කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ........1
කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ........2
" ඔයා ලස්සනට කවි කියනව නේද?, ඔයාමද කවි හදන්නෙත්? "
" ඔව් මම ම තමයි " මම ඇහෙන නෑහෙන හඬින් කිව්වා,
" මම ගැනත් කවියක් හදල කියනවද? " ආයෙත් අර විදිලිය කෙටුවා මම යාන්තමට දැක්කා,
මම කතාවක් බහක් නැතුව ගින්දර දලු පොල්ලෙල්ල වටකොරාන මතුවෙනව බලාන හිටියා,
" බැරිද එහෙනං ? " ඒ පාර නං සුවරෙ ටිකක් තදයි
මං කතාකලේ නැහැ, මොනවා කියන්ඩද කියන එකත් මට හිතා ගන්ඩ බැරිවෙලා තිබුනෙ ඒ වෙලාවෙ,
" බැරිනං නිකා ඉන්ඩ, මහ ආඩම්බර කාරයෙක්නෙ, ආයෙ මා එක්ක කතා කරන්ඩවත් එපා " අර අපූරු සුවඳත් අරගෙන චුට්ටි මැණිකෙ මං ලඟින් නැඟිටල ගියා යන්ඩ,
" යන්ඩ එපා, කවියක් ඕනෙ නම් මම කියඤ්ඤං" මට ඒ ටික කියන්ඩ හොඳටම ඕන කම තිබ්බට වචන පිට උනේ නැහැ, හිතේ තියෙනදේ කියා ගන්ඩ බැරුව මම එහෙමම ගොලු වෙලා හිටියා,
කමලාවතී අක්ක තේ කෝප්පෙ හදාල ළඟට ඇවිදිල්ල අතට දෙනකනුත් මම දන්නෙ නැහැ කිව්වම, " මොකෝ ජයසේන, බයවෙලා වාගෙ?" කමලාවතී අක්ක ඇහැව්වා,
මම කමලාවතී අක්කයෙ මූණ බලල හිනාවෙල හිට, බිම බලාගෙන තේ කෝප්පෙ බිව්ව,
ටික වෙලාවක් එහෙම්මම කුස්සියෙම ඉඳල මම වලව්වෙන් එලියට බැස්සා, මිදුලෙ සේපාලිකා ගහ යට බංකුවෙ ඉඳගෙන චූටි මැණිකෙ පොතක් බලනව මම දැක්කා,මා දිහා ඔලුව උස්සල බලල ආයෙත් ඒ එක්කම පොතට ඔලුව නවා ගත්තා,
මම ගේට්ටුව අරින්ඩ අගුලට අත තියන කොටම " තියෙන ආඩම්බරේ, අපි කවියක් කියන්ඩ කිව්වම තමයි බැරි, ආයෙ මෙහෙ නාවට කමක් නැහැ" චුට්ටි මැණිකෙ තමන්ටම හිමිහිට කියාගන්නව මට ඇහුනා, මම එහෙම්මම අගුලට අත තියාගෙන ටිකක් වෙලා හිටියා, ඊට පස්සෙ ගේට්ටුව ඇරල ආයෙත් ඒ පැත්ත නොබලාම බිම බලාගෙන හෙමිහිට ගෙදර ආව,
දැන් ඔන්න මේ වැඩේ වෙලා සතියකට කිට්ටු වෙනව, මම එදයින් පස්සෙ වලව්ව අහ ගියේම නැහැ, කමලාවතී අක්ක පහුනු දවසක පොලේදි හම්බ උනාම ඇහුවනෙ " මොකෝ ළමයො ඒ පලාතෙ දැන් නේන්නෙ? " කියාල,
මම ඉතිං මොනව කියන්නද, මම බිම බලාන හිනාඋනා, " ඔන්න චූටි මැණිකෙත් ඇහුව ඔය ළමය ගැන " කමලාවතී අක්ක එහෙම කියාගෙන එළවලු මල්ලත් උස්සගෙන ගියා, ඒ කියැව්වෙ ඇත්තටමද නැත්නම් කටට ආවට කියාපු එකක්ද හිතාගන්ඩ බැරුව මම කමලාවතී අක්ක පිටුපාල යන දිහා ඇහිපිය නොහෙලා බලාන හිටියා,
මම පිලේ ඉඳං හඳ බැහැල ඈත කඳු වල්ලලට මුවා වෙනකල්ම ඔව්ව මෙව්ව හිත හිත හිටියා, වවුලො ජම්බු ගහේ පොරකන සද්දෙට තමයි මම ආයෙ මේ ලෝකෙට ආවෙ, හෙට වලව්ව පැත්තෙ යන්න ඕනෙ, මට බැන්නත් කාරියක් නැහැ, බනින එකක් නැහැ, මම එහෙම එක හිත් හිතාන පිලෙං නැඟිට්ටා,
ඊයෙ රෑ එහෙම එක හිතිං හිතාන හිටියට උදේ නැඟිටිනකොට මයෙ හිත නිකම් දෙගිඩි දහරු වෙලා තිබුනෙ, යනවද නැද්ද කියල හිතාගන්ඩ බැරුව මම එහෙට මෙහෙට වෙවී හිටිය ඉර මුදුනක් වෙන්ඩ කිට්ටු වෙනකල්ම වගේ,
අන්තිමට මයෙ දෙපත් හිත මටම එපා වෙලා ඕන්න වෙන දෙයක් වෙද්දාවෙ කියල වලව්ව අහ ගියා,
ගේට්ටුව ගාවට කිට්ටුවෙන කොටම මයෙ දෑස් දිව්වෙ සේපාලිකා ගහ යට බංකුවට, වැඩක් උනේ නැහැ, එතන වස පාලුයි,
මම හෙමිහිට ගේට්ටුව ඇරගෙන කුස්සිය පැත්තටම ගියා, ඇස් වටේම දිව්වට වැඩක් උනේ නැහැ, හොයාපු දේ හම්බ උනේ නැහැ,
කමලාවතී අක්ක වෙනද වගේම ගිනි දලු එක්ක ඔට්ටු වෙවී හිටියා, මම පුරුදු බංකුවෙ ඈඳිගෙන පොලවෙ ඉර එළිය එහාට මෙහාට දඟලනව මහ අමුතු දෙයක් දැක්කහෙ විපරමෙන් බලා හිටියා,
"ආ, ජයසේන ළමයො කොයි වෙලාවෙද ආවෙ? මම දැක්කෙම නැහැ"කමලාවතී අක්ක කිව්වම මම හෙමිහිට හිනාවෙලා ඒ පැත්තට හැරුනා
"මොකෝ පහුගිය ටිකේ මේ පැත්ත පලාතෙ නාවෙ? චූටි මැණිකෙ යන්ඩ කලිං දෙ තුං වතාවක් ඇහුවා”
"යංඩ කලින්?" මම එහෙම ඇහුවෙ නැති උනාට එක පාරට කමලාවතී අක්ක දිහාවෙ බලපු බැල්මෙ ඒ ප්රිශ්නෙ ලියවිලා තිබුනු බව එයාටත් තේරුනා
"චුට්ටි මැණිකෙ ඊයෙ යන්ඩ ගියානෙ ආපහු"
මම ආයෙත් කමලාවතී අක්කයෙ මූණ දිහාවෙ බලං හිටියා,
"ආයෙ එන දවසක් කියන්ඩ බැහැ, දන්නෙ නැද්ද ඒ ළමයගෙ වැඩ,හිතුනු හිතුනු දේ නෙව කරන්නෙ"
මටම හිතාගන්න බැරි මහ මොකක්දෝ පාලු හිස් හැඟීමකින් හිත පිරිල උතුරල යද්දි මම කමලාවතී අක්ක දුන්නු තේ කෝප්පෙ තොල ගෑවා,
"ජයසේන ළමය ආ වෙලාවක,මෙන්න මේක දෙන්න කියල චූටි මැණිකෙ දීල ගියා " දුඹුරු පාට කරදහියක ඔතපු පාර්සලයක් මයෙ අතට දෙන ගමන් කමලාවතී අක්ක කිව්වා,
හීනෙන් ඇවිදින්නැහෙ මම ඒකත් අරගෙන කුස්සියෙන් පිට වෙලා, මිදුලෙ සේපාලිකා ගහ යට බංකුවෙ වාඩි උනා,
ඒක ඇරල නොබල මම ටික වෙලාවක් ඒ දිහා බලා හිටියා, හුළඟේ පාවෙලා ආව සේපාලිකා මලක් ඒක උඩට වැටිල ආයෙම බිමට වැටුනා,
අන්තිමට මම පාර්සලේ ලිහල බැලුව, ඒකෙ තිබ්බෙ කොළරා කාලේ ආලේ පොතේ මුල් ඉංග්රීඒසි පොත,
අර එදා මයෙ නාස් පුඩු වලින් රිංගලා පපුව පුරාම පිරිච්ච සුවඳ පොතෙනුත් හැමුවද නැත්නම් ඒ මගෙ හිතේ හෝදිසියට ආපු සුවඳක්ද අනේ මංදා එහෙම දෙයක් මයෙ නහයටද හිතටද කොහෙද දැනුනා,
මම හෙමිහිට පොතේ පිටු එකින් එක පෙරලුවා, දෙවෙනි පිටුවට පස්සෙ තියෙන හිස් පිටුවෙ මයෙ ඇස් එහෙම්මම නතර උනා,
ජයේ,
ෆ්ලොරෙන්ටීනෝ ට එපමණ ඔබ කැමැත්තේ ඇයිදැයි තේරුම් ගැනීම්ට මම උත්සාහ කලෙමි,
ඒ කෙසේ වුවද ෆර්මිනා ෆ්ලොරෙන්ටීනෝ ගේ ආදරයට පිටු පෑවේ ඇයිද යන්න නම් තේරුම් ගතිමි යයි සිතමි,
සියල්ල සිදුවනුයේ වියයුතු හොඳම අයුරු නොව සිදුවිය යුතු යයි නියමවී ඇති ආකාරයට බව මම තරයේ විශ්වාස කරමි,
- චූටි මැණිකේ
සේපාලිකා මල් සුලඟේ පාවී චූටි මැණිකේ ලියූ අකුරු මතට සෙමින් පතිත වනු මම හිස් බැල්මෙන් බලා සිටියෙමි.
සුළඟ කොඳුරන හඬ කියන්නේ හදේ තෙරපෙන දුකද නොදනිමි,
විසිරි සේපාලිකා මල් පෙති හිරු රැසින් මැලවෙනු බලා ඉමි,
මසිත නැඟි සෙනෙහස කියන්නට පමා වූයේ ඇයි ද ළතවෙමි,
මගේ ඉරණම මියෙනතෙක් ඔබෙ නමින් දුක්වෙන්නට ද නොදනිමි,
අනේ මොකක්ද මේ කරපු අපරාදේ? අහිංසක ජයේ. චූට්ටි මැනිකෙත් පව්. හැබැයි හිතට තියන එකම සැනසීම තමා කවද හරි ඒ දෙන්නට එකතු වෙන්න ලැබෙයිද කියන හැඟීම. අවසානය නම් හරිම දුකයි. හැම ආදර කතාවකම අවසානය මෙහෙම වෙන්න ඕන නැනේද?
ReplyDeleteමම මේ තාම කඳුලු පිහිනවා. සේපාලිකා ගහක් නෑ. ඒත් රෑ කලුවර දිහා නිදන කාමරේ කවුලුව අස්සෙන් බලාගන කල්පනා කරනවා. කවි ඉල්ලන චූට්ටි මැනිකෙලාට කවි ලියලා දෙන්න ජයසේනලා මින් පාඩම් ඉගෙන ගනීවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ...
අනේ කතාව ඉවරද?
ReplyDeleteෂා. හරිම ලස්සනයි, ඒ වගේම අතාන්විකයි.ඒත් නිර්මාණයක් විදිහට රස විඳින්න ඒකෙ අවුලක් නෑ.
ReplyDeleteබනින්න එපා මෙහෙම කියනවට, ඒත් මේ ආදර කතාවෙ සුන්දරත්වය තියෙන්නෙ ඒක ඔය දිහටම පවතිනතාක් කල් පමණයි. දෙන්නා එක් වුනොත්, බඩුම තමා. කතාව ඉවර කරන්න එපා, දිගටම ලියන්න.
දන්නව නං මේක ලියපු කවියා ගැන කියන්න. මතක් වුනේ ඔයාගෙ කතාවයි, පොඩ්ඩිගෙ කොමෙන්ට් එකයි දැකල.
පුන් සඳ ඇවිත් බැබලෙන කල අඹර මත
දිලිහෙයි මඳින් මඳ රන් තරු කනක කැට
වවුලෝ පියාඹති දොර අඹ වනයෙ සිට
සඳ රැස් වැටේ කවුලුවකින් නිඳන ගෙට
@ siribiris,
ReplyDeleteඅපොයි මම නම් දන්නේ නෑ. මම කොහොමත් කවිකාරියෙක් නෙමේනේ. ලීවේ ඔයා නෙමේ නේද? සමහර විට රවිද දන්නේ නෑ.
ඉලව්වේ දැං ඉතිං සේරම වැඩ පැත්තක තියල හොයාපල්ලකො කොළරාකාලේ ආලේ. හෙට පෝය කඩවලුත් වහල.
ReplyDeleteපොඩි අවුලක් දැනුන හන්ද අහන්නෙ, ජයසෙන ගැන පලවෙනි කොටසෙ තිබුන විස්තරයයි කොළරාකාලේ ආලේ පොතයි එක්ක පොඩි නොපෑහීමක් තියෙනව නේද. සමහර විට ඒ මට දැනිච්ච විදියද දන්නෙ නෑ.
එල කතාව. මේක මෙතනම නතර උන එක හොඳා. . . . . .
ReplyDeleteතව දුර ගියොත් මේකෙ රස අඩු වෙයි කියල මම හිතන්නේ.
Podi Kumarihami,
ReplyDelete/ හැබැයි හිතට තියන එකම සැනසීම තමා කවද හරි ඒ දෙන්නට එකතු වෙන්න ලැබෙයිද කියන හැඟීම./
එව්ව කියන්න බැහැනෙව, අනාගතයෙ මොනව වෙයිද කියල ජයේවත් චුට්ටි මැණිකෙවත් දෙන්නම දන්නෙ නැහැ,
බොහොම ස්තූතියි, පොඩි කුමාරිහාමි,
තාරක Dilsh@n,
ReplyDeleteඑහෙම තමයි දැනට හිතාගෙන ඉන්නෙ,
Siribiris,
ReplyDelete/ ඒ වගේම අතාන්විකයි /
කොතනද මලේ අතාත්විකයි කියල බොට හිතෙන්නෙ?
/ ඒත් මේ ආදර කතාවෙ සුන්දරත්වය තියෙන්නෙ ඒක ඔය දිහටම පවතිනතාක් කල් පමණයි. දෙන්නා එක් වුනොත්, බඩුම තමා. කතාව ඉවර කරන්න එපා, දිගටම ලියන්න./
ඒ කියන්නෙ ආදර කතාවක සුන්දරත්වය දෙන්න එක්වුනොත් අනිවාර්යයෙන්ම නැතිවෙනවා? Are you positive?
අර කවිය ලිව්වෙ මීමන ද?
nawammawatha,
ReplyDelete/ ජයසෙන ගැන පලවෙනි කොටසෙ තිබුන විස්තරයයි කොළරාකාලේ ආලේ පොතයි එක්ක පොඩි නොපෑහීමක් තියෙනව නේද./
නවම්ට ගැටලුවක් වෙන්න ඇත්තෙ ජයසේන සාමාන්‍ය ගැමි තරුණයෙක් වෙලා කොළරා කාලේ ආලේ වගෙ කතාවක් තේරුම් ගත්තෙ කොහොමද කියල වෙන්නැති නේද?
ජයසේන ඒ කතාව හරියට තේරුම් ගත්තය කියල මම කියන්නෙ නැහැ, මිනිහට ඒකෙ අර අවුරුදු 50 බලන් ඉන්න කොටසට හිත ඇදිල ගියා එච්චරයි,
කොළරා කාලේ ආලේ කතාව මම මෙතනට යොදා ගත්තෙ මේ කතාවෙයි ඒ නව කථාවෙයි යම් සමානකමක් තියෙනවයි කියල මට හිතුනු නිසා,
බූරු පුතා,
ReplyDeleteඅන්න හරි, මටත් ඔහොමම හිතුනා, ස්තූතියි,
ඕකනෙ කියන්නෙ,පොඩ්ඩ ඇත්නං උඹ මට තඩිබාන්න ලෑස්ති වෙනව නෙව. අතාත්විකවීම නරක දෙයක් නෙවෙයි. ඔක්කොම කතා, දේවල් තාත්වික විතරක් උනොත් බඩුම තමා, මෙලෝ රහක් නැති වේවි.
ReplyDeleteඋඹ මත පතබාන්නෙ නෑ කියල දිවුරනව නං විතරක් කියඤ්ඤං. හා කියාපං බලන්න ඔහොම ගමේ ගොයිරාල කෙනෙකුට පෙං බැන්ඳ එක වලව්කාරියෙක්ගෙ නමක්?
"හා කියාපං බලන්න ඔහොම ගමේ ගොයිරාල කෙනෙකුට පෙං බැන්ඳ එක වලව්කාරියෙක්ගෙ නමක්"
ReplyDeleteඇයි පොඩි කුමාරිහාමි?
Siribiris,
ReplyDeleteඅනේ, මලේ මොන තඩිබෑමක්දෑ, මම බොහොම සුහදව නෙව ඇහුවෙ?, අනික ලියන එව්වයෙ අඩුපාඩු පෙනෙන්නෙ කියවන උඹලට නෙව,පෙරහැරේ නටන නැට්ටුවට නැටිල්ලෙ අඩුපාඩු පෙනෙන්නෙ නෑ කියල අහල ඇති නෙව,
උඹේ ප්‍රශ්නෙට පොඩ්ඩි උත්තරයක් දීල තියෙනව මට කලින්,
මට කියන්ඩ තියෙන ටිකත් මම එකතු කරඤ්ඤං, අප්පොච්චියේ අනන්ත උදාහරණ තියෙනව කොල්ලෝ,මගේ පෞද්ගලික අත්දැකීමක්ම තියෙනවා, මයෙ හිතේ තියනව ඒ කතාවත් ලියන්ඩ,
//ඇයි පොඩි කුමාරිහාමි?//
ReplyDeleteඔය කිව්වෙ. පටලෝගෙන, අත්තම්මගෙ වූල් නූල් බෝලෙ පටලෝගත්ත පූසා වගේ පටලෝගෙන. බොලේ ලමාතැනී, කඩේ යවනව කියන්නෙ "පෙං කොරනව" කියන එකේ සමාන වචනයක් නෙමෙයි.
//මගේ පෞද්ගලික අත්දැකීමක්ම තියෙනවා, මයෙ හිතේ තියනව ඒ කතාවත් ලියන්ඩ// අනේ ලියපං බොලේ. ඒකත් මේවගේම අපූරු කතාවක් වේවි.
කතාව අවසාන උනාම තමයි ඔන්න මම ආවේ ඒකත් හොඳයි මට කතාව මුලක ඉඳලකම කියවන්න ලැබුනා ..
ReplyDeleteහරිම ලස්සන කතාව . පොඩ්ඩක්වත් මේ කතාවේ කෘතිම ගතියක් පේන්නේ නෑ . හරිම සාමාන්‍යයි . මේක කියෙවුවම අමුතු තනිකමකුත් දැනෙන්නගත්තා
සඳරු මලේ,
ReplyDeleteස්තූතියි කොල්ලො,බොහොමත්ම ස්තූතියි,තනිකම පාලුව ඉතින් අපිට අමුතු දේවල් නෙවෙයිනෙ, නැද්ද?
ඈයි මෙහෙම කලේ ..දිගටම ලියන්න තිබුනානේද..?
ReplyDeleteසුළඟ කොඳුරන හඬ කියන්නේ මුවින් නොකියූ වදන් වෙන්නැති
ReplyDeleteවිසිරි සේපාලිකා මල් පෙති පාළු ගස මුල බලා ඉන්නැති
සිතේ නැගි සෙනෙහස කියන්නට යළිත් දවසක් උදා වෙනු ඇති
එවරනම් ගොළු නොවී සෙනෙහස සදාකල් රැකගන්නවා ඇති
මටනම් මේ කතාව මෙතනින් ඉවර නෑ... රවි අයියා කතාව ඉවර කරපු නිසා මම ඒ ඉතුරු ටික කියන්න යන්නෙ නෑ, ඔය කවියෙන් කියපු තරම මදැයි... අපේ හෘද සාක්ෂියට එකඟව තියාගන්න විශ්වාසය ගොඩාක් බලවත් කියන එක මගේ විශ්වාසය... ජයසේනටත් ඒ තියරි එක හරි යයි සමහර විට... :)
ඉලංදාරියා,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි, මලේ,
බලමුකො තව ලියන්න බැරි කමකුත් නෑ තමයි ඉතිං,
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ReplyDeleteනංගි, ඔයාගෙ කතාව ලියන්නකො, කිසිම ප්‍රශ්නයක් නැහැ, ඕනම කතාවක අවසානය එකිනෙකට වෙනස් versions දෙක තුනක් තියෙනකොට වඩාම ලස්සනයිනෙ,
ඕං අයියා කියපු හන්දම චුට්ටි මැණිකේ දේස දීපංකරේට වෙලා හිතන හැටියි ජයසේන මෙහෙට වෙලා හිතන හැටියි ගැන මට හිතිච්ච දේවල් ලියැව්වා. අනේ ඔයිට වඩානං ලියාගන්ට ඉස්පාසුවක් නැතුවා. ඊටත් වඩා මට හිතෙන අනාගත කතාවේ ඉන්න චුට්ටි මැණිකේ අයියා ලියාපු කතන්දරේ ඉන්න චුට්ටි මැණිකේට වඩා වෙනස් කියලා මට හිතෙනවා. ඒ කතන්දරේට 'කොළරා කාලේ ආලේ' පොතත් තේමා වෙලා තියෙනවනේ, ඒක වෙන්නැති. මං ඒ පොත තවම කියවලා නැති හන්දා ඒ පැත්තෙන් හිතලා කතන්දරේ ලියන්ට අමාරුයි. මගෙ හිත යන්නෙම අර මං කලිනුත් කියැව්ව අර මගෙ ආසම ආදර කතා පොතේ තේමාවට.
ReplyDeleteචුට්ටි මැණිකේ:
ගෙවී ගිය මුත් වසර ගණනින් මිහිරි මතකය සුරැකිලා ඇති
පාළු සේපාලිකා ගස මුල මතක මල් පෙති විසිරිලා ඇති
ඒ සොඳුරු කවිකාර හිත් ඇති මගේ මිතුරා කොහිද දන් නැති
එන්ට කළියෙන් දෙතුන් වදනක් හෝ කියන්නට හමු වුනේ නැති
ජයසේන:
චුට්ටි මැණිකේ කොයිබදෝ අද මතකයේ මා ඇත්ද නොදනිමි
යළිත් කවදා මේ ඉසව්වේ වඩිනු ඇත්දැයි තවම නොදනිමි
නමුත් මා සිත වෙනත් මලකට සිත් බඳින්නට ඉඩක් නොලදිමි
දුකක් නැති මුත් දැනෙන පාළුව මකාගන්නේ කෙලෙස නොදනිමි
සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
ReplyDeleteබොහොමත්ම ස්තූතියි, නංගි, ලස්සන කවි, ඇත්තටම අගෙයි,
මම හිතුවෙ නම් මෙහෙමයි, චුට්ටි මැණිකෙටම බයක් හිතුනා මේ සෙනෙහසේ අවසානය මොකක් වෙයිද කියල, ඒ නිසා එයා කරපු, දේ ඈත්ම වෙලා යන්නම ගියා,එයාට හිතුනා දෙන්න වෙනුවෙන්ම කලයුතු සුදුසුම දේ ඒකයි කියලා, අර කොලරා කාලේ ආලේ පොතේ තියෙන්නෙත් ඒ වගේම සිද්ධියක්, ඒකයි මම අර දුන්නු පොතේ චුට්ටි මැණිකෙ ලියපු දෙයින් අදහස් කලේ,
ජයසේන මේ මොකුත් දන්නෙ නැහැනෙ, එයා හිතාන ඉන්නෙ චුට්ටි මැණිකෙ එයා එක්ක තරහ වෙලා ගියාය කියල,
මෙන්න මට හිතෙන විදිහට දෙන්නා දෙපැත්තට වෙලා ඉඳගෙන හිතන විදිහ-
චුට්ටි මැණිකේ දේස දීපංකරේ සිට-
සෙනෙහෙ ගඟුලක් උපන් හද තුල,
සිඳීයන ලෙස පවුරු බැන්දෙමි,
ඉවුරු බිඳ ගැලුවොත් සෙනේහය,
ඔබද මා හා ගිලෙති සිතුවෙමි,
නෙතින් ගලනා කඳුලු පිසලමි,
ඉරණමය මේ අපේ සැනසෙමි,
ඔබේ නෙතු ලඟ නතර වූ සිත,
සදාකල්හිම මගේ ලඟ ඇති,
ජයසේන පිලේ වැතිරී පායා එන සඳ දෙස බලා හිඳිමින්-
කතාකරනා ඔබේ නෙතු ලඟ,
දෙතොල ගොලුවුනි ඇයිද නොදනිමි,
මහද පිරි සෙනෙහසේ අරුමය,
ඔබට වැටහුනිදැයිද නොදනිමි,
ඔබෙ සුවඳ හමනා සුලං රැල්,
පවා ගෙන එයි එයම මට ඇති,
හදේ පිරි සෙනෙහස තුරුලු කොට,
මියෙනතෙක් ඔබෙ නමින් දුක්වෙමි,
මේකත් සඳට ආදරේ කරපු පොළවෙ හිටිය කෙනෙක් ගැන නේද ?
ReplyDeleteවළාකුළු පෙළින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න
චන්ද්‍ර කුමරියේ කාටද
නුඹගෙ ආදරේ
මට ද ආදරේ
අසාවී මෙසේ තුන්යම
දිලී තරුකා මල්දම
කියා නෑ තාම හිත රැඳි
සුසුදු ආදරේ
දේවතාවියක් විලසින
පාන හස කැළුම් නුබ ගැබ
පතා ඉන්නෙමි සඳ වත
නුඹගෙ ආදරේ
නුඹට ආදරේ
අහස් ගං කුසින් බැසගෙන
මිහිමතට එම්ද කෙලෙසින
රැඳී ඉන්නෙමි සැමදින
අහස් ගං කුසේ
දෙව් ලියක් ලෙසේ
දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ
තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැමදින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ
මටද ආදරේ
නුඹට ආදරේ
ගායනය - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සහ රශ්මි සංගීතා
පද පෙළ - වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය - නවරත්න ගමගේ
This comment has been removed by a blog administrator.
ReplyDeleteTalking To The Moon Lyrics
ReplyDeleteI know you're somewhere out there
Somewhere far away
I want you back
I want you back
My neighbors think
I'm crazy
But they don't understand
You're all I have
You're all I have
At night when the stars
light up my room
I sit by myself
Talking to the Moon
Try to get to You
In hopes you're on
the other side
Talking to me too
Or am I a fool
who sits alone
Talking to the moon
I'm feeling like I'm famous
The talk of the town
They say
I've gone mad
Yeah
I've gone mad
But they don't know
what I know
Cause when the
sun goes down
someone's talking back
Yeah
They're talking back
Do you ever hear me calling?
Cause every night
I'm talking to the moon
Still trying to get to you
In hopes you're on
the other side
Talking to me too
Or am I a fool
who sits alone
Talking to the moon
I know you're somewhere out there
Somewhere far away
වත් නංගි,
ReplyDeleteසිංදු දෙකම ලස්සනයි වගේම අගේට කතාවට ගැලපෙනවා,
දේවදාර තුරු පාමුල
තාම මම ඉඳිමි තනිවම
දිනා ගන්නෙ දෝ කෙලෙසින
නුඹගෙ ආදරේ
නැතිද ආදරේ
තාරුකා වනේ සරමින
නුඹ නමින් දිලෙමි සැමදින
සදා හිනැහෙමි ඉඳගෙන
අහස් ගං කුසේ
නුඹට ආදරේ
මුලු කතාවම මේ ටිකේ තියනව නංගි ඇත්තමයි, බොහොමත්ම ස්තූතියි,