ඒ දවස්වල...... ඒ කිව්වෙ අපි පොඩි කාලෙ, ඉංග්‍රීසි භාෂාව උගන්නන්ට පටන් ගත්තෙ තුනේ පංතියෙ ඉඳල. ඉංග්‍රීසි කියවල තේරුම් ගන්ට මගෙ තිබ්බෙ පුදුම ආසාවක්, ඒ වගේම උනන්දුවක්....මොකද කියල හිතන්ට පුළුවනිද ඔයාලට ඒකට ප්‍රධාන හේතුව?..........වෙන මොහොකටවත් නෙවෙයි ඩේලි නිව්ස් එකේ අන්තිම පිටුවෙ පලවෙන ක්‍රිකට් තරඟ ගැන විස්තරේ කියවන්ට!!!!.......:) :)
පස්සෙ කාලෙක ඉංගිරිසියෙන් ලියවුනු නවකතා, කෙටි කතා, විචාර, ඉතිහාසය ගැන පොත්, ඔය හැම එකක්ම කියවන්ට බොහොම ඉක්මනින් හැකියාව ලැබුනෙත් බලාගෙන යනකොට ක්‍රිකට් වලට පිං සිද්ද වෙන්ට කියල කියතැහැකි...
හැත්තෑව දශකයෙ මැද හරියෙ....අර ටී.ජී.....අපේ පෙරකදෝරු නෝන මහත්තැං කියන විදිහට අපි ඇවිල්ල හැත්තෑව දශකයෙ යෞවන යෞවනියො නෙව....හෙහ්, හෙහ්, හේ.....ඇත්තටම බලාගෙන යනකොට ඒ කතාවෙ වැරැද්දකුත් නෑ තමයි...
කෑගල්ල.....ඒ දවස්වල බොහොම නිසංසල නිස්කලංක නගරයක්....කෑගල්ල විතරක් නෙවෙයි ඒ කාලෙ හැම නගරයක්ම බොහොම නිස්කලංකයි, නිශ්ශබ්දයි.....යොවුන් විය සහ ළමාවිය අතර අර එහාටත් නැති මෙහාටත් නැති සංක්‍රාන්ති යුගයෙ පසුවුනු අපි ගෙව්වෙ බොහොම ආශ්වාදජනක කාලයක්.....
ඔය කාලෙ මගෙත් මගෙ යාලුවන්ගෙත් එකම ක්‍රීඩාව වෙලා තිබ්බෙ ක්‍රිකට්...අපිට ඒ දවස්වල ඒක පිස්සුවක් වගෙ...ඉස්කෝලෙ පටන්ගන්න ඉස්සරවෙලා.... පීරියඩ් පහක් ගිහාම තිබ්බ ඉන්ටවල් එකේ.... 11. 30 විතර ඉඳල විනාඩි 20 යි .....ඊට පස්සෙ පුළුවන් උනොත් ඉස්කෝලෙ ඇරිල ආයෙම පැය බාගයක් විතර...තණකොල ගහක් නැති වැලි පිට්ටනියෙ අපි කලේ ක්‍රිකට් ගහන එක...පාට පාට රබර් බෝල.......විකට් එක ඇවිල්ල අපි පොත් ගෙනියන සූට්කේස් දෙකක් දිග අතට එක උඩ එක තියල පිටිපස්සෙං මුක්කුවක් ගහල...මුක්කුව බොහොම වෙලාවට පොල්පිති බිඩංගයක්....
ඔය සූට්කේස් දෙක එක උඩ තියල බැලන්ස් කරන්න යනව සෑහෙන වෙලාවක්....ඉතිං එකෙක් Clean Bowled උනොත් එහෙම තමයි සෙල්ලම....ආය හදාපල්ලකො විකට් එක දිව විකාගෙන...ඉන්ටවල් එක විනාඩි විස්සයි, දෙන්නෙක් පිට පිට Bowled උනොත් එහෙම ආය හොදි ඕන්නෑ...හෙහ්, හෙහ්,
ඔය සූට්කේස් විකට් වැඩේ හින්ද දුවද්දී දැවී යාම් නැත්තං Run Out කරන්ට තිබ්බ අවස්තා බොහොමයක් මඟ ඇරුන..... මඟ ඇරුන නෙවෙයි ඇත්තටම අපි හිතා මතාම මඟ ඇරියා. විකට් එක ගාව විකට් කීපර් හිටියෙ නැත්නම් පිතිකරුවා දවාගන්ට කොච්චර හොඳ අවස්තාවක් තිබුනත් අපි ඈත ඉඳල විකට් එකට බෝලෙන් දමා ගහන එක කලේ නෑ. විකට් එක කඩල එකෙක් අවුට් කරල ඊට පස්සෙ විනාඩි දහයක් විතර අර අවුට් වෙච්ච එකාටයි බෝලෙන් දමල ගහපු එකාටයි අම්ම මෝ නැතුව බැණ බැණ විකට් එක ආයෙම හදනවට වඩා අර රන් එක නිරුපද්‍රිතව ගන්න ඉඩ දෙන එක හොඳයි කියලයි අපෙ පිළිගැනීම වෙලා තිබ්බෙ.
ඉස්කෝලෙ ක්‍රිකට් ගැහිල්ල ගැන ඒ..ඊට පස්සෙ ගෙදර ආහම අහල පහල කොල්ලො කුරුට්ටො එක්ක එකතු වෙලා කොහෙ හරි මිදුලක ආයෙම පටන් ගන්නව කිරිකැට් ගැහිල්ල...එහෙම සෙල්ලං කරද්දි අපි එක එක්කෙනා ඒ දවස්වල සුප්‍රකට ක්රීඩකයංගෙ නං ආරූඪ කර ගැනීමේ සිරිතකුත් තිබුන...
" අද මම සෝබර්ස් "...ඔන්න එකෙක් කියනව......ගැරී සෝබර්ස් ඒ වෙනකොට ක්‍රීඩා කලේ නැති උනත් අපි අතරෙ නාමාරූඪ කර ගැනීමේදි ඉහල ඉල්ලුමක් තිබුනු ක්‍රීඩකයෙක්.ඒ වෙනකොට විශ්‍රාම ගිහිල්ල හිටිය ඒත් අපි අතර ජනප්‍රිය චරිත තමා, ඩොන් බ්‍රැඩ්මන්, ලෙනාඩ් හට්න්, රොහාන් කනායි, බිල් ලෝරි සහ මයිකල් තිසේරා....
" මම වෙස්ලි හෝල්…"කියල ඔන්න පලවෙනි ඕවර් එක ෆාස්ට් බෝලිං....ඊලඟ ඕවර් එකේදි දඟ පන්දු ..එතකොට මම ප්‍රසන්නා..නැත්නම් බේඩි.....:) :)
මම අද බ්‍රැඩ්මන්ය කියල පපුව එහෙම පුම්බගෙන නහයට කෙලින් බලාගෙන බැට් කරන්ඩ ගිහිල්ල පළවෙනි බෝලෙන්ම පොලු ගලෝල යන දවසුත් නැත්තෙමත් නෑ ඔන්න කිව්වම මක් වෙනවද?.....:( :(
අපි එක්ක සෙල්ලම් කරන්ට ඉඳහිටල ආපු අපෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් හිටිය...අවුරුදු තුන හතරක් වැඩිමල් මේ මනුස්සය මාර උසයි. ඒ දවස්වලත් මට හිතෙන්නෙ අඩි පහමාරක් වගෙ වෙන්න ඇති උස....අපිට තිබ්බ බැට් ඔක්කොම වගෙ අපෙ උසට හදාගත්තුවනෙ...මෙයාට ඒ බැට් මදි...තුන් කුදු ගැහිල ඉන්නෙ විකට් එක ගාව. අවුට් කරන එක අපිට කජු කන්න වගෙ. පස්සෙ පස්සෙ මිනිහ අපි එක්ක ක්‍රිකට් ගැහිල්ල අතෑරලම දැම්ම...මට හිතෙන්නෙ එපා වෙලාමද කොහෙද.....හෙහ්, හෙහ්,
අර සෙල්ලං කරද්දි එක එක්කෙනා නං දාගන්නව කියල මම කිව්ව මතකයි නේද?....මේ දීග ජන්තුවට අපි ඉස්තිරවම නමක් වෙන් කරලයි තිබ්බෙ...ටෝනි ග්‍රේග්....ඒ දවස්වල එංගලන්තෙ නායකය....ඒ එක්කම මම හිතන්නෙ ලෝකෙ උසම ක්‍රීඩකයා......අද මේ සටහන ලියන්ට හේතුබූත උනෙත් ටෝනිම තමයි. මේ පහුගිය සෙනසුරාද උදේ ටෝනි මියගියා පිළිකාවකින්....
සතියෙ හත් දවසෙම ක්‍රිකට් ගැහිල්ලට අමතරව තව ඔය පිස්සුවෙ එක අංගයක් තරඟවල විස්තර ප්‍රචාර අහන එක...ඔය පිස්සුව නිසාම ඕස්ට්‍රේලියාවෙ, එංගලන්තෙ සහ වෙස්ට් ඉන්ඩීස් වල වෙලාවත් එක්ක ලංකාවෙ වෙලාවෙ වෙනස ගැන මට හොඳ අවබෝධයක් තිබුන ඒ කාලෙදිම..එහෙම නැතුව බෑනෙ....මම මුලින්ම සජීවී විස්තර ප්‍රචාරයක් ඇහුවෙ 1975 මුල්ම ලෝක ශූරතාවය.....B.B.C. එකෙන් අරගෙන S.L.B.C. එකෙන් විසුරුවා හැරි විකාශනයෙන්......ඊළඟට 1975-76 වෙස්ට් ඉන්ඩිස් සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලිය ....පලවෙනි ටෙස්ට් එක බ්‍රිස්බේන්වල ඒක එච්චර අවුලක් නෑ ලංකාවෙ වෙලාවෙන් උදේ හයට මැච් එක පටන් ගත්තෙ.... සෙකන්ඩ් ටෙස්ට් එක පර්ත්, ඒක පටන් ගන්නෙ උදේ අටට...කිසි අවුලක් නෑ...ඊට පස්සෙ ඔන්න මෙල්බර්න්....එතන ටිකක් වැඩේ කචල්...වෙලාවෙ වෙනස පැය පහමාරක්...ඒ කියන්නෙ පාන්දර පහට නැඟිටින්න වෙනව...
අපේ ඒ දවස්වල තිබ්බෙ පරණ ට්‍රාන්සිස්ටර් රේඩියෝ එකක්..තඩි රෝදයක් කරකවල මීටර් අල්ලන්ට ඕන..ඕකෙ රෝදෙ කරකවද්දි මීටර් අහු උනාට රතු පාටට තිබ්බ ඉන්ඩිකේටර් එක වැඩ කලේ නෑ.ඉතින් මම කරන්නෙ ඕස්ට්‍රේලියාව අහුවෙන තැන පැන්සලකින් පොඩි ඉරක් ගහනව සිරස්ව..ඒ කරල එතන ලියනව කැපිටල් A අකුරක්. B.B.C. අහුවෙන තැන ඔන්න මොකක්ද?...E අකුරක්...
ඔය රේඩියෝව භාරව නිසි බලධාරී විදිහට ස්වයං පත්වීමක් ලබල හිටියෙ අපෙ මාම. අම්මගෙ ළඟම අයියට වැඩුමල් අයියට වැඩුමල් අයිය. මිනිහට ඇල්ලුවෙ නෑ..මේ රේඩියෝ එකේ එක එක දේවල් කුරුටු ගාන එක..ඒත් " මොනවද මේ මේකෙ ලියන්නෙ ? "...කියල සුටු පුටු ගෑව මිසක මට මොකවත් කියන්ට ආවෙ නෑ..:) :)
හරි ඔන්න මෙල්බර්න් වල මැච් එක අහන්ට මම උදේ නැඟිටිනව පහට...අපෙ තිබ්බ ඒ කාලෙ සිදුහත් කුමාරය අභිනිෂ්ක්‍රමනය කරන්ට යන්ට එලාම් එක තිබ්බ ඔරලෝසුව..ඒකම නොවුනත් ඒකෙම එක බැච් එකේ සහෝදරයෙක් අනිවාර්යයෙන්ම.තඩි බටර්ෆ්ලයි නට් එකක් වගෙ එකක් කරකෝල තමයි එලාම් එක තියන්න ඕන...ඊට පස්සෙ සබන් දාල අත හෝදනකල් ඉවසන්ට බෑ අතේ මළකඩ ගඳ....:)
එලාම් එක තියල ඇහැරල මම හෙමීට එනව සාලෙ බුදු පිළිමෙ ගාව පල්ලෙහ මේසෙ උඩ තියන රේඩියෝ එක ලඟට. සාලෙ ලයිට් එක දාගෙන අල්ලනව A.B.C. මෙල්බර්න්.... සද්දෙ හොඳටම අඩු කරල අහනව සජීවී විස්තර ප්‍රචාරය.... මොකද ගෙදර අනික් අය ඔක්කොම ගොරව ගොරව නිදි...මට පිස්සු තිබුනට එයාලටත් පිස්සු නෑනෙ.....ඔය අපෙ ට්‍රාන්සිස්ටර් එකේ තිබ්බ ලෙඩක්...සද්දෙ හිටපු ගමන් අඩු වැඩි වෙනව...ඔන්න මම හෙමීට කණත් ලංකරල අහගෙන ඉද්දි එක පාරට වැඩි වෙනව සද්දෙ.... කණත් බීරි වෙල යනව...
Incomes Lillee from the members end past umpire Bailhache right arm over the wicket to Fredericks, short of length outside the off stump, Fredericks drives on the up….ඔන්න එක පාරටම සද්දෙ වැඩිවෙනව,කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව..හෙහ්, හෙහ්,...... PAST COSIER AT POINT, THE BALL RUNNING…..
'' මොකද පුතා මේ පාන්දර ඇහැරගෙන කරන්නෙ? '' අම්ම එනව ඇහැරල......
'' මේ මැච් එකක් අහනව අම්මෙ…'' මම හෙමීට කියනව....
'' හා, හා,……. ඕකෙ සද්දෙ ටිකක් අඩුකරන්න..අනික් අය නිදිනෙ.. '' අම්ම යනව කුස්සියට
එංගලන්තෙ මැච් ගහනකොට කිසි අවුලක් නෑ...එයාල පැය පහමාරක් පරක්කුයි. මැච් එක පටන් ගන්නෙ හවස හතරට විතර..රෑ එකොලහට වගෙ ඉවරයි...වෙස්ට් ඉන්ඩීස් වල ගහන මැච් අහන එක තමයි පණයන සෙල්ලම...වෙනස පැය නමයහමාරයි...ඒ කියන්නෙ මැච් පටන් ගන්නෙ රෑ අටට විතර....ඉවර වෙන්නෙ පාන්දර තුනට....කොහොමද වැඩේ? ඒත් මට මතකයි ඉන්දියාව ලෝක වාර්තාවක් තියල ලකුණු 406 ක ඉලක්කයක් හඹා ගිහිල්ල දිනුව මැච් එක මම ඇහුව ඔය පාන්දර හීතලේ බෙඩ් ෂීට් එකකුත් පොරවගෙන....:) :)
ඔය විදිහට බොහොම නිසංසලේ ගලාගිය ක්‍රිකට් ක්‍රීඩාව එක පාරටම උඩු යටිකුරු වෙන්නෙ 1977 දි. කෙරී පැකර් නම් ඕස්ට්‍රේලියානු චැනල් 9 රූපවාහිනී ආයතනයෙ හිමිකරුවත් එක්ක එකතුවෙලා ඒ කාර්යයට උර දෙන්නෙ අපෙ කථානායකය...මිස්ටර් ටෝනි ග්‍රෙග්...ඒ කාලෙ එයා එංගලන්ත කණ්ඩායමේ නායකය..මට මතක විදිහට 1977 පෙබරවාරි විතර ලංකාවටත් ආව.දිවා රාත්‍රි විදුලි ආලෝකය මැද තරඟ පැවැත්වීම, නොයෙක් වර්ණ ඇඳුම් භාවිතය, සුදුවන් පන්දුවක් සහ කාලවර්න දර්ශන තිරයක් යොදාගැනීම ..ඒ කෙරී පැකර් සහ ටෝනි ග්‍රෙග් එක්ව සංවිධානය කල World Series Cricket තරඟාවලියෙන් හඳුන්වාදුන් නවතම විශේෂාංග.
අවුරුදු දෙකයි මේ WSC වැඩේ තියෙන්නෙ..1979 කෙරී පැකර් ඒ තරඟාවලිය නවත්වල දානව. කෙරී පැකර් එක්ක ගිවිසුම් අත්සන් කරල WSC තරඟ වලට සහභාගි වෙච්ච අනික් ඔක්කොම ඕස්ට්‍රේලියන්, බටහිර ඉන්දීය සහ එංගලන්ත ක්‍රීඩකයන්ට නැවත නිල වශයෙන් තම මව් බිම වෙනුවෙන් ක්‍රීඩා කරන්ට අවස්ථාව ලැබෙනව...ටෝනිට හැර!!!!!! ඒ තරඟාවලිය සංවිධානය කිරීමේ පාප කර්මය නිසාම ටෝනි ආයෙ කවදාවත් එංගලන්ත කණ්ඩායමේ දොර ඇරෙන්නෙ නෑ..ඔහු චැනල් 9 සේවයේ විස්තර විචාරකයකු විදිහට එදා ඉඳල කටයුතු කරනව...ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි නුවර පදිංචියටත් යනව දරු පවුල එක්කම....
ඇත්තටම ක්‍රීඩයෙක් විදිහට වඩා බහුතරයක් ටෝනිව දන්නෙ රූපවාහිනියෙ ක්‍රිකට් විස්තර විචාරකයෙක් හැටියට. ශ්‍රී ලංකාව එක්ක ඔහුගෙ තිබ්බෙ සංසාරගත බැඳීමක්. ඔහුගෙ විස්තර ප්‍රචාරය ඒ විදිහට කරන්ට පුළුවන් ටෝනිටම විතරයි. පිට්ටනියෙ ඉන්න අන්නාසි කාරයො, පපර බෑන්ඩ්ස් ඒ හැම කෙනෙක් ගැනම ඔහුට තිබුන මොනව හරි කියන්ට.ටෝනිට තිබුනු තව ඇබ්බැහියක් ඕවර දෙකක් අතර තරඟය නරඹන කාන්තාවන්ගෙ කුණ්ඩලාභරණ ගැන විස්තර කරන එක.
" Okay, while they change ends down there let’s get some real close shots of what the ladies are wearing on their ears….aah….look at that, that’s really nice……"
ටෝනිගෙ මේ මැච් එකක් වෙලාවෙ වෙන අනම් මනම් පෙන්නන පුරුද්ද නිසා එක පාරක් හරිම අකරතැබ්බකුත් උනාය කියනව..ගාල්ලෙ මැච් එහෙකදි කොටු බැම්ම උඩට වෙලා නොමිලේ මැච් බලන කට්ටිය ගැන විස්තරයක් කරන්ට ටෝනිට ඕන උනා. හරියටම වෙලාවට කැමරාව ෆෝකස් වෙලා තියෙන්නෙ කුඩයක් යට හිටපු කොල්ලෙක්ටයි කෙල්ලෙක්ටයි. ටෝනිට මදෑ මේක.......උං දෙන්නට කැමරාව අල්ලල දුන්න පොරි හැලෙන්ට ටෝක් එක විනාඩි පහක් විතර...කරුමෙය කියන්නෙ මේ කෙලී ගෙදරට ක්ලාස් යනවයි කියලයි ඇවිත් තියෙන්නෙ. උන්නෙ අම්ම දැකල මේ යෝදිව ටී. වී එකේ.
පස්සෙ කෙල්ලගෙ අයියල කට්ටිය ඇවිල්ල අර කොළුවට නෙලල මදි නොකියන්ට.ඕකෙ හැබෑ බොරු ගැනනම් ගැරන්ටියක් දෙන්ට අමාරුයි..ඕක තිබ්බෙ අර එක පත්තරේක යන්නෙ ****** හැදෙන සඳ කියල තීරුවක්. අන්න ඒකෙ. සීයට අනූවක් ඕකෙ යන්නෙ අතේ රෝල්.ඒ එක්කම තව ආරංචියක් ආව අර නිල් වෙන්ඩ කාපු කොල්ල උගෙ ගැන්සිය එක්ක ඇවිල්ල ගාල්ලෙ ස්ටේඩියම් එක ලඟ දවස් දෙකක්ම රැකල හිටියයි කියල ටෝනිට නෙලන්ඩ. හැබෑ බොරු නම් මන්ද….. ඒත් ඊට පස්සෙ අවුරුදු දෙකක් විතර යනකල් ටෝනි ගොයිය ලංකාව පළාතෙ ආවෙ නෑ නම් තමා...හෙහ්, හෙහ්,
ටෝනි සහ අපි...........මේ අපූරු සම්බන්ධය පටන් ගත්තෙ 1996 ලෝක ශූරතා තරඟාවලියෙදි..ඊට මාස තුනකට දෙකකට කලින් මුරලිගෙ ප්‍රශ්නෙදිත් ටෝනි අපේ පැත්තට හිටිය.....
"I just love the way these little Sri Lankans play,"
ටෝනි මෙහෙම කිව්වෙ මට මතක විදිහට පලවෙනි ගෲප් මැච් එකේදි..සිම්බාබ්වේ එක්ක…
"I really think they can win this World Cup if they play well."
"I really think they can win this World Cup if they play well."
Quarter Final ආවොත් ඒ ඇතිය කියල හිතාගෙන හිටපු අපටත් යකෝ ටෝනිත් මෙහෙම කියනව නං අපිට බැරි වෙන්ට හේතුවක් නෑනෙ කියල හිතෙන්ට පටන් ගත්තෙ ඔන්න ඊට පස්සෙ...:) :)
රොමේෂ් කළුවිතාරණට Little Kalu…. ඒ වගේම සනත් ජයසූරියට Master Blaster….. ඒ ටෝනි දාපු නම්....අර්ජුනට Captain Cool කියල නම දැම්මෙත් මට මතක විදිහට ඔහුම තමයි...
අවසන එදවස උදාවිය...1996 මාර්තු 17..ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය...
වසර සතලොසකට ආසන්න කාලයක් ගෙවී ගියද තවමත් සිතට නැඟෙන විට නෙත් තෙත් වන ඒ අවසාන මොහොත...අද මේ මොහොතේ වුවද මොහොතකට දෙනෙත් පියාගත් සඳ මට සැනෙකින් ඒ අසිරිමත් මොහොත සිතෙහි ඉතා පැහැදිලිව මවා ගත හැක.
විය යුතු ලෙසම අවසාන ජයග්‍රාහී පියවර....අර්ජුන සහ අරවින්ද.......කඳුලු පිරි නෙතින් දුටු ඔවුන්ගෙ බොඳවී ගිය රූ දසුන්.....එසේම වියයුතු ලෙසම එසඳ විස්තර ප්රචාරක අට්ටාලයෙහි සිටියේ ඔහුය...
" These Sri Lankans are giving the Aussies a real hiding,…."
අර්ජුන ෂේන් වෝන්ගේ පන්දුවකට Square Leg හරහා හයේ පහරක් එල්ල කල පසු ඒ ටෝනිගේ හඬ....
"A little fairytale".
ලෝක ශූරතාවය දිනූ පසු ඒ ජයග්‍රහණය ඔහු හැඳින්වූයේ එලෙසය.
"The thing that I like about these guys is that they not only win, but they win in style. It is only a small place, Sri Lanka, and what a moment this is for Sri Lankan people."
රොමේෂ් කළුවිතාරණට Little Kalu…. ඒ වගේම සනත් ජයසූරියට Master Blaster….. ඒ ටෝනි දාපු නම්....අර්ජුනට Captain Cool කියල නම දැම්මෙත් මට මතක විදිහට ඔහුම තමයි...
අවසන එදවස උදාවිය...1996 මාර්තු 17..ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය...
වසර සතලොසකට ආසන්න කාලයක් ගෙවී ගියද තවමත් සිතට නැඟෙන විට නෙත් තෙත් වන ඒ අවසාන මොහොත...අද මේ මොහොතේ වුවද මොහොතකට දෙනෙත් පියාගත් සඳ මට සැනෙකින් ඒ අසිරිමත් මොහොත සිතෙහි ඉතා පැහැදිලිව මවා ගත හැක.
විය යුතු ලෙසම අවසාන ජයග්‍රාහී පියවර....අර්ජුන සහ අරවින්ද.......කඳුලු පිරි නෙතින් දුටු ඔවුන්ගෙ බොඳවී ගිය රූ දසුන්.....එසේම වියයුතු ලෙසම එසඳ විස්තර ප්රචාරක අට්ටාලයෙහි සිටියේ ඔහුය...
" These Sri Lankans are giving the Aussies a real hiding,…."
අර්ජුන ෂේන් වෝන්ගේ පන්දුවකට Square Leg හරහා හයේ පහරක් එල්ල කල පසු ඒ ටෝනිගේ හඬ....
"A little fairytale".
ලෝක ශූරතාවය දිනූ පසු ඒ ජයග්‍රහණය ඔහු හැඳින්වූයේ එලෙසය.
"The thing that I like about these guys is that they not only win, but they win in style. It is only a small place, Sri Lanka, and what a moment this is for Sri Lankan people."
Yes, Tony…It was the greatest moment in the history of Sri Lanka…Well, that’s as far as my opinion goes at least……:) :)
So Thanks dear, for being such a great friend of us….and thanks for all the entertainment you provided in your own inimitable style…you are one of a kind…..
RIP & good bye Tony….. to all 6 - 6 " of you !!!!
So Thanks dear, for being such a great friend of us….and thanks for all the entertainment you provided in your own inimitable style…you are one of a kind…..
RIP & good bye Tony….. to all 6 - 6 " of you !!!!