඟානත් අරගෙන නැඟිටින ගමන් මම ඇහුව.. /////////

    යකෝ මේක සාර්ථක ක්‍රමයක්. මම භාවිතා කරනවා....දැන් දැන් නෝන්ඩි හැබැයි.

    මට නම් මේ ඉඳිල්ල එපාවෙලා කියපු ගමන් දැන් අහන්නේ.....අදත් බොන්න සෙට් වෙන්නද ට්‍රයි එක කියලා.

    ReplyDelete
    Replies
    1. Aru,

      / රවී........ආතල් කතා සෙට් එක බන්...බලපන් හැමෝම කැමති මිරිස් ගල් කතාවට./

      ඒකනෙ බං..ඉන්න තරමක් ඉන්නෙ අසබ්‍ය සිතැත්තෝ/සිතැත්තියෝ....:)

      ස්තූතියි අරූ....

      Delete
  24. මිරිස් ඇඹරිල්ල ගැන කියද්දි තමා මට අපේ මහත්තයගේ මොළේ තරම මීටර් වුනේ..එච්චර කල් මම එයාව අඩු තක්සේරුවකින් නෙව හිතං ඉඳලා තියෙන්නේ..

    අපි බැඳලා හනිමුන් ගිහිං ඇවිල්ලා එහෙම කාරිය අපි කුලියට අරං හිටිය ගෙදර පදිංචියට යන්ට පිටත් වුනා..ඒ ගෙදර ඔය පොඩි පොඩි අඩුම කුඩුම හරි පිළිවෙලක් තිබුනේ නැති නිසා අපි දෙන්නම අපේ අම්මාත් එක්ක ලිස්ට් එකකතු හදාගෙන බඩු ගන්න ටවුමට ගියා..
    කඩේදි...

    අපේ අම්මා: පුතේ අපි මේ මිරිස් ගල ගමු නේද? සම්බෝලයක්වත් රසට හදාගන්න එපැයි.
    අපේ මහත්තයා: ඒක ඇත්ත අම්මේ සම්බෝලයි බතුයි කාලා ඉමු කියලනේ කසාද බැන්දේ..ඒත් ඔය මිරිස් ගල ඇරෙන්න වෙන මොනවත් නැද්ද?
    අපේ අම්මා: (මිරිස් ගලක් ගන්න අපි දෙන්නට සල්ලි නැතුව ඇති කියලා හිතලා) එහෙනම් ඉතින් අර ලී වංගෙඩියවත් ගමු.

    ගෙදර යන ගමන්..

    මම: ඔයා මොකද අර මිරිස් ගල ගන්න බෑයි කිව්වේ..
    මහත්තයා: නෑ..ඉතින් ඕක අරං ගියොත් මටමනේ ඔය සම්බෝලේ අඹරන්න වෙන්නේ...


    රවීගේ පෝස්ටුව කියවන ගමන්..
    මම: අනේ අම්මපා මේ මනුස්සයා එදා ඒ කියපු එක මට හරියට තේරුනේ අද නෙව..!!

    ReplyDelete
    Replies
    1. Ruu,

      / මිරිස් ඇඹරිල්ල ගැන කියද්දි තමා මට අපේ මහත්තයගේ මොළේ තරම මීටර් වුනේ..එච්චර කල් මම එයාව අඩු තක්සේරුවකින් නෙව හිතං ඉඳලා තියෙන්නේ../

      අන්න බලාපං ...අපි ලියන එව්ව කියවන එකේ පොරෝජනේ..ආනන්දයෙන් මරියකඩේට කියල කියන්නෙ නිකංය? නොමිලෙම ලේ ඩිංග පිරිසිදු වෙනව අමතරව සුවාමි පුරුස් තෙමේ ගැන අලුත් ඇහැකින් බලන්ට හැකියාව ලැබෙනව. දැක්කද එතුමා එහෙම කුසාග්‍ර බුද්දිමතෙක්ය කියල ඔය ළමය දැනගෙන හිටියෙ නෑ නේද මෙතෙක් කාලෙකට?...

      එහෙම නැත්තං අද උන්දැ ගෙදර ආපු ගමං ගොඩ වෙයං ඇඟට " හුහ්, අම්මප මම අදනෙ දන්නෙ මෙයාගෙ තරම...මම හිතුවෙ නෑ ඔහොම අසබ්බිය දේවල් හිතේ තියං ඉන්න කෙනෙක්ය කියල..ෂික්..බොහොම සවුත්තුයි..අන්තිම අසෝබනයි,"

      Delete
  25. හෙ..හේ... නියම කතා සෙට් එක රවි... හිනාවෙලා පනයනවා...:) thankx Ravi... :)

    ReplyDelete
    Replies
    1. සඳා,

      ස්තූතියි ඔබටත් බොහෝසේ...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...