විශාලා මහනුවර තුන් බිය ඔබට මතකද?...රෝග, දුර්භික්ෂ සහ අමනුෂ්ය.....එයින් අමනුෂ්ය බිය දහම් ද්වීපය පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරගිය සමයක් මතකද?...අමනුෂ්ය කිව්වට අමනුෂ්යමත් නෙවෙයි අමනුෂ්යයන්ටත් වැඩිය අමනුෂ්ය තත්වයට පත්වුණු මනුෂ්යයින් ගැනයි මම මේ කියන්නෙ.....
සමාවෙන්න..මට සහතිකයි මේ කියවන ඔයාලගෙන් බහුතරයක් ඒ කාලෙදි ඉපදිලාවත් නැතුව ඇති.හරි...වටේ ගියා මදෑ...කෙලින්ම කාරණේට බහිමු.මම මේ කියන්න ආවෙ 88/89 භීෂණ සමය ගැන.යටගිය දවස විශාලා මහනුවර වගෙ හන්දියක් හන්දියක් ගානෙ තරුණ මළකඳන් ( අමු අමුවේ හෝ පිළිස්සුණු ) දර්ශනය පාර අයිනෙ උදේම කුණු මල්ලක් එහෙමත් නැත්නම් කපුටු මළකුණක් දකිනව වගෙ හුරුපුරුදු සාමාන්ය දර්ශනයක් වෙලා තිබුණු සමයක්...
දේශප්රේමීන්ගෙ අණසක අනුව රට පුරා ජන ජීවිතය එකතැනම නැවතිලා තිබුණු ඒ යුගයේ රජයේ, ඒ වගේම පෞද්ගලික අංශවල යම් තරමකටත්, කාර්යාලවලින් කෙරුනු කටයුතු කිසිම දෙයක් කෙරුනෙ නෑ...ජීවිතයට තර්ජන තිබියදී ඒ නොසළකා හැර සේවයට වාර්තා කරන්නෙ කවුද?....සියලු සත්වයෝ මරණයට භිය ඇත්තෝය. ජීවිතයට ආශා කරන්නෝය.
'' මේ වැඩේ මෙහෙම කෙරෙන්න දෙන්න බෑ....මේ ත්රස්තවාදියන්ට ඕන විදිහට රට ගෙනියන්ට දෙන්න පුළුවන්ද?.....කරුණාකරල මම මේ කියන ටික හොඳින් අහගන්ට....එක කෑම්ප් එකක්වත් වහන්ට බෑ...ඔෆිස් දිගටම ඇරල තියන්ට ඕන නෑ...වරුවක් ඇරියම හොඳටම ඇති..ඒත් පොත අත්සන් කරන්ට ඕන හැමෝම..ඔය කවුරුත් දන්නව අද රටේ තියන තත්වය.මම කොහොම හරි අවශ්ය ඩීසල්....එතකොට කෑම බීම නැත්නම් මට කියන්න.... එව්වත් මම එවන්ට පිළිවෙලක් කරන්නම්...එතකොට වැටුප්...වැටුප් නියම දිනට ගෙවන්ට මම වැඩ පිළිවෙලක් යොදන්නම්..කරුණා කරල හැමෝම පුරුදු විදිහට තමගෙ කෑම්ප් වලම ඉන්න. ''
උතුරු මැද හා නැගෙනහිර පළාත් මායිමට ආසන්න රජයේ ව්යාපෘතියක ප්රධාන කාර්යාලයක්..එහි රැස් වූ එවකට එම ව්යාපෘතියෙහි සේවය කල නිලධාරින් සහ සේවකයින් සිය ගණනක්...ඒ අතර මම ද පසුපස අසුනකට බරදී සිටියෙමි.
ඒ රැස්වූවන් අමතා ඒ කථා කලේ ඔහුය.මාතෘකාව දෙසට ආපසු ඔබේ නෙත් යොමු කරනු මැන.එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය අවසන් විය. They were giants who walked the earth like colossus .....

මම සඳහන් කරන ඒ මහා පුරුෂයා ඔහුය...ගාමිණී දිසානායක....ගාමිණී ලයනල් දිසානායක....මගේ කියැවීම අනුව ශ්රී ලංකාවේ මහා පුරුෂයෙකැයි කිව හැකි අවසන් දේශපාලනඥයා ඔහුය.කරුණාකර හොඳින් සිතට ගන්න. දේශපාලනඥයා යන්න මම මෙහිදී යෙදීම කොතරම් නිවැරැදි දැයි මම නොදන්නෙමි.වඩා සුදුසු වන්නේ රාජ්යය තාන්ත්රිකයා යන්න යැයි හඟිමි.අද දෙශපාලනඥයා යන වදන තරම් අත පල්ලෙන් වැටුනු නිග්රහයට පත් වුනු තවත් වදනක් සොයා ගැනීම පවා අසීරුය. රාජ්ය සේවකයන් ගස් බඳින්නෝ ද දේශපාලකයෝය. දෙනෝ දාහක් ඉදිරිපිට විදේශීය කාන්තාවන් දූෂණය කරන්නෝ ද දේශපාලකයෝය. මහ මඟ බටහිර ගොපළු චිත්රපට රඟ දක්වමින් එකිනෙකා මරාගන්නෝ ද දේශපාලකයෝය.
එවන්නවුන්ද දේශපාලකයන් ලෙස සැලකෙන මේ දහම් දිවයිනේ, බුදුන් උපන් දේශයේ, පහල වූ අවසන් රාජ්ය තාන්ත්රිකයා ඔහු බව මම පවසන කල ඔබ කෙතෙක් දුරට මා හා එකඟ වේදැයි මම නොදන්නෙමි. එහෙත් ඒ මගේ අවංක අදහසයි.
ඔහු තමන් පැවසූ දෙය එලෙසම ඉටු කිරීම ශුද්ධවූ කාර්යයක් ලෙස සැළකීය.මම ඔබට පැවසූ ඒ භීෂණ සමයේ පැවැත්වුනු රැස්වීමෙහිදී ඔහු පැවසූව එලෙසින්ම ඉටු විය. ඉන්ධන හිඟය රටපුරා පැතිරී ගමනාගමනය බිඳවැටී සමස්ත දේශයම අකර්මන්ය වූ එසමයෙහි අපගේ වැටුප් සෑම මසකම නියමිත දිනට ලැබුණේ හුදෙක් ඔහුගේ කාර්යක්ෂමතාව සහ පෞරුෂය නිසාමය. ගුවන් හමුදාවේ හෙලිකොප්ටර මඟින් අපගේ වැටුප් කොළඹ සිට එවිණි.
අපගේ කඳවුරු බිම් ඉහළින් මාසයේ 25 වන දින වන විට ඉගිළීයන හෙලිකොප්ටරය දෙසට අත් වනා ජයඝෝෂා පැවැත්වීමට, පිළී හිස සිසාරා ඔල්වරසන් නැඟීමට හෝ හිස් වැසුම් අහසට වීසිකොට ප්රීතියෙන් ඔකඳ වීමට උදෑසන සිට නිමග්නව සිටි මත්පැන් සාදයෙන් මොහොතකට ඉවත්ව නිල නිවාසයේ ගෙමිදුලට අප බමන මතින් පැන්නේ එක් වරක් දෙවරක් නොවේ.
'' ජය වේවා!!!, ජය වේවා!!!...මොර මල්ල ආවෝ...මොර මල්ල ආවෝ.....'' කඳවුරු බිම පුරා සෑම නිල නිවසකින්ම නැඟ ආවේ ඒ ජය ඝෝෂා නාදයයි..එකල අපි වැටුප හැඳින්වූයේ මොර මල්ල යන ගෞරව සම්ප්රයුක්ත මෙන්ම සදාදරණීය ආමන්ත්රණයෙනි.
එලෙස කියූ වචනය වෙනස් නොකල දුන් පොරොන්දුව කඩ නොකල නායකයෝ අද මෙන්ම එකල ද කළුනික මෙන් විරල වූහ. ඔහු එවන් විරල වූ නායකයෙක්ම විය.
හෙලිකොප්ටරයේ හඬ මැකී යන්න හාම අපි යලි මධු පානයට එක් වන්නෙමු. බොහෝ වේලාවක් ගත නොවීය. නිරුවත් උඩු කයින් සහ වළාපොට ගසාගත් සරමින් පමණක් වැසුනු යටිකයින් යුතුව හදිසියේ ප්රධාන දොරටුවෙන් නොයා කඳවුරෙන් පිටවීමට කම්බිවැටෙහි කම්බි හතරක් කපා අප සාදාගෙන තිබූ හොර පාරෙන් දිව එන්නේ කඳවුරට අල්ලපු වැටේ වූ ගුරු නිල නිවාසයෙහි පදිංචි සම වයසේ වූ ගුරු තරුණයෝ තිදෙනෙකි.ඔවුහු ප්රථම පත්වීම් ලෙස අනිවාර්ය දුෂ්කර සේවය සඳහා මේ වන මැදට පැමිණි නුවර , මාතලේ හෝ කුරුණෑගල ප්රදේශවාසීහු වෙති.
'' ඒයි..හෙලිකොප්ටරේ ආව නේද?...'' ඔවුහු වැට අසල සිටම මහ හඬින් විමසති.
'' ඔව් ආව තමයි ඉතිං උඹලට මොකද?....'' මම මිදුලට බසිමින් අසමි.
'' අඩේ එහෙම කියන්ට එපා බං...පහුගිය මාසෙම ගෙදර ගියේ නෑ... ''
රජයේ සේවාවන් සියල්ල පූර්ණ වශයෙන් බිඳ වැටීම හේතුකොටගෙන ඔවුන්ට පසුගිය මස වැටුප තවමත් ලැබී නොතිබිණි.
'' හරි හරි බං, වරෙං... වරෙං.... මොනව හරි කරමු අවුලක් නෑ ''
වැටුප් නොලැබුනු ඔවුන් නිවෙස් බලා යාමට යම් මුදලක් ලබා ගත්තේ අප කිසිවකුගෙනි.
'' උඹලගෙ මිනිස්ටර් හැබැයි කිව්වොත් කිව්ව දේ කරනව මොන දහංගැටේ ගහල හරි, ඔය වගෙ මිනිස්සු තව කීප දෙනෙක් හිටියනං අද මේ රටට මෙහෙම වෙන්නෙ නෑ. ''
ඒ දශක දෙකහමාරකට ආසන්න කාලයකට ඉහත ඒ දිනවලට පසු නැවත කිසිදිනෙක මට හමු නොවූ තරුණ ගුරුවරයා පැවසූව එදාටත් වඩා වලංගු වන්නේ අදට බව මම තරයේ විශ්වාස කරන්නෙමි.
අද අපට අවශ්යව ඇත්තේ ඔහු වැන්නවුන්ය. අද නැත්තේද ඔහු වැන්නවුන්ය.දේශපාලනයේ නිරත වන්නකුට, එහි හිණි පෙත්තටම සැපත් වීමේ නොතිත් අධිෂ්ඨානයක් සිත දරාගත්තකුට අත්‍යාවශ්‍ය ගුණාංග කිහිපයකි. ජන ප්රසාදය දිනා ගැන්මේ හැකියාව ( Charisma ) සහ පෞරුෂය ඉන් ප්රධානය. ඔහු ඒ ගුණාංගයන්ගෙන් නොඅඩුව පරිපුන් මිනිසෙක් විය.
ශ්රී ලංකාවේ මෙතෙක් ක්රියාත්මක කෙරුනු විශාලතම සංවර්ධන ව්යාපෘතිය වූ මහවැලි ව්යාපෘතිය ඔහුගේ නායකත්වය රහිතව කිසිලෙසකින් සාර්ථක ලෙස නිමාකරනු නොහැකි වනු ඇත.

එසේම අපේ ජනප්රියතම ක්රීඩාව වූ ක්රිකට් ක්රීඩාවට ටෙස්ට් ක්රිකට් වරම් ලබාදීම උදෙසා ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය ඉදිරියේ 1981 ජූලි මාසයේදී ඔහු ඉදිරිපත් කල කරුනු දැක්වීම බෙහෙවින් ඉවහල් විය. එහෙත් 1996 මාර්තු මස ශ්රී ලංකාව ලෝක ශූරයින් වනු දක්නට ඔහු ජීවතුන් අතර නොවීය.
ඉදිරි දර්ශනයක් තිබූ නායකයෙක්........යමක් කල යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් සියළු බාධක පරයා තම ගමන් මඟ, තම ඉලක්කය කරා නොසැලී ඉදිරියට ගමන් කල ඔහු වන් යුග පුරුෂයෙක් අපහට අකාලයේ අහිමි වූයේ අපගේම අවාසනාවටය.
ඉන්දු -ලංකා ගිවිසුම සකස් කිරීමෙහි මෙන්ම ඒ ක්රියාත්මක කිරීමෙහිදීත් ඔහු නියාමක කාර්ය භාරයක් ඉටු කලේය.අවසන ඔහු ඝාතනය උදෙසා එල්.ටී.ටී. ඊ. සංවිධානය මෙහෙයවූ එක් ප්රධාන සාධකයක් ලෙස ඉන්දියාව සමඟ ඔහුගේ වූ සමීප සබඳතා සහ 1994 නොවැම්බර් ජනාධිපතිවරණය ඔහු ජයග්රහණය කලහොත් යන සැකය ද එකසේ බලපාන්නට ඇත.
එල්.ටී.ටී. ඊ. ත්රස්ත වාදය පරාජය කලද ඔවුන් විසින් මේ රටට කල හානිය කිසිදා පිරිමැසිය නොවනු හැක. ගාමිණී වන් රටකට විශේෂයෙන්ම නැඟී සිටීමට වෙර දරන තුන්වන ලෝකයේ ඌන සංවර්ධිත අප වන් රටකට අවශ්ය ඉදිරි දැක්මක් මෙන්ම නොසැලෙන අධිෂ්ඨානයක් සහිත නායකයන් බොහෝ දෙනෙක් සාහසික අන්දමින් ඝාතනය කිරීම ඔවුන් අපට කල විශාලතම හානියයි.
පසුගිය දිනවල මා කියවූ ඉතාම චිත්තාකර්ෂණීය පොතක් පිළිබඳ සඳහන් කොට මේ සටහන නිමා කරන්නෙමි. Robert Cowley නම් ඉතිහාසඥයා විසින් සංස්කරණය කල එය '' What If? '' නම් වේ.
ලෝකය වෙනස් කල ඓතිහාසික සිදුවීම් අප දන්නා අයුරු සිදුනොවී වෙනත් ආකාරයකට සිදුවිනි නම් ලෝකය කෙසේ වෙනස් වන්නට තිබුණුද?
මනඃකල්පිත අනුමාන කිරීම් සහයකොටගෙන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් අලලා ලියැවුනු ඉතාම සිත් ඇදගන්නා සුලු සටහන් මාලාවකි ඒ.
පොන්ටියස් පිලාත් ක්රිස්තුස් වහන්සේ කුරුසිය මත මරණයට නියම නොකොට නිදහස් කලේ නම්?
15 වන සියවසේ දී චීන ගවේෂක Zheng He අද්මිරාල් වරයා විසින් උතුරු අමෙරිකාව සොයාගන්නා ලද්දේ නම්?
හිට්ලර් දෙවන ලෝක සංග්රාමය ජයග්රහණය කලේ නම්?
මේ එහි සාකච්ඡා කෙරෙන මාතෘකා කිහිපයකි.
මේ පොත කියවද්දී මසිතට නැඟුනු එක් සිතිවිල්ලක් වූයේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව මෙවන් මනඃකල්පිත නිබන්ධනයක් ගොනු කිරීමටට අපේ ඉතිහාසඥයින්ට නොහැකිවීම හෝ ඔවුන් ඒ පිළිබඳව උනන්දු නොවීම කොතරම් අභාග්යයක්ද යන්නයි.
දුටුගැමුණු පරදා එළාර ජයග්රහණය කලේ නම්?
පෘතුගීසීන් ලංකාවට ගොඩ නොබැස්සේ නම්?
1815 ඉංග්රීසීන්ට කන්ද උඩරට අල්ලාගත නොහැකි වූයේ නම්?
1818 කැරැල්ලෙන් ඉංග්රීසීන් මුලුමනින්ම පරදවා කැප්පෙටිපොල ජයග්රහණය කලේ නම්?
1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතනය නොවුනි නම්?
1993 මැයි 1 වනදා ජනාධිපති ප්රේමදාස ඝාතනය නොවුනි නම්?
1994 ඔක්තෝබර් 24 වනදා ගාමිණී ලයනල් දිසානායක තොටළඟ දී බෝම්බ ප්රහාරයකට ගොදුරුව ඝාතනය නොවිනි නම්?
ලංකාවේ ඉරණම / ඉතිහාසය කෙතෙක් වෙනස් වීමට ඉඩ තිබිණිද?
What might have been?...Oh What might have been?......Alas.....We can only speculate......