Friday, August 28, 2020

654. සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ මහදේවන් සතාසිවම්...............

ඩොන් බ්‍රැඩ්මන් දන්නව නේද? ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන්..ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරු...ඊයෙ ඒ කියන්නෙ අගෝස්තු 27 වෙනිද බ්‍රැඩ්මන්ගෙ උපන්දිනේ..ඔහු උපදින්නෙ 1908 අවුරුද්දෙ...2001 පෙබරවාරි 25 වෙනිදා ඔහු මියගියා..

බ්‍රැඩ්මන් වීරකෝන් ගැනත් අහල තියනව නේද? ඔහු අගමැතිවරුන් පස් දෙනෙකුගේ ලේකම් විදිහට සේවය කරපු කෘතහස්ත පරිපාලන නිලධාරියෙක්..ඔහුගේ පියාත් ඩොන් බ්‍රැඩ්මන් ලෝලියෙක්...1930 අවුරුද්දෙ ඩොන් බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයකින් පස්සෙ ආපසු ඕස්ට්‍රේලියාවට යන අතරමඟ කොළඹට ගොඩ බැහැල තියනව. 

ඒ දවස්වල මගී ගුවන් යානා එතරම් ප්‍රචලිත නැති නිසා ඔය ක්‍රිකට් කණ්ඩායම් ගමන් කරල තියෙන්නෙ නැව් වල.ඕස්ට්‍රේලියාවෙ ඉඳල එංගලන්තෙට යන නැව් වලට අතරමඟ වැදගත් නැවතුම්පොලක් තමයි කොළඹ වරාය...දවසක් දෙකක් කොළඹ රැඳිල ඉන්න අතරෙ ලංකා කණ්ඩායම එක්ක තරඟයකත් යෙදෙනව සාමාන්‍යයෙන් එංගලන්ත සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම්...Whistle stop tours කියලයි ඒ සංචාර හැඳින්වෙලා තියෙන්නෙ..ඉතිං 1930 ඔක්තෝබර් 20 වෙනිද බ්‍රැඩ්මන් එංගලන්ත සංචාරයක් නිම කරල ආපහු තමන්ගෙ මව් රටට යන අතරමඟදි කොළඹට ගොඩ බැහැල තියනව.

හරියටම එදාම බ්‍රැඩ්මන් වීරකෝන්ගෙ පියා එඩ්මන් වීරකෝන්ට පුතෙක් ඉපදිල..තමන්ගෙ වීරය සිහිවෙන්ට ජේෂ්ඨ වීරකෝන් පුතාට නම දාල තියනව බ්‍රැඩ්මන් කියල...එහෙම ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙ නම් ආශ්‍රයෙන් තමන්ගෙ දරුවන්ට නම් දාන එක බොහොමයක් තාත්තල අම්මල කරල තියනව. 

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෛත්‍රිපාල කියල නම දාල තියෙන්නෙ මෛත්‍රිපාල සේනානායක ගෙ නමින්. එතකොට ඔහුගෙ බාල සහෝදරයට ඩඩ්ලි කියල නම දාල තියෙන්නෙ ඩ්ඩලි සේනානායකගෙ නමින්..ලෙනින් මොරායස් කියල චිත්‍රපට අධ්‍යක්ෂ කෙනෙක් අහල තියනව නේද? එතකොට ජෝසෆ් ස්ටාලින් කියල කියන්නෙ ගුරු සංගම් නායකයෙක්...අපේ බිරින්දෑ තොමෝ මුලින්ම වැඩ කලේ නාවුල සහ ඇළහැර අතර ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ හතේ පන්තියෙ ළමයෙක් හිටිය දිවංගත බණ්ඩාරනායක කියල...හෙහ්...හෙහ්...

මම පහුගිය දවසක අර අපේ මහගෙදර තිබිල මගෙ පරණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙ ඡායාරූප අලවපු පොත් කීපයක් හම්බවුනු විස්තරයක් ලිව්ව මතකද? ඒ එක්කම තිබිල මම අරගෙන ආව  මපියාණෝ ඒ කාලෙ බ්‍රැඩ්මන්ගෙ එහෙම පත්තරවල පළවෙච්චි ඡායාරූප කපල අලවපු පොතක්. 

ඔය පොත මට හම්බවුනේ අවුරුදු 45 වගෙ ඉස්සර අපි කෑගල්ලෙ ඉන්දැද්දි පරණ පොත් පත්තර සහ අනම්මනම් ලටපට දාල තිබ්බ පරණ පකිස් පෙට්ටියක් අවුස්සද්දි...ඒ පොතට දැනට වෙනව මම හිතන්නෙ අවුරුදු 72 විතර...මම හිතන්නෙ අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා පණත යටතෙ සංරක්ෂණය කලයුතු භාණ්ඩයක්..හෙහ්..හෙහ්...

පළවෙනි ඡායාරූපයෙ තියෙන්නෙ ඒ පොත. ඩොන් බ්‍රැඩ්මන්ගෙ ෆොටෝ එකක් තමයි ඔය අලවල තියෙන්නෙ…



දෙවෙනි ඡායාරූපය: 1948 අවුරුද්දෙ බ්‍රැඩ්මන් සහභාගිවුනු අවසාන ටෙස්ට් තරඟය ගැන විස්තරයක් අඩංගු ප්‍රවෘත්ති පත්‍ර වාර්තාවක්…



තුන්වන ඡායාරූපය: ඒ යුගයේ සුප්‍රසිද්ධ හින්දි නළු නිළි යුවලක් වන රාජ් කපූර් සහ නාර්ගීස් ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගිවන විස්තරයක් සහ සුප්‍රසිද්ධ ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහදේවන්  සතාසිවම් දකුණු ඉන්දීය කණ්ඩායමට එරෙහිව ලකුණු 215 ලබාගත් ප්‍රවෘත්තියක්...



සතාසිවම් කියන්නෙ කුප්‍රසිද්ධ වංගෙඩිය මිනී මැරූ නඩුවේ චූදිතයා. ඔහු පසුව නිදහස් කෙරුනා. ඔහු වෙනුවෙන් නඩුවට කතාකලේ කොල්වින් ආර්. ද සිල්වා..මිනීමරුවෙක් වෙනුවෙන් කතාකරල ඔහුව නිදහස්කරගත්තයි කියල කොල්වින් කොච්චර ජන අප්‍රසාදයට පත්වුනාද කිව්වොත්  ඒ එක්කම පැවැත්වුනු මහ මැතිවරණයෙන් ඔහු වැල්ලවත්ත- ගල්කිස්ස ආසනයෙන් පරාජය වුනා... 



23 comments:

  1. අන්න එහෙමනෙ... වෙල්කම් බෑක් ටු ද බ්ලොග් යුනිවර්ස් කිව්ව...

    ReplyDelete
  2. අර, වංගෙඩිය මිනීමැරුව කියන කොටසත් සතාසිවම් නඩුවෙ ඇත්තටම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. Dracky,

      නෑ..ඒක මේ මිනිස්සු සෝපහාසාත්මකව කියපු කතාවක්..

      ඒ කියන්නෙ ගෙදර මෙහෙකාරයා විලියම් තමයි බොහෝවිට මිනීමැරුම කරන්න ඇත්තෙ..ඒත් ආණ්ඩුවෙන් කලේ කලින්ම මිනිහ රජයේ සාක්ෂිකාරයෙක් කලා සතාසිවම්ව වැරදිකාරය කරන්ට ඕන නිසා. ඒත් කොල්වින්ගෙ සාක්ෂි මෙහෙයවීම සහ සර් සිඩ්නි ස්මිත්ගෙ විශේෂඥ සාක්ෂි හින්ද ජූරි සභාව සතාසිවම් නිදහස් කලා.

      අන්තිමට මිනීමැරුම කරපු කෙනෙක් නැති වුනා. සතාසිවම් නෝනගෙ මිනිය තිබිල තියෙන්නෙ ගෙදර ගරාජ් එකේ වංගෙඩියක් ගාව. ඒ හින්දයි මිනිස්සු කිව්වෙ අඩේ අන්තිමට එහෙනං වංගෙඩිය තමයි මිනීමරල තියෙන්නෙ කියල...:)

      Delete
  3. ලොකු අයියෙ, බොලාගෙ තාත්තත් බොලා වගේම සුපිරි රසවතෙක් කියල පේනව. නැද්ද උන්දැ ගැන එහෙම අතීත විත්ති?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      තියනව තියනව...ලියන්නම්කො වෙලාවක...:)

      Delete
  4. ඒ කාලේ ඔය හින්දි නළු-නිලියෝ එහෙම ගෙන්නවන්නේ ආණ්ඩුවෙන් මොකක් හරි උප්පරවැට්ටියක්- හංගන්න දෙයක් තිබ්බ වෙලාවකය කියලත් කියනවා නේද? අර කැළණියෙන් නයා වැඩම්මුවා වගේ.......

    ReplyDelete
    Replies
    1. නිමල්,

      එහෙම කතාවක් කියනවද? හැබැයි ඒ කාලෙ ඔය නළු නිලියො ගායකයො ක්‍රීඩකයො එහෙම ගොඩක් ගෙන්නල තියෙන්නෙ ආණ්ඩුවෙන් නෙවෙයි. පෞද්ගලික ව්‍යාපාරිකයො...

      ඒ කාලෙ ඉඳල තියනව හොඳ සල්ලි කාරයො..ඩොනවන් ඇන්ඩ්‍රී..ලෝඩ් මව්ජූඩ්...තහා...අන්න ඒ වගෙ අය තමයි වියදම් කරල ඔව්වගෙ එව කරල තියෙන්නෙ...

      Delete
  5. "සතාසිවම් කියන්නෙ කුප්‍රසිද්ධ වංගෙඩිය මිනී මැරූ නඩුවේ චූදිතයා. ඔහු පසුව නිදහස් කෙරුනා. ඔහු වෙනුවෙන් නඩුවට කතාකලේ කොල්වින් ආර්. ද සිල්වා..මිනීමරුවෙක් වෙනුවෙන් කතාකරල ඔහුව නිදහස්කරගත්තයි කියල කොල්වින් කොච්චර ජන අප්‍රසාදයට පත්වුනාද කිව්වොත් ඒ එක්කම පැවැත්වුනු මහ මැතිවරණයෙන් ඔහු වැල්ලවත්ත- ගල්කිස්ස ආසනයෙන් පරාජය වුනා..."
    Sathasivam's was a sensational murder case in the early 1950's. I think it was in 1952. I was in Grade 2 or 3. As I realized later the prosecutors had been more determined to get the accused Mr. Sathasivam convicted rather than doing justice to the victim, Mrs. Sathasivam.
    As I see it now, Dr. Colvin R. de Silva, going over and above his professional duties, had done something marvelous in saving the life of the accused, an innocent man. As defense counsel, Dr. de Silva had gone so far as to get the services of Sir Sydney Smith, eminent Forensics expert. After trial before Mr. Justice E. F. N. Gratien, the Jury on a unanimous verdict had found the accused not guilty. At the 1952 Parliamentary Elections, however,
    Dr. de Silva was defeated (may be the womenfolk wanted to teach him a lesson). Sathasivam left the country, and later on, became the only cricketer to captain three national teams (Sri Lanka, Singapore and Malaysia).

    ReplyDelete
  6. රවී අයිය ඔය පරණ පොත් ගොඩවල් අවුස්සනවා කියල දාපු දවසෙම මට හිතුනා රස කතා ටිකක් අරන් එයි කියල. එල එල

    ReplyDelete
    Replies
    1. Pathum,

      ස්තූතියි මල්ලි...:)

      Delete
  7. Blogs ලිවිම සහ කියවීම සඳහා පසුගිය දිනවල Corona නිහැඬියාවක් තිබුණා වගෙයි. ඒ වැදගත් ප්‍රයෝජනවත් මාධ්යය නැවත පෙර තත්ත්වයට ගෙන ඒමට උත්සාහ ගනිමු. ඉහත Drakee කියනවා වගේ "අන්න එහෙමනෙ... වෙල්කම් බෑක් ටු ද බ්ලොග් යුනිවර්ස් කිව්ව..." .එහෙනම් නැවත පටන් ගනිමු. වල්පල් නොමැතිව වැදගත් අධ්‍යාපන වටිනාකමකින් යුක්ත දේවල් වලින්.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      ඇත්ත ඇත්ත...අපි එකතුවෙලා මොනව හරි කරමුකො දයා මහත්මයා...:)

      Delete
  8. බ්‍රඩ්මන් වීරකෝන් මහතා සම්බන්ධ සිද්ධියක් ගැන මා කලකට ඉහතදී Blog සටහනක් කළා. ඒක මේ Link එකෙන් කියවන්නට හැකිවෙයි.
    https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fwww.blogger.com%2Fblog%2Fpost%2Fedit%2F3462453469905521005%2F5862207116806285692%3Ffbclid%3DIwAR0_rrpp8oLWVQNVJOlW3DtT4MgAzqMj-XnvEfW6C41_CY50cFQDa4DUJ_c&h=AT2fw4UjtnaCOUU_LYTMfNtuftqoYyT5bJgRzSGvEAGWuEtwT04osdxnGGk0NQ-6V4Gt3P602REy64EKMEyw33BZIfgd5XsepzreiEoPDi5Dq4eeP-uIe_vTaTjy0dnqOA&__tn__=R]-R&c[0]=AT0tWoUIzgzB6dnMq3GVttObTR88orGKAlOw9y6YvM0GwLaPTE008re1dtezd3qZo1_ieg3W8-lV0CyD_21Abv6WWjTyuLIcVo0nj0ImMnV_RsaQwbqqNeZUQ3tnJgEmZa63OVwpvalqNnDjdCQ7

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      ඒ සබැඳියෙන් ආයම එන්නෙ මේ බ්ලොග් පෝස්ට් එකටමයි...:)

      Delete
  9. ho ho hu h u



    umage aliyata moka bana une ho ho ho ho maha lokuwata parama baawe..
    colvin paradune ekage uddachchca kama nisa

    ReplyDelete
  10. නියමයි. ඉතුරු ටිකත් ලියන්න රවී තුමා.

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      ඉතුරු ටිකක් නෑ බං ..මේකෙ මෙච්චර තමයි...:)

      Delete
  11. Wow nice to see the blog and the commenters active.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...