Friday, March 4, 2011

පිපි මල්මතින් පියමං කලෝ............1




මේ කතාව සිද්ධ උනාය කියන්නෙ දැනට අවුරුදු පහලොවකට විතර කලින්,
මම දැනට අවුරුදු හතරකට විතර කලින් නුගේගොඩ කිට්ටුව තිබුනු ඉඳිකිරීම් සමාගමක රැකියාව කලා නෙව, ඉතිං සති අන්තයෙ තමයි ගෙදර යන්නෙ, නැවතිල හිටියෙ කෝට්ටෙ පැත්තෙ කොම්පැනියෙන්ම නොමිලේ සපයපු නවාතැනක, ඇත්තටම අපේ company එකේම අධ්‍යක්ෂ කෙනෙකුගෙ ගෙදර පිටිපස්සෙ හදාපු ඇනෙක්ස් එකක් වගෙ තැනක, ගෙවල් දොරවල් දුර බැහැර කට්ටිය මෙතන තමයි නැවතිලා හිටියෙ,


මම ඔය කියන දවස්වලත් හිටියා අපි පස්දෙනෙක්, ඉතින් රෑට වැඩ ඉවර වෙලා ඇවිත් නාල කියල පොඩිවට අඩියක් කාරිය ගහල ජොලියක් දාන එක සිරිතක්, මේ වාගෙ අවස්ථාවල කොම්පැනියෙ පරණ කට්ටිය එකල අතීතයේ සිද්ධ වෙච්ච රසබර සිදුවීම් අපි වගෙ අලුතින් ආපු අයට දැන ගන්ඩත් එක්ක කියනවා,


මේත් එහෙම කියාපු කතාවක් තමයි,මේකෙ ඇත්ත නැත්ත ගැන නම් මට සහතිකයක් නිකුත් කරන්න බැහැ, මොකෝ ඔය කියන කාලෙ මම මේ කොම්පැනියෙ වැඩ කලේ නැති නිසා, හැබැයි මේ කතාව කියාපු යාලුවා දහ අතේ දිවුරුවා මේ කතාව සම්පූර්ණ ඇත්තක්ය කියාල,


අපේ සමාගම කලේ ගොඩනැගිලි ඉඳිකිරීම, විශේෂයෙන් නිවාස, ඉතින් කොළඹ අවටම තමයි බොහෝවිට අපි වැඩ කරන්නෙ, සාමාන්‍යයෙන් නිවාස හතර පහක් වගෙ හදනව එකම කාලෙ, ඉතින් මේ වැඩබිමකට එක්කෙනා ගානෙ පත් කරල ඉන්නවා අපේ සුපර්වයිසර් මහත්තුරු,


වැඩවල තත්ව පාලනය, ඒ වගේම වැඩකරන කම්කරුවන් සහ පෙදරේරුවන්ට (Masons) වැටුප් ගෙවීම සඳහා වාර්තා තබා ගැනීම, අවශ්‍ය ද්‍රව්‍ය ඇණවුම් කිරීම ඔයවගෙ කටයුතු සහ මෙතන නොකී වැඩබිම් වල අත්‍යාවශ්‍ය අනෙකුත් කටයුතු ඉටු කෙරෙන්නෙ මෙයාලා අතින් තමයි.


ඉතින් මම මේ කියන්ඩ යන කතාවට අදාල වැඩබිම තිබිල තියෙන්නෙ විශ්‍රාම පලච්ච උසස් පොලිස් නිලධාරි මහත්මයෙකුගෙ ඉඩමෙ, ඒ ඉඩමෙම තිබුණු නිවාසයක තමයි එතුමා ඒ වෙනකොට පදිංචිවෙලා ඉඳල තියෙන්නෙත්,තමන් පදිංචි නිවාසයට අමතරව එතුමාට ඕන කරල තිබුනා තවත් නිවාසයක් හදන්න, අපි කියමු දුවෙකුට දෑවැද්දට දෙන්නෙයි කියල,


අනික් කාරණේ තව ගෙයක් හදන්නෙ මොකටද කියන එක කතාවට කොහෙත්ම අදාල වෙන්නෙ නැහැ, අලුතෙන් ගෙයක් හදන්ඩ පටන් ගත්තු එකයි, ඒ ගේ හැදිල්ල අපේ සමාගමට බාරදුන්නු එකයි තමයි කතාවට අදාල වෙන්නෙ හරිද?


මේ පොලිස් නිලධාරි මහත්මය හරිම රෙගුලාසි කාරයෙක්, මිනිහා අපෙ වැඩ කරන කට්ටියට දස පණතත් තවත් ඊට අමතරව පණත් කීපයකුත් පනවලා තමයි මුලින්ම වැඩ පටන් ගන්ඩ අවසර දීල තියෙන්නෙ,


ඒ කිව්වෙ බුලත් කාල හතර වටේ කෙල ගැසීම සපුරා තහනම්, දුම් පානය කොට සිගරට් කොට වත්ත පුරා දැමීම තහනම්,අසභ්‍ය වදන් භාවිතය තහනම්, ඔය වගෙ ජෙනරල් ඉන්ජන්ක්ෂන් වලට අමතරව සුවිශේෂ ස්ථාවර නියෝග කීපෙකුත් නිකුත් කරල තිබුනා මෙතුමා,


කිසිම හේතුවක් නිසා එයාලගෙ ගෙදරින් වැඩ වලට වතුර ගැනීම තහනම්, වත්තේ මල් සහ විසිතුරු පැළෑටි වලට හානි කිරීම තහනම් මේ සුවිශේෂී නියෝග අතර වැදගත්ම නියෝග, මෙතුමා විසිතුරු පැලෑටි වලට බොහොම ලැදියාවක් දක්වපු කෙනෙක්,


ගෙමිදුල පුරාම බැලූ බැලූ අත තිබිල තියෙන්නෙ පිටරටින් පවා ගෙන්නපු බොහෝම වටිනා පැළ සහ මල් වර්ග, කොටින්ම නිකං අර නන්දන උයන වගේ තමයි මෙතුමාගෙ ගෙමිදුල,ඇසට අසු වන මානයේ නොයෙක් වර්ග වල නා නා වර්ණ මල්, නොයෙක් වර්ගවල නොයෙක් වර්ණ විසිතුරු පැලෑටි වර්ග, සුවිශේෂී උණ පඳුරු, පොකුණු, හරිත වර්ණයෙන් දිදුලන තණ තිලි, බ්ලා......බ්ලා......බ්ලා........... ඊටීසී, ඊටීසී, දන්නවනෙ විස්තරේ, වැඩිදුර කියන්න ඕන නැහැනෙ නේද?


ඉතිං අපෙ කට්ටියත් ඔය දහසකුත් එකක් අණ පනත් ඔක්කෝම පිළිපැදගෙන වැඩ කරගෙන ගියාය කියල කියමුකෝ, මෙ යටහත් පහත් භාවයටත් ඉතාම වැදගත් හේතුවක් තිබුනා මොකක්ද? මුල්ම දවසෙ මේ උ.පො.නි. මහතා මේ නියෝග ඔක්කොම නිකුත් කරල තියෙන්නෙ තුවක්කුවක් හරි පිස්තෝලයක් හරි රිවෝල්වරයක් හරි මොකක් හරි අතේ තියාගෙනයි,


ඒ ආයුදය මොකක්ද කියල හරියටම තීරණයකට එන්ඩ තවම හැකියාවක් ලැබිල නැහැ ඇත්තම කිව්වොත්, දැනට උනත් අපේ සමාගමේ කට්ටිය එකතු වෙලා පොඩි සාදයක් කාරිය පවත්වනවා නම් අනිවාර්යයෙන් ඇදිලා එන මාතෘකාවක් තමයි අරෙ උ.පො.නි. මහතාගේ ආයුදය කුමන වර්ගයට අයත් එකක්ද කියන ඉතාම මතභේදකාරී ඒ වගේම උභතෝකෝටික ගැටලුව, කොටිම්ම අවුරුදු පාළහක් ගොහිල්ලත් තවම නැහැ ඒ ගැන හරි එකඟතාවයකට ඇවිල්ල ඔන්න ඇත්තම කිව්වොත්,


ඔය පිළිබඳ වාදෙ සමහර වෙලාවට කොච්චර හැඟීම්බර වෙනවද කිව්වොත් මම සහභාගි වුනු එක සාදයකදි,( මේක මම දැක්ක නිසා මට සහතික වෙන්නම පුලුවන් අවුලක් නැතුවම) අපේ දෙන්නෙක් ගුටි ඇණ ගත්තා මේ ප්‍රශ්නෙ විසඳා ගන්ඩ කෙරිච්ච කතා බහක් දුර දිග ගිහිල්ල, ලස්සනම වැඩේ ඒ එක්කෙනෙක් අපේ කොම්පැනියට බැඳිල තියෙන්නෙත් ඔය අදාල සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියායින් පස්සෙ,

හරි ආයෙම එමු බලන්න ප්‍රධාන කථා වස්තුවට,

ඔන්න කොහොමින් කොහොමින් හරි වැඩ කෙරීගෙන යනවය කියමුකො, මේ වැඩබිම බාරව හිටපු අපේ නිලධාරි මහත්තයට මොකක් හරි හදිසි උවමනාවක් වෙලා ගෙදර යන්ඩ වෙලා තියෙනව ඔන්න දවසක, ගෙවලුත් කොළඹින් දුර බැහැර නිසා දවස් දෙකක් නිවාඩු දාලයි ගොහිල්ල තියෙන්නෙ,


ඉතින් ඒ වෙනුවට පහුවදා වැඩබිමට ගියේ ඔන්න අපේ මේ කතාවෙ කතා නායක තුමා, වීරයද දුෂ්ඨයද විහිලු කාරයද කියන එක ඔයාලම තීරණය කරන්න, මම මොකවත්ම කියන්නෙ නැහැ ඕං, නොකිව්වයි කියන්න එහෙම එපා,

දැන් ඉතින් නමක් එපාය නේද? ම්ම්ම්ම්....... නම.... දාමු .... මිගාර කියල, හරි ඒ නම හොඳයි,


මිගාර ටිකක් එක විදිහක මනුස්සයා,කලු උස මහත නිකම් මහ කලු සිංහලය වගේ තමයි ඉන්නෙ, වැඩි වයසක් නැහැ, ඒ නිසාම ටිකක් සද්ද බද්ද එහෙම දාල මිනිස්සුන්ව බය කරල වැඩ ගන්ඩ කැමතියි, ඒ ඇරුනම වෙන කිසිම වැරැද්දක් ඇත්තටම නැහැ,අහිංසකයා, ඒ වගේම හරිම හිත හොඳ කොල්ලා, යාලුවො වෙනුවෙන් පණ උනත් දෙනව කියල අර කතාවට කියන්නෙ , අන්න ඒ ජාතියෙ බුවෙක්,

ඉතිං ඔන්න මිස්ටර් මිගාර ගියා උදේම්ම වැඩ බිමට, මෙන්න යනකොට මාරවැඩේ, බාස්ලයි ගෝලයොයි සෑම සියලු දෙනාම ෆුල් ආතල් එකේ වැලි ගොඩවල් උඩ, එතනින් ගිහාම සිමෙන්ති අට්ටි උඩ, ලී ගොඩවල් උඩ ඉඳගෙන බරටම කයිය,

මිගාරට උන්න මලා අමතක උනා මේක දැක්කම, " ඒයි, මොකද යකෝ, උඹලට වෙලා තියෙන්නෙ? වට වන්දනාවෙ ගිහිං කියලද බොලා හිතාගෙන ඉන්නෙ? ඔහොම ඉඳල කවද්ද මේ වැඩේ අහවරක් කරන්න හිතාගෙන ඉන්නෙ?" කියල දැම්ම සද්දයක්,

ඔතන අපේ වැඩ කරන කට්ටියගෙ ටීම් ලීඩර් හිටියෙ සමරෙ කියල හාදයෙක්, ඒ හැටි වයසකුත් නෑ, හොඳ අවංක මනුස්සයා, ඒ වගේම ඕන වැඩකට දස්සයා,


මෙන්න මේ සමරේ ආව ඉස්සරහට මේ වෙලාවෙ, "සර් අපි මේ......., වතුර බව්සරේ එනකල් බලා ඉන්නෙ" සමරෙ කිව්වා,

හැමෝම මේ ගැන දන්නවයි කියල මම හිතනවා, ඒත් නොදන්න අයගෙ දැන ගැනීම පිණිසයි මේ, ගොඩනැඟිල්ලක් ඉඳිකිරීමේදී වතුර ඉතාම අවශ්‍ය දෙයක්, බදාම ඇනීම කොන්ක්‍රීට් ඇනීම ආදී සියලු දේට වතුර ඕනමයි,

" හුහ්, වතුර බව්සරේ එනකල්?, ඒක මාර වැඩක්නෙ, එතකොට කීයට හරි වතුර එනකල් උඹල ඔහොම වාඩි වෙලා කයිය ගහන්න තමයි හිතාගෙන ඉන්නෙ, එහෙමද? නිකමට හිතමු අද හවස් වෙනකල් වතුර ආවෙ නැහැ කියලා, එතකොට දවසම මෙතන නිකං ලගා ගහන්ඩ තමයි උඹලගෙ කල්පනාව එහෙමද? මේ, මේ, ඒ බබා උකුං මාත් එක්ක බෑ හරිද? එව්ව තියාගනිං අනික් මහත්තුරු අන්දවන්න, වහාම වැඩ පටං ගනිල්ල මම නරක මිනිහා කියන්නෙ නැතුව තේරුනාද " මිගාර පොලවෙ අඩි හැප්පුවා,



මතු සම්බන්ධයි,

16 comments:

  1. ඇත්තනෙ ඉතින්. ඉඩමෙන් වතුර ගන්න එපා කිව්වානම් මොනා කරන්නද වතුර බව්සරේ එනකල් ඉන්නවා මිසක්.

    ReplyDelete
  2. ඕං තවත් කතා සීරියස් එකක් එන්ටයි හදන්නෙ. හැබෑටම වතුර බවුසරේ එන්නෙ නැතුව කොහොමයි බදාම අනන්නෙ. මොකෝ කෙළ ගහල අන්නෙයි කියලැයි. පොලිස් උන්නැගේ සහ සුද්දෙන්ම කිව්වනෙව ගෙදර වතුර පාවිච්චිය තහනම් කියල !

    ඊලඟ කොටසෙ හොඳ සෙල්ලමක් බලාගන්න පුළුවන් වගේ...

    ReplyDelete
  3. ඉතින් එදාම වතුර බවුසර් එක ආවලුද?
    ඊළඟ කොටස එනකල් බලමු. මොකද වෙලා තියෙන්නේ කියල.

    ReplyDelete
  4. ඒ පාර මොකාටද මේ එන්ඩ එන්නෙ රවී අයිය....
    බලන්ඩකො....දැං ඉතිං ඉන්ඩ එපැයි ආයෙ පෝස්ට් එකක් දානකල් වෙච්ච දේ ගැන දැනගන්ඩ...

    ReplyDelete
  5. මං කතාන්දරේ කලබලේට කියවාගෙන ගිය හැටියට මට තේරුණේනම් මිගාර අර පොලිස් රාළහාමිගෙ නීති මාලාව ගැන දන්නෙ නැහැයි කියලා තමයි. බලමුකො මොකද වෙන්නෙ කියලා. අපූරු කතාන්දරේ. :D

    ReplyDelete
  6. අනපන්කො ඉතින් බදාම වතුර නැතුව දැන්.

    ReplyDelete
  7. කොහොමහරි කට්ටිය අර ලස්සන, අහිංසක මල් ටික පාගන්නයි යන්නේ. වැඩිය හිතන්නේ නැතුව වතුර එනකල් ඉඳලා බලමුනේ.

    ReplyDelete
  8. අදනේ මේ පැත්තට පය ගැහුවේ.. දැන් ඉතින් කියෝගෙන යන්න තම තියෙන්නේ... ඉතින් වතුර බවුසරේ ආවේ නැද්ද එදා..

    ReplyDelete
  9. පිණිබිඳු,

    කතාව නම් ඇත්ත, ඒත් ඕක අර මිගාර ගොබිලට නොතේරෙන එක නෙව වෙලා තියෙන්නෙ,

    ඔයාම කියන්නකො මිගාරට, දෙන්නෙයි ටැලිපෝං නොම්බරේ? හෙහ්, හෙහ්,

    ReplyDelete
  10. nawammawatha,

    හැබෑව,මලේ, එහෙම වෙයි මමත් හිතන්නෙ,

    ReplyDelete
  11. priyantha.ඒ.බී.

    හරි, හරි, ඉන්නකො ටිකක්,

    ReplyDelete
  12. hansakinkini,

    ඉඳපං නංගියෙ, විගැහිං දාඤ්ඤං,

    ReplyDelete
  13. සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,

    මුලින්ම නම් මිගාර දන්නෙ නැහැ ඒ ගැන, ඒත් පස්සෙ සමරෙ කිව්වනෙ, ඒත් වැඩක් උනේ නැහැනෙ,

    ස්තූතියි නංගි,

    ReplyDelete
  14. sithuwilimandiya,

    ඒකනෙ මලේ කෙළිය, හෙහ්, හෙහ්,

    ReplyDelete
  15. Podi Kumarihami,

    ඔයා කොහොමෙයි ඒක දන්නෙ ? හැබෑට පොලිස් ලොක්කත් වලව්වකද මන්දා,

    ReplyDelete
  16. හසී,

    ගරුතර මැතිණියනි, අප ඔබ සාදරයෙන්........ආදරයෙන් පිළිගනිමු,

    මොකෝ ඔහෑටි හදිස්සි, වාඩි ගන්නකො හත් අට පොලකින්, නිවාඩු පාඩුව කියන්නම්කො,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...