Front View of Apollo Circus Tent - Google Images |
පහුගිය පෝස්ට් එකේ නම ඇවිදිල්ල හිට ගෙදර ආ වීරයා සහ නුවර වැවේ ඉස්නානේ.... ඒකෙ ඔය නුවර වැවේ ඉස්නානේ කෑල්ල මම ගත්තෙ කේ.කේ. සමන් කුමාර ලියපු පොතක නම ඇසුරෙන්. පොතේ නම "නේරංජනේ ඉස්නානේ" දැනට මයෙ හිතේ අවුරුදු පහළවකට දාසයකට වාගෙ කලින් පලවුනු බොහොම ආන්දෝලනයකට ලක්වුනු පොතක් ඒක. ස්ත්‍රියක් බුදුවීම ගැන ලියවුනු කතාවක්. මම බොහොම ආසාවෙන් කියවන්ට බලාගෙන හිටියත් මට මතක විදිහට පොත තහනම් වුන නිසා පොතක් හොයාගන්ට බැරි වුනා.
දැං ඔය මම පහුගිය පෝස්ට් එකේ ලිව්ව නෙව තිඹිරිගස්යායෙ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේ ගැන. එන්න ඒ පේද්‍රිස් පිටැන්න (පිටැන්න කියන්නෙත් දකුණු රටේ වචනයක්) ගැන තව බොහොම රසවත් මතක සටහන් කීපයක්ම තියනව. අද ටෙලි චිත්‍රපට ගැන කතන්තරේ පටං ගන්ට කලියෙන් එහෙනං ඒ ගැනත් කියලම ඉඤ්ඤම්කො.
නමසිය හැත්තෑ නමයෙ විතර ලංකාවට ආපු ඇපලෝ සර්කස් මතක තියන අය කීප දෙනෙක් හරි මෙතන ඇති නේ? ඔව් මම දන්නව මගේ පාඨකයින් අතර ඒ වයසෙ කට්ටිය සෑහෙන්න ඉන්නවය කියල. ඒ කියන්නෙ මගේ පළෝලෙ උදවිය. පළෝලෙ කියන්නෙ සම වයසෙ කියන එක. සමකාලිකයින්. "Peers" කියල ඉංග්‍රීසියෙන් කිව්වැහැකි.
ඉතිං ඔය ඇපලෝ සර්කස් එක මට මතක විදිහට අවුරුද්දක් විතර ලංකාව පුරා සංචාරය කලා. ලංකාවෙ හැම ප්‍රධාන නගරයක්ම වගෙ සංදර්ශන පැවැත්තුව. ඕක මේ ඉන්දියන් සර්කස් එකක්. එක තැනක කූඩාරම් ගහ ගත්තම මාසයක් විතර එක දිගටම සර්කස් පෙන්නල තව තැනකට යනව.
නමසිය හතලිස් පණස් ගණන් වලත් ඔය විදිහට මාස ගාණක් රටපුරා සංදර්ශන පවත්වපු සර්කස් කණ්ඩායම් නිතරම ලංකාවට ආවලු. අපෙ අප්පච්චි එව්වගෙ විස්තර කියල තියනව ඔය හිතක් හිතුනම. උන්දැ බොහොම නිහඬ චරිතයක්. ඒත් හිටපු ගමං පොඩි ආතල් එකක් ගියාම ඔය පරණ විස්තර අපිත් එක්ක කියනව.
ගම් පෙරළියෙත් මට මතකයි පියල් ඇවිල්ල නන්දට කතා කරනව "කොළඹට සර්කස් එකක් ඇවිල්ල තියනව යමුද බලන්ට.." කියල. ඒකෙ නම හාමර්ස්ටන් සර්කස් එක කියලයි පියල් කියන්නෙ. නන්දයි අනුලයි සර්කස් වැඩේට පොඩි කැමැත්තක් පෙන්නුවට "අනේ එයාලට මොන සර්කස්ද?..." එහෙම කියල මාතර හාමිනේ ඒ කියන්නෙ නන්දගෙ අම්ම නිෂේධ බලය යොදල ඉල්ලීම ප්‍රතික්ෂේප කරනව.
ඉතිං ඔය ඇපලෝ සර්කස් එක මුලින්ම කොළඹට ආපු වෙලාවෙ මම යාලුවොත් එක්ක ගිහිල්ල බැලුව. ඊට මාස තුන හතරකට පස්සෙ අනුරාධපුරේට ආපු වෙලාවෙ ආයිමත් නංගිලත් එක්ක ගිහිල්ලත් බැලුව. අනුරාධපුරේ ඇපලෝ සර්කස් එක පෙන්නුවෙ අපි හිටපු කච්චේරි ක්වාටර්ස් වල ඉඳල විනාඩි දහයක පයින් යන දුරින් තිබ්බ සල්ගාදු පිට්ටනියෙ.
ඔය සල්ගාදු පිට්ටනිය තිබ්බෙ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය නොහොත් ස්ටේඩියම් එක එක්කම ඉස්සරහින්. ඒ පිට්ටනියට ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ තමයි සල්ගාදු බේකරිය තිබ්බෙ. ඒ හින්දයි ඒකට සල්ගාදු පිට්ටනිය කියල කිව්වෙ. සල්ගාදු බේකරිවල මූලාරම්භය පානදුරේ. ඊට පස්සෙ රට පුරාම ව්‍යාප්ත වෙලා ගියාලු බොහොම ඉක්මනට සල්ගාදු බේකරිවල පාන් බනිස් බොහොමත්ම රස ගුණ හින්ද.
ලංකාවෙ හැම ප්‍රධාන නගරයකම වගෙ තියනවනෙ සල්ගාදු බේකරියක්...ගම්පහ බෙහෙත් ශාලාවක් එතකොට දඹුළු ලී බඩු සාප්පුවක් සහ මාතර බත් කඩයක්...හෙහ්...හෙහ්...
හැත්තැ තුනේ හරි හැත්තැ හතරෙ හරි ඔය ඇපලෝ සර්කස් වගේම ලංකාවට ආව චීන සර්කස් කණ්ඩායමක්. ඒ කාලෙ අගමැතිනි සිරිමාවෝ බොහොම කිට්ටු සබඳකම් පැවැත්තුවනෙ චීනෙත් එක්ක. මම හිතන්නෙ ඒ ඉහල පෙලේ සම්බන්ධතා හරහා ලංකාවට ආපු සර්කස් කණ්ඩායමක් වෙන්න ඕන.
ඒ චීන සර්කස් කට්ටිය මේ ඇපලෝ වගෙ මහා පරිමාණ සර්කස් කණ්ඩායමක් එහෙම නෙවෙයි. ශිල්පීන් ශිල්පිනියන් විස්සක් වගෙ හිටියෙ. මම බැලුවෙ කෑගල්ල නගර ශාලාවෙ. අර කෑගල්ලෙ ටවුන් එක පහුවෙලා කොලඹ නුවර පාර අයිනෙම නුවරට යනකොට වම් පැත්තෙ තියෙන්නෙ. අන්න ඒකෙ. තව හැත්තැ පහේ නැත්නම් හයේ විතර ලංකාවට ආව "ද ටින්ටුකීස්" කියල රූකඩ සංදර්ශන පෙන්වන කණ්ඩායමක්. ඒකෙ නම් හිටියෙ සුද්දො කට්ටියක්. මොන රටෙන්ද කියලනම් මට කිසිම මතකයක් නැතය.
හරි ඒ ඇපලෝ සර්කස් එක තමයි පේද්‍රිස් උද්‍යානය ගැන මුල්ම මතක සටහන.
දැන් ඔන්න දෙවෙනි එක....
දෙවෙනි මතක සටහන නම් ඒ හැටි අතීතයක නෙවෙයි. හරියටම කිව්වොත් අවුරුදු විසි අටක් තිහක් වගෙ එහාය. ඒ වෙනකොට මම ඔය අපේ එතුමිය එක්ක සම්බන්ධය පටන් අරගෙන මාස තුන හතරකට වඩා ගතවෙලා නැතිය. ඔබ තමුන්නාන්සේලා දන්නවනෙ ඔය කාලෙ ඉතිං ප්‍රේමවන්තිය මොනව හරි ඉල්ලීමක් කලොත් කෙලින්ම ඉල්ලන්ට ඕනෙමත් නෑ නිකමට මොනව හරි කිව්වොත් ආය නෑ බෙල්ල කඩාගෙන හරි ඒ ඉල්ලීම ඉෂ්ට සිද්ධ කරන්ට සැදී පැහැදී එකත්පස්ව ඉන්න කාලෙනෙ නේද? ආය මේ මොනව කියනවද නේ?...කඩු තුඩු මත බුදියෙන්ට උනත් ලෑස්තියි තනි පයින්..හෙහ්...හෙහ්...
හිම ගිර මට වැලි අහුරකි මහ සමුදුර දිය දෝතකි..කඩු තුඩු මත ඇවිදින්නෙමි ඔබ සැනහේනම්…
හිම ගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...
පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...
එක සඳුදා දවසක ඔන්න මම උදේ 6.00 ට මාතලෙන් පිටත්වෙන කදුරුවෙල මේල් බස් එකේ වැඩට යනව. ඒ යෝදිත් මගේ සීට් එකේම ජනේලෙ පැත්තෙ ඉඳගෙන ඉන්නව. ඔය වෙනකොට අපේ ඔය ආතල් එක ගැන එයාලගෙ අම්මල අක්කල එහෙම යාන්තමට දන්නව. ඒ හින්ද උදේ එනකොට ගෙදරින් මටත් දවල්ට බත් එකක් බැඳල දෙනව.
"ආ මෙන්න ඔයාගෙ බත් එක..." ඈ බත් මුල මට දුන්න.
මගෙ ඒ කාලෙ තිබ්බ බොහොම අනර්ඝ ලෙදර් ට්‍රැවලින් බෑග් එකක්. ඒක මේ චිරාත් කාලයක් පාවිච්චි කරල දැන් අවුරුදු දහයකට දොළහකට ඉස්සර වගෙ තමයි පැන්සොන් යැව්වෙ..
"මොනවද අද තියෙන්නෙ?" මම සිප් එක ඇරල බත් මුල බෑග් එකට ඔබා ගන්න අතරෙ ඇහුව.
"මන්ද අනේ..අම්ම තමයි ඉව්වෙ..ඒත් මම උදේ ලෑස්ති වෙද්දි කරවල බදින සුවඳක් නම් ආව කාමරේට..මම හිතන්නෙ කරවල නම් ඇති එකත් එකටම.."
"සූඩයොද? කීරමින්ද? කට්ට කරවලද?" පොදුවෙ කරවල කෝකටත් ආසයි උනාට ඒ තමයි මගෙ ෆේවරිට් කරවාඩු ත්‍රී කැටගරීස්...
Dry Fish Shop @ Nawalapitiya - From Sanjai Batti's Post to Ceylon Then- Sri Lanks Now Web Page |
"මොන ජාතියද කියල නම් මන්දන්නෙ නෑ අනේ...ඔය තියන මොනව හරි එක්ක කන්නකො.." ඇය කිව්ව.
"හරි හරි ඒකෙ අවුලක් නෑ...මට කරවල මොනව උනත් එකයි" මමත් කිව්ව.
"මේ ඒ කරවල කතාව අල්ලල දාමුකො..මට ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න වෙලා තියනව.."
"හරි හරි ඉතිං මොකක්ද කියන්නකො.."
"මේ දවස්වල අර දේව පාමුල කියල පත්තරවල එහෙම ඇඩ් එකක් යන්නෙ ..ඔයා ඒක දැක්කද? "
"දැක්ක..දැක්ක..අප්පච්චියේ නොදකින්නෙ කොහොමද? හැම පත්තරේම වගෙ ෆුල් පේජ් ඇඩ් එකක් දානවනෙ ඔය දේව පාමුල කට්ටිය...හෙහ්..හෙහ්.. "
මම ඔය දේව පාමුල කට්ටිය කිව්වෙ ඒ කාලෙ අවුරුදු දෙකකට තුනකට වගෙ සැරයක් ලංකාවට ඇවිල්ල රට පුරා ගිහිල්ල හාස්කම් සහිත දේව මෙහෙයක් පවත්වපු ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි නිකායකට...
ඔය දේව පාමුල අයගෙ පත්තර පිටුවකම තියෙන ඇඩ් එකේ තියෙන්නෙත් ඒ අය කරන හාස්කම් ගැන.."කොරු කතා කරති. අන්ධයෝ ඇවිදිති.ගොළුවෝ පෙනීම ලබති..ඔබත් අදම එන්න දේව පාමුල දේව මෙහෙයට සහභාගි වන්න…"
ඔය දේව පාමුල කට්ටිය ඉන්දියාවෙ... ඉන්දියාවෙ කිව්වට හරියටමනම් කේරළ..කේරළයෙ ඉන්නෙ බහුතරයක් කතෝලික සහ ක්‍රිස්තියානි ආගමිකයින්. ඔය යේසුස් වහන්සෙගෙ ප්‍රධානම අනුගාමිකයෙක් වෙච්චි ශාන්ත තෝමස් මුනිතුමා ඒ කාලෙම ආවය කියනවනෙ කේරළයට.ඒ කියන්නෙ එතකොට ක්‍රිස්තු වර්ෂ 50-60 වගෙ කාලෙදි. ඒ කියන්නෙ ඒ තරම දුර අතීතයක ඉඳල කේරළයෙ කතෝලික ආගම පැවතිල තියනව.
ඒබ්‍රහම් ටී. කොවූර් කියල කෙනෙක් ගැන අහල තියනවද? ඒබ්‍රහම් ටී. කොවූර් කියන්නෙ ලංකාවෙ හේතුඵලවාදී සංගමයෙ (Ceylon Rationalist Association) නිර්මාතෘ වරයා. "දෙවියෝ සහ භූතයෝ" එතුමාගෙ ඉතාම ප්‍රසිද්ධ කෘතියක්. ඒ එක්කම එතුමා තව පොතක් ලියල තියනව.."මගේ පර්යේෂණ සහ නිගමන" ඒ පොත් දෙකෙන්ම එතුමා දෙවියන් සහ භුතයින් පිළිබඳ විශ්වාසයන්ට සහ නැකැත් කේන්දර ගැන තියෙන පිළිගැනීම් වලට නිර්දය ලෙස පහර ගහනව.
ආචාර්ය කොවූර් මහතා විසින් රචිත පොත් කිහිපයක් - Google Images |
ඒබ්‍රහම් ටී. කොවූර් මහත්මය කේරළ වාසී ඉන්දියානුවෙක්. නමසිය තිස්ගණන්වල යාපනේ වඩුක්කෝඩෙයි ජැෆ්නා කොලේජ් විද්‍යායතනයේ උද්භිද විද්‍යා ගුරු පදවියෙ පුරප්පාඩුවක් පත්තරේ දැකල ඒකට ඉල්ලුම් පත්‍රයක් දාල ඒ තනතුර ලැබිල ඒ අනුව තමයි ඔහු ලංකාවට එන්නෙ. ඔහු තම ගුරු ජීවිතයෙන් සමුගන්නෙ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන්. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කොවූර් මහත්මයා තම මුළු ජීවිතයම කැප කරන්නෙ පොදු ජනයා අතර ජනප්‍රිය මිථ්‍යා විශ්වාස දඩමීමා කරගනිමින් ධනය රැස්කරන වංචාකාරයින් නිරාවරණය කරනු උදෙසායි.
විසිවන ශත වර්ෂයෙ මුල්භාගෙ යාපනයේ බොහෝ විද්‍යායතන ලංකාවෙ විතරක් නෙවෙයි දකුණු ආසියාවෙම වගේ ප්‍රසිද්ධයි. ඔය අනුරාධපුර පැත්තෙ ප්‍රභූ පවුල් බොහොමයක පිරිමි දරුවන් ඒ කාලෙ අධ්‍යාපනය ලැබුවෙ යාපනේ විද්‍යාලවල.
70-77 කාලයෙ පාර්ලිමේන්තුවෙ (හරියටම කිව්වොත් පාර්ලිමේන්තුව කියල එකක් තිබ්බෙ 1970-1972 අතර කාලෙ විතරයි. 1972 අවුරුද්දෙ නව ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වුනාට පස්සෙ පාර්ලිමේන්තුවෙ නම ජාතික රාජ්‍ය සභාව කියල වෙනස් වුනා. ඉංග්‍රීසියෙන් නම් National State Assembly) කථානායක ධුරය දරපු කේ.බී. රත්නායක මහත්මය එතකොට සභානායක ධුරය දැරූ මෛත්‍රීපාල සේනානායක මහත්මය එහෙම යාපනයෙ අධ්‍යාපනය ලබපු දෙදෙනෙක්. මට මතක විදිහට ඒ දෙන්න ඉගෙන ගෙන තියෙන්නෙ යාපනේ හාට්ලි කොලේජ් කියන විද්‍යායතනයෙ. ඒ දෙන්නටම ඉතාම හොඳට ද්‍රවිඩ භාෂාව කථා කිරීමේ හැකියාවත් තිබුණයි කියල කියනව. කාන්තා විද්‍යාල අතරින් ඉතාම ප්‍රසිද්ධවුනාය කියන්නෙ වෙම්බඩි ගර්ල්ස් කොලේජ් එක.
ඔය මෛත්‍රිපාල සේනානායක මහත්මය ගැන බොහොම අපූරු කථාවක් මම අහල තියෙනව. මේ කතාවෙ අනික් චරිතය හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහත්මය. ඒ කතාව මෙහෙමයි.
On another occasion, Maitripala Senanayake, MP for Medawacchiya, who was known widely to be having a clandestine relationship with a Tamil lady, Ranji Handy (whom he married later), kept taunting Dudley over the concessions that his Government was allegedly granting to the Tamils.
Whereupon Dudley shot back at Maitripala, “Mr. Speaker, I must congratulate the Hon. Member for Medawacchiya on his finding a way to observe ‘Sinhala Only’ by day, and the ‘Reasonable Use of Tamil’ by night.”
මේ 1966 අවුරුද්දෙ සිංහල රාජ්‍ය භාෂා පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුනු කාලෙ සිද්ධියක් කියලයි කියන්නෙ. ඒ කාලෙ තිබ්බෙ එ.ජා.ප. රජයක්. අගමැති ඩඩ්ලි. සිංහල රාජ්‍ය භාෂා පණතට රජය සංශෝධනයයක් ගෙනාවලු සාධාරණ දෙමළ භාවිතයටත් (Reasonable use of Tamil) ඉඩ දීල.
මෛත්‍රිපාල සේනානායක ඒ කාලෙ මැදවච්චිය ආසනයෙ විපක්ෂ මන්ත්‍රීවරයා. එයා කීප වරක්ම අගමැතිට කෝචොක් කලාලු මොකක්ද මේ "Reasonable use of Tamil" කියන එකේ තේරුම කියල අහල.
පස්සෙ ඩඩ්ලි කිව්වලු "ඉතිං මම කියන්න දෙයක් නැහැනෙ ඔබතුමා ඔය ගැන හොඳට දන්නවනෙ. ඔබතුමාට හොඳට පුරුදුයිනෙ දවල්ට Sinhala Only සහ රෑට Reasonable use of Tamil…."
ඒ කාලෙ ලේක් හවුස් පුවත්පත් කලාවේදිනියක් හිටියලු රංජි හැන්ඩි කියල. ඇය ද්‍රවිඩ තරුණියක්. මෛත්‍රිපාල උන්නැහැ ඇයත් එක්ක යම් සබඳකමක් පවත්වනවයි කියන එක ඒ කාලෙ ප්‍රසිද්ධ රහසක්ලු. පසුව ඇය මෛත්‍රිපාල මහත්මය එක්ක විවාහ වෙලා රංජි සේනානායක බවට පත්වුනා.
//ඒ එක්කම එතුමා තව පොතක් ලියල තියනව.."මගේ පර්යේෂණ සහ නිගමන"//
ReplyDelete"මා කළ ගවේෂණ" කියල සිංහලට පරිවර්තනය කරල තිබුණු පොත වෙන්න ඇති නේද?
//තව හැත්තැ පහේ නැත්නම් හයේ විතර ලංකාවට ආව "ද ටින්ටුකීස්" කියල රූකඩ සංදර්ශන පෙන්වන කණ්ඩායමක්. ඒකෙ නම් හිටියෙ සුද්දො කට්ටියක්. මොන රටෙන්ද කියලනම් මට කිසිම මතකයක් නැතය.//
https://www.ausstage.edu.au/pages/event/124283
ඉකෝන්,
Delete/"මා කළ ගවේෂණ" කියල සිංහලට පරිවර්තනය කරල තිබුණු පොත වෙන්න ඇති නේද?/
නෑ..නෑ..මට පොඩි පටලැවිල්ලක් වුනානෙ. ධර්මපාල සේනාරත්න මහත්මය "මා කල ගවේෂණ" නමින් පරිවර්තනය කරපු පොතේ නම තමයි මට "මගේ පර්යේෂණ සහ නිගමන" විදිහට මතක තිබ්බෙ.
මම හිතන්නෙ සේනාරත්න මහත්මය "මා කළ ගවේෂණ" යන නමින් පරිවර්තනය කලේ ආචාර්ය කොවූර්ගෙ "Begone Godmen" පොත...
ටින්ටුකීස් සබැඳියට බොහොම ස්තූතියි. ඒකෙ තියන දින වකවානුවල හැටියට මම ටින්ටුකීස් රූකඩ සංදර්ශනය බලල තියෙන්නෙ අනුරාධපුරේදි. මොකද ඒ කියන කාලෙ අපි හිටියෙ අනුරාධපුරේ...:)
ටින්ටුකීස් ඕස්ට්‍රේලියාවේ රූකඩ කණ්ඩායමක්. රුපියල් දෙකක්ම දීලා බැලුව නවරගහලේ දී. හරිම ලස්සනයි. ඒකෙ හිටපු කොකබුරා තවම මතකයි. අනිත් සර්කස් නම් බැලුවේ නෑ . සර්කස් පැසිෆියා නම් බලල තියෙනවා.
ReplyDeleteකුමාර,
Delete1976 අවුරුද්දෙ රුපියල් දෙකක් කියන්නෙ ලොකු ගාණක්. මට මතකයි මම පොල්ගහවෙල ඉඳල අනුරාධපුරේ යනව කෝච්චියෙ තුන්වන පංතියෙ ටිකට් එක රුපියල් 5.50 යි.ඊට පස්සෙ කොළඹ යන්න එන්න ගත්තට පස්සෙ කොටුව- අනුරාධපුර ටිකට් එක රු. 8.50 යි.
කොවූර් ගේ ඇටසැකිල්ල තර්ස්ටන් එකේ ලැබ් එකේ තියෙනවා කියලා මම අහල තියෙනවා.70 ගනන් වල මුල් හරියේ කොවූර් ප්‍රමුඛ හේතුවාදින් එකතුවෙලා ඔය දේව විශ්වාස බොරු කරන්න රට පුරා තැන තැන ගිනි පෑගුවා මතකද? මම එකක් බලන්න ගියා piliyandala ෙන්ට්‍රල් එකේ තිබුන. කට්ටිය හොඳට බීලා ගිනි පෑගුවා කාලෝ ෆොන්සේකා හිටියා හොඳට මතකයි.
ReplyDeletekumara,
Deleteයස්. ඔය කොවූර්ගෙ ඇට සැකිල්ලෙ කතාව මමත් අහල තියනව...
ආචාර්ය කාලෝ ඇතුලු පිරිස කතරගම දේවාල භූමියෙම ඔය විදිහට මත්පැන් බීල මස් කාල ගිණි පෑගීම කරන්ට සූදානම් උනාට දේවාලෙ කපුවො ඒකට දැඩිව විරුද්ධ වෙලා පොලීසියෙ හිටං පැමිණිළි කරල වැඩේ නතර කෙරෙව්වලු. ඊට පස්සෙ කට්ටිය ඒ අහල පහල පිට්ටනියක ඒ විදිහට ගිණි පෑගීම කලාලු.
මේ ඊයෙ පෙරෙයිද කාලෝ ඉතාම දැඩි මහින්ද අනුගාමිකයෙක් වෙලා පිස්සු කෙලිනකොට මට හිතුනෙම මොනව උනත් ඔය දේව බලේ කියන එකේ ඇත්තක් ඇතිය දෙයියො කාලොට දුන්නු දඬුවම තමයි ජීවිතේ අන්තිම කාලේ නුහුගුණාපිත තත්ත්වයට පත් කරපු එක කියල..:)
"ඇපලෝ සර්කස් මතක තියන අය කීප දෙනෙක් හරි මෙතන ඇති නේ?"
ReplyDeleteඔව්, මමත් එයින් කෙනෙක්. ඇපලෝ සර්කස් එක කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනේ මාස තුනක් පමණ තිබුනා.එකේ සර්කස් වලට වඩා බොහෝ දෙනෙකුගේ විමතියට හේතුවූ තවත් දෙයක් තිබුණා. ඒ තමයි අශ්වයෙකුගේ සහ ශීබ්‍රාවෙකුගේ කෘතීම අභිජනනය මගින් ජනිත වූ දෙමුහුම් සතෙක්. මේ දෙමුහුමට කියන්නේ 'HOBRA' කියලා. Horse + Zebra = Hobra. මේ දෙමුහුම් සත්වයා අශ්වයෙකුට වඩා තරමක් කුඩා වූ අතර, දුඹුරු පැහැති ශරීරයේ බඳ දෙපැත්තේ ශීබ්‍රාවෙකුගේ මෙන් කළු වයිරම් තිබුණා. මේ ආකාරයට එකිනෙකට වෙනස් විශේෂ දෙකක් අතර දෙමුහුමකින් හටගන්නා ජීවින් සරු ජනිතයින් වන්නේ නැහැ. කොටලුවාත් මේ ආකාරයේ සතෙක්. මෙම සංසිද්ධිය විස්තර කිරීමට වර්ණදේහ, ජාන සහ DNA වලටත් යන්නට ඕනෑ
දයා මහත්මයා,
Delete/මෙම සංසිද්ධිය විස්තර කිරීමට වර්ණදේහ, ජාන සහ DNA වලටත් යන්නට ඕනෑ /
උසස්පෙළ කරන කාලෙ මගෙ ප්‍රියතම විෂයය සත්ත්ව විද්‍යාව. එයිනුත් ජාන විද්‍යාව.
ග්‍රෙගෝර් මෙන්ඩල්, ඇලීල, ජාන කිටුව, පීසම් සැටයිවම්, F1 ජනිතයින්, F2 ජනිතයින්, පුමිතිරි භාවය, නිලීන ජාන, දිව රෝල් කිරීමේ හැකියාව, හිමෝෆීලියාව, පළතුරු මැස්සා...තවම මතකයි තවම මතකයි හෙහ්..හෙහ්...
ඔය 'ග්‍රෙගෝර් මෙන්ඩල්, පීසම් සැටයිවම්, F1 ජනිතයින්, F2 ජනිතයින්' ආදිය සම්බන්ධ කරලා series එකක් පටන් ගත්තොත් නරකද? ප්‍රියතම විෂයය සත්ත්ව විද්‍යාව නිසා හොඳට අල්ලලා යයි. අපටත් එහෙන් මෙහෙන් පොඩි තට්ටුවක් දාන්නට බැරියැ.
Deletehttps://en.wikipedia.org/wiki/Zebroid
Deleteදයා මහත්මයා,
Deleteඔන්න ඒ ගමන ඔබතුමා මගෙ ඔලුවට තව තව අයිඩියාස් දානව....හෙහ්...හෙහ්....
ඒ පෙනුම තියන සතෙක් ඉන්නවා නේද .අදටත්
Deleteඔබතුමාගේ බ්ලොග් ලිපිත් දෙමටගොඩ දුම්රිය අංගනය වාගේ. රේලි පිලී ගොඩයි. පටන්ගත්තු පීල්ල මාරුවෙලා කොහේවත් නැති තැනකින් නවත්තලා දානවා.
ReplyDeleteඅසංග,
Deleteඇයි බං එහෙම වෙන එකෙත් නැද්ද පොඩි ආතල් එකක්? :)
ඔන්න හිතපන් නුවරින් කොළඹ යන්න නැග්ගයි කියල බස් එකට...බෝඩ් එකේ තියනව කොළඹ කියල. ඉතිං ඩ්‍රයිවරුත් දන්නව මගියොත් දන්නව රූට් එක මොකක්ද කියල..පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, කඩවත, කොටුව..ඉතිං හැමදාම යන පාරෙ අලුතින් බලන්න දේකුත් නැති හින්ද මගීන් ඔක්කොමල කට කපල නිදියනව.
එහෙම නෙවෙයි අපි හිතමු මෙහෙම..ඔන්න ඩ්‍රයිවර්වත් හරියට දන්නෙ නෑ මොන පාරෙන්ද යන්නෙ කියල. හිතුනු හිතුනු පැත්තට හරවනව. ඔහේ යනව. අර කියන්නෙ හිස් ලූ ලූ අත පලායනව කියල අන්න එහෙම..
නුවරින් ආපහු යනව කටුගස්තොටට..ඊට පස්සෙ එක්කො මාවතගම හරහා කුරුණෑගලට ගිහිල්ල කොළඹ යන්නත් පුලුවනි. නැත්නම් දඹුල්ලට ගිහිල්ල ගලේවෙල හරහා කොළඹ යන්නත් පුලුවනි.
ඒ එක්කම පේරාදෙණියෙන් දකුනට නොදා වමට කැපුවනම් ගම්පල, නාවලපිටිය ගිනිගත් හේන හරහා කොළඹ යන්නත් පුලුවනි..
ඉතිං ඔහොම අරමුනක් නැතුව යනකොට එක මඟියෙක්වත් නිදියන්නෙත් නෑ. ඇස් කන් කටවල ඔක්කොම ඇරගෙන බලා ඉන්නෙ...ඇයි මේ යකා කොහෙ කොහෙ යයිද කියල කවුද බොලේ දන්නෙ?...හෙහ්..හෙහ්..තේරුණාය බොට?
තේරුනා හොදටම. වරදක් නොවේ කිව්වේ බ්ලොග් එක කියවද්දි හිතට ආවේ දෙමටගොඩ යාඩ් එක....
Deleteමාර උපහැරණ නොවැ ඔබතුමාත් දෙන්නේ...
Asanga,
Delete/වරදක් නොවේ කිව්වේ බ්ලොග් එක කියවද්දි හිතට ආවේ දෙමටගොඩ යාඩ් එක..../
පිස්සුද මම එහෙම හිතුවෙත් නෑ...හෙහ්,,හෙහ්..මමත් ඔහෙ හිතට ආපු ටික ලියල දැම්ම...:)
ඔබතුමාගේ කතාව අනුව කියනවානම් මමත් ඔය පලොළේ තමයි. ඇපොලෝ සර්කස් එක තිබුනේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ "නොවෙයි". ඒ කාලේ ඔය පිටැන්නට කිව්වේ හැව්ලොක් පාක් කියලයි. ඔතැනම තමයි BRC/ බර්ගර් රෙක්රේෂන් ක්ලබ් (අපි නම් කිව්වේ 'බෙඩ් රගර් ක්ලබ්' කියලයි ) එක තිබුනෙත්. මමත් ඇපොලෝ එක ඔතැනදී බැලුවා. ඊට අමතරව චීන සර්කස් එකත් මගේ පැරණි මතකය අවදි කළා. ඒක පෙන්නුවේ නවරඟහලේයි. ඔවුන් රාජකීය කනිෂ්ඨ විද්‍යාල සිසුන් වෙනුවෙන්(නවරඟහල කියන්නේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයීය රංග ශාලාව බව කිවයුතු නැහැනේ ) පුහුණුවන සංදර්ශනයක් පැවැත්වුවා. සාමාන්‍ය (ප්‍රසිද්ධ) දර්ශන වාරයකදී සියලුම අංග ඇතුලත් කරන්නේ නැහැ. සමහර කොටස් අඩු හෝ වැඩි වශයෙන් ප්‍රසිද්ධ දර්ශන වාර පැවැත්වුවත්, ඔවුන් අප වෙනුවෙන් සියළුම අංග පැය හතරක් වැනි දීර්ඝ කාලයක් පුරා පැවැත්වුවා. එහි තිබුන හොඳම දේ නම් ඔවුන්ගේ ව්‍යායාම් ඇඳුමෙන් හෝ පුහුණු ඇඳුම් වලින් මේ දර්ශනය පැවැත්වීමයි. එවිට ඔවුන් කරනා 'හොර වැඩ' සියල්ලම ප්‍රේක්ෂකයන්ට පැහැදිලිව පේනවා. උදාහරනෙකට කියනවානම් බයිසිකලේක 14 දෙනෙක් නැගලා යනකොට ඔවුන් එකිනෙකාව අතින් අල්ලාගෙන හෝ එල්ලීගෙන යන බව පෙන්නුවාට ඔවුන් සැමදෙනාම හොර රහසේ එකිනෙකාගේ ඉනට දැමු පටියකින් ගාංචුවකින් සවිකර ගන්නවා. මම මේකේ සාමාන්‍ය දර්ශන දෙකකුත් බැලුවා. ඒවා බැලුවෙත් ටිකට් අරන් නොවෙයි. බාලදක්ෂ උදව්කරුවන් වශයෙනුයි. ඒවගේම ඔය ජනරජ උත්සවය පැවැත්වුනෙත් නවරඟ හලේ දීමයි. බාලදක්ෂයන් හැටියට ඒකටත් සහභාගී උනා. Good old days! .
ReplyDeleteබොහොමත්ම ස්තූතියි සෑම් ඔබගේ දීර්ඝ ප්‍රතිචාරයට...
Deleteඔව් ඔබ හරි 79 කාලෙ වගෙ ඔය පිට්ටනියෙ නම හැව්ලොක් පාර්ක් තමයි. ඔතන ඉස්සරහම පාරෙ අනික් පැත්තෙ තිබ්බ කවුරුහරි එජාප දේශපාලනයටත් සම්බන්ධ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුගෙ ඖෂධාලයක් එහෙමත්.
Yes, Good old days indeed...only the sweet memories remain but that's more than enough....:)
ඔව්, ඒක තමා මාලේවන හාමුදුරුවන්ගේ මාලේවන රසායනාගාරය. ඊට අල්ලපු (පරණ) ගෙදර හිටියේ ප්‍රසිද්ධ රේසිං කාර් ඩ්‍රයිවර් කෙනෙක්. ද්‍රවිඩ ජාතිකයෙක් වූ එතුමාගේ නම කොහොමවත් මතක් කරගන්න බැහැ . මාලේවන එකේ අනික් පැත්තේ ඩික්මන් පාර පැත්තට වෙන්න තිබුනේ බෝගල කෝට් කියන තට්ටු තුනේ ෆ්ලැට් එක.
Deleteසෑම්,
Deleteඅන්න හරි මාලේවන ඥාණිස්සර හාමුදුරුවො..මට ඔය නම අමතක වෙලයි තිබ්බෙ..මතක් කලාට කලාට මතක් වෙන්නෙම හේන්පිටගෙදර ඥාණසීහ හාමුදුරුවන්ගෙ නම...
දෙමළ ධාවන ශූරයා කවුද? මට එහෙම කෙනෙක් මතක බ්‍රී පොන්නම්බලම් විතරයි. එයා වත්ද?
චීන සර්කස් ගොපලු හඬ චිත්‍රපටියත් එක්ක පෙන්නුවා නේද? ගොපලු හඬ සමග චීන සර්කස් කියල ඇඩ්වටයිස් කළේ.
ReplyDeleteහැලප,
Deleteඔබ් බං "ගොපළු හඬ සමඟ චීන සර්කස්.."
ඒ එක්කම මට මතකයි 1970 විතර ආපු බිනරමලී එක්ක පෙන්නුව නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් දෙන්නගෙ හඳට ගොඩ බැසීම...මිනිස්සු ඔය සීන් එක බලන්නම විශේෂයෙන් ගියා මට මතකයි.
ඉන්ටර්වල් එකෙන් පස්සෙ තමයි සඳ ගමන පෙන්නුවෙ. ඇමරිකන් තානාපති කාර්යාලයේ ප්‍රවෘත්ති අංශයේ අනුග්‍රහයෙන් කියල දානව ඉස්සෙල්ලම. ඊටපස්සෙ විනාඩි හත අටක්ම පෙන්නනව නීල් ගොයිය එහෙම හඳේ ඇවිදිනව.
හඳේ ගුරුත්වාකර්ෂණය අඩු හින්ද ඇවිදිනව නෙවෙයි හරියට යන්නෙ පැන පැන වගෙ.මමත් ගෙදර ඇවිල්ල එහෙම පැන පැන ඇවිද මතකයි වත්ත පුරා...:)
"පැන පැන එන හදේ" කියලා සිංදුවක් තියෙන්නේ ඒ හින්දා වෙන්නැති :)
Deleteඅසංග,
Deleteපැන පැන එන සඳේ පියගැට පෙළ දිගේ.....
Jumping jumping moon coming up the flight of stairs.....
❤️❤️
ReplyDelete[°•_•°] {`^`…´^´} (~•`_´•~),
DeleteThanks ...:)
ඈ මනුස්සයො, කොහොමද මේල් බස් එකක ෆීමේල් කෙනෙක් වැඩට යන්නෙ. ඒක නීති විරෝධී වැඩක් නෙ.
ReplyDeleteඔය දේව පාමුල වගේ දැන් තියෙන්නෙ ජීසස් කෝල්ස්.
ප්‍රසන්න,
Deleteඅප්පටසිරි ජීසස් කෝල්ස් කියල එකක් තියනවද දැං?..වනපෙත අඬගසයි කිව්ව වගෙ යේසුස් අඬගසයි...හෙහ්..හෙහ්...
Invissible dog! Come on down to the farm of a man.
Deleteම.ලි.ර.සු.
Deleteමොකක්දෝයි මේ ලියල තියෙන්නෙ.
ප්‍රසන්න,
Deleteමේ යස්සයට දැන් පිස්සුද කොහෙද...අර ටිකිරි සඳමාලිගෙ පඬි නහයෙං ගිහිල්ල මොලේට ලේ ගමං කොරන යාකෘතික ප්‍රතීහාර ශිරාවෙ හිරවෙලා ඒක තනිකර බ්ලොක් වෙලා මම හිතන්නෙ....
නේරංජන ඉස්නානේ ආයි පල කරලා ගන්න පුළුවන්
ReplyDeleteඅජිත්,
Deleteස්තූතියි දැනුම්වත් කිරීමට..ගන්න ඕන ගන්න ඕන....
//ඔය සල්ගාදු පිට්ටනිය තිබ්බෙ අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය නොහොත් ස්ටේඩියම් එක එක්කම ඉස්සරහින්. ඒ පිට්ටනියට ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ තමයි සල්ගාදු බේකරිය තිබ්බෙ//
ReplyDeleteඑතකොට සල්ගාදු බේකරිය තිබ්බෙ මහජන ක්‍රීඩාංගනේ ඇතුලෙ ද?
ප්‍රසන්න,
Deleteනෑ බොල සල්ගාදු පිට්ටනිය එක මායිමක් ස්ටේඩියම් එකේ වැට.අනික් පැත්තෙ අනුරාධපුර නගරය මැදින් දිවෙන ප්‍රධාන පාර නොහොත් මෛත්‍රීපාල සේනානායක මාවත. අන්න ඒ මාවතෙන් එහා පැත්තෙ තමයි සල්ගාදු බේකරිය තිබ්බෙ..
ඔය සර්කස් බැලුවද කියල මටනං මතක නෑ. බැලුවත් ඒ කාලෙ වල පයයි ගොඩ පයයි නේ ඉන්ඩ ඇත්තෙ පහුගිය භවේ. හැබැයි ඔය කාලෙ කට්ටිය පෙන්නපු සර්කස් වින්දෙ අපි.
ReplyDeleteමල්ලි මොකද දැන් ඉස්සර වගේ බ්ලොග් එක ලියන්නේ නැත්තේ? ඒ කාලේ කැම්පස් එක ආතල් ගැන ලියනවකෝ අපිත් ආසයි කියවන්න. ඇනෝ කොමෙන්ට් එකත් ඕපන් කරන්න. බ්ලොග් එක බැලුවට ඇනෝ කොමෙන්ට් දාන්න බෑනි මල්ලිගේ බ්ලොග් එකේ.
Deleteලොක්කා,
Deleteගිය බවේ හරි උඹ බලන්ට ඇති බං..අනිවා...:)
පහුගිය අවුරුදු තුනකට තරම ඉහත්තෑවෙ අපි අන්ඩ්‍රාදපුරේ ගිය වෙලේ දවල් බත කෑවෙත් සල්ගාදු හෝටලෙන්. ඒක හැට හැත්තෑ ගනංවල ක්‍රෙම්ට තමා තාම තියෙන්නෙ. කෑම සාලාව වගේම කෑම කාමරත් තියෙනව.
ReplyDeleteසරකැස් ගැන දැක්කං මතක් උනේ. අපි නං බැලුවෙ පැසිපියා සර්කස්. සර්කස් පැසිපියා - වැටුනොත් ලෙලි ගියා.
ඒකෙ හිටි ඇඟටම හිරවෙන්න ඇඳුං ඇඳපු කෙලිත්තියො ටික මා සිත බැඳගත්තා හික් හික්..
මලිරසුංග,
Deleteසල්ගාදු හෝටලේ කෑම සාලාව ගැන දන්නෙ නෑ බං..අපි ඉතිං ඕකෙං කාලා නෑ කවදාවත්...
හෝටලේ ඉස්සරහ පැත්තක තිබ්බ ලොකු දෙපියං ජනේලයක්. අර වෙල්ඩඩ් මෙෂ් කියන කොටු දැලක් ගහ තිබ්බ ඒ ජනේලෙ. ඒකෙ එක මුල්ලක අඩි 2 x 2 වගෙ ප්‍රමාණෙට කොටු දැල කපල අයින් කරල තිබ්බ.
ඒ කාමරේ රාක්කවල පුරවල තිබ්බෙ පාන්, බනිස්, කිඹුලො, මාළු පාන්, සීනි සම්බල් පාන් යනාදී නොයෙක් බේකරි ප්‍රඩක්ට්ස්, අපි ඉතින් අර කවුලුව ලඟ පෝළිමේ ඉඳල ඕන දේ ගන්නව...
හැලපෙ කියපු දේ තමයි මටත් මතක. ඒ කාලෙ ඔය චිත්‍රපටි බලන්න එහෙම යවන්නේ නැහැ. ඒ වුණාට චීන සර්කස් බලන්න නිසා ගොපළු හඬ බලන්න ලැබුණා. හරූන් ලන්ත්‍රාගේ මගෙ නාමලී ගීතය තියෙන්නේ ඒකේ.
ReplyDeleteඉයන්,
Delete"මගෙ නාමලී බැඳි ආදරේ මනමාලි යයි මැණිකේ ඔයා ඔරුවේ නැඟී එහි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා..."
ගොපළු හඬ එකේ නාමලීට රඟපෑවෙ ජීවරාණි.....නාමලී නයෙක් ගහල මැරිල මිනී පෙට්ටිය රුක් අත්තන ලීයෙන් හදපු හින්ද ඒ ලීයට විස උරල නාමලීය ආයෙම පණ එනව..කොල්ලට හිටියෙ මට මතක විදිහට එක්කො විජය නැත්නම් ටෝනි...
ටෝනි රණසිංහ. දුෂ්ටයා එච් ඩී කුලතුංග.
Deleteඔය චිත්‍රපටියක් එක්ක තව මොකක් හරි පෙන්නන ට්‍රෙන්ඩ් එක ඒ කාලේ තිබුන.ඔය අතර මෙහෙම දේකුත් වුනා. හතර කේන්දරේ හරි හතර පෙරලිය චිත්‍රපට දෙකෙන් එකක දඹදිව සිද්ධස්ථාන තියන දර්ශන තිබුනා.ඉතින් ආච්චිලා සීයලා පෝලිමේ ඉඳලා ඕක බැලුව . චිත්‍රපටිය බලන්න නෙමෙයි දඹදිව බලන්න තියෙන ආසාව නිසා. එල්.එම්. පෙරේරා හදපු එකක්.
ReplyDeleteසසර චේතනා
Deletehttps://www.youtube.com/watch?v=YZsV0SygPFc
කුමාර,
Delete1976 වගෙ ආපු අජාසත්ත ෆිල්ම් එක බලන්නත් ගමේ ගොඩේ උපාසකම්මල ගියේ සුදු ඇඳගෙන ලෑම් මාට්ටර් වල ඉස්සරහ පොල් මල් එහෙමත් ගහගෙන. එහෙම ගිහිල්ල ෆිල්ම් එක පටන් ගත්තු වෙලාවෙ ඉඳල එකම සාදුකාරයයි...පව් අහිංසක මිනිස්සු
Prasanna,
Deleteබුදුනේ... බුදුනේ...
බුදු පියාණනේ....
මනුසත් දෙරණේ අඳුර මකා
පුනරාගමනය කල මැනවී
පුනරාලෝකය දෙනු මැනවී
බුදුනේ.. බුදු පියාණනේ....
පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ.....
ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ...
බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
බොදුදම මැද මියැදී අවසානය
බුදුනේ.. බුදු පියාණනේ....
නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන්
මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන්
ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
අදමින් ජනසිත් අතර අනාතය
බුදුනේ.. බුදු පියාණනේ....
1985 වසරේ මාලිනි ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කල සසර චේතනා චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුළත් වුණේ. මේ ගීතයට සංගීතය සැපයූ වාදන ශිල්පියෙක් පුවත්පතකට කියලා තිබුණා එදා පටිගත කරන දවසේ ෂෙල්ටන් පෙරේරා මහත්තයට කෙළින් ඉන්න වත් බැරි තරමට සූර් වෙලා ඉඳල තියෙන්නේ.
ඉතිං සරත් දසනායක මහත්තයා බෝම ආදරෙන් කිව්වලු "ෂෙල්ටන් අයියේ අපි මේ සින්දුව වෙන දවසක කියමු" කියල. ඒත් ෂෙල්ටන් මහත්තයා කිව්වලු "ඒම හොඳ නෑනේ මල්ලි, ඔයාල බෝම මහන්සි වෙලා තියෙන බව පේනවා මේ වැඩේට, ඒ නිසා අපි කොහොම හරි කියමු" කියල. ඉතිං එතුමාගේ ජ්‍යේෂ්ඨත්වය නිසා කාටවත්ම බෑ කියන්න බැරි වුනාලු.
ඊට පස්සේ එතුමාව මයික්‍රෆෝනය ඉදිරියේ පුටුවක ඉන්දවලා, ගීතයේ පදවැල පොල්ගෙඩි අකුරෙන් ලියලා දුන්නාලු. කිසි ප්‍රශ්නයක් නැතිව ෂෙල්ටන් පෙරේරා මහතා එකපාරින්ම ගීතය ගැයුවාලු. ගීය අවසානයේ දී සරත් දසනායක මහතා සතුටු කඳුලු වගුරවමින් දුවගෙන ඇවිත් ෂෙල්ටන් පෙරේරා මහතා බදාගෙන කිව්වාලු "ෂෙල්ටන් අයියේ වැඩේ නම් නියමෙට ම කලා" කියලා.
එතුමා වැඩේ නියමෙට ම කරපු නිසාම 1985 වසරේ සරසවි සම්මාන උළෙලේ දී හොඳම ගායකයා හැටියට පිදුම් ලබනවා. එසේම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හොඳම පද රචනාවටත්, සරත් දසනායකයන් හොඳම සංගීත අධ්‍යක්ෂණයටත් සම්මානයට පාත්‍ර වෙනවා.
උපුටා ගැනීම ගීයක වගතුග වෙබ් අඩවියෙන්.....
Deleteකොහොමද ෂෙල්ටන් අයියගෙ වැඩ..ඒහ්? කණ සාක්කුවට වැටෙන්ට ගහල තමයි බුදු ගුණ ගීත කියන්නෙත්..අන්න අදහන්ට ඕන මිනිස්සු...:)
සින්දුව කියපු හැටි ඇහුවම ඇස් දෙකට කඳුළු ආවා ඇත්තටම. ඒ සින්දුවේ රහත් එක්ක බැලුවම ඒක කියනකොට බීලා හිටියා කියලා අදහගන්නවත් බෑ. සමහරවිට එච්චර ලස්සන උනේ ඒ හින්දද දන්නෙ නෑ.
Deleteඅපේ පලොලේ උන්ට මතක සර්කස් පැසිෆියා තමයි.. අපි ඔහෙලා වගේ නාකි නෙවෙයි තාම යන්ග් බෝයිස් ලානේ.. ඉස්සර මාත් කොවුර් ගේ හේතුපල සින් ගොඩක්ම ෆලෝ කරලා ඒ වගේ හිතන්න ගත්තා.. දැන් මගේ හිතේ ඊට වඩා චුට්ටක් මධ්‍යස්තයි නැත්නම් නම්‍යශීලියි.. :))
ReplyDeleteදැන් කොහොමත් නම්‍යසිලි තමයි නේහ්?
Deleteමම නම් ටීවී එකේ ඇරෙන්න ඔය සර්කස් බලන්න ගිහිල්ල නැහැ. කොවුර් ගේ දෙවියෝ සහ භූතයෝ පොත නම් කියවල තියෙනවා. අර කල්‍යාන මිත්‍ර කිව්වා වගේ මමත් දෙවියෝ බුතයෝ හිටියත් එකයි නැතත් එකයි ගානට තමා ඉන්නේ
ReplyDeleteඔන්න ඉතින් හැත්තෑ ගණන් වල ඉඳන් හේතුඵලවාදී සංගම් වගේ එව්වා තිබිලත් අපේ මිනිස්සු අටසිය ගණන් වලින් මේහාට තවමත් ඇවිත් නැති හැටියක් රවීයියේ.
ReplyDeleteඅපේ අම්මයි තාත්තයිත් ඔය චීන සර්කස් එකක් ගැන කියනවා. ඒකෙ හිටපු සිංහයෙක් නටපු විදිය කවදාවත් අමතක වෙන්නෙ නෑ කියලා. ඔය කියන එකමද මන්දා. මාත් ඇපලෝ සර්කස් නම් බලලා නෑ. පැසිපියා තමයි බලල තියෙන්නෙ.
ReplyDeleteකරවල ගැන නම් කියලා වැඩක් නෑ. මෙහේ හරි මිළයි. කට්ට කරවල අළුත් ඒවා දකින්නෙ කලාතුරකින්. එහෙම වෙලාවට විතරයි ගැනෙන්නෙ. මිළ වැඩි නිසා ගන්න අය අඩුයි. ඉතින් ලුණු පිපිලා පාටත් වෙනස් වෙවී රාක්කවල තියෙනවා.
දේව පාමුල ඇඩ් එක මටත් මතකයි හෙන පුදුමෙන් කියෙව්වා මාත්.
අළුත්ගම තිබුනු සල්ගාදු බේකරිය තමයි මට හොඳටම මතක. ඒ දවස්වල දකුණු පළාතෙන් කොළඹ එන බස් ඔතන නවත්තනවා. ඒකෙන් මාළු රෝලස් කන්න ඒ කාලෙ මං හරියට ආසා කළා. ඒ වගේම අපේ ගමෙත් දඹුළු ලී බඩු සාප්පුවකුත් තිබුනා.
ReplyDeleteසමාවෙන්න, අළුත්ගම නෙවෙයි කළුතර.
Deleteඅදමද මන්දා මේ පැත්තේ ආවේ.............
ReplyDeleteමමත් පුරේ...
සල්ගාදු ගරුන්ඩ් එක නිකන් ගෙදර වෙගේ...දැන් ඒ ග්‍රවුන්ඩ් එක විනාස කරලා
සෑම් පෙරේරා හිතවතා දාපු කමෙන්ටුවකින් දැකලයි ආවේ. ඒකට උත්තර දීලා ආවේ. මෙන්න බොලේ ඒ සේරම වංහුං මෙතැන පට ඇරලා! ආයෙම එන්නම්!
ReplyDeleteකාලෙකින් කමෙන්ට් එකක් දැම්මට මම දිගටම මේව කියෙව්වා හොඳද. බොහොම ස්තුතියි ඔබතුමාට, අපි කමෙන්ට් කලත් නැතත් දිගටම ලියාගෙන ගියාට.
ReplyDeleteගෙදරින් බත් එක බැඳලා දෙන එක කියෙව්වම මට මතක් වුණා මේ ලඟදි බලපු ටෙලි කතාවක්. එකෙත් අම්ම තමන්ගේ දරුවන්ගේ පෙම්වතියන්ට/පෙම්වතුන්ට ඔහොම බත් බැඳල දුන්න, නමුත් ඒක හරිම භයානක කතාවක්. :)
සර්කස් නම් බලල නෑ අනේ. අපි ඉපදෙනකොට ඔය කාලෙ පහුවෙලා මං හිතන්නෙ. :(
රසවත් ලිපියක්!
ReplyDeleteමට ටික වෙලාවක් ගියා සර්කස් දෙකේ පැටළුම ලෙහා ගන්න. කොහොම හරි ඔය එක කණ්ඩායමක් අවිස්සාවේල්ලේ ගුරුගල්ලේ කැළණි වැළි ක්‍රීඩා පිටියේ වැඩ කිඩ පෙන්නුවා කියලානම් මතකයි.
අරගොපළු හඬ චිත්‍ර පටියේ ප්‍රචාරණයේදී ගැමුණු විජෙසූරිය "දිනක නදින් දිනා - යනාදී වශයෙන් විරිදු කිහිපයකුත් කිව්වා. ඒ විරිදුවේ එක් තැනෙක තියෙනවා "දාහතරක් දෙනා - ඒකට ගොඩ වුනා " කියලා වැකියක්.