දැන් ඔයාට වගේ ම තමයි දුවේ. මං පුංචි කාලෙත් නොයෙක් විට නොයෙක් දෙනා ඇසූ එකම ප්‍රශ්නයක් විය.
“ඔයා ලොකු වුනහම කවුරු කෙනෙක් ද වෙන්නේ?” මා සතුව හැමවිටම ඒ සඳහා පිළිතුරක් දිව අග තිබිණ. නමුදු එය සැමවිට ම එකම පිළිතුර නම් නොවීය.
ප්‍රථමයෙන් මා හට අවැසි වූයේ රාත්‍රී මුරකරුවෙකු වීමටයි. එය අපුරු සිතුවිල්ලක් විය. මුළු නගරයම සුව නින්දේය. මා පමණක් අවදියෙන්! නගරය ගැන විමසිල්ලෙන් මා පමණක් අවදියෙන්! කෙතරම් අගනා රැකියාවක්ද? ඒ පිළිබඳ ව දින ගනන්, අවදියෙන් සිටිමින් සිහින දකින්නට මා හට හැකි විය.
මගේ රාත්‍රී මුරකරු සිහිනය පසෙකට විසි කර දමමින්, බැබලෙන හරිත වර්ණ කරත්තයක් තල්ලු කරගෙන, අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් පැමිණියේය. ඇයි මා අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු නොවන්නේ? වනවා නම් විය යුත්තේ අයිස් ක්‍රීම් වෙළෙන්දෙක්මය. කරත්තය තල්ලු කරගෙන, ගම් නගර සිසාරා යන ගමනේ මා හට අවැසි ඕනෑම වර්ගයක අයිස් ක්‍රීමයක රස බැලීමට කාගෙන් නම් තහනමක්ද? එකල මට සිතුනේ එලෙසිනි.
“අයිස් ක්‍රීම් එකක් විකිණු සැම විට ම මමත් එකක් කනවා” මම එලෙසින් සිතීමි. “ හැම පුංචි ළමයාට ම නොමිලේ අයිස් ක්‍රීම් දෙනවා. පව්නේ පුංචි ළමයි!”

තමන්ගේ පුතනුවන් අයිස් ක්‍රීම් වෙළෙන්දෙකු වන්නට යන වග ඇසූ මගේ දෙමව්පියන් ඉමහත් පුදුමයට පත් වූහ. එය ඉතාමත් හාස්‍යජනක දෙයක් ලෙසින් ගත් ඔව්හූ සිහි වන හැම විටම සිනහ පහළ කරන්නට වූහ. නමුදු මා සිතුවේ, රසවත් ලෙසින් වැඩෙන්නට හොඳ ම විදිහ අයිස් ක්‍රීම් වෙළෙන්දකු වීම බවයි.
දිනක් අම්මා සමගින් ගමනක් යන විට මට අමුතු ආකාරයේ මිනිසකු දුම්රිය ස්ථානයේදී දකින්නට ලැබිණ. ඔහු මුළු ඇඟම වැසෙන පරිදි අඳිනා, ‘ඕවරෝල්’ වර්ගයේ ඇඳුමක් ඇඳ සිටි අතර දුම්රිය ගැල් හා දුම්රිය මැදිරි හා සෙල්ලම් කරමින් සිටියේය. ඒවා එකල මා සතු ව තිබූ පරිදි සෙල්ලම් බඩු නොවීය. සැබෑම ගැල් සහ මැදිරි විය! විටෙක දුම්රිය වේදිකාවට පැන්න ඔහු, තවත් විටෙක ගැලක් හෝ මැදිරියක් යටින් බඩ ගා යන්නට විය. එය ඇත්ත වශයෙන් ම අමුතු හා අතිශයින් විනෝදජනක ක්‍රීඩාවක් විය.
“කවුද අම්මේ අර මනුස්සයා?” මම ඇසීමි.
“දුම්රිය පීලි මාරු කරන්නෙක්”
එවෙලෙහිම මා වටහා ගත්තේ මා යම් දිනෙක යම් කෙනෙක් වනවා නම් ඒ දුම්රිය පීලි මාරු කරන්නෙක් ම බවයි. නිකමට මෙන් සිතා බලන්න! ඔහු අච්චර අතිවිශාල දුම්රිය මැදිරි හා ගැල්වල පීලි මාරු කරනවා! එයිටත් වඩා විනෝදජනක දෙයක් ලෝකේ තියෙන්න පුළුවන්ද? නැත. කොහෙත් ම නැත.
දිනක් කෙනෙකු හා, මා යම් දවසක දුම්රිය පීලි මාරු කරන්නෙකු වන වග පැවසූ විට ඔහු එක්වනම මෙලෙස අසා සිටියේය.
“ඔහ්.... හොඳයි. බොහොම හොඳයි. ඒත් මොකද වුනේ අයිස් ක්‍රීම් වෙළඳාමට?”
එය නම් ඇත්ත වශයෙන් ම විශාල ගැටළුවක් විය. දුම්රිය පීලි මාරු කරන්නෙකු වන්නට ඒ වනවිටත් මා විසින් තීරණය කර තිබුණත්, හරිත වර්ණ බැබලෙන කරත්තයක් තල්ලු කරගෙන අයිස් ක්‍රීම් විකුණන්නට යෑම අත් හරින්නට ද කැමැත්තක් මසිතේ නොවීය. අවසානයේ එම ප්‍රශ්නයට කදිම විසඳුමක් සොයා ගන්නට මා හට හැකි විය. ඉඳින් පිළිතුර සරළ විය.
“ මම දුම්රිය පීලි මාරු කරන්නෙකුයි, අයිස් ක්‍රීම් වෙළෙන්දෙකුයි වෙනවා!”
මගේ පිළිතුර ඇසූ ඇසූ හැම දෙන පුදුමයට පත්විය. නමුදු ඇත්ත වශයෙන් ම එහි එතරම් පුදුමයට කාරණයක් නොමැති බව වටහා දෙමින්, මගේ පිළිතුර පහදන්නට මම ඉදිරිපත් වීමි.
“ඇත්තට ම ඒක එච්චර අමාරු වැඩක් නෙමෙයිනේ. ඔන්න මෙහෙමයි හරිද? ඔන්න මුලින් ම උදේන් ම මම අයිස් ක්‍රීම් විකුණන්න යනවා. ඒ වැඩේ ඉවර වුනාට පස්සේ ඉස්ටේෂන් එකට යනවා. ඔය තියෙන කෝච්චියක් දෙකක් පීලි මාරු කරලා ඉවර වෙලා, ආයේ යනවා අයිස් ක්‍රීම් පොඩ්ඩක් විකුණන්න. ආයේ ඒ වැඩේ ඉවර වුනාට පස්සේ ආපහු ඉස්ටේෂන් එකට ගිහින් කෝච්චියක දෙකක පීලි මාරු කරලා ඉවර වෙලා යනවා හවස් වරුවේ අයිස් ක්‍රීම් විකුණන්න. ඇත්තට ම ඒක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ, මොකද මං මගේ අයිස් ක්‍රීම් කරත්තේ නවත්තන්නේ ස්ටේෂන් එකට ලඟ පාතින්. ඉතිං මට එච්චර දුර නිකරුණේ ඇවිදින්න වෙන්නේ නැහැනේ”
අසා සිටි හැම දෙන සතුටට පත් වීදෝ ඉතාමත් අලංකාර ලෙසින් මහ සිනාවකින් මා හට සංග්‍රහ කලෝය.
එහෙත් එයින් මගේ සිතේ කේන්තියක් පහළ විය.
“ඔන්න ඔන්න ඉතිං. ඔයාලා ඔය විදිහට හිනා වෙන්න තියා ගත්තොත් එහෙම මං, රෑ කාලේ කරන්න වෙන වැඩකුත් නැති එකේ රාත්‍රී මුරකරුවෙකුත් වෙනවා ඔන්න!”
එයින් අනතුරුව සියල්ල සන්සුන් ව කාලය ගතවිය. එහෙත් නැවතත් වරින් වර මගේ සිහිනය වෙනස් වීම නිසාවෙන් ඒ සන්සුන් භාවය නැවත නැවතත් අතුරුදන්වන්නට විය. වරෙක මගේ අනාගත රැකියාව ලෙස මා විසින් තෝරා ගන්නා ලද්දේ ගුවන්යානා නියමුවකු වීම වූ අතර එය රංගන ශිල්පියෙකු දක්වා වෙනස් වීමට දින පහක්වත් ගත නොවූ බව මා හට මතකය.
මා පියා, මා රැගෙන කම්හලක් වෙත ගිය දිනයේ මගේ සිහින රැකියාව ලෙස ලියවන පට්ටලයක් ආරම්භ කිරීම වඩාත් ම සුදුසු බව මා හට වැටහී ගියේය. මේ මොන රැකියාව අතරතුර වුවද සේලරුවකු වශයෙන් ද කටයුතු කිරීම මගේ අභිප්‍රාය විය. එය අපහසු විනි නම් අඩුම තරමින් එඬේරකු වශයෙන් ක්‍රියා කරමින් දිග කසයකින් පහර දෙමින් ගවයන් දක්කාගෙන දිනය පුරා ගම වටා ඇවිදීමවත් කළ යුතුව තිබිණ.
මේ ආකාරයෙන් වරින් වර මගේ සිහින රැකියාව වෙනස් වන්නට විය. මා කවරෙකු විය යුතුද යන්න විචල්‍යක් ම විය.
අවසානයේ, වඩාම සිත් ගන්නා සුළු පිළිතුර මා හට ලැබිණ. සියලු කාරණා අවසානයේ මා වටහා ගත්තේ මට ඇත්ත වශයෙන් ම අවශ්‍ය සහ සුදුසු ම වන්නේ බල්ලෙකු වීම බවයි. මෙය වටහා ගත් දිනයේ, මුළු දවස පුරාම අත් පා හතරින් බිම දිගේ වේගයෙන් එහා මෙහා පනිමින් ආගන්තුකයින්ට බුරා පැනීම මගේ එකම කටයුත්ත බවට පත්විය. මගේ හිසට තට්ටු කිරීමට උත්සහ කළ වැඩිහිටි කාන්තාවක් දෙසට පැන හපා කන්නට යෑමට පවා මගේ බලු රස්සාව මා පෙළඹවීය. ඉතාමත් අගනා ලෙස බිරීමට ඉගෙන ගැනීමට වැඩි කලක් නොගියද, අවාසනාවකට මෙන් කොතරම් මහන්සි වී උත්සහ දැරුවද, පස්ස ගාතයක් ඔසවා කන පිටු පස කසා ගන්නට නං මා හට කිසි ලෙසකින් නොහැකි විය. නිවස තුල සිට මෙවැන්නක් පුරුදු වීම අපහසු යැයි සිතූ මම ඊ ගාව පියවර ලෙස නිවසින් පිටතට ගොස් ආලින්දයේ සිට පස්ස ගාතයෙන් කන පිටු පස කසා ගන්නට වට ගණනාවක් එක තැන ම කැරකෙන්නට වීමි.
මේ අතරතුරේ පාර දිගේ ඇවිදගෙන ගිය මිනිසකු මේ අරුම පුදුම කැරකිල්ල කුමක්දැයි කියා විපරම් කරන්නට වූවා විය යුතුය. මා ඔහු දුටුවද, බල්ලකු වී සිටි නිසාවෙන් ලැජ්ජාවක් නොදැනිනි. මද වේලාවක් මා දෙස බලා සිටි ඔහු එතැනින් යතැයි කියා සිතුවද, එසේ නොවිණ.
“ඈ ළමයෝ.......... මොකද්ද ඇත්තට ඔය කරන්න හදන්නේ?“ අනතුරුව කුතුහලය නොවිසිඳුන නිසාවෙන්දෝ විමසා සිටින්නට විය.
“මේ මං නියම බල්ලෙක් වෙන්න යනවා“
“හ්ම්... එහෙමද? ඇයි ඔයාට ඕනෑ නැද්ද නියම කොල්ලෙක් වෙන්න?“
“හපෝ........... මං ඇති තරං කාලයක් නියම කොල්ලෙක් වෙලා ඉදලා තියෙනවානේ“
“මක් කිව්වා? ඇති තරම කාලයක් නියම කොල්ලෙක් වෙලා හිටියා? නියම කොල්ලෙක් නං මේ ලෝකේ කරන්න බැරි වැඩක් නැහැ. අනේ ළමයෝ...... අඩුම ගානේ බල්ලෙක්වත් වෙන්න බැරුව දගලන ඔයා මොන කොල්ලෙක්ද?............. අනෙක් අතට මනුස්සයෙක් වුනහම බල්ලෙක් වෙනවාට වඩා කරන්න තව කොච්චරක්වත් වැඩ රාජකාරී නැද්ද හැබෑටම“
“හ්ම්.............................. දැන් අංකල් මට කවුරු කෙනෙක් වෙන්න කියලද කියන්නේ“
“මුලින් සේරමට කලියෙන් තමන් ව තේරුම් අරං ඉන්න. මනුස්සයෙක් වෙලා ඉපදීමේ වටිනාකම වටහාගෙන ඉන්න. හොඳ මනුස්සයෙක් වෙන්න. එතකොට ඔයාට ඉබේ ම තමන් විය යුතු කෙනා වැටහේවි“ යි පැවසූ ඔහු යන්නට ගියේය.
ඔහු මගේ ක්‍රියාව සමච්චලයට ලක් නොකලා පමණක් නොව සුළු ලෙසකින්වත් සිනහ පහළ කලේ ද නැත. නුමුදු සංවාදය අවසන් කර එම මනුස්සයා පිටත් ව ගිය මොහොතේ මා කෙරෙහි ම ඇති වූ අති මහත් වූ ලජ්ජාවකින් පීඩාවට පත්වීමි. මම සිතන්නට වීමි. දිගින් දිගට ම සිතන්නට වීමි. සිතන්නට සිතන්නට තව තවත් ලජ්ජාව විසින් මා පෙළන්නට විය. එම මිනිසා මා හට කිසිවක් පැහැදිලි කලේ නැත. මා විය යුත්තේ කවුරුන්දැයි මා හට පැවසුවේ නැත. එහෙත් දිනෙන් දින සිහින රැකියාව වෙනස් කරමින් විකාර දේ සිතමින් සිටි මගේ සිතේ විසුළු ස්වභාවය මා හට පසක්විය. අනෙක් අතට සිහින රැකියාවක් තෝරා ගැනීමට තරම් වැඩුනු වයසකින් හෝ මනසකින් මා පසු නොවන වගද ඒ හා සමගම මට වැටහිණ. එයින් පසු එළඹුණු සමයේ කෙනෙකු මාගෙන් ‘ලොකු වුනහම කවුරුද වෙන්නේ?‘යි ඇසූ සැනින්, විදීයේ නැවතී මා හා කථා කල පුද්ගලයා මගේ සිතට පිවිසිණ. එයින් අනතුරු ව මගේ පිළිතුර කවදාවත් වෙනස් නොවීය.
“මම හොඳ මනුස්සයෙක් වෙනවා“
කිසිවකු සිනහ පහළ කලේ නැත. එම ප්‍රශ්නයට ලොව තිබෙන සුදුසු ම පිළිතුර එය බව මම වටහා ගතිමි. අදටත් මාගේ සිතුවිල්ලේ වෙනසක් නැත. එයට වඩා යහපත් පිළිතුරක් තිබෙන්නට නොහැකිය. සැමට ම පෙර සෑම කෙනෙකු ම යහපත් පුද්ගලයෙකු වී සිටිය යුතුය. එයයි මෙලොව උපන් සෑම මනුෂ්‍යයකුගේ ම අභිප්‍රාය විය යුතු වන්නේ. ඔහු ගුවන් නියමුවකුද, එඬේරකුද එසේත් නැත්නම් අයිස්ක්‍රීම් වෙළෙන්දෙකුද යන්නෙහිද වටිනාකම තීරණය වනුයේ මනුෂ්‍යයකු වශයෙන් සමාජයේ ඔහුගේ හැසිරීම මුල් කරගෙනය. එසේ වූ සඳ මගේ දුවේ, කිසිදිනෙක මිනිසෙකුට තමන්ගේ පයින් තමන්ගේ කණ පිටුපස කසා ගන්නට සිදුවන්නේ නැත.

අනුවර්තනයකි.
පෙර අනුවර්තන :
114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ
115. මා බාල කාලේ - බල්ලෙකු හීලෑ කල තාලේ
116. පියානෝවේ තාලේ - මා රිදවූවයි බාලේ
කොහෙන්නද අනුවර්තනය කරේ කියල නැහැනේ.. මොකද මං මේ වගේ එකක් කියෙව්වා මතකයි ඒත තැන අමතකයි..
ReplyDeleteමගේ කම්මැලි කමට සමා වන සේක්වා. එකම ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්න නිසා පළවෙනි කථාවේ අවසානෙට කිව්ව ටික මෙතැන පේස්ට් කලේ නැහැ ඉතිං :) මෙන්න ඒ ටික නැවතත්. :)
Deleteපසු වදන
මෙය රුසියානු කථාන්දර පොතක් අනුසාරයෙන් "When Daddy was a Little Boy" නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නට යෙදුනු පොතේ පළමුවන කථාව අනුසාරයෙන් මා විසින් ගොඩ නගන ලද්දකි. ඉංග්‍රීසි පොතේ “When Little daddy went to school he met a cat” වැනි ආකාරයෙන් ලියැවුනු දේ මා ගොඩ නගන ලද්දේ “මා පාසල් යද්දි මට පූසෙකු මුණ ගැසින” යනාකාරයෙනි. එය වැරැද්දක්ද, අනුවර්තනයක් යනුවෙන් මෙය හඳුන්වන්න එය බාධාවක්ද යන්න පැහැදිලි ව තාමත් දැනගත් නොහැකි විණ. පොතේ ඇති කථා තිස් ගණනින් බොහොමයක් මේ ආකාරයට මා විසින් සිංහලයට නගා තිබේ. ඉඩ ලද අවස්ථාවන් හිදී පළ කරන්නට බලාපොරොත්තු වෙමි.
බොාහොම ස්තුතියි වස්තරේට.. අර රවි කියන හාදයගේ වැඩ නිසා තමා මට මේවා ගැන එච්චර හාංකවිසියක් නැත්තේ..
Delete/ බොහොම ස්තුතියි වස්තරේට.. /
Deleteමොන වස්තරයක්ද බං? :)
/ අර රවි කියන හාදයගේ වැඩ නිසා තමා මට මේවා ගැන එච්චර හාංකවිසියක් නැත්තේ../
අම්මාපල්ල මට ඉපදෙනව මැරෙනව පේන්නෙ නැතුව යන්නෙ මේ වෙලාවට තමයි. ඒකත් මයෙ වැරැද්ද ඒකත් මයෙ වැරැද්ද...හුහ්...
හප්පේ... මම කියවගෙන ඇවිල්ල නැවතුනේ රවිය මොකද මෙච්චර කලින් ඉවරකලේ කියල. බැලින්නං මෙයානෙ!
ReplyDeleteඉස්සර මම කිව්වෙ ලොකු උනාම ගුවන් නියමුවෙක් වෙනව කියල. තාම ලොකුවුනේ නැති නිසා ඒක එහෙමම තියනව :-)
ඔය ඉතිං.... කාටද කියන්නෙ?..මූටත් මතක් වෙලා තියෙන්නෙ මාව..අම්මාපල් ඉතිං...
Deleteනියම මිනිසෙක්... කථා නායකටත් ටිකක් මොළේ තිබිල තියේ නෙහ්..
ReplyDeleteඉතිං මේකත් විශිෂ්ඨයි බං... සාර්ථකයි.. වැරැද්දක් දැක්කෙ නෑ.. ඒත් ඔයා මං කිව් දේ අහන්නෙ නෑ... දුකයි...
සුපිරි ...අපේ පොඩි එකී වගේමයි...පියානෝ වාදනය කරන , සත්තු වත්තක් බලාගන්න ගමන් දොස්තර කෙනෙකුත් වෙන :D
ReplyDeleteවෙලාවකට ඔය එක එක ජාතියේ සත්තු වෙන්නත් ආසලු.
මං හිච්චි කොලුව කාලෙ අම්මගෙ යාලු නැන්ද කෙනෙක් ඔන්න ආව දවසක් අපේ ගෙදර එයාගෙ සුට්ටි දුවත් එක්ක. ඒ නංගිගෙ නම සුජීවා. බෝනික්කෙක් වාගෙ ලස්සනයි..කොණ්ඩෙ මුදු මුදු..එයා තමයි මගේ ප්‍රතම ප්‍රේමය..
ReplyDeleteඉතිං අපි දෙන්න ඔන්න සෙල්ලං කරනව. හිටපු ගමං ඔන්න අපෙ අම්ම අර නංගිගෙං අහනව " දුව ලොකු උනහම කවුරු වෙන්නද කැමති? "කියල.
ඔන්න එයයි කියනෝ " මම කැමති අම්මා කෙනෙක් වෙන්න " කියල.
ඊට පස්සෙ ඔන්න අර නැන්ද මගෙං අහනව " එතකොට රවි පුතා කැමති මොනව කරන්නද ලොකු වෙලා? "කියලා.
මම ඉතිං ඇඟිල්ලත් කටේ ගහගෙන කල්පනා කරනව. එතකොට මතක් වෙනව පංතියෙ මැඩම් උදේ කියල දුන්නු පාඩම්. " දරුවනේ නිතරම අනුන්ට උදව් කරන්ට හිතට ගන්ට.ඒක තමයි මේ ලෝකෙ තියන හොඳම දේ. "
එතකල් මගෙ බලවත් ආසාව වෙලා තිබ්බෙ හඳට යන්ට. ඒ ඔය නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය කාලෙනෙ. ඒත් මැඩම් උපදෙස් මතක් වෙල මම හඳට යාමේ ආසාව අතාරිනව.සුජීවා වෙනුවෙන්.
" මම කැමතියි සුජීව නංගිට අම්ම කෙනෙක් වෙන්න උදව් කරන්න."
ඔන්න අම්මයි අර නැන්දයි ගේ දෙකක් වෙන්ට හිනා වෙනව. සුජීවයි මායි කටත් ඇරගෙන ඒ දිහා බලා ඉන්නව.
" මේ දෙන්නට පිස්සුද මන්දා..කෙනෙකුට උදව්වක් කරන්ට කැමතියි කිව්වම ගේ දෙකක් වෙන්ට හිනා වෙන්නෙ.."මම හෙමිහිට මටම කියාගන්නව.ඔන්න ඉතිං මට හීනිවට තරහකුත් එනව.
" යමු රවි අයියෙ අපි ගිහිල්ල සෙල්ලං කරමු "සුජීව නංගි මගෙ අතිං අල්ලල අදිනව. එයයිටත් තේරිලද කොහෙද මට තරහ ගිහිල්ලය කියල.
" මොකද අර අපෙ අම්මයි ඔයාලගෙ අම්මයි අරම හිනා උනේ? "මම හෙමිහිට සුජීවගෙං අහනව.
" ලොකු අය එහෙම තමයි. නිකං හිනාවෙනව. "සුජීවා බොහොම බැරෑරුම් විදිහට කියනව.
ඒ කෙල්ල පස්සෙං පහු බොහොම දක්ස ක්‍රීඩා ශූරියක් උනා. ලංකාවෙම මම හිතන්නෙ අංක 5 නැත්තං 6 වගෙ තැනකට ආවා.
උම මචං පන්සිය පනස් ජාතකේ ලිව්ව ගැන්සියේ එකෙක්ද රවියෝ..
Deleteලෙක්චස්,
Deleteඅනේ නෑ බං මම එච්චර සිරා පොරක් නම් නෙවෙයි.හැබැයි ඉතිං කිව්වම මොකද ඔය පන්සිය පණස් ජාතකේ ලියපු එවුං මගෙං තමයි විසේසඥ උපදෙස් ගත්තෙ. :)
මම මේ කතා පොතේ ඉංග්‍රීසි පරිවර්තනය කියවලා තියෙන බව රන්දිල් දන්නවා මම හිතන්නේ. එයින් මම ආසම කතාවක් මේක. ඒකට හේතුවත්, මමත් ඔය වගේම හිතපු නිසා. මමත් වරින් වර අනාගත රස්සාව අප්ඩේට් කලා. එහෙමත් කරලා අන්තිමේදි මේ කොහේවත් නැති රස්සාවක් හොයාගත්තා.
ReplyDeleteගිටාර් ගහපු එකාගෙන් අහගත්ත ටික මදිද??
Deleteපොඩි කාලේ විතරක් නෙවෙයි හලෝ මට නම් තාමත් හරියට තීරණේ කරගන්න බැරුව ඉන්නේ මම ලොකු වුනාම කවුරු වෙන්න ඕනේ ද කියල.. හෙහ් හෙහ්.. දැන් මේ කරන රස්සාව හොඳටම ඇති වගේ..
ReplyDeleteකාටුන් එකක් මතක් වෙනවා. එක ළමයෙක් කියනවා “මම ලොකු වුණා ම ලෙඩෙක් වෙනවා“ කියල. මොකද හැමෝම දොස්තරල වුණා ම බේත් ගන්න කවුරුත් නැති නිසා.
ReplyDeleteපොඩි කාලෙ කව්රු වෙන්නද කැමති......?
ReplyDeleteඑකම උත්තරේ හමුදාවට යන්න... මොකද මාම හිටියෙ හමුදාවෙ... එයා තමා පොර...
ඒත් හීනෙ නං හැබෑ කරගත්ත
බොහොමත්ම ලස්සනයි ඔබගේ බස හැසිරවීම. ගොඩක් රස වින්ඳා.ජය!!
ReplyDeleteපහ වසර විතර වෙනකං මගේ ආසාව උනේ කොන්දොස්තර කෙනෙක් වෙන එක.
ReplyDeleteපුංචි කාලෙ මගෙත් අසාවක් තිබුන කොන්දොස්තර කෙනෙක් වෙන්න. ඒකට හේතුව එයාල හරි ලස්සනට , එක දිගට ගමනාන්තය දක්වා තියෙන ගම් වල නම් කිය කිය බස් ඉස්සරහට වෙල කෑගහන විදියට මම ආසකල නිසා. "එත් ගෑනු ළමයෙක් උන මම කොහොමද ඒ රස්සාව කරන්නෙ? කවුරුත්ම ගැහැනු කොන්දොස්තරල නෑනෙ", කියල මම කල්පන කරනව ඉස්සර නගරයට ආව දවසට.
Deleteඇනෝ,
Deleteඔය ළමය බොහොමත්ම පරක්කුයි උප්පත්තිය ලබල තියනව. නමසිය හැත්තෑ අටේ/නමයෙ විතර ලංගමට ගත්ත කාන්තා කොන්දොස්තරවරියො පොඩි අත්හදාබැලීමක් හැටියට. ඒත් වැඩිකල් නොයාම ඒ වැඩේ නවත්තල ඒ ගත්තු ළමයි වෙන වෙන රස්සා වලට දැම්ම.
ඒක උනාය කියන්නෙ පිරිමි කොන්දොස්තරල ස්ට්‍රයික් කරන්න ලෑස්ති උනාලු. මොකද කාන්තා කොන්දොස්තරවරියන් ඉන්න බස් වල මීවදේ වගෙ සෙනඟ, ජනෙල් වල හිටං එල්ලිලා. පිරිමි ඉන්න එව්වයෙ මැස්සොවත් නෑ.
මටත් එකපාරටම මතක් වුන කතාව ඔය රවිය කියල නේ.
ReplyDeleteඉතින් එහෙනම් දැන්වත් හොද මිනිහෙක් නැ නැ ගැනියෙක් වෙන්නකො
ඔය වගේ හීන රැකියා ගොඩ......ක් මයේ ලැයිස්තුවෙත් තිබුණා.කෝ එත් ඒවා එකක්වත් නැතුව මමත් මේ වෙනම එකක් නොවැ කරන්නේ.
ReplyDeleteහැමෝගෙම හිත්වල පුන්චිකාලෙ වෙන්නෙ කවුද කියල එක එක හීන මැවෙනව. නමුත් ගොඩක් දෙමාපියො ඒ හීන බිඳල, ඒවෙනුවට ඒ අයගෙ හීන දරුවන්ට ආදේශ කර ගන්න බල කරනව. ඒ තරෙ කලාතුරකින් දකිනව දරුවන්ගෙ හීන හැබෑකරගන්න උදව්වෙන, ඒ වෙනුවෙන් තමන්ගෙ හීන කැප කරන දෙමාපියනුත්.
ReplyDeleteඒත් කවුද හරි, කවුද වැරදිකියන එක තීරණය කරන්නෙ අන්තිමේදි කාලයම තමයි.
මටත් මම කවුරු වෙනවද කියලා එක මතයක ඉන්න බැරි වුණා.. ඉංජිනේරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, ගගනගාමියෙක් වගේ ලොකු ලොකු ඒවා තමයි ලිස්ට් එකේ තිබ්බේ... හැබැයි මම සැබෑ ජීවිතයේ හීන දැකපු රස්සා වලට වඩා වැඩි ප්‍රමාණයක් කරලා තියනවා. ඒ ගැන සතුටුයි.
ReplyDeleteමම හිතාගෙන හිටියේ අබද්දා කෙනෙක් හරි බණ්ඩාරේ කෙනෙක් හරි වෙන්න. උඹලට ටිකක් කොයිල් වගේ නේද ? නැ බං සිද්දිය මේකයි. අපේ ගෙවල් පැත්තට ඉස්සර ගෙවල් ගානේ කුඩ, සපත්තු, ඉස්කෝල බැග්. වගේ දේවල් මහන්න මනුස්සයෙක් ආවා. අපේ ගෙදරට එන්නේ දවල් කෑම වෙලාවටම සෙට් වෙලා මිනිහා ආපුවම අම්මා වැඩක් තිබ්බත් නැතත් ගේ ඉස්සරහා ලොකු පැදුරක් එලලා තඩි බත් එකක් බෙදලා දෙනවා කන්න. එකත් කාල මනුස්සයා වැඩක් තිබ්බොත් ඒ ටික කරනවා මමයි මල්ලි මින්හා ලඟට වෙලා හෙල්ලෙන්නේ නැතිව මිනිහගේ බැග් එකෙන් එලියට ගන්න අරුම පුදුම භාණ්ඩ දිහා බලාගෙන රටේ නැති ප්‍රශ්න. හැබයි මිනිහත් කිසිම කම්මැලි කමක් නැතිව ඕන ප්‍රශ්නෙකට සුටුස් ගාලා උත්තර දෙනවා. මම හිතාගෙන හිටියේ අබද්දා කියන්නේ කුඩ මහන මිනිස්සුන්ට කියන පොදු නම කියලා. ඉතින් මේක හරි ආතල් ජොබ් එකනේ. හෙමිහිට ගෙවල් වලට ඇවිද ඇවිද හැමගේදර්කින්ම දෙන සංග්‍රහ බුක්ති විඳ විඳ රට වටේම අව්දින්න කොයි පොඩි එකාද අකමැති.
ReplyDeleteඅනිත් කෙනා තමයි බණ්ඩාරේ. අපේ ගමේ පොල් කඩන මිනිස්සු කීප දෙනෙක්ම හිටියා.බලන කොට මේ හැමෝම කොරියාව නමැති උප ප්‍රාන්තේ පුර වැසියෝ. හැමෝටම අම්මා කතාකරේ බණ්ඩාරේ කියලා. ඉතිං මම හිතුවේ බණ්ඩාරේ කියන්නේ පොල් කඩන අයටය කියලා. ගම වටේම වළල්ලක් කරේ දාගෙන ඇවිදින්නයි. හිතෙන හිතෙන වෙළාවට ඕන පොල් ගහකට නැගලා කුරුම්බා බොන්නයි කැමති නැති පොඩි එකා කවුද ?. (මේ ඔක්කොගේම නමේ කෙලවරට බණ්ඩාරේ කියන කෑල්ල තියනවා කියලා මම දැනගත්තේ සැහෙන්න ලොකු වෙලා සංගණන ගනන් ගන්නා නිලධාරියෙක් විදිහට වැඩ කරද්දී ඔං. හැමෝටම නැති තැන මිනිස්සු විශේෂණ පදයක් මුලට දාලා බන්දරේ කිවා. නොන්ඩි බණ්ඩාරේ,අත කොට බණ්ඩාරේ, වරත්තු බණ්ඩාරේ ,..etc )
මටත් ඔය ලෙඩේ ලොකුවට තිබ්බනෙ අප්පා තාමත් ඕක ඇරිලා නෑ
ReplyDeleteමේ කතන්දර මාලාව විජය පත්තරේ හරි මිහිර පත්තරේ හරි කාලෙකට කලින් ගියා "සාෂාගේ හපන්කම්" වගේ නමකින්. අපි පොඩි ළමයි බොහොම ආසාවෙන් මේ කතාව කියෙව්වා. සාෂා අහස කොළ පාටින් පාට කරපු කතාව, ප්‍රසිද්ධ ලේඛකයෙක්ට කතා කරපු එක වගේ ඒවත් තිබ්බා වගේ මතකයි.
ReplyDeleteහැබැයි මේ කතාවම වගේ තියෙන ටෙට්සුකෝ කුරයොනගීගේ හරි පුදුම ඉස්කෝලේ කතාවත් මතක් වුණා. ඒකෙත් එයා පොඩි කාලේ ඔත්තුකාරිය, වීදි සංගීතකාරිනියක්. බැලේ නටන්නියක් වගේ වෙන්න උවමනා කලාලුනේ :)
රාත්‍රී මුරකරුවෙක්, අය්ස්ක්‍රීම් වෙළෙන්දෙක්, දුම්රිය පීලි මාරුකරන්නෙක්.ඇත්තටම මේ චරිත තුන වටහාගන්න කෙනා ලෝකයම දිනාගත් හොඳ පුරවැසියෙක්. මේ චර්ත තුන තුළ මුලු ලෝකයම තියෙනවා.
ReplyDeleteමේ පරිවර්තනය කියන්න බැරි තරම් රසයක් දැනුන එකක්.
මම තවමත් කල්පනා කරන්නෙ මුලු නුවරම නිදිගත් මොහොතක රාත්‍රී මුරකරුවෙක් උයන්පල්ලෙක් මොනතරම් සුන්දර අත්දැකීමක්ද එක රාත්‍රියකට හරි.
මමත් ඉස්සර ඔහොම තමයි, ලොකු උනාම කරන්නට හීන ගොඩක් තිබුනා. ඔය වගේම ඒවා මතක් වෙද්දීත් හිනා යනවා. හැබැයි පසුකාලීනව එක අරමුණක් තෝරාගෙන, එය සැබෑ කරගත්තා.
ReplyDeleteහරි ලස්සනයි. පුංචි දරුවකුගේ සිතිවිලි සිත්කාවැදෙන අයුරෙන් පළ වෙනවා. පරිවර්තනයක් වුවද මල් නිර්මාණයෙන් ඇති කළ හැඟිම්ම ජනතිවෙනවා නම් එය නිර්මාණාත්මක පරිවර්තනයක් ! ඒ ගුණය මෙහි නොඅඩුව ඇතිබවයි මගේ හැඟීම
ReplyDeleteමේ ලිපිය දැක්කම වඩාත්ම ආස හිතුනේ මගෙ පුතා පංචි කාලේ කිව්ව ඒව සිහිවෙලා
ReplyDeleteහරිම ලස්සනයි.....
ReplyDeleteඅපෙ ගෙදරත් ටීචර් හීනය දකින චූට මොන්ටිසෝරි ළමයෙක් ඉන්නවා
මතක් වෙද්දි හරිම සතුටුයි.....
හරිම රසවත්.
ReplyDelete