රයිට් ආපහු යමු මුලටම..කතාරම්බයට...අන්තිමට කොහොම හරි අපෙ ලොක්කත් ඇවිල්ල රැස්වීමත් තියල දවල් එකට වගෙ බත් ටිකකුත් කාල මම බස් එකේ නැග්ග මාතලේ එයාලගෙ ගෙදර යන්ට.
ඒ දවස්වල එයාලගෙ ගෙවල් පැත්තට යන්ට ඒ හැටි බස් තිබ්බෙ නෑ. මාතලේ ඉඳල යන්ට ඕන කිලෝ මීටර් 10 -12 වගෙ.ගහේ නඟිනව වගෙ කන්දක් නැඟල ආපහු බැහැපුවාම තියෙන බොහොම ස්වභාව සෞන්දර්යයෙන් අනූන නිම්න භූමියක තමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. වටේටම කඳු. දෙසැම්බර් කාලෙට හේම ඔය වටේට තියන කඳු වළල්ල මුළු දවසෙම බාගයක් විතර මීදුමෙන් වැහිල තියෙන්නෙ. සමහර වෙලාවට කඳු මුදුන් මීදුම් වළාවට ඉහලින් පෙනෙනව. පුදුම ලස්සනක්.
ඕකෙ ලස්සනම මෙහෙමයි.. ඒ පැත්තට බොහොම ඉක්මනට කළුවර වැටෙනව. වටේටම කඳු වලින් වටවෙලා පාත්තරේ වගෙ තියන නිසයි ඒ. හතරහමාර පහ වෙනකොට අවට කලුවර පාත්වීගෙන යනව. ඒත් බහින ඉර කඳුවලට මුවා උනාට අහස ආලෝකමත්. රතුපාටින් බබලනව තව පැය බාගයක් තරමෙ. මම හරිම ආසයි ඒ දිහාවෙ බලාඉන්න. එයාලගෙ ගෙදර ගියොත් හවස වැස්ස නැත්තං මම අනිවාර්යයෙන් මිදුලෙ කර්තකොළොම්බන් ගහ යට හාන්සි පුටුවකුත් තියාගෙන හොඳටම කළුවර වෙලා ගෙදර ලයිට් දානකල් ඔය මනස්කාන්ත දර්ශනය බලා ඉන්නව.
කලාතුරකින් දවසක මිහිදුම් වළාවට ඉහලින් පේන කඳු මුදුන් ඊට පිටිපස්සෙන් බැහැලයන ඉර මඬලෙ රන්වන් රැස් නිසා දිළිසෙනව. මම තුන් හතර වතාවක් ඒ දර්ශනය දැකල තියනව.
" ඒයි..මේ…"
මම පුටුවෙන් නැඟිටල ඈට කතා කරනව.
" මෙහෙ එන්ටකො ටිකකට ඉක්මනට "
" ඇයි? "
ඈ කොහෙද ඉඳල දුවගෙන එනව.
බොහෝ වෙලාවට අතේ වතුර බාල්දියක්.මල් ගස් වලට වතුර දමමින් ඉන්න ඇත්තෙ. ඇගේ ප්‍රියතම මල් වර්ග දෙකයි. ඕකිඩ් සහ ඇන්තූරියම්. අනික් ඔය නොයෙක් මල් වලටත් එයයි කැමතියි. ඒත් අර දෙක විශේෂයි.
" මොන මාලා හරි කමක් නෑ. මොකක්වත් කලේ නැත්නම් ඔය මාලල ඔක්කොම අපරාදෙ මැරිල යයි.. අන්න එච්චරයි මම දන්නෙ .."
මම පාත් වෙලා තද රතුපාට ඇන්තූරියම් මලක් අත ගානව.කොහොම හරි අපි ඔය වටින කියන මල් ටික අරගෙන ගියා අපෙ ක්වාටර්ස් එකට. එහෙ ගිහිල්ල තියාගෙන ඉඳල මම රස්සාවෙන් අයින්වෙලා ගෙදර එනකොට බඩු අරගෙන ආව ලොරියෙ පටෝල ආපහු අරගෙනත් ආව.අපෙ මහ ගෙදර මම හිතන්නෙ අදටත් ඇති ඒ ගෙනාපු මල් ගස්.
" මෙහෙ එන්ටකො ටිකකට ඉක්මනට "
" ඇයි? …"
ඈ කොහෙද ඉඳල දුවගෙන එනව. අතේ මල් වලට වතුර දාන බාල්දිය..
" මොකද අනේ? "
" අන්න බලන්ටකො අර කඳුමුදුනෙයි වළාකුලෙයි ලස්සන "
මම අත දික්කරල අඹ ගහේ පාරට නැමිච්ච අත්තට එහායිං පේන ඒ චමත්කාරජනක දර්ශනය ඈට පෙන්වනව. කඳු මුදුන රත්තරන් පාට වැස්සකට තෙමිල වගෙ දිලිහෙන්නෙ. ඊට යටින් තියන වළාකුළු ඊටත් පිටිපස්සෙන් අවරගිරේ සැඟවෙන්ට තනන මලහිරුගෙ රත්වන් රැස් දහරාව නිසා දිළිසෙනව. ඒත් ඒ වලාකුලුවල මායිම විතරයි. හරියට සුදුම සුදු පාට කොට්ටෙකට රතු පීත්ත පටියක් ඇල්ලුව වගෙ..මට හිතෙන්නෙ එහෙමයි.
" අනේ හරිම ලස්සනයි. මෙච්චර හිටිය මම කවදාවත් ඔහොම දැකල නෑනෙ. "
ඈ වතුර බාල්දිය බිම තියල මගෙ පුටුව ගාවම කඩකාමර පෙලේ පිල් කණ්ඩියෙ ඉඳගන්නව. එයාලගෙ අප්පච්චි බොහොම ඉස්සර එයාල පුංචි කාලෙ කඩයක් කරල තියනව.ගෙයි මිදුලෙ පැත්තකට වෙන්ට ඒ කඩේ තිබ්බ මේ ළඟක් වෙනකල්. කඩේ කිව්වට එතන කඩ කාමර තුනක්. හාල් සිල්ලර බඩු කඩයක්, රෙදි කඩයක්... ඒත් එක්කම සැලූන් එහෙකුත් තිබිල තියනව ඔය කඩ කාමර පේළියෙ. ඒ කාලෙ බොහොම සාර්තකව ඒ වෙළඳ ව්‍යාපාරය කෙරුනයි කියල කඩ පේලියෙ ඉස්සරහ පිලේ පුටු දෙකක් තියාගෙන එකමත් එක දවසක හවස අම්ම හදාපු වැලිතලප හත අටක් දෙසාබාන ගමන් උණු කහට එකක් බොන අතරෙ එයා මා එක්ක කියල තියනව.
" මේ ගමේ විතරක් නෙවෙයි අනේ මේ අහල පහල ඔක්කොම ගම් වලින් ඒ කාලෙ මිනිස්සු ආව කඩේට බඩු ගන්ට…අර කඳුවල ඒ කාලෙ තිබ්බ තේ වතු. දැන්නම් එව්වට මොනව වෙලාද මන්ද..ඒ වතුවල පඩි දුන්නු දවසට දෙමල මිනිස්සු ගෑණු ඔක්කොම එන්නෙ අපේ කඩේට.හයියෝ ඒ දවස්වල කච බචේ කියන්නෙ පොතක් පතක් බලාගන්ටත් නෑ. "
එයා එහෙම කියල හිනාවෙනව.
" ඉතිං අප්පච්චි රස්සාවකුත් කරද්දි කොහොමද කඩ කෙරුවාවත් කලේ? "
මම අහනව.
" එයා සතියකට සැරයක් ඇවිල්ල ගණං හිලව් බලල අඩුපාඩු ගෙනත් දානව. වෙනම හිටිය දෙතුන් දෙනෙක්ම කඩේ බලාගන්ට. "
ආහ්හ්..මට කියන්ට බැරිඋනා නෙව. ඔය කඩ කාමර පෙලේ පිටිපස්සෙ වී මෝලකුත් තිබිල තියනව.
" ඉතිං මොකද ඔය කඩ කෙරුවාවට උනේ? "
" මොනවද ඉතිං? අපි ඔක්කොම පොඩියිනෙ. ලොකු අයියටත් අවුරුදු දහයක් දොළහක් විතර ඇති. අන්තිමට කඩේ බලාගන්ට විශ්වාසවන්ත කෙනෙක් නැතුව ගියා. හිටපු අය හතර අතේ ගසා කාල කඩේ බංකොළොත් උනා. අප්පච්චි දවසක් තරහ ගිහිල්ල ඉතුරු තිබ්බ බඩු නිකම්ම වගෙ ගමේ මිනිස්සුන්ට බෙදල දීල කඩේ වහල දැම්ම. "
" අපරාදෙ.."
" මේ පැත්තටම ඉස්සෙල්ලම කඩයක් දැම්මෙ අපෙ අප්පච්චි. ඒක හරියට කරගෙන ආව නම් අපිට වෙන මොකවත් ඕන නෑ.."
ඇගේ ඇස් දෙකේ තිබ්බෙ ඒ සොඳුරු අතීතය හදිසියේම මතකයේ අවදිවීමෙන් දැනිච්ච සංතාපයක්....
" වී මෝලෙං අයිං කරපු දහයියා කන්දක් ගොඩ ගහල තිබ්බ දැං ඔය කාමරංක ගහ තියන තැන. දහයිය නියම පෝර මයියොක්ක වලට. මෝලෙ වැඩ කරපු මුදලිහාමි ඔය දහයිය පසට කළවං කරල මයියොක්ක පාත්තියක් හැදුව අන්න අර බිලිංගහ දිහාට යනකල්. "
ඈ දකුණත දික්කරල ගෙවත්තෙ කෙළවරක අතෑරල දාපු පරණ වැසිකිළිය ගාව කඳ නොපෙනෙන තරමට ගෙඩි එල්ලගෙන ඉන්න සරුවට හැදිච්චි බිලිංගහ පෙන්නනව.
" ඔය මයියොක්ක හැදෙනව බොහොම සාරසුබාවට...මේං මෙච්චර විතර ඇති අල. "
ඈ තම දකුණත මිටිකරල වැළමිටෙන් පහල කොටස මට පෙන්නනව.
" අල ගලවනදාට අපි ඔක්කොමල අල කරේ තියාගෙන ගේන්නෙ හිහ්, හිහ්, "
ඒ අතීත මතක සටහන් කොතරම් ආනන්දජනකද? ඇගේ වත පහන් වී ඇත්තේ සොඳුරු සිනාවකිනි.
" අල කරේ තියාගෙන අපි ඔන්න යනව වත්ත වටේ පෙරහරක්. සාදු සාදු කිය කිය. මුදලිහාමි කෑගහනව. අනේ චූටි දෙයියා මොකද ඔය කරන්නෙ? දැං මහත්තය ආවොත් මටයි බැණුං අහන්ට වෙන්නෙ. එව්ව අපි අහන්නෙ නෑ. ඒත් ඔය පෙරහර එක පාරට නවතින්නෙ අප්පච්චි කොහෙද ඉඳල කඩා පාත් උනහම. මොනවද ඔය කරන්නෙ? පෙරහැරවල් යන්නෙ අල කරේ තියාගෙන? එක එකාගෙ ඇස්වහ කටවහ වැදිල ඔව්ව ඇහැවෙල ගිහාම නිකං ඉඳපල්ල. "
අප්පච්චි කෑ ගහනකොට අපි අලත් එතනම දාල දුවනව.
" කවුද ඔය මුදලිහාමි? "
මම අහනව.
" මුදලිහාමි තමයි අපේ වී මෝල බලාගෙන ඒකෙ වැඩ කටයුතු කරගෙන හිටියෙ. අප්පච්චිගෙ දුරින් නෑදෑ කමකුත් තියන කතාවක් මම අහල තියේ. මිනිහ එක පාරක් හිරෙත් හිටියලු. මිනීමැරුමකට සම්බන්ද වෙල. මගෙත් එක්ක හරි එකතුයි. මම ඔය ඕන එකක් අහනව.මට ඔව්වයෙ ගානක් නෑ... දවසක් මම ඇහුව වී මෝල ඉස්සරහ වී ගෙනාපු ගෝනි ගොඩ උඩ ඉඳගෙන මුදලිහාමි එක්ක කතාකර කර ඉන්දැද්දි ඇත්තද මුදලිහාමි හිරේ හිටියයි කියන්නෙ? කියල. "
" ඉතිං? "
" මුදලිහාමි ටිකක් වෙලා මගෙ දිහා බලා ඉඳල ඇහුව චූටි දෙයියට කවුද කිව්වෙ? කියල. ඇත්තටම ඒ වෙනකොට මට මතක තිබ්බෙ නෑ කවුද ඒ කතාව මා එක්ක කිව්වෙ කියල..මට හරියට මතක නෑ මුදලිහාමි කවුද කිව්වෙ කියල..ඉතිං ඇත්තද ඒ කතාව? මම ආයෙම ඇහුව..ඔව් චූටි දෙයිය ඒ කතාව ඇත්ත. මම ඒ කතාව චූටි දෙයිය එක්ක කියන්නං... ඒත් අද නෙවෙයි. චූටි දෙයිය තව ටිකක් ලොකු උනහම. මුදලිහාමි එහෙම මා එක්ක කිව්ව "
" එතකොට ඔයාගෙ වයස කීයක් විතර අද්ද? "
" ම්ම්ම්ම්...දහයක් වගෙ….."
" ඉතිං පස්සෙ ඒ කතාව මුදලිහාමි ඔයාට කිව්වද? "
" නෑ මට ඒ කතාව අහගන්ට බැරිඋනා…... මුදලිහාමි හිටපු ගමං අතුරුදහං උනා. "
" ඈ?... අතුරුදහන් උනා? ඒ කොහොමද එහෙම උනේ? "
මම ඇහුවෙ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන.
" ඉන්නකො ඒ කතාව මම පස්සෙ ඔයාට කියන්නම් "
" ඒ දවස්වල අපේ ගෙදර අම්ම ඇරෙන්ට අනික් අය හරක්මස් කෑව. අප්පච්චි මාතලෙන් ගේනව හබරල කොලේක ඔතල මස් රාත්තල් දෙකක් තුනක් වගෙ ගෙදර එද්දි. අම්ම කන්නෙ නැතිනිසා කඩේ පිටිපස්සෙ වෙනම ලිපක් හදල තිබ්බ හරක් මස් උයන්ටම. මුදලි හාමි තමයි උයන්නෙ. දුරු මිරිස් ආං අර අඹ ගෙඩිය විතර ගුලියක් අඹරනව ගලේ. ඕකටම ලුණු ඇට දෙක තුනකුත් ගහනව. මස් උයන්ටම තිබ්බ අප්පල්ලයක්. මුදලිහාමි දාඩිය දාගෙන උයනව අපි වටවෙලා බලාන ඉන්නව. "
" මොකද ළමයිනේ ඔතන වටවෙලා ඉන්නෙ? දෙයියෝ සාක්කි, කවදාවත් කාපු නැතිදෙයක් වගේනෙ. මේ කඩේට යන එන මිනිස්සුන්ටත් පේනව... අප්පච්චි කඩේ ලියන මේසෙ පොත්පත්වල ගණං එකතුකරමින් ඉන්න ගමන හිටපු ගමං පස්ස හැරිල ගෝලු ගන්නව. ඒ වෙලාවට අපි ජුංඩක් එහාට මෙහාට උනට ආයම ටිකකිං ලිපට වටවෙනව."
" මස් උයපු දාට අපෙ පිඟං වලට කුස්සියෙං බත් දාගෙන අපි පෝලිමට එනව කඩ කෑල්ලෙ පිටිපස්සට. මුදලිහාමි ඉහිංකණිං දාඩියත් දාගෙන එතකනුත් මස් හොද්ද හැඳිගානව. ඔය වෙලාවට මනුස්සයට අඳින්ට තියනව පරණ සරුවාලයක්.තැන තැන නූල් ගැලවිල එල්ලෙන කාකිපාට ඔය සරුවාලෙයි අප්පච්චිගෙ තැන තැන ඉරිල අණ්ඩ දාපු මේස් බැනියමකුයි ඇඳගෙන පොඩි කොලොම්බුවක ඉඳගෙන මුදලිහාමි ඔය රාජකාරිය කරන්නෙ. "
" මස් හොද්ද කාල්ගාන්ටම තිබ්බ පොල්කටු හැන්දක් වෙනම. ඔයක කුස්සිය පැත්ත පළාතෙ ගෙනියන්ට දෙන්නෙ නෑ අපෙ අම්ම අනික් මාලු පිණි වලට මුහුං වෙයි කියල.අම්ම ඒකෙ මිටේ අග්ගිස්සෙ කට්ටයක් කපල රතුපාර තංගුස් පොටක් ගැටගහල තිබ්බ බැරිවෙලාවත් මාරුවෙයි කියල.ඉස්සෙල්ල අප්පච්චිට එයාගෙ බෙලෙක් පිඟානට මස් බෙදල මැටි කෝප්පෙකිං වහල එතනම බිත්තියට හේත්තු කරල තිබ්බ පරණ ලියන මේසෙ උඩිං තියනව මුදලිහාමි.ඊට පස්සෙ මස් මඩක්කුවත් අරගෙන ලොයි බංකුවෙ පේළිමට ඉඳගෙන ඉන්න අපි ගාවට ඇවිල්ල පොල්කටු හැන්දෙන් දෙක ගානෙ පුරවල මස් බෙදනව.මුදලිහාමි අපිට කතාකලේ දෙයිය කියල. ලොකු අයිය ලොද්දෙයිය, පොඩි අයිය පොඩි දෙයිය, චූටි අයියට හැබැයි චූටි මහත්තය, ලොකු අක්ක හීං දෙයිය, චුට්ටි අක්ක හිච්චි දෙයිය, මම චුට්ටි දෙයිය..."
එයාලගෙ චුට්ටි අයිය වයස පහළවක් වගෙ වෙද්දි හදිස්සියෙම හරියට මොකක්ද කියල හිතාගන්ට බැරි අසනීපෙකින් නැතිවෙලා.
" මට එතකොට වයස දහයක් විතර ඇති. මගෙ ජීවිතේට අපි ආදරය කරන කෙනෙක් අපිව අතෑරල ගියහම දැනෙන දරාගන්ට බැරි වේදනාව, පාළුව ඉස්සෙල්ලම මට දැනුනෙ අපේ චුට්ටි අයිය නැතිවෙච්චි දවසෙ. "
අපේ සෙනේහෙ පටන්ගෙන සතියකින් දෙහෙකින් විතර එයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මා දැක්ක එහෙම කිව්ව.ඒ මාතලේ රත්නගිරියෙ උඩ තට්ටුවෙ දවල්ට බත් කන ගමන්.
ඒ දවස්වල එයාලගෙ ගෙවල් පැත්තට යන්ට ඒ හැටි බස් තිබ්බෙ නෑ. මාතලේ ඉඳල යන්ට ඕන කිලෝ මීටර් 10 -12 වගෙ.ගහේ නඟිනව වගෙ කන්දක් නැඟල ආපහු බැහැපුවාම තියෙන බොහොම ස්වභාව සෞන්දර්යයෙන් අනූන නිම්න භූමියක තමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ. වටේටම කඳු. දෙසැම්බර් කාලෙට හේම ඔය වටේට තියන කඳු වළල්ල මුළු දවසෙම බාගයක් විතර මීදුමෙන් වැහිල තියෙන්නෙ. සමහර වෙලාවට කඳු මුදුන් මීදුම් වළාවට ඉහලින් පෙනෙනව. පුදුම ලස්සනක්.
ඕකෙ ලස්සනම මෙහෙමයි.. ඒ පැත්තට බොහොම ඉක්මනට කළුවර වැටෙනව. වටේටම කඳු වලින් වටවෙලා පාත්තරේ වගෙ තියන නිසයි ඒ. හතරහමාර පහ වෙනකොට අවට කලුවර පාත්වීගෙන යනව. ඒත් බහින ඉර කඳුවලට මුවා උනාට අහස ආලෝකමත්. රතුපාටින් බබලනව තව පැය බාගයක් තරමෙ. මම හරිම ආසයි ඒ දිහාවෙ බලාඉන්න. එයාලගෙ ගෙදර ගියොත් හවස වැස්ස නැත්තං මම අනිවාර්යයෙන් මිදුලෙ කර්තකොළොම්බන් ගහ යට හාන්සි පුටුවකුත් තියාගෙන හොඳටම කළුවර වෙලා ගෙදර ලයිට් දානකල් ඔය මනස්කාන්ත දර්ශනය බලා ඉන්නව.
කලාතුරකින් දවසක මිහිදුම් වළාවට ඉහලින් පේන කඳු මුදුන් ඊට පිටිපස්සෙන් බැහැලයන ඉර මඬලෙ රන්වන් රැස් නිසා දිළිසෙනව. මම තුන් හතර වතාවක් ඒ දර්ශනය දැකල තියනව.
" ඒයි..මේ…"
මම පුටුවෙන් නැඟිටල ඈට කතා කරනව.
" මෙහෙ එන්ටකො ටිකකට ඉක්මනට "
" ඇයි? "
ඈ කොහෙද ඉඳල දුවගෙන එනව.
බොහෝ වෙලාවට අතේ වතුර බාල්දියක්.මල් ගස් වලට වතුර දමමින් ඉන්න ඇත්තෙ. ඇගේ ප්‍රියතම මල් වර්ග දෙකයි. ඕකිඩ් සහ ඇන්තූරියම්. අනික් ඔය නොයෙක් මල් වලටත් එයයි කැමතියි. ඒත් අර දෙක විශේෂයි.
ගෙදර ඉද්දි තනිකරම මල් වගාව කරල තියෙන්නෙ එයා තමයි. කසාදෙන් පස්සෙ එයා ගෙදරින් ආහම මල් වගාවත් එහෙම්මම අභාවයට ගියා. අම්මා විතරයිනෙ ගෙදර. එයයිටත් වයසයි. ඔය වතුර දාන වැඩ එහෙම කරන්ට බෑ.ඒ නිසා මල් වගාව එහෙම්මම ඇහැවෙලා ගියා.
" අනේ ඔයාල හරි නරකයි, බලන්ට මගෙ මල් ටික ඔක්කොම හේබාලා ගිහිල්ල. "
සති දෙහෙකට මාසෙකට වගෙ සැරයක් ගෙදර යන ඈ ඇඳුම් මාරුකරන්ටත් ඉස්සරවෙලා දුවන්නෙ මල් වගාව බලන්ට. අම්ම එක්ක තමයි ඔය වග පල කියන්නෙ.
" අනේ චුට්ටි දුව මම ඔය පුලුපුලුවන් වෙලාවට වතුර දානව. "
අම්ම මූන නරක් කරගෙන කියනව.
" පිස්සුද අනේ..අම්මට පුළුවන්ද ඔව්ව කරන්ට.මේක හරි යන්නෙ නෑ. එක්කො ඔයා ගෙදර නවතින්ට.."
" හ්ම්ම්..හිතේ ඇති "
ඈ මා දිහා බලල රවනව.
" නැත්තං මෙහෙම කරමු....මල් පෝච්චි අපි එහෙ අරං යමු.."
" කොහෙද ?... ක්වාටර්ස් එකට? "
" ඔව්…. ඇයි? "
" එහෙ අරං ගිහිල්ල ආය ආපහු එන දවසක අරගෙන එන්ටත් එපාය. "
" එහෙම තමයි ඉතිං... නැතුව ආය වෙන කොහොමද? මොකෝ අපි එහෙ ඉඳල එන දවසක බස් එකේ එන්නෙ නෑනෙ. ඔය බඩු පටවං එන ලොරියක හරි මොහොක හරි දාගෙන එමු. "
" හරි එහෙමවත් කරමු එහෙනං මේ මල් මම ඔය අස්ප ගණං දීල ගත්තුවා. අන්න අරක දන්නවද? ඕකට තමයි කියන්නෙ ගෝතමාලා කියන්නෙ. අර මුල්ලෙ තියෙන එක ෂැම්පේන්."
එයා මට එක එක වර්ගයෙ ඇන්තූරියම් පෙන්නනව.
" අනේ ඔයාල හරි නරකයි, බලන්ට මගෙ මල් ටික ඔක්කොම හේබාලා ගිහිල්ල. "
සති දෙහෙකට මාසෙකට වගෙ සැරයක් ගෙදර යන ඈ ඇඳුම් මාරුකරන්ටත් ඉස්සරවෙලා දුවන්නෙ මල් වගාව බලන්ට. අම්ම එක්ක තමයි ඔය වග පල කියන්නෙ.
" අනේ චුට්ටි දුව මම ඔය පුලුපුලුවන් වෙලාවට වතුර දානව. "
අම්ම මූන නරක් කරගෙන කියනව.
" පිස්සුද අනේ..අම්මට පුළුවන්ද ඔව්ව කරන්ට.මේක හරි යන්නෙ නෑ. එක්කො ඔයා ගෙදර නවතින්ට.."
" හ්ම්ම්..හිතේ ඇති "
ඈ මා දිහා බලල රවනව.
" නැත්තං මෙහෙම කරමු....මල් පෝච්චි අපි එහෙ අරං යමු.."
" කොහෙද ?... ක්වාටර්ස් එකට? "
" ඔව්…. ඇයි? "
" එහෙ අරං ගිහිල්ල ආය ආපහු එන දවසක අරගෙන එන්ටත් එපාය. "
" එහෙම තමයි ඉතිං... නැතුව ආය වෙන කොහොමද? මොකෝ අපි එහෙ ඉඳල එන දවසක බස් එකේ එන්නෙ නෑනෙ. ඔය බඩු පටවං එන ලොරියක හරි මොහොක හරි දාගෙන එමු. "
" හරි එහෙමවත් කරමු එහෙනං මේ මල් මම ඔය අස්ප ගණං දීල ගත්තුවා. අන්න අරක දන්නවද? ඕකට තමයි කියන්නෙ ගෝතමාලා කියන්නෙ. අර මුල්ලෙ තියෙන එක ෂැම්පේන්."
එයා මට එක එක වර්ගයෙ ඇන්තූරියම් පෙන්නනව.
ගෝතමාලා කියන්නෙ මෙව්වට |
" මොන මාලා හරි කමක් නෑ. මොකක්වත් කලේ නැත්නම් ඔය මාලල ඔක්කොම අපරාදෙ මැරිල යයි.. අන්න එච්චරයි මම දන්නෙ .."
මම පාත් වෙලා තද රතුපාට ඇන්තූරියම් මලක් අත ගානව.කොහොම හරි අපි ඔය වටින කියන මල් ටික අරගෙන ගියා අපෙ ක්වාටර්ස් එකට. එහෙ ගිහිල්ල තියාගෙන ඉඳල මම රස්සාවෙන් අයින්වෙලා ගෙදර එනකොට බඩු අරගෙන ආව ලොරියෙ පටෝල ආපහු අරගෙනත් ආව.අපෙ මහ ගෙදර මම හිතන්නෙ අදටත් ඇති ඒ ගෙනාපු මල් ගස්.
" මෙහෙ එන්ටකො ටිකකට ඉක්මනට "
" ඇයි? …"
ඈ කොහෙද ඉඳල දුවගෙන එනව. අතේ මල් වලට වතුර දාන බාල්දිය..
" මොකද අනේ? "
" අන්න බලන්ටකො අර කඳුමුදුනෙයි වළාකුලෙයි ලස්සන "
මම අත දික්කරල අඹ ගහේ පාරට නැමිච්ච අත්තට එහායිං පේන ඒ චමත්කාරජනක දර්ශනය ඈට පෙන්වනව. කඳු මුදුන රත්තරන් පාට වැස්සකට තෙමිල වගෙ දිලිහෙන්නෙ. ඊට යටින් තියන වළාකුළු ඊටත් පිටිපස්සෙන් අවරගිරේ සැඟවෙන්ට තනන මලහිරුගෙ රත්වන් රැස් දහරාව නිසා දිළිසෙනව. ඒත් ඒ වලාකුලුවල මායිම විතරයි. හරියට සුදුම සුදු පාට කොට්ටෙකට රතු පීත්ත පටියක් ඇල්ලුව වගෙ..මට හිතෙන්නෙ එහෙමයි.
" අනේ හරිම ලස්සනයි. මෙච්චර හිටිය මම කවදාවත් ඔහොම දැකල නෑනෙ. "
ඈ වතුර බාල්දිය බිම තියල මගෙ පුටුව ගාවම කඩකාමර පෙලේ පිල් කණ්ඩියෙ ඉඳගන්නව. එයාලගෙ අප්පච්චි බොහොම ඉස්සර එයාල පුංචි කාලෙ කඩයක් කරල තියනව.ගෙයි මිදුලෙ පැත්තකට වෙන්ට ඒ කඩේ තිබ්බ මේ ළඟක් වෙනකල්. කඩේ කිව්වට එතන කඩ කාමර තුනක්. හාල් සිල්ලර බඩු කඩයක්, රෙදි කඩයක්... ඒත් එක්කම සැලූන් එහෙකුත් තිබිල තියනව ඔය කඩ කාමර පේළියෙ. ඒ කාලෙ බොහොම සාර්තකව ඒ වෙළඳ ව්‍යාපාරය කෙරුනයි කියල කඩ පේලියෙ ඉස්සරහ පිලේ පුටු දෙකක් තියාගෙන එකමත් එක දවසක හවස අම්ම හදාපු වැලිතලප හත අටක් දෙසාබාන ගමන් උණු කහට එකක් බොන අතරෙ එයා මා එක්ක කියල තියනව.
" මේ ගමේ විතරක් නෙවෙයි අනේ මේ අහල පහල ඔක්කොම ගම් වලින් ඒ කාලෙ මිනිස්සු ආව කඩේට බඩු ගන්ට…අර කඳුවල ඒ කාලෙ තිබ්බ තේ වතු. දැන්නම් එව්වට මොනව වෙලාද මන්ද..ඒ වතුවල පඩි දුන්නු දවසට දෙමල මිනිස්සු ගෑණු ඔක්කොම එන්නෙ අපේ කඩේට.හයියෝ ඒ දවස්වල කච බචේ කියන්නෙ පොතක් පතක් බලාගන්ටත් නෑ. "
එයා එහෙම කියල හිනාවෙනව.
" ඉතිං අප්පච්චි රස්සාවකුත් කරද්දි කොහොමද කඩ කෙරුවාවත් කලේ? "
මම අහනව.
" එයා සතියකට සැරයක් ඇවිල්ල ගණං හිලව් බලල අඩුපාඩු ගෙනත් දානව. වෙනම හිටිය දෙතුන් දෙනෙක්ම කඩේ බලාගන්ට. "
ආහ්හ්..මට කියන්ට බැරිඋනා නෙව. ඔය කඩ කාමර පෙලේ පිටිපස්සෙ වී මෝලකුත් තිබිල තියනව.
" ඉතිං මොකද ඔය කඩ කෙරුවාවට උනේ? "
" මොනවද ඉතිං? අපි ඔක්කොම පොඩියිනෙ. ලොකු අයියටත් අවුරුදු දහයක් දොළහක් විතර ඇති. අන්තිමට කඩේ බලාගන්ට විශ්වාසවන්ත කෙනෙක් නැතුව ගියා. හිටපු අය හතර අතේ ගසා කාල කඩේ බංකොළොත් උනා. අප්පච්චි දවසක් තරහ ගිහිල්ල ඉතුරු තිබ්බ බඩු නිකම්ම වගෙ ගමේ මිනිස්සුන්ට බෙදල දීල කඩේ වහල දැම්ම. "
" අපරාදෙ.."
" මේ පැත්තටම ඉස්සෙල්ලම කඩයක් දැම්මෙ අපෙ අප්පච්චි. ඒක හරියට කරගෙන ආව නම් අපිට වෙන මොකවත් ඕන නෑ.."
ඇගේ ඇස් දෙකේ තිබ්බෙ ඒ සොඳුරු අතීතය හදිසියේම මතකයේ අවදිවීමෙන් දැනිච්ච සංතාපයක්....
" වී මෝලෙං අයිං කරපු දහයියා කන්දක් ගොඩ ගහල තිබ්බ දැං ඔය කාමරංක ගහ තියන තැන. දහයිය නියම පෝර මයියොක්ක වලට. මෝලෙ වැඩ කරපු මුදලිහාමි ඔය දහයිය පසට කළවං කරල මයියොක්ක පාත්තියක් හැදුව අන්න අර බිලිංගහ දිහාට යනකල්. "
ඈ දකුණත දික්කරල ගෙවත්තෙ කෙළවරක අතෑරල දාපු පරණ වැසිකිළිය ගාව කඳ නොපෙනෙන තරමට ගෙඩි එල්ලගෙන ඉන්න සරුවට හැදිච්චි බිලිංගහ පෙන්නනව.
" ඔය මයියොක්ක හැදෙනව බොහොම සාරසුබාවට...මේං මෙච්චර විතර ඇති අල. "
ඈ තම දකුණත මිටිකරල වැළමිටෙන් පහල කොටස මට පෙන්නනව.
" අල ගලවනදාට අපි ඔක්කොමල අල කරේ තියාගෙන ගේන්නෙ හිහ්, හිහ්, "
ඒ අතීත මතක සටහන් කොතරම් ආනන්දජනකද? ඇගේ වත පහන් වී ඇත්තේ සොඳුරු සිනාවකිනි.
" අල කරේ තියාගෙන අපි ඔන්න යනව වත්ත වටේ පෙරහරක්. සාදු සාදු කිය කිය. මුදලිහාමි කෑගහනව. අනේ චූටි දෙයියා මොකද ඔය කරන්නෙ? දැං මහත්තය ආවොත් මටයි බැණුං අහන්ට වෙන්නෙ. එව්ව අපි අහන්නෙ නෑ. ඒත් ඔය පෙරහර එක පාරට නවතින්නෙ අප්පච්චි කොහෙද ඉඳල කඩා පාත් උනහම. මොනවද ඔය කරන්නෙ? පෙරහැරවල් යන්නෙ අල කරේ තියාගෙන? එක එකාගෙ ඇස්වහ කටවහ වැදිල ඔව්ව ඇහැවෙල ගිහාම නිකං ඉඳපල්ල. "
අප්පච්චි කෑ ගහනකොට අපි අලත් එතනම දාල දුවනව.
" කවුද ඔය මුදලිහාමි? "
මම අහනව.
" මුදලිහාමි තමයි අපේ වී මෝල බලාගෙන ඒකෙ වැඩ කටයුතු කරගෙන හිටියෙ. අප්පච්චිගෙ දුරින් නෑදෑ කමකුත් තියන කතාවක් මම අහල තියේ. මිනිහ එක පාරක් හිරෙත් හිටියලු. මිනීමැරුමකට සම්බන්ද වෙල. මගෙත් එක්ක හරි එකතුයි. මම ඔය ඕන එකක් අහනව.මට ඔව්වයෙ ගානක් නෑ... දවසක් මම ඇහුව වී මෝල ඉස්සරහ වී ගෙනාපු ගෝනි ගොඩ උඩ ඉඳගෙන මුදලිහාමි එක්ක කතාකර කර ඉන්දැද්දි ඇත්තද මුදලිහාමි හිරේ හිටියයි කියන්නෙ? කියල. "
" ඉතිං? "
" මුදලිහාමි ටිකක් වෙලා මගෙ දිහා බලා ඉඳල ඇහුව චූටි දෙයියට කවුද කිව්වෙ? කියල. ඇත්තටම ඒ වෙනකොට මට මතක තිබ්බෙ නෑ කවුද ඒ කතාව මා එක්ක කිව්වෙ කියල..මට හරියට මතක නෑ මුදලිහාමි කවුද කිව්වෙ කියල..ඉතිං ඇත්තද ඒ කතාව? මම ආයෙම ඇහුව..ඔව් චූටි දෙයිය ඒ කතාව ඇත්ත. මම ඒ කතාව චූටි දෙයිය එක්ක කියන්නං... ඒත් අද නෙවෙයි. චූටි දෙයිය තව ටිකක් ලොකු උනහම. මුදලිහාමි එහෙම මා එක්ක කිව්ව "
" එතකොට ඔයාගෙ වයස කීයක් විතර අද්ද? "
" ම්ම්ම්ම්...දහයක් වගෙ….."
" ඉතිං පස්සෙ ඒ කතාව මුදලිහාමි ඔයාට කිව්වද? "
" නෑ මට ඒ කතාව අහගන්ට බැරිඋනා…... මුදලිහාමි හිටපු ගමං අතුරුදහං උනා. "
" ඈ?... අතුරුදහන් උනා? ඒ කොහොමද එහෙම උනේ? "
මම ඇහුවෙ පුදුමෙන් ඇස් දෙකත් ලොකු කරගෙන.
" ඉන්නකො ඒ කතාව මම පස්සෙ ඔයාට කියන්නම් "
" ඒ දවස්වල අපේ ගෙදර අම්ම ඇරෙන්ට අනික් අය හරක්මස් කෑව. අප්පච්චි මාතලෙන් ගේනව හබරල කොලේක ඔතල මස් රාත්තල් දෙකක් තුනක් වගෙ ගෙදර එද්දි. අම්ම කන්නෙ නැතිනිසා කඩේ පිටිපස්සෙ වෙනම ලිපක් හදල තිබ්බ හරක් මස් උයන්ටම. මුදලි හාමි තමයි උයන්නෙ. දුරු මිරිස් ආං අර අඹ ගෙඩිය විතර ගුලියක් අඹරනව ගලේ. ඕකටම ලුණු ඇට දෙක තුනකුත් ගහනව. මස් උයන්ටම තිබ්බ අප්පල්ලයක්. මුදලිහාමි දාඩිය දාගෙන උයනව අපි වටවෙලා බලාන ඉන්නව. "
" මොකද ළමයිනේ ඔතන වටවෙලා ඉන්නෙ? දෙයියෝ සාක්කි, කවදාවත් කාපු නැතිදෙයක් වගේනෙ. මේ කඩේට යන එන මිනිස්සුන්ටත් පේනව... අප්පච්චි කඩේ ලියන මේසෙ පොත්පත්වල ගණං එකතුකරමින් ඉන්න ගමන හිටපු ගමං පස්ස හැරිල ගෝලු ගන්නව. ඒ වෙලාවට අපි ජුංඩක් එහාට මෙහාට උනට ආයම ටිකකිං ලිපට වටවෙනව."
" මස් උයපු දාට අපෙ පිඟං වලට කුස්සියෙං බත් දාගෙන අපි පෝලිමට එනව කඩ කෑල්ලෙ පිටිපස්සට. මුදලිහාමි ඉහිංකණිං දාඩියත් දාගෙන එතකනුත් මස් හොද්ද හැඳිගානව. ඔය වෙලාවට මනුස්සයට අඳින්ට තියනව පරණ සරුවාලයක්.තැන තැන නූල් ගැලවිල එල්ලෙන කාකිපාට ඔය සරුවාලෙයි අප්පච්චිගෙ තැන තැන ඉරිල අණ්ඩ දාපු මේස් බැනියමකුයි ඇඳගෙන පොඩි කොලොම්බුවක ඉඳගෙන මුදලිහාමි ඔය රාජකාරිය කරන්නෙ. "
" මස් හොද්ද කාල්ගාන්ටම තිබ්බ පොල්කටු හැන්දක් වෙනම. ඔයක කුස්සිය පැත්ත පළාතෙ ගෙනියන්ට දෙන්නෙ නෑ අපෙ අම්ම අනික් මාලු පිණි වලට මුහුං වෙයි කියල.අම්ම ඒකෙ මිටේ අග්ගිස්සෙ කට්ටයක් කපල රතුපාර තංගුස් පොටක් ගැටගහල තිබ්බ බැරිවෙලාවත් මාරුවෙයි කියල.ඉස්සෙල්ල අප්පච්චිට එයාගෙ බෙලෙක් පිඟානට මස් බෙදල මැටි කෝප්පෙකිං වහල එතනම බිත්තියට හේත්තු කරල තිබ්බ පරණ ලියන මේසෙ උඩිං තියනව මුදලිහාමි.ඊට පස්සෙ මස් මඩක්කුවත් අරගෙන ලොයි බංකුවෙ පේළිමට ඉඳගෙන ඉන්න අපි ගාවට ඇවිල්ල පොල්කටු හැන්දෙන් දෙක ගානෙ පුරවල මස් බෙදනව.මුදලිහාමි අපිට කතාකලේ දෙයිය කියල. ලොකු අයිය ලොද්දෙයිය, පොඩි අයිය පොඩි දෙයිය, චූටි අයියට හැබැයි චූටි මහත්තය, ලොකු අක්ක හීං දෙයිය, චුට්ටි අක්ක හිච්චි දෙයිය, මම චුට්ටි දෙයිය..."
එයාලගෙ චුට්ටි අයිය වයස පහළවක් වගෙ වෙද්දි හදිස්සියෙම හරියට මොකක්ද කියල හිතාගන්ට බැරි අසනීපෙකින් නැතිවෙලා.
" මට එතකොට වයස දහයක් විතර ඇති. මගෙ ජීවිතේට අපි ආදරය කරන කෙනෙක් අපිව අතෑරල ගියහම දැනෙන දරාගන්ට බැරි වේදනාව, පාළුව ඉස්සෙල්ලම මට දැනුනෙ අපේ චුට්ටි අයිය නැතිවෙච්චි දවසෙ. "
අපේ සෙනේහෙ පටන්ගෙන සතියකින් දෙහෙකින් විතර එයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මා දැක්ක එහෙම කිව්ව.ඒ මාතලේ රත්නගිරියෙ උඩ තට්ටුවෙ දවල්ට බත් කන ගමන්.
this is superb. No words to say...
ReplyDeleteBindi,
DeleteThank you so much Madam…:)
අද නම් මදියි නොකියන්න ගුරුවරී ගන ලියලා තියෙනවා... රස වෑහෙනවා රවියො... කියපු විස්තරවලට හොඳහැටි චිත්ත රූප මැවුනා... ඒ ගම් පළාත නම් හරිම සුන්දර තැනක් වගේ... අල පෙරහැර ගැන කියනකොට මතක් උනේ අපි ඒ කාලෙ හබරල පිති ඔළුවට ඉහලින් උස්සගෙන ඔය වගේ සාදු සාදු කිය කියා පෙරහැරවල් ගිය හැටි...
ReplyDeleteMiyuru,
Delete/ අද නම් මදියි නොකියන්න ගුරුවරී ගන ලියලා තියෙනවා /
බොලාගෙ මේ ඇඬියාවනෙ හැමදාම,ගුරුවරී ගැන නෑ! ගුරුවරී ගැන නැ!! ගුරුවරී ගැන නෑ!!! ඉඳපංකො ඔහොම කියල ඔන්න ලිව්ව ගුරුවරී ගැන...හෙහ්,හෙහ්,
/ අල පෙරහැර ගැන කියනකොට මතක් උනේ අපි ඒ කාලෙ හබරල පිති ඔළුවට ඉහලින් උස්සගෙන ඔය වගේ සාදු සාදු කිය කියා පෙරහැරවල් ගිය හැටි…/
පෙරහැරවල් යන එක මම හිතන්නෙ පොඩි කාලෙ අපි හැමෝම කරපු දෙයක්...:)
බොහොම ස්තූතියි මියුරූස්,
//ඒ ගම් පළාත නම් හරිම සුන්දර තැනක් වගේ//
Deleteවගේ කියන්න දෙයක් නෑ...සුන්දර තැනක් තමා..!!
මේක පළිගැනීමක්. දෙන්නං උඹලට. හැමදා නියං එකදා වැහි වලාවේ.
ReplyDeleteඋඹ එහෙනම් කසාද බැන්දේ දේව විමානෙකින් කොහොමහරි. අද ඉඳන් ඔන්න සඳා නෝනා මට චූටි දෙයියා, හරි?
ඔය කට්ටිය අර තිස්තුන් කෝටියටම අයිතිද ,..නැත්තන් ඊට අමතරව ද දන්නේ නැහැ නේ ඩුඩ් .
DeleteThree hundred'n thirty million plus... :D
Deleteඅපි නොදන්නවා වුණාට රවියයියා කපුවෙක්ද මන්දා එහෙනම් ඩුඩ් අයියේ ...:D
Deleteහා හා Cotton Gentleman, මනෝජ් :D
DeleteBindi, Henry & Manoj,
Deleteඅපෙ ආස්සරයට සතියක් දෙකක් ගෙවුනු තැන උන්දැගෙ අප්පච්චිට මම සක්කරයය කියල දස දෙයක් තව පොඩ්ඩෙන් වෙන්නෙ. පෙං කකුල යාංතමට විකසිත වීගෙන ආව විතරයි. ඔන් ද ස්පොට් පරවෙනව තව ඩිංගෙං..ඒක උනේ ඔය එයාලට පොඩි කාලෙ අර දෙයිය මේ දෙයිය කියලය කියල කතා කලාය කියල මා දැක්ක කිව්ව දවසට පහුවෙනිද.ඔහොම අමරුවෙං සේප් කර ගත්තෙ නොවඳිනා වැඳුං වැඳල. ඒ කතාව සවිස්තරව කියන්නං ඊලඟ කොටසෙදි...
ජේ.ආර්. ඔය කොහෙද මම හිතන්නෙ රැජින ලංකාවට ආපු වෙලාවෙ කිව්වලු " Your majesty, all 345 million of Sri Lankans are wishing you best of health and a long life " කියල
මහ රැජින පුදුම වෙලා කිව්වලු … " Mr. President, I didn't know Sri Lanka was such a populous country" කියල
ජේ.ආර්. ලොක්ක ඒ පාර ඇඟට පතට නොදැනි කිව්වලු " Actually 330 million of them are gods "කියල
හෙහ් හෙහ්......
Deleteමටත් ඕකම හිතුනනේ ඩුඩ් !!!! කට පියන් හිටියේ අමාරුවෙන්... දැන් ඉතින් මොකට කට වහන් ඉන්නවද..?
උපේක්ෂා,
Deleteමොනවැයි උඹට හිතුනෙ දැං?...මම පරල වෙලා යාතිකා කරනව මැවිල පෙනුනය බඩ මැද්දෑවෙං රතු පාට රෙද්දකුත් බැඳගෙන?....:)
You should publish your memoirs.
ReplyDeletePra Jay,
DeleteThanks Pra, well you never know whats in store for you. සිතු දේ නොම වේ, නොසිතු දෙයක් වේ ....
අරූත් එක්ක එකතුවෙලා දෙන්නම එක පොතක් ගහන්නයි මයෙ කල්පනාව...හෙහ්, හෙහ්,
" අර්ධ ශතකයක මතක සටහන් - Memoirs of the Seventies, Eighties and Nineties "
අපොයි.... අරූ ගේ කතාව අතුරු කතාවක් වෙලා, මෙයාගේ කතාවේ පුංචි කොටසක කොන.....කට වෙන්න ප්‍රධාන කතාව හොයා ගන්න වෙයි එහෙනං !!
Deleteඅඩේ අපිනම් ගෝතමාල කියන්නෙ තේ ඉඩම්වල වවන තනකොල ජාතියකට....උක්ගහ වගේ උසයි.
ReplyDeleteඅපිනම් ගෝතමාල කියන්නේ රටකට..:D
Deleteඅපි ගෝතමාල කිව්වේ බීලා වනවෙන ගෝතකර්ම බුවාලාට.
Deleteනිර්නාමික,
Deleteතේ වතුවල ගෝතමාලා වවන්නෙ කල් ඉකුත් වෙච්ච තේ පඳුරු උගුල්ලල ආපහු නැවත වගාව කරන අතර වාරයෙ.එගෙම කරන්නෙ ප්‍රයෝජන කීපයක් බලාපොරොත්තුවෙන්. ගෝතමාලාවල මුල් පද්ධතිය නිසා පාංශු ඛාදනය වැලැක්වෙනව. තෙතමනය රැඳිල තියනව. තේ වගාව නිසා පසෙන් ඉවත්වූ කාබනික ද්‍රව්‍ය නැවත පසට ලැබෙනව.
තේ වතුවල හෙවණට හිටවනව සබුක්කු කියල ගස් ජාතියක් දන්නවද? ඔය සබුක්කු ලීය හයියයි. ඒ වගේම තෙපුල්දෙනව ( Flexible ) අස්සයො පිටේ යද්දි අස්සයට පහර දෙන්ට පාවිච්චි කරන සබුක්කුව හදන්නෙ ඔය සබුක්කු ලීයෙන් කියලයි මම අහල තියෙන්නෙ.
සුද්දො ඒ කාලෙ අස්සය පිටේ යන ගමං මිනිස්සුංට ගහන්නත් ඔය සබුක්කුව පාවිච්චි කලාලු. සබ්බුව හම්බවෙයි කියන්නෙත් ඒ තේරුමෙන් මම හිතන්නෙ. ජයන්ත චන්ද්‍රසිරිගෙ අත් නාට්‍යයෙ තියනව මෙහෙම සිංදුවක්.." නුඹේ සබුක්කුවෙ පහර කකා, නුඹේ සපත්තුව වැළඳ බදා, ගතකල ඒ කල සිහිවන විට මට, ඉන්නට නොහැකිය ඉවසා දරා..උතුමාණනි. මම ඔබේ සුවච කීකරු බලු කුක්කා පෙඩ්රෝ..." ඕක කියන්නෙ අර සට්ටඹිය...පනාපුත්‍ර...හෙහ්,හෙහ්,
බලපන් රවී....මම මේ කමෙන්ට් එක බලන ගමන් හිතුවේ මේ වැල පුකා නේද මේක වේදිකාවෙදි කිව්වේ කියලා. කියවන් යන කොට උඹ හාදයා ගැන ලියලා. මේ බලපන් වැල පුකා ගැන මම ලියපු එකක්. මම අත් කිහිප වතාවක් බැලුවා ජෝන් ඩි සිල්වා එකේ කෙහෙල් කොටුවට වෙලා ..ටිකට් ගන්න සල්ලි නැතුව. ඒවා පස්සට. පස්සට සබුක්කුවෙන් ගහනවා එහෙම නෙමෙයි හොඳෙ.
Deleteජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල
අරූ,
Deleteඅනෙ අම්මාපල්ල බං මට ඔය මිනිහ මතක් වෙනකොටත් මාළු නටනව. අපි දේවත්වයෙන් අදහපු කලාකාරයො මේ වගෙ පීචං වෙන්නෙ කොහොමද කියල හිතෙනකොටත් මගෙ හිතට එන්නෙ පුදුම කණගාටුවක්.
මචං මම බලපු හොඳම නාට්‍යයක් මරා-සාද්.." ද සාද් ඈපාණන්ගේ අධ්‍යක්ෂණයෙන් චැරිංටන් සායනයේ නේවාසිකයින් විසින් යොන් පෝල් මරාගේ වඳ විඳීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු " අන්න මචං ඒ නාට්‍යයෙ සම්පූර්ණ නම. ඒකෙ යොන් පෝල් මරාගෙ චරිතය කලා ඔය යකා කියල වැඩක් නෑ. ඒ වගෙ දක්ෂයෙක් ඇයි මේ වගෙ තුප්පහි වැඩ කරන්නෙ කියන ප්‍රශ්නෙට මා ගාව උත්තර නෑ අරූ..හිත සනහාගන්ට එකම දෙයයි තියෙන්නෙ. අවුරුදු දෙදාස් පන්සීයකට ඉස්සර ගෞතම බුද්ධ කියල මහා පුරුෂයෙක් කිව්ව මිනිස් ස්වභාවය වටහා ගැනීම ඉතා දුෂ්කරය කියල. අන්න එච්චරයි මට හේතුවකට හිතා ගන්ට පුලුවන්,
පලි - ස්තූතියි ලින්ක් එකට. මම කලින් උඹේ ඔය පෝස්ට් එක කියවල තිබුණෙ නෑ.
අරු සහ රවී
Deleteසල්ලී මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවද
මං ඉස්කෝලේ යන කොල්ලා දවසක් මම හොරාට බොන්ඩ ගෝල්ලිප් එකක් අරගන අනිත් පැත්ත හැරෙනකොට ඔය මනුස්සයා අල්ල උඩ තියාගන සතවිසිපහේ එව්වායෙන් .තුනයි හැත්තපහක් හදනවා , ගොල්ලිෆ් එකට .
අප්පේ ඒ කාලේනං හරිම නිහතමානි බුවා , ඇට පේන තරං දුහුල් ඉරිච්ච සරමක් ඇදගෙන ,සර්ට් එකකුත් නැතුව පාර අයිනට වෙලා පාරේ යන උන් එක්ක කතා කරකර හිනාවෙවි සිකරට් ගහපු එකාට වෙච්ච දෙයක් ,
තිස් හතලිස් දාහක් වටින කුර්තාවක් ඇදගන ටිවි එකේ ඉදගන අපේ රෙන්ඩ බරටත් කෙලින ජැකාට වඩා , හඩු සරමක් ඇදගන රෙන්ඩ යන්ඩ ගොල්ලිප් එකක් ගන්ඩ , කබ කඩකඩා කඩේ ගිය ජැකා කොච්චර වටිනවද
සල්ලි හම්බ වෙනකොට, ලොකු ලොකු එවුවො ආස්සරේ කරන්න හම්බවෙනකොට තමංගෙ මුල අමතක වෙනව බොහොම දෙනෙකුට. එහෙම නොවිච්ච කෙනෙකුට මට මතක තියෙන්නෙ ජෝතිපාල විතරයි.
Deleteඅටම්& ත්‍රෛභාෂා........සල්ලි අපිට විහිළු කරයි.....
Deleteජෝතිලා...කපුගේලා එක්තරා ආකරයක මනුෂ්‍යත්වයේ සංඛේත...
රාජ්‍ය නාට්‍ය උළෙලේ මම හිතන්නෙ 85 හෝ 86 වෙන්න ඇති,ලයනල් වෙන්ඩ්ට් එකේ මරාසාද් පෙන්නද්දි අපි බලන්න යනකොට හෝල් එක අයිනෙ ගැට්ටක ඉඳගෙන සිගරැට් එකක් බිබී හිනාවෙවී එතනින් යන අයත් එක්ක කතා කර කර හිටපු එකා බං,ඒ දක්ෂකම් කොහෙ ගිහින්ද නෑ අද.
DeleteWHEN MONEY TALKS, IDEOLOGY WALKS.
Deleteඅටම්,
Delete/ සල්ලී මිනිස්සුන්ව කොච්චර වෙනස් කරනවද /
Praසන්ன,
/ සල්ලි හම්බ වෙනකොට, ලොකු ලොකු එවුවො ආස්සරේ කරන්න හම්බවෙනකොට තමංගෙ මුල අමතක වෙනව බොහොම දෙනෙකුට. /
හැලප, හෙන්රි සහ අරූ,
ඔතන තමන්ට කීයක් හරි හම්බ කරගන්නවට එක අතකට සමාවක් දුන්නැහැකි. ඒක හරියි කියනව නෙවෙයි. ඒත් අපි හැමෝම යම යම් තෘෂ්ණාවන් ආශාවන් තියන පෘථග්ජන මිනිස්සුනෙ. ඔය ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්න කලාරිටවල් ඔක්කොම කරන්නෙ ඒක. ඒක පැත්තක තියමුකො.
ඒත් මේ කෝණංගියා පක්කලිකං කිරීම නව මානයකට අරගෙන ගියා. සට්ටඹිකම් කිරීමේ ඉම්පෙත් පුළුල් කලා කවදාවත් නොවිච්චි විදිහට. තමන්ගෙ සහජ දක්ෂතාවයෙන් උපයාගත්තු සමාජ පිළිගැනීම, සිවිල් බලය කිසිම හිරිකිතයක් විළි ලැජ්ජාවක් නැතුව සල්ලි වෙනුවෙන් ගණිකා වෘත්තියෙ යෙදෙව්වෙ ඒ වෘත්තියෙ යෙදිල දරු පවුල් රස්සා කරන කාන්තාවන්ටත් අගෞරව වෙන විදිහට. මේ රටේ ජැක්සන් ඇන්තනි නම් කලාකරුවාට බොහෝ සේ ආදරය කරපු රසිකයින්ට ජැක්සන් ඇන්තනි නම් සට්ටඹියා ඇරියෙ කට කොණකිං හිනා වෙවී.
//නුඹේ සබුක්කුවෙ පහර කකා, නුඹේ සපත්තුව වැළඳ බදා, //
Deleteඅයියේ මේක තියෙන්නේ ජයන්ත චන්ද්‍රසිරිගෙ "අත්" එකේ නෙමෙයි, "මෙතනින් මාරු වෙනු" වේදිකා නාට්‍යයේ.
තිසර,
Deleteඅඩේ..එහෙමද බං? මට මතකම තිව්වෙ " අත් " එකේ කියල. ඒත් උඹට ෂුවර් නම් හරි ඇති. බොලා අපි තරං කුණු කන්දල් ඔලුවෙ පුරවගෙන නැතිනිසා ඔලුව පිරිසිදුයි..හෙහ්,හෙහ්, එබැවින් ඔබ කියන්න පිළිගනිමි.
අනික මම " මෙතනින් මාරුවෙනු " නාට්‍යයත් බැලුවා. ඒ නිසා පැටලෙන්න ඇති. මෙතනින් මාරුවෙනු ඊ.එම්.ඩී. උපාලිගෙ නාට්‍යයක් නේද? 80 දශකයෙ නිෂ්පාදනය උනා අපූරු නාට්‍ය ගණනාවක්. පුන්තිලා, සිහින සාප්පුව, වැනීසියේ වෙළෙන්දා, දැතිකියත....සෙක්කුව සහ දෙව්ලොව යනකල් නම් ඊට කලින් වෙන්න ඕන...
@ තිසර......උඹ මේ බ්ලොග් ලෝකය තුල කරන වැඩ කොටස මම අගය කරනවා. නිවැරදි කිරීම් සහ කරුණු එකතු කිරීම් හරිම වටිනවා. පස් හය පාරක් බලපු නාට්ටියක දෙබසක් මතක නැති අපේ මතකය නැවත නිවැරදි කිරීමට ස්තූතියි.
Deleteමෙතැනින් මාරුවෙනි ජැක්සන්ගේ පළවෙනි ප්‍රසිද්ධ නාට්‍යයද කොහෙද....උපාලි "ඉඩමේදි විකිනේ" කියලා මෑත කාලයේදි වේදිකා නාට්‍යයක් කෙරූ බව දැක්කා. මෙම කතාවම රංජිත් ධර්මකීර්ති නම් නිර්ව්‍යාජ ප්‍රවීණ කලාකරුවා චෙරි උයන නමින් 80 යුගයේ නිර්මාණය කරා. මෝදර මෝල, අන්ගාරා ගඟ ධර්මකීර්තියන්ගේ තවත් මතක නාට්‍ය කිහිපයක්. මොහුගේ නිර්මාණවලට ප්‍රධාන චරිතයන්ගෙන් දායකවුනු අති දක්ෂ රංගධරයෙක් හිටියා...රන්ජිත් යායින්න කියලා. ඔවුන් කොහේ සිටිනවාදැයි දන්නේ නැහැ. මේ නාට්ටි රිහසල් කරන කාලේ මම ගිහින් බලන් ඉන්නවා.
අනේ මං දා ඉතිං, ඔයාලා කියන්නේ ජැක්සන් ඇන්තනීත් ඔය ගොඩක් නළු නිලියන් වගේ රඟපාලා හම්බ වෙන සොච්චමෙන් එදා වේල ජිවත් වෙලා, වයසට ගියාට පස්සේ ලෙඩ වුනහම ෆේස් බුක් එකේ අපි ලව්වා විස්තර ශෙයාර් කරවලා සල්ලි හොයා ගන්න කියලද? පහුගිය ටිකේ මර්සි එදිරිසිංහ, සුනිල් හෙට්ටිආරච්චි, බර්ටි ගුණතිලක ආදී වයස්ගත නළු නිලියන්ගේ දුක ගැන විස්තර ෆේස් බුක් එකේ කොච්චර එහා මෙහා වුනාද? ඔයාලා ගැන නං මං දන්නේ නැහැ. මගෙන් නම් වුනේ ඒ පිංතූර ශෙයාර් කිරීම විතරයි. එක සත පහක් දෙන්න වුනේ නැහැ මට. පහුගිය දාක අබා චිත්‍රපටය (මට මතක විදිහට නිදහස් දවසේ) විකාශය වුනා. මට අපරාදේ කියලා හිතුනා ඒක ෆිල්ම් හෝල් එකක නොබලපු එක ගැන. ඒ තරම් හිතට වැදුනු චිත්‍රපටයක්. මෑත කාලයේ පාට පාට රෙදි එල්ලලා, අහිකුණ්ඪක ටයිප් එකෙන් කරපු විජය කුවේණි (හොඳ වෙලාවට ඒක හෝල් එකේ බැලුවේ නැහැ), සීනි බෝල කාටුන් එකක් වගේ කරපු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම (ඒක නං බැලුවා හෝල් එකේ, මතක් වෙද්දිත් පිස්සු වගේ) වගේම දැන් තියෙන දළදාගමනය (අධ්‍යක්ෂ එදා ඉඳන් හරි හමන් නාට්‍යයක්වත් නොකරපු කෙනෙක් කියලා දන්න නිසා බලන්න හිතුවේ වත් නැහැ) එක්ක බැලුවහම අබා කියන්නේ බලන්න වටින චිත්‍රපටයක්-මගේ දැක්මේ හැටියට.
Deleteඔයාලා ජැක්සන්ට බැනලා වැඩක් නැහැ. ඒ මිනිස්සු පුළුවන් තරම් කල් හැකි උපරිමය මේ රටේ කලාවට කලා. ඒත් ඒ කලාව රසවිඳපු අයගෙන්වත්, කලාවෙන්වත් එයාලාට ලැබුනු දෙයක් නැති තරම්. ඔයාලා හිතුවට ඒ අගනා පුරුෂාර්ථ රැකගෙන මේ මිනිස්සු ජිවත් වෙන්න ඕනෑ කියලා, අපිට බැහැ එයාලාට ඒ තැන රැඳිලා ඉන්න උදව් කරන්න. මේවා මෙයාලාගේ වැරදි නෙමෙයි. ඇත්තටම කණගාටුයි ඒ වගේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ගේ හැකියාවන් හරි ආකාරව කලාවට ලබාගන්න ඇති නොහැකියාව ගැන.
//තේ වතුවල ගෝතමාලා වවන්නෙ කල් ඉකුත් වෙච්ච තේ පඳුරු උගුල්ලල ආපහු නැවත වගාව කරන අතර වාරයෙ.එගෙම කරන්නෙ ප්‍රයෝජන කීපයක් බලාපොරොත්තුවෙන්. ගෝතමාලාවල මුල් පද්ධතිය නිසා පාංශු ඛාදනය වැලැක්වෙනව. තෙතමනය රැඳිල තියනව. තේ වගාව නිසා පසෙන් ඉවත්වූ කාබනික ද්‍රව්‍ය නැවත පසට ලැබෙනව.//
Deleteසම්පූර්න ඇත්ත....හැබැයි ඉතින් ඔය කවුරුත් නොදන්න පොරෝජනේකුත් තියේ.....ඒ තමා කැලේ ඉන්න ගෝන්නුන්ට හොඳ ඩිනර් එකක් ලැබෙන එක !!! අපොයි මතක් වෙනකොටත් හිත කීං ගානව...දාස්ගානක් වියදං කොරල වවාපු ගෝතමාල ටික එක රෑට ගෝන ගසල ඇරිය...ඒ මදිවට එව්ව වවාගන්ට බැරි උනාය කියල තේ මහත්තය මගෙ සහනාදාරෙටත් කෙලිය ! ඕන් අපිට වෙන වැඩ...
//සුද්දො ඒ කාලෙ අස්සය පිටේ යන ගමං මිනිස්සුංට ගහන්නත් ඔය සබුක්කුව පාවිච්චි කලාලු. සබ්බුව හම්බවෙයි කියන්නෙත් ඒ තේරුමෙන් මම හිතන්නෙ. //
අප්පටසිරි මම එහෙම සීන් එකක් දෑනගෙන හිටියෙ නෑනෙ !
+++ RanDil
Deleteරන්දිල්,
Deleteවැඩේ පටල ගන්න එපා නෝනා, කලාකාරයො විතරක් නෙවෙයි ඕනම මනුස්සයෙක්, පිරිමි ගැහැණු දෙගොල්ලම, තමන්ගෙ හැකියාව නැත්නම් දක්ෂතාව ප්‍රයෝජනයට අරගෙන ජීවනෝපාය සලසගන්න ඕන. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට පවතින දේශපාලන තත්වය අනුව ඒ ඒ රාජ්‍ය පාලකයින්ට හේත්තුවෙලා කීයක් හරි හම්බ කරගත්තට ඒ හැටි අවුලකුත් නෑ. එහෙම නොකරනවනම්, තමන්ගෙ ස්වාධීනත්වර රැකගෙන ස්වාධීනත්වය ආරක්ෂා කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්නවනම් බොහොම හොඳයි. ඒත් එහෙම බැරිනම් ඒත් කමක් නෑ. මම මෙහෙම කිව්වෙ ඒ නිසයි.
/ ඔතන තමන්ට කීයක් හරි හම්බ කරගන්නවට එක අතකට සමාවක් දුන්නැහැකි. ඒක හරියි කියනව නෙවෙයි. ඒත් අපි හැමෝම යම යම් තෘෂ්ණාවන් ආශාවන් තියන පෘථග්ජන මිනිස්සුනෙ. ඔය ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්න කලාරිටවල් ඔක්කොම කරන්නෙ ඒක. ඒක පැත්තක තියමුකො. /
ඒත් මේ සට්ටඹියා කරන්නෙ එහෙම නෙවෙයිනෙ..රටේ ඉන්න තරමක් ඉන්නෙ ඒ යකා වගේම වන්දිබට්ටයො කියල හිතාගෙන අල්ලෙ පැලවෙන ගජ බින්න දෙසා බානවනෙ ඇස් දෙකත් ලොකු කරගෙන රැවුලත් පුම්බගෙන. අම්මාපල්ල මට නේද?
අර රනවිරු රියල් ඉස්ටාර් එකේ විනිස්ච මන්ඩලේට ඇවිල්ල කියන එව්ව...අම්මාපල්ල I am ready to climb a wall when watching that guy selling his soul shamelessly.... ඒකයි මම කියන්නෙ මැඩම්..මස් කෑවට බෙල්ලෙ එල්ලගෙන කන්ට ඕන නෑ කියනවනෙ. මේක එහෙමද? මස් නෙවෙයි අසූචි…. කනව මදිවට අපිටත් කවන්ට හදනව.
/ ඔයාලා ජැක්සන්ට බැනලා වැඩක් නැහැ. ඒ මිනිස්සු පුළුවන් තරම් කල් හැකි උපරිමය මේ රටේ කලාවට කලා. ඒත් ඒ කලාව රසවිඳපු අයගෙන්වත්, කලාවෙන්වත් එයාලාට ලැබුනු දෙයක් නැති තරම්. /
මොන පිස්සුද අනේ? ඔය නාට්‍ය එතකොට චිත්‍රපට එතකොට ටෙලි නාට්‍ය ඔව්ව ඔය මිනිස්සු රඟ පාන්නෙ එතකොට මලගිය ඥාතීන්ට පිං පිණිස..හෙහ්, හෙහ්, නාට්‍යයක් බලන්ට යන්ට ඕන ටිකට් එකක ගාන කීයද කියල බලන්ට.අනික් අතට ඔච්චර නිසග කුසලතාවක් තිබිලත් ඒකෙං තමන්ට සහ තමන්ගෙ සුතනඹුවන්ට හොඳින් ජීවත් වෙන්ට අවශ්‍ය මිල මුදල් හොයාගන්ට බෑ කියන්නෙ අනේ මන්ද එතන තියනව මොකක් හරි වරදක්...අනික් අතර අවංකව එහෙම කලාවෙන් ජීවත් වෙන්ට බැරිනම් වෙන මොකක් හරි ජීවනෝපායක් සලසාගන්ට තමන් දැනගන්ට ඕන. ඔය කාටවත් අපි කිව්වෙ නෑනෙ අනේ උඹ අපි වෙනුවෙන්, අපේ රස වින්දනය උදෙසා දිගටම රඟපාපං නැත්තං සිංදු කියපං නැත්තං වයලිං ගහපං කියල. තමන් කරන්නෙ මොනවද කියල තෝරා ගන්නෙ තමං. ඊලඟට ඒ එක්කම එනව ඔය ඔයා කියපු අසරණ තත්වයට පත්වුනයි කියන නළු නිලියන් ගැන. ඒකත් එහෙම තමයි. පුලුවන් කාලෙ තමන්ගෙ විමුක්තිය සලසාගන්ට තමන් දැනගන්ට ඕන. දැන් කියන්ට එපා අර සට්ටඹිය කරන්නෙ ඒක තමයි කියල. තමන්ගෙ විමුක්තිය සලසාගන්ට උනත් තියනව ක්‍රමයක් සහ විධියක්. තිරිත්තමක් ඇතුවයි ඒක කරන්ට ඕන... මේක එහෙමද?
/ ඇත්තටම කණගාටුයි ඒ වගේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම, දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ගේ හැකියාවන් හරි ආකාරව කලාවට ලබාගන්න ඇති නොහැකියාව ගැන. /
අම්මාපල් ඒකනම් ඇත්තම ඇත්ත, රංගන ශිල්පයට, ගීත ගායනයට ඒ වගේම චිත්‍ර ශිල්පයට ( ඔය සට්ටඹි තුමා අවුරුදු බරගනනකට ඉස්සර සිත්තර පත්තරේට චිත්‍ර කතාවක් ඇන්දද කොහෙද කියල මට යන්තම් මතකයි වගෙ ) එතුමාගේ නිසග කුසලතාවයට අමතරව වන්දිභට්ට කලාවට සහ සට්ටඹි ශිල්පයට තියෙන්නෙත් අනූපම පරිචයක්. ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත , කියන කතාව සම්පූර්ණයෙන්ම බොරුකල කෙනෙක් තමයි මේ අතිගරු වන්දිබට්ට තුමා...
නිර්නාමික,
Delete/ ඒ මදිවට එව්ව වවාගන්ට බැරි උනාය කියල තේ මහත්තය මගෙ සහනාදාරෙටත් කෙලිය ! ඕන් අපිට වෙන වැඩ… /
අපොයි එහෙමත් උනාද? මදු ගහන්ට මෙයා මදු ගහන්ට ගෝන්නුන්ට......ගෝනෙක් ඇති කිලෝ දෙසීයක් වගෙ අඩුම තරමෙ. මස් කිලෝ එක දුන්නැකි අවම රුපියල් දෙසීයකට වගෙ. ඊටත් වැඩියි මම හිතන්නෙ. බයිට් එකට එහෙම මරු. අනික ඔය ගෝනට ලෙවකාගන්ට බැරි හරිය තියනවනෙ ...පිටි උරේ පැත්ත, ඉංග්‍රීසියෙන් නම් Flour Sack ... ඒ හරියෙ මස් මාර ගණං ...ඇදුමට හොඳයි කියනව ...
@රන්දිල්....ඇත්තටම ළමයෝ ඔය ජැක්සන් උත්තමයා ගැන මමත් මොකක් හරි ලියන්න හැදුවේ ඔයාගේ කමෙන්ට් එක දැකලා. රවී නිවැරදිවම ලියලා තියෙන නිසා ආපහු ලියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ.
Delete//මදු ගහන්ට මෙයා මදු ගහන්ට ගෝන්නුන්ට......ගෝනෙක් ඇති කිලෝ දෙසීයක් වගෙ අඩුම තරමෙ. මස් කිලෝ එක දුන්නැකි අවම රුපියල් දෙසීයකට වගෙ//
Deleteඒත් ඉතින් අපේ හාමිනේ එක්ක ඔව්ව බෑ නොවැ...උන්දැ සත්ව හිංසනේට තදින්ම විරුද්දයි...මං හිතාඉන්නෙ ගෝන එන මංකඩේ ලොකු බෝඩ් එකක් ගහන්න 'ගෝන මස් විකිනීමට තිබේ' කියල. ඕක දැක්කමවත් නෑවිත් ඉඳීද බලමු..
Ano,
Deleteහප්පච්චියේ...අවිහිංසාවාදිනියක්ද එතුමියත්?..එහෙනං කෙලියා..එහෙනං කෙලියා…
අපෙ උන්දෙගෙ අර ඇන්තූරියම් වගාවක් තියනවනෙ. කාලයක් ඕකට ආව වල් ඌර් බිං හාර්....අප්පට සිරි හොඳ සයිස් නාම්බො..දුවන පුහුල් කියලනෙ කියන්නෙ...හෙහ්,හෙහ්, මගෙ හිතවත් ඉන්නව දක්ස මදු කාරයෙක්. බයින්ඩිං වයර් ( කොන්ක්‍රීට් දානකොට යකඩ කම්බි බඳින්ට ගන්නෙ..අන්න එව්ව ) හත අටක් එක අඹරෝල හදනව මද්දක් ආය නෑ ඌර්ස් නෙවෙයි අලියෙක් උනත් නෑ සමාවක්.. ඌට බාගයයි මට බාගයයි පොරොන්දු කරවගෙන ඔන්න දවසක් රෑ එක්ක ආපි.
ඉතිං මදු ගැහැව්වද? ගැහැව්ව මදු නෙවෙයි...අපෙ උන්දැ උඩ පැන්න ඒක කරන්ට දෙන්ට බෑ කියල. ඒ පාර අර මගෙ හිතවත් මදුරත්නත් මා එක්ක අමනාප වෙලයි යන්ට ගියේ. ඒ මිනිහව පපන්නගත්තනෙව. ඊට පස්සෙ මට කියනව ඌරො එලවන්ටලු ඇහැරල ඉඳල. රචින්න පෙට්ටියකුත් තියාගෙන මම දවස් දෙකක් හිටිය එලි වෙනකල්. මේක කොරතැහැක? කීයක් ගියත් කමක් නෑ කියල පහුවදාම බාසෙක් අල්ලගෙන ඇවිල්ල පිටිපස්සා පැත්ත දිගටම තාප්පයක් බඳින්ට කොන්ත්‍රාත් එකක් දුන්න. සෑහෙන ගානකට මට කෙල උනා ඒ අවිහිංසාව හින්ද...
අම්මපල්ල මේ ඌරො ඇන්තූරියං ගස් පෙරලල අහවල් දෙයක් කනවද කියල දෙයියො තමයි දන්නෙ...
//හප්පච්චියේ...අවිහිංසාවාදිනියක්ද එතුමියත්?..එහෙනං කෙලියා..එහෙනං කෙලියා…///
Deleteමොකට කියනවද...මට කියනව ඔය ගෝන ඉන්න තැනක් හරියටම හොයාගෙන දවසගානෙ ඌ කන්න කැමති ජාතියෙ කොල අතු ගිහින් දාන්නලු. එතකොට ඌ වගාවට පනින එකක් නෑලු.....මක්කොරන්නද ඉතින් ගෑනු මොලේ නොවෑ....
@රවී,
Deleteඔහේ වැඩ කොලේ ඤ ලියාගන්න බැරි වෙච්ච කොම්පඤ්ඤ වීදියේ සාජන්ට් එකක්ද?
නිර්නාමික,
Delete/ මට කියනව ඔය ගෝන ඉන්න තැනක් හරියටම හොයාගෙන දවසගානෙ ඌ කන්න කැමති ජාතියෙ කොල අතු ගිහින් දාන්නලු. එතකොට ඌ වගාවට පනින එකක් නෑලු…/
හෙහ්,හෙහ්, බාරියා තොමෝගෙ අයිඩියානන්ද එකත් නරකම නෑ. ඒකට මෙහෙම කරපං...කොහොමද?...
ගෝනා ඉන්න තැනක් හොයාගන්ට එපාය ඉස්සරවෙලාම. මස් කන මිනිස්සුන්ගෙ ඉව දැනුනම සත්තු කලබොල වෙනව. අනුරාදපුරේ 1978 අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම වප් මඟුල තියන වෙලාවෙත් මී හරක් කලබල වෙලා ජේ.ආර්.වත් ඇදගෙන දිව්වනෙ. ඒ මුස්ලිම් මුදලාලි කෙනෙකුත් කුඹුරට බැහැල හාන්ට හදපු හින්ද කියලයි කතාව ගියේ...
හරි ඒ ගැන සම්පූර්න විස්තරේ වෙන දවසක කියන්නං..හරි.... බාරියා තොමෝට කියාපං " මේ මට ගෝනට කිට්ටු වෙන්ට බෑ. ඌ කලබල වෙනව. මම කියන්ටද? ඔයා ඔය අර පරන හම්පඩ ඩෙනිමත් ගහගෙන හෙමීට ගිහිල්ල ඌට කිට්ටු කරල එක පාරටම පිටට නගින්ට. "
අර පරන ගෙවල්වල බිත්තියෙ ගහල තියන ගෝන අං තට්ටුවක් හොයාගන්ට තියනවනං මල් හතයි. ඒකත් හිසේ පැලඳගෙන දුඹුරු පාට බූල් බහුල බුලංකේට්ටුවකුත් පොරෝගෙන ගිහිල්ල එක පාරටම පනින්ටයි තියෙන්නෙ ගෝනයෙ පිටට. ඒ කරල හොඳට අල්ලගන්නව අං තට්ටුව. ආය වැටෙන්නෙ එහෙම නැඇ.
ඊට පස්සෙ ඒකා යයිනෙ උගෙ වාසස්තානයට. එතන ඉඳල කෝල් එකක් දෙනව උඹට " අනේ මෙහෙමයි මම අහවල් තැන ඉන්නෙ වහාම එන්ට " කියල. අන්න ඊට පස්සෙ බැරිය ගෝනා තුමා කැමති කොළ අතු ගිහිං දාන්ට ගරු කටයුතු ගෝනා මහතාගෙන් අහල කියල දැනගෙනම..
/ මක්කොරන්නද ඉතින් ගෑනු මොලේ නොවෑ.... /
හා..හා. එහෙම කියන්ට නාකයි..ඕකට කියන්නෙ " මංජුසාවෙං පරිබාහිර චින්තනය " කියලයි. එකම අවුල එයාල හිතන්නෙ මංජුසාව ඔලුවෙ දාගෙන..එච්චරයි ප්‍රස්නෙකට තියෙන්නෙ….
රූ,
Delete/ ඔහේ වැඩ කොලේ ඤ ලියාගන්න බැරි වෙච්ච කොම්පඤ්ඤ වීදියේ සාජන්ට් එකක්ද? /
ආන්න බලාපං ඒකෙත් හැටි කියන්නෙ..ඊළඟ කතාවට මම ඔය සාජන්ගෙ ඉස්ටෝරි එකත් ලියන්ටයි හිතාන උන්නෙ..බලාපං උඹ කරපු දේ...:(
අඩේ අප්පා...ඔය තියෙන්නෙ ඉටිකිරිස් ideas...අම්මප අය්යෙ උඹෙං උපදෙස් අරං වගා කොලානං මාත් මේ වෙද්දි ගොයි රජෙක් වෙලා බං...මම හිතා උන්නෙ ගිරාමසේවක රාලාමි හම්බෙලා චන්ද ලයිස්තුව චෙක් කොරන්න..ඒකෙ ඔය කොයි එකාගෙත් ඉස්තිර ලිපිනෙ තියෙනවනෙ....ගෝනගෙත් ඈති ! නෑත්තන් තෑපෑල් මහත්තය දෑනගන්ට ඕනෙ...
Deleteරවියයියේ කතා 250 ලියලා එහෙනම් එකට සුබ පැතුම් ඈ මුලින්ම.
ReplyDeleteඅර ලස්සන ගම ගැන නම් අහනකොට ආසයි.එක රැයක් ඒ වගේ ගමක ඉන්න ඇතිනම් පුර හද පායපු රෑක.
Manoj,
Deleteබොහොම ස්තූතියි මනෝජ්,
/ අර ලස්සන ගම ගැන නම් අහනකොට ආසයි.එක රැයක් ඒ වගේ ගමක ඉන්න ඇතිනම් පුර හද පායපු රෑක. /
යමං බං වෙලාවක. මාර ලස්සනයි තමයි, හැබැයි පදිංචියට යනවනං පැංසොං අරං තමයි යන්නෝන. ගමනාගමනය බොහොම දුස්කරයි. හැබැයි ඒ නිස්කලංකබාවයට ඒ ගමනාගමන දුස්කරත්වයත් ප්‍රබල හේතුවක්...:)
මේ කථා ටික පටන් ගත්තත් හරි අදද කොහෙද ගුරුවරි ගැන සම්පුර්ණයෙන් ලිව්වේ ..ආසාවේ බෑ සඳා අක්කගේ ගම් පළාත ගැන විස්තරේට නම් ..බොලේ ලේසි නෑ මාත් එහෙනම් රවී අය්යාගේ පෝස්ට් 250ක්ම කියවලා ..හදවතින්ම සුභ පතනවා මේ වගේ ලස්සන පෝස්ට්
ReplyDelete1000ත් පහුකරන්න
Mekuwi,
Deleteඅහ්හ්..මෙකුවි..මෙකුවි..මෙකුවි..මගේ යාවජීව රසිකාවිය!!!
ආදර නිල් දෑසේ පලවෙනි කොටසට උඹ දැම්ම කමෙන්ට් එක මතකද? රන් රෝස පොත ගැන ඔයා ඇහැව්වෙ....
/ wenada wagema godak lassana kathawaka arambayak..
ane ravi aiye man langa podi kale ranrosa kiyala novel ekak thibuna, ekath russian translation ekak. habai nirmanakaranaya gana nam nemei mata mathaka widiyata, punchi gaanu lamyek wa eyage thaththa maraddi balaganna denawa eyage yatathe hitapu niladariyekta, ea manussaya ea lamaya loku wenakan aadaren balagannawa, hamadama ran kudu ekathu karala ran rosa malak hadanawa, harima lassana kathawak, eka mage athin ea kalema nathi una, eth dan mata eka aai hoyaganna hari asai
aiya ea potha gana dannawanam eke author kawda kiyala hoyala denawada../
ඒ මම ලියපු 79 වෙනි පෝස්ට් එක. දිනය 2012 ජනවාරි 4... ..අද 250 වෙනි පෝස්ට් එක. ස්තූතියි නංගි මෙතෙක් කල් මා එක්ක රැඳිල හිටියට.
//ඒ මම ලියපු 79 වෙනි පෝස්ට් එක. දිනය 2012 ජනවාරි 4... ..අද 250 වෙනි පෝස්ට් එක. ස්තූතියි නංගි මෙතෙක් කල් මා එක්ක රැඳිල හිටියට//
Deleteඒ ඉතින් මම ප්රෝෆ්ය්ල් එකක් හදාගෙන දාපු පලවෙනි කමෙන්ට් එකනේ. ඊට කලින් ඇනොත් කමෙන්ට් කලා . මන් මුලින්ම කියෙව්වේ , July 29, 2011 ලියපු ""30. මගේ කතාව - 1 - හන්තාන කඳුවැටියට ඇසළ සඳ පෑයූ රාත්රියක........."" මේ කථාව ..එට පස්සේ මුල ඒවත් කියෙව්වා. හැබය් අය්යේ මන් නම් තාම කැමති දඩයක්කාරයාගේ කතාවට කලින් ලියපුවට ..
රවියෝ......අද ගහෙන් බාපු ගමන් කටේ තියාගෙන ගහන සයිස් එකෙන් ලියලා තියෙන්නේ. එහා මෙහා වෙලා කල් මරලා වීදුරු හොයාගෙන මයියොක්කා තම්බගගෙන වැඩේට සෙට් වෙන්න වෙලාවක් තිබිලා නැහැ වගේ...ස්ට්‍රේට් ෆෝවර්ඩ්.
ReplyDeleteමචං...තල්දූව පැත්තේ ඇන්තූරියම් බිස්නස් එකට වැවුවා. මිනිස්සු ඇවිත් එකතු කරන්යනවා ඉස්සර. මම කල්පනා කරන්නේ ඇයි ඇන්තූරියම් මේ රටවල ජනප්‍රිය නැත්තේ කියලා. ඇන්තූරියම් පාත්තිවල හෙනට පත්තෑයෝ හිටියා. ඒ පොල්ලෙළි පොල්කොහු දාන නිසාද කොහෙද.
මයියොක්කාත් තල්දූවේ හරි ප්‍රසිද්ධයි. ඔය දහයියා දැම්මාම පොහොරකට වඩා පසුයි දහයියායි අතරින් අල බහින්න ලේසියි කියලයි මම හිතන්නේ. මචං අපි පොඩි එවුන් කාලේ දෙල්කඳ ජෝරිස්ලාගේ වත්තේ මහ විශාල දෙල් ගහක් තිබුනා. ඕකේ දෙල් කැඩුවාම අපි දෙල් ඔළු උඩ තියාගෙන...සාධු සාධු දෙල් පෙරහැර සාධු කිය කිය පෙරහැර යනවා. දෙල් කිරි කොන්ඩෙත් ඇලෙනවා.
චුට්ටි අයියා ගැන දුක හිතෙනවා..
උඹේ ටූපිප්පියට....පිප්පි පීප් පීප්!!!!
අරූ,
Delete/ මචං...තල්දූව පැත්තේ ඇන්තූරියම් බිස්නස් එකට වැවුවා /
ඔව් බං ටිකක් උනන්දු වෙනවනම් ඒ වගේම දැනුම තියනවනම් ඇන්තූරියම් වැවිල්ල මාර බිස්නස් එක.
ආපෝ..කොහෙද? අපෙ උන්දැට ඔහොම නිකමට මතක් කලත් ඇති.." මල් කැපුවම ගස් බාල වෙනව ." .ඔන්න එයයි කියන එක. එහෙම කියල යනව යන්ට ගස්සගෙන. හෙහ්,හෙහ්, කියන කියන ගණං දීල ඔය එක එක නානාප්පරකාර ජාතියෙ ඇන්තූරියං අරං දෙනව මදිවට මම තමයි උදේට ඇන්තූරියම් පෝච්චි හෙවනකට උස්සල ගෙනිහිං තියන්ට ඔන. හවසට සුපුරුදු වාසස්ථානයට ආපහු ගෙනත් තියන්ට ඕන...
/ ඔය දහයියා දැම්මාම පොහොරකට වඩා පසුයි දහයියායි අතරින් අල බහින්න ලේසියි කියලයි මම හිතන්නේ.. /
මයියොක්ක ගැන උඹ කියන එක හරි වෙන්ට පුළුවන්. මොකද දහයියා වල ඒ තරම් පොහොරක් තියෙන්න බෑ කියලයි මටත් හිතෙන්නෙ.
අද නං කාටවත් මොකුත් කියන්න බැරිවෙන්න ගුරුවරී ගැන ලියල තියෙනව.ගොමු තැලිලිත් නෑ.අනේ මන්ද රවී මොකද මේ .
ReplyDeleteහැලප,
Deleteඑව්ව එහෙම තමයි බං ජීවිතේ ...තුංහිතකිංවත් නොහිතාපුවනෙ මතක් වෙන්නෙ. :)
ඔක්කොටම කලියෙන් රවී අයියගේ 250ට සුභ පැතුම්.. හැමෝම කියන්නත් වගේ අද නම් ගුරුතූමි ගැන සෑහෙන්න ලියලානේ.. මට කලින් කොටස කියවන්නත් බැරි උනා..
ReplyDeleteදිනේෂ්,
Deleteස්තූතියි මල්ලි...:)
රවි මාමේ ලිවිල්ල නම් සුපිරියි ඈ..... මම දැං ටික දවසක ඉඳන් මේ පැත්තේ එන්නේ.. ගුරුවරීගෙ කතා ඔක්කොම කියෙව්වා.. තව පරණ හුටපට සේරමත් කියෙව්වා.. හිකිස්... ඔව්වා ඔක්කොම ඇත්තටම උණාද අම්මපා?
ReplyDeleteමේ ගුරුවරීගෙ කතන්දර වල ආදරේ උතුරනවා. මේ වගේ හැමදාම ඉන්ට ලැබේවා....!
මමත් මගේ ආදර බළල් හාමිගෙනුයි, ගෙදරිනුයි ඈත් වෙලා කැන්ගරු දේසේ පර්මනන්ට් හෙඩ් ඩැමේජ් එකක් කරගන්ට ඇවිත් ඉන්නේ.. මේ බ්ලොග් කතන්දර තමයි මගේ පාලුවට ඉන්නේ.. ඔන්න මගෙනුත් සුභ පැතුම්. තව තව මුතු කැට වගේ කතන්දර ලියවේවා..!
බළල් හාමිනේගේ සැමියා
Deleteබළල් රාලහාමී
රැවුල් මූණ පුම්බාගෙන මට
ආඩම්බර පාවී
පුලුං කොට්ට අත්දෙක තබලා
හොරෙන් හොරෙන් වටපිට බලලා
ඤාව් ඤාව් ගීතය ගයනා
බළල් හාමිනේ
බළල් හාමිනේගේ පැටියා
පුංචි බළල් හාමි
...
Henry,
Deleteපුලුං කොට්ට අත්දෙක තබලා
හොරෙන් හොරෙන් වටපිට බලලා
ගමන් බිමන් යාමට හපනා,
බළල් හාමිනේ
හෙමින් සැරේ මා දෙස බලලා,
ඥාව්, ඥාව් ගීතය ගයලා,
මගේ උකුල් තලයට පනිනා,
බළල් හාමිනේ
බළල් හාමිනේගේ සැමියා
බළල් රාලහාමී
රැවුල් මූණ පුම්බාගෙන මට
ආඩම්බර පාවී
බළල් හාමිනේගේ පැටියා
පුංචි බළල් හාමි
නූල් බෝලයක් පෙරලාගෙන,
සෙල්ලම් කරාවී
ශිරෝමි ප්‍රනාන්දු.....අපෙ ගෙදර තිබ්බ මචං අයිවා රෙකෝඩ් ප්ලේයර් එකක්. ස්පීකර් දෙක උඩින් වහල පොඩි ලොක් දෙකක් තියනව ඒක දාල සූට්කේස් එක වගෙ උස්සගෙන ගිහෑකි. හැන්ඩ්ල් එකකුත් තිබ්බ. එම්.එස්.ගෙ සහ ශිරෝමිගෙ රෙකෝඩ්ස් හත අටක්ම තිබ්බ.
මේ ශිරෝමිගෙ තවත් ගීත කීපයක්..
සකල බුජං කොට කළිසං තමයි අඳින්නේ…
කොන්ද නමාගෙන- හැරමිටි ගහගෙන
පොඩිකාලේ දඟකෙරුවාම - අඬමින් කරදර කෙරුවාම”.
බළල් හාමිනේ,
Delete/ ඔව්වා ඔක්කොම ඇත්තටම උණාද අම්මපා? /
ඔන්න ඉතිං බතල ගන්ට ආවනං බතල අරං යන්නෙ නැතුව ඉඩමෙ මායිං හොයන්ට ලෑස්ති වෙනව..අම්මාපල්ල ඔය වෙලාවට තමයි මට...අනික උඹ හිතුවද මම මෙව්ව හදල ලියනවයි කියල..ඔව්ව ඔක්කොම උනා තමයි. ඇත්තම කිව්වොත් මට වෙච්චි දේවල් වලිං බොහොම අංසු මාත්‍රයයි ඔය ලියල තියෙන්නෙ…
සිංහල වංශ කථාවෙන් අංශුමාත්‍රයක් පවසනු පිණිස, හුදී ජන පහන් සංවේගය උදෙසා කොග්ගල මලලගම මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ගම්පෙරළිය මෙතෙකින් නිමියේය.
/ මේ ගුරුවරීගෙ කතන්දර වල ආදරේ උතුරනවා. මේ වගේ හැමදාම ඉන්ට ලැබේවා....! /
ස්තූතියි, ස්තූතියි.බළල්...බොහොම ස්තූතියි !
/ මමත් මගේ ආදර බළල් හාමිගෙනුයි, ගෙදරිනුයි ඈත් වෙලා කැන්ගරු දේසේ පර්මනන්ට් හෙඩ් ඩැමේජ් එකක් කරගන්ට ඇවිත් ඉන්නේ /
Permenant head damage? What's that? ඒ කිව්වෙ අංගොඩිනුත් බැහැයි කියල ටිකට් කපල උඹව එලියට දාපු පාර Down under ගියාද?
හනේ මෙන්න සිංදුවකුත් කියල... තැංකූ දෙන්නටම..
Delete/ඔන්න ඉතිං බතල ගන්ට ආවනං බතල අරං යන්නෙ නැතුව ඉඩමෙ මායිං හොයන්ට ලෑස්ති වෙනව..අම්මාපල්ල ඔය වෙලාවට තමයි මට.../
තරහ අවසර හිරු දෙයියෝ, ආයි නං ඔය ඉඩං මායිං ගැන හොයන්ට එන්නෙ නැතෝ.. බතල ටික නං දිවියලෝක රහයි.. හී හී..
/Permenant head damage? What's that?/
ඕකට කෙටියෙං පී.එච්.ඩී කියල නෙව කියන්නේ.. හෙළ බසිං නං ආචාරිය උපාදිය.. අංගොඩිනුත් එලෙව්වා නේන්නං.. බළල් හාමි නං කියන්නේ ආය ඕකේ ඩැමේජ් කරන්ට දෙයක් නෑ කියලා..
හුටා. මේ කතා කරන්නේ පිඟන් හෝදන ඩිප්ලෝමා එක (PHD) ගැන රවී.
Deleteබළල් හාමිනේ,
Deleteඅම්මප එහෙමද? ඔය ඩෙෆිනිෂන් එක මම අහල තිබ්බෙ නෑනෙව..ඒකත් හොඳයි දැනගත්ත එක..
Post Homicidal Depression
Plumbing Hardware Dispatcher
Personal Handheld Device
Prepared for Happy Death
Probably headed for Divorce
Pretty Heavy Drinker
Philosophically Disturbed
Please Hire, Desperate
Physiologically Deficient
Parents have Doubts
Professional hugger of Dames
මම දන්නෙ ඔන්න ඕව්ව..ඔයිට අමතරව සිංහලෙන් තියනව බොහොම අනර්ග කිපයක්..මෙතන කියන්ට බෑ..අනේ ලැජ්ජයි වගෙ...හෙහ්,හෙහ්,
Patiently Hoping for a Degree එහෙමත් කියනවා.... බළල් හාමිනේ ඇවිත් තියෙන්නේ අපේ ගම් පළාතටනෙ....
Deleteතව එකක් අමතක උනා...
DeletePersonal Hygiene Deficiency....:) :)
රවි,
Deleteමගෙ අප්පච්චියේ... දැං නෙව තේරුනේ මේ පාරෙ බැහැල යන්නත් බැරි වෙන ජාතියේ උපාදියක් කියලා... ඕක කරනව කියල ආයි නං මහ සබා මැද කියන්නෙ නෑ නෑමයි...
තිසර,
ස්තුතියි. ඔබේ රඟහලටත් මම ගොඩවෙනවා ඉඳහිට..
බළල් හාමිනේ , නියම බ්ලොග් එකට ඇවිත් තියෙන්නේ . පර්මනන්ට් හෙඩ් ඩැමේජ් ඉක්මන් වෙයි
Deleteහනේ රවී..... මම හොය හොයා හිටපු සින්දුවක් ඕක!! ඉස්තුති කියන්නේ කියල වැඩක් නැහැ... එකම එක පාරක් මම ඔය සින්දුව අහම්බෙන් ඇහුවා.. එදා ඉදලා ඕකේ lyrics හොය හොයා හිටියේ...
DeleteBindi : හි හි හි..... නියම කතාව. මටත් හිතුනා හරියටම ඔය වගේම අදහසක්...
මේ ළමා ගීත සියල්ලම වගේ අපට ළමා කාලෙදි අහන්න ලැබුණා ස්වර්ණවාහිනියෙ ගිය හපන් පැදුර වැඩසටහනෙන්. හරිම ලස්සන වැඩසටහනක් ඒක.. ඒ කාලෙ වෙනකොට reality show උන්මාදය තිබුණේ නෑ මට මතක හැටියට.. මමත් ඒ කාලේ ඕකෙ සින්දු කියන්න හීන මැවුවා... :D :D
Deleteබින්දි සහ උපේක්ෂා, සහතික ඇත්ත.. :)
බළල් හාමිනේ,
Delete/ ගිය හපන් පැදුර වැඩසටහනෙන්. හරිම ලස්සන වැඩසටහනක් ඒක.. /
හ්ම්ම්ම්. ලස්සන තමයි...උඹ නොගිය එක හොඳයි.. එතන තියනවලු පං පැදුරක් එලල... ඕකට ගිය වෙලාවෙ ඉඳල ඒක හපන්ටලු තියෙන්නෙ...එච්චරලු ප්‍රෝග්‍රම් එක...:(
හපොයි ඒකත් එහෙමද? මං ඉතිං පුංචි එකී වෙච්චි.. ඕකෙ සින්දු අහනව ඇරෙන්න ඒ හැටි දෙයක් තේරෙන්නෑ ඒ කාලෙ.. හැබැයි අපේ අයියණ්ඩිත් ඕකට හරියට සවුත්තුව දානව.. මං ඕක බලනකොට මුන්දෑ කන් දෙක වහගෙන එතනින් යන්නෙ මාව අවුස්සන්න..
Delete@බළල්, රවී
Deleteමමත් ඔය හපන් පැදුර බැලුවා නෙව..ඒත් ලස්සන පාට පාට බෝරිච්චි අත් තිබිච්ච ගවුම් ඇඳපු පොඩිත්තියෝයි කොටු කොටු කමිස පාට පාට කලිසන් ඇඳපු පොඩ්ඩෝ ටිකයි පැදුරු හපපු පාටක් තිබුනේ නෑ..
අදනම් දුන්න නෙද ගුරුතුමිගැන ඇතිවෙන්න.මෙ එක නෙමෙයි මම මෙ කම්පනා කොලේ අතෙ වැලමිටෙන් පල්ලෙහා කොටස පෙන්නල ලොකු අලයක් සන්ඛෙතවත් කරන්න අත කොහොමට සයිස් ඇද්දමෙ චුටි දෙයියගෙ.
ReplyDeleteදමිත්,
Delete/ අතෙ වැලමිටෙන් පල්ලෙහා කොටස පෙන්නල ලොකු අලයක් සන්ඛෙතවත් කරන්න අත කොහොමට සයිස් ඇද්දමෙ චුටි දෙයියගෙ. /
අතේ වැලමිටෙං පල්ලෙහා පෙන්නල කිව්වෙ අලේ දිග ගැන බොල මහත නෙවෙයි :)
මුලින්ම 250 කඩඉම පසුකලාට සුබ පැතුම් !!
ReplyDeleteඅර කියල තියෙනව වගේ අදනං ගුරුවරීගෙ අල ගිය තැං මුල ගිය තැං ඔක්කොම ලියල තියෙන්නෙ. නියම පැත්තක තියෙන ගමකනෙ ගුරුවරී ඉඳල තියෙන්නෙ. හරිම රසවත් මතක සටහන් ටිකක් තියෙනව.
ඔය මල් වලට සාත්තු කර කර ඉඳල ඒ සාත්තුව නැති උනාමනං අනේ අපොයි කියල හිතෙනව ගස්වලට වෙන දේවල් වලට.
දේව සභාවම හරක් මස් වළඳල නේද ඒ කාලෙ. හොඳ වෙලාවට බො.බ.සේ. හිටියෙ නැත්තෙ. :D
Praසන්ன,
Deleteස්තුතියි මල්ලි...:)
/ දේව සභාවම හරක් මස් වළඳල නේද ඒ කාලෙ. හොඳ වෙලාවට බො.බ.සේ. හිටියෙ නැත්තෙ. :D /
ඔය ගවනර් ආහාරයට අරගෙන තියෙන්නෙ පොඩි කාලෙනෙ. පස්සෙ එයාල ගවනර් බාවිතය සම්පූර්නයෙන්ම අතඇරල. ඒකත් අර මම කියපු නැතිවෙච්චි අයියගෙ කේස් එකට සම්බන්දයි. ඒ කතාව ආයම කියන්නං. ගවනර් වලඳන්ට ආයම පුරුදු උනේ බැන්දට පස්සෙ. සූකර මද්දව නම් කලින් ඉඳලම ගෙදර හරියකට ගෙනල්ල නෑ.
මට හිතෙන්නේ මෙහෙමයි වෙන්න ඇත්තෙ..
ReplyDeleteමොනවද අනේ ***** මේ ඔයා මගේ ගැන ලියනවයි කියල බ්ලොග් එකේ ලියන්නෙ.. මිනින්දෝරු කෝලම් ගැනයි, ගෑනු නාන තැන් වල රෙදි අපුල්ලන ගල් වල ලෙවල් ගනිපුව ගැනයි, මට පාරේ බැහැල යන්න පුලුවන්ද මම අහන්නෙ?
හරි හරි **** තරහ ගන්න එපා මගෙ මැණික.. ඔන්න බලන්නකො ඊළඟ කොටස, තනිකරම ඔයා ගැන විතරයි ලියන්නෙ, හරිද..
එක් මානවික්ස්,
Deleteඅනේ බං එහෙම අපහාස කරන එක හොඳ නෑ නෙවද ඒ වගෙ ගුණගරුක, සර්වාබරන විබූසිත, සන්නාහ සන්නද්ද, යුගන්ධර විදාරිත සිහල කුලවමියකට...මයෙ හිත ඔද්දල් වෙලා ගියා ඔන්න. අනෙ අම්මපල්ල..
මෙහෙමයි එතුමිය කිව්වෙ.....
" මොනවද මනුස්සයො අර ලියන බහුබූත? මං ගැන ලියනවයි කියල අර ගෑණු නාන අස්සෙ රිංගල ලෙවල් ගත්තද මොකක්ද කරපු විගඩමක් ගැන ලියන්නෙ? තියෙන අසික්කිත කමට එව්ව කලාය කියමු. ඒ කරපුව රටේ ලෝකෙ හැමෝන්ටම කියවන්ට පත්තරේ දැම්ම වගෙ ප්‍රසිද්ද කරන්ට ඕනද? මට රෙද්දක් ඇඳං පාරෙ බැහැල යන්ට තියන එකත් නැතිකරල තමයි ඔහේ මේ බ්ලොග් කෙරුවාව නතර කරන්නෙ..අන්න ඒකනම් මම කියන්නං හූන කියන්නැහෙ."
සර්වාබරන විබූසිත... සන්නාහ සන්නද්ද.. හපොයි තව ඩිංගෙං පුටුවෙනුත් වැටෙනව හිනාවෙලා.. මොකද්ද හැබෑට යුගන්ධර විදාරිත කියන්නේ?
Deleteබ.හා....
Delete/ මොකද්ද හැබෑට යුගන්ධර විදාරිත කියන්නේ? /
මහමෙර දන්නව නේද? රහමෙර නෙවෙයි හොඳද? මහමෙර යනු කුමක්ද කියල එක පාරක් අපෙ එතුමී දහයෙ පන්තියෙ කොල්ලො කෙල්ලොන්ට ප්‍රශ්නයක් දුන්න සිංහල වලට. ඔය මොකක්ද සංදේශයක තියනවනෙ මහමෙර ගැන. ඒකට කොල්ලො ලියල තිබ්බ උත්තර ටිකක්...කියල වැඩක් නෑ...හෙහ්, හෙහ්, ආයෙම දවසක ඒ ගැන ලියන්නං
හරි අදාල කාරනේට එමු...ඔය මහමෙර වටේට තියනව කුළු පව් හතක්. සත් කුළු පව්ව කියන්නෙ අන්න ඒවට. එව්වයෙ නම් මෙහෙමයි. යුගන්ධර, ඊශධර, කරවික, සුදර්ශන, නේමින්ධර, විනතක සහ අශ්වකර්ණ
ඔව්වයිං පලවෙනි එක තමයි යුගන්ධර පර්වතේ. ඉතාම ගුණගරුක කුළ කතුන්ගෙ ගුණ මහිමයෙන් ඔය යුගන්දරේ කම්පිත වෙනවලු. හෙල්ලෙනවලු. විදාරණය වෙනව කියන්නෙත් ඒකම තමයි. අහල ඇතිනෙ යමහල් විදාරණය ගැන එහෙම? ඉතිං ඉතාම ගුණවත් කාන්තවක් ගැන කියන්ටයි යුගන්ධර විදාරිත කියල යෙදෙන්නෙ. යුගන්ධර පර්වතය පවා විදාරණය කිරීමට සමත්වූ = යුගන්ධර විදාරිත..තේරුණා නෙවද?
බුදු අම්මේ බං..සාහිත්‍ය පංතියකට ගිහිල්ලාවත් ඉගෙණගන්න බැහැ මේවා..බොහොම අගෙයි!!
Deleteරවි ඔබ නම් ඇවිදින ශබ්ද කෝෂයක්.. හරිම අපූරුයි.. මම දිගටම එනවා මේ වගෙ කතා අහන්ට..
Deleteමචං රවී පොඩි උදව්වක් කරනවද. උඹ විතරක් දන්න වචන සෙට් එකේ සාමාන්‍ය ව්‍යවහාරයේ තෙරුම උඹේ වචනෙත් එක්ක වෙනම දක්වනවද. අර උම්මග්ග ජාතකේද මොකේද අන්තිම පිටුවල තියෙනවා වගේ..
ReplyDeleteහා හා හා.....නියම ටෝක් එක මාතා.
Deleteඑහෙනම් ඉතින් අපි ගැන මොන කතාද?
Deleteමාතලන්, අරූ සහ රංගි,
Deleteසමාවෙන්ටෝන මයෙ අතිං වෙච්චි අතපහුවීමක්...එහෙම නුපුරුදු වචනයක් යෙදුනම පැහැදිලිකිරීමක් කරන එක මගෙ වගකීමක්...
ඇහැවෙලා = වඳවෙලා
හේබාලා = මැලවිලා ( විශේෂයෙන් වතුර නැතුව )
කාමරංක = ගොරක ගෙඩියට හැඩ හුරුකමින් සමාන පළතුරක්. ඉංග්‍රීසියෙන් කියන්නෙ Carambola එහෙම නැත්නම් Star fruit
සාරසුබාවට = බොහොම සනීපෙට, විසාලව,
අප්පල්ලයක් = කට පළල ඇතිලියක්, විශේෂයෙන් මස් මාළු පොළොස් වගෙ දේවල් උයන්ට ගන්නව මොකද හැඳි ගාන්ට පහසු නිසා
සරුවාලයක් = දනිස්ස ගාවට වගෙ අඳින කොට කළිසම. ඉංග්‍රීසියෙන් Breeches නැත්නම් Knee Breeches. කලකට ඉස්සර කකුල් වලට තද වෙන්ට ඇන්දත් මම ඔය කියන සරුවාලෙ කකුල් ලොකුයි. හිරකාරයො අඳින කලිසම ( ජම්පරේ කියල ඔය කියන්නෙ ) ඒකටත් සිංහලෙන් කියන්නෙ මම හිතන්නෙ සරුවාලෙ කියල.
මුහුං වෙයි = මිශ්‍ර වෙයි, කලවං වෙයි
මඩක්කුවත් = අඩිය තියන මැටි කෝප්පයක්, අපි පොඩි කාලෙ කුස්සිවල තිබ්බ නොයෙක් ප්‍රමාණෙ මඩක්කු, එළවළු ඒදන්ට, පොල් කිරි මිරිකන්ට. එතකොට අත්තම්ම එහෙම බත් කෑවෙත් මඩක්කුවක. මමත් මයෙ පිඟාන තිබ්බට මඩක්කුවෙ කන්ට හරිම ආසයි.
තව අපැහැදි වචන තියේනම් කියන්ට...:)
උඹට පින් රවී.... සමහර වචන අදයි දැනගත්තේ.. එතකොට කතාව තවත් රහයි..
Deleteහැමදාම වගේ රවී අයියේ උඹේ ලියමන රහයි. පරිසරය හා සිදුවීම් මැවිලා පෙනුනා. කඳු පෙළ, මල් වගාව, කඩ කෑල්ල, අප්පච්චී, මුදලිහාමි, මස් ඉවිල්ල, කෑම පෝලිම ඔය හැම එකක්ම. උඹට ජය!!
ReplyDeleteChandana,
Deleteහෙහ්, ස්තුතියි චන්දන මලේ අගය කිරීමට....උඹටත් ජය!
රවී, මම මේ බ්ලොග් එක කියවන්න ආවේ 7.30ට විතර. වයින් වීදුරුවකුයි ඇස්පරගස් රිසොත්තො එකකුයි අරගෙන මෙතන ඉඳගත්තේ. දැන් හරියටම 8.25යි. වයින් වීදුරුව තාම එහෙමමයි.
ReplyDeleteනොදැනම රිසොත්තෝ එකනම් කාලා දාලා.
මට හිතාගන්න බැරි මේ උබගේ dialect එක ඇරෙන්න අනිත්වා ඔක්කොම මගෙත් කතාව කොහොමද උනේ කියලා.
අපිට කඩයක් තිබුනේ නෑ. ඒත් වත්තෙ වැඩ වලට උදව් වෙච්ච මිනිස්සු හිටියා. අපේ අප්පච්චි හරක් මස් නම් ගෙදරට ගෙනාවේ නෑ. ඒත් මස් නොකාපු අපේ අම්මා එක්ක ඔය සෙතේමයි. ඊටත් වඩා මම හිතන්නේ අපි පොඩි කාලේ කඩෙන් මස් ගෙනාවෙත් නෑ. අපිට ඇතිවෙන්න වල් මස් හම්බ වුනා.වල් මුවෝ, වල් ඌරෝ, ගෝනා වගේ එක එක සත්තු. මම ඇරෙන්න අපේ ගෙදර අනිත් අය කෑවත් එක්ක. මම අම්මා වගෙ වෙන්න හිතාගෙන ඒ කාලේ ඔය මස් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. වෙන එකක් තියා අප්පච්චිට මස් උයන දවසට මාව වඩාගන්න දෙන්නෙත් නෑ. ඔය පොල් කටු හැන්ද නම් ඒ විදියමයි මම හිතන්නේ. වෙන කිසිම දේකට ඒක භාවිතා කරන්නේ නෑ. එහෙම හිටපු අපි අද නිකම් fairy tail එකක් අහනවා වගෙනේ බං මේව කියවද්දි. ;)
ඔය උඹගේ චූටි දෙයියා ඉන්නව නේද මොනවා වුනත් මේදා පාර නම් උන්දැ උඹට මොකක් හරි දෙයක් කරලා තියෙනවා නැත්නම් කවදාවත් නැථිව මෙච්චර උන්දෑ ගැන උඹ කියෙව්වාමයි.
මම යනවා මගෙ ඉතිරි වෙච්ච වයින් වීදුරුව ඉවර කරන්න....:)
රංගි,
Delete/ වයින් වීදුරුවකුයි ඇස්පරගස් රිසොත්තො එකකුයි අරගෙන /
මොනවද බං උඹ ගහන වයින්? ගහපිය Cinzano Bianco….අන්න බඩු...හෙහ්,හෙහ්,
/ මට හිතාගන්න බැරි මේ උබගේ dialect එක ඇරෙන්න අනිත්වා ඔක්කොම මගෙත් කතාව කොහොමද උනේ කියලා. /
ඕක මෙහෙමනෙ බං..මේ ලෝකෙ කලින් නොවෙච්ච අමුතුම දේවල් සිද්ද වෙනව බොහොමත්ම අඩුයි. නෑම නෙවෙයි. ඒත් බොහොම කලාතුරකින් එහෙම වෙන්නෙ. සීයට අනූනවයක්ම කලින් වෙච්චි දේවල් වෙනත් අයට සිද්ද වෙන එකයි වෙන්නෙ. සංසාර චක්කරේ වගෙ තමයි. ඒ නිසා මෙව්ව උඹගෙත් අත්දැකීම්ය කියන එක පුදුම වෙන්ට දෙයක් නෙවෙයි.
/ මේදා පාර නම් උන්දැ උඹට මොකක් හරි දෙයක් කරලා තියෙනවා නැත්නම් කවදාවත් නැථිව මෙච්චර උන්දෑ ගැන උඹ කියෙව්වාමයි. /
උන්දැ මට නිකුත් කලා නෙව ultimo avvertimento එක. :(
හැමදාම වගේ නියමෙට ලියල. මං මේ පහුවෙලා ආපු රසිකයෙක් නෙව... මං සමහර කස්ටිය අඳුනගන්න රිවස් එකේ ගිහින් පුරාණ ලිපි කියෝල එනව...චැහ්... හොඳම කාලෙ මට සමහර ඒව මිස්වෙලා!! එව්ව ඒ ඒ ලියවෙන වෙලාවට ඉන්ට තිබ්බනං තමයි ගතිය... නැද්ද මං අහන්නෙ රවි අයියෙ??
ReplyDeleteප්‍රියන්ත මල්ලි,
Deleteහෙහ්,හෙහ්, ඒකට මක් වෙනවද බාං? ඉඳගං ඉඳගං ඔය හත්තට පලකිං...බණ කියනව බොල එලිවෙනකල්..ඒ නිසා අවුලක් නෑ.
Okay then hold on to my hand and we will make this journey together…Heh,heh
රවි අයියේ අද නම් මට අමුතු වෙනසක් දැනුණා. සමහර විට ගියර් මාරුවක් වගේ වෙලා තියන නිසාද දන්නේ නෑ. බොහොම අගෙයි විස්තරේ... ගුරුවරීගෙ කතාවේ කූටප්‍රාප්තිය මේක වෙන්න ඕනේ... මමත් මිනිසුන්ගේ අතීතය අහන් ඉන්න හරිම කැමති කෙනෙක්. අපි දැන් දන්න කෙනෙකුගේ අපි නොදන්න, අපි භූමිකාවක් රඟ නොපාපු කාල වකවානුවක් ගැන විස්තර අහන එක මට හරිම ආස හිතෙන වැඩක්. මටත් නොතේරෙන මොකක් හරි චමත්කාරයක් තියනවා ඒකෙ.
ReplyDeleteඉතින් අයියේ ක්වාටර් මිලෙනියම් එකට සුභ පැතුම්.... කිසිම දවසක වචනයක් කතා කරලා, ඇහින් දැකලා නැති වුණත්, ජීවිත කාලයක් උඹව දන්නවා කියලා හැඟෙන්නේ, ජීවිතයේ අනේක අත්දැකීම්, හැඟීම්, සංවේදනා උඹ අකුරු කරන අපූරුව නිසාමයි.
තිසර,
Delete/ රවි අයියේ අද නම් මට අමුතු වෙනසක් දැනුණා. සමහර විට ගියර් මාරුවක් වගේ වෙලා තියන නිසාද දන්නේ නෑ. /
හෙහ්, උඹට කලින්ම ඒ වෙනස තේරුණා මම හිතන්නෙ..මම හිටපු ගමං උන්දැගෙ ඉඳල ඈට මාරු උනේ ඇයි කියල උඹ එතකොටම ඇහුවනෙ..:)
/ අපි භූමිකාවක් රඟ නොපාපු කාල වකවානුවක් ගැන විස්තර අහන එක මට හරිම ආස හිතෙන වැඩක්. මටත් නොතේරෙන මොකක් හරි චමත්කාරයක් තියනවා ඒකෙ. /
අම්මපල්ල ඇත්ත බං, පොඩි කාලෙ අත්තම්මගෙ කතා අහන්ට තියාගත්තම මම රෑ නමය දහය වෙනකල් නිදාගන්නෙ නෑ. අම්ම බයිනව.." හෙට බැරිය ඉතුරුටික අහන්ට. අත්තම්ම අද රෑ කොහෙවත් යන්නෙ නෑ..අනික හෙට ඉස්කෝලෙ."..ඒ කරල අත්තම්මටත් බණිනව. " මේ අම්මටත් කිව්වට අහන්නෙ නෑ. රෑ වෙනකොට තමයි කතන්දර පටං ගන්නෙ."..හෙහ්,හෙහ්,
/ ඉතින් අයියේ ක්වාටර් මිලෙනියම් එකට සුභ පැතුම්.... කිසිම දවසක වචනයක් කතා කරලා, ඇහින් දැකලා නැති වුණත්, ජීවිත කාලයක් උඹව දන්නවා කියලා හැඟෙන්නේ, ජීවිතයේ අනේක අත්දැකීම්, හැඟීම්, සංවේදනා උඹ අකුරු කරන අපූරුව නිසාමයි. /
හෙහ්, හෙහ්, බොහොම ස්තූතියි මල්ලි.... මම නම් ඒක ඒ හැටි වැදගත් කියල සැලකුවෙ නෑ. හැබැයි එකක් කියන්නඕන..රන්දිල් ගරු කටයුතු නෝන මහත්මයා " මොනව හරි ලියමු ලියමු" කියල උදේ හවස මාව කන්ට තනද්දි මම කිව්වෙ " අනේ බං මොනව ඔය හැටි ලියන්ටද?" කියල. ඒ පාර එතුමී කිව්ව " ලියන්ට පටන් ගන්ටකො මිස්ට රවී, එතකොට ලියන්ට දේවල් ඉබේම මතක් වෙයි.."
අම්මපල්ල ඇත්තම නේන්නං..දැං ඔන්න දෙසිය පණහත් උනා. ඒත් තවත් තියනව ලියන්ට. අනික මේ වැඩේ හින්ද මට අමතක වෙලා තිබ්බ රසබර සිද්ධීන් මහ ගොඩක් ආයම මතක් උනා. ඒකත් හරිම අපූරු අත්දැකීමක්.
අපෙ පිරියම්බිකාස් වෙලාවකට මට පණ යනකල් බනිනව. ඔන්න උන්දැ රැස්වීමක හරි වෙන මොකක් හරි වැදගත් වැඩක කියමුකො. ඔන්න මම ගන්නව කෝල් එකක්……
" මේ අර එක දවසක් හොඳටම බීල අපේ ක්වාටර්ස් එකට ආඳ මාලු අරගෙන ආවෙ. අර දොරකඩ ද්බෝරියං ගාල අදං වැටුනෙ..ඒ මනුස්සයගෙ නම මතකද? "
" මේ...රත්නසිරි නේද?"
" අන්න හරි අන්න හරි,"
" දැං මොකටද ඔය මේ හදිස්සියෙ ඒ මනුස්සයගෙ නම ඕන උනේ?... මොකෝ ඒ මිනිහට ඔහෙං රස්සාවක්වත් හොයල දෙන්ටද?...ඒක තමයි කියන්නෙ...මම අච්චර කිව්ව අපෙ අර ධම්මික මල්ලිට මොකක් හරි රස්සාවක් බලන්ටය කියල. ඒකෙ වගක් නෑ. මේ ආඳ මාලු ගෙනාපු මිනිහට……... "
" පිස්සුද ඔයාට? මොනව කියවනවද මන්ද?….මේ මගෙ බ්ලොග් එකේ කතාවක් ලියන්ට.."
" අම්මාපල්ල ඉතිං මොකටද මම කියන්නෙ හැබෑටම…"
Thanks again Thisara, may be one day we will meet or would never meet, but all the same the camaraderie, the goodwill, the trust and respect betwixt us would last forever… :) :)
මේක කියවලා මාව කොහෙටදෝ පාවෙලා ගියා. අයියට වගේම රස බර පුංචි කාලයක් අක්කටත් තිබිලා තියෙනවා. ඔච්චර ලස්සන ඔය ගමේ නම කියලා නැත්තේ මොකෝ කියලානං මං දන්නවා. :D :D :D
ReplyDeleteදෙසිය පණහට සුභ පැතුම් අයියේ. මේ කතා ගඟ ගලන ලස්සන අපි ඉවුරේ ඉඳං බලං ඉන්නේ හරිම ආසාවෙන්. :)
සිත්තමී,
Delete/ ඔච්චර ලස්සන ඔය ගමේ නම කියලා නැත්තේ මොකෝ කියලානං මං දන්නවා. :D :D :D /
අඩේ බං එහෙම විශේෂ හේතුවක් නම් නෑ. :)
ඉතිං මැඩම්...එහෙනම් බොහොම ස්තූතියි සුබ පැතුමට හොඳේ...............:)
අදනම් සඳවතී ගැන උපන් ආලයෙන්ම එක දිගටම ලියලා තියෙනවා..:) හැමදේම ලස්සනට ලියලා තියෙනවා රවී...
ReplyDelete250 වන post එකටත්, මෙච්චර දුර බොහොම රසවත්ව ආ ගමනටත්, ඉදිරියට ලියන්න තියෙන රසවත් හැමදේකටමත් මගෙන් සුභ පැතුම් රවී...!!!!
ඇත්තටම හපනෙක් ඔබ...
අකුරු ගෙතීමට...
රසවත් දෑ...
තවත් රස කරන්න..
ආදරය...
තවත් ආදරණිය කරවන්න..
සඳා,
Deleteසහෘදමය සුබ පැතුමට බොහොමත්ම ස්තූතියි සඳා....:)
රවී,
ReplyDeleteඇත්තටම කියන්න රවී ඔය පඳුරු තැලිල්ලත් ටිකක් තිබ්බා නම් තමයි අගේ..හරියට අර වෑංජනේකට ලුණු ඩිංගක් වගේ..
එකපාරට තුන්වෙනි ගියර් එකට දාලා ඇදලා අරින්න ගත්තාම හෝව් හෝව් කියනනත් කට්ටිය එපාය...!!
250ට 2500ක් ආවඩා බලොග් පෝස්ට් බෝ වේවා..!
රූ,
Deleteහෙහ්,හෙහ්, ඒකත් එහෙමයි නේද? ඉඳහංකො එහෙනං අද රෑ දාන්ට හිතාගෙන ඉන ඊළඟ කොටසෙ පඳුරු තලමු...:)
Thanks so much ...Dear Madam !!!
රවීගේ භාෂා ගනුදෙනුව ගැනනම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මම කලිනුත් කියනවා. මේවා තමයි වචනවලින් චිත්‍ර අදිනවා කියන්නේ.
ReplyDelete" අනේ හරිම ලස්සනයි. මෙච්චර හිටිය මම කවදාවත් ඔහොම දැකල නෑනෙ. "
මේ කතාව කියවන කොට මටත් පුංචි කතාවක් මතක්වුණා.
කොළඹ කොල්ලුපිටියේ තියෙන මල් පාර් ගස්වල මල් පිපෙන්නෙ සාමාන්‍යෙයන් අවුරුද්දෙ අප්‍රේල් මැයි මාසවල. එය කාලෙට ඔය මල්පාර හරිම ලස්සනයි ඒ දෙපැත්තෙ තියෙන පරණ ගෙවල්වල පවා ඇති රූස්ස ගස්වල මල් පිපෙනවා.
ඔය මල්පාර කොච්චර ලස්සනද කියනවනම් මල්පිපෙන කාලෙට ඡායාරූප ශිල්පීන්ගෙන් නම් අඩුවක් නෑ ඒව පිංතූරවලට දාගන්න.
ඔන්න ඔය විදියට එක කැමරාකරුවෙක් විනසක තිබුණ ගසක ඡායාරූපයක් ගන්න ඒ නිවසේ ගෘහනියගෙන් අවසර ඉල්ලලා.
“එතකොටම මේ කාන්තාව තමන්ගෙ මනුස්සයට කතාකරල කියනවලු “ඒයි මේ බලන්නකෝ අපේ මිදුලෙ ගහේ මල්පිපිලා හැබෑවටම ලස්සනයි. මෙච්චරකල් හිටපු මාත් අදනෙ මේතරම් ලස්සනටපිපුණ මල් දැක්කේ“ කියල
ගදෙර මිනිස්සුවත් දන්නෙ නෑ තමන්ගෙ වත්තෙ මල් පිපෙපන හැටි. තමන්ගෙ මිදුලෙ තියෙන ලස්සන තමන්ටම නොපෙනෙන හැටි.
දයා,
Delete/ ගදෙර මිනිස්සුවත් දන්නෙ නෑ තමන්ගෙ වත්තෙ මල් පිපෙපන හැටි. තමන්ගෙ මිදුලෙ තියෙන ලස්සන තමන්ටම නොපෙනෙන හැටි /
කොහොමත් ඒක මනුස්ස ස්වභාවය..තමන්ගෙ ඇස් පනා පිට තිබෙන අපූර්වත්වය, ලස්සන තමන්ට පේන්නෙ නෑ..තව කවුරුහරි පෙන්නල දෙනකල්. මම හිතන්නෙ එහෙම ස්වභාවික චමත්කාරය දකින්ට ඒකටම කැපවුණු තියුණු ඇහැක් තියෙන්ට ඕන.
මම මේ කියන කාරණය සීයට සීයක්ම සමාන නොවුනට මම හිතන්නෙ මේ තත්වය ගැන යම් අදහසක් ගන්ට උදව් කරගන්ට පුලුවන්. මගෙ පළවෙනි රස්සාව අනුරාධපුරේ පුරාවිද්‍යාව සම්බන්ධ ආයතනයක. කුට්ටම් පොකුණ ළඟම වෙලඳ ව්‍යාපාරිකයෙක් අපි එක්ක බොහොම හිතවත් උනා.
දවසක් ඔය පොඩි කර්තව්‍යයක් කරමින් ඉන්දැද්දි මිනිහ කියනව……
" අනේ මචං..මට මාර ප්‍රශ්නයක් මේ රට රාජ්ජ වල ඉඳල සුද්දො සුද්දියො තකහනියක් එන්නෙ මේ ගල් ගොඩේ මොනව බලන්ටද කිය "
ඕකට ඒක තේරුම් කරන්ට හදල වැඩක් නෑ ඒ වෙලාවෙ..
" උංට පිස්සු බං..ඔව්ව ගැන ඔච්චර හිතන්ට යන්ට එපා ඔන්න ඔය තව එකක් ගහමු අපි …"මම එහෙම කිව්ව.