එයාලගෙ චුට්ටි අයිය වයස පහළවක් වගෙ වෙද්දි හදිස්සියෙම හරියට මොකක්ද කියල හිතාගන්ට බැරි අසනීපෙකින් නැතිවෙලා.
" මට එතකොට වයස දහයක් විතර ඇති. මගෙ ජීවිතේට අපි ආදරය කරන කෙනෙක් අපිව අතෑරල ගියහම දැනෙන දරාගන්ට බැරි වේදනාව, පාළුව ඉස්සෙල්ලම මට දැනුනෙ අපේ චුට්ටි අයිය නැතිවෙච්චි දවසෙ. "
අපේ සෙනේහෙ පටන්ගෙන සතියකින් දෙහෙකින් විතර එයා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මා දැක්ක එහෙම කිව්ව.ඒ මාතලේ රත්නගිරියෙ උඩ තට්ටුවෙ දවල්ට බත් කන ගමන්.
" ඒ චූටි අයිය හිටියනං මම දන්නව කවදාකවත් ඔය අපෙ කඩේ වැහෙන්ට දෙන්නෙ නෑ. අනික් දෙන්න වගෙ නෙවෙයි එයා ගමේ කොල්ලො එක්කමයි හිටියෙ. වයස පහළවෙදි නැතිඋනේ. ඒත් ඒ වෙනකොටත් ගමේ කොල්ලො විතරක් නෙවෙයි වැඩිහිටියො අතරත් බොහොම පිළිගැනීමක් තිබ්බ එයාට. "
ඔය වැඩිදුර විස්තර එයයි මා එක්ක කිව්වෙ නම් අපෙ කසාදෙන් සතියකට වගෙ පස්සෙ. අපි එතකොට හිටියෙ අර මුලින්ම පදිංචියට ගිය ක්වාටර්ස් එකේ. එයයිගෙ අර මදුරු සංහාර මෙහෙයුම මතකයි නේද? ආන්න ඒ ඔපරේෂන් ඩෙංගු කිලිං මෙහෙයුම ක්‍රියාත්මක කලේ එයයි ඔය ක්වාටර්ස් එකේ ඉන්දැද්දි තමයි...
නාවුල ගිරිතලේ පාරට බොහොම කිට්ටුව අපෙ ඔය ක්වාටර්ස් එක තිබ්බෙ.පාරෙ බර වාහන යනව රෑට ඇහෙන්නෙ කණ උඩිං යන්නැහෙ. දවල් කාලෙ ඔය නොයෙකුත් සද්ද බද්ද නිසා ඒ හැටි ගාණක් නෑ. ඒත් රෑ පානෙ නිස්සද්දතාව හින්ද විසේසයෙන්ම බර වාහන අදිනව බොහොම අපූරුවට ඇහෙනව. කුඹුරු කැපෙන කාලෙට නම් ආය කියල වැඩක් නෑ. වී ලෝඩ් යනව පොළොන්නරු පැත්තෙ හාල් මෝල් වලට රෑ එලිවෙනකල් . මෝල් දෙකයි තිබ්බෙ ප්‍රසිද්ධ එව්ව. එකක් ඇමතිගෙ මල්ලිගෙ අනික නියෝජ්‍ය ඇමතිගෙ...හෙහ්,හෙහ්,
මුලින්ම ඕක මහ කරදරයක් උනාට කණ ඒ සද්දෙට පුරුදු උනහම ඒකෙ ඒ හැටි අවුලක් නෑ.දැං ඔය කසාද බැන්දහම යුවති හරි පති හරි දෙන්නෙගෙන් එක්කෙනෙක් ගොරවනකොට ඕක මුලිම්ම මහ දරුණු කේස් එකක්නෙ.
" ඒයි මේ…" කියල ඔන්න හොල්ලල ඇහැරෝනව. අපි කියමු පුරුස තෙමේ කියල. තෙමේ කියන්නෙ තෙමෙනව කියල එහෙම නෙවෙයි හොඳද?
" ඇයි? ඇයි? මොකද? මොකද? …" කියල බාරියා තොමෝ දනි පනි ගාල අවදිවෙනව. " ඇයි? මොකද කලබලේ? හොරුවත් ඇවිල්ලද? "
" ඔහෙ ආපු හොරෙක් නෑ මෙයා. මම මේ කතා කලේ ඔයාට කොට්ටෙ ටිකක් හදාගෙන නිදියන්න කියල කියන්නයි. ඔයා ගොරවනවනෙ. "
" ගොරවනව? මම? නෑ? පිස්සුද? "
" නෑ එහෙනං මම …"
ඔහොම ඔය ඩයලොග් එක සතියක් දෙකක් වගෙ ඔන්නම ප්‍රතිවාදනය වෙයි. ඊට පස්සෙ විකල්ප දෙකයි තියෙන්නෙ. එක්කො ගොරවන එකට පුරුදු වෙන්ට වෙනව. නැත්තං ඉතිං දමල ගහල යන්ට වෙනව. ඒ ඇර වෙන විසඳුමක් නෑ.ආ.. ඒ දෙකම නැතුව කං දෙකේ පොරොප්ප දෙකක් ගහගෙන බුදියෙන්ටත් නම් ඇහැකි. ඒ එතකොට වෙන්නෙ හොරෙක් ආවත් මේ ලෝකෙ දෙයක් ඇහෙන්නෙ නෑ.
" මේ ඒයි සද්දයක් ඇහුන මට..පොඩ්ඩක් බලන්ටකො හොරෙක් වත්ද කියල. " බිරිඳ සුවාමියව කීද්දුව.
" පිස්සුද අනේ? හොරු එනකොට සද්ද කර කර එන්නෙ නෑ.පිස්සු නැතුව නිදාගන්ට " සුවාමිය අනික් පැත්ත හැරිල නිදාගත්ත.
ඔන්න ආයම ටිකකින්.." මේ ඒයි.. ඒයි…"
" මොකද අනේ මේ? මම කිව්වනෙ එක පාරක් හොරු එනකොට සද්ද කරකර එන්නෙ නෑ කියල."
" හරි හරි ඒක තමයි මම මේ ඔයාව ඇහැරෙව්වෙ..කිසිම සද්දයක් නෑ ඒයි..බලන්ටකො පොඩ්ඩක් ගිහිල්ල හොරෙක්වත් ඇවිල්ලද කියල "
Its called feminine logic. Very resonable isn't it now?... මහිලා තර්කන විධි ක්‍රමය ඕකට කියන්නෙ.කිසි වරැද්දක් නෑ බලාගෙන ගිහාම හෙහ්,හෙහ්,
ඔය පලපුරුදු හොරු ඉන්නව නේද? එවුන්ට පුලුවනිය කියනව ගෙයි පිට පැත්තෙ ඉඳගෙන බිත්තියට කන්දිහාල ගොරවන සද්දෙං කියන්ට ගෙදර කීදෙනෙක් ඉන්නවද? ගෑණු පිරිමි කීයද? එතකොට කුකුල් නින්දෙ කීදෙනෙක්ද?මර නින්දෙ කීදෙනෙක්ද කියල...ඊට පස්සෙය කියනවනෙ ඔය බිත්තියෙ එක තැනක් සිදුරු කරල එතනිං මුට්ටියක් දාල බලනවය කියන්නෙ.
කුමාරතුංග මුනිදාස මහත්මයගෙ හත්පණ කතාවෙ කිරිහාමි මතකද? ඔය කිරිහාමි හොරු කට්ටියකට එකතුවෙලා ඔන්න හොරකමේ ගියාලු. කිරිය එච්චර මහත දෙහෙත නැති හීනැස්ස හින්ද බිත්තිය කඩාල මේකව ගෙට ඇතුල්කලාලු හොර නායකය. ඇතුලෙ වටිනා කියන බඩු මුට්ටු තියන තැං බලාගෙන ඊට පස්සෙං පහු හීං සැරේ දොරක් ඇරල අනික් හොර මුල ගෙට ගන්ට ඕනය කියල වැඩේ බාරදීල ඒ විදිහට පොරොන්දු කරගෙනයි කිරියව ගෙට ඇතුල් කලායි කියන්නෙ.
ගේ ඇතුලෙ පට්ට කරුවලයි. කිරියා අතපත ගගා ඔන්න යනව කුස්සියට. කුස්සියෙ ලිපේ අඟුරු දිලිසෙනව. මෙන්න ඒ ගාවම කොස් ඇට ගොඩක්. කොස් ඇට පුච්චල කන්න කිරීස් බොහොම මනාපයි. ලිබ්බටේ අරගෙන පිඹල කිරිහාමි ලිපේ ගින්න බෝකරගන්නව.
ලිබ්බට කියන එව්ව අනේ මන්ද දැං බොහොම කලාතුරකිං දරලිපේ උයන ගෙවල් වල උනත් දකින්ට ලැබෙන්නෙ.අපෙ අම්මගෙ අයිය කෙනෙක් වැඩ කලා රේල්ලුවෙ. ඒ කිව්වෙ දුම්රිය දෙපාර්තමේන්තුවෙ. ඉස්සොරෝම අම්මගෙ අප්පච්චි තමයි වැඩ කරල තියෙන්නෙ රේල්ලුවෙ.මුලිම්ම ගල් අඟුරු ඇන්ජීමේ ගින්දර දමන්නා හැටියටයි උන්දැ රස්සාවට ගිහිල්ල තියෙන්නෙ... Fireman ...වයස දාහතක් වගෙ කාලෙ.
කෑගල්ලෙ අපෙ ගෙදර ඉස්තෝප්පුවෙ බිම වැතිරිල අපෙ අත්තම්මගෙ ඔක්කෙ ඔලුව තියාන මම උන්දැගෙං අහගත්තු පුරාණෝක්ති වල හැටියට කාල නිර්ණය කලාම ඒ ලොකු අත්ත රස්සාවට ගිහිල්ල තියෙන්නෙ එකදාස් නම සීයෙ වගෙ වෙන්ට ඕන.ෆයර්මන් තමයි ලොකු අත්තගෙ තනතුරු නාමය. එයාගෙ වගකීම කෝච්චි එන්ජිමේ ගින්දර අවශ්‍ය ප්‍රමාණයට පවත්ව ගන්න එක. ගින්දර නියමිත ප්‍රමාණය ඉක්මවල අඩු උනොත් කෝච්චියට අවශ්‍ය වේගය පවත්වාගන්ට අමාරුයි. ගින්දර වැඩිඋනොත් නිරපරාදෙ ගල් අඟුරු නහත්ති වෙනව. ඒ නිසා පළපුරුද්දෙං බොහොම පරිස්සමින් කරන්ට ඕන රාජකාරියක් ඒක.
අන්තිමට ෂන්ටිං ඩ්‍රයිවර් තනතුරකට උසස් වෙලයි අපෙ ලොකු අත්ත පැන්සන් පලච්චෙ.ෂන්ටිං ඩ්‍රයිවර් කියන්නෙ රේල්වේ යාඩ් එකේදි පෙට්ටි එහාට මෙහෙට අරං ගිහිල්ල ඒ නියමිත අනුපිළිවෙලට අමුණල කියල ඒ කටයුතු කරන මනුස්සයට. ඒ වැඩේට තියනව ෂන්ටිං එන්ජිම කියල වෙනම පොඩි පහේ එන්ජිමක්.
අර මම කියාගෙන ආව මාම කාලයක් හිටිය මාළිගාවත්තෙ රේල්වේ ක්වාටර්ස්වල. මම එතකොට ඉස්කෝලෙ ඇරිල කැටවලමුල්ල ලේන් එක දිගේ ඇවිල්ල දෙමටගොඩ පාර පැනල මාළිගාවත්තෙ රේල් බෝක්කුව යටින් ගිහිල්ල යනව මාමලගෙ ගෙදර. ඒ ගෙදර පිටිපස්සෙ තිබ්බ අඩි අටක් වගෙ උස තාප්පයක්. එතනම එහාපැත්තෙ මරදානෙ රේල්වේ යාඩ් එක. මම හවස ඔය තාප්පෙ උඩට නැඟල හොඳට පට්ටල වෙලා ඉඳගෙන එහෙම බලා ඉන්නව ඔය ෂන්ටිං කරනව එහෙම.
අද උනත් කෝච්චි ගැන මගෙ තියෙන්නෙ පුදුම ආසාවක්. ලොකු අත්තගෙ ආරෙට ගිහිල්ලද මන්ද. මම ඒ ලොකු අත්තව ඇහැට දැකල වත් නෑ. මම ඉපදෙන්ට අවුරුදු දෙක තුනකට කලිම්ම උන්දැ මිය පරළොව ගිහිල්ල. තව අවුරුදු හත අටක්වත් හිටියනං මට යස අපූරු කතන්දර ටිකක් අහගන්ට තිබ්බ නෙවැරදීම.
අපෙ ඔය මම කියාපු මාමට රේල්ලුවෙ රස්සාව හම්බ වෙලා තියෙන්නෙ ඒ ලොකු අත්ත හින්ද. රේල්ලුවෙ සුද්දගෙ කාලෙ පටංගත්තු සම්ප්‍රදායක් තිබිල තියනව රේල්ලුවෙ වැඩ කරන කෙනෙකුගෙ පවුලෙ පිරිමි දරුවන්ට රේල්ලුවෙ රස්සාවල් දෙනකොට ප්‍රමුකස්තානය දෙනට. ඔය මාමට වැඩිමල් තව මාමල දෙන්නෙක් රේල්ලුවෙ වැඩ කරල තියනව අපෙ අම්මගෙ පවුලෙ. තවමත් ඒ සම්ප්‍රදාය එහෙම්මම පවත්වාගෙන යනවද කියල නම් මම දන්නෙ නෑ. විදුලි මල බණ්ඩලෙත් ඔහොම පොලිසි එකක් තිබ්බයි කියල කවුද මා එක්ක කිව්ව.
හරි දැන් මේ මාමගෙ කතාවක් ඇදිල ආවෙ කොහොමද මෙතෙන්ට? ම්ම්ම්..හා..හරි..ලිබ්බටේ ගැන කියන්ට ඇවිල්ල නෙව..ඉතිං අර මම කියාපු මාමා තමයි ඒ දවස්වල අපිට ලිබ්බට ගෙනත් දෙන්නෙ. ඔය එන්ජින් වලින් අයින් කරන මොනව හරි වානේ හරි තඹ හරි අඟලක වගෙ විස්කම්බය තියෙන අඩියක් එකහමාරක් වගෙ දිග බට කෑල්ලක එක පැත්තක් හීන් වෙන්ට තලලයි ඔය ලිබ්බටේ හදන්නෙ.
ලිබ්බොක්ක දන්නව නේද? අර බල්ලො එහෙම බුදියන්නෙ.....
" ළමායි.... ලියනකොට මහප්‍රාණ වචන නිතරම පාවිච්චි කරන්ට පුරුදු වෙන්ට. එතකොට තමයි ලියන දේක උනත් වැදගත් කමක් පේන්නෙ. දැං බලන්න බය කියල ලියනව වෙනුවට භය කියල ලියන්ට.බවය නෙවෙයි භවය කියල ලියන්ට තේරුණාද ඔය ලමයින්ට?." ගම්බද ඉස්කෝලෙක සිංහල ගුරුතුමා එහෙම කිව්වලු.
" තේරුණා සෑර් " ළමයි එක හඬින් කිව්වලු.
" හරි... එහෙනම් ඒ මම කියල දුන්නු විදිහට වාක්‍යයක් ලියාගෙන එනවලා බලන්ට " සර් එහෙම කියල ගිහිල්ල වාඩිඋනා.
ඔන්න ළමයි එක එකෙනා ආව පෝලිමට ගල්ලෑලිත් අරගෙන . පස්සෙම පේළියෙ ඉන්න කිරිතේලිස්ගෙ වාක්කිය මෙහෙමයි
" භල්ලා ලභුත් එක්ක භත් කා ලිප් භොක්කේ භුධි. "
සයුරි නෝන මහත්තැං කුලු නැටුං ගැන කියල පෝස්ට් එකක් දාල තිබ්බ. මම ඒකට කමෙන්ට් එකක් ලිව්ව මට අර කුල්ලෙ කතාව මතක් උනාය කියල. ඒ පාර ඒ දැරිවි කියල තිබ්බ අනේ ඒ කතාව දන්නෙ නැතිය. ගුරුවරීගෙ කතාවකදිවත් ඒක කියන්ටය කියල. හරි එහෙනං ගුරුවරු සහ ළමයි ගැන කතාව ඇදිල ආපු නිසා ඒකත් මේ ගමම්ම කිව්වනං වැඩේ ඉවරයිනෙ..
මේ කතන්දරේ ඔන්න ඉංෆ්‍රීසි ගුරු මහත්තයෙක් ගැන. එතුමා ඔන්න මුලිම්ම සුපුරුදු පරිදි දුස්කර සේවයට වැටුන බොහොම දුර බැහැර පලාතකට. අපි කියමු දෙහිඅත්තකණ්ඩිය පැත්තෙය කියල
( Disclaimer - ඉංග්‍රීසි ගුරුතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙහි පාසලක සේවය කල බව සඳහන් කිරීම කරණකොටගෙන කිසිදු ඇඟවීමක් හෝ අනියමාර්ථයක් අදහස් නොකරන බවද එසේම යම් යම් උපකල්පන වලට එලඹීමේ අවදානම ඔබ විසින්ම දැරිය යුතු බවද මෙයින් එකහෙලාම දැනුම් දෙමි. )
ඉස්සෙල්ලම පත්වීමනෙ..මේ සර්ටත් තිබ්බ අර ඉගෙන ගත්තු සාස්තරේ හොර බොරු නැතුව දරුවන්ට උගන්නන්ට ඕනය කියන හැඟීම. ගිය ගමන් ඔන්න පන්තියෙ ළමයි අමතල මෙහෙම කිව්ව.
" දරුවනේ, ඉංග්‍රීසි බාසාව හරියට ඉගෙන ගන්නව කියන්නෙ බොහොම වැදගත් ඔයාලගෙ අනාගතයට. ඒ නිසා අපි මෙහෙම කරමු. හෙට ඉඳල ඔය හැමෝම උදේ ඉස්කෝලෙ එනකොට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද කියල තමං නොදන්න වචනයක් ලියාගෙන එන්ට ඕන. මම ඒ වචනෙට කියන්නෙ මොකක්ද කියල කලු ලෑල්ලෙ ලියනව. ඒක ඔයාල පාඩම් කරගන්න.එහෙම තමයි ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්ට පුලුවන් වෙන්නෙ.."
" හොඳයි සර්.." කියල ලමයිත් ඉතිං එදා ඉඳලම එහෙම කලා.
උදේම පංතිය පටන්ගත්ත වහාම කියනව ඔන්න ලියාගෙන ආපු වචන...සර් කියනව ඒකට කියන ඉංග්‍රීසි වචනෙ...කාමරේ = රූම්, වහලෙ = රූෆ් , වැට = ෆෙන්ස්, කුරුල්ලා = බර්ඩ් ….ඔන්න ඔය වගෙ...
ඉතිං මේ වැඩේ ඉතා සාර්ථකව කෙරීගෙන ගියා මාස දෙකක් තරමෙ..ඒත් ඔන්න එක දවසක් මෙහෙම දෙයක් උනා...සුපුරුදු පරිදි කොල්ලො කෙල්ලො ඔන්න කියාගෙන ගියා ඉංග්‍රීසියෙං කියන්නෙ මොකද්ද කියල නොදන්න වචන..සර් එතකොට කියනව අදාල ඉංග්‍රීසි වචනෙ...උදැල්ල..මැමටි කෝප්පය...කප් ඇල...ස්ට්‍රීම්...
ඔන්න දැන් තිලකසිරිගෙ වාරෙ..තිලකසිරි නැඟිට්ට…
" සර් කුල්ල…"
අප්පට සිරි..සර්ට නෝත් සවුත් මාරු උනේ නැද්ද? දහ අතේ කල්පනා කලා මොකක්ද යකෝ කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නෙ කියල..ම්හු එන්නෙම නෑ...එන්නෙම නෑ…
" මොකක්ද තිලකසිරි කිව්වෙ? "
" සර් මම කිව්වෙ කුල්ල කියල…" තිලකසිරි බොහොම අහිංසක තාලෙට කිව්ව.
" තිලකසිරි...මොකක්ද කිව්වෙ? " ආයම සර් ඇහුව.අනේ අර අහිංසක කොලුව කරකවල අතෑරිය වගෙ..
" සර් මම කිව්වෙ කුල්ල කියල " ආයෙමත් කිව්ව.
ඔන්න ඒ පාරනම් සර්ට මලම පැන්න. තද උනා අසූහාරදාහට…
" මොකක්ද කිව්වෙ ? හුහ්...කුල්ල ඈ? කුල්ල ? ..තමුසෙට වෙන කියන්ට වචනයක් තිබ්බෙම නෑ නේද තිලකසිරි..ඈ? මෙහාට එනව අල්ලනව අත.. "
චටාස් චටාස්...දුන්න තිලකසිරිට වේවැල් කසාය...මදි නොකියන්ට..එදත් එදයි ඉංගිරිස් පාඩම නතර උනා වහාම ක්‍රියාත්මක වන පරිදි. ඔන්න ඔහොමලු ඉංග්‍රීසි ගුරුවරු...අනේ මම මේ ඔක්කොම ඉංග්‍රීසි සර්ල එහෙමයි කියනව එහෙම නෙවෙයි. ඒ අතර ඉන්නව දාහකිං හොයාගන්ට බැරි තරමේ නොම්බර එකේ කට්ටිය. හෙහ්,හෙහ්, වැඩිදුරක නෙවෙයි ..කිව්වම මොකද මේ ළඟම ඉන්නව..මේ ළඟම ඉන්නව....
ඒ තමයි සයුරිගෙ කතාව...
එතකොට පහුගිය කථාංගයට රූ නෝනා මහත්මිය කමෙන්ට් කරල අහල තිබ්බ මම අර කොම්පඤ්ඤ වීදිය පොලීසියෙ සාජන් මහත්තය එක්කදැයි වැඩ කලේ කියල. ඇත්තම කියනවනම් මම ඒ කතාව කියන්නමයි හිටියෙ. ඒත් ගොඩක් උදවිය ඒක අහල ඇතියකියල හිතල පොඩි දෙගිඩියාවකුත් නොතිබ්බෙම නෑ.
ඒත් Ms. රූස් කිව්වට පස්සෙත් ඒක නොදා ඇහැක? මම ඇවිල්ල ඔය වනිතා පක්සයෙ ඉල්ලීම් ඉටු කරන්ට තනි පයින්. කලින් දවසකුත් කිව්ව මතකනෙ ඒ කාලෙ මට කිව්වෙ වනිතා කටයුතු ඇමති කියල. අපි ඔය එක කාලෙක හිටපු ඇනෙක්ස් එහෙකින් යන්ට උනෙත් මගෙ ඔය වනිතා කටයුතු අපෙ එතුමීට එතරම් ඇල්ලුවෙ නැතුව ගිහිල්ල.
රයිට් ඒ මදැයි..දැං කතාව..මේ කතාවෙ නොයෙක් වර්ෂන්ස් තියනව. මේ එකක්...
මේක උනේ 1989 විතර , අර භීෂණය කාලෙ, ඔය දවස්වල පාරවල් වල මිනියක් නැති දවසක් නැහැනෙ.
දවසක් ආමි ජීප් එකක් මුර සංචාරයෙ යද්දි දැක්ක කවුදෝ මිනිහෙක්, මිනියක් කකුල් දෙකෙන් ඇදගෙන යනව පාර දිගේ, හරියටම ඔය රමාඩා හෝටලේ ඉස්සරහ වගෙ. වහාම වාහනේ නවත්වල බැහැල මේ යකා අල්ල ගත්තා. බැලින්නං මේ පොලිසියෙ පරණ සාජන් කෙනෙක්. ඉතිං දැං සාජන් ගෙන් ප්‍රශ්න කරනවා. ඒ උනාට සාජන් ගොයියා හරි උත්තරයක් දෙන්නෙ නැහැ. අන්තිමට ආමි කට්ටිය තීරණය කලා සාජන්ව කෑම්ප් එකට අරන් ගිහින් නීත්‍යානුකූලව කටයුතු කරන්ඩ.
මේ වෙලාවෙ සාජන් ඇඹරි ඇඹරි කිව්වා "අනේ, මාව කෑම්ප් එකට ගෙනියන්ඩ එපා, මම ඇත්ත කියන්නං" කියලා,
"හරි, එහෙනං, කියනව බලන්ඩ ඇත්ත "ආමි කාරයෙක් කිව්වා,
"මට මේ මිනිය හම්බ උනේ කොම්පඤ්ඤ වීදියෙ තිබිලා"
"හරි ඉතිං තමුසෙ කොහාටද මේක ඇදගෙන යන්නෙ?"
"කොටුවට"
"ඒ මොකටද?"
"මේකනෙ, මිනියක් හම්බ උනහම ඒ ගැන රිපෝට් එකක් ලියන්ඩ ඕනනෙ,"
"හරි ඉතිං?"
"ඒ රිපෝර්ට් එකේ මිනිය හම්බ උන තැනත් ලියන්ඩ ඕනනෙ"
"හරි හරි මනුස්සයො ඉතිං?"
"ඉතිං වැඩේ මම කොම්පඤ්ඤවීදිය කියල ලියන්ඩ දන්නෙ නැහැ, හැබැයි කොටුව කියල මට ලිව්වැහැකි " සාජන්ගෙ පැහැදිලි කිරීම එහෙමයි.

කුල්ලට winnowing fan කියලා කියන්න පුළුවන්.අනික අර පොලිස් කාරයා ඒක ඇදන් ගියේ මැලේ වීදියට කියලයි අපි නම් දන්නේ.
ReplyDeleteamuthusithuwili blog,
Delete/ කුල්ලට winnowing fan කියලා කියන්න පුළුවන්. /
හරි කුල්ලට කියන්නෙ Wnnow නැත්නම් Winnowing Fan කියල තමයි.
/ අනික අර පොලිස් කාරයා ඒක ඇදන් ගියේ මැලේ වීදියට කියලයි අපි නම් දන්නේ /
ඔය කතාවෙ නොයෙක් ප්‍රභේද තියනව. පොලීසිය ගැන ඔය වගෙ කතා බර ගානක් ඒ කලෙ රට පුරා පැතිරුනා. තව මරු කතාවක් තියනව අර පොලීසියට බඳව ගන්ට ඉන්ටවීව් කරද්දි සිද්ද වුනයි කියන එකක්...හෙහ්,හෙහ්,
මගෙ පුංචි අම්මගෙ පුතා පොලිසියෙ. ඕක එක්ක සෙට් වෙද්දි ඌ කලිම්ම කියනව.." මේ අයියෙ..එකක් කියන්නං. උඹ අපි ගැන ***** කතා කියන්ට එහෙම ඔට්ටු නෑ හොඳද? අම්මප තලනව උඹෙ *******," හෙහ්,හෙහ්,
මම හිතුවේ ඔය දෙහිඅත්තකණ්ඩිය පැත්තේ උගන්නපු අදාල ගුරුවරයාම මේකට උත්තරයක් දෙයි කියා..
Delete“හුහ්..රවියා හිතං ඉන්නේ මම කුල්ලට කියන වචනේ මම දන්නෑ කියලා. ඔය මනුස්සයට පුළුවන්ද මට උගන්නන හැටි කියලා දෙන්න.. තිලකසිරිට වචනයක් දෙකක් තනියම හොයාගන්න දෙන්න ඕන නිසායි මම තරවටු කලේ..අනේ අම්මපා මේ වගේ..!! “
Ruu,
Delete/ මම හිතුවේ ඔය දෙහිඅත්තකණ්ඩිය පැත්තේ උගන්නපු අදාල ගුරුවරයාම මේකට උත්තරයක් දෙයි කියා.. /
අඩාල ගුරුටුමා කම්පනා කලා මයෙ හිතේ මෙහෙම.. " ඔව්වට උත්තර බඳින්ට ගෙහුං හිට අර ***** පුතාගෙන් තව මොකවත් කටකැඩිච්චි කතාවක් අහගන්නවට වඩා දාහෙන් සම්පතයි කටයි *** වහගෙන මෙහෙම ඉන්න එක... "
ඔය දෙහිඅත්තකණ්ඩියෙ ඉංග්‍රීසි කෝස් එක කරන්න ඇත්තෙ අර දැං මාලදිවයිනේ කරෝල වේලන අපේ ඩෙනිම් සර් වෙන්ටැ.
ReplyDeleteලිප්බටේනං අපේ ගෙදර තාම තියෙනව. කිරිහාමිගෙ කතාව ඉවර උනේ නෑ නේද.
ඔය පාරවල් අයිනෙ ඉන්නකොට එපාවෙන වැඩේ තමයි බර වාහන සයිලන්සරෙන් සද්දෙ දාගෙන යන එක.
Praසන්ன,
Delete/ ඔය දෙහිඅත්තකණ්ඩියෙ ඉංග්‍රීසි කෝස් එක කරන්න ඇත්තෙ අර දැං මාලදිවයිනේ කරෝල වේලන අපේ ඩෙනිම් සර් වෙන්ටැ. /
හිතවත් මහතාණනි,
ඉහත මවිසින් සඳහන් කල වියාචනයට යලි ඔබගේ අවධානය යොමු කරවමි.
ඔබගේ පහසුව උදෙසා ඒ යලි පහත උපුටා දක්වමි.
( Disclaimer - ඉංග්‍රීසි ගුරුතුමා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙහි පාසලක සේවය කල බව සඳහන් කිරීම කරණකොටගෙන කිසිදු ඇඟවීමක් හෝ අනියමාර්ථයක් අදහස් නොකරන බවද එසේම යම් යම් උපකල්පන වලට එලඹීමේ අවදානම ඔබ විසින්ම දැරිය යුතු බවද මෙයින් එකහෙලාම දැනුම් දෙමි. )
ඔබගේ උපකල්පනයන් හා එයින් පැනනැඟිය හැකි අනාගත උපද්‍රවයන්හි පූර්ණ වගකීම සාකල්‍යයෙන් ඔබ විසින් දැරියයුතු බව යළිදු සිහිපත් කරමි.
/ කිරිහාමිගෙ කතාව ඉවර උනේ නෑ නේද. /
හරි හරි බං...ඒක ඉවර කරන්නං ලබන පාර...:)
/ ඔය පාරවල් අයිනෙ ඉන්නකොට එපාවෙන වැඩේ තමයි බර වාහන සයිලන්සරෙන් සද්දෙ දාගෙන යන එක /
ඕක කරන්නෙ විශේෂයෙන්ම දුර ගමන් සේවා බස් කාරයො. සයිලන්සරේට හයි කරනව පොඩි ගැජට් එකක්. ඒකෙන් තමයි ඔය සද්දෙ එන්නෙ. එව්ව හයි කරන්ට තහනම්. ඒත් ඉතිං ආසියාවෙ ආස්චර්යයෙ කොහෙද නීතියක් කියල එකක්..
හත්පණ වගේ පොතක තියෙන දේවල් කියනකොට හරියට කියන්න එතන කොස් ඇට ගැන කතාවක් නැහැ. මුං ඇට ගැනයි තියෙන්නෙ.
ReplyDeleteනිර්නාමික,
Deleteසමාවෙන්න, ඔබ හරි..කිරිහාමි බදින්නෙ මුංඇට තමයි.මට පොඩි පටලැවිල්ලක් උනේ...:(
ස්තූතියි ඔබට වරද පෙන්වා දීම පිළිබඳව,
අද පොරොන්දු ඉස්ට කිරීමේ දිනයද? හී හී... තව තියනව පොරොන්දු වෙච්ච කතන්දර.. ගුරුවරීගේ අප්පච්චිට සක්කරය කියල වෙච්ච වින්නැහිය.. එතකොට දහයෙ පන්තියෙදී මහමෙර ගැන දුන්නු ප්‍රස්නය සහ ඒකට කොල්ලො කෙල්ලො ලියපු උත්තර.. අපි ඔව්වා මතක තියං ඉන්නෙ ඈ.....
ReplyDeleteකිරිහාමි පොත මගේ ලඟ තිබ්බා පොඩිකාලෙ.. සිය පාරකට වඩා කියෝල ඇති.. කිරිහාමි බැද්දෙ මුංඇට තමා... :) :) මං ගාව තිබ්බ පොතේ ආච්චිගෙ ලොඹු කට ලස්සනට ඇඳල තිබ්බ මතකයි..
බළල් හාමිනේ,
Deleteහරි හරි ළමයා..සියළු පොරොන්දු ඉටු කරනු ලැබේ. :)
බළල් හාමිනේ,
Deleteමීට පෙරත් බොහෝ වනිතාවන් විසින් උත්සාහ කරනු ලදුව අත්හැර දමන ලද උගතෝකොටික ව්‍යාපෘතිය ඔබ තුමිය විසින් නැවත දූලි පිස පටන් ගන්නවා යැයි දැනගන්නට ලැබීම ගැන සතුටු වෙමි.
-රූ
තිත් දෙකයි ඩී.
රූ,
Deleteඔන්න බං ඉතිං ඕකනෙ කියන්නෙ...උඹල මයෙ හිත තලනවනෙ...මම එහෙම පොරොන්දු කඩ කරන කෙනෙක් නෙවෙයි…
ඔන්නම් උඹට මම ලිකිත සාක්සි ඉදිරිපත් කරන්නම...ම්ම්ම්.. ඉඳහං බලන්ට .. එකයි ..දෙකයි..තුනයි..ඊට පස්සෙ එක විඩේම දෙන්නයිනෙ...එතකොට පහයි..රමණි අක්කත් දානවද? නෑ එයා ඕන නෑ..එතකොට අන්තිමට කවුද? වසන්තිද? නෑනෙව ඊට කලින් අර කවුද? ඔන්න බලාපල්ලකො ඒකෙත් හැටි මට නම මතක් වෙන්නෙත් නැති හැටියක්..ඔය බොහොම හුරුබුහුටි ටෙලි නිලියකුත් හිටිය ඒ දවස්වල ඒ නමින්ම..හරි කවුරු හරි..එව්වයින් වැඩක් නෑ... ගාන හතයිනෙ..
හරි රූස්..... මොකද උඹ කියන්නෙ? දිවුරුං පෙස්සං අරං එවන්ටද ඒ වනිතාවො හත් දෙනාගෙං උඹට, මම ඇවිල්ල පොරොන්දු කඩ කරන මනුස්සයෙක්ය එහෙම නෙවෙයිය කියල. මොකද කියන්නෙ?..අනික කොයි අර කතාව ? ඈ බොල? කියල පැහැදිලිව ඇහුව නම් මම කවදාවත් නොකිය ඉන්නෙ නෑ..මයෙ හිත රිදිල තියෙන්නෙ අන්තිමටම...බුදුම්පල්ල මේ ඇත්තමයි :( :( :(
හෑ රමණි නැතුවත් තව හතක් හිටියද? ගුරුවරීට කලින් මගේ ජීවිතය කියල ඔය හතත් ලියමුකො බලන්ට.. :D
Deleteකිරිහාමි ටැලිවිසොන් එකේ ගියානේ. ඔය ඉන්ගිරිසි කතාව කියන කොට මට මතක් උනේ විනෝද සමයේ බර්ටී අහනවා ඉන්ගිරිසි සර්ගෙන් T, H, E, "The" කියන්නේ මොකක්ද කියලා පොර අන්තීමට කියනවා ඒකේ තේරුමක් නෑ කියලා. අරු අහනවා එතකොට ඉන්ගිරිසියේ තේරුමක් නැති ඒවත් තියෙනවද කියාලා. ඇත්තටම එහෙම ඒවා තියෙනවද රවී.
ReplyDeletehttps://www.youtube.com/watch?v=N8ExYgjknP4
ලොක්කා ළඟදි බර්ටිට ගෙයක් තෑගී දුන්නා. ආන් කළාවට ලැදි රජවරු...
ලොක්කා කොහොමත් කළාවට ලැදියි මොකෝ ලොක්කත් සම්මානනිය නළුවෙක් නිසා.
Deleteමාතලන්,
Delete/ කිරිහාමි ටැලිවිසොන් එකේ ගියානේ /
කිරිහාමිට රඟපෑවෙ අපේ ඉස්කෝලෙ සර් කෙනෙක්. වික්‍රම සෙනෙවිරත්න...
/ අරු අහනවා එතකොට ඉන්ගිරිසියේ තේරුමක් නැති ඒවත් තියෙනවද කියාලා. ඇත්තටම එහෙම ඒවා තියෙනවද රවී. /
අපි ඔය ප්‍රශ්නය යොමු කරමු අපේ හෙන් රීස් තුමාට..එතුමා මේ දවස්වල බදුල්ලෙ යනව. ගිහිං ඇවිල්ල උත්තරයක් දෙයි
/ ලොක්කා ළඟදි බර්ටිට ගෙයක් තෑගී දුන්නා. ආන් කළාවට ලැදි රජවරු… /
ඔය රටේම ඉන්න කාපාලුවන්ට ලෝස් නැතුව ගහගන්ට ඉඩදීල තියෙද්දි ඒ වගෙ මනුස්සයෙකුට ගෙයක් දුන්නම මක් වෙනවද?
අනික මොකෝ මැදමුලන පොල් මුරේ කැඩිල ආපු සල්ලි නෙවෙයිනෙ. මේ උඹලගෙ අපේ තුට්ටු දෙකෙං හූරගන්න සල්ලි තමයි ඔය.
වික්‍රම සෙනවිරත්න රවීටත් උගන්නලා තියනවද?
Deleteවික්‍රම සෙනෙවිරත්න අපේ තාත්තගෙ පැත්තෙන් ඥාතියෙක්... එයා ඉස්කෝලෙ යන කාලෙ නැවතිලා හිටියෙ අපේ ගෙවල් ළඟ ඒත් ඥාති ගෙදරක... ඒ කාලෙ පොර හරි ලස්සනයි... නාට්‍යවලත් රඟපානවා... එහෙම ඉස්කෝලෙන් පෙන්නපු 'නරි බෑනා' නාට්‍යයේ නරියට රඟපාපු දවසෙ ඉඳන් අපි පුංචි උන් මිනිහට කිව්වෙ නරිහාමි කියලා... මට මතකයි මං අන්තිමටම එයාව දැක්කෙ ඔය නැවතිලා හිටපු ගෙදර දානයකදි... ඒ වෙනකොටත් හත්පණ නාට්‍යයේ රඟපානවා... පොර ඈත එනකොටම දානෙ ගෙදර හිටපු පොඩි උන් ටික මගට දුවලා අතේ තිබ්බ බෑගුත් අරගෙන එයාගෙ අතින් අල්ලන් නට නටා ආව කියලා මතකයි... කිරිහාමි චරිතය උපරිම විදියට සාර්ථක උනාට එයා නම් ඒ චරිතය රඟපෑම ගැන දුක් වුනා පස්සෙ කාලෙකදි... ඊට පස්සෙ අනිත් මොන චරිතෙ කළත් මිනිස්සු එයා තුලින් දකින්නෙ කිරිහාමිමයි කියලා...
Deleteමමත් කල්පනා කරේ වික්‍රම සෙනෙවිරත්න එච්චර වයසද කියලා. මම කොහෙද දැක්කා නලීන් දිල් රුක්ෂටත් උගන්නලා තියෙනවා කියලා. විකෘති නාට්‍යයේ මුල් කාලයේ රඟපෑවා කියලා මතකයි.
Deleteරූ, මියුරු සහ අරූ,
Deleteනෑ වික්‍රම සෙනෙවිරත්න මහත්මය මට උගන්වල නෑ.ඔහු ඉගැන්වුවෙ මම හිතන්නෙ ප්‍රාථමික පන්තිවලට. හය හත වගෙ..මම සුලෝහිතයට ගියේ දහය වසරෙදි. ඒත් ඉස්කෝලෙ ඉන්දැද්දි මෙහෙම නාට්‍ය වල එහෙම රඟපාන දක්ෂ නළුවෙක් ඉස්කෝලෙ උගන්නනව කියල අපි දැනගෙන හිටිය. හත්පණ රූපවාහිනියෙ ප්‍රචාරය උනේ මම අර කැලේ මැද රස්සාව කරන කාලෙ.
ඒ හැටි වයසක් නෑ මනුස්සයට මම හිතෙන්නෙ :) :) ඔන්නම් මට වඩා අවුරුදු අටක් දහයක් වැඩිමල් ඇති.
හත්පණ කතාවෙ කිරිහාමිලා දැන්නම් ඔය ඕනේ තරම් ඉන්නේ.
ReplyDeleteතනි පයින් වනිතා ඉල්ලීම් ඉටුකොරන්නේ බලාගෙනයි රවියියා,බැලන්ස් නැතුව ඇද වැටෙන්න ඇහැකි.
මනෝජ්.
Deleteහෙහ්, හෙහ්, ඒකත් ඇත්ත තමයි බලාගෙන යනකොට..ඇදගෙන වැටෙන්ඩත් බැරි නෑ දබෝරියං ගාල… :)
උඹ ඔය කියන බටේ අපේ ආච්චිලගේ ගෙදරත් තිබ්බා. ඒක නම් අර බයිසිකලේටම හයි කරලා තියන්න පුලුවන් අඩි එකහමාරක විතර දිග පොඩි පොම්පයක් තිබ්බේ ඉස්සර. ආන්න ඒකක බටේ.
ReplyDelete>>" හරි හරි ඒක තමයි මම මේ ඔයාව ඇහැරෙව්වෙ..කිසිම සද්දයක් නෑ ඒයි..බලන්ටකො පොඩ්ඩක් ගිහිල්ල හොරෙක්වත් ඇවිල්ලද කියල "
Its called feminine logic. Very resonable isn't it now?... මහිලා තර්කන විධි ක්‍රමය ඕකට කියන්නෙ.කිසි වරැද්දක් නෑ බලාගෙන ගිහාම හෙහ්,හෙහ්, <<
ඔය විදියෙම තර්කයක් මම අහලා තියෙනවා පොඩි ළමයෙක් අලවන්ස් එක එකතු කරලා කරලා, ඒ සල්ලි වලින් pet shop එකකින් බලු පැටියෙක් ගන්න ගියාම.
ඉස්සෙල්ලම මේකා තරමක් ලොකු බලු නාම්බෙක් පෙන්නෙලා ඌ කීයද කියලා ඇහුවලු.
"ඩොලර් පහලොවයී."
ඒක ගාන වැඩි නිසා ඊට වඩා පොඩි බල්ලෙක් පෙන්නලා කීයද කියලා ඇහුවලු.
"ඌ ඩොලර් විස්සයි."
"හෑ? එහෙනම් මේකා කීයද?"
කොල්ලා පුංචි ම පුංචි වර්ගයක බලු පැටියෙක් පෙන්නලා අහලා.
"ඕකා ඩොලර් විසි අටක් වෙනවා."
යකෝ බල්ලා පුංචි වෙන්න වෙන්න ගාන වැඩි වෙනවා! කොල්ලා ඇස් දෙක ලොකූ කරගෙන කඩේ අයිති කාරයගෙන ඇහුවලු
"දැන් මම බලු පැටියෙක් ගත්තේ නැතිනම් මම කීයක් ගෙවන්න ඕනෙද?"
Henry,
Deleteපොඩි එකෙක් ගැන අපූරු කතාවක් මේ...කතාව කියන්නෙ අයිස්ක්‍රීම් පාලර් එහෙක වේටර්වරියක්…
උදේ අටට පටන්ගත්ත මගෙ ෂිෆ්ට් එක ඉවර වෙන්නෙ හවස හතරට. සති අන්තය නිසා අද කොහොමත් සෙනඟ වැඩියි. ඒ මදිවට මා එක්ක වැඩකරන අනික් ගෑණු ළමය අද හදිස්සියෙ අසනීප වෙලා. උදේ ඉඳලම හිටගෙන වැඩ කරල හවස හතර කිට්ටු වෙනකොට මට එපාම වෙලයි තිබ්බෙ.
අවුරුදු දහයක දොලහක වගෙ පිරිමි ළමයෙක් ඇවිල්ල හෙමිහිට ඉඳගත්ත කෙලවරක තිබ්බ මේසෙක. මම එතනට ගියා.
" ඔයාට මොනවද ඕන? "
" චොකලට් අයිස් ක්‍රීම් එකක් කීයද? "ඔහු ඇහුවා.
" ඩොලර් 3 50 යි. "
ඔහු සාක්කුවෙ තිබ්බ සිල්ලර කාසි ඔක්කොම එලියට ඇදල ගණං කරන්ට පටං ගත්ත.
මට ඇතිඋනේ නොරිස්සුමක්. ඒත් මම මගෙ කෝපය පාලනය කරගෙන ඔහු දිහාවෙ බලාහිටිය. එතන හරියටම තිබ්බෙ ඩොලර් 3.50 යි.
" හරි මට චොකලට් අයිස් ක්‍රීම් එකක් ගේන්ට." ඔහු එහෙම කියල මට සල්ලි දුන්න.
මම චොකලට් අයිස්ක්‍රීම් බඳුන අරගෙන යනකොට ඔහු බිම බලාගෙන ලොකු කල්පනාවක. අයිස්ක්‍රීම් බඳුන මේසෙ උඩ තියන සද්දෙට හිස ඔසවලා බලල ඔහු හෙමිහිට කතාකලා.
" සමාවෙන්න... ප්ලේන් අයිස්ක්‍රීම් එකක් කීයද? "
" 2.50 යි "
එවරනම් මගෙ නොරිස්සුම පාලනය කරගන්ට මට හැකි වුනේ නෑ. මගේ කෝපය දැනුනු නිසාදෝ ඔහු ආයම කතාකලේ බිම බලාගෙන.
" මට සමාවෙන්න කරදරයක් කරනවනම්, කරුණාකරල මට ප්ලේන් අයිස්ක්‍රීම් එකක් ගේනවද? "
මම ප්ලේන් අයිස් ක්‍රීම් එකක් ඉතුරු ඩොලර් එකත් එක්ක ඔහුට ගිහින් දුන්න. සාමාන්‍යයෙන් තව මොනවත් ඕනද කියල අහන එක වේටර්වරියක් විදිහට මගෙ යුතුකමක් උනත් ඒ වෙනකොටත් කෝපයෙන් සිටි මම කිසිවක් නොදොඩාම ආපහු ඇවිල්ල මගේ ආසනයෙ ඉඳගෙන දෙපා වලට පොඩි විවේකයක් දුන්න. ඒත් ඒ එක්කම තව ගනුදෙනුකරුවො තුන් හතරදෙනෙක් ආපු නිසා මට ඒ අය වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ද උනා. ඒ අතර අර කුඩා දරුවා අයිස් ක්‍රීම් බඳුන අවසන් කොට නැඟිට හෙමිහිට දොරටුවෙන් පිටවී යනව මම යන්තමට වගෙ දැක්ක.
තව ටික වෙලාවකින් හිස් අයිස් ක්‍රීම් බඳුන ගෙන ඒමට ඔහු හිඳසිටි මේසය වෙතට ගිය මට දෙනෙතට කඳුලු නැඟීම වලක්වා ගත හැකි වූයේ නෑ. අයිස් ක්‍රීම් බඳුන අසල තිබුනේ ඩොලර් එකේ නෝට්ටුවක්. ඒ මගේ ටිප් එක විදිහට ඔහු ඉතිරි කල මුදල..
++++++++++++++++++++++++
Deleteගෑස් කුකර් එකක් ගේන තුරා අපේ ගෙවල් වලත් ඉවුම් පිහුම් කලේ දර ලිපේ. දුම් පිබින බටේ අනිවාර්යයෙන් ඕන. නැත්නම් ඉතින් ලිප ගාවටම හිට දාගෙන පිඹින්න එපාය. ලිප්බොක්කේ යට දර අඩුක් කරලා තිබුනා. ලිපට උඩින් මැස්සක ගහලා, කරවල, උම්බලකඩ, ගොරකා, අනන් මනන් තිබුනේ මැස්ස උඩ. ලුණු පොල් කට්ට, හැඳි, අරවා මේවා ඔක්කෝම කළු පාටයි. අමු දර දැම්මාම කුස්සියෙන් එකයි දුම. හිටපු ගමන් දුම් බටෙන් පිඹින කොට දුම ඇවිල්ලා ඉස්පොල්ලෙත් යනවා. ඔය ලිපේ තියෙන පොඩි දර් කෝටු කෙලවරෙන් දුම එනවා. ඒවා තමයි ඉස්සර අපි සිකරැට් ගහනවා කියලා ගහන්නේ.
ReplyDeleteමාතලන්,
Deleteහරියටම හරි බං..හරියටම හරි...
ලුණු පොල්බෙ ( අත්තම්ම කිව්වෙ එහෙමයි ) තිබ්බෙ ලිපට එහායිං තුංබලයක් උඩ. සිංහල අවුරුද්දට ගොමයි කිරිමැටියි එකට අනල අත්තම්ම ලිපේ ගාල අලුත් වැඩියා කරනව. පිරිබඩ ගානවයි කියල ඒකට කියන්නෙ. දුමට එහා පැත්තෙ තිබ්බ මහ විසාල කොහොල්ලෑ ගුලියක් බිත්තියෙ ඇණේක එල්ලල.
කොසයක් කපන කපන ගානෙ අත්තම්ම අලුත් කොහොල්ල ගුලියක් හදල අර බිත්තියෙ තියන කලු ගැහිච්ච මහ කොහොල්ල ගුලියෙ අලෝනව. අප්පල්ලෙක, ඇතිලියක මුට්ටියක යන්තමට පැල්මක් ගියාම ඒ කොහොල්ල උණු කරල වක්කරල එතනට ගනකම රෙදි කෑල්ලක් අලෝනව.
ඒත් එහෙම රෙපයාර් කරපු බාජන හොදි මාලු උයන්ට ගන්ට බෑ. මැල්ලුං වගෙ එව්වට විතරයි. එහෙමත් නැත්තං එව්වයෙ දානව කරවල, හාල් මැස්සො, උම්බලකඩ එහෙම. හපොයි තව මතක් වෙනව බං ඕසෙට. ස්තූතියි මාතලන්... දුම ගැන මතක් කලාට...:)
රවිගෙ ලිබ්බටේ කතාවයි, මාතලන්ගෙ කොමෙන්ටුවයි දැකල මටත් මතක් උනා දරලිප කුස්සිය.. හතර වටේ තියන ඔක්කොම කලුයි.. ලුණු පොල්කට්ට, පොල්කටු හැඳි, හැඳි වැල, හට්ටි මුට්ටි ඔක්කොම.. දැං වාගෙ තුනපහ කුඩු ජාති ගැනිල්ලක් නෑනෙ ඒ කාලෙ.. ඔන්න මුලිං අම්ම ගේනව කොත්තමල්ලි, සූදුරු, මාදුරු, වේලිච්ච මිරිස්.. තව ජාති තියනව මතක නෑ.. ඔය තුනපහ එකට ජාති පහක් දානවනෙ නේද? ඔය ඔක්කොම හෝදල ලොකු වට්ටි වල දාල අව්වෙ වේලනව.. හොඳට වේලුනාට පස්සෙ වතුර නොයන්න පරිස්සමට අඩුක්කරල තියනව.. හොදි මාලු වලට දාන්න ඕන උනාම මිරිස් ගලේ අඹරල හදනව තුනපහ තලියක්.. දවස් දෙකකට විතර ඇතිවෙන්න එකපාර ගලේ අඹරල ගන්නව.. රතුපාට මිරිස් තලිය, දුඹුරුපාට තුනපහ තලිය, කහ තලිය, ගම්මිරිස් තලිය.. මං හෙන ආසයි ඕක දිහා බලන් ඉන්න.. සෙල්ලං ගෙවල් දාද්දි ඔය වගේ මඩ වලින් හදල තියාගෙන ඉන්නව.. හී හී..
Deleteමචෝ මේ පෝස්ට් එකයි කාළෙකට කලින් අටමා ලියපු පෝස්ට් එකකුයි නිසා මාත් පඳුරක් අල්ල ගත්තා තලන්න..
Deletehttp://maathalan.blogspot.com/2014/04/fire-wood-kitchen-old-arrack.html
ඔය දුම් බට කෙරුවාව සමහර ගෙවල්වල කෙරෙනවා දැකලා තිබ්බට අපේ ගෙදර නම් තිබ්බෙ නෑ... ආසාවට එහෙම තැන්වලදි ඕක අරන් ලිපට පිඹින්න හැදුවට හැමදාම ඕක දිගේ ආපස්සට එන දුම් ගුලියක් උගුරෙ හිර කරගෙන කැස්සක් හදාගන්නවා... ඒ නිසා මට නම් ඕක එපාමයි...
Deleteඔය කොහොල්ලෑ කෙරුවාව කුළු වලටත් කළා නේද... අන්තිමට සමහර කුළු බරේ බෑ කොහොල්ලෑයි රෙදි කෑලියි අලවලා...
ලිපට උඩින් තිබ්බ මැස්සට කිව්වෙ 'දුම' කියලා නේද... ඕකෙ නැති ජාතියක් නැති තරම්... අපේ අත්තම්මලගෙ ගෙදර තිබ්බෙ උන්චිල්ලාව වගේ දෙපැත්තට පැද්දෙන එකක්... ලිප තිබ්බෙ පෝරණුවක් උඩ නෙමේ.... ගෙදරට පිටින් තිබ්බ මැටි කුස්සියේ බිම... අත්තම්මා ඇණ තියාගෙන ඉව්වෙ... මං ඔතනින් වාඩි උනාම කරන්නෙ අර දුම දෙපැත්තට පද්දන එක... අත්තම්ම කෑගහනව ඒක බිම නොදා ඉන්නය කියල...
ඒ කාලෙ කිතුල් පැණි මළු එල්ලලා තිබ්බෙත් දුමේ කියලා මතකයි... වැලි හකුරු මතක් වුණා...
ඉස්සර ඔය එක එක ජාති වට්ටිවල දාලා වේලනකොට, ඒවට වහන කාක්කො වගේ කුරුල්ලො එලවන්න පුංචි කන්නාඩි කෑලි තිබ්බා කියලා මතකයි... ඉර එළිය වැදිලා ගිනි කණ වැටෙනකොට කුරුල්ලො එන්නෙ නැති නිසා...
@ බ.හා.....ආපේ අම්මා තාමත් මිරිස් ගලේ අඹරනවා. බැදපු තුනපහ කුඩු ගෙදරම වේලල හදාගන්නවා. ඔය අඹරන මිරිස් ,කහ,තලිවල අස්සට ලුනු කැටයක් දෙකක් ගහනවා. එතකොට කල් තියාගන්න පුළුවන්ලු.
Deleteමියුරු ,
Delete/ ආසාවට එහෙම තැන්වලදි ඕක අරන් ලිපට පිඹින්න හැදුවට හැමදාම ඕක දිගේ ආපස්සට එන දුම් ගුලියක් උගුරෙ හිර කරගෙන කැස්සක් හදාගන්නවා…/
අන්න බං ඒකනෙ කියන්නෙ..බොලා දන්නෙ නෑ ලිබ්බටෙං පිඹින ක්‍රමේ...පුල් ඩම් දාල හුස්ම එකක් පුරෝගෙන ලිපට පිඹල ඊට පස්සෙ ලිබ්බටේ කටේ තියාගෙනම හුස්ම උඩට ගත්තොත් බොල උඹෙ කටේ නෙවෙයි උන්ඩුකපුච්චෙ දිහා හිටං යාවි දුම. ....හුස්ම ආය උඩට ගන්ට ඕන ලිබ්බටේ කටෙං අයිං කරල. ඊලඟ පාර ආතම්මලයෙ අහ ගිහාම ඒ විදිහට කරල බලාපං හොඳද?
/ ඒ කාලෙ කිතුල් පැණි මළු එල්ලලා තිබ්බෙත් දුමේ කියලා මතකයි... වැලි හකුරු මතක් වුණා…/
දුම්මැස්සෙ පැණි එල්ලල තිබ්බෙ කොළපොතකින් හදාපු පැණිමුලක දාල නේද? හෙහ්, හෙහ්, වැලි හකුරු නම් කියල වැඩක් නෑ...
තුන් තේරවිලි දන්නවද? බුදු කුස්සිය - බුදු නම් මුණි, කුස්සිය නම් පැල....මුණි පැල - පැණි මුල..
විලම්බීත පොතේ තිලකගෙ අම්ම පැණි කජු මුට්ට්ය හංගල තිබ්බෙත් දුමේ.
/ ඉර එළිය වැදිලා ගිනි කණ වැටෙනකොට කුරුල්ලො එන්නෙ නැති නිසා…/
අපේ ගෙදර ඒ කාලෙ වැඩිපුර කෑවෙ වී තම්බල වේලල මෝලට අරගෙන ගිහිල්ල කොටව ගත්ත හාල්. සමූපෙ දෙන මිල්චාට් හාල නැත්තං ඉටි හාල කන්ට බෑ කියලයි ගෙදර අය කිව්වෙ. අනේ අප්පේ මටනම් ඒකෙ කිසිම ගනිච්චියක් තිබ්බෙ නෑ. එව්ව උයපු දවසට වෙනද වගේම කුඩා බඩ වැල දිග ඇරෙන්ට ගසල ඇරිය.
අත්තම්මගෙ කුඹුරු කෑල්ලක් තිබ්බ.... ඕකෙ වී අපෙ.ලොකු මාම ගෙනත් දෙනව. එව්ව තම්බල වේලන එක වෙනම මහ විසාල ව්‍යාපෘතියක්. තම්බපු වී පැදුරුවල දාල මිදුලෙ වැනුවම මයිනො කපුටො සහ ගේ කුරුල්ලංගෙං ආරක්සා කරගන්න රාජකාරිය පැවරිලා තිබ්බෙ මට. ඒකට මමත් පාවිච්චි කලේ කණ්ණාඩියක්. කපුටො එන්නැති වෙලාවට අපේ ගේ ලඟ පාරෙන් යන මිනිස්සුන්ගෙ මූණට කණනාඩිය අල්ලල මම කෝටු පාරවල් දෙක තුනකුත් කාල තියනව.
කුල්ලට වැඩිපුරම ගෑවේ , තම්බපු බෙලි සහ ගොඩපොර
Deleteඅටමෝ...ඔය ගොඩපොර ගෙඩි තලලා කොන්ඩේ හේදුවා වගේ මතකයි ගම්වල උදවිය.
Deleteඔව් ඒ ඉස්හොරි වලට
Delete//ඊට පස්සෙ විකල්ප දෙකයි තියෙන්නෙ. එක්කො ගොරවන එකට පුරුදු වෙන්ට වෙනව. නැත්තං ඉතිං දමල ගහල යන්ට වෙනව //
ReplyDeleteඑහෙම නෙවෙයි නෙ රවි මල්ලි කරන්න තියන්නෙ. සවුන්ඩ් හොඳ වෙන්නත් එක්ක දෙන්නම ගොරවන්න පටන් ගන්න ඕන. ඔව්... ස්ටීරියෝ ! ස්ටීරියෝ !! :D :D
Chandana,
Deleteඅම්මාපල්ල කිව්වත් වගෙ ඒකත් හරි තමයි. අර රවි ශංකර් සහ යෙහුඩි මෙනුහින්ගෙ සිතාර් - වයලින් යුගල වාදනය වගෙ තියෙයි..:)
කෝ බොලේ ගුරුවරී ???
ReplyDeleteමේ පිරිමි උදවියට නිදාගන්න ගියාම කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ නේ ඉතින් බිරින්දෑවරු රෑ පානේ සද්ද ඇහුනාම සැමියාට අවදි කරන එක හරිම සාධාරණයි..
එක් මානවිකාවක්,
Delete/ ඉතින් බිරින්දෑවරු රෑ පානේ සද්ද ඇහුනාම සැමියාට අවදි කරන එක හරිම සාධාරණයි../
හරි බං හරි..සද්දයක් ඇහුනොත් ඇහැරවන එක අවුලක් නෑ. කිසිම සද්දයක් නැතිඋනහමත් ඇහැරවන එකනෙව මයිල් කෙලිංවෙන වැඩේ...:)
උඹ අහලා හෝ කියවලා හෝ තියෙනවද දන්නෙ නෑ.. මේක පරණ ගුවන්විදුලි ප්‍රහසන නාටකයක්.. මමත් සෑහෙන කාලෙකට කලින් පොතක තිබිලා කියෙවුවෙ..
ReplyDeleteඔන්න කට්ටඩියෙක් මහ රෑ ජාමෙ කනත්තෙ ඉඳන් මතුරනවා පිල්ලියක් යවන්ට මලගිය ප්‍රාණකාරයෙක් ගෙන්නගන්ට කියලා.. ඔතෙන්ට එනවා මලගිය ප්‍රාණකාරයො දෙන්නෙක්ම.. එක්කෙනෙක් පැන්ෂන් ගිහින් වයසට ගිහින් මැරුන සිංහල ගුරුවරයෙක්, අනික් එක්කෙනා ලඟදී වස බීලා මැරුන තරුණ ගුරුවරියක්.. ඕකෙ මුලින්ම ඉතින් අර ගුරුවරී වස බීලා මැරෙන්ට හේතු අහනවා (ඒ ආදර හුටපටයක්), සිංහල ගුරුතුමාගෙ වගවිස්තර අහනවා, ඒවා මෙතෙන්ට ඕනැන්නෙ නෑ නෙවැ.. අන්තිමේදී පිල්ලිය යවන්ට ඕන කෙනාගෙ විස්තර කියලා යවන්ටයි ලෑස්ති වෙන්නෙ.. යවන්නෙ තරුණ ගුරුවරීව.. මෙහෙම තමා දෙබස් යන්නෙ..
තරුණ ගුරුවරී: දැන් මම කොහොමද මේ මනුස්සයා හොයාගන්නෙ?
කට්ටඩියා: ආ මෙන්න මේ කොලේ ලියලා තියෙනවා නම (ඤානරත්න කියා නම කොලයක ලියයි). මේක බලලා හොයාගන්ට. ආ මේ කඩුවත් අරන් යන්ට.
දැන් ඔන්න ගුරුවරී ගිහින් පැය ගානක් වෙනවා, තාම නෑ.. සිංහල ගුරුතුමායි කට්ටඩියයි කතා වෙවී ඉන්නවා මොකද පරක්කු කියලා.. අන්තිමට එළිවෙන ජාමෙ කිට්ටුවෙලා ගුරුවරී එනවා..
කට්: ආ ඇති යාන්තං, ඔය එන්නෙ.. මක්කරාද දන්නෑ මෙච්චර වෙලා..
සිංහල ගුරුවරයා: මොකද ළමයො ගිය වැඩේ හරිද? මනුස්සයාව හම්බවුනාද?
ත ගු: මොන පිස්සුද අනේ! මං හෙවුවා හෙවුවා හම්බවුනේ නෑ. මං හැමතැනම විපරං කලා.. බැරිම තැන කීප දෙනෙක්ගෙනුත් ඇහුවා.. ඒත් හරි ගියේ නෑ..
කට්: හරියට නම කියලා ඇහුවද?
ත ගු: ඔවු, මං ඇහුවා කඳානරත්න ඉන්නෙ කොහෙද කියලා..
කට් හා සිං ගු දෙදෙනාම: මොකා?? කඳානරත්න??
ත ගු: ඔවු මේ ලියලා තියෙන්නෙ එහෙමනෙ. කඳානරත්න.
සිං ගු: හෙහ් හෙහ්! ඒ තියෙන්නෙ ඤානරත්න කියලා. කොහෙද අද කාලෙ ලමිස්සියො හරිහැටි සිංහල බාසාව දන්න එකක්යැ.. කෝ දෙන්ට කට්ටඩි මහත්තයො ඔය කොල කෑල්ල, මං ගිහිං වැඩේ කරලා එන්ට.. කෝ ඔය කඩුවත් දෙන්ට..
සිංහල ගුරුවරයා පිටව ගිහින් ටිකකින් විදුලි වේගයෙන් ආපහු එනවා. බුවා එන්නෙ අම්බානක කේන්තියෙන්.. ඇස් දෙකෙන් ගිනි පිටවෙනවා..
කට්: මොකද මොකද ඉස්කෝලෙ මහත්තයො මේ ගිය පයින්ම?? ඒ මදිවට මේ කේන්තිත් ගිහිල්ලා??
සිං ගු: ඈ බොල. මෙහෙමද හරියට සිංහල ලියන්නෙ.. මේ බලපිය තෝ ඤාණරත්න කියන එක ලියලා තියෙන විදිය.. මෙතන අක්ෂර වින්‍යාසය එහෙම්පිටින්ම වැරදිනෙ.. තොපි වගේ එවුන් තමා බස නසන්නෙ.. හිටපිය තොට මම......
කට්: අනේ අම්මෝ! මාව මරන්ට එපෝ........
බූරා මලේ,
Deleteමරු කතාව බං ඒක...කට කනේ...උඹත් අම්මප ඉඳල ඉඳල දෙන්නෙ ඉස්පිරිට් එකෙන් තමයි.ඔය විනෝද සමය වෙන්න බෑ..මම හිතන්නෙ ගුවන් විදුලි රඟමඬලට ගිය එකක් වෙන්න ඇති. බෘහස්පතින්ද අටහමාරට ගියේ.
දැං මං පස්සෙ ආපු එකානෙ රවි අයියෙ... ගිය සතියෙ කිව්වට ඉඳගත්තනෙ හත් අට පොළකින්ම...වැඩේ මේකයි... දැං මට මේකෙ කතා අහං උන්නු පරණ උන් කියාපු හැටියට රවි අයිය ඕසෙට පඳුරු තලනව. හැබැයි අද නං පඳුරු තැළිල්ලෙං නතර වෙලා නැති පාටයි. හතර වටේ තියෙන මහ හෙණ ගස්වලටත් කෙළල. ඒ මදිවට සමහර ඒවට තලන්න ආයෙ ලබන පාර එනව කියලත් කියල!!! මදැයි ගුරුවරියක් ගැන අහන්න ආව... අපිට කොම්ප.... එක්කො ඕන්නෑ.. කොටුවට ඇඳන් යන මළකඳං බලන්ටනෙ උනේ...
ReplyDeleteකහට එකක් එවාපං ඔය හතර වටේ තලතල යද්දි!! නැත්තං කොහොම අල්ලං ඉන්ටද?
එක ප්‍රින්සිපල් කෙනෙක් හිටියලු මෙහෙ ඈත ගමක. පොර කිව්වලු අලුත් ගුරුවරෙයෙකුට මෙන්න මෙහෙම,
DeleteIf you want any problems come to the office and see me any time කියලා
උඹ ගුරුවරී ගැන දැනගන්න හිතාගෙන නම් මෙහෙට ආවේ ප්‍රියන්ත, you've come to the wrong place. උඹ අහලා බලාපං මේකේ පාඨකයෝ ඕනැ එකෙක්ගෙන් උන් ඇවිත් ඉන්නේ ගුරුවරී ගැන දැනගන්නද කියලා. ඔය ඉඳලා හිටලා කෙනෙක් "කෝ බං රවි අයියේ ගුරුවරී ගැන උඹ මොකුත් කියලා නෑනේ කියලා කිව්වට,' ඒක හරියට රෑට බණ අහනකොට උපාසකම්මලා හීනෙන් අවදිවෙලා "සා.....දු සාස් සා.ස්" ගාලා ආයෙ නිදාගන්නවා වගේ තමයි.
ගුරුවරී කොයි කාලෙක ඉඳලද කියන්නෙ බං,ඕකා කවදාවත් ගුරුවරී ගැන කියන්නෙ නැති බවත් අපි දන්නව,අපි නං එන්නෙ උගේ වටේ තැලිල්ලයි මසුරං කමෙන්ට් ටිකයි බලන්න මිසක් වෙන මොකටවත් නෙවෙයි.
Deleteප්‍රියන්ත,
Deleteහරි බං හරි ලියමු ලියමු ගුරුවරී ගැනත් ...ඕකෙ වැඩේ මේකනෙ මලේ...දැං ඔන්න ගිය එපිසෝඩ් එක තනිකර ගුරුවිරී ගැන ( අපෙ අත්තම්ම කියන්නෙ ගුරුවිරියො කියල ) මම එහෙම ලිව්වෙ මේ පඳුරු තලනවයි කියල බැණ අඬගැහිල්ල ඉවසන්ටම බැරුව. විසේසයෙං මේ බබලත් පාර්ස්වයෙ.
මම හිතුවෙ අනේ හොඳයිය. තැන්කියුය. වෙරි ගුඩ්ය. ඔහොම කියයි කියල. මොන? ඒ පාර කියාපි සුට්ටක් පඳුරු තැලිල්ලකුත් තිබ්බ නම් තමයි ආතල් ද බ්‍රේව් වෙන්නෙ කියල.කාට කියන අවනඩුද මෙව්ව. ඒ පාර මම හිතාගත්ත ඉඳපං ඊළඟ එකේ තනිකරම තලනව හතර අතටම පඳුරු කියල.හරි ප්‍රියන්ත මල්ලි උඹ බය නැතුව ඉඳිං..ගුරුවරි ගැන ඊලඟ කොටසෙ ලියනව. බෝම සෝබර ටියර් ජර්කිං කතාංගයක්.
අනික බං ඔය එක ඉලක්කයක් ඇතුව ගමනක් යනවට වඩා මාර ජොලි නැද්ද නිකං කිසිම අරමුණක් නැතුව ඉබාගාතෙ ඇවිදින එක. බඳින්ට එහෙම කලිං මම ඔහොම ඇවිදිනව නුවර ටවුම පුරා. උඹ නුවර නිසා මම මේ කියන්නෙ. විජිත යාපා එකට ගිහිල්ල ඔන්න පොත් හත අටක් පෙරලල බලනව. කකුල් රිදෙනකොට එතනම බිම ඇණ තියාගන්නව. මිනිස්සු ගෑණු බල බල යනව. මයෙ මොකෝ? මං එවුංගෙං හිර අහන්ට යනවය. මගෙ පාඩුවෙ මම මගේ වැඩේ කරනව.
ඊට පස්සෙ පොතක් දෙකක් අරගෙන වැව රවුමෙ යනව මල්වත්ත පංසල දිහාට. තම්බපු කඩල මල්ලකුත් අරගෙන ඉඳගන්න බංකුවක් උඩිං. ඈත පේන මාළිගාව දිහා බලාගෙන කඩල ඇටේ ඇටේ හෙමිහිට කනව. ඊට පස්සෙ ඉස්කෝල ඇරෙන වෙලාවට පල්ලම් බහිනව ටොරිංටන් බස් ස්ටෑන්ඩ් එකට. ඔය හුරුබුහුටි ඉටිකිරිස් ටීචර්ල දිහාවෙ බලාගෙන අනිමිස ලෝචන පූජාවක් කාරිය පවත්තල ආයම යනව කාසල් එකට. පොඩි අඩියක් එහෙම ගහල දවල්ට බත් ඩිංගකුත් කාල හවස් අතේ ගෙදර යනව.
ඉඳහංකො සවිස්තරව ලියඤ්ඤං ඒ ගැන " මහනුවර නගරයේ ඉබාගාතේ ඇවිදීම - කලකට පෙර මගේ දින චරියාව "
Henry,
Deleteඔන්න එක මනුස්සයෙක් ගියාලු මිනිහගෙ තාත්තගෙ මරණ සහතිකේ ගන්ට දොස්තර ගාවට.
" හරි වැඩේනෙ උනේ මිස්ටර්... මම මේ මරණයට හේතුව ලියන තැන වැරදීමකින් මගේ නම ලිව්වනෙ." තාත්තට ප්‍රතිකාර කරපු දොස්තර කිව්වලු ඔලුවෙ අත ගහගෙන.
" නෑ. නෑ. ඒකෙ කිසිම අවුලක් නෑ. ඩොක්ටර් එහෙම නොලිව්වත් අපි දන්නව ඒක තමයි ඇත්තම හේතුව කියල "අර මනුස්සය කිව්වලු.
/ ඒක හරියට රෑට බණ අහනකොට උපාසකම්මලා හීනෙන් අවදිවෙලා "සා.....දු සාස් සා.ස්" ගාලා ආයෙ නිදාගන්නවා වගේ තමයි. /
අනුර කුමාර දිසානායක ( ජෙප්පංගෙ අලුත් ලොක්ක ) කලකට ඉස්සෙල්ල මෙහෙම කිව්ව. ඒ කිව්වෙ අර භීෂණය කාලෙ ජෙප්පො කරපු අපරාද ගැන මොකද කියනෙ කියල පත්තර කාරයෙක් ඇහුවම " අතපය බැඳල ලිඳකට මනුස්සයෙක් දානව කියල හිතන්ට. ඒ මිනිහ මරු විකල්ලෙං ජීවිතේ බේරගන්ට දඟලනකොට ඔයාල අහනව ඇයි තමුසෙ ලිඳේ වතුර බොර කරන්නෙ කියල ඔය ප්‍රශ්නෙට මට දෙන්ට තියන උත්තරේ ඔච්චරයි. "
අන්න ඒ වගේ ඔන්න උඹ මට තවත් ආතල් කතාවක් මතක් කලා. ඊලඟ පාර ගුරුවරී පැත්තක තියල ඒක ලිව්වම අහනව මොකද ගුරුවරී ගැන ලියන්නෙ නැත්තෙ කියල.
Helapa,
Delete/ ඕකා කවදාවත් ගුරුවරී ගැන කියන්නෙ නැති බවත් අපි දන්නව, /
ටේබල් ටෙනිස් සෙල්ලම දන්නව නේද? මගෙ යාලුවො දෙන්නෙක් හිටිය එවුංට ටී.ටී. මේසෙ ඕන වෙන්නෙ සර්ව් කරන්ට විතරයි. ඊට පස්සෙ දෙන්න හතර අතේ බෝලෙට ගහනව හනුමො දර පලන්නැහෙ. අපි කරන්නෙ උං දෙන්න සර්ව් කලාට පස්සෙ මේසෙ හෙමිහිට ඇදල අරගෙන වෙන දෙන්නෙක් සෙල්ලං කරන එක. ආං ඒ වගෙ ගුරුවරී ඕන වෙන්නෙ සර්ව් කරන්ට විතරයි...හෙහ්,හෙහ්,
අර කතාවේ අවශ්‍යම කොටස හැලිලා. ඉතින් ප්‍රශ්ණයක් තියෙන කෙනෙක් ඔෆීස් එකට ගියාම පොර කියනවලු, If you want a problem, you have come to the right place කියලා.
Delete//ළමායි.... ලියනකොට මහප්‍රාණ වචන නිතරම පාවිච්චි කරන්ට පුරුදු වෙන්ට. එතකොට තමයි ලියන දේක උනත් වැදගත් කමක් පේන්නෙ. දැං බලන්න බය කියල ලියනව වෙනුවට භය කියල ලියන්ට.බවය නෙවෙයි භවය කියල ලියන්ට තේරුණාද ඔය ලමයින්ට?." ගම්බද ඉස්කෝලෙක සිංහල ගුරුතුමා එහෙම කිව්වලු.
ReplyDelete" තේරුණා සෑර් " ළමයි එක හඬින් කිව්වලු.//
එහෙම තේරුම් ගත්ත ළමයි මේකෙත් ඉන්නව ,අල්පප්‍රාණ ලේසියෙන් ලියන්න තියෙද්දි පනදාගෙන මහප්‍රාණ ලියන ළමයි මේකෙත් හරියට ඉන්නව බං.
ඉන්නව ඉන්නව බං මොකෝ නැතුව...:)
Deleteණැථුව ණැථුව මාත් එකෙක්...දැන්නම් සුබස නිසා ෂේප්. කොහෙද මචං ඩැඩිට එපා කියද්දිත් ඉන්ටනැෂනල් ස්කූල්නෙ යැව්වේ.
Deleteලිබ්බටේ....අපේ ගෙදරත් තිබුනා නෙව ඔයිං එකක්....අඩියක් එකහමාරක් දිග අඟලේ ගැල්වනයිස් බට කෑල්ලක්......මට හිතාගන්ට බැරි දේ තමයි ඕකේ එක කෙරෝලක් තලලා තිබුනේ අහවල් එහෙකටද කියන එක...
ReplyDeleteඅයාල්,
Deleteඑහෙම එක පැත්තක් තලන්නෙ ඒ පැත්තෙ සිදුර කුඩා වෙන්ට. එතකොට අනික් පැත්ත කටට තියල පිඹිනකොට තලාපු පැත්තෙං පිටවෙන හුළං පාරෙ වේගය සැරයි. එතකොට වඩා ඉක්මනින් අළු අයිං වෙලා ගිණි ඇවිලෙනව.
ලිපිය යි කමෙන්ටු ටිකයි නිසා හොඳට හිනාවෙන්න අවස්ථාව ලැබුණා. ස්තුතියි සියල්ලන්ටම
ReplyDeleteMPP Gunasinghe,
Deleteබොහොම ස්තූතියි ගුණසිංහ මහත්මයා..ඔබ සතුටු උනානම් ඒ මගෙ ඉහටත් උඩිං...:)
මගෙ අදරනීය බිරිද ඉන්නවනෙ.උන්දැට දැන් මම ඇදෙනැතුව නින්ද යන්නෙ නැ.මට මාර වදේ.වැරදිලාවත් පිටක නයිටක් අදින්න බැ.චුරු චුරුව.මොකවත් හින්ද නෙමෙයි මම ගොරවන සද්දෙ නැතුව දැන් නින්ද යන්නෙ නැ ලු.
ReplyDeleteඅර කොම්පඤ්ඤවීදිය කතාව වෙන විදියකටත් තියෙනව ලයිසොන් නැති එකෙක් පොලිසියෙන් අල්ලගත්තමවුන කෙස් එකක්.මම ඔය අකුරුටික ලියන්න බැරි නිසා නිකන් ඉන්නව.
Damith,
Delete/මොකවත් හින්ද නෙමෙයි මම ගොරවන සද්දෙ නැතුව දැන් නින්ද යන්නෙ නැ ලු. /
ඒ අමූලික බොරු, උඹ අහුවෙන්න එපා ඔන්න ඔව්වට..හෙහ්,හෙහ්,
/ අර කොම්පඤ්ඤවීදිය කතාව වෙන විදියකටත් තියෙනව ලයිසොන් නැති එකෙක් පොලිසියෙන් අල්ලගත්තමවුන කෙස් එකක් /
ඔව් බං ඒකෙ නොයෙකුත් සංස්කරණ තියෙනව.ස්පාඤ්ඤයට රතිඤ්ඤ පටෝන කොම්පඤ්ඤ වීදියෙ ප්‍රඥාරත්නගෙ කතාව එයිං එකක්..
//"ඉතිං වැඩේ මම කොම්පඤ්ඤවීදිය කියල ලියන්ඩ දන්නෙ නැහැ, හැබැයි කොටුව කියල මට ලිව්වැහැකි " සාජන්ගෙ පැහැදිලි කිරීම එහෙමයි.//
ReplyDeleteහැබැයි අපේ රාලහාමිලාට දඩ කොලේ ලියන කොටනං ඔය දේවල් නෑ....
රස සාගරයක්..
ජය වේවා!!!
විදානේ,
Deleteස්තූතියි මල්ලි...:)
/ඊට පස්සෙ විකල්ප දෙකයි තියෙන්නෙ. එක්කො ගොරවන එකට පුරුදු වෙන්ට වෙනව. නැත්තං ඉතිං දමල ගහල යන්ට වෙනව/
ReplyDeleteදෙන්නම එකට ගොරවන්න පටන් ගත්තනම් හරි..එතකොට ඉබේම නවතිනවා..
දිනේෂ්,
Deleteඋඹ එහෙමයි මල්ලි කොරව්වෙ? :)
අපේ අම්මා මට ඉවුම් පිහුම් පන්ති දාලා ප්‍රායෝගික පරීක්ෂන කරන කාලේ ඔය ලිප්බටේ ගෙදර තිවුනා. මම ඉතින් බොහෝම අමාරුවෙන් දර කෑලි කොල කෑලි හනසු පොල් ලෙලි දාලා ලිප පත්තු කරාන උයන්න පටන් ගන්නවා.
ReplyDeleteහදිසියට තේ ටිකක් බොන්න වතුර උණු කරන්න ඔය සුමේ කරලා ඉවර වෙද්දි තේයි තේ වතුයි දෙකම එපා වෙලා.
පස්සෙන් පහු අපේ අම්මා ඔය ලිප් බටේ හංගලා මට ලොකු කාඩ්බෝඩ් බටයක් ගෙනැත් තිව්වා. ඒ වෙන මොකටවත් නෙවි ඔය යකඩ බටේ මම නිතරම දර කෑල්ලක් කියලා වැරදිලා දරත් එක්ක ලිපට අඩුක් කරන නිසා. නැත්තං ලිප අයිනේ හේත්තු කරලා ගිහාම ඒක රෝල් වෙලා ගිහින් ආයේ ලිපට වැටෙනවා. අන්තිමට ගිනි අවුලුවන්න බටේ හොයද්දි ඒක ගිනි පිච්චෙන්න රත්වෙලා.
අපි දෙන්නා එකට උයද්දි අත පිච්චෙන්නේ අම්මගේ නිසා එයා මටම වෙන් කරපු ලිප් බටයක් ගෙනැත් තිබ්බා.
අම්මාගේ ඒක ගෝල ඉවුම් පිහුම් පන්තිය අසාර්ථක වෙන්න එක හේතුවක් තමා ඕක. තව නම් හේතු ගොඩක් තිබ්බත් ඒවා මොනවටද මෙතන නේද?
රූ,
Deleteඅම්මපල්ල බොලායෙ අම්මටත් සුවල්ප වදයක් එහෙම නෙවෙයි තියෙන්න ඇත්තෙ...හිතේ සුවල්ප ගින්දරක්ද හැබෑටම...ඇයි යකඩො කිරි හොද්දක් ඒදාගන්ට පරිප්පු මාලුවක් උයාගන්ට තරම දැනුමක් තේරුමක් නැති ළමිස්සියො දීග තලග දුන්නම එවුංගෙ මිනිස්සු එවුංට තඩිබාල ගෙදර එව්වම උයා පිහාගන්ට බැරි නිසාවෙං අන්තිමට ආයෙ ඒ බරත් කඩාන වැටෙන්නෙ අසරණ දෙමව්පිංගෙ ඉහ මත නෙවද?
ඒ ගැන නම් මොකට කියනවද? “කුස්සියේ වික්‍රමය හෙවත් රූ ඉවුම් පිහුම්“ කියලා අපේ අම්මට වෙනම බ්ලොගක් ලිව්වෑකි උන්දැට හරියට කොම්පීතරේ අකුරු කොටන්න පුළුවන්නම්..
Deleteඅවුරුද්දට ගෙදර ගිහාම අදහස දාලා බලන්න ඕන..!
මම ඔය මහප්‍රාණ කතාව අහල තිබ්බෙ වෙන විදියකට... ඒක ටිකක් නැගල යනව වගේ මේකට වඩා..!
ReplyDeleteඑක මනුස්සයෙක් නිතර නිතර ළඟ පාත ගෙදරකට ගොඩවෙන්ට පටං අරංය කියල ඔන්න බාරියා තොමෝ කෙනෙක්ට ආරංචි වුණාලු! මේ ගමනෙ තේරුම මොකද්දැ කියල මේ යෝදි දවසක් ඇහුවලු මනුස්සයගෙන්..
“ඇයි බාං.. මං මේ නිතර නිතර ලියුං කියුං එක්ක වැඩ කොරන මනුස්සය. මගෙ බාසා දැනුමෙ දුර්වලකං අහගන්ටයි යන්නෙ ඒ ගෑණිගෙං.. ඔය මහප්ප්‍රාණ එහෙම හොඳට උගන්නනව එයැයි.. නැතුව වෙන කෙං ගෙඩියකට නෙවෙයි මම එහෙම යන්නෙ“ කියල කිව්වලු.
ගෑණිත් කට වහගත්තලු (එහෙම වෙන්නෙ නෑ තමා.. කතාවෙ එහෙමයි තියෙන්නෙ)
දැං දවසක් අර මහප්ප්‍රාණ උගන්නන ගෑණි මුණගැහිල එහෙම මනුස්සය එනවලු ගෙදර. එද්දි තමුං ඉගෙන ගත්තු මහප්ප්‍රාණ ගැන ගෑණිටත් තේරුං කොරන්ට හිතල, මිදුලෙ පේන්ට නොහිටි බල්ල ගැන ඇහුවලු මෙහෙම...
“ඛොයි භොළ භල්ලා?“
ගෑණි ගත් කටටම කියපු එක තමයි ඔය රවි අයිය ලියල තියෙන්නෙ අර කොලුව ලිව්ව කියල
“භල්ල ලභුථ් එඛ්ඛ භථ් ඛාළ භොඛ්ඛෙ භුධි“
මිනිහ ආයෙ ගියෙ නැහැලු මහප්ප්‍රාණ ඉගෙන ගන්ට!
හෙන්රි සහ හැලපෙ,
මම දන්නව බං මේ මනුස්සය කරන්නෙ ඕකම තමයි කියල. පඳුරු තැලිල්ල ගැන කියවන්ටම තමයි මමත් මේ පහුපහු වෙලා දුවල ආවෙ. හැබැයි නිකමට හරි සද්දයක් දැම්මෙ නැත්තං අර ‘සත්පුර වැසියෝ‘ ටෙලි නාට්ටියට වෙච්චි දේ වෙයි මෙතනත්. මතකනෙ... සත්පුරේ කියල අඳ ගොළු බිහිරි ඇතුළු විවිධ ආබාධ තියෙන අය ඉන්න නිවාසයක් ඇසුරෙන් පටන් ගත්ත කතාව අන්තිමට උන් සේරම නැතුව වෙන කොහෙද දිව්ව!! මේකත් ගුරුවරී කියල පටං අරං කිරිහාමිලයි, මළකඳනුයි එක්කම යයි සද්ද නොකර හිටියොත්!!
ප්‍රියන්ත මලේ,
Deleteඅඩේ එහෙම කතාවකුත් තියද? මම අහල තිබ්බෙ නෑ...:)
ඔය අර අහිංසා හිටපු කතාව වෙන්ටැති
Deleteරාලහාමි කෙනෙක් කට කැඩිච්ච කතා කියන කොල්ලෙක්ගේ ගෙදරට ගියාලු මොකක්ද පැමිණිල්ලකට.
ReplyDeleteනම කියපන්....
ඥානරත්න
හ්ම්..එහෙමද? කියපන් යකෝ සම්පූර්ණ නම.....
මෙරෙඤ්ඤගේ ඥානරත්න
කණ පැලෙන්න දෙන්නේ තොට..හිටහන් මම සාජන් මහත්තයාත් එක්කම එන්නම් කියල කියාගෙනම පොර මාරුලු.
කොම්පඤ්ඤවීදිය ස්ටේෂම මට අමතක නොවෙන තැනක් බං....ලොකු ඉතිහාසයක් තියෙනවා.
අපේ සීයාගේ ගෙදර තිබුනේ හීනි උණ බටයකින් හදපු ක්ලැසික් ලිප්බටයක්. ඒක හෙන ගති භාන්ඩේ. කවුද වැරදිලා ලිපට දාලා... ඒකේ කොන් දෙකටයි මැද්දටයි පිත්තල වළලු තුනක් බස්සලා තිබුනා.
Aru,
Delete/ අපේ සීයාගේ ගෙදර තිබුනේ හීනි උණ බටයකින් හදපු ක්ලැසික් ලිප්බටයක්. ඒක හෙන ගති භාන්ඩේ. කවුද වැරදිලා ලිපට දාලා... ඒකේ කොන් දෙකටයි මැද්දටයි පිත්තල වළලු තුනක් බස්සලා තිබුනා. /
ඔහොම පිත්තල විලි බස්සන භාණ්ඩයක් ගැන මම නම් දන්නව...ඒත් ඒක ලිබ්බටයක් නම් නෙවෙයි මම දන්න විදිහට :)
මට හිතාගත්ත හැකි උඹ කියන බටේ මොකක්ද කියලා.
Deleteපිත්තල විල්ලක් හොයාගන්න තැනක් කියහල්ලකො තරහ නැතුව
Deleteපිත්තලම වෙන්න ඕනද?
Deleteතරහ වෙන්න දෙයක් නැහැ..ඊළඟ පාර මත්තලින් බැහැලා වත්තලට පලයන්, පිත්තල වීල්ලක් හොයා ගත්තැකි.
අයියෝ හැලප... මේ මනුස්සය නම්... හී... හී...
Deleteඔය පිත්තල විලි වගේ වැඩක් කරල එකෙකුට වෙච්ච දෙයක පින්තූර වගයක් එවල තිබ්බ යාළුවෙක් මේල් එකට... ඒ වගේ දෙයක් දැක්ක නම් මෙලොවක් නැතුව දුවනව ඔය කතාව ඇහුවමත්...
Helapa,
Delete/ පිත්තල විල්ලක් හොයාගන්න තැනක් කියහල්ලකො තරහ නැතුව /
හැලප ..මොකෝ බං ? තිබ්බ විල්ල කොහෙහරි වැටුනය? මම නම් දන්නව වැටිච්චි තැන...හෙහ්,හෙහ්,
කලබොල නොවී ඉඳහං…. අර උපාසකයට කුඩේ අමතක වෙච්චි තැන මතක් උනේ පන්සිල් අහගෙන ඉද්දි. ආන්න ඒ වගෙ උඹටත් මතක් වෙයි යතා කාලෙදි....
අපි ඕකට කිවේ බම්බුව කියල . අපේ අක්කලාගේ ගෙදර තවම ඇති ඔයින් එකක්. උන්ද පෝරණුව බැඳලා දර ලිපකුත් හදාගෙන නේ කුස්සියේ . උදේට කොච්චර වැඩ තිබ්බත් දර ලිපෙත් එකක් හරි ඉව්වේ නැත්තන් එයාට හරි නැහැ වගේ .ඕකටමද කොහෙද පාන්දර හතරට ඇහැරෙනවා. ගුරුවරියක්නේ . ඔයාකාර අපුරු පුරුදු රාශියක් තියෙනවා.
ReplyDeleteකිරිහාමිගේ කතාව නම් ඉතින් මම හරිම ආස කතාවක් . අද කතා ගොඩයි.
Bindi,
Delete/ උන්ද පෝරණුව බැඳලා දර ලිපකුත් හදාගෙන නේ කුස්සියේ . උදේට කොච්චර වැඩ තිබ්බත් දර ලිපෙත් එකක් හරි ඉව්වේ නැත්තන් එයාට හරි නැහැ වගේ .ඕකටමද කොහෙද පාන්දර හතරට ඇහැරෙනවා. ගුරුවරියක්නේ . ඔයාකාර අපුරු පුරුදු රාශියක් තියෙනවා. /
අම්මාපල්ල මේ ගුරුවිරියන්ගෙ සුට්ටක් වගෙ නුහුගුණාපිත වෙන එක Occupational Hazard එකක්ද කොහෙද? එහෙමත් නැත්තං ඔය රස්සාවට යන්නෙ එහෙම ජස්ට් අ බිට් මඤ්ඤං අංගනාවියොදත් නම් මන්ද...
ඒ මොක හරි අපෙ අංසයත් එහෙම තමයි. මම කලිනුත් දවසක කිව්වෙ. ඉරිදට ගෙදර තියන තරං දොර රෙදි , ජනෙල් රෙදි, ටීපෝ කවර, කුෂන් කවර ඔව්ව ඔක්කොම හෝදනව..අඩුම ගානෙ වත්ත පුරා වැල් බැඳල අව්වෙ දානව.
මම සෙනසුරාදත් වැඩ කරල ගෙදර එන්නෙ සඳුද පාන්දර කෝච්චියෙ ආපහු කොළඹ යන්ට බලාගෙන. ඉරිද දෙයියනේ කියල හීතල වතුර ටිකක් නාල අසෝක වීදුරුවෙං කට කපල දෙකක් අනුමත වෙලා ඔය පතතරයක්, පොතක් එහෙමත් නැත්තං ටී.වී. එකේ ෆිල්ම් එකක් බලාගෙන නිවී හැනහිල්ලෙ ඉඤ්ඤම්ය කියාල..අහවල් නිවී හැනහිලි? වත්ත පුරා වැල් බඳින්ටයි, රෙදි වනන්ටයි , වේලුනම එව්ව නමල ආපහු අල්මාරියෙ අඩුක් කරන්ටයි ගිහාම දවස හරි..අම්මාපල්ල හවස් වෙනකොට මම මැරතන් එකක් දිව්ව උසේන් බෝල්ට් වගෙ.
ඉඳහන් වැඩි විස්තර කියන්නං ගු.ස.ම.ජී. සීරීස් එකේදි. M. L. W. T.
හිකිස්..අම්මපා අපේ මස්සිනාට දවසක මේ ටික පෙන්නන්නම වෙනවා . උන්දැගේ බෝට්ටුවේ තව එකෙක් ඉන්න එක ගැන අප්‍රමාණ සතුටක් දැනෙයි. සෙනසුරාදට එහෙත් ඔහොමම තමයි. වත්ත පුරා රෙදි වැල් . මෙට්ට කොට්ට එළියේ . වහින කොට ගෙට ගන්නයි ආයේ අව්වට දාන්නයි හාපෝ. අර මනුස්සය ඉවරයි. අපේ එක්කෙනා කියන්නේ ඔයාගේ මස්සිනා අර නැවේ ඉන්න කාලේ තමා ජොලියේම ඉන්න ඇත්තේ කියල . ඉස්සර අක්කයි මමයි එක කබඩ් එකේ තට්ටු බෙදාගෙන හිටියේ.
Deleteදොර ඇරියම මල් වගේ එයාගේ රෙදි ටික . මගේ එව්වා සලබලාන් ගාල බිම
Bindi,
Deleteඔන්න බලාපං ඒකෙත් හැටි කියන්නෙ. මේ අද මට ආපු ඊ මේල් එකකින් කොටසක්.පොඩි එවුං කට්ටියක් මුහුද ගැන ලියපුව. මේ එයිං එකක්. බොලායෙ මචංට අදාලයි මම හිතන්නෙ මේක...:) :)
" My dad was a sailor on the ocean. He knows all about the ocean. What he doesn't know is why he quit being a sailor and married my mom. (James, age 7) "
හාපෝයි අපේ අක්කත් ඔය ජාතියේ ගුරුවරියක් වෙච්චි.. සෙනසුරාදට වත්ත පුරා රෙදි..
Deleteමම ආසම ගොඩනෑගිලි ජාතියක් තමයි බොරෑල් ල - දෙමටගොඩ අතර (Campbell Place? Karlshue ?) railway quarters.
ReplyDeleteප්‍රා.....මමත් හරිම කැමති තැනක් තමයි...අපි දන්න පවුල් කිහිපයක් හිටියා ඒ කාලේ.
Deleteප්‍රා සහ අරූ,
Deleteබොලා ඔය කියන්නෙ මවුන්ට් මේරි එකේ තිබ්බ ක්වාටර්ස් නේද? බේස්ලයින් පාර අයිනෙ? රේල්වේ ග්‍රවුන්ඩ් එක එහෙම ඉස්සරහ? මට මතක විදිහට ඔය හරියෙන් අතුරු පාරක් තිබ්බ නාලන්දෙ ඉස්සරහට වැටෙන. ඒ පාර දෙපැත්තෙත් තිබ්බෙ ඔය රේල්වේ ක්වාටර්ස් වෙන්න ඕන.
මාළිගාවත්තෙ තිබ්බ එව්ව පොඩියි. ඉස්සරහ කළු පාට ලැටිස් ගහල තිබ්බෙ. ගෙවල් දෙක දෙක එකට අල්ලල හදල තිබ්බෙ. දැන් නම් මම හිතන්නෙ ඒ එතන ක්වාටර්ස් පෙලම කඩල තට්ටු නිවාස වගයක් ගහල. ඔය කිට්ටුවම ජයන්ත වීරසේකර මාවතේ තමයි තිබ්බෙ මැද කොළඹ මහ රෝහල. ඒකෙ ඉස්සරහ ලියල තිබ්බ පොල් ගෙඩි අකුරෙං " යට කල මහ වගුරු බිමකි. එහි නැඟ එන නව නුවරකි."
මවුන්ට් මේරි තමයි.
Deleteඔය රේල්වේ ක්වාර්ටස් වල මගේ යාළුවො කීපදෙනෙක් බෝඩින් වෙලා හිටිය ට්‍රේනින් කාලේ . වස්සාන සිහිනය ෆිල්ම් එකෙත් පෙන්නනවා ඔය ගෙවල් . තව මොකක් හරි පරණ ටෙලියකත් තිබ්බ මතකයි. හොඳට ගස් කොළන් තියෙන අද කාලේ හැටියට ලස්සන පරිසරයක් .
Deleteලෑලි සොල්දර ගෙවල් .හොඳට ගස් කොළං වවලා තිබුනා තමයි.
Deleteඔය ප්‍රා කියන කාල්ශූ පාරේ තමයි කරුණාරත්න අබේසේකරයන් හිටියේ මගේ හිතේ.
DeletePra JayApril 8, 2014 at 1:00 PM
Ravi,
මවුන්ට් මේරි වල ලොකු ( තට්ටු දෙකේ ) ගෙවල් complex එක ඉතුරුවෙලා තියනවා
Aru,
කරුණාරත්න අබේසේකරගේ නමින් නාලන්දෙ ඉස්සරහ උඩට යන ලේන් එකක් නම් කරල තියනව
කරුණාරත්න අබේසේකර හිටියේ ඔය නාලන්දේ ඉස්සරහ ගේට්‍ටුවේ ඉඳං පස්ස ගේට්‍ටුව ගාවට යන පාරේ වංගුවත් එක්ක ගෝතමී එක පැත්තට තිබ්බ පාරේ. ඔතන පාර අයිනේ කඩයක් හෙම තිබ්බා අපි හොරෙන් සිගරට් අරන් අර අපි හොරෙන් පැනලා යන නාලන්ද තාප්පේ හෙම තිබ්බ තැන.
Deleteමචං ඩූඩ් මගේ වයිෆ් කියනවා ඔය කඩේ ගාව ඉස්සර කමල් දේශප්‍රියලා ඔය සෙට් එක ඉන්නවාලු. කෙල්ලන්ගේ ස්කූල් බස්වලට ආතල් දිදී. එයා ආනන්ද බාලිකා. ඉස්සර හරි ආසයිලු කෙල්ලෝ ටික ස්කූල් බස් එක 166 පාරේ යනවානම්. මොකද ..ආනන්දෙයි, නාලන්දෙයි දෙකම පහුවෙන හින්දා...
Deleteහුටා. මට ප්‍රමාද වී හෝ ගුටි කන්න වෙන කේස් එකක් වෙයිද දන්නේ නෑ ඒ කාලේ කියපු කතාවලට!
DeleteDude....මුන්ගේ සෙට් එක හෙන බජාර් සෙට් එකක් බන්. තාම ෆිට් එකේ ඉන්නවා. මමත් ඔය ඒරියල් එකේ සෑහෙන්න ගැවසුනා . නාලන්දේ ගාවම ෆිට් කොල්ලෙක් මාත් එක්ක පස්සේ වැඩ කරා සිසිර සේනාරත්න කියලා. ඉන්ද්‍රානි සේනාරත්නගෙ හස්බන්ඩ් නෙමේ :D
Deleteඅරූ,
Deleteමචං හෙන්රියගෙ ඩයල් එක පෙන්නපං බාරියාවට..
" මේ මෙන්න මේකා මතකද බලන්ටකො ඒ කාලෙ? "
" අප්පටසිරිගජ..මට මතකයි මේ යස්සය. ඒ කාලෙත් ඔය වගේමයි මූණ..අම්මපල් මූ ඒ කාලෙ අපිට කියපු කතා මතක් වෙනකොටත්...මගෙ...නේද? මේ ඔයාලගෙ ඔය බ්ලොග් හමුවක් එහෙම තියෙනවනං අනිවාර්යයෙන් මට කියන්ට ඕන හොඳද? මට තියනව මෙයා එක්ක ගණුදෙනුවක් බේරගන්ට.."
අන්න කොහොමද වැඩේ? අවුරුදු තිස් පහකට පස්සෙ හෙන්රිය කන්ටයි යන්නෙ..ඕක තමයි කියන්නෙ..හඳුනාගත හැකි ඡායාරූප පලකිරීමෙන් වළකිනු කියල...
අවුරුදු විස්සකට පස්සෙ මිටියෙං නළලට ගහ ගත්තු වඩුබාසුන්නැහෙගෙ කතාවෙ අනික් එක තමයි මේක...හෙහ්,හෙහ්,
රවී.....හිටපන් මම සෙට් කරන්නම් ඩූඩ්ට ඉල්ලන් කෑම.
Deleteවඩු බාස්ගේ ස්ටෝරිය මොකක්ද බං.
ඇයි මචං මේ කතාව?
Deleteටීචර්: ඇයි ඔයා චතුරට ගැහුවේ?
නාලක: ටීචර් ඕකා මට ගිය අවුරුද්දට ඉස්සෙල්ල අවුරුද්දේ ඔරං ඔටං කිව්වා.
ටීචර්: ඉතිං එච්චර කාලෙකට ඉස්සෙල්ල කියපු දේකට මේ දැං ගැහුවේ?
නාලක: ටීචර්, මම ඊයේ තමයි සත්තු වත්තට ගියේ පළවෙනි වතාවට.
අරූ,
Deleteඒ කතාව ටිකක් දිගයි මචං..ඉඳහං ඊළඟ පෝස්ට් එකේ දාන්නම්.....:)
හෙන්රි,
Deleteමරු කතාව ඒක...
රාළහාමි - " තමුසෙට ගහපු එකාහෙ හැටි කියන්ට පුළුවන්ද? "
ගුටි කාල කාල නහයෙන් කටින් ලේ පෙරාන ඉන්න එකා - " ඒකගෙ හැටි කියන්ට ගිහිල්ල තමයි ඌ මට බිම දාගෙන අම්බානක නෙලුවෙ.."
තව තියනව ඔය වගෙ කතාවක්..සත්තු වත්තෙ අලියගෙ කතාව..ඒකත් ඊලඟ පෝස්ට් එකේදි කියන්නං..:)
අපේ අත්තම්මලයි ගෙදරත් ඔය ලිප් බටේ, ලිප් බොක්ක, දුම, ලුණු පොල් කට්ට (ලුණු පොලොත්ත කියලයි අත්තම්මා කිව්වේ), හකුරු මුල් එහෙම ඒ විදියටම තිබුණා.මන් හරි ආසයි ඔය බටෙන් පිඹිද්දී එන සද්දේ අහන් ඉන්න. ඒ වගේම තමා ඔය මැටි හට්ටියේ දාලා දර ලිපේ උයන එව්වගේ තියනවා අමුතුම රහක්. මාත් ඇරියේ නෑ බොහොම අමාරුවෙන් බිඳෙන්නේ නැතුව මැටි හට්ටි දෙකක් අරගෙන ආවා ගිය පාර ලංකාවට ගිහින් එද්දී. දැන් ඇඹුල් තියල් එහෙම හදන්නේ ඒකෙ. හැබැයි දර ලිපේ වගේ නියම රහ එන්නේ නෑ.
ReplyDeleteSayuri,
ReplyDelete/ හැබැයි දර ලිපේ වගේ නියම රහ එන්නේ නෑ. /
ඒකනම් සයුරි මම හිතන්නෙ මානසික බලපෑමක්ය කියල.මොකද දර උනත් ගෑස් උනත් එකම ගින්දරනෙ. හැබැයි මැටි ඇතිලියක උයන එකෙයි සාස්පානක වගෙ උයන එකයි නම් වෙනසක් තියෙන්න පුලුවන්.
ඕක ඉස්තිරවම දැන ගන්න බොහොම සුලු පරීක්ෂණයක් කරන්න තියෙන්නෙ. මැටි ඇතිලියකයි සාස්පානකයි මාලු හදල දෙන්න කෑල්ල කෑල්ල දහ දෙනෙකුට කාල බලල කොයි මාලු කෑල්ල ඇතිලියෙ එකද කොයි කෑල්ල සාස්පානෙ එකද කියල හරියටම කියන්න කියල. :) :)
අර කිව්වා වගේ එක එක වර්ෂන් තියනවා, උසාවියක කතාවක්, අහුවෙච්ච මනුස්සයා වාහනේ නොම්බරේ කියන කතාවක්, මතක නැහැනේ හරියට.
ReplyDeleteහොද කතා ටික...
ස්තූතියි දනූෂ්....
Deleteමම අහලා තියෙන්නේ බාප්පාට ලියුමක් ලිව්වා කියලා "භාප්පේ භාප්පේ, භාප්පාගේ භල්ලා භතුත් කාලා ලිභ්භොක්කේ භුදි. මීට බාල පුතා කියලා :D
ReplyDeleteහසිත,
Deleteමීට භාල පුතා.....ස්තූතියි ඔබටත්....:)