නුඹ දන්නවාද මගේ දුවේ?.........
කුඩා අවධියේදී මගේ දෙමව්පියන් විසින් මා හට සෙල්ලම් භාන්ඩ බොහෝ ප්‍රමාණයක් ගෙනැවිත් දුන් අතර පෙර සඳහන් කරන්නට යෙදුනු බෝලය ඇතුළුව බොහෝ දේවල් ඒ අතර තිබිණ. ඒවායින් සෙල්ලම් කරමින් පසුවන අතරේ එක්තරා ලස්සන දිනකදී මට අරුම පුදුම භාණ්ඩයක් ලැබුණි. නමුදු එය මා මුලින් සිතූ පරිද්දෙන් සෙල්ලම් බඩුවක් නොවීය. එය දිස්නේ දෙන කළුපාට මතුපිටකින් යුත් අගනා පියානෝවකි. එහි විශාලත්වය කෙතරම් ද යත්, අපගේ විසිත්ත කාමරයෙන් හරි අඩක ප්‍රමාණයක් පියානෝව වෙනුවෙන් වෙන්විණ.
“තාත්තේ, ඔයාට මේක වාදනය කරන්න පුළුවන්ද?” මම ඇසීමි.
“බැහැ” යන්න පිළිතුර විය.
“එහෙනං අම්මේ, ඔයාට පුළුවන්ද මේක වාදනය කරන්න?” අම්මාගෙන් ඇසීමි.
“බැහැ” පිළිතුර පෙර පරිදි ම විය.
“හැහ්........... එහෙනං කවුද බොලේ මේක වාදනය කරන්න යන්නේ?” අම්මාත් තාත්තාත් හැර වෙන කිසිවකු අප නිවසේ නොවූ නිසාවෙන්, මට එය පුදුමයක් විය.
“වෙන කවුද ඉතිං... ඔයා තමයි!” එවර අම්මාත් තාත්තාත් එකවර පැවසූහ.
“ඉතිං අනේ, ඒත් අනේ, මාත් දන්නේ නැහැනේ මේක වාදනය කරන්න”
“ඒකට මක් වෙනවද? ඔයාට සංගීතය ගැන බොහොම ඉක්මනට ඉගෙන ගන්න ලැබෙනවා” තාත්තා පැවසුවේය.
“දන්නවද පුතේ ඔයාගේ සංගීත ගුරුතුමිය කවුද කියලා. ඇගේ නම ඇනා ඉවානොව්වා” අම්මා ඒ පිළිතුර සම්පූර්ණ කලාය.
මොහොතකින් මා හට වැටහී ගියේ, එවර මා ලබා තිබුනේ අනභි භවනීය ත්‍යාගයක් බවයි. එයට පෙර කිසිමදාක ගුරුවරියක් පැමිණ සෙල්ලම් බඩුවකින් සෙල්ලම් කරන ආකාරය මා හට උගන්වා නොතිබිණ. එතෙක් කාලයකට ලැබුණු සියලුම නව සෙල්ලම් භාණ්ඩ සමග කටයුතු කිරීමට මම තනිව ම උගතිමි.
දින කිහිපයක ඇවෑමෙන් නව ගුරුතුමිය ප්‍රාදූර්භූත වූවාය. ඇය වැඩිහිටි කාන්තාවක් වූ අතර සිහින් ස්වරයෙන් කථා කරන්නියක වූවාය. ප්‍රථමයෙන් ඇය මට අසා සිටින්නට පියානෝව වාදනය කල අතර අනතුරුව ස්වර එකින් එක මා හට හඳුන්වා දෙන්නට වූවාය. සියලුම ස්වර හතක් පමණක් වූ අතර ඒවා නම්, ස, රි, ග, ම, ප, ධ සහ නි විය.
ස්වර හත එක්වනම ධාරණය කර ගැනීම, හොඳින් සුද්ද කර දුන් කජු මද කන්නා සේ පහසුවිය. එයට හේතුව මම මගේ ම ක්‍රමයක් ඒ සඳහා යොදා ගැනීමයි. ඇත්තට ම එය මගේ ම ක්‍රමයක් යැයි කිව නොහැකිය. මන්ද එය අපට පාසලේ උගැන්වූ දෙයක් නිසාවෙනි. නමුදු සංගීතය සඳහා එම ක්‍රමය යොදා ගත් පළමුවැන්නා මා විය යුතුය.
මම ආකරාදී හෝඩිය උගත් පරිද්දෙන් සියලු ම ස්වරයන් සඳහා එකකට එක චිත්‍රය බැගින් ඇඳ ගතිමි!
එම චිත්‍ර මෙසේ විය.
‘ස’ යන්නෙන් සමනලයෙකි.
‘රි’ යන්නෙන් රියකි.
‘ග’ යන්නෙන් ගසක් වූ අතර ‘ම’ යන්නෙන් මලක් විය.
‘ප’ යන්නෙන් පඹයෙක් ඇඳ ගත් මා ‘ධ’ යන්නෙන් ඇඳ ගත්තේ අප රටේ ධජයයි.
අවසාන වශයෙන් ‘නි’ යන්නෙන් නිළමේ කෙනෙකු අඳිනවාට වඩා නිල මැස්සෙකු ඇඳ ගැනීම පහසු යැයි සිතීමි.
කාර්යය අවසාන වූ පසු ඉමහත් ප්‍රහර්ශයට පත් වුවද, ස්වල්ප දිනකින් මා හට වැටහී ගියේ චිත්‍ර ඇඳ ගැනීම තරම් පහසුවෙන් පියානෝ වාදනය උගත නොහැකි බවයි. එක දිගටම එකම ස්වර වාදනය කිරීමත්, නැවතත් ඒවා ම වාදනය කිරීමත්, ආයෙම නැවත නැවතත් ඒවා ම වාදනය කිරීමත් නිසාවෙන් වැඩි කල් නොගොස් එම කාර්යය එපා වන තැනට කටයුතු සැලසිණි. ඇත්තට ම පියානෝවක් වාදනය කරනවාට වඩා, එම කාලය තුල පොතක් කියැවීම හෝ සෙල්ලම් බඩුවක් ගෙන සෙල්ලම් කිරීම හෝ ඒ කිසිවක් ම නොකර නිකම් ම සිටීම හෝ දාහෙන් සම්පතක් බව මා හට වැටහෙමින් තිබිණ. සති දෙකක් අවසන් වන විට මා පියානෝ වාදනයෙන් කෙතරම් පීඩාවට පත් ව, රෝගී ස්වභාවයක් උසුලමින් සිටියේද යත් පියානෝ ව දෑසින් දැකීමත් අප්‍රසන්න දෙයක් බවට පත් වී තිබිණ. ඇනා ඉවානොව්වා-මගේ සංගීත ගුරුතුමිය, මුලින් මා පෙන්වූ ප්‍රගතියෙන් ඉමහත් සතුටට පත් ව සිටියත් ඒ වන විට දුකින් හිස සලමින් සිටියාය.
“මේ පාඩම් වලින් ඔයා සතුටක් ලබන්නේ නැද්ද?” ඇය මගෙන් ඇසුවාය. එවන් වූ අප්‍රසන්න දෙයකින් සතුටක් ලැබීමක් ගැන ඇසීමට ඇය හට උමතුවක් වැළඳී ඇතැයි සිතූ මම පුදුමයෙන් ඇය දෙස බැලීමි.
“නැහැ! මට කිසිම සතුටක් නැහැ!” මම පිළිතුර දුනිමි. ඇය ඉමහත් සේ කෝප ගෙන ඉන්මතු අප නිවසට නොපැමිණ සිටී යැයි මගේ එකායන බලාපොරොත්තුව වුවද, එය එසේ නොවීය.
අම්මාත් තාත්තාත් මට දොස් කියන්නට පටන් ගත්හ.
“බලන්න, අපි කොච්චර ලස්සන පියානෝවක් ඔයාට ගෙනැත් දුන්නද? හොඳ ම හොඳ ගුරුවරියකුත් ගෙදරට ම ගෙනැත් දුන්නා ඔයාට ඉගෙන ගන්න. ඇයි වදේ ඔයාට බැරි පියානෝ වාදනය ඉගෙන ගන්න? ඔයාට ඕනෑ නැද්ද මේ වගේ හැමෝට ම බැරි දෙයක් ඉගෙන ගන්න. ෂිහ්... ඔයා ගැන හරි ලැජ්ජායි ළමයෝ!” අම්මා තදින් පවසන්නට වූවාය.
අනතුරුව තාත්තාගේ වාරය එළඹින.
“දැන් මෙයාට සංගීතේ ඉගෙන ගන්න බැහැලු. තව ටික දවසක් යද්දී කියයි ඉස්කෝලේ යන්නත් බැහැ කියලා. ඔහොම ගිහින් ලොකු වෙනකොට කිසිම රස්සාවක් කරගන්න බැරි වෙයි. කම්මැලි කොල්ලන්ට පොඩි කාලෙම උගන්වන්න ඕනෑ ලොකු වුනහම රස්සාවක් කර ගන්න පුළුවන් විදිහේ දෙයක්! එව්වා කොහිද මාත් එක්ක, මෙයා අනිවාර්යයෙන්ම පියානෝ වාදනය ඉගෙන ගන්න ඕනෑ!”
“අනේ අපි පුංචි කාලේ මෙහෙම දේවල් අපේ දෙමව්පියෝ අපට ලබා දුන්නා නං, අපි කොච්චර ඒ අයට කෘතඥ වෙනවද? ඒ කාලේ අපිට පියානෝවක් කියන්නේ හීනයක්” අම්මා වික්ෂෝප වූවාය.
“ඔයාලා පියානෝවක් ගෙනාවාට බොහොම ස්තුතියි. මං ඒ ගැන කෘතඥ වෙන්නම්. ඒත් මට තවදුරටත් සංගීතය ඉගෙන ගන්න ඕනෑ නැහැ අයියෝ” මම සෙමින් පැවසීමි.
අනතුරුව එළඹි දිනයේ ඇනා ඉවානොව්වා මහත්මිය පැමිණෙන විට මම සැඟ වී සිටියෙමි. අම්මාත් තාත්තාත් නිවසේ උඩ සිට පහළටත්, සියලුම මාවත් පුරාත්, මිදුලේ අස්සක් මුල්ලක් නෑරත් මා සොයා තිබිණ. සංගීතය සඳහා වූ කාලය ඉක්ම යනතුරුවත් ඔවුනට මා සොයාගත නොහැකි විණ. කාලය අවසන් විය. ඒ බව හැඟුනු පසු මම සෙමින් සෙමින් මගේ ඇඳ යටින් එළියට පැමිණීමි.
“සුභ ගමන් ඇනා ඉවානොව්වා මහත්මිය” මම මගේ ගුරුතුමියට සමු ගැනීමේ වදන් පැවසීමි.
“මේ කරපු වැඩේ ගැන ඔයාට ගොඩක් කණගාටු වෙන්න වෙයි පුතා!” තාත්තා කෝප වී සිටියේය.
“ඔයාට කියන්න තියෙන දේ කියන්න. මං පස්සේ මගේ දඬුවම එයාට දෙන්නම්” අම්මාද සූදානමින් සිටියාය.
“ඕනෑ දෙයක් කරන්න මට. ඒත් මට කවදාවත් සංගීතය ඉගෙන ගන්න ඕනෑ නැහැ. මට සංගීතය ඉගෙන ගන්න බැහැ” මගේ වදන් බිඳුනු අතර විශාල දුකකින් හදවත බර වූ බව හැඟිණ. මම හඬමින් සිටියෙමි.
ඒ වන විටත් කුඩා දරුවකුව සිටි මා හට සංගීතය සදහට ම එපා වී තිබිණ.
“සංගීතය හදවතට සංතුෂ්ටිය ගෙන එනවා” ගුරුතුමිය පැවසුවාය. “මගේ ගෝලයින් කිසිම කෙනෙක් කවදාවත් මගෙන් හැංගෙන්න හිතාගෙන ඇඳන් යටට රිංගලා නැහැ. දරුවෙක්ට පුළුවන් වුනා නං සංගීත පාඩමකින් බේරෙන්න කියලා හිතාගෙන පැයක් තිස්සේ ඇඳක් යටට වෙලා ඉන්න, ඒකේ ආයේ හිතන්න දෙයක් නැහැ, එයා සංගීතය ඉගෙන ගන්න කොහෙත්ම කැමති නැහැ කියලා අපි වටහා ගන්න ඕනෑ. ඉතිං ඒ වගේ කෙනෙක් ව සංගීතය ඉගෙන ගන්න, සංගීතය ඉගෙන ගන්න කියලා බල කරලා යොමු කිරීමෙන් කිසිම වැඩක් වෙන එකක් නැහැ. සමහරවිට එයා වැඩිහිටි වුනු කාලෙක පසුතැවෙයි කොච්චර අගනා දෙයක් ද ගිලිහුනේ කියලා. එතකොට පෙරහැර ගිහින් ඉවරයි. මගේ සේවය අවශ්‍ය නැති බව අද හොඳ හැටියෙන් වටහා ගත්තා. ඉතිං එහෙනං මං ගිහින් එන්නම්. මං එනකොට ඇඳ යට හැංගෙන්නේ නැති, සංගීතයට ආදරය කරන ළමයින් කොච්චර ඉන්නවද. නිකරුනේ කාලය නාස්ති කරනවාට වඩා, ඒ අය වෙනුවෙන් කැප වෙන එක මට සතුටක්”
ඇය ගියාය. නැවත කිසි දිනෙක නොපැමිණියාය. මගේ තාත්තා මට බොහෝ සෙයින් බැණ වැදුනේය. ඔහු අවසන් කරනවාත් සමගම අම්මා පටන් ගත්තාය. අපගේ විසිත්ත කාමරය අරා සිටි පියානෝව අසලින් යනවිට මගේ මුහුණ ඇඹුල්වීම වලකා ගන්නට කාලයක් යනතුරු මා හට නොහැකි විය.
වැඩිහිටි වූ පසු මා හට වැටහුණේ අනෙක් බොහොම මිනිසුන් සංගීතය වෙනුවෙන් විවර වුණු සවන්පත් වලින් යුතු වුවත් එවැනි හැකියාවක් මා හට නොවූ බවයි. අදටත් මට සංගීත භාණ්ඩයක් සුසර කරගත නොහැකිය. ඉදින් කුඩා කොලුවකු වූ මා කෙසේ නම් පියානෝ වාදනය ඉගෙන ගන්නද?
ඉතිං මගේ දුවේ, හැමදෙනාට ම හැමදේ ම එකාවන් ව ඉගෙන ගන්න නොහැකි බව දෙමව්පියන් වටහා ගන්නාතුරු අහිතකර පියානෝ වාදන වලින් අසරණ දරුවන් නිකරුනේ දුක් විඳීම වැලැක්විය නොහැකි වනු ඇති බව මගේ හැඟීමයි.
අනුවර්තනයකි.
පෙර අනුවර්තන :
114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ
115. මා බාල කාලේ - බල්ලෙකු හීලෑ කල තාලේ
ඉතින් මටත් තියෙනවා ගිටාර් එකක්.කොයි තරම් කැමති වුනත් තාමත් බැහැ හරියට වාදනය කරන්න....:(එත් පියානෝ එකක් කියන්නේ මගේ හීනයක් තමයි....:)
ReplyDeleteහීනේ හැබෑ කරගන්න තරම් ලොකු ළමයෙක් වගෙයි පේන්නේ නම්..... :)
DeleteThere are things we are mostly likely to own...
ReplyDeleteBut when they are with us..
We just hate them
Oh No.......... Don't hate them, Donate them........ :D
Deleteඇබ්සලුට්ලි කැරට්.ආසවෙන් කරන්න පුලුවන් දෙ හොයල දෙන එක තමයි වැදගත්ම
ReplyDeleteදමිත්,
Deleteම්හු ඒක හරියන්නෙ නෑ බං. ඇබ්සලූට් වලට කැරට් හරියන්නෙ නෑ. ගවනර් ජෙනරල් යන්තමට බිස්ටේක් කරල තමයි නැඟල යන්නෙ.
ගල් ගහල වෙනම ටොයිලට් හදන් යන පොරවල් කෝමද ඕවා දන්නේ.. හැක්..
Deleteඅම්මප රවි අයියෙ හැබැව හැබැව.දැන් ඉදලම ඔක වෙනස් කරනව.
Deleteදේශ්
එහෙමම නැ බන්.නිකන් දුන්නොත් එව්වත් ගහල අරිනවලු
@රවී.....උඹත් මේ ඕන්නැති දේවල් තමයි මතක් කරන්නේ. මට තව දවස් දහයක් මතින් තොර වෙන්න තියෙනවා. උඹ ඇබ්සලූට් ගවනර්ලා මතක් කරනවා.
Deleteසූර්්‍යයාභිධානයින් සමගම බේරා ගන්නා එකයි ඇත්තේ :)
Deleteයේකනේ ආසාවෝ නැතුව ඕනෑම දෙයක් කොරනවා බොරු
ReplyDeleteයේකනේ යේකනේ සොල්ලි වේල ඉල්ලෛ. :)
Deleteලස්සනයි. ලොකු පාඩමකුත් එක්ක . ඒ කාලේ ඉතින් පියානෝවක් ගෙනල්ලම පාඩම පටන් ගත්තට දැන් නම් අපි කරන්නේ කොහේ පන්තියකට යවල ළමයා ආස නම් දිගටම කරන්න දෙන එකනේ . සංගීතය වගේ කලාවක් බලෙන් කරවන්නේ කොහොමෙයි. අපේ ගෙදර ඔය දෙවිදියේම අත්දැකීම් තියෙනව. මට නම් පුලුවන්ද බැරිද කියල දැනගන්නවත් සංගීත භාණ්ඩයක් අතපත ගාන්න වත් ලැබිල නැහැ . දැන් නම් දන්නවා බැහැයි කියල . මොකද අපේ පොඩි කෙලි මට පියානෝ උගන්නන්න පුදුම උනන්දුයි. මට ඔය ශිල්පය පිහිටා නැත ..සංගීත භාණ්ඩ ගැන අපේ දිහා කතා ගොඩයි .සේරම ලියන්න බැහැනේ ඉතින් .
ReplyDeleteස්තුතියි බින්දි අක්කේ............ හැම ගෙදර ම ලෝකයක් තියෙනවා නේද? ඒ ලෝකේ කතා ගොඩාරියක් තියෙනවා....... නේද?
Deleteමමත් මෙහෙ ඇවිල්ල ගිටාර් එකක් ගහන්න ඉගෙන ගන්න ඕනේ කියල හිතල සෙට් උනා එකක් ගන්න.. වෙලාවට යාලුවෙකුගේ එකක් පොඩ්ඩක් අත පත ගාන්න හම්බුනාම මට දැනුනා මගේ ඇඟේ ඒක නෑ කියල... රස විඳින්න හොඳ කනක් තියෙනවා. ඒ මදැයි...
ReplyDeleteමම හිතන්නේ පොඩි අයට ඔහොම ලොකු තෑගී දීලා අම්මලා තාත්තල තමයි ආතල් එකක් ගන්නේ.. පොඩි එවුන්ට කැඩිච්ච කාර් කටු වටිනවා ඕවට වැඩිය ලක්ස වාරයක්.. :)
රන්දිකාගේ ලිවිල්ල සැහෙන්න දියුණු වෙනවා.. තමන්ගේම කියල එකක් ලියන්න පටන් ගන්න..
පැතුම්,
Delete/ රන්දිකාගේ ලිවිල්ල සැහෙන්න දියුණු වෙනවා.. තමන්ගේම කියල එකක් ලියන්න පටන් ගන්න.. /
ඔන්න ඔන්න ඒ ගමන මේ අහිංසක ඔටුවාභිධානට යන එන මං නැතිකරන්ඩද කොහෙද ඔහේ මේ ලැහැත්ති වෙන්නෙ..:)
// රන්දිකාගේ ලිවිල්ල සැහෙන්න දියුණු වෙනවා.. තමන්ගේම කියල එකක් ලියන්න පටන් ගන්න.. //
Deleteදවසේ කියමන..... :-D
මේකත් පට්ට කතාව ඕයි. රන්දිල් නෝනා ඔය රවි ඔටුවට ඔහේ මේකෙ ඉන්න කියලා ඔයා වෙන කූඩාරමක් අටවගන්න. හයියෝ! අනේ කාලේ. වනේ වාසේ!
Deleteඩබල් ඩොට් ප්ලස් ඩී ....
Deleteහුටා මම අදහස් කලේ රන්දිකා රුසියන් කතා පරිවර්තනය කර කර ඉන්නේ නැතුව තමන්ගේම කියල අලුතින් පොතක් ලියන්න කියන එක.. හෙහ් හෙහ් .. සොරි වෙන්ට ඕනේ සිදු වූ මෙව්වා එකට... :D
Deleteටූ ලේට්!!!! මෙතැන මහා ලොකු විනැම්බෑසියක් වෙලා ඔයා එන ටිකට... හි හි
Deleteරවී......ඉතින් මොකේදැයි දන් වලඳින්නේ? මුන් දාන ලෙඩ නේද?
Deleteහො හො හොහ්............ බයි ද වේ උඩම කොමෙන්ටුවට ස්තුතියි පැතුම්....... :)
Deleteආසාවක් නැතුව කොයි දේත් කරන්න අමාරුයි.. ඉස්කෝලේ යන කාලේ මම වයලීන් එක ප්ලේ කලා.. පස්සේ පස්සේ වෙද්දී ඒකට තිබුන ආසාව නැති වෙලාම ගියා.. දැන් ගෙදර තියෙන වයලීන් එකේ ස්වර අල්ලන්නත් බැරි ගානයි මට නම්..
ReplyDelete//‘නි’ යන්නෙන් නිළමේ කෙනෙකු අඳිනවාට වඩා නිල මැස්සෙකු ඇඳ ගැනීම පහසු යැයි සිතීමි.//
ReplyDeleteමේක ඇත්තටම ඔය අනුවර්තනය කල පොතේ තිබුණද? :D
මට නම් ටීචර් කෙනෙක් නැතුවම සිංදු අහලා ප්ලේ කරන්ට පුංචි කාලේ ඉඳන් පුලුවන් උණා. ඉගෙන ගත්තේ පස්සේ. හැබැයි දැන් නම් සිංදු ගහ, ගහ ඉන්ට වෙලා නෑ.:)
හපොයි නයෙක් එහෙම නෙමේ...:D :D
Deleteඔන්න ඔයාට යමක් පෙනිලා. අනුවර්තනයක් නිසා මේ වගේ වෙනස්කම් කරන්න කැපයි මං හිතන්නේ පොඩ්ඩි ... :D :D
Deleteඅනේ පුංචි දරුවෙක්ගේ හැකියාව නයෙක් කියලා හිතන අය මෙතැන නැතුව ඇති පොඩ්ඩි..... :)
Deleteමං පුංචි කාලෙ ඉඳලම එක එක සංගීත භාණ්ඩ අත පත ගාලා තියෙනවා... ඒ උනාට අද වෙනකම් පුළුවන් වෙලා තියෙන්න මාමා කෙනෙකුගෙ කබල් සර්පිනාවෙන් 'බාහුං සහස්ස' ගහන්න විතරයි... පොඩි උන් දෙන්නා සංගීත භාණ්ඩ ඉගෙනගන්න පණ ඇරගෙන... ඔය වගේ දේවල් නම් අර බලහත්කාරයෙන් සිස්සත්තෙට උගන්නනවා වගේ අම්මල තාත්තලට ඕන විදියට කරවන්න අමාරුයි... ඒකට ආසාවකුත් පොඩි ටැලන්ට් එකකුත් තියෙන්න වෙනවා...
ReplyDeleteඑක එක දේවල් ලං කරලා බලන්න වෙනවා මොන දේටද වැඩි කැමැත්ත කියලා. අම්මා තාත්තා කැමති දේවල් කරවන්න යන්න හොඳ නැහැනේ පව් නේද?
Deleteමං හිතන්නෙ දෙමාපියන්ට ඕන දේ නැතුව දරුවන් ආස දේකටත් ඉඩදුන්නොත් එයාලගෙ ජීවිත සාර්තක වෙයි කියල
ReplyDeleteසහතික ඇත්ත කියලා මටත් හිතෙනවා
Deleteබොරු කියන්නේ මොකටද.. අපේ දෙමව්පියෝ නම් එහෙම කලේ නැහැ.. කාටත් වඩා මගේ වාසනාව.. හි හි හි
ReplyDeleteආසාව තිබ්බට මදි අප්පා... පූරුවේ කරපු පින තියෙන්නත් එපැයි ......
දන්නා කාලේ ඉදං පීනන්න ට්‍රයි එක... තාමත් බැහැ හේ හප්පේ 'ෆ්ලෝට්' වෙන්න වත්! ෂෙක් !!!!!!
අපොයි පාරේ යනකොට මඩ ටිකක් ගෑවුනත් ඇලකට බහින්න එපා... :D ගහගෙන ගියොත් එහෙම
Deleteවිජේරත්න රනතුංග තබ්ලාව වයන කොට, නාලක අංජන ගිටාරය වයනකොට, කළණි,- ඩීඩී, වයලීනය වයනකොටත් සුරේෂ් මාලියද්දේ පියානෝව වයනකොටත් අපිටත් හිතෙන්නේ අනේ මටත් ඒ විදියට වයන්න පුලුවන් වුනානම් කියල. දරුවෝ වුනත් අපි කැමති ට වඩා ඔවුන් විසින්ම යමක් තෝරාගන ගායනයක් වාදනයක් ඉලන ගන්න පෙළඹෙනව නම් මම ඒකට කැමතියි. ඒක එයාගෙම දක්ෂතිවය සහ වුවමනාවෙන් ඇතිවන දෙයක් නිසා...
ReplyDelete++++++++++++++++++++++++++
Deleteඔය වගේ දේවල් දකින කොට අනේ අපේ පුතාට දුවට මෙහෙම පුළුවන් නම් කියලා හිතෙන්නෙත් නැද්ද? :) ඒකෙන් තමයි අම්මලා තාත්තලා මේ වගේ තෑගි දරුවන්ට අරං දෙන තැනට එන්නේ මං හිතන්නේ......... :)
Deleteමම පොඩි කාලේ චිත්‍ර බැරි නිසා සංගීතය ගැන හිතුවා. ඒකත් බැරි නිසා නැටුම්වලට ගියා. අන්තිමට නටපු නැටුමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. හැබැයි මට දෙයක් රස විඳින්න නම් හැකියාවක් තියෙනවා.
ReplyDeleteමේ වැඩේට උනන්දුවයි, ටැලන්ට් එකයි තමයි නේද?
රන්දිල්... මේ පෝස්ට් එකත් පෙර සේම රස වින්දා.
හෙ හෙ....... මං ගිය පාරෙමයි ඔයා ගිහින් තියෙන්නෙත්. යාංතං ඕලෙවෙල් නැටුම් වලට සම්මානයක් ගත්තේ නටලා නෙමෙයි, නැටිල්ල ගැන ලියලා........ :D
Deleteස්තුතියි.............