Friday, February 17, 2012

102. නිල් දෑසින් සමු ගන්නෙමි.... Haunting Blue eyes ...The Inevitable Farewell



හන්තාන කඳු මතින්,
එබෙන සඳවතිය මත,
දිලෙන තරු එළිය මගෙ,
හිතට ගෙනෙනා හැඟුම් දුක්බරයි,

අතීතේ එක් දිනක
දිලුනු නිල් තරු යුවල,
ආයෙමත් හිත් කොණක,
දැල්වෙන්නෙ කාලෙකට පසු තමයි,

සඳළු තලයේ වැතිර
කණමැදිරි එළි අතර,
සිත මත්ව යනතුරා,
බලා හිඳිනෙමි එකම සැනසුමත් ඒ තමයි,

සසර දිගු මංපෙතේ,
අප දෙපසකට වෙන්වු,
දෙමංසල කාළයේ,
තිමිර පටලෙන් බොඳව ගිය හැඩයි,

හිතේ දැල්වුණු එකල,
ගිනිමැළය නිවී ගිය,
ඉතිරි වූ අළු යටින්,
ගිනි පුළිඟු ආයෙමත් පණ ගසයි,

අයාලේ යන මසිත,
බඳිමි සවි වර පටින්,
සොඳුරු මතකය රැගෙන,
යලි ඔබෙන් සමුගන්න අවසරයි,

Thursday, February 16, 2012

101. ආදර නිල් දෑසේ - පසු කතාවක්ම නොවූ පසුකතාව - 4 Her haunting blue eyes - Sort of an epilogue




මේසය මත වැලමිටි රඳවා ඉහලට හැරවුනු දෑතේ අල්ල මත කම්මුල් රඳවා හිඳ සිටි අසුනේ ඉදිරියට නැවී දෑස් පියාගෙන ඈ මට සවන් දුන්නීය. අවසන ළයපුරා ඉහලට ඇදගත් සුසුමක් හෙලා ඇය දෑස් විවර කලාය. ඒ දෑසේ කඳුලු පිරී තිබිණි.

'' Do I have to say some thing as a response, Ravi Ayiya?...''

'' No, Chutti, You don't have to say any thing......Your unshed tears and that sigh said it all.....''

අපි දෙන්නම මේසෙ දිහා බලාගෙන හිටිය ටික වෙලාවක්....එකිනෙකා දිහා නොබලා.....

මම පොත වහල මුල් පිටුව දිහාවෙ බලා හිටිය.....චුට්ටි දිහාවෙ බැලුවෙ ඊට පස්සෙ....

'' පෑනක් තියනවද චුට්ටි? ''

හෑන්ඩ් බෑග් එක ඇරල චුට්ටි මට පෑනක් දිගු කලා.

පොතේ මුලම පිටුව පෙරලල පෑන් තුඩ පිටුවට තියලත්...මම ආයෙම කල්පනා කලා....නෑ....එහෙම හරි නෑ.......නොහිතුව ප්රශ්නයක් මතු වෙන්න පුලුවන්...ඔව්,

'' චුට්ටි...පොඩි කඩදාසියක් එහෙම නැතුව ඇති නේද ඔයාගෙ ඔය බෑග් එකේ?''

'' මොකක්ද අනේ?......ම්ම්ම්...ඉන්න බලන්න....''

චුට්ටි බෑග් එක ඇවිස්සුවා...

'' නැහැ අනේ සොරි.... ''

'' හරි...කමක් නෑ...''

මම නැඟිටල කැෂියර් ගාවට ගිහිල්ල හාෆ් ෂීට් එකක් ඉල්ලගෙන ආව....දෙකට ඉරුව..... ඉරපු එක කඩදාසි කෑල්ලක මම ලිව්ව....

To My dearest......

එහෙම ලියල ආයෙම ඒ ටික කපල දැම්ම......ඒ කොල කෑල්ල ඉරල දාල අනික් එකේ ලිව්ව...

To Chutti,

Thanks for all the memories...which would be with me until the day I die or for that matter may be even beyond....

My best wishes for all of you,

Ravi Ayiya,

කොල කෑල්ල දෙකට නවල පොත ඇතුලට දාල මම පොත දිගු කලා චුට්ටිට...

'' මට?...''

'' ඔව්..මගෙන් තෑග්ගක් නංගි......''

'' Thanks Ravi Ayiya...thanks so much, ''

'' You are most welcome...Chutti. It was a pleasure indeed.....''

නිහඬතාවයේ වෙලී තව වෙලාවක් ගත වුනා.....

මේ වගෙ කාලාන්තරයකට පස්සෙ වෙන හමුවකදි එකිනෙකාගෙන් ඇසිය යුතු යයි බොහෝ දෙනෙක් උපකල්පනය කරන පොදු ප්රශ්නයක් තියනව නේද?.....දන්නවද ඒ මොකක්ද කියල....

ඔව්...ඔබ හරි..... ඔයා සතුටින්ද ඉන්නෙ?.....ඒක තමයි ප්රශ්නෙ.......

හැබැයි ඇත්තම කියන්නම්...ඒ ප්රශ්නෙ චුට්ටිගෙන් අහන්න මට කොයිම වෙලාවකවත් හිතුනෙ නෑ...ඒ ඇයිද කියල මම දන්නෙත් නෑ. අද වෙනකල් මට හේතුවක් හිතාගන්නත් බෑ....චුට්ටි මගෙන් එහෙම ඇහුවෙත් නෑ.........

'' එකොලහයි කාලයි....''

අත් ඔරලෝසුව බලල හදිසියෙම චුට්ටි කිව්ව....

'' අපි යමුද අයියෙ? ''

'' යමු ''

මම පුටුව පස්සට දාල නැඟිට්ට...

'' චුට්ටි.. දුව එන්න අපි යමු....''

පොඩි එකී අපි ලඟට ආව.

මම නැවිල පොඩි එකීගෙ කම්මුල් දෙකම සිප ගත්ත....පොඩ්ඩි ලැජ්ජාවෙන් රතු වෙලා චුට්ටිගෙ පිටිපස්සෙ හැංගුනා....චුට්ටිත් එක් අතීතයේ දවසක ඔය විදිහටම රතු වෙච්චි හැටි මතක් වෙලා මට හිනා ගියා....

'' රතු වෙන්නෙ නම් අම්ම වගේම තමයි....''

මම කිව්වෙ හඬ බාල කරල චුට්ටිට විතරක් ඇහෙන්ට....හෙහ්, හෙහ්, ඔන්න ඒ ගමන අම්මත් රතු උනා....

අපි ඩෙවොන් එකෙන් එලියට බැස්ස පදික වේදිකාවට.....

'' රවි අයිය මගෙන් අහපු නැති ප්රශ්නයක් තියනව නේද?...''

චුට්ටි ඇහුවෙ එක පාරට නොහිතූ විදිහට..

'' ම්ම්ම්...එහෙම ප්රශ්නයක් තියනවයි කියල ඔයාට හිතෙනවද චුට්ටි?...''

මම උත්තර දුන්නෙ ටිකක් වෙලා අරගෙන....

'' එහෙම ප්රශ්නයක් නැත්නම් කිසිම ප්රශ්නයක් නෑ...එහෙම ප්රශ්නයක් තියෙනව නම්... මම මේ කියන්නෙ අහපු නැති ප්රශ්නයක්....ඒකට උත්තරේ මේකයි....Life goes on.....I am doing the best under the circumstances to get on with life or cope with it as best as I can, if not I would be doing a real injustice to myself as well as to those others around me.....''

චුට්ටි එක දිගට කියාගෙන ගියා....මම එයාගෙ මූණ දිහාවෙ බලාහිටිය එහෙම්මම මොනව කියන්ටද කියල හිතා ගන්න බැරුව....

'' එහෙනම් අපි යන්නම් අයියෙ...''

චුට්ටි කිව්වම තමයි ඔන්න මම දැහැනෙන් මිදුනෙ.

'' චුට්ටි..ඒ ප්රශ්නෙම ඔයාගෙ හිතෙත් ඇති මම හිතන්නෙ.....ඒකට මගේ උත්තරේ ඔයාට දැන ගන්න ඕනද? ''

චුට්ටි ආයෙම හිනා උනා....

'' එපා අයියෙ..අයියගෙ උත්තරේ මගේ උත්තරේමයි කියල මට හිතාගත්තෑකි....ඒ උත්තරේ වැරදි උනත් මම දිගටම හිතාගන්නම් ඒ උත්තරේ තමයි හරි කියල.....මට ඒ ඇති...''

'' හරි එහෙනම් චුට්ටි........ආයෙම ඔයාව මෙහෙම අහම්බෙන් හරි හම්බ උනු එක මට කියන්ට බැරි තරම් සතුටක්.....Okay then Until we meet again.....somewhere...sometime ...take care and be happy....''

'' Same here Ravi Ayiya...you too.....bye....''

පොඩි එකීගේ අතකුදු අල්ලාගෙන ඇය දළඳා වීදියේ පදික වේදිකාව ඔස්සේ ඉහළ පහළ යන ජනතාව අතරින් නොපෙනී යන දෙස මම ඇසි පිය නොහෙලා බලා සිටියෙමි. මා සිතූ ලෙසම ඈ සෙනඟ අතර නොපෙනී යාමට මොහොතකට පෙර ආපසු හැරී බලා මා හා සිනාසුනාය. මම ද ඈ හා සිනාසුනෙමි.

එලෙස කොපමණ වේලා ඩෙවොන් අවන්හල ඉදිරියේ පදික වේදිකාවෙහි හිටිවනම සිටියාදැයි මම නොදනිමි.මා අසලින් තම එදිනෙදා කටයුතු උදෙසා එහා මෙහා ගමන් කරන මිනිස් කැල පිලිබඳව හෝ හිස රත් කරවමින් ලම්බකව පතිත වන මධ්යාහ්නයේ සැඩ හිරු රැස් පිළිබඳව මට කිසිදු හැඟීමක් නොවීය.

මා දැහැන් බිඳුනේ කමිස සාක්කුවේ තිබූ ජංගම දුරකථනය නාද වන හඬිනි. ඒ එසේ කොපමණ වේලා නාද වූවාදැයි ද මම නොදනිමි.

'' හෙලෝ........''

'' මේ ඔයා කොහෙද ඉන්නෙ?....මම මේ දැන් පොලිසිය ලඟින් බැස්සෙ බස් එකෙන්.....ෂර්ට් ගත්තද?...''

***********************************************************

“It's possible to go on, no matter how impossible it seems, and that in time, the grief . . . lessens. It may not go away completely, but after a while it's not so overwhelming.” ― Nicholas Sparks, Dear John

*************************************************

කලකට ඉහත ජීවිතයේ අරුණෝදයේදී මා සිත සෙනෙහසින් පුරවාලූ ඒ දයාබර යුවතිය පිළිබඳ මතකය නොසිතූ ලෙස නැවත අවදිවීමෙන් මසිත ඇතිවූ කැලඹීම සමහන් කරගැනීමෙහි ලා දැරූ උත්සාහයක් ලෙස මේ පසු කතාව අකුරු කලෙමි.

ජීවිතයේ අප බලාපොරොත්තු වන දේ සහ ජීවිතය අපට ලබාදෙන දේ යනු එකක් නොව දෙකක් බවට නිකලස් ස්පාක්ස් කියූ දේ පරම සත්යයක් බව වටහා ගැනීමෙහි ලා මගේ මේ ප්රේම පුරාණය මට බෙහෙවින් උපකාරී විය.

එළෙසම අප කුමන අපේක්ෂාවන් මුදුන් පත් කරගැනීමෙහිලා කොපමණ වෙර දැරුවද අවසන අපහට උරුම වන්නේ අපගේ දෛවයේ අප වෙනුවෙන්ම වෙන්වී ලියවි ඇති දෙයම පමණකි.

ජීවිතය පිළිබඳ මේ සනාතන ධර්මතාව ඉඳුරාම අපහට වෙනස් කල හැක්කක් නොවන බැවින් උපේක්ෂා සහගතව ඒ පිළිගෙන ඒ අනුව හැඩ ගැසීම හුදෙක් ඔබම සතු කාර්ය භාරයකි. ජීවිතය විඳවීම සහ විඳීම යන පරස්පර අන්තයන් ද්විත්වය අතරින් ඔබට රිසි අන්තය තෝරාගැනීම ද එලෙසම ඔබ සතු බව ද අමතක නොකරන මෙන් අවසාන වශයෙන් සෙනෙහසින් යුතුව දන්වා සිටිමි.

Wednesday, February 15, 2012

100. ආදර නිල් දෑසේ - පසු කතාවක් වගේ එකක් - 3 Her haunting blue eyes - Sort of an epilogue




චුට්ටි මා ළඟම ඉන්නව හිනා වෙවී. පොඩි කෙල්ලගෙ අතේ පොත් මිටියක්.....ඒ ටිකත් බදාගෙන මා දිහා බලල හිනා වෙනව ඒකිත්.......ඉතින්...අම්මයි දුවයි දෙන්නම එක්ක මමත් හිනා උනා.......

'' අහ්හ්...ඔයාල මේ ඉක්මනට ආවද? එන්න යමු එහෙනම්.....''

කලින් මම ගන්නම හිතාගෙන හිටපු විල්බර් ස්මිත් ගෙ නවකතාව මම අතට ගත්ත.

නිකලස් ස්පාක්ස්ගෙ පොත් තියන රාක්කෙ ලඟ නැවතුන මම මොහොතකට. පොත්වල නම් කියවන අතරෙ පොත් පෙල දිගේ ඇදී ගිය අත නතර උනේ '' Dear John'' ලඟ. ඒකත් අරගෙන මම කවුන්ටරේ ළඟට යද්දි චුට්ටියි දුවයි එතන ඉන්නව මම එනකල්.

'' දෙන්න දුව ඔය පොත් ටික...'' මම පොඩි එකී දිහාට අත දික් කලා.

පොඩි එකී අම්ම දිහාවෙ බැලුව.

'' එපා අයියෙ මම දෙන්නම් සල්ලි '' චුට්ටි පොඩි එකීගෙන් පොත් මිටිය අතට ගත්ත.

'' හරි, හරි, මෙන්න මෙහෙ දෙන්න ඕක...'' මම බලෙන්ම චුට්ටිගෙන් පොත් ටික අරගන්න හැදුව.

'' නෑ අයියෙ මම දෙන්නම් සල්ලි....''

චුට්ටි පොත් ටික අත ඇරියෙම නෑ.

මමත් පොත් ටික එයාගෙ අතින් ගන්නම උත්සාහ කරද්දි අපේ අතැඟිලි එකිනෙක ගැටුන හදිසියෙම. මගෙ ඇස් දිහාවෙ ඔලුව උස්සල මොහොතක් බලා ඉඳල චුට්ටි පොත් ටික අත ඇරිය. පොඩි එකී මාරුවෙන් මාරුවට අපි දෙන්නගෙ මූණු දිහා බලමින් හිනාඋනා. ඒකිටත් පුදුම ඇති අම්මගෙයි මේ අදම දැක්ක මාමගෙයි කෝලං වලට. හොඳ වෙලාවට මේ වෙලාවෙ අහල පහල කවුරුවත්ම හිටියෙ නෑ. නැත්නම් හතර විළිලැජ්ජාවයි, විජිත යාප එකේ ස්ටාෆ් එක ඔක්කොම වගෙ මම අඳුනනව නිතරම පොත් ගන්ට ගිහිල්ලම.

මම පොත් වලට සල්ලි ගෙවල විජිත යාප එකෙන් එළියට ආව.

චුට්ටිත් පොඩ්ඩිගෙ අතින් අල්ලගෙන ඇවිල්ල මගෙ මූණ දිහා බලල හිනාඋනා.

'' ඉතිං අයියෙ?.....''

'' ම්ම්ම්... අපි යමු නංගි එහෙනම්...''

වෙලාව බලනකොට දහයහමාරයි.

'' දවල්ට කන්න නම් තාම උදේ වැඩියි ඔය මොනව හරි කාල තේ එකක් බොමු නේද?''

'' හරි අයියෙ කමක් නෑ....මට පරක්කු වෙන්නත් බෑ.....එකොලහමාරට යන්න ඕන ධර්මරාජෙට....පුතා අද ආව ඉංග්ලිෂ් ඩේ එකේ තරඟයක් තියනව..ඒකට....මලියදේවෙන් තේරුණෙ එයා.උදේ එයාව එතනට ඇරලවල තමයි චුට්ටි දුවයි මමයි මේ ආවෙ. ''

'' ඉතිං නංගි අජන්ත ආවෙ නැද්ද?...''

'' උදේ අපිව ඇරලල එයා ආපහු ගියා...අත්යාවශ්ය වැඩකට අයියෙ..දන්නවනෙ එහෙම තමයි ඉතිං බිස්නස් වල හැටි...වෙලාවක් කලාවක් නෑනෙ....''

'' එතකොට ආපහු යන්නෙ ඔයාල?''

'' කුරුණෑගල ඉන්ටසිටි එකක යනව අයියෙ. මොනවද විනාඩි හතලිස් පහයිනෙ...''

දළඳා වීදිය දිගේ අපි පහලට ගියා...ඩෙවොන් රෙස්ටොරන්ට් එකට යන්න නම් පාර මාරු වෙන්න එපාය.....කහ ඉරෙන් මාරුවෙද්දි මම පොඩි එකීගෙ අනිත් අත අල්ලගත්ත. ඒක මම නොහිතම , ඉබේම වගෙ සිද්ද උනු දෙයක්...චුට්ටි එක පාරටම මගෙ මූණ බලල ආපහු බිම බලාගත්ත.

මෙහෙම දර්ශනයක්....මේ විදිහෙ සිතුවමක්. චුට්ටියි මායි පොඩි එකෙකුගෙ දෑත් අල්ලගෙන ඇවිදගෙන යන සිතුවමක්....මගෙ හිතේ ඇඳිල තිබ්බෙ ගොඩක් කාලෙකට ඉස්සර....චුට්ටිටත් එහෙම වෙන්න ඇති.......

පාර මාරු උනාට පස්සෙ මම පොඩ්ඩිගෙ අත අතෑරියා.

ඩෙවොන් එකේ කෙලවරක රවුම් මේසයක් වටේ අපි අසුන් ගත්ත.

' ෂෝට් ඊට්ස් මොනව හරි ගෙනෙන්න.....''

ළඟට ආපු වේටර්ට කියල මම චුට්ටි දිහාට හැරුණ.

' ඉතිං චුට්ටි...කියන්නකො බලන්න ඔයාගෙ විස්තරේ.....''

ඉතිං චුට්ටි එයාගෙ ගතවෙච්චි පහුගිය කාලෙ ජීවිතේ ගැන බොහොම කෙටියෙන් කිව්ව.මම මේසෙ උඩ වැලමිට තියාගෙන දෑතේ ඇඟිලි එකට බැඳගෙන ඒ උඩ නිකට තියාගෙන.......සාවධානව අහගෙන හිටිය.

චුට්ටි එයාගෙ කතාව ඉවර කලා.

'' ඉතිං රවි අයිය....මට කියන්න ඔයාගෙ කතාව.....පොඩි අයියගෙන් මම ගොඩක් විස්තර දන්නව. ඒත් කමක් නෑ මම ආසයි ඔයාම කියනව අහගෙන ඉන්න.......''

එහෙම කියල චුට්ටි මා දිහා බලල හිනාඋනා.

ඉතිං....ඉතිං...මමත් මගෙ විස්තරේ කිව්ව.

ඔය අතරෙ මම තේ ගේන්න කිව්ව...තේත් ආව...අපි තේ බිව්ව...

මගෙ කතාව ඉවර උනාම නිහඬතාවයෙන් ගෙවී ගිය ටික වෙලාවකට පස්සෙ....

'' අම්මි..මම පොඩ්ඩක් අර පැත්තට යන්නද?..........''

පොඩි එකී ඇහුව කෙලවරක තියෙන විශාල මාළු ටැංකියක් පෙන්නල. පොඩි එකීට මම හිතන්නෙ එපා වෙලා වෙන්න ඇති එක තැනම ඉඳල............

'' කමක් නෑ දූ..... පරිස්සමින්...........හොඳේ....''

පොඩ්ඩි මාළු ටැංකිය ළඟට ගියා. ඒ දිහාවෙ ටික වෙලාවක් බලා ඉඳල චිට්ටි ආයෙම මා දිහාට හැරුණ.

ඇය කතා කලේ දෑතට මැදිකරගත් මේසෙ උඩ තිබ්බ හිස් තේ කෝප්පයක් සෙමෙන් සෙමෙන් කරකවමින්.

'' ඉතින් රවි අයියෙ.......ඔන්න මගෙ කතාවත් කිව්ව...ඔයාගෙ කතාවත් කිව්ව.......ඊළඟට? ''

මම කතා කලේ ඇගේ දෑතට මැදිවූ හිස් තේ කෝප්පය දිහා බලාගෙන.

'' ඊළඟට මොකක්ද චුට්ටි?.........අපි දෙන්න හීනෙකින් වත් නොහිතූ විදිහට අද හම්බ උනා. එච්චරයි.......අපි ආයෙම වෙන් වෙලා යනව දෙපැත්තකට.......ඒත් මගෙ හිතට අප්රමාණ සතුටක් ඔයාව මෙහෙම අහම්බෙන් හරි මුණ ගැහුනු එක. ''

'' ඇත්ත අයියෙ...මම පහුගිය කාලෙ ජීවිතෙ ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මට ඒකට ඔයාගෙ ආදරෙත් ලොකු ශක්තියක් උනා......ජීවිතේට මුහුණ දෙන්න මට ගැම්ම ලැබුනෙ ඒ නිසා... ''

'' අයිය ගොඩක් පොත් කියවනව නේද ඒ කාලෙ ඉඳලම...මමත් අයිය නිසාම පුරුදු උනා පොත් කියවන්න....ජීවිතේට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න මට ඇත්තටම හැකියාව ලැබුනෙ පොත් නිසා....''

'' What you want from life and what you get from life are two entirely different things.........just accept that reality....sooner the better......''

'' මම දැකපු, මම ආසම..... ඒ වගේම ජීවිතේට ඉතාම වැදගත්ය කියල මම හිතන Quote එකක්. අයිය නම් දන්නව ඇති මොන පොතේද කියල හිහ්,හිහ්.......''

චුට්ටි මගෙ දිහාවෙ බලල හිනැහුනා.

'' මොකද මම නොදන්නෙ?....හෙහ්, හෙහ්,....... Nicholas Sparkes .....Three weeks with my brother.....''

'' ඒකෙම තියනව තව ජීවිතේට බොහොම වැදගත් Quote එකක් මතකද?...''

'' මොකක්ද?......''

චුට්ටි නලල රැලිකරගෙන මා දිහා බැලුව.

'' ම්ම්ම්. .....I will give you a hint........Who said life is..........''

මම චුට්ටිගෙ මූණ බලල හිනාඋනා....

'' මතකද? ''

'' Of Course.....Who said life is fair.....it’s never ever fair..........''

'' හරියටම හරි...........නිකලස් ස්පාක්ස් ගෙ පොත් චුට්ටි කියවනවද?''

'' ඔව්....මම කැමතියි ඒ පොත්වල ශෛලියට....''

'' අහ්හ්...ඒක හොඳයි......''

මම ඒ ළඟ පුටුව උඩ තිබ්බ විජිත යාපා එකෙන් මිලදී ගත්තු පොත් දාපු බෑග් එකෙන් ගත්ත Dear John පොත.

'' මේ පොතෙත් තියනව ඒ වගේම ලස්සන Quote එකක්...''

මම පිටු පෙරලගෙන ගියා..

'' හරි මේ තියෙන්නෙ,...''

“Part of me aches at the thought of her being so close yet so untouchable, but her story and mine are different now. It wasn't easy for me to accept this simple truth, because there was a time when our stories were the same, but that was six years and two lifetimes ago.”

**************************************************

නැවත වරක් සුවිශේෂ ස්තූතිය .....දයාබර සිත්තමීට.........For being so inspiring and for being my research assistant, unpaid of course.....heh, heh,

Tuesday, February 14, 2012

99. ආදර නිල් දෑසේ - පසු කතාවක් වගේ එකක්....Her haunting blue eyes - Sort of an epilogue



'' හරි මෙතන කතා කරන්න බෑනෙ නංගි....ඔයා මොකටද ආවෙ? ''

'' මම මේ එලවළු ටිකක් ගන්නෙයි කියල අයියෙ....''

යටි තොලත් හපාගෙන චුට්ටි එහෙම කිව්වම මගෙ කටත් බාගෙට ඇරුණ...

'' හෑ...එළවළු.....එලවළු කොහෙද?......''

ඔන්න එතකොටයි මට තේරුණෙ චුට්ටි මේ මාව අන්දන්න කියපු කතාවක් කියල.

අපි දෙන්නම හිනා උනා එක පාරටම.

'' මේ දූට පොත් මොනව හරි අරන් දෙන්නෙයි කියල අයියෙ.....''

'' හරි, සිංහල පොත් තියෙන්නෙ උඩ තට්ටුවෙ....මමත් එන්නද? ''

'' ඕන නෑ අයියෙ... මම ගිහිල්ල අරගෙන එන්නම්...අයිය ඉන්නව නේද මම එනකල්?''....ආයෙම අර හිනාව...

'' හෙහ්, හෙහ්....ඉන්නම ඕනනම් ඉන්නම්...'' මම හිනා උනා,

'' ඉන්න,ඉන්න,......මම එන්නම් ඉක්මනට...'' පොඩි එකිත් එක්ක චුට්ටි ගියා උඩට...මම එහෙමම පොතත් අතේ තියාගෙන හිටියා හිටි පියවරම....එහෙම හිටියට හිත නම් තිබුනෙ වසර ගණනකට ඉස්සර අතීතයක....

චුට්ටි..අද මේ දැක්කෙ වසන්තගෙ වෙඩිං එකේදි දැක්කට පස්සෙ...

රවී මම ලබන මාසෙ බඳිනවා....දෙවෙනි මනමාලයට මම හැමදාම හිතාගෙන හිටියෙ උඹව...ඒත් මට තේරුම් ගන්න පුළුවන් මචං....උඹට බෑ කියල හිතෙනව නම් කියපං...කිසිම අවුලක් නෑ...උඹ දන්නවනෙ මම ගැන.

වසන්ත මට ලියුමක් එව්ව.....ඔය මට මතක විදිහට මම වසන්තලගෙ ගෙදර ගිහිල්ල ඇවිදින් අවුරුදු දෙහෙකට විතර පස්සෙ.

ආ,....තව එකක් කියන්න බැරිඋනානෙ....චුට්ටි යුනිවසිටි සිලෙක්ට් උනා...ජ'පුර....ඒ නිසා කසාද බඳින එක නම් අවුරුදු තුනකට විතර කල් ගියා. ඒත් කවදාකහරි චුට්ටිට බඳින්න වෙන්නෙ අජන්තමයි කියන කාරණේ වෙනසක් උනේ නෑ....

මම වසන්තට උත්තරයක් ලිව්වා. වසා මචං උඹේ දෙවෙනි මනමාලය විදිහට මම එනව. අනිවාර්යයෙන්ම..ඒක වෙනස් වෙන්නෙ නෑ මොනම විදිහකින්වත්....

වසන්තගෙ විවාහය තිබ්බෙ අනුරාධපුරේ.......නුවර වැව තානායමේ....කලින් දවසෙ මම ගිහිල්ල මගෙ තව යාළුවෙකුගෙ ගෙදර නැවතුනා.

පහුවදා....වසන්තගෙ මඟුල් ගෙදර දවසෙ තමයි මම චුට්ටිව දැක්කෙ දෙවන සහ අවසාන වතාවට...මේ අද දකිනකල්.....වසන්ත එක්ක එයාලගෙ ගෙදර ගියපු විස්තරේ මතකනෙ නේද?....චුට්ටි මට සම්පූර්ණ කතාවම අකුරක් නෑර කිව්ව....ඊට පස්සෙ අපි එකිනෙකා වැළඳගෙන කඳුළු සැලුවා.

පහුවදා මම ආපහු ආව. චුට්ටිගෙන් සමුගෙන...වසන්ත මාව ටවුමට ගෙනත් බැස්සුව බයික් එකේ....ඒ එද්දි උනත් මට වසන්තට මේ ගැන කියන්න හොඳටම ඕන කම තිබ්බට චුට්ටි එක හෙලාම එපාය කියපු නිසා එහෙම කියන්න මගෙ දිව නැමුනෙ නෑ.

මගේ ආදර අන්දරය එතකින් අවසානයි. අවසානයි කියන එකත් වැරදියි එක අතකට.හිතක් පුරා පිරී ඉතිරෙන ආදරයක් එහෙම අවසාන වෙන්නෙ කොහොමද?.....ඒ ආදරය, සෙනෙහස හිතේ තියාගෙන මම කල් ගතකලා. මේ හැමදෙයක්ම වෙනස් වෙලා චුට්ටිටයි මටයි එකතු වෙන්න ලැබෙයි කියල හිතේ කොණක බොහොම පුංචි බලාපොරොත්තුවකුත් තිබ්බෙ නෑ කියල කිව්වොත් ඒක ඇත්තක් නෙවෙයි...

ඒ අවුරුදු දෙකක වගෙ කාලය ඇතුලත චුට්ටි මට මාසෙකට එකක් වගෙ වෙන්න ලියුම් එව්ව...එයාට ලියුම් එවන්න ඕන උනොත් , එයාගෙ යාලුව නදීකගෙ ගෙදරට එවන්න කියල මට කියල තිබ්බ. මම ඔය කාලෙදි ලියුම් වැඩිම උනොත් හතර පහක් ලියන්න ඇති. කොහොමත් ඉටු නොවෙන බලාපොරොත්තුවකට තව ලියුම් එහෙම ලියල අළුයට සැඟවුනු ගිණි පුලිඟුවකට පිඹල ගිනි දැල්ලක් අවුලෝනව වගෙ පණ දෙන්න හදන එකේ තේරුමක් නැති නිසා මම පුලුවන් තරම් ලියුම් නොලියම ඉන්න හිතා ගත්ත.

ඉතිං වසන්තගෙ මඟුල් ගෙදරදි මට ඔන්න චුට්ටිව ආයෙ මුණ ගැහුන.චුට්ටිලගෙ නෑදෑයො යාළුවො හැමෝම ඇවිත් හිටපු නිසා අපිට කතාකරන්න තියා නිදහසේ හම්බ වෙන්න වත් අවස්තාවක් ලැබුනෙ නෑ...අනික මම දෙවෙනි මනමාලය නිසා මට එතනින් ගැලවුමක් තිබුනෙත් නෑ.

එදත් අපෙ අනික් යාළුවො කට්ටිය තානායමේ මිදුලෙ කොණක සෙට් උනා. දෙවෙනි මනමාලය විදිහට මගෙන් ඉටු විය යුතු රාජකාරි පැහැර හරින්ට බැරි නිසා මම ඒකට සම්මාදම් උනේ නෑ.

දවල් කෑමෙන් පස්සෙ ජෝඩුව පිටත් වෙලා ගියාම මගේ නිල රාජකරි අහවර උනා. ඒත් හෝටලේ බිල ගෙවන එක වසන්ත මට පවරල තිබුණු නිසා මට ටික වෙලාවක් ඉන්න සිද්ධ උනා.

නුවර වැව තානායමේ පිටිපස්ස එක දිගටම බරාඳයක්......නුවර වැවයි වැවෙන් එපිට එහා පැත්තෙ මිහින්තලේ කන්දයි.....කන්ද මුදුනේ අව්ව වැටිල සුදුම සුදු පාටින් බැබලෙන වෙහෙරයි බරාඳෙ වේවැල් පුටුවක ඉඳගත්තම යස අගේට පේනව.

මම ඒ ඇසිපිය නොහෙලා ඒ දිහා බලා ඉන්න අතරෙ පපුවට ඇතුලු උන අපූරු විලවුන් සුවඳක් මගෙ දැහැන බිඳල දැම්ම.

'' චුට්ටි.........''

චුට්ටි සාලෙන් බරාඳයට පිවිසෙන පළු දෙකේ දොරේ උළුවස්සට හේත්තු වෙලා මා දිහා ඇසිපිය නොහෙල බලා හිටිය. උදේ උත්සවේට ඇඳහිටියෙ සාරියක්...ඒත් දැන් ආයෙම ගවුමකට මාරු වෙලා.

'' නංගි...කෝ අම්මල එහෙම?.....''

මම ඇහැව්වෙ නිහඬ තාවය තවත් ඉව සන්න බැරිතැන.

'' අම්මල ගියා අයියෙ...මම අපෙ මාමල එක්ක එන්නම් කියල නැවතුන මට අයියව මුණ ගැහිල කතා කරන්න ඕන නිසාම. ''

මම ඈත පේන මිහින්තලේ වෙහෙර දිහා බලාගෙන හිටිය.........චුට්ටි මගෙ ලඟට ඇවිල්ල ළඟම තිබුණු පුටුවෙ ඉඳ ගත්ත කියල මට තේරුණේ එක් වරම විලවුන් සුවඳේ තීව්ර්තාවය වැඩි වූ නිසයි.

ඒ සුවඳ පපුව පුරා පුරවාගෙනම මම හිස හරවල චුට්ටි දිහාවෙ බැලුවා.

'' ඉතිං නංගි.... කොහොමද ජීවිතේ? ''

'' ඔහෙ ඉන්නව අයියෙ,මම දැන් ෆස්ට් ඉයර් එකේ.....තව අවුරුදු දෙකක් තියනව....ඊට පස්සෙ........''

ඒ වාක්යය අවසන් නොවී අවකාශයෙ පාවුනා එහාට මෙහාට.

මම ආයෙම චුට්ටිගෙ මූණ බලනකොට එයා බිම බලාගෙන . ඇස් දෙකේ කඳුළු....

'' චුට්ටි...වසන්ත දෙවෙනි මනමාලයට එනවද කියල අහල, ඊට පස්සෙ කිව්ව රවී උඹ එන්නෙ නැත්නම් ඒකට කිසිම ප්රශ්නයක් නෑ...මට තේරුම් ගත්තැහැකි කියල. ඒත් මම තීරණය කලා එන්න ඕන කියල. ඒ වසන්ත වෙනුවෙන් වගේම ඔයාව ආයෙම දැක ගන්න ඕන නිසාත්.........''

'' මම එදා ඔයාලගෙ ගෙදරදි කිව්ව වගෙ අපි අපේ ඉරණමට මූණ දෙමු. ඒ නිසා අඬන්න එපා චුට්ටි.......අපි සතුටෙන් වෙන්වෙලා යන්න උත්සාහ කරමු.ඒක අමාරුයි තමයි...සමහර විට මගෙ ජීවිත කාලෙටම මට ඔයා ආයෙම දකින්න ලැබෙන එකක් නෑ.....ඒ නිසා මට මතක තියාගන්න ආයෙම හිනා වෙන්න....ප්ලීස් චුට්ටි හිනා වෙන්න....''

ඉතිං....ඉතිං...ඉතිං....එයා හිනා උනා.......

මම පුටුවෙන් නැඟිටල සාලෙ දොර ලඟට ගිහිල්ල වටපිට හෝදිසි කරල ආපහු ආව. චුට්ටිත් නැඟිටල මා ළඟට ආව. මම චුට්ටිව වැළඳ ගත්ත. එයා මගෙ පපුවට තුරුළු වෙලා හිටිය මොහොතක්....දෙකක්..තුනක්........එච්චරයි.

'' මම යන්නම් අයියෙ...මාමල මාව හොයනව ඇති. ''

මම නැවිල චුට්ටිගෙ නලල සිප ගත්ත.චුට්ටි මගෙ අත් දෙකම අරගෙන තොලට තියල සිපගත්ත.

'' යන්නම් අයියෙ.....''

සාලෙ දොරේ උළුවස්ස අල්ලගෙන ආයෙම හැරිල බලල කියල මා එක්ක හිනාවෙලා චුට්ටි යන්න ගියා.....මගේ ජීවිතයෙන්ම වෙන් වෙලා යන්න ගියා.

මම ආපහු පුටුවෙ ඉඳගත්ත. ..නුවර වැව නිල් පාටට කලින් වගේම දිලිසුනා. ...මිහින්තලේ විහාරෙත් සුදු පාටට වැව් ඉස්මත්තෙ පෙනුනා. චුට්ටිගෙ සුවඳ පපුව පුරා පුරවගෙන මම එහෙම්මම හිටිය හතර වටින් අඳුර හෙමිහිට පාත් වෙන අතරෙ...

'' මොකද රවි අයියෙ.... පොතත් අතේ තියාගෙන භාවනාවක් වත් කරනවද? ''

කණ ළඟම ඇහුණු චුට්ටිගෙ කටහඬින් මම ආපහු ආව නුවර වැව තානායමේ ඉඳල විජිත යාපා පොත් සාප්පුවට.

Monday, February 13, 2012

98. ආදර නිල් දෑසේ - පසු කතාවක්මත්ම නෙවෙයි...ඒත් ඒ වගේ එකක්....Her haunting blue eyes - An epilogue - Well not exactly...but something like that..



හන්තාන කඳුවැටිය ඉහළින් වැහිවළාකුලත් දෙකක් කැටි ගැහෙමින් තිබුණ නම් තමයි. ඒත් දාස් දෙන අව්වෙ නම් කිසිම අඩුවක් පාඩුවක් නෑ.......

නුවර නගරය සුපුරුදු කලබලෙන්....පොලිසිය ලඟ හෝල්ට් එකේ බස් එකෙන් බැහැල මම දලඳා වීදිය දිගේ හෙමිහිට උඩහට ඇදුනා.කිසිම හදිස්සියක් නැතුව....ඔහේ වටපිට බල බල....මුස්ලිම් හෝටලේ, චම්පා ස්ටෝර්ස් ඉස්සරහ පදික වේදිකාවෙ දහසකුත් එකක් අරුමෝසම් බඩු භාණ්ඩ විකුණන වෙළෙන්දන්ගෙ ගාලගෝට්ටිය වෙනද වගේමයි..........

නිවාඩු මාසෙන් තව ඉතිරි දවස් පහයි.......ඊට පස්සෙ ආයෙම කාන්තාරෙට පිටුවහල්.....ජීවිතේ හැටි ඉතිං එහෙම තමයි.......

'' මේ..... යන්ඩ කලින් ෂර්ට් හතර පහක් ගන්නකො. ඔයාගෙ තියන ෂර්ට්ස් ඔක්කොම අන්තිමටම සවුත්තු වෙලා නේද? ''

දෙතුන් දවසක් ප්රියාම්බිකාව දැනුම් දුන්නට පස්සෙ, මටත් හිතුන ඇත්ත නේද කියල...පහුගිය ටිකේ ගෙදර පොඩි පොඩි වැඩ නිසා නුවර පලාතෙ එන්නත් බැරි උනු එකේ ඒකත් නරකම නෑ...එහෙම හිතලයි උදේ ගෙදරින් ආවෙ...

'' මමත් එන්නම් ෂෝට් ලීව් එකක් දාල..මටත් තියනව නුවර යන්න උවමනාවක්....''

උදේ රාජකාරියට පිටත් වෙන්න කලින් එහෙම කිව්වෙත් එයාම තමයි. මම ඇහුවෙ නෑ මොකක්ද උවමනාව කියල...ආය මොනව අහන්ටද?.....කොහෙ හරි ඇති වස්තර සේල් එකක්......

දළඳා වීදියෙන් හැරුන කොටු ගොඩැල්ල වීදියට. වම් පැත්තෙ විජිත යාපා පොත්හල...ඒ ආසන්නයට එද්දි පියවර තැබෙනා වේගය ක්රමයෙන් අඩාල වෙලා හරියටම සාප්පුවෙ අලුත් පොත් Display එක ඉස්සරහ පියවර නැවතිලාම ගියා.

අඩේ මේ මොකක්ද මේ?.....Wilbur Smith......Those In Peril.......මගෙ ප්රියතම ලේඛකයෙක්....එයාගෙ අලුතෙන්ම පිටවුනු පොත....

හෙහ්, හෙහ්, ඉතිං මොකෝ කොරන්නෙ?.....මේක දාල යන්නෙ කොහොමද? ෂර්ට් ගැනිල්ල කල් දැම්ම .....ඔය ෂර්ට් එක කවදා ගන්ට බැරිද?....අනික මොකෝ මට එහෙමටම ෂර්ට් අහේනියක් නෑනෙ...ඔය තියන එව්ව ටිකක් පරණයි නම් තමයි..ඒත් තව කාලයක් ඇන්දැහැකි අවුලක් නැතුව.....

අනික මම දන්නව මම ෂර්ට් නොගත්තොත් ප්රියාම්බිකාව මම යන්ට ඉස්සර ෂර්ට් හතර පහක් ගෙනත් දෙනව...

'' මේ ඔයා කොච්චර කිව්වත් කිසිම දෙයක් ගන්නෙ නෑ.මෙන්න මම ගෙනාව ෂර්ට් හතරක්...බලන්ට හොඳද කියල....''

ආය මොනව බලන්ටද එයා දන්නව මම කැමති පාට.... වර්ග... ඔක්කොම...මම තේරුවට වැඩිය අපූරුවට වැඩේ කරල ඇති......හෙහ්, හෙහ්,

විජිත යාප එක ඇතුලෙ මේ වෙලාවෙ ඒ හැටි සෙනඟක් නෑ.....Those In Peril පොත මම කොහොමත් ගන්න නිසා වෙන අලුතෙන් ඇවිල්ල තිබ්බ පොත් කීපයක පසුපිටේ බොහෝ විට තියන කතාවෙ සාරාංශය මම කියවන්න පටන් ගත්ත.වෙලාව බැලුවම නවය හමාරයි..ප්රියම්බිකාව එනකොට කොහොමත් දොළහ පහු වෙයි. ඕන තරම් වෙළාව තියනව.

පොත් රාක්කෙ පල්ලෙහාම තට්ටුවෙ තිබ්බ පොතක් ගන්ට දණිස් නවල කෙලින් කටින් ( උක්කුටිකයෙන් කියල කියන්නෙත් මේ ඉරියව්වටමයි, ඉංගිරිසියෙන් නම් Squatting )ඉඳගත්ත පාර ආය නැඟිටින්ඩ කම්මැලි කමේ මම එහෙම්මම පොතේ එහෙන් මෙහෙන් කියවන්ට පටන් ගත්ත.පොත රසවත් නිසා පිටු කීපයක්ම කියවන්ට සිද්ද උනා. දණිස් දෙකත් රිදෙන්ට ඇල්ලුව ටිකකින්....පොත එහෙම්මම තියල නැඟිටිනවද නැත්නම් නැඟිටල තව ටිකක් කියවනවද කියල තීරණයක් ගන්ට බැරුවයි මම හිටියෙ,

'' ආනේ...රවි අයිය නේද?....''

විස්මයට පත් ගැහැණු කටහඬක්.......මතකයේ ඈත අහුමුළු අතපත ගාන්නට සිත මෙහෙයවූ කට හඬක්.....

පොතේ පිටු අතර සිර වී තිබූ මගේ දෑස ඒ හඬ පැමිණි දෙසට යොමු වූයේ නිරායාසයෙන්ම,

ඒ දෑස ....ඒ දෑස......තාමත් නිල් පාට......ඒ දෑස..........

මම හෙමිහිට පොත වැහුවෙත් ඒ දෑස දිහා බලාගෙනම......හෙමිහිට නැඟිට්ටෙත් ඒ දෑස දිහා බලාගෙනම.....

'' චු..ට්..ටි........''

මගෙ කටින් පිටවුණේ අකුරෙන් අකුර වෙන් වෙලා...

'' ඔයාගෙ ඇස් තවම........''

මම ඒ වාක්යය සම්පූර්ණ කළේ නෑ. එතකොටයි මම දැක්කෙ චුට්ටිගෙ අතේ එල්ලිලා හිටපු පුංචි කෙල්ල.......මගෙ දිහා බලාහිටියෙ කුතුහලය පිරුණු දෑස් විදහාගෙන.....

'' රවි අයියෙ..මේ මගෙ දුව.....චුට්ටි දූ.....මේ අම්මි අඳුරන මාම කෙනෙක්.....''

'' හලෝ...ඔයත් එහෙනම් චුට්ටි ....''

පොඩි එකී එක්ක මම හිනාවුනා.

කෙල්ලත් හිනාවෙලා ලැජ්ජාවෙන් ඇඹරුනා.....ආයෙම නැවිල පොඩි එකීගෙ කම්මුල් සිප ගන්න හිතුනත් එහෙම කරන එක හොඳද කියල මට තීරණයක් ගන්න බැරුව එහෙට මෙහෙට ලත වෙන අතරෙ ඒ මොහොත ගෙවිල ගියා.

මම චුට්ටිගෙ දෑස් දිහාවෙ බලා හිටිය මොහොතක්....ඒත් මගෙ මූණ රතුවෙනව තේරෙනකොට තමයි මතක් උනේ අපි මේ ඉන්නෙ කොහෙද....ඊටත් වැඩිය අපි දැන් කවුද කියන එක....චුට්ටිත් රතු වෙච්ච මූණෙන් බිම බලාගත්ත යාන්තමට හිනා වෙලා.

'' නංගි...ඉතිං....කොච්චර කාලෙකට පස්සෙද?.....''

'' ඔව් අයියෙ....අන්තිමට අපි හම්බ උනේ.......'' චුට්ටිගෙ මට අමතක නොවන හිනාව....වාක්යය මඟින් ඉවර කලේ මතක නැතිව නම් නෙවෙයි....

නළලත් රැලි කරගෙන චුට්ටි කල්පනා කරන්නෙ බොරුවට....මම ඒක දන්නව...මම ඒක දන්නව කියල එයත් දන්නව....

Wednesday, February 8, 2012

96. ගෙදරදී ම බැංකුවක් සාදා ගන්නා අන්දම........

සල්ලි... සල්ලි... සල්ලි...

ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙම ලාවට හෝ සල්ලි ගෑවිලා... කොටින්ම ඒවායින් 10%ක පමණ විතරයි ලාවට ගෑවිලා තියෙන්නේ. ඉතිරි ප්‍රශ්න 90% ම ඇති වෙලා තියෙන්නේ සල්ලි නිසා.

ආදරය, බැඳීම්, මිතුරුකම් මේ හැම දේම මැනෙන ප්‍රධාන මිම්මක් බවට අද සල්ලි පත් වෙලා. පවුලක් නඩත්තු කරන්න කොච්චර නං සල්ලි ඕනෑද? ගෙදර මහ දෙන්නම හම්බ කලත් යාන්තන් දිවි ගැටගහන්න වෙලා තියෙන යුගයක, කුටුම්භයට පිටින් තියෙන නෑදෑකම්, මිතුරු කම් වෙනුවෙන් මුදලක් වැය කරගන්න බැරිව ගියහම තමයි තේරෙන්නේ මේ හැමදේම මැනෙන්නේ සල්ලි වලින් නේද කියලා.

"එච්චි කමට ඉතිරි කරනවා. අම්මාට තාත්තාට වියදම් කරන්නේ නැත්තං කාටද වියදම් කරන්නේ? ගුණයක් නැති දරුවෝ"

"ඕකුන්ට සල්ලි තියෙනවා, ඔය නැති බනේ ගැහැව්වාට. කථාව නං පණ දෙන්න වගේ. හදිසි අතමාරුවක් ඉල්ල ගන්න ගියහම පස්ස ගහනවා"



ඉතිං හද්දෙය්යනේ, සල්ලි ඉල්ලන්න යන මනුස්සයාට වගේම අනිත් කෙනාටත් හදිසි තත්ත්වයක් ඇති වෙලා වෙන්න බැරිද? ඒ මනුස්සයාට ඇත්තටම මුදල් අමාරුකමක් නිසා නැහැයි කිව්වා වෙන්න බැරිද? මොක වුනත් අන්තිමට ඉල්ලපු දේ දෙන්න බැරි වුනා නං බැණුම් අහන්න ලැහැස්ති වෙලා ඉන්න එක තමයි තියෙන්නේ.

ඔන්න බොරු නං කල්පනා කරලා බලන්න. ගෙදර දොරේ දානෙකට, මළ ගමකට, මගුළකට දහදිය මුගුරු හෙලාගෙන, දවල් රෑ නොබලා, වෙහෙස මහන්සි නොබලා බැහැගෙන කොටසක් වැඩ කරද්දි, තවත් කොටසක් ඇවිත් මුදල් විසි කරලා ඇඟ බේර ගන්නවා.

"අනේ කිසි ලෝභ කමක් නැතුව සල්ලි වියදම් කලා, ලෝස් බෝස් නැහැ, ඕනේ තැනදි ඕනෑ හැටියට සල්ලි වියදම් කලා. සල්ලි තියේ නං වැඩ කරන්නද මිනිස්සු නැත්තේ. කට්ටිය වැඩ කරන මුවාවෙන් හොඳට ගැහැව්වා" දෙපිරිස ගැන බොහොම විට අහන්න වෙන්නේ ඔය වගේ කථා. ඕක තමයි ඇත්ත.

ඇත්ත කොහොම වෙතත්, කාවටත් අතනොපා, හදිසි අවස්ථාවකදී හදිසි වෙලා එහේ මෙහේ නොදුවා, කොහොම හරි ජාමේ බේරගන්න පොඩි ක්‍රමයක් ගැන අදහසක් දෙන්නයි මං මේ හදන්නේ. මේ ක්‍රමේ ගැන කියන්න ටිකක් කල් ගන්න මට සිද්ධ වුනා. ඒකට හේතුව ක්‍රමේ ඔළුවට වැටුනට, අත්හදා නොබලා ප්‍රකාශ කරන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා.

මුලින් ම කියන්න ඕනෑ, ‍මේ ක්‍රමය ගැන මුලින්ම අදහස දුන්නේ මගේ මහත්තයා. ඒ 2007 වසරේ පෙබරවාරි මාසේ දවසක. එයාගේ යතුරුපැදිය මිලදී ගත්තේ 2007 පෙබරවාරි 3 වනදා. අලුත් ම අලුත් යතුරුපැදිය නිසා අලුත් සෙල්ලම් බඩුවක් ලැබිච්චි දරුවෙක් වගේ උද්දාමයෙන් හිටපු එයාගේ හිතට තමයි මේ අදහස මුලින් ම ආවේ.

"රන්දි, සාමාන්‍යයෙන් අපි දවසකට කිලෝමීටර් 50ක් විතර බයික් එකේ යනවා එනවා. හැමකිලෝමීටරයට රුපියල ගානේ සාමාන්‍ය ගාණක් විදිහට දවසට රුපියල් 50ක් කැටේකට දැම්මා නං බයික් එකේ සර්විසස් වලට අපිට ගන්න සල්ලි ඉතිරි වෙනවානේ" ඔන්න එයාගේ ඒ අදහස.

මාත් ඉතිං හාඃ කිව්වාට මොකද ඒ කාලේ අපි බැඳලා හිටපු නැති නිසාත්, එයාට ඔය වැඩේ කරගෙන යන්න අමතක වෙන නිසාත් වැඩේ මාසයක් වගේ ඇතුලතදී ඇණ හිටියා. එහෙම කරගෙන ආවා නං, මේ දැන් මං ගණන් හදලා බැලුවා, පහුගිය 3 වෙනිදා වෙද්දි අපේ අතේ රුපියල් 91,250ක් තියෙන්න තිබුනා. හැබැයි අර කිව්වා වගේ සර්විසස් වලට වියදම් නොකලා නං තමයි ඔය ඉතිරිය.

ඉතිං යාළුවෝ බොහොම දෙනෙක් දන්නා පරිද්දෙන්, පසුගිය වසරේ පෙබරවාරි 11 වෙනිදා අපි මටත් ස්කූටරයක් මිලදී ගත්තා. ඉතිං ඔන්න දැන් අර යටගිය වැඩේ මතුකරගන්න නැවතත් අවස්ථාවක් උදා වෙනවා. අපි දෙන්නා නැවතත් පටන් ගත්තා ඉහත කියපු විදිහේ ඉතිරියක් කරන්න.

මාසයක් දෙකක් දිනපතා මුදල් ඉතිරි කරගෙන යනවිට අපට දළ අදහසක් ලැබුනා මාසයකට සාමාන්‍යයෙන් ස්කූටරය ගමන් කරන දුර පිළිබඳව. ඒ සාමාන්‍යයෙන් කිලෝමීටර් 1500ක් පමණ. රුපියල ගණනේ තැබුවොත් රුපියල් 1500ක්.

ඉතිං පස්සේ පස්සේ මං කලේ මාසේ පඩිය ගත්තහම රුපියල් 2000ක් වෙන් කරන එක. ඉතිං කොහොම හරි මේ මාසේ පඩියෙන් රුපියල් 2000ක් වෙන් කලාට පස්සේ මගේ ගාව ස්කූටරයේ මුදල් වශයෙන් රුපියල් 22,000ක් තියෙයි. තාම ලීසින් කාලසීමාව ගෙවෙන නිසා සම්පූර්ණ රක්ෂණාවරණයම ගතයුතු වෙනවා. ඒ සඳහා අවුරුද්දට ම රුපියල් 10,000කට මදක් වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. ඉතිං බලන්න. අපි දෙන්නාට දැන් අමුතුවෙන් මාසේ පඩියෙන් ඒ සඳහා වැය කරන්න වෙන්නේ නැහැ. ස්කූටර් බැංකුවෙන් අපට ලෝන් එකක් ගන්න විතරයි තියෙන්නේ. පොළි රහිත ණයක්.

ඔව්... ලෝන් එකක්. ණයක්. මං එහෙම කියන්නේ හේතුවක් ඇතිව. ඉතිරි කරපු මුදලින් රුපියල් 10,000ක් ගත්තාට පස්සේ ඉතිරි වන්නේ රුපියල් 12,000යි. එතකොට ස්කූටරය ගමන්ගත් මුළු දුරට සමානුපාතික මුදලක් අප සතුව නැති වනවා. ඒ මුදල පියවන්න අවශ්‍යයි නේද? මොකද මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ, නිකමට හරි අපි අතේ ඔය ඉතිරිය නොතිබී අපි කොහෙන් හරි ණයක් ගත්තා කියලා හිතමු. සමහරවිට පොළියකුත් එක්ක ණය ගෙවන්න වෙන්නේ. ඊට නරකද අපේ ම බැංකුවට පොළි රහිත ණය ගෙවලා, මුදල පියවාගන්න එක.

ඉතිං අපි ඒ ණය මුදල පියවා ගන්න මාසෙකට වැඩිපුර වැය කරන්න බලාපොරොත්තු වන්නේ රුපියල් 1,000ක් පමණයි.

2,000 x 24 = 48,000

{(2,000 x 11 = 22,000) - 10,000)} + (3,000 x 12 = 36,000) = 48,000

ඉතිං කොහොම හරි දෙවසර අවසන් වෙද්දි රුපියල් 48,000ක පමණ මුදලක් අප අතේ තියේවි.

දැන් මං කියන්නම්කෝ මේ බැංකුවෙන් තියෙන ප්‍රතිලාභ.

1. අවශ්‍ය ඕනෑම මොහොතකදී භාවිතයට ගැනීම පිණිස සුළු හෝ මුදලක් අත තිබීම.

2. කොච්චර හම්බ කලත් ඉතිරියක් නැහැ කියන වදන ටිකින් ටික අහෝසි වී යෑම.

3. පවුල තුල සාමුහිකව මුදල් ඉතිරිය වෙත ටිකින් ටික හිත යොමු වීම. (මොන වියදම තිබුණත් ‍ගෙදර බැංකුවට රුපියල් 2000 වෙන් කල යුතුයි යන්න කල්පනාවේ නිරතුරු තිබීම)

4. සිට්ටු ක්‍රම, ණය ක්‍රම ආදියට මිනිසුන් ඇදෙන්නේ මුදල් ඉතිරි කිරීමේ පුරුද්දක් නැති කමින්. ඇයි අපට බැරි සීට්ටුවට හරියට ම මාසෙට මුදල් දෙනවා නම්, ගෙදර බැංකුවක් පිහිටුවාගෙන එහි ඒ විදිහට ම මුදල් තැන්පත් කරන්න. ඔව් අපට එහෙම පුළුවන්. සහභාගී වී සිටි අවසන් සීට්ටුවේ අවසන් කොටස ගෙවා අවසන්. සීට්ටු වලට සහභාගී නොවී අපේම ඉතිරියක්, හිතුනු හිතුනු වෙලාවට වියදම් කර නොගෙන රැක ගන්න අපට පුළුවන් බව වැටහී යාමද ගෙදර බැංකුවෙන් අප ලද එක් ප්‍රතිලාභයක්.

5. අවසන් සහ මේ වැඩෙන් අපි බලාපොරොත්තු වුනු ප්‍රධානම කාරණය තමයි කවදා හරි වෙනත් වාහනයක් මිලදී ගැනීමේදී අතැති මුදල් ප්‍රමාණවත් නොවු‍නහොත් ගෙදර බැංකුවෙන් ණයක්.



කොහොම වුනත් ඉතිරි කරන මුදල් රජයේ සම්මත බැංකුවක තැන්පත් කිරීම අනිවාර්යයෙන් කලයුතු වෙනවා. නැත්නම් ඔබේම උපදෙස් පිළිපදින කෙනෙක් ඔබගේ නිවසේ බැංකුව බිඳ මුදල් පැහැරගෙන යා හැකියි.

දැන් ඉතිං කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, මේ තියෙන අටෝරාසියක් මූල්‍යමය ගැටළු එක්ක ඔය වැඩේට මාසෙකට රුපියල් 2000ක් හෝ ඊට වැඩි මුදලක් වෙන් කරන්නේ කොහොමද කියලා. ඉන්ධන, ලීසින්, තව තව වියදම්........... අපි හිතන්නේ මෙහෙමයි. අපිට අපි දිනපතා යන එන වාහනය වෙනුවෙන් ඒ වගේ මුදලක් ඉතිරි කරන්න බැරි තරම් ආර්ථික අහේනිය නම්, වඩාත් සුදුසු දේ බයික්කේ ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවයක පිහිට පතන එක තමයි. හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.

දැන් මං මේ උඩ කිව්වේ රුපියල් ලක්ෂ දෙකකට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් යතුරුපැදි වගේ වාහන සඳහා වන ගෙදර බැංකුව ගැනයි. අපි හිතමු තව ඉදිරිය ගැන. ඒ කිව්වේ රුපියල් ලක්ෂ දෙකත් පහත් අතර වාහන ගැන. ඕවාට බොහොම දුරට අයිත් වෙන්නේ ත්‍රීරෝද රථ සහ ඉන්ධන වැඩියෙන් දහනය කරලා දාන බෲම්ම්ම්ම්ම්......... හඬින් ඉගිලෙන බයික්ක........... ඒ බයික්ක ගැන වැඩි කථාවක් ඕනෑ නැහැ. අපි ත්‍රී රෝද රථ ගැන කථා කරමු.

මගේ ගණනය කිරීමට අනුව නං ත්‍රී රෝද රථයක් කියන්නේ දවසට ගමන් ගන්නා දුර ප්‍රමාණයෙන් 80%ක් පමණ ම මුදල් උපයන එකක්. ඉතිං එයාලා කැමති නං එයාලාට පුළුවන් එක කිලෝමීටරයකට රුපියල් 2-5ක් අතර මුදලක් ඉතිරි කරන්න. කිලෝමීටරයකට මීටර ටැක්සි එකක අය කිරීම රුපියල් 30-35ක් අතර ප්‍රමාණයක්. ඉතිං ඔය මුදලින් රුපියල් 10ක් ඉන්ධන වලට වෙන් කලත් රුපියල් පහක් ගෙදර බැංකුවට වියදම් කලත් තව රුපියල් 20ක් ඉතිරියිනේ. දන්න දන්න අයට කියලා දෙන්න. නැති බැරි කම් නැති වෙලා යන හැටි බලන්න. ඔය විදිහට එයාලා එක හිතින් එක කිලෝමිටරයට රුපියල් 5 ගණනේ ඉතිරි කලොත්, දිනකට අවමය කිලෝමිටර් 100ක් ධාවනය කලොත්, අවුරුදු පහකදී,

5 x 100 x 365 x 5 = රුපියල් 912,500යි

ත්‍රී රෝද රථය තියෙද්දීම ඔහුට හොඳ මෝටර් රථයක් ලීසින් මගින් හෝ මුල් රථය විකුණා සියලුම මුදල් යොදා අලුත් මෝටර් රථයක් අත්පිට මුදලට හෝ ඔහුට ගන්න පුළුවන් නේද?

ඒ අතරේදීම නොයෙකුත් ආයෝජන වලටත් මේ ගෙදර බැංකුව භාවිතා කරන්න පුළුවන්. කොටස් වෙළඳ පොළට, රත්‍රං උන් හිටි හැටියේ අවමිල වන අවස්ථා වලදී රත්‍රං මිලදී ගැනීමට, ඉඩම් මිලදී ගැනීමට ආදී වශයෙන් වැඩ කොච්චරක්ද?

ඉතිං ලක්ෂ 5ට අඩු වාහන ගැන කථාව ‍ඔහොමයි.

ලක්ෂ 5- 10ත් අතර (ඩිමෝ බට්ටා, අලුතින් ආපු ටාටා කාර් එක ආදිය) කිලෝමිටරයට රුපියල් 10ක් විතර පුළුවන් වෙයි. දිනකට අවමය කිලෝමීටර් 100 වුනොත්, වසර පහකදී, රුපියල් 1,825,000

ලක්ෂ 10-20ත් අතර වාහන, කිලෝමීටරයට රුපියල් 20ක් වුවහොත් වසර පහකදී, රුපියල් 3,650,000

මේ සේරම ගණනය කිරීම් කරන ලද්දේ දිනකට අවම කිලෝමීටර් ගණන 100ක් ‍ලෙස ගනිමින් වසර පහකට. සමහර දිනවල වාහනය ධාවනය නොවනවා මෙන්ම ධාවනය වන දුර ප්‍රමාණ අඩු වැඩි වෙනවා. ඒ කොහොම වුනත් ලොකු ඉතිරියක් නං සිද්ධ වෙනවාමයි.




මතක තබා ගන්න. ඔබට එක කිලෝමීටරයකට රුපියල් 20ක් වෙන් කරන්න බැරි නම්, ඔබ භාවිතා කරන රුපියල් ලක්ෂ 10-20ත් අතර වාහනයට ඔබ සුදුසු අයිතිකරුවෙක් නොවෙයි.

Friday, February 3, 2012

97. ආදර....නිල්.....දෑසේ.......18 - I am going away with only sweet memories to keep me company for the rest of my life.....



'' රවි අයිය කොයි වගේ ද කියල බලාගන්ට මට පුදුම ඕන කමක් තිබ්බෙ....''

චුට්ටි මා දිහා බලල හිනාඋනා...

'' ඒත් ඒක පොඩි අයියට කෙලින්ම කියන්ට බැරුවයි මම හිටියෙ...ඒත් දන්නවද වෙච්ච දේ? දවසක් මම ඇඳේ පොතක් බල බලා ඉඳිද්දි පොඩි අයිය මට ෆොටෝ එකක් ගෙනත් දුන්න....එතකොට එයා ටෙක් එකෙන් අයින් වෙන්න ඔන්න මෙන්න...චුට්ටි දැක්කද අපේ ටෙක් එකේ බැච් එකේ කට්ටිය.....කොල්ලො කෙල්ලො විස්සක් විතර හිටිය ඒකෙ. මට අහන්ටත් බෑ කෙලින්ම රවි අයිය කවුද කියල...මම කවුද මෙතනින් රවි අයිය කියල හිත හිත ඉන්නකොට පොඩි අයිය කාමරෙන් එළියට යන ගමන් ඔතන මට එහා පැත්තෙ බ්රවුන් පාට චෙක් ෂර්ට් එකක් ඇඳල ඉන්නෙ රවී කියල කියාගෙන ගියා. ''

'' හෙහ්, වසන්ත එහෙම කිව්වද? ''

'' ඒකනෙ කියන්නෙ...ඒකයි මට සහතිකයි කියල මම කිව්වෙ පොඩි අයිය මේ ගැන දන්නව...එයා මේ ගැන දන්නවයි කියල මම දන්නව කියලත් එයා දන්නව...''

'' රවි අයිය ඒකෙ ඇඳල හිටියෙ පරණ හමගිය ඩෙනිම් එකක්...හි හික්...''

ඔන්න ඉතිං මේකි එක්ක බැරි ඕකනෙව...මෙච්චර සිරා කතාවක් යනව ....අපි දෙන්නගෙම ඉරණම විසඳෙන බරපතල කතාවක්....මේ කෙල්ල මම හමගිය ඩෙනිමක් ඇඳල හිටිය කෙහෙල්මලක් කියල හිකි හිකි ගානව..අම්මප, මට එන කේන්තියක්.....

'' මේ දැන් මෙතන තියන ප්රශ්නෙ මගෙ ඩෙනිම් එකද?.....ඒකද වැදගත්?.....ඔයා කතාව අද ඉවර කරන්ට කල්පනාවක් එහෙම නැද්ද?....''

මම ටිකක් සැර පෙන්නුවා....කෙල්ලො කොන්ට්රෝල් කොරන්ට බෑ එහෙම නැතුව...ටිකක් සැරට ඉන්ට ඕන....

මොන සැරක්ද?....ඒකි මාව ගනන් ගත්තෙ වත් නෑ...හෙහ්, හෙහ්,

'' ඉතිං දෙයියනේ හමගිය එකට හමගිය නොකිය වෙන මොනව කියන්නද '' කියලා ආයෙම හික් හික් ගෑවා.

' පොඩි අයිය රස්සාවට ගියා උනත් මට අයිය ගැන විස්තර ලියල එව්ව....පහුගිය අවුරුද්දක් වගෙ කාලෙදි අයිය ගැන විස්තර ඔක්කොම මම දැනගෙන හිටිය. ''

'' ඉතිං දෙය්යනේ මම ඔය මොකවත් දැනගෙන හිටියෙ නෑනෙ...''

'' නෑ තමයි...කොහොම දැනගන්නද රවි අයිය?...එක්කො මම කියන්න ඕන නැත්නම් පොඩි අයිය කියන්න ඕන...වෙන විදිහක් නෑනෙ...''

'' මගෙ හිතේ නිදන් වෙලා තියන ආදරේ අන්තිමට මට තනියම දරාගන්ට බැරි තැනට ආව මයෙ අයියෙ.....ඒක අයියට කියන්ට නොලැබුණොත් මගෙ පපුව පැලෙයි කියල මට හිතුන.....ඒ ලෙවල් විභාගෙත් ඉවර උනු එකේ මම කැම්පස් සිලෙක්ට් නොවුනොත් මට අවුරුද්දක් ඇතුලත අජන්ත අයියව බඳින්න වෙනව...මගෙ හිත පුරහට පිරිල තියෙන ආදරේ ගැන රවි අයිය හාංකවිසියක්වත් දන්නෙ නෑ කියල හිතෙනකොට මගෙ පපුව වාවන්නෙ නැතිව ගියා. ඒත් මම හුඟක් දුරට කල්පනා කලා මේක අයියට කියනවද නැත්නම් මගෙ හිතේම හිර කරගෙන ඉන්නවද කියල..මේක කිව්වොත් අයියගෙ හිතටත් මහ වේදනාවක් වෙනවයි කියල මම නොදන්නව නෙවෙයි අයියෙ...ඒත් ඒත්.....''

චුට්ටිගෙ ඇස් ....ආයෙම කඳුලු පිරීගෙන එනව....ඒ දිහා බලන්ට බෑ මට...මම ඔලුව අත්දෙකේ ගහගෙන බිම බලා ගත්ත.

'' ඒත් මට ඊට වඩා හිතට වදයක් වෙයි කියල හිතුන අයියට මගෙ ආදරේ නොකියම මට බඳින්ට උනොත්...මම දන්නෙ නෑ අයිය ඒ ගැන කොහොම හිතනවද කියල...සමහරවිට මම කල දේ සම්පූර්ණ වැරදියි කියල හිතනව ඇති..කිසිම තේරුමක් අරමුණක් නැතුව අයියගෙ හිතට නිරපරාදෙ මහ බරක් පැටෙව්ව කියල අයිය හිතනවත් ඇති...අනේ මයෙ අයියෙ එහෙම හිතෙනව නම් මට සමා වෙන්ට....'

'චුට්ටි ඔන්න වැස්සක් කඩා වැටෙන්නැහෙ ඉකි ගගහ අඩන්ට තියා ගත්ත.

මගෙ ඇස් වලටත් කඳුලු ඉනුවෙ ඉබේම....චුට්ටිව වැළඳගෙන අඬන්න එපා මගෙ රත්තරං කියන්න චුට්ටිගෙ ඔලුව හෙමිහිට අත ගාල නලල ඉඹින්ට කොච්චර ඕන කම තිබ්බත් එහෙම කරන්ට ගියොත් මටත් ඇඬෙන බව මම ඉත්තේරුවෙන්ම දැනගෙන හිටිය. ඒ නිසා චුට්ටි ඉකි ගහන දිහාවෙ ඇහේ කඳුලු පුරෝගෙන විපිළිසරව බලා ඉන්න එක විතරයි මට කරන්ට පුළුවන් උනේ...

'' චුට්ටි කරන්ට වෙන කිසිම දෙයක් ඇත්තෙම නැද්ද නංගියේ?

මම අන්තිමට ඇහුව.

'' අපි දෙන්න බඳිමු තනි කැමැත්තට....මොකද කියන්නෙ?..මට අපේ කෑම්ප් එකේ ක්වාටස් එකක් ගන්න පුලුවන් වෙයි....''

කෑම්ප් එකේ මැරීඩ් ක්වාටර්ස් හැදෙනකොට තව අවුරුද්දක් වත් යයි... ඒක මම චුට්ටිට කිව්වෙ නෑ...මම හිතුවෙ එතකල් කදුරුවෙල මගෙ හොඳ යාලුවෙක් ඉන්නව...චුට්ටි එහෙවත් නවත්තල මට දවස් දෙක තුනකට සැරයක් එන්න පුලුවන්නෙ කියල. අපේ ගෙදර එක්ක යන එක ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒ දවස් වල ගෙදර හදනව. අනික ඒ මදිවට කට්ටියත් වැඩියි එහෙ. ඔක්කෝටමත් වැඩිය අපෙ අම්ම කොහොමටවත් මම හදිස්සියෙ බඳිනවට කැමති වෙන්නෙ නැති විත්තිය මම හොඳාකාරවම දැනගෙන හිටියා.

'' බැහැ මගෙ රත්තරන් අයියෙ....ඒක කරන්ට නම් බෑ...අයිය දන්නෙ නෑ අපෙ අම්මගෙ හැටි..මම හිතුමතේට අයියව බැන්ඳොත් අම්ම පණ නහ ගන්ටත් බැරි නෑ, එහෙම දෙයක් උනොත් මගෙ මුලු ජීවිත කාලෙටම මට ඒක අමතක කරන්ට බැරිවෙයි. මම දවසක් දවසක් පාසා මැරි මැරි ඉපදෙයි...ඒ නිසා මට ඒක කරන්ට බෑ. ''

මම ආයෙම ඔළු ගෙඩිය අත්දෙකේ ගහගෙන බිම බලාගෙන කල්පනා කරන්ට ගත්ත. මොනව කියල කරන්ටද එහෙනම්... අපි දෙන්න හිතුවක්කරෙට බැඳල චුට්ටි කියන විදිහෙ දෙයක් උනොත් එහෙම අප්පච්චියේ.....ඒක අපි දෙන්න අතරෙ හැමදාටම...සදහටම මහ කළු ගල් පර්වතයක් වගෙ තියේවි.....අපි දෙන්න අතරෙ මහා බාධකයක් වෙයි....ඒ නිසා..කමක් නෑ මේක මගේ ඉරණම නම් මම ඒකට මුහුණ දෙන්නත් එපාය....මම දිග සුසුමක් හෙලුව පපුවෙ පිරිල තිබ්බ ඔක්කොම පිටවෙලා යන්ටත් එක්කලා.

එක පාරටම චුට්ටි අඬාගෙන ඇවිල්ල මගෙ කකුල් දෙක ලඟ වැටිල මට වැන්ද.....

'' පිස්සුද නංගි..මේ මොනවද කරන්නෙ?....නැඟිටින්න නැඟිටින්න... ''

කොහේ නැඟිටිනවද.....චුට්ටි අඬනව මගෙ කකුල් බදාගෙන...මට නැඟිට ගන්ටත් නෑ...ඒ අස්සෙ මටත් ඇඬෙන්ට එනව...එනව නෙවෙයි ඇත්තම කිව්වොත් මම ඇඬුවා.

ඔය වෙද්දි මම ජීවිතේ කිසිම අවස්ථාවක අඬල තිබුනෙ නෑ. ඒ කියන්නෙ එහෙම අඬන්ඩ වෙන තරම් සංවේගජනක අවස්තාවකට මම එතෙක් මුහුණ දීල තිබුණෙම නෑ...වැඩිහිටියෙක් උනාට පස්සෙ පළවෙනි වතාවට මම එදා ඒ වෙලාවෙ ඇඬුවා.

මම අඬනව ඇහිල චුට්ටි ඔළුව උස්සල බැලුව....

'' අනේ අයියෙ ඔයා අඬනවද?....''

චුට්ටි නැඟිටල මාව වැලඳ ගත්ත.මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන මගෙ කණට කෙඳුරුවා.

'' අඬන්ඩ එපා මයෙ අයියෙ අඬන්ට එපා......අයිය අඬනව මට බලාන ඉන්ට නම් බෑ. ''

අප දෙදෙන එකිනෙකා වැලඳ කඳුලු සැලූයෙමු. කාලය මොහොතකට නතර විය. ගතවූයේ නිමේශයක්ද කල්පයක්ද යන්නෙහි කිසිදු වැදගත් කමක් නොවූ එක් කාලාන්තරයකට පසු මම ඇගේ හිසකෙස් අතරෙහි හොවාගෙන සිටි හිස එසවීමි. මහේ පපුතුරෙහි මුහුණ සඟවා ඉකිබිඳිමින් සිටි ඇයද හිස ඔසවා මා දෙනෙත් දෙස එක එල්ලේ බැලුවාය.

'' චුට්ටි. මේක අහන්න....අපේ ඉරණම ඒක නම් අපි ඒ ඉරණමට මුහුණ දෙමු. වෙන කරන්න දෙයක් නෑ. ඔයා ගැන සොඳුරු මතකය මගෙ පපුවෙ හැමදාම තියේවි.මම දන්නව ඔයාටත් එහෙමමයි කියල. ඒ නිසා දැන් ඇඬුවා ඇති. මම ආයෙ අඬන්නෙ නෑ..ආයෙ කිසිම දවසක ඔයා මා වෙනුවෙන් අඬන්නත් එපා.සමහරවිට අපි ආයෙම මුණ ගැහෙන්නෙ නැතිවෙන්නත් පුළුවනි බොහෝ විට, ඒ නිසා ඔයාව මට මතක තියාගන්න ඕන කඳුලු සලමින් ඉන්නව නෙවෙයි. මා දිහා බලල මගෙ ඇස් දෙක දිහා බලල ආදරෙන් හිනා වෙන්න චුට්ටි තව එකම එක පාරක්....''

කඳුලු පිටි අල්ලෙන් පිහදාගෙන චුට්ටි හිනාඋනා....නිල් ඇස්...ආයෙම බැබලුනා තරු කැට දෙකක් වගේ.....මම චුට්ටිගෙ ඇස් දෙක දිහාවෙ බලාන් ඉඳල නලල හෙමීට සිපගත්ත. ඊට පස්සෙ චුට්ටිව මගෙ පපුවට ආයෙම තුරුළු කර ගත්ත.

චුට්ටි මගෙ පපුවට තුරුළුවෙලා ඒ විදිහට හිටිය අවුරුදු ගානක්ම.

තවම උනත් මගෙ පපුවෙ කොණක චුට්ටි ඉන්නව ඒ විදිහටම.....

කාලය ....කාලය තමයි ඕනම සිත් වේදනාවකට.....සිත් තැවුලකට නොවරදින ඔසුව.....නොවරදින දිව ඔසුව..........ඒත් කාලයටත් කරන්ට නොහැකි එකම දෙයක් තියනව. ඒ සොඳුරු මතකයන්....එහෙම නැත්නම් කාලෙකදි හද පුරා උතුරා ගලා ගිය සෙනෙහසක් සම්පූර්ණයෙන්ම මකල දාන එක. එහෙම වෙන්නෙ නෑ.....මතකයන් සදාකාලිකයි...

Time is the best healer...But even time cannot make memories go away..they may fade with time but they would always be there, somewhere inside you, A tiny tiny spark ever ready to burst in to flames.........

...I'm fifty-seven years old, but even now I can remember everything from that year, down to the smallest details. I relive that year often in my mind, bringing it back to life, and I realize that when I do, I always feel a strange combination of sadness and joy. There are moments when I wish I could roll back the clock and take all the sadness away, but I have the feeling that if I did, the joy would be gone as well. So I take the memories as they come, accepting them all, letting them guide me whenever I can. This happens more often than I let on..."



මම ගොඩක් පස්සෙ කාලෙක කියවපු Nicholas Sparkesගෙ A walk To Remember පොතේ කොටසක් ඔය........ඕක කියවද්දි මට ආවෙ déjà vu feeling එකක්. ඒ කියන්නෙ කලින් ඇසුවේ හෝ දුටුවේයයි කියල හිතට එන හැඟීමක්.

පසු කථාව -

'' මේ මොකද අනේ මේ?.....නිදි ද හැබෑටම? ''

මම දෑස් විවර කලේ බිරිඳගේ හඬිනි....

'' මේ පොතත් බිම වැටිල.... ''

පහත් වී පුටුව අසල බිම වැටී තිබූ රන් රෝස පොත අහුලාගත් ඈ එය ඒ අසල වූ කනප්පුව මත තැබුවාය.

'' නෑ..නිදා ගත්තෙ නම් නෑ මේ...මම....බාස්ල පල්ලෙහා වැඩනෙ...මම පොඩ්ඩක් මෙතන ඉඳල පොත බලන ගමන් ඒ ගොල්ල වැඩ කරන දිහාත් බලා හිටිය. ''

'' හිහ්, හිහ්, අපූරු සුපවයිසර්...ඒ ගොල්ල වැඩ නවත්තල කන්ට ගිහිල්ල මම හිතන්නෙ දැන් පැයකටත් වැඩියි...... ''

ඈ අත් ඔරලෝසුව බැලුවාය..

'' දෙකයි දහයයි... ''

අසුනින් නැඟී සිටි මම සඳළු තලයේ ගරාදියට ඉහළින් පහල කළුගල් බැම්ම ඉඳිකරන දෙස බැලීමි.

'' ඈ.... මුංව තියන්ට වටින්නෙ නෑ නෙව, බලන්ට නිකමටවත් මට කියල ගියේ නෑනෙ මේ යක්කු, ''

'' නිදාගෙන උන්නම ආයෙ ඇහැරවල කියන්නෙ නෑ ඒ මිනිස්සු...හා ඒකෙං වැඩක් නැ. මටත් හොඳටම බඩගිනියි...යමු, යමු කමු.....''

පියගැට පෙල බසිමින් ඈ පැවසුවාය. මම ද ඈ පසුපස පිය නැඟුවෙමි.

'' මොකද අද කවදාවත් නැතුව...ඔයාගෙ මූණත් අමුතුයි...නින්ද ගියෙත් නැත්නම් මොකෝ පරණ කෙල්ලෙක් වත් මතක් උනාද? ''

'' අම්මප, හරියටම හරිනෙ....කොහොමද කිව්වෙ බොලේ හරියටම ?..... ''

පියගැට පෙල අවසානයට අප පැමිණ සිටියෙමු. මම ඈ පසුපසින් ගොස් වැළඳගෙන ඇගේ ගෙල සිප ගතිමි.

'' ඔන්න ඔන්න කෝලම පටන් ගත්ත.... ''

ඇගේ දෑසෙහි වූයේ දඟකාර බැල්මකි.

'' මේ ....මෙහාට හැරෙන්නකො පොඩ්ඩක්, ''

'' ඒ මොකටද? ''

'' ඔයාගෙ ඇස් මොන පාටද බලන්න..... ''

'' ඈ. දැන් අවුරුදු දාසයක් තිස්සෙ ඒක දන්නෙ නැද්ද? ''

'' හරි හරි, මම අහල තියෙන්නෙ කාලෙන් කාලෙට ඇස් වල පාට වෙනස් වෙනව කියල. ''

ඈ මා දෙසට හැරී එක එල්ලේ මගේ දෑස් දෙස බලා සිටියාය....නිමේශයක්.... කල්පයක්....කාලය නැවතුනු මොහොතක්...විශ්වයම නැවතුනු මොහොතක්....

'' ඉතිං දැක්කද?.....මගේ ඇස් මොන පාටද?... ''

අවසන ඈ ඇසූයේ ඇසෙන් නෑසෙන හඬිනි,

'' දුඹුරු පාටයි ඔයාගෙ ඇස්....ඒත් සමහර වෙලාවට නිල් පාටකුත් මතු වෙනව මම දැක්ක.... ''

මම ඇගේ නලල සෙනෙහසින් සිපගනිමින් පැවසූයෙමි.

************************************************

ප්රිය සොයුර / සොයුරිය....

පුරා මසකට අධික කාලයක් පුරා චුට්ටි සහ රවීගේ ප්රේම පුරාණය සමඟ රැඳී සිටි ඔබට චුට්ටි වෙනුවෙන් ඇගේ හෘදයාංගම ප්රණාමය පුද කරන ලෙස ඈ මට දන්වා සිටියාය. ඒ සමඟම ඉවසිලිවන්තව මසක කාලයක් මා හා රැඳී සිටි ඔබ සැමට මගේ සෙනෙහබර කෘතවේදිත්වය.....

මාගේ දයාබර මව සමඟ පසුගිය සතියේ කල දුරකථන සංවාදයක් මෙහි සටහන් කිරීමට සිත් වූයේ කුමන හේතුවක් නිසා ද යනු මම සත්ය වශයෙන්ම නොදන්නෙමි. මගේ ප්රේම පුරාණය සහ ඒ දුරකථන සංවාදය අතර සම්බන්ධයක් ඔබට සිතාගත හැකිනම් මගේ හිතවත/හිතවතිය ඒ මවෙත දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

'' අම්මේ,.... ඉතිං කොහොමද? ..... ''

'' වරදක් නෑ පුතා හොඳින් ඉන්නව.....''

'' අම්ම... මොකෝ නිකං හෙම්බිරිස්සාව වගේ....''

'' නෑ මේ මාසෙක විතර ඉඳල උදේට උදේට කිඹුහුම් යනව පුතා හරියට...''

'' ම්ම්ම්....එකොලහමාරට විතර නේද ඔය කිඹුහුම් යන එක පටන් ගන්නෙ? ''

'' අනේ පුතේ .....කොහොමද දන්නෙ ? හරියටම හරි...ඒ වෙලාවට තමයි ඔන්න පටන් ගන්නෙ.... ඇත්තටම පුතා කොහොමද දන්නෙ? ''

'' නෑ මට නිකමට හිතුනා...බය වෙන්ට එපා අම්මෙ...මේ සුමානෙන් පස්සෙ ඔය කිඹුහුම් යන එක නිට්ටාවටම සනීප වෙයි...ඒකෙ ආයෙ දෙකක් එහෙම නෑ...හෙහ්, හෙහ්, ''

************************************

විශේෂ ස්තූතිය - මා දයාබර නැඟනිය සිත්තමීට,

For your constructive suggestions and being an inspiration.....Thanks my dear .....you are simply the best.....

Thursday, February 2, 2012

96. ආදර....නිල්.....දෑසේ.......17 - The love story.... Chutti's perspective.



'' ම්ම්..පොඩි අයිය පළවෙනි නිවාඩුවට ගෙදර ආපු තැන නේද? ''

'' ආහ්..ඔව්නෙ.....ඔන්න ඉතිං පොඩි අයිය පළවෙනි නිවාඩුවට ගෙදර ආවයි කියමුකෝ...''

'' හූම්....''

'' මම පොඩි අයිය ගෙදර එනකල් මඟ බලාන හිටියෙ.....මගෙ ඉතිං අතිජාත මිත්රයනෙ....හිහික්, හික්....''

චුට්ටිගෙ හිනාව සාලෙ ඇතුලෙ රැව් දුන්නා...

චුට්ටි එතකොටත් හිටියෙ මගෙ පපුවට තුරුල් වෙලා....ඒකිට ඒකෙ සිහියක් නෑ....සනීපෙට ඉන්නව බළල් පැටියෙක් වාගෙ......හෙහ්, හෙහ්,

දැන් අර උද්වේගකර අවස්තාව ඉවරයිනෙ.....මට තේරුනා මෙහෙම වැඩි වෙලාවක් නම් මට ඉන්න බෑ කියල...එක්කො ****** නැත්නම් ඒත් *******වෙනව වෙනවමයි.....හෙහ්, හෙහ්,

'' කොයි දැන් හූ මිටි...රවි අයියෙ? ''

'' උඹ මේ හූ මිටි ගැන කතා කොරනව....ඔහොම්මම දිගටම හිටියොත් නං ගොයියො හූ මිටි කොහොම වෙතත්........ අද මේ කතාව නම් ඉවරයක් කරන්ට වෙන්නෙ නෑ......එච්චරයි ඕං මම දන්නෙ.... හෙහ් හෙහ්,...''

'' ඈ.....අනේ සොරි.....''

ඔන්න එතකොට තමයි කෙල්ලට මතක් උනේ තාම ඉන්නෙ මගෙ පපුවට තුරුල් වෙලා කියල........

'' අනේ සොරි අයියෙ මට මතකම නැති උනා.....''

'' No, problem, madam, you are welcome, you are perfectly free to do it any time ...but sorry ...not now...... heh, heh, ''

චුට්ටි විගහට මගෙන් ඈත්වෙලා කොණ්ඩෙ එහෙම අතින්ම හදා ගත්ත. මූණ නෙව බලන්ට වැඩේ....අවුරුදු කාලෙ අපෙ දොරකඩ ගහේ පලගන්න ජම්බු ගෙඩියක් වගෙ...හෙහ්, හෙහ්,

'' මොකෝ චුට්ටි ඔය රතු වෙලා?.....''

මටත් අම්මප කට තියාගෙන ඉන්ට බැරි හැටියක්....

'' කවුද.... මම? නෑ..... මම මොකටද රතු වෙන්නෙ....ඒ අයියට පේන හැටි....''

ඒ ටික කිව්වෙ නම් අහක බලාගෙන.

'' දැන් මේ රටේ නැති සම්ප්රප්පලාප කතා කර කර ඉඳල හරි යනවය...වසන්තය එනවත් ඇති ආපහු මෙලහකට.... හරි, හරි, රතු වෙච්චි එව්ව පස්සෙ බේර ගමු...හ්ම්ම්.....කතාව කතාව.....වහාම...''

මම නියෝග කලා...

'' එසේය ස්වාමීනී, ඔබ තුමා අවසර ලබා දෙන සේක් නම් වහා කථාව නැවත ආරම්භ කරමි.....''

චුට්ටි නැඟිටල දකුණු අත පපුවට තියාගෙන ඉණෙන් නැවුන ඉස්සරහට..

මයෙ පපුව පැලෙන්ට වගෙ ආව ආදරේ පිරිල ඉතිරිල ගිහිල්ල....මම දන්නෙ නෑ තව කොච්චර වෙලා මට ඉවසං ඉන්ට පුලුවන් වෙයිද කියල.

'' මේ ළමයා....දැං...මදෑ ඔය විසිවිත්තර ....හ්ම්ම්...කතාව කතාව ...කියමු බලන්ට විගහට....මගෙ කටහඬත් නිකම් මහ රළුවට මට ඇහුනෙ......හොඳ හුස්මක් ඉහළට ඇදල මම හෙමිහිට පාතට දාල හිත පාලනය කර ගත්ත.

චුට්ටිටත් මගෙ වෙනස තේරෙන්න ඇති..... ඒ පාර කෝලං කිරිල්ල පැත්තක තියල පුටුවෙ ඉඳගෙන හරි බරි ගැහුන.

'' පොඩි අයිය එදා ආපු ගමන් මම ගියා කාමරේට. මම ගිය ගමන් පොඩි අයිය මාව බදාගෙන ඉම්බ. ඊට පස්සෙ ඇඳේ වාඩිවෙලා මටත් කිව්ව වාඩි වෙන්නෙයි කියල. ඔන්න ඊට පස්සෙ මෙන්න මෙහෙමයි උනේ....හරිද? ''

'' හූම්...කොහොමද උනේ? ''

'' පොඩි අයිය මගෙ කණට කරල කිව්ව ...... චුට්ටියේ, ඊයෙ අපෙ යාළුවො කට්ටිය පොඩි ආතල් එකක් දැම්ම තිසා වැව බන්ඩ් එකේ....දන්නැද්ද ඉතිං කොල්ලො උනාම....එතන මගෙ හොඳම යාලුවො දෙන්නගෙන් එකෙක්....මිනිහට නියමෙට සිංදු කියන්ට පුලුවන්....ආදර නිල් දෑසේ....නාරදගෙ සිංදුව කිව්වනෙ ඒ වෙලාවෙ.....ඕක ඉවර වෙලා ඔය නිල් පාට ඇස් ගැන ඔන්න පොඩි වාදයක් ගියා. මම නිකමට කිව්ව අඩේ, අපේ චුට්ටිගෙ ඇස් නම් නිල් පාටයි කියල....හෙහ්, හෙහ්, ''

'' පොඩි අයිය එහෙම කිව්වද?....මම ඇහුව.... ඒ වෙලාවෙත් මගෙ මූණ රතු උනා.....රවි අයියෙ...හි හික් ''

'' ඔව් අනේ,.... මම ඒ නිකමට කිව්වෙ...ඊට පස්සෙ අර මම කියපු යාලුව අන්තිමට මගෙං අහපි ....වසන්ත මොකක්ද බං එයාගෙ නම?....කියල...මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ මේකා මේ කවුරු ගැනද අහන්නෙ කියල..මම ඇහුව කාගෙද බං? කියල....ඒ පාර කියාපි උඹලගෙ චුට්ටි නංගිගෙ කියල...''

'' ඉතිං අයිය මොකද කිව්වෙ....මම ඇහුව....මගෙ පපුවෙ මොකක්දෝ නුපුරුදු හැඟීමක් ඇතිවීගන යනව ඒ හැඟීම පපුවන් පටන්ගෙන මුළු ඇඟ පුරාම දුවනව මට ඒ වෙලාවෙ දැනුන රවි අයියෙ. ''

'' ඒකට තමයි චුට්ටි කියන්නෙ.......''

මම එතනින් කතාව නවත්තල චුට්ටිගෙ මූණ බැලුවා.

'' ඔව් මම දන්නව අයියෙ ඒකට තමයි කියන්නෙ ආ...ද....රේ කියල....මම ඒ වෙලාවෙ ඒක දැනගෙන හිටියෙ නෑ...මම ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ එක දෙයයි..මොකක් උනත් ඒ නාඳුනන හැඟීමට මම ආසයි.... අන්න ඒ ටික විතරයි...එච්චරමයි....''

'' ඉතිං චුට්ටි?....''

මම ඇහුවෙ කතාවෙ ඉතිරිය දැනගන්ට නොඉවසිල්ලෙන්,

'' පොඩි අයිය කිව්ව.... ඉතිං මම කිව්ව චුට්ටිගෙ නම ගීතිකා කියල......''

'' ඊට පස්සෙ මොකද උනේ?.......මම ඇහුවෙ පොඩි අයිය ඇඳෙන් නැඟිටල ෂර්ට් එක ගලවන අතරෙ..''

'' ඊට පස්සෙ මොකවත් උනේ නෑ...එච්චර තමයි..අපි එන්ට ආව ආපහු...මම එන්නම් වොෂ් එකක් දාගෙන චුට්ටි මට හොඳ කෙල්ල වගේ තේ එකක් හදන්න හරි? ''

‘’ පොඩි අයිය තුවායත් අරගෙන කාමරෙන් පිට වෙන්න ගියා, ‘’

'' පොඩි අයියෙ..... මම කතාකලේ බොහොම හෙමිහිට කියල මට අද වාගෙ මතකයි රවි අයියෙ, ''

'' ඇයි චුට්ටි.. පොඩි අයිය දොර ගාව නැවතිල ආපහු හැරුන. ''

'' එයාගෙ නම මොකක්ද පොඩි අයියෙ? ...මට පොඩි අයියගෙ මූණ බලන්ට බෑ. මම කතාකලේ බිම බලාගෙන...''

'' කාගෙද?....පොඩි අයිය හිනාවෙලා ඇහුව.....''

'' අර සිංදුව කියපු අයියගෙ... ''

'' ආ එයාද...... එයාගෙ නම.....එහෙම කියල ටික වෙලාවක් මගෙ මූණ දිහා බලා ඉඳල .....එයාගෙ නම රවී.... කියල කාමරෙන් පිටවෙලා ගියා. ''

'' රවී......ආදර නිල් දෑසේ සිංදුව කියපු ඒ ගායකයට දැන් ඔන්න නමක් තියනව..මම එහෙම්මම ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉඳගෙන කල්පනා කලා...මගෙ හිතේ මේ පොදි කන උතුරන හැඟීම මොකක්ද?......මීට කලින් කවදාවත් මම අත් නොවිඳපු මේ හැඟීම ද ආදරේ කියන්නෙ....එහෙම වෙන්න පුලුවන්ද?.....කිසිම දවසක හීනෙන් වත් නොදැකපු කෙනෙක් එක්කලා එහෙම ආදරෙන් බැඳෙන්න පුලුවන්ද? ''

'' ඒ ප්රශ්න එකකටවත් මම උත්තර දැනගෙන හිටියෙ නෑ රවි අයියෙ...මම දැනගෙන හිටියෙ ආදරේ හරි මොකක් හරි මේ මගෙ හිත පිරිලා පිටාර ගලන හැඟීම මම මීට කලින් අත්විඳල නෑ කවදාවත්ම..ඒ වගේම ඒ හැඟීමට මම ආසයි...එච්චරයි ''

'' හ්ම්ම්ම්...''

මම දිගම දිග සුසුමක් හෙලල පුටුවෙන් නැඟිට්ට....

'' එදා ඒ මොහොතෙ ඉඳල රවි අයිය මගෙ හිතේ පදිංචි උනා ආයෙ නොයන්නම....මට ලොකු ආසාවක් තිබුන අයියගෙ මූණ බලාගන්ට.. ඒත් මට කෙලින්ම ඒක පොඩි අයියට කියන්ටත් බෑ. වෙන ප්රශ්නයක් නෙවෙයි. මට ඕනම දෙයක් පොඩි අයිය එක්ක කිව්වැහැකි. ඒත් මේ ගැන කියල ..මගෙ හිතේ රවි අයිය ගැන මෙහෙම අදහසක් තියනව කියල කිව්වනම් පොඩි අයිය මා වෙනුවෙන් ඕනම දෙයක් කරන බව මම දැනගෙන හිටිය. ඒ නිසාමයි මට මේ ගැන එයාට කියන්න බැරිත්.....''

මගෙ උගුර කටත් වේලිල මේ වෙලාවෙ....මේසෙ ළඟට ගිහිල්ල මම ගුරුලේත්තුවෙන් වතුර එකක් වත් කරගත්ත වීදුරුවකට...සීතල වතුර....මම එක හුස්මට බීගෙන ගියා.

'' අයියට තිබහද?...තේ ටිකක් හදන්නෙයි?....''

'' එපා චුට්ටි...දැන් ඕන නෑ.....වතුර බිව්වනෙ ඒ ඇති.''

මම වතුර එකක් චුට්ටිටත් ගෙනත් දුන්න.

'' තෑන්ක්ස් අයියෙ...මමත් තිබහෙ හිටියෙ......''

චුට්ටි වතුර එක බොන අතරෙ මම අත් දෙකේ ඔළුව ගහගෙන කල්පනා කලේ මොකක්ද මම මේකට දැන් කරන්නෙ කියල.

හරි, චුට්ටිට කතාව ඉවර කරන්ට දෙමුකො ඉස්සෙල්ලම..ඊට පස්සෙ එයා එක්කම කතාකරමු මොකද්ද කරන්නෙ කියල.....මම එහෙම තීරණය කරල ඔලුව ඉස්සුවා.

වතුර බීල ඉවරයි...එයා මා දිහා බලා ඉන්න බැල්ම දැක්කම මගෙ පපුව ආයෙම ගිනිදැල් වලින් වෙලිල ගියා.

'' පොඩි අයිය මේ හැම දෙයක්ම දැනගෙනයි ඉන්නෙ කියලත් මම දැනගෙන හිටිය. ඒත් එයා බලාගෙන හිටියෙ මම මේ ගැන එයාට කෙලින්ම කියයි කියල.එයාගෙ හැටි එහෙම තමයි.කවදාවත් කිසිදෙයක් අහන්නෙ නෑ. මටම .....මටම කිව්වොත් වැරදියි ඇත්තටම..මටයි ඔයාටයි තීරණයක් ගන්න එයා ඉඩ දීලයි තියෙන්නෙ. ඔන්න බලන්නකො මම කියන්නෙ බොරුද කියල...ඔයා නොකිව්වොත් කිසිම දවසක එයා ඔයාගෙන් මේ ගැන කිසිම දෙයක් අහන්නෙ නම් නෑ...එහෙම තමයි එයාගෙ හැටි.....''

Wednesday, February 1, 2012

95. ආදර....නිල්.....දෑසේ.......16 - When She said ‘’ Ravi I love You ‘’ for the first time



'' ඒකනෙ..... පොඩි අයිය කියන්නෙ ඉඳ හිටලවත් අරක්කු ටිකක් බොන්නෙ නැති අය කිසිම විස්වාසයක් තියන්ට බැරි උදවිය කියල.....රවි අයිය මොකද ඒ ගැන හිතන්නෙ?''

'' මට නම් බොලේ ඒ කතාවට එකඟ වෙන්න බෑ...බොනවද නොබොනවද කියන එකෙන් මිනිහෙකුගෙ හොඳ නරක තීරණය කරන්න අමාරුයි.......දැන් මම බොනව...මම හොඳ ද නරකද කියල තීරණය කරන්න ඕන ඒ කාරණය උඩ නෙවෙයි.....පුද්ගලයෙක් විදිහට මම හොඳ ද නරකද කියන එකයි වැදගත් බිව්ව හරි නැතා හරි....''

'' හරි, හරි..... අපි මේ වෙන අනම්මනම් නෙ චුට්ටි කතා කරන්නෙ.....අදාල කාරණයට එමු....හ්ම්, ''

මම සාලෙන් කුස්සියට යන දොරට වම් පැත්තෙ ගහල තිබ්බ බිත්ති ඔරලෝසුව බැලුව... දහයයි විස්සයි....

'' ඇයි අයිය වෙලාව බැලුවෙ බඩගිනිද?.....එහෙනම් කමු, ''

'' ආය කෑමක් කතා ගැන කතා කරනව.....මේ චුට්ටියේ....ඔය කතාව ඉවර කරල හිටිං ඉස්සෙල්ල, ''

ආයෙම චුට්ටි උකුලෙ තිබ්බ කොට්ටෙ මිරිකන්ට පටන් ගත්ත.

'' පොඩි අයියයි අම්මයි දවසක් හොඳටම රණ්ඩු උනා. අම්ම හොඳටම අඬල රෑට බතුත් නොකා නිදාගත්ත. එදා රෑ මමයි පොඩි අයියයි මේ අපි දෙන්න කතාකරනව වගෙ ගොඩාක් වෙලා කතාකලා අයියෙ. පොඩි අයිය මට පුදුම විදිහට ආදරෙයි කියල මම කලිනුත් රවි අයියට කිව්වනෙ. එදා එයා කතා කලේ හරිම කලකිරීමකින්. චුට්ටි අම්ම කලා උනත් අසාධාරණේ අසාධාරණේ මයි....ඔයා දන්නවනෙ මගෙ හැටි, මම ඔයාගෙ අකමැත්තෙන් කිසිදෙයක් කරන්ට ඉඩ දෙන්නෙ නෑ.මට කියන්න ඔයා කා එක්ක හරි සම්බන්ධයක් තියනවද? ''

'' ඉතිං චුට්ටි ඔයාගෙ ඇත්තටම එහෙම එකක් තිබුණද? ''

'' නෑ. අයියෙ, එහෙම මොකවත් තිබුණෙ නෑ. අම්මයි පොඩි අයියයි මා නිසා අමනාප වෙන එක මට දරාගන්ට බැරි නිසාම මම කිව්ව නෑ පොඩි අයියෙ ඔයා ඔය ගැන කරදර වෙන්න එපා.මම අජන්ත අයියට කැමතියි කියල.''

'' ඒත් පොඩි අයියට බොරු කරන්න බෑ...එයා මාදිහා ටික වෙලාවක් ඇහිපිය නොහෙලා බලා ඉඳල කිව්ව...චුට්ටි ඔයා ඔය කියන්නෙ බොරු කියල මම දන්නව. ඒත් කමක් නෑ, ඔයා කියනව නම් මම ඒ කතාව පිළිගන්නම්, ඒත් කවදක හරි කා ගැන හරි ඔයාගෙ හිත ගියොත් මට කියන්න.....අම්ම මාව ගෙදරින් එලෙව්වත් මම ඔයාට උදව් කරනව.....කියන්න. එහෙම එකක් ඇතිඋනොත් මට කියනව නේද? ''

'' ඒ වෙනකොට කිසිම පිරිමි ළමයෙක් ගැන මගෙ හිතේ එහෙම හැඟීමක් ඇතිවෙලා තිබුනෙම නැති නිසා මම එක පාරටම පොඩි අයියට පොරොන්දු උනා. හරි අයියෙ එහෙම දෙයක් සිද්ද උනොත් මම අයියට අනිවාර්යයෙන් කියනව. ප්රොමිස් ....''

ඊට මාසෙකට විතර පස්සෙ පොඩි අයිය අනුරාදපුරේ ටෙක් එකට ගියා.

'' ඊට පස්සෙ වෙච්ච දේ මම නොකිව්වට රවි අයිය දන්නවනෙ....''

චුට්ටිගෙ මට ඉවසන්ට බැරි හිනාව ආයෙමත්......

'' මම දන්නෙ කොහොමද?...මට දිවියඥාණෙ තියනවයි කියල හිතුවය?.....ඔය කිව්ව වගෙ ඔය කටින්ම කියමු බලන්න ඒ ටිකත්.....මම ඉන්නම් අහගෙන, ''

මෙච්චර වෙලා චුට්ටිගෙ මූණෙ තිබ්බ වැහි වළාකුළු කොහෙට්ටද පාවෙලා ගිහිල්ල.දඟකාර හිනාවක් දෙතොලෙ නටනව...

කොට්ටෙ මිරිකිල්ල නවත්තල ඒ පාර මයෙ ඇස් දෙකට එබිලයි එයයි කතා කලේ.

'' ඔන්න පලවෙනි නිවාඩුවට පොඩි අයිය ගෙදර ආවයි කියමුකෝ...හොඳේ.....කෝ ඉතිං කතන්දරයක් කියන කොට හූ මිටි තියන්ට එපාය...ඒකවත් දන්නෙ නැද්ද අප්ප?...''

'' කොහොමද හූමිටි තියන්ට ඕන?........''

මේ කෙල්ල තමයි කෙල්ල හෙහ්, හෙහ්,.......

‘’ හූම්.....කිව්වම ඇති, ''

'' හරි ඔන්න එහෙනම්....හූම්.....''

'' ඉතිං ගෙදෙට්ට ආපු ගමං ඇඳුං ගලවන්ටත් ඉස්සර කිව්වෙ මොනවයි දන්නවය? ''

'' නෑනෙ...මම කොහොමෙයි දන්නෙ?....''

'' ඒක තමයි මම මේ කියන්ට යන්නෙ...කෝ කියන්ට දෙනවය...මැදින් පනිනවනෙ....''

'' ඇයි දෙයියෝ සාක්කි උඹම නෙවද හූ මිටි තියන්ටෙයි කියල කිව්වෙ...ඒ කරල ඊළඟට මටම බණිනව මැදින් පනිනවයි කියල.....මට ඕන නෑ කතාව....''

මම බොරු තරහක් අරගෙන අහක බලා ගත්ත.

'' අනේ අයියෙ මා එක්ක තරහ උනාද?.....''

චුට්ටි නැඟිටල මා ලඟට ආව.

'' අනේ තරහ වෙන්න එපා..මම විහිළුවටනෙ එහෙම කිව්වෙ.....''

මම හිනායන්න ආවත් අහක බලාගෙනම හිටිය යටි තොල විකාගෙන.

'' අනේ රවි අයියෙ.......''

ඒ පාරනම් චුට්ටි අඬන්න ඔන්න මෙන්න...මට දැන්නම් පව් කියල හිතුනා.

මම ඔලුව හරවල චුට්ටි දිහා බලල හිනාඋනා.

'' හරි මම තරහ වෙන්නෙ නෑ එක කොන්දේසියක් උඩ කියන්න එකඟද?..''

'' හොඳම නෑ අයිය නම්...දැක්කද අන්න හිනාවෙනව.........''

'' මොකද කියන්නෙ...මගෙ කොන්දේසිය ගැන....''

'' හාකො.... කියන්නකො බලන්න...''

‘’ මට එක පාරක් රවී කියල කියන්න...චුට්ටි.......ආයෙම මේ වගෙ අවස්තාවක් ලැබෙන්නෙ නෑ කියල මගෙ හිත කියනව.....මගෙ ඇස් දෙක දිහා බලාගෙන එක පාරක් මට කියන්න රවී මම ඔයාට ආදරෙයි කියල....''

චුට්ටි නැඟිටල මා ළඟට ආව. මගේ ළඟ බිම දණ ගහගෙන ඔළුව උස්සල මා දිහාවෙ බැලුව..

'' මම ආදරෙයි රවි අයියෙ මම ආදරෙයි.....''

මම නැමිල හෙමිහිට චුට්ටිගෙ කොපුල් සිපගත්ත..ආදරෙන්.....

'' ඔය ආයෙම අයියෙ කියනව....මට රවී කියල එක පාරක් කියන්න....''

'' මම ආදරෙයි රවී...මම ආද....රෙ.....යි, ''

අන්තිම වචනෙ කියන කොට එයාට ඉකි ගැහුන.

මම අත්දෙකෙන් අල්ලල චුට්ටිව නැඟිට්ටවල මගෙ පපුවට තුරුලු කරගත්ත. චුට්ටි මගෙ පපුවෙ ඔලුව හංගගෙන හෙමිහිට ඉකි බින්දා. ටිකෙන් ටික ඉකි බිඳුම අඩුවෙලා යනකල් මම එහෙමම චුට්ටිව පපුවට තුරුලු කරගෙන එයාගෙ ඔලුව අත අතගෑවා. ඉකි බිඳුම් නැතිවෙලා ගියාම මම චුට්ටිගෙ මූනට එබුනා.

'' දැන් හරිද?....''

'' හරි අයි...නෑ මේ රවී....දැන් හරි රවී.....''

කඳුලු දෑසෙ පිරිල තිබ්බත් චුට්ටි හිනාඋනා.

'' හරි, මමත් කියන්නම් එහෙනම්....''

'' මොකක්ද? ''

'' මමත් ඔයාට ආදරෙයි....ගීතිකා....''

මම චුට්ටිගෙ නම කියල කතාකරපු පළවෙනි අවස්තාව......අන්තිම අවස්තාවත් බොහෝවිට වෙන්නත් පුලුවනි.... මට එහෙම හිතුනා.

'' මට වාවගන්ට බෑ රවී........''

ගීතිකා ආයෙම අඬන්න උනා....මම ඉතින් ඇඬීම ඉවර වෙනකල් එයාව තුරුලු කරගෙන හිස සිප ගත්තා.මයෙ කමිසෙ බාගෙකට වැඩිය තෙත් වෙනකල් අඬලයි මෙදාපාර ගීතිකා ඔළුව ඉස්සුවෙ.

'' හරි, ඔන්න දැන් අඬල ඉවරයි...ආයෙම අඬන්න ඔට්ටු නෑ හොඳද....''

මම ගීතිකාගෙ නහය මිරිකුවා.......

'' ඌයි......අඬන්නෙ නෑ කියල නම් පොරොන්දු වෙන්න බෑ....මේ කතාව කියල ඉවර වෙන්ට කලින් මට ආයෙම අඬන්ට වෙයි කියල මගෙ හිත කියනව රවි අයියෙ...අනේ සොරි අනේ...රවී, රවී,"'

'' නෑ...ගීතිකා කමක් නෑ...ඔයා මට රවී කියල එක පාරක් කිව්වනෙ.....ඒ ඇති ආයෙම අයියෙ කිව්වට කමක් නෑ....හරි චුට්ටි දැන් කතාවකියන්නකො...කොතනද අපි නැවත්තුවෙ? ''

************************************

දැන් නම් කතාව ඇති....ඔන්න හොඳද.....තව එක කොටසයි...ඉවරෙටම ඉවරයි...

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...