" අද එයා ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර යනව. මචං හෙට සෙට් වෙමු. " දහයට කැන්ටිමේ තේ බොන්ට ගිහිල්ල වඩයක් හපන ගමන් මම සුමනෙ එක්ක කිව්ව.
හවස පහට වගෙ මම ගෙදර යනකොට මෙන්න මේ උන්දැ ගෙදර ඇවිල්ල. ගේ ඉස්සරහ ඉන්දවල තිබ්බ එක්සෝරා පැලවලට වතුර දානව.
" ඇයි අනේ ඔයා ගෙදර ගියෙ නැද්ද? " එයා දැක්ක ගමං හිටිතැනම ගල් ගැහිල මම ඇහුව.
" මට තනියම ගෙදර යන්න බෑ කියල හිතුන ඒයි. අනික ඔයත් තනියමනෙ. ඒ නිසා මම ආව. …" ඇය මා දිහා බලල හිනා උනා.
ඉතිං වෙන අහවල් දෙයක් කියල කියන්නද?
" ආ..ඒකත් හොඳයි නෙව..මමත් මේ කිව්වම මොකද හරිම පාලුවෙ හිටියෙ" එන්න එහෙම කියල එතනිනුත් ලකුණු කීපයක් දාගත්ත.
" ඔව් අනේ..මමත් යනවයි කියල උදේ හිතාගෙන හිටියට ඉස්කෝලෙ ඇරෙන්ට එද්දි බෑම කියලයි හිතුනෙ.." ඔන්න එයත් කියපි.
මාත් ඉතිං හිතාගත්ත අනේ අප්පේ මේ මනුස්ස දූ එහෙම හිතල නෙව ආපහු ඇවිල්ල තියෙන්නෙ. ආය අහවල් මදුසාද...මොකෝ ඕක බීල නැති එකක්ය.ඕනම නෑ ඔය කෙහෙල්මල ....ඔහොම හිතල මම හිත සනස ගත්ත.
රෑට ඔන්න දෙන්නත් එක්ක එකතුවෙලා ඉව්ව.ඒ දවස්වල අපිට රයිස් කුකර් එකක් තිබ්බෙ නෑ. මඟුල් ගෙදරට තෑගි හම්බවෙච්ච ඇළුමිනියම් සාස්පාං සෙට් එහෙක එක සාස්පානක තමයි බත් ඉව්වෙ. ඕකෙ වතුර ගාණට තියාගන්න එක හරිම අමාරුයි. එක්කො වැඩියි එක්කො අඩුයි. ඉතිං දෙන්නගෙන් එක්කෙනෙක් බත ගාව ඉන්න ඕන ඇහැ ගහගෙන. වතුර දාන්න හරි අඩු කරන්න හරි ඒ අවශ්‍ය කටයුතු කරන්ට.
මැද ඇඟිල්ලෙ පළවෙනි පුරුකටනෙ සාමාන්‍යයෙන් බතට වතුර තියන්නෙ. මේක එහෙම හරියන්නෙ නෑ. මහම වදයක්…
" මේක මහ කරදරයක් ඒයි…. වහාම ක්‍රියාත්මක වන පරිදි රයිස් කුකර් එකක් ගන්න ඕන. "
හීටරේ ගහල පැහෙන වතුර අඬු කෝප්ප බාගයක් බතට දාන ගමං මම කිව්ව.
" හරි, හරි ගමු ගමු....ඉන්නකො පොඩ්ඩක් ඉවසල...අපෙ ලොකු අයිය වෙඩිං එකට ප්‍රසන්ට් එකක් දුන්නෙ නෑනෙ. මගෙං ඇහුව මොනවද ඕන කියල...මම කිව්ව රයිස් කුකර් එකක් තමයි මේ වෙලාවෙ අත්‍යාවශ්‍ය කියල...බලමු ..එයා අරන් දෙයි එකක්…"
ඔය අපි ඒ දවස්වල හිටපු නිල නිවාසෙ බොහොම සුට්ටියි. කුස්සිය අපි දෙන්නට හැරෙන්ඩවත් මදි. ඒ නිසා සාලෙ තිබ්බ මගෙ ලියන මේසෙ උඩ තමයි පත්තරයක් එළල හෝදපු සාස්පාන්, හට්ටි මුට්ටි, තාච්චි බාච්චි ඔක්කොම නවන්නෙ. මොනවහරි ලියන කියන වැඩක් කරන්න ඕන උනාම සාලෙ මුල්ලක බිම පත්තරයක් එළල අර සබ්බ සකල මනාවම එතනට වඩම්මවල මේසෙ ඉඩ අරගෙන ඉන්න ඕන ඉස්සරවෙලා.
අපෙ මහගෙදර තිබ්බ 1982 මුලින්ම රූපවාහිනී පටන්ගත්තු දවස්වල ගෙනාපු සන්යෝ අඟල් 17 කළු සුදු ටෙලිවිෂන් සෙට් එකක්. ඕක මුල්ලක දාල තිබ්බෙ. VHF විතරයි වැඩ. ඒ මුල්ම කාලෙ තිබ්බෙත් එච්චර නෙව. අපෙ උන්දැගෙ පොඩි අයියගෙ යාලුවෙක්ට දීල UHF වලටත් හදාගෙන ඕක අපි අරගෙන ආව බැඳල එනකොට.
සාලෙ ලී පුටුවක් උඩ ඔය ටී.වී. එක තියල තිබ්බෙ. එතනම ඉස්සරහ බිත්තියට හේත්තුවෙලා බිම ඉඳගෙනයි ඔය මුලම කාලෙ අපි දෙන්න ටී.වී. බැලුවෙ.පොළව හොඳට අතුගාල කොට්ට දෙකක් බිත්තියට හේත්තු කරල එව්වට වාරුවෙලා කකුල් දිගඇරගත්තම ආතල් එකේ ටී.වී. බැලුවෑකි. ඒ එක්කම අල්ල උඩ තියාගෙන බත් කන්ටත් පුලුවෙනි. වැස්ස දවස්වලට බෙඩ් ෂීට් එකක් බෙල්ල ගාවට එනකල් පොරෝ ගත්තම ආය නෑ තව්තිසාව තමයි.
" මම ගෙදර ගියානං ඉතිං තනියම බත් කනවනෙ ඔයා කෑවද කියල හිත හිත...ඔන්න ඔහෙ ගෙදර යන එක පැත්තක දාල ආපහු ආපු එකට මට හරි සන්තෝසයි. "
එදා රෑත් දෙන්නත් එක්ක ඔහොම අල්ල උඩ තියාගෙන බත් කන ගමන් උන්දැ කියාපි.
මම වමතෙන් ඇගෙ උරහිස මීරිකල හිනාඋනා.
" මටත් එහෙමයි. "
ඇත්තටම ඒ වෙලාවෙ මට හිතුන කුමන මධු සාදද? ජීවිතය නම් මෙයම නොවන්නේද? ඔන්න ඔහොම....
ඔන්න ඔහොම බිම ඉඳගෙන ඉරිදා උදේක ආයුබෝවන් බලමින් ඉන්න කල්හි තමයි ඩයනා කුමාරිගෙ මරණය ගැන දැනගත්තෙ. එදා ආයුබෝවන් ප්‍රෝග්‍රම් එක කලේ පාලිත පෙරේරා....
සිංහලෙන් ක්‍රිකට් විස්තර ප්‍රචාරය හාපුරා කියල පටන් ගත්තෙ පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ...ක්‍රිකට් සම්බන්ධ ඉංග්‍රීසි වචන වලට සිංහල වචන නිර්මාණය කිරීම පටන්ගත්තෙත් පාලිතම තමයි. Turf = තණතිල්ල Night Watchman = සැඳෑ ආරක්ෂකයා වගෙ නිර්මාණාත්මක වචන බොහොමයක් මම හිතන්නෙ පාලිතගෙ. First Slip කියන පන්දු රැකීමේ ස්ථානයට පළමුවන ලුහුට්ටා කියල කිව්වෙත් හැබැයි පාලිතම තමයි..හෙහ්,හෙහ්,
ආනන්ද- නාලන්ද සුලෝහිත සංග්‍රාමයෙ විස්තර ප්‍රචාරය දෙනකොට තමයි පාලිතට උන්හිටිතැන් අමතක වෙන්නෙ. මිනිහ නාලන්ද ආදි සිසු නිසා මම හිතන්නෙ ඒ. මෙහෙම කතාවකුත් තියනව..ඇත්තම කිව්වොත් මම තෙවන පාර්ශ්වයකින් අහපු එකක්. ඒ නිසා හැබෑ බොරු ගැන නෝ ගැරන්ටි ඕ වොරන්ටි..අන්ඩස්කර්ට්? ඕකේ..දෙන් මෙහෙමයි ස්ටෝරි එක...
" කෙටි පන්දුවක්...ඔව් පාදයක් පසුපසට ගෙන වැරෙන් පහරක් එල්ල කරනවා. හරිහැටි පිත්තේ නොදැවටුනු පන්දුව එක තැනම ඉහළ යනවා..කඩුළු රකින්නා පන්දුව යටට පැමිණෙනවා..මෙන්න පන්දුව පහතට එනවා. රැක ගැනීමට ආසන්නයි..ඔව්..ඔව්..රැකගත්තාද? මුගෙ **** මේ වල් ***** කැච් එක අත ඇරිය නේද?යකෝ අතට ආපු ගෙඩිය නේද? "
කැච් එක අත ඇරියෙ නාලන්දෙ විකට් කීපර් කියල කියන්න ඕන නෑනෙ නේද? ඔය විකට් කීපර් සුනිල් ජයසිංහ කියලයි කියන්නෙ....
පහුවදා සෙනසුරාද උදේ මම ඔන්න ගියා සතික රැස්වීමට ( Weekly meeting = සිංහලෙන් සතික රැස්වීම ) වීක්ලි කිව්වම ඔන්න තව පොඩි කතාවක් මතක් උනා...
1. First 5 years - Tri weekly
2. 5 - 10 years - Try weekly
3. After 10 years - Try weakly.
You know about what this is all about…don't you?...දන්නවනෙ මේ මොනව ගැනද කියන්නෙ කියල? හරි හැමෝම දන්නව ..අවුලක් නෑ…
රැස්වීම අහවර වෙලා පුරුදු පරිදි කට්ටිය ඔන්න ලෑස්තිවෙනව සුපුරුදු වැඩේට..
" වීරෙ යමං.."
සුමනෙ කළු පාට බෑග් එක අතට ගත්ත. දිනපතා ඔය මාතලේ දිහා එහෙම ඉඳල වැඩට එන උදවිය ගෙනාවෙ අර රජයේ සේවකයින්ට දෙන ඩී.අයි. කළුපාට ලෙදර් බෑග් එකක්. අර නම ලිපිනය එහෙම ලියල දාන්ඩ පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් වහපු හතරැස් කොටුවක් වගෙ කවුළුවක් එහෙම තියෙන්නෙ. ඕකට පොදුවෙ අපි කිව්වෙ හචා මල්ල කියල..ඇයිද නම් නොදනිමි.
" බෑ බං…උඹල පලයල්ල…"
මගෙ මූණ අඬන්ඩ ඔන්න මෙන්න වගෙ..
" ඇයි බං ?...නංගි ගෙදර යනවයි කිව්ව නේද?...."
" එහෙම තමයි කිව්වෙ..ඒත් ඊයෙ හවස ආයම ගෙදර ආවනෙ…"
මම හෙමිහිට කිව්වෙ සුමනෙට විතරක් ඇහෙන්ට...ඕකා මගෙ ඔය පේම සම්බන්දෙ පටන් ගත්තුදවසෙ ඉඳල අලගිය වැලගිය මුලගිය ඔක්කොම දන්නව.කොටිම්ම කසාදෙ රෙජිස්ටර් කලෙත් සුමනෙයි මායි එයාලයි ගෙදර සුමනෙගෙ බයික් එකේ ගිහිල්ල. සාක්කියට අත්සන් කලෙත් සුමනෙ....
" මොකද බං? උඹල දෙන්න එන්නෙ නැද්ද? "
මොනවද කිය කිය හිනාවෙමින් ඉස්සරහින් ගිය එකෙක් නැවතිල ආපහු හැරිල ඇහුව..
" හරි මචං..ඒකෙ අවුලක් නෑ..අපි යන්නං එහෙනං..සඳුද හම්බවෙමු. "
සුමනෙ එහෙම කියල හිනාඋනා..අපෙ ඔෆිස් එකෙන් එළියට බැහැල යාර පණහක් හැටක් ගියහම තැපැල් කන්තෝරුව. එතනින් පාර දෙකට බෙදෙනව. ටවුන් එකට යනවනම් දකුණු පැත්තට. වම් පැත්තට කන්ද උඩට යන පාර අපෙ ක්වාටර්ස් වලට. කට්ටියම මෙන්න හැරිච්චි වම් පැත්තට. මේ මොකෝ හැබෑටම?
" ඒයි..මොකෝ බං අද නැද්ද ආතල් එක?.."
" මොකෝ නැතුව? තියනව තියනව..සමරෙගෙ ෆැමිලි එක ඇවිල්ල මේ දවස්වල...."
සමරෙ කිව්වෙ අර අපි ශනිදා සාදය පවත්තන නිල නිවාසෙ අයිති කාරය.
" ඒ නිසා අද මචං අපි වැඩේ කරන්ට යන්නෙ විජේගෙ කාමරේ.."
විජේ ඇවිල්ල අපෙ ගබඩා බාරකරු..ස්ටෝ කීපර්...ආන්න නියම චරිතයක්. ඔය මම කියාපු යාලුවො ඔක්කොම එක එක අන්දමේ අමුතු චරිත තමයි. ඒත් විජේ ඇවිල්ල One of A Kind..Heh, Heh...
ඒ ළඟක් වෙනකල් විජේත් කෑම්ප් එකේම පදිංචි වෙලා හිටියෙ සුතනඹුවන් එක්ක. සුතනඹුවන් කිව්වම දන්නවනෙ නේද?...බිරිඳ සහ දරුමල්ලන්...විජේගෙ බාර්යා තොමෝත් අපෙ කාර්යාලයෙම තමයි රාජකාරි කලේ. දුව ලොකු වෙනකොට විජේගෙ වයිෆ් ෆුල් ට්‍රයි එකක් දාල ඔන්න කෙල්ලව දාගත්ත නුවර සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට. ඒ අම්මණ්ඩිත් ඒකෙ ආදි ශිෂ්‍යාවක්..ඒ කරල නුවර කිට්ටුව තියෙන අපෙ ඔෆිස් එහෙකට මාරුවක් හදාගෙන දරුවත් එක්ක ඒ යෝදි ගියා.
විජේ ඊට පස්සෙ අපෙ තිබ්බ තනිකඩ නිවාසෙ කාමරේක පදිංචියට ආව.ඌත් අබියාචනා එලෝ කෝටියට දැම්මට ට්‍රාන්සර් වැඩේ හරිගියේ නෑ.ඉතිං මක්කොරන්නෙයි? ඌ මෙහෙ, දරු මල්ලො එහෙ. එහෙම තමයි එව්වයෙ හැටි..ආ..විජේගෙ දූ ගැන මරු කතාවක් තියනව..ඉන්නකො එහෙනං ඒකත් කියලම ඉන්නං...
දුවව නුවර ඉස්කෝලෙට දාගත්තෙ තුනේ පංතියටද කොහෙද...කෙල්ල හෙණ කටකාර බඩුව....ඔන්න බොහොම අමාරුවෙං වදෙං පොරෙං ඒ ඉස්කෝලෙට දාල මාසයක් වගෙ යනකොට පොඩි එකීගෙ බර්ත් ඩේ එක ආපි. විජේත් මාරුවක් ගන්ට බලාපොරොත්තුව හිටපු නිසා ඒ වෙනකොටත් ක්වාටර්ස් එක බාර දීල තිබ්බෙ නෑ. ඒ පාර ඔන්න විජේයි වයිෆුයි උපන්දිනේට උත්සවයක් සංවිධානය කලා අපෙ ස්ටාෆ් එකේ හිතවත්ම විස්සක් තිහකට වගෙ ආරාධනා කරල.
ඔන්න ඉතිං අපි හැමෝම ගියා කියමුකො තෑගි බෝගත් අරගෙන...කේක් එක කපල හැපි බර්ත් ඩේ ටූ යූ!!! එහෙම ගිරිය යටිං කිව්වත් කියමුකො. තදනන්තරව අපි පුරුස පක්සය ඔන්න සාලෙම පැත්තක හීන්වට කර්මාන්තයක් පටන් ගත්ත පොඩි ස්ටූල් එකක් එහෙම මැදි කරගෙන. කාන්තා පක්සය පුටුවල දිගාවෙලා ඕප දූප කියව කියව උන්න. ඔය අස්සෙ ඔන්න පොඩි එකී ඒ කිව්වෙ බර්ත්ඩේ ගර්ල් ගැනත් කොහොමින් කොහොමින් හරි කතාව ඇදිල ආව.
" ඉතිං අනේ කොහොමද අළුත් ඉස්කෝලෙ? දුව හොඳට ඉගෙන ගන්නවද? "
එහෙම ඇහුවෙ අපෙ වැටුප් ලිපිකාරිනිය...ජයන්ති.
" ඔව්..අනේ...ප්‍රශ්නයක් නෑ..දන්නවනෙ මෙයාගෙ හැටි...ගිහිල්ල දවස් දෙකක් යන්ට ඉස්සරවෙලා පංතියෙ ඔක්කොම එක්ක යාලු උනා…"
වජිරා..ඒ කිව්වෙ විජේගෙ වයිෆ් සාඩම්බර හිනාවකින් මුව සරසාගෙන අනික් පොඩි එවුං එක්ක එහෙ මෙහෙ දුවන පොඩි එකී දිහා බලල කිව්ව.
" මට මතකයි දුවට ෂෝක් එකට සිංදු කවි එහෙම කියන්ට පුළුවන් නේද මෙහෙ ඉස්කෝලෙට යද්දි? "
" අනේ ඔව්..එහෙත් එහෙම තමයි..ටීචර් මා එක්ක කිව්ව ගායන හැකියාව හොඳටම තියනවයි කියල..මේ දෝණි එන්නකො..මේ අන්කල්ලටයි ආන්ටිලටයි ඇහෙන්න කියන්නකො බලන්න ඔයා ඉස්කෝලෙදි ඉගෙන ගත්තු පොයම් එකක් හරි සෝංග් එකක් හරි…"
කෙල්ලත් ආය ලැජ්ජ බය එහෙම නෑ පොඩ්ඩක්වත්. කියන පරක්කුවෙං ආව සබාව මැදට. ඇවිල්ල සීරුවෙන් හිටගත්ත.
" හැබැයි අම්මි සිංහල එකක් හොඳද? "
" හා, ඒකට කමක් නෑ..මොකක්ද ඔය කියන්න යන්නෙ? අර මල් පිපෙයි, සුළං හමයි..ඒකද? "
" නෑ නෑ..මේක මේ ඊයෙ මම ඉගෙන ගත්තෙ..මගෙ යාලුවෙක් කියල දුන්නෙ.."
" හා කමක් නෑ කියන්නකො බලන්න.."
වජිරා සෙනෙහෙබර සාඩම්බර දාරක ප්‍රේමය උතුරායන මඳ සිනහවකින් යුතුව අවසර දුන්න. අපිත් ඔක්කොම වීදුරු කාරිය කනප්පුව උඩ තියල ඒ පැත්තට පුටු හරව ගත්ත. ඉස්ත්‍රී පක්සයත් කතා බහ නවත්තල පොඩි එකීට අවධානය යොමු කලා.
කෙල්ලත් ඔන්න සබාව මැද්දෑවට ඇවිල්ල සීරුවෙන් ඉඳල පටන් ගනිපි සිංදුව…
බඩ කොරවීම බඩයාම දෝ පාචනේ…
බුරු බුරු ගාල ගියෙ මාගෙ මල් ජංගියේ....
අපි කිසිදාක පෙති බිව්වෙ නෑ යාළුවේ....
බඩ රිදවන්නෙපා ආයෙ පණු හාමිනේ.....
බඩ කොරවීම.....
" තිසුරීඊඊඊඊඊඊ !!!!!!!...."
වජිරා කෑගගගෙන නැඟිට්ට පාරට ඉඳගෙන හිටපු පුටුව පෙරළුනෙ නැත්තෙ අනූනමයයි තුංකාලයි නූල් තුනෙං..
පොඩි එකී එහෙම්මම ගල් ගැහිල බලා හිටිය අම්ම දිහා යකෙක් දැකල වගෙ. ඒ නිහඬතාවය එක මොහොතයි පැවතුනෙ..අපි ඔක්කොම එක සැරේ හිනාවෙන්ට ගත්ත ඊළඟ මොහොතෙ...
ඔය ඇවිල්ල ඒ දවස්වල ඉතාම ජනප්‍රිය වෙච්චි නාමල් උඩුගමගෙ සිංදුවක්...මතකද ඒ සිංදුව?...නාමල්ගෙ බිරිඳ තමයි රුවන්ති මංගලා..මේ ඊයෙ පෙරේයිද චන්දෙ ඉල්ලන්ට ට්‍රයි කලේ...අන්න එයා..
ඉතිං ඒ සෙනසුරාද අපේ එවුං සාදය පැවැත්තුවෙ ඔය විජේගෙ කාමරේ..කරුමෙ කියන්නෙ විජේ නැවතිල හිටපු තනිකඩ නිවාසෙ තිබ්බෙ අපෙ ක්වාටර්ස් එකට පිටිපස්සෙ. කෙලින්ම අපෙ කුස්සිය ගාවින් මිදුලට බැහැල එතනම තිබ්බ පැපොල් ගහ ගාවට ගියානං කෙලිම්ම පේන්නෙ විජේගෙ කාමරේ ජනේලෙ... අත දික්කලා වගෙ. ඔය පැපොල් ගහත් විශේෂ වර්ගයක්. ඒ දවස්වල අපෙ ආයතනයෙන් පිටරටින් ගෙනල්ල මට මතක විදිහට මැලේසියාවෙන්ද කොහෙද...ඇට බෙදල දුන්න ගොවියො අතර..නම ඇවිල්ල රෙඩ් ලේඩි....
එදා අපි දෙන්න දවල්ට කාල ගෙයි දොරකඩ තිබ්බ මිල්ල ගහ යට පුටු දෙකකුත් තියල ඉඳගෙන විවේක සුවයෙන් උන්න. ඔන්න පල්ලෙහා තනිකඩ නිවාසෙ පැත්තෙං එන්ට ගත්ත ගීත නාදය…
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙං වරෙං හුළං පොදක් අපේ ඇඟෙත් ගෑවිලා....
මම පුටුවෙ දිගාවෙලා ඇස්පියාගෙන බාපතට දකුණතේ ඇඟිලි වලින් තට්ටු කරමින් තාලය ඇල්ලුවා…
" කවුද ඒ?? සුමනෙ අයියගෙ කටහඬ නේද? "
අපෙ උන්දැ කියවමින් හිටපු පත්තරේ උකුල උඩ තියල මගෙං ඇහුව..
" හ්ම්ම්ම්.ඒ වගෙ තමයි.."
මම වැඩි උනන්දුවක් නොගෙන වගෙ කිව්ව…
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා..

ඔය තමයි රෙඩ් ලේඩි.... |

අපටත් දවසක හඳ පායනවා…
එදා අපිත් මල්පැණියෙන් නානවා…
" හ්ම්ම්ම්..මල් පැණියෙන් නානව වගෙ තමයි මටත් පේන්නෙ..අද මොකද සුමනෙ අයිය ගෙදර යන්ට කල්පනාවක් නැතුව වත්ද? "
ඇගේ ස්වරයෙ තිබ්බෙ සෝපහාසයක්...
" අනේ මන්ද..ඕකා වැඩි වෙලා මෙහෙ එයිද දන්නෙ නෑ බුදිය ගන්ට.."
මම ඈ දිහා හොරැහින් බැලුව..
" එහෙම උනොත් මොනව කරන්නද? ඔය සාලෙ අර ට්‍රැවලින් මෙට්‍රස් එකක් තියෙන්නෙ ඒකවත් දාල දෙමු. "
ඈ ගණනකට නොගෙන කිව්ව.
" පිස්සුද? මම බොරුවට කිව්වෙ..ඔයා මොනව කියයිද බලන්ට..සුමනෙ ආය මෙහෙ එන්නෙ නෑ..ගෙදර යයි. අනික ඕක වැඩි වෙන්ට බොන්නෙ නෑ කවදාවත්…"
" හිහ්..හිහ්..මම දන්නෙ නැතුවය ඒ හරිය...මතකනෙ අපෙ වෙඩිං එකේ....."
ඈ ආයෙම පත්තරේ උකුල උඩ තියල මා දිහා බලල හිනාඋනා..මටත් ඔන්න නොදැනුවත්වම හිනාවක් ගියා. ඒ අපේ සරණ මංගල්‍යය සිහිවෙලා.
හප්පෝ...එදා මධු පානෝත්සවයෙන් පස්සෙ මෙවුං කරපු විකාර...පරණ කෝන්තර ඇදගෙන තුං හතර දෙනෙක් ගහගන්ට ලෑස්ති උනා. හොඳ වෙලාවට මම ආරක්ෂක අංශය බාර දීල තිබ්බ මගෙ අතිජාත මිත්‍රයො තුන් හතර දෙනෙකුට.
" මචං උඹල වැඩිය බොන්ට එපා..හොඳද? වැඩේ කන්ට්‍රෝල් කරපල්ල. රෑට බොමු ඕන හැටිය. "
අපරාදෙ කියන්ට බෑ උං කිව්ව වගේම වැඩේ කලා. නැත්තං එහෙම….. හෝම් කමිං එක තිබ්බෙ නුවර වැව රවුමෙ ඩෙවොන් හොටේල් එකේ. ඒකෙ අර තියන අඩි තිහක් විතර උස දාර සයිස් වීදුරුවක් එහෙම අපෙ එකෙක් අතිං බිඳුනනං මම තාම ඒකෙ ණය ගෙවනව..අනෙ අම්මප...
කිව්වම මොකද මගෙ ඔය යාලුවො ඔතන අර දෙනෝ දහක් මැද්දෑවෙ අසබ්‍ය සිංදු දෙක තුනකුත් කිව්ව ඔන්න.හප්පච්චියේ මොකද කොරන්නෙ ඉතිං?...මම බීරි අලිය වගෙ හිටිය නෑහුණ ගානට.ඔය සිංදුව තියනව වෙඩිං වීඩියෝ එකේ. ඒ දවස්වල CD, DVD, මොකවත් නෑනෙ. VHS කැසට් තමයි තිබ්බෙ. එව්ව හරි ඉක්මනට පුස් අල්ලනව. අවුරුදු දෙකක් ගියේ නෑ අපෙ වීඩියෝ එකටත් ඒ සන්තෑසියම උනා. පස්සෙ මම ඕක සුද්ද කරවල CD එහෙකට කොපි කරව ගත්ත. වෙලාවක හොයල බලන්ට ඕන, මගෙ ඔය ෆිල්ම්ස් CD ගොඩේ ඕකත් ඇති. අර සිංදුව හොයල දාන්නනංකො තිබ්බොත් හොඳද?
ඊගාවට ඔන්න………
මින්දද හී සර වැදී සැළෙන හද,
නංවන දුක් ගී ඔබට ඇසෙනවද?
චන්දන මල් අතුරා ඇති යහනක,
කන්ද කපා පායන් රන්පුන් සඳ.....ආ.ආ..ආ.ආ..ආ.ආ....

එතකොට නම් මට සිංදුව නොකියම බැරි උනා..ඔය අදටත් මගෙ ප්‍රියතම ගීතයක්.........
මට වයස අවුරුදු දහතුන දහහතර වගෙ කාලෙ ඉතාම ජනප්‍රිය වෙලා හිටිය නවකතා රචකයා කුමාර කරුණාරත්න. කුමාරගෙ තුන් ඈඳුතු ප්‍රේම කථාවකට අපි ඒ කාලෙ වහ වැටිල හිටියෙ. සිතට සිතක්, අතුරු මිතුරු සහ ඔබයි මමයි...ඒ තමයි පොත් තුනේ නම්..
කුරුණෑගල නගරය පසුබිම් කරගෙන ලියවුනු යොවුන් පෙම් කතාවක්...බොළඳයි කියලත් කිව්වැහැකි. ඒත් කතන්දර කියන්නෙ කතන්දර..බොලඳ කතාවලට උනත් මම එදත් කැමතියි අදත් එහෙමයි.ඔය රූපවාහිනියෙ අයි.ටී. එන්. එකේ යන ටෙලි නාට්‍ය තියනව නේද? ...මමයි අපෙ උන්දැයි ඔව්ව එකක් නෑර බලනව කඳුළු පිහ පිහ....හෙහ්, හෙහ්,
( එව්වට නියම විදිහටනම් කියන්ට ඕන ටෙලි නාට්‍ය නෙවෙයි, ටෙලි චිත්‍රපට කියල... මුලින්ම 82 අවුරුද්දෙ රූපවාහිනී පටන් ගත්තු කාලෙ පෙන්වන්න කතන්දර නැතිනිසා කලේ වේදිකා නාට්‍ය රූගත කරල පෙන්නුව එක. කැළණි පාළම, පරාස්ස, කළුවරේ ජරමරේ... උදාහරණ කීපයක්. එව්ව හැඳින්නුවෙ ටෙලි නාට්‍ය කියල. ඒ නම දිගටම භාවිතයට ආව ඒකයි උනේ )
හරි අර කුමාර කරුණාරත්නගෙ පොත් තුනෙන් එහෙක තිබ්බ ඔය මින්දද හීසර ගීතයෙ පද මාලාව දාල. ඒක මම ලියාගත්ත. ඕක නිතර නිතර කියල තමයි ඒ ගීතය මගෙ ප්‍රියතම ගීතයක් උනේ. දශක හතරකට ආසන්න කාලයක් ගෙවිලත් තාමත් ඒක එහෙමමයි.
තුරඟකු පිට නැඟි නීල වළාකුළු
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ....
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම…
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම..
සතුටු සිනා කැන් හද පුරවා...
ඇස් දෙකත් පියාගෙන මම සිංදුව කියල ඉවර කලා…
" ලස්සනයි…………….."
ඈ හෙමිහිට කිව්ව..මම ඇස් ඇරල ඇගෙ මූණ බලල හිනා උනා..
" ඔයාට හිතෙනවද යාලුවො එක්ක එතනට ගිහිල්ල එකතුවෙන්ට තිබ්බනම් හොඳයි කියල...." ඈ ආයෙම ඇහුව ..ඒත් හෙමිහිට..අහක බලාගෙන…
" මෙහෙමයි..ලොකුම අත්‍යාවශ්‍ය උවමනාවක් වගෙත්නම් නෑ.. "
මම දෙපැත්තට ඇදල කිව්ව ඈ දිහාවෙ කටාක්ෂ නීරීක්ෂණය කරමින්. ( කටාක්ෂ නීරීක්ෂණය = ඇස් කොණින් බැලීම )
" ඒ කියන්නෙ අනවශ්‍යත් නෑ කියන එක නේද? …"
ඈ ආයෙම ඇහුව...දෙතොලඟ යන්තමට හිනාවක් තැවරිල තිබ්බට ඇස් දෙකේ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්.
මම මොකවත්ම නොකිය හිනා උනා..බොහෝම අහිංසක අන්දමට....

හප්පේ මෙච්චර දුරක් ඇවිල්ල අන්තිමට නෝනට කොහොමහරි වැඩේ තේරුනා නේද. ඉතිං යන්න දුන්නට යාලුව එක්ක එකතුවෙන්න. හැක්.. මිනිහත් නියම බඩ්ඩ තමයි.
ReplyDeleteඅර සිංදුව දුව කියනකොට වජිරට පොළෝ පළාගෙන යන්න හිතෙන්න ඇති.
අර වගේ ගෙවල් වල බඩු මුට්ටු නැතුව තියෙනවනං හරිම ෂෝක්. අපෝ බඩු වැඩි වෙච්චම තියෙන කරදර.
Praසන්ன,
Delete/ අර සිංදුව දුව කියනකොට වජිරට පොළෝ පළාගෙන යන්න හිතෙන්න ඇති. /
හපොයි කියල වැඩක් නෑ මල්ලි.....අපිට ඊට පස්සෙත් මැරෙන්ඩ හිනා වජිරා පොඩි එකී දිහාවෙ රවන හැටි දැකල.
ආ ඊට පස් සෙ වෙච්ච එක අහපංකො..ගාණට වැදුනම ඔන්න අපි පටං ගත්ත පොඩි සාජ්ජයක්..එකෙක් ගිහිල්ල ගෙනාව ඩොල්කියක්...හොඳ ගානට වැදුනම මම කතා කලා හෙමිහිට තිසුරිට..
" මෙහෙ එන්ටකො දුව..අපි දෙන්න කියමු අර සිංදුව..බඩ බොර වීම බඩ යාම...නේද? "මම හිතලම වරද්දල කිව..
" නෑ අංකල් වැරදියිනෙ... බඩ බොර වීම නෙවෙයි බඩ කොරවීම.."පොඩි එකී අම්ම දිහාවෙ හොරෙන් බලල හෙමිහිට කිව.
කොච්චර හෙමිහිට කිව්වත් වජිරට ඇහුණනෙ ඕක.." තිසුරී!! මොකද වෙලා තියෙන්නෙ? "කියල දැම්ම කෙල්ලට සත්තම…
" මේ වීරෙ,... නිකා ඉඳහං බං..උඹ හදන්නෙ වජිරගෙ මල පන්නවල අපිට රෑ කෑමත් නැති කරවන්න...මේ වෙලාවට සමනල හෝටලෙත් වහල... "විජේ කාමරෙං තව බෝතලයක් අරගෙන එන ගමං කිව්ව.
/ අර වගේ ගෙවල් වල බඩු මුට්ටු නැතුව තියෙනවනං හරිම ෂෝක්. අපෝ බඩු වැඩි වෙච්චම තියෙන කරදර. /
අපොයි ඒකනම් සහතිකම ඇත්ත..ගෙවල්වල බඩු පුරවගෙන ඉන්නව මට පෙන්නන්ට බෑ...අපෙ නැන්ද කෙනෙක් ඉන්නව..කිව්වට විස්වාස කරපං..මිනිස්සු සාලෙ ඇවිදින්නෙ බිම නෙවෙයිමේස පුටු කවිච්චි උඩ..රෑ පානෙ ලයිට් එහෙම ගියොත් හදිස්සියට දොට්ට පිලට යන්ට ගිය එකා අතපය කඩා ගන්නව කබඩ් සෝ කේස් වල හැප්පිල.මම එහෙට කියන්නෙ දඹුළු ලී බඩු මාළිගය කියල.
මේ වචනයක් වචනයක් ගානේ ඔබ දෙදෙනා අතර තිබෙන ආදරය හා බැඳීම මැවී පෙනුනා රවී තුමා..
ReplyDeleteදැන් කාලේ වැඩිහිටියෝ "අනේ අපේ කාලේ නම් ඔහොම නැහැ" කියන්නේ නිකන්ද කියල හිතුන මට නම්..
කොහොමින් කොහොමහරි, මධු සාදයට භාරියා තුමී ගෙන් අවසර ලැබෙන පාටයි.. :D
විජේගේ දුවගේ සින්දුව නම් මල් හතයි... හිනා වෙලා පන ගියා :D
ඒක් ලඩ්කී නොහොත් මානවිකාස්,
Delete/ මේ වචනයක් වචනයක් ගානේ ඔබ දෙදෙනා අතර තිබෙන ආදරය හා බැඳීම මැවී පෙනුනා රවී තුමා../
ස්තූතියි මානවිකාවිය...:)
/ දැන් කාලේ වැඩිහිටියෝ "අනේ අපේ කාලේ නම් ඔහොම නැහැ" කියන්නේ නිකන්ද කියල හිතුන මට නම්../
හැමදෙයක්ම වෙනස් වෙනව දරුවා..In Flux, Dynamical , ගතික, ඒ නිසා යම් කාල දෙකක් සැසඳීම කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ඒ කාලෙ අපි මෙහෙමයි වැඩ කලේ කියල අතීතාස්මරණයේ යෙදෙමින් සතුටුවෙනව මිසක මම ඔය ඉන්න පොඩි එව්වො කාටවත්ම කියන්නෙ නෑ උඹලත් එහෙම කරපල්ලයි කියල. එසඳ එසේ සිදුවිය. මෙසඳ මෙසේ සිදුවන්නේය. :)
/ කොහොමින් කොහොමහරි, මධු සාදයට භාරියා තුමී ගෙන් අවසර ලැබෙන පාටයි.. :D /
හෙහ්, හෙහ්, එහෙමයි හිතන්නෙ නේද?..බලමුකො...:)
/ විජේගේ දුවගේ සින්දුව නම් මල් හතයි... හිනා වෙලා පන ගියා :D /
ඕකෙ තව තියනව දිගට..මම පස්සෙ හොරෙන් කෙල්ලගෙන් අහ ගත්ත. දැන් මතක නෑ අප්පා...ඒ පොඩි එකීට දැන් දරුවෙකුත් ඉන්නව...
හුරේ රවිය ගොඩ.ෂුවර් එකට ගුරුවරී ගිහින එන්න කියනව.
ReplyDeleteමොනව වුනත් මරු ජිවිතෙ රවි.හැබැයි බොට කලින්ම කියල අවසරගන්න තිබුන නෙද ඔය වැඩෙට.
දමිත්,
Deleteපිස්සුද බං? කොහෙ අවසර දෙනවද?...මම කලින් කිව්වෙ..සුරාමේරය කියන්නෙ පංචානන්තර්ය පප කර්ම වල හයවෙනි එක කියලයි එවුන්දැ එකල දැඩිව විස්වාස කරගෙන හිටියෙ..ඉතිං අහවල් අවසරයක්ද?
රවී......මෙන්න රසවත් ජීවිත කතාවක ඉතා මිහිරිම කොටසක්. උඹලා දෙන්නගේ ක්වාටර්ස් ජීවිතේ නම් දැන් මතක් වෙනකොට කොච්චර මිහිරක් ඇද්ද? සාස්පාං සෙට් එක, ලී මේස තට්ටුව, සැන්යෝ ටීවී එක....හරිම අපූරුයි රවී. අපි කොච්චර දුරක් ඇවිල්ලාද.....ඒ දේවල් මතක තියාගෙන ලියන්න පුළුවන්වීම කොච්චර සතුටක්ද?
ReplyDelete////සාලෙ ලී පුටුවක් උඩ ඔය ටී.වී. එක තියල තිබ්බෙ. එතනම ඉස්සරහ බිත්තියට හේත්තුවෙලා බිම ඉඳගෙනයි ඔය මුලම කාලෙ අපි දෙන්න ටී.වී. බැලුවෙ.පොළව හොඳට අතුගාල කොට්ට දෙකක් බිත්තියට හේත්තු කරල එව්වට වාරුවෙලා කකුල් දිගඇරගත්තම ආතල් එකේ ටී.වී. බැලුවෑකි. ඒ එක්කම අල්ල උඩ තියාගෙන බත් කන්ටත් පුලුවෙනි. වැස්ස දවස්වලට බෙඩ් ෂීට් එකක් බෙල්ල ගාවට එනකල් පොරෝ ගත්තම ආය නෑ තව්තිසාව තමයි. ///////
මේ මගේ හිතට තදින්ම කිඳාබැස ගිය කොටසක්. විවාහය, දූ දරුවන් වැනි දේවල් එක්ක අපි ජීවිතේ කොතරම් පරිත්‍යාගයන් කරලා ඇද්ද? එවන් ගැහැණියන් අපේම කරගන්න අපි කොච්චර නිර්මල "ප්‍රේම් ජයන්ත්ලා" වෙන්න ඇද්ද? මට මේ කොටස බොහෝ දේවල් මතක් කරා. මේ හඳුණාගැනීම සහ මේ දරාගැනීමේ ශක්තිය අළුත් පරපුරට දැණෙන්නේ කොහොමද කියලා මම ගොඩාක් වෙලාවට හිතනවා.
තව ගොඩාක් දේවල් උඹේ පෝස්ට් එකත් එක්ක කතාවෙන්න හිතෙනවා. දැනට උඩ කොටසට අදාලව නවත්වන්නම්.
මචං ඔය රෙඩ් ලේඩි පපායාද ලංසි පැපොල් කිව්වේ? පැපොල් කනකොට දෙහි කෑල්ලක් තියනවා පැත්තකින් උඩට මිරිකගන්න. ඒ කාලේ හෝටල්වලින් තමයි මටත් පැපොල්වලට දෙහි බින්දුවක් වැටුනාම තියෙන රසය වැටහුනේ. ගම්වල වරකා කනකොට ගම්මිරිස් කුඩු ටිකක් ඉහිනවා වගේ , හෝටල්වල පැපොල්වලට දෙහි බින්දුවක් දාගන්නවා. යුරෝපේ එවුන් කන්නෙම එහෙමයි.
උඹ පාටියට යනවා නේද අන්තිමට? මට ඔය වගේ වෙලාවට වයිෆ් කියනවා...මෙතන හිටියට හිත තියෙන්නේ එතනනේ...ගිහින් වේලසනින් එන්න කියලා. මම එතකොට යනවා නෙමේ ඉගිල්ලෙනවා.
අරූ,
Deleteබොහොත් ශුක්රාන් හබීබි...:)
මචං ඔය රෙඩ් ලේඩි පපායාද ලංසි පැපොල් කිව්වේ?
නෑ මචං ලංසි පැපොල් සහ රෙඩ් ලේඩි කියන්නෙ වර්ග දෙකක්. රෙඩ් ලේඩි කියන්නෙ බං බොහොම රස ගුණ අධික විශේෂ පැපොල් වර්ගයක් අවුරුදු විසිපහකට වගෙ උඩදි ලංකාවට ගෙනාවෙ
ලංසි පැපොල් කියන්නෙ මචං ලංකාවෙ එදා ඉඳලම තිබ්බ පැපොල් ජාතියක්..ගෙඩිය අමු කාලෙත් සුදුමැලි පාටයි. ඉදුනමත් වැඩි වෙනසක් නෑ. තද කහ වෙන්නෙ නෑ.
70-77 කාලෙ හිටපු සංස්කෘතික ඇමතිවරයා එස්.එස්. කුලතිලක මහත්මය ගැන තියනව මරු කතාවක් ලංසි පැපොල් හා සම්බන්ධව. එක පාරක් ඔන්න කවුරුහරි සුප්‍රසිද්ධ කලාකාරයො කට්ටියක් ආවලු ඇමති එක්ක සාකච්ඡා කරන්න නාට්‍ය කලාව නඟා සිටුවන්නෙ කොහොමද? චිත්‍ර හා මූර්ති කලාව ජාත්‍යන්තර තලයට ගෙනියන්නෙ කොහොමද අරකද මේකද රටේ නැති එව්ව.
ඇමතිතුමාත් ඔන්න ජනේලෙන් එහා පැත්ත බලාගෙන බර කල්පනාවක යෙදිල ඉන්නවලු සාකච්ඡාවට ඇහුංකං දීගෙන..ඔන්න එක පාරටම එතුමා අතක් උස්සල අර කතාකරමින් හිටිය කථිකයගෙ කතාව නතර කෙරෙව්වලු. ඇමති තුමාට දැන් මේ මෙච්චර වෙලා කියපු කාරණා සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ල වෙන්න ඇතිය කියල කථිකයත් ඇහුවලු " ඔව් ඇමතිතුමා මොකක්ද පැහැදිලි කරගන්න ඕන? " කියල. ඇමතිතුමා ජනේලෙන් එහා පැත්ත අතක් දික් කරල ඇහුවලු " මේ අර පේන්නෙ ලංසි පැපොල් ගහක් නේද? "කියල...කථිකයට මල පැන්න පාර කිව්වලු " ලංසි පැපොල් නෙවෙයි ලබ්බ..යමල්ල බං අපි යන්ට "කියල කට්ටියම නැඟිටල ගියාලු.
තව මරු කතාවක් තියනව උන්නැහෙ ගැන. ඔන්න ඇමති උනාට පස්සෙ ලේකම් කරපු වැඩේ අමරදේවට එන්නෙයි කිව්වලු ඇමතිතුමා හම්බ වෙලා පොඩ්ඩක් දැන හැඳින ගන්න. මොකද ලංකාවෙ අග්‍රගන්‍ය ගායකය නෙව..ඔන්න අමරෙ මාස්ටරුත් ඉතිං ආවලු.
" ම්ම්ම් යුෂ්මතා මොකද කරන්නෙ රැකියාවක් වශයෙන්? "ඇමති ඇහුවලු. මිනිහ කලින් සුපිරිම් කෝට් ජජ්. යුෂ්මතා කියල තමයි නොදන්න අයට කතා කරන්නෙ.
" මම මේ සිංදු කියනව.."අමරදේව තක්බීර් වෙලා කිව්වලු උඩ බිම එහෙම බලල.
" සිංදු කියල කාටද මනුස්සයො හරි ගියෙ?. මොකක් හරි වැදගත් රස්සාවක් හොයා ගන්නවකො.."ඇමති අමරදේවට අවවාද කලාලු.
/ පැපොල් කනකොට දෙහි කෑල්ලක් තියනවා පැත්තකින් උඩට මිරිකගන්න. ඒ කාලේ හෝටල්වලින් තමයි මටත් පැපොල්වලට දෙහි බින්දුවක් වැටුනාම තියෙන රසය වැටහුනේ. ගම්වල වරකා කනකොට ගම්මිරිස් කුඩු ටිකක් ඉහිනවා වගේ , හෝටල්වල පැපොල්වලට දෙහි බින්දුවක් දාගන්නවා. යුරෝපේ එවුන් කන්නෙම එහෙමයි. /
දෙහි නම් මම අනිවාර්යයෙන් දාගන්නව. ඊට අමතරව දාගන්නව ලුණු සුට්ටකුත්...වරකා වලටත් ගම්මිරිස් සහ ලුණු...
මචං මේ කුලතිලක කතා දෙකම ඇත්ත බව පරණ අය කියනවා.
Deleteඅරූ,
Delete/ මචං මේ කුලතිලක කතා දෙකම ඇත්ත බව පරණ අය කියනවා. /
උඹට මම කිව්වය කියල හිතාගං..Assume that I told you... okay?....ඈ බොල උඹ කියන්නෙ එතකොට මම කලිං කිව්ව කතා ඔක්කොම බොරුය කියලද?
පලි - අර ලංසි පැපොල් කතාවෙ කථිකය මහගමසේකර...උදේ මම යාලුවෙක්ගෙන් ඇහුව. ඌ දන්නව ඔය පරණ විස්තර ඔක්කොම.
හා..හා..ඇයි බන් නැත්නම් මුන් හිතයි මෙහෙමත් සංකුර්ත ඇමතිලා හිටියදා කියලා මේ මුතු ඇටේ.
Deleteහිරයක් ගන්නවා කියන්නේ නිකන්ද රවියෝ.. මාර දුකක් එන්නේ කතාවේ අන්තිමට. නිදකින් මෙහෙමත් ගෑණුන්ට බය චන්ඩි..
ReplyDeleteකන්ද කපා පායන් රන් පුන් සඳ.... කියලා ඉවරවෙලා ආ.....ආ......ආ ගාලා කෑගැහුවේ නොනේ උඹේ මොකක් කරි මිරිකුවද...?
ඔය නාමල් උඩුගම මගේ බොක්කක්. ඕකුන් දෙන්න ලව් කරන කාලේ. අරූ ඒකිව බඳින්නේ නැතුව මග අරිනවා. ඒ කාලේ නාමල්ට රට වටේම කෑලි නේ.. ඕන රු කියනවා එහෙනම් අහවල් දවසට බඳිමු කියලා.. ඒ කියලා මූ මාරු.. පිරට ෂෝ වලට.. අරකි අඬගෙන එනවා අපේ ගෙදර.. හැබයි ඉතින් බැඳගන්නකම් අත ඇරියේ නෑ..
නාමලුත් ජෝති වගේම තමයි.. දැන් නම් කෝටා ඉවරවෙලා.. අමධ්‍යප..
උගේ සින්දු නොදන්න එකෙක් නෑ ඒ කාලේ.. මූත් එක්ක සෝ වලට ගියාම, අපිටත් බඩුඉ සෙට් වෙනවා.. පිස්සුම හැදෙනවා ඒ විකාර දැක්කහම නම්..
@ Maathalan...නාමල්ගේ අයියානම් මෙහෙදි හිටපු ගමන් හම්බවෙනවා. නාමල්ටත් වඩා හොඳට ඌට සින්දු කියන්න පුළුවන් කියලා මට හිතෙනවා.
Deleteමාතලන් සහ අරූ,
Deleteනාමල් උඩුගම හඟුරන්කෙත ඉඳල හරි ඉස්කෝලෙ ගිහිල්ල හරි තියනව...මගෙ දෙවෙනි මනමාලය මගෙ හොඳම යාලුවෙක්ගෙ මලය...ඌ නාමල්ගෙ හොඳම ගජයෙක්...නාමල්ගෙ ඒ කාලෙ හිටපු කෙල්ල හදිස්සියෙම මැරිල. අසනීපයක්ද නැත්තං දිවිනසාගැනීමක්ද කියල මට හරියටම මතකයක් නෑ. ඒත් කිරිබත්කුඹුරෙ උංගෙ ගෙදර සෙට් උනහම අරූ, මගෙ යාලුවගෙ මල්ලි, ඕක ඔය විස්තරේ කියනව අපි එක්ක.
එක පාරක් ඒත් අපි සෙට් උනා වැව රවුමෙ මහාමායා එක එහා පැත්තෙ තියන Childrens Park එකේ. එදා රෑ කොහොමහරි නාමල් කොළඹ ඉඳල කොහෙද යනගමං එතනට ඇවිල්ල තියනව. මම පොර එක්ක කතා කරයි කියල අපෙ අනික් එවුං කියනව. බොලාට කියන්ට..අම්මාපල්ල..මට මේ ලෝකෙ දෙයක් මතක නෑනෙ බං...හෙහ්, හෙහ්, නකතං වෙන්ට වැදුනම එහෙම වෙනව. Total memory loss after a certain point of time.
ඔය මගෙ දෙවෙනි මනමාල බුවත් පිස්සු ලෝකෙ. මගෙ මඟුල දවස්වල ඕක වැඩ කලේ කොළඹ..දැන් ඔන්න මඟුල මේ හෙට කියල...මම බලං ඉන්නව මේකා එනකල්..රෑ නමයයි, දහයයි, එකොළහයි ..මේ ***** නෑ..මගෙ බඩ පපුව පත්තුවෙලා දැං..ඇයි බං දෙවෙනි මනමාලයො කියන ජාතිය එහෙම හදිස්සියට හොයාගන්ට පුලුවන්ය?..අනික මුළු ඇඳුංනෙ අඳින්නෙ..මූ හෙණ දඬු බුවා....ඌට ගෙනාපු ඇඳුම වෙන එකෙකුට අන්දවන්න බෑ....හෙහ්, හෙහ්, ඉඳහං ඒ කතාව ආයෙම වෙලාවක කියන්නං.
@ අරූ
Deleteසනත් උඩුගම ඌත් මගේ යාළුවා.. නමුත් උන් මාව දන්නේ මගේ සැබෑ නමින්.. ඌ ලන්ඩන් පැනලා හැංගිලා ඉඳලා වීසා හදාගත්තා. නාමල්ගේ අක්කත් ලන්ඩන්.. අපේ නෝනගේ බොක්කියක්.. එයා නිසා තමයි ඒ පවුලම ෆිට් උනේ..
@ රවියා
Deleteනාමල් නුවර.. ළොකු අයියා එහේ ඉන්නේ.. අහිංසක බුවෙක්.. නාමල් ගූ බයයි පොරට.. උන්ගේ පවුලේ ඔක්කොම වගේ ලස්සනයි..
මාතලන්,
Deleteමචං නාමල් හඟුරන්කෙත නෙවෙයි..තලාතුඔය...මට සුට්ටක් අන්දොස් උනා..දැන් මේ මතක් උනේ...:)
මාතලන්
Deleteරුවන්තිට ටිකට් එක හම්බවුණා කියල කතාවක් අද මට අහන්න ලැබුනා,එහෙනං උඹටත් යාළුකමට උදව් කරන්න වෙයි.
හම්බවෙලා නෑ කියලා තමයි ආරංචිය. ඒකී දන්නෙත් නෑ.. මම ඒකිට කිව්වා මීඩියා එකට වොයිස් කට් දෙන්න එපා නොමින්ෂන් හම්බ වෙනකන් නාන්නයි වෙන්නේ කියලා. මොකෝ ඒකි එකම එක ඉන්ටවීව් එකක් කරලා ඒකේ නාලා තිබුනා. හම්බ උනාද නැද්ද කියලා අහන එක හරි නෑනේ. ඒකී කතා කලෙත් නෑ.. හම්බ උනොත් නම් ඡන්දේ නොදුන්නත් වැඩ කරන්න නම් වෙනවා.. බට්ටෝ පත්තු කරන්න. කැම්පේන් යන්න, මල් මාල අරගෙන දුවන්න. ගාඩ් එකට යන්න කීයක් කියලා ඒවද බන්.. අර්ජුනටත් එක පාරක් සප් එකක් දුන්නා. මගේ යාලුවෙක්ගේ යාලුවෙක් නිසා..
Deleteමාතලන්,
Delete/ නිදකින් මෙහෙමත් ගෑණුන්ට බය චන්ඩි../
අනේ අහවල් චණ්ඩි කමක්ද බාං?..මම ඇවිල්ල බොහොම දාර්මික පොර..සුමානෙකට අඩු ගාණෙ දෙපාරක්වත් බෝ කොළ මැල්ලුම් කනව ..අම්මප....
/ කන්ද කපා පායන් රන් පුන් සඳ.... කියලා ඉවරවෙලා ආ.....ආ......ආ ගාලා කෑගැහුවේ නොනේ උඹේ මොකක් කරි මිරිකුවද…/
හෙහ්, හෙහ්, එවුන්දැගෙ වැඩේම ඕක තමයි..කොහෙ හරි මිරිකනව ..මමත් ඉතිං සද්ද නැතුව ඉන්නව..ආදරේට නෙව.......උදේට මට ඇහැරුනෙ නැතිඋනාම " මේ ඒයි නැඟිටින්නෙ නැද්ද? " කියල අල්ලල මිරිකනව..මම උඩ ගිහිල්ල ඇහැරෙන්නෙ....හෙහ්, හෙහ්,
රුවන්ති ඡන්දේ දින්නොත් නාමල්ව ශුවර් එකට වී අලෙවි මංඩලේ කෙසේ වෙතත් වී මඩුවක් මුරකරන්න හරි දාගන්නවා. රුවන්ති සාලමුල්ලේ නේද (කොලොන්නාවේ ).
Delete@ අරූ..
Deleteඔව් මචෝ.. ඒකි සාලමුල්ලේ.. අක්කා කෙනෙක් කැනඩාවෙත් ඉන්නවා.. බොහොම සාමාන්‍ය මිනිස්සු..
@ රවියා
Deleteඒ උඹේ පවුල හරි වල් බං... මට ලැජ්ජාවේ බෑ.. ඊයා.... (ටෙනිසන් කුරේ ලෙස ඇඹරෙමින්...
අර බෝ කොල මැල්ලුම් කතාව නම් පට්ට බන්.. බොන්නේ පිරිත් පැන් ඉතරක් වෙන්ටෑ...
"මේ ඒයි නැඟිටින්නෙ නැද්ද? " කියල අල්ලල මිරිකනව."
Deleteඉතින් weak try එකකටවත් නැඟිටින්නෙ නැද්ද?
Pra Jay,
Deleteපිස්සු කතාකරනවද ප්‍රා?..රස්සාවට යන්ට පරක්කු වෙලා මම නැඟිටින්නෙ අර කොහෙටද පැට්‍රෝල් ගහපු බල්ල වගෙ?...මොන වීක් ට්‍රයිද? දනිපනි ගාල ලක ලැහැත්ති වෙලා දුවනව කෝච්චිය අල්ලන්ට...
මාතලන්,
Delete/ අර බෝ කොල මැල්ලුම් කතාව නම් පට්ට බන්.. බොන්නේ පිරිත් පැන් ඉතරක් වෙන්ටෑ…/
හෙහ්,....පිරිත් පැන් කිව්වම පොඩි කතාවක් මතක් උනා..අර කාලයක් අපෙ එවුං රෙදි කරට අරගෙන දිව්ව මතකද හාස්කං බලන්ට?...ඉස්සෝරෝම මීවැල්ලාවෙ...බෝ ගහක බුදුහාමුදුරුවො මතුවෙලයි කියල..
ඔය මගෙ පේමකතාවෙ ප්‍රාතමික අවදිය...ඔය කාලෙ ඉතිං " අනේ මම ආසයි අන්දමන් දූපතට යන්ට " කිව්වත් " යමු එහෙනං මම එක්ක යන්නං " කියන කාලෙනෙ. එයයිටත් ඕන කිව්ව මීවැල්ලාවෙ යන්ට..ආ ඒක සිම්පල්නෙ..යමු කියල ඔන්න ගියා..ගියා තමයි...වෑන් බස් පෝලිම තිබ්බ හැතැම්ම හතරක් විතර...පැය දෙකක් තුනක් වගෙ පෝලිමේ ඉඳලත් අන්තිමට හරියට බුදු හාමුදුරුවො බලාගන්ට හම්බ උනේ නෑ.
ඊට පස්සෙ මේ මෑතක ආයම ඔය විකාරෙ පටන් ගත්ත අර දොලු කන්දෙ ගොයිය. ඒක ඊට එහා. එතුමා තමයි වතුර බව්සරේකට පිරිත් නූල දාල එක් සැණෙකින් පිරිත් පැං බව්සරයක් නිපදවීමේ ක්‍රමය ලෝකයට හඳුන්වල දුන්නෙ.
ඊට පස්සෙ ඔන්න මහ ඉඩෝර කාලෙක චන්ද්‍රිකා වැව් බැම්ම ඉස්මත්තෙ පිරිත් මණ්ඩප්පයක් එහෙම ගහල විදුලි මල බංඩලේ උදවිය සරුව රාත්‍රික පිරිතක් කිව්ව වැස්ස ලබාදෙන්ටෙයි කියල කන්නලව් කොරල. දන්නවනෙ විදුලි මල බංඩලේ කියන්නෙ හොර ගුහාවනෙ , ඔය පිරිතෙනුත් මම හිතන්නෙ ගහන්ට ඇති මිලියන දෙක තුනක්.
ඒ වෙලාවෙ පිරිත් නූල දිගට ඇදල දැම්මයි කියනව වැවට. ආන්න කොහොමද මොලේ? උදේ වෙනකොට මුලු ජලාසෙම පිරිත් වතුර. ඇලවල් දිගේ ඔය ගලාගෙන යන්නෙ පිරිත් වතුර මිනිස්සුන්ට බොන්ට නාන්ට රෙදි විතරක් නෙවෙයි පුකත් හෝද ගන්ට. අන්න එහෙමයි අපේ වැඩ. ඊට අමතරව කාවයියො, තිලාපියො ආඳෝ, ඉබ්බො ගෙම්බො යනාදී සියලු සත්ව වර්ගයා ද පිරිත් වතුරෙහි ගිලී නිවී සැනසුණාහුය.
රවී.....උඹ නම් යකඩ යකෙක් බං\. ඉබ්බෝ ගෙම්බෝ සීන් එක කියෙව්වාම පිස්සු හැදුනා. අපි දාමු ස්පෙශල් ප්‍රොජෙක්ට් එකක්.
Deleteමචං රවී,අර රෙඩ් ලේඩි පින්තූරෙ උඹේ නේද.
ReplyDeleteහැලප,
Deleteඒ මොකෝ බං එහෙම කිව්වෙ?...ඕක ගත්තෙ නං ගූගල් ඉමේජස් වලින්.. :)
දාපු අහිංසක හිනාවට ගිහින් එන්න කියලා අවසර දුන්නද දන්නේ නෑ.. කෝම වුනත් අර ගෙදර ටීවි බලපු ක්‍රමේටනම් මගේ හිතත් මාර විදිහටත් ආස හිතුනා.. ඒකේ මරු රොමෑන්ටික් ගතියක් තියෙනවා..
ReplyDeleteදිනේෂ්,
Delete/ කෝම වුනත් අර ගෙදර ටීවි බලපු ක්‍රමේටනම් මගේ හිතත් මාර විදිහටත් ආස හිතුනා.. ඒකේ මරු රොමෑන්ටික් ගතියක් තියෙනවා.. /
අම්මප ඇත්ත බං..පස්සෙ ඔන්න එයයිට ඇරියස් එකක් හම්බවෙලා ගත්ත පුටු සැට් එකක්...
" මේ පුටු සැට් එක ගෙනාවට කමක් නෑ. ඒක අර මුල්ලෙ තියමු.මම නම් දිගටම ටී.වී. බලන්නෙ බිම ඉඳගෙන.."
.ඇරියස් චෙක් එක හම්බවෙච්ච දවසෙ හවස සුපුරුදු පරිදි බිම ඉඳගෙන දිය කැට පහණ බලන අතරෙ ඇය කිව්ව.
මොකෝ අයියේ බිසී ද? ලියන්න පරක්කු වුණේ....
ReplyDeleteඔය සින්දුව "අප හමුවීම වෙන්වීම දෝ ආදරේ" නෙ. අපිත් ඔය පළවෙනි පදය ඔහොමම කිව්වා නමුත් මේකෙ දෙවෙනි පදය ෆීමේල් වර්ෂන් එකක් වගේ. සභාවක් මැද්දේ කෙල්ල ඕක කිව්වහම, අම්මගේ රෙදි කැලේ නේද...
ඒක නෙමෙයි උඹ කාටවත් කියන්න එපා.. මටත් ඔය සමහර හින්දි ෆිල්ම් එහෙම බලනකොට ඇඬෙනවා.... කබි කුශි කබි ගම් කියලා එකක් තිබ්බේ... අනික තමයි ගෝස්ට්, ඉංගිරිසි එක... එක බලලත් ඇඬුවා...
බලමුකෝ ඊළඟ එක.. මම හිතන දේ ද වෙන්නේ කියලා.... :D
>>ඒක නෙමෙයි උඹ කාටවත් කියන්න එපා.. මටත් ඔය සමහර හින්දි ෆිල්ම් එහෙම බලනකොට ඇඬෙනවා....>>
Deleteමටත් එහෙමයි බං. අපේ කොල්ලා දකී කියලා මම අහක බලාගෙන ඉන්නේ. මට හින්දි ඒවට නම් ඇඬෙන්නේ නෑ ඒවා බලන්නේ නැති නිසා.
තිසර,
Delete/ මොකෝ අයියේ බිසී ද? ලියන්න පරක්කු වුණේ.... /
මේ අර මම කිව්වෙ බං..පොඩි වැඩිහිටි අධ්‍යාපන ව්‍යාපෘතියක් පටන් ගත්තනෙ. ඒකයි රැකියා ස්ථානය මාරුවෙච්චි එකයි ..ඒ අස්සෙ පහුගිය සතිය හමාරෙ සෞඛ්‍යය තත්වයයත් ටිකක් අසතුටුදායක උනා. ඔව්ව තුන හතරම හේතු උනා මල්ලි ප්‍රමාදයට...:)
/ සභාවක් මැද්දේ කෙල්ල ඕක කිව්වහම, අම්මගේ රෙදි කැලේ නේද…/
ඔහොම සිංදු හරියට තියනව බං...ප්‍රියාගෙ අර එකක් තියෙන්නෙ " අඳුර අඳුර මගේ සොඳුර සොඳුර මගේ " ..ඕකෙ ඊළඟ පදේ මග අන්තිම අසික්කිත කතාවක්නෙ. පාටියක් වෙලාවකදි එහෙම මම ඔය සිංදුව කියද්දි ඔය කෑල්ල යන්තං තොල මතුරනව විතරයි ඔන්න කොටිම්ම.
/ ඒක නෙමෙයි උඹ කාටවත් කියන්න එපා.. මටත් ඔය සමහර හින්දි ෆිල්ම් එහෙම බලනකොට ඇඬෙනවා../
හෙහ්, හෙහ්, මමත් ඔය එවර් රෙඩි ටු ක්‍රයි මොඩල් තමයි..මම ඔය හුඟක් පිච්චර් දෙපාරක් බලනව...පළවෙනි පාර කතාව මොකවත් බලන්ට වෙන්නෙ නෑ..ටෝටලි ක්‍රයිං..දෙවෙනි දවසෙ තමයි ඔන්න යන්තමට කතාව බලාගන්නෙ...
යකෝ ලැජ්ජාවට නොකිය හිටියාට ඔක්කොම රෙඩි ටු ක්‍රයි මොඩ්ල් එකේ නේ. දුව සමහර වෙලාවට අහනවා මට පිස්සුද කියලා ?
Deleteඅරූ,
Deleteමොකටද බං ලැජ්ජ වෙන්නෙ? උඹ දන්නවද අඬන්ඩ පුලුවන්ය කියන්නෙ... මම මේ කියන්නෙ නිකං බොරුවට කඳුළු පෙරන්ට නෙවෙයි...හඳුංපොත පතුලෙම්ම...එහෙම අඬන්ඩ පුලුවන් කම කියන්නෙ ලැජ්ජාවක් නෙවෙයි බං ඒ ගැන ආඩම්බර කොහොම වෙතත් සතුටු වෙන්න ඕන…
" අනුන්ගේ දුකෙහිදී වහා ළය හුණුවන්නාවූ…" ….ඒක බුදු හාමුදුරුවොත් අනුදැන වදාල ගුණයක්..පර දුක්ඛ දුක්ඛ මුද්‍රාව...පොළොන්නරුවෙ ගල් විහාරෙ අර තියෙන්නෙ හිටි පිළිමෙ..අත් දෙක පපුවට බැඳගෙන..අන්න ඒක තමයි මචං පර දුක්ඛ දුක්ඛ මුද්‍රාව...
මමත් එහෙම තමයි! විශේෂයෙන්ම පිරිමි පක්ෂය කඳුළු හෙලනවා මට බලං ඉන්න බෑ.එතකොට මටත් ඇඬෙනවා...
Delete/දෙතොලඟ යන්තමට හිනාවක් තැවරිල තිබ්බට ඇස් දෙකේ තිබ්බෙ බැරෑරුම් පෙනුමක්. /..........aniwa yanna denne na.....Giyata kamak na kiyala kiwwoth 1 sure1 tama Test1k.....eya oya wenuwen gedara nogihin hitiya.....oyatath ehema asa dewal eya wenuwen kapa karanna puluwanda balanna..............Yanna kiwwa kiyala giyoth iwarai puthe...aye dekak na.......Passe wena randuwakadi gahanne nadda oya turumpuwa.......ha nadda man ahanne.............
ReplyDeleteSacheera,
Delete/ eya oya wenuwen gedara nogihin hitiya../
ඔන්න කිව්ව කතාවක්..පිස්සුද බං?...ඔය අම්මණ්ඩි ගෙදර නොගිහිං හිටියෙ වෙන මොහොකටවත් නෙවෙයි මගෙ ආතල් එකට අකුල් හෙලීමේ පරම පවිත්‍ර ඒකායන චේතනාවෙං...ආය ඒකෙ නෑ දෙකක්..චේතනා බික්කවේ කම්මං වදාමි.චේතනා පරිසුද්ද ඌවත් පෙං හටං පරදී. අසාදාරණ හැඟුං කැටිගැහුනු කුරිරු මිනිසුන්...ඔයා හරි කුරිරුයි මෙයා....එහෙම කිව්වෙ මගෙ පරන පේම වන්තියක්... :)
/ oyatath ehema asa dewal eya wenuwen kapa karanna puluwanda balanna.. /
ඇයි දැං මම විතරද කැප කරන්න ඕන? එවුන්දැට බැරිද පොඩි කැප කිරීමක් කරල එක දවසකට ගෙදර යන්ට ? :)
හෙහ් හෙහ් හේ හැමදාම බොන කතානයි හැබෑටම වෙන වැඩක් නැද්ද ඈ.. ඔයත් බොනපාට් කෙනෙක් වගේ හික්
ReplyDeleteමහේෂ්,
Deleteඔතන සීන් එක මල්ලි මේකනෙව. බිව්වම නැත්තං මධුසාදයකට සම්බන්ධව තමයි මේ වගෙ ලියන්ට පුළුවන් රසබර සිද්ධීන් වෙන්නෙ. ඉතිං එව්ව ලියනකොට රහමෙර ගැනත් ලියන්ටම වෙනව. එතකොට බොලාට හිතෙයි තමයි යකෝ මේ යකා හැමදාම බීලද කොහෙද කියල..හෙහ්, හෙහ්,
අතුරු මිතුරු නං කියවල තියනව. නමුත් ඔය සමහර කතා ටෙලි නාට්‍ය වුනාට පස්සෙ, පොතත් එපා වෙනව මට.
ReplyDeleteබලමු මක්කද වුනේ කියල ඊ ගාවට..
චන්දන,
Deleteඒ කතාවෙන් ටෙලි ෆිල්ම් එකක් ගැහුවද කියලනම් දන්නෙ නෑ මල්ලි. ඒත් ඔය අපෙ පෙර යොවුන් විය කාලෙ අපි පැල් බැඳගෙන කියවපු නවකථාකාරයො හිටිය කීප දෙනෙක්. කුමාර කරුණාරත්න, ජයකොඩි සෙනෙවිරත්න, එඩ්වඩ් මල්ලවාරච්චි,කරුණාරත්න සපුතන්ත්‍රී, තව හිටිය චන්ද්‍රසේකර මල්ලවාරච්චිද කොහෙද කියල කතුවරයෙක්...රණ තිසරු, පතිනි, රන් කුසලාන, සුදු රෝස, සෙව්වන්දි,ගංගා සහ නිශ්ශංක.මට මතක පොත් කීපයක්...
මචං ඔය උඹ කියන අකුරු හයේ නම් තියෙන කතා ලිව්වේ කුමාර කරුණාරත්නද, කරුණාසේන ජයලත්ද?
ReplyDeleteමචං අපිත් දෙහිඅත්තකණ්ඩියේ ක්වාටස් එකේ ඉන්නකල් අරලගම්විලෙන් ගෙන්නගත්ත රබර් ක්වයර් මෙට්ට්‍රස් බිම දාලා නිදාගත්තේ.
හෙන්රි,
Delete/ මචං ඔය උඹ කියන අකුරු හයේ නම් තියෙන කතා ලිව්වේ කුමාර කරුණාරත්නද, කරුණාසේන ජයලත්ද? /
ඒ අකුරු හයේ නම් තියෙන පොත් ලිව්වයි කියන්නෙ කරුණාසේන ජයලත්. ගොළු හදවත,බඹා කෙටූ හැටි, මුව දඩයම, ලස්සන ඇස්, ගැහැණු ළමයි, රිදී නිම්නය, සතීගේ කතාව, හතුරු හිතක්,පිරුණු හඳක්, කුල කුමරිය.....
කුමාර කරුණාරත්නගෙ මේ පොත් තුනේ නම අකුරු හයක් උනාට ඒ අහම්බයක්...එයාගෙ ඔක්කොම පොත්වල නම් එහෙම නෑ. රතු රෝස, සෙව්වන්දි, ඕලු, වසන්තේ දවසක්....
/ මචං අපිත් දෙහිඅත්තකණ්ඩියේ ක්වාටස් එකේ ඉන්නකල් අරලගම්විලෙන් ගෙන්නගත්ත රබර් ක්වයර් මෙට්ට්‍රස් බිම දාලා නිදාගත්තේ /
හෙහ්, බිම නිදාගන්න එකත් හෙණ ආතල්....අරලගංවිල අපි එනව නිතර...අපෙ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය තිබ්බෙ එහෙ. අනික ඒ දවස්වල නාට්‍ය එහෙම ගෙන්නුවම පෙන්නන්නෙ අරලගංවිල මහා විද්‍යාලයෙ හෝල් එකේ. ඉතිං අපි එනව ජීප්වල පැටවිල නාට්ටිය නරබන්ට…
අරලගංවිල තිබ්බ රන්තරු කියල රෙස්ටෝරන්ට් එකක්..ඔතන තමයි අපි පොඩි ආතල් එකක් ගන්නෙ, නාට්ටිය බලන්ට ඉස්සෙල්ල. සකෘදාගාමී තත්වයට පත්වෙලා තමයි යන්නෙ නාට්ටිය බලන්ට. රාජකපුරු බලන්ට ගිහිල්ල හපොයි කරපු විකාරයක්...හෙහ්, හෙහ්…
මේ දවස්වල අයි.ටී.එන්. එකේ යනව රන්තරු කියල කතාවක්..පෙසන්නාඅරච්චි ගොයියගෙ ඉස්ටෝරි එකක්. ඒකෙ ඉන්නව ජනක් ප්‍රේමලාල්. මට මිනිහ දකිනකොටත් හිනායනව රාජකපුරු සීන් එක මතක් වෙලා.. ඒකත් ලියන්නං වෙලාවක...හෙහ්, හෙහ්,
සුවඳ සබන් ඇඟ ගාලාම ලියපන්. රවීන්ද්‍ර යසස්, සරත් කුලාංග...හොරණ අය තමයි වැඩිය හිටියේ..
Deleteඇත්තමය් එක පාරකුත් කීවා වගේ මටනම් ඉරිසියය් අප්පා අය්යගේ ජීවිත අත්දැකීම් වලට. ඒ වගේම ඉරටම ගැලපෙන හඳ :)
ReplyDelete"'
බඩ කොරවීම බඩයාම දෝ පාචනේ…
බුරු බුරු ගාල ගියෙ මාගෙ මල් ජංගියේ....
අපි කිසිදාක පෙති බිව්වෙ නෑ යාළුවේ....
බඩ රිදවන්නෙපා ආයෙ පණු හාමිනේ....."'
අපිත් ස්කොලේ යන කාලේ මේ සින්දුව දන්නවා. මන් හිතන්නේ ඒ කාලේ ස්කොල වල ඔය වර්ෂන් එක තමා ජනප්‍රිය උනේ . හැබය් අපි නම් හිටියේ එතකොට 9,10 වසර විතර. මට හොඳට මතකය් අපි 8 දී තමා නාමල් ගේ ජනප්‍රියම කාලේ. අපේ පන්තියෙත් හිටිය එඅ පිස්සුව තිබ්බ ළමයෙක් පින්තුර, පත්තර එහෙම එකතු කර කර. එක දවසක් බෑග් චෙක් කරන්න පංති වලට ප්‍රිෆෙක්ට්ස් ල පැනල ඒ ළමය ඒවා හන්ගගත්තේ සපත්තුව අස්සේ. ඊට පස්සේ නාමල්ව පෑගෙනවා කියල දුකට ප්‍රිෆෙක්ට්ස් ල යනකන් ඇවිදින්නේ නැතිව හිටියා . මටනම් ඉස්සර ඉඳන් ඔය අඬවැඩියාව පේන්න බෑ .
අපේ මනුස්සයත් මේ ලඟකදී ඉඳන් හොරාට බොන්න පටන් අරන් මට අහු උනා. ඊට පස්සේ ශේප් එකේ අවසර ඉල්ලුවා. මාත් ඉතින් පෙර වැරදි නැති නිසා සලක බලලා කොන්දේසි සහිතව අවසර දුන්න. දැන් අඩුගානේ ඉන්න තැන කියල අවසර අරගෙන ලිමිට් සහිතව වැඩේ යනවා . :) හැබය් ගෙදරින් නම් මට බැනුම් මන් තමය නරක් කරගන්නේ කියල
මෙකුවි,
Delete/ ඇත්තමය් එක පාරකුත් කීවා වගේ මටනම් ඉරිසියය් අප්පා අය්යගේ ජීවිත අත්දැකීම් වලට. /
අඩේ ඉරිසියා කරන්න එපා බොල...ඉරිසියා කරන්න එපා...හවහට බුදු හාංදුරුවංට මල් පාං තියල දොහොත් මුදුං දීල වැඳල පාර්තනා කරහං අනේ බුදු හාමුදුරුවනේ..මේ කරගත්තාවූ පිං බල මහිමයෙං ලබන ආත්මයේදීවත් මට අර රවී නම්වූ මහා පුරුෂයාණන් මෙන් ජීවිත අත්දැකීම් ලැබීමට හේතුවාසනා වේවා!!! සිද්ධි රස්තු!!!
/ මාත් ඉතින් පෙර වැරදි නැති නිසා සලක බලලා කොන්දේසි සහිතව අවසර දුන්න. දැන් අඩුගානේ ඉන්න තැන කියල අවසර අරගෙන ලිමිට් සහිතව වැඩේ යනවා . :) හැබය් ගෙදරින් නම් මට බැනුම් මන් තමය නරක් කරගන්නේ කියල /
පිස්සුද බං?...ඔන්න ඔහෙ පොඩි චාන්ස් එකක් දීපං...තනිකර හිට්ලර්ගෙ නැන්දම්ම වගෙ වැඩ කරන්ට ගිහිල්ල වැඩේ අනාගන්ට එපා....ජීවිතේ කියන එක එහෙම බෑ බං නඩුකාරයො තීන්දුදෙනව වගෙ වැඩ කරන්ට. ඒකට තියෙන්න ඕන තේරුම් ගැනීම සහ සුහදත්වය..අනික් එක අන්‍යෝන්‍ය ගෞරවය..අන්න ඒක බොහොම වැදගත්...ඒක නැතිඋනොත් බොහොම අමාරුයි වැඩේ..ඉතිං බලාපං එතුමා උඹෙන් අවසර ඉල්ලුවනෙ....මොනතරම් වටිනා පුද්ගලයෙක්ද? අන්න ඒ අවබෝධය දිගටම තියාගං..වෙන මොකවත් ඕන නෑ..තේරුණය බොට?
ඔන්න ඕකනේ ගෑණුන්ට වෙන වැඩේ ..අනුකම්පාව ..අච්චර ප්ලෑන් ගහල වැඩේ අල කලත් පස්සේ පව් කියල හිතෙනවා .
ReplyDeleteකෙල්ලගේ සින්දුව නම් මරු.
ඔන්න මෙහෙ අවුරුදු දෙකක් ඉඳල මන් ආපහු ගියා පොඩි දෙන්නත් එක්ක .නිවාඩුත් ඉවරයි නිසා. කෙල්ලොත් ඉස්කෝලේ දැම්ම . ස්කුල් වෑන් එකක ආවේ ගියේ දෙන්න . මෙන්න දවසක් ලොක්කි කියනව අලුත් සින්දුවක්
''කිරි කෝපි එකට ගඩොල් වැටිල
කෝපි රතු වුණා
මගේ මෝඩකමට ඒක බිලා
පිස්සු වැඩි වුණා ''
වැඩිම වුනොත් සති දෙකක් යන්න ඇති ඒ වෙද්දී. මන් බයේ හිටියේ වැඩිය සිංහල බැරි වෙයි කියල ..ඔන්න ළමයි .
ආපෝ නාමලය ද ..මතක් කරන්න එපා .මට ගුරු ජිවිතේ එපා වෙන්න ඔය මනුස්සයත් එක හේතුවක්. [ අපේ උන්ද නම් කියන්නේ මන් තමය ලාංකීය ශිෂ්‍ය පරපුරට අමිල සේවයක් කලේ කියල , ගුරු සේවයෙන් අයින් වෙලා ]
හේතුව මේකයි මගේ ඉස්කෝලේ තිබ්බේ කටුනායක .කොළඹ ඇවරිවත්ත බස් එකේ තමයි යන්නේ . ඒ කාලේ තමයි ඔය නාමල් උඩුගම හුඟක් ජනප්‍රිය . වැඩියම ජනප්‍රිය . ඔය බස් එකේ වැඩිය යන්නේ ඉතින් කලාපයේ ගැහැණු ළමයිනේ. ඉතින් නැග්ග වෙලේ ඉඳන් බහින කම් මේකා ගිරිය යටින් සින්දු කියනව .අද නම් හිනා ගියාට ඒ කාලේ නම් මට කන්න තරහයි. ඔය බස් ගමන නිසාමයි මට රස්සාවත් එපා වුනේ.
දැන් බලද්දී ඒ කාලේ ජෝතිට බැන්න වගේ තමයි. ..නාමල් හොඳයි වගේ පස්සේ ආපු අර ගඳපාන මලේ ඉඳන් කෙහෙල් මලක් වත් අත නෑර සින්දු කියපු එකාට වඩා . තව හිටියා අටමස්තානේ , වෙහෙරහේන , වැවුරුකන්නල ආදී සියලු පන්සල් ගැන සින්දු කියාපු හාදයෙක්. ඔය හැම සින්දුවක්ම එකම තාලේ . ඒකයි මට නම් අල්ලන්නෙම නැත්තේ . ''න'' කියල මහා මෝඩ ඇදිල්ලක් අදිනවා හැම පදේම අන්තිමට ..
එව්වයින් වැඩක් නැහැ . අර බිම ඉඳන් ටීවී බලපු කාලේ නම් හරිම රසවත් නේද . මමත් වැඩිය බඩු මුට්ටු නැති ගෙයකට තමයි කැමති.
අර ජපන් කොරියන් ක්‍රමේට බිම ඉඳන් පොඩි ස්ටුල් එකක කෑම කන විදිහට මන් ආසයි. කොරියන් කතාවල වගේ රෑට බ්ලැන්කට් එලාගෙන නිදාගෙන උදේට අකුලලා කබඩ් වලට දාන්න තියෙනව නම් කාමර වල කොච්චර ඉඩ තියෙනවද . කොහෙද ඉතින් අපේ ගෙවල් වල තඩි මේස , පුටු සෙට් ...ඒ මදිවට පුටු වල ඉටි රෙදි දාල වහලත් එක්ක . වැඩිය බඩු නම් ඕනෑම නැහැ . ඕනෑම නම් ඔය අලුත් විදිහට සරල මෝස්තරයේ මේසයක් පුටු ටිකක් තිබ්බම ඇති සාලෙට . බිත්තියට අල්ලල කබඩ් ටිකක් ගහගත්තම ලට්ට ලොට්ට පොත් පත් තියන්න එච්චරයි .
බිම ඉඳ ගන්න එක සෞඛ්‍යය ටත් හොඳයි . ඔය කිව්වට මාත් ඉන්නේ'' අපේම නොවෙන අපේ වගේ '' කුලී ගෙවල් වල . ඕන හැටියට නෙමේ බඩු භාණ්ඩ ..හ්ම්
Bindi,
Deleteහපොයි ඔය බස් ගමනාගමනය මටත් එපාම උනේ ඔය සිංදු නිසා...බස් අජිත් කියල හිටිය මතකද?...අයියෝ...විලාප තියනව…..පදෙන් පදේ අන්තිමට අ..අ..අ..අ..අ..අ..අ.අ...කියල අදින ඇදිල්ල තමයි මල් මසුරං…
සුදු අරලියා මල…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
පිපුනේ ඇයි තනිව…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
ලෙංගතු ඇසුරකට…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
මට දැං අවසරද…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
දර පලලා හවස…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
නෑවෙත් නෑනෙ මම…... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
දාඩිය ගඳ හමන …... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
ඉවසන්නට බැරිය …... අ.. අ ..අ ..අ ..අ.. අ ..අ ..අ ..අ ..
ඒ දවස්වල මම ඔය කොලඹ එහෙම ගිහිල්ල ආපහු එනකොට නුවර බස් එකට නඟින්ට ඉස්සරවෙලා අහනව කොන්දගෙං..
" මේ අජිත්ගෙ කැසට් තියනවද? "
" ඔව්..ඔව්...අජිත්ගෙ කැසට් තුනක්ම තියනව.."
" ආ..එහෙමද?.... එහෙනං මම ඊලඟ බස් එකේ එන්නං "
නාමලයගෙ සිංදු ඒ අතින් දාහක් හොඳයි..
සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා,
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා ,
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා ,
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා,
අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් ,
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් ,
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් ,
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් ,
සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී ,
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි ,
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී ,
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි,.
සිතුල් පව්ව ගැන කියනකොට බොහොම අනුවේදනීය කතාවක් මතක් වෙනව. අවුරුදු විස්සකට වගෙ උඩදි අපි යාලුවො හත් අට දෙනෙක් වෑන් එහෙක ගියා සිතුල් පව්වෙ. දවල් එකොළහට වගෙ ඇති. ඒ යන පාර අයිනෙ අවුරුදු දාසයක දාහතක වගෙ කොල්ලො කෙල්ලො හතර පස් දෙනෙක් දණගහගෙන ඉන්නව පට්ට අව්වෙ. ඒ ළඟ ඉන්නව උස මහත කළු මැරයො වගෙ දෙතුන් දෙනෙක් පොළු එහෙම අතේ තියාගෙන. මිනිස්සු ඒ දිහා බලනව . වහාම අඩිය ඉක්මන් කරල යනව.
අපි විස්තරේ අහල බලනකොට ඒ පොළු අරං ඉන්නෙ විහාරාධිපති හාමුදුරුවං පත්කරපු විනයාරක්ෂක බලකාය. අර කොල්ලො කෙල්ලො රංචුව අත් අල්ලගෙන හිනා වෙවී සිතුල් පව්ව වඳින්ට ගියයි කියලයි ඒ දඬුවම් දීල තියෙන්නෙ. අපිට නේද? මේක දැක්කම ලේ රත් උනා. ඇයි යකෝ? සිද්ධස්ථාන වල හැසිරෙන්න ඕන විදිහක් තියනව තමයි. ඒත් එහෙම නොකරයි කියල මේ ගිණි මද්දහනෙ දණ ගස්සල තියන්ට කියල නියෝග නිකුත් කරන්ට හාමුදුරුවන්ට තියන බලය මොකක්ද? ඕන නම් විහාර භූමියෙන් පිටවෙන්ට කිව්වැකි වැඩිම උනොත්. එක මනුස්සයෙක් වත් කතා කරන්නෙ නෑ මේකට විරුද්දව. ඕන මංගල්ලයක් කියල අපි ගිහිල්ල ඇද්ද කචල් එක. අර පොළු කාරයො ඉස්සෙල්ල ආව වලියට. ඒත් අපේ කට්ටිය හත් අට දෙනෙක් හිටියනෙ. අනික උසයි මහතයි, රැවුල් එහෙමත් වවාගෙන හිටපු හින්ද අන්තිමට උං ටිකක් පස්ස ගැහුව. අපි කිව්ව මෙයාල වැරැද්දක් කරල කියල ඔයාල හිතනවනම් පොලීසියට බාර දෙන්ට කියල. එහෙම නැතුව මෙහෙම දඬුවම් කරන්ට ඔයාලට තියන බලය මොකක්ද කියලයි අපි ඇහුවෙ..කොහොම හරි අර පොඩි එවුංට අන්තිමට යන්ට හම්බ උනා. ඔන්න ඔහොමයි අපේ බුද්ධ පුත්‍රයින්ගෙ වැඩ. ඔය මම හිතන්නෙ මේ අද තියන බෞද්ධ ත්‍රස්තවාදයෙ මූලාරම්භය.
ඉස්සර ඔය විහාරයේ තිබුනා සිමෙන්තිවලින් වටකරපු ටැන්කියක් වගේ එකක්. මම ගිහින් බලන කොට ඒක ඇතුලේ කුඩුකරපු අරක්කු,බියර් බෝතල්. පස්සේ මගේ මස්සිනා (යාල වැඩ කරේ )කිව්වා මිනිස්සුන්ගේ බෑග් චෙක් කරලා බෝතල් තිබුනොත් අරන් අර ටැන්කියේ ඇතුලේ පොලවේ ගහනවා කියලා.
Deleteඅසාධාරණයට විරුද්ධ වෙන්නෙත් එහෙමත් කෙනෙක් ..බෝතල් නම් ඕන නැහැ තමයි. මොකද පුජනිය බව පැත්තකින් තිබ්බත් පරිසරය විනාශ කරන නිසා. කෙල්ලෝ කොල්ලෝ අතින් අල්ලන් යන එක නම් තහනම් කරන එක කොච්චර පව්ද. කවුද දන්නේ ගෑනු ළමයින්ට අමාරු නිසා උදව් කරනවද කියල. අර වාන් පතුල් කතාවේ වගේ
Deleteමේ රවියගෙ කමෙන්ට් පෝස්ට් එකට වැඩියෙ රහයි.
Deleteහික් හික්...අර සින්දුව තමා මරු. පොඩි උන් හින්දා අම්මල තාත්තලාගේ රෙදි යනවා වෙලාවකට. ඔය පොඩි එකා දැන් ලොකු ඇති නේද? මේ බ්ලොග් එක කියවනවද දන්නෙත් නෑ.
ReplyDeleteඩයනා කුමාරි මැරිච්ච දවස මටත් මතකයි අපි 6 වසරේද කොහෙද. මම හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ. හොස්ටල් එකට ටී වී එකක් නැති හින්දා එහා පැත්තේ තිබ්බ ගුරු නිවාසෙට ළමයි ටික එක්ක ගිහින් තමයි අවමගුල බලන්න දුන්නේ. අපේ කට්ටිය නම් කළේ විලියම්ටයි හැරී ටයි ලයින් දදා හිටපු එක තමයි :))
සයුරි,
Delete/ ඔය පොඩි එකා දැන් ලොකු ඇති නේද? මේ බ්ලොග් එක කියවනවද දන්නෙත් නෑ. /
දැන් අවුරුදු දෙහෙක විතර දරුවෙකුත් ඉන්නවය කියල ආරංචි උනා....හෙහ්,හෙහ්, කවුරුවත් මගෙ ඔය හිත මිත්‍රාදීන් තවම මේක කියවෙන්නෙ නම් නෑ මයෙ හිතේ. මොකද උං තාම මා එක්ක හිනහවෙලා කතාබහ කරනව දැක්කහම. :)
අන්තිමේදි කොහොම හරි යාලුවන්ගෙ සෙට් විමට අනුමැතියක් ලැබෙන්න ඇති මයෙ හිතේ.....
ReplyDeleteමම මේ කල්පනා කලේ මේකෙ මුල ගියපාර නවත්තපු තැන. ඊට පස්සෙ ලෝකෙ වටේ රවුමක් අරං ගිහින් ආයෙමත් එතතෙන්ට ගේන්න හෑහෙන්න හැකියාවක් තියෙන්න ඕනෙ.
දයා,
Deleteඅන්න ඒකනෙ කියන්නෙ..ඔන්න දයාට තේරෙනව පූර්වාපර සන්ධි ගලපල කතාවක් කියන එක කොච්චර අමාරුද කියල....පාටියට ගියාද නැද්ද කියල කියන්නෙ ඊලඟ කොටසෙදි...
රස වින්ද බව ලියලා තියන්ටම ඕනි කියලා හිතුනා. ඉතින් එදා පාටියට ගියාද ?
ReplyDeleteතිලක,
Deleteස්තූතියි තිලක්...එව්ව පස්සෙ..එව්ව පස්සෙ :)
අපිත් එතන හිටියා වගේම දැනෙන්න ලියලා තියෙනවා. බිරිඳත් සමඟ සිටීම වෙනම සතුටක්. ඒ වගේම තමයි තමන්ගේ හිතට අල්ලන මිතුරැ කැළත් සමඟ මධුවිතෙන් සප්පායම් වෙමින් ගන්න ආතල් එක.
ReplyDeleteඩයනා මැරෙන කොට අපි හිටියේ ලංඩනයේ අපේ වෙඩිමට ලංකාවට එන්න ලක ලැහැස්ති වෙමින්. අපි එතුමියගේ මාළිඟය ගාවට ගියත් මතකයි.
පාලිත පෙරේරා හා ප්‍රේමසර තමයි ක්‍රිකට් සිංහල කථාකරන ජන කොටස අතර ප්‍රචලිත කරේ. මම අහල තියෙනවා පාලිත තවත් දවසක සුලෝහිත සංග්‍රාමයේදී "අම්මට හුඩු තවත් හයේ පහරක්" කිව්වා කියලා.
උඹේ ලියුම් රහයි ! උඹට ජය!!
චන්දන,
Deleteබොහොම ස්තූතියි මල්ලි..හෙහ්, පාලිත පෙරේර ගැන ඔය අම්මට උඩු තවත් හයේ එකක් කියල කිව්වය කියල කතාවකුත් තියනව තමයි. මට උඹ කිව්වමයි ඔන්න මතක් උනේ...
බොහොම රසවත් බ්ලොග් එකක්... සැරයක් දෙකක් කියෙව්වට, නිතර එන්න බැරිවීම ගැන දුකයි. ළමයි ටක් ගාලා ඔහොම අලුත් සිංදු ඉගෙන ගන්නවා. මේ ළඟදි දවසක අපෙ වාට්ටුවට ආපු අවුරුදු 4 පුංචි පුතෙක්... කිවේ වයි දිස් කොලවෙරි කොලවෙරි සිංදුව... ළමා ගීත හරි ඈතයි මේ අයගෙන්. මටත් ඔය රයිස් කුකර් නැතුව බත් උයනවා කියන එක බොහොම අමාරු වැඩක්.... සෙට්වෙන එකට අනුමැතිය නොදෙන එකමයි හොඳ.... ලිවර් ඩැමේජ්, හාට් ප්‍රොබ්ලම් ආවම වයිෆ් ට තමයි කරදරේ ඔන්න...
ReplyDeleteඅනිත් කොණ,
Deleteබොහොම ස්තූතියි, එහෙම තමයි අප්පා. හැමෝටම වැඩනෙ ඉතිං නැද්ද? ඉඳහිට හරි කියවන එකම මදැයි , :)
/ සෙට්වෙන එකට අනුමැතිය නොදෙන එකමයි හොඳ.... ලිවර් ඩැමේජ්, හාට් ප්‍රොබ්ලම් ආවම වයිෆ් ට තමයි කරදරේ ඔන්න /
ඔන්න ඉතිං ...එතකොට මේ මත්පැන් පානයට විරුද්ද අනේ මේ මනුස්සයට අයහපතක් වෙනවයි කියල හිතල නෙවෙයි වයිෆ්ලට කරදරේ හින්ද..එහෙමයි එතකොට නේද? :)
චිත්ත රූප ගොඩායි... :) නිර්වයාජව හැම දේම ලියලා තියෙනවා..
ReplyDeleteහැමදාම වගේ අදත් රසවින්දා රවී... :)
සඳා,
Deleteහැමදාමත් වගෙ බොහොම ස්තූතියි සඳා...:)
//ඒත් කතන්දර කියන්නෙ කතන්දර..බොලඳ කතාවලට උනත් මම එදත් කැමතියි අදත් එහෙමයි.ඔය රූපවාහිනියෙ අයි.ටී. එන්. එකේ යන ටෙලි නාට්‍ය තියනව නේද? ...මමයි අපෙ උන්දැයි ඔව්ව එකක් නෑර බලනව කඳුළු පිහ පිහ....හෙහ්, හෙහ්, //
ReplyDeleteමේක නම් සහතික ඇත්ත..උක්දඬු හපන්නැහේ බලන්න පුළුවන් එව්වා තමයි ඔය කතන්දර..බලලා ඉවර වුනාම දුක නැතිව හපයක් වගේ විසිකරන්න පුළුවන්..ඒක නිසා ඔය සුජීව ප්‍රසන්නාරච්චිගේ කුමාර කරුණාරත්නගේ පොත් මම කියෙව්වෙම යාළුවන්ගෙන් ඉල්ලගෙන හරි පුස්තකාලෙන් හරි..කිසිම කරදර නැති කතන්දර අප්පා..කියෙව්වා රසවින්දා..
ඔය බරපතල කතන්දර වගේ ඒකෙන් දෙන පණිවුඩ තේරුම් ගන්න හැංගිලා තියන යටි අදහස තෝරගන්න කරදර නෑ..
රූ,
Deleteඒකනෙ කියන්නෙ..ඔය කොයිවත් රසවිඳින්න පුලුවන් හැකියාවක් තියෙන්න ඕන කියලයි මම නම් හිතන්නෙ..සම්භාව්‍ය නම් එහෙමයි, සරළ එදා වේල කතානම් එහෙමයි. ෆයිව් ස්ටාර් හොටේල් එහෙකට ගිහිල්ල සෙවන් කෝස් ඩිනර් එකක් එන්ජෝයි කරනව වගේම රෑට දෙකක් දාගෙන සයිවර් කඩේකිං තෝස සාපාට්ටුවක් ආතල් එකේ දාන්නත් පුලුවන්නම් ඒකයි නියම රසිකත්වය ..මොකෝ ඔබ තුමී කියන්නෙ? එකඟද නැද්ද?
ඔය ටෙලි නාට්‍ය සම්බන්ධව මරු කතා තියනව. මේ දවස්වල අයි.ටී.එන්. එකේ යන පබසරා බලනවද? ඒකෙ ප්‍රධාන චරිතයකට හිටිය ජගත් බෙනරගම. හිටපු ගමං ඒ මනුස්සයව මරල වැවක දාල. කතාව ගොඩ නැඟීගෙන ආපු විදිහට ඒ සිදුවීම අස්වාභාවිකයි, බොහොම අභව්‍යයයි. අපි ඔය ගැන කතාකලා මොකක්ද මේ පිස්සු වැඩේ කියල..පස්සෙයි ආරංචි උනේ..ජගත් බෙනරගම මේ පාර බස්නාහිර පළාත් සභාවට ඉල්ලනවලු ජෙනරල්ගෙ පක්ෂෙන්..ආන්න හේතුව.. ඉතිං මිනිහව මරල වැවක දැම්ම. කොහොමද රජ්ජුරුවන්ගෙ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය? ආසියාවේ අයිස්වරිය? Miracle of Asia නෙවෙයි Debacle of Asia...:)