කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1 මෙතැනින් බලන්න.
" අනේ මම දන්නෙ නැහැ, උඹට හොඳයි කියල හිතෙන දෙයක් කරහං" අම්මා නැඟිටල බත බෙදාපු මඩක්කුවත් ඇන්න ගෙට ගියා,මම එහෙම්මම පිලේ දිගෑදිලා හඳ එලිය පිලට එනකල්ම කල්පනාවෙ ගිලිල හිටියා,
ඔය කතාව සිද්ද උනේ සුමානෙකට විතර උඩදි,
මෙදා පාර චුට්ටි මැණිකෙ ගමට ආවෙ සෑහෙන කාලෙකිං, මෙයිට කලියෙන් උනත් මම නිතරෝම නොයෙක් වැඩ පල වලට වලව්වෙ ගැවසෙන නිසා චුට්ටි මැණිකෙ මා ගැනත් මම චුට්ටි මැණිකෙ ගැනත් දැනගෙන හිටියා,
ඒත් ඒ දැනඇඳුනුංකම සීමා උනා, එයාට කරගන්ඩ ඕන දෙයක් ගැන මට කියන එකට,
"ජයසේන, තැපැල් කන්තෝරුවෙ මට පාර්සලයක් ඇති, ඒක අරන් එනවද? "
ආ, මට කියන්ඩ බැරි උනානෙ මයෙ නම ජයසේන, යාලුවො ඔක්කොම කිව්වෙ ජයේ කියල,
"ජයසේන මට මේ පොත් ටික මෙතන රාක්කෙ අහුරන්ඩ උදව් වෙනවද?"
ඔන්න ඔය වාගෙ, මම ඉතිං ඒ කියන දේ කලා, එච්චරයි,
චුට්ටි මැණිකෙ වැඩිපුර කියවන්නෙ ඉංග්‍රීසි පොත්, ඒ සමහරක සිංහල පරිවර්තන මම කියවල තියෙනවනම් අපි ඒ පොත් වල තියෙන චරිත, සිද්ධීන් ගැන සාකච්ඡා කලා, විවේචනය කලා,
මේ පාර හැබැයි මම චුට්ටි මැණිකෙගෙ වෙනසක් දැක්ක, ඒ කිව්වෙ මට ඒක හරියටම කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මට කතාකලේ ජයසේන කියල නෙවෙයි ජයා කියල,මයෙ ඇස් දිහාව බලාන කතා කරන කොට එයාගෙ ඇස් දෙකෙත් මහ අමුත්තක් මම දුටුව, මට ඒක මෙහෙමයි කියන්ඩ නම් තේරෙන්නෙ නැහැ, ඒත් මොකක්දෝ මට නොතේරෙන මහ අමුතු දෙයක්,
රෑ වැහි ගැබ්බර වෙලා තියෙන ආකාහෙ හීන්වට විදිලි කෙටිල්ලක් එහෙම දැකල ඇතිනෙ, චූටි මැණිකෙගෙ ඇස් නිකම් අන්න ඒ වගේය කියලමයි මට හිතුනෙ, අරම විදිලි කොටන කොට අපි බලා ඉන්ඩ බැරුව ගිනිකණ වැටෙන්ඩ කලියෙන් ඇස් පියාගන්නව වගෙ චූටි මැණිකෙගෙ ඇස් දෙක දිහාවෙ එක එල්ලෙ බලා ඉන්ඩ බයේ ඒ වගෙ වෙලාවට මම අහක බලා ගත්තා,
සති දෙහෙකට විතර කලින් මම ප්‍රාදේශීය සබා පුස්තකාලෙන් ගත්ත මාකේස් ගෙ "කොළරා කාලේ ආලේ" පොත, මේ දවස් වල මගේ හිතේ වැඩ කලේම ඒකෙ චරිත,ෆර්මිනා දාසා සහ ෆ්ලොරෙන්ටීනෝ අරීසා,ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් තමන්ට පිටුපාල වෙන කසාදයක් කර ගත්තු,තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් බලා හිටපු හැටි පොතේ කියවෙන සිද්ධිය මට අදහාගන්නත් බැරි තරමට චමත්කාරයක් ගෙනාවා,
පුදුම වැඩේ කියන්නෙ චූටි මැණිකෙත් මේ ලඟදි ඒකෙ ඉංග්‍රීසි පොත කියවල තිබුනා, ඉතිං අපි සෑහෙන වෙලාවක් ඔය ගැන වාද කල, එයාගෙ මතය උනේ ෆ්ලොරෙන්ටීනෝ අවුරුදු පණහක් බලා හිටිය එක මහ මෝඩ වැඩක්ය, එහෙම දේවල් සැබෑලෝකෙ වෙන්නෙ නැතිය කියන එක,මම කිව්වෙ ඒ වගෙ සිදුවීමක් ඇත්තටම වෙන්ඩ පුලුවන්ද බැරිද කියන එක නෙවෙයි වැදගත් එහෙම කරනවනම් ඒ ආදරය වෙනුවෙන්ම කරන කැපකිරීමක්, ඒකෙන් සැබෑ ආදරයේ චමත්කාරය පෙන්නුම් කරනවය කියල,
මේ ගැන වාද කරන අතරෙ මම චූටි මැණිකෙගෙ ඇස්වල විදිලි කෙටිල්ල හොඳටම දැක්කා, ඒත් ඒ එක්කම ඇතිවුනු නුහුරු අමුතුම හැඟීමකුයි මොකක්දෝ බයක් වගෙ ගතියකුයි නිසා මම කොයිම වෙලාවක වත් ඒ විදිලි කෙටිල්ලට කෙලින් මුහුණ දෙන්න නොදී මග අරින්නමයි උත්සාහ කලේ,
මේ වාද වලදි මගේ කරුණු ඔප්පු කරන්න මම පොතේ ඡේද ගනන් කියෙව්වා චූටි මැණිකෙට ඇහෙන්ඩ, සමහර වෙලාවට මම සෑහෙන වෙලාවක් පොතෙන් කොටසක් චූටි මැණිකෙට ඇහෙන්ඩ කියවල "ඉතින් මෙන්න මේකෙන් ඔප්පු වෙනව නේද මම කියන කරුණු?" කියල ඔලුව උස්සල අහනකොට චූටි මැණිකෙ මගෙ මූණ දිහාම එක එල්ලේ බලා ඉඳල එක පාරට නින්දෙන් ඇහැරල වගෙ "මොකක්ද ජයේ කිව්වෙ ?" කියල අහල ඇස් නටවල හිනා වෙනවා,
" අහගෙන හිටියෙ නැද්ද? මම ආයෙත් කියන්ඩද?" මම ඇහුවම "එපා, එපා, ෆ්ලොරෙන්ටීනෝ ල අදට ඇති, යමු ටිකක් මිදුලට" චුට්ටි මැණිකෙ මාවත් ඇදගෙන යනවා මිදුලෙ සේපාලිකා ගහ යට තිබුනු බංකුවට,
"ජයේට ඕන විදිහකට ඔයා හිතාගන්න, හැබැයි ෆ්ලොරෙන්ටීනෝ කියන්නෙ මෝඩයෙක්, මගේ අදහස ඒකයි, ඔයත් කැමතිද ෆ්ලොරෙන්ටීනෝ කෙනෙක් වෙන්න?" මගෙ දෑසට එබීගෙනයි චුට්ටි මැණිකෙ අන්තිම ප්‍රශ්නෙ ඇහුවෙ,
මම මොකවත්ම නොකියා පොත වහල දාල, බිම වැටිල තිබ්බ සේපාලිකා මල් හෙමිහිට එහෙ මෙහෙ හුලඟට පැද්දෙනව බලාගෙන හිනාඋනා,
"පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ මෙයාගෙන් වචනයක් ගන්න, හරි ඒක දැන් ඇති, මට ආරංචියක් ආව ලස්සනට කවි ලියනව කියල, ඇත්තද? "ඒ පාර තව එකක්,
හොඳ වෙලාවට ඒ වෙලාවෙ චූටි මැණිකෙගෙ යාලුවෙක් ආව නිසා, අපේ කතාව එහෙම්මම නැවතුනා,
ඊට පහුවදා තමයි ඔන්න මේ වැඩේ සිද්ධ උනේ,
මම යනකොට වලව්වට චූටි මැණිකෙ එලි පෙහෙලියෙ පේන්ඩ හිටියෙ නැහැ, ඉතිං වෙනද පුරුදු විදිහට මම කුස්සියටම ගියා,
ඔය වෙලාවෙ මම හිටියෙ මුලුතැන්ගෙයි බංකුව උඩ, බිත්තියට හේත්තුවෙලා, වලව්වෙ ඉවුම් පිහුම් කරන කමලාවතී අක්ක ඩිංගකට කලියෙං ලිපට පොල්ලෙල්ලක් දාල "ජයසේන ළමයො, ඉඳහං මම ඉඟුරු අලයක් හාරං එඤ්ඤං තේකට දාන්ඩ" කියාගෙන මහ කොස් රුප්පාව යට දහයියා ගොඩ පැත්තට ගියා, මම හෙමීට කවියක් මුමුණ මුමුණ ලිපේ ගින්දර දිහා බලා හිටියා,
" සිහිල් සුලඟක් වෙලා ආවට මගේ සරතැස නිවා ලන්නට, ඔබගෙ පහසින් නිවුණු.................." අපූරු සුවඳක් මයෙ නහයෙන් ඇතුල් වෙලා පපුව පුරාම පැතුරුනා,
දෙයියෝ, චුට්ටි මැණිකෙ මං ගාවාට එනකල්ම දැක්කෙ නැහැ නෙව,
ඉස්සරෝම මම දැක්කෙ සුදුපාට සෙරෙප්පු දෙක, ඊට පස්සෙ රෝස පාට සායම් ගාපු දිග ඇඟිලි, එතනින් මගෙ ඇස් දෙක ඉහළට ගිහින් අන්තිමට නතර උනේ විදිලි කොටන ඇස් දෙක ලඟ,චුට්ටි මැණිකෙ ඇහිපිය වේගෙන් ගැහුවා, විදිලි එලිය දෙතුන් පාරක් ඇතිවෙලා නැති වෙලා ගියා, ගිණිකන වැටෙනවට බයේ මීමින්නො බිම බලා ගන්නව වගේ මම ආයෙම බිම බලා ගත්තා,
මෙන්න චුට්ටි මැණිකෙ ඉඳගනිපි මම හිටිය බංකුවෙම, මම හිමීට එහා කොණටම උනා,
" මොකෝ ජයේ, මම ඔයයිව ගිලින්නෙ නෑ "
චුට්ටි මැණිකෙ හිනා උනා,කුස්සියෙ අඳුර දුරුවෙලා ඉර හතක් පෑව්ව කියල මට හිතුනා,
-මතු සම්බන්ධයි-
හපොච්චියේ රවි මහතැන්... මේ කෙරුවාව හරියන්නෑ... ලියමු ලියමු පොතක්ම... මම පුද්ගලිකව බොහෝ කැමති ස්වරයක් ඔබේ ලියවිල්ලේ තියනවා... මේං මේ වාගේ කියමන්... "අවුරුදු පණහක් තමන්ට පිටුපාල වෙන කසාදයක් කර ගත්තු,තමන්ගෙ පෙම්වතිය වෙනුවෙන් බලා හිටපු හැටි පොතේ කියවෙන සිද්ධිය මට අදහාගන්නත් බැරි තරමට චමත්කාරයක් ගෙනාවා"
ReplyDeleteඅනේ මටත් මෙන්න මේ වගේ ආදරවන්තයෙක් හම්බවෙනවා නම්. ගොවියෙක් සහ ගොඩයෙක් උනාට ජයාත් බලාගන යනකොට වරදක් නෑ.ජයා මේ ඔන්න ඔය චුට්ටි මැනිකේ ඉල්ලන කවි ටික එයාට කියලා එයාට ආදරේ කරන්න පටන් ගමු.
ReplyDeleteනියමයි රවී. ලස්සනට ගලාගෙන යන්න ලියන්න පුළුවන්. ඔහොම යමු, මොකක් කලත් අන්තිමේට ජයසේනට තනියම පැත්තකට වෙලා හිතන්න වැස සලස්සනව නෙවෙයි ඕං.
ReplyDeleteඅපූරුයි රවී, දිගටම ලියන්න.. ඉක්මනට! :)
ReplyDeleteහරි ලස්සනයි.. මම කැමතියි මේ රටාවට.. සුභ පැතුම් අයියේ !!!
ReplyDeleteකෝ ඉතින් ඉතිරි ටික...
ReplyDeleteහරි.. දෙකත් බැලුවා.. කෝ දැන් තුන්වෙනි කොටස.....
ReplyDeleteෂා හරිම ලස්සන කතාව. මං මේ කල්පනා කලේ ඇයි මට මේ බ්ලොග් එක මිස් වුනේ කියලයි. දාමු, දාමු ඉතිරි ටිකත්.
ReplyDeleteඔහේට ඉතිං හන්ඟන්න දෙයක් තියෙනවැයි, අනේ අපිත් කවි නං ලිව්ව ටොන් ගණන් කුමාරිහාමිලට. වැඩේ කියන්නෙ , ඒ ඇස්වල එක විදුලියක්වත් කෙටුවෙ නෑ නොවැ. ඒකට එක්ක කණ ලඟ හෙන පුපුරවගේ නං ඔය ඇහුනෙ. මේ දුප්පත් අපිට කොයින්ද ටොමියෝ බූල්...
අයියගේ කතාන්දරේනං ලස්සනේ බැරුවා... පුස්තකාලෙ යන කාලේ 'කොළරා කාලේ ආලේ' පොත දෙතුන් වතාවක්ම අතට අහු උනත් පොතේ නම හන්දා කියවන්න වැඩි ආසාවක් තිබ්බේ නෑ... දැංනම් කොහොම හරි හොයාගෙන කියවන්න ඕනේ... බලමු 'The Notebook' පරද්දන්න පුළුවං පොතක්ද කියලා... කතාවෙ ඉතුරු කොටසත් ඉක්මනට දාන්න හොඳේ...
ReplyDeleteතිස්ස දොඩන්ගොඩ,
ReplyDeleteස්තූතියි තිස්ස,පොත් ලියන එකට වෙලාවක් තමයි නැත්තෙ, ලියන්ඩ දේවල් නම් ඕන තරම්,
හහ්... ඒක තමා අයිය මේ තක්කු මුක්කුවෙලා හෝන්දු මාන්දු වෙලා ඉන්නෙ නේද? මොනව වුණත් ලස්සන කතාව...
ReplyDeletePodi Kumarihami,
ReplyDeleteඒකම නෙව පුරස්නෙ අවසර,ජයසේනට එක හිතක් හිතාගන්න බැරුව නෙව මේ ඉන්නෙ,
nawammawatha,
ReplyDeleteඑක්සත් ජාතීන්ගේ මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 19 වන වගන්තියට මෙයින් ඔබගේ අවධානය යොමු කරවමි,ඔබගේ පහසුව උදෙසා අදාල වගන්තිය පහත උපුටා දක්වමි,
" Article 19
Everyone has the right to freedom of opinion and expression; this right includes freedom to hold opinions without interference and to seek, receive and impart information and ideas through any media and regardless of frontiers."
ඔබගේ කමෙන්ටුව මඟින් ඉහත වගන්තිය උල්ලංඝනය වන බව පැහැදිලිව පෙනීයන අතර මින් ඉදිරියට මෙවන් බලපෑම් කිරීමෙන් වළකින ලෙස තරයේ අවවාද කරමි,
ජයේ,
ReplyDeleteනමත් ගොඩේ... හිටපු ගමන් කරන වැඩත් ගොඩේ.. සමහර වෙලාවට ගෑණු ළමය වගේ... ඒත් අහිංසකකම.. පිරිමියෙක්ට අහිංසක කම ගැලපෙනව ද?
මං පොඩ්ඩක් ළං වුනාම හීන් දාඩිය දානව. උන්හිටි තැන මතක නැතිව යනවා. ඒත් දුරින් ඉද්දි ඇසිපිය නොගහ බලාන ඉන්නව.
වොලවකට මට හිතෙනවා , මම ජයේව රවටනව ද කියල. ඒ අහිංසක හිතේ බලාපොරොත්තු ඇති කරවනව ද කියල.
ඒත් .....හ්ම්
ගැලපිමක් දැක්කම ළං වෙන එක අවධානයක් දෙන එක ආදරයක් නෙමෙයි කියල එයා තේරුම් ගනීවිද , නැත්තම් අන්තිමට මම රැවටේවිද කියල මට හිතා ගන්න බැහැ.
malithi,
ReplyDeleteස්තූතියි, මලිති,
කොළරා කාලේ ආලේ. ෆ්ලොරෙන්තිනො අරීසා අවුරුදු 53ක් ෆර්මිනා දාසා එනකල් බලන් හිටියට ගත කරපු සල්ලාල ජීවිතය නිසා ආදරයට කැලලක් ඇති උනේ නැද්ද? අනික අච්චර ශ්‍රේෂ්ඨ උබර්නෝ දොස්තර මහත්තයා ඇයි අර තරම් අසාමාන්‍ය විදිහකට මරල දැම්මෙ.
ReplyDeleteහරී - පිණිපලස,
ReplyDeleteස්තූතියි, නංගි,
චේජනා,
ReplyDeleteදාන්නම්, බොලේ, දාන්නම්, දාන්නම්,
Pasan,
ReplyDeleteඉඳහං, ටිකක් ඉවසලා,
Siribiris,
ReplyDeleteමම දන්න විදිහට විදිලි කොටල අහක වෙලා තමයි හෙණ පුපුරන්නෙ,බොට ඒකෙ අනිප්පැත්ත නෙව වෙලා ඇත්තෙ,
අරින්ඩ එපා මලේ, දිගටම කියහං කවි,
සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත,
ReplyDeleteමේ පොත් දෙක කොහොමවත් සංසන්දනය කරන්න නම් බැහැ නංගි,මේ දෙක ලියවිලා තියෙන්නෙ සම්පූර්ණ වෙනස් රීතීන් දෙකකට,"Note Book" කියන්නෙ සරල හැඟීම්බර කතාවක්,"Love in the time of Cholera" කියන්නෙ කතාවෙ යටිපෙළ තේරුම් ගත යුතු කතාවක්,බහුතරයක් මේ කතාවට කැමති නැහැ, "Note Book" හිතේ තියාගෙන කියෙව්වොත් නම් නංගි වැඩේ හරි යන එකක් නැහැ,
hansakinkini,
ReplyDeleteඔන්න, බොට තේරුනා නෙව මම පහුගිය දොහේ නිකං අකම්පාල වෙලාහෙ හිටියෙ මක්කදැයි කියාල,
සොඳුරු සිත,
ReplyDeleteඔන්න ඕකම තමයි ප්‍රශ්නෙ, අපිට අපේ හිත තේරුම් ගන්න බැරි එක, ම්ම්ම්ම් .....ඊට වැඩිය හොඳයි කියල හිතෙනව මෙහෙම කිව්වම, හිත වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන එක තේරුම් ගන්න බැරි එක,
ඒක ජයේටත් පොදුයි, චුට්ටි මැණිකෙටත් පොදුයි, අපි හැමෝටමත් පොදුයි,
පිණිබිඳු,
ReplyDeleteමේ කතාව සාමාන්‍ය සරල ආදර කතාවක් නෙවෙයි,ඒ පූර්ව නිගමනයෙ පිහිටල කතාව කියවන කිසිම කෙනෙක් මේ කතාවට කැමති වෙන්නෙ නැහැ,
/ Some critics choose to view Love in the Time of Cholera as a heart-warming story about the enduring power of true love. Others criticize this view as simple, contending that the author has woven a story so dense that the reader risks falling into its trap of sweetness and simplicity if they do not pay close attention to what is happening. García Márquez himself said in an interview, "you have to be careful not to fall into my trap." /
මේ කතාව ලියවිල තියෙන්නෙ ඉන්ද්‍රජාලික යථාර්තවාදය (Magical Realism ) කියන රීතිය යටතෙ, ඉතිං සාමාන්‍ය කතාවක වගෙ ස්වාභාවික සිද්ධීන් නැත්නම් අපි පිලිගන්න ආචාර ධර්ම වල පිහිටල මේ කතාව තේරුම් ගන්න එක අමාරුයි,
අදනේ දැක්කෙ මේ කතාව, කොටස් දෙකක්ම එකපාර කියවන්න ලැබුන එකත් හොඳයි.අනේ රවි අයියා ඉතිරිටිකත් ඉක්මනට දාන්නකෝ.ඔය වාගේ සුන්දර ආදරයක් අදනම් කතාවලින් තමා දකින්න ලැබෙන්නේ.
ReplyDelete"කොළරාකාලේ ආලේ " පොත හොයාගන්නත් ඕනේ.
neetha,
ReplyDeleteස්තූතියි නීතා නඟේ, බොහොමත්ම ස්තූතියි,සාදරයෙන් ආදරයෙන් පිළිගනිමි,