Wednesday, May 20, 2020

147. සිඳු නදී පෙම් කතා සක්වලට ඇසේ

මේඝ නදී අඹර පුරා හිතුමතේ ඇදේ
තුරුණු නදී ඉවුරු මැදින් සීරුවෙන් ඇදේ
අකුණු සරින් නබෝ ගැබින් පෙම් කතා ඇසේ
ප්‍රේම තිළිණ සිරි සිරියේ දිය ගැබට පිරේ

විසිරි නදී ඉවුරු බිඳි-අසීරුවෙන් ඇදේ
දරු බරින් දිය ගැබේ රළ රළුව නැගේ
මේඝ නොදිසි අඹර පුරා තරු සිනා මැවේ
නදී මවුන් දරු දරා පිපාසයෙන් ඇදේ

වෙරළ සමග හාද කතා සිහිනයකි රැයේ
සිත් බිඳී... සිඳු රැළී... යළි යළිත් මියේ
මෝ දොරින් තනි මවක් සිඳු ගැබට වැදේ
පිය ලදින් දරු සිනා සිරි සරින් නැගේ

සිඳු නදී පෙම් කතා සක්වලට ඇසේ

~රන්දිල්~



7 comments:

  1. ප්‍රේම තිලින පිරීතිරී ඉවුරු යට කෙරේ
    ඉදිරියටම සොයා ඇදෙයි හිමි සිලිලාරේ
    බලා එවන් දසුන්, අරා නීල අම්බරේ
    දිලිසෙන තරුවක් වන්නෙමි කාල යන්තරේ

    ReplyDelete
    Replies
    1. දිලිසෙන තරු සතුටිනි. සිඳු නදී ඒ බව දන්නවා මයේ හිතේ <3

      Delete
  2. සක්වලට ඇහුනට අපිටනං අහෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. තිරික්කලේක නැගිලා හෝ ගාන පොකුණ බලන්න එන්න. :D

      Delete
  3. මේ ගග මේ දුරු කතර ගෙවා
    ඇයි මෙතනින් සයුරේ වැටුණේ
    මේ හැටි දුර පියමං කරලා
    ඇයි මම ඔබ ලග නතර වුණේ
    විචාරක දියණය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මම එරන්දි - බුද්ධිකා එරංදි එක්ක මේ ගැන කතාවකදිත් මේ සිංදුව ගැන සිහි කළා. ඇත්තමයි! මේ පද පෙළ ලියද්දි නම් මේක මතක් වුණේ නැහැ :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...