Google images |
එක පාරක් ඔය විමලෙගෙ වාංපතුල් කතාවක් කියද්දි පිළිස්සු කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය කියල කතාවක් තියනව ඒත් අද වෙලාව නෑ ඒක පස්සෙදි කියන්නම්ය කියල මම කිව්ව. පස්සෙ දවසක හැලප කමෙන්ට් එකකින් අහලත් තිබ්බ කෝ අර කුකුළගෙ කතාව කියන්නෙ නැද්ද? කියල. අපි ඇවිල්ල පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගෙ තමයි.හරිද?...අද ඔන්න ඒ පොරොන්දුව ඉස්ට කරන්නයි ලෑස්තිය....හෙහ්,හෙහ්,
මේ කේස් එක සිද්ද උනේ ඇත්තම කියනවනං විමලෙ අයිය එක්ක ගත කරපු කාලෙට පස්සෙ කාලෙක.ඒත් කමක් නෑ, එකම ආයතනයෙ, එකම කාලෙ, අනික මගෙ ජීවිතෙත් එකම යුගයක සිද්ද වෙච්ච දේවල් නිසා විමලෙගෙ වාංපතුල් කතා යටතටම දාන්නංකො...කාරියක් නෑනෙ? නේද?...හරි අවුලක් නෑ!!!
අර මහ කැළේ මැද්දෑවෙ ඉඳල මාව මාරුකලා පාරට ටිකක් කිට්ටු වැඩබිමකට. එහෙදි ඉතිං ආයම අර කලින් වගේම යාලුවො බුරුත්තක්ම සැට් උනා. ඕකෙ වැඩේ මේකනෙ. කුණු එකතුවෙන්නෙ කුණු ගොඩටෙයි කියනවනෙ. ඉතිං ඒ වගේ තමයි එක ජාතියෙ කට්ටිය එකට එකතු වෙනව කියලත් කියනවනෙ. Birds of a feather flock together...ඒකෙං කියවෙන්නෙ ඕනම කුරුල්ලෙක්ගෙ තටු ගැලෙව්වම ඔක්කොමල එකයි කියන එක...
ඔය උපහැරනෙ කිව්වය කිව්වයි කියන්නෙ සේක්ස්පියර් ගොයිය..දන්නවනෙ නේද අර එංගලලන්තෙ අර අනාදිමත් කාලෙක හිටපු නාඩගං කාරය. මිනිහ ඔය මාතර අහ පොරක්ය..හිච්චි එකා කාලෙම නැවක හොරෙං වහං වෙලා එංගලන්තෙට පැන්නයි කියලත් කියනව. දෙවුන්දර අහල පහල තාම ඉන්නව කියනව මිනිහගෙ නෑදෑ පරපුර..සීක්කුපේරු කියල එයාලගෙ වාසගම.
ඔය සෙට් එකේ මගෙ එක යාලුවෙක් අජිත්. ගෙවල් හඟුරන්කෙත ටවුමට චුට්ටක් විතර මෙහා. හරිම හිත හොඳ එකා. ඇත්තටම බලනකොට ඒ කාලෙ අපෙ ඔය යාලුවන්ගෙන් සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම හිත හොඳ එවුන් තමයි. අතීසාර මිත්තරයො කියන්නෙ ..අන්න ඒ කැටගරි එකේ එවුං....
ඒ කාලෙ ඔය එන්ටර්ටේන්මන්ට් විදිහට අපිට තිබ්බෙ එක්කො පොතක් පතක් කියවන එක නැත්තන් ටී.වී. බලන එක විතරයි. මහ කැලේ මැද්දෑවෙ ආය වෙන අහවල් දෙයක්ද? චිත්තරපටියක් බලන්ටත් කදූරුවෙල ටවුමටම එන්ටම ඕන. ඒකත් කිලෝ මීටර්ම තියනව දාසයක් විතර වගෙ. අනික ඔච්චර දුරක් ගිහිල්ල පැය දෙකහමාරක් ගත කරන්ට තරම වටින චිත්තරපටි එහෙ තිබ්බ හෝල් එකට ආවෙම නෑ. ඔන්න ඔය රට හැමතැනම පට්ට ගහපු එව්ව අන්තිමට එහාට එනව. හරියකට පේන්නෙත් නෑ. තිරේ පුරා පැල්ලං ...හෙහ්,හෙහ්, ඒ ආවෙත් ඔය ඇගේ වෛරය, අර සයනය , මේ සයනය, අර යහන මේ යහන ඔන්න ඔය වගෙ මෙලොව යකෙකුට බලාගෙන ඉන්ට බැරි දහ ජරාව.
හැබැයි ඔව්ව බලන්ට සෙනඟ කියන්නෙ ආය නෑ බල්ලගෙ **** කෝඳුරුවො වගෙ තමයි. අපෙ එකෙක් ඔය ගමේ කෙල්ලෙක් එක්කල පොඩි අයිටම් එකක් පටං අරගෙන තිබ්බ. කෙල්ල හොඳ හැඩ වැඩයි.ඒ වගේම තමයි කට. අපෙ යාලුව කොහොම හරි වදෙං පොරෙං කෙල්ල කැමතිකරගත්ත කියමුකො ටවුමට ගිහිල්ල පිච්චර් එකක් බලන්ට...හෙහ්,හෙහ්, පිච්චර් තමයි. ඌට හිතෙන්ට ඇති පිච්චර් බැලුවට වඩා හොඳයි ග්‍රැමොක්සෝන් කුප්පියක් කටේ හලාගෙන පරාක්කරමේට පැන්නනං කියල. පහුවදා කෙල්ල ගම හැම තැනම මෙහෙමයි කියල තියෙන්නෙ.
" අනෙ අප්පේ..ඒ මහත්තය පිච්චර් මඩුවෙ එලිය නිවාපු වෙලේ ඉඳලම මෙලෝ සිහියක් පතක් නැතුව මයෙ කට කන්ට තැනුව මිසක දිව ගිලෙන තිබාසෙට පැන්ට උගුරක්වත් අරං දුන්න එකක්ය…"
හෙන්රියත් මේ ලඟදි කොහෙ හරි මේ කතාව කියල තිබ්බ.හෙන්රි ගොයියත් ඔය මං කියන දවස්වල ඊට ටිකක් එහා ළමයිංට කුල්ලට ඉංග්‍රීසියෙං කියන්නෙ මොකද්ද කියල කියා දිදී ඉඳල තියනව. ඒ නිසා ඕකට ආරංචි උනෙත් ඔය මම කියන සිද්දියම වෙන්ට ඕන.
ඔය අර කෙල්ලගෙ කට කන්ට තනපු එකාගෙ නම කිරිබණ්ඩ.නැචුරලි අපි කිව්වෙ කේබී කියල. කේබිය ටිකක් පඬිය. නොදන්න දෙයක් කාගෙංවත් අහන්නෙ එහෙම නෑ. දන්නව වගෙ ඉඳල අන්තිමට හත්පලේ ගාගන්නව.
අපි වැඩ කරපු හරියෙ ඔන්න මහ කැළේ සුද්ද කරන්ට ගත්ත කුඹුරු කට්ටි කඩල මිනිස්සුන්ට බෙදල දෙන්ට. පේනතෙක් මානෙ මයෙ හිතේ හෙක්ටෙයාර් ඔක්කොම දාස් ගාණක් කැළේ සුද්ද කරල මීටර් පණහෙං පණහට වගෙ දිගට ගොඩවල් ගහල සති දෙකක් විතර ගිණිගහන අව්වෙ කරකුට්ටං උනාම ගින්දර තියනව. එහෙම ගිණි තියන දවසට අපිත් යනව කට්ටියම බලන්ට. හරිම අපූරු දර්ශනයක් ඒක. ඒත් ළඟට කිට්ටු වෙන්ට බෑ රස්නෙ.
ඔය කැළේ එළිකරන වැඩේ කොන්ත්‍රාත් අරගෙන තිබ්බෙ චීන කොම්පැණියක්. මයෙ හිතේ ලංකාවෙ ඉස්සොරෝම චීන කොම්පැණියකට කියල ආවෙ ඒ ගොල්ල. පස්සෙ පාරවල් වගයක් එහෙමත් අරගෙන කොන්ත්‍රාත් කලා.
ඉතිං චීන්නු කැළේ එළිකරල ගිණි තියල වැඩේ ඉවරකලයි කියමු. දැං මෙවුන්ට ගෙවන්ට එපාය කොන්ත්‍රාත් ගිවිසුම අනුව.
ඒ ගිවිසුමේ එක කොන්දේසියක් තමයි කැළේ සුද්ද කරනකොට එක හෙක්ටෙයාර් එහෙකට වටප්‍රමාණය මීටර්...ම්ම්..අපි කියමු මීටර් 1.5 ටවඩා වැඩි ගස් යම් සංඛ්‍යාවක් ඉතුරු කරන්න ඕනය කියන එක. අපි හිතමුකො ගස් දහයක්ය කියල.
ඔහොම ඉතුරු කරන්නෙ පරිසරය ආරක්ෂා කරගැනීමක් හැටියට. ඊට අමතරව හෙවණටත් හොඳයිනෙ. දවල්ට ගහ යට ඉඳගෙන බත කන්ට එහෙමත් පුලුවන් ගොවි මහත්වරුන්ට. ගහ උඩ අතුපැලක් උනත් අටව ගන්ට පුලුවන් නෙව රෑ පානෙ කුඹුරු රකිද්දි.
ඉතිං ඔහොම ගිවිසුමේ කොන්දේසි තිබ්බට ගෙවීම් කරද්දි කවුරුවත් ඔය ගස් වල වට ප්‍රමාණයවත් හෙක්ටෙයාර් එහෙකට නියමිත ගස් ගාන තියනවද කියලවත් ගණං කරන්ට යන්නෙ නෑ. ටිකක් ඔහෙ ඇවිදල බලල ගහක් දෙකක් මැනල ඊට පස්සෙ ගෙවීම අනුමත කරනව. ඔය මම කියන කාලෙ අලුතින් පත්වීම අරගෙන ඇවිල්ල හිටිය අපෙ බොසා නූලට රාජකාරිය කරන කෙනෙක්. ඉස්සොරෝම රස්සාවට ගියාම එහෙමනෙ. ඔන්න අර චීන්නු එක ගිවිසුමකට අදාල කොටස සුද්ද කරල ක්ලේම් එකක් දැම්ම. ඒ කිව්වෙ ගෙවීම නිදහස් කරන්න කියල ඉල්ලුව. කොටිම්ම අපි වැඩේ කරල ඉවරයි බොල. කෝ සල්ලි ගෙවාපිය කියල කිව්ව...හෙහ්,හෙහ්,
අර අලුතින් ආපු බොසා කලේ කතා කලා අපෙ කේබියට.
" කිරිබණ්ඩා...හෙට උදේ පොඩි වැඩක් කරන්න ඕන. දහ අටේ ඩී ඇලේ ඉඳල විසි තුනේ ඩී ඇල ගාවට යනකල් අර චීන කොම්පැණිය කැලේ සුද්ද කලේ ..අන්න ඒ කෑල්ලේ තියෙන ගස් ගාණයි ඒ ගස්වල ගර්ත් එකයි මැනගෙන එන්ට ඕන..තේරුණාද? අර චෙක් රෝලෙං ගෝලයො දෙන්නෙකුත් අරගෙන යන්ට. "
කේබියත් පහුවදා උදේම අලුත් ෆීල්ඩ් බුක් එකකුයි ටේප් එකකුයි අරගෙන ගෝලයො දෙන්නෙකුත් අඬගහගෙන... ඕකගෙ තියෙනව පියාඹන පීරිසියක් විතර ඇති පංකොළ තොප්පියක්. ඕකත් දාගෙන පිටත් උනා. හවස ආපහු අපෙ ක්වාටස් එකට ආවෙ පාං කියාගන්ට බැරි සයිස් එකෙං..
" හරි අමාරුයි බං හොඳ පණගියා. " කේබී තේ එක බොන ගමං එහෙම කිව්ව.
" ඔව්නෙ... මේ දවස්වල පැලෙන්ට පායනවනෙ…" මම එහෙම කියල හිනාඋනා.
" වැඩේ ඉවරද මචං? " ආයෙම මම ඇහුව…
" පිස්සුද තව කොහෙද? උඹ හිතන්නෙ ඒක සෙල්ලං කෙලියක්ය කියලද? "
කේබියා තේ කෝප්පෙත් අරගෙන නැඟිටින ගමං එහෙම කිව්වෙ අමනාපෙං වගේය කියලත් මට නිකමට වගෙ හිතුන.
" වැඩේ ඉවරද කිරිබණ්ඩ? " පහුවදා ඔෆිස් එක ඉස්සරදි බොස් ඇහුවෙ අපි උදේ පොත අත්සන් කරන්ට යද්දි.
අපේ රාජකාරි නිල වෙලාව උනේ උදේ 600 ඉඳල හවස 1830 වෙනකල්. ඒ නිසා ක්ෂේත්‍ර රාජකාරි කරපු කවුරුත් තරාතිරමක් නැතුව උදේ හයට ඔෆිස් එකට ගිහිල්ල පොත අත්සන් කලා.
" නෑ බොස් අද දවසත් යයි වගේ.."
" ආ..එහෙමද? …." බොසා පුදුමෙං වගෙ කේබිය දිහා එක පාරක් බලල මොනවද කියන්ට වගෙත් ගිහිල්ල ආයෙම " හරි හරි වැඩේ ඉවර කරන්ටකො " කියල යන්ට ගියා.
බොසා යන දිහාවෙ රවාගෙන හිටපු කේබිය ආපහු මගේ පැත්තට හැරුන.
" හුහ්, දැක්කද බොසාගෙ කතාව? පොර හිතාගෙන ඉන්නෙ මම අර පළු ගහක් යට පත්තරයක් එලාගෙන දවසම බුදියගත්තයි කියලද දන්නෙ නෑ...බාරදීපු වැඩේ අමාරුව එයාට තේරෙන එකක්ය. "
" ඒත් මචං මම මේ උඹෙං අහන්ටමයි හිටියෙ...." මම ඉතුරු හරිය ගිල ගත්ත කේබිය මා දිහාවෙ රවපු රැවිල්ලට…
" මොකක්ද උඹ අහන්න හිටියෙ? "
" ආ..නෑ..නෑ මොකවත් නෑ...." මම එතනිං එහාට වචනයක් කතා කලේ නෑ..
ඇත්තටම මට අහන්න ඕන උනේ මේ ගස් දෙතුන් සීයක වටප්‍රමාණය මනින්ට දවසකිනුත් බැරි උනේ මොකද කියලයි. ඒත් කේබිය ඕක නුහුරට හිතල මට අම්ම මෝ නැතුව බණින්ටත් බැරි නෑ..එහූ දසය. මේ උදේ පාන්දර නිරපරාදෙ කණ පුරවල අහගන්නෙ මොන කෙහෙල් මලකටද කියල හිතල මම නිකා හිටිය.
එදා හවසත් කේබිය ආවෙ හුඹහෙං ඇදල ගත්තු නයා වගෙ. මම මොකවත්ම ඇහුවෙ නෑ...වැඩේ මොකද? ඉවරද? කින්ද මන්ද? කියල..
" හෙට දවසත් යයි වගෙ බං...හරිම අමාරුයි..සැමී ඔය කේතලේට වතුර එකක් පුරවල ලිපේ තියාපං බං..උණු වතුර ටිකකිං ඇඟපත හෝද ගත්තොත් මේ අමාරුව ටිකක් යයි. වණේ දාල කොටල වගෙ බං.."
එහෙම කියල කේබිය නොන්ඩි ගගහ කාමරේට ගියා. විමලෙයි මායි මූණෙං මූණ බලාගත්ත.
" යකෝ මේක මාර කෙලියක්නෙ. මේ පොඩි වැඩේට මේ යකා දැං දවස් දෙකක් ගත්ත. ඒත් ඉවරයක් නෑ තාම. මේ විමලෙ ..මෙතන මොකක් හරි තියනව කේස් එකක්. මුගෙං ඔව්ව අහන්ට බෑ දන්නවනෙ එක ජාතියක මනුස්සයනෙ. මූලවාතෙ තද උනොත් මෙතන ආය ඉඳල ඉවරයි. ඕක එක්ක ගියේ අර පේමසිරියයි නවරත්නයි නේද මනින්ට. ඉඳහං මම ගිහිල්ල අහගෙන එන්ට මොකක්ද මේ සීන් එක කියල "
පේමසිරියයි, නවායි අපෙ චෙක් රෝලෙ ගෝලයො. ටෝච් එකක් අරගෙන මම ගියා මයිනර් ස්ටාෆ් ඩෝමිටරි එක නොහොත් සුළු සේවක නේවාසිකාගාරය පැත්තෙ.
" පේමසිරිය ඉන්නවද බං? "
මිදුලෙ හිටිය ඇල්බට්ගෙන් අහගෙනම මම ගෙට ගොඩ උනා. ඇල්බ අපේ ට්‍රැක්ටර් රියදුරු.
" ඉන්නව මහත්තය... අන්න අතපය බරු ගහගෙන ඇවිල්ල සිද්දාර්තෙ ගාගන්නව කාමරේ…"
" ඈ..අතපය බරුගහගෙන ? "
එහෙම අහගෙනම මම ගියා පේමෙගෙ කාමරේට.
" ආ මහත්තය එන්ට එන්ට.." පේමසිරිය නැඟිටින්ට හැදුව.
" මොකද බං උඹට උනේ? මේ අතපය ඔක්කොම බරු ගැහිල නේද? යකෝ අලියෙක් වත් පැන්නුවද උඹල තුංදෙනා පාරෙ.." එහෙම අහල මම පේමෙගෙ ඇඳ කෙලවරේ ඉඳගත්ත.
" ඔහෙ පන්නපු අලියෙක් නෑ මහත්තය "
" එහෙනං? "
" අම්මාපල්ල මහත්තය කිව්වට විස්වාස කරන්ට. අපෙ බාප්ප ගස් නැඟල අතු පාහින එක තමයි රස්සාවට කරන්නෙ. උන්දැට දැං පණහත් පැනල.."
" ඉතිං? ඉතිං? "
මමත් හරිබරි ගැහිල ඇස් දෙක මදිවට කටත් බාගෙට ඇරගත්ත. ඔය පේමසිරිය ඉළ ඇදෙන කතා කියන්නෙ. අනික් එවුං ඕකට කියන්නෙ කටා කියල..
" ඉතිං බං? මොකක්ද උඹලගෙ අතු පාහින බාප්පොච්චිගෙ සම්බන්දෙ මෙතනට? "
" ඉන්නකො මහත්තය ඒක තමයි මම මේ කියන්න යන්නෙ.අපෙ පනහත් පැනපු බාප්ප නැඟපු ගස් ගානට වැඩිය ගස්වලට මම නැග්ග මහත්තය මේ ඊයෙයි අදයි. එකක් හරි වැඩි මිසක අඩුනං නෑ. මට ෂුවර් ඒක."
" හෙහ්, හෙහ්, ඒ මොකද බං? හා හරි හරි මම දන්නව...කේබී මහත්තය පළු කන්ට දෙයිය. උඹව නග්ගවන්ට ඇති පළු ගස් වලට.."
මෙතන වෙලා තියෙන්නෙ මොකද්ද කියල මට සහසුද්දෙම්ම තේරුණා. ඒත් මම අරම කිව්වෙ පේමය කුල්මත් කරල ගන්ට.ආය මොනවද? ඌ හනුමගෙ වලිගෙට ගිණි තිබ්බ වගෙ ෆෝම් උනා.
" මහත්තය මේ කෙහෙම්මලක් කතා කරනව. "
පේමය කිව්වෙ මගෙ මූණ දිහාට දකුණු අත දික් කරල. තව පොඩ්ඩෙං මගෙ ඇහැත් පොට්ට කරනව මේකා...මම කෝකටත් ටිකක් ඇඳේම එහාට උනා…
" එහෙනං බං? "
" අර රාජපක්ස බොස් කිව්වලුනෙ ඩෝසර් කරල ඉතුරු කරපු ගස්වල උස මැනගෙන එන්ට කියල.ඉතිං ඊයෙයි අදයි දවස් දෙකේම කේබී මහත්තයයි නවයයි මායි කලේ ඔය රාජකාරිය. ලේසි නෑ මහත්තය මේ දාරානිපාත හුළඟෙ ඔය දඩ ගස් වල මුදුං දල්ලටම නඟින එක. මයෙ ඇඟේ ලේ වතුර වෙලයි ඔන්න තිබ්බෙ මුලු දවසෙම. "
පේමය ඇසුයි කටයි නටව නටව කියාගෙන යනව. ඌ කතා කරනව බලා ඉන්ට ආසයි.
" මම ඉතිං ගහේ දල්ලටම නැඟල ටේප්පෙකේ බිංදුව අල්ලනව ගහේ මුදුනට. ගහමුල ඉඳල නවය ටේප් එකේ අනික් කොණ බිමට අල්ලනව. කේබී මහත්තය ඇවිත් දනගහගෙන නැමිල බලල එතන තියන ගාණ ලියාගන්නව අර නෝට් පොතේ. ඩී විසිතුන ඇල අසල පළු ගස උස අඩි තිස් දෙකායි අඟල් අටායි. ඔහොම හෙමිහිට තොල මතුරල කියල ඒ ගණං හිලව් පොතේ ලියාගන්නව. "
" නෑ???....." මම හිනාව නවත්ත ගත්තෙ බොහොම අමාරුවෙං " බොරු කියන්ට එපා බං "
මුං තුංදෙනා මේ කරල තියෙන විකාරෙ මතක් වෙනකොටත් මට ඉවසන්ට බෑ හිනාව. ඒත් හිනාවෙලත් බෑ. මොනව උනත් කේබිය නෝන්ඩි කරන්ටත් බෑනෙ.
" ඉතිං පේමෙ ඊට පස්සෙ? " මම තොල විකාන ඇහුව.
" ඊට පස්සෙ මම බිමට බහිනව. ඉතිං තුන්දෙනා එක්කම යනව ඊලඟ ගහ ගාවට. ආයම මම නඟිනව ගහේ මුදුනට. ආයම කේබී මහත්තය දනගහගෙන ටේප් එක බලල කියනව ... පලු ගහ ලඟම හුඹහ අසල වීර ගහ. උස අඩි විසිහතයි අඟල් 3 යි. කියල ඒ ගාණ පොතේ ලියාගන්නව. "
" නෑ???........."
" ඔන්න ඔහොම තමයි මහත්තය ඊයෙයි අදයි දවස් දෙකම ගත උනේ. මගෙ ඇඟ නිකං වණේ දාල කෙටුව වගෙ කොටින්ම. හෙටත් යන්ට ඕනය කිව්වෙ. අනේ මහත්තය මාව රස්සාවෙං දොට්ට දැම්මත් මම නෙවෙයි හෙටනං ඔය මඟුලට යන්නෙ. "
පේමෙ අල්ලට ගත්තු තෙල් ටික දකුණු දණිස්ස හරියෙ ගාගන්න ගමං කිව්ව.
" හැබැයි මහත්තය එකක් තියනව අපරාදෙ කියන්ට බෑ. මට අමාරුයි කියල තේරුණාම කේබී මහත්තය සපත්තු මේස් ගලෝල ගහ මුල තියනව. ඊලඟට කලිසමේ කකුල් දෙක නවා ගන්නව දණිස් හරියට. ආය මොනවද? මේං නඟිනව ගිණි කසය වගෙ ගහට. ඇත්තටම මොනවටද මහත්තය ඔය ගස් වල උස මනින්නෙ? "
" ඉතිං උඹ ඕක කේබී මහත්තයගෙන්ම අහන්ට එපාය... "
" ඇහුව ඇහුව "
" ඉතිං මොකද කිව්වෙ? "
" කවුරු දන්නවද බං ? සමහරවිට රාජපක්ස මහත්තයගෙ අම්ම නග්ගවන්ට වෙන්ට ඇති..මේ පේමෙ ඔය විකාර ඇහිල්ල පැත්තක තියල වරෙං විජහට මේ කෙහෙම්මල අදවත් ඉවරයක් කරල දාන්ට නැත්තං තව සුමානයක් විතර ගස් බඩගාන්ට තමයි වෙන්නෙ උඹටයි මටයි. ඔන්න ඔහොමයි කේබී මහත්තය කිව්වෙ...ඇත්තටම මොකටද මහත්තය ඔය ගස් වල උස මනින්නෙ? "
" ඔය ගස් වල රුක් දෙයියො ඉන්නවද කියල බලන්ටනෙ බං " මම කටට ආපු එක කිව්ව.
" ඈ ..ඒ කොහොමද ඒක දැනගන්නෙ? "
" පේමෙ….ඔය රුක් දෙයියො ඉන්නවයි කියන්නෙ අඩි විසිහයයි අඟල් තුනට වැඩි ගස් වල."
" නෑ? ………...මම එහෙම එකක් ඔය ඇහුවමයි.."
" ඒකනෙ කියන්නෙ බොරු නෙවෙයි බං ඇත්තම ඇත්ත. හෙට මනින්ට ගිහාම උඹ කේබී මහත්තයට කියාපංකො මහත්තය නොකිව්වට මම දන්නව ඇයි මේ ගස් මනින්නෙ කියල, රුක් දෙවියො ඉන්නවද කියල බලන්ට නේද? ඔහොම කියාපං හැබැයි කොල්ලො එකක් මං කිව්වය කියල එහෙම කියන්ට එපා..හොඳද? "
මම තොල් හපාගෙනම නැඟිටල පේමෙගෙ කාමරෙං එලියට ආව.හඳත් පායල ටෝච් එක ගෙනාවට කිසි වැඩක් උනේ නෑ.