Tuesday, March 29, 2011

සිත්තරාගේ සමාධිය - 2




මෙතෙක් කතාව......... - සිත්තරාගේ සමාධිය - 1








අද එතැන් සිට.................

"මොන රටේද, සෙප්ටික් ටෑන්ක් වටේට දම්වැල් දාල, මල් වවල තියෙන්නෙ" ඔහොම හිත හිත මම ආයෙම හෙමිහිට බස් එක පැත්තට ආවා. ( දන්නෙ නැති අයට.......... Septic Tank = වැසිකිළි වළ හරිද? )

බාරියාවට මාව මතක නැහැ, නිශාන්ත එක්ක කීට් සමාධිය පිළිබඳ ප්‍රබල වාදයක්, මෙතුමී එකත් එකටම දන්නව මේකෙ කොනක මාත් ඉන්නව කියල. වැඩේ නිශාන්තට ඕක කෙලින්ම කියන්ඩත් බැහැනෙ. දන්න විදිහට වටිං ගොඩිං කිව්වා, මොන,...........නිශාන්ත අහන්නෙම නැහැ. නිශාන්තට මෙතන ඕන උනේ වැඩ පෙන්නන්ඩ.
පස්සෙ බැරිම තැන කිව්ව නාහන ගුරු ............ කියල අර තියෙන කතාවත් මතක් වෙලා බාරියා තොමෝත් යන්ඩ ගියා, උඹ ඕන මඟුලක් කොර ගනිං ...... මගෙ මොකද කියල.

මම ඔය අතරෙ නැවත බස් එකට නැඟල කර්මාන්ත කටයුතු ඇරඹුවා.

ටිකකට පස්සෙ ජයන්ත ( සිත්තර සෑර් ) ලමයිත් එක්ක විහාරෙං ආවානෙ එලියට. නිශාන්ත කතාකලා, "ජයන්ත මල්ලි, චිත්තර බලලා අහවරනම් එමුකො ලමයිත් එක්ක මෙහාට "
ළමයි හැමෝම නිශාන්තව වටකර ගත්තා. " ලමායි, හැමෝම එන්ඩ මෙහාට. හා... හා.... බලාගෙන පාගන්ඩ එපා මේ කොංක්‍රීට් ලෑල්ල. එහාට වෙන්ඩ. එහාට වෙන්ඩ. ඔය කිව්වහම අහල වටේට රවුමක් හැදෙන්ඩ හොඳ ලමයි වාගෙ... අන්න්න්න හරි, දැං මම කියන දේ හොඳට අහගන්ඩ හොඳේ "
ලමයෙක් ඇහුවා " නිශාන්ත සර්, මොකක්ද මේ කොංක්‍රිට් ලෑල්ල?"
" ඔන්න ඕක තමයි, දරුවනේ කියන්නෙ, මේ ලෝකෙ අපි දන්න දේවලට වඩා නොදන්න දේ බොහොම වැඩියි කියලා. අපි හැම දවසෙම අලුත් දෙයක් ඉගෙන ගන්නවා"

ජයන්තට ඔල්මොරොන්දං, මේ මොකක්ද මේ යකා මෙතන නටන්ඩ හදන නාඩගම කියලා.
"නිශාන්ත, මොකක්ද ඔයා මේ කියන්ඩ හදන්නෙ?"

නිශාන්ත ඌව ගනං ගත්තෙ වත් නැහැ. උගෙ දේසනාව දිගටම ලමයින්ට. " දැං ඔය දරුවො, ජෝජ් කීට් මහත්තයා කියන ඒ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාගෙ චිත්‍ර දැක බලාගත්තා. මේ අපේ චිත්‍ර සර් එක්ක. ඒ වුනාට ඔය ලමයි දන්නෙ නැහැනෙ එතුමා වලදාල තියෙන්නෙ කොතනද කියලා. මම හිතන්නෙ අපේ මේ ජයන්ත සර් උනත් දන්නෙ නැතුව ඇති."
නිශාන්ත ජයන්තගෙ මූන බැලුවා.

ඇත්තටම ජයන්ත ඕක දැනං හිටියෙ නැහැ, ඉතිං මිනිහා හිටියා සද්ද නැතුව,

" ළමයිනේ, එතුමා වල දමලා තියෙන්නෙ මෙන්න මෙතන " කියලා අර ස්ලැබ් එක පෙන්නුවා.

ලමයින්ට හෙන ආතල්. පොටෝ අල්ලනවා. සටහං පොත් වල ලියා ගන්නවා එක පොයියංගමයි. නිශාන්ත හැබැයි අපරාදේ කියන්ඩ බැහැ එකෙකුටවත් පොටෝ අල්ලන්ඩ දුන්නෙ එහෙම නැහැ වලට පිටු පාලා.මිනිහ කිව්වෙ ඒක ජෝජ් කීට් වගෙ ශ්‍රේෂ්ඨ කලාකාරයෙකුට කරන මදි පුංචිකමක් කියල.

ජයන්ත ට කොරගන්ඩ දෙයක් නැහැ. මේක එක පාරට බොරුවක් කියන්ඩත් බැහැනෙ ලමයි ඉස්සරහ. ගුරුවරු සවුත්තු වෙනවනෙ. ඉතිං කාගෙන හිටියා.

ඊ ලඟට නිශාන්ත " හොඳයි දරුවනේ, දැං බලන්න මේ වගෙ වැදගත් පුද්ගලයෙක්ගෙ සොහොන් ගැබට අපෙ මිනිස්සු සලකලා තියෙන ආකාරය. කිසිම සැලකිල්ලක් නැහැ. මට හිතෙනව මෙතන හාමුදුරුවො එක්ක මේ ගැන පොඩ්ඩක් කතා කලා නම් හොඳා කියලා. කමක් නැහැ ඒවා දෙවනුවනෙ. දැනට ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාට කරන ගෞරවයක් හැටියට අපි මේ කීට් සමාදිය වටේ තියෙන වල් පැල එහෙම ගලවලා සුද්ද බුද්ද කරලා දාමු " කිව්වා.

ඉතිං, කොල්ලො කෙල්ලො එක සීරුවට දැං වල් පැල ගලවනවා. ලඟ තිබුනු ගඩොල් ගොඩකින් ගඩොල් ගෙනල්ලා වටේට අල්ලනවා, වැඩ කෝටියකුත් තව ටිකයි.

බස් එක ඇතුලෙ මතකනෙ..........., අපෙ ලොකු සෑර්.
කර්මාන්තෙ කෙරීගෙන යන අතරෙ එතුමා ඉතින් ඔය පරන කතා කියනවා. දඩයමේ ගිය එව්වා. යක්කු හම්බ උනු එව්වා. උපරිමයි, තවත් ටිකයි.

ටිකකින් ලොක්කට මතක් උනා යකෝ, කෝ, මේ ලමයිත් නැහැ ගුරුවරුත් නැහැ කියලා, එතන පැත්තක හිටපු එකෙකුට කිව්වා. " මල්ලියේ, බලාපං මෙවුං කොහෙ ගියාද කියලා. තව වරායට යන්ඩත් ඕනෙ. රෑට ඉන්න තැනට ගිහිං උයන්ඩත් ඕනෙ. කීයක් නං කියලා වැඩද"

මිනිහත් බැලුවා ජනේලෙන් ඔලුව දාලා,"ලොකු සෑර්, කට්ටියම මේ කිට්ටුවම ඉන්නවා නම් පේනවා, අර ස්ලැබ් එකක් ලඟ සුද්ද කරනව වගේ"

"මොකක්?, සුද්ද කරනවා?, මේ කොල්ලන්ට පිස්සුද? ජයන්ත නැද්ද ඔය කිට්ටුව?"

"ජයන්ත නම් පෙනෙන්ඩ නැහැ, නිශාන්ත තමයි වැඩේ කරවන්නෙ"

"නිශාන්ත?, නිශාන්ත මොකක්ද එතන කරන්නෙ?, විද්‍යාව පාඩමක් වත් කරනවද පංසල ඇතුලෙ, හිටහං මාත් බලන්ඩ" නිශාන්ත ඇවිල්ල විද්‍යා ගුරු.............

ලොකු සෑරුත් ඔලුව දැම්මා ඊට එහා ජනේලෙං, "අම්මපා, ඇත්ත නේන්නං, මම හිතුවෙ බොරු කියනව කියලනෙ, මේ නිශාන්තයට දෙයියංගෙ හාල් කැවිල වත්ද? අර ලමයි ලව්ව වලක් වටේ සුද්ද කරවන්නෙ"ලොකු සෑර්ගෙ කටත් බාගෙට ඇරිලා.

"මේක හරියන්නෙ නැහැ, මේ නිශාන්තයට නං පිස්සු, මේකා මේ මුලු පංසල් වත්තම කොල්ලො ලව්ව සුද්ද කොරවල තමයි අද පස්ස බලන්නෙ මෙහෙම ගියොත්..........යං, අපි ගිහිං බලමු, මොකද මේ කියලා" ලොක්කා බස් එකෙන් බහින්ඩ ලෑස්ති උනා.

මම සහසුද්දෙංම දන්නවා මේ ලොක්ක ඔතනට ගියොත් මහ විනාසයක් වෙලා තමයි වැඩේ කෙරෝල වෙන්නෙ කියලා,

මම කිව්වා, " ලොකු සර් දැන් ඔතනට යන එක හරි නැහැ, මේ මල්ලිව යවමු "
ඒ අර ජනේලෙන් බලල විස්තරේ කිව්ව ගුරු බවතා," මල්ලි ගිහින් ඔක්කොමල එක්ක එන්නකො, ලොකු සර් එන්න කියනව කියල"

ඔය අස්සෙ මම දැක්කා පංසලේ හාමුදුරුවොත් මිදුලට බැහැලා මේ පැත්ත බලාගෙන ඉන්නවා, සුරතින් සිවුර සකස් කරන ගමං, වමතින් මුඩු හිස පිරිමදිං. ඉරියව් අනුව නම් මොකක්ද මේ ගාලගෝට්ටිය කියල පරීක්සා කර බලනු වස් මේ පැත්තට වඩින සයිස් එකක් තමයි තියෙන්නෙ.

එතුමා මේ අවු අස්සෙ මෙතෙන්ට වැඩියොත් එහෙම නං ,මෙතන මිනී මැරුමක් වෙලා, හතර පස් දෙනෙක් මහ උලු ගෙදර ගිහින් තමයි වැඩේ එකලාසයක් වෙන්නෙ.මොකද මට සහතිකයි කීට්ගෙ සමාධියට කරල තියෙන නිග්‍රහය ගැන හාමුදුරුවො එක්ක සෑහෙන මලකින් තමයි නිශාන්ත මේ වෙලාවෙ ඉන්නෙ.

ඒ නිසා මම අර මල්ලිව ඉක්මන් කරල පිටත් කෙරෙව්වා, කට්ටිය එක්කන් එන්ඩ විගහට කියල,කට්ටිය ඔක්කොම ගෙන්නගෙන, වැඩේ මහ විනාසයක් නොවී. අනූනමයයි තුං කාලෙං ෂේප් කර ගත්තා.

චාරිකාව ඉවර වෙලා යනකල්ම කට්ටිය වාදකලා, ඔතන කීට්ගෙ සමාධිය තියනවද නැද්ද කියල. මගෙන් කවුරුවත්ම මොකවත් ඒ සම්බන්ධව ඇහුවෙ නැහැ. මොකෝ ඒ වෙනකොට, කීට්ගෙ සමාධිය නැවත සොයා ගැනීමේ ගෞරවය සම්පූර්ණයෙන්ම, නිශාන්ත බාරගෙන තිබුනු නිසා.

මම ඉතින් අයිනක් අල්ලගෙන, අවට සිරි නරඹමින් ගමන් කලා.
මට එකම ගැටලුව උනේ, පිටිපස්සෙ කීට් සමාධිය පිළිබඳ කෙරුනු වාදය උග්‍ර වෙන මොහොතක් මොහොතක් පාසා, බාරියා තොමෝ මා දිහා කන්ඩ වාගෙ වරින් වර බලන එකයි. ඒකට හේතුවක් මට හිතාගන්නම බැරිඋනා. අනේ මේ ඇත්තමයි, බැරිම තැන මම ජනේලෙට ඔලුව තියාගෙන එහෙම්මම නිදා ගත්තා.

බාරියා තොමෝ ගෙදර ඇවිත් බොහොම ආදරෙං, මට මෙහෙම කිව්වා"මම අනිවාර්යයෙන් එකක් නම් දන්නවා, මයි ඩියර්,මිස්ටර් රවි,ඔයාගෙ මේ අබූත වැඩ නිසා දවසක මට රස්සාව දාල ගෙදර නවතින්ඩ වෙනවා, ඒක නම් බඩේ බත් වගේ ෂුවර්" එතුමී මයි ඩියර්, මිස්ටර් රවි කියල මට අමතනවා කියන්නේ ඉතිං ආයේ දෙකක් නැහැ අන්තිම මළ තමයි,

So, I said as meekly as possible, what i say usually in this kind of situations, " Yes, of course madam, as always you are absolutely correct, no doubt whatsoever about that at all "

පසු කථාව-
ඔය පංසලේ ලොකු හාමුදුරුවො මම පස්සෙ කාලෙක කොළඹ ඉඳිද්දි අඳුනාගත්තනෙ. ඉතිං මම වැඩි විස්තර නොකියා ඔය සිද්ධිය ගැන හාමුදුරුවන්ගෙන් ඇහුවා.

පුදුම වැඩේය කියන්නෙ,.......... එක අතකට පුදුමෙකුත් නැහැ, හාමුදුරුවන්ට ඔය කේස් එක මතක තිබ්බා නෙව.

එතුමාම වදාළ පරිදි එතුමාගේ දෘෂ්ඨි කෝණයෙන් සිද්දිය මෙහෙමයි.

"එදා, මහත්තයො ඔය කාණ්ඩෙ ආවා නෙව විහාර ගෙයි චිත්‍ර බලන්ඩ. වෙනදටත් ඉස්කෝල ලමයි හරියට එනවනෙ, ඕකෙ ඒහැටි අරුමයක් නැහැ.හැබැයි මේ ඉස්කෝලෙ නම මම අහල තිබුනෙ නැහැ. ඒ නිසා මම හිතුවා දුෂ්කර පලාතක් වෙන්ඩ ඇති කියල, ඉතිං මම ආවාසෙ පත්තරේ බල බල ඉඳල එහෙම, සද්දයක් බද්දයක් නැති නිසා කට්ටිය ගියාද බලන්ඩ බැස්ස මිදුලට"

"බැලින්නං, විහාරගෙයි බලු බල්ලෙක් නැහැ. වට පිට බලද්දි ලමයි කට්ටියම ආං අර පේන කකුස්සි වල වටේට සුද්ද කරනවා, ගල් අල්ලනවා,එක ජංජාලයයි. ගුරුවරයෙක් එතන ඉඳං වැඩේ මෙහෙයවනවා. තව කට්ටියක් කකුස්සි වල පොටෝ අල්ලනවා. මම නිකම් තුස්නිම්බූත වුනා මේ මොකෝ හත් ඉලව්වේ මේ කියලා" හාමුදුරුවො මගෙ මූණ දිහා බලල හිනාඋනා,

මමත් ඉතින් හිනාවෙලා"එහෙමයි අපෙ හාමුදුරුවනේ, ඉතිං? " කියල ඇහුවා.

"මම ඔතනට යන්ඩත් හදල, ආයෙ හිතුවා සමහරවිට ඔය දුෂ්කර පළාත් වල කකුස්සි වලවල් නැතුව ඇති, මේ අය කක්කුස්සි වලක් දැකලම නැතුව ඇති, ඒක තමයි මේ කියලා. මම ඉතිං ඔහෙ ඕන එකක් කියලා ආපහු ගියා ආවාසෙ ඇතුලට" ඔන්න ඔහොමයි මේ කතාවෙ හාමුදුරුවන්ගෙ වර්ෂන් එක.

ඉතින් ඇත්තටම මේ ඉතිහාස ගතවෙන සොයාගැනීමේ ගෞරවය මට හිමි වෙන්න ඕන උනාට, මගෙ ඔය ප්‍රසිද්ධියට වැඩි කැමැත්තක් කොහෙත්ම නැති නිසා මම ඒ පස්සෙ වැඩිපුර එලෙව්වෙ නැහැ, අපි අන්න එහෙම නිහතමානී කට්ටිය, තේරුනා නේද?

So ends the story " The Re-discovery of George Keyt's mausoleum ".

කිසිවෙකුත් නොදන්නා, ජෝර්ජ් කීට් සමාධිය නැවත සොයා ගැනීමේ අයිතිහාසික කථා වස්තුව මෙතෙකින් නිමියේය.

Thank you so much ,

අස්සලාම් අලෙයිකුම්,

බුදු සරණයි,





12 comments:

  1. අපරාදෙ සෑහෙන්න ප්‍රසිද්ධියක් ගන්න තිබිච්ච චාන්ස් එකක් ඔයා මිස් කරගෙනනෙ.

    ReplyDelete
  2. ජනේලෙට ඔළුව තියාගෙන දොයියගත්තෙ බාරිගෙන් බේරෙන්න බැරිකමටද එහෙමත් නැත්නං කොරාපු කරුමාන්තෙ සැර කමටද කියල දෙන්නෙ ඉතිං අපේ නව පුරාවිද්‍යා ගවේශක රවී උත්තමයාම තමයි.

    හැබැයි ඉතිං ඉතිහාසයේ රන් අකුරෙන් නම ලියාගන්න තිබ්බ චාන්ස් එකක් නූලෙන් මිස් කරගෙන.

    ReplyDelete
  3. අපරාදේනේ... ඔයා මොකද්ද කරගත්තේ... ඔයා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තනම් මෙලහට පුරා විද්‍යාඥයෙකුත් බ්ලොග් ලියනවා...

    ReplyDelete
  4. දැන් එතකොට මෙතන.. ජෝර්ජ් කිට් මහත්තයට අපහාසයක් එහෙම වුනේ නැහැ නෙව...

    රවි අයියා හැර මෙවැනි අය තවත් සිටී ද යන්න සැකයකි...

    කොහොම නමුත් අයියා කරුමාන්තේ කරන් ගියා නෙව කිසි ප්‍රශ්ණයක් නැතිව... ඒකම ලොකු දෙයක් නෙව...

    ReplyDelete
  5. මයි ඩියර් මිස්ටර් රවි, ඔයා මේ වැඩේ නගරේ ඉස්කෝලෙක ලමයින්ට එහෙම කලා නම්, ඒත් ඔයාගේ නම ඉතිහාසේ රන් අකුරෙන් ලියවෙන්න තිබුනා නාගන්න වෙන නෑවිල්ලේ හැටියට.

    ReplyDelete
  6. ගිය නුවන ඇත්තු දාලවත් අද්දවන්න බෑ නෙව මිත්‍රයා . ඔයා පරක්කු වැඩියි . තව එක පාරක් හොඳට හිතාඅ බලලා වැඩ කරානම් ඔයා අද ඉන්න තැන හිතා ගන්න බෑ . සමහරවිට ඔයා ලොවෙත් නෑ !

    ReplyDelete
  7. @ පිණිබිඳු,

    හපොයි, කමක් නැහැ, මම ඔය ප්‍රසිද්ධිය පස්සෙ දුවන කෙනෙක් නෙවෙයිනෙ, හෙහ්, හෙහ්

    ReplyDelete
  8. @ nawammawatha,


    / ජනේලෙට ඔළුව තියාගෙන දොයියගත්තෙ බාරිගෙන් බේරෙන්න බැරිකමටද එහෙමත් නැත්නං කොරාපු කරුමාන්තෙ සැර කමටද කියල දෙන්නෙ ඉතිං අපේ නව පුරාවිද්‍යා ගවේශක රවී උත්තමයාම තමයි./

    දෙකටම තමයි නවම්, දෙකටම තමයි,

    / හැබැයි ඉතිං ඉතිහාසයේ රන් අකුරෙන් නම ලියාගන්න තිබ්බ චාන්ස් එකක් නූලෙන් මිස් කරගෙන /

    හුහ්, මම අර අක්මාව පාවිච්චි කරල ඒ වෙලාවෙ වැඩේ ශේප් කරල දැම්මෙ නැහ්නං එහෙම, ඉතිහාසයෙ කොහොම වෙතත් බොරැල්ලෙ පොලිස් පොතේ නම් නම ලියා ගන්ඩ තිබ්බ අනිවාර්යයෙන්ම,

    ReplyDelete
  9. @ prasanna86k,

    හපෝයි, මට ලැජ්ජාවෙ බැරුවා,..........පුරා විද්‍යාඥ කියනවට වඩා හොඳයි මම හිතන්නෙ, ස්වේච්ඡා අයිතිහාසික සමාධි ගවේෂක කියන තනතුරු නාමය........හෙහ්, හෙහ්, කියනකොටත් නිකම් අමුතු ගාම්භීර කමක් තියෙනව නෙවද?

    ReplyDelete
  10. @ සොඳුරු සිත,

    / දැන් එතකොට මෙතන.. ජෝර්ජ් කිට් මහත්තයට අපහාසයක් එහෙම වුනේ නැහැ නෙව.../


    මොන පිස්සුද නඟේ, අහවල් අපහාසයක්ද?

    / රවි අයියා හැර මෙවැනි අය තවත් සිටී ද යන්න සැකයකි.../


    සැක දුරුකර ගන් වහාම, මං වාගෙ ආයෙ කවුරුත් නැහැ,I am one of a kind, one & only, heh, heh,

    / කොහොම නමුත් අයියා කරුමාන්තේ කරන් ගියා නෙව කිසි ප්‍රශ්ණයක් නැතිව... ඒකම ලොකු දෙයක් නෙව.../


    එහෙනං, එහෙනං, මම හිතන්නෙ අපිට කීට් මහත්මයාට උපහාර දැක්විය යුතු තවත් කාරණයක් එකතු උනා චිත්‍ර ඇඳිල්ලට අමතරව, සුලු පරිමාණ කර්මාන්තකරුවන් උදෙසා තම නොමසුරු සහයෝගය දැක්වීම, හෙහ්, හෙහ්,

    ReplyDelete
  11. @ Podi Kumarihami,

    මයි ඩියර් මිස් පොඩි කුමාරිහාමි,අනේ නිකං යන්න මැඩම්, අපි නොදන්න නගරෙ ඉස්කෝල, හුහ්,

    ReplyDelete
  12. @ හිස් අහස,

    ලොවෙත් නැත! ලොවි ගහෙත් නැත!! ගහ වටෙත් නැත!!!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...