"You just can't be nice all the time. Sometimes you just need to do the right things, not nice things " |
මේ පහුගිය දවස්වල කුණුහරුප නොහොත් අසභ්‍ය යැයි සැළකිය හැකි කතන්දර රැල්ලක් ගියානෙ වත්පොත පුරාම. මම අර කලින් ලියපු තාපසයගෙ කතාවත් එහෙම බලනවනම් අසභ්‍ය ගණයට දැම්මැහැකි. මම ඕක ලියම්දෝ නොලියම්දෝ කියල දවස් කීපයක්ම හිතලයි අන්තිමට ඔන්න ඔහෙ යන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල ලියල දැම්මෙ. වඳුරු කුණුහරුප කියල වචනයක් අහල තිබ්බට එහෙම කියන්නෙ ඇයිදැයි දන්නෙනම් නැත. දන්න කෙනෙක් කිව්වොත් පිංසිද්ද වෙච්චාවෙ.
කුණුහරුප නොහොත් අසභ්‍ය වචන ගැන මගේ පළවෙනි අත්දැකීම මෙහෙමයි. මම එතකොට හිටියෙ හයවන ශ්‍රේණියෙ. පළමුවන ශ්‍රේණියට ඒ කාලෙ ඇතුලත්කර ගත්තෙ වයස පහ පිරුනහම හින්ද මගෙ වයස ඇති එකොළහකට වගෙ කිට්ටුකරල. අපේ සිංහල සහ ඉංග්‍රීසි පෙළ පොත්වල තිබ්බ අපූරු කතන්දර. මුල්ක් රාජ් ආනන්ද් නම්වූ සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛකයා ලියූ කැදැල්ලෙන් ඉවතට පියාඹන්නට බියවන කුඩා මුහුදු ලිහිණි පැටවකු පිළිබඳ අපූරු කතාවක් මට තවම මතකයි. ඒ එක්කම ඈත පිටිසර පොඩි ඉස්කෝලෙක ඉඳල මීටර් සීය දුවන්ට කොළඹ ඇවිල්ල කොළඹ දරුවන් පරාජය කරන මුදලිහාමිගෙ කතාවත් කිසිදාක අමතක වෙන එකක් නෑ. කතාවෙ නම මීටර් සියය. ඒ කතාවෙ මට මතක කොටසක් මෙහෙමයි.
"කමෝන් සුරාජ්, කමෝන් ඩයාන් හතර වටින්ම බලන්ට ඇවිල්ල ඉන්න කට්ටිය කෑගහනව. ඔය අතරෙ ඉතිං කවුද ඉන්නෙ කමෝන් මුදලිහාමි කියල කෑගහන්ට. එහෙම කෑ ගහනවනම් ඉතිං අපේ මහත්තය තමයි. ඒත් මේ දෙනෝදාහක් මැද්දෑවෙ අපෙ මහත්තය කැගැහුවත් කොහෙ කියල ඇහෙන්ටද? ගිය මාසෙ කැකිරාවෙ තිබ්බ දිස්ත්‍රික් තරඟෙදි නම් අපේ ඉස්කෝලෙන් තරඟ වලට ගිය අනික් අය කමෝන් මුදලිහාමි කියල කෑගැහුව."
"ඔව්ව හිත හිත ඉඳල හරියන්නෙ නෑ. වේගෙං දුවල දිනන්ට ඕන. ආ කවුද ඒ ලඟම අඩි සද්දයක් ඇහෙන්නෙ? දුවන ගමන්ම හෙමීට ඔලුව හරෝලා බලන්ට ඕන. මහත්තයනම් කියල දුන්නෙ දුවද්දි වටපිට කොහෙවත් බලන්ට එපා කියල. ඒත් කමක් නෑ බලමු පොඩ්ඩක්.. ආ.. ඒ අර තරඟෙ පටන්ගද්දි මට එහා ලේන් එකේ හිටපු උල් සපත්තු කාරය නේද ලඟ ලඟම එන්නෙ? එයාගෙ උල් සපත්තුවට මගෙ කකුල් පෑගුනොත් එහෙම ලෙලි යයිද මන්ද ..."
"ආ..මෙන්න උල් සපත්තු කාරය මාව පහුකලා. හෙහ්, එයාට පුලුවන්ද කිරි බණ්ඩ මාමගෙ රබ්බඩය තරං හයියෙං දුවන්ට. රබ්බඩයා කොළදිං කාලෙං පස්සෙ අත ඇරල දැම්මම රැලේ වැටිල මුරණ්ඩු වෙනව. ආයම කුඹුරු වැඩ පටං ගන්ට ඉස්සර අල්ලල බෙල්ලට ළණුව දාගන්ට ඕන. ගමෙන්ම රබ්බඩය අල්ලන්ට පුලුවන් මට විතරයි. බලමු තව ටිකක් හයියෙං දුවල උල් සපත්තුකාරය රබ්බඩය තරමටම දස්සයෙක්ද කියල. මොන? ඔය යස අගේට පහු වුනේ...තව ටිකයි මගෙ හිතේ..ආ අන්න පාර හරහට පීත්ත පටිය ඇදල තියනව..මම දිනුම් ඒ කියන්නෙ."
"ආ..මේ කොහේටද මාව එක්ක යන්නෙ? අන්න උල් සපත්තු කාරයත් කවුද ඇවිල්ල එක්ක යනව. නම් ගම් අහල ලියාගන්ට වෙන්න ඇති. ඒ යන්ට කලිං උල් සපත්තු කාරය මං ගාවට ආව. ඔයා හරිම දක්ෂයි. මම සුබ පතනව ඔයාට. එහෙම කියල මගෙ අත අරගෙන මිරිකුවා එයා. මොනව උනත් කොළඹ රටේ ඉන්නෙ හොඳ අය. අපේ මහත්තයත් ඒ එක්කම ඇවිල්ල මගෙ කිහිල්ල යටිං අත්දෙක දාල මාව උස්සල ආයම බිමිං තියල මගෙ ඔලුව අතගෑව. මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය කොල්ලො උඹ දිනනව කියල. මහත්තයගෙ ඇස්වල ඒ වෙලාවෙ කඳුළු පිරිල තිබ්බ. ලොකු සන්තෝසයක් ආවමත් මිනිස්සුන්ට ඇඬෙනව කියල මම අහල තියනව. ඒක වෙන්ට ඇති අපෙ මහත්තයගෙ ඇස්වල කඳුළු තිබ්බෙ..............."
මතකෙන් ලිව්ව හින්ද කතන්දරේ කෑලි අඩුත් ඇති. ඒ වගේම මගෙ අතිං වැටිච්චි කෑලිත් ඇති. ඔය කතාවෙ නම නම් මීටර් සියය. ඒත් ලිව්වෙ කවුද කියලනම් මතක නැත. මේ ඊයෙ පෙරේද ඒත් මුහුණු පොතේද කොහෙද මේ කතාව ගැන ඇතිවුණු සාකච්ඡාවකදි සඳහන් වුනා මේ කතාවෙ රචකයා රාජකීය විද්‍යාලයෙ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමෙක්ය කියල. නම පියසේන හෝ ඊට කිට්ටු නමක් වෙන්න ඕන. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අධ්‍යාපන රසකතා ලියන අපේ දයා මහත්මයා. එතුමටත් හොඳටම හැකියාව තියෙනව මේ විදිහෙ බොහොම අපූරු කතන්දර ලියන්න. පොතක් උනත් පලකලෑකි කිසි බයක් හැකක් නැතුවම...හෙහ්,හෙහ්,
ඉතිං අපේ කාලෙ පාඩම් පොත් ගැන කිව්වොත් ඉංග්‍රීසි සහ සිංහල දෙකම බොහොම අපූරු විෂයයන් ගැන බොහෝ කරුණු පිරිල තිබ්බ එව්වයෙ. ඒ කෙටි පාඩම කියවල ඒ ගැන තව දුරටත් හදාරන්ට, ඒ ගැන පරතෙරටම හොයාගෙන කියවන්ට නොතිත් ආශාවක් ඇතිවෙන විදිහටයි ඒ පාඩම් සකසල තිබ්බෙ. මම මේ අද එහෙම පාඩම් නැහැ කියල කියනව එහෙම නෙවෙයි. අදත් එහෙම පාඩම් ඇති. මම කියන්නෙ අපි ඉගෙන ගත්තු කාලෙ පොත් ගැන.
තෝර් හෙයර්ඩාල් නම් නෝවීජියානු ගවේෂකයාගේ කොන්ටිකි යාත්‍රාව ගැන මම ඉස්සෙල්ලම කියෙව්වෙ සිංහල හතේ නැත්නම් අටේ පොතේ. එතකොට ඔලිම්පික් ක්‍රීඩා ගැන. කාර්තේජය සහ හැනිබාල් ගැන. තමන්කඩුව රන් සන්නස ගැන. ඒත් ඒ සිංහල පොත්වලින්ම තමයි.ඊට අමතරව හැම සිංහල පොතකම අනිවාර්යයෙන්ම තිබ්බ ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ පොතකින් කොටසක්. එතුමා ඒ කාලෙ දේශීය සහ විදේශීය වෙළඳ ඇමති...හෙහ්,හෙහ්..
හැබැයි එකක් තියෙන්නෙ ඉලංගරත්න මහත්මයගෙ කතා බොහොම රසවත් නිසා අවුලකුත් නෑ. විලම්බීත පොතෙන් උපුටාගත් කොටසක් තිබ්බ සිංහල හයේ පොතේ පැණිකජු කියල.
"පූසාගේ කටට නිවනක් නැත. ඌ කෑගැසූ ගමන්ය. ආය බළලුන්ටත් පැණිකජු එසේ තමන්ටම කියාගත් තිලක බළලාගේ බඩ මැදින් වමත යවා ඌ ඔසවාගෙන ගොස් කුස්සියේ දොරෙන් පිටතට දමා දොර වසා දැමුවේය."
ඊට පස්සෙ හතේ අටේ පොත්වල තිබ්බ ඉලංගරත්න මහත්මයගෙම අඹ යහළුවෝ සහ සසර පොත්වලින් උපුටාගත් කොටස්..
හරි දැන් මේ ආවෙ කුණු හරුප ගැන මගේ පළමු අත්දැකීම කියන්ටනෙ.. "ඒක කියන්ට ඇහිල්ල ඒක නොකිය තමුං මොකද්ද මේ කරන කුණුහරුපෙ?" කියල ඔහෙල මට බයිනවත් ඇති. හෙහ්, හරි හරි එහෙනං ඔන්න ඒ කතාව කියමු.
හයේ පංතියට නියමිත ඉංග්‍රීසි පොතේ තිබ්බ අර සුප්‍රසිද්ධ ළමා කතාව. "The pied piper of Hamlin town" අහල තියනවනෙ නේද? අර හැම්ලින් නගරය මී උවදුරෙන් බේරල දෙන්ට ඉදිරිපත් වෙන්නෙ නළා වාදකයෙක්...අන්න ඒ කතාව.
ඉතිං දවසක් ඔන්න ඉංග්‍රීසි විෂයට නියමිත කාල පරිච්ඡයේදි අපේ ඉංග්‍රීසි ගුරුතුමා ඔය පාඩම කරන්ට පටන් ගත්ත. බොහොම තරුණ ගුරුවරයෙක් හිටියෙ එදා පාඩම කරන්ට. ඒකාලෙ මාස දෙක තුනකට වගෙ කාලයකට තාවකාලිකව තරුණ ගුරුවර ගුරුවරියො පාසල් වලට අනුයුක්ත කරන සිරිතක් තිබ්බ. විශේෂයෙන්ම ඉංග්‍රීසි විද්‍යාව සහ ගණිතය යන විෂයයන්වලට. මම හිතන්නෙ ගුරු විද්‍යාල වලින් අවසාන විභාගයට ඉස්සෙල්ල ප්‍රායෝගික පුහුණුවකට එවන අය වෙන්ට ඕන. මට ඒ ගැන පැහැදිලි අදහසක් නම් නෑ. බොහෝවිට අපේ දයා මහත්මය ඒ වගේම හෙන්රි මහත්මය වගෙ උදවිය ඒ ගැන දන්නව ඇති.
ඉතිං එහෙම පුහුණුවන ගුරුවරු උගන්වන විට සමහරවිට ඔවුන්ගෙ කථිකාචාර්යවරයෙක් හෝ වරියක් ඇවිල්ල පංතියෙ පස්සටම වෙලා ඉඳගෙන ඔවුන් ඉගැන්වීමේ කටයුතු සාර්ථකව කරනවද කියල නීරීක්ෂණය කරන සිරිතකුත් තිබ්බ. ඉතිං මේ ප්‍රස්තුත දවසත් එහෙම එකක්. අපේ පංතියෙ පිටිපස්සෙම ඉඳගෙන හිටිය ඔසරියකින් සැරසුණු බොහොම තේජාන්විතව කාන්තාවක්.
ඉතිං අපේ තරුණ ගුරුතුමා ඔන්න පාඩම පටන් ගත්තා කියමුකො. පාඩමේ මාතෘකාව ඒ කිව්වෙ "The pied piper of Hamlin town" කියල විතරයි ගුරුතුමාට කියන්ට වුනේ. මගේ ලඟම හිටපු කුමාරසිංහ හිකි හිකි ගාල හිනැහෙන්ට ගත්තෙ නැද්ද?
ඉතිං අපේ තරුණ ගුරුතුමා ඔන්න පාඩම පටන් ගත්තා කියමුකො. පාඩමේ මාතෘකාව ඒ කිව්වෙ "The pied piper of Hamlin town" කියල විතරයි ගුරුතුමාට කියන්ට වුනේ. මගේ ලඟම හිටපු කුමාරසිංහ හිකි හිකි ගාල හිනැහෙන්ට ගත්තෙ නැද්ද?
ගුරුතුමා පාඩම නවත්තල කුමාරසිංහගෙ මූණ දිහා එක එල්ලේම බලා හිටිය ටික වෙලාවක්. ඒ එක්කම කුමාරසිංහගෙ හිනාව ක්‍රමයෙන් අඩුවෙලා නැවතිලා ගියා. සර් ආයම පාඩම පටන් ගත්ත. හැම්ලින් ටවුන් කියන කොටම කුමාරසිංහ ආයම හිනාවෙන්ට ගත්තෙ නැද්ද? මේ වැඩේ තුන්වෙනි පාරටත් උනහම සර්ගෙ ඉවසීමේ සීමාව පැන්න. අනික මම හිතන්නෙ එතුමාගේ හැකියාව අධීක්ෂණය කරන්ට අර කාන්තාවකුත් පංතියෙ පිටිපස්සෙ ඉන්න හින්ද එතුමට තවත් තරහ යන්ට ඇති.
"කුමාරසිංහ මේ වැඩේ මෙහෙම කරන්ට බෑනෙ. කොහොමද මෙහෙම පාඩම කරන්නෙ? ඔයා අනික් අයටත් බාධා කරනවනෙ. යනව පංතියෙන් එළියට. ගිහිල්ල අතන දොරගාව දණ ගහගෙන ඉන්නව"
සර් එහෙම නියෝග කලා කුමාරසිංහ ගාවටම ගිහිල්ල. කුමාරසිංහ එදා ඔය විදිහට විකාර කලාට හොඳ කීකරු ළමයෙක්. අනේ කියන පමාවට පංතියෙන් එළියට ගිහිල්ල දණ ගහ ගත්ත. හැබැයි එතන ඉඳලත් සර් හැම්ලින් ටවුන් කියල කියන කියන වාරයක් වාරයක් පාසා මිනිහට හිනාව නවත්ත ගන්ට නම් බැරිවුනා.
කුමාරෙ ඇයි එහෙම හිනාවුනේ? කියල මටනම් ලොකුම ප්‍රශ්ණයක්. කාල පරිච්ඡේදය ඉවර වෙලා සර් පොතුත් අරගෙන කුමාරෙටත් රවල අර මැඩම් එක්ක එළියට ගියා විතරයි අපි කට්ටිය ගිහිල්ල කුමාරෙ වටකර ගත්ත.
"මේ මොකද බං ඔයා අරම හිනාවුනේ?......." මම ඇහුව.
ඒ කාලෙ මට මතක විදිහට අපි බං කියල කිව්වට උඹ කියල එකිනෙකාට ආමන්ත්‍රණය කලේ නැද්ද කොහෙද? උඹ කියන්නෙ හොඳ නැති වචනයක් කියලයි අපි ඒ කාලෙ හිතාගෙන හිටියෙ. බං අවුලක් නෑ.
කුමාරෙ ආයම හිනාවෙන්ට ගත්ත. "ඇයි බං ඔයා දන්නෙ නැද්ද? "
"මොකක්ද දන්නෙ නැත්තෙ? "
"අර සර් කිව්ව වචනෙ..... ඒක කුණුහබ්බයක්.."
"කොයි වචනෙද?"
"මොකක්ද අද කරපු පාඩමේ මාතෘකාව?"
"The pied piper of Hamlin town" මම කිව්ව.
කුමාරෙ ආයම හිනාවෙන්ට ගත්ත. "හැම්ලින් කියන්නෙ කුණුහබ්බයක්.. "
"මොකක්? ඔයාට පිස්සුද? ඒක කොහොමද කුණුහරුපයක් වෙන්නෙ? ඒක ඒ ටවුන් එකක නමක්නෙ."
"ටවුමක් හරි මොකක් හරි ඒක කුණුහබ්බයක් එච්චරයි මම දන්නෙ. හප්පා දණ ගහගෙන ඉඳලම මගෙ කකුල් දෙකත් රිදෙනව." කුමාර පාතට නැමිල දණිස් අතගාන්ට ගත්ත.
"හරි කවුද දැං ඔයාට ඔහොම දෙයක් කිව්වෙ?" මට මේ කතාව සහසුද්දෙන්ම දැනගන්ටම ඕන.
"අපෙ තාත්තගෙ කඩේ වැඩ කරන කළු ගුණේ තමයි මට කිව්වෙ.."
කුමාරෙගෙ තාත්ත කෑගල්ල නගරයෙ මුල් පෙලේ මාලු ව්‍යාපාරිකයෙක්. නිවාඩු දවස්වල කුමාරෙ තාත්තගෙ මාලු කඩේ ඉන්නව මම කීප සැරයක්ම දැකල තියනව.
ඒ තමයි මම ඉගෙන ගත්ත මුල්ම අසභ්‍ය වදන.....
අසභ්‍ය වදන් ගැන කියද්දි මතක්වෙන තව කතාවක් තියනව. එහෙනං ඔන්නොහෙ ඒකත් කියලම දාමුකොයි නැද්ද? මේ කතාව අර කලින් එක වගෙ දුරාතීතයෙ සිද්ද වෙච්චි එකක් නම් නෙවෙයි. මේ බොහොම මෑතක. හරියටම කිව්වොත් නයින්ටීන් නයින්ටි නයින්.....
ඒ මම අර වාරිමාර්ග ව්‍යාපෘතියෙ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඇවිදින් ගෙවෙන මුල්ම මාසෙ වගෙ. අලුත් රස්සාවක් හම්බවෙනකල් මම පේරාදෙණිය පාරෙ N.I.B.M. එකේ පරිගණක පාඨමාලාවක් කලා. ඒකෙ පංති පැවැත්වුනේ සති අන්තයෙ. ඒ හින්ද සතියෙ දවස්වල මම නිදහස්.ඒ කාලෙ මම හිටියෙ අපේ මහගෙදර. අපේ එතුමීටත් ඔය හදිස්සියෙ නුවරට ස්ථාන මාරුවක් ගන්ට නොහැකිවුන නිසා එවුන්දැ එවුන්දැගෙ මාතලේ මහ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. එවුන්දැ එහෙ. මම මෙහෙ. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ.
ඔය කාලෙ ගෙදර හිටියෙ අපෙ අම්මයි තව අම්මගෙ අයිය කෙනෙක් බැඳල හිටපු නැන්ද කෙනෙකුයි. ඒ වෙනකොට ඒ මාම නැතිවෙලත් සෑහෙන කලක්. නැන්දගෙ දරුවොත් ලොකු මහත් වෙලා දීග තලග ගිහිල්ල හින්ද අම්මගෙ තනියටත් එක්ක ඒ නැන්ද අපේ ගෙදර ඇවිල්ල හිටිය.
ඔය කාලෙ කවුදෝ අසමජ්ජාතියෙක් රෑට රෑට ටෙලිෆෝන් එකෙන් ගෙදරට කතා කරල අනම් මනම් මනමාල කතා කියන්ට පටන්ගෙන තිබ්බ. ඔහොම ඉන්නව විශේෂයෙන් ඔය Night shift වැඩ කරන අසනීප කාරයො. ඔය මොකක් හරි නම්බර් එකකට කතා කරල ඒ ගෙදර ගෑණු විතරයි ඉන්නෙ එහෙම කියල දැනගත්තම ඔය තමන්ගෙ අසහනේ පිටකරගන්ට බලනව.
"අනේ පුතේ මේක හරි කරදරයක්නෙ. මේ කාලකන්නිය රෑ තිස්සෙ කතා කරනව. ටෙලිෆෝන් එක නොගෙන ඉන්ටත් බෑ කාගෙන් හරි හදිසි පණිවිඩයක්ද දන්නෙ නෑනෙ"
අම්ම මා එක්කල කිව්වෙ ගෙදර ආපු දවසෙමයි. අපේ ඒ කාලෙ තිබ්බෙ අර රේඩියෝ ටෙලිෆෝන් එකක් හින්ද සී.එල්.අයි (Caller line identification) දාල ඒ යකාගෙ නොම්බරේ හොයාගන්ටත් බෑ. එකම ප්‍රතිකර්මෙ ටෙලිකොම් එකට පැමිණිළි කරල ඒ යකා කතා කරන නොම්මරේ හොයාගෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක.
"හරි හරි ඉන්ඩකො. මම දැං ගෙදර ඉන්නවනෙ. අම්ම කලබල නැතුව ඉන්නකො" මම එහෙම කිව්ව.
කොහොම හරි ඊට පස්සෙ ටික දවසක් යනකල් ඒ මනමාලයා කතා කලේ නම් නැහැ.
"මිනිහටම එපා වෙන්ට ඇති. අපෝ ඇති යන්තම්" අම්ම එහෙම කියල හිනාවුනා.
"මිනිහටම එපා වෙන්ට ඇති. අපෝ ඇති යන්තම්" අම්ම එහෙම කියල හිනාවුනා.
සතියකට වගෙ පස්සෙ දවසක මගෙ පරණ යාලුවෙක් අපෙ ගෙදර ආව මාව හම්බ වෙන්ට.
ආගිය තොරතුරු කතාකරල මනුස්සය මට කිව්ව "යමු බං එහෙනං හීන්වට මොනවහරි කරන්ට. කාලෙකින්නෙ හම්බ වුනෙත් උඹව" කියල. මාත් ඉතිං හාංය කියල ගියා කියමුකො.
අපි ගියේ කිරිබත්කුඹුරෙ රේල් ගේට්ටුව ගාවම තියෙන දුම්රිය කෞතුකාගාරය දැකල ඇති නේද? අන්න ඊට පිටිපස්සෙ ඒ දවස්වල තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක්. අන්න ඒකට. කොහොම හරි දන්නවනෙ... පොඩිවට කරන්ට ගිය වැඩේ අන්තිමට තව යාලුවො දෙන්නෙකුත් කෝල් කරල ගෙන්න ගෙන මෙගා ප්‍රොජෙක්ට් එකක් නොහොත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙලයි අහවරයක් වුනේ.
අපි ගියේ කිරිබත්කුඹුරෙ රේල් ගේට්ටුව ගාවම තියෙන දුම්රිය කෞතුකාගාරය දැකල ඇති නේද? අන්න ඊට පිටිපස්සෙ ඒ දවස්වල තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක්. අන්න ඒකට. කොහොම හරි දන්නවනෙ... පොඩිවට කරන්ට ගිය වැඩේ අන්තිමට තව යාලුවො දෙන්නෙකුත් කෝල් කරල ගෙන්න ගෙන මෙගා ප්‍රොජෙක්ට් එකක් නොහොත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙලයි අහවරයක් වුනේ.
මම ගෙදර ආවෙ අඩි දෙකක් පොළවට උඩිං. අපේ ගෙදරට එන්ට එදවස තිබ්බෙ අඟල් එකහමාරෙ මැටල් ගල් දාපු සුට්ටි අඩි පාරක් වගෙ එකක්. ඒ මැටල් ගල් වලිං සීයට අනූවක්ම මම යන්තමට දනිපණි ගාගෙන ගෙදර ඉස්සරහ දොර ගාවට ලඟාවෙනකොට රූටල ගිහිල්ල තිබ්බෙ පාරෙං පල්ලෙහා වෙලේ ඔන්න කොටිම්ම. එච්චරම මනරංජනීයයි චිත්තාකර්ෂණීයයි එදා අඩිපාර දිගේ මගේ ගමන. ඒ වෙලත් අපේම හින්ද අවුලක් නෑ.
"නිල් නුවං පෙනෙන පඳුර වලා සුරාවෙන් වෙලී…………………"
"ට්‍රීං..ට්‍රීං.." මම බෙල් එක ගැහුව.
අම්ම ඇවිල්ල දොර ඇරිය....
"අම්ම මොකෝ මේ නිදියන්නෙ නැතුව කරන්නෙ?" මම ගේ ඇතුලට විසිවෙන අතරෙ ඇහුව.
"හ්ම්ම්ම්..නිදි තමයි..කොහෙද පුතා ගියේ? හොඳටම බීල නේද?"
අම්ම ඉව ඇල්ලුව. ආය ඉවක් අල්ලන්ට දෙයක් නෑ. බැලූ බැල්මට පේනව කිලෝමීටර් දෙකකට වගෙ එහා ඉඳල උනත්....හෙහ්,හෙහ්,
"මොන? ඒ හැටි බිව්වෙ නෑ ආයෙ…"
"නෑ තමයි මට පේනව..ඇති ගෙදරටවත් ආව..කාලද ඉන්නෙ?"
"නෑ කෑවෙ නම් නෑ..ඒත් දැං කන්ට නම් බෑ මොන විදිහකටවත්.....මම වොෂ් එකක් දාල නිදාගන්නව. අම්මත් ගිහිල්ල නිදාගන්න. කෝ නැන්ද ?"
"නැන්ද නිදි..ආ..ඒක නෙවෙයි පුතා අර කාලකන්නියා අද කතා කලානෙ හතර පස් පාරක්ම.."
"මොන කාලකන්නියද? "
"අර මං කිව්වෙ රෑට රෑට කෝල් දීල ඒක මේක කියනව කියල... අන්න ඒකා.."
"හරි ආයම කතා කලොත් මම ඌට කතා කරන්නං. අම්ම ගිහිල්ල කාමරේ දොර වහගෙන නිදාගන්ටකො."
වොෂ් එකක් දාගෙන ඇවිල්ල මම නිදාගන්ට ගියා විතරයි මෙන්න ටෙලිෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ආව සාලෙට. අම්මත් නැඟිටල ආව.
"අම්ම ගිහිල්ල දොරත් වහගෙන නිදාගන්ට.."
"මොකද ඔයා කරන්ට යන්නෙ?"
"වෙන ආය අහවල් දෙයක් කරන්ටද ඒ මිනිහට බොහොම කරුණාවෙන් කියන්ට යන්නෙ මේ වැඩේ වහාම නවත්වන්ටෙයි කියල. හරි මම ඒක කරන්නං. අම්ම ගිහිල්ල නිදාගන්ට. දොරත් වහගෙන…ප්ලීස් "
අම්ම මා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල ගිහිල්ල දොරවහගත්ත. ටෙලිෆෝන් එක දිගටම රිං වෙනව.....
මම ටෙලිෆෝන් එක ලඟම තිබ්බ පුටුවෙ ඉඳගෙන දීර්ඝ සහ සුහද සාකච්ඡාවකට සුදානමින් හරිබරි ගැහුන. ඊට පස්සෙ හෙමීට රිසීවරේ අරං කණේ තියාගත්ත. හැබැයි වචනයක් වත් කතා කලේ නෑ..
"හෙල්ලෝ?……" එහා පැත්තෙං ඇදපැදල කිව්ව. "මොකද අනේ ඔයා ටෙලිෆෝන් එක ගන්ට මෙච්චර පරක්කු උනේ?"
මම හොඳ හුස්මක් ඉහලට ගත්ත. කටහඬ පිටතට නෑහෙන්ට වමතිං රිසීවරේ ආවරණය කරගත්ත.
"මෙච්චර වෙලා පරක්කු උනේද? පරක්කු උනේ මම ගිහිල්ල හිටිය තොගෙ ***** *****,තෝ දැනගං. වල් පඳුරු **** ****, තෝ මේ කරන දහදුරා වැඩේ අදම නැවැත්තුවෙ නැත්තං මම තොගෙ *****************,"
(එතුමාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව මවිසින් ක්‍රියාත්මක කරන්නට අපේක්ෂිත ක්‍රියාමාර්ගයක් පිලිබඳව මම මෙහිදී එතුමා දැනුවත් කළෙමි)
"තෝ දන්නවද තොපි වාගෙ එවුං උප්පාද වෙන්නෙ ******** ගාල්වල ********* ****** වෙලාවල්වල…"
(එතුමා එතුමන්ගේ ගරු මෑණියන්ගේ ගර්භාෂය තුල පිළිසිඳගත් පරිසරය සහ ඊට උපස්ථම්භකවූ කරුණු කාරණා මෙහිදී මවිසින් එතුමාට මනාව පැහැදිලි කලෙමි)
"ඒ හින්ද මේ ටික හොඳට අහගං ******** ********* මම කලිං කිව්ව විදිහට මේ වැඩේ අදම නවත්තපං. නැත්තං නොකිව්වයි කියන්ට එපා මම තොගෙ ටෙලිපෝන් නොම්මරේ හොයාගෙන තොගෙ ගෙදරටම ඇවිල්ල ******** *******"
(මේ අවස්ථාවේහිදී එතුමාගේ ගෙදර වසන ගිරවා, බල්ලා පූසා ආදී සුරතල් සත්වයින් අරභයා මවිසින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ග පිළිබඳව මවිසින් එතුමා ඉතා සුහදව දැනුවත් කරන්නට යෙදුනු බව සැලකුව මනාය)
කොහොමහරි මට හිතෙන්නෙ මේ වෙලාවෙ තමයි මිනිහට හරි සිහිය ආවෙ. සම්මා සතිය. මෙච්චර වෙලා මිනිහ තුස්නිම්බූත වෙලා ඊට අමතරව අන්දුන් කුන්දුන් වෙලා ඉන්ට ඇති ටෙලිෆෝන් රිසීවරෙත් කණේ ගහගෙන. Totally Unexpected හෙවත් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවුනු දෙයක් එක පාරට උනහම මිනිස්සුන්ට එහෙම වෙනව. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Being Paashaaniboothaized කියල. හෙහ්..හෙහ්...අයි නෝ පුතා..මට එහෙම වෙලා තියනව.
ඉතිං සම්මා සතිය පහල උන ගමං මිනිහ දඩස් ගාල ටෙලිෆෝන් එක තිබ්බ. එච්චරයි. එදයිං එදයිත් හරි මිනිහ "ආ හලෝ කොහොමද සැප සනීප?" කියල අහන්ටවත් කතා කලේ නම් නැත.
May be he still is paashaaniboothized..heh, heh..who knows?
පලි - පහුවදා උදේ වරුවම ඔලුව පුපුරන්ඩ තරං කැක්කුම. ඒත් යාන්තමට එක විදිහක් උන ගමන්ම අම්ම එපා කියද්දි මම අර වෙලේ තිබ්බ මැටල් ගල් එකතු කරල ආයම පාරට දැම්ම. නකතං වෙන්ට දාල එකහමාරෙ මැටල් උඩිං රෑට රෑට රූට රූට එන එකෙත් මාරම ආතල් එකක් තියනව.ඒක පට්ට.....හෙහ්,හෙහ්
mama eka
ReplyDeleteඇනෝ,
Deleteඑකෙන්ම...හෙහ්.හෙහ්
මහින්දවත් අන්දවපු, ඒකාබද්ධයත් ගිලගත්තු, පොලු සක්විතියෙක්..
Deleteඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ.(අභීත එදිරිසිංහ-මීමුරේ මාමා නොහොත් කැහැටු වඳුරා) ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක කමත් අරගත්තා.මෑන් කොච්චර ආඳෙක්ද කියනව නම් අප්පච්චි අන්තිම හුස්ම පොද හෙළනකල් ගෙට ගත්තෙ නෑ.ඒකට හේතුව තමයි මිනිහා ගෙදර තිවුණ අප්පච්චිට අයිති මෝටර් රථය හොරෙන් විකුණලා, කොළඹට ආව නිසා.බුද්ධිමත් ඔබට ඒකෙන්ම පුතයගෙ තරම මැනගන්න පුළුවන් වෙන්න ඕනි.
ඔය අතරවාරයේ මිනිහා රන්ජුලා කියලා තරුණියක් වහසිබස් කියලා රවට්ටගෙන විවාහ කරගත්තා.ඒ කාළෙ ඔහු තමන්ගෙ යාලුවන්ට කියලා තියෙන්නෙ “මූණ කචල් වෙලා, හෙණ ගැහුවත් කමක් නෑ බං ඉන්න තැනක් තියන එකියක් නම්” කියලලු.එහෙම කියපු එදිරිසිංහ කොලුවා කොට්ටාවෙ තියන රංජුලාගෙ ගෙදරම බින්න බැස්සා.ඔය අතරවාරයේ තමයි මේ හාදයට දේශපාලනය ගැන වහ වැටෙන්නෙ.මේ හාදයගෙ කයිරාටිකකම කොච්චරද කියනව නම් තමන්ට දේශපාලනයේ අත්පොත් කියල දුන්න , එක පාරක් නාමල්ගෙ ගෝලයන්ගෙන් හම්බානෙක කාපු නුවන් නිරෝධ කියන බයියව පවා රවට්ටලා ගේම් ගැහුවා.
මෙයාට ඇන්දිච්ච තවත් පොරක් තමයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රංගන හේරත්.බිස්නස් එකකට ඉන්වෝල් වෙලා කරන්නම් කියලා හේරත්ගෙන් ලක්ෂ පහක් වංචා කරපු මෙයා කළේ හේරත් ඒක ඉල්ලනකොටම හේරත්ගෙ පරණ ලවු ගැන නෝනට කියනවා කියලා බ්ලැක්මේල් කරපු එකයි.එක පාරක් රන්ගන හේරත්ගෙන් හම්බානෙක ගුටිකාපු අභීතට රංගන හේරත් කිව්වෙ “උඹ නිසා මගෙ ඉස්කෝලෙ අපකීර්තියට පත්වෙන නිසා නිකන් ඉන්නෙ” කියල විතරයි.අනික මහලොකුවට ඉවෙන්ට් ඕගනයිස් කරනව කියලා 97/98 මලියදෙව් ආදිශිෂ්‍ය සංගමෙන් සල්ලි ගරාගෙන මාටිය ගහලා නෝණ්ඩි වුණ නිසා අදටත් මේ හාදයට OB එක පැත්තෙ යන්නවත් බැහැ.ඔහොම හොරු එක්කද මහින්ද ආණ්ඩු හදන්න යන්නෙ කියලයි අපිට අහන්න තියෙන්නෙ.
ඔන්න කාලයක් යද්දි පාර්ලිමේන්තු මැතිවරණය ආවා.රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක පොකුරට තරඟ කරපු ජෝන් සෙනවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි යන දෙන්නට දෙන්න නොදැනීම ,උන්ව කොටවලා, මෙයා ඒ කැම්පේන් දෙකම බාර ගත්තා.ඒ මාද්‍යකරණයේ ඇති අවම සදාචාරය වත් රකින්නෙ නැතුව.සල්ලි වෙනුවෙන් තමන්ගෙ දරුව පවා විකුණන්න සූදානම් මේ හාදයාගෙ කෙරුවාව තව තියනවා.කනක හේරත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරද්දි, අනුරාධ ජයරත්න නියෝජනය කළේ සිරිසේන පාර්ශවය.මෙයා කළේ ඒ දෙන්නගෙම කැම්පේන් එක අරගෙන එක්කෙනෙක්ට හොරෙන් අනෙකාගෙ කැම්පේන් එක කළ එක.
Deleteමොන තරම් ජඩ වැඩක් වුණත් කිසිම හිරිකිතයකින් තොරව කරන්න පුරුදු වෙලා හිටපු අභීත එදිරිසිංහ කියන පාදඩයගෙ වැඩ ඔහොමම තමයි.
තවත් වරෙක නො.180/3, මාලපල්ල පන්නිපිටිය කියන ලිපිනයේ ඉන්න කෝට්ටගේ දොන් ලලිත් අමරසිංහ කියන පුද්ගලයව රවට්ටලා, රුපියල් මිලියන 1.45 ක මුදලක් වංචා කරපු ඔහු නැවතුණෙ පානදුර දූෂණ මර්දන ඒකකයේ.
ඊළඟට ඔහු යොමු වුණේ මීමුරේ පැත්තෙ ඇඩ්වෙන්චර් වැඩ වල.ඒකේ ඉන්න ගමන් ගමේ ගෑණුන්ට අනින්න ගිහිල්ලා, හම්බානෙක ගුටි පූජාවල් වලින් හෙම්බත් වෙන්නත් ඔය අතරේ මෙයාට සිද්ධ වුණා.තමන් එක්ක එකට හිටපු රිද්ම හේවාවිතාරණ කියන තරුණයට පඩි නොගේආ මාස ගාණක් වැඩ ගන්නකොට, ඔහුට කේන්ති ගිහින් මෙයාගෙ ලැප්ටොප් පරිඝණය ගෙදර අරන් යද්දි, මෙයා කළේ ඉක්මණට පොලීසියෙ පැමිණිලි දාලා අර අහිංසකයව කූඩු කරපු එක.මේ හාදයා කොච්චර ඇඩ්වෙන්චර්ස් කරත් මීමුරේ පොඩි කොල්ලො කුරුට්ටොත් පනින තාලිකටෙන් පවා මූ පනින්නෙ ජැකට් දාලා.ඔන්න පීනගන්නවත් බැරි අභීත එදිරිසිංහගෙ ඇඩ්වෙන්චර්.
ඒ කාළෙ මුගේ හොර වැඩ වලට හරි හරියට මහින්දානන්ද අලුත්ගමගේ කියන කම්බ හොරා සහ කනක හේරත් සම්භන්ධ වෙලා වැඩකළා.ඒ මුගෙන් ලැබෙන කොමිෂන් වලට.Travel with Dilini කියල වැඩසටහනක් දාගෙන කළුබෝවිල පැත්තෙ වයස 17 ක ගෑණු දැරිවියක් අපයෝජනය කරමින්, ඇයව මතට හුරු කරමින් මොහු විකෘති කාමාශාවන් සංසිඳවා ගන්න ඇයව අදටත් භාවිතා කරනවා.ඇගේ කට වහල තියෙන්නෙ ඇගේ මව සමඟ මොහු යහන්ගත වීම හේතුවෙන්.
ගොඩාක් අය අහුවෙන්නෙ මේ හාදයගෙ බොරු පම්පොරි වලට.පොලිටිකල් පේජ් කරන බව පවසමින් මාසෙකට ලක්ෂ ගණන් උපයන මොහුට හසුවූවන් අතරේ ගීතා කුමාරසිංහ, මහින්දානන්ද අලුත්ගමගේ, කනක හේරත්,ශෙහාන් සේමසිංහ,රොෂාන් රණසිංහ,පවිත්‍රා වන්නිආරච්චි වගේ ඒකාබද්ධය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රීවරුන් රැසක් ඉන්නවා.
වරක් ජාතික නිදහස් පෙරමුණෙ කුරුණෑගල නායක කැලුම් ජයසුමන කොයන හාදයගෙ බජට් ටැක්සි කියන පේජ් එක කරන්නම් කියලා පම්පෝරි ගහලා රුපියල් 50000 ක් කඩාගෙන වාෂ්ප වෙලා ගියා. ඊළඟ පාර උඩගිල්ම ටී ස්ටේට් එකේ පේජ් එක වෙනුවෙන් 100000 කට ඇරලා මාරු වුණා.ඊළඟ පාරක් වජිරා මාපලගම කියන අපේක්ෂිකාවගෙන් ලක්ෂ දෙකකට ඇරියා.තවම ඒ නඩුව උසාවියෙ විභාග වෙනවා.ඒකට පෙනී ඉන්නෙ ජනාධිපති නීතීඤ රජික කොඩිතුවක්කු.
බැලින්නම් මේ යකා හතර වටේටම තියල තියෙන්නෙ පොලු විතරයි.අභීත එදිරිසිංහ කියන්නෙ අවංකවම පිල්ලියක්.ඒකාබද්ධය සුණුවිසුණු කරන පිල්ලියක්.ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙයාට අහුවෙන්න එපා කියලයි.
-උපුටනය(සමන් වීරබාහු)-
ඔය ඉන්ගිරීසි පීරියඩ් එක ගැන නම මතක් කොරන්ට එපා.
ReplyDeleteමෙලෝ මඟුලක් තේරුනෙ නෑ, නොදකින් ගංඔල ඉන්ගිරීසි ගුරුවරු එකෙක්වත් හරි පුහුණුවක් ලැබුව එවුන් නෙවෙයි ඒ කාලෙ (නවසිය බර ගනන් වල)
ඇනෝ,
Deleteඑහෙම දේවල් වෙන්ටත් ඇති තමයි. අපි හැමෝම බොහෝවිට තමන්ගෙ පෞද්ගලික අත්දැකීම් මතනෙ කතාකරන්නෙ..
ඒ අතින් අපි හරිම වාසනාවන්තයි. ඉංග්‍රීසි භාෂාව එපා නොවෙන්නට බොහොම අපූරුවට උගන්වපු ගුරුවරු කීප දෙනෙක්ගෙන්ම මම ඉගෙන ගත්ත.
ඒ අතරින් 6,7 ශ්‍රේණිවලදි අපට උගන්වපු ගුණසේන මහත්මය විශේෂයි. එතුමා ඒ කාලෙ අර ජේම්ස් බොන්ඩ් බෑග් කියල ප්‍රසිද්ධ වුනු පොඩි සූට්කේස් එකක් වගෙ බෑග් එකක් අරගෙන පන්තියට ආවෙ. ඒ හින්දම එතුමා අපි හැඳින්වුවෙ බොන්ඩ් කියල.අපිට විෂයමාලාවෙ නොතිබුනු ඉංග්‍රීසි කවි එහෙමත් කියල දෙන්ට එතුමා පසුබට වුනේ නෑ.
හිස්තැන් පිරවීමේ තරඟය
ReplyDelete-------------------------
ඉහත සඳහන් හිස් තැන් සඳහා සුදුසු වැකි යොදා ඉතා වටිනා ත්‍යාගයක් ලබාගන්න.
ඔබ කල යුත්තේ සුදුසු වචන යොදා එම දෙබස් කන්ඩ මීට පහලින් කෙටීම පමණයි.
සියලුම වර්ගයේ ඇනෝලාටද තරඟය විවුර්තයි
ඇනෝ,
Deleteඅන්න මරු විශ්මිත අයිඩියා..අපි තරඟයක් තියමු.
අර ඉයන්ගෙ පොල් මැල්ලුං කතන්දර තරඟෙ විනිශ්චය කලාට මට ලැබෙන තෑග්ග මම දෙනව මේ තරඟෙ තෑග්ග හැටියට..:)
හම්මේ...
ReplyDeleteමට කියෝනකොට හිතුනේ හාමිනේ තමයි කෝල් එක ගත්තේ කියල. මොකද හාමිනේ දුරබැහැර ඉන්නවය කිව්ව හින්ද
Deleteලිඛිතා,
Delete/මට කියෝනකොට හිතුනේ හාමිනේ තමයි කෝල් එක ගත්තේ කියල. මොකද හාමිනේ දුරබැහැර ඉන්නවය කිව්ව හින්ද/
එවුන්දැ ඔය යක්කු ගස්යන වෙලාවට කතා කරන්නෙ නෑ. උදේ පාන්දර නැඟිටල පහේ බස් එකේ යන්න ඕන හින්ද වේලාසන නිදියනව.
අ.කා. - (අකා කියන්නෙ පලි වගෙ එකක්. අතුරු කතා) වේලාසන කොක්කු ඇවිත් කියල පරිවර්තනයක් කියවල තියනවද?
අයිත්මාතොව්ගෙ "The early cranes" පොත පරිවර්තනය ඩබ්ලියු. ඒ. අබේසිංහ.
වෙලාවකට මට හරිම දුකක් හිතෙනව අර අයිලෙකුයි පොප්ලර් ගස් දෙකකුයි හින්ද අයිත්මාතොව්ගෙ ඊට වඩා අපූරු පොත් කීයක්නම් ගැන අපි දන්නෙවත් නැද්ද කියල.
වේලාසන කොකු ඇවිත් කතාව පටන් ගන්නෙ කීර්ගීසියාවෙ ශීත සෘතුවෙ දවසක පංති කාමරයක ගුරුවරියක් තම සිසුන්ට ලංකාව ගැන කරන විස්තරයකින්..කතාව පටන් ගන්නෙ මෙහෙමයි..........
”ශ්‍රී ලංකාවල ඉන්දීය වෙරළාසන්නයෙහි පිහිටා ඇති ඒ පරම රමණීය සුන්දර දිවයින, ඉන්කමාල්අපායි සිය පන්තියේ ළමයින්ට උගන්වමින් සිටියේ, ශ‍්‍රී ලංකාව ගැන ය. ගෙදර දී ගොතන ලද දළ ලොම් සාළුවක් පොරවාගෙන සිටිය ද ගුරුවරිය සීතලේ ගැහෙන්නට වූවා ය. මහාද්වීපය නමැති කිරි බුරුල්ලෙන් වැටෙන කිරි බිඳුවක් ලෙසින් ශ්‍රී ලංකාව සිතියම මත සිත්තම්ව ඇත.”
"ශ්‍රී ලංකාවේ නොයෙක් අපූරු දේ ඇත. වඳුරන්, අලි-ඇත්තු, කෙසෙල්, මුළු ලොවෙහි ම ඇති හොඳ ම තේල එතනින් ගියාම නන්විධ පලතුරු, ගස්වැල් එහි ඇති දේ නිමක් නැත්තේ ය. එහෙත් වැදගත් ම දෙය නම් ශ්‍රී ලංකාව උණුසුම් රටක් වීමයි.
කොතරම් උණුසුම් ද කිවහොත් මුළු වසර පුරාම කිසිම දිනක සීතලේ ගැහෙන්නේ නැතුව ජීවත් විය හැක. හිම සපත්තු, හිම වැසුම් උණුසුම් පාවහන්, හිමකබා මේ කිසිවක් අවශ්‍ය නැත. උණුසුම ලබනු සඳහා දර ද අවශ්‍ය වන්නේ නැත. මොන තරම් අපූරු ප්‍රීතිමත් ජීවිතයක් ද? ඕනෑ ම තැනක කැමති විදියට ඇවිදින්න, සක්මන් කරන්න, හිරු රැසින් නැහැවෙන්න, උණුසුම වැඩි නම් හෙවණකට ගොස් දාහය නිවන්න, ශ‍්‍රී ලංකාවේ දවාලත් රැයත් එක සේ උණුසුම් ය.”
හෑ !
Deleteමට නිකන් මෙව්වා වෙලා වගේ.. හා හා.... ඒ පාර ඔක්කොම හැලිලා වැඩිහිටියන්ගේ කතා විතරක් ඉතුරු වෙලා වගේ. මේ... ඒක නෙවෙයි.. බොලාලා එක්කහු වෙලා ලියපු අර අන්දිරිස් මල්දම පැත්තේ එහෙම ගිහිල්ල කතාවක් ලිව්වොත් නාකද? ආව මෙතැන තරුත් එක්ක ටෙලිපෝන් එකෙන් කතාකොරන්ට!!
ලිඛිතා,
Deleteමම සහ අන්දර මල් දමේ මගේ සහෝදර සාමාජිකාවන් පස් දෙනා වෙනුවෙනුත් ඔබට බොහොමත්ම ස්තූතියි අපගේ උත්සාහය අගය කිරීම පිළිබඳව.
ඔබගේ කමෙන්ටුවෙන් පස්සෙ මම පහුගිය සතියෙ දවසක රෑ දෙක වගෙ වෙනකල් නිදිවරාගෙන අන්දර මල් දමේ කතා ඔක්කොම කොණක ඉඳල කියෙව්ව. ඒ කියවද්දි සිතට නිරායාසයෙන් ගලා ආ ඒ හා බැඳුනු අතීත මතකයන් බොහොම සුන්දරයි.
ඒත් හැම හොඳ දෙයකම අවසානයක් ඇත. "Every good thing must come to an end" ඒ වගේ මල්දමේ සාමාජිකාවොත් එහෙ මෙහෙ විසිරිල ගියා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් දැනට තමන්ගෙ බ්ලොග් එකවත් ලියන්නෙ නෑ. ජීවිතේ කාර්ය බහුල උනහම එහෙම තමයි.
ඔබ තුමිය ආයම අන්දර මල්දම පටන් ගන්නෙයි කියල ඉතාම ඕනෑකමින් ඉල්ලා හිටියට පස්සෙ මේ මේ ඊයෙ සිත්තමී මා එක්ක ඒ ගැන කතා කලා. අන්තිමට අපි දෙන්න එකඟ වුනා වර්තමාන තත්වෙ හැටියට ඉතිං ලියනවනම් ලියන්න වෙන්නෙ අපි දෙන්නටම තමයි කියල. ඒත් අපි උත්සාහය අත අරින්නෙ නෑ. බලමු මොනව හරි කරන්ට..
Thanks Likhitha again..........:)
:'(
Deleteමමත් ඒ කතා ටික ඔක්කොම එක හුස්මට වගේ කියෝගෙන ගියානේ. කොමෙන්ටුත් දාලා ඇති.
Deleteදැන් ලියන්න අලුත් අය ඇවිත් ඉන්නවා. අරූ, සඳවතී(කලින් ඉඳන් ලිව්වනේ), අමා වගේ අය ගැන කල්පනා කරලා එයාල සම්බන්ධ කරගන්නකො. කාටත් වින්-වින් සිටුවේෂන් වෙයි නේද?
රෑට ගෙදරට කෝල් කරනා මනුසතෙක් හිටියෝ
ReplyDeleteඌට හොඳහැටි බණ කියන්නට වෙලාවක් නැතියෝ
රෑට වෙරි වී කිව්ව පසු බණ එදා ඒ ගොයියෝ
ඊට පසු යළි කෝල් නොකලලු කරදරේ නැතියෝ.....
ජයවේවා!!!
Dumee,
Deleteඑකල ඒ වල්ගො බිලයාහට එකම බේතකි මමත් දුන්නේ,
සෑම එකටම කවිම කියනා දුමියටත් ඒ බේත දෙන්නේ,
Just joking dumee ok no hard feeklings...:)
:) :)
Deleteරවි මහතත්යා මළු කඩේ ඊළඟ පේළියේදි මාලු කඩේ වෙලා. කියවලා තියෙන විද්හට ඔය ටෙලිපෝමේනියාව අර සුප්‍රසිද්ධ ඔිනයාටත් තිබිලා තියෙනවා. අර මොනවාද වෙන එක ඒ කියන්නේ Being Paashaaniboothaized වෙන එක අර මගේ වයසේ කෙලිත්තියක් එත්ත පාෂාණ කර්මාන්තයක් කරපු දවසේ එයාගේ මුනෙත් තිබානේ. පස්සේ තමයි හොද හරිය උනේ.
ReplyDeleteAno,
Delete/රවි මහතත්යා මළු කඩේ ඊළඟ පේළියේදි මාලු කඩේ වෙලා. /
Yes, my mistakable immediately corrected..thank you....
අර විලම්භීත පොතේ ඔය පූසාගේ කෑ ගැහිල්ල ගැන කියලා තියෙන්නේ 'පූසාගේ කට කමසෙයියාවක් නැත' කියලා. මං ඒ වචනෙත් ඉගෙනගත්තේ ඔතනිං හින්දා තමයි මට ඕක හොඳට මතක.
ReplyDeleteඅර 'සුරාවෙන් වෙලිච්ච වලා'ගේ සිංදුව ගැන මං මුකුත් නොකියා ඉන්න එක හොඳයි මං හිතන්නේ. හුහ්!
සිසිනැකපෝ : මම උන්නා නම් බොරළු නෙවෙයි මදුවැල් දාල තියෙන්නේ, අම්මප! හුහ්...
Deleteඅඩේ, එහෙනං අර අඩි පාර දිගේ ආපු මනරංජනීය චිත්තාකර්ෂණීය ගමනට තවත් විශේෂන පද එකතු වෙන්න තිබ්බා... :D
DeleteSiththami,
Delete/අර විලම්භීත පොතේ ඔය පූසාගේ කෑ ගැහිල්ල ගැන කියලා තියෙන්නේ 'පූසාගේ කට කමසෙයියාවක් නැත' කියලා. මං ඒ වචනෙත් ඉගෙනගත්තේ ඔතනිං හින්දා තමයි මට ඕක හොඳට මතක./
අඩේ එහෙමද? හෙහ්..හෙහ්..මට ඒක මතක තිබ්බෙ නෑ...පැණි කජු ඒ කාලෙ අපේ හද බැඳගත් කතාවක්....අන්තිමට පුටුවක් තියල දුමට නඟින්ට ගිහිල්ල පැණිකජු මුට්ටියත් එක්ක තිලක කොලුවා බිමට ඇදගෙන වැටෙනව...:)
Likhitha,
Delete/මම උන්නා නම් බොරළු නෙවෙයි මදුවැල් දාල තියෙන්නේ, අම්මප! හුහ්.../
බොරළු නෙවෙයි බං පාරට දාල තිබ්බෙ..මැටල් ගල්..මැටල් ගල්..මැටල් ගල් කියන්නෙ කලුගල් එක එක සයිස් එකට කඩා ගත්තම. අර කොන්ක්‍රීට් දාන්ට ගන්නෙ..ආන්න එව්ව..අපේ ඔය පාරට ඒ කාලෙ දාල තිබ්බෙ අඟල් එකහමාරෙ ගල්. එහෙම දැම්මමම වැස්ස කාලෙට මඩ වෙන්නෙ නෑ.
හරි හරි.. මැටල් හෝ වේවා බොරළු හෝ වේවා... මොකක් තිබ්බත් මම නම් දාන්නේ මදුවැල් !
Delete//"මෙච්චර වෙලා පරක්කු උනේද? පරක්කු උනේ මම ගිහිල්ල හිටිය තොගෙ ***** *****,තෝ දැනගං. වල් පඳුරු **** ****, තෝ මේ කරන දහදුරා වැඩේ අදම නැවැත්තුවෙ නැත්තං මම තොගෙ *****************,"//
ReplyDeleteලැජ්ජත් හිතුනා අප්පා හිතලා බැලුවහම..............
මොකද බොල අර ටැලිපෝං එකෙන් කතාකරපු වාක්‍ය වල තරු තරු තියෙන්නෙ. බොලාගෙ බ්‍රව්සරේ අවුලක් වෙන්න ඇති. පොඩ්ඩක් චෙක් කර ගනිං.
ReplyDeleteකුමාරෙයනං මහ ලාම්පු *රියෙක් (නරියෙක්) තමයි. නැත්තං ඔච්චර පොඩි කාලෙම ඔය වගේ භයානක කුණුහරුපයක් ඉගෙනගන්නෙ කොහොමද.
ReplyDeleteඔහෙලයි ගම පැත්තේ තියෙනවා නේද "නියංගම" කියලා ගමක් අපේ එවුන් එහාට කියන්නේ "හැම" කියන විශේෂණ පදේ මුලට දාලා.. හික් හික්
Deleteඔය ගල් ටික කුඹුරට වැටෙන සීන්ස් එක දෙතුන් පාරක් උනාට පස්සෙ නේද බොලාට හිතුනෙ පාර කොංක්‍රීට් කරල දාන්න. හැක්..
ReplyDeleteසුරංගයට දුන්නනං බොලාට ඔය තරු දාල තියෙන ඒව බ්ලොගේ දාන්න පුලුවං විදියට ට්‍රාන්ස්ලේට් කරල දෙයි.
ReplyDeleteසුරංගයා ගැන කතන්දරයක් මූ ලියනෝලු.. ලබන සතියෙවත් දාහං අයියේ..
Deleteඒක ලියල ටිකිරි සඳමාලිගෙන් කන්න තමයි මූ හදන්නෙ.
Deleteහි හී මම කියවගෙන කියාගෙන යනකොට හිතුවෙනම් අනේ මේ කෝල් එක හාමිනාගෙන් හරි එහෙමත් නැතන් නෑ වෙන බවලතෙක්ගෙන් හරි වෙයන් කියලා කෝ අප්පා එහෙම උනේ නෑනේ...
ReplyDeleteඔය ඉතිං ගින්නක් නගිනකංමයි ඉන්නේ...
Deleteඋඹ අරූගෙ ගෙදරට ගිහින් උගෙ පූසටයි බල්ලටයි ගිරවටයි මොකක්ද කරන්න අදහස් කලේ කියලා දැනගන්න ආසාවෙ ඉන්නෙ. නෑදෑයො ගැන හිතාගත්තෑකි.
ReplyDeleteපුංචි මහත්තයා ඇයි මේ වගේ අසැබි දේවල් ලියන්නේ? මේක බලන පොඩි දුවා දරුවන් නරක දේවල් ඉගෙන ගනී නේද? රන්දිල් නෝනාට උනත් හරි නෑ. මෙවැනි ලිපි පළකිරීම සම්බන්දයෙන් අපගේ බරපතල අමනාපය මෙසේ ප්‍රකාශ කර සිටිමු.
ReplyDeletePetrified?
ReplyDeletehttp://www.ancient-origins.net/myths-legends/disturbing-true-story-pied-piper-hamelin-001969
p.s. හැම්ලින් කොහොම වෙතත් පයිඩ් පයිපර් අසභ්‍ය හෝ ක්‍රිමිනල් වෙන්න පුලුවන්
Deleteමාත් හිතුවේ පයිඩ් පයිපර් එකට හිනා උනා කියල
Deleteමාත් පාෂාණභූතයිස් වුණා බං මේක කියවලා....
ReplyDeleteඔය මුදලිහාමිගෙ කතාවේ අන්තිමට මුදලිහාමි සෑර් එක්ක ගිහින් තේ කඩේකින් තේ බොනවා නේද? මිනිහ මුලින්ම ටියුබ් ලයිට් දකින්නේ එතන මම හිතන්නේ. එලිය පොලු කියලා තාමා මෑන් ඒවට කියන්නේ. මට මතකයි අපිත් ඊට පස්සේ ටියුබ් ලයිට් වලට එලිය පොලු කියලා කියන්න පටන් ගත්තා.
ReplyDeleteමටත් ඔය වගේම ටෙලිෆෝන් අත්දැකීමක් තියෙනවා. හැබැයි මම නම් ඔච්චර කුණුහරුප කියුවේ නෑ. දෙක තුනක් කියනකොට දඩාස් ගාල අනික් පැත්තෙන් රිසීවර් එක තිබ්බා.
ඔක්කොමත් හරි අලුත්ම වචනයකුත් ඉගෙන ගත්තා. Paashaaniboothaized. මම හිතන්නේ අපේ ඩුඩ් සෑර්වත් දන්නේ නැතුව ඇති ඔය වචනය :)
Petrified or fossilized?
Deleteමුදලිහාමි ලිව්වේ ආතෞදහෙට්ටි මහත්තයාගේ තාත්තා නේද? එහෙම වගේ මතකයක් තියෙනවා.
ReplyDeleteමේ රවීයියේ ඔහේලාගේ පෙළපොත් වලත් ඔය මීටර් සීයේ කතාව තිබ්බැයි.අපේ එව්වායෙත් තිබ්බා නොව.මමත් මේ ලඟකදී ඔය කතාව ආයෙමත් කියෙව්වා අන්තර් ජාලේ තිබිලා හිටං.
ReplyDeleteඔය කියන වඳුරු කුණුහරුප අපි නම් කවදා කොහොම ඉගෙන ගත්තාද කියලා මට නම් මතකයක්වත් නැහැ.
ගෙදරට කෝල් කෙරුවේ රවීයියේ උඹලෑ යාලුවෙක්මද දන්නේ නැහැනේ...:D
මුදලිහාමිගෙ සම්පූර්ණ කතාව මෙතන තියනව
ReplyDeleteසබැඳිය එවූ සිත්තමීට මගේ හෘදයංගම ස්තූතිය.....:)
රවි මං ඉන්ගිරීසි දන්නෙ නැති නිසයි අහන්නෙ.
ReplyDeleteඅර නාවික හමුදා නිලධාරියෙක් බන්ධනාගාරගත කරල උසාවියෙන්.
ඉතින් එයාව බන්ධනාගාරෙට එක්ක යන්නෙ AMBULANCE කියල ගහපු වාහනයකින්.
බන්ධනාගාරයට ඉන්ගිරීසියෙන් කියන්නෙ AMBULANCE කියලද කියල දෙන්නකො.
http://www.ada.lk/article/261402/%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B6%AF%E0%B7%9D%E0%B6%BB%E0%B7%94-%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD-%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඔහොම අසනීප කාරයින්ට ඔයවිදියට සුද්ද සිහලෙන් කියලාදුන්නේ නැත්තන් වැඩක් නෑ. ඔබතුමා අර පානය කරපු ඒවත් ඔය වචනටික අතඇර මහත් රුකුලක් වන්නට ඇතැයි මම සිතමි.
ReplyDeleteවිචාරක දියණිය
මුදලිහාමි ගේ කථාව තාම මතකයේ තියෙනවා. ඔය CLI නැතිකාලේ ටෙලිෆෝන් නම් නියමයි. ඒ කාලේ එක දවසක් රාජකාරී හේතුවක් නිසා රාත්‍රීයේ ඉන්න වුන විටක වෙච්ච දෙයක් මතක් වුණා. එවකට අපේ බොස් කන බොන නියම කථා රසකර කිව හැකි අද තරම් පොත් නොලිවුණ කාලෙක පොත් කීපයක් එහෙම ලිවූ කෙනෙක්. රෑ දෙගොඩ හරියේ මෙවන් නියුසන්ස් කෝල්ස් දෙන අවස්ථාවක ඔහු කාමරෙයෙන් පිටත ගිය විටක ඔහුගේ ගෙදර අංකය අමතා ඔහුට කථා කොට රිසීවරය දුන්නා. අනික් පැත්තේ සිටින්නේ ඔහුගේ බිරිඳ බව නොදත් ඔහු ඉතා රමණීය දේවල් කිව්වා. ඔහු හිතුවේ අපි බඩ කොරකරගෙන හිනා වෙන්නේ ඔහු කියන දේවල් රසවත් නිසා බවයි.
ReplyDeleteමීටර් සියය, ඒ කාලේ කියවපු රසවත්ම කතන්දරයක්.. කොච්චර කියෝලා තිබ්බත් ආයේ කියවන්න හිතෙනවා ...
ReplyDeleteජ ය වේ වා !!!
///තමන්කඩුව රන් සන්නස ගැන///
ReplyDeleteමේක පනාකඩුව තඹ සන්නස නේද, මගේ ගාව දැනටත් ඔය සිංහල පොත් සෙට් එකම තියෙනවා...
කොහෙන්ද මන්ද හම්බ වෙච්ච ගල් යුගයේ විතර වගේ සිංහල පොතකුත් තියෙනවා...
ඒකෙ තියෙනවා 56 මහ ගංවතුර ගැන කතාවකුත්...
පාරේ යන වාහන වැටෙන්න පාරේ වලවල් කපල ආපහු වාහන ඒවට වැටුනම තල්ලු කරලා ගොඩ ගන්න උදව් කරලා සල්ලි ගත්තු මට්ටයෝ ගැනත් තිබ්බ වගේ මතකයි...
තව පොතක තියෙනවා රොබෝලා සහ යන්ත්‍ර සුත්‍ර විසින් මිනිස්සුන්ව අභිබවා ගිහින් අන්තිම මිනිහවත් මරණ සිද්ධියක්...
CLI නැති කාලේනම් මොකද, දැනුත් එක එක මුහුදු %කන්නෝ කෝල් කරලා ඇණ වෙන්නේ...
පහුගිය කාලෙක අපේ හාමිනේට වාතයක් වෙච්ච කොළුවෙක්ට පොලෝසිය ලව්වා කතා කරවලා සද්දයක් දැම්මම තමයි වැඩේ නතර උනේ...
මම ගියේ පැමිණිල්ලක් දාන්න හිතාගෙන, එතන හිටපු රාළහාමි කිව්වා "මහත්තයෝ ඕකට පැමිණිලි ඕනේ නැහැ අපි මුලින් කෝල් එකක් දීල බලමු" කියල...
කෝල් එක අරගෙන පොලිසියෙන් බව කියල ආපහු එහෙම කෝල් කරලා වාතයක් උනොත් වෙන ආනිසංස ගැනත් කියල දුන්නා, එච්චරයි...
//මෙන්න බලනකොට අපෙ චෙක් රෝලෙ අබූබකර්ගෙ මල්ලිත් ඉන්නව කොල්ලො රෑනත් එක්ක වාහන තල්ලු කරන වැඩේට බැහැල. ඕකගෙ නම මුස්තාපා. අබූබකර් වෙනුවට සමහර දවස් වලට වැඩට ඇවිල්ල මම ඕකව අඳුනනව.
Delete"මුස්තා..උඹලටනම් ගංවතුරෙං වාසියි නේද බං?"
එතන ඇළ කණ්ඩිය උඩ ට නැඟල ගල් තලාවෙ වාඩිවෙන ගමං මම ඇහුව. ඔය පාරෙ තමයි පාසිකුඩා එහෙම යන්නෙ. කොළඹ පැත්තෙ හොඳ ඇහැට කණට පේන කෙල්ලො ජීන්ස් එහෙම උඩටම නමාගෙන සෙරෙප්පු සපත්තු අතේ අරගෙන " බ්ලඩි ෂිට්..වට් ද හෙල් සිස්. බිස්.." .කියකිය මූණු රතු කරගෙන යනහැටි බලන්ට ලස්සනයි. ඒ හින්ද අපිත් නිතර දෙවේලෙ ඔතනම තමයි.
" ඔව් මහත්තය දන්නෙ නැද්ද ඉතිං? මිනිස්සුන්ටත් උදව්වක් කරල කියක් හරි හොයාගන්නව අපිත් ඉතිං….." මුස්තා හිනාවෙලා කිව්ව.
ටිකකිං මම දැක්ක එතනම එහා පැත්තෙ පලු ගහට හේත්තු කරල තියනව අලවංගු දෙකකුයි උදැල්ලකුයි.
"මුස්තා මොකටද බං මේ අලවංගුයි උදැල්ලකුයි?" මම ඇහුව. "වාහනේ ගොඩගන්ඩම බැරිවුනොත් රෝදෙට තියල අල්ලන්ටද?"
"නෑ මහත්තය….. වාහන එන්නෙ නැතිවෙලාව බලල අපි ඔව්වයින් වලවල් නැති හරියෙ වලවල් කපනව" මුස්තා කිසි ගාණක් නැතුව කිව්ව. //
වචන හැදුවෙත් මිනිස්සු නම් කතා කරන්නෙත් මිනිස්සුම නම් එකම අවයව වලට එකම කාර්‍යට යෙදෙන, එක වචනයක් සභ්‍ය වෙලා තව වචනයක් අසභ්‍ය වුනේ ඇයි කියන එකේ අවයවය මට තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ
ReplyDeleteමේ කතාව තමුන්නැහැගේ පෙලපොතේ තිබුණට මං ඒක කියෙව්වෙ අහක දාලා තිවිච්ච පොත් කෑල්ලකිං. ඒ කාලෙ මං මොන්ටිසෝරි යනව. අපේ පෙලපොතේ ඔය කතාව තිබුනෙ නෑ. ඒකට හරියන්න අපේ නවය වසරෙ පොතේ තිබුණා තෙතඟු කවි.
ReplyDelete"ගලේ යන්න බැරි මැණිකේ ගල ලිස්සනවා තෙතඟු තා ලිඟු අඩියේ ලුමතන් රාජ කිතං තන්"
අන්න කවි.
යකෝ පාරට දාපු සේරොම ගල් කුඹුරට රොක්කෙරුව කියන්නෙ තමුන්නැහැ බීල ගෙදර ආවෙ බඩතල යන්තරේකින්ද?
ආපහු මතක් උනේ මං හංගලා තියපු වයිට් ඩයමන්ඩ් කොටෙයක් අපේ අම්මට හම්බුවෙලා උන්දෑ කරපු වික්‍රමයක්. එව්වා ඉතිං මෙතන ලියන්න බෑනෙ.
කලබලේට ලියාගෙන ලියාගෙන යන්න එපා. අනික තමයි අර අන්දරේගේ මල් දම ඕන කෙනෙක්ට කරේ දමාගන්ට කියනවා. තමුන්නැහැ ඒ අහල ගං හතක පස් පාගනව නෙවෙයි. ඇයි යකෝ අර රන්දිල් මහගෙ අහරෙ ළමයි බමයි බලාගෙන ඒ වැඩ කටයුතු කරං ඉන්නව. උන්දැට මේවෑ හතරමායිම වත් මතක නෑ දැං. ඒ අස්සෙ මේ උන්නාංසෙත් කොහෙවත් ඉන්න අම්මණ්ඩිලා එක්ක අන්දර මල්දං ගොතන්න ගියහං මේක ලියන්නෙ අර දම්පාට ජීවනයද?
ආ අනික මං බලාගෙන උන්නෙ ආයෙ අර ඉයං උන්නැහැගෙ එක එක පට්ටං බාරගන්නව එහෙම නෙමෙයි. තමුන්ට තියෙන්නෙ රස්සාවට ගිහිං ආවා, එනගමං රෑට කන්න ඊස් රොටි දෙකක් ඔතං ආවා. තමුන්ට දැං සින්නක්කරෝම අයිති වේගෙන එන බ්ලොග් එක ලිව්වා. එච්චරයි.
මොකටද බං සුදු දියමන්ති කොට හංගල තියන්නෙ. කටේ තියාගෙන ඇදල අරිනව මිසක්ක. මොනව උනත් උඹ එදා දියමන්ති නාන්න ඇති කියා මට සිතේ.
Deleteඅන්තිම ඡේද දෙකේ තියෙන ඒවනං එක පයිං අනුමත කරමි. හි.කො.කා.ස.ස.
ඈ සුරන්ගයෝ....
Deleteඅන්දිරිස් මල්දම ලෙසටම ලියවෙමින් තිබ්බ එකක්නේ. මොන ඉරිසිකාරකමකටද ඒක ලියන්ට එපාය කියන්නේ? කතාවක් විවිධ රස වලින් කියෝනකොට තියෙන රසය එතන තිබුනා. ඇත්ත ඇත්ත.. ඒ පැත්ත පළාතේ රවියා ගෙන්නගන්න එපාය කියල පෝස්ටර් දෙක තුනක් ඒ පළාතේ ගැහුවා තමයි මම... එහෙමය කියලා ඒක පාලුවෙන්ට දෙන්න හොඳ නැහැනේ. ලියමින් සිටපු අය බිසී නම් අලුත් කට්ටියක් හරි සෙට් වෙලා ලියන්න එපැයි !
හෙල පකඩය බ්ලොග් අඩවිය ලියූ හැලපයා මහතා ආගිය අතක් නැත
ReplyDeleteඅවසන් වරට දුටුවේ අහසින් එන ජෝඩුවගේ ඇස්ටෝං ගෙදරදීය
මරදන්කඩවල වෙදමහතාගේ රෝහලේ සිටි බවට ආරංචියක් ලැබී ඇත
හැලපීගේ ප්‍රචණ්ඩක් ක්‍රියා වක් දැයි සැක යක්
අපේ ගෙදරටත් දවස් කිහිපයක් ඔහොම කෝල් ආවා. අපි උ.පෙ පාඩම් කරන කාලේ. සුද්ද සිංහලෙන් විතරක් කතා කරන යාලුවෙක් ලව්වා ඔය වගේම උපදෙස් ටිකක් ලබා දුන්නා. එච්චරයි හෙහ් හෙහ්..
ReplyDeleteම
අර අමාරුකාරයාට ඊට පස්සේ ෆෝන් එකක් දකිනකොටත් පාශානිභූත වෙනවද දන්නෑ... මොනව උනත් හොඳ වැඩේ...
ReplyDeleteඅන්දර මල් දම ආයෙත් ලියෙවෙනට මාත් හරිම කැමති... හැබැයි ඉතින් මේකත් ඇත් ඇරල දානව හෙම නෙවෙයි....
කෝ මේවට උත්තර...
Deleteහම්මේ මුදලිහාමි .. ඇඟ හීගඩු පිපෙනව අදටත් කියවනකොට
ReplyDeleteමම මේ කල්පනා කලේ රවීලගේ කාලේත් 'මීටර සියය' පාඩම සිංහල පොතේ තිබුණද කියලා.. මම 1989 අවුරුද්ද්දේ 7 වසරේ හිටියේ.අලුත් ඉස්කොලේ පළමුවෙනි පාඩම..හැබැයි මම ඊට අවුරුදු දෙකකට කලිනුත් අපේ අක්කගේ පොතෙන් කතාව කියවලයි තිබුණේ...රසබර මතකයක් අලුත් වුණා.
ReplyDeleteරවිලෑ අපේ කාලේ හතේ පන්තිය කියන්නේ අලුත් ඉස්කෝලේ දෙවෙනි අවුරුද්දයි. රවී හතේ පන්තියේ හිටියේ 1973 කියා මභ අනුමාන කරනවා.
Deletemy guess is in 1975
DeleteRasika & Ian,
DeleteSorry guys... the correct answer is 1974... :)
මුදලිහාමිගේ කතාව කියවූ කෙනෙකුට අමතක නොවෙන කතාවක්. විශේෂයෙන් ම ඒ ළමා වයසේ අයට.
ReplyDeleteමේ කතාව ලියා ඇත්තේ අතාවුද හෙට්ටිගේ පියසේන (සමන් සහ අශෝක ගේ පියා) බව මා ඒ රචකාය ම ලියූ සින්දු හෝඩිය නම් පොත පිළිබඳව ලියූ සටහනක් ෆෙස්බුක්හි බෙදා ගත් විට එය කියවූ අයෙකු සඳහන් කර තිබුණා.
පයිපර් ගේ කතාවට වඩා මට නං නැගලාම ගියේ ඉංග්ලිෂ් පාඩම් පොතේ තිබුණු බැරන් මැංචෝසන් රුසියාවේ ගිහිං හිම ගොඩේ අස්සයව කනුවක බැඳලා නිදා ගත්තු කතාවටයි!
ReplyDeletehttp://lowres-picturecabinet.com.s3-eu-west-1.amazonaws.com/43/main/35/113801.jpg
දැං ඔහේ අපේ කොමෙන්ට් වලට උත්තර දුන්නොත් හොඳයි සෙනිකවම.
ReplyDeleteThank lots, good past remember post put you. Very tasty.
ReplyDeleteරවී,
ReplyDeleteප්‍රමාද වුවාට කනගාටුයි. හොඳ කතාවක්. මුල හරිය ළමා අග කොටස වැඩිහිටි. අර මුදලිහාමිගේ කතාව මම කියෙව්වේ වැඩිහිටියෙක් උනාට පස්සෙනේ. ඔය කියන කාලේ වෙනකොට අපි රස්සාවලුත් කරනවා. අපි පාසල් ගියේ 50 දශකයේ.අපට පාඩම් පොත් තිබුනේ සියබස් මග, ශික්ෂා මාර්ගය වගේ පොත්. අමතර කියවීම් වලට හීං සැරය,මගුල් කෑම වගේ පොත්.
මම හිතන්නේ කුණුහරුප සහ පරුෂ වචන කියන්නේ දෙකක්. අර කතාවේ පොඩි ළමයි 'හැම්ලින්'කියන එකට හිනා උනේ ඒක උන් දන්නා කුනුහරුපයක් වගේ නිසා. ඒ උනාට 'රවී තරුණයා' ටෙලිෆෝන් පිස්සාට බැන වැදුනේ පරුෂ වචන වලින්.මමත් පාසල් කාලයේත් පසුවත් ඔය වගේ සිද්ධි රාශියකට මුහණ පා තිබෙනවා. අපි හයේ පංතියේ සිටිද්දී ගණිතය ඉගැන්වූයේ තරුණ මිස් කෙනෙක්. වර්ග ඵල පාඩමේදී ග්‍රීක් අකුරක් ඕන වෙනවනේ. නියතයක් වශයෙන්. ඔය වචනය කියන හැම වෙලාවකම ගැහැණු පිරිමි ළමයි බක බක ගා හිනා උනා.(ඒ කාලේ මාධ්‍යය ඉංග්‍රීසි) ඒ හිනා උනේ සිංහල තේරුම දැනගෙන. මිස්ට පාඩම කරන්නට බැරි උනා. ඒ කියන්නේ අවුරුදු අට නවය වෙන කොටත් ඔය කුණුහරුප කවුරුත් දන්නවා. ගැහැණු පිරිමි වෙනසක් නැහැ. දැන ගත්තේ කොහොමද කියා දන්නෙත් නැහැ. මෑතදී අපි අධ්‍යාපන ව්‍යාපෘතියක ළමා අපචාර ගැන පාසැල් නියැදියක ප්‍රශ්න මාලාවක් මගින් සමීක්ෂණයක් කළා. හත ශ්‍රේණියේ පිරිමි ළමයෙකු 'කෙළිබඩු' යන වචනය ගැන අසා තිබුණු ප්‍රශ්නයකට දී තිබුණු විග්‍රහය ළමයෙකුගේ කියා හිතන්නවත් බැහැ
ඔය පැණි කජු කතාව තවම මතකයි. ලංකාවට යන ඕන වෙලාවක පැණි කජු හොයනවා ඔය කතාව නිසාම.
ReplyDelete