|
පස් හැවිරිදි වියේ පමණවූ කුඩා සාමනේර නමක් පිණ්ඩපාතයේ වඩින අවස්ථාවක් - Image from Daily Mirror .lk |
මවකගේ උණුසුම නොලද්දෙමි මතක ඇති දවසේ පටන්,
සෙනෙහසේ අරුමය දකින්නෙමි නුඹ නෙතඟ කඳුළක් තුලින්,
ජීවිතේ නිස්සාර බව මම පසක් කොට ඇත සමසිතින්,
මේ බවේදී බවුන් වඩනෙමි සසර ඉම දකිනා රිසින්,
මේ ගැන මට පුද්ගලිකව මහා පිළිකුළක් දැනේ. හාමුදුරු කේනෙක්ම කිව්ව විදිහට ලොන් ගානට මහණ කරලා අං ගාකට ඉතුරු වෙනවා
ReplyDeleteඋදාර,
Deleteසාසනේ රැකගන්නෙයිකියල හයක් හතරක් නොතේරෙන හිච්චි එව්වො බුරුතු පිටින් මහණ කලාම එහෙම වෙන එක අහන්නත් දෙයක්ද?
පිස්සු වැඩ.
ReplyDeleteප්‍රසන්න,
Deleteඇත්ත..මේ පොඩි එවුන් කට්ට අවුවෙ පිණ්ඩපාතෙ ඇවිද්දවන එක හරිම විකාරයක්...මම හිතන්නෙ මේකත් මේ ප්‍රචාරක උපක්‍රමයක්. වැඩිහිටි හාමුදුරුවරු වගෙ නෙවෙයි මේ වගේ පොඩි එව්වො පිණ්ඩපාතෙ වඩිනකොට කාගෙ උනත් හිත උණු වෙනවනෙ...
වාං පතුල් කතා වගේ පරන කතා ටිකක් ලියන්ඩකො අප්පා
ReplyDeleteඅටම්,
Deleteලියන්න දේවල් නම් තියනව බං ඕසෙට, වෙලාවක් හොයාගන්න එකයි අමාරු..හරි...වාංපතුල් කතාවකුත් හෙට අනිද්ද ලියන්නම්කො...:)
අනේ මොනවා තේරෙන වයසක් ද? :(
ReplyDeleteමලී,
Deleteකාටද කියන්නෙ? දැක්කහම පපුව පත්තුවෙනව...:(
පින්ඩ පාත මාකටින්ග්.
ReplyDeleteඅපිත් එක්ක එකට ඉගනෙ ගත්ත හාමුදුරු කනෙක් අන්තිම දවසෙ කතාව නවැත්තුවෙ නැතිව ලොකු වෙලාවක් කරන් ගිහින් අන්තිමට කීවෙ "හැම දාම බන කියන එකා මෙතනත් දොඩවනව කියල හිතන්න එපා, සැහෙන කාලෙකින් හිතට එකගව කතා කරේ" කියල
ගිහියන්ගෙ නරි නාට්‍ය වල උන්වහන්සේලා නලුවො වෙලා
මද්දා,
Delete"පිණ්ඩපාත මාකටිං"... අන්න කොල්ලො සුදුසුම වචනෙ...
මේ කුඩා දරුවන්ට ලැබිය යුතු දේ ලැබී නැත
ReplyDeleteබාහිර සමාජයට අවශ්‍ය දේ ඔවුන් වෙත පටවා ඇත
ඒ ගැන ඇත්තේ බලවත් දුකකි
ඇත්ත ඇනෝ,
Deleteඔබ හා සමඟ එකඟයි...
අපේ ගමේ පන්සල පිරිවෙනක්.. වයස දහයට වගේ අඩු සාමනේර පැටවූ දොළහක් විතර ඉන්නවා.. අපේ නෝනා ගියාම සමහරු සාරි පොටේ නැත්නම් සායේ එල්ලිලා වටේ කැරකෙනවා.. එනකොට අඩනවා.. හෙනම අප්සෙට් සීන් එකක්..
ReplyDeleteකළ්‍යාණ,
Deleteඒ ගැන නම් කියල වැඩක් නෑ..සසර කලකිරෙනව එහෙම එව්ව දකින්නට ලැබෙනකොටත්...
ඒත් මල්ලි මෙහෙම පැත්තකුත් තියනව. මම හොඳටම දන්න හාමුදුරු කෙනෙක් (මම අදටත් ගරු කරන හාමුදුරුවරු පස් හය දෙනාගෙන් එක්කෙනෙක් එතුමා) ඔය උතුරු නැගෙනහිර යුද්ධෙන් අනාතවුනු දරු පැටව් තිහක් හතළිහක් ගෙනල්ල මහණ කරල ඉගැන්නුව..
ඒ හාමුදුරුවො මට කිව්වෙ මෙහෙමයි....
"අයියෙ මට ඕන කමක් නෑ මේ දරුවො සදහටම සාසනේ තියාගන්ට. මම මේ අය මහණ කලේ වෙන මොකටවත් නෙවෙයි එතකොට අපේ දායක දායිකාවන්ගෙන් ආධාරත් හම්බවෙනව රජයෙන් ආධාරත් ලැබෙනව. යම් තත්වයකට ඉගෙන ගෙන තමන්ට තමන් ගැන වගබලාගන්ට පුලුවන් උනාට පස්සෙ සිවුරෙ ඉන්නවද නැද්ද කියල තීරණය කරන එක ඒ අයට බාරයි. මට කොහොම උනත් අවුලක් නෑ. මනුස්සයකුට ජීවිතේ ගොඩ නඟා ගන්ට උදව් කලා කියන හිතේ සන්තෝසෙ මට ඇති..."
අන්න මල්ලි නියම බුද්ධ ශ්‍රාවකයො...
අන්න අයියේ නියම බුද්ධ ශ්‍රාවකයෝ.. සාධු සාධු සාධු... :)
Deleteතර්කානුකූල පදනමක් නැති සම්ප්‍රදාය මත කරන හානිකර දෙයක්.
ReplyDeleteප්‍රා,
Deleteකියල වැඩක් නෑ ප්‍රා..
මට මතකයි රත්නසිරි වික්‍රමනායක බුද්ධශාසන ඇමති සහ අගමැති වෙලා ඉන්දැද්දි ඔය "කුල දරුවන් ලස්සයක් සසුං ගත කිරීමේ මහා පුඤ්ඤ කරුමය" කියල ඒත් ඔය වෙසක් පෝයකට නාඩගමක් නැටුව..පිස්සුව හොඳ එක..
අපිටත් හිනාවෙලා නිකං හිටියැහැකි අර දරුවන්ට වෙන අකටයුත්ත ගැන නොහිතා ඉන්න පුලුවන්නම්...
රට පුරාම දුගියන් දැන් මහ ගොඩකී
ReplyDeleteගැට ගහගන්න දිවියම ඔවුනට නොහැකී
පිට පිට දරුවො සසුනට දෙන්නටයි හැකී
මට නම් හිතෙන්නේ මෙය අපරාදයකී......
ජයවේවා!!!
දුමී,
Deleteඔබට ස්තූතියි මල්ලි....:)
ආර්ථික අමාරුකම් හෝ වෙනත් හේතු දක්වමින් දරුවන් කුඩා කාලයේදීම මහන කරනවා... නමුත් තේරෙන වයසට ආවහම සියුර දාලා යනවා... මුල් පසුබිම නොදන්න සමාජය අර මනුස්සයාව නැති කරනවා.. මට නම් හිතෙන්නේ එක්තරා ආකාරයකට ලමා අයිතීන් උල්ලංගනය කිරීමක් කියලයි...
ReplyDeleteනිර්මාණී,
Deleteඔබ හා එකඟයි සොයුරිය....
දරුවෙක් පැවිදි වෙන්න ඕන තමන්ට තේරෙන වයසකදි කියන බව මං සම්පූර්ණයෙන්ම පිළිගන්නවා.මං ඉතා හොඳින් හඳුනන ආදි ආනන්දියෙක් උසස් පෙළ පන්තියෙදි පැවිදි වුණා - තමන් ඒ පාරේ යා යුතු බවට වන පැහැදිලි අවබෝධයක් ඇතුව. ඉන් පස්සෙ උපාධියකුත් ලබලා තමන්ටත් අනුන්ටත් පලවත් විදියට ධර්මය දේශනා කරමින් ශාසනික සේවයෙහි යෙදෙනවා.ඒ වගේම සමහර පුංචි දරුවෝ ඉන්නවා සංසාර පුරුද්දට පැවිදි වෙන්න කැමති.අවුරුදු දොළහක් දහතුනක් කාලෙ මටත් පුදුම ආසාවක් තිබුණා පැවිදි වෙන්න - ටිකක් දුරට නොහිතුවා නම් ඒ කාලේ මං වුණත් දෙමව්පියන්ව පොළඹවගන්න ඉඩ තිබුණා මාව පැවිදි කරවන්න කියලා.ඒත් පවුලේ එකම දරුවා වීමත් එක්ක මට ලොකු වගකීමක් තියෙනවා කියන හැඟීමත් - මෙහෙණින් වහන්සේ නමක ලෙස තවමත් ලංකාවෙ ජීවත් වීම අපහසුයි කියන කාරණයත් මගෙ හිතේ තිබුණා.ඒ නිසා ඒ ආකල්පය ටිකෙන් ටික ඈත් වුණා. අවබෝධයක් සහිතව පැවිදි විය යුතුයි කියන කාරණය කොතෙක් පිළිගත්තත් ඒ වාගෙම මං පිළිගන්නවා පැවිදි ජීවිතයට අභ්‍යන්තර ආසාවක් ඇති දරුවෙක් ඊට සුදුසු යහපත් තැනක් ඇත්නම් පැවිදි කළාට කමක් නැහැ කියන තැන මං ඉන්නවා!
ReplyDeleteවර්ෂා,
Deleteහැමදාම වගෙ ඔබගේ අදහස් සමඟ සපුරා එකඟයි....
බලහත්කාරයෙන් කිසිම දරුවකු මහණ නොකල යුතු වගේම ඇත්තටම අවබෝධයකින් ඒ සඳහා රුචිකරන දරුවෙක් ඉන් වැළැක්වීමත් නොකල යුත්තක්...
කතෝලික ආගමේ එහෙම ආස දරුවන් සෙමනේරියට යවනවා. සෑහෙන කලක් ඒකෙ ඉගනගත්තට පස්සෙ තමන්ට තීරණය කරන්න දෙනවා පූජක වෙනවද නැද්ද කියන එක. සාමාන්‍ය විභාගවලටත් මුහුන දෙන්න වෙන නිසා පසුව පූජක නොවී වෙනත් ක්ෂේත්‍රයකට යන්නත් පුලුවන්. බුද්ධාගමෙත් එහෙම පිරිවෙන්වල උගන්නලා පස්සෙ සිවුර දානවද කියලා තීරණය කරනව නම් හරි
Deleteප්‍රා,
Deleteඇත්තටම අන්න එහෙම තමයි ප්‍රා වෙන්න ඕන..කුඩා වයසෙදි බොහොම දෙනෙක් සිවුරට තියෙන ආසාවට මහණ වෙන්න ඕන කිව්වට ලොකු වෙද්දි අපොයි මම කරගත්ත දෙයක් කියල හිතනව. දෙමව්පියො වැඩිහිටියො ඒ වෙලාවට ටිකක් උපේක්ෂා සහගතව ඒ දිහා බලන්න ඕන...
රවීගේ බොරු කිඹුල් කඳුළු. නාවුක හමුදාවේ කප්පං පැහැරගැනීම් ගැන අහලා දප්පු කොමෙන්ට් එක අයින් කරලා. පැහැරගෙන යාමට ලක්වුවන් ගැන දුකක්, කණගාටුවක් නැද්ද?
ReplyDeleteඇනෝ,
Deleteසමාවෙන්න, ඒ ප්‍රශ්නෙ අයින් කලේ මේ හින්දයි.
ඔබ ඒ ප්‍රශ්ණය ඇහුවෙ කළ්‍යාණමිත්‍රගෙන්. ඔහුටම බ්ලොග් එකක් තියනව. ඒ හින්ද ඒ ප්‍රශ්ණය ඇසිය යුත්තේ ඔහුගේ බ්ලොග් එකේදි කියලයි මට හිතුනෙ...
මෙතනට එන මගෙ හිතවතුන් කිසි කෙනෙක් මෙතනදි අපහසුතාවයකට ලක්වෙනව දකින්න මම කැමති නෑ. ඒ කියන්නෙ මෙහෙමනෙ.
දැන් අපේ ගෙදරට අමුත්තෙක් එනව කියමුකො. තව කෙනෙක් ඇවිල්ල කියනව "මට මූ එක්ක බේරගන්න ඇරියස් එකක් තියනව" කියල. අපි එතකොට මොකද කියන්නෙ? "අනේ කරුණා කරල ඒ තියන ප්‍රශ්නෙ එයාගෙ ගෙදරට ගිහිල්ල බේරගන්න. මෙතන එහෙම කරන්න දෙන්න බෑ"..එහෙමනෙ නේද?
බුකියෙන් ...
ReplyDeleteදරුවන් හිංසනයට, බලහත්කාරයට සහ අපයෝජනයට ලක් කරන ශ්‍රී ලාංකීය සංඝ ශාසනය අතුගෑවී, කුඩුපට්ටම් වී, හෙණ ගැහී යනු දැකීම, මේ වෙසක් සතියේ මගේ එකම ප්‍රාර්ථනාව ය...!
වැසි දැරිය හා එකඟ වෙමි .
ReplyDelete