Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Thursday, May 28, 2020

149. මේ, නිකමට කියන්නයි... THIS IS JUST TO SAY...

කෑවෙමි මම
අයිස් පෙට්ටියේ තිබූ
වියලි මිදි
අහුර



සුරකින්න
ඔබ සිතන්නැති
උදෑසන ආහාරය
පිණිස


සමාවන්න මට
ප්‍රණීත ය ඒවා
එලෙස ම 
මිහිරි ය
හරි ම සිසිල් ය



I have eaten
the plums
that were in
the icebox

and which
you were probably
saving
for breakfast

Forgive me
they were delicious
so sweet
and so cold



BY WILLIAM CARLOS WILLIAMS
TRANSLATED BY RANDIKA RANAWEERA FERNANDO



ගෙදර තිබෙන කෑමක් රසවිඳින්නට පෙර අවසර ගැනීමට අමතක වූ/කළ, සුවහසක් වූ, සකළ ලෝකවාසී වල්ලභ කුමාරයින් වෙනුවෙනි.


     ප්ලම් නම් වන පළතුර ශ්‍රී ලාංකිකයනට ආගන්තුක ය. (වෙඩින් කේක් සෑදීමේ අමුද්‍රව්‍යයක් වුවද සැබෑ ප්ලම් ලැබෙනවා දැයි නොදනිමි) මෙරට, වියලි මිදි හැඳින්වීමට ප්ලම් යන වදන භාවිතා කරයි. අප රටවාසී බහුතරයක් රස හඳුනන වියලි මිදි කවියට එකතු කළේ එබැවිනි. කැමති පරිදි "ප්ලම් අහුර" ලෙස ද යොදා ගත හැකිය.



     වැදගත් කරුණක් වන්නේ වියළි ප්ලම් බඩේ අමාරු වලට ඔසුවක් වන බවයි. මුල් නිර්මාණය පිළිබඳ විස්තර කියවා බලනවිට, මේ "කෑම" බඩේ අමාරුවක් නිසා කෑ බවක් දකින්නට ලැබුණේ නැත. නොකියා කෑම නිසා, අවුලට පත් වන බිරිඳ ව සැනසීම සඳහා සැමියෙකු ලියන ආකාරයට ලියූ බවක් දකින්නට ලැබුණි.

   කවියා විරාම ලක්ෂණ කිසිවක් භාවිතා නොකර තිබීම විශේෂත්වයකි. එය පරිවර්තනයේදී ද රැක ගැනීමට උත්සහ දැරීමි.



මේ පිළිබඳ කතා කළ Rangi අක්කාටත්, Deen අයියාටත්, Ransirimal මහතාටත් ස්තුතියි.

Wednesday, May 20, 2020

147. සිඳු නදී පෙම් කතා සක්වලට ඇසේ

මේඝ නදී අඹර පුරා හිතුමතේ ඇදේ
තුරුණු නදී ඉවුරු මැදින් සීරුවෙන් ඇදේ
අකුණු සරින් නබෝ ගැබින් පෙම් කතා ඇසේ
ප්‍රේම තිළිණ සිරි සිරියේ දිය ගැබට පිරේ

විසිරි නදී ඉවුරු බිඳි-අසීරුවෙන් ඇදේ
දරු බරින් දිය ගැබේ රළ රළුව නැගේ
මේඝ නොදිසි අඹර පුරා තරු සිනා මැවේ
නදී මවුන් දරු දරා පිපාසයෙන් ඇදේ

වෙරළ සමග හාද කතා සිහිනයකි රැයේ
සිත් බිඳී... සිඳු රැළී... යළි යළිත් මියේ
මෝ දොරින් තනි මවක් සිඳු ගැබට වැදේ
පිය ලදින් දරු සිනා සිරි සරින් නැගේ

සිඳු නදී පෙම් කතා සක්වලට ඇසේ

~රන්දිල්~



Sunday, October 28, 2018

612. සඳවතිය හන්තාන මත එබෙයි....



කොඳ මල්..........

සතිදෙකකින් විතර මොකවත් ලියන්ටත් බැරිඋනානෙ...සාමාන්‍යයෙන් මම අනිවාර්යයෙන් සතියකට සැරයක් පෝස්ට් එකක් දාන එක දානවාමයි. මේ පාර ඒ සුපුරුදු ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්ට බැරිවුනේ පහුගිය බෘහස්පතින්ද අපි අලුත් ගෙදරකට ආපු හින්ද. 

අලුත් කිව්ව්වෙ අපිට අලුත්. නැත්නම් අවුරුදු පහ හයක් පරණ එපාර්ට්මන්ට් එකක්.ඉතිං ඔය සුලු සුලු අලුත්වැඩියා කිරිලි, තීන්ත ගෑවිලි ටයිල් බයිල් එහෙම සුද්ද පවිත්‍ර කෙරිලි තිබ්බ ඕසෙට. පහුගිය සති අන්තෙ තනිකරම කලේ ඒ වැඩ කටයුතු. ඒ හින්ද තමයි සිකුරාද කොහොමත් මම දාන පෝස්ට් එක දාන්න අතපහු උනේ. දැන්නම් අවුලක් නෑ. 

ඉතිං ඔය පරණ ගෙදරින් එන්න ඉස්සෙල්ල අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කලා.එහෙම හොයා බලද්දි පරණ ෆයිල් එකක් ඇතුලෙ තිබිල හම්බ වුනා කියමුකො මම කාලෙකට ඉස්සෙල්ල ඒ කියන්නෙ හරියටම කිව්වොත් එයිට් ඉයර්ස් එගෝ ලියපු කවි කීපයක්. යටින් දිනෙත් තිබ්බ. 2010 ඔක්තොබර් 08. පොඩි කුමාරිහාමිගෙ බ්ලොග් එකට කමෙන්ට් එකක් විදිහට ලියපු කවි පෙළක්...

මම බ්ලොග් ලිවිල්ලට අත්පොත් තිබ්බෙ පොඩි කුමාරිහාමිගෙ වියුණුවෙන්. ඒක කියන්න ඕන කිසිම සැක සංකාවකින් තොරව. ඒ වගේම බොහොම දක්ෂ නිර්මාණශීලි රචකයො රචිකාවියො කීප දෙනෙකුත් මම අඳුනගත්තෙ පොඩ්ඩිගෙ වළව්වෙදි. ඒ බහුතරයක් දැන් ලියන්නෙ නෑ..ඒකයි මට කණගාටු..ඒකයි මට කණගාටු..ජානුස් ගොයිය..අමාරිස් ..ටී.ජී...ඒ දැනට නොලියන මොඩල් එකේ අංගනාවියො. සිත්තමී නම් තාමත් ලියනව දිව විකාගෙන...හෙහ්..හෙහ්...

හරි එහෙනම් මෙන්න ඒ කවි පෙළ...

සඳවතිය හන්තාන මත එබෙයි
පුබුදුවූ කොඳ කැකුළු මඟ සැලෙයි
සඳ කැණින් තෙමුණු නුඹ වත දිලෙයි
අපරිමිත සෙනෙහෙ මා හද පිරෙයි

නදීතෙර ළවැළි තල පා තබා
පිය නගමු දෙපා රිදෙනා තුරා
මේ හැඟුම් විඳිමු මුලු සිත පුරා
එපමණකි පැතුම දිවි ඇති තුරා

නුඹෙ කිකිණි සිනා හඬ අසන්නට මනාපයි
සිනහසෙනවිට දෑස සිහින්වෙන හැටි අගෙයි
පෙර සසර මෙලෙස අප සිටියදෝ මට හැඟෙයි
නිල් නයන විලට වැද ගිලෙන්නෙමි එද සැපයි

කතර වුව නුඹ අසල නම් සදෙව් ලොව වගෙයි
අතරමඟ නවාතැන් මේ මඟෙහි බොහො තිබෙයි
කල්ප සුවහසක්වුව නුඹ අසල නම් අගෙයි
සසර සරනා තුරා නුඹ මගෙයි මම නුඹෙයි

Thursday, April 26, 2018

578. සසර ඉම දකිනා රිසින්.....

පස් හැවිරිදි වියේ පමණවූ කුඩා සාමනේර
නමක් පිණ්ඩපාතයේ වඩින අවස්ථාවක්
-  Image from Daily Mirror .lk

මවකගේ උණුසුම නොලද්දෙමි මතක ඇති දවසේ පටන්,
සෙනෙහසේ අරුමය දකින්නෙමි නුඹ නෙතඟ කඳුළක් තුලින්,
ජීවිතේ නිස්සාර බව මම පසක් කොට ඇත සමසිතින්,
මේ බවේදී බවුන් වඩනෙමි සසර ඉම දකිනා රිසින්,

Friday, February 16, 2018

567. 21 වන වර්ණදේහය සමඟ පියකු සහ දියණියක අතර සෙනෙහස ගැන කතා දෙකක්....

"No one in this world can love a girl more than her father"


අවුරුදු දෙහෙකට වගෙ ඉස්සර මම ලිව්ව ඩවුන් සින්ඩ්‍රෝමය නොහොත් ඩවුන් සහලක්ෂණය ගැන වියුණු සටහනක්.


මගෙ පිලිපීන ජාතික මිතුරෙකුගෙ කුඩා දියණිය එම රෝගයෙන් පෙළෙන්නියක වීම තමයි ඒ වියුණු සටහනට නිමිත්ත වුනේ. ඒ එක්කම ඩවුන් සහලක්ෂණය ගැන ලියවුනු අමරසිරි පීරිස් ගයන ගීතයක් ගැනත් මම ලිව්ව.  

මගෙ මිතුරගෙ නම එමර්සන්. ඒ කිට්ටුවම වගෙ මම වෙන ආයතනයක රැකියාවකට ආව නිසා ස්වභාවිකවම සිදුවිය යුතු ලෙස එමර්සන් සහ මම අතර සබඳකම් දුරස්වුනා. 

ඒ තමයි ලෝකෙ හැටි. ජීවිත ගමනෙදි අපට දහස් සංඛ්‍යාත මිනිසුන් සහ ගැහැණුන් හමුවෙනව. ඒ අතරින් බොහොම සුළු ප්‍රතිශතයක් එක්ක පමණයි අපි තවත් දුරටත් සම්බන්ධතා පවත්වගන්නෙ. බහුතර ප්‍රතිශතයක් එක්ක සබඳතා ළඟින් ආශ්‍රය කරපු කාලෙට සීමා වෙනව.

“Some people come into our lives and quickly go. Some stay for a while, leave footprints on our hearts, and we are never, ever the same.” ― Flavia Weedn

මේ දවස් තුන හතරකට වගෙ ඉස්සරවෙලා සුපර් මාකට් එකක බඩු ගන්ට ගිහිල්ල ඉද්දි මට හම්බවුනා එමර්සන්ගෙත් මගෙත් යාලුවෙක් වුනු ඉන්දියානුවෙක්. නම ජයචන්ද්‍රන්. කාලෙකට පස්සෙනෙ හම්බවුනේ. අපි දෙන්න ලහි ලහියෙ බඩු ගන්න අනික් පරිභෝගිකයින්ට ඉඩ දීල පොඩ්ඩක් පැත්තකට වෙලා සතුටු සාමීචි කතා බහක නියැලුනා. කතාව අපේ පරණ පොදු (Mutual) යාලුවන් කෙරෙහි යොමුවුනා. මම එමර්සන් ගැන ඇහුව.

"Jaya what about Emerson? Do you two still work for the same company?"

"It's a really  sad story Ravi…."

"What happened?"

"Emerson had a little daughter & I don't know if you are aware that…………"

"Yeah, I know she had down syndrome..Emerson once invited me for a Christmas lunch. I met his daughter there... Melody was her name.. A really sweet little girl…"

"Oh..then you know that he adored her…"

"Yes I remember him hugging her and calling her my little angel…"

"Yes, she died about six months back…"

"Oh no…"

"And Emerson resigned from the job and went back to Philippines with his wife and the son…"

"Oh  I am really sorry to hear that…"

"Me too…you know Emerson was devastated….She  was the whole world to him…"

තමන් එතරම් ආදරය කල දියණියගේ වියෝව පිළිබඳව එමර්සන්ට දැනුනු අන්දම ගැන කවියක් දෙකක් ලියන්ට ඕන කියල මම හිතාගත්තෙ එදා ආපහු එනකොටමයි.

මුදු ගැහුනු කෙස් කැරලි එකින් එක අතගගා,
සෙමින් සිපගතිමි මුව කිරිසුවඳ වෑහෙනා,
දුවේ හාපුරා කියා නුඹේ වත දුටු එදා,
මතකයක් තවත් නැත  එලෙස සිත සුවදෙනා,

ස්නේහයේ අසනි වැසි හද තෙමා ඇද වැටුනු,
දිනක මතකයක් ඇත මගෙ නෙතට කඳුළු ඉනු,
මියෙන දා අවසාන සුසුම නික්මෙනා තුරු,
නුඹේ මුදු සිනහ බිඳ නැඟේ මසිතට සොඳුරු,

ජීවිතය විඳින්නට කියා දුන්නේ නුඹය,
සිත තවන වේදනා මකා හැරියෙත් නුඹය,
තාත්තේ කියා හදදොරින් එබෙනා සඳය,
මගෙ දුවේ නුඹේ මදහසත් කිරුළක්සේය,

නුඹ අකල් වැස්සක්ය මදිවි කතරට පතිත,
නෙතඟ රස අඳුනක්ය සිතෙහි ගිණි නිවාලන,
විහඟ ගීතයක්මය සවන් සනහා ගැයෙන,
සෙනෙහෙබර කවියක්ය සදා මුවගෙහි රැඳෙන,


**********************************


ඒ එක්කම අපූරු අහඹු සිද්ධියකුත් වුනා. පියකුගේ මරණය දියණියකට දැනෙන අන්දම ගැන ලියවුණු අපූරු කවි පෙළක් මම වත් පොතේ දැක්ක. 

මේ අපූරු කවි පෙළ  මම ඇත්තටම මීට කලිනුත් කියවලයි තිබුනෙ. මේ පාර පළකරල තිබ්බෙ ශානිකා ශෂිප්‍රියාගෙ වෝල් එකේ....

මේ පියා සහ දියණිය සාමාන්‍ය පියෙක් සහ දියණියක් එහෙම නෙවෙයි. අපේ ජාතියේ ආදිතමයා හැටියට ජනකතාවල කියවෙන සිංහයා සහ ඔහුගේ දියණිය සිංහ සීවලී. කවි පෙල ලියල තියෙන්නෙ ඉසුරි උදානි කරුණාතිලක......


සිංහයාගේ දියණිය 
------------------------------

තාත්තේ මම සිංහ සීවලී වුණා නම් 
ගල් ලෙනෙන් යන්නැතුව ඉන්නවා,
කවුළුවෙන් එබී ගෙන තාත්තා එනතුරා 
හැමදාම හවස්වරු ගෙවනවා.

නින්ද එනකම් රෑට ඔබේ උරහිස් තලේ 
හිස හොවා කතන්දර අහනවා,
මහා භයානක සද්ද කැලෑවෙන් ඇහෙනකොට 
අත් පසුරෙ ගුලි වෙලා නිදනවා.

අයිය ලෙන් දොර ඇරන් යන්න යමු කීවාම
බෑ කියා මම ලෙනේ ඉන්නවා,
නියං දුර්භික්ෂ මැද අපේ හාමත නිවා 
බඩගින්නෙ හිටපු හැටි මැවෙනවා.

නුවර මං පෙත් වැසූ ලෙන් දොරට ඇතුලතින් 
මට මහා නිදහසක් දැනෙනවා,
නුවරු මුව පුරවගත් චාටු වදනට වඩා 
මට ඔබේ ගර්ජනා වටිනවා.

වීදිවල සරද්දී සිංහ බා සොයාගෙන,
තාත්තාගෙ පස්සෙන්ම දුවනවා,
අයිය දුණු දිය ඇදන් ඊතලේ ගන්නකොට,
පළිහක්ව මැදින් හිට ගන්නවා.

තාත්තේ මම සිංහ සීවලී වුණා නම්,
නාටකේ අග වෙනස් කරනවා,
තාත්තට මියෙන්නට නොදී එසැණින් ඇවිත්
ඊ හිසට පපුව පා මැරෙනවා.

සිංහබා බලද්දී වැටුණු කඳුලක දෙකක
තාත්තේ මං ඔබව සොයනවා,
එදාටත් වඩා අද ඔබෙ උරිස්සේ සුවය 
නැති අඩුව මට තදින් දැනෙනවා.

- ඉසුරි උදානි කරුණාතිලක -

Wednesday, September 6, 2017

527. සන්ක්සිප්ත කයි ලිවීමට උපදෙස් ...Becoming a poet was never so easy …Anyone can be a poet in just two minutes flat…


යෝවන් මස්ක් පර්ෆියුම් එකේ ඡායාරූපයක්
ඉහත දැක්වේ.

ඊයෙ හවස හයට වගෙ කුස්සියට ගියා රෑට මක්කවත් තම්බ ගන්ට කියල හිතල. ගෑස් ලිප ඔන් කලම මෙන්න බොලේ ලිප පත්තු වෙන්නෙ නෑ. බලනකොට ගෑස් ඉවරයි. මොකද දන්නවයි මම කලේ? කෝල් එකක් දීල හන්දියෙ සුපර් මාකට් එකට කිව්වනං උං පැය බාගයක් ඇතුලත ගෑස් සිලින්ඩරයක් එවනව. මම කල්පනා කලා මෙහෙම . අවුට් ඔෆ් බොක්ස් තිංකිං ඒකට කියන්නෙ. ගෑස් එක ගෙන්න ගන්ට කොයි වෙලාවෙ බැරිද? ලියමු නවීන පන්නයේ කයියක්..එව්වට කියන්නෙ සංක්සිප්ත කයි....

ඒ වගේ සංක්සිප්ත කයියක් පිලිබඳව විශ්මිත අයිඩියාස් ආපු වෙලාවෙම සෙනිකව ලියල තියාගන්ට ඕමනයි. නැත්තං අමතක වෙනව. මයෙ හොඳ වෙලාවටද කොහෙද සතියකට සැරයක් එපාට්මන්ට් එක සුද්ද බුද්ද කරන්ට එන නේපාල් බුවාට ෆ්‍රිජ් එකේ දූවිලි පිහදාන්ට අමතක වෙලා. ඕකා සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නම් නෑ. වෙරි එෆිෂන්ට් බුවා. හරි කොහොම හරි ඒකත් ජයසිරි මංගලම් කියල දකුණු අතේ දබරැඟිල්ලෙන් ලිව්ව ෆ්‍රිජ් එකේ දොරේ දූවිල්ලෙ කයියක්.



ඉවරවී ඇත ගෑස්,
උයනු නොහැක මට, 
එබැවින් සාගින්දරේ ඉන්නෙම්ද? 
ඊටින් ද රෙස්ටොරන්ට් කරමිද?

දැම්මේ නවීන පන්නයේ කෙටි කවිවල යටිපෙල තේරුමක් තියෙන්නෙ ඕනයි කියනවනෙ. අන්ඩර් වෙයාර් මීනිං නොහොත් අන්ඩර් වර්ල්ඩ් මීනිං නොහොත් අන්ඩර් හෑන්ඩ් මීනිං ..සිංහලෙං කිව්වොත් නම් යටි පෙළ අරුත… දුහුණන් දැනුම් උදෙසා මේ කයියෙ යටි පෙල මෙහෙමයි.

ජීවිතේ අපි බොහෝ දුර ගෙවනව. සමහරවෙලාවට අපිට ජීවිතේ ගෙනියන්ට ගැම්මක් නැත්තං හයියක් නැතිවෙනව. අර මයෙ කයියෙ ගෑස් ඉවරවෙනව කිව්වෙ ඒකට. එතකොට අපිට කරන්ට විකල්ප දෙකක් තියනව. එකක් ඔක්කොම අතෑරල දිවි නහගන්න එක. අර මම සාගින්දරේ ඉන්නව කිව්වෙ ඒකට. එහෙම නැත්තං වෙන කොහෙන්හරි ජීවිතේට ගැම්මක් අරගෙන ඉස්සරහට යන එක. කඩේකට ගිහිල්ල මොනවහරි කන එක නොහොත් ඊටිං ද රෙස්ටොරන්ට් කිව්වෙ ආන්න ඒකට. කොහොමද ඒක? හෙණ සිරානේ? මම ඕන ඔට්ටුවක් අල්ලනව මේ වගෙ සිරා කෙටි කයියක් ලියන්ට බෑ ඔබ තමුන්නාන්සේලා කාටවත්...හෙහ්..හෙහ්...වොන්න බෙට්?

ඉතිං මම තීරණය කලා රෑට ඔය රෙස්ටොරන්ට් එහෙකිං මොනවහරි කනව කියල. ඒ කරල කාමරේට ගියා මගේ සුපුරුදු දුඹුරු පාට ටී ෂර්ට් එක ඇඳ ගන්ට. අම්මට උඩු...ටී එක අතට ගත්ත විතරයි දාඩිය ගඳ ආව නහය කඩල යන්ට. මොකද මේ දවස්වල මෙහෙ ලේ උනුවෙන්ට තරමට රස්නෙ හින්ද මර දාඩිය. කොටිම්ම ෂවර් එක යට නාන කොටත් දාඩිය දානව. 

ඒත් මේ ටී එක ඇවිල්ල හිට මගෙ ෆේවරිට් ටී එක. ඒ හින්ද හුස්ම නාල්ලා ටී එක ඔලුවෙන් දාල ඇඳගෙන මයෙ තියනව සිරා පර්ෆියුම් එකක් නම ඇවිල්ල හිටං යෝවන් මස්ක්. ඒක ගහ ගත්ත ටිකක් වැඩිවෙන්ට අර බෝංචි කොටුවකට ග්‍රමොක්සෝන් ගහන්නැහෙ. එතනම තිබ්බ මගෙ ලියන මේසෙ. ඒකෙ ඉඳගෙන ගත්ත ඒ ලඟම තිබ්බ ඊයෙ බඩු ගෙනාපු තුණ්ඩුව. තුණ්ඩුවෙ පිටිපස්සෙ ලිව්ව කවියක්. 

බැරිය ගඳ ඉවසනු,
මගෙම දහදිය වුනත්,
මටම ඉවසනු නොහැකිනම්,
කෙසේ ඉවසන්නෙම්ද අනෙකෙකු?

දැං මේ කයියෙ අන්ඩර්වෙයාර් මීනිං එක මෙහමයි. ඔය සමහර අපි කරන දේවල් ඇත්තටම අපිටම අප්පරසන්නයි.. එහෙම උනහම වටපිට මිනිස්සුන්ට කොහොම ඇද්ද? 

ටී එකත් දාගෙන මයෙ කෝකටත් තයිලය වගෙ තියන ඩෙනිමත් ජොක්ලස් ඇඳගෙන නොහොත් සිවිල් පිට මම එලියට බැස්ස. ජොක්ලස් අන්සය ගැන ලියපු සන්ක්සිප්ත කයිය මෙහෙමයි. 

ඩෙනිමක් ඇඳ ඇත යටිකයට, 
එහෙත් යටටනම් නැත ඇඳ, 
හුළං සර වැදේ නිතියෙන, 
ආතල් ද බොහොමයි කිරිපල්ලට. 

දැං ඔය කවියෙ තියන හතර පදේ ඔන්නම් දෙකට බෙදල සන්ක්සිප්ත කවි දෙහෙකට ලියන්ටත් ඇහැකි මෙන්න මෙහෙම කිසිම ගේමක් නැතුව……

ඩෙනිමේ ඇරුනු කකුල් අතරින් 
ගලා එන සුලඟ අහා සනීපය..
අහා..අහා..අහා…

දෙවෙනි කයිය මෙහෙමයි…

කිරිපලු තෙමේ සුවවිඳී... 
සුළඟේ ආතලය විඳගෙන....

ඉස්සරහ දොර ඇරගෙන ඔන්න දොට්ට බැස්සයි කියමුකො. මම ඉන්නෙ හතරවෙනි තට්ටුවක. මලා ජෝන්...ලිෆ්ට් එක ගාව බිත්තියෙ පොඩි නෝටිස් එකක්. "Lift out of order... Sorry for the inconvenience …"

ඉතිං මොකේදැයි දං වළඳන්නෙ කියල ඇහුවලු ලොකු හාන්දුරුවො පොඩි හාන්දුරුවංගෙන්...එහෙම්මම නෙවෙයි ඒ ප්‍රස්නෙ ඇහුවය කියන්නෙ...තාලෙට කවියෙන් ගායනා කර කර..අපි අද කතා කරන්නෙ කවිගැන හින්ද මම ඒ කතාවත් ලියන්නම්කො එහෙනං..ඔන්න මෙහෙමලු..

ඔය පොඩි හාංදුරුවොයි ලොකු හාංදුරුවොයි දෙන්නම කවි කාරයොලු. නිකම් මේ සාමාන්‍ය කතාබහක් උනත් කරනවයි කියන්නෙ තාලෙට ගායනා කරකර ඒ මදිවට නට නට. ඉතිං දවසක් ලිඳ ලඟ පොඩිනම ලොකු හාංදුරුවංගෙ පාත්තරේ සෝදද්දි ඇති වීරියෙං අතුල්ලලද කොහෙද පතුලෙ හිලක් හැදුනලු. පොඩි නම ඒ පාර පාත්තරෙත් ඔලුවෙ තියාගෙන මෙහෙම තාලෙට කිය කිය නට නට පන්සලට ආවලු . 

ලොකු හාමුදුරුවනේ..
හරි වැඩක් උනානේ….
පාත්තරෙ හිලක් උනානේ…. 

මේක අහල ලොක්කට මල පැන්නලු. ඒත් උන්දැ තරහ නොපෙන්නා මෙහෙම තාලෙට කිය කිය නට නට මිදුලට බැස්සලු.

පොඩිනම XXX තියෙන්නේ,
අම්මගෙ XXXX දං වලඳන්නේ?

ඉතිං ඔය ලිෆ්ට් එක නොහොත් උත්තෝලකය කැඩිල තිබ්බ එක ගැනත් මම ලිව්ව ඔන් ද සපෝට් කයියක්. මොකේද ලිව්වෙ ඇහුව? හෙහ්.....මම ඔය එලියට බහිනවනම් බහින්නෙ අනිවා කලසං සාක්කුවෙ පොඩි නෝට් පොතකි කමිස සාක්කුවෙ පෑනකි සහිතව. ඔය දකුණෙ පෙලක් ඈයො කතා කරන්නෙ එහෙම. උදේට බතකි සම්බලකි හරි ගැස්සුවම ඇත? ඒ අහන්නෙ උදේ කෑමට බතකුයි පොල් සම්බලේකුයි හැදුවම ඇති නේද? කියල.

ඉතිං මෙන්න උත්තෝලකේ ඉස්සරහ ඉඳගෙන (ඉඳගෙන නෙවෙයි ඇත්තටමනම් හිටගෙන) මම ලියපු කයිය. 

උත්තෝලකය නොසැලෙයි,
එහෙත් මම සැලෙමි, 
තරප්පුවෙන් බසිමි,
උත්තෝලකය පරදමි.

ඒ කියන්නෙ සරලව නොහොත් සිම්ප්ලි කිව්වොත් ලිෆ්ට් එක කැඩිල හින්ද මම පඩි පෙළෙන් බැස්ස කියල. ඒත් ඔය සමහර අයට එහෙම සරළ තේරුං හරියන්නෙ නෑ. යටි පෙළක් නොහොත් අන්ඩර්වෙයාර් එකක් ඕනමයි. ඒ අන්ඩවෙයාර් බවතුන්ට සහ බවතියන්ට ඕනම නම් මෙන්න යටි පෙළක්. උත්තෝලකය කැඩිල කියන්නෙ මගෙ ගමනට දෛවය විසින් කරන බාදාවක්. ඒත් මම පසුබට වෙනවද? වට් නොන්සන්ස්..මම අදිස්ටාන පූර්වකව පඩිපෙලෙන් බැහැල මගෙ අරමුන ඉස්ට සිද්ද කරගන්නව. That's the Underwear...You underskirt guys & gals?

දැං ඔන්න පඩි පෙලෙන් පහලට බැහැල පාරට ගියාය කියමුකො. පාරෙං එහා පැත්තෙ තියෙන්නෙ හද්ද පරණ ගෙදරක්. ඒකෙ තාප්පෙ සිදුරක හැදිල තියන බෝ ගහක්. අඩි හත අටක් වගෙ උසයි. ඕකෙ බෝ කොළ වේලිල තිබ්බට මම කිසිම දවසක දැකල නෑ පාරෙ එහෙම වැටිල තියනව. 

සතියකට වගෙ ඉස්සර දවසක් ඒත් මම ඔතනිං යනකොට වේලිච්ච කොළයක් ගහෙං වැටිල හුළඟෙ පාවෙලා ඇවිල්ල මගෙ ඉස්සරහම වැටිල ඒක මට පෑගුනා. අපි ඇවිල්ල බක්තිමක් බවුද්දයො නෙව. ලංකාවෙදි නම් මැරූකොට බෝ කොලයක් පාගන්නෙ නෑ. මෙහෙදිත් එහමම තමයි. ඒත් වැඩේ වුනේ මේ බෝ කොලේ පෑගෙන එක මට වලක්ව ගන්ට බැරිවුනා. පුදුම වැඩේ කියන්නෙ ඊයෙත් ඒ වැඩේ එහෙම්මම උනා කියමුකො. අර කලින් දවසෙ වගේම වේලිච්ච බෝ කොළයක් හුළඟෙ පාවෙලා ඇවිල්ල මගෙ කකුලට කකුලට කිව්වට ඇත්තටම නම් සෙරෙප්පුවට පෑගුනා.

ඔන් ද ස්පොට් එතනම නැවතුනා. නෑ..නෑ..බෝ කොලේ උඩම නෙවෙයි. එතනින් අඩියක් ඉස්සරහට ගිහිල්ල නැමිල බෝ කොලේ අතට අරගෙන බෝ ගහෙන් සමාව ඉල්ලල බෝ කොලේ ඒ ගහේම දෙබලක රැඳෙව්ව. මම බක්තිමත් බවුද්දයෙක් හින්ද අවුලක් නෑ. ඒත් අන්නියාගමිකයින්ට බෝකොල පාගන්ට දෙන්ට ඇහැක? නැද්ද? ඊට පස්සෙ බෝගහට පිට දීල හිටගත්ත. මයෙ කලසං සාක්කුවෙං නෝට් පොත ගත්ත. කමිස සාක්කුවෙං පෑනගත්ත. ඔන් ද ස්පොට් ලිව්ව සන්ක්සිප්ත කයියක්.

බෝ රදුන් වැලිකතරේ.. 
හෙලන්නට වියළි බෝ පත්...
බලාහිඳී එනතෙක්...
බැතිමත් බොදුනුවෙක්.

මේ ඊමම තියනව ලංකාවෙ මනුස්සයෙක් කරන රෙස්ටෝරන්ට් එකක්. මම ගියෙ ඒකට. මම රෑට කන්ට අරං එන්ට ගියේ බීෆ් රයිස් එකක්. ඒත් බීෆ් ඉවරයි කියල කියාපි රෙස්ටොරන්ට් එකේ මල්ලි. ඒ පාර සී පුඩ් රයිස් එකක් අරගෙන ආව. යද්දි සහ සී පුඩ් රයිස් එක අරගෙන එද්දි සිද්ද වෙච්චි සිද්දීන් ගැන මම ලියපු සන්ක්සිප්ත කවි ආය දවසක දාන්නම්කො. 

ආ...මේ පල්ලෙහායිං තියෙන්න්නෙ මම කලින් දවසක ලියපු සන්ක්සිප්ත කවි කීපයක් සහ සම්බාව්ය කවි ලිවීමට උපදෙස් මාලාවක්..

හැපී පොයං රයිටිං ඕල් ඔෆ් යූ ...ඉටීස් වෙරි වෙරි ඊසි..ලයික් ඊටිං කජු....


Tuesday, August 1, 2017

520. නුඹ අසල වැතිර ඉමි…....

ඡායාරූපය : රන්දිකා රණවීර ප්‍රනාන්දු

නුඹ අසල වැතිර ඉමි,
මුදුව නුඹ වැළඳ ගමි, 
නුඹෙ සුසුම් සුව විඳිමි,
දෙනෙත් මගෙ පියාගමි,

කිරි සුවඳ විඳින්නෙමි,
නුඹේ මුවගින් නැඟෙන,
දෙතොල හසරැල් දකිමි, 
සිහිනයෙක නුඹ කිඳෙන, 

රත් නෙළුම් අත දරා, 
පැමිණි මගෙ කුමරුවනි, 
නුඹෙ නළල සිඹින්නෙමි, 
දයාබර මළනුවනි, 

සොයුරු පෙම මා සිරුර, 
විනිවිදියි නිරතුරුව, 
නුඹට රැකවරණ දෙමි, 
ජීවිතේ පුරාවට,


Monday, June 26, 2017

514. මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි…...


මහනුවර දළඳා පෙරහැරේ දසුනක් ප්‍රති නිර්මාණය
කල සිතුවමක් ඉහත දැක්වේ. - Google images

රමසාන් උපවාසය අවසන්වුනේ ඊයෙ. ඊයෙ හඳ දැක්කට පස්සෙ. අද ඉඳල අපිට දවස් තුනක් නිවාඩුයි. මේ නිවාඩුව ඇතුලත අර තාපසයගෙ කතන්දරේ ලියනවයි කියල මම පොරොන්දු වුනානෙ. අපි ඇවිල්ල පොරොන්දුවක් උනොත් ආය නෑ බෙල්ල ගහල ගියත් ඉස්ට කරනව. යහ පාලනේ වගේම තමයි...හෙහ්,හෙහ්, අර කඩදහි කොලේ කියල බ්ලොග් එකක් ලියන ලිකිතා නෝනා මට පහුගියදා නෝන්ඩියකුත් දාල තිබ්බ. ඔහෙත් හරියට යහපාලනේ වගේම තමයි කියල. ඒ කියන්නෙ පොරොන්දු කඩකරනව කියන එක.

ඉතිං ඒ නෝනගෙ චෝදනාව ඇත්තක් වෙන්ටයි යන්නෙ. ඒ කිව්වෙ තාපස තුමාගෙ කතාව තව දවසකට කල් යනව. හරි..හරි..ඉන්ටලාකො පොඩ්ඩක් විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු ඉදිරිපත් කරන කල්. මිනීමරුවෙකුට උනත් තමංගෙ නිදහසට කරුණු කාරණා කියා හිටින්ට චෑන්ස් එකක් දෙන්ට එපාය..නැද්ද? ඒ ඇවිල්ල මිනීමරුවෙකුගෙ අනුල්ලංඝනීය අයිතිය. ඉතිං මගේ විත්ති වාචකය මෙහෙමයි.

ජීවිතේ අපි හීනෙකින්වත් නොහිතන දේවල් සිද්ද වෙනව හදිස්සියෙම. මටත් මේ ඊයෙ එහෙම එකක් සිද්ද වුනා. හරි මෙන්න මෙහෙමයි ඒ කතාව......

70 දශකයෙ මැද භාගයෙ අපි එදවස හිටියෙ කෑගල්ලෙ හොඳද? ඔය ටී.වී. එහෙම ඒ කාලෙ නෑනෙ. රේඩියෝ එකෙත් හැටහුටහමාරක් චැනල් තිබ්බෙ නෑ. තිබ්බෙ දෙකයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ පළමුවන සේවය සහ දෙවන සේවය. පස්සෙ ඔය දෙක ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය කියල නම් මාරු කලා. මට හරියට මතකනම් නෑ ඒ නම් මාරුව කලේ මැතිණිගෙ ආණ්ඩුව කාලෙමද නැත්නම් ජේ.ආර්. ලොක්ක ඇවිල්ලද කියල. හරි කොහොමහරි ඒකෙන් වැඩක් නෑ. ඉතිං ඔය වෙළඳ සේවයෙ සතියෙ හැමදාම වගෙ රෑ 8.30 ට හඬ නළුවක් ප්‍රචාරය වුනා. ගුවන් විදුලි නාට්‍ය වලට හඬ නළුව කියල නම දැම්මෙ මට මතක විදිහට සුගතපාල ද සිල්වා මහත්තය නොහොත් සොඳුරු ආඥාදායකයා.

බ්‍රහස්පතින්දා හවස අටාමාරට විකාශය වුනේ ගජමුතු.  කතාව ලිව්වෙ ධර්ම ශ්‍රී මුණසිංහ. මෙහෙමයි කතන්දරේ ඔන්න. කන්ද උඩරට මහනුවර නගරයට තදාසන්න ගම්මානයක්. කතාවෙ කියවෙන විදිහට කටුගස්තොට කිට්ටුව. 

ගමේ බහුතරයක් ඉන්නෙ හීන කුළේ මිනිස්සු. බෙර වාදනය සහ නර්තනය තමයි ඔවුන්ගෙ ජීවිකාව. ගමේ කුඹුරු ඉඩම්වලින් වැඩි හරියක් අයිති ගම ඉහත්තාවෙ තියන වළව්වට. මොරපාතොට වළව්වට. ඒ කුඹුරු වල අඳේට වැඩකරනව අර හීන කුළේ මිනිස්සු.

ඒ මිනිස්සුන්ගෙ නායකය වගෙ ඉන්නෙ මට මතක විදිහට උක්කුවා වෙන්න ඕන. උක්කුවා නැටුම් සාස්තරේ සහ බෙර වාදනය පුහුණු කරනව ගමේ අනික් තරුණ තරුණියන්ට. ඒත් තරුණ වයසෙ බහුතරයක් ඒ පැරණි සාස්තර ඉගෙන ගන්ට කැමැත්තක් නෑ.

උක්කුවට ඉන්නෙ එකම දුවයි. ඇගේ නම මුතූ. මොරපාතොට නිළමෙට ඉන්නෙ දුවයි පුතයි. කතන්දරේ පටන් ගන්නෙ නිළමෙගෙ පුතා නොහොත් මොරපාතොට අප්පො ඉගෙන ගන්ට ගමෙන් පිට ගිහිල්ල ඉඳල ආපහු ගමට එන තැන ඉඳල. අප්පොට ඕන වෙනව නැටුම් සාස්තරේ ඉගෙන ගන්ට. නිළමෙයි මැණිකෙයි දෙන්නත් එහෙමට කුළ ගර්වය ඉහ උඩ තියාගත්තු උදවිය නෙවෙයි. ඒ හින්ද කලින් හොරෙං හොරෙං නැටුම් ඉගෙන ගන්ට ගියත් මොරපාතොට අප්පොට පස්සෙ නිළමෙගෙ අවසරය ලැබෙනව.

අප්පොට නැටුම් පුහුණු කරන්ට බාරවෙන්නෙ මුතූට. ඒ දෙන්න අතරෙ සෙනෙහසක් ඇතිවෙන්නෙ එයාලවත් නොදැනිම. 

"අනේ අප්පො මේ වග විත්තිය මහ නිළමෙට එහෙම ආරංචි වුනොත් අපි ඔක්කොමල ගමෙං පන්නල දායි අපෙ ගෙවල් වලටත් ගිණි තියල" දවසක නැටුම් පුහුණුවෙන් පස්සෙ නැටුම් මඩුවෙ බිත්ති කන්ද උඩ වාඩිවෙලා ඉන්න අප්පො ලඟම බිම ඉඳගෙන මුතූ එහෙම කියන්නෙ ඔලුව හරවල අප්පොගෙ මූණට එබිල. 

"හෙහ්.. බයවෙන්ට එපා. එහෙම උනොත් මම මුතූව කොළඹ එක්ක යනව. නිකම්ම නෙවෙයි කසාද පොතේ අත්සන් කරල…"

"අපෙ අප්පෝ විහිලුවටවත් එහෙම කියන්ට එපා මයෙ දෙයියො.."

"නෑ මුතූ බයවෙන්ට එපා. අපෙ අප්පච්චි එහෙම දරුණු තීරණයක් ගන්න එකක් නෑ. අනික එහෙම දෙයක් උනත් ඔයා බයවෙන්ට එපා. මම ඔයාට කරදරයක් වෙන්ට ඉඩ තියන්නෙ නෑ"

කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ. සෑහෙන කාලයක්නෙ දැන්. ඒත් මගේ හිතේ මෙච්චර කාලයක් නොමැකී රැඳී තියෙන කතාවක් ඕක. ප්‍රධාන චරිතවලට හඬ කැව්වෙ කරුණාරත්න අමරසිංහ (මොරපාතොට අප්පෝ) සහ නිරංජලා සරෝජිනී (මුතූ) ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ ඇග්නස් සිරිසේන එහෙමත් හිටිය වගෙ මතකයි. හරි දැන් මම මේ කියන්ට ආවෙ ඉතිං ඔය වගෙ කතාවක් ලියන්ට ඕමනයි කියල කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ.

මම අර හැමදාම ලියනව කියල කියන්නෙ...අර කුමරියකට පෙම් කළෙමි.....ඒ කතාව කියවෙන්නෙ වළව්වෙ කුමාරිහාමිට පෙම් කරන සාමාන්‍ය ගැමි තරුණයෙක් ගැනනෙ. මෙතන ඒකෙ අනික් පැත්ත. වළව්වෙ අප්පො සහ කුළහීන යුවතියක්.

ඉතිං ඔය කතාවෙ මෙහෙම සීන් එකකුත් මගෙ හිතේ ඇඳිල තිබ්බ. අර අප්පො බස්නායක නිළමේ කෙනෙක් වෙලා දළඳා පෙරහැරේ යනව බොහොම ගරු ගාම්භීර තාලෙට. කුලහීන යුවතියටත් පෙරහැරේ රාජකාරී පංගුව විදිහට නටන්ට වෙනවා ඔහු ඉස්සරහම. ඒ වෙලාවෙ මේ දෙන්නගෙ හිත්වල මොනවගෙ හැඟීම් ඇතිවෙයිද?

ඉතිං ඔන්න දැන් එනව මම අර කියපු හීනෙකින්වත් නොහිතපු සිද්ධියට. ඒ කිව්වෙ දන්නව නේද අර පොකුරු වැහි නොහොත් වත්සලා විජයලත් නෝනා. එතුමී පහුගිය දවස්වල මුහුණු පොතේ බොහොමත්ම අපූරු කවි පංති දෙකක් පළ කරල තිබ්බ.

මේ එකක්.....

කරඬුවක් හිස නොලා පෙරහැරේ දුර ආව 
බොරු කකුල් ලූ පතුල් රිදුම් දෙයි හිත ගාව 
දියවඩන නිළමෙ නුඹ කරද්දී තේවාව 
වැටුන කඳුළක් අදත්...ඇති නුවර වැව ගාව

සංසාර පුරුදු අත හරිනු බැරි වෙන්නැතී 
වෙස්සන්තර වෙලා... මාව දන් දෙන්නැතී 
නා කපන වැස්සකත්...වැටුනෙ නැති දුක් ඇතී 
තරුවක් මියැදුනත්...මහ පොළොව දන්නැතී

මගෙ හිතේ උඩ මළුවෙ සක්මනේ හිඳීයන් 
ගව් පුරා නුඹ නමින් රන් විමන් මැවීයන් 
හීනයක පේ වෙලා මං ලඟින් පිපීයන් 
පාරමී පිරෙන දා....මටම මුණ ගැහීයන්...

මේ ඊට පස්සෙ එක...

රන්දෝලියේ උඹ සැඟවිලා හිත ගාව 
තිස්සේම හද ගැස්මෙ ඇහෙනවා තේවාව 
රඟ හලක සෙනසුනක් මවා දී අරුමැසිව 
බවුන් වඩනා හිතට උඹයි සක්මන් මළුව...

කොච්චරක් ඇස් අස්සෙ තියාගත්තත් තරුව 
දුර ඉන්න මට වඩා උඹට ළඟ සඳ පළුව 
අසා ඉමි උඹේ දුක කියන විට වැහි කළුව 
කදෝ පැණි එළියටත් ආදරෙයි මහ පොළොව...

සංසාරෙ කොහේ හරි කමටහන් බිඳෙන්ටැති 
වෙස්සන්තරව හෝ මං උඹව පතන්ටැති 
ප්‍රේමයේ හේවිසිය හෙටත් දියවඩනු ඇති 
රන්දෝලි මං හෙටත් තේවාව කරනු ඇති...

ඉතිං ඒ නෝනා මොනව හිතාගෙන ලිව්ව උනත් කවි පංති දෙක කියවපු සැණින් මගෙ හිතේ ආයෙම ඇඳුනෙ අර මම කලින් කිව්ව පෙරහැරේ දර්ශනය. ඒ කිව්වෙ තම සෙනෙහෙවන්තයා ඉදිරියේ නටන ඒ යුවතිය. ඒ Inspiration එකත් එක්කම මගෙ අතින් ලියවුනා ඒ ප්‍රස්තුත මොහොතෙ ඒ කුලහීන යුවතියගෙ සිතුවිලි මෙහෙම වෙන්න ඇති කියල. 

නුවර වැව් පතුලෙ වැලි කැටත් ඉකි බිඳීවී
රැජින හෝටලේ ලඟ සුළඟ දෙස් තියාවී
මහ මලුවෙ අතුල ගල් උනත් දුක් දරාවී
නුඹ ඉදිරිපිට රඟන මගෙ දුකට හඬාවී

ස්නේහයේ නගරයේ ඇවිදගිය වීදි දිග
ප්‍රේමයක් දැවුනු චිතකයෙ විසිරි අළු මතින
මේඝයක් වැටුනු මුත් මිහිමඬල තෙමාගෙන
ළසෝගිනි නොනිවේය වැස්සටත් කපනහන

කස්තිරම් අල්ලද්දි සිනාසුනු නුඹෙ දෑස
බිම්බරක් මේ සෙනඟ මැදත් මසිතේ මැවෙන
මැදිදුරම් තේවාවෙ රඟන අතරේ මසිත
සීවරම් දෙවියන්ට යදිමි නුඹ රකිනු මැන

සංසාරෙ පතා ආ සෙනෙහසක සුව විඳිමි
නිම්තෙරක මතු බවෙක හමුවන්ට පතන්නෙමි
පින්පුරන්නට දළඳාව ඉදිරිපිට රඟන්නෙමි
මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි

ඉතිං ඔන්න ඔයාකාරයි මගෙ විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු...............

පලි - තාපසයගෙ කතාවත් හැකි ඉක්මනින් ලියන්නං හොඳද?

Saturday, May 27, 2017

509. ජීවිතේ ගඟුලක්, එලෙසම සෙනෙහසද කවියක්....


නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර

ජීවිතේ ගඟුලක්,
ගලායන නඟා රැළි සහසක්,
සෙනෙහසත් කවියක්,
ලියැවුනු ඔබ නෙතඟ රහසක්,

ප්‍රේමයේ අබිමන්,
පසක් කල රත ලවන මදහස්,
නෙතට නොව කවදත්,
සිතට දැනුනේ ඔබේ මුදු සෙනෙහස්,

පෙර බවෙක නිකැලැල්,
සිටම බැඳි පෙම් දමක අනුහස්,
ඔබේ හද පුදසුන්,
මතම පිදුවෙමි සෙනෙහෙ මල් කැකුළක්,

දසත මල් උයනක්,
විකසිත සෙනෙහසක සුවඳක්,
සසර මඟ වෙහෙසින්,
මුදවන ඔබේ සෙනෙහස……….
මහමෙරක්,
මසිත් සනහන…..
ස්නේහයේ ගඟුලක්,

කසුන් නයනජිත් සහ සත්‍යා නිර්මාණී……

මා දයාබර සොයුර, සොයුරිය…...

ඔබ දෙදෙනගේ සෙනෙහස සසර වසන තුරු නොවෙනස්ව පවතීවා යයි ඉත සිතින් පතන්නට රන්දිකා ද මා හා එක්වන්නීය!!!

Monday, February 6, 2017

480. ශිශිර සඳ මඬල යට....



Winter moon over a frozen landscape - Google Images

Belated Winter so frosty,
Resembling thorns stabbing thro' hair,
Nothing to prevent the coldness,
What else but to stoically endure,

Rising misty moon is shivering too,
Whispering to junipers wearing snow flakes,
Spread your arms wide as wide you can amigos,
Embrace me in a bear hug so tight,

Glistening pathway that runs lakeward,
Downy slivers of snow lay beside,
Jingling sounds can be heard even,
When crushed beneath my steady footsteps,

Wiping away a feather of snow from my brow,
Weathering the wind that howls ceaseless,
Stepping on with a tenacious mindset,
Towards the starlight flickering yonder,

Saturday, February 4, 2017

479. A Traveler Under A Wintry Moon………….

සඳ පහනින් බබලන ශිශිර රාත්‍රියක් - Google Images


පමාවී සැපත්වූ ශිශිරය,
කටු අනී කෙස් අතරින් මහිසට,
හිස් වැස්ම ද අමතක වූ සඳ,
කුමක් කරමිද විඳිනු මිස මේ කටුක සීතල,

මහත් සඳ ඇත සීතලේ වෙව්ලමින,
හිම පියලි පැළඳි තුරු වෙත කොඳුරමින,
පත් ගිලිහි නුඹ දෑත් දිගහැර,
වැළඳගනු මා ළයට තදකර,

විල්තෙර කරා දිවෙන මාවත,
අසබඩ පතිත හිමපත් පයට යටවෙන,
සිහින්හඬ පවා සවණට ඇසෙන,
මහත්වූ හුදකලාවකි දසතම,

දෑසමත පතිත හිම පියලි පිසදමමින,
මෑත කොඳුරන මඳනලද මැඩගෙන,
දෑත ළයමත තරව බැඳගෙන,
තිරසරව පියවර තබන්නෙමි,
ඈත නිම්තෙර දිළෙන තරු එළිය වෙත,

Thursday, December 17, 2015

376. සුට්ටං කවි හතක්…………..



බිඳුනු යස උරහිසක,
පිපි සූරියකාන්ත මලක්,
වැහි බිඳක් වැටුනු කල,
සැතපෙයි සුවෙන් සාමෙන්.

බෝඹු කෝටු අගිස්සක,
තනි අණ්ඩෙන් ඉඳිනා,
කුහුඹුවෙක් කෑගසා,
අණ්ඩ සපා ගති හිටං.

වේගයෙන් දිවගෙන ආ,
රෑ බදුල්ලෙක්ගේ හැපී,
උඩුකුරුඤ්ඤං වීගිය,
කළාමැදිරියෙක් හැඬුවේය.


සුලඟේ ලෙල දුන්,
මගේ සුදු බැනියමක්,
සුදු රෙදි හොරෙක් අරං ගොස්,
උගේ ගෙදර දොරරෙදි වලට දාගෙන.

මයිල් පිරි ගොනාගෙන් බැස,
එඬේරාගේ කකුලට ගොඩවුනු,
මැක්කෙක් අඬා වැලපී,
ආතබූත නැතුව ඉහළටම නැඟ.

අනුමෙවෙනි බණ දෙසනා,
ලොකු හාන්දුරුවංගේ සිවුරේ,
කොණක තැවරුනු කොහොල්ලෑ,
දුටු ඈ කොට කණින් සිනාසුනි.

දෙගොඩ ගලා ගිය ගංවතුර,
බැස ගියද තැනින් තැන,
රැඳුනු මඩ දිය කඩිති,
ප්‍රීතියෙන් සිනාසෙත්.

Sunday, September 27, 2015

353. සඳගිරෙහි, වෘන්දාවෙහි සහ දෙව්දුරු මඬුලු සෙවණෙහි……..

Painting - Raymond Leech

සඳගිරි පව්ව අබියස,
රැයක් එලිවන තුරා වැලපුණ,
සඳකිඳුරියක නොමවන,
පිසදා තෙමුනු දෙකොපුල,
නැඟෙමි මසිතට දිරිගෙන,
හිරු නැඟෙන සඳ පෙර'ඹර.

ගෝපිකා ඇකයෙහිම නැළවෙන,
ක්‍රිෂ්ණාට සමුදුනිමි මදහසින,
හෝපළු මඬුලු සෙවණැළි ද මැඩ,
මාලතී මාලාව පළඳමින,
වෘන්දාව හැරපියා නික්මයන,
වස්දඬුරාව මතක පමණක්ම අරගෙන,

දෙව්දුරු පත්ය සුළඟට සැලෙන,
සකුරාසෝ* කළඹ බිහිදොර අබියස,
නෙතඟ ඉනු කඳුලුදිය වියලෙත,
බලාහිඳිනෙමි නෙතුපිය නොපියාම,
පෙත්මඟ සෙමෙන් පියමංකොට,
නික්මයන ඔබ රුව දෙස,

සඳකිඳුරියමි සඳගිරෙහි වැලපුන,
රාධා ද වෙමි වෘන්දාව අතැරගිය,
නොරිකෝ මි වැළපෙනා ළසොවින,
හදපුරා පිරි සංතාප උසුලන,



Wednesday, September 10, 2014

279. සඳ සහ ඔබ…Moon & You….

Google Images
සඳවත යට හමුවුණු එදවස විල්දිය මත, 
නළලත සිප සමුගත්දින මතකයෙ තව ඇත,
හදවත ගැහෙනා තුරු හිඳ සිඳු රල පෙල මත,
නෙතුමත ඇඳි සුපුල් රුවක අරුමය නොමැකෙත,


Sorrow would slowly become a recurrent ache,
Heart suddenly becoming a whirling storm,
Memories would never ever go away,
What is forgotten is not worth remembering,

පිණිබිඳ වට සියපත් මත රැඳෙනු නොහැකි සඳ,
පිරිසිඳ මල්පෙති අග නිල්දියට පතිත වන,
විසිරිත තරුකැටවන් කණමැදිරි පුළිඟු දැක,
සිහිනෙක ගෑ සුවඳක් සේ ඔබ වත සිහිවෙත,

Shimmering halo of a waxing moon,
Ligting up those crags thro' haze,
With falling starlets streaking no end,
We parted never to meet again,

කඳුලක බර නෙතට දැනුනු කල ඉක්මුනු සඳ,
සුසුමක උණුසුම විඳගමි දෙනෙත් පියා හිඳ,
කඳු මුදුනක කලා සොලස සපිරුනු සඳ හිඳ,
සෙනෙහෙ මතක යලිදු ගෙනෙයි පුරුදුයි දුක විඳ,

විශේෂ ස්තූතිය - දිල්ට

Monday, July 28, 2014

272. ඇගේ නම...යසවතී.

Painting - Margarita Georgiadis


ට්‍රැක් හතරෙ ඉස්කෝලෙ, 
අටේ පන්තියෙ විතර, 
සුදු කෙට්ටු කොණ්ඩෙ දිග, 
කවුද ටීචර්ගෙ නම? 
විමලාය. 

පංතියෙ පස්සේම, 
පේළියේ හිඳ උන්නු, 
ඇගේ නම මම ඇහුවෙ, 
ඒ මූණ දිහාවත්, 
නොබලාය. 

" යසවතී.…" 
යන්තමට හිනා වෙල, 
හීනිවට ඇස් හදල, 
ඈ කිව්වෙ නම අහල, 
දවස් තුන හතරකට, 
පස්සේය. 

වෙනදාට ඉස්කෝලෙ, 
ඇරුණු විට තකහනියෙ, 
ගෙදර දුවනා සිරිත, 
මගෙන් ගිලිහිලා ගියෙ, 
ඉබේමය. 

අඹ ගහේ හෙවණ යට, 
කොයි වෙලෙත් වතුර නැති, 
පයිප්පේ ළඟ ඉඳන්, 
ඈ මගේ ඇස් දෙකට, 
යන්තමට හිනාඋනෙ, 
රතු වෙච්ච මූණ කට, 
තරු වගේ නටන ඇස්, 
මගෙ හිතේ සදාකල්, 
රන්දාය. 

ඕ ලෙවල් වෙනකල්ම, 
ඉස්කෝලෙ මම ගියේ, 
විමල ටීචර්ගෙ කණ, 
පුපුරන්ඩ ගහන ගුටි, 
පාරෙ සැර සක්සුදක්, 
වගේ හොඳහැටි දන්න,
නිසාමය. 

ඕ ලෙවල් විබාගේ, 
පලවෙනිද සිංහලය, 
දෙවෙනිදා බුදු දහම, 
ඉවරවෙල අපි දෙන්න, 
අතින් අත අල්ලගෙන, 
ආයෙ කවදාකවත්, 
ඒ පැත්තෙ නොයන්නෙමු, 
කියා දඬු වැට පැන්නෙ, 
හිත ඇතුලෙ පොදි ගැහුණු, 
හිනා මල් දෝතින්ම, 
අරගෙනය. 

දොරගමුවෙ ඇළ ඉහළ, 
පළාතම වහගත්තු, 
නුගගහේ හෙවණ යට, 
කෙටූ නවදැලි හේනෙ, 
පැල්කොටේ හෙවිල්ලුවෙ, 
ඇගේ දෑතින් කැපුව, 
මාන කොල මිටි එකට, 
බැඳලාය. 

වවුල්පොල කඳු මුදුන, 
වටකරන් වහින වැහි, 
කෝඩෙ අඩුවුන යලේ, 
දාල පිච්චිලා ගිය, 
බටු මිරිස් ගොල්ල ගිණි, 
තියල අපි ඒ දිහා, 
බලාගෙන හිනාවුනෙ, 
අඬන්නට බැරි හින්ද,
වගෙ නේද? 

පෙරහැරක් හෝ දෙකක්, 
ඔය අතරෙ ගෙවිල ගියෙ, 
අපේ හිත්වල විඳපු, 
දුක් කැළැල් කිසිවක්ම, 
නොතියාය. 

පැමිණි දුක් පැණි රහයි, 
ඉස්කෝලෙ බාල්කේ, 
සුදු තින්ත අකුරු මට, 
දවසක්ද මතක් උනෙ, 
නිකං ඔහෙ ඉබේටම, 
වාගේය.

ඊට කාලෙකට පසු, 
දවසක්ද හඳපානෙ, 
අපෙ පුංචි පැල්කොටේ, 
ඉස්සරහ ගල්පොත්තෙ, 
ඈ මගේ උකුලෙ හිස, 
තියාගෙන ඉන්දැද්දි, 
මගෙ දකුණු අත අරන්, 
ඇගේ කුස උඩ තියල, 
තදකලේ හෙමින් සැරෙ, 
කන්ද උඩ ගස් අස්සෙ, 
එල්ලිලා තුබුනු හඳ, 
දිහා ඇහිපිය නොලා, 
බලමින්ය. 

ඒ මාස හත අටක්, 
උඩදීය. 

ඊයෙ රෑ වැහැපු මහ, 
අනෝරා වරුසාවෙ, 
උගුර ඇතුලෙන් ආපු, 
ඇගේ කෙඳිරිලි සද්දෙ, 
අහං ඉන්නට බැරුව, 
පිස්සුවෙන් වගේ මම, 
ගඟ ලඟට දුවගියත්, 
ඈව දෑතට රැගෙන,
ඒ වෙද්දි ගඟ පිරිල , 
දෙගොඩමත් තලාගෙන, 
යනවාය. 

අන්තිමට හිමිදිරියෙ, 
යන්තමට එළි වෙද්දි, 
මගෙ දකුණු අත අරං, 
මිරිකගෙන ඇති වැරෙන්, 
යන්තමට හිනාවෙල, 
වෙහෙසකර වූ මුවෙන්, 
ඇස් පියාගත්තෙ ඈ, 
සදහටය. 

කවම කවදාකවත්, 
කඳුලු බිඳුවක් නොහෙලු, 
මගෙ දෑස් අගින් නැඟි, 
උණු කඳුලු බිඳු යුගල, 
වැහි කෝඩෙකට වඩා, 
සීතලය. 

නුගගහේ හෙවණ යට, 
සදාකල් සැතපෙන්ට, 
නික්මිලා ගියේ ඈ, 
ඇගෙ සිනහ පිරි වුවන 
මගෙ හිතේ සදාකල්, 
රන්දාය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...