Showing posts with label Cricket is not just a game but a life style... Show all posts
Showing posts with label Cricket is not just a game but a life style... Show all posts

Tuesday, November 7, 2023

689. ක්‍රිකට් ලෝක සූරතාව...කෝලි සහ ෂර්මා.....


කෝලිකුට්ටුවා සහ සරමා....

 අපේ මංජුල පීරිස් ලොක්කගෙං බේරෙන්ට බෑ හෙනහුරාදා රෑ දහයට බ්ලොග් පෝස්ට් එකක් ලියන්ටෙයි කියල..මොනව උනත් ඕකා හොඳ එකා..ඒ හින්ද මම කල්පනා කලා එහෙම කරමුය කියල..

මේ දවස්වල හැමෝන්ම ලෝක සූරතා ආතල් එකේනෙ ඉන්නෙ..ඒ හින්ද ඒ ගැන ලියපු පොඩි සටහන් දෙකක් මෙන්න..

ආ...තව පොඩි ට්‍රිවියා නොහොත් ටිට් බිට් එකක්..ලංකාවෙ තියෙන්නෙ ඔය V & A කියල අරක්කු ජාතියක්..ඒකට ඔය නම දාල තියෙන්නෙ විරට් ඇන්ඩ් අනුෂ්කා කියන එකෙන්..

*******************************************

වර්ල්ඩ් කප්පෙකේ ඉදිරි තරඟ පැවැත්විය යුතු ආකාරය පිලිබඳව ඉතාම කාලෝචිත සහ බහුසෲත යෝජනා මාලාවක්...

අපරාදෙ ඉන්දියාව ඉතුරු මැච් ගහන එක..නිකං අපරාද වියදමක්නෙ..අනික අනික් ටීම් දෙකේ ක්‍රීඩකයින්ගෙ මහන්සිය..අම්පයර්ල දෙන්නගෙ තර්ඩ් අම්පයර්ගෙ ඉඳල ප්‍රේක්සකයො දක්වා බොරුවටනෙ මහන්සි වෙන්නෙ..

ඊට වඩා දාහක් හොඳයි අපි මෙන්න මෙහෙම වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කරමු....මෙන්න මගේ යෝජනා...

1. ඉන්දියාව නෙදර්ලන්තෙත් එක්ක මැච් එක දිනුවයි කියල හිතාගෙන පොයින්ට්ස් දෙකක් දාගන්නව..නෙට් රන් රේට් එක කොහොමත්ම අදාල නොවේ... මොකද ඉන්දියාව දැනටම ගහපු මැච් අටම දිනල පොයින්ටස් 16 අරං ඉන්නෙ..වෙන කාටවත් ඒ ගාණට එන්න බෑ..ඒ හින්ද NRR is irrelevant.....

2. ඒ මැච් එකේදිම කෝලි කුට්ටුවා  50 වෙනි සෙන්චරියත් දැම්ම කියල වාර්තා පොත් වලට ඇතුලත් කරනව..බුවාගෙ ළකුණු ගාන මෙහෙමයි ගණනය කරන්නෙ..කෝලීස් බාර්යා තොමෝ අනුස්කා නංගිගෙ උපන්දිනේ 1988. 5.1 ඒ දිනේ අංක ටික එකට එකතු කරනව එතකොට 1+9+8+8+5+1 = 32යි..

32 වැඩි කරනව අනුස්කගෙ උසෙං..සෙන්ටි මීටර් 168යි..එතකොට ඒ කියන්නෙ ඩෙසි මීටර් වලින් නම් 16.8යි..32 x 16.8 = 537.60 ආසන්න වශයෙන් 538යි..මේ පාර ඉන්දියාව දිනන්න යන්නෙ උංගෙ 3වෙනි වර්ලඩ් කප් එක..ඒ හින්ද 538 / 3 =179.33 ආසන්න වශයෙන් 179යි..ඒ ගාන ටිකක් වැඩියි වගේ හින්ද කෝලිගෙ වැඩිම ස්කෝර් එක 183 යිනෙ..ඒකෙං කෝලිගෙ වයස අඩු කරනව..183 - 35 = 148යි..ඒකත් වැඩියි වගේ කියල පේන හින්ද ආයම පාරක් අනුස්කගෙ වයසත් අඩු කරනව ( ඒ යෝදිටත් වයස 35යි.. ) එතකොට 148 - 35 = 113යි අන්න ඒ ගාන නං සාදාරණයි වගේ නේ? එහෙනං එතකොට කෝලි නෙදර්ලන්තෙ එක්ක ගැහුවෙ 113යි කියල වාර්තා පොත් වල සටහන් වෙනව..

3. ඊගාවට ඉන්දියාව සෙමි ෆයිනල් එකෙනුත් දිනනව සහ කෝලි ඒකෙත් සෙන්චරියක් ගහනව කියල..එහෙමත් හොඳ නෑනේද? සෙම්චරියක්ම ඕන නෑ..අපි කියමු දෙන්නගෙ වයස එකතු කරල ඒ එන ගාන ගැහුවයි කියල..ඒ කියන්නෙ 35 + 35 = 70යි..ඇති ඇති ඒ ඇති..අනික පයිනල් එකේ කොහොමත් කෝලිකුට්ටුව්ට සෙන්චරියක් අනිවා දෙන්ට එපාය..පයිනල් එකේ කෝලිගෙ ස්කෝ එක තීරණය කරන්නෙ මෙහෙමයි..

4. දැනට ෆයිනල් එකක වැඩිම ස්කෝ එක තියෙන්නෙ ගිල්ක්‍රිස්ට්ගෙ නමට..149 යි..ඒකට අපි එකතු කරනව මෝඩිගෙ වයසෙං හරියටම බාගයක්....ෆයිනල් එක ගහන්න සූදානම් කරල තිබ්බෙත්  මෝඩි ස්ටේඩියම් එකේ හින්ද එහෙම කරන එකේ කිසිම අසාධාරණයක් නෑ..මෝඩිගෙ වයස 73 යි ඒකෙං බාගෙ ඇවිල්ල 73 / 2 = 36.5 ආසන්න වශයෙන් 37 කියල ගන්නත් පුලුවන්..ඒත් ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක කියන්නෙ අන්තිම සාදාරන  විදිහට වැඩ කරන කට්ටියක්..ඒ හින්ද අපි අඩු අගය ගමු 36 කියල..එතකොට 149 + 36 = 185 යි..

5. අන්න දැක්කද? ෆයිනල් එක ඉන්දියාව දිනනව සහ ඒකෙදි කෝලි කුට්ටුවා 185ක් ගහනව..ඇත්තටම වර්ල්ඩ් කප් කියල ඉන්දියාව පුරහම  ඇවිද ඇවිද මහ විසාල වියදමක් කර කර මැච් ගහනවට වඩා මගේ මේ ක්‍රමය ඉතාම සාර්තකයි නේද? 

6. ඒ හින්ද මං ආයාචනත්මකව ඉල්ලා සිටිනව අලුතෙං අපේ රොසාම් ඇමතිතුමා පත් කරපු පා ලක මන්ඩලේ ගරුකටයුතු සබාපති අර්ජුන් රනතුංග මහත්තයගෙං ඔබ තුමාල ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ක්‍රිකට් කීඩාව දියුනු පවුනු කරන්ට කැපවෙල ඉන්නවයි කියල ප්‍රැක්ටිකලි ඔප්පු කරන්ටත් එක්ක මේ යෝජනාවලිය ඉන්දියානු රිකට් පාලක මන්ඩලේට වහාම යවන්ටෙයි කියල..

7. මේ යෝජනාව ඉන්දියන් බෝඩ් එක පිලිගන්නවට ආය කිසිම සැකයක් නෑ.. අර්ජුන මහත්තයෝ..ඔබ තුමාම ඒකෙ ගහුරවේ ගන්ට..මගෙ නමක්වත් කියන්ට ඕමනා නෑ..96 අවුරුද්දෙ ලෝක සූරතාවෙ දිනල අපිට ලබාදුන් අප්‍රමාන සම්තෝසෙ වෙනුවෙන් මම ඒ හෞරවය ඔබතුමාට කොන්දේසි විරහිතව පරිත්‍යාග කරනව..

8. අන්න එහෙමයි අපි..අන්න එහෙමයි අපේ අම්මල තාත්තල අපිව හදල තියෙන්නෙ..තෙරුණෙයි?

**********************************************

මේ පෝස්ට් එක ලිව්වෙ ඊයෙ මැච් එකේ අපේ මැතිව්ස් ගොබිල විනාඩි තුනක් ඇතුලත බැට් කරන්න ආවෙ නැහැය කියල පොර අවුට් කියල අම්පයර් තීරණය කරපු සීන් එකෙන් පස්සෙ..එහෙම Timed out  කියල International Cricket වල අවුට් වෙච්චි පලවෙනි එකා ඔය මැතිවුසාලු..

Timed Out and Groin Tickled  Out...                                                

තව එකම එක ක්‍රමයක් තියනව මීට කලිං කවුරුවත් එහෙම අවුට් වෙල නැති.....

ඒකෙං කියන්නෙ බැටර් (දැං ගෑණු උදවියත් ක්‍රිකට් ගහන හින්ද බැට්ස්මන් කියන්නෙ නෑ..දෙගොල්ලන්ටම පොදුවෙ බැටර් කියලයි කියන්නෙ...) තමංගෙ පිත්තෙන් අම්පයර්ගෙ කිරිපල්ල කුචි කැව්වොත් එයා දැවීගිය ක්‍රීඩකයෙක් විදිහට සලකනවයි කියල..

Types of Dismissals - No 12 

The batter shall be ruled  out if he/she tickles or attempts to tickle  Umpire's groin using his/her bat... The dismissal should be called Groin Tickled Out...

එහෙම අවුට් වෙනවට කියන්නෙ Groin tickled out   කියල..අපේ තව විකට් තුනක් තියන එකේ ඒකත් ට්‍රයි කරල බලන්ටයි තියෙන්නෙ..එකම ඉනිමකදි ලෝක වාර්තා දෙකක්ය කියන්නෙ සෙල්ලමක්ද?

Friday, August 28, 2020

654. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ මහදේවන් සතාසිවම්...............

ඩොන් බ්‍රැඩ්මන් දන්නව නේද? ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන්..ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරු...ඊයෙ ඒ කියන්නෙ අගෝස්තු 27 වෙනිද බ්‍රැඩ්මන්ගෙ උපන්දිනේ..ඔහු උපදින්නෙ 1908 අවුරුද්දෙ...2001 පෙබරවාරි 25 වෙනිදා ඔහු මියගියා..

බ්‍රැඩ්මන් වීරකෝන් ගැනත් අහල තියනව නේද? ඔහු අගමැතිවරුන් පස් දෙනෙකුගේ ලේකම් විදිහට සේවය කරපු කෘතහස්ත පරිපාලන නිලධාරියෙක්..ඔහුගේ පියාත් ඩොන් බ්‍රැඩ්මන් ලෝලියෙක්...1930 අවුරුද්දෙ ඩොන් බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයකින් පස්සෙ ආපසු ඕස්ට්‍රේලියාවට යන අතරමඟ කොළඹට ගොඩ බැහැල තියනව. 

ඒ දවස්වල මගී ගුවන් යානා එතරම් ප්‍රචලිත නැති නිසා ඔය ක්‍රිකට් කණ්ඩායම් ගමන් කරල තියෙන්නෙ නැව් වල.ඕස්ට්‍රේලියාවෙ ඉඳල එංගලන්තෙට යන නැව් වලට අතරමඟ වැදගත් නැවතුම්පොලක් තමයි කොළඹ වරාය...දවසක් දෙකක් කොළඹ රැඳිල ඉන්න අතරෙ ලංකා කණ්ඩායම එක්ක තරඟයකත් යෙදෙනව සාමාන්‍යයෙන් එංගලන්ත සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම්...Whistle stop tours කියලයි ඒ සංචාර හැඳින්වෙලා තියෙන්නෙ..ඉතිං 1930 ඔක්තෝබර් 20 වෙනිද බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක් නිම කරල ආපහු තමන්ගෙ මව් රටට යන අතරමඟදි කොළඹට ගොඩ බැහැල තියනව.

හරියටම එදාම බ්‍රැඩ්මන් වීරකෝන්ගෙ පියා එඩ්මන් වීරකෝන්ට පුතෙක් ඉපදිල..තමන්ගෙ වීරය සිහිවෙන්ට ජේෂ්ඨ වීරකෝන් පුතාට නම දාල තියනව බ්‍රැඩ්මන් කියල...එහෙම ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් ආශ්‍රයෙන් තමන්ගෙ දරුවන්ට නම් දාන එක බොහොමයක් තාත්තල අම්මල කරල තියනව. 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෛත්‍රිපාල කියල නම දාල තියෙන්නෙ මෛත්‍රිපාල සේනානායක ගෙ නමින්. එතකොට ඔහුගෙ බාල සහෝදරයට ඩඩ්ලි කියල නම දාල තියෙන්නෙ ඩ්ඩලි සේනානායකගෙ නමින්..ලෙනින් මොරායස් කියල චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් අහල තියනව නේද? එතකොට ජෝසෆ් ස්ටාලින් කියල කියන්නෙ ගුරු සංගම් නායකයෙක්...අපේ බිරින්දෑ තොමෝ මුලින්ම වැඩ කලේ නාවුල සහ ඇළහැර අතර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ හතේ පන්තියෙ ළමයෙක් හිටිය දිවංගත බණ්ඩාරනායක කියල...හෙහ්...හෙහ්...

මම පහුගිය දවසක අර අපේ මහගෙදර තිබිල මගෙ පරණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ ඡායාරූප අලවපු පොත් කීපයක් හම්බවුනු විස්තරයක් ලිව්ව මතකද? ඒ එක්කම තිබිල මම අරගෙන ආව  මපියාණෝ ඒ කාලෙ බ්‍රැඩ්මන්ගෙ එහෙම පත්තරවල පළවෙච්චි ඡායාරූප කපල අලවපු පොතක්. 

ඔය පොත මට හම්බවුනේ අවුරුදු 45 වගෙ ඉස්සර අපි කෑගල්ලෙ ඉන්දැද්දි පරණ පොත් පත්තර සහ අනම්මනම් ලටපට දාල තිබ්බ පරණ පකිස් පෙට්ටියක් අවුස්සද්දි...ඒ පොතට දැනට වෙනව මම හිතන්නෙ අවුරුදු 72 විතර...මම හිතන්නෙ අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා පණත යටතෙ සංරක්ෂණය කලයුතු භාණ්ඩයක්..හෙහ්..හෙහ්...

පළවෙනි ඡායාරූපයෙ තියෙන්නෙ ඒ පොත. ඩොන් බ්‍රැඩ්මන්ගෙ ෆොටෝ එකක් තමයි ඔය අලවල තියෙන්නෙ…



දෙවෙනි ඡායාරූපය: 1948 අවුරුද්දෙ බ්‍රැඩ්මන් සහභාගිවුනු අවසාන ටෙස්ට් තරඟය ගැන විස්තරයක් අඩංගු ප්‍රවෘත්ති පත්‍ර වාර්තාවක්…



තුන්වන ඡායාරූපය: ඒ යුගයේ සුප්‍රසිද්ධ හින්දි නළු නිළි යුවලක් වන රාජ් කපූර් සහ නාර්ගීස් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගිවන විස්තරයක් සහ සුප්‍රසිද්ධ ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහදේවන්  සතාසිවම් දකුණු ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 215 ලබාගත් ප්‍රවෘත්තියක්...



සතාසිවම් කියන්නෙ කුප්‍රසිද්ධ වංගෙඩිය මිනී මැරූ නඩුවේ චූදිතයා. ඔහු පසුව නිදහස් කෙරුනා. ඔහු වෙනුවෙන් නඩුවට කතාකලේ කොල්වින් ආර්. ද සිල්වා..මිනීමරුවෙක් වෙනුවෙන් කතාකරල ඔහුව නිදහස්කරගත්තයි කියල කොල්වින් කොච්චර ජන අප්‍රසාදයට පත්වුනාද කිව්වොත්  ඒ එක්කම පැවැත්වුනු මහ මැතිවරණයෙන් ඔහු වැල්ලවත්ත- ගල්කිස්ස ආසනයෙන් පරාජය වුනා... 



Monday, January 1, 2018

553. Good Bye WACA…….

පර්ත් නගරයේ වැකා ක්‍රීඩාංගණයේ දර්ශනයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.
Image - Cricinfo

මේ පෝස්ට් එක හරියටනම් ලියවෙන්න තිබ්බෙ සති දෙකකට ඉස්සරවෙලා. ඒත් ප්‍රියාම්බිකා තොමෝගේ අප බැහැදැකීමේ වාර්ෂික චාරිකාව හරියටම අදාල කාලයට සමපාත වූ බැවින් අර්ධයක් ලියූ අදාල සටහන සම්පූර්ණ කොට ප්‍රසිද්ධ කිරීම ඇය නික්ම යනතුරු කල්දැමීමට සිදුවිය

මේ දවස්වල ඕස්ට්‍රේලියාවෙ පැවැත්වෙනව එංගලන්තය සමඟ අළු බඳුන තරඟාවලිය. එහි තුන්වන ටෙස්ට් තරඟය පහුගිය දෙසැම්බර් 14 වෙනිද ඉඳල 18 වෙනිද දක්වා පැවැත්වුනේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙ අගනුවර වන පර්ත් නගරයෙ.

Good Bye WACA …..ඒ දවස්වල ක්‍රිකට් වෙබ් සයිට් හැම එකකම වගෙ මේ මාතෘකාවෙන් ලිපි පලවුනා. මෙතන WACA කියන්නෙ Western Australia Cricket Association. WACA Cricket Ground නොහොත් බටහිර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංගමයෙ ක්‍රීඩාංගණය පිහිටල තියෙන්නෙ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙ අගනුවර වන පර්ත් නගරයෙ. මේ ප්‍රවෘත්තියෙන් කියවෙන්නෙ මේ අවුරුද්දෙන් පස්සෙ වැකා ක්‍රීඩාංගණයෙ ටෙස්ට් ක්‍රිකට් තරඟ පැවැත්වෙන්නෙ නැහැය කියල. අළුත්ම ක්‍රීඩාංගණයක් ඒ සඳහා සූදානම් කරලයි තියෙන්නෙ.

ඕස්ට්‍රේලියාවෙ ප්‍රාන්ත අගනුවරවල් ඔක්කොගෙම ක්‍රිකට් ක්‍රීඩාංගන තියනව. එව්වට විශේෂිත නම් මෙහෙමයි. ක්වීන්ස්ලන්තයෙ අගනුවර ඇවිල්ල බ්‍රිස්බේන්. බ්‍රිස්බේන්වල ක්‍රිකට් ක්‍රීඩාංගනයට කියන්නෙ ගැබා. වූලූන්ගැබා නමින් හැඳින්වෙන ප්‍රදේශයෙ පිහිටල තියෙන හින්දයි ඒකට එහෙම කියන්නෙ. වූලූන්ගැබා කියන්නෙ ඕස්ට්‍රේලියන් මුල් පදිංචිකාරයින්වන ඇබොරිජීන්ලගෙ වචනයක්. 

එතකොට මම කලින් කිව්ව විදිහට ඊලඟට බටහිර ඕස්ට්‍රේලියාවෙ අගනුවර වන පර්ත් නගරයෙ ක්‍රිකට් ක්‍රීඩාංගනය හැඳින්වෙන්නෙ වැකා කියල. නිව් සවුත් වේල්ස් නොහොත් නව දකුණු වේල්සයෙ අගනගරය සිඩ්නි. ඒකෙ ක්‍රීඩාංගනය හැඳින්වෙන්නෙ S.C.G. නොහොත් සිඩ්නි ක්‍රිකට් ග්‍රවුන්ඩ් කියල. වික්ටෝරියා ප්‍රාන්තයෙ අගනුවර මෙල්බර්න්. ක්‍රිකට් ක්‍රීඩාංගනය M.C.G. 

දකුණු ඕස්ට්‍රේලියාවෙ තියෙන්නෙ ඇඩිලේඩ් ඕවල්. අපි හිච්චි එවුවො සන්දියෙ ඕස්ට්‍රේලියාවෙ ටෙස්ට් තරඟ පැවැත්වුනෙ ඔය කියපු පිටැන්නවල් පහේ විතරයි. තරඟ පැවැත්වෙන පිළිවල මෙහෙමයි. ප්‍රථම තරඟය බ්‍රිස්බේන්. දෙවන තරඟය පර්ත්. තුන්වන තරඟය මෙල්බර්න්. හතරවන තරඟය සිඩ්නි. පස්වන තරඟය ඇඩිලේඩ්. ටෙස්ට් හයක් ගැහුවොත් හයවෙනි එක ආපහු මෙල්බර්න්.

එහෙම ටෙස්ට් පහක් හෝ හයක් ගහන්නෙ එංගලන්තෙ එක්ක ගහන අළු බඳුන තරඟාවලියකදි නැත්නම් බටහිර ඉන්දීය කොදෙව් එක්ක ගහන කොට විතරයි සාමාන්‍යයෙන්. ඉන්දියාව පකිස්තානෙ හෝ නවසීලන්තය එක්ක ගහන්නෙ බොහෝවිට ටෙස්ට් තුනක් විතරයි. එක ග්‍රීෂ්ම සෘතුවකදි ඒ වගෙ ටෙස්ට් තුනක් ගහන රටවල් දෙකක් සංචාරය කරනව ඕස්ට්‍රේලියාවෙ.

මම ක්‍රිකට් ගැන උනන්දු වෙන්න ගත්තෙ 74 අවුරුද්දෙ ඉඳල. 74/75 ග්‍රීෂ්ම සෘතුවෙ ඕස්ට්‍රේලියාවෙ පැවැත්වුනා අළුබඳුන තරඟාවලියක්. ජෙෆ් තොම්සන් සහ ඩෙනිස් ලිලී දෙන්න එකතුවෙලා එංගලන්ත පිතිකරුවන් භීතියෙන් මුසපත්කලේ අන්න ඒ තරඟවාරයෙදි.

අපි එදවස හිටියෙ කෑගල්ලෙ. අප්පච්චිට ලැබුනු කච්චේරි නිල නිවාසෙ. අප්පච්චි එතකොට වැඩකලේ කෑගල්ල කච්චේරියෙ කාර්යාල සහකාර නොහොත් ඔෆිස් ඇසිස්ටන්ට් හැටියට. දැන්නම් එහෙම තනතුරක් නෑ මම දන්න විදිහට. දිසාපතිල දිස්ත්‍රික් ලේකම්ල වෙලා උප දිසාපතිල ප්‍රාදේශීය ලේකම්ල වෙනකොට කාර්යාල සහකාර තනතුරත් අහෝසි උනා මයෙ හිතේ. කොහොම හරි සුද්දගෙ කාලෙ බොහොම වැදගත් තනතුරක් ඔය ඕ.ඒ. තනතුර.

කච්චේරියෙ අප්පච්චිගෙ නිල කාමරේට මම ඔය ඉඳල හිටල යනව මාසෙකට දෙහෙකට වගෙ සැරයක්. කාමරේට යන්ට තිබ්බෙ කොළ පාට කුෂන් කරපු වවුල් දොරක්. සැලූන් දොරවල් කියන්නෙත් එව්වටම තමයි. "බාගෙට සැලුන් දොරින් රිංගා....නාගෙන ඕඩි කොලොන් බෘංගා…..එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා... ටියුෂන් කුමාරියෝ සොයනා"

ඔය වවුල් දොර ඉස්සරහ පොඩි කොරිඩෝවක් තිබ්බ. ඒකෙ දෙපැත්තෙම බිත්තියෙ එල්ලල තිබ්බෙ කලින් හිටපු ඕ.ඒ. මහත්තුරුංගෙ පෝටොස්. ටොප් හැට් ටේල් කෝට් ඇඳපු සුදු මහත්තුරු. මේ ළඟදි මම ඔය බ්ලොග් එහෙකද කොහෙද කියෙව්ව මෙහෙම කතාවක්..."48 අවුරුද්දෙ ඇත්තටම වුනේ අපි සුද්දගෙං නිදහස්වුන එක නෙවෙයි සුද්ද අපෙං නිදහස් වුන එක..." හෙහ්,හෙහ්..ඒ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ බලාගෙන යනකොට...

හරි ඒ පසුබිම් විස්තරේ දැනට ඇති...ආයම එමු වැකා කතාවට....

ක්‍රිකට් ගැන රට පුරා ලොකු උනන්දුවක් ඇතිවෙන්න ගත්ත 1975 අවුරුද්දෙ මැයි ජූනි මාසවල එංගලන්තෙ පැවැත්වුනු ප්‍රථම ලෝක කුසලාන තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුනු හින්ද. නායකය අනුර තෙන්නකෝන්. වසර කීපයකට කලින් ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මයිකල් තිසේරා උප නායකය. ඊට අමතරව බන්දුල වර්ණපුර, රංජිත් ප්‍රනාන්දු, සුනිල් වෙත්තමුණි, ඩේවිඩ් හයින්, දුලීප් මෙන්ඩිස්, මෙවාන් පීරිස්, ටෝනි ඕපාත, ඩී.එස්. ද සිල්වා, අජිත් ද සිල්වා සහ ලලිත් කළුපෙරුම....නාලන්දෙ පාසල් ශිෂ්‍යයෙක් විදිහට අනුර රණසිංහත් කණ්ඩායමට ඇතුලත් වුනා.

රටපුරා දැඩි භාණ්ඩ හිඟයක් තිබ්බ ඒ දවස්වල ආණ්ඩු කලේ සිරිමා මැතිණිගෙ සමඟි පෙරමුණු රජය. හාල් පොළු, මිරිස් පොළු, වගා සංග්‍රාම, ජේ.ආර්.ගෙ සත්‍යග්‍රහ, ලාම්පුතෙල් පෝලිම්, පාන් පෝලිම්, ගණ්ටාර මාක් සරං, වෙල්කා කලිසං, ඩියුරෝ ෂර්ට්ස් ඔක්කොම ගැන අමිහිරි මතක මාසෙකට වගෙ පෝස්පෝං කරල අපි ඔක්කොම එවරෙඩි බැටරි කෑලි හත අටකුත් ගෙනල්ල ලැහැත්ති වුනා එංගලන්තෙ යන්ට.

අපිට තරඟ තුනයි තිබ්බෙ. වෙස්ට් ඉන්ඩීස් සහ පකිස්තාන් එක්ක තරඟ අපි කැතට පැරදුනා. ඕස්ට්‍රේලියාව එක්ක ගහපු දෙවෙනි ඕවර් 60 තරඟයෙ (යස්..ඒ දවස්වල වර්ල්ඩ් කප් එකේදි ගැහැව්වෙ එක ටීම් එකකට ඕවර් හැටේ තරඟ) අපි හොඳ තරඟයක් දුන්න. අර වෙත්තමුණි සහ මෙන්ඩිස් ජෙෆ් තොම්සන්ගෙ හෙණ ගහන්න වගෙ එන යෝකර් බවුන්සර් වැදිල ඉස්පිරිතාලෙ අරන් ගියෙ අන්න ඒ තරඟෙදි.

පළමුවෙනි වර්ල්ඩ් කප් එක ගැන කතා කරනවනම් කතා කලෑකි තව වරුවක් දෙකක්. ඒ හින්ද ඒ වැඩේ වෙන දවසකට තියල ප්‍රස්තුතය නැත්නම් වැකා ගැන කතා කරමු.

අපේ ගෙදර ඒ කාලෙ තිබ්බෙ බොහොම හුරුබුහුටි එලාම් එකක්. ඒක කලුපාටයි. හතරැස්. කොටස් දෙකයි. එක පැත්තක තිබ්බෙ ඔර්ලෝසුව. කටුවල රේඩියම් ගාල තිබ්බ හින්ද මහරෑත් දිලිසෙනව. වෙලාව බලාගන්ට බොහොම ලේසියි. අනික් පැත්තෙ හිටිය සුට්ටං (ප්ලාස්ටික් වෙන්න ඕන) ගෑණු ළමෙක්. කොට සායක් ඇඳල එක අතක් ඉණට තියාගෙන අනික් අත ඔලුවට උඩිං තියාගෙන. එලාම් එක වදිනකොට අපූරු සංගීත නාදයක් එනව. ඒ එක්කම අර ගෑණු ළමය කැරකෙනව වටේට. ඔර්ලෝසුවෙ පිටිපස්සෙ තිබ්බ ඇණයක් වගෙ එකක්.  ඒක තද කලාම සංගීතෙත් නැවතිල ගෑණු ළමයත් එක පාරටම ඩග් ගාල නවතිනව.

මැච් එකක් තියන දවසට මම ඔය එලාම් එක තියල කොට්ටෙ යට හංගනව. ඒ ඔය මහ පාන්දර එලාම් එක වදිනව ඇහිල අම්මට එහෙම අහැරුනොත් ප්‍රස්න වලට උත්තර දීල නිවනක් නැති හින්ද. එලාම් එක තියන වෙලාව වෙනස් වෙනව මැච් එක ගහන්නෙ කොහෙද කියන කාරණය මත. 

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවෙ නැගෙනහිර මුහුදු තීරයෙ නගර වල වෙලාව ලංකාවෙ වෙලාවට වඩා පැය පහමාරක් හෝ පහක් ඉදිරියෙන්. ඒ කියන්නෙ මට එලාම් එක තියන්ට වෙනව උදේ හතරහමාරට වගෙ. පර්ත් වල ගහනකොට අවුලක් නෑ පාන්දර හීතලේ රෙද්දකුත් පොරවගෙන විස්තර ප්‍රචාරය අහන්ට ඕන වෙන්නෙ නෑ. වෙලාව වෙනස පැය දෙහමාරයි. ඒ හින්ද මැච් එක පටන් ගන්නෙ අපේ වෙලාවෙන් උදේ හත හමාරට. සාමාන්‍ය විදිහට නැඟිටල මූණ කට හෝදගෙන උදේට මොනවහරි කාලම රේඩියෝ සෙට් එක ලඟ පට්ටල වෙලා ඉඳගත්තෑකි කිසිම අවුලක් නැතුවම.

ඔය බටහිර වෙරළෙ පර්ත් වලට පැය දෙකහමාරයි, එතකොට නැගෙනහිර වෙරළෙ මෙල්බර්න් සිඩ්නිවලට පැය පහමාරයි කියන්නෙ ලංකාවෙ ඉඳල සමකයට සමාන්තරව පර්ත් වලට තියන තිරස් දුර ගත්තොත් ඊට සමාන හෝ මඳක් වැඩි දුරක් තියනව පර්ත්වල ඉඳල මෙල්බර්න්වලට. ඕස්ට්‍රේලියාව කියන්නෙ ලංකාව එක්ක ගත්තම මොන තරම් ලොකු රටක්ද කියල යම් දළ අදහසක් ගන්න ඒ කාරණේම ඇති.

නැගෙනහිර වෙරලෙ නගරවල මැච් ගහනකොට ඔන්න මම පාන්දර එලාම් සද්දෙට නැඟිටල ඇවිල්ල රේඩියෝ සෙට් එක ඔන් කරල ඒ ලඟටම වේවැල් පුටුවකුත් ඇදගෙන වාඩි වෙනව. ඔය වේවැල් පුටු හයක සෙට් එක ගෙනාවෙ කෑගල්ලෙ රනෝරිස් සහ පුත්‍රයෝ ලී බඩු සාප්පුවෙන්. ඕඩර් කරල මාස හයක් වගෙ හිටිය පුටු සෙට් එකගෙදර ගේන්ට. ඒ කාලෙ එහෙමයි බඩුත් හිඟයි. ඒ වගේම අමුද්‍රව්‍යත් හිඟයි. 

අපෙ අත්තම්මට ඒ වෙනකොටත් හැත්තැ අටක් වයස. ඉපදිලා තියෙන්නෙ 1897 අවුරුද්දෙ. උන්දැට නින්ද යන එක හොරයි. මහ පාන්දර නැඟිටල බුලංකේට්ටුවකුත් පොරවගෙන (අත්තම්ම බ්ලැන්කට් එකට කිව්වෙ එහෙමයි) අපෙ සාලෙත් එක්කම එලියෙන් තිබ්බ කොරිඩෝවෙ සක්මන් කරනව හ්ම්ම්ම් හ්ම්ම්ම් ගගා මොනවද කියව කියව. ඒක අත්තම්මගෙ පුරුද්දක්. අවුරුදු හැත්තැ පහකට නොඅඩු කාලයක් ඉතාම කලාතුරකිං මඟුල් ගෙදරකට නැත්නම් වන්දනා ගමනකට ඇරෙන්න සෙරෙප්පු නොදාපු උන්දැගෙ පොළවෙ ඇතිල්ලම රළු වෙච්චි යටි පතුල් කොරිඩෝවෙ සිමෙන්ති පොළවෙ ඇතිල්ලිල සරස් සරස් කියල සද්දයක් එනව එක දිගටම. 

ඔන්න මම එලාම් සද්දෙට නැඟිටල මගෙ රෑට පොරෝන පරන බෙඩ් සීට් එකත් ඉහිං කණිං පොරෝගෙන සාලෙට එනව. අත්තම්ම සක්මන නවත්තල හැරිල බලනව.

"මොකද සුට්ටි පුතා මේ පාන්දරම නැඟිටගෙන? අද ඉස්කෝලෙං කොහෙ හරි එක්ක යනවවද්ද?"

මාස දෙහෙකට වගෙ ඉස්සර අපෙ ඉස්කොලෙං වාර්ෂික අධ්‍යාපන චාරිකාව ගියේ කොළඹ. ග්‍රහ ලෝකාගාරය වරාය සහ සත්තු වත්ත බලන්ට. එදා අපි කෑගල්ලෙං පිටත් උනේ උදේ හතරට. එදා මම නැඟිට්ටෙ පාන්දර දෙකහමාරට. අත්තම්මට ඒක මතක් වෙලාද කොහෙද හෙහ්,හෙහ්,

"නෑ නෑ අත්තම්මෙ එහෙම එකක් නෙවෙයි මම මේ රේඩියෝ එකේ ක්‍රිකට් මැච් එකක් අහන්ට ලෑස්තිය.."

"මේ පාන්දර?"

අපි ඒ දවස්වල හිටපු නිල නිවාසෙ තරමක විසාල මිදුලක් තිබ්බ. මමයි අහල පහල ගෙවල්වල මගෙ යාලුවො කට්ටියයි එකතුවෙලා හවස්කාලෙ සහ සති අන්තවල ඔය මිදුලෙ ක්‍රිකට් ගැහුව. මම අර කලින් කිව්ව කොරිඩෝවෙ පුංචි පුටුවක් තියාගෙන ඉඳගෙන අත්තම්ම අපේ ඔය ක්‍රිකට් තරඟ බලනව. ඒ හින්ද ක්‍රිකට් ගැහිල්ල ගැන අත්තම්මට යම් අවබෝදයක් තියනව.

අපි ඔය මිදුලෙ ක්‍රිකට් ගහද්දි මැච් එක පටන්ගන්ට කලින් එක එක්කෙනා ඒ කාලෙ හිටපු සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ නම් ආරූඪ කර ගන්නව. මම අද ක්ලයිව් ලොයිඩ්, නැත්නම් ඉයන් චැපල්, එහෙමත් නැත්නම් ඩග් වෝල්ටර්ස්, කලිචරන්, නැත්නම් ෆ්‍රෙඩ්රික්ස්, එඩ්රිච්, ගවස්කාර්, පටවුඩි, මාක් බර්ජස්, සහීර් අබ්බාස්, මාජිඩ් ඛාන්.... ඔය වගෙ නමක් අපි වෙන්කරගන්නව. බැට් කරද්දි එක නමක් බෝල් කරද්දි තව නමක්. රොබර්ට්ස්, හෝල්ඩිං, හැඩ්ලී, බිෂන් බේඩි, ඉම්රාන් ඛාන් නැත්නම් ජෝන් ස්නෝ. ඔව්වයින් එකක්.. නම් වලට අපි මරාගන්නව වෙලාවකට...හෙහ්,හෙහ්...ඒ විස්තර ආයම දවසක ලියමුකො...

"මේ මැච් එක ගහන්නෙ ලංකාවෙ නෙවෙයි අත්තම්මෙ..........බොහොම දුර රටක .........."

"ඒ කොහෙද ඒ?" අත්තම්ම අහනව.

කිසි දවසක ඉස්කෝලෙකට නොගියට මළපොතේ අකුරක් බැරිවුනාට උන්දැ බොහොම බුද්ධිමත්. යමක් කියල දුන්නම එක පාරින්ම තේරුම් ගන්නව. මයෙ ගාව තිබ්බ කෑගල්ලෙ ශ්‍රී ලංකා පොත්හලෙන් ගත්තු අඩි එකහමාරක් විතර උස ලෝක ගෝලයක්. මම ඕකෙ අත්තම්මට ලංකාව තියෙන්නෙ කොහෙද එතකොට ඒරොප්පෙ කොහෙද දඹදිව කොහෙද කියල පෙන්නල දීල තියෙන්නෙ. ලෝකෙ රටරටවල් වල වෙලාවත් වෙනස්ය කියලත් මම කිව්ව. උන්දැට හරිහැටි තේරුම් ගියාද නම් මන්ද...

"ඕස්ට්‍රේලියාව කියන රටේ... ඉන්නකො…" මම ගිහිල්ල අපෙ ශීතකරණය උඩ තියල තිබ්බ ලෝක ගෝලෙ ගෙනල්ල ඕස්ට්‍රේලියාව තියන තැන අත්තම්මට පෙන්නුව. "මෙන්න ඕස්ට්‍රේලියාව. එහෙ දැන් උදේ දහයයි. මැච් එක දැන් පටන් ගන්නයි ලෑස්තිය"

"හා..එහෙමද?" අත්තම්ම ලෝක ගෝලෙ දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නව. 

මම අපෙ AIWA සෙට් එකේ A.B.C. (Australian Broadcasting Service) අල්ලන්ට උත්සාහ කරනව. ඔය අයිවා සෙට් එක ගැන තව කාරණයක් කියන්ට ඕමනයි. ඒකෙ රෙකෝඩ්ස් ප්ලේ කරන්ටත් පුපුවන්. ඒ කියන්නෙ එල්.පී. තැටි ධාවනය කරන කොටසකුත් තිබ්බ. ඔය සෙට් එක අපි ගත්තෙ අප්පච්චි අඳුරන අන්කල් කෙනෙක්ගෙන්. සෙට් එකත් එක්කම ඒ දවස්වල ඉතාම ජනප්‍රිය වෙලා තිබ්බ ශිරෝමි ප්‍රනාන්දුගෙ තැටි හත අටකුත් නොමිලේම හම්බවුනා. "කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන..." "සකල බුජං කොට කලිසං තමයි අඳින්නේ"......"කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"...ශිරෝමි ප්‍රනාන්දුගෙ මට මතක සිංදු කීපයක්.. 

ඒ එක්කම එම්.එස්.ගෙද කොහෙද රෙකෝඩ්ස් කීපයකුත් තිබ්බ. ඉංග්‍රීසි ගීතයක් මට මතකයි "Banana woman selling banana banana banana every morning she is shouting banana banana"

රේඩියෝ සෙට් එකේ මීටර් දර්ශකයට උඩිං මම අඟල් කාලක වගෙ සුදු ප්ලාස්ටර් තීරුවක් අලවල තියෙන්නෙ. ප්ලාස්ටර් කිව්වෙ අර තුවාල වලට බෙහෙත් දාල ගෝස් කෑල්ලක් තියල ඊට උඩිං අලවන්නෙ ප්ලාස්ටර් කියල ජාතියක්. අන්න එව්ව. ඔය ප්ලාස්ටර් මවිල් වලට ඇලවුනා තමයි තරු පේන්නෙ. දවසකට නැත්නම් දෙකකට පස්සෙ ප්ලාස්ටරේ ගලවන කොට මයිලුත් උගුල්ලගෙනමයි එන්නෙ ප්ලාස්ටර් කෑල්ලට ඇලිල. ආය නෑ හූ තියවෙනව.

හරි මම අපේ රේඩියෝ සෙට් එකේ ප්ලාස්ටර් තීරුවක් අලවල තිබ්බෙ ඔය ක්‍රිකට් මැච් පැවැත්වෙන රටවල්වල රේඩියෝ සර්විස් ටියුන් කරගන්ට පහසු වෙන්ට. A.B.C. අහුවෙන තැන, B.B.C. අහුවෙන තැන, නිව්සීලන්ඩ් වෙස්ට් ඉන්ඩීස් අහුවෙන තැන ආකාශ්වාහිනී (ඒ කිව්වෙ ඉන්දියාවෙ ගුවන් විදුලි සේවාව) තියන තැන මම ඒ ප්ලාස්ටර් එකේ මගෙ තීන්ත පෑනෙන් ළකුණු කරල තිබ්බ. ඒ කාලෙ කාබන් පෑන් තිව්වෙ නෑ මට මතක විදිහට. මගෙ තිබ්බෙ සියල් පෑනක්. තව කේ.ජී. කියලත් පෑන් ජාතියක් තිබ්බ. අපිට තීන්ත පෑනෙන් ලියන්න දුන්නෙ හතරෙ පන්තියෙ ඉඳල. ඊට කලින් ලිව්වෙ පැන්සලෙන්. පළවෙනි ශ්‍රේණියෙදි ලිව්වෙ ගල්ලෑල්ලෙ.

"සුට්ටි පුතාට තේ එකක් හරි කෝපි එකක් හරි හදල දෙන්නද?" අත්තම්ම අහනව.

"එහෙනං කෝපි එකක් ගේන්නකො.." මම හිනාවෙලා කියනව. 

අත්තම්ම අර හ්ම්ම්ම්..හ්ම්ම්ම්.. සංගීතෙත් දාගෙනම කුස්සියට යනව. කුස්සියෙ දරලිපට ඉස්සෙල්ල බූහනස්සක් හරි පොල්ලෙල්ලක් හරි දාල ගිනිකූරක් ගහල ගිණි බෝ කරල ඊට පස්සෙ පොඩි දර පතුරු දාල ගින්දර හොඳටම ඇවිලුනාට පස්සෙ ලොකු දර කෑලි දාල කේතලේ පස්සල කෝපි හදාගෙන එනකොට කොහොමත් අඩුමගානෙ මිනිත්තු පහලවක් විස්සක්වත් යනව. ඒ වෙනකොට වටිං ගොඩිං යන්තමට එළියත් වැටීගෙන එනව. දෙමලිච්ච්ංගෙ කරච්චලෙත් උදේම පටන්ගෙන. ඔය වෙද්දි මම වැකා ගිහිල්ල. හෙහ්,හෙහ්...

"Incomes Holding running in from the member's end right arm fast over the wicket like a melody in motion feet just kissing the ground head swaying slightly from side to side now passing umpire O'Connel in to Chappell, attempted yorker just a little bit short Chappell has no trouble in flicking the ball to square leg region and running for a single. Julien picks the ball up.....Australian score moves up to thirteen for one and Chappell moves up to eight........"

ඒ වෙනකොටත් ඕස්ට්‍රෙලියාවෙ එක විකට් එකක් ගිහිල්ල රික් මැකොස්කර් අවුට් වෙලා.......මම මේ කියන්නෙ 1975 දෙසැම්බර් මාසෙ පැවැත්වුනු බටහිර ඉන්දීය කොදෙව් - ඕස්ට්‍රෙලියා දෙවෙනි ටෙස්ට් තරඟය ගැන. ඒ තරඟෙන් වෙස්ට් ඉන්ඩීස් ටීම් එක ඉනිමකින් දිනුව. ඒත් තරඟ හයකින් යුතු ඒ තරඟ මාලාවෙ ඉතිරි තරඟ පහම දිනුවෙ ඕස්ට්‍රෙලියාව. ඒ ග්‍රෙග් චැපල් ඕස්ට්‍රේලියාවෙ නායකත්වය දරපු පළවෙනි සීරිස් එක.

වැකා ක්‍රීඩාංගණය මුල ඉඳලම සුප්‍රසිද්ධයි ටෙස්ට් තරඟ පැවැත්වෙන ලෝකයේ ක්‍රීඩාංගණ අතරින් ඉතාම වේගවත් තණතිල්ල සහිත ක්‍රීඩාංගණය විදිහට. සාමාන්‍යයෙන් ලිලී, තොම්සන්, රොබර්ට්ස්, හෝල්ඩිං, මාෂල්, ක්‍රොෆ්ට්, ගානර්, ඇම්බ්‍රෝස්, හැඩ්ලී, වගෙ වේග පන්දු යවන්නො පන්දු යවනකොට කඩුළු රකින්නා සහ ස්ලිප් ක්‍රීඩකයින් (අපේ පාලිත පෙරේරා මහත්තය කියන විදිහට නම් ලුහුට්ටා) ඉන්නෙ පිතිකරුවගෙන් තණ තිල්ලෙ දිගට සමාන දුර ප්‍රමාණයක් වගෙ (ඒ කියන්නෙ යාර විසි දෙකක්) පස්සට වෙලාලු. Not the whole nine yards but the whole twenty two yards it seems.... Heh...heh 

At WACA - The slip cordon stands in a different postal code from the batsman -  Cricinfo 
වැකා ක්‍රීඩාංගණයෙහි පිතිකරුට ඉතා දුරින් පන්දු රකින කඩුළු රකින්නා
සහ ස්ලිප් ක්‍රීඩකයින් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

හැබැයි පස්සෙ කාලෙක අලුතින් පිච් එකක් දැම්මම ඒකෙ අර ෆාස්ට් ඇන්ඩ් බවුන්සි ගතිය හුඟක් දුරට අඩුවුනා කියල තමයි කියන්නෙ. 

Anyway the bottom line is fast and bouncy or not we are not going to see another Lillee or Thomson running in from the member's end trying to induce an edge from another Clive Lloyd or Geoff Boycott..That's for sure...So From an ardent long standing fan of you .... GOOD BYE WACA!!!

ප.ලි. - වැකා ක්‍රීඩාංගණයෙ කවදකහරි ටෙස්ට් මැච් එකක් බලන්ට මගෙ ලොකු ආසාවක් තිබ්බ. දැං ඉතිං ඒක කොහොමත් හබක්. තුක කියන්නෙ ඒ ආසාව ඉටුවෙන්ට පොඩි පොටක් වගෙත් පෑදිලත් තිබ්බ එක. ඒ මෙහෙමයි. අපෙ ප්‍රියම්බිකාවන්ගෙ අඹ යාළුවෙක් දැං ස්ථිර පදිංචිය පර්ත් නගරයෙ. තම සාමියා සහ දරුවන් එක්ක එහෙ පර්මනන්ට්ලි සෙට්ල්ඩ් ඩවුන්ඩ්. ඕකේ? ඒ යෝදි කතා කලොත් අපෙ උන්දැට කියනව සති දෙහෙකට වගෙ එහෙ එන්ටය, සියලු විය හියදම් සහ නවාතැන් පහසුකම් එයාලා බලා ගන්නම්ය කියල. "නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි ජීවිතේ දිගු වන්දනා ගමනේ....." ඒ ඇවිල්ල මන්දා නාලනී නෝනගෙ ගීතයක්.......

ඉතිං මම කියල තිබ්බෙ එහෙ යනවනං යන්නෙ දෙසැම්බර් මාසෙක මුල හරියෙ කියල. ඒ පර්ත්වල ටෙස්ට් ගහන්නෙ ඒ කාලෙ හින්ද. ඉතිං මොකක් කොරන්ටද? වෙච්චි දේට එන්න සෙයියරුදු…...

ප.ප.ලි. - අපෙ බ්ලොග් ලියාපු සහෘදයෙකුත් හිටියා සහ සහෘදිනියකුත් ඉන්නව පර්ත්වල. ඒ අප අතරින් සමුගත්තු ඔබා සහ MiyuruWorld කියල බොහොම අපූරු අතීතාවර්ජන මාලාවක් ලියාපු මියුරු නෝන මහත්තැං. මියුරු දැන් සෑහෙන කාලෙකින් ලිව්වෙ නෑ.

ප.ප.ප.ලි. - සෙල්ලං නෑ අලුත් අවුරුද්දෙ මුලින්ම ලියපු පෝස්ට් එක..හෑල්ල වගෙ ලියාගෙන ගියා අන්තිමට බලනකොට වචන 2130 කුත් වෙලා.....හෙහ්,හෙහ්

ප.ප.ප.ප.ලි. - මගේ දයාබර සහෘදයින් සහෘදිනියන් සැමට සුබ නව වසරක් වේවායි පතන්නට රන්දිල් ද මා හා එක් වන්නීය!!

Thursday, November 2, 2017

542. පුවක් එෂැණිං 34….Current Hot Topics - ගංගා මෑණියන්ගේ පිහිට.....



"හම්මේ මේ ඉන්නෙ ඉතිං...හෙහ්,හෙහ්..."
ඉතා අගනා ඓතිහාසික ඡායාරූපයකි.
හිජකුපාම නීලකාස ජාතියේ අප්පොච්චී
සහ
ක්‍රිකට් ක්‍රීඩාවේ මෑණියෝ
මුහුණට මුහුණ හමුවූ
ඒ අසිරිමත් මොහොත
චිරාත් කාලයක් හුදී ජන පහන් සංවේගය උදෙසා
අප මෙසේ ප්‍රසිද්ධ කොට සිටුම්හ. 
සිද්ධි රස්තු!!!
පාකිස්තාන් කණ්ඩායම සමඟ අබුඩාබි සහ ඩුබායිහිදී පසුගියදා පැවති ටෙස්ට් තරඟ දෙක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලේ තම කණ්ඩායමේ දක්ෂතාවයක් නිසා නොව හුදෙක් ගංගා මෑණියන්ගේ අධිෂ්ඨාන බලය සහ ආශීර්වාදය නිසා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මහතා පැවසීය. 

මෙහිදී ඉතා හැඟුම් බරව සහ හැඬුම්බරව අදහස් පලකල ඒ මහතා මෙසේද පැවසීය. 

"ඔබලාට මතක ඇති පළවෙනි ටෙස්ට් තරඟයෙ මම නොදැවී ලකුණු 155ක් ගත්ත. ඒ ඉනිමෙදි මම දුන්නු කැච් හතරක් පකිස්තාන ෆීල්ඩර්ස්ල අතඇරිය. මුල් දෙක නම් ජෙනුවින් මිස්ටේක්ස්. ඒත් එක්කම බොහොම ලේසි කැචස්. පලවෙනි එක ගියේ සකන්ඩ් ස්ලිප් හිටපු බබර් අසාම්ට. ඒක බොහොම පහසු උඩ පන්දුවක්. දැන් ඔන්න මම බලාගෙන ඉන්නව බෝලෙ අසාම්ගෙ අතටම යනව. මිනිහ ලැහැත්ති වෙනව කැච් එක ගන්න. මට ෂුවර් බඩුම තමයි මම අවුට්මයි කියල"

"ඔන්න ඔය වෙලාවෙ මට මතක් වුනා මේ ටුවර් එක එන්න ඉස්සෙල්ල මම මෑණියො හම්බ වෙන්ට ගිය වෙලාවෙ එතුමිය කිව්ව ....දිනේස් පුතා බය වෙන්ට එපා. පිට්ටනියෙදි මොකක් හරි නරක දෙයක් වෙන්ට යනවනම් මගෙ නම සිහි කරන්ට ඒ සෙනේකිං මම එනව ඔබට පිහිට වෙන්ට..... මට ඔන්න ඔය කතාව එක පාරටම මතක් වුනා. දැං බෝලෙ අසාම්ගෙ අතට යන්ට ඔන්න මෙන්න. මට එක පාරටම ඉබේම කියවුනා බුදු ගංගා මෑණියනේ කියල"

"මගේ ප්‍රිය ක්‍රීඩා ලෝලී හිතවතුනි...කිව්වට හොඳ විස්වාසෙට ගන්ට ඔයාල. මෙන්න සෙනිකව ගංගා මෑණියෝ අසාම්ගෙ පිටිපස්සෙ ප්‍රාදුර්භූත වී වදාල සේක. අර සුදු සාරියෙන් සැරසිල. දිවියාංගනාවක්සේ බැබලෙමිං. එතුමී මා දිහා බලල ඇහැක් ගැහුව. ඒ කරල දන්නවද මගේ හිතවතුනි ඒ උත්තමාවිය කරපු දේ? ඔබ තමුන්නාන්සෙලා විස්වාස කරන එකකුත් නෑ. එක පාරටම එතුමී පාත්වෙලා අසාම්ගෙ කිරිපල්ල දෑතිම්ම මිරිකුවා. යස් කිරිපල්ල මිරිකුවා. ස්ක්වීස්ඩ් ද මිල්ක් බොටම් ඔෆ් අසාම්.. යස් දැට්ස් වට් ෂී ඩිඩ්. අසාම්ගෙ දකුණු කිරිපල්ල වාමාවුර්තවද වම් කිරිපල්ල දක්සිනාවුර්තවද අඹරා පියා වදාල සේක."

"ආය ඉතිං අහන්ටත් දෙයක්ය මොකද ඊලඟට උනේ කියල. අසාම් බුදාම්මෝයි කියල දෙකට නැමිල කිරිපල්ල බදා ගත්ත..නෑ..නෑ...සිංහලෙං නෙවෙයි බොල කෑගැහුවෙ...ඒක කියන්ටත් දෙයක්ය..සිංහලෙං කෑ ගහන්ට මොකෝ අසාම්කාරය සිංහල දන්න එකක්ය. මිනිහ බෑඟිරි ගැහුවෙ එයාලගෙ බාසාවෙං...ඒ කිව්වෙ උරුදු බාසාවෙං..."

"ඒ අතර බෝලෙ එතනම බිම පතිත වුනා. මෑණියෝ කලේ ආපහු හැරිල සුදු සාරිය දෑතිම්ම දණිස් ගාවට විතර උස්සල දුන්න බෝලෙට පයිං පාරක් ආය නෑ බෝලෙ නැවතුනේ බවුන්ඩරි එකේ. හරිනම් අවුට් වෙන්ඩ ගිය මට ලකුණු හතරකුත් ලැබුන කියපල්ලකො. ආතල් ද බ්‍රේව්.....සයින් ද පීස් සකබෝනා......"

"ඉතිං නැචුරලි මම නිකං අන්දුංකුංදුමයිස්ඩ් වෙලා හිටියෙ. මොකද මෑණියෝ පිහිට වෙන්නංය කියල කිව්වට මම හීනෙකිංවත් හිතුවෙ නෑ මෙහෙම ප්‍රාතිහාර්යයක් කරාවිය කියල. ඔහොම තුස්නිම්බූතයිස්ඩ් වෙලා ඉන්නකොට අහන්ටත් දෙයක්ද මගෙ අතිං අතිංය කිව්වට ඇත්තටම කිව්වොත් බැට් එකෙං ආයම කැච් එකක් ගියා මිඩ් ඕෆ් එකට. 

"ඒ වෙලාවෙත් මම තොල මැතුරුව මෑණියනී මට පිහිටවනු මැනවි!!! ...කියල. එතනදි මොකක් උනාය කියලද ඔහෙල හිතන්නෙ? අනා...මෑණියෝ ආවනෙ ඒ පාරත්. ඒත් කිරිපල්ල මිරිකුවෙ නෑ. ඒ ගමන මෑණියෝ කලේ ඒ පකිස්තාන් ෆීල්ඩර්ගෙ කරට නැඟල ඇති වීරියෙං බෙල්ල මිරිකපු ඒක. ඒ කැච් එකත් බිම..."

"ඊට පස්සෙ මට මාර ගටක් ආව. මම ඒ වෙලාවෙ දැනගත්ත මට කොහොමවත් වරදින්නෙ නෑ කියල. ඇත්තම කිව්වොත් ඒ වෙලාවෙ ඉඳල පිට්ටනිය මැද බැට් කලේ මම නෙවෙයි මෑණියො. ඇත්තම කිව්වොත් මම කලේ පැත්තකට වෙලා බලා ඉඳපු එක. මෑණියො හතරෙ පාරවල් ගැහැව්වෙ නිකං කජු කනව වගෙ."

"තව සෝක් කාරනයක් කියන්ට ඕන. ඊලඟට මම දුන්නු කැච් දෙකම මම හිතලමයි දුන්නෙ. මොකද පිට්ටනිය මැද්දෙ අර පට්ට අව්වෙ එක දිගටම බැට් කරනකොට එපා වෙනව. එහෙම වෙලාවට පොඩි ආතල් එකක් ගන්ට කියල හිතලයි මම තුන්වෙනි සහ හතරවෙනි කැච් දුන්නෙ. මට තිබ්බෙ කැච් එක දීල මෑණියනේ!!! කියල කියන එක විතරයි. ආතල් කියන්නෙ...ආය කියල වැඩක් නෑ."

"ඊලඟට අපේ අයට ෆීල්ඩ් කරද්දි මිස් වෙච්චි කීයක් නම් බෝල මෑණියො බිම පෙරළිල බවුන්ඩරීස් යන්ට නොදී නවත්තල දුන්නද? ඊලඟට අර හේරත්. මිනිහ විකට් එකොලහක් ගත්ත තමයි. ඒත් ඒ හැම විකට් එකක්ම අරං දුන්නෙ මෑණියො. බැට්ස්මන්ල ඉස්සරහ පැනල බෝලෙ මිස් උනහම උංට ආපහු හැරිල බැට් එක ක්‍රීස් එකේ තියන්ට බැරිවෙන්ට මෑණියො බැට් එක අල්ලං හිටිය. මගෙ දෑහිම්ම දැක්ක හින්ද මේ කියන්නෙ. ආය නැතුව වෙන කවුරුවත් කියපුව එහෙම නෙවෙයි."

"එතනින් ගිහාම මෑණියො සිලි මිඩ් ඕෆ් වල ඉඳල දිග කෙක්කක් දාල ස්ට්‍රෝක් එකේ අන්තිම මොහොතෙ බැට් එක පැත්තකට අදිනව. බෝලෙ එක්කො පෑඩ්ස් වල වදිනව. එතකොට එල්.බී.ඩබ්ලිව්. නැත්තං කෙලින්ම විකට්......"

"ඊගාවට අපි එමු දෙවෙනි ටෙස්ට් එකට. ඒකෙදි දිමුත් 196 ගැහුවෙ තනිකරම මෑණියො ආවේස වෙලා. ඒ ඉනිම අතරතුර මට දෙතුන් පාරක්ම පැවිලියන් එකේදි දිමුත් කිව්ව... චන්දි අයියෙ බැට් කරන්ට ගියාම මට නිකං කවුද ආවේස වෙනව වගෙ හිතෙනවනෙ. වෙනද කවදාවත් මට එහෙම හිතිල නෑ. අසනීපයක්වත් ද මන්ද... මට බයකුත් දැනෙනව.... "

"මම ඉතිං යන්තමට හිනා වෙලා කිව්ව ආ..ඒක ගණං ගන්ට එපා මල්ලි ඔව්ව ඇරිල යාවි කියල. ඉතිං ඇත්තම කිව්වොත් හේරත්ටයි දිමුත්ටයි හම්බ වෙච්චි මෑන් ඔෆ් ද මැච් එවෝඩ්ස් දෙකම අයිති වෙන්න ඕන මෑණියන්ට."

"මම ඒ දෙන්නට කිව්ව ඔය එවෝඩ්ස් දෙකත් අරගෙන අපි කට්ටියම යමු කියල මෑණියො බැහැදකින්ට කියල. කට්ටිය එක පයිම්ම කැමති වුනා. හරියටම 1996 වර්ල්ඩ් කප් එක දිනල කප් එකත් අරගෙන ලංකාවට ඇවිල්ල එයා පෝට් එකේ ඉඳල කෙලින්ම අර්ජුන අයියයි ටීම් එකයි ගාමිණී දිසානායක මහත්තයගෙ ගෙදර ගියා වගෙ."

"ඒ වෙනකොට ගාමිණී මහත්තය මැරිල. එයාල ගිහිල්ල කප් එක දුන්නෙ ශ්‍රීමා නෝනගෙ අතට. අන්න ඒ වගේ තමයි අපිත් කරන්ට හිතාගෙන ඉන්නෙ. රත පෙරහරකිං ගිහිල්ල මෑණියන්ගෙ දෙපාමුල එවෝඩ්ස් තියල අපේ ගෞරව පූර්වක ස්තූතිය පලකරනව."

"එතකොට ඔබ තමුන්නාන්සෙලට ප්‍රශ්ණයක් ඇති එහෙමනම් වන්ඩේ සීරීස් එකයි ටී ටුවෙන්ටි සීරීස් එකයි දෙකම අපි කැතට පැරදුනෙ මොකද කියල. ආ...ඒකට හේතුව මේකයි. අපේ මෑණියන්ට තවම තව්තිසාවෙ දේව සභාවෙන් දීල තියෙන්නෙ ටෙස්ට් ආවේශ වරම විතරයි."

"වන්ඩේ සහ ටී ටුවෙන්ටි ආවේශ වරම් දෙන්නෙයි කියල මෑණියො අයදුම්පත් ඉදිරිපත් කරල තියෙන්නෙ. තාම දේව සභාවෙ ක්‍රිකට් ආවේශ/ආශිර්වාද අනු කමිටුවෙ අනුමැතිය ලැබිල නැහැ අයදුම්පතට. ඒත් බඩු ෂුවර් ඇන්ඩ් ෂොට් ..තව සතියක් වගෙ ඇතුලත අනුමැතිය ලැබෙයි කියල මෑණියන්ට දැඩි විස්වාසයක් තියනව. හෙහ් හෙහ්...ඒ අනුමැතියත් ලැබුනම කිසි අවුලක් නෑ අපි ලබන පාර වර්ල්ඩ් කප් එක තනි අතිං උස්සන්නෙ..තනි අතිං...ආය කිසිම සැකයක් තියාගන්න එපා... බඩේ බත් වගෙ තමයි..."





This is a news item just received…...

The anti-corruption investigating unit (ACIU) of International cricket council (ICC) has just announced that they are initiating a comprehensive inquiry in to the conduct of Sri Lankan team during their just concluded test series against Pakistan held in Abu Dhabi & Dubai. 

A spokesman for ACIU said the a charge sheet is to be served to Sri Lankan captain Dinesh Chandimal under clause 14.1 of ICC code of conduct for international players which explicitly prohibits seeking undue external help from outsiders when playing cricket. 

In a recent public interview which was given wide publicity, Chandimal claimed he seeked and received unfair assistance from a Sri Lankan Shaman called "Maniyo" which helped his team to win the test series against Pakistan by a margin of 2-0.

The spokesman further added that Chandimal has even given explicit details about how the Shaman interfered while the game was in progress hindering Pakistan players while aiding and abetting Sri Lankan players.

Even a sexual harassment charge could be brought against the Shaman based on Chandimal's disclosure, legal experts say.

If the allegations are proven the results of the 2 tests played between Sri Lanka & Pakistan could be declared null & void, the Spokesman further added.

Sunday, February 26, 2017

487. An Incredible Australian Victory At Poone - Nothing Is Certain In cricket Except Its Uncertainty…….

නමෝ විත්තියෙං උදේ පාන්දරම කියන්න ඕන ඔබ තමුන්නාන්සේලාට ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ගැන උනන්දුවක් නැත්තං මේ පෝස්ට් එක කියවන එක මහම වාතයක් වෙයි. ඒ හින්ද එහෙම අය දිගටම කියවල පස්සෙ මගෙ ඇඟට ගොඩවෙන්ට එහෙම එපල්ල. ඔන්න නොකිව්වයි කියල එහෙම කියන්ටත් එපල්ල.

ඕස්ට්‍රේලියාව එක්ක අපේ කස්ටිය ටී ටුවෙන්ටි මැචස් තුනක් ගැහැව්වනෙ. මුල් දෙක අපි දිනුව. ඒ දෙකම දිනුවෙ අන්තිම ලාස්ට් ෆයිනල් බෝලෙදි. ඒ ගැන මොකවත් ලියන්ටත් කියල හිතල ආයම නිකා හිටිය අන්තිම එකත් දිනල කාරිය සීරීස් එක 3-0 උනොත් ලියන්නම්ය කියල. කරුමෙට වගෙ අන්තිම මැච් එක පැරදුනානෙ.

අපියි ඕස්ට්‍රේලියාවයි අන්තිම T 20 මැච් එක ගැහුවෙ පහුගිය බදාද. ඊට පහුවෙනිද ඒ කියන්නෙ මේ පහුගිය බෘහස්පතින්ද ඕස්ට්‍රේලියාවයි ඉන්දියාවයි අතර ටෙස්ට් තරඟාවලියක් පටන් ගත්ත ඉන්දියාවෙදි.

ආ...නෑ..නෑ..නෑ...T 20 මැච් එක ඉවරවෙලා ජොකා මාරුකරල නාකියාගන්නෙවත් නැතුව ඕස්ට්‍රේලියන්කාරයො කඩාගෙන බිඳගෙන එයාපෝට් එකට ගිහිල්ල ප්ලෙන් එකේ නැඟල ඉන්දියාවට ගිහිල්ල එහෙදි කෙලිම්ම එයාපෝට් එකේ ඉඳල ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල මැච් එක ගැහැව්ව එහෙම නෙවෙයි හොඳද?. එතන වුනේ ඕස්ට්‍රේලියන් ටීම් දෙකක් හිටිය. අපි එක්ක T 20 ගැහැව්වෙ එක ඔසී ටීම් එකක්. ඒ වෙනකොටත් ටෙස්ට් සීරිස් එකට සහභාගිවෙන්ට ඉන්දියාවට ගිහිල්ල හිටිය තවත් ඔසී ටීම් එකක්. අපෙ මාමණ්ඩි කියනව වගෙ ඒකයි ඒකෙ අවයවය.......හෙහ්යැ, හෙහ්යැ.

ක්‍රිකට් අතින් බැලුවම ඔය දෙගොල්ලම ඒ කිව්වෙ ඔසීලයි ඉන්දියානුවොයි දෙගොල්ලම එක්ක අපට තියනව පරණ කෝන්තර. ඕස්ට්‍රේලියන් කාරයො එක්ක තියෙන්නෙ නම් බොහොම පරණ කේස් එකක්. 1995 ඉඳල පැවත එන තරහක්. නොහොත් රනිං බැට්ල් එකක්. මේ ඊයෙ පෙරෙයිද ඉපදිච්චි හිච්චි ඈයො නම් ඔව්ව දන්නෙත් නැතුව ඇති මහිතේ. ඒත් වැඩිහිටි පරම්පරාව වසයෙන් අපේ යුතුකම එව්ව ගැන සවිස්තරව කියා දීල ඒ කෝන්තර තව දුරටත් අනාගතයට අරගෙන යන විදිහට සුදුසු කටයුතු කරන එක. තේරුණා නේද? 

රයිට් ඔසීල එක්ක තියන කෝන්තරේ තමයි අපේ මුරලිගෙ කේස් එක. මුරලි බෝලෙ දමල ගහනව කියල අර ඩැරල් හෙයා සහ රොස් එමර්සන් කියන ඔසී අම්පයර්ව දෙන්න මුරලිගෙ දාපු බෝල නෝ බෝල් කියල සංඥා කලේ. අන්න ඒ කේස් එක. අර්ජුන ඒ වෙලාවෙ මුරලි වෙනුවෙන් නොබියව ඉදිරිපත්වුනා.

ඩැරල් හෙයාට අම්ම මෝ නැතුව බැණ බැණ අපේ කට්ටිය හිටියෙ ඒ දවස්වල. මට මතකයි එක පත්තරේක කාටුන් එකක් තිබ්බ වයසක මනුස්සයෙක් කියනව "අනෙ අම්මප, ඔය යකා මට අහු වුනොත් එහෙම උගෙ වාසගම එකින් එක ගලවලයි පස්ස බලන්නෙ" කියල.

ඊගාවට ඉන්දියාව එක්ක කේස් එක ඇවිල්ල මේ අර ඔසීල එක්ක තියෙන කේස් එක තරම් ප්‍රබල සාධක මත ගොඩනැඟුනු කේස් එකක් නම් නෙවෙයි. ඇත්තම කියන්ට එපාය. එකක් අර 2011 වර්ල්ඩ් කප් ෆයිනල් එක වෙලාවෙ අපේ අප්පච්චිට බලපෑම් කරල ඉන්දියාව කප් එක බලෙන් දිනාගත්තය කියන හාහෝව. 

එතකොට තව එකක් කෝලි ගොයිය අපේ එවුන්ට අල්ලන්නෙ නැති එක. ඒකෙ නම් පොඩි ඇත්තක් තියනව. අපිට කොහොම වෙතත් කෝලියට ඉන්දියන් එවුනුත් එතරම් කැමැත්තක් නෑ ඒකා අලි ඔලුවෙන් ඉන්නෙ කියල. ක්‍රික්ඉන්ෆෝ වෙබ් සයිට් එකෙත් මම දෙතුන් පාරක් දැක්ක ක්‍රීඩා විචාරකයින් එහෙම අදහස් පලකරල තියනව. කොහොම හරි කැප්ටන්සි එක ලැබුනට පස්සෙ පොර ඉස්සරට වැඩිය හුඟක්ම හොඳයි කියල තමයි පොදුවේ පිළිගැනීම. 

ඒ මොකක් උනත් ඔලුවා හරි මොකා හරි කෝලි කියන්නෙ සුපර් බැට්ස්මන්. ආය ඒකෙ දෙකක් නෑ. එක අතකට ඌ ඔළුවා උනත් කමක් නෑ මැච් එකක් ඇර මැච් එකක් වගෙ සෙන්චරියක් තඩි ගහනවනං නැද්ද? නිහතමානී වෙලා අහවල් රෙද්දකටද ක්‍රීස් එකට ආපු ගමං පොළු ගලවල යනව නං. නැද්ද හොඳයි? මොකෝ කියන්නෙ?

ඊගාවට ඔය ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න ගොබිලොත් හිතාගෙන ඉන්නෙ අයි.පී.එල්. එකයි ලෝකෙ වැඩිම ක්‍රිකට් ලෝලී ජනතාවක් ඉන්නෙ උංගෙ රටේ හින්ද ලෝකෙ ක්‍රිකට් ක්‍රීඩාව උංට ඕන හැටියට පාලනය කරන්ට උංට දෙයියො දුන්නු ශුද්ධවූ අයිතියක් තියනවය කියල. 2014 අවුරුද්දෙ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක එහෙම ඉන්දියාවටයි, එංගලන්තෙටයි, ඕස්ට්‍රේලියාවටයි වැඩි බලතල ලැබෙන යෝජනා මාලාවක් ගෙනල්ල බලෙන්ම වගෙ සම්මත කරගත්ත.

ඉන්දියන් බෝඩ් එක කොච්චර ලොකුවට තමන් ගැන හිතාගෙන ඉන්නවද කියල කිව්වොත් ලෝකෙ අනික් හැම රටක්ම ක්‍රිකට් ගහන විදිහට එයාලට ගහන්ට බෑ. එයාලත් එක්ක ගහනවනම් වෙනම නීති තියෙන්න ඕන. දැං සෑහෙන කාලෙක ඉඳල ක්‍රිකට් තරඟවල ක්‍රියාත්මක වෙනවනෙ විනිසුරුගෙ තීරණය වැරදියි කියල හිතෙනවනම් පිතිකරුවට හෝ පන්දු යවන කණ්ඩායමේ නායකයට ඒ ගැන රූපවාහිනී විනිසුරුගෙන් අභියාචනයක් කරන්ට අවස්ථාවක් දෙන රෙගුලාසියක්. 

ඉන්දියාවත් මුල්ම කාලෙ එහෙම සෙල්ලම් කලා. ඒත් මට මතක විදිහට එංගලන්තෙදි ගහපු ටෙස්ට් සීරීස් එකකදි ටෙන්දුල්කාර් (ඒ දවස්වල කෝලිල එහෙම නෑ. සචින් තමයි උංගෙ දෙයියො) තුන් හතර පාරක් අම්පයර් අවුට් නොදීපු එව්ව එංගලන්තෙ නායකය (එංගලන්ත නායකය මට මතක විදිහට ඇතර්ටන් ද කොහෙද) ටී.වී. අම්පයර්ට දැම්මම ඒ මනුස්සය එව්ව අවුට් කියල තීරණය කලා. ඕකට මහා හා හෝවක් ගිහිල්ල අන්තිමේදි ඉන්දියන් බෝඩ් එක කිව්ව අපිත් එක්ක ගහන මැචස් වලට මීට පස්සෙ D.R.S. සිස්ටම් එක යොදාගන්නෙ නෑය කියල (ඒ විනිසුරු තීරණ සමාලෝචනය කීරිමේ ක්‍රමය හැඳින්වෙන්නෙ D.R.S. System එක කියල . Umpire's Decision Review System)

ඉන්දියන් බෝඩ් එකේ මුදල්මය හැකියාව සහ ලෝකෙ පුරා ඉන්න ඉන්දීය ක්‍රිකට් ලෝලීන් හින්ද ලැබෙන ආදායම සලකලා බලල අනික් ක්‍රිකට් බෝඩ්ස් වලටත් ඒ කොන්දේසියට එකඟ වෙන්න සිද්ද වුනා. ඒත් මම හිතන්නෙ පහුගිය අවුරුද්දෙ අයි.සී.සී. එක නොහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩි ඡන්දෙන් යෝජනාවක් සම්මත කරගත්ත අනිවාර්යයෙන් අන්තර් ජාතික තරඟ වලදි D.R.S. System එක උපයෝගී කරගත යුතුමයි කියල. ඒ හින්ද මේ බෘහස්පතින්ද පටං ගත්තු ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරඟා වලියටත් අන්න ඒ D.R.S. System එක යොදා ගැනෙනව.

ඉතිං දැං අපි එමු පහුගිය බෘහස්පතින්ද පටන් ගත්තු ඉන්දියා-ඕස්ට්‍රේලියා ටෙස්ට් මැච් එකට. මැච් එක ගැහුවෙ පූනේ නගරයෙ මහාරාස්ත්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනයෙ. මේ ඒ ක්‍රීඩාංගනයෙ ක්‍රීඩා කරන පලමු අන්තර්ජාතික තරඟය. 

කොහොමත් ඉන්දියාවෙ තරඟවලට තණතිල්ල සකස් කරන්නෙ දඟපන්දු යවන්නන්ට වාසි වෙන විදිහට. ඒ ඔවුන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩාකරන අද ක්‍රිකට් ලෝකෙ දක්ෂම දඟපන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ගැන හිතල. ඒකෙ වැරැද්දක් නෑ. කොහොමත් ඒක එහෙම තමයි. ඕනම රටක් තමන්ගෙ රටේ තණතිලි සකස් කරන්නෙ තමන්ගෙ පන්දු යවන්නන්ට වාසිවෙන විදිහට තමයි. හැබැයි එහෙම කරන එක දැලිපිහියකින් කිරිකනව වගෙ වැඩක් වෙන්ටත් පුලුවන්. මේ පාර ඉන්දියාවට උනේ හරියටම අන්න ඒක. දැලිපිහියෙන් කිරි කන්ට ගිහිල්ල දිව කපාගත්ත.

කොහොමත් මේ තරඟාවලිය පටන් ගන්ට ඉස්සරවෙලා ක්‍රිකට් විචාරකයො, පණ්ඩිට්ල ඔක්කොම කිව්වෙ ඕස්ට්‍රේලියාවට නෝ චාන්ස් කියල. සංඛ්‍යාලේඛන අරගෙන බලනකොට එහෙම කියන එකේ කිසිම පුදුම වෙන්ට දෙයක් නෑ. ඉන්දියාව තමන්ගෙ මව්බිමේ ක්‍රීඩා කරපු පහුගිය ටෙස්ට් තරඟ 20 ක්ම පැරදිලා නෑ. 17 ක් දිනල. 3 ක් ජය-පරාජයෙන් තොරයි. එතකොට ඉන්දියාව අන්තිමට තරඟයක් පැරදිලා තියෙන්නෙ තරඟ 17 කට ඉස්සර. ඒ 2014 අවුරුද්දෙ ගාල්ලෙදි. එතකොට අලි මදිවට හරක් කිව්ව වගේ ඕස්ට්‍රේලියාව මීට කලින් ඉන්දියාවෙ ගහපු තරඟ 7 ක් එක දිගටම පැරදිල. ඔවුන් අන්තිමට ඉන්දියාවෙදි තරඟයක් දිනල තියෙන්නෙ 2004 අවුරුද්දෙ.

ඉතිං ඔය විදිහට දෙගොල්ලන්ගෙ පූර්ව කල්ක්‍රියාව, පෙර වැරදි සහ එතනින් ගියහම පැටිකිරිය හොයල බලනකොට ඉන්දියාවෙ ජයග්‍රහණය බඩේ බත් වගේ කියල තමයි කවුරුත් කිව්වෙ. සක්සුදක් සේ...අතැඹුලක්සේ....කිරිගහට ඇන්න වගේ...හෙහ්,හෙහ්, 

බෘහස්පතින්ද මම ඔය දෙතුන් පාරක් එහෙන් මෙහෙන් මැච් එක බැලුව. තරඟය අවසාන වෙනකොට ඕස්ට්‍රේලියාව ලකුණු 256යි කඩුළු 9 යි.

"රයිට් වැඩේ හිතපු විදිහටම යනව. හෙට ඕස්ට්‍රේලියාව තව ඕනනම් 10 ක් වගෙ ගහයි. ඊට පස්සෙ ඉන්දියාව ගහයි අඩුගානෙ 450 විතරවත්. කෝලි ෆුල් ෆෝම් එකේ ඉන්නෙ. මේ වැඩි කාලයක් නෙවෙයි ගිය සතියෙ දෙසීයක් ගැහුවනෙ. බංග්ලාදේශයට නම් තමයි අල්ලගෙන තැලුවෙ. ඒත් ඒ මොනව උනත් ඩබල් සෙන්චරියක්නෙ.... නැද්ද? ඒ හින්ද කෝලිගෙන් සෙන්චරියක් ෂුවර්. විජේ, රහුල්, පුජාරා, ජඩේජා උනුත් ඔය කීය කීය හරි ගහයි. ඊට පස්සෙ දඟකැවෙන විකට් එකනෙ තුන්වෙනි දවස හතරවෙනි දවස වෙනකොට ඕස්ට්‍රේලියාව ඔය 150 කට වගෙ ඕල් අවුට් වෙයි. ඉන්දියාව ඉනිමකින් දිනයි" 

ඔන්න ඔහොමයි මම හිතුවෙ. මම විතරක් නෙවෙයි මම හිතන්නෙ සුවහසක් ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් සහ විචාරකයිනුත් එහෙම තමයි හිතන්ට ඇත්තෙ. ආය ඒකෙ දෙකක් එහෙම නෑ.

ඉතිං පහුවදා ඇවිල්ල හිට සිකුරාද. නිවාඩු දවසනෙ. උදේම රෙදි පෙරෙදි හෝදල දාල කාමරේ අතුපතුගාල දාල යාලුවෙක් එක්ක එකතුවෙලා දවල් පොඩි ෂොට් එකක් එහෙම ගන්න ගමං සිංදුවක් දෙකකුත් හෙමිහිට කියල කාල පොඩි ඇලට් එකක් දැම්ම. හවස නැඟිටල ඒත් මේ ලඟම ඉන්න යාලුවෙක්ගෙ ගෙදර ගිහිල්ල පොඩි සතුටු සාමීචියක එහෙම යෙදිල ඉඳල ගෙදර ඇවිල්ල කාල නිදාගත්ත. 

ඊටත් පහුවදා සෙනසුරාද. ඒ කිව්වෙ මේ ඊයෙ. නමය විතර වෙනකල් නිදාගෙන ඉඳල නැඟිටල නාල ඊට පස්සෙ කාල එහෙම පොතක් බැලුව. මම ආසම කරන ලේඛකයෙක්. John Grisham. පොතේ නම Rogue Lawyer. පොතේ නම දකින දකින වාරයක් පාසා මම දන්න ලෝයර් මහත්තුරු කීප දෙනෙක් මතක් වුනා...හෙහ්,හෙහ්..කිව්වම මොකද ආයෙ?

ඉතිං ඒ පොත කියවන ගමනුත් පොඩි එකක් ගත්ත. ඔන්න බොලේ හදිස්සියෙම දෙකට වගෙ මතක් වුනා දෙයියෝ සාක්කි පූනේ වල මොකද දන්නෙ නෑ දැන් වෙලා තියෙන්නෙ කියල. විග විගහට පොත පැත්තක තියල කම්පියුටරේ ක්‍රියාත්මක කරල කරල බැලුව. අප්පටසිරි ලයිව් ටෙලි කාස්ට් එක නෑනෙ. ඒ කියන්නෙ දෙයියන්ටම පෙනීයං වැස්ස හින්ද මැච් එක නවත්තල දාලද? එහෙම නැත්තං ඉන්දියාව දවස් තුනක් ඇතුලතම දිනලද? බලමුකො මක්කැයි වෙලා තියෙන්නෙ කියල. බැලුව ඒ ගමන දණි පණි ගාල ක්‍රික්ඉන්ෆෝ. My Goodness Gracious....Believe It or Not...මෙහෙමයි කික්ඉන්ෆෝ එකේ හෙඩ්ලයින්ස්...

"O'keefe, Smith crush India in 3 days…."

ඈහ්හ්හ්....හුටා ඒ කියන්නෙ ඕස්ට්‍රේලියාව දිනලද?..දිනල නේන්නං නැතුව ඉතිං ක්‍රෂ් ඉන්ඩියා ඉන් 3 ඩේස් කියන්නෙ ආච්චි වැඩිවිය පැමිණුනා කියලය? නැද්ද හොඳයි?....මළ ජංජාලයයි..මගෙ කටත් එක්ක බාගෙට ඇරුන කිව්වහම ඔන්න කොටිම්ම.

කොහොම හරි ඒ වෙලාවෙම දණිපනි ගාල දවස් තුනේම හයි ලයිට්ස් හොයාගෙන බැලුව තව දෙක තුනක් දාගන්න ගමන්...හෙහ්,හෙහ්, මේ පල්ලෙහයින් තියෙන්නෙ එව්ව.....තවම බලපු නැති බලන්ට කැමති කෙනෙක් ඉන්නවානම් බලනු මැනවි. 

First Day 


Second Day 



Third and Final Day 



තව ටෙස්ට් තරඟ තුනක් තියනව. කියන්ටත් බෑ ඉන්දියාව ඉතුරු තරඟ තුනම දිනන්ටත් පුලුවන්. ඒත් 4-0 හෝ 3-0 කින් ඉන්දියාව දිනයි කියල හිතපු තරඟාවලියක් දැන් බොහොම විවෘත තත්වයකට පත්වෙලා. ඒක නෑ කියන්ට බෑ කාටවත්...

අන්න ඒක තමයි The Glorious Uncertainty Of Cricket කියල කියන්නෙ…. තේරුණෙයි ඔහේලට?

Friday, August 19, 2016

435. In Praise Of An Old War Horse නොහොත් ඔබට බොහොත් ෂුක්රාන් රංගන.....

Rangana Herath - Cricinfo
1996 මාර්තු 17 වෙනිද මට සදානුස්මරණීය දිනයක්. " මොකද බොලේ ඒ? මොකක්ද ඒ දවසෙ විශේෂෙ?"  කියල කවුරුහරි අහනවනං ඉතිං කියන්ට තියෙන්නෙ එහෙම අහන කෙනෙකුට කවදාවත් ඒ දවස සදානුස්මරණීය වෙන්නෙ ඇයිද කියල තේරුම් ගන්නත් බැහැ කියල තමයි. අර දෙවියො පිළිබඳ විශ්වාසය ගැන මෙහෙම කියමනක් තියනවනෙ. "If you believe there is no need of proof. If you need proof you won't get any" 

අන්න ඒ වගෙ 1996 මාර්තු 17 කිව්වම ඔබ අතර ඥාණවන්තයෝ සිටිත් නම් ඔව්හු ඒ පිළිබඳව ප්‍රශ්ණ නොනගන්නාහුය. හරි අනම්මනම් මදැයි. දුහුණන් දැනුම් උදෙසා...(For those who are uninitiated) 1996 මාර්තු 17 තමයි ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තෙ. නැත්නම් ලෝක ශූරයින් වුනේ.

මේ ඇටුවම් බැහැපු ක්‍රිකට් ලෝලියෙක් ගැන කතාවක් (A Chronic Cricket Lover) බිරින්දෑ තොමෝ දවසක් මිනිහට සත්තමක් දැම්මලු. 

"මේ ඔයාට උදේ ඉර පායපු වෙලාවෙ ඉඳල රෑ නිදාගන්ට යනකල්ම ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්ම තමයි. ක්‍රිකට් ඇර ඔයාට වෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැති හැටි. මොකක්ද අනේ මේකෙ තේරුම? "

සාමියා තෙමේ ඒ කතාවට ඔබ්ජෙක්සන් දැම්ම. "එහෙම කියන්ට එපා හොඳද? ඔයා එහෙම කතා කරන එක වැරදියි. මට ඔය කියන තරමට ක්‍රිකට් පිස්සුවක් නෑ…"

"හා..හරි එහෙනං කියන්ටකො බලන්ට 1999 අවුරුද්දෙ සැප්තැම්බර් 11 දවසෙ වැදගත් කම මොකක්ද?"

"ම්ම්ම්...99 සැප්තැම්බර් 11 නේද?" සාමියා ඔලුව කහ කහ කල්පනා කරනව. 

"ඔව් 99 සැප්තැම්බර් 11 තමයි" බිරිඳ කිව්වා. "බොහෝම වැදගත් දවසක්…"

"කාටද මටද? ඔයාටද?"

"අපි දෙන්නටම…"

"හරි බලමු කල්පනා කරල .."

(ඔයාලට විතරක් උත්තරේ කියන්නම්කො..එදා තමයි ඒ දෙන්න බැඳල තියෙන්නෙ ) 

"ම්ම්ම් අමරිකාවෙ අර ටෙරරිස්ට් ඇටෑක් එකත් නෙවෙයිනෙ. ඒකත් සිද්ද වුනේ සැප්තැම්බර් 11 උනාට ඒ 2001නෙ. ම්ම්ම්..මොකක්ද? ආඅ..හරිනෙ ඔන්න මතක් වුනා.."

"මොකක්ද? "

"එදා තමයි මෙච්චර කාලෙකට ඕස්ට්‍රේලියාව පරද්දල අපි දිනුව එකම මැච් එක දිනුවෙ….අප්පටසිරි..ඒක තමයි මෙයා මැච් එක කියන්නෙ...හෙහ්,හෙහ් "

එසැණින් තුන්වන ලෝක සංග්‍රාමය ඇරඹිණි.

1996 මාර්තු 17 වගේම සකල ශ්‍රී ලාංකිකයිනට වැදගත් වන තවත් දිනයකි පෙරේදා. එනම් 2016 අගෝස්තු 17 වන දින. ඒ වනාහී ශ්‍රේණිගතකිරීම් අනුව ලොව ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර අංක 1 ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කල දිනයයි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වූයේ 1983 අප්‍රේල් මාසෙ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයෙ. ඒ තරඟයෙන් ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 38 කින් ජයග්‍රහණය කලා.

එදා ඉඳල ගතවුනු වසර 33 කාලය තුල මේ තරඟාවලියට පෙරාතුව ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟ 26 ක් පවත්වල තියනව. ඕස්ට්‍රේලියාවෙ සහ ශ්‍රී ලංකාවෙ යන රටවල් දෙකේම. ඒ අතරින් ශ්‍රීලංකාව ජයගෙන තියෙන්නෙ එකම තරඟයක් විතරයි. ඒ තමයි අර ඇටුවම් බැහැපු ක්‍රිකට් ලෝලියා කියාපු තරඟය. 1999 අවුරුද්දෙ අස් ගිරියෙ පවත්වපු තරඟය.

ඔය තරඟය මට බොහොම හොඳට මතකයි. ඒ වෙනකොට මම අර මහ වන මධ්‍යයේ රැකියාවෙන් ඉවත්වෙලා ගෙදර ඇවිල්ල මාසයක් වගෙ ගතවෙලා තිබ්බෙ. සාමාන්‍යයෙන් අස්ගිරියෙ ටෙස්ට් මැච් එකක් තිබ්බොත් මට රස්සාවෙන් නිවාඩුවක් ගන්ටත් පුලුවන් නම් මම අනිවාර්යයෙන් ඒ තරඟය බලනව. අඩුම තරමේ දවස් දෙකක් වත්.

ඒත් මේ ස්ටීව් වෝ ගෙ ඕස්ට්‍රේලියන් ටීම් එක්ක මැච් එක මට බලන්ට වුනේ නෑ. ඒකට හේතුව ටිකට් වල ගණං එක පාරට දෙගුණයකින් වගෙ ඉහල දාල තිබ්බ එක. මම සාමාන්‍යයෙන් අස්ගිරියෙ මැච් බලන්නෙ ඕල්ඩ් පැවීලියන් එකේ නොහොත් පැරණි ප්‍රේක්ෂකාගාරයෙ. අලුතින් හදපු ප්‍රේක්ෂකාගාරයෙ පහසුකම් වැඩි වුනාට අර පරණ පැවීලියන් එකේ තියන හැඟීම නැත්නම් ෆීලිං එක ඒකෙ එන්නෙ නෑ. ඉංග්‍රීසියෙං ඕකට කියන්නෙ ඇට්මොස්ෆියර් එක කියල.

එදා කොහොමහරි තරඟයෙ මුල්දවසනම් නෙවෙයි. දෙක හෝ තුන. ඕල්ඩ් පැවිලියන් එකේ ටිකට් ගණං හින්ද මම ආපහු හැරිල ගියා. ඒ දවස්වල මට රස්සාවකුත් නැතුව හිටපු එකේ අර තරං ගාණක් යටකරන්ට තරම් හයියක් මට තිබුනෙනෑ. ගෙදරට කියල ආවෙ මැච් එක බලල එනකොට හවස්වෙයි කියල හින්ද මම ඔන්න ඔහෙ ඕන එකක් කියල නුවර ටවුමෙ පොඩි රස්තියාදුවකුත් ගහල දොළහමාර වගෙ වෙනකොට මගෙ සුපුරුදු කාසල් බාර් එකට ගියා. අතේ සල්ලි නම් හිඟයි තමයි. ඒත් එහෙම කියල ජීවිතේ අත්‍යාවශ්‍යම කටයුතු නවත්තන්ට ඇහැක? නැද්ද? එහෙනං එහෙනං මේ මොනව කියනවද හැබෑට ?..හෙහ්,හෙහ්,

කාසල් එකේ මගේ සුපුරුදු උපස්ථායකය අප්පුහාමි "ඈස් යූෂුවල් නේද සර්?" කියල ඇහුවා. "යස් අප්පුහාමි" මම කිව්වා. බියර් බෝතලේ තුන්කාලක් වගෙ ඉවර වෙනකොට ඔන්න බොහොම පාතිං වගෙ හෙලිකොප්ටරයක් යන සද්දයක් ඇහුන.මම ඉතිං ඕක ගණං ගත්තෙ නෑ..හෙලිකොප්ටර් පාතිං ගියට මට පාංද? කියල හිතල මගෙ වැඩේ කරගෙන ගියා..මිනිත්තු දහයකින් පහළවකින් විතර අප්පුහාමි මිනිහගෙ සුපුරුදු සොල්දාදු පියවරින් ආව විස්තරෙත් හොයාගෙන. 

"සර් ඒ හෙලිකොප්ටරේ ගිහිල්ල තියෙන්නෙ අස්ගිරිය ග්‍රවුන්ඩ් එකට…"

"නෑ? ඒ මොකටද?" මම බියර් වීදුරුව කනප්පුව උඩිං තියල අප්පුහාමි දිහාට හැරුන.

"ඕස්ට්‍රේලියන් ටීම් එකේ දෙන්නෙක් ඉන්ජර්ඩ් වෙලා සර්. මයෙ හිතේ ටිකක් සීරියස් කේස් එකක්"

"සීරියස් ඇති. ඒකනෙ හෙලිකොප්ටර් එකක් ආවෙ. කවුද දෙන්නා?" 

"ඒකනම් හරියට කියන්න දන්නෙ නෑ සර්. "

අප්පුහාමි ඒ වෙලාවෙ නම් දැනගෙන නොහිටිය ඒ ක්‍රීඩකයො දෙන්න ඇවිල්ල හිට ස්ටීව් වෝ සහ ජේසන් ගිලස්පී. සුප්‍රසිද්ධ විස්ඩන් සඟරාව ඒ ගැන කියන්නෙ මෙහෙමයි.

Sri Lanka v Australia 1999-2000

Toss: Australia.

The drama of Test cricket rose to new heights as the sound of a helicopter filled Asgiriya Stadium. Reminiscent of a scene from Apocalypse Now, the machine had appeared, dark green and menacing, over the adjoining hill, out of tropical vegetation, and play stopped as it swept low over the back of the ground, touched down briefly, then headed towards Colombo. With it went any possible chance Australia might have had of turning round a Test Sri Lanka always deserved to win.

On board were Steve Waugh, with a badly broken nose, and Gillespie, with a broken leg that would keep him out of the national side throughout the Australian season. They had crashed, horrifically, as Waugh ran back from square leg and Gillespie came in from the boundary, both trying to catch the Sri Lankan vice-captain, Jayawardene. The ball always seemed destined to fall between them.

This freak accident represented Australia's lowest point on a rare lowly tour. When it happened on the second morning, Sri Lanka were already 139 for three in reply to Australia's 188, and threatening to bat them out of the match. Jayawardene and de Silva ran two but abandoned a third when they saw the Australians had forgotten the ball and were huddled around their fallen colleagues. Play was held up for six minutes while they received treatment before Gillespie was carried from the field.

Little had gone right for Steve Waugh since winning the toss had given Australia a record 13 in succession. Minutes before lunch on the opening day, Australia had crumbled to a staggering 60 for seven, first against the left-arm seam attack of Vaas and Zoysa, then the off-spin of Muralitharan. A face-saving century partnership between Ponting and Gillespie was the only high point of a dreadful day's batting. Gillespie stuck for more than two hours, scoring 41, while Ponting remained until the end. On 96, with only McGrath for support, he was in two minds about how best to snatch a hundred and pushed a catch back to Murali.

Sri Lanka were coasting at 177 for three in reply, but fell victim to Warne and inexperience: they were all out for 234, a lead of just 46. Back in the Test side after being dropped in the West Indies, and now acting-captain in Waugh's absence, Warne bowled beautifully for five wickets. Only de Silva, with a patient and polished 78, lasting three hours and containing 13 fours, and Jayawardene, with a more fortunate 46, offered significant contributions. But Australia's batting soon failed again. Without their captain and down to nine men, they mustered only 140, Murali and Vaas grabbing three wickets each. This time Ponting stood alone, with another fifty.

Sri Lanka needed just 95 for a historic first Test victory over Australia, but it was no simple affair. They had stumbled to 39 for three when the new batsman, Jayawardene, spooned the ball towards cover and bowler Miller gathered it left-handed at ground level after a desperate lunge. Australian celebrations were cut short, however. Umpire Manuel, apparently fooled by a puff of dust from Jayawardene's bat, believed it had been a bump ball, despite its slow, looping trajectory, and did not choose to consult either his colleague at square leg or the third umpire. Miller did remove Jayawardene a few overs later, leaving Sri Lanka an uneasy 60 for four, but the old firm of Ranatunga and de Silva ensured glory would not drown in a sea of panic. Riding his luck with the cheeky approach that so annoys the Australians, Ranatunga survived a desperately close lbw appeal and a dropped catch before scoring, then broke the game open with a four and six off successive balls from Warne.

Excitement mounted with every delivery, amid rhythmic clapping and wild cheering. The small and picturesque ground was suddenly so full that the crowd spilled out in front of the sightscreen at one end and could not be moved by police. In the end, Sri Lanka scrambled to a six-wicket victory after three days of drama, tension and controversy. It was 14 years to the day since they won their first Test - against India at the P. Sara Stadium in Colombo. Well as Australia fought, the better team won.

Men of the Match: P. A. de Silva and R. T. Ponting.

ඒ තමයි එදා මෙදා තුර අපි ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරඟෙකදි පරද්ද්පු එකම අවස්ථාව. ඊට පස්සෙ ගාල්ලෙ සහ එස්.එස්.සී. එකේ තිබ්බ දෙවන සහ තෙවන ටෙස්ට් තරඟ ජයපරාජයෙන් තොරව අවසන් වුනේ ශ්‍රී ලංකාවට තරඟාවලි ජයග්‍රහණයත් 1-0 ආකාරයට හිමිකර දෙමින්.

ඒ තරඟයෙ රංගන හේරත් අතිරේක ක්‍රීඩකයෙක්. ඊට පස්සෙ ගාල්ලෙ පැවැත්වුනු දෙවන ටෙස්ට් තරඟය තමයි ඔහුගෙ මංගල ටෙස්ට් තරඟය.

මේ පාර ලංකාවට යන්ට ඔන්න අපි බඩු අහුරනව. 

"මචං ඕස්ට්‍රේලියන්ස්ල ලංකාවට එනව නේද මේ හෙට අනිද්ද?" මගෙ Apartment mate ඇහුව.

"හ්ම්ම්ම්…." මම ගනනකට නොගෙන උත්තර දුන්න. 

"ඇයි බං පල්ලෙ කැලේ නේද ෆර්ස්ට් ටෙස්ට් එක? උඹ යන්නෙ නැද්ද බලන්ට?....."

"මොනව බලන්ටද බං? එංගලන්තෙන් කාපු විදිහට ආය හෝදන්ට දෙයක් නෑ ඕස්ට්‍රේලියන් කාරයින්ගෙන් කනව මේ පාර අම්මගෙන් බීපු කිරි සිහිවෙන්ට"

මැයි/ජූනි මාසවල එංගලන්තෙ එක්ක ටෙස්ට් තුනක් ගැහුව අපේ ටීම් එක. එක සහ දෙකම පැරදුනා මට මතක විදිහට එකක් ඉනිංස් වලින්. තුන්වෙනි එක නම යන්තං ඩ්‍රෝ වුනා.

ජූලි 26 පලවෙනි ටෙස්ට් එක පල්ලෙකැලේ පටන්ගත්තෙ. මම එදා උදේම කොළඹ ගියා. මගෙ අර ටෙස්ට් වගයක් කරගන්ට. දන්නෙ නැද්ද ඔය කොලස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, බිලිරුබීන්, බිලිවර්ඩීන්, ලැන්ගර්හැන් දීපිකා, ඊ.සී.ජී, එම්.එම්.සී, වී.ඩී, බී.එස්.සී, එම්.එස්.සී. වගෙ රටේ නැති ටෙස්ට් කරන්ට වෙනවනෙ වයසට යනකොට අන්න එව්ව. ඉස්පිරිතාලෙදි ව්ඩෙං විඩේ වෙලාවක් ලැබුනව මැච් එක ගැන හොයල බැලුව. හිතු වගේම හවස් වෙනකොට ලංකාව 117 ඕල් අවුට්. දවස ඉවරවෙන්ට ඉස්සරවෙලා ඕස්ට්‍රේලියාව 66 කුත් ගැහුව විකට් දෙකකට. එදා රෑ මගෙ යාලුවෙක්ගෙ ගෙදර නැවතුනෙ. තරඟය ගැන එදා රෑ එතන කෙරුනු සාකච්ඡාවෙන් පස්සෙ ඒකමතික තීරණය වුනේ තරඟ තුනම පරදින්ට නියමිත බවයි.ගුටි කෑමට නියමිතයි..හෙහ්, හෙහ්,

ඒත් "සිතුදේ නොමවේ නොසිතු දෙයක් වේ. ලෝදම් කැරකෙනවා" කියල අයින්ස්ටයිනුත් කියල තියනව වගෙ පහුවදා ඕස්ට්‍රේලියාව 203 කට කඩාගන්ට පුලුවන් වුනා. ඊට පස්සෙ කුසල් මෙන්ඩිස් කොලුවගෙ අමරණීය ඉනිම ළකුණු 176ක්. දෙවන ඉනිමෙ ඕස්ට්‍රෙලියාව 161. ලකුණු 106කින් ලංකාව දිනුවා. අර කවුදත් කිව්ව වගෙ සෙස්ස ඉතිහාසයයි. The rest is history of course. ඉනික්බිති දෙවන සහ තෙවන ටෙස්ට් තරඟද ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තාවක් පිහිටුවයි.

We are the champions - Cricinfo
මම දැක්ක ක්‍රික් ඉන්ෆෝ එකේ තියනව 1877 ඉඳල මේ ගත වෙච්චිඅවුරුදු 139 ඇතුලත ඕස්ට්‍රේලියාව තරඟ 3 හෝ ඊට වැඩි තරඟාවලි 177 කට සහභාගි වෙලා තියනවය. එව්වයින් සුදුහුණු ආලේප වෙලා පැරදිලා තියෙන්නෙ තරඟාවලි 5 ක් විතරයි කියල. (Whitewashed - තරඟාවලියක සියලුව තරන්නග පැරදුනාම කියන්නෙ වයිට්වොෂ්ඩ් කියලයි) එංගලන්තෙට එක් වරක්. දකුණු අප්‍රිකාවට එක් වරක්. ඉන්දියාවට එක වරක් සහ පකිස්තානෙට එක වරක්. දැන් ලංකාවටත් එහෙම පැරදුනා.

ආ..තව එකක්..ලංකාවෙන් බිහිවුනු අතිවිශිෂ්ඨ පිතිකරුවෙක් වන සංගා ටෙස්ට් තරඟ 134 කට සහභාගිවෙලා තියනව. ඒත් ඕස්ට්‍රේලියාව සමඟ තරඟයකින් ජයගන්නට ඔහුට කිසිම විටක හැකිවුනේ නෑ.

ලංකාවට එනකොට ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල ඕස්ට්‍රේලියාව හිටියෙ අංක එක. ලංකාව අංක හත. මේ 3-0 පරාජයෙන් පස්සෙ ඕස්ට්‍රේලියාව අංක තුනට පහළට වැටුන.ලංකාව එක අඩියක් ඉස්සරහට ගියා. අංක හයට. 

මේ ජයග්‍රහණය සුවිශේෂී වෙන්නෙ කිසිම කෙනෙක් මෙහෙම වෙයි කියල හීනෙන්වත් හිතපු නැති හින්දයි. Old War Horse කියල මම මතෘකාවෙ හඳුන්වපු රංගන හේරත් තමයි ජයග්‍රහණයෙ නියමුවා. ඔහු කඩුලු 28 ක් දවා ගත්තා. 2010 අවුරුද්දෙ මුරලි අන්තර්ජාතික තරඟ වලින් සමුගත්තට පස්සෙ අපිට ඒ වගෙ Match Winnerකෙනෙක්ගෙ අවශ්‍යතාවය තදින්ම දැනුන. අන්තිමට රංගම හේරත් ඒ අඩුව පිරෙව්වා. ඒත් ඔහු මතම දිගටම රඳාපවතින්ට නම් අමාරුයි. මොකද රංගනට දැන් වයස 38ක්.මුරලි සමුගත්තෙත් වයස 38 දි.

මේ තරඟාවලියෙ සුවිශේෂීම සිද්ධිය තමයි අපේ ක්‍රිකට් අනාගතය රැඳි පවතින, ඒ බරට උරදිය හැකි නවක ක්‍රීඩකයින් හතර පස්දෙනෙක්ම බිහිවීම. දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන්.

ඉතිං අනාගතය ගැන දැන්ම පුරෝකථනය කරන්නට අමාරුයි. ඕස්ට්‍රෙලියාව එක්ක නොහිතූ විදිහට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවාවගේම ඊලඟ තරඟාවලිය නොහිතූ විදිහට පරදින්නටත් ඉඩ තියෙනව. ඒ මොනව වුනත් අනාගතය ගැන හොඳ බලාපොරොත්තු තියාගන්ට පුලුවන් කොල්ලො සෙට් එකක් අපිට ඉන්නව. ඒ මදැයි දැනට නැද්ද? 

පසුව ලියමි නොහොත් PS - 

BTW "In Praise of older Women" කියල ෆිල්ම් එකක් බලල තියනවද? මාතෘකාව මම ලිව්වෙ ඒ ආශ්‍රයෙන්...:)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...