මගේ ආදර දුවේ.............
මාගේ දෙමව්පියන් විසින් මා බොහොම කුඩා දරුවකු ව සිටි අවධියේ දිනක් සර්කස් සංදර්ශනයක් නැරඹීම සඳහා කැඳවාගෙන යන ලදී. එය ඇත්ත වශයෙන්ම අපූර්වත ම අත්දැකීමක් විය. එහි සිටි සත්ත්ව පුහුණු කරුවන් අතුරින් සිංහයින් හීලෑ කොට පුහුණු කරන්නා මගේ සිත තදින් ඇද බැඳ ගත් තැනැත්තා විය. එයට හේතු වූයේ ඔහු ඉතාමත් අලංකාර ඇඳුමින් සැරසී සිටීමත්, “සිංහ පුහුණුකරු” යන්න ඉතාමත් ගරු ගාම්භීර හැඳින්වීමක් වීමත්ය. ඇරත්, සිංහයින් හා කොටියන්, කීකරු බළල් පැංචන් බවට හීලෑ කල ඔහු, මා වැනි කුඩා දරුවකුගේ සිත් ගැනීම පුදුමයට කරුණක්ද? ඔහු සතුව කසයක් සහ පිස්තෝල දෙකක් තිබුණද ඉතාමත් කලාතුරකින් මිස ඒවා භාවිතා නොකරමින් ඔහු කරන්නට යෙදුනු ප්‍රාතිහාර්යය මා හට නම් සර්කස් සංදර්ශනයක් නොව මැජික් සංදර්ශනයක් සේ විය.
“මේ භයානක කැලෑ සත්තු හීලෑ වෙන්නේ මගේ ඇස් දෙකට!. උන් මගේ ඇස් දිහා එක එල්ලේ බලන්න බයයි” ඔහු ශබ්ද නගා පැවසීය. “මගේ ඇස් දෙක තමයි මා සතු අගනා ම ආයුධය! මිනිසකු තමන්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලා සිටින විට නොසැලී හිටින්න කිසිම සතෙකුට බැහැ!”
ඇත්ත වශයෙන්ම ඔහු සිංහයා දෙස නෙත් හෙලන පමාවෙන් ඒ භයානක සිංහයා, කීකරු බළල් පැටවකු සේ බංකුව මතට නැගී හිඳගන්නටත්, අනතුරුව බැරලයක් තුලින් පැනීමටත් පමණක් නොව මියගියා සේ බිම වැතිරී සිටීමටත් යොමූ වුයේ මාගේ මුව මටත් නොදැනී මදින් මද විවර කරමිනි. දෙවියනි! ඒ භයානක සිංහයා එලෙසින් හීලෑ ව, කීකරු ව හැසිරුනේ, වෙන කිසිවක් නිසා නොව මිනිසකුගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටීමට ඇති නොහැකියාව නිසා බව අසීරුවෙන් වුවද මා හට පිළිගන්නට සිදු විය. එවැන්නක් ගැන සිතීමත් උද්යෝගය ඇතිකරවන්නක් විය.
සංදර්ශනය එන්න එන්නම සතුට ගෙන එන්නක් බවට පත්විය. තූර්යය භාණ්ඩ වාදනය නොනවත්වා ම කෙරීගෙන ගිය අතර ප්‍රේක්ෂකයෝ සිංහයින් පුහුණුකරන්නා හට ඔල්වරසන් දෙමින් සතුට ප්‍රකාශ කලෝය. ඔහු පපුව මත සිය අත තබා සෑම දිශාවට ම නැමි නැමී ඔවුන් හට ආචාර කලේය. ඇත්ත වශයෙන්ම එවැනි සංදර්ශනයක් නරඹන්නට ලැබීම කුඩා දරුවකු වූ මා හට අගනා ත්‍යාගයක් ම වීය. සංදර්ශනය නිසාවෙන් අමන්දානන්දයට පත් ව සිටි මා එක් වනම තීරණය කලේ කවදා හෝ මා ‘සිංහ පුහුණුකරුවකු’ විය යුතු බවයි.

අනතුරුව මම පසුදින සිට ඒ සඳහා සැලසුම් සකසන්නට වීමි. කවදා හෝ දිනෙක, අනභි භවනීය සිංහ පුහුණුකරුවකු වන්නට නම් කුඩා කල සිටම ටිකින් ටික පුරුදු පුහුණු විය යුතු බව මගේ පුංචි මොළයට වැටහිණ. එහෙත් පුහුණු කරන්නට තබා සිංහයකු අසලටවත් මා කෙසේ නම් ලංවන්නද? අනාගතයේදී ලොව පිළිගත් සිංහ පුහුණුකරුවකු වන්නට සිටියේ වුවද, ඒ වන විට මා තවත් එක් කුඩා කොළුවකු පමණි. ඉඳින් වඩා ම සුදුසු දේ, පුහුණු වන අවධියේ මුල් භාගයේදී වඩා රෞද්‍ර නොවූ සතෙකු සොයා ගෙන හීලෑ කිරීම බව මා හට අවබෝධ විය. මගේ පුංචි හිතට මේ සඳහා සුදුසු ම සතෙකු සේ හැඟුනේ බල්ලෙකි. ඒ ද අතිවිශාල එකෙකු නොවේ. ඉතාමත් කුඩා එකෙකි. ප්‍රායෝගිකව සැලකූ කල අතිවිශාල බල්ලෙකු යනු, කුඩා ප්‍රමාණයේ සිංහයෙකු සේ භයානක නොවේ යැයි කාට නම් කිව හැකිද? සිංහ පුහුණුකරු සිහිනය මුල් වරට දුටු දා පටන්, හීලෑ කිරීමට සුදුසු ප්‍රමාණයේ බල්ලෙකු ගැන නිතර විමසිලිමත් ව කාලය ගත කිරීම මාගේ පුරුද්ද විය.
කෙසේ හෝ අවසානයේ මාගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්විණ.
අපගේ පව්ලොවෝ පොසාඩ් නම් වූ කුඩා නගරයේ කුඩා උද්‍යානයක් තිබිණ. මෙකල එය විශාල ප්‍රමාණයේ උද්‍යානයක් වුවද, මා මේ කියන අවධිය වන විට තිබුනේ කුඩා උද්‍යානයකි. මගේ අම්මා එකල නිරතුරු මා එහි රැගෙන යාම පුරුද්දක් ව තිබිණ. මේ කියන දිනයේදී, මා සෙල්ලමින් කාලය ගත කරන අතර මගේ අම්මා අසල වූ බංකුව මත අසුන්ගෙන පොතක් කියවමින් සිටියාය. අම්මා අසල, ඉතාමත් ලස්සන, සුදු, කුඩා බල්ලෙකු සමඟ පැමිණ සිටි තවත් කාන්තාවක් අසුන්ගෙන සිටියාය. ඇය ද පසු වූයේ පොතක් කියවමිනි. මේ කථාවේ ප්‍රධාන චරිතයක් වන ඒ බල්ලා, ඉතා කුඩා එකෙකු වූ අතර ඌ සතුව කළුපාට, විශාල දෙනෙතක් තිබිණ. ඒ මගේ කටයුත්තට කියාපු දෙනෙතක් බව දුටු පමණින් මට සිතුනු අතර ඒවා මා හට ආයාචනා කරනා සේ මට දැනින.
“අනේ මට හීලෑ වෙන්න ඕනේ. අනේ කරුණාකරලා, පුංචි ළමයෝ, ඔයාට බැරිද මාව හීලෑ කරන්න? ඔය විදිහට මගේ ඇස් දෙක දිහා බලන්න එපා. අනේ මට කෙලින් ඉන්නත් බැහැ වගේ අයියෝ!!!!!!”
ඒ කථා කරන ඇස් මගේ කණට නොව හදවතට කථා කොට එලෙසින් ඉල්ලා සිටින්නා සේ මට දැනින.
තවත් මොනවා නම් කල්පනා කරන්නද? කුමට කාලය කා දමනවාද? ඒ මොහොතේ ම බලු පුහුණුව ආරම්භ කළ යුතු බව මගේ තීරණය විය. ඉඳින් මම බල්ලා වෙත හිමින් හිමින් ලං වීමි. අම්මා ඇගේ පොත කියවමින් සිටියාය. බල්ලාගේ හිමිකාරිය ඇගේ පොත කියවමින් සිටියාය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් තමන් අසල සිදුවන දේ වැටහීමකින් තොරව තම තමන්ගේ පොත් වල ඇලී සිටි අතර මම සෙමින් සෙමින් බල්ලා වෙත ලං වෙමින් සිටියෙමි.
බල්ලාට එනපොට හොඳ නැති බව හැඟී දෝ, ඌ බංකුව යටට රිංගා ගත්තේය. අනතුරුව එහි දිගාවී, ‘මේ පැංචා ගාටන්නේ මොකටද?’ යි කල්පනා කරමින් මෙන් උගේ කළුපාට විශාල දෙනෙතෙහි සැකකටයුතු බැල්මක් රඳවාගෙන මා දෙස බලා සිටින්නට විය. මම හැකි තරම් සෙමින් සෙමින් ඌ අසලට ලඟා වෙමින් සිටියෙමි.
“අපොයි මට පේන්නේ මේකාට මගේ ඇස් දෙක ගැන වගේ වගක් නැහැ වගේ. අපරාදේ මට තිබුණේ කෙලින් ම සිංහයෙකුගෙන්ම පටන් ගන්න. මට හිතෙන්නේ මේකා හීලෑ වෙන අදහස අත්හැරලා දාලා වගෙයි” මට සිතෙන්නට විය.
එදින ඉතාමත් උෂ්ණාධික දිනයක් වූයෙන්, මා සැරසී සිටියේ කොට කලිසමකින් හා සෙරෙප්පු ජෝඩුවකින් පමණි. මා වැනි කුඩා දරුවකු එලෙස සැරසී සිටීම විනය නීති කැඩීමක් කොට නුවරුන් නොසලකන්නට ඇති බව හඟිමි.
දැන් මා බල්ලාට ඉතා ආසන්නය. ඌ ගැඹුරු බැල්මෙන් මා දෙස බලා සිටියි. මා ඌ අල්ලා ගන්නට ඔන්න මෙන්න වාගේ තිබියදී, ඒ මෝඩ සතා එක්වනම ඉදිරියට පැන මගේ බුරිය සපා කෑවේය.
අහෝ! මාගේ කුඩා බුරිය....
මම මර ලතෝනි දෙන්නට වීමි.
පොත තුල ගිලී සිටි මගේ අම්මා උඩ විසි වී ගොස්, මටත් වඩා මහ හඬින් ලතෝනි දෙන්නට වූවාය.
ඇය පමණක් නොවේ, ඇය අසල ම සිටි බල්ලාගේ හිමිකාරිය ද මගේ අම්මා සමඟ හවුලේ ලතෝනි දෙන්නට වූවාය.
බල්ලා පමණක් කුමට නිහඬව සිටින්නද? ඌ ද හැකි පමණ වෙර යොදා බුරමින් සිටියේය. එකම ගාලගෝට්ටියකි.
“අනේ මෙන්න මූ මාව කෑවෝ” මම කෑ ගසන්නට වීමි.
“අනේ මෙන්න මේ ජරා බල්ලා මගේ දරුවා ව කෑවා” ඒ මගේ අම්මාගේ කෑ ගැසිල්ලය.
“මේ ළමයා මගේ බල්ලාට හිංසා කලා! නැත්තං කවදාවත් මගේ බල්ලා කාවවත් හපන්නේ නැහැ!” බල්ලාගේ හිමිකාරිය ද දෙවැනි නොවූවාය.
බල්ලා කුමක් කියා කෑ ගැසුවාද කියා සිතා ගැනීම පාඨක ඔබට භාරය.
ගත වූයේ නිමේෂයකි. වටේ පිටේ සෙනඟ මේ ගාලගෝට්ටිය අසා එතැනට රැස් වෙන්නට විය.
“අම්මෝ...... බොහොම නරක දෙයක් වෙලා තියෙන්නේ” හැමදෙන ම පවසන්නට විය.
මේ අතරතුරේ උද්‍යාන පාලක තැන එතැනට සැපත් වූයේය.
“ඈ පොඩි ළමයෝ, නුඹ බල්ලාට හිංසා පීඩා කලාද?” ඔහු ඇසුවේය.
“නැහැ. මම ඌ ව හීලෑ කරන්න ගියේ” මම පැවසීමි.
අපොයි දෙවියනි....... !!!!! රැස් ව සිටි හැමදෙන මහා හඬින් සිනාසෙන්නට විය.
“හ්ම්.......... ඒකත් එහෙමද? හොඳයි...... කියමු බලන්න නුඹ කොහොමද ඒ වැඩේ කරන්න ගියේ?”
“මම බල්ලාගේ ඇස් දෙක දිහා ම බලාගෙන හිමින් හිමින් ඌ ලඟට ගියා. වැඩක් වුනේ නැහැ. දැන් මං දන්නවා බල්ලෝ, සිංහයෝ වගේ නෙමෙයි, මිනිහෙක් බැලුවා කියලා ඌ ට කෙලින් හිටන් ඉන්න බැරි කමක් පහළ වෙන්නේ නැහැ” මම මා කල දේත්, එයින් ලද නිරීක්ෂණයත්, අවසන් නිගමනයත් සියල්ල ඉදිරියේ පවසමින් සිටියෙමි.
මගේ වැදගත් කථාව පසෙක තිබියදි රැස් ව සිටි මෝඩ මිනිසුන් හැම දෙන නැවතත් කොක් හඬලා සිනා සෙන්නට විය.
“දැක්කානේ......! මේ ළමයා තමයි සේරම කරලා තියෙන්නේ. කවුද මෙයාට කිව්වේ මගේ බල්ලා ව හීලෑ කරන්න කියලා....” බල්ලාගේ හිමිකාරිය ජයග්‍රාහී ලෙස තම අදහස් පළ කරන්නට වූවාය.
“දැන් මෙයාට දඩ ගහන්නයි තියෙන්නේ තමන්ගේ ළමයා හරියට බලා ගත්තේ නැති ව වටේ පිටේ මිනිස්සුන්ගේ කටයුතු වලට බාධා ඇති කලාට” ඇය තවදුරටත් මගේ අම්මා දෙසට අත දිගු කරමින් පවසන්නට වූවාය.
මගේ අම්මා තිගැස්සුනාය. කිසිම වදනක් නොඑන ලෙසින් ඇගේ මුව අගුළු වැටී ගියා සේ විය.
මෙහිදී, උද්‍යාන පාලක තෙමේ ඉදිරිපත් විය. “අර බලන්න අර සංඥාව........ ‘බල්ලන් උද්‍යානය තුලට ගෙන ඒම තහනම්!’ . ඒක, ‘ළමයින් උද්‍යානය තුලට ගෙන ඒම තහනම්! කියලා තිබුණා නං මේ ළමයාගේ අම්මාට දඩ නියම කරන්න මට පුළුවන්. ඒත් දැන් මට දඩ නියම කරන්න වෙලා තියෙන්නේ කාටද කියලා ඔබතුමියට වැටහෙනවා නේද? කරුණාකර දැන් මෙම උද්‍යානයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටිනවා. මේ දරුවා සෙල්ලම් කරමින් ඉන්න තැනට ඔබ හපා කන බල්ලෙකු ගෙනැවිත් තිබෙනවා. මෙහි සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් හපා කෑම් බැහැ.” ඔහු බල්ලාගේ හිමිකාරියට කරුණු පැහැදිලි කර දුන්නේය.
“කොහොම වුනත් පොඩි ළමයා...... නුඹ සෙල්ලම් කරද්දි කල්පනාවෙන් සෙල්ලම් කරන්න දැන ගන්න ඕනෑ. කාත් එක්කද සෙල්ලම් කරන්නේ කියලා කල්පනා නොකර සෙල්ලමට ගියහ ම ඔහොම දේවල් සිදු වීම සාමාන්‍යයි. බල්ලා දන්නේ නැහැනේ ඔයා මේ එන්නේ ඌව හීලෑ කරන්න කියලා. බාගවිට ඌ හිතන්න ඇති ඔයා නං එන්නේ ඌ ව හපන්න ම තමයි කියලා” ඔහු මාගේ මුහුණට එබී පවසන්නට වූ විට හොර පූසෙකු සේ බිම බලා ගෙන සිටියෙමි.
“තේරුනාද?”
“ඔව්... තේරුනා” අවසානයේ දී ඔහු කී දේ වැටහුණු බව පැවසීමි.
එයින් අනතුරුව මගේ, “සිංහ පුහුණුකරු සිහිනය” තවදුරටත් ඉතිරි නොවී, ගිය අතක් සොයා ගත නොහැකි ලෙස සැඟ වී ගියේය.
පෙර ආරක්ෂාව පිණිස මා හට ලබා දුන් එන්නත් ප්‍රමාණය අනුව, මා තෝරාගෙන තිබුණේ කිසිසේත් ම ලේසි පාසු රැකියාවක් නොවන බව ප්‍රත්‍යක්ෂයෙන්ම වටහා ගතිමි. එන්නත් ලබා ගැනීම සඳහා දොස්තර මහතා හමුවන්නට ගිය අවස්ථාවෙදී, විශාල බල්ලෙකුගේ ඇහිබැමි හැඩ කරන්නට ගොස්, එම බලු රාජයා ලවා තම කම්මුල් දෙකෙහි ම හිල් විදගෙන පැමිණි ළමයෙකු හඳුනා ගන්නට මා හට හැකි විය. ඉඳින්, බල්ලන් සමඟ කටයුතු කිරීමේ රඟ අපි දෙදෙනා සාකච්ඡා කර මැනවින් වටහා ගතිමු. ඔහුටත් මට සේම එන්නත් පෝලිමක් ලබා දීමට තරම් දොස්තර මහතා කාරුණික විය.
ඉතිං මගේ හොඳ දුවේ.......... තිරිසන් සතුන් සමඟ කටයුතු කිරීමේ ආදීන ව, නුඹේ පියා වන මම ඉහත කී සිද්ධියෙන් අනතුරුව හොඳ හැටියෙන් වටහා ගතිමි. ඇත්ත වශයෙන් ම සර්කස් කරුවන් සතුන් හීලෑ කරනුයේ ඔවුන්ගේ ඇස් දෙස බලා සිටීමෙන් ම පමණක් යන්න ගජ බින්නයක් බව පසු කලෙක මා හට අවබෝධ විය.
අනුවර්තනයකි.
පෙර අනුවර්තන :
114. මගේ ලස්සන බාලේ - මට නැති වූනු බෝලේ