ඊයෙ රෑත් මම කන්ඩ ගත්තු බත් පත එහෙම්මම තියල අත හෝද ගත්තා, මට මෙහෙම වෙලා දැං දවස් ගානක් වෙනවා, කන්ඩ ගත්තත් පිරියක් නැහැ, වතුර පොදක් වත් ගිරියෙං පල්ලෙහාට යවා ගන්නෙ බොහොම අමාරුවෙං,
අද පාළොස්සක දා නෙව, හඳ වෙන පාළොස්සකට වගේම අම්බුලුවාව කන්ද උඩිං පායල තිබ්බ, පංසල පැත්තෙං ගංටාර සද්දෙත් ඇහෙනව, වෙනද නං අම්මයි මායි මේ වෙලාවට පංසලේ,
බන ඉවරවෙලා අපි දෙන්න එන ගමං මම හඳ දිහාවෙ බලාගෙන කවි ගොතනව, එව්ව හෙමිහිට කියන කොට මයෙ අම්ම කට කොණකිං හිනාවීගෙන මයෙ දිහා බලනව,
ඔහොම ගෙදරට එන ටිකට මම කවි පහ හයක් හදල, ආපු ගමං මයෙ කොපි පොත අරං එව්ව ලියා තියනව, ඊට පස්සෙ අම්ම බෙදල දුන්නු බත් එකත් ඇන්න පිළට වෙලා ආයෙම හඳ දිහා බලාන තමා බත් ටික කන්නෙ,
ටිකකිං උන්දැත් ඒ කියැව්වෙ අපෙ අම්ම,මඩක්කුවට බත බෙදාන මා ලඟම ඇවිත් ඉඳගන්නව, මං ඉතිං කන ගමං එදා දවසෙ වෙච්චි ඔක්කොම උන්දැට කියනව,ඔහොම තමා අපි දෙන්නෙගෙ ජීවිතේ මෙච්චර කාලෙකට ගෙවිල ගියෙ, කාටවත් කරදරයක් නැහැ, අපිට කායෙංවත් කරදරේකුත් නැහැ,
මම ඉතිං ඔය අපෙ පරම්පරා කුඹුරු කෑල්ල වැඩ කරගෙන, අම්මවත් බලාගෙන හිටියා, කවියක් කියන එක තමයි මගෙ එකම විනෝදෙ උනේ,
ඒ ඇරුනම පොඩි කාලෙ ඉඳම්ම අතට අහුවෙන ඕන පොතක් කියවන එකත් මගෙ දිනචරියාවෙ එක කොටසක්, දවසකට අඩු ගනනෙ පොතක පිටු දහයක් පාලොහක්කත් කියෙව්වෙ නැත්නම් මට නිකම් බඩට කෑවෙ නැහැ වගේ අඩුවක් දැනෙන්නෙ,
අම්ම බත් එක බෙදාගන පිලට එනකොට මම හඳ දිහා අනිමිසලෝචනේ,
"මොකදැ පුතේ, උඹ අදත් බත් කටක් වත් කෑවෙ නැහැ නෙවද?"
මම උන්දැ දිහා බලල හිනා උනා,
"හිනැහෙන්ඩ එපා බං, ඇත්ත කියහං මොකෝ බොට වෙලා ඇත්තෙ?
"බලාපං උඹෙ හැටි, හිටියයිං බාගයයි,කන්නෙ නැහැ බොන්නෙ නැහැ මොකක්ද කියාපං මේකෙ තේරුම හැබෑටම?"
"වළව්වෙ චුට්ටි මැණිකෙ මයෙත්තෙක්ක අමනාප වෙලානෙ අම්මෙ" මම අම්මයෙ දෙපතුල් ගාව වැටිල හඳ දිහාවෙ බලාගෙනම කිව්ව,
"මං නිකමට හිතුව ඕක, දැං කීපදොහොකිං වලව්ව පැත්තෙ නොගිය කොට, " අම්ම මයෙ ඔලුව අතගාන ගමං කිව්ව, "මොකදෑ හැබෑට උනේ, ඒ ඇත්ති හොඳ ගුණ යහපත් දැරිවි වෙච්චි, උඹ මොනව හරි නොහොබිනා වැඩක් කරන්ඩ ඇති එකත් එකටම "
"ඕං ඉතිං මයෙ අම්මත් කියන එක, මම එහෙම දෙයක් හීනෙකිං වත් කරයි කියල අම්ම හිතනවැයි "මම හුරතල් උනා
"උඹෙ වෙලාව මේ දවස් වල හොඳ නැතුව ඇති කියල මට නිකමට හිතුන පුතේ, මම ඒ පාර අද උදේ ගුරුන්නාන්සෙ ගාවට උඹේ වේලපත්කඩේ අරං ගියා, උඹට බොහොම අපලය, කාලෙ බොහොම නරකය කියාල තමයි කියැව්වෙ"
මම මොකවත් කියැව්වෙ නැහැ, මම ඔව්වයෙ ඒ හැටි විස්සාසයක් නැති බව අපෙ අම්මත් හොඳාකාරවම දන්නවා,
ඉතිං ඔක්කොටම ඉස්සර චුට්ටි මැණිකෙ ගැන කියාල ඉන්ඩ එපාය, මට ඒක අමතකම උනු හැටි හැබෑටම අම්මපල්ල,
චුට්ටි මැණිකෙ කියැව්වෙ අපේ වලව්වෙ බාල දෝණි, ඔන්න ඔය ඒ ඇත්තිට අපූරු නමක් නං තියෙනව, ඒත් හැමෝම පොඩි කාලෙ ඉඳම්ම කිව්වෙ චුට්ටි මැණිකෙය කියාල,
අනේ අම්මප, ඇස් වහක් කට වහක් නැහැ හරිම සීදේවි පාටයි, ඒ වගේම තමයි ගුන යහපත්කමත්,
"හැබෑට මොකෝ දැං ඔය උඹත් එක්ක චුට්ටි මැණිකෙ අමනාප වෙන්ඩ හේතුව? "අම්ම ඇහැව්ව
"අනේ මම දන්නෙ නැහැ, අපෙ අම්මෙ,"
අම්ම හීං සැරේ ඉස අත ගාද්දි මට නින්ද යාගෙන ආවා, පොඩි කාලෙ ඉඳම්ම මම ඔහොමයි, අම්ම ඔලුව අත ගාද්දි මට නින්ද යනව, අදෙයි කියාල වෙනසක් නැහැ
"නැගිටහං, මේකට මට උත්තරයක් දීල හිටිං, චුට්ටි මැණිකෙ විරසක වෙන්ඩ හේතුව කියහං හංගන්නෙ නැතුව"අම්ම සැර උනා
"අනේ, අම්මෙ මයෙ අතිං එහෙමට වරදක් උනේ නම් නැහැ නෙව"මම කෙඳිරි ගෑවා, ඒ උනාට මම සහසුද්දෙංම දන්නව ඇත්ත නොකිය අම්මයෙං ගැලවිල්ලක් නැතෙයි කියාල, මම නැත්නම් කවුදෑ දන්නෙ උන්දැගෙ හැටිට සොබාව,
"අනේ, නිකා ඉඳහං මම දන්නව නෙව උඹේ කෙරුවාව, ඉතිං කියහං හොඳ එකා වගෙ, තවත් හංගන්නෙ නැතුව"
දැන්නං බේරුමක්ම නැහැ, ඇත්තම කියන්ඩ වෙනව, එක අතකට මොනවට බයක් හැකක් වෙන්ඩයැ ආයෙ මම වැරැද්දක් කොරල ඇති එකක්ය,
"මට දවසක් වලව්වෙදි කවි කියන්නෙයි කිව්ව එයා ගැන "
අම්මත් එක පාරටම ඇස් ලොකු කොරාන මා දිහා බලාන හිටියා ටික වෙලාවක්, මොකොවත්ම ඇහුවෙ නැහැ, ඒත් මම දන්නව උන්දැ මයෙන් මම කියැව්වෙ මොනවදැයි කියන උත්තරේ බලාපොරොත්තු වෙනව කියල,
"මම බැහැ කියල ආව එන්ඩ, ඊට පස්සෙ තමයි චූටි මැණිකෙ මා එක්ක අමනාප උනේ," මම මිදුලෙ කණමැදිරියො නටන දිහා බලාගෙන කිව්වා,
" ඒ දැරිවි යස ගුණ යහපත් දැරිවි,අරම කියාපුත් එකේ උඹට කවියක් දෙකක් කියන්ඩ නෙව තිබ්බෙ මයෙ පුතේ " අම්ම ඇහෙන නෑහෙන අඬින් කියැව්වා,
ඊට පස්සෙ කිසිම කතා බහක් නැතුව සෑහෙන වෙලාවක් අම්මයි මායි දෙන්නම මිදුලට පාත් වෙච්ච හඳ එලිය දිහාවෙ බලං හිටියා,
-මතු සම්බන්ධයි-

නියමයි... ඉතුරු ටිකත් දාන්න
ReplyDeleteඉතුරු ටික ලියන්ඩෝ............
ReplyDeleteඉක්මනින්ම හෙට ලියමු....
සා සා බොහොම අගෙයි... ලියමු බලන්න ඉතුරු සුට්ටත් ඉක්මනටම....:-D
ReplyDeleteහොඳ කතාවක ඇරඹුමක් වගේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න
ReplyDeleteඅනේ හැබෑටම කවියක් දෙකක් කියලා ආවනම් ඉවරයිනේ. පව් අහිංසක කෙලී.
ReplyDeleteඉතින් ඊට පස්සේ?
හරිම ලස්සන කතාවක්... ඉතුරු ටිකත් ඉක්මණට කියවන්න ආසයි...
ReplyDeleteඈ.... අපෙ අයිය මේ මොකාටද එන්ට තනන්නෙ ඒ වංගියෙ....?
ReplyDeleteචුට්ටි මැණිකෙ ඉතිං තරුණකොම බේරෙන ලස්සන කෙලි පොඩ්ඩි නෙව...උඹැහැට කියල රූප සොබාව ඩිංගිත්තක් විස්තර ගන්ට හිත් වෙන්ට ඇති...
එහෙවු එකේ උඹ මොකෑ මේ ඒ බහට පිටුපාල ගෙදර ඇවිත් අහකල දැං විස්සෝප වෙන්නෙ.....?
මං මේ කම්පනා කොරන්නේ......!
හනේ හප්පොච්චියේ..... මේ අයියට ලෙහි තෙත්කොමක් නැති හැටි....ඈ..?
මට හිතාහන්ට හැකි කාරනාව. උඹහැගෙ හිතේ ඒ සුකුමාළ ඇත්ති ගැන තියෙන ලෙංගතුකම කවි කියල එලි කොරල වලව්වෙ ඇත්තන්ගෙ උදහසට ඇති බය මිසක්. ඒ ඇත්තිගෙ රූ සොබාවට කවි කියන්න බැරුව නෙමේ.
ReplyDeleteprasanna86k,
ReplyDeleteස්තූතියි, දානවා, දානවා,
ඉලන්දාරියා,
ReplyDeleteස්තූතියි, සහෝදරයා, ඉක්මනින් දාන්නම්,
Pasan,
ReplyDeleteහරි, ඉක්මනට ලියනවා,
blog gadol,
ReplyDeleteස්තූතියි, වහාම දමමි,
Podi Kumarihami,
ReplyDeleteඒකනෙ අප්පා, මොනව කරන්නද? වෙලාවම තමයි,
සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ReplyDeleteස්තූතියි නඟේ, ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්,
hansakinkini,
ReplyDeleteඅම්මප, නඟේ, බොට කියන්ඩ මටවත් සහසුද්දෙං තේරුං බේරුං නැහැ නෙව මොකැයි මං ඒ වෙලාවෙ බැහැය කිව්වෙ කියාල,
nawammawatha,
ReplyDeleteනවම් කියන දේත් සමහරවිට හේතුවක් වෙන්ඩ ඇති,
පන්සලේ සෙනග පිරීලා... පෝය දාට කොහොමත් මෙහෙමයි නෙව ඉතිං... ආකාහෙ හඳ හාමි හිනාවෙලා ඉන්න අපූරුව... ඔයි තරං හිනැහෙන්නේ හඳ හාමිටවත් මං ගැන දුකක් නැතුවා වෙන්ට ඇති... මේ ___ අයියා කොහෙවත් නෑ නෙව... ඇයි අද එයා පන්සල් ඇවිදින් නැත්තේ... නැන්දත් නෑ... වෙනදා හැම පෝයටම එනවනේ... හ්ම්.........
ReplyDeleteඇයි එයාට මට විතරක් කවි කියන්ට බැරි... එදා අපේ අර සිරිමලීට කියාපු කවි මං අහගෙනනේ, කොයි තරං අපූරුවට කීවද... මොකෝ මට විතරක් එයා වෙනස්කං කරන්නේ... ගමේ ඉන්න අනික් ඔක්කෝම කෙල්ලන්ට කවි කිය කිය යනවා, මට විතරක් බෑ... ආඩම්බරේ...
හප්පොච්චියේ, මේ පන්සල් ඇවිදිල්ලත් මං මේ මොනවද හිතන්නේ... මෙහෙම කේන්ති ගන්ට හොඳ නෑ... ___ අයියව ආයෙ හම්බුණෝතිං මං කියනවා අමනාප නෑ කියාලා... කවි කියන්ට බැරිනං මට එකක් ලියලා හරි දෙන්න කියනවා... ඒකට බෑ කියන එකක් නෑ ___ අයියා......
මොකද කෙල්ලේ තනියෙං හිනාවෙන්නේ?
ආ! අම්මා.... නෑ.. මේ නිකං.... හඳේ ලස්සන දැකලා මට පරණ කවියක් මතක් උනා....
හ්ම්, වැඳලා අහකනං ගෙදර යමු ඉතිං... ඇති යාන්තං මේ දෙතුන් දොහකින් එළියක් වැටිච්ච නැති මූණට ඔහොම හරි හිනාවක් ආවා... මොකද්ද හැබෑටම දෝණියේ ඔයි හැටි කල්පනා කළේ පහුගිය දොහේ?
මුකුත් නෑ අම්මා...
සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත,
ReplyDeleteඑතකොට මම පිලේ ඉඳං හඳ දිහා බලාන ඉන්දැද්දි පන්සල පැත්තෙ එහෙමයි උනේ නෙවද?, ලස්සනයි නඟේ කතාව, ස්තූතියි බොහෝමත්ම, මයෙ කතාවෙ ඉතුරු හරිය හෙට දානවා අනිවාර්යයෙන්ම,
අනේ අයියා ලියාගෙන ආපු කතාන්දරේ තරං ලස්සනක් නෑ මං ගොතාපු පේලි දෙක තුනේ... මතු සම්බන්ධ වෙච්ච කතාන්දරේ ඉතිරි කොටහ කියවන්ට ඉස්පාසුවක් නැතුව ඉන්නේ... ඒ අතරේ තමයි නිකමට හිතිලා ඒක ලියැව්වේ... ඒකෙ ඉන්න ඈයොන්ට නමක් ගමක්වත් දුන්නෙ නෑ අයියගෙ කතාන්දරේට බාධා වෙයි කියලා... ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට රවි අයියේ...
ReplyDelete