Friday, September 30, 2011

50. මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත...මගේ පියාණනි....ඔබට නිවන් සුව




මේ මගේ පණස් වෙනි වියුණු ලියැවිල්ල......සිංහලෙන් කිව්වොත් බ්ලොග් පෝස්ට් එක.......ඒ වගේම මම අවංකව කියන්ට ඕන මට හරිම සතුටක්.....මේ වෙලාවෙ සතුට කියන වචනෙ මෙතනට ගැලපෙනවද කියන එක නම් මටත් ප්රශ්නයක්......හරි කොහොම හරි කමක් නැහැ....... මගේ අර්ධ ශතකමය ලියැවිල්ල මගේ අතිජාත මිත්රයෙකුගෙ, සහෘදයකුගෙ ජීවිතේ අතිශය කණගාටුදායක මොහොතක ඒ සංවේගය බෙදා හදා ගැනීම වෙනුවෙන් වෙන් කිරීමට ලැබීම ගැන.

ඒ මිත්රය...සහෘදය තමයි..... නම අහල ඇති නේද?.....නැති වෙන්ට බෑ.........
Buratheno
......බුරතීනෝ බ්ලොග් එකක් නම් ලියන්නෙ නෑ....ඒත් බුරතීනොගෙ කමෙන්ට්ස් ඔයාල දැකල නැති වෙන්ට නම් බැහැ කොහෙත්ම......ඒ කමෙන්ට්ස් කියවලම බලන්ට ඕන බුරතීනෝ ගැන දැන ගන්ට.......හරි...මේ කණගාටුදායක අවස්තාව තමයි බුරතීනොගෙ ආදරණීය පියාණන් අභාවප්රාප්ත වීම....

දැන් ඉතින් අවසාන වශයෙන් කියන්ට තියෙන්නෙ මෙච්චරයි.....

මපියාණනි......මා ඔබ කිසි දිනෙක දැක නැත්තෙමි,
එසේම නැවත කිසි දිනෙක දකිනට අපේක්ෂාවකුදු උදක්ම නැත්තේමය.
එහෙත් නුදුටු පියාණනි,....... අප සැම ඉත සිතින් පතනා නිවන් සැප ඔබහට පැතීමට මට අවසර!!!!!!

අනියත මෙලොව නියතය නම් එපමණකි,
මරණය උපත ලද කාගෙත් උරුමයකි,
පියයන් අපෙන් වෙන්වීමත් බෝ දුකකි,
සොහොයුර ඔබේ දුක අප හැමගේ දුකකි,

Wednesday, September 28, 2011

49. සිව්දෙනෙකු සමඟ ප්රේමයෙන් බැඳුනෙමි....................




අපි හැමෝගෙම ජීවිතවල තියනව එක එක යුග......මම හිතන්නෙ සාමාන්ය එහෙම නැත්නම් දර්ශීය (Typical ) ජීවිතයක් ගත කරපු හැම ගැහැණු ළමයෙක්ම ඒ වගේම පිරිමි ළමයෙක්ම මේ යුග පසු කරල ඇති............

ඔය එක යුගයක් තමයි යොවුන් වියේ එළිපත්තෙ... ඒ කියන්නෙ අවුරුදු දහහතර පාළහ, දාසය වගෙ කාලෙදි වැළඳෙන බටහිර සංගීත පිස්සුව........තාමත් මම මේ කියන දේ ඒ වගේම වෙනවද කියන එක නම මට හරියටම කියන්ට අමාරුයි...ඒත් මම හිතනව ඒ තත්වය තාමත් අපේ යුගයෙන් පස්සෙ වැඩි වෙනසක් වෙලා නැතුව ඇතිය කියල, මොකද සුළු සුළු වෙනස්කම් පරම්පරාවෙන් පරම්පරාවට සිද්ද උනාට අපේ සිතුම් පැතුම් පැහැදිලි වෙනසකට භාජනය වෙන්න සෑහෙන කාලයක් යන නිසා.

හරි.....මම මේ පහුගිය සතියෙ ආපහු මගෙ ඒ යොවුන් කාලෙට ගියා......ගියා නෙවෙයි ඇත්තටම නම් අහම්බෙන් යන්ට සිද්ද උනා කිව්වොත් තමයි හරි....නිමිත්ත උනේ බස් රේඩියෝ එකේ දැක්ක Boney M ගෙ ගීත ප්රචාරය වෙනවයි කියාපු දැන්වීමක්......අහන්ට නම් බැරි උනා කාර්යාල වෙලාව නිසා......

මගේ යොවුන් වියේදී මගේ වීරවරයින් වුනු උදවිය තමයි මේ......වරදවා වටහා ගන්න එපා....... මගේ ලෝකෙ එකම වීරයො කියන එකම නෙවෙයි මම මේ කියන්නෙ..........ගත්කතුවරුන්, විද්යාඥයින්, ක්රීඩකයින්, නළු නිළියන් වගෙ තව බොහෝ දෙනෙක් අතර බටහිර සංගීත ක්ෂේත්රයේ මගේ වීරයින් වීරවරියන් උනේ මෙන්න මෙයාලා.

Abba,
Boney M, Eruption, Brotherhood of Man, Osibisa...............

ඒ කාලෙ ඔය Internet, CD, USB මොකවත් තිබුනෙ නෑ......ගීතයක් අහන්ට තිබුනෙ ක්රම දෙකයි, එල්.පී. තැටියක් මඟින් හෝ කැසට් පටයක් මඟින්,

ඔය කාලෙ අපේ යාළුවො කල්ලියෙ ප්රියතම ගායක කණ්ඩායම ඇබා.....ඊළඟට බොනී එම්,...... ඇබා කණ්ඩායමේ හිටියෙ ස්වීඩන් ජාතික කෙල්ලො දෙන්නයි කොල්ලො දෙන්නයි......Agnetha, Bjorn, Benny & Anni-frid කියන මුල් නම් වල මුල් අකුරු හතර එකතු වෙලා තමයි ABBA කියන මගේ කාලයේ යොවුන් වියේ එළිපත්තේ හිටපු බහුතරයක් පිස්සු වැට්ටූ ඒ නම බිහි උනේ.

අපෙ කල්ලියෙ හිටිය කොල්ලො පස් දෙනෙක්,.......අපිට ඒ තරම් දරුණුවට Music උණ තිබුනෙ නම් නෑ.....අපි කලේ ඔය නිවාඩු දවසක කාගෙ හරි ගෙදරකට එකතු වෙල කැසට් එකක් දාගෙන ඔහෙ පණුවො වගෙ දඟලපු එකයි.......

ඔය අතරෙ තමයි Majestic සිනමා ශාලාවට ආවෙ Abba the Movie ෆිල්ම් එක......ඔන්න පිස්සු තිබුනු අයට පිස්සු ඩබල් උනා.....අපි වගෙ ලාවට පිස්සු තිබුණු අයට පිස්සු තද උනා.....මට මතකයි අපිට ඇබා ද මූවී බලන්ට ලැබුණෙ දවස් පහක් හයක් ගියාට පස්සෙ.. ඒත් සෙනඟ තලේ හිරවෙලා නොමැරි බේරුනේ බොහොම අමාරුවෙන්.....

හැබැයි ඊට පස්සෙ නම් මට මතක විදිහට අඩු ගණනෙ හතර පාරක් වත් අපි කට්ටිය බැලුව Abba the Movie.............

ප්රථම ප්රේමය අමතක කල නොහැක කියල කතාවක් තියනවනෙ....ඒ වගේ Abba කෙරෙහි බැඳුනු මගේ ප්රේමය අදටත් එහෙමමයි......යූ ටුබ් එකේ ඩාන්සිං ක්වීන් බලනකොට අදටත් මගෙ රොමෝද්ගමනය වෙනව.......මේ ඇත්තමයි..........

මගේ යොවුන් දිවිය ප්රමෝදයට පත්කල Agnetha, Bjorn, Benny & Anni-frid වෙනුවෙන් උපහාරයක් ලෙස මම අකුරු කල මේ කෙටි සටහන අවසානයේ මෙන්න ඔවුන්ගේ ඉතාමත් ජනප්රිය වූ ගීත හතරක්, පද මාලාවද සමඟ.......

This is my appreciation......... My dears,....... for making a starry eyed sixteen year old see the world in a different way...........for making his life filled with so much pleasure..........you were the best .............for me at least............on that long gone day hidden in mists of time , when I heard you for the first I fell in love irrevocably & irreversibly...............and I am still in love even today..............And finally let me say .............as you said a long...long..... time ago.............So I Say Thank You For The Music.........For Giving it To Me...............

Waterloo

My my, at waterloo napoleon did surrender
Oh yeah, and I have met my destiny in quite a similar way
The history book on the shelf
Is always repeating itself

Waterloo - I was defeated, you won the war
Waterloo - promise to love you for ever more
Waterloo - couldn’t escape if I wanted to
Waterloo - knowing my fate is to be with you
Waterloo - finally facing my waterloo

My my, I tried to hold you back but you were stronger
Oh yeah, and now it seems my only chance is giving up the fight
And how could I ever refuse
I feel like I win when I lose

Waterloo - I was defeated, you won the war
Waterloo - promise to love you for ever more
Waterloo - couldn’t escape if I wanted to
Waterloo - knowing my fate is to be with you

And how could I ever refuse
I feel like I win when I lose

Waterloo - I was defeated, you won the war
Waterloo - promise to love you for ever more
Waterloo - couldn’t escape if I wanted to
Waterloo - knowing my fate is to be with you
Waterloo - finally facing my waterloo

.-------------------------------------------------------

Chiquitita

Chiquitita, tell me what's wrong
You're enchained by your own sorrow
In your eyes there is no hope for tomorrow
How I hate to see you like this
There is no way you can deny it
I can see that you're oh so sad, so quiet

Chiquitita, tell me the truth
I'm a shoulder you can cry on
Your best friend, I'm the one you must rely on
You were always sure of yourself
Now I see you've broken a feather
I hope we can patch it up together

Chiquitita, you and I know
How the heartaches come and they go and the scars they're leaving
You'll be dancing once again and the pain will end
You will have no time for grieving
Chiquitita, you and I cry
But the sun is still in the sky and shining above you
Let me hear you sing once more like you did before
Sing a new song, Chiquitita
Try once more like you did before
Sing a new song, Chiquitita

So the walls came tumbling down
And your love's a blown out candle
All is gone and it seems too hard to handle
Chiquitita, tell me the truth
There is no way you can deny it
I see that you're oh so sad, so quiet

Chiquitita, you and I know
How the heartaches come and they go and the scars they're leaving
You'll be dancing once again and the pain will end
You will have no time for grieving
Chiquitita, you and I cry
But the sun is still in the sky and shining above you
Let me hear you sing once more like you did before
Sing a new song, Chiquitita
Try once more like you did before
Sing a new song, Chiquitita
Try once more like you did before
Sing a new song, Chiquitita

.-------------------------------------------------------

Dancing queen

You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, dig in the dancing queen

Friday night and the lights are low
Looking out for the place to go
Where they play the right music, getting in the swing
You come in to look for a king
Anybody could be that guy
Night is young and the music’s high
With a bit of rock music, everything is fine
You’re in the mood for a dance
And when you get the chance...

You are the dancing queen, young and sweet, only seventeen
Dancing queen, feel the beat from the tambourine
You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, dig in the dancing queen

You’re a teaser, you turn ’em on
Leave them burning and then you’re gone
Looking out for another, anyone will do
You’re in the mood for a dance
And when you get the chance...

You are the dancing queen, young and sweet, only seventeen
Dancing queen, feel the beat from the tambourine
You can dance, you can jive, having the time of your life
See that girl, watch that scene, dig in the dancing queen

.-------------------------------------------------------

So I Say Thank you for the music For giving it to me...

I'm nothing special, in fact I'm a bit of a bore
If I tell a joke, you've probably heard it before
But I have a talent, a wonderful thing
'Cause everyone listens when I start to sing
I'm so grateful and proud
All I want is to sing it out loud

So I say
Thank you for the music, the songs I'm singing
Thanks for all the joy they're bringing
Who can live without it, I ask in all honesty
What would life be?
Without a song or a dance what are we?
So I say thank you for the music
For giving it to me

Mother says I was a dancer before I could walk
(M'M)She says I began to sing long before I could talk
And I've often wondered, how did it all start
Who found out that nothing can capture a heart
Like a melody can
Well, whoever it was, I'm a fan

So I say
Thank you for the music, the songs I'm singing
Thanks for all the joy they're bringing
Who can live without it, I ask in all honesty
What would life be?
Without a song or a dance what are we?
So I say thank you for the music
For giving it to me

I've been so lucky, I am the girl with golden hair
I wanna sing it out to everybody
What a joy, what a life, what a chance!

Thank you for the music, the songs I'm singing
Thanks for all the joy they're bringing
Who can live without it, I ask in all honesty
What would life be?
Without a song or a dance what are we?
So I say thank you for the music
For giving it to me

So I Say
Thank you for the music
For giving it to me...

Tuesday, September 20, 2011

48. Only My Dreams........Would Keep Me Alive


Toiling from dawn to dusk every day,
In this parched desert god forsaken,
Under the merciless sun overhead,
Shining in a blinding glare eternal,

Not even a wisp of wind in sight,
To cool off trickling sweat at least,
Suffering endlessly in this hell on earth,
Virtually a prison sans only walls around,

Solitary hope that keeps me going on,
Nightfall when leaving this misery at last,
Entering the dreamland of my own,
You would be there waiting for me,

Walking on flowery banks of rivers,
Flowing down from valleys of evergreen,
Holding my hand never letting go,
As if your life depends upon it,

Sitting on grass as soft as a feather,
With shining dew all around us,
Plucking two blooming fragrant flowers,
Placing tenderly on your flowing hair,

Looking in to your melting eyes,
Seeing sparkling stars dancing within,
No words spoken silence reigning,
As words would only break this enchantment,

Instead of sleeping thro' the night,
Awaiting the dawn of day at last,
I would grind whole day with pleasure,
Awaiting the fall of night fervently,

As during the night in a far off land,
Only in my recurring dreams,
I would really be living my dearest,
When I'm with you and you are with me,

Oh, how I long for the day,
When instead of only in my dreams,
I would be holding your hand,
Walking along the river fulfilling my dreams,

Until that day dawns at last,
For which we are yearning for in our hearts,
My solemn promise to you my love,
We would meet each night, in dreams at least,

Friday, September 16, 2011

47. ශ්රී ශුභ මංගලම් - ජනනි සහ යජිත්ගේ කථා වස්තුව - පූර්වයෙහි අකුශල කර්මයෙක් නම් මේ ආත්ම භවයේදීම ගෙවා නිම කල යුතුය යන සනාතන ධර්මය යලිදු සනාථ කිරීම


ඒවං මේ සුතං......මා විසින් මෙසේ අසන ලදී.........

විසිවන සියවස අවසාන භාගයට ලංවන්නා වූ වකවානුවෙහි ලංකාද්වීපයෙහි වයඹ පළාත් බද ප්රත්යාන්ත ප්රදේශයෙක මොකෑලන්තය නමින් දනන් තුඩ තුඩ රැව් දුන්නාවූ ගම් පෙදෙසක, ඉතා සමඟිසම්පන්නව විසූ දම්පතීහු දෙදෙනෙක් හට කුළුදුලේ උපන්නාවූ දියණියකි.

කුළුදුල් දාරක උත්පත්තියෙන් පස්වනක් වූ ප්රීතියෙන් ඔදවැඩී ගිය පිය තෙම, දෛවඥයකු හමු වීමට වහා සපැමිණුනාහු උත්පත්තිය ලද වේලාව පවසා ජන්ම පලාඵල විමසා සිටියාහුය.

දෛවඥ තෙම උපැස් යුවලට ඉහළින් බලා මෙසේ තෙපළේය. "ගරු මහතාණනි...මේ උත්පත්ති හෝරාවෙහි ග්රහ චාරය අනුව ඉඳුරාම පැවසිය හැක්කේ මේ දියණිය අවිනිශ්චිත සහ වික්ෂෝපශීලී මනෝභාවයෙන් යුක්ත වන අතර..............." මෙබස් අසන පියාණන් පොහොර මල්ලකට දමා ඒ මේ අත පොළවේ ගසා නිදහස් කල සස පොව්වකු මෙන් විපිළිසරව උදක් දෑස් දල්වා සිටින අයුරු දුටු දෛවඥ තෙම අවසන මෙලෙස පවසා, හිඳ හුන් අසුනින් ද නැගිට පියා, නික්ම ගියාහුය. "කොටිම්ම මෙච්චරයි...මේ ළමය පිස්සු ලෝකයක්.....ආස්සරේ කරන අයටත් පිස්සු වට්ටල තමයි මෙයා කවද හරි පස්ස බලන්නෙ......ඔන්න දැන් තේරුණාද?, ඒ විතරක් නෙවෙයි කෑම බීම වලටත් හරිම කැමතියි.....කනව බොනව කිව්වොත් ආයෙ කන්ට බොන්ට වත් ඕන නෑ.....කොටින්ම ඔය වෙන උදවිය බණ කතා.....ජාතක කතා වාගෙ ආදර්ශමත් කතා ලියද්දි මේ ළමය ලියන්නෙ කන බොන එව්ව ගැන විතරමයි......මේ ග්රහචාරෙ ඒක පෙන්නුම් කරල තියෙනව බොහොම පැහැදිලිව"

මෙබසින් ඉතාමත් සොවින් බරවූ ඒ අසරණ පියාණන් ද වන්නාටය කුමක් කෙරෙම්ද....මේ වනාහි අප පූර්ව ආත්ම භාවයෙක කොට ඇත්තාවු මහා අකුසල කර්මයෙක් ගෙවීමට නියමව ඇත්තාසේ සිතා, සිත සනසා ගම්හ යයි සිය ඇඹේණියන්ද බණවා පියා, දියණියට ජනනි යයි නම් තැබූ සේක.

ඒ කෙසේද යත් ජනයින් නව කෙලක් වූ සංඛ්යාවෙක් නිබඳවම පිස්සු වට්ටවන්නා වූ හෙයින් ඒ දරු සිඟිත්තිය ජනනි යන නම් ලැබූවාහුය.

අනාවැකිය සඵල කරවීම තම ජීවන අභිලාශය කොටගත් බවක්, කුඩා කල සිටම ප්රදර්ශනය කරනු වස් ජනනි දැරි තෙමේ ඉටා ගත් බවෙක් පහත සිදුවීම් කෙරෙන් මොනවට පැහැදිලි වේ.

කබර ගොයෙකු හට කිඹුලෙක් යයි රැවටී කරන ලද මහා ගාලගෝට්ටිය.

ජනනි දැරියගේ හිසට නෙරළු ඵලයක් පත බෑ වීම.....මේ සිද්ධිය පිළිබඳව පරස්පර විරෝධී විද්වත් මත යුගලයක් ඇතිබව මේ අවස්ථාවේ නොපවසාම නොහැක. ( වැදගත් - දුහුණන් දැනුම් උදෙසා....නෙරළු ඵලය = පොල් ගෙඩිය )

පළමු මතය වන්නේ, නෙරළු ඵලය හිස මත පත බෑවීම කරණ කොටගෙන, ජනනි දැරිය වර්තමානයෙහි ගත කරන අඩක් ආබාධිත මානසික තත්වයට පත්වූ බවය. එහෙත් ඊට ඉඳුරාම පටහැනි දෙවන මතයෙන් කියවෙන්නේ පූර්ණ ආබාධිත තත්වයෙන් මිදී, ජනනි දැරිය අද කල් ගත කරනා අර්ධ ආබාධිත තත්වයට පත් වූයේ එම නෙරළු ඵලය හිසට පත බෑවීමෙන් අනතුරුව බවයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, වර්තමානයේ ඇගේ තත්වය එලෙසම පවත්වාගැනීමට නම්, අවම වශයෙන් දෙසතියකට වරක් හෝ අඩි පහළවක විස්සක උසින් සිට නෙරළු ඵලයක් ඇගේ හිස මතට පතිත කරවීමට සැළැස්වීම අනිවාර්යයෙන් කළයුතු බවයි.

ඒ පිළිබඳව තිර නිගමනයකට එළඹීම විශේෂඥයින්හට පවරා, අපි ජනනි දැරිය ගේ ඉදිරි දිවිය පිළිබඳව අවධානය යොමු කරමු.

මෑණියන්ගේ බලවත් වෑයම කරණ කොටගෙන, අප කථානායිකා තොමෝ උසස් අධ්යාපනය ලැබූවා, සිදුවිය යුතු සේම පූර්ව ජන්මයෙහි කල මහා අකුශලයක් ගෙවියයුතු වූ පුඟුලෙකු අධිපතීත්වය දරන්නාවූ පෞද්ගලික ආයතනයක රැකියාවක් ද ලබා ගත්තීය.

මෙලෙස රැකියාවෙහි යෙදී සිටිය ද නිබඳ ඇගේ සිත දවනා සිතුවිල්ල වනුයේ කෙලෙසක විවාහවීමට සුදුසු පුරුෂයකු සොයාගනිම්දැයි යන්නයි.

අසන්න මා මිතුරනි....දෛවය කොතරම් විශ්මය ජනක ද යන්න ස්ඵුට කිරීමෙහිලා වෙනත් නිදසුන් කුමටද?......මේ මා පවසන්නට යෙදෙන්න ඊට කදිම උදාහරණයක් නොවන්නේද?

වියයුතු දෙය වියයුතුලෙසම වීම වලකන්නට සමත්වන්නා කවරෙක්ද?......ඒ එසේම තම ඥාති සොහොයුරියකගේ විවාහ මංගළ්යෝත්සවයට අප කථා නායිකාව සහභාගි වූයේ, දෙවන මනාළිය ලෙසිනි.මනාලයාගේ මිතුරකු ලෙස ඊට සහභාගී වීමට යජිත් නම් ඒ අප කථා නායක තෙමට සිදුවූයේ දෛවයේ සරදමක් විනා අන් කවරක් නම් නිසා ද?

මංගල්ය චාරිත්ර අවසන, අප කථා නායිකාව ශාලාව මධ්යයේම අසුනක් අරා, උදක්ම සතර දිසාවෙහි නෙත් යොමා සිටියේ සුදුසු වූ තරුණයකු නෙත ගැටෙනුයේ කවර මොහොතේද යන නොඉවසිල්ලෙනි.

වන්නාටය!!!....අහෝ දුකකි, ඛෙදයකි, එසඳ අප වීර යජිත් තරුණයාගේ රූපකාය අප කථා නායිකාවගේ දෑස ගැටිණි. " අහා.....කොපමණ කඩවසම් තරුණයෙක්ද ඒ.....එසේම ඔහුගේ බුද්ධිමත් පෙනුම......මොහු කෙසේ හෝ මා කෙරෙහි ආසක්ත කරවා ගත යුතුයි...එළයැ...එළයැ......දස දහස් වර එළයැ.....දෙන දෙයියෝ දෙනකොට ඇන ඇනලු දෙන්නෙ හී...හී...." යනුවෙන් තොල මතුරමින් මෙසේ සිතූ ඕ තොමෝ, වහා ඒ ක්රියාත්මක කරනු වස් ඉතිරින්හට නිසගයෙන් උරුම වන්නා වූ මායම් සැට සතරෙක් වේද, තමන් සැට සතරෙක් නොව එක්සිය අට විස්සෙක් වූ මායමකට හිමි කම් කියන බව සිහියට ගත්තාහු වහා ඒ ක්රියාත්මක කළාහුය.

පළමුව කටාක්ෂ නිරීක්ෂණය.....ඉනික්බිති එසඳ තරුණ තෙම මෙදෙස බැලූ කෙණෙහි ඉවතා බලා ගැන්ම....ඔහු කෙරෙහි කිසිදු උනන්දුවෙක් තමා තුල නොමැති බව හැඟවෙන ලෙස හැසිරීම....

වැඩිදුරටත් විස්තර කිරීමට පළමු උදක්මැ පැවසිය යුත්තෙක් ඇත. බොහෝ ඉතිරින් මෙම මායම් පෑමෙන් ඉක්බිති තරුණ තෙම සුභවාදී ප්රපතිචාරයෙක් දැක්වූ කල්හි සිතන්නාහු....." හහ්...හෙතෙම මාගේ මායමෙන් වසඟ විය. ඉතින් ඔහුට නම් නැවත ගැලවුමෙක් නැත " යනුවෙනි.....අහෝ ඒ නම් සාකල්යයෙන්ම අසත්ය වූ සිතුවිල්ලක්මය. සත්ය වශයෙන්ම සිදුවනුයේ ඉතිරින් කෙරෙහි වූ මහත් අනුකම්පාවෙන් මඩනා ලද වූ තරුණ තෙම " අහෝ, මේ ඉතිරිය කෙරෙහි මා මහත්සේ අනුකම්පා කල යුතුමය...නැතහොත් ඒ මාගේ පිරිමි කමටද කැළලෙකි " සිතා ලයෙහි හට ගන්නාවූ මහත් අනුකම්පාවෙන් ඉතිරිය කෙරෙහි ලෙන්ගතු භාවයෙක් පෙන්වීමය.

කම් නැත.....එතැන අදාල වූ මංගල්යෝත්සව ශාලාවෙහි සිදුවූයේ කිමෙක්ද, සත්ය වශයෙන් කිව හැක්කේ අප වීර යජිතයානන්ට පමණි. ඔහු සත්යය හෙළිකරන්නට ඉදිරිපත් වන්නේද යන්න ඉඳුරාම ඔහුගේ කැමැත්ත මත රඳා පවතී. එසේ හෙයින් අප මෙම කථාවේ ඉදිරි ජවනිකා දෙස යොමුවීම මැනවයි හඟිමි.

අහෝ...ඉතිරියක් යම් අදිටනක් සිත්හි දරාගත් කල්හි, ඒ ඉටුකොට ගැනීම් වස් කුමන හෝ අදමිටු පියවරෙක් ගැනීම නොපැකිලෙන බව පෙර පඬිවරුහු පැවසූයේ මුඛයේ යම් ව්යාධියක් කරණ කොට ගෙන නොවේමය.

මාරක සකරබරග නම්වූ ඒ උගත් පඬිවර තෙමේ, සකල ලෝ වැස්සන් කෙරෙහි පතලා වූ මහත් කරුණාවෙන් උතුරන හදින් යුක්තව සමාජ සම්බන්ධතා ජාලයක් ලෙස නිමැවූ වක්ත්ර පුස්තකය මේ අදමිටු ඉතිරිය තම කූට අරමුණු ඉටුකරගැනීමෙහිලා මෙවලමක් ලෙස යොදා ගත්තීය.

වන්නාටය!!!....සිදුවූ දෙය සිදුවී අවසානය...ඒ නැවත වෙනස් කිරීමට ඔබට මට තබා සක් දෙවිඳු පුත් වයිමා හට ද නොහැක්කේමය.

එබැවින් ඒ ගැන වඩි දුරටත් කථා කොට කවර නම් ඵලෙක්ද?.....

අප කථා නායක යජිත් තෙමේ, අසූතුන් කෙළකිනුදු සොය ගත නොහැකි පමණ ගුණ යහපත් තරුණයෙක. ඔහුගේ හදෙහි නිතර පිරී පවත්නා කරුණා ගුණයට නිදසුන් ලෙස එක් කරුණක් පමණක් පැවසීමට අවසර පතමි.

මහමඟ රිය ධාවනයහි පළපුරුදු ඇත්තෝ, රථවාහන පොලීසියේ නිලදරුවන් මහ මඟ රිය වේග සීමා පරීක්ෂා කිරීමෙහි යෙදී සිටියදී, රියදුරන් ඉදිරියට හමුවන අනෙකුත් රියදුරන් හට ඒ දනුම් දීම වස් රියෙහි ප්රධාන ලාම්පු වරක් නිවා සංඥා කරන බව දන්නෝය. ඔබ බොහෝ දෙනෙකු එසේ කොට ඇති බව ද මට කිසිදු සැකයෙක් නැත. එහෙත් ඔබ එසේ කරනුයේ ඔබ යන ගමන යන අතර මිස ඒ නතර කොට නොවේ......එසේ නොවේද?

අහෝ සහෘදයනි....මා විශ්වාස කල මැනව,

අප මිත්රය යජිතයෝ මෙවන් විටෙක තමා යන ගමන කොපමණ වැදගත් වුව ද ඒ පසෙක ලා පියා, පොලිස් නිලධාරීන් රැඳී සිටින ස්ථානයේ සිට කිලෝ මීටර පහක් පමණ මාර්ගය දෙපසටම වරින් වර ගමන් කරමින්, තම රියෙහි ලාම්පු දල්වමින් අනෙකුත් රියදුරන් හට අනතුරු හැඟවීම තම පරම යුතුකමෙකැයි සළකන්නා සේම, එසේ කිරීමට කිසිම විටෙක නොපැකිලෙන්නාහුය.

අවසන මෙම සත් ගුණවත් පරාර්ථකාමී ක්රියාව අවබෝධ කොට ගන්නා පොලිස් නිලධාරීහු, ඔහු රිය නතර කොට දැඩිලෙස අවවාද කල පසුවය ඔහු එතැනින් නික්මෙනුයේ. ඒ ද අනුනට පිහිට වීමෙහිලා ලැබුණු අවස්ථාවට බාධා කිරීම පිළිබඳව පොලිස් නිලධාරීන්ගේ දෙමව්පියන්ගේ ගුණ ගායනයේ යෙදෙමිනි.

ජනනි සහ යජිත් පිළිබඳව මවිසින් කල මේ කෙටි විවරණයෙන්, ඔවුන් දෙදෙන කොපමණ එකිනෙකා හා ගැලපෙන යුවලක් දැයි ඔබ සැම වටහා ගත් බවට මට කිසිදු සැකයෙක් ඉඳුරාම නැත්තේමය.

ජනනි සහ යජිත්............මගේ සොයුරිය සහ සොයුර......ඔබට සුබ මංගලම්...........

A successful marriage requires falling in love every day, with the same person. ~ Germaine Greer

Only If you have time to fall in love, with all those crazy things you are planning to do together......heh, heh,

Thursday, September 15, 2011

84. සැහැල් වූ හිස දෝණිගේ උකුල මත - නිති සුව ලබයි කිසි සැක නොමැත

ලොව ඇහැරෙන කලක
වළාකුල නැත දැකුමට ගිය තැනෙක
හිරු විය පසෙක වැටීගෙන
සඳු විය මෙය හොරෙන් බලාගෙන

දෝණි නෙත් පිස ආවා
උදෑසන සිරි මැව්වා
වළාකුල ගෙන සිම්බා
නැවත අහසෙන් තිබ්බා

හිනා මලින් මුව දෝවා
ඈ හිරු මල අත ගෑවා
හිරුත් සිනා පෑවා
විගස පැන අහසට වූවා

දවස ටික ටික ගත වූවා
දූ පැටි හවස ගෙන ආවා
සඳුට හඬ ගෑවා
අහස වෙත යන්ට කීවා

සඳු හිනැහෙන්නා
දුවට හාදු දෙන්නා
අම්මා දැන් එන්නා
කියා ඈ නලවන්නා

වතුසුදු මල් ඇහැරෙන්නා
නැන්දා ඒ මල් නෙලන්නා
දෝණිය උදව් වෙන්නා
නමුදු ඇහැ පාර වෙත වෙන්නා

මව් එන්නී අඳුර සමගින
දෝණි හිනා මල පූදාගෙන
ඈ අතේ නැලවී ගෙන
නිදන්නී සොඳ හිනා පාගෙන

දෝණිගේ සිනා මුව දැක
සැඟවුනා රතු රෝස මල
ඇගේ නැටුම් විඳ විඳ
නිදි වැදුනා නිදිකුම්බා පඳුර

ලපටි කථා අසමින
ගිරව් බත් කෑ බව කියමින
ඇයට පැරදීගෙන
ඉගිල ගියා විගසින

ඇයගේ හැඬුම් අසා
බිය වූවා අහස පවා
හෙණ පුපුරා අකුණු ගසා
අහස දොඩමළු වුවා

ඇගේ අගේ ඇති කවිකම්
අසා සිටි කොවුලන් විකුම්
නොමැතිව කවිකාරකම්
හඬති යමක් කරනට නැතිව වෙනයම්

මිත්තණියගේ දිගු වූ වරලස
අම්මාගේ කෙටි වු වරලස
දෙකින් කොයික වුව නැහැ වෙනස
ඇද ඇද පාන සිනා සතපයි අප මනස

“දෝණි කාගෙදෝ-තාත්තාගේ”
“දෝණි කාගෙදෝ- අම්මාගේ”
“තාත්තා කාගෙදෝ-අම්මාගේ”
“අම්මා කාගේදෝ-තාත්තාගේ”

"ඒයි එන්න තේ බොන්නට"
අම්මා අමතන සඳ තාත්තාට
"ඒයි ඒයී එන්න තේ බොන්නට"
ලෙසින් අමතයි දෝණි තාත්තාට

තාත්තා පසු පස යන දෝණි
වැඩ එක දෙක කර දෙන්නී
සුහද සිනා මුව පුරවා දෙන්නී
ඔහුගේ වෙහෙස නිවා දමන්නී

දෙමව්පිය හිස මත ඇති ලොවක බර
සැමදා හවස දෝණිය දමයි විසිකර
සැහැල් වූ හිස දෝණිගේ උකුල මත
නිති සුව ලබයි කිසි සැක නොමැත

පසුගිය සැප්තැම්බර් 7 වන දින දෙවසර පූර්ණය කල අප ආදර දියැණියට සෙනෙහසිනි.

පුංචි කාලේ ඉඳන් ම ඔයාව දොයි කරවද්දි සුපුරුදු නැලවිලි වලට අමතරව මං ම හදාගෙන කියපුවාත් මට දැන් සිහි වෙනවා. ඒවා කිහිපයක් සටහන් කරන්න හිතයි මට. ඔයාත් දැන් මාත් එක්ක මේවා කියනවා ඇහෙද්දි ඔයාට කෙසේ වෙතත් මට ම නින්ද යනවානේ.

මගේ රනුලි සුදු දුවනි
හෙට උදයේ ඉස්කෝලේ යනවා
ඉස්කෝලෙදි වැඩ කරලා
හොඳ ළමයෙකු වී එනවා

මගේ රනුලි සුදු දුවනි
හෙට උදයේ කොළඹ යනවා
කොළඹ ගිහිල්ලා වැඩ කරලා
මට ඇඳුමක් ගෙන එනවා

රනුලි රනුලි සුදු රනුලි
රනුලිගේ අම්මා මම රන්දි//

රනුලි අපේ සුදු ‍දෝණි
අම්මා අතේ දැන් සැනසෙනවා
සැනසීලා හිනැහෙනවා
හිනැහීලා දොයියනවා








Wednesday, September 14, 2011

46. නුඹ ගැන නුඹ.........ඉනික්බිති........නුඹ ගැන මම..............



නෙළුම් පතක රැදි දිලිසෙන දිය බින්දුව...............මම
උදේම නුඹ ඇස ගැටෙනා පිනි බින්දුව...............මම
නිරුදක මහ වැලි කතරට වැහි බින්දුව................මම
ඉඳහිට නුඹෙ නෙතින් ගලන කඳුළු බිදයි.............මම

වියළි කතරෙ නුඹේ පයට සිහිල් පලස............... මම
නුඹ දවනා හිරු එළියේ වලාකුළයි.................... මම
මහ වැසි මැද උණුසුම දෙන සිතුවිල්ලයි............ මම
උණුසුම් සැඩ හිරු කිරණේ සීත සුළඟ................ මම

අමාවකට පායා ආ පහන් තරුව........................ මම
අහම්බයෙන් ඇස ගැටෙනා දිය කිඳුරිය............... මම
ගිරිදුරු මහ වන අරණේ හිස පිපි මල...................මම
නුඹේ සිතේ නාදුනනා පහන් හැඟුම....................මම

නුඹට හිතැති නමුත් දුරැති මිරිඟු සයුර................. මම
නුඹත් දන්න මමත් දන්න එකම රහස.................මම
නුඹත් නොදැන දෙතොල ඇඳෙන සිහින් සිනා ....මම
නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය..............මම

ඉහත කවිපෙල ඔබට මතක ඇතිබව මට සහතිකයි. ඒ සොඳුරු සිතේ පළවූ අපේ වත්ගේ සංකල්පනාවක්.

මේ කවි පෙළ මගේ හිතේ මැවූ දහසකුත් එකක් හැඟුම් අකුරු වී පත් ඉරුවක සටහන් වුනේ ඒ දිනවලම. එහෙත් ඒ දවස්වලම අනර්කලී - සලීම් ආදර කතාවක මමත් පැටලිල හිටියෙ අර කොටියගෙ මොකක්ද එක අල්ල ගත්තු නරිය වගෙ. ඒ නිසා පබ්ලිශ් කරන වැඩේ දිනෙන් දින කල් ගියා.

ඔන්න දැන් මම ඒ කවි පෙල පලකරන්නයි යන්නෙ.

ආහ්.....අමතක මතක බැරිවෙනවනෙ තව පොඩ්ඩෙං......සේපාලිකා මල් පින්තූරෙ අයිතියත් වත්ගෙ........

තුන් දොරකඩ පීදෙන වන සපු කැකුළයි ............නුඹ,
උදෑසනම ඇසෙන විහඟ ගී රාවය .....................නුඹ,
කවුළු දොරින් හමා ඇදෙන සුළං රැල්ල............ නුඹ,
හෙමින් හෙමින් බිමට වැටෙන මල් පෙත්තයි......නුඹ,

ගොම්මන් කළුවේ වස් දඬු රාවය ඒ ................නුඹ,
දෙවට දිගේ රටා මවන සඳ එළියයි ..................නුඹ,
සුදු අරලිය මල් පෙත්තක මුදු මෙලකයි ............නුඹ,
විල් තෙර පිපි නිල් මානෙල් මල් සුවඳයි............නුඹ,

මා දෙතොලග නිබඳ රැඳුනු කව් පද පෙළ .........නුඹ,
කිසිදා ලංවන්නට බැරි මිරිඟු දියයි...................නුඹ,
ගලා බසින දියපිට ඇඳි සිත්තමක්ය................. නුඹ,
අහස් ගඟෙන් කඩා වැටෙන තරු කැකුලයි ......නුඹ,

නෙත අග නැඟි සීතල පිණි කඳුළු බිඳුව ..........නුඹ,
ගත දවනා නිරතුරු රළු වියළි සුළඟ ...............නුඹ,
ලය පුරවා නැඟෙන සිහින් ඉකි බිඳුමයි ...........නුඹ,
සිත පාරමි පිරුවද හිමි නැති සැනසුම .............නුඹ,

Monday, September 12, 2011

45. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........9


පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

සත්වන කොටස

අටවන කොටස

හදිසියේම ඇය නැටුම එක් වනම නැවැත්වූවා මා දෙස එක එල්ලේ මොහොතක් බලාසිට මෙසේ පැවසුවාය.

" Why don't we just go there......and finish this...............if its in our destiny to do so let's get it over once and for all......I feel like someone is forcing me to do it....."

ඇය පවසන්නේ කුමක් පිළිබඳවද යන්න මට කිසිදු සැකයක් නොවීය. එම හැඟීම එලෙසම මටද දැනෙමින් තිබිණි.

" Okay Aparna............you are correct......lets finish it once & for all........"

" සුබයර්....අපි යනව අර චිනාර් ගහ ලඟට........එපයි කියන්ඩ නම් එපා ගොයියෝ......." මම සුබයර් අමතා පැවසුවෙමි.

" එපයි කියන්නෙ මොකටද සර්......අනික එහෙම දෛවයට, ඉරණමට විරුද්ධ වෙන්ට මම කවුද?.....එහෙම කරන්ට මට තියෙන අයිතිය මොකක්ද?........." සුබයර් පැවසුවේ මවෙත හිස නවමිනි.

තානායම අභ්යන්තරයෙහිදී ඇඳ සිටි ඇඳුම් පිටින්ම, අප දෙදෙන තානායමෙන් පිටතට පැමිණියෙමු. මා කියන්න විශ්වාස කරන්න සහෘදය.......පිටත හිම පතනය අඩුවී තිබූමුත් සම්පූර්ණයෙන් නැවතී නොතිබිනි. එහෙත් අප දෙදෙනාටම කිසිදු ශීතලක් නොදැනුනු බව කිවහොත් ඔබ මා විශ්වාස නොකරන බව මම උදක්ම දනිමි. එහෙත් සත්‍යය ද එයයි. මම ශුද්ධ ලෙස සලකන්නාවූ සියලු දේ මත අත තබා දිවුරන්නෙමි.......ඒ ශිශිර සෘතුවේ රාත්රියේ අපර්ණා ද මම ද තානායමින් එළියට බැස්සේ ගිම්හානයේ සවසක උද්යානයක සක්මනක් සඳහා දොරට බසින්නේ යම්සේද එපමන සැහැල්ලුවෙනි.

සන්තූරය මෝටර් රියෙහි පසුපස ආසනය මත තබා මම ඉදිරි අසුන් ගෙන රිය පණ ගැන්වීමි.

" සර්ල ආපහු එනකොට මම රෑ කෑම රත් කරල තියන්නම්........" සුබයර් පැවසුවේ මෝටර් රිය තුලට හිස රුවා සිනාසෙමිනි.

" ඕ කේ සුබයර් " මම සුරතෙහි මහපටැඟිල්ල ඔසවා ඔහුට දක්වා මෝටර් රිය පණ ගැන්වීමි.

චිනාර් වෘක්ෂය පිහිටි කඳු ගැටය අසලට පැමිණෙන තුරු අපර්ණා හා මා අතර කිසිදු කතා බහක් නොවිනි. දෛවෝපගතව සිදුවීමට නියමිත කාර්යය පිළිබඳව මම සේම ඈ ද ගැඹුරින් සිතුවා හෝ වෙන යම් නොදන්නා ගුප්ත හේතුවක් නිසා විය හැක, අදාල ස්ථානයට පැමිණෙන තුරුම අප අතර කිසිදු කතා බහක් නොවිනි.

කඳු ගැටය පාමුලට පැමිණ රිය නතර කල මම, සන්තූරයද ඔසවාගෙන කන්ද නැගීමට පටන් ගතිමි. ජීවිතයේ කිසි දිනක නොපැමිණි ගමනක් වුවද, සුපුරුදු ලෙස මම ගමන් ගත්තේ කෙලෙසකද යන්න ඔබටද මේ වන විට ගැටළුවෙක් නොවන බව මට විශ්වාසය.

චිනාර් වෘක්ෂයට ලඟාවත්ම, සන්තූර නාදය සහ නූපුර රාව ඉතා පැහැදිලිව ඇසෙන්නට වූයේය. එහෙත් අප ඒ අසලට ලඟාවත්ම ඒ සංගීත රාවය කෙමෙන් මැකී ගොස් අවසන නෑසී ගියේය.

අවසන අප එතැනට ලඟා වීමු. වසර සාරසියයක් මුලුල්ලේ අප දෙදෙන පෙරුම් පිරූ, කඩ ඉම වෙත අවසන අප ළඟාවීමු. මම චිනාර් ගස මුල එරමිණිය ගොතා හිඳ සන්තූරය වාදනය කරන්නට වීමි.........අපර්ණා මා ඉදිරියේ පැතිරී ගිය සුදෝ සුදු හිම තලය මත රඟන්නට වූවාය......සැනෙකින් කාලය එක්වරම නැවතිනි. වසර සාරසියයකට පෙර ලාහෝරයේ සලීම්ගේ මන්දිරයේ රංග ශාලාවෙහි සිදුවූව,........එදා සලීම් මියගිය දින චිනාර් ගස පාමුල සිදු වූව සහ අද දින ඒ චිනාර් ගස පාමුලම සිද්ධ වන්න වූ දෙය එකිනෙක පැටලී එකක්ම විය........අතීත වර්තමාන සහ අනාගත යන කාලත්රය එකම ප්රවාහයක් වූ මොහොතකට අපි පැමිණ සිටියෙමු.

සිව්සියක් වස් තුල ගලාගිය,
සෙනෙහෙ දහරක් වී අපරිමිත,
එකට එක්වූ දෙහදකිය අද,
රඟනු පෙම්ගී ගයනු ඇසුණිද?

නෙත කඳුළු පිරුනේ සයුරකට,
සෝ සුසුම් හෙළුවෙමු දෙතැන හිඳ,
සෙනෙහසේ දිය එහෙත් නොසිඳී,
කාලය ද පරදා ගලාගිය,

කාලයේ තිමිරය මැකී ගොස්,
එදා එදවස ඇරඹි අප පෙම,
කිරුළු පැළඳියෙ සීත හිම වට,
වනස්පතියක සෙවණ යට හිඳ,

නොමියෙනා බව සෙනෙහෙ කිසිදින,
සොඳුර ඔබ නෙත් කැළුම් දෙස්දෙන,
ඔබේ අතගෙන ඇවිද යන්නට,
ඉතින් අවසර තෙක් සසර ඉම,

ගලා හැලෙන සඳ එළිය අතරින් අපර්ණා නූපුර සලමින් නර්තනයේ යෙදුනීය. දෑත් ලෙලවමින් නර්තනයේ යෙදුනීය. බඳ ලෙලවමින් නර්තනයේ යෙදුනීය.කිකිණි සිනා සලමින් නර්තනයේ යෙදුනීය.....අවසන අවසන් නූපුර රාවය කාශ්මීර මඳ අඳුරට එක්විය.අවසන් ගී රාවය හිම කඳු අතර මැකී ගියේය. අවසන් සන්තූර් නාදය චිනාර් ගසේ පත් අතර සැඟව ගියේය.

පුරා වසර සාරසියයකට පසු අනර්කලී අවසන් නර්තනය නිමකොට සලීම්ගේ උකුළ මත පතිත වූවා ඔහුගේ ගෙල වැලඳගෙන දෙතොල තරව සිප ගත්තීය.

Love never dies...........It would be redundant for a short while or for a long time by our standards of course, but it would never die. it would survive in the whisper of winnowing winds, in the murmur of flowing streams in the song of a soaring bird or in the hearts of everlasting lovers.......one thing you can be sure of......Love won't die.......never...... ever....

ප.ලි - A Thank You Note for You All..................................

මේ කතාවෙ නිධාන කතාව ආයෙමත් මතක් කලොත් හොඳයි කියල මට හිතෙනව....මගෙ හිත ඇතුලෙ මේ කතාවෙ මුල, ඒ කියන්නෙ මූලාරම්භය තැන්පත් උනේ අපේ පොඩි කුමාරිහාමි මැතිණිය අනර්කලී සහ සලීම් ගැන පොඩි කුමාරිහාමි වියුණු සටහනේ පෙල ගැස්වූ වියුණුව කියවද්දී............ තව එක් වරක් ඔය මුහුණ දැක ගැනීමට ඇත්නම්!!!

මම ඒ වියුණුවට ප්රතිචාරයක් ලෙස සලීම්ගෙ කතාව ඒ වියුණුවෙම පළ කලා......ඒත් මේ කතාව කොතෙක් මගෙ හිත පැහැරගත්තද කිවහොත් සලීම් අනර්කලී කතාව වර්තමානය දක්වා ගෙන ඒමට මට මගේ හිතම බල කලා.ඒ බල කිරීමේ ප්රතිඵලය තමයි මේ කොටස් නවයකින් ඔබට ඉදිරිපත් කල සහන් - අපර්ණා ප්රේම කතාව.........කතාව කෙටි කිරීමට මම අපමණ වෙහෙස ගත්තත් ලිවීමට පටන් ගත් විට තිරිංග ක්රියාවිරහිත වීමේ ව්යාධිය මට අනිවාර්යයෙන් වැළඳෙන බැවින් මෙතෙක් දුරක් මා සමඟ දුර ගමනක් පැමිණීමට ඔබට සිදුවීම පිළිබඳව මාගේ බලවත් කනගාටුව මේ සමඟ ප්රකාශ කරමි.

ඒ සමඟම මෙතෙක් දුරක් මා හා රැඳීසිටි ඔබ සැමට මගේ කෘතවේදීත්වය ද.......ඔවුන්ගේ අමරණීය ආදර අන්දරය සමඟ සිව් සියවසක දිගු චාරිකාවක් ඔවුන් අත් අතනොහැර සමාප්තිය දක්වාම පියවර මැනීම උදෙසා සලීම්, අනර්කලී සහ සහන්, අපර්ණාගේ හෘදයාංගම ස්තූතිය ද මේ සමඟම පිරිනැමීමට මට අවසර!!!!!

Sunday, September 11, 2011

44. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........8



පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

සත්වන කොටස

අපර්ණා මාදෙස විමසුම් ඇසින් බැළුවාය. එහි ලියැවුණු ප්රශ්නාර්ථය වැටහුනු බැවින්, මම යටි තොල පෙරලා, හිස දෙපසට වැනීමෙන් පිළිතුරු දුනිමි.

" මම දැහැන්ගත වෙලා වගෙ නැටුම බලාගෙන හිටිය.....ඔන්න සලීම්ගෙ ගීතය අවසන් වෙන කොටම, අනර්කලී රැඟුම අවසන් කරල, සලීම්ගෙ උකුලෙ ඉඳගෙන සලීම්ගෙ බෙල්ල බදා ගත්ත....එතකොටම හාත්පස පැතිරිල තිබුනු හඳ එළිය එක ක්ෂණයකින් නැතිවෙල ගියා.....චිනාර් ගහ යටටත්, අනික් හැමතැනටම වගෙ හිම වැටෙන්ට පටන් ගත්ත.....එක පාරට මහ සද්දෙන් සීතල හිම පියලි එක්ක කුණාටුවක් වගෙ සුළඟක් හමාගෙන ආව......මම සිහිනයකින් ඇවිදිනව වගෙ කලුවරේම ආපහු ගෙදර ආව.....පහුවදාට එලි වෙනකොට සර් මට හොඳටම උණ.....ඒ උණ බැස්සෙ දවස් තුනකට පස්සෙ........තවත් දවස් දෙකකට පස්සෙ, ඇඟට යන්තමින් පණක් ආවම, උදේම මම හෙමිහිට ගියා ආපහු ඒ චිනාර් ගහ යටට....මට ඒ ගමන නොගිහින්ම බැරි උනා...කවුදෝ මට පලයන්, පලයන්, කියල බල කරනව වගෙයි මට තේරුනෙ. චිනාර් ගහ යට කිසිම වෙනසක් මට පෙනුනෙ නෑ.....අනික් හැම තැනම වගෙ හිම වැටිල තිබුන.....හාවො හිවල්ලුන්ගෙ පා සටහන් තිබුන.....මම ටිකක් වෙලා එතන ඉඳල, ආපහු හැරිල හෙමිහිට එන්ඩ පිටත් උනා.....අඩි දහයක් වාගේ එන්ඩ ඇති......මට ආපහු හැරිල බලන්ඩම ඕනය කියල ප්රබල හැඟීමක් ආව......හෙමිහිට එහෙමම නැවතිල, මම ඔලුව හරවල ආපහු බැළුව......"

අප දෙදෙන ඔහු දෙස බලා සිටියේ හුස්ම ගැනීමට පවා අමතක වූ ලෙසිනි.

" චිනාර් ගහ යට හිම ගොඩේ, ඉරු එළියෙ මොකක්ද දිළිසෙනව.......මම ආපහු ගියා.....මට දිවුරන්ට පුළුවනි ඊට මොහොතකට කලින් ඒක එතන තිබුනෙ නෑ කියල......මැඩම් මොකක් කියලද හිතන්නෙ ඒ?"

" අනර්කලීගෙ....... නූපුර......." අපර්ණා සෙමින් තොල මතුලාය.

" හරියට හරි.........මැඩම් හරියටම හිතුවෙ කොහොමද කියලත් මම දන්නව........" සුබයර් පැවසුවේ අපර්ණාගේ මුහුණ එක එල්ලේ බලමිනි.

ඈ ප්රශ්නාර්ථයෙන් සුබයර් ගේ මුහුණ බැලූ නමුදු ඔහු ඒ පිළිබඳව වැඩි දුර කතා නොකලේය.

" දැන් කෝ ඒව?........." මම ඇසුවේ කුතුහලය තවත් ඉවසිය නොහැකි අවස්ථාවේය.

ඊටද පිළිතුරක් දුන්නේ සුබයර් නොවේ. මගේ ප්රශ්නය නෑසුනු ලෙස ඔහු කතාකරගෙන ගියේය.

" අපෙ පරම්පරාවෙන් පැවත එන පුරා වෘත්තයෙ කියවෙන විදිහට, සලීම්ගෙයි අනර්කලීගෙයි ආත්ම ඔය චිනාර් ගහ ආසන්නයෙ, හැමදාටම සැරිසරන්නෙ නැහැ.ආයෙමත් කවදාහරි සලීමුයි අනකලීයි මේ ලෝකෙ ඉපදෙනව. එහෙම ඉපදෙන කල් විතරයි, ඒ ආත්ම ඔතන සැරිසරන්නෙ.......එතකොට ඔය ආත්ම ගන්ධබ්බ,ඒ කියන්නෙ අක්මුල් නැති විදිහට සැරිසරන එකත් නවතිනව................ඊට පස්සෙ අනිවාර්යයෙන් ඒ අයෙ ඉපදුනු අනර්කලී සලීම් දෙන්න ඔතනට එනව.......එහෙම වෙන්නම ඕන,...ඒ තමයි ඒ ප්රේම වෘතාන්තයෙ කූටප්රාප්තිය.........ඒ දෙන්නගෙ ආයෙමත් වෙන් නොවන එකතු වීම......ඒ දෙන්න ආයෙම ඉපදිල ඔතනට ආවම, ඒ ආත්ම සදාකාලිකවම ආයෙත් එකතු වෙනව කවදාවත් ආයෙ වෙන් නොවෙන්නම.සර්ල දන්නවද දැනට අවුරුදු විසිපහක විතර ඉඳල ඔය සංගීත නාදෙ ඇහෙන්නෙ නැතුව ගියයි කියල"........සුබයර් ඇසුවේ අප දෙදෙනාගෙ මුහුණු පිළිවෙලින් පරීක්ෂාවෙන් බලමිනි.

හින්දියෙන් සුබයර් එක දිගට පැවසූව, ඔහුගේ හැඟීම්බර කථා විලාශය නිසා, මට හරිහැටි නොවැටහුනු බව, මගේ මුහුණේ පිලිබිඹු වූ විපිළිසර විලාශයෙන් වටහාගත් අපර්ණා, ඉංගිරිසියෙන් ඒ පැහැදිලි කලාය.

" What he says is that the souls of anrkali & saleem would roam near that tree, only until they are born again in this world.........he says it would happen sooner or later and when that happens the souls would roam lost, no more.......And just listen to this........it's the most important part ......born again anarkali & saleem would one day come to this pre-destined place, definitely............and only then...only then their souls would be united forever ....never to be separated again until the end of time itself.......and do you know what's most interesting of all..........it seems the music hasn't been heard since around 25 years back.........what do you make out of it........?"

I looked at her absolutely stunned......සමාවන්න........විශ්මයෙන් අඩක් විවර වූ මුවින් යුතුව මම ඇගේ වත දෙසම බලා සිටියෙමි.

" Are you thinking what I am thinking " Aparna asked in a small voice,

" Yeah.......I think so........i am not sure whether its true or not & in addition if i can make myself believe it or not..... ......but all the facts point in that direction..........."

" Okay, then in that case let's live up to it.............."

එසේ පවසමින් අපර්ණා එක්වරම අසුනින් නැඟිට රංගනයට සූදානම් වූවාය.

" හරි...මම ලෑස්තියි" ......සිනාසෙමින් පැවසූ මම සන්තූරය අසල අසුන් ගතිමි.

" සමාවෙන්න මැඩම් ".....සුබයර් පැවසුවේ ,මෙතෙක් සඟවාගෙන හුන් කුඩා දම් පැහැ විල්ලූද මංජුසාවක් අපර්ණාට දිගු කරමිනි.

කුතුහලයෙන් යුතුව ඒ අතට ගත් අපර්ණා වහා මංජුසාව විවර කලාය.

" සහන් " .....විශ්මයට පත්වූ ඇය මංජුසාව මා වෙත දිගු කලාය.

එහි ඇත්තේ කුමක්ද යන්න මම ඒ වන විටත් සක් සුදක් සේ පැහැදිළිව දැන සිටියෙමි.....................ඔබටද ඒ අරුමයක් නොවන බව මට සහතිකය......එසේය දයාබර හිතවත/හිතවතිය එහි වූයේ අනර්කලීහේ නූපුරය. රජතමය නූපුරය.වසර පණහකට පමණ ඉහත සුබයර්හට චිනාර් වෘක්ෂය යට තිබියදී හමුවූ නූපුරය.

මොහොතකුදු පමා නොවී එකෙනෙහිම පහත්ව නූපුර පැලඳ ගත් අපර්ණා නැඟිට වටයක් කරකැවී මා දෙස අඩවන් නෙතින් බැලුවේ මෙසේ පවසමිනි.

" Right then......Sahan, my dear........let's do it.....what are you waiting up for?"

ඇය සම්පූර්ණයෙන්ම නිවැරදිය..........තවත් කුමක් බලාසිටින්නද?......මම සන්තූරය වැයූයෙමි...........ශාලාව පුරා පැතිරී යන මියුරු නද අසමින් ආවේශ වූ සේ මම සන්තූරය වැයූයෙමි.........ඇය නැටුවාය..........සිහිනිඟ නලවමින් දෑත් ලෙලවමින්.......නූපුර රාවය දසත පතුරමින් ඇය නැටුවාය.............එක නිමේශයක් තුල ඇයද මමද සහන් සහ අපර්ණා ද නැතහොත් සලීම්සහ අනර්කලී ද යන්න අවිනිශ්චිත විය.ඒ කවුරු හෝ වේවා.......ඒ පිළිබඳව අපගේ කිසිදු තැකීමක් නොවිනි. ඇය නැටුවාය.......මම වැයුවෙමි......

මෙසේ කොපමණ වේලාවක් ගත වීද ඇත්තෙන්ම මම නොදත්තෙමි.

මතු සම්බන්ධයි...............

Friday, September 9, 2011

43. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........7



පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

සයවන කොටස

" ජහන්ගීර් නෙවෙයි, ඇත්තටම නම්......සලීම්......ඔය චිත්රයෙ ඉන්නව වගේමයි.....එයා ඇස් අඩවන් කරගෙන සන්තූරය වාදනය කරන ගමන්, හෙමිහිට ගීතයක් ගායනා කලා.........ඒ අඩවන් දෑස යොමු වෙලා තිබුනෙ කොහාටද කියල සර්ලට කියන්න පුලුවන්ද?"

ඒ ප්රශ්නය පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඇසූ ප්රශ්නයක් නොවූවද.....එසේම අප දෙදෙනාම පිළිතුර හොඳින් දැන සිටියද.....අපි හිස වනා නොදන්නා බව හැඟවීමු.

අපේ හිස් වැනීම සුබයර් නොදුටු බව පැහැදිලිය.දීර්ඝ සුසුමක් හෙලූ හෙතෙම නැවත කතාව ඇරඹීය.

" සුදුම සුදු රනින් වැඩ දාපු සේලයකින් සැරසිල......සන්තූර නාදයට අනුව,, සලීම්ගෙ ගායනය අනුව, ඒ චිනාර් ගහ යට සුදෝ සුදු හිම මත, මට කිසිදාක අමතක නොවෙන තරම් හිත ඇද ගන්නා නැටුමක යෙදිල හිටියෙ........වෙන කවුරුවත් නෙවෙයි.........අනර්කලී,"

" Oh, my god" ..............අපර්ණා පැවසුවේ මෙතෙක් ඉහළට ඇදගෙන සිටි හුස්ම එක්වරම පහලට හෙලමිනි.

" අනර්කලී ආභරණ මොකවත් පැළඳ ගෙන හිටියෙ නෑ............අර චිත්රයෙ අතේ කරේ රත්තරන් පුරවගෙන හිටියට, එතන එයා පැළඳගෙන හිටියෙ රිදී නූපුර විතරයි.....ඒත් ඒ නූපුර වලින් නැඟුනු රාවය.....ඈ රිද්මයට පාද තියල, කැරකිල, ආයෙම පාද පොළවෙ තියනකොට, ඒ නූපුර වලින් නැඟුනු සුමිහිරි නාදය.......මට අවුරුදු පණහකට කිට්ටු කාලයක් ගත වෙලත්, තාමත් ඇහෙනව වගෙ......." කතාව මඳකට නැවත්වූ සුබයර් සෙමින් දෑස පියාගත්තේය........ ඉහලට ගත් හුස්ම දෙතුන් වරක් සෙමින් පහළට හෙලීය......." ඔන්න ඔය ඔය සර්.....ඇහෙන්නෙ නැද්ද ඔය පුංචි රිදී සීනුවක වගෙ සද්දයක්.........ඒ සද්දෙ තමයි එදා මට ඇහුනෙ..........."

ඔබ පිළිගන්නේ නම් පිළිගන්න,.............මම කිසිදු ලෙසකින් අද්භූත සංසිද්ධීන් විශ්වාස කරන්නෙක් නොවෙමි. සන්ධ්යා කාලයේදී චිනාර් ගස දුටු විට මෙන්ම, තානායමේ සිතුවම දුටු කල්හි ද, මසිත වෙලාගත් අද්භූත හැඟීමට කිසිදු යතාර්ථවාදී හේතුවක් මට සිතාගැනීම උගහට වුවද, ඒ සඳහා කිසියම් ස්වාභාවික හේතුවක් ඇතැයිද ඒ වටහාගැනීමට මා අපොහොසත්වීම මගේ ප්රමාදයකැයි ද, යන මතයෙහි මම මෙතෙක් වේලා දැඩිව එල්බගෙන සිටියෙමි. එහෙත් ජීවිත කාලයක් පුරා මා රැකගත් මගේ යතාර්ථවාදිත්වය එක මොහොතකින් බිඳ වැටුනේ එදා ඒ රැයෙහිදීය.

එසේය...සුබයර් පැවසූවේ සම්පූර්ණ සත්යයයි. කුඩා රිදී සීනුවක හඬක් ඉතාම පැහැදිලිව, ඇසෙන්නට විය. ඒ රිදී සීනුවක් බව මම දන්නේ කෙසේදැයි මගෙන් නාසන්න.......එය මම දැන සිටියෙමි......මගේ නම සහන් බව මම සැකයකින් තොරව දැන සිටියේ යම් සේද, ඒ රිදී සීනු හඬ අනර්කලීගේ නූපුර හැඬවෙන රාවය බව ද,එලෙසම මම දැන සිටියෙමි. ඒ හැමටම වඩා විශ්මයට තුඩුදුන් කරුණ වූයේ, ඒ රිදී සීනු හඬ නැඟී ආවේ අප සිටි ශාලාව තුලින්ම වීමයි. නිකුත් වන ස්ථානයක් එක එල්ලේ පැවසිය නොහැකි ලෙස, ඒ මියුරු නාදය ශාලාව තුල සිව්දෙසින්ම එක්වර නිකුත් වන්නා සේ මට හැඟිනි.

අපර්ණා මඳ සිනහවකින් යුතුව, සීනු නාදයට අනුව අත තිබූ වයින් වීදුරුවට තට්ටු කරමින්, ඒ රිද්මයට අනුගත වීමේ උත්සාහයක යෙදුනාය.ඇගේ වතෙහි බියක සේයාවක් වත් නොවිනි.

මෙතෙක් නෙත් වසා සිටි සුබයර් එක්වරම දෙනෙත හැර නැඟී සිටියේය.කිසිවක් නොපවසාම, තානායම ඇතුලට ගිය ඔහු ආපසු පැමිණියේ සන්තූරයක් ද ඔසවාගෙනය.ඉතා පැරණි පෙනුමකින් යුතු වුවද, ඒ ඉතා ආදරයෙන් රැකබලා ගත්තක් බැව් බැලූ බැල්මටම පැහැදිලි වන්නකි.මින් පෙර සිටි අයුරින්ම බිත්තියට හේත්තු වී හිඳගත් හෙතෙම, මේ වනවිට ශාලාවේ සතර දිගින් නැඟෙමින් තිබූ නූපුර රාවය අනුව සන්තූරය වයන්නට විය.

අද්භූත, සිත් අදහා ගත නොහැකි සිදුවීම් මේ ආරම්භ වූවා පමණකැයි පැවසීමට මෙන්, අපර්ණා නැඟිට දෑත් විදහා රඟන්නට වූවාය. සිහින් සහ නම්‍යශීලී සිරුරකින් යුතු ඇයට, නර්තන හැකියාව නිසර්ගයෙන් ලද දායාදයක් වූ අතර, විශ්ව විද්යාලයීය වාර්ෂික සාදයේදී ,දෙවරක්ම නර්තනයට සම්මාන දිනා ගත්තාය. එහෙත් ඒ බටහිර ආර රංගනයන්ටය. මේ මොහොතේ ඇය රැඟූයේ, මම කිසිදාක නොදුටු අපූර්ව ගණයේ රැඟුමකි. ඒ අනර්කලීගේ එදා රැඟුමම බවට මට කිසිදු සැකයක් නොවීය. ඒ මා දන්නේ කෙසේද කියා යලිත් මගෙන් නාසන්න. මම එය දැන සිටියෙමි.කිසිදු සැකයකින් තොරව ඒ එසේ බව පමණක් මම ඉඳුරාම දැන සිටියෙමි.

" Aparna...you never told me you can dance like this............from where did you learn it? " ඇගේ රැඟුම දෙස විශ්මය පත්ව බලාසිටි මම සිහි එලවා ගත හකිවූ ඇසිල්ලේ ඇසුවෙමි.

" What do you mean where I learnt it? " මුව පුරා සිනාසෙමින් රඟන අතර ඇය පිළිවදන් දුන්නාය." I never knew I can dance like this......but sahan, can't you see?........I can't stop......it's like....it's like someone is making me do it..........but I like it....really like it.....it's a great feeling ...like you are flying away in the blue sky with nothing to worry about........it's ....it's ....just exhilarating.........."

මම ඔබට මින් පෙර පැවසූ පරිදි විශේෂිත යම් අදහසක් ප්රකාශ කිරීමේදී අප දෙදෙන ඉංගිරිසියෙහි පිහිට පැතීමට පුරුදුව සිටියෙමු.

" සර් මේ සන්තූරය පොඩ්ඩක් වාදනය කරල බලන්ටකො........" මා දෙස නෙත් යොමු කරමින් ඒ ඇරයුම සුබයර්ගෙනි.

ජීවිත කාලයටම සන්තූරයක් ප්ථම වරට දුටුවේ අද වුව ද, මට ඒ පිළිබඳව කිසිදු චකිතයක් නොවීය. සුබයර් හිඳ සිටි ස්ථානයේම එරමිණිය ගොතා හිඳගත් මම, සන්තූරය වාදනය කරන උපකරණ ( ඒවා හඳුන්වන්නේ මෙzස්රාසබ් යනුවෙන් බව මම පසුව දැන ගතිමි ) දෑතට ගෙන සෙමින් සෙමින් වාදනය කරන්නට වීමි..........විශ්වාස කරන්න........සහෘදය,.....it's like someone is making me do it.......යනුවෙන් මොහොතකට පෙර අපර්ණා පැවසූවෙහි සත්යතාව, මට එකෙනෙහිම අවබෝධ විය.......මම සන්තූරය වාදනය කලා නොව සත්ය වශයෙන්ම සිදුවූයේ මගේ ඇඟිලි වල රැඳි වාදන උපකරණ සජීවී වස්තූන් ලෙස සන්තූරය මත දිවයමින් කන්කළු නාද රටා මැවීමයි. මම කලයුත්ත වූයේ ඒවා අල්ලගෙන සිටීම පමණකි.මේ වනවිට අපර්ණා රැඟුමේ උපරිම අවස්ථාවට ලඟාවී සිටියාය............මුව පුරා සිනාසෙමින් ,දෑත් ලෙලවමින්, කරකැවෙමින් ඈ මනරම් රංගනයක යෙදුනු අතර මම සන්තූරය වාදනයේ යෙදුනෙමි..........( මා ඉටු කල කාර්යය වාදනය කිරීමකැයි ඔබට නිර්වචනය කිරීමට හැකිනම්......හෙහ්, හෙහ් )

එක්වරම නූපුර රාවය නෑසී ගිය අතර, සන්තූරයේ හඬද කෙමෙන් මැකී ගියේය. මුවග රැඳුනු මද සිනාවකින් යුතුව රැඟුම සහ වැයුම නරඹමින් සිටි සුබයර් ගේ මුහුණේ ප්රශ්නාර්ථයක් මතුවිය. එහෙත් එක් වරම යමක් අවබෝධ වූවා සේ නැඟී සිටි හෙතෙම, නැවත වරක් මුවින් නොබැනම ඉක්මන් ගමනින් ශාලාවෙන් පිටවිය. අපර්ණා අසුනේ ඇද වැටුනාය. මම ද නැඟිට ඈ අසල අසුන්ගත්තෙමි.

" මහන්සිද? " මම වයින් ස්වල්පයක් වත්කරන අතර ඇසුවෙමි. " නෑ අනේ කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ......." ඇ සිනාසෙමින් පැවසුවාය.

එදින සවස මේ සිදුවූ සිදුවීම් සමූහය අද දින නැවත ආවර්ජනය කිරීමෙහිදී, අදහාගත නොහැකි සේ නිතැනින්ම පෙනී ගිය ද, එහිදී ඒ මොහොතේ මට මෙන්ම අපර්ණාටද ,ඒ කිසිවක් අද්භූත සිදුවීම් ලෙස කිසි ලෙසකිනුදු සිතුනේ නොවේ. එබැවින් අප දෙදෙන සුවපහසු ලෙස අසුන් ගෙන, කිසිදු චකිතයකින් තොරව ඈ රතු වයින් ද ,මම විස්කි ද, තොල ගාමින් සිටියේ ජීවිතයේ කිසිදාක දැක පවා නොපුරුදු රංගනයක, කෘතහස්ත ලෙස යෙදීම මෙන්ම මුල්වරට එදින දුටු සංගීත භාණ්ඩයක්, හුරුපුරුදු ලෙස වාදනය කිරීම ද, ඉතාම ස්වාභාවික, එසේම ජීවිතයේ සෑම දිනකම සිදුවන හිරු පෑයීම, සුළඟ හැමීම වැනි ස්වාභාවික සංසිද්ධිලෙස සලකා විය යුතුය.

ස්වල්ප වේලාවකට පසු සුබයර් සෙමින් පැමිණ, ඔහුගේ සුපුරුදු ස්ථානයෙහි අසුන් ගත්තේ බෙහෙවින් කල්පනාවෙන් බරවූ විලාසයකිනි.

" සර් මම අර කතාව ඉවර කලේ නැහැනෙ..........කිසිම කෙනෙකුට මෙච්චර දවස් නොකිව්ව කොටසකුත් තියනව, ඒත් සර්ටයි මැඩම්ටයි අනිවාර්යයෙන් ඒ කතාව කියන්ටම ඕන....මගෙ හිත මට එහෙම බල කරනව...."


මතු සම්බන්ධයි...............

අනර්කලී ගේ රංගනය බලන්න කැමතිනම්...මෙන්න,


Thursday, September 8, 2011

42. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........6



පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

පස්වන කොටස

" ඔය චිනාර් ගහ යට තමයි ජහන්ගීර් අධිරාජය මැරුනෙ..........." සුබයිර් එසේ පවසා අප දෙදෙනාගේ මුහුණු බැලුවේ අප ඔහු කියන්න විශ්වාස කරන්නේදැයි ස්ථිර කර ගැනීමට විය යුතුය.

" Yeah...may be he has something there......I remember reading somewhere that jahangir died around here from excessive consumption of alcohol. "

මම හෙමිහිට අපර්ණාට ඉංගිරිසියෙන් පැවසූයේ සුබයර්ට මා කියන්න වටහා ගත නොහැකිවනු පිණිසය. මා අපර්ණා සමඟ යමක් සෙමින් පවසනවා දුටුවද ඒ පිළිබඳව කිසිත් සඳහන් නොකල සුබයර් දිගටම කතා කලේය.

" ජහන්ගීර් කියන්නෙ සලීම්..........ජහන්ගීර් මැරෙනකල්ම එයාට අනර්කලී අමතක උනේ නෑ..........දවල් දවසෙ අවදියෙන් ඉන්න මොහොතක් ගානෙ ජහන්ගීර්ගෙ මතකයේ රැඳුනෙ අනර්කලී,. රෑ නින්දට ගිය මොහොතක් ගානෙ ජහන්ගීර්ගෙ සිහින වල රජකලේ අනර්කලී. අන්තිමට අවුරුදු හතලිහකට පස්සෙ ඔය චිනාර් ගහ යට ජහන්ගීර් මැරෙන මොහොතෙ අනර්කලී ඇවිත් තියනව එයා ළඟට"

" ඒත් එයාලගෙ ආත්ම වලට එකතු වෙන්ට ලැබිල නැහැ........ඒ ආත්ම එකතු වෙන්ට ලැබෙනකල් ඔය මහ ගහ ලඟ සැරිසරනව කියලයි අපෙ පරම්පරාගත විශ්වාසෙ.ජහන්ගීර් මැරිච්ච වෙලාවෙ ඒ ළඟම හිටපු සෙබල කණ්ඩායමේ නායකය තමයි අපෙ පරම්පරාවෙ මීමුත්ත. එයාගෙ ඉඳල අපෙ පරම්පරාවම ඔය කතාව අකුරක් නෑර විශ්වාස කරනව....ඒ වගේම මම මගෙ දෑහින්ම දැකලත් තියනව....සර්,...මම උපන්නෙ, අදටත් මම ජීවත් වෙන්නෙ ඔය කඳු ගැටේ එහා පැත්තෙ බෑවුමේ තියන පුංචි ගම්මානෙ...ඒ නිසා මම මේව ගැන හොඳාකාරවම දන්නව...."

" මොනවද සුබයර් දැක්කෙ?" ............... අපර්ණා ඇසුවේ ලැබෙන පිළිතුර පිළිබඳව සිතෙහි යම් අවිනිශ්චිත භාවයක් පැවතියද ඒ දැනගැන්මට ඇති කුතුහලය මැඩ ගත නොහැකි පරිද්දෙනි. මම එක් වරම ඈ දෙස නෙත් යොමු කලෙමි. පුදුමයකට මෙන් ඇගේ දෑසෙහි මම දුටුවේ බියපත් වූ ස්වභාවයක් නොව කුතුහලය සහ විශ්මය මුසුවූ හැඟුමකි.

සුබයර් එවර කටහඬ අවදි කලේ, අපර්ණාගේ හඬටම සරිලන අයුරු රහසක් පවසන්නාක් මෙනි. ආසනයේ දිග ඇදී හොඳ හැටි හේත්තු වූ මම, දකුණතින් අපර්ණාගේ වමත අල්ලාගතිමි. ඇය මගේ අත දෑතින්ම ගෙන ඇගේ උකුල මත තබාගෙන, මා මෙන්ම ආසනයේ ඇලවී හිඳගත්තී, සුබයර් දෙස දෑස් දල්වා බලා සිටියේ ඔහු මේ ඊළඟට පවසන දෙයට එකම වදනක් හෝ අත නොහැර සවන් දිය යුතුමය යන දැඩි අධිෂ්ඨානයෙන් මෙනි.

" පුරා හඳ පායල තියන දවස්වලට.......හරියටම ශීත සෘතුවෙ අන්තිම කාලෙ දවස්වලට.......ඔව්.....හරියටම මේ අද වාගෙ දවස්වලට, ඔය ගහ යටින් ඇහෙනව සලීම්ගෙ ගායනය........ඒ වගේම සන්තූරයෙ වාදනය.....අනර්කලීගෙ නර්තනයෙ නූපුර රාවය.........මේ බොරුවක් නෙවෙයි මැඩම්......මයෙ මේ කණ් දෙකට ඇහිල තියනව කිව්වම මොකද................"

සුබයර්ගේ තම තියුණු හඬින් කොඳුරා කියූ ඒ වදන් මා ගත පුරා හිරිගඩු ඇතිකරන්නට නිරායාසයෙන්ම සමත් විය. අපර්ණාද ඒ හැඟුම එලෙසින්ම විඳි බව මගේ සුරත ග්රහණය කොට තිබුණු ඇගේ දෑතේ වෙව්ලන ස්වභාවය මට නිසැකව පසක් කළේය.

" දැන් මොනවද ඔය දැක්කය කිව්වෙ?..........ඊට කලින් කියන්න මොකක්ද ඔය කියන සන්තූරය..........." ශාලාව පුරා එකවර පැතිරීගිය ගුප්ත බව බිඳ දැමීමේ අටියෙන් මම මදක් හඬ නඟා ඇසුවෙමි.

" සන්තූරය කියන්නෙ සර් පැරණි පර්සියානු සංගීත භාණ්ඩයක්.......ජහන්ගීර්ගෙ කාලෙ බොහොම ජනප්රිය වෙලා තිබ්බ........අදටත් මේ පළාතෙ, අපි නම් විශේෂ අවස්ථාවලට සන්තූරය තමයි ගන්නෙ.......අර චිත්රෙ සලීම් වාදනය කරෙන්නෙ.....අන්න ඒක තමයි සන්තූරය......." සුබයර් සිතුවම දෙසට සුරත දිගු කලේය.

" හරි දැන් සර්ගෙ මුල් ප්රශ්නෙට මම එන්නම්......ඒ සංගීත නාදය ඇහෙනකොට අපි කවුරුවත් ඒ පැත්තට වත් යන්නෙ නෑ.......ඒ තහංචිය අපි හැමෝම පිළිපැද්ද......ඒත් මට වයස දාසයක් වගේ කාලෙ....දන්නවනෙ සර් ඔය නහයට අහන්නෙ නැති කාලයක් එනවනෙ හැමෝටම, මම දවසක් ඔය සංගීත නාදෙ ඇහෙන කොට හෙමිහිට කාටත් හොරා ඔය කන්ද උඩට නැග්ග....මට මේ වැඩේ බලන්ට පුදුම ආසාවක් එදා තිබුනෙ......"

සුබයර් කතාව නවතා, මොහොතක් දෑස පියාගෙන බිත්තියට හේත්තුවී සිට, කිහිප වරක් ගැඹුරින් හුස්ම ඉහලට ගෙන නැවත සෙමින් පිට කලේය..........ඒ ඔහුගේ සිත සන්සුන් කර ගනු වස් බව මම හොඳින්ම දැන සිටියෙමි. අතීතයේ සිදුවූ කුමක් හෝ වේවා, ඔහු මේ අපට විස්තර කිරීමට සැරසෙන සිදුවීම තවමත් ඔහු සිත තදින්ම කළඹවන සුලු බවට වෙනත් සාක්ෂි කුමකටද?

" චිනාර් ගහට කිට්ටුවෙන්ට, කිට්ටුවෙන්ට, මාව නිකම් කාන්දමකට අහුවෙලා ඇදිල යනව වගේ තේරුන......කොහොම හරි ගහට මම කිට්ටු උනා අඩි පනහක් හැටක් තරමෙ............මීදුම ගන සැරේට............හිත් හෝදිසියට ගියා මිසක කිසි දෙයක් පෙනුනෙ නෑ.........එක පාරටම මීදුම නැතිවෙලා ගියා සර්.............හඳ පායාගෙන ආවෙ හරියට කවුදෝ වෙලාව බලාගෙන ඉඳල ස්විච් එකක් තද කලා වගෙ.....ඒ දැකපු දර්ශනේ මම හිතන්නෙ මම මැරුණු දාකවත් මගෙ හිතෙන් මැකිල යයිද මම නම් දන්නෙ නෑ........."

අපර්ණා ද මමද එකම විට අප දෙදෙනාගෙ මුහුණු දෙස බැලුවේ පෙර සාකච්ඡා කොට එකඟ වූ පරිදිය............ඇගේ දෑස් විශාලවී තිබූමුත් එහි කිසිදු බියක් තවමත් සටහන් වී නොතිබීම මගේ විශ්මයට හේතු නොවූයේ මටද කුතුහලයක් විනා කිසිදු බියක් නොදැනුනු බැවිනි.

" හතර වටේටම එක දිගටම හිම වැටුනට..... ගහ යට, ඒ කිට්ටුව පුදුමෙකට වගෙ හිම වැටුනෙ නෑ......බිම යන්තම් හිම තට්ටුවක් තිබ්බ අඟල් හතරක පහක විතර.....වැටෙන හිම නිසා හඳ වැහිලය තිබුනෙ කියල මම කිව්වනෙ.....ඒත් විස්වාස කරන්ට සර් ඒ ගහ යට හඳ එළිය පැතිරිල තිබුනෙ දවල් වාගෙ.......එතන ඇත්තටම මැවිල තිබ්බෙ අමුතුම ලෝකයක්......හතර වටේ පරිසරේ වෙන දේවල් එතනට අදාල නෑ....එතන සිද්ද වෙන්නෙ එතනට අදාල දේවල් විතරක්දෝ කියලයි මට ඒ වෙලාවෙ හිතුනෙ........"

අපර්ණාද මමද සුබයර් ගේ කතාවට වශී වී සිටියේ ඉහලට ගත් හුස්ම පහලට හෙලීමට පවා අමතක වූ ලෙසය..........

" Sahan......what do you think?..............he can't make up all these........can he?"

" No, Aparna.....I really don't think so......see...... he is really living it up again.............no one can bluff so well.....except a really good actor and.....I don’t think he is acting....not at all, "

සුබයර් ගේ අතීතාවර්ජනයේ මද විරාමයකදී අප දෙදෙන එකිනෙකාට කොඳුරා ගත්තේ සුබයර් ට නෑසෙන පරිදිය. එහෙත් ඇත්තෙන්ම එසේ කලයුතු නොවුනේ ඔහු මේ වනවිට පියවි ලොවින් බොහෝ දුර ඔහුගේම මතක ලොවකට පිවිස සිටි බැවිනි.

" චිනාර්.... ගහ.... යට.... හිටියෙ..... ජහන්ගීර්........" සුබයර් නැවත නිමේශයකට පසු පැවසුවේ වදන් එකින් එක වෙන වෙනම උච්චාරණය කරමිනි.ඔහුගේ දෑස අඩවන් වී තිබිණි...... ඔහු ආශ්වාස ප්රශ්වාස කලේ ආයාසයෙනි.........

මතු සම්බන්ධයි................

Wednesday, September 7, 2011

41. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්..........5


පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස

සිව්වන කොටස

"කෝපි ලෑස්තියි " කියමින් කෝපි බඳුනක් රිදීවන් බන්දේසියක තබාගෙන, මෙවිට ශාලාවට පිවිසියේ සුබයර් ය.

කෝපි බන්දේසිය ශාලාව මධ්යයේ වූ විශාල මේසය මත තැබූ හෙතෙම අප දෙදෙන කෝපි පිළිබඳව කිසිදු තැකීමක් නොකොට සිතුවම කෙරෙහි ඇලී ගැලී සිටිනු දුටුවේ, අප වෙත පැමිණියේය.

" අපූරු චිත්රෙ නේද සර්?.......ඕක මහා අක්බාර් රජ්ජුරුවන්ගෙ රාජ සබාවෙ දක්ෂම චිත්ර ශිල්පිය ඇඳපු චිත්රයක්,.......මිනිහගෙ නම මන්සූර්..........."

" කවුද මේ දෙන්න?" .....අපර්ණා ඇසුවේ රහසින් මෙනි.

ඈ දෙස මොහොතක් ප්රශ්නාර්ථයෙන් බලා සිටි සුබයර්......" ඔය ඉන්නෙ සලීමුයි අනර්කලීයි......මැඩම් ඒ කථාව අහල තියනව නේද?......අර සුප්රසිද්ධ පෙම් කතාව......."

" අහල නම් තියනව.........ඒත් මම කියවපු ඉතිහාස පොත් වල තිබ්බෙ නම් ඒ කතාව හරියටම ඇත්ත කියල ඔප්පු කරන්ඩ බැරි කතාවක්ය කියලයි " මම අපර්ණාගේ සුරත ගෙන ඈත් සමඟ කෝපි බඳුන තිබූ මේසය වෙත යමින් ඇසුවෙමි.

" හෙහ්...හෙහ්....ඔප්පු කරන්ට බැරි කතාවක්ය කියල?.......මොනවද සර් ඔය ඉතිහාස කාරයො දන්නෙ?..............ඔය සලීම් අනර්කලී කතාව කියන්නෙ සම්පූර්ණ ඇත්ත කතාවක්........මම ඒක දන්නව හොඳාකාරවම "

" ඒ කොහොමද සුබයර් ස්ථිරවම කියන්නෙ ඒ කතාව ඇත්තය කියල " .........මම සීනි හැඳි දෙකක් දැමූ කෝපි කෝප්පය අපර්ණාට දිගු කරමින් ඇසුවෙමි.

" ඒක ටිකක් දිග කතාවක්....... මම කියන්නද... සර්ල චේන්ජ් එකක් එහෙම දාගෙන එන්න, මම රෑ කෑම ලෑස්ති කරන්නම්......"

උණුසුම් ජලයෙන් ස්නානය කොට සැහැල්ලු ඇඳුමක් ඇඟට දාගත් පසු දැනුනු සුවය විස්තර කිරීමට වදන් ප්රමාණවත් නොවිණි. එතෙකුදු වුව අපර්ණාගේ සිතෙහි පවතින දෙගිඩියාව අප නැවත ශාලාවට එද්දි ඈ සිතුවම දෙස හෙලූ අවිනිශ්චිත බැල්මෙන් සනාථ වූවා සේම මම ද පසුවූයේ කීසියම් විස්තර කල නොහැකි ගුප්ත හැඟුම් සමුදායක බරෙන් පීඩාවට පත්වෙමිනි.

සුබයර් දක්නට නොසිටියද ගිණි උඳුන පුළිඟු විදුවමින් දැලිවුනු අතර, ඒ අසල පාද තුනකින් යුත් කුඩා කනප්පුවක් මත, විස්කි බෝතලයක් සහ රතු වයින් බෝතලයක් ගින්නෙහි ඡායාව පරාවර්තනය කරමින් බැබලිණි.

විස්කි සවල්පයක් තඹලේරුවට පුරවාගත් මම සෝඩා ද මුසු කොට පසෙක තබා, බුබුලක හැඩයගත් වයින් වීදුරුවට රතු වයින් බාගයක් පමණ පුරවා අපර්ණාට දිගු කලෙමි. රත් දෙතොල් විවර කොට මඳ සිනහවක් පෑ ඈ වයින් වීදුරුව අතට ගත්තාය.

විස්කි වීදුරුව ඔසවා සෙමෙන් අගේ වීදුරුවට තට්ටු කල මම සව්දිය පිරීමි.

" To Saleem & Anarkali"

අපර්ණාගේ සිනහව වහා අතුරුදහන් වූ අතර ඈ මුව වෙත ගෙන යමින් තිබූ වයින් වීදුරුව ආපසු කනප්පුව මත තැබුවේ මවෙත නොසන්සුන් බැල්මක් හෙලමිනි.

" It’s not funny sahan,.......this is not a joke......please remember that,"

" Okay...okay........calm down.....calm down .....I'm sorry, "

මා දෙස නැවතද නොපහන් බල්මක් හෙලූ ඇය වයින් වීදුරුව අතට ගෙන තොල ගාන්නට වූවාය.

ගින්නෙහි උණුසුමත්, සිරුර තුලට කෙමෙන් කෙමෙන් ඇතුළු වන විස්කිවල සිත ගත මත්කරවන ස්වභාවයත් නිසා කාලය ගෙවී ගිය අයුරු පවා මට වැටහීමක් නොවීය. අපර්ණා ද දෙවන වයින් වීදුරුව වත්කරගත්තී, ඒ සෙමින් තොල ගාමින් මා හා මුවින් හා සමඟම දෑසින් ද දොඩමළු වෙමින් සිටියාය. අප අපේම ප්රේම පුරාණයේ රසවත් වූ මතක සටහන් පෙරලමින් සිටි අතර අනර්කලී සහ සලීම් මොහොතකට අපෙන් සමුගෙන ගොස් ඇති සෙයක් මට දැණුනි.

පිටත හිම පතනය නැවතී ඇති සෙයකි.පුන්සඳ කිරණ වසා ඇති තිරරෙදි අතරින් එබිකම් කරනු දුටු අපර්ණා, නැඟිට ගොස් තිරරෙදි දෙපසට කලාය. ගෙතුලට සඳ එළිය ගලා ආවේ එතෙක් පුල පුලා නොඉවසිල්ලේ බලා සිටි කලක මෙනි.කුඩා දැරියක මෙන් මහ හඬින් සිනා සුනු ඈ මා අත අල්ලගෙන මා අසලම හිඳ ගත්තී, මගේ උරහිස මත හිස තබා ගත්තීය. මම අපමන සෙනෙහසින් ඇගේ නලලත සහ දෙකොපුල සිප ගතිමි.අප මෙලෙස කොපමණ වේලා ගත කලේදැයි මට නිවරදිව කිව නොහැක. දහැන් බිඳුමට සමත් වූයේ ආසන්නයේම ඇසුණු සුබයිර් ගේ හඬයි.

" කෑම තව විනාඩි පහළවකින් ලෑස්තියි සර්......සර්ලට තව මොනවද ඕන කරන්නෙ?"

" මොකවත්ම එපා සුබයර්....ස්තූතියි," මම හිස කෙලින් කරමින් පැවසුවෙමි,

" සුබයර් අර කලින් කිව්ව නේද, අර පින්තූරෙ ඉන්න දෙන්න, අනර්කලී සලීම් දෙන්නගෙ කතාව ඇත්තක්ය කියල සුබයර් ස්ථිරවම දන්නවය කියල.......කරුණා කරල කියනවද ඒ කොහොමද කියල....."

විස්මයපත් මම වහා හිස හරවා අපර්ණා දෙස බැලීමි. අනර්කලී සලීම් සිතුවමට පවා ස්වල්ප මොහොතකට පෙර දැඩි බියක් දැක්වූ ඇය දැන් ඒ පිළිබඳව විස්තර පවසන ලෙස සුබයර් ගෙන් ඉල්ලා සිටියි.එහෙත් ඈ මගේ විමසුම් බැල්ම ගනනකට නොගෙන සුබයර් දෙසම දෑස් දල්වා බලා සිටියාය. ඇගේ දෑස මම කිසිදිනක නොදුටු දීප්තියකින් යුතුව බබලන්නට වූයේ වයින් මත නිසාම විය නොහැක. ඇය පානය කලේ වයින් වීදුරු දෙකකි.එසේම මේ ඇය හා පුරා කියා වයින් පානය කලා ද නොවේ.

සෙමින් පිය නඟමින් පැමිණි සුබයර්, අප අසල කලාලය මත එරමිණිය ගොතා බිත්තියට හේත්තු වී හිඳ ගත්තේය. ඔහු කතා කලේ අප දෙදෙනා දෙසම නොව අප අතරින් පෙනෙන තිර රෙදි විවර කල කවුලුවෙන් පෙනෙන, හිමපතිත කඳු මුදුන් මතින් පායා දිලෙන පුන් සඳ වත දෙස දෑස් දල්වා බලා සිටිමිණි.

" මේ කතාව සර්ල බොහෝවිට විස්වාස කරන එකක් නෑ.....ඒත් සර්වබලධාරී අල්ලා දෙවියන්ගෙ නාමෙන් මම කියන්නෙ මේ කතාව ඇත්ත........සර්ල ඔය ආපු පාරෙ වැඩි දුරකට එහා නෙවෙයි...වංගු දෙකයි.....පාර අයීනෙම තියනව පොඩි කඳු ගැටයක්.....ඒ කන්ද උඩ තියනව යෝධ චිනාර් ගහක්........"

අපර්ණා මා දෙසද, මා ඈ දෙසද බැලුවේ එක වරමය. සුබයර් පවසන චිනාර් ගස කුමක්ද යන්නෙහි කිසිදු කුකුසක් අප තුල නොවීය.

මතු සම්බන්ධයි................

Monday, September 5, 2011

40. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......4



පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

තෙවන කොටස


ඇය වෙව්ලනුයේ අධික ශීතල නිසා ද නැතහොත් හදිසියේම දුටු වනස්පතියේ සිත් කළඹවන සුලු දසුන නිසා ද යන්න මට සිතා ගත නොහැකිය.

" It's really spooky....you know......I have got goose bumps all over me......And why do i get this strange feeling I have been here before?............it's uncanny.....a sort of déjàvu feeling, "

වසර පහක් ඉන්දියාවෙ ගතකල මගේ හින්දි භාෂා දැනුම ඉහල මට්ටමක පැවතියද විශේෂිත අදහසක් හුවමාරු කර ගැනීමේදී ඉංගිරිසියේ පිහිට පැතීම අපි පුරුද්දක් වශයෙන් කලෙමු.

" I am having the identical feeling Aparna..........I can't understand it anymore than you.......but you know it's driving me crazy,"

" යමු සහන්......අනේ යමු.......මෙතන ඉන්න එක එච්චර හොඳ නැහැ......."

අවසන් වරටත් වනස්පතිය දෙස බැලූ මම, ( ඒ වනවිට ඒ නැවත මිහිදුම් සළුවෙන් වැසී තිබිණි,) අපර්ණාද සමඟ මෝටර් රියට ඇතුළුව එතැනින් පිටත් වීමි.

ඒ සුළු කාලය ඇතුලත හිම පතනය වේගවත් වී තිබුණු අතර මිහිදුම ද පොළව වසා ගන්නට අහසින් එලන ශ්වේතවන් ඇතිරිල්ලක් මෙන් දසත විහිදෙමින් තිබිණි.

" මේ විදිහට අද ශ්රී නගර් යන්න බෑ අපර්ණා......අතර මඟ ටයර් එකක් වත් ගියොත් මේ පාළු පාරෙ කාට කියන්නද?.....මම කියන්නද අපි මේ කිට්ටුව කොහෙ හරි හොඳ තැනක් බලල නැවතිල හෙට උදේ යමු " මම පාරදෙසම නෙත්යොමු කොට, ඉතා සෙමින් රිය ධාවනය කරන අතර පැවසුවෙමි.

" ඕකේ......එහෙම කරමු" අපර්ණා දෑත පොරවාගෙන ආසනයේ තවත් ගුළි ගැසෙමින් පැවසුවාය.කඳු මුදුනේ දුටු දර්ශනයෙන් ඇති වූ කම්පනයෙන් ඈ තවමත් නොමිදුනු බව ඇගේ බියපත් දෑස සාක්ෂි සැපයීය.

" බය වෙන්න එපා ළමයො..." මම ඇගේ සුරත ගනිමින් පැවසුවෙමි.

පිළිතුරු ලෙස ආයාසයෙන් සිනහවක් පෑ ඇය මගේ අත තවත් තදින් අල්ලා ගත්තාය.

කිලෝ මීටර තුනක් හෝ හතරක් අප එලෙස මිහිදුම් මැදින් එන්නට ඇත.පාරේ වම්පස පිහිටි තානායමක් වන් ගොඩ නැගිල්ලක විදුලි ආලෝකය මිහිදුම් අතරින් එක් වරම දර්ශනය වූයෙන් මම මෝටර් රිය ඒ වෙතට හැරවූයෙමි.

ඉපැරණි ගලින් බැඳි ආරුක්කු යුගලකින් සමන්විත වූ පෝටිකෝව යට රිය නතර කල මම අපර්ණා ද සමඟ ආලින්දයට පිවිස වසා තිබූ දෙපියන් ප්රධාන දොරටුව අසල එල්ලා තිබූ පිත්තල සීනුව නාද කලෙමි.

මිනිත්තු කිහිපයකට පසු විවර වූ දොරින් පෙනී සිටියේ උස් සිරුරකින් යුත් මුහුණ පුරා වැඩුනු ඝන රැවුලකින් යුත් සැට වයස් පමණ වූ පුද්ගලයෙකි.

" අච්චි සාමා මහෝද්යාණ....කා ස්වාගතා...ස්වාගතා.....කරේ මෙම් අතේ හයිම් යාහා නිසීතා රූපා නේ අප්නේ ඝාරා හයි....."

" good evening sir, good evening madam,..... Welcome...... Welcome.... please come in..... this is certainly your home"

ඇඳුම් සහ වෙනත් අත්යාවශ්ය ආම්පන්න සහිත ගමන් මළු ඔසවාගෙන, අප දෙදෙන පිටත අධික ශීතලෙන් මිදෙනු වස් හැකි විගස ඇරුණු ද්වාරයෙන් ඇතුළු වූයෙමු.

ඉන්දීය රජය මඟින් බොහෝවිට මහජන සේවයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම තානායම් සේවය , බ්රිතාන්ය යටත් විජිත සමයේ සිට පැවත එන්නකි.

සුවිසල් සාලයට පිවිසි මට හැඟුනේ නැවත වසර සියයක අතීතයට එක් වරම පිවිසියාක් මෙනි. ඉපැරණි ගලින් සැදුණු ගිනි උඳුනේ ඇවිලුනු ගින්න ගත මෙන්ම සිතද උණුසුම් කලේ එක මොහොතකිනි. තද දුඹුරු පැහැ කලාල ඇතිරූ ගෙබිම පාවහන් ඉවත් කරනට අපට අවසර ලබා දුනි. ගිනි උඳුන අසල සුව පහසු ආසන දෙකක දිග ඇදුනු අප දෙදෙන අත් පා ගින්න දෙසට දිගුකොට උණුසුම් වන්නට වීමු.


" තේ ද කෝපි ද සර්? " හිස නමා ගෞරව සම්ප්රයුක්තව ඇසූ තානායම් භාරකරු පියවර කිහිපයක් පසුපසට විය.

" මොනවද අපර්ණා?" .........මම ඇය දෙසට හැරෙමින් විමසුවෙමි.

" Coffee.......black " ඇය පැවසුවේ තානයම් භාරකරු දෙසට හැරෙමිනි.


" ඕ කේ. මැඩම්, By the way........my name is Zubair " පැවසූ තානායම් භාරකරු ඈත බිත්තියේ වර්ණයට සමාන වර්ණයෙන් තිර දැමූ දොරටුවකින් පිටවී ගියේය

ඔහු පිටවී ගිය දෙස ටික වෙලාවක් බලාසිටි අපර්ණා එක වරම ඉද්ද ගැසුවාසේ හුනස්නෙන් නැඟිට ඉක්මන් ගමනින් ශාලාවේ ඈත බිත්තියේ එල්ලා තිබූ විශාල ප්රමාණයේ චිත්රයක් වෙත ගියාය. මොහොතක් ඒ නැරඹූ ඕ "සහන් මෙහෙ එන්නකො " වික්ශිප්තවූ හඬකින් මා ඇමතුවාය. මමද ගින්නේ උණුසුමෙන් ඉවත්ව ඈ වෙත ගියෙමි.

" මේ බලන්නකො"........ඈ එම සිතුවම වෙත සුරත දිගුකලාය.

සිතුවම දෙස නෙත් යොමුකල මට දෑස් අදහා ගත නොහැකි විය.මම අසුරු සැණෙකින් වසර පහළවක පමණ කාලයක් ගෙවා කාලයේ තිමිර පටලයන්ගෙන් වැසී ගිය අතීතයකට ලඟාවීමි. සත්වන වසරේ ඉගෙනුම ලබද්දී එක් සන්ධ්යාවක ශ්රී ලංකාව නම් කුඩා දිවයිනෙහි මහනුවර නගරය ආසන්න එක් කුඩා නිවෙසක සහන් නම් වූ කොලු ගැටයකු වික්ශිප්ත කරවූ ඒ දර්ශනය ......එලෙසම අද සැතපුම් දහස් ගනනකට මෙපිට ඉන්දියාව නම්වූ සුවිසල් රාජ්යයේ කාශ්මීර දේශසීමාවට ආසන්න හුදකලා දහනමවන සියවසේ පමණ නිමැවුනු රජයේ තානායමක ඇතුල් ශාලාවේ පසුපස බිත්තියේ එල්ලා තිබෙන සිතුවමක චිත්රණය කොට තිබෙනු දැකීමෙන් අතිශය පුදුමයට පත් නොවන්නේ සියලු හැඟීම් දමණය කල මුනිවරයකු පමනක් නොවේද?

මම කෙලෙසකවත් එබඳු මුනිවරයකු නොවන්නෙමි. එබැවින් විය යුතු ලෙසම මම විස්මයපත් දෑසින් ඒ සිතුවම දෙස එක හෙලා බලා සිටින්නට වීමි.

එහි වූයේ සුවිසල් ශාලාවෙක පොළවෙහි ඇතිරූ කලාලයක හිඳ අර මා ඔබට මින් පෙර පැවසූ අපූර්ව සංගීත භාණ්ඩය වයමින් ගායනයේ යෙදෙන කඩවසම් එසේම ප්රතාපවත් තරුණයාය.ඔහු ඉදිරියේ සුරලොවින් බට සුර ලියක සේ රඟනා අර රුවති යුවතියය.සිතුවම කොපමණ තීක්ෂණ බුද්ධියකින් නිමවා තිබුණිද යත් එ යුවතිය දැන් දැන් සිතුවමින් අප හිඳිනා ශාලාවට බැස සජීවීව රඟනු ඇතැයි මට හැඟී ගිය බව අසත්යයක් නොවේ.

" සහන්.......මේ මම අර හීනෙන්ද කොහෙද දැක්කයි කියල ඔයාට කියාපු දෙන්න " ......අපර්ණාගේ බියපත් කටහඬ මා නැවත පියවි ළොවට ගෙන ආවේය.

එක්වරම හැරී එකිනෙකාගේ මුහුණු දෙස බැලූ ඇයද මාද නැවත සිතුවම දෙස බලා සිටින්නක වූයේ ඉන් දෑස් ඉවතට ගත නොහැකි වූ සේය.


මතු සම්බන්ධයි

Friday, September 2, 2011

39. සලීම් - අනර්කලී කතාව......පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්.......3


පෙම් කතාවේ මුල් කොටස

දෙවන කොටස

පුස්තකාලය අසල පෙත්මඟේ නුග ගසයට ආසනයේ හිඳ සිටි මා ඇය නෙත් ගැටී මසක් පමණ ගත වන්නට ඇත. මේ කාලය තුල අවදියෙන් සිටිනා මොහොතක් පාසා මා සිත සැරිසැරුවේ ඇයයි. පුදුමයකට මෙන් නින්දට වන් කල්හි සිහින ලොවෙහි මා සොයා ආවේ ඇය නොව......මා ඔබට මීට පෙර පැවසූ පාසලේ සත්වන වසර පමණදී එකම එක්වරක් මා දුටු ඒ අද්භූත රූප සටහන් පෙලයි.......දස වසරකට වැඩි වුවද කිසිසේත්ම අඩු නොවනා කාල පරාසයකට පසුව හදිසියේම නැවත ඒ දසුන් එක් වරක් නොව නොකඩවා කීප දිනක්ම දර්ශනය වූයේ මන්ද?........පෙත්මඟේ දුටු ඒ නීල නයන යුග...අපර්ණා......ඒ සුරූපී යුවතිය සමඟ මෙහි යම් සම්බන්ධයක් ඇතැයි මගේ සිත එක හෙලාම පවසන්නට විය.

ඒ දෑස...මා සිත මත් කළ ඒ දෑස, සොයමිනි විශ්ව විද්යායලය තුල සැරි සරූ සෑමවිටම මා නෙත් විමසිලිමත් වූයේ.

අවසන ඇය මට හමුවිය. එදින උදය කාලයේ තදින් වැසි වට නමුදු අපර භාගයේ වැස්ස තුරල් වී අහස් කුස පැහැදිලි විය. වැසි බිඳු තණපත් අග, සැඳෑ හිරුරැස් පතිතව දිලිසුනේ මිණි ඇමුණුවාක් මෙනි.උදයේ වට වර්ෂාවෙන් තෙත්ව තිබුණු පෙත් මඟ ඔස්සේ මම අංක 14 දේශනාගාරය කරා පිය මැන්නේ මා තෝරාගත් අතිරේක පාඨමාලාවේ සමාරම්භක දිනය ඒ වූ බැවිණි.

විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියනට, තමන් හදාරණ පාඨමාලාවන්ට අමතරව, අතිරේක වශයෙන් තමන් කැමති ඕනෑම පාඨමාලාවක් අතිරේක ගාස්තුවක් ගෙවීමෙන් තොරව හැදෑරීමට පහසුකම් සලසා තිබිණි.බොහෝ සිසු සිසුවියෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තෝ තමන්ගේ විනෝදාංශයන්ට අදාල හෝ තමන් ප්‍රියය කරන එහෙත් තමන්ගේ මූලික පාඨමාලාවෙන් ආවරණය නොවන විශයයක් මේ සඳහා තෝරා ගත්හ.

මෝගල් අධිරාජ්‍යය සමය මා හදාරන පුරාණ සහ මධ්‍යකාලීන ඉන්දීය ඉතිහාස පාඨමාලාවට අයත් නොවූ බැවින්ද කුඩා කල සිට මා සිත මෝගල් අධිරාජ්‍ය යුගය කෙරෙහි දැඩි ලෙස බැඳී තිබුණු බැවින්ද මම අතිරේක පාඨමාලාව ලෙස තෝරා ගත්තේ ඉන්දීයාවේ සුප්‍රසිද්ධ ඉතිහාසඥයකුගේ අධීක්ෂණයෙන් පැවැත්වීමට නියමිත ඒ පිළිබඳ පාඨමාලාවකි.

මා එහි ලඟාවන විටත් සෑම අසුනක්ම පාහේ පිරී තිබුණේ පාඨමාලාව මෙහෙයවන ඉතිහාසඥයා ඉතා ප්‍රකට පුද්ගලයකු වූ නිසාම විය යුතුය.

ශාලාව පසුපස ඇතුළුවන් ප්‍රධාන දොරටුව අසලම වූ හිස් අසුනක මම හිඳ ගතිමි. ඒ සමඟම පීඨිකාව වෙත ළඟා වූ දේශකයා සුපුරුදු ලෙස තමා හඳුන්වා දීම ආරම්භ කලේය. මම ඒ වෙතට යොමුවූ දෑසින් යුතුව සිටියේ, මා අසලම වූ අසුනේ යමෙකු අසුන් ගනු වත් නොදිටිමි. එක්වරම හමා ආ පිච්ච මල් සුවඳකින් මගේ අවධානය බිඳී ගිය අතර මම සෙමින් හිස හරවා යාබද අසුනේ සිටින පුද්ගලයා දෙස බැලීමි.

අසුරු සැනින් කාලය නැවතත් නැවතී ගියේය......තමන් හඳුන්වා දෙමින් සිටි ඉතිහාසඥයා අඳුරු වී නොපෙනී ගියේය.අවට සිටි සියල්ලන්ද සමඟ දේශන ශාලාව බොඳ වී මැකී ගිය අතර, ඇය හා මා පමණක් ඉතිරිව මුළු මහත් ලොවම අතුරුදන් වූ සේ මට හැඟී ගියේය.

එසේය,.......... ඒ නිල් වන් දෑස නැවතත් මා දෙස බලා සිටී. මා දෙස බලා විශ්මය පත් වූ සේ මඳ සිනහවක් පෑ ඇය නැවත ඉදිරිය බලා ගත්තීය. මම ද ආයාසයෙන් ඈ කෙරෙන් දෑස් මුදාගෙන ඉදිරිය බලා ගතිමි.

එලෙස අප නැවත කිසිදින වෙන් නොවන්නට දෙවන වර හමුවූයෙමු.ඇය වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර, අතිරේක පාඨමාලාව ලෙස මෝගල් අධිරාජ්‍යය සමය පිළිබඳ පාඨමාලාව තෝරාගැන්මට තුඩු දුන් හේතු වී ඇත්තේ ඇයගේ ද ඒ කාල වකවානුව පිළිබඳ පැවති ව හරි හැටි විවරණය කල නොහැකි බැඳීමක් වැනි හැඟීමකි.

මම දුටු සිහිනවන් දර්ශන, ඇයද කුඩා කල කිහිප වරක්ම දැක ඇති අතර, වැඩි විය පැමිණෙත්ම එම සංසිද්ධිය ක්‍රමයෙන් නැති වී ගිය බව ඈ මා හා පැවසුවාය. එහෙත් මා මෙන් නොව ඇයට දර්ශනය වී ඇත්තේ ගීයක් ගයමින්, වාදනයේ යෙදෙන කඩවසම් තරුණයා සහ ඔහු ඉදිරියේ නර්තනයේ යෙදෙන, රුවැති යුවතියකගේ දර්ශනය පමණි.

අප දෙදෙන හමුවීමෙන් පසු කිසිම දිනක මම හෝ ඇය එම දර්ශන නැවත නොදුටු අතර ක්‍රමයෙන් ඒ පිළිබඳ මතකයද ගිලිහී ගියේ අපගේ ඉදිරි ජීවිතය පිළිබඳ සැළසුම් කල යුතු බොහෝ දේ අප ඉදිරියේ වූ බැවිණි.

අලහබාද් නුවර ආසන්නයේම ප්‍රත්‍යාන්ත නගරයක උපන් අපර්ණා ගේ මාපියන්, මධ්‍යම පාන්තික වෘත්තිකයෝ වූහ. ලිබරල් මතධාරීන් වූ ඔවුන්ගෙන් අපගේ ප්‍රේම සම්බන්ධයට කිසිදු අයුරකින් බාධාවක් එල්ල වූ යේ නොවේ.

මෙලෙස ඊළඟ සිව් වසර මුළුල්ලේ, ඇගේත් මගේත් ප්‍රේම වෘත්තාන්තය ගිම්හාන සමයේ කිසිදු කලබලයකින් තොරව, ශාන්තව ගලා බස්නා යමුනාව මෙන් ගලා ගිය බව පැවසීම ප්‍රමාණවත් වේ යයි මම සිතමි.

දෙවන පෙල ඉහල සාමාර්ථයක් සහිතව උපාධිය ලැබූ මම, මේ වන විට අලහබාද් විශ්ව විද්යා ලයේම සහකාර කථිකාචාර්ය ධුරයක් දැරූ අතර අපර්ණාගේ වෛද්‍ය උපාධි අවසාන පරීක්ෂණය නිමවූ වහාම චාම් උත්සවයකින් පසු අප විවාහ වීමු.

මගේ සොහොයුරිය සහ ඇගේ සැමියා ශ්‍රී ලංකාවේ සිට පැමිණ මංගල්‍යෝත්සවයට සහභාගී වූ අතර අපර්ණාගේ ඥාතී හිතමිත්‍රාදීන් උදෙසා පැවති සාදයකින් පසු මධුසමය සඳහා අපි කාශ්මීරය බලා මවිසින් ඉතා මෑතක මිළදී ගත් මෝටර් රියෙන් පිටත් වීමු.

මධුසමය සඳහා කාෂ්මීරය තෝරා ගන්නා ලද්දේ ඇය විසිනි. ඊට හේතු වශයෙන් කුඩා අවදියේ පටන් කාශ්මීරය කෙරෙහි දැඩි ඇල්මක් ඈ තුල වූ බව ඇය මා හා පැවසුවාය.

අප දෙදෙන ඒ අනුව කාශ්මීරය බලා යන අතර සිදුවූවකි මා ඔබට මේ කථාව ආරම්භයේදීම පැවසූයේ.

වරින් වර සුදු සේල සුළඟේ පාව යන අයුරු හමා යන මිහිදුම් සළු තිර අතරින්, වරෙක පෙනෙන, වරෙක නොපෙනී යන, යෝධ චිනාර් වෘක්ෂය දෙස ඇසි පිය නොහෙලා මම බලා සිටියේ, මසිත තෙරපෙන මේ නුහුරු නුපුරුදු හැඟුම් සමුදාය වටහා ගැනීමට අසාර්ථක උත්සාහයක් දරමිනි.

එසේ කොපමණ වේලා සිටියේද යන්න මට සිහියට නගා ගත නොහැක." සහන්,........ඔයා මොකද මේ සීතලේ කරන්නෙ?" අපර්ණාගේ හඬින් මම පියවි ලෝකයට පිවිසුනෙමි.

" අහ්......අපර්ණා,.....කාරෙක එක පාරටම ස්ලිප් කලා.....මම ඒ පාර මේ පොඩ්ඩක් බැස්ස එලියට හුළං ටිකක් වත් වදින්ටෙයි කියල.....ඒක නෙවෙයි එන්නකො බඩුවක් පෙන්නන්ට" මම ඇගේ අත අල්ලා මා ළඟට ගෙන, නුදුරින් පෙනෙන කඳුගැටයේ මුදුන අත දිගු කොට පෙන්වීමි.

" කෝ, මට මොකවත් පෙනෙන්නෙ නෑනෙ? " ඇය බඳ වටා අත යවා මට තුරුලු වෙමින් ඇසුවාය.සත්‍යය වශයෙන්ම ඒ අවස්ථාවේ කඳුමුදුන සම්පූර්ණයෙන්ම මිහිදුමින් වැසී තිබුනු බැවින් කිසිවක් නොපෙනුනු බව සැබවි.

" ඉන්නකො පොඩ්ඩක්......ඔය මීදුම සැරින් සැරේ තුනී වෙනව....එතකොට බලන්ටකො " මම සීතලෙන් වෙව්ලන ඇය තුරුලු කර ගනිමින් පැවසුවෙමි.

එක්වනම කඳුමුදුන වසා සිටි මිහිදුම් පොරෝනය සුළං පහරින් විසිර ගියේය. කොහේදෝ සිට පැමිණි අව් දහරක් කඳු මුදුන එලිය කලේද මෙ මොහොත කාලයක් තුරා බලාපොරොත්තුව උන් අයුරිනි. කඳුමුදුන මත නැඟීසිටි රත්වන් පත්‍ර වලින් වැසීගිය යෝධ වනස්පතිය සැඳෑ හිරුරැසෙහි දිලුනේ ගිනි ඇවිලුනාක් මෙනි.

" Oh, God" අපර්ණා පැවසුවේ වෙව්ලන හඬිනි....." Sahan, what's that?...........It can't be natural?......can it?..........it.......it.....it looks like that tree is on fire....."


මතු සම්බන්ධයි...............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...