"බාලා මම අර අනිල්කාරයගෙන් ඔයාව බේරගත්ත වෙලාවෙ ඔයා මට පොරොන්දු වුනා මම කියන ඕනම දෙයක් කරනවයි කියල…..Krish...I will do anything you ask me any time... that were your exact words"
මම බාලගෙ ඇස් දෙක දිහා බලාගෙන එහෙම කිව්වෙ දත්මිටි කාගෙන. බාලා එහෙම දෙයක් කිව්වද කියල මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ. ඒත් එහෙම කිව්වම පොඩි ගැම්මක් එනවනෙ. ඒකයි මම එහෙම කිව්වෙ. අනික බාල මොකෝ නෑ කියන්නය? මම එකහෙලාම කියා හිටිනවනෙ නෑ කිව්වමයි කියල…
"අනිල්කාරය?" බාලා ඇස් උඩ තියාගෙන මා දිහා බැලුවෙ.
"ඔව්..ඔව්...අර ආවෙ ලොක්කෙක්....අපේ අර ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ක්ලයන්ට්ස්ලගෙ සල්ලි නැති උනාට පස්සෙ මොකද උනේ කියල හොයල බලන්ට....අන්න මිනිහ ගැනයි මම මේ කියන්නෙ"
"හරි හරි ක්‍රිෂ්...මට මතකයි...මට මතකයි..ඒත් ටිකක් සද්දෙ අඩුකරල කතා කරනවද කරුණා කරල. ඔහොම කතාකරනව කාටවත් ඇහුනොත් මටත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..."
මම හිටියෙ බාලගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ ඉඳගෙන ඉස්සරහට නැමිල මේසෙ උඩ අත් දෙක තියාගෙන. බාලා හිටියෙ මේසෙට වැලමිට ගහගෙන ඇඟිලි දහයම කෙස් අතරෙන් යවල ඔලුව මිරිකගෙන. බාලගෙ කාමරේ දොර වහල අගුලු දාල තිබ්බෙ.
එදා මගේ බෙල්ල දීල අනිල්ගෙන් බාලව බේරගත්තට පස්සෙන්දා ඉඳල මම බාල එක්ක තනියම ඉන්නකොට බාලට සැලකුවෙ මගෙ ඇවැස්ස මස්සිනා කියල හිතාගෙන. බාල ඒකට වැඩි කැමැත්තක් නැතිබව මට මිනිහගෙ ඉරියව් වලින් තේරුනාට ඉතිං මට පාන්ද කියල මම ගණං ගත්තෙ නෑ. බල්ලොත් එක්ක බුදිය ගත්තනං.....කියල ඔය කියමනකුත් තියෙන්නෙ සුද්දංගෙ.
කොහොම හරි සමහරවිට මේ වෙනකොට බාලට හිතිල ඇති එදා මගේ උදව් අරගන්නෙ නැතුව අනිල්කාරය දෙන දඬුවමක් බාරගත්තනං මීට වඩා දාහෙන් සම්පතයි කියල...හෙහ්..හෙහ්...But It's too late for that Mr. Balakrishnan much..much..much too late....now you have to do exactly as I say...Period....
"හරි හරි දැං මට කියන්න ඔයා මට මොකද්ද කරන්න කියන්නෙ කියල පැහැදිලිව...."
"මම ඔයාට උදව්වක්නෙ මේ කරන්න යන්නෙ බාලා..ඒක තේරෙන්නෙ නැද්ද?"
"උදව්වක්?"
"ඔව්..උදව්වක් තමයි....බාලමනෙ කිව්වෙ අර පහුගිය රැස්වීමෙදි ගායකයො ගෙන්නන්න ඇස්තමේන්තු කරපු ගාණ වැඩිය...එච්චර වියදම් කරන එක අනුමත කරන්ට කොහොමවත්ම බැරිය..අරකද මේකද කියල...හරි එහෙම කිව්වෙ නැද්ද?"
"කිව්ව කිව්ව මම දැන් නෑ කිව්වෙ නෑනෙ. ඉතිං මොකක්ද ඔයා මට කරන්න යන උදව්ව?"
"හරි මේකයි...මම ගායිකාවක් එක්කරගෙන එන්නම් නොමිලේ.."
"නොමිලේ?"
"ඔව් නොමිලේ...බාලට එක රුපියලක්වත් වියදම් වෙන්නෙ නෑ..සම්පූර්ණයෙන්ම නොමිලේ…"
"හරි කවුද ඔය කියන ගායිකාව? කියමු බලන්ට මමත් අහල තියනවද කියල බලන්ටත් එක්ක…"
"ඈ වනාහී නැඟී එන අතිදක්ෂ ගායිකා... රා..ධා.....ඔව්....රා..ධා...ස්..වා..මි..නා...ද...න්...ටර ටරාං ටර ටරාං…" මම ඇදල පැදල කිව්ව.
"කවුරු? රාධා ස්වාමිනාදන්?...මම ජීවිතේටම අහල නෑනෙ එහෙම නමක්…"
"හරි හරි...දැනට අහල නැති වෙන්න ඇති. ඒත් මට ෂුවර් අපේ කොන්සට් එකෙන් පස්සෙ රාධා ස්වාමිනාදන් කියන නම තමිල්නාඩු සංගීත ක්ෂේත්‍රයෙ දනන් තුඩ තුඩ රැව් දෙන නමක් වෙනව...Yes, I am dead sure about that....."
මම එහෙම කියල කාරණාව තවත් තදින් බාලට ඒත්තු ගන්නවන්ටත් එක්ක මිට මොලවල මේසෙට පාරක් ගැහැව්ව. දඩාං.......බාලා බයවෙච්චි පාර පුටුවෙනුත් නැගිට්ටුන.
"ක්‍රිෂ් මේ මේක සෙල්ලමක් නෙවෙයි. අපිට අපේ නම කැතකරගන්න බෑ පිස්සු නටල..Our corporate reputation is at stake here man, please understand...හරි මට කියන්න කවුද ඔය කියන රාධා ස්වාමිනාදන්?"
"මෙහෙමයි…" මම බාල දිහාට නැවිල සීරියස්ව කතා කරන්න ගත්ත. "මේ මම කියන ගායිකාව තවම ප්‍රසිද්ධ වේදිකාවෙ ගායනා කරල නම් නැහැ. ඒත් කර්ණාටක සංගීතය හොඳටම හදාරල සහතික හිටං ගත්තු කෙනෙක්…"
අනන්‍යාගෙ අම්ම සහතික අරගෙන තියනවද නැද්ද කියල මම දන්න එකක් නෑ. ඒත් මේ වෙලාවෙ මට ඕන උනේ කොයිමක් කරල හරි බාලගෙ හිත නමා ගන්ට. එච්චරයි
"කර්ණාටක සංගීතය?" බාලා බෙරිහන් දුන්න…"තමුසෙට පිස්සුද අයිසෙ?"
ඔය බාල ඇවිල්ල හොඳ ආචාරසීලී මනුස්සය. මම මීට කලින් අහලම නෑ මනුස්සය කිසිම කෙනෙකුට අඩුම ගානෙ සුලු සේවකයෙකුටවත් තමුසෙ කියල කතා කරනව. ඒකෙන් තේරෙන්නෙ මිනිහ කොච්චර හැඟීම්බර වෙලාද කියන එක. මම හිතන්නෙ කොන්සර්ට් එකට අලුත් ගායිකාවක් මම එක්කරගෙන එන එක බාලට උහුලන්ට බැරිතරම් සන්තෝසයක් වෙන්න ඕන.
"මේක පොප් කොන්සර්ට් එකක්...ස්ටේජ් එකේ ඩාන්සිනුත් තියනව... ඒකට කර්ණාටක සංගීතය කොහොමවත්ම ගැලපෙන්නෙ නෑනෙ මනුස්සයො…"
"බාලා..බාලා..බාලා...හරියට කර්ණාටක සංගීතය නියම ශාස්ත්‍රානුකූලව ඉගෙන ගත්තු කෙනෙකුට පොප් කොන්සර්ට් එකක සිංදු කියනව කියන්නෙ නිකං කොටින්ම කජු කනව වගෙ වැඩක්නෙ. ඔයත් ඉතිං කර්ණාටක සංගීතය ගැන හොඳට දන්නවනෙ. ඔයාට මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කර්ණාටක සංගීතය ගැන"
මම ඒ පොඩි මොත්තයක් දැම්මෙ. බාල දන්න ඉටිගෙඩියක් නෑ කර්ණාටක සංගීතය ගැන. මම හිතන්නෙ මම තරම්වත් දන්නෙ නෑ. හැබැයි මම මේ වෙලාවෙ බාලව මුරුංග අත්තට නග්ගපු විදිහට මිනිහට මට විරුද්ධ වෙන්න විදිහක් නෑ කොහොමවත්ම. මම මිනිහ කරමුලටම අහුවෙන විදිහටයි ගැටේ ගැහුවෙ. එව්වට තමයි ක්‍රම සහ විධි කියල කියන්නෙ.
මම හිතුව වගේම බාලක්‍රිෂ්ණන් මහත්තය බලා ඉද්දි කාම්ඩ් ඩවුන් ඇන්ඩ් කූල්ඩ් ඩවුන් වුනා.
"හරි හරි..දැං ඔය කියන ගායිකාව ...කවුද මේ... කවුද මේ... "
"රාධා…."
"අන්න හරි රාධා...ක්‍රිෂ් ඔය රාධා සිංදු කියනව අහල තියනවද?"
අනන්‍යාලගෙ ගෙදරට ගිය පළවෙනිම දවසෙ ගේ ඇතුලෙන් ඇහුණු වස නපුරු ඇල්සේෂන් දඩෝරියෙකුගෙ හකු පාඩා වලට බෙල්ල අහුවෙච්චි බළල් තඩියෙක්ගෙ විලාපය වගෙ සද්දෙ මතක් වෙලා මගෙ මුලු සරුවාංගෙම රෝම කූප සිරස්ව නැඟී හිටිය.
"අහලමත් තියනවමත් කියල කියන්ටමත් නම් බෑ....."
"මොකක්ද මනුස්සයො ඒ කිව්ව විකාර කතාව? මට කෙලින්ම කියනව... අහල තියනවද නැද්ද? එක වචනෙන් උත්තර දෙනව පිස්සු කියවන්නෙ නැතුව.."
"හ්ම්ම්ම්..අහල තියනව...මට සහතික කරල කිව්වැහැකි බාලා වැඩේ අප්සෙට් වෙන එකක් නෑ...අනික මොනව උනත් අර කවුද මට නම් මතකනම් නෑ...අනික් ප්‍රසිද්ද දෙන්නත් ඉන්නවනෙ.."
"හරිහරනුයි එස්.පි.යි දෙන්න…" බාල කිව්ව..
"අන්න හරි ඒ දෙන්න වැඩේ ගොඩ දායිනෙ අවුලක් උනොත්..අනික අපි ඒ දෙන්නට හොඳට ගෙවනවනෙ. එයාලගෙ රාජකාරිය අවුලක් උනොත් ගොඩ දාන එක. අපි ඕනනම් එයාලත් එක්ක ගහන ඇග්‍රීමන්ට් එකටත් එහෙම වගන්තියක් ඇතුල් කරමු"
"මොන වගන්තියක්ද? බැරිවෙලාවත් මොනව හරි අවුලක් එහෙම උනොත් ගොඩ දාන එක ඒ අයගෙ වගකීම කියල?" බාලා ඇස් උඩ තියාගෙන ඇහුව..
ඔන්න කිව්ව කතාවක්...
"නෑ..නෑ..එහෙමම නෙවෙයි...අපි ඒ අදහස එන විදිහට මොකක් හරි වචන ටිකක් ගැට ගහල වගන්තියක් හදමු. බැංකුවක වැඩ කරන අපිටත් බැරිනම් එහෙම දෙයක් කරන්ට වෙන කාටද පුලුවන්..නැද්ද බාලා?…" මම කිව්වා.
මේ නැඟීඑන නවක ගායිකාවගෙ ආතල් එකට බාලගෙ ඒ හැටි කැමැත්තක් තිබුනු පාටක් නම් පේන්ට තිබ්බෙ නෑ. ඒත් මිනිහ අන්තිමට කරන්ට දෙයක් නැති කමටම ඔලු ගෙඩිය ඉහල පහල වනල එකඟ වුනා
"අඩු ගනනෙ මේ රාධාගෙ රූප සෝබාවවත් කොහොමද? ඉටි කිරිස් කෙල්ලෙක්ද? නිකං කවුරු වගේද කියලවත් කියනවකො ..දීපිකා? ප්‍රියංකා?"
බාලා පුටුවෙන් නැඟිටල කාමරේ පිටිපස්සෙ බිත්තියෙ අපේ බැංකු ගොඩනැඟිල්ල එක්කම දිවෙන අතුරු පාරට විවෘත වෙන ජනේලෙ දිහාට යන ගමන් ඇහුව. මට හිතන්නෙ මිනිහට දාපු දාඩියෙ තරමට ඒ.සී. එක මදි වෙලා වෙන්න ඕන. ජනේලෙත් අරින්නද කොහෙද හදන්නෙ. අද උදේම පොඩි වැස්සක් වැටුන හින්ද අවට පරිසරයෙ තිබ්බෙ හොඳ සිසිල් ගතියක්.ඒ හින්ද ජනේලෙ ඇරියොත් හොඳ හීතල හුළං පාරක් කාමරේට හමාගෙන එයි කියල මටත් හිතුන.
"රාධානම් කවුරු වගේද මන්ද...ඒත් එයාගෙ දුවනම් ආය කියල වැඩක් නෑ...දිව්‍යාංගනාවක් වාගෙ ඔන්න කොටින්ම…"
ජනෙලේ අරින්ට අත දික්කරපු බාලා එහෙම්මම ආපහු හැරුන…"මොකක් කිව්ව? දුව? දුවගෙන් වැඩක් තියනවද මනුස්සයො? ස්ටේජ් එකේ සිංදු කියන්නෙ අම්මනෙ. අනික තමුං කොහොමද දුවව දන්නෙ?"
"දුව තමයි මගෙ පෙම්වතිය..She is actually my girl friend" මම ඔලුව පාත්කරගෙන කිව්ව.
"Whaaat?....." බාලා ආයම බෙරිහන් දුන්න.."තමුසෙ මේ මෙච්චර වෙලා කිව්වෙ තමුසෙගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ අම්ම ගැනද?"
"ඔව් බාලා..මම ලොකු අමාරුවක වැටිල ඉන්නෙ..Please help me as I helped you when you were in a difficult situation …"
බාල ජනේලෙ අරින්නෙ නැතුවම ආපහු ඇවිල්ල ඉඳගත්ත. "හරි කියනව මට ඔක්කොම විස්තරේ…"
"මගෙ ගෑණු ළමයගෙ අම්ම මට කැමති නෑ. එයා ඇමරිකාවෙ සිස්කෝ කම්පනි එකේ වැඩකරන එයාල අඳුරන කෙනෙකුට මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව බන්දල දෙන්නයි හදන්නෙ. තාත්තව මම කොහොමහරි ටිකක් ෂේප් කරගත්ත. ඒත් මේ අම්ම එක්ක අමාරුයි. හරිම මුරණ්ඩුයි. ඉතිං මොනව හරි සුවිශේෂී දෙයක් කරල අම්මගෙ හිත නම්ම ගන්ට බැරිඋනොත් මට වෙන්නෙ ගෑණු ළමය ගැන තියන බලාපොරොත්තු අත් ඇර ගන්ට. එහෙම උනොත් මට දිවිනහගන්නව ඇරෙන්න වෙන දෙයක් ඉතුරුවෙන්නෙ නෑ"
මගේ ඇස් වලට කඳුළු ආවෙ ඉබේම. කොහොමත් ඔය හැඟීමබර කතාවක් කියවද්දි ඒ වගෙ චිත්‍රපටයක් බලද්දි උනත් මගෙ ඇස් දෙකට ඉක්මනටම කඳුලු එනව. ඒ හින්ද මේ වෙලාවෙ ඇස් වලට කඳුලු ගන්න එක ඒ හැටි අමාරු දෙයක් උනේ නෑ. බාලා බයවෙලා වගෙ මගෙ දිහා බලා හිටිය.
"ඒ කියන්නෙ ඒ කියන්නෙ ක්‍රිෂ්ගෙ ගෑණු ළමය දෙමළද?"
"ඔව්..දෙමළ සහ බ්‍රාහ්මණ වංශික…"
"අයියංගර්?"
"ඔව්..එහෙම තමයි කිව්වෙ…"
(සටහන - අයියංගර් යනු විශේෂයෙන් තමිල්නාඩුවේ සහ සුළු වශයෙන් කර්නාටක ප්‍රාන්තයේ වෙසෙන දමිල බ්‍රාහ්මණ වංශිකයින්ගෙන්ද උසස් යැයි සැලකෙන රාමනුජන් නම් සෘෂිවරයා දෙසූ ධර්මය අනුගමනය කරන්නන් පිරිසකි. ඔවුහු ඔවුන්ටම ආවේණික සුවිශේෂී විවාහ චාරිත්‍ර ද අනුගමනය කරන්නෝය.)
අයියංගර් ගෝත්‍රයේ විවාහ චාරිත්‍ර අනුව සරණ බන්ධනයට ඇතුලත්වූ මනාල යුවලක්... |
"හ්ම්ම් මට දැන් හිතා ගත්තෑකි ක්‍රිෂ් දිල්ලියෙ ඉඳල මොකද චෙන්නයි ආවෙ කියල.." බාලා එහෙම කියල හිනාවුනා.
"ඔව්...ඒකත් එක හේතුවක් තමයි..ඒත් ඊටත් වැඩිය මට ඕන වුනේ තමුං වගෙ රටේ සුපතල මූල්‍ය ආයෝජන කටයුතු පිළිබඳ මහා විශේෂඥයෙක්ගෙ දෙපාමුල ඉඳගෙන සාස්තරේ ඉගෙන ගන්ට.." මම කටකොනකිං හිනාවෙන ගමන් තොල මැතුරුව.
"මොකක්ද කිව්වෙ?" බාලා නළල රැළිකරගෙන ඇහුව.
"මොකවත් නෑ.....මේ බාලා මට කෙලින්ම කියන්න. ඔයා මේ වැඩේ කරනවද නැද්ද?"
"මොකක්ද වැඩේ?"
"ගායක ගායිකාවො තුන්දෙනා තීරණය කරනකොට හරිහරන් සහ එස්.පී. ට අමතරව නැගීඑන නවක ගායිකා රාධා ස්වාමිනාදනුත් ඒ තුන්දෙනාට ඇතුලත් කරන වැඩේ."
"මම කොහොමද ක්‍රිෂ් එහෙම කරන්නෙ? අපේ කමිටුවක් ඉන්නවනෙ ගායක ගායිකාවො කවුද කියල තීරණය කරන්න. එතකොට මම කොහොමද...."
මම අත උස්සල බාලගෙ කතාවට බාධා කලා. "කමිටුවක් තියනව තමයි. ඒත් ඒ කමිටුවෙ ඉන්නෙ ඔක්කොමල බාලා යටතෙ වැඩ කරන අය. ඔයා කිව්වොත් මේ අය තමයි අපි තෝරගන්නෙ කියල ඒ කිසිම කෙනෙක් කටක් හොල්ලන එකක් නෑ. මම දන්නවනෙ ඔය කමිටුවල වැඩ කෙරෙන විදිහ...හෙහ්..හෙහ්...අපි නොදන්න කමිටු..."
"එහෙම උනත් ක්‍රිෂ් මම කොහොමද එක පාරට……."
මම දිග හුස්මක් පාතට හෙලල නැඟිට්ට.
"හරි අවුලක් නෑ. බාලා නිවාඩු පාඩුව කල්පනා කරල තීරණයක් ගන්න. මට හදිසි වැඩ වාගයක් තියනව...මගේ ඊ මේල් ඉන් බොක්ස් එකේ පරණ මේල් තියනව හත් අටසීයක් ඩිලීට් කරල දාන්න. ආ... බාලා මට ඒ දවස්වල එව්වෙ ඊ මේල් උදේ හවස අර ඉන්ටර්නෙට් ස්ටොක්ස් කොහොමහරි ක්ලයන්ට්ලගෙ ඇඟේ ගහන්න කියල. අන්න එව්වත් තිහ හතළිහක්ම තියනව මම ඩිලීට් නොකර. හෙට වගෙ වෙනකොට මට ඕනනම් ඒ ඔක්කොම ඩිලීට් කරල දාන්නත් පුලුවනි. මොකද කියන්නෙ? තීරණය ඔබ සතුයි."
බාලා මා දිහා බලා හිටියෙ හරිම අසරණ විලාසයකින්. මට දුකක් වගෙත් හිතුන. ඒත් සොරි ලොක්කා. මට වෙන කරන්න දෙයක් නෑ. ෂා ජහාන් අදිරාජයා මිනිස්සු හත් අට දාහක් මරවල වැඩ අරගෙන අවුරුදු විස්සක්ද විසිපහක්ද තිස්සෙ කෝටි ගානක් වියදම් කරල ටජ්මහලක් හැදෙව්වෙ මොකක් හින්දද? ආදරේ හින්ද. ඉතිං මම මේ වගෙ දෙයක් කලාම මක් වෙනවද? මොකෝ ඔය ගොල්ල කියන්නෙ?
දොර බාගෙට ඇරල මම එතන නැවතිල ආපහු හැරුන. බාල තාමත් ඒ විදිහටම බලා ඉන්නව.
"මට ඇත්තටම කණගාටුයි බාලා. I am so sorry..this is nothing personal.....ඒත් මේ මගේ ඉදිරි අනාගතය සම්බන්ධ තීරණාත්මක මංසන්ධියක්…This is about my entire future Bala... so please help me…"
මම එහෙම කියල කාමරෙන් එළියට ඇවිල්ල හෙමිහිට දොරවැහුව.