මගේ ආදර දුවේ..............
මා බොහො ම කුඩා දරුවකු ව සිටි අවධියේ අපි වාසය කලේ කුඩා නගරයක් වූ පව්ලොවෝ පොසාඩ් පෙදෙසෙහිය. එහිදී වරෙක මගේ දෙමව්පියන් විසින් මා හට ඉතාමත් අලංකාර බෝලයක් තෑගි කරන ලද අතර එහි අලංකාරය විස්තර කිරීමට තරම් මා සතු වදන් ප්‍රමාණවත් නොවූ බව කිව යුතුය. එය සුර්යයා සේ අලංකාරය. නැත. එය සුර්යයාටත් වඩා අලංකාරය. සුර්යයා මෙන් නොවේ, කෙනෙකුට එය අපහසුවකින් තොරව පියවි ඇසින් නැරඹිය හැකි අතර එය සුර්යයා මෙන් සිව් ගුණයක් අලංකාර වූ බව මට සිතිණි. එයට හේතුව එය අලංකාර වර්ණ හතරකින් සමන්විත වීමයි. සුර්යයා සතුව ඇත්තේ එකම එක වර්ණයක් පමණක් වන අතර එයටද පිළිගත හැකි නමක් නැත. එනමුදු මගේ බෝලයට.......... එහි එක් කොටසක් පෙපර්මින්ට් පෙත්තක් සේ රෝස පැහැතිය. තවත් කොටසක් චොකලට් පෙත්තක් සේ දුඹුරු පැහැතිය. තුන්වැන්න ගගන සේ නීල වර්ණ වූ අතර අනෙක් කොටස තණ බිමක් මෙන් හරිත වර්ණ විය.

කුඩා නගරයක් වූ පව්ලොවෝ පොසාඩ් හි කිසිවකු ඉන් පෙර එවැනි අලංකාර බෝලයක් කිසි දිනෙක දැක නොතිබූ බව සහතිකය. මා පියා විසින් එය මිල දී ගෙන තිබුනේ මොස්කව් නගරයෙනි. මට හිතුණු පරිදි මොස්කව් නගරයේ පවා මෙවැනි අගනා බෝල හිඟ විය යුතුය. ඒ මන්ද යත් වැඩිහිටියෝ පවා මගේ අලංකාර වස්තුව නැරඹීමට නිතර නිතර පැමිණි නිසාය.
“අනේ...... මොන තරම් අගනා, අලංකාර බෝලයක්ද?” ඔවුන් හැමදෙන, හැමවිට මගේ බෝලය වර්ණනා කරන්නට විය.
එය සැබවින්ම ආදරණීය වස්තුවක් විය. එනිසාම මම ඒ පිළිබඳව ඉමහත් ආඩම්බරයකින් පසුවීමි. මගේ දරාගත නොහැකි ආඩම්බරය කොතරම් ද කිවහොත් මා පසුවූයේ එම බෝලය මා විසින්ම නිපදවා මා විසින්ම වර්ණ ගැන් වූ සේය. මා එය ද ගෙන සෙල්ලම් කරනු පිණිස නිවසින් පිටතට ගිය විට, සැමවිට ම හතර වටින් ම කොල්ලෝ කුරුට්ටෝ පැන ගෙන එන්නට විය.
“ශා................. මරු බෝලයක්නේ” ඔවුන් හැම දෙනෙකුගේ ම මුව රැව් පිළිරැව් දුන් වදන එය විය. “කෝ... කෝ...... මටත් ටිකක් දෙන්නකෝ සෙල්ලං කරන්න” ඉල්ලීම් නිමක් නැති විය.
නමුදු මා නොවේ කිසිවෙකුට එය ඇඟිල්ලකින් තරම්වත් ස්පර්ශ කරනට අවස්ථාව දුන්නේ. “බැහැ දෙන්නේ නැහැ. ඒක මගේ බෝලේ. මගේ විතරමයි. ලෝකේ කාටවත් නැහැ මේ වගේ ලස්සන බෝලයක්. මේක මගේ තාත්තා මට ගෙනාවේ මොස්කව් නගරයෙන්. දුවනවා අහකට. අල්ලන්න කියලා හිතන්නවත් එපා!” මම මගේ ආඩම්බරය මොනවට කියා පෑමි.
එවිට ළමයින් සියලු දෙන එකතුව මට බැන වදින්නට විය. “අපොයි ආඩම්බරකාර ලෝභයා. ලෝකේ ඉන්න ලොකුම ලෝභයා නුඹයි!”
ඔවුන් පැවසු කිසි වදනක් මගේ කණ අසලටවත් ඒමට තරම් සමත්කමක් නොදැක්වීය. මගේ අලංකාර බෝලය කිසිවකු අල්ලනවා දකින්නටවත් කැමැත්තක් නොමැති වූ අතර මට අවැසි වූයේ එය සමඟින් තනිව සෙල්ලම් කිරීමටයි. කෙසේ වුවද, තනියෙම කරන සෙල්ලමේ ඇති කම්මැලිකම අපි හැමෝම දනිමු. එයට පිළිතුරක් ලෙස, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝලය කෙරෙහි ලෝභ බැඳගෙන සිටි මා කලේ එය රැගෙන ගොස් අනෙකුත් ළමයින්ගේ ඇස් ඉදිරිපිට සෙල්ලම් කිරීමයි. එයින් ඔවුන්ගේ සිත් තුල ඉරිසියාවක් ඇති කර සතුටු වීම මගේ එකල අභිප්‍රාය විය.
“ඒකා නං ලෝභ තකතීරුවෙක්. ඒකා එකක් අපේ සෙල්ලමක් නැහැ” ඔවුන් කථා වනු මට ඇසිණ.
ඉන් අනතුරුව දෙදිනක් යනතුරු මාත් සමඟ සෙල්ලම් කිරීමට කිසිම ළමයෙකු පැමිණියේ නැත. තුන්වැනි දවසේ ඔවුන්ගෙන් කෙනෙකු මා හා කථා කරන්නට විය.
“ඔයාගේ බෝලය අගනා බඩුවක් තමයි. ලස්සන පාට ඒකේ තියෙන්නේ. ඒත් ඒක කාර් එකක් යටට රෝල් වෙලා ගියොත් ඉතිං ආයේ වෙනසක් නැහැ, අනිත් බෝල වගේම තමයි. ඩොං... ගාලා පුපුරලා යනවා ෂුවර්. ඒක නිසා ඔච්චර උඩ යන්න එපා”
“යනවා මෝඩ ළමයෝ යන්න. මගේ බෝලේ කවදාවත් පුපුරන්නේ නැහැ!” මම කෑ ගසා පැවසීමි. එම බෝලය ගැන එතරම් විශ්වාසයකින් මා කථා කලේ, හරියටම මා විසින් මගේම දෑතින් එය වර්ණ ගැන් වූ සේය.
“හෙ... හෙ... මොකද නැත්තේ. කොයි බෝලෙත් එකයි. ඕකත් පුපුරණවා” ළමයින් මට නොනවත්වා විසුළු කරන්නට විය.
“නැහැ එහෙම වෙන්නේ නැහැ.” මම නැවතත් කෑ ගැසීමි.
“ආ ... එහෙමද? එහෙනං අන්න කාර් එකක් එනවා. දානවකෝ බලන්න එහෙනං ඔය මහලොකු බෝලේ ඒ කාර් එක යටට” එක් ළමයෙකු ඉදිරියට පැමිණ පැවසූවෙන් මම එදෙසට හැරුණෙමි.
දෙපාරක් සිතීමට මා හට අවැසි නොවීය. එතරම් මට බෝලය ගැන විශ්වාසයක් තිබිණ. බෝලය මා අතින් රෝල් වී කාරය යටට යැවිණ. හැම දෙනම දෙනෙත් නෙරවාගෙන, නිෂ්ශබ්දව එදෙස බලා සිටින්නට වූහ. ඉදිරි රෝද දෙක මැදින් රෝල් වී ගිය බෝලය පිටු පස රෝදයක් අසලට ලඟා විය. රථය මදක් ගැස්සී ඉදිරියට පැන ගමන් කරන්නට වූයේ හරියටම එය රෝදය උඩින් ගිය බව පෙන්වමිනි. මගේ අනගි බෝලය අනතුරු රහිතව එතැන තිබිණ!.
“ඇද්ද? ඇද්ද? ඒක පිපිරුවේ නැහැ. ඒක පිපිරුවේ නැහැ.”
එය ගැනීමට දිවගෙන යන අතරතුරේ මම සතුටින් කෑ ගැසීමි. අහෝ! එවිට ම මහා පිපිරුම් හඬක් ඇසිණ. ඒ මගේ බෝලයේ අවසානය විය. එතැන තවදුරටත් ඉතිරිව තිබුනේ කුඩා කුඩා රබර් කැබලි විශාල ප්‍රමාණයක් පමණි. තවදුරටත් වර්ණනා කරමින් සතුටු වන්නට දෙයක් එතැන ඉතිරිව තිබුනේ නැත. මම ඉමහත් දුකින් හඬන්නට වීමි. හඬමින්ම ගෙදරට දිවගෙන ගියෙමි. ළමයින් මහා හඬින් සිනාසෙනු මට ඇසිණ.
“ඒක පිපිරුවා. ඒක පිපිරුවා. ඔන්න ලෝභයා...... නුඹට නිසි දඬුවම් ලැබුනා” ඔවුන් කෑ ගසා කියනුද මට ඇසිණ.
නිවසට ගිය මම, මාගේ අම්මා හමුවේ, පුපුරණවාද නැද්ද යන්න දැන ගැනීම පිණිස කාරයක් යටට බෝලය රෝල් කර හැර, එය අහිමි කරගත් අයුරු ඉමහත් දුකින් විස්තර කලෙමි. එපමණක් නොව, ඒ සඳහා ත්‍යාග වශයෙන් ඇයගෙන් පස්ස පැත්ත පුරවා ගුටි පූජාවක් ලදිමි. එපමණක් ද නොව, හවස් යාමයේ තාත්තා රාජකාරි නිමවා නිවසට පැමිණි පසු ඔහුගෙන්ද, එවැනි ම වූ තවත් ගුටි පූජාවක් ලදිමි.
“මම නුඹට තලන්නේ බෝලය කාර් එක යටට යැව්ව නිසා නෙමෙයි. මෝඩ තකතීරුවෙක් වගේ හැසිරිලා තිබුණු නිසායි” මා අල්ලා සොලවා දමමින් තාත්තා පැවසුවේය.
කාලයක් යනතුරු මාගේ දෙමව්පියන්ගේ මිතුරු මිතුරියන්, කෙනෙකු එවන් අගනා බෝලයක් එලෙසින් නැති කරගත්තේ කෙසේද යන්න ගැන ඉමහත් පුදුමයෙන් කථා කරන්නට වූ බව මට මතක තිබේ.
“මෝඩ ම මෝඩ ළමයෙකුට විතරයි ඒ වගේ මෝඩ ම මෝඩ වැඩක් කරන්න පුළුවන්” ඒ හැමවිට ම මාගේ දෙමව්පියන්ගේ පිළිතුර එය විය. අහෝ! මොන තරම් නම් ලජ්ජා සහගත තත්ත්වයකට මා පත් වීද?
ඒ විතරක් නම් හානියක් නොවන්නට ඉඩ තිබිණ. දුටු දුටු තැන මා හට උසුළු විසුළු කරන්නට පලාතේම ළමයින් පුල පුලා බලා සිටින්නට වීම දරාගත නොහැකි කාරණයක් විය.
“ආ කොහොමද? කෝ ඔයාගේ අර අලුත් ලස්සන බෝලේ?” ඔවුහු මා දුටු විට අසන්නට සැදී පැහැදි සිටියෝය. ලඟට ඇවිත් ඇසුවා නම් කම් නැත. දුර සිට කෑ ගසා අසන්නට විය. අහෝ! නැවතත් මොන තරම් නම් ලජ්ජා සහගත තත්ත්වයකට මා පත් වීද? වැඩිහිටියෝ, කොල්ලෝ කුරුට්ටෝ සැමදෙන මා හට සිනා සෙන්නට බලා සිටිති’යි මට සිතිණ.
නමුදු, අප නිවසට යාබද නිවැසියා කිසිදිනෙක මේ සම්බන්ධයෙන් සිනහ පහළ කලේ නැත. දිනක් ඔහු සිදු වූ සියල්ල මුල පටන් පවසන ලෙස මා හට පැවසීය. ඉතා අසරණව කල්ගත කල මා, ඒ හිතවතා හමුවේ සියල්ල පැවසීමි. ඔහු සාවධානව අසා සිටියේය. මගේ කථාව අවසානයේදී ඔහු මෙලෙස පැවසීය.
“නැහැ, ඔබ මෝඩ ළමයෙක් නොවෙයි” බෝලය පිපිරුණ දා සිට මා හට අසන්නට ලැබුණු එකම සැනසිලිදායක වදන එය විය.
“ඔබ ලෝභ ළමයෙක්. තමන්ගේ හයිකාරකම් අනුන්ට පෙන්වන්න උත්සහ කරන ළමයෙක්” ඔහු තවදුරටත් පැවසුයේ, පිබිදිගෙන ආ මසිත මුකුලිත කරමිනි.
“එය ඇත්තටම ලැජ්ජාවට කාරණයක්. කෙනෙකුට තමන්ගේම බෝලය එක්ක හරි තනියෙම සෙල්ලම් කරන්න හිතෙනවා නං, ඔහු හරිම ආත්මාර්තකාමී තැනැත්තෙක්. ඔය වැඩෙන් නුඹ සමාජයේදී තනි වෙනවා. වැඩිහිටි වෙනකොට ඔය තත්ත්වය තවත් දරුණු අතට හැරෙනවා. දැන්ම ම වෙනස් වුනේ නැත්නම් කවදා හරි ඔබට පසු තැවෙන්න වෙයි මගේ පුංචි යාළුවා!”
මම ඉමහත් ලෙස භීතියට පත් වී හඬන්නට වීමි. හැඬුම් අතරින්, ලෝභකම් නොකරන බවත්, මින්පසු කිසි දිනෙක කටමැත නොදොඩන බවටත් මම ඔහුට පොරොන්දු වීමි. එයින් නොනැවති දිගටම හඬන්නට වීමි. ඉතාමත් තදින් බෑගිරි ගසා හඬන්නට වීමි. මෙයින් මාගේ හිතවතා මා දුන් පොරොන්දුව සත්‍යය බව වටහා ගන්නට ඇත. ඔහු මා අස්වැසුවේය. ඉන් අනතුරුව, පසු දිනෙක ඔහු මට අලුත් බෝලයක් ගෙනැවිත් දුන්නේය. එය මාගේ පිපිරුණු බෝලය තරම් අලංකාර නොවුනද, අපේ ගමේ සියලුම ළමයින් එයින් සෙල්ලම් කරන්නට මා හා එක්විය. හැමදෙන එක සිතින් සතුටුව සෙල්ලම් කලෝය. කිසිවෙකු ඉන්පසු කිසිම දිනෙක මා ලෝභ තකතීරුවෙක් යැයි පැවසුවේ නැත.
ඉතිං මගේ දුවේ, ඔයාගේ තාත්තා ලෝභ වීමේ ආදිනව මැනවින් වටහා ගත්තේ එම සිද්ධිය නිසා යැයි පැවසුවොත් එය බොරුවක් නොවේමය.

පසු වදන
මෙය රුසියානු කථාන්දර පොතක් අනුසාරයෙන් "When Daddy was a Little Boy" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට යෙදුනු පොතේ පළමුවන කථාව අනුසාරයෙන් මා විසින් ගොඩ නගන ලද්දකි. ඉංග්‍රීසි පොතේ “When Little daddy went to school he met a cat” වැනි ආකාරයෙන් ලියැවුනු දේ මා ගොඩ නගන ලද්දේ “මා පාසල් යද්දි මට පූසෙකු මුණ ගැසින” යනාකාරයෙනි. එය වැරැද්දක්ද, අනුවර්තනයක් යනුවෙන් මෙය හඳුන්වන්න එය බාධාවක්ද යන්න පැහැදිලි ව තාමත් දැනගත් නොහැකි විණ. පොතේ ඇති කථා තිස් ගණනින් බොහොමයක් මේ ආකාරයට මා විසින් සිංහලයට නගා තිබේ. ඉඩ ලද අවස්ථාවන් හිදී පළ කරන්නට බලාපොරොත්තු වෙමි.
මමනම ඒ පොත කියවලා නැහැ නංගි...
ReplyDeleteඒත් මම දැක්ක මේකෙ කිසියම් සුන්දරත්වයක්.. නුඹට හුරු පුරුදු කථා ශෛලියකින් අපට දිරවා ගැනීමට පහසු අයුරින් කළ මේ නිර්මාණය ඉතා වටින බව දනිමි... අපේ නොවන කථාවක් වන්නේ නගර නම් වලින්ම පමණකි.. නැතිනම් මේ අපේම අපේ කථාවකි..
(ඔය අනුවර්තන පරිවර්ථන මන්දා බන්.. මම රසවින්දා...)
ස්තුතියි අක්කේ, දිරිමත් කිරීමට ස්තුතියි
Deleteරවි අයියට අසනීපයක්වත් ද කියලා අහන්න හදද්දි තමයි පලවෙනි කොමෙන්ට් එක දැක්කේ. එතකොටයි මීටර් වුණේ මේක එච්.ඊ. ගෙ පෝස්ට් එකක් කියලා.
ReplyDeleteපරිවර්තන අනුවර්තන නැතුව "අහවල් කතාව ඇසුරෙන්" කියලා කිව්වහම ඕනේ එකක් ඔට්ටුයි.
අහෝ, මෙය රවි අයියා අසනීපෙන් සිටින විට ලියන්නක් වැනිද? :( :D
Deleteමේ කතා සියල්ලම සිංහලයට පරිවර්තනය කරලා පොතක් වශයෙන් පළවෙලා තියෙනවා...අප්පච්චි බල්ලෙක් වගේ හිටිය හැටි,පාන් නොකා හිටිය හැටි,අප්පච්චිගේ අත් අකුරු,....මේ මට මතක කතා කීපයක් විතරයි.....ඒ පරිවර්තන වල මීට වඩා රසයක් තිබුන බවයි මගේ පුද්ගලික හැඟීම.....මේ මට අවංකවම හිතිච්ච දේ.....
ReplyDeleteමං අහලා තියෙනවා මේ පොතේ පරිවර්තන කෙරිලා තියෙන වග. මං වගේ මේ වැඩේට ආධුනික කෙනෙක්ගේ වැඩක්, පළපුරුදු ඒ අයගේ කාර්යයන් හා සසඳලා බලලා එයාලාට අගෞරවයක් කලාද මන්දා :)
Deleteසමහරවිට ලිඛිත භාෂාව යොදා ගැනීමත් ඔබට නීරස ලෙසින් දැනෙන්න හේතු වන්න ඇති. කොහොම නමුත් ඔබට ස්තුතියි :)
ලිඛිත භාෂාව නිසා වෙන්න ඇති...මේක අප්පච්චි කියන කතාවක්නේ....ලියන කතාවක් නෙවෙයිනේ....ඊළඟ කතාව වෙනසක් කරලා බලමුද?ප්‍රතිචාර කොහොමද කියල.....යෝජනාවක් විතරයි... :)
Deleteමේ කථාව ම පොතේ තිබෙන ආකාරයට මා විසින් සිංහලයට නැගූ එකකුත් තියේ. හැබැයි අයාල් සිත් ඒකත් ලිඛිත භාෂාවෙන් තියෙන්නේ. තවත් වෙනසක් කරන්න පුළුවන් වෙයිද කියලා ඉදිරියේදි බලන්නම්කෝ
Deleteඔය පොත අපෙ ගෙදරත් තියෙනවා. ඔය කතා තාත්තා කියන්නේ දුව (මට මතක් විදියට ටොන්සිලයිටිස් වගේ ඔපරේෂන් එකකට පස්සේ) සනීප වෙමින් ඉන්නකොට නේද? මමත් හරිම ආසා පොතක් ඕක. මම හරි ආසයි ඩැඩීගේ කොන්ඩ ස්ටයිල් එකටත් අර දෙපැත්තෙන් තට්ටේ ගාලා තියෙන.
ReplyDeleteඔව් අයියේ දුව සනීප වෙමින් ඉන්න විට කියලා දෙන කතා තමයි තියෙන්නේ.
Deleteමමත් මේ කථා කලින් කියෝලා නෑ. ගොඩක් රස වින්දා . ඉතුරු කථා ටිකත් පුලුවන් විදියට දාන්න රන්දිල් , ආසය් කියවන්න ...
ReplyDeleteස්තුතියි මෙකුවි, දැනට තව කිහිපයක් මේ විදිහට කරපු ඒවා තියෙනවා. ඉදිරියේදි ඒවාත් පල කරන්නම්
Deleteලක්ෂණ කතාවක් මම අවසානය වෙනකල් කියෙව්වා ආසාවෙන්.
ReplyDeleteඒක මට සතුටට කාරණයක් අමිල... :)
DeleteAlexandar Raskin ලියපු මේ පොතේ සිංහල පරිවර්තන කීපයක්ම තියෙනවා. ඉංග්‍රීසි පොත වගේම සිංහල පරිවර්තනයකුත් මා කියවා තියෙනවා. කොහොම උනත් ඔබේ රචනා විලාශය මටසිලිටුයි . ඔබේ පොත පළ කලොත් ළමයින් අතර ජනප්‍රිය වේවි.
ReplyDeleteඇත්තට ම Alexandar Raskin ගේ පොත ගන්න පුළුවන් තැන් හරිම අඩුයි. රුසියානු පොත් විකුණන එක් තැනක මේ පොත තිබිලා තමයි මට හමුවුනේ. එතැනට මං නිතර යන එනකොට, එය පවත්වාගෙන යන කාන්තාව මා හා මිතුරු වුනා. ඇය මගෙන් ඇසුවා මේ පොත පරිවර්නතනය/අනුවර්තනය කරන්න කෙනෙක් සොයා දෙන්න පුළුවන්ද කියා. ඇයට අවශ්‍ය වුනේ ලිඛිත භාෂාවෙන් කෙරෙන වැඩක්. මගෙත් වැඩි කැමැත්ත ලිඛිත භාෂාවට නිසා මම උත්සහ කලා. ඒ වගේ ම ඇයට කිහිපයක් පෙන්නුවා. ඇය එයට සතුටුව ඉතිරියත් කර දෙන මෙන් ඉල්ලා සිටියත්, මේ පොතේ වෙනත් පරිවර්තන ඇති බවටත්, මා සිංහලයට නැගූ අයුරු නිවරද නොවන බවටත් කිහිප දෙනෙකු පවසා සිටි නිසාත්, පුතා ලැබෙන්න සිටි කාලෙයේත්, ලැබුනු පසුත් තරමක් මේ දේවල් වලින් ඈත් ව සිටි නිසාත් මග හැරුනා. කාලෙකින් මගේ මිතුරිය හමුවන්නත් බැරි වුනා. ඔයාලා හැමෝගෙම අදහස් මට වටිනවා. ඉතිං අපි බලමු. මොකද්ද කරන්න පුළුවන්නේ කියලා. බොහොම ස්තුතියි තිලක සිත
Deleteරන්දිලාට වෙලා තියෙන්නේ අර ඔටුවා සහ කුඩාරම වගේ සංසිද්ධියක් :D .
ReplyDeleteමන් නම් මාතෘකාව දැක්ක ගමන්ම දන්නවා මේ රන්දිල් කියල . හික්.
ලස්සන කතාව. මන් නම් හොඳටෝම රස වින්දා . අපේ පොඩිට කියා දෙන්න ඕන ..තෑන්ක්ස්
ඔන්න ඕකනෙ ඉතිං කියන්නෙ..ඔටුවට වෙලා තියන සංගෙදිය ගැන කවුරුත් කතාකරන්නෙ නෑ නෙව. දැන් ඔටුවටම ලියන්ටයි වෙලා තියෙන්නෙ ඒ ගැන... " ඔටුවා සහ කූඩාරම පැරණි අන්දරයේ ඔබ නොදත් පැතිකඩක් - ඔටුවා කියන ඔහුගේ කතාව "
Deleteහික් හික්....තොප්පි වෙළෙන්දෙක් දවසක් ....:D
Deleteකූඩාරම් අයිතිකාරයා ඔටුවව බලෙන් කූඩාරමට ඇදලා දාල.....පිටවීම තහනම්.....අයිතිකාරයා කාලෙකට සැරයක් ඇවිත් යනවා....කූඩාරමේ අයිතිය පෙන්නන්න...ඔටුවා පව්.....ඔටුවා කියන්නේ නිකන්ද ඉතිං.... :D
Deleteහික් හික් බින්දි අක්කේ, මගෙන් ම කී දෙනෙක් නං අහලා තියෙනවද? අර ලස්සන ලස්සන කතා ලියන රවීගේ බ්ලොග් එකේ ලියනවැයි කියලා නම දාගෙන ඉන්න රන්දිල් ඔයාද කියලා...... :D :D :D
Deleteහරි හරි ලඟදීම බලාපොරොත්තු වන්න............. අටෝරාසියක් (පතොක්) පඳුරු තැලීම් මැදින්, අත්දැකීම් නම් කාන්තාරය පසුකොට ගෙන සෑහෙන දීර්ඝ ගමනක යෙදෙන, ඒ අසරණ ඔටුවාභිධානයන්ගේ කථාව,
" ඔටුවා සහ කූඩාරම පැරණි අන්දරයේ ඔබ නොදත් පැතිකඩක් - ඔටුවා කියන ඔහුගේ කතාව "
අයාල් සිත්, :D :D :D
**** ඔටුවාභිධානයන් ****
Deleteෂුහ්! නියම නම.. නිකංම නිකං සූර්‍යාභිධාන කියනවට වඩා කොච්චර ලක්සනද.. ;-)
මටනම් ඔය පොතේ ඔරිජිනල් එක කියවන්න ලැබිලා නෑ. එත් මේ ලිපිය නම් බොහොම හොඳට අපිට තේරෙන විදියට ලස්සන භාෂාවෙන් ලියල තියෙනවා.ආධුනිකයෙක් වුනාට වැඩේ නියමෙට කරලා තියෙනවා...
ReplyDeleteබොහොම ස්තුතියි ශෙහාන් සේනාධිර, ඔබේ ප්‍රතිචාරය මහඟු දිරිමත් කිරීමකි
Deleteදැන් ඔය කියන විදියට හිටියම හරිද.ඔන්න එහෙනම් අපි ඔක්කොම බෙදා ගන්නවා.පස්සෙ දොස් කියන්න එපා
ReplyDeleteහෝව් හෝව්....... ගෙදර උන්දැගෙන් අහලා හිටියොත් නරකද? :D
Deleteලස්සන කතාවක්.. පොත නම් කලින් කියවන්න ලැබිලා නෑ..
ReplyDeleteමම ඒත් මේ රවි අය්යගෙන් අහන්නම හිටියේ කාලෙකින් අක්කගේ පොස්ට් එකක් නැත්තේ මොකද කියලා.. බින්දි අක්කා කිවුවා වගේ මාතෘකාව දැක්කමම වෙනසක් හිතුනා..
ස්තුතියි දිනේෂ්,
Deleteදැන් ඉතිං සතියකට සැරයක් විතර මෙව්වැයින් එකක් පළ කරන්න තමයි හිතාගෙන ඉන්නේ. :)
ලස්සණ, හොඳ පාඩමක් කියලා දෙන කතාවක්. අපූරුවට ලියලා රන්දිල්. :)
ReplyDeleteස්තුතියි පොඩ්ඩි :-)
Deleteකතාව ලස්සනයි හිතට දැනෙන්න පරිවර්තනය කරල තියෙනව... ඉස්සරහටත් කරගෙන යමු ජයවේවා
ReplyDeleteඅවන්හල
ස්තුතියි මහේෂ්, එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා
Deleteබ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com
ReplyDeleteබ්ලොග් කියවන්න එන්න Lanka Blogs වලට . ලංකාවේ වැඩියෙන්ම ලිපි යන සින්ඩියට හැමදාම එන්න අමතක කරන්න එපා http://lankablogs.com
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteඑළැය
ReplyDeleteකුඩා කල කියවූ රුසියානු පරිවර්ථන වල වූ භාශා විලාසය එලෙසින්ම වූ නිසා සිතුනේ පරිවර්ථනයක් උපුටා පලකල ඇත කියාය
ස්තුතියි නිශ්.
Deleteඒ කාලේ කියවපු පොත් වල මතකය හිතේ රැඳිලා ඇති නේද? ඒ වගේ ඔබට දැනුනු එක ගැන මට සතුටුයි
මම නම් ඔරිජිනල් පොත බලල නෑ.. මේක ලියල තියෙන විදිය නම් ලස්සනයි... තෝල්යා සහ ඔහුගේ යහළුවෝ කියල රුසියන් පොතක් කියවල තියෙනවද? මේ විදියේ කතා තියෙන එකක්. පොඩ්ඩක් බලන්න. ඒ ලියල තියෙන විදිය මේකට සමානයි. පරිවර්තනය කලේ කවුද කියල නම් මට මතක නෑ...
ReplyDeleteතෝල්යා සහ ඔහුගේ යහළුවෝ නම් මතක නැහැ පැතුම්. සමහරවිට පොඩි කාලේ කියවලා ඇති. අපේ පුංචි කාලේ අපිට ගොඩක් ම කියවන්න ලැබුනේ රුසියානු කතන්දර පොත් නිසා ඒ ආභාෂය නිරායාසයෙන් ම එනවා ඇති. ස්තුතියි පැතුම්
Deleteලස්සන කතා පොතක්.....තෝල්යාගේ මිත්‍යා විශ්වාස(අර කළු පූසෙක් මගාරින්න යන්නේ...),තොල්යා මඩකරි බැදපු හැටි එහෙම තිබුනේ ඒ පොතේ නේද පැතුම්??
Deleteඝනකම් කාඩ්බෝඩ් කවරෙකුත් එක්ක තිබුණ ඔය පොත ගෙදර තිබුණ මතකයි...
ඔව් මට අදටත් කළු පුසෝ දකිනකොට ඒ කතාව මතක් වෙනවා.. හෙහ් හෙහ්.. මගේ ළඟ කලින් ගිය පොත් ප්‍රදර්ශන වලදී ඕක හෙවුවට හම්බ වුණේ නෑ..
Deleteමාත් වහාම ක්‍රියාත්මක වන පරිදි සෙවීම ආරම්භ කල යුතු බවක් හැගේ
Deleteහැදෙනවනම් කොයි කාටත් මේවා පාඩම්.........
ReplyDeleteමේකෙන් ගන්න තියෙන පාඩම බෝල කාර් යටට යවන්න හොඳ නෑ කියන එක නේද?
Deleteතම තම නැණ පමණින් එය ගත යුතු - මම ගත්තේ 'අසල් වැසියාට ප්‍රේම කරන්න' කියන එක
Deleteදෙන්න එක්ක බේර ගන්නයි ඇත්තේ. නැත්තං අන්තිමට දෙන්නට දෙන්නා ප්‍රේම කරලා මට වෛර කරන්න පටන් ගනියි........ :D
Deleteතිස්ස,
Deleteහපොයි ඒක එච්චරම හොඳ ආදර්සයක් නෙවෙයි. මම අසල් වැසියාට ප්‍රේම කරන්ට ගිහිල්ල තමයි අපි කලින් කුළියට හිටපු ගෙදරින් එක දවසින් යන්ට උනේ...
හෙහ් හෙහ් හෙහ්........ :D
Deleteපොත නම් බලලා නෑ අක්කේ..ඒත් කියවන් යනකොට චිත්ත රූප මැව්වමින් කියවන්න ආස හිතෙන විදියට ලියලා තියනවා..ජය වේවා
ReplyDeleteස්තුතියි රජිත මල්ලි...........
Deleteලස්සන කථාවක්!
ReplyDeleteකතාව ගැන කියන්න දෙයක් නෑ..... රුසියන් පරිවර්ථනයක් නේ.....
ReplyDeleteපසුවදනින් කියවෙන දේ වඩා වැදගත්... ලියලා නං තියෙන්නේ... ඉඩ ලැබෙන කල් ඉන්න දෙයක් නෑ මගේ හිතේ.....:D
මේ ළමයා මේ මොනවා කියනවද මන්දා, ඔය තනි තනි බ්ලොග් වගේ නෙමෙයි මෙව්වා. විශේෂයෙන් අති ක්‍රියාකාරී සාමාජිකයෙක් ඉන්න කොට, මුලින් මේල් එකක් දාලා අහන්ට ඕනෑ, පස්සේ චැට් එකකින් මතක් කරන්න ඕනෑ, අන්තිමට පබ්ලිෂ් කරන මොහොතේ කෝල් එකක් දීලා සිහි කැඳවීමක් කරන්න ඕනෑ, මෙව්වැ තියෙනවා ව්‍යවස්ථා. ඒ රෙගුලාසි වලට අනුකූල වුනේ නැහ්නං ඉතිං...... ඉඳලා හමාරයි. :D
Deleteරන්දිල් අපි රවීට කියමු දැන් රිටායර් වෙන්න කියලා.
ReplyDeleteලෝබ නොවී මාත් මේ තියෙන දේ දීලාදාන්න හදන්නේ.....රසවත් ලියවිල්ලක්...දිගටම ලියන්න.
මම කතාවේ නමටත් කැමතියි...
Delete///මගේ ලස්සන බාලේ
මට නැතිවුන බෝලේ..../////
ස්තුතියි arugeadaviya, හපොයි නිදහස් සිතුවිලි වල සූර්යයා රිටයර් වුනොත් අපිට හැමදා ම රෑ වෙලා තියෙයි නේද? :)
Deleteකියවා නොතිබූ කතාවක් , බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට
ReplyDeleteස්තුතියි හරී අක්කේ...........
Deleteකතාව ලස්සනයි. ඒ වගෙම කතාවෙන් කියවෙන පණිවිඩයත් අගෙයි. මට ඒත් මුලදි කියවගෙන එනකොට හිතුනෙ රවි අයියට මක් වෙලාද කියල. මොකද මේකෙ "රවි රසය" නෑනෙ. ඒකෙන් මං අදහස් කලේ කතාව රසවත් නෑ කියන එක එහෙම නෙවෙයි. මං හිතන්නෙ මේ අඩවියේ ඔබ ලියාපු ලිපියක් මං කියෙව්වම ද කොහෙද.. අනෙක් පරිවර්තනත් දාන්න.
ReplyDeleteස්තුතියි චන්දන, රවි රසය හා රන් රසය වෙනස් බව දත යුතුය. :) විශේෂයෙන් මාතෘකාව දැක්ක ගමන් රස වෙනස දත හැකිය. බ්ලොග් පිටුවේ ලියා ඉඩ මදිව ඉතිරි ටික මාතෘකාවේ ලියන කෙනා කවුද පේළි දෙකෙන් තුනෙන් මාත්තුකාව ලියා ඉවර කරන කෙනා කවුද කියා මැනවින් පෙනේ නේද? :D
Deleteඅනිවාර්යයෙන් අනෙක් ලිපිත් පළ කරන්නම්. ස්තුතියි චන්දන නැවතත්.
//බ්ලොග් පිටුවේ ලියා ඉඩ මදිව ඉතිරි ටික මාතෘකාවේ ලියන කෙනා// මං මේ බැලුවෙ, මගෙ බ්ලොග් රෝලෙ වෙනදට වඩා ඉඩ තියන්නෙ ඇයි කියල.. දැන් හරි. ඉදිරියෙදි මට එහෙ ඉඳන්ම බලා ගත්තැකි රස කුමක්ද කියා. :D :D
Delete:D :D :D නැතුව නැතුව
DeleteYa ya a wonderful ball !!!
ReplyDeletehttp://ranrandil.blogspot.com/2014/02/115.html අද දෙවැනි කථාව පළ කලා. :)
ReplyDelete