Tuesday, February 25, 2014

245. සඳ එළිය……..Moonlight Sonata


View-Of-Knostrop-Hall-In-Moonlight-by-Walter-Meegan

ගිරග ඇඳි සඳ එළිය විඳිනෙමි,
සිහිල දනවන නෙත්පුරා,

සුනිල දිය මත තරඟ නංවයි,
මුහුල පිණිබිඳු ගිලිහෙනා,

පැසුළුයම නිදිනොමැති සකුණකු,
නඟන ගී රාවය අසා,
මත්ව අරවින්දයක පෙතිමත,
රන්මසුන් යුග වැතිරෙනා,

තරඟ නැඟෙනා සුනිල දිය මත,
සහස් කඩකට බිඳියෙනා,
සොළොස්වක පිරි සරා සඳවත,
වළාසළුපට මුව වසා,

රත ලවන යුග මීවිතකි සිත,
එසැණ මත්වන රඟ සොබා,
අඩවන්වු මියුලැසක නෙත්සර,
විදුලිසරමෙනි ගිරිහිසා,

අපරිමිත සෙනෙහසින් පිරවුනු,
මහද නුඹ වෙත පුදමිනා,
සොඳුර නළලත සෙමෙන් සිපගමි,
සුවඳ විඳිමින් ළයපුරා,

63 comments:

  1. අයියේ විස්වාස කරනවා නං විස්වාස කරපං නැත්තං ගෙදර පලයං, මම මේ කියන්නමයි හිටියේ සෑහෙන කාලෙකින් කයියක් ලිව්වේ නෑ නේද කියලා... උඹේ කලින් එක වගේ නෙමෙයි මේක නම් තේරෙනවා... උඹ හැමදාම අලුත් වචන දානවනේ කවි ලියනකොට... "පැසුළුයම" තේරුම මොකද්ද, නිකං අළුයම වගේ එකක් කියලා තේරෙනවා...

    ReplyDelete
    Replies
    1. මටත් ඒක මීටර් නෑනේ. පැසු අලුයම ද මන්ද. තව මෙන්න මෙව්වා තේරුනේ නැනේ. මුහුල , 3 weni kawiyen adahas karana de... ?

      Delete
    2. තිසර,

      දවස බෙදෙනව කාල පරාස හයකට.

      පූර්වාහ්නය = උදෑසන 6 සිට උදෑසන 10 දක්වා
      මධ්‍යාහ්නය = උදෑසන 10 සිට පස්වරු 2 දක්වා
      සායාන්හය = පස්වරු 2 සිට පස්වරු 6 දක්වා
      රාත්‍රි ප්‍රථම යාමය = පස්වරු 6 සිට රාත්‍රි 10 දක්වා
      රාත්‍රි මධ්‍යම යාම, = රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා
      රාත්‍රි පශ්චිම යාමය = අලුයම 2 සිට උදෑසන 6 දක්වා

      පශ්චිම යාමය තමයි පැසුළුයම කියන්නෙ..පාන්දර 2 ඉඳල උදේ 6 දක්වා ....

      මුහුළ = හිස මුදුනත බැඳි කෙස් කලඹ

      කයියක් ලිව්වෙ නෑ බං සෑහෙන කාලෙකින්..ඒ හින්දමයි ලිව්වෙ....ස්තූතියි තිසර...:)

      Delete
    3. සිංදුවා,

      / තරඟ නැඟෙනා සුනිල දිය මත, 
      සහස් කඩකට බිඳියෙනා, 
      සොළොස්වක පිරි සරා සඳවත, 
      වළාසළුපට මුව වසා, /

      විල් දිය මත රැළි ඇඳීයන කල පුරා සඳ පිළිබුඹුව දහසක් කැබලි වලට බිඳී යයි. ඒ දකිනා සඳවත වළාසළුපටින් මුව වසා ගනියි.

      Delete
    4. රාත්‍රී පශ්චිම යාමයේ නිදි නැතුව කෑගහන සකුණා කියන්නේ මොකාද රවී.....

      Delete
    5. උත්තරේ රන්දිල් පල්ලෙහා ලියලා.

      Delete
  2. සංවත්සරයක් වත්දෝ ...සඳ ගැන ලියා ඇත්තේ

    ReplyDelete
    Replies
    1. බින්දි,

      මොන සංවත්සරයක්වත් නෑ බොලේ...මේ පහුගිය ටිකේ මම එවුන්දැ ගැන ලිව්වනෙ දිගට හරහට. උන්දැ අරම කලාය මෙහෙම කලාය අරම කිව්වය මෙහෙම කිව්වය කියල.මාසයක් දෙකක් වගෙ ඔය රටේ නැති ගංසබා වැඩ අල්ලගෙන ගිණි කුන්දමේ එහාට මෙහාට දුව දුව හිටියෙ ඔය මනුස්ස දූ.මම සිංහය වගෙ එයයිගෙ විස්තර ලිව්වෙ ඒ නිසා.

      අප්පට සිරි ඔන්න පෙරෙයිද තමයි නිවාඩුවක් හම්බවෙලා මම ලියාපුව කියවල තියෙන්නෙ. හප්පච්චියේ ස්කයිප් එකෙං ඇවිල්ල කෑගැහැව්ව විදිහට ලැට්ටොප් එකත් බය වෙච්ච පාරද කොහෙද ඔන් ද ස්පොට් ස්විච් ඕෆ් උනා. ඒකෙත් වැරැද්ද මයෙ කරපිටිං ගියෙ , මම ඕෆ් කලාය කියල.ලැප් එක ආයම එක පාරට ඔන් උනෙත් නෑ කොටිම්ම...හෙහ්,හෙහ්,හොඳටම බය වෙලාද කොහෙද...

      යන්තං ආය කනෙක්ට් උනගමං මට ආයම බැණගෙන බැණගෙන ගියානෙව. එව්ව මෙතන ලියන්ට බෑ. මට මහ මොකක්ද වගෙ.ඒ පාර ඊයෙ දවසම කල්පනා කලා මොකද මේකට කරන්නෙ කියල. අන්තිමට රෑ තිස්සෙ නිදිමරාගෙන මේම්මේ කවිය ලිව්ව ටිකක් ඒකෙංවත් හිත හැදෙයිද කියල බලන්ට..:) මෙව්වට කියන්නෙ Damage Control Poems.... හාණි පූරණ කාව්‍ය සංකල්පනා...:)

      Delete
    2. අපොයි දෙය්යනේ ..මන් හිතන්නේ අක්කණ්ඩිට කියන්න ගුරුවරී කියල මාතෘකාව තිබ්බට මන් ඔයා ගැන වචන දහයක් ලිව්වේ නැහැ මෙයා කියල. ඕනනම් ඔය සාක්කියට අපි ඉන්නව .

      Delete
    3. සඳාට ඕකට කේන්ති යන්න දෙයක් නෑනේ බං. උඹ එයා ගැන මොකුත් ලිව්වයැ, වෙන වෙන කතන්දර කිය කිය හිටියා මිසක්? ඔය කේන්ති යන්න ඇත්තේ මොකුත් නොලිව්වටද?

      Delete
    4. බින්දි,

      අක්කණ්ඩි?????... හුහ්..එවුන්දැගෙ හැටි නොදැනයි උඹ ඔය අක්ක බක්ක කියන්ට යන්නෙ.. උන්දල ඇවිල්ල කැන්ඩියන් වලව්වලත් ග්‍රේඩ් වන්..ක්ලාස් වන් ..තේරුණා නේද? බොලා වගෙ පාත්තියො උන්දැට එක්කො චූටි මැණිකෙ කියාපල්ල නැත්තං අපෙ දෙයියො කියාපල්ල. උඹෙ වෙලාවට උන්දලගෙ හිටිය අලි දෙන්නම මිය පරලොව ගිහිල්ල කාලෙකට ඉස්සර. නැත්තං එහෙම බලාගන්ට තිබ්බ වැඩේ...

      Delete
    5. හෙන්රි,

      ආ..උඹත් ආවද?...උඹත් එක්කත් උන්දැ ඉන්නෙ අම්බානක තදවෙලා. අර උඹ දීපවත් ඉස්සරකරගෙන නෑදෑකං පවත්තන්ට ආවය කියල ඒ ටිකේ මගෙ කං හෝ හෝ ගානකල් මට බැන්න. අන්තිමට කොටිම්ම මට වියෝජී කෙනෙක්ගෙං බෙහෙත් ගන්ටත් උනා කොටිම්ම කණට..දෙයියම්පල්ල..

      Delete
    6. මක් කිව්වා ..අලි කිව්වම මතක් වුණේ .අපේ පැත්තේ හිටියා ඉඩකඩම් හුඟක් තියෙන පවුලක්. හැබැයි ඉතින් අපේ පැති වල ඔය වලව් ඉලව් නැහැනේ ..මේගොල්ලන්ට ඕන වුනා මේක නිකන් වලව්වක ගානට නග්ගල ගන්න . පවුලේ එක පුතෙක් බඳින කොට දෑවැද්දට හම්බ වුනානේ අලියෙක්. අලියෙක් කිව්වට ඉතින් කනාටු වයසක එකෙක්. අනේ මේ අසරණය පොල් වත්තේ බැඳ දාල හිටිය කාලයක් ..අරුන්ගේ තත්වය රකින්න ..ඊට පස්සේ මලාද කොහෙද ටික දවසකින්..පව්

      Delete
    7. එහෙමද? එහෙනම් මම දැනට උපක්‍රමශීලීව පසු බැහැලා ඉන්නං. Hell hath no fury than a woman scorned කියලා විලියොං හෙල්ල හොලොවන්නා කිව්වේ නිකංයැ.

      Delete
    8. @ ඩූඩ්.....විලියම් හෙල්ල හොලවන්නා.....නියම කියමන.

      Delete
    9. ආර්ස් ඇන්ඩ් හෙන්රීස්,

      ඔය හෙල්ල හොල්ලන්නා ඇත්තටම ලංකාවෙ...හරියටම කිව්වොත් මනුස්සයගෙ තාත්ත තමයි ලංකාවෙ.... ගම ඇවීල්ල මේ දෙවුන්දර...වාසගම සීක්කුපේරු..

      මිනිහ ඉලංදාරිය කාලෙ මූදු ගිහිල්ල කුණාටුවකට අහුවෙල පාවෙල යද්දි ඉංග්‍රීසි නැවකට හම්බවෙලා එංගලන්තෙට එක්කගෙන ගිහිල්ල. පස්සෙ එහෙ පැලපදියං වෙලා සුදු කෙල්ලෙකුත් කරකාර බැඳගත්ත නෙව. සීක්කුපේරු කියන නම Anglicize කරගත්ත ෂේක්ස්පියර් කියල.

      මෙහෙ ඉද්දි දක්ස නාඩගං කාරය. ඒ හැකියාව පුතාටත් ගියා.පුතා තමයි විලියම් ෂේක්ස්පියර්. තාත්තගෙං ඉගෙන ගත්තු නාඩගං තමයි එයා නාට්‍ය හැටියට ලියල නිෂ්පාදනය කලේ.

      අන්න බලන්න හසන්ත මහත්තයෝ..ඒ ලෝක ප්‍රසිද්ද නාට්ටිය කාරය පවා කොහෙ මනුස්සයෙක්ද? මේ අපේ රටේ..මේ අපේ රටේ..මේක ආස්චර්යයක් නෙවෙයි ද හසන්ත මහත්තයෝ මේක ආස්චර්යයක් නෙවෙයිද?

      Delete
  3. ලස්සන කවිය.. මාත් අහන්න හැදුවෙ විශේෂයක්ද කියලා ? මේ "' මුහුල '' කියන්නේ මොකක්ද අය්යේ?

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      නෑ බං මොන විශේෂයක් වත් නෑ.. කඳු නෝනා මහත්තැංගෙ පෝස්ට් එහෙකට කවියක් ලිව්ව.. ඒකම ආයෙ දික්කරල කවි පංතියක් ලියන්ට හිතුන.සෑහෙන කලෙකින් කවියක් ලිව්වෙත් නෑ නෙව...හෙහ්,හෙහ්,

      මුහුල කියන්නෙ ඉහලට කරල බඳින කොණ්ඩෙ...මුහුළ ගිලිහුනු යුවතියකසේ....බොහොම ස්තූතියි නංගි..:)

      Delete
  4. හරිම සැහැල්ලුයි.. රවියෝ මට පොඩි ඇලජික් එකක් තියෙනවා උඹේ හෙඩින් වල.. “ගුරුවරියකට සමග“ කියල කිව්වම මට එන්න හිතෙන්නනෙම නෑ කියවන්න.. තව ඒ වගේ කිහිපයක් තියෙනවා නොබලන. දාලා තියෙන නම නිසාම. වෙන හේතුවක් නෑ. කොච්චර ට්‍රයි කරත් හදාගන්නත් බෑ. හිටහංකෝ ඒ ගැනත් පෝස්ට්කටුවක් දාන්න ඕන. කව්ද පිස්සා කියල දැනගන්න..

    ReplyDelete
    Replies
    1. ලැච්චර් තුමා,

      ඕකට කියන්නෙ ශීර්ෂපාඨ අසාත්මිකතාව කියල. සුළු රෝග තත්වයක්. කලබොල වෙන්ට දෙයක් නෑ.ප්‍රතිකාර විදිහට කරන්ට තියෙන්නෙ ශීර්ෂ පාඨය වැහෙන්ට ස්ක්‍රීන් එකේ ගම්ටේප් කෑල්ලක් අලවන එක. අද්දුටුවයි, සත්තයි, ප්‍රත්තියාක්සයි, කිරිගහට ඇන්න වගෙ තමයි Like Stabbing the Milk Tree...:)

      / “ගුරුවරියකට සමග“ කියල කිව්වම මට එන්න හිතෙන්නනෙම නෑ කියවන්න /

      ඔව්ව ඔහොම තමයි බොල..ගුරුවරියො බැඳල ඉන්නකොට එහෙම තමයි, ගුරු කියන නම ඇහුවත් මයිල් කොයිල් වෙනව. ඌර්න රෝම දාතුව ඉර්ජුවෙලා නලියන්ට ගන්නව. මටත් එහෙමමයි. ඒත් මොකෝ බොලේ කොරන්නෙ? පූරුවෙ කරුම කියන එව්ව ආය ගල ගාල ගෙවන්ටය? විඳවලාම ගෙවන්ට ඕන..විඳවලාම ගෙවන්ට ඕන..

      Delete
    2. ඇයි බොල දැන් මේ ගුරුවරීගෙ හිත හදන්න කයිය ලියල මේ ටික දැක්කම ආයෙත් බොට ස්කයිප් එකෙන් පොලු පාරක් කන්න වෙනවනෙ වදේ...

      Delete
    3. මියුරු+++++++++++++++++++++

      Delete
    4. අනේ රවියෝ උඹ කන හැටි මට බලං ඉන්න ඇහැකිය.. මං එනවා දිගටම.. හැක්

      Delete
  5. Replies
    1. ස්තූතියි කඳු, Thanks so much for the inspiration …:)

      Delete
  6. ගොඩක් දවසකින් අයියගේ කවි නිර්මාණයක් රස වින්ඳේ.... සමහර වචන නම් තේරැනේ නෑ. උඹට වෙලාවක් ලැබුනම ඒ වැඩිය ඇස නොඟැටෙන වචන ගැන පොඩි පැහැදිලි කිරීමක් කලොත් කවිය හොඳින්ම තේරැම් අරන් රස විඳින්න පුලුවන් කියලා හිතුනා. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. චන්දන,

      අමාරුයි කියල හිතෙන වචන රන්දිල් පැහැදිලි කරල තියනව නේද? තව මොනව හරි තියේනම් කියන්න මල්ලි...:)

      Delete
  7. ගිරග - ගිර අග, කඳු මුදුන
    මුහුල - පොහොට්ටුවට කියනවා ඒත් මෙතැන ගැලපීමට මට තේරුනේ නැහැ
    පැසුළුයම - මධ්යඅම රාත්රිඳයට පසු යම
    සකුණකු - කුරුල්ලකු

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      අඩේ පොහොට්ටුවට මුහුල කියනවයි කියල මම දැනගෙන හිටියෙ නෑ...:)

      මුහුල නමුණුකුළ ගිරිහිස ...:)

      Delete
    2. තුමුල නමුණුකුල... (තුමුල - විසල්) :D

      සමහර විට මුහුල කොණ්ඩෙට සම්බන්ධ වෙන්නේ පොහොට්ටුවක් වගේ කොණ්ඩේ බඳින එක අදහස් කරන්න වෙන්න ඇති. මම කොහෙ හරි කවියක දැක්ක ඔය වචනේ, හොයාගන්නම බැහැනේ...

      Delete
  8. අම්මෝ... පුදුම රොමෑන්ටික් කවියක් නේ....

    හි හි හි..... හොදයි.. හොදයි.... හි හි හි.... ;-)

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      අන්න එහෙමයි අපි හරිද? රොමෑන්ටික් බාවය දෙකංසෙං පෙරෙන්නෙ තේරුණාද? දෙකංසෙං..කොහෙන්ද? දෙකංසෙං..දෙකංසෙං...

      Delete
    2. හපොයි..... පෙරෙනවා කිව්වා? ෂෙක් .....
      එක්කෝ ඕන්නෑ ....

      Delete
    3. මොනවද බොල ඕන නෑ කිව්වෙ? පෙරෙන එව්වද?

      Delete
    4. නෑ මම මේ කිව්වේ.. මට තියෙනවා නේ පොඩි අවුලක්... සිංහල වචනයක් දැක්කොත් විසන්ධි කරලා බලන්න හිතෙනවා... මෙයාගේ මේ 'දෙකන්සෙන් ' දැක්ක ගමන් හිතුනා..

      එක්කෝ ඕන්නෑ ....

      ආපහු හිතුනා...
      එක්කෝ ඕන්නෑ ....!!!!

      අන්තිමට කොමෙන්ටුව මකල එඩිට් කළා....

      --------------------
      මේ රවී...
      ඔය රොමෑන්ටික් කවි තියෙනවා නේද? ලියවෙන්නෙම කඩදාසිය ලිපේ දැම්මා වගේ හෙන හදිස්සියෙන් නේ.... ඉස්සර ලියපුවා දැන් කියෝනකොට මගේ නම් මවිල් කෙලින් වෙනවා...
      'හපොයි.... මේ මොන විලිසන්ගේ නැති එව්වද' කියලා

      ඉතින් අර කොස් ඇට හංගන මී පැටියා වගේ ඊට පස්සේ කොහේ හරි හංගනවා කාගේ හරි ඇහේ වදී කියලා.... මට නම් ගොඩක් වෙලාවට වෙන්නේ... අනිත් සියලු තැන්වලට කලින්, එතනින් ඒක හොයාගන්නවා නේ අපේ අක්කා ඉස්සර! ෂෙක් .... ඒ වගේ දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න එපා

      Delete
  9. මේක මූන්ලයිට් සොනාටා එකේ තාලෙටද ගායනා කරන්න ඕනෑ සූර්්‍යාභිධානයෙනි, මං දැන ගත්තා සඳවතිය නිමාඩුවට ගෙන්න ගන්න ඕනෑ කියලා කියද්දි මේ වගේ කවි හද හදා ඉන්නවා ඇති කියලා............ :)

    ReplyDelete
    Replies
    1. ////සඳවතිය නිමාඩුවට ගෙන්න ගන්න ඕනෑ කියලා කියද්දි මේ වගේ කවි හද හදා ඉන්නවා ඇති කියලා............ :)/////////
      හා..හා..හා... ඒකයි මේ ලයිට් නැත්තේ කිව්වාලු.

      Delete
    2. රන්දිල්,

      පිස්සුද බං? මේක කියන්න ඕන " යුද්දෙට මම ගියා... ගෑණි ගෙදර තියා.... මගෙ යාලුවො මං එනතුරු... උන්දැ බලාගයි නිරතුරු " අන්න ඒ තාලෙට....

      Delete
    3. අරූ...

      ආ.....ඒකයි මේ සෙනඟ නැත්තෙ කිව්වලු...

      අපිට තමයි පූෂ්..පූෂ් කිව්වලු...

      නැතිබැරිකමට ***** ******** ණයට ******** කතා කරනවලු

      හැටපහත් වයසක්ද නංගී කිව්වලු...

      Delete
    4. පුහුල් හොරා කරෙන් දැනෙයි කිව්වලු

      ගහ දන්න අයට කොළ කඩන් පානවා කිව්වලු

      .....................
      මගේ හොඳ යාලුවෙක් උන්නා, ඔය විදියෙමයි... ඉදල ඉඳලා කියන්නෙම 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතාමයි !

      Delete
  10. අපූරුයි! සොඳුරු මෘදු කවියක්!

    ලා කහ එළිය වෙමි මම
    තුරු මුදුන් මත තැවරුණ
    රාත්‍රිය එළඹෙනු පෙර
    අඳුර අතගෙන නැවතුන
    අතරමං විහඟෙකු ළය
    දැදුරු කරමින් විසිරුන
    තනු නොමැති ගීතය මම
    මතක අතරින් ඉපදුන

    (ඉස්සර ලිව්ව කවියක්.නිදි නොමැති සකුණකු ගැන කිව්වහම මතක් වුණා.)

    ReplyDelete
    Replies
    1. @ මලිති........ගති!!

      Delete
    2. මලිති,

      බොහෝසේ තුති!!!

      සංකල්පනාව නියමයි..දාන්න පහක්...:)

      Delete
  11. (මම මුලින් හිතුවේ රවීගේ නෝනා නිවාඩුවකට ඇවිල්ලවද්ද කියලා)

    ගුවන් සැතපුම් වලින් වෙන්වී
    පාලු සයනය කිමිදිලා
    හද ගැබෙන් නැග උතුර උතුරා
    හෙළු සුසුම්වැල් නිමවුනා

    වාලුකාවට වට වැස්ස මෙනි
    සොඳුර නුඹ මෙහි එළඹුනා
    නළල් තල රැඳී හාදු රසවිඳ
    කතර අහසත් හිනැහුනා

    ReplyDelete
    Replies
    1. තිලක,

      හෙහ්, නියමයි !!!

      බිරින්දෑ ආවෙ නෑ තිලක්..ආවෙ නෑ කියන්නෙ තවම නෑ...:)

      Delete
  12. චිත්ත රූප මැවෙන ලස්සන කවි පන්තියක් රවී.. :)
    (හැබැයි අපි දාපු කමෙන්ට් වලට උත්තර ලියන්නේ නැති එක ගැන නම් දුකයි හොඳේ../ කලින් කතාවට.. :( )

    ReplyDelete
    Replies
    1. සඳා,

      ස්තුතියි සඳා!!!

      හපෝයි..සමාවෙන්න සමාවෙන්න...අමතක මතක බැරිවීමක්...සමාවෙන්න :(

      Delete
  13. අනේ මචෝ රස වින්දා බොක්කෙන්ම....දන්නැති වචන පල්ලෙහා අදහස් කියවන කොට තේරුම් ගත්තා.


    අර සුජාතාට පිස්සු හැදිච්ච එක ගැන මොනවා කතා කරන්නද අප්පා.

    ReplyDelete
    Replies
    1. අරූ,

      හදපත්ලෙන්ම ඒ කිව්වෙ දකුණු සහ වම් කෝෂිකාවල අධර බිත්තියෙ පරිකන්තුක පටලයේ පහතම ස්ථරයෙන්ම ස්තූතියි මචං...:)

      Delete
  14. තේරුනේ නැති වචන කීපයක් තිබිලා ඒ ගැන අහන්න එද්දී ඒක පහලින් පැහැදිළි කරලා.. ඇත්තටමයි හුඟ කාලෙකින් රසවින්ද සැබෑ කවියක්.. සෑහෙන කාලෙකින් නේ එකක් ලිවුවේ.. මාසෙකට එකක් කවියක් වත් ලියමු නේ රවී අයියේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ස්තූතියි මල්ලි..ලියන්න ඕන..ලියන්න ඕන..සතතාබ්බියාසෙ කියල එකකුත් තියනවනෙ.....නි.පු.පු.කි...නිතර පුරුදු පුහුණු කිරීම....:)

      Delete
  15. උඹට දෝෂාරෝපණය කිරීම ගැන මගේ බොක්කෙන්ම නැග එන විරෝධය පලකරමි.
    හැබැයි බනින්න ඇත්තෙ ලිව්වට නෙවෙයි නොලිව්වට වෙන්න ඇති,මොකද මාත්තුරුකාව ගුරුවරී උනාට උඹ එක වචන පහක් ගුරුවරී ගැන ලිව්වද කියල අපිනේ දන්නෙ.මොනා කරන්නද ඔහොමවත් බටර් ගාල ෂේප් වෙන්න බලපන්.

    ReplyDelete
    Replies
    1. හැලප,

      කතාවක් අහල තියද? ඔන්න ඇමතිකෙනෙක් පත්තර කර්තෘ කෙනෙක්ගෙ ඇඟට ගොඩ උනාලු.

      " අයිසෙ මොකද මේ තමුසෙල මංගැන අමූලික බොරු පත්තරේ දාන්නෙ? "

      " බොරු නැතුව සර් ගැන ඇත්ත දැම්මොත් මොකක් වෙයි කියලද සර් හිතන්නෙ? "

      " අම්මප ඒකත් ඇත්ත තමයි"

      Delete
  16. huh....Sada Akkawa shape karanna me kawiyen .......hitan ati...............

    ReplyDelete
    Replies
    1. Sacheera,

      හෙහ්, ඔය කොච්චර තදවෙලා යුද්ද පොරකාස කරල වෙඩි කාපු කොටි දෙන වගෙ හිටියත් " මේ මම ඔයාට කවියක් ලිව්ව, බලන්ට හොඳද කියල" අන්න එහෙම කියල කවිය ඇදල පැදල කිව්වම ආය නෑ අඳුකොළ දැක්ක නයා වගෙ කූල් ඩවුන් වෙනව..අනෙ අම්මප...

      Delete
  17. හග් හා ඉන්ඩිමිනිටි පොයම් එකක් නේ.ඉස්සරහට එන්නේ උබගේ හොද කලද නරක කලද බන් අයියෙ. ( කල කිවුවෙ කාලය හරිය,අනික නෙමෙයි )

    ReplyDelete
    Replies
    1. දමිත්,

      හොඳ කල බං හොඳ කල… " පින පෑදුණු දා පින්න මලෙත් බමරූ....." :)

      Delete
  18. අද උදේ හුන්ඩායි සොනාටා කාර් එකක් දැකල මට මේ මුන්ලයිට් සොනාටා එක මතක් වුණා.. රන්දිකා ඇස් ගහල බල්ලෝ අල්ලන්න යන සීන් එක බලන්න ආපු වෙලාවේ මේක දැක්කේ.. කිසිම ගැලපීමක් නැති සිද්දි දෙකකින් දැක්ක පෝස්ට් එකක්.. හෙහ් හෙහ් හෙහ් ...

    කවිය නම් අපූරුයි.. කවදාවත් අහල නැති වචන ගොඩක් තිබ්බට ලස්සන කාව්‍යමය ගතියක් තියෙනවා කියල දැනුනා... නිකමට වගේ හොඳ තනුවක් දාල බලන්න පුළුවන් කමක් තියෙනවනම්..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      බොහොම ස්තූතියි පැතුම්..යස් ඔය දෙකක් හීන්වට දාගත්තු වෙලාවක තනුවක් දාල බලන්ට ඕන. මයෙ ඉන්නව සංගීතය ගැන යමක් කමක් දන්න යාලුවෙක් දෙන්නෙක්. උන්ට කියල බලන්ට ඕන...ස්තූතියි ආයමත් :)

      Delete
    2. රවී.....මේ පදමාලාව අමරසිරි පීරිස් අතට ගියොත් බොහොම කැමැත්තෙන් බාර ගනියි...හරියටම උඹේ වදන්වලට සාධාරණයක් කරයි. මම මේක ගැන එච්. එම්.ජයවර්ධන මහත්මයාගෙන් අහල බලන්නද? පොඩි සම්බන්ධකමක් තියෙනවා. තවත් නව පරපුරේ ගායකයෝ නෙමෙයි දකෂ සංගීත වේදියෝ දෙතුන් දෙනෙක් දන්නවා. මචෝ ට්‍රයි එකක් දෙමුද? තුන් හතර පාරක් නිහඬව උඹේ සොනාටාව කියෙව්වා. මගේ ඔළුවෙත් මේක හෙමින් හෙමින් ගීතයක් වගේ කියවෙනවා..

      Delete
    3. අරූ,

      අඩේ තැන්ක්ස් මචං..බොහොත් ෂුක්රාන්, එච්චරම ගතියක් තියනව කියල උඹ අවංකවම හිතනව නම් පුළුවන් දෙයක් කරපන්, එහෙම දෙයක් වෙනවනම් කොච්චර එකක්ද?

      Delete
    4. මචෝ....ඉතුරු ටික ඊ මේල් එකකින් කතා කරමු. අපි බලමු. අපිට තේරෙනවානේ මොකක්ද වෙන්නේ කියලා. papara123@yahoo.co.uk

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...